Category: සුපිරි News

  • පාර්ලිමේන්තුවේ පී සී ආර් පරීක්ෂණ 463ක්

    පාර්ලිමේන්තුවේ පී සී ආර් පරීක්ෂණ 463ක්

    පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සඳහා පී. සී. ආර්.(PCR) පරීක්ෂණ පැවැත්වීම අද (13) ආරම්භ කෙරුනු අතර, අද දිනය තුළදී පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 463 දෙනෙක් පරීක්ෂණයට සහභාගී වූ බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

    ගරු කථානායකතුමා ඇතුළු මැති ඇමතිවරුන් 15 දෙනෙක් පී.සී.ආර්.පරීක්ෂණයට ලක්  වූ බවද වේත්‍රධාරී ප්‍රනාන්දු මහතා පැවසීය.

    පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය සමග පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ද ඇතුළු 448 දෙනෙක් පී.සී.ආර්. පරීක්ෂණයට ලක් වූ බව ප්‍රනාන්දු මහතා පැවසීය.

    සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එවනු ලැබූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් විසින් මෙම පරීක්ෂණය සිදු කරන ලදී. මේ අතර ලබන සිකුරාදා (15) දිනයේදී පෙරවරු 9 සිට පස්වරු 12 දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී පී. සී. ආර්. පරීක්ෂණ පැවැත්වෙනු ඇත.

  • Covid-19 මරණ 04ක් සමග නව ආසාදිතයින් 584ක්

    Covid-19 මරණ 04ක් සමග නව ආසාදිතයින් 584ක්

    Covid-19 ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් සිවු දෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (12) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

    මෙම මරණ හතරත් සමග කොවිඩ්-19 ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත පුද්ගලයන් ගණන 244ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    කොළඹ 13 සහ මාතලේ ප්‍රදේශවල පදිංචි 82 සහ 84 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක්ද, හංවැල්ල සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචි 47 සහ 65 හැවිරිදි පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්ද මෙසේ මියගොස් තිබෙනවා.

    මේ අතර අද (12) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ තවත් මාධ්‍ය නිවේදනයක සදහන් වුණේ මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ බන්ධනාගාර පොකුරු වලින් අද (12) දින ද කොවිඩ්-19 ආසාදිතයින් 584 දෙනෙකු හදුනාගත් බවයි.

    මේ දක්වා කොවිඩ්-19 ආසාදිත සංඛ්‍යාව 45,496 ක් වූ අතර අද රාත්‍රියේදී පැලියගොඩ පොකුරෙන් තවත් ආශ්‍රිතයින් 274 ක් වාර්තා විය. ඒ අනුව මේ වන විට කොවිඩ්-19 ආසාදිත මුළු සංඛ්‍යාව 45,770 කි.

  • Online ලොතරැයියෙන් මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලට මිලියන 673ක් අහිමි වෙයි

    Online ලොතරැයියෙන් මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලට මිලියන 673ක් අහිමි වෙයි

    මහපොළ  භාරකාර  අරමුදලේ මාර්ගගත (Online) ලොතරැයියක් වෙනත් අතරමැදියෙකු  හරහා අළෙවි  කිරීම හේතුවෙන් එම පුද්ගලයා  එමගින් උපයා රුපියල් මිලියන 673 ක මුදල මහපොළ  භාරකාර  අරමුදල වෙත ලැබී නොමැති බව කෝප් කමිටුවේදී අනාවරණය විය.

    මෙය මහා පරිමාණ දුෂණයක් බවත් මේ කාරණාව සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  වෙත විධිමත් පරීක්ෂණයක් සඳහා යොමු කරන ලෙසට වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්.භද්‍රානි ජයවර්ධන මහත්මිය හට කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා දැනුම් දුන්නේය.

    ඒ මහතා මෙම දැනුම් දීම සිදු කළේ පසුගිය 08 වනදා කෝප් කමිටුව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්තාවේදීය.

    රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, රාජ්‍ය අමාත්‍ය (ආචාර්ය) නාලක ගොඩහේවා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වන එරාන් වික්‍රමරත්න, නලින් බණ්ඩාර ජයමහ මහතා, ප්‍රේම්නාත් සී. දොලවත්ත සහ එස්.එම්. මරික්කාර්, යන මහත්වරු මීට සහභාගී වුහ.

    තවද, මහපොළ  භාරකාර  අරමුදල යටතේ පවතින පාලිත සමාගම්හි  සුරැකුම්පත් ගණුදෙනු තුළින් ප්‍රමාණවත් ප්‍රාග්ධන ප්‍රතිලාභ නොලැබීම හේතුවෙන් 2015/2016 වර්ෂ වලදී රු. මිලියන 18ක් හා රු. මිලියන 102 අලාභයක්ද, 2017 වර්ෂයේ නැෂනල් වෙල්ත් සංස්ථාව හි ආයෝජන උපයෝගී කොට ගෙන කළ ප්‍රතිමිළදී ගැනීම් වල ගණුදෙනු තුළ රු. මිලියන 13ක අලාභයක් සිදුවී තිබෙන බවද  පෙන්වා දුන් කෝප් කමිටුව මෙම අක්‍රමිකතා හේතුවෙන් අරමුදලට  මහත් වූ අලාභයක් සිදුව ඇති බව අවධාරණය කරනු ලැබීය.

    මේ සම්බන්ධයෙන් කරණු  දැක්වූ නිලධාරීහු  මෙම ආයතන තවදුරත් පාඩු මත පවත්වාගෙන යාම අනවශ්‍ය බැවින් ඈවර කිරීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් අනුමැතියක් ලැබී තිබෙන බව පැවසුහ. ඒ සම්බන්ධයෙන් ආදහස්  දැක්වූ කෝප් කමිටු සභාපති  මහාචාර්ය චරිත හේරත් මහතා පැවසුයේ නිසි පුද්ගලයන් හට නිසි දඩුවම් ලබා දීමෙන් අනතුරුව මෙය ඈවර කිරීම ගැටළුවක් නොවන නමුදු මෙවැනි මහා පරිමාණ වංචාවක් සිදුව ඇති අවස්ථාවක නිසි පරීක්ෂණයකින් තොරව  මෙම ආයතන එලෙස ඈවර කිරීම නුසුදුසු බවය.

    ඒ අනුව මහපොළ  භාරකාර  අරමුදල  යටතේ පවතින පාලිත සමාගම් වන නැෂනල් වෙල්ත් සංස්ථාව සහ නැෂනල් වෙලත් සිකියුරිටිස් සංස්ථාව  මගින් සිදුව ඇති අක්‍රමිකතාවය පිළිබඳව නිසි අධ්‍යනයක් සිදු කිරීමෙන් අනතුරුව  එම ආයතන දෙකම හැකි ඉක්මනින් කෝප් කමිටුව හමුවට කැඳවීමටත්, මෙම අක්‍රමිකතාවය පිළිබඳව නිසි ලෙස නිරීක්ෂණය කරන තුරු  ඈවර කිරීම ප්‍රමාද කිරීම කළ යුතු බවට කෝප් කමිටුව විසින් නිර්දේශ කරන ලදී.

    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සම්බන්ධව ආයතනයේ (SLIIT)  වර්තමාන තත්වය පිළිබඳවද සාක්ච්ඡාවට බඳුන් වූ අතර ආයතනයේ වර්තමාන තත්වය පිළිබඳවද සාක්ච්ඡාවට බඳුන් වූ අතර එම ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවා තිබුනද එම ආයතනය එසේ පැමිණීම නෛතිකව කිරීමට එම ආයතනය බැඳී නොමැති බව ජුලියස් ක්‍රේසි (Julius & Creasy) ආයතනය මගින් කෝප් කමිටුවට දන්වා එවීම පිළිබද සිය අප්‍රසාදය පළ කළ කෝප් කමිටුව මේ තත්වය පිලිබදව කරුණු නිරාකරණය කරලීම සඳහා පළමු කොට  ජුලියස් ක්‍රේසි (Julius & Creasy) ආයතනය කැදවිය යුතු බව තීරණය කරනු ලැබීය.

    ඒ අනුව SLIITආයතනය ජාතික  වැදගත්සකමකින් යුත් ආයතනයක් වන බැවින්, එම ආයතනය  සම්බන්ධ සාකච්ඡාවේ දිගුවක් ලෙස   අභ්‍යන්තර වාර්තාවක් සකස්  කොට පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලැබීමෙන් අනතුරුව  මේ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියා මාර්ග පිළිබඳව නිගමනයකට ඒළඹීම යෝග්‍ය බව කෝප් කමිටුව විසින් තවදුරටත්  නිර්දේශ කරනු ලැබිය.

    තවද, අභ්‍යන්තර විගණකාධිපතිවරයෙකු හා ගණකාධිවරයෙකු  ආයතනය සතුව නොමැති බවට අනාවරණය විය. හැකි ඉක්මනින්  මෙම පුරප්පාඩුව පිරවීමට කටයුතු කරන මෙන් කෝප් කමිටුව නිර්දේශ කරන ලදී

    මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ ආයෝජන කළමණාකාරය සම්බන්ධව විශේෂ විගණන වාර්තාව මත සහ එම අරමුදලේ වර්තමාන කාර්යසාදනය පරික්ෂා කිරීම සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද විශේෂ වාර්තාව ඒ අනුව කෝප් කමිටුව හමුවේ සාකච්ඡාවට බදුන් කරනු ලැබිය.

  • මහා පරිමාණ බදු හොරුන්ගේ නම් ජනමාධ්‍ය මගින් රටට කියන්න යයි

    මහා පරිමාණ බදු හොරුන්ගේ නම් ජනමාධ්‍ය මගින් රටට කියන්න යයි

    විශාල වශයෙන් බදු නොගෙවන ආයතනවල ලේඛනය ඉදිරියේදී ජනමාධ්‍ය මඟින් මහජනතාව වෙත ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී පසුගිය (06 දා) තීරණය විය.

    එලෙස බඳු නොගෙවන ආයතනවල ලේඛනය මාස 02 ක් තුළ කාරක සභාවට ලබාදෙන ලෙස එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

    අයකර ගත හැකි බඳු කඩිනමින් අයකර ගැනීමට පියවර ගත යුතු බවත්, එමඟින් රාජ්‍ය ආදායම ඉහළ නැංවිය හැකි බවත් විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා කාරක සභාවේදී කීවේය.

    දේශීය ආදායම් නඩු රැසක් අධිකරණවල ගොඩගැසී ඇතිබවත්, ඒවා කඩිනමින් විසඳීම සඳහා අධිකරණ අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාශය එක්ව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී සාකච්ජා විය.

    හිඟ බදු නීතිය කඩිනමින් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් එච්.එම්.සී බණ්ඩාර මහතා කාරක සභාවේදී මතුකළ අතර ,ඊට අදාළ යෝජනා වහාම ලබා දෙන මෙන් සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා දේශීය ආදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

    බදු ගෙවන්නන්ගෙන් අයවිය යුතු හිඟ බදු හා දඩ මුදල් පිළිබඳ විශේෂ විගණන වාර්තාව ඊයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී සාකච්ජා විය.  

    මේ අවස්ථාවට, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන බි.වයි.ජි රත්නසේකර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වීරසුමන වීරසිංහ, අශෝක් අබේසිංහ, තිස්ස අත්තනායක, නිරෝෂන් පෙරේරා, කාදර් මස්තාර්, ආචාර්‍ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීහු ඇතුළු රාජ්‍ය නිලධාහු පිරිසක් සභභාගි වූහ.

  • සීනි  බදු සංශෝධනය: රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වාර්තාවක් කැදවයි

    සීනි බදු සංශෝධනය: රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වාර්තාවක් කැදවයි

    සීනි බදු සංශෝධනයේදී  එහි වාසිය පාරිභෝගිකයන්ට   හිමි වන්නේද යන්න පිළිබඳව  අපක්ෂපාතී සහ විමර්ශනාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවේ  රජයේ මුදල් පිළීබඳ කාරක සභාව වෙත ලබා දෙන ලෙස  එම කාරක සභාවේ සභාපති  නීතිඥ අනුර ප්‍රියර්ශන යාපා මහතා   මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට  දැනුම් දුන්නේය.

    මුදල් අමාත්‍යංශය විසින්   2020 ඔක්තෝබර් මස 13 පැනවූ අංක 2197/12 දරන ගැස‍ට් පත්‍රය මඟින් ආනයනිත සීනි කිලෝග්‍රෑමයක් සඳහා එතෙක් රු.50.00 ක් ලෙස පැවති බදු මුදල ශත  25 ක් තෙක්   සංශෝධනය  කිරීම මඟින්  එහි වාසිය පාරිභෝගිකයන්ට  කිසිසේත්ම නොලැබී ගිය බවද  මුදල් කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

    මේ අතර, ඉදිකිරීම් සඳහා ගෙන්වන යකඩ කුළුණු පිළිබඳව  බදු සංශෝධනයෙන්ද සාමාන්‍ය පාරිභෝගිකයන්ට එම නිෂ්පාදනවල වාසිය හිමිවන්නේද යන්න පිළිබඳව වාර්තාවක් කාරක සභාව වෙත ලබා දෙන සභාපතිවරයා  තවදුරටත් මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

    එසේම, පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය යටතේ මහා පරිමාණ ඉදිකිරීම් කර්මාන්තකරුවන් කිසිවිටක තමන් ලාභ ලබන බව සඳහන් නොකළද රජයේ බදු සංශෝධනවල වාසිය සැබෑවටම  හිමි විය යුත්තේ පාර්ලිමේන්තුවේ ජනවරම හිමි සාමාන්‍ය මහජනතාවට බවද රජයේ මුදල් පිළීබඳ කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.

     ඔහු මේ බව සඳහන් කළේ , පසුගිය ඔක්තෝබර් මස සිට  නිකුත් කළ මුදල් අමාත්‍යංශයට අදාළ අති විශේෂ ගැසට් පත්‍ර කිහිපයක්  පසුගියදා (05) රජයේ මුදල් පිළීබඳ කාරක සභාවේදී අවධානයට ගැනුණු අවස්ථාවේ දී ය . 

     මෙහිදී සාකච්ඡාවට ගැනුණු  වෙනත් කරුණු අතර ටින් කරන ලද දේශීය කරදිය සහ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය දිරිගැන්වීමට ගත යුතු පියවර,සෞඛ්‍ය පරීක්ෂණ කට්ටල සඳහා  බදු සංශෝධනය, ආරක්ෂක  මුව ආවරණ  කට්ටල සදහා සංකේතාංක සංශෝධනය  ද අයත්ව තිබිණි . එසේ වුවද ජනතාවට වඩා යහපත් දිවියක් ගත කිරීමට ඇවැසි සියලු සාධනීය වෙනස්කම් රාජ්‍ය යාන්ත්‍රණය විසින් ගත යුතු බව  සභාපතිවරයා අවධාරණය කළේය. 

  • අන්තර්ජාල අපරාධ සම්බන්ධයෙන් පරිශීලකයන් අවධානයෙන් පසුවන්න

    අන්තර්ජාල අපරාධ සම්බන්ධයෙන් පරිශීලකයන් අවධානයෙන් පසුවන්න

    මේ දිනවල සමාජ මාධ්‍ය වෙබ් අඩවි හා ඊමේල් පණිවිඩ සම්බන්ද කරනිමින් සිදුකරනු ලබන මුල්‍යමය අපරාධ සහ සමාජ මාධ්‍ය ගිණුම් වලට අනවසරයෙන් ඇතුළුවීම් සම්බන්ධයෙන් වන අපරාධවල ඉහල යෑමක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් ප්‍රකාශකොට ඇති බව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා වාර්තාවිය.

    උද්ගතවී ඇති COVID-19 වයිරස තත්වය යොදාගනිමින් සමාජ මාධ්‍ය පරිශීලකයන් ඉලක්ක කරගනිමින් සිදුවන සයිබර් අපරාධ වන ඉහළ යාමක් පසුගිය වසරේ සිට මේ දක්වා නිරීක්ෂණය කිරීමට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිවිය.

    අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් ඉදිරිපත් කරනු ලබන අන්තර්ජාලය හරහා සිදුවන අපරාධවලින් ආරක්ෂාවී සිටීමට පරිශීලකයන්ට අවශ්‍ය තොරතුරු තාක්ෂණික මාර්ගෝපදේශන කිහිපයක් පහතින්.

    1. සමාජ  මාධ්‍ය හා ඊමේල් ගිණුම් සදහා සුරක්ෂිත වෙනත් පුද්ගලයන්ට අනුමාන කළනොහැකි මුරපද භාවිතා කිරීම.
    2. සමාජ  මාධ්‍ය ගිණුම්, ඊමේල්  ගිණුම් සදහා දෙවන සාධක සත්‍යාපනය  නොහොත් 2 factor authentication සක්‍රිය කිරීම.
    3. අනාරක්ෂිත වෙබ් අඩවි භාවිතයෙන් වැළකීම (වෙබ් ලිපිනය පටන් ගන්නේ https:// මගින්ද යන්න පරික්ෂා කිරීම) / එවැනි අනාරක්ෂිත වෙබ් අඩවි වෙත credit,debit කාඩ් තොරතුරු ඉදිරිපත් කිරීමෙන් වැළකීම.
    4. COVID-19,Free Data,Free Laptop ආදී විවිධ ස්වරූපයෙන් WhatsApp යෙදුම හා ඊමේල් හරහා පැමිණෙන පණිවිඩ ක්ලික් කිරීමට යාමෙන් වැළකීම / එවැනි යොමු වෙත ඔබගේ දුරකථන අංකයද ඇතුළුව අනෙකුත් ඔබගේ පෞද්ගලික තොරතුරු ඇතුලත් කිරීමට යාමෙන් වැළකීම / එවැනි පණිවිඩ වල එවනු ලබන ගොනු (attachments) භාගත කරගැනීමට යාමෙන් වැළකීම
    5. නොදන්නා  යෙදුම් හෝ මෘදුකාංග ජංගම දුරකතනයට හෝ පරිගණකයට ස්ථාපනය කරගැනීමෙන් වැළකීම / පරිගණක ක්‍රීඩා හා මෘදුකාංග ලබාගැනීමේදී නිළ වෙබ් අඩවි වලින් මුදල් ගෙවා පමණක් ලබාගැනීම.
  • නව කොන්දේසි සමග එකඟ නොවුනොත් WhatsApp ඉවරයි

    නව කොන්දේසි සමග එකඟ නොවුනොත් WhatsApp ඉවරයි

    ජංගම දුරකථන පරිශීලකයන් අතර වඩාත් ප්‍රචලිත සන්නිවේදන යෙදුමක් වන වට්සැප් සමාජ මාධ්‍ය යෙදුමෙහි කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව ලබන පෙබරවාරි 8 දා සිට වෙනස් කිරීමට  වට්සැප් සමාගමේ මව් සමාගම වන ෆේස්බුක් සමාගම කටයුතු කර තිබේ.

    මේ අනුව පෙබරවාරි 8 දා සිට වට්සැප් යෙදුම භාවිතා කිරීමට නම් පරිශීලකයන් වට්සැප් සමාගම විසින් ඉදිරිපත් කරනු ලබන නව කොන්දේසි සහ නව පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව සමග එකඟ වියයුතු අතර එය සමග එකඟ වීමට අකමැති පරිශීලකයන් හට පෙබරවාරි 8 දා සිට වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම භාවිතා කිරීමේ අවස්තාව ගිලිහි යනු ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ශ්‍රී ලාංකික ජනතාව දැනුවත් කරමු.

    වට්සැප් යෙදුමෙහි නව කොන්දේසි සහ නව පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව මගින් පරිශීලකයන් වට්සැප් යෙදුම හරහා සිදුකරනු ලබන ක්‍රියාකාරකම් නිරීක්ෂණය සදහා ෆේස්බුක් සමාගමට ඉඩප්‍රස්තාව සහ එම දත්ත වාණිජමය අරමුණු සදහා යොදාගැනීමට සදහා ඉඩලැබෙන බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ  සංගමය ලෙස ශ්‍රී ලාංකික ජනතාව වෙත වැඩිදුරටත් පෙන්වා දෙමු.

  • කොවිඩ් ආසාදිත මෘතදේහ ගැන පවිත්‍රා වන්නිආරච්චි හෙළි කළ කතාව

    කොවිඩ් ආසාදිත මෘතදේහ ගැන පවිත්‍රා වන්නිආරච්චි හෙළි කළ කතාව

    කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ මෘත ශරීර සම්බන්ධයෙන් මෙතෙක් අනුගමනය කළ ක්‍රියාමාර්ගයම ඉදිරියටත් ගෙනයමින් ආදාහනය කිරීමට පමණක් තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (07) දින පාර්ලිමේන්තුවට දැනුම් දුන්නාය.

    සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසුවේ, ඒ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පත්කරන ලද විශේෂඥ කමිටුව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ මෘත ශරීර ආදාහනය පමණක් සිදුකළ යුතු බවට නිර්දේශ කර ඇති බවය.

    සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව පාර්ලිමේන්තුව හමුවේ පැවසුවේ ජී ජී පොන්නම්බලම් මන්ත්‍රීවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

    මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය මුලින්ම පත්කළ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ කමිටුව විසින් ලබාදුන් නිර්දේශ අනුව බවයි අමාත්‍යවරිය මෙහිදී සදහන් කළේ.

    Gajendra Kumar Ponnambalam

    සෞඛ්‍ය අමාත්‍යවරිය මෙසේද පැවසුවාය.

    “දැනට කෝවිඩ් රෝගයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත ශරීර ආදාහනය කිරීම හෝ භුමදානය පිළිබඳව නිර්දේශ ලබාදීමට පත්කළ ඒ විශේෂඥ කමිටුවේ නිර්දේශය වී තිබෙන්නේ කොරෝනා රෝගයෙන් මිය යන පුද්ගලයින්ගේ මෘත දේහ ආදාහනය කළ යුතු බවයි. එම නිසා එම පැහැදිලි නිර්දේශය අප ක්‍රියාත්මක කරනවා වගේම මෙවැනි භයානක වසංගතයකට මුහුණ දීමේදී එවැනි විශේෂඥ නිර්දේශයන් සමාජීය, ආගමික,දේශපාලනමය හෝ වෙනත් කිසිම පෞද්ගලික හේතුවක් නිසාවෙන් වෙනස් නොකරන බවත් කාරුණිකව සඳහන් කරමි,” 

    දෙසැම්බර් 24 වැනිදා පත්කරනු ලැබූ ජ්‍යෙෂ්ට මහාචාර්ය ජෙනිෆර් පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ නිර්දේශ මේ වන විටත් චන්න පෙරේරා කමිටුවේ අවධානයට ඉදිරිපත් කර ඇති බැවින් එහි අවසන් නිර්දේශ ලැබුණු විට එය පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවත් ඇමතිවරිය කියා සිටියාය.

    දෙසැම්බර් 24 වැනි දින පත්කළ කමිටුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත්කරන ලද්දක් ද, නොඑසේනම් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ විසින් දැයි ජී ජී පොන්නම්බලම් මන්ත්‍රීවරයා ප්‍රශ්න කළ විට එයට පිළිතුරු දීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අපොහොසත් වූවාය.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් දෙසැම්බර් 24 වැනිදා දිනැතිව ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ට මහාචාර්ය ජෙනිෆර් පෙරේරා ගේ සභාපතිත්වයෙන් පත් කරන ලද 11 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුව, ශ්‍රී ලංකාවේ කෝවිඩ්-19 වෛරසය වැළඳීමෙන් මරුමුවට පත්වන පුද්ගලයන්ගේ සිරුරු බැහැරකිරීම සම්බන්ධයෙන් මෙතෙක් පැවති නිර්දේශ සංශෝධනය කර ආදාහනය හා භූමදානය යන ආකාර දෙකම ඇතුළත් කිරීම සඳහා යෝජනා කරමින් තම නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පසුගියදා ඉදිරිපත් කර තිබුණි.

    “වෛරස් වලට ශරීරය තුළ එක් වර ප්‍රතිනිර්මාණයක් කළ නොහැක. ආසාදිත පුද්ගලයා මිය ගිය පසුව ශරීරයේ ජීව සෛල නොමැති බැවින් ඉතිරිව ඇති වෛරසය පුද්ගලයෙකුගේ මරණයත් සමඟ යම් කාලයක් තුළදී මිය යයි. SARS-Cov-2 වෛරස් ආසාදනය ජලයෙන් බෝවන රෝගයක් නොවේ,” යනුවෙන් ද එම වාර්තාවේ සඳහන් වේ.

    මළ සිරුරක ඉතිරිව ඇති වෛරස ජලය අපවිත්‍ර වීමට තරම් ප්‍රමාණවත් නොවන බව සඳහන් කරන එම වාර්තාව පෙන්වාදුන්නේ භූගත ජල මට්ටමට කාන්දු වීමට පසේ ස්ථර කිහිපයක් පසුකර යා යුතු බැවින් එසේ පස් ස්ථර තුළින් කාන්දු වීමේදී ඕනෑම අවශේෂ වෛරසයක් අඛණ්ඩව මිය යන අතර එය ආසාදිත මට්ටම් කරා ළඟාවීම ඉතාමත් දුර්ලභ බවය.

    “තවද, ජල මට්ටමට ළඟා වන ඕනෑම අවශේෂ බෝවන වෛරසයක් විශාල ජල පරිමාවකින් තනුක වේ. එමනිසා, වෛරසයේ අවම ආසාදිත මාත්‍රාව තරමක් ඉහළ බැවින් ජලයේ ඇති වෛරස් ප්‍රමාණය ශ්ලේෂ්මල පටල සමඟ සම්බන්ධ වීමෙන් හෝ අපවිත්‍ර වූ දෑත් මගින් ආසාදනයට තුඩු දීමට ප්‍රමාණවත් නොවේ,” යනුවෙන් ද විශේෂඥ වාර්තාවේ දැක්වේ.

    “එම හේතු නිසාම, SARS හෝ ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් මියගිය පුද්ගලයින් භූමදානය කිරීමේදී ජලය දූෂණය වීමෙන් සම්ප්‍රේෂණය වූ බවට කිසිදු සාක්ෂියක් නොමැත.”

    ජෛව හායනයට ලක් නොවන, සිරුරු බහාලන බෑග වැනි වෛරස කාන්දුවකට ඉඩක් නැති ද්‍රව්‍ය භාවිතයෙන් ශරීරය ඔතා තැබීමෙන් ජලය දූෂණය වීම බොහෝ දුරට වළක්වා ගත හැකිය බව තවදුරටත් එම කමිටුව විසින් නිර්දේශ කර තිබිණ.

  • වත්මන් නීති රෙගුලාසි මහජන හිතකාමී ලෙස සරල කිරීමට කොමිෂමක්

    වත්මන් නීති රෙගුලාසි මහජන හිතකාමී ලෙස සරල කිරීමට කොමිෂමක්

    මහජන සුබ සිද්ධිය අරමුණු කර ගනිමින්, පවත්නා නීති හා රෙගුලාසි සරල කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා  සාමාජිකයන් 18 දෙනෙකුගෙන් යුත් කොමිෂමක් පත් කරයි.

    හිටපු ජනාධිපති ලේකම් සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර යන මහත්වරු කොමිෂමේ සම සභාපතිත්වය හොබවති. කොමිෂමේ ලේකම් ධූරයට විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ මහතා පත් කර තිබේ.

    සෙසු සාමාජිකයන් වන්නේ,

    • ඉඩම් කළමනාකරණ, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් –  එස්.ඩි.ඒ.බී. බොරලැස්ස මහතා,
    • විදුලි බල අංශයේ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් –  එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා,
    • අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති – සුරේෂ් ද මෙල් මහතා,
    • රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් – සී. වැලිගමගේ මහත්මිය
    • රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ – ආයතන අධ්‍යක්ෂ ජනරාල් චන්දන කුමාරසිංහ මහතා,
    • සමාගම් නීති විශේෂඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා,
    • ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන මහතා,
    • ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී තිෂාන් සුබසිංහ මහතා,
    • සන්කෙන් කන්ස්ට්‍රක්ෂන්ස් (පුද්ගලික) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී – 
      රංජිත් ගුණතිලක මහතා,
    • ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂිකා –  රේණුකා වීරකෝන් මහත්මිය
    • මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆයිනෑන්ස්, පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික -ජෙරාඩ් ඔන්ඩට්ච්චි මහතා,
    • නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ, අධ්‍යක්ෂ (විධායක නොවන) – අර්ජුන් ප්‍රනාන්දු මහතා
    • සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීමේ අංශය –  එස්.පී. ලියනාරච්චි මහතා,
    • ම්ලෙස්නා තේ, කළමනාකරණ අධ්‍යක්ෂ – ඇන්සලම් පෙරේරා මහතා
    • කර්මාන්ත මණ්ඩලයේ මහ ලේකම්/ ප්‍රධාන විධායක නිලධාරී –  නිශ්ශංක විජේරත්න මහතා
    • තීම් රිසෝට්ස් ඇන්ඩ් ස්පාස් සභාපති, අධ්‍යක්ෂ ජනරාල්  – චන්ද්‍රා වික්‍රමසිංහ මහතා

    කොමිෂමට පැවරී ඇති කාර්යභාරය :

    • ආයෝජන හා ඉදිකිරීම් ක්ෂේත්‍ර ප්‍රමුඛ සියලු ක්ෂේත්‍රවලට අදාලව දැනට නිකුත් කර ඇති චක්‍රලේඛ උපදෙස්, අවසර පත්‍ර හා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේද සහ අනුමත කිරීමේ පටිපාටි, රාජ්‍ය මූල්‍ය හා බදු ආදායම් සම්බන්ධ සියළු නීති, රෙගුලාසි සහ ඒවා ඇති කිරීමට බලපෑ කරුණු කෙරෙහිද අවධානය යොමු කරමින් පූර්ණ සමාලෝචනයට ලක් කිරීම,
    • විශාල ප්‍රමාණයක් චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම හා වරින්වර විවිධ නීති රෙගුලාසි බලාත්මක කිරීම හේතුවෙන් අධි නියාමනයක් ඇති වීම නිසා මූලික අරමුණෙන් බැහැරවීමක් සිදු වී ඇත්දැයි අධ්‍යයනය කිරීම,
    • වඩාත් ඵලදායී නව නියාමන ක්‍රමවේද හඳුනා ගැනීම සඳහා ගෝලීය ප්‍රමිතීන් තුල උක්ත නීති රෙගුලාසි වල අදාළ බව සහ ශ්‍රී ලංකාව තුළ ඒවායේ යෝග්‍යතාව ඇගයීම,
    • දැනට පවතින සංකීර්ණ හා අධිනියාමන නීති පද්ධති තුළ ඒවා බලාත්මක කිරීමට රජයටත් ඒ සඳහා  අනුගත වීමට ජනතාවටත් දැරිය යුතු වන වියදම සහ උක්ත නීති රෙගුලාසි හේතුවෙන් දූෂණ හා අවිධිමත් භාවිතයන් නිර්මාණය වීමට ඇති හැකියාව තක්සේරු කිරීම,
    • දැනට පවතින චක්‍රලේඛ, උපදෙස්, නීති, රෙගුලාසි සරල කළහැකි ක්ෂේත්‍ර හඳුනා ගැනීම හා එසේ සරල කිරීමට හා නවීකරණයට අවශ්‍ය උපදෙස් නිකුත් කිරීම,
    • ජාතික මට්ටමෙන් පළාත් සභා හා පළාත් පාලන ආයතන මට්ටමෙන් විවිධ අනුමත කිරීම්, අවසර දීම් හා බලපත්‍ර නිකුත් කිරීම් ක්‍රියාවලිය හේතුවෙන් ක්‍රියාවලි ද්වීකරණය සිදු වී තිබේදැයි අධ්‍යයනය කෙට එවැනි ක්‍රියාවලි සුදුසු පරිදි සංශෝධනය කිරීම,

    මේ කාර්යයන් ඉටු කිරීම සඳහා කොමිෂමට දින 90ක කාලයක් ලබා දී ඇත. සිය කාර්ය භාරය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යතාව පරිදි අදාළ ආයතන වෙත උපදෙස්  දීමේ බලය කොමිෂම සතු වේ.

  • රත්නපුර ප්‍රදේශයෙන් කො‍රෝනා මරණ 2ක් – මුළු මරණ 215 යි

    රත්නපුර ප්‍රදේශයෙන් කො‍රෝනා මරණ 2ක් – මුළු මරණ 215 යි

    Covid-19 ආසාදනය වීමෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (4) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. ඒ අනුව කොරෝනා ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත පුද්ගලයන් ගණන 215 කි. මියගොස් ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි සහ 86 හැවිරිදි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකි.

    මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (4) පස්වරු 8.35 වනවිට එක්වූ ආසාදිතයන් 277 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 467 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඒ අනුව, එම පොකුරුවල සමස්ත ආසාදිතයන් ගණන 41,498 දක්වා ඉහළ ගොස් ඇත.

    අද රාත්‍රියේදී අලුතින් හඳුනාගත් ආසාදිතයන්ගෙන් 261 ක් පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් වන අතර සෙසු 16 දෙනා බන්ධනාගාර පොකුරේ ආසාදිතයෝ වෙති.

  • ජනවාරියේදී කොප් කමිටුව හමුවට රාජ්‍ය ආයතන 05ක් කැඳවයි

    ජනවාරියේදී කොප් කමිටුව හමුවට රාජ්‍ය ආයතන 05ක් කැඳවයි

    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ( COPE ) ජනවාරි මස තුළ දී  රාජ්‍ය ආයතන 05ක විගණන කටයුතු පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

    එලෙස කැඳවා ඇති ආයතන අතර මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල, ශ්‍රී ලංකා ඛණිජ තෙල් සංස්ථාව, පොල් සංවර්ධන අධිකාරිය ද වේ.

    කෝවිඩ් 19 සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුව ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ජනවාරි මස  06, 08, 19, 21 සහ 22 යන දිනයන්හිදී රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවද මහාචාර්ය චරිත හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.

    මේ අනුව ජනවාරි 06 දින  ස්වාධීන රූපවාහිනී සේවයේ  නිලධාරීන් කෝප් කමිටුව හමුවට  කැඳවා ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය. එසේම ජනවාරි 08 දින මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලේ ආයෝජන කළමනාකරණය පිළිබඳ විශේෂ විගණන වාර්තාවත්, ජනවාරි 19 දින ශ්‍රී ලංකාවේ ඛණිජ තෙල් ගබඩා කිරීම සහ බෙදාහැරීම පිළිබඳ විශේෂ විගණන වාර්තාවත්,  ජනවාරි 21 දින පොල් සංවර්ධන අධිකාරිය පිළිබඳවත්, ජනවාරි 22 දින විදේශ රැකියා ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාවත් ‍කෝප් කමිටුවේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

  • නව වසරේ පාර්ලිමේන්තු රැස්වීම් ආරම්භ කිරීම‍ට සියලු කටයුතු සූදානම්

    නව වසරේ පාර්ලිමේන්තු රැස්වීම් ආරම්භ කිරීම‍ට සියලු කටයුතු සූදානම්

    නව වසරේ පාර්ලිමේන්තු රැස්වීම් හෙට (05) සිට ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    පාර්ලිමේන්තුවේ සියලු දෙපාර්තමේන්තු සහ කාර්යාල විවෘතව පවතින බවත් මාධ්‍යවේදීන්ට සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන් යටතේ පාර්ලිමේන්තු කටයුතු ආවරණය කිරීමට පහසුකම් සම්පාදනය කර ඇති බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.

    පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් අහඹු ලෙස තෝරා ගත් අයවලුන් සඳහා පී සී ආර් පරීක්ෂණ ගණනාවක් පසුගිය කාලය පුරාම සිදු කළ අතර ඒ අතරින් කිසිදු කොවිඩ් 19 ආසාදිතයෙකු වාර්තා නොවූ බවත් මහ ලේකම්වරයා තවදුරටත් පැවසීය.

    පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ පරිදි ජනවාරි(08) වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස් වේ. 

    ජනවාරි 05 වැනිදා සාප්පු සහ කාර්යාලීය සේවකයන් පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත ඇතුලු සංශෝධන පනත් කෙටුම්පත් 04 ක්  විවාදයට ගැනෙන අතර, ජනවාරි 06 වැනිදා දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත ඇතුලු සංශෝධන පනත් කෙටුම්පත 03 ක් විවාදයට ගැනේ. 

    මෙයට අමතරව ජනවාරි 07 වැනිදා බුද්ධිමය දේපළ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ ගුවන් තොටුපල බදු ඇතුළු නියෝග 10ක් විවාදයට ගැනීමට නියමිත බවද මහ ලේකම්වරයා පැවසිය.

    මේ අතර එළඹෙන ජනවාරි 06 වැනි  බදාදා පෙරවරු 10 සිට පෙරවරු 10.30 දක්වා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසීම සඳහා කාලය වෙන් කර තිබෙන බවද දසනායක මහතා සඳහන් කළේය.

  • බස්නාහිර පළාතේ පාසැල් වල 11 ශ්‍රේණිය ආරම්භ කිරීම ගැන තීන්දුවක්

    බස්නාහිර පළාතේ පාසැල් වල 11 ශ්‍රේණිය ආරම්භ කිරීම ගැන තීන්දුවක්

    බස්නාහිර පළාතේ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල පාසල් 11 වන ශ්‍රේණිය සඳහා ලබන 25 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (04) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය. මාර්තු මාසයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කළේ.

  • විදේශ සංචාරකයින්ට ඉඩ දෙන්න දේශීය සංචාරකයින්ට සීමා

    විදේශ සංචාරකයින්ට ඉඩ දෙන්න දේශීය සංචාරකයින්ට සීමා

    මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුක්ක්‍රේන ජාතික සංචාරකයින් පිරිස සංචාරය කිරීමට නියමිත ස්ථාන කිහිපයක් හෙට (04) සහ අනාදිදා (05) දේශීය සංචාරකයින්ට විවෘත නොකිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබෙනවා.

    ඒ අනුව හෙට (04) දින පස්වරු 1.00න් පසුව පොළොන්නරුව සංචාරක ව්‍යාපෘතියට අයත් පරාක්‍රම මාළිගා සංකීර්ණය, දළඳා මළුව, ශිව දේවාල අංක 02 සහ ආලාභ පිරිවෙණ සංකීර්ණයට අයත් රන්කොත් වෙහෙර, ලංකාතිලක වෙහෙර, කිරිවෙහෙර මෙන්ම ගල් විහාරය, තිවංක පිළිමගෙය හා නෙළුම් පොකුණ යන සංචාරක ස්ථාන දේශීය සංචාරකයන්ට විවෘත නොකරන අතර, 05 වැනි දින දහවල් 12.00 දක්වා සීගිරිය සංචාරක කලාපය ද දේශීය සංචාරකයින්ට විවෘත නොකිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබෙනවා.

  • හෙට උදෑසන සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ

    හෙට උදෑසන සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ

    කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් හෙට (04) අලුයම 5.00 සිට හුදකලා බව ඉවත් කිරීමට තීරණය කරඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

    කොළඹ දිස්ත්‍රික්කයේ හෙට (04) උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ පහතින් දැක්වේ.

    මෝදර පොලිස් වසම

    • කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ බටහිර ග්‍රාමනිලධාරී වසම
    • කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ නැගෙනහිර ග්‍රාමනිලධාරී වසම
    • බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාමනිලධාරී වසම
    • මිරිහාන පොලිස් වසමේ දෙමළවත්ත (පිටකෝට්ටේ)

    ගම්පහ දිස්ත්‍රික්කයේ හෙට උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ පහතින්.

    පෑලියගොඩ පොලිස් වසමේ,

    • පැලියගොඩවත්ත ග්‍රාමනිලධාරී වසම
    • මීගහවත්ත ග්‍රාමනිලධාරී වසම
    • පට්ටිය උතුර ග්‍රාමනිලධාරි වසමේ රෝහණ විහාර මාවත
    • පෑලියගොඩ ගඟබඩ ග්‍රාමනිලධාරී වසමේ නෙල්ලිගහවත්ත සහ පූරණ කොටුවත්ත (Pooranakotu waththa)

    කිරිබත්ගොඩ පොලිස් වසමේ,

    • විලේගොඩ උතුර ග්‍රාමනිලධරි වසමේ ශ්‍රී ජයන්ති මාවත

    මේ වනවිට හුදකලා කර ඇති අනෙකුත් ප්‍රදේශයන් නැවත දැනුම්දෙන තුරු තවදුරටත් හුදකලා ප්‍රදේශ වශයෙන් පවතින බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් දැනුම් දෙයි.

  • විදේශගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම ගැන විදේශ ලේකම් කියන කතාව

    විදේශගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම ගැන විදේශ ලේකම් කියන කතාව

    වර්තමානයේ පවතින දැවැන්තම අභියෝගයන්ගෙන් එකක් වන ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් අනුව අඛණ්ඩව සිදු කරන බව විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සඳහන් කරයි. 

    විදේශයන්හි අගුලු දැමීම්, හුදකලා කිරීම්, ඇඳිරි නීතිය සහ ගුවන් අවකාශය වසා දැමීම් මධ්‍යයේ වුවද විදේශයන්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනිමට විදේශ අමාත්‍යංශය පෙරමුණ ගෙන සිටින බවද, මෙරටට පැමිණිමේ අපේක්ෂාවෙන් තවත් ශ්‍රී ලාංකිකයන් 68000 ක් පමණ පොරොත්තු ලේඛනගතව සිටින බවද කොළඹගේ මහතා පෙන්වා දෙයි. 

    2019 පෙබරවාරි මාසයේ දී වූහාන් නගරයේ සිටි සිසුන් 33 දෙනෙකු සියරට ගෙන්වා ගන්නා ලද දින සිට, මෙම අමාත්‍යාංශය වසරකට ආසන්න කාලයක් තිස්සේ විදේශයන්හි අසරණ වු වන්දනාකරුවන්, සිසුන් සහ රජයේ හෝ හමුදා නිලධාරීන්, සංක්‍රමණික ශ්‍රමිකයින්, කෙටිකාලීන සංචාරකයන්, මුහුදු යාත්‍රිකයන් සහ සානුකම්පිත හේතු මත ගෙන්වා ගන්නා ලද  ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය 60,470 කි. විදේශ අමාත්‍යංශය හා විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල හරහා මොවුන් ගෙන්වා ගෙන ඇත්තේ රටවල් 137 ක සිටය.

    ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් අතරින් ප්‍රධාන වශයෙන් මැදපෙරදිග කලාපයෙන් පැමිණි සංක්‍රමණික ශ්‍රමිකයන් 40,000 කට අධික සංඛ්‍යාවක් මේ දක්වා මෙමගින් ප්‍රතිලාභ ලබා ඇති වැඩිම කොටස වන අතර, යුරෝපය, අප්‍රිකාව, ආසියාව සහ ලතින් ඇමරිකානු කලාපවලින් තවත් ශ්‍රී ලාංකිකයන් 20,000 ක් පමණ ගෙන්වා ගන්නා ලදී. විදේශයන්හි තත්ත්වයන් පිරිහී යාමත්, සේවයෙන් ඉවත් කිරීම් සහ වෙනත් අකාරවලින් රැකියා අහිමි වීමත් හේතුවෙන් නැවත සියරට පැමිණෙන්නන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර, දැනට විවිධ කලාපවල සිටින විදේශීය ශ්‍රී ලාංකිකයන් 68,000 ක් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා අමාත්‍යාංශය විසින් පොරොත්තු ලේඛනගත කර ඇත.

    2021 ජනවාරි 02 සිට 09 දක්වා කාලය තුළ දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නවතම සති දෙකක කාලසටහනට චෙන්නායි, මෙල්බර්න්, කුවේට්, දෝහා, ටොරොන්ටෝ, සයිප්‍රසය සහ ඩුබායි සිට මගීන් 1,400 දෙනෙක් ඇතුළත් වන බව විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසීය.

    වඩාත් වැදගත් ලෙස, අමාත්‍යාංශය සහ එහි දූත මණ්ඩල 67 විසින් මිත්‍ර රටවල්, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ ප්‍රාදේශීය සංවිධාන සමඟ අඛණ්ඩව සාකච්ඡා පවත්වන අතර, රජය විශාල අරමුදල් ප්‍රමාණයක් වැය කිරීමෙන් වළක්වා ගනිමින්, ජාතික කොවිඩ් වසංගතය මැඩ පැවැත්වීමේ ප්‍රයත්න ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පීසීආර් පරීක්ෂණ කට්ටල, රැපිඩ් ඇන්ටිජෙන් පරීක්ෂණ කට්ටල, පරීක්ෂණ යන්ත්‍ර, ජීවිතාරක්ෂක ඖෂධ, වෙන්ටිලේටර් උපකරණ, ආර්ද්‍රතාකාරක සහ පෞද්ගලික ආරක්ෂක උපකරණ සහ මුහුණු ආවරණ විශාල ප්‍රමාණයක් ප්‍රදාන සහ පරිත්‍යාග ලෙස ලබා ගෙන ඇත. විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල ද, එන්නත් නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් සිදුවන වර්ධනයන් සමීපව අනුගමනය කරමින්, විදේශීය රජයන්ගෙන් එන්නත ලබා ගැනීමේ ශක්‍යතාවයන් පිළිබඳ අත්‍යවශ්‍ය හා කාලෝචිත තොරතුරු සපයන මාර්ගයක් ලෙස කටයුතු කරයි.

    ක්ෂණික සහන සැලසීමේ පියවරක් ලෙස අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මාලේ, ඩුබායි සහ දෝහා වෙත වියළි සලාක සහ දේශීය ඖෂධ පැකට් 10,000 කට අධික ප්‍රමාණයක් ගුවනින් යැවූ අතර, විදේශයන්හි අපගේ ප්‍රජාවන්ගේ සුබසාධනය උදෙසා මේ වන විට රුපියල් මිලියන 80 ක් පමණ වැය කොට ඇත. මූලික ඖෂධ, පරීක්ෂණ, තාවකාලික නවාතැන්, ආරක්ෂිත ආම්පන්න, අභ්‍යන්තර ප්‍රවාහනය සහ සමහර අවස්ථාවල දී ගුවන් ටිකට් පත් සැපයීම ද මෙම අරමුදල්වල අරමුණ විය.