Category: සුපිරි News

  • ICTA ආයතනයේ ව්‍යාපෘති බහුතරයක් අසාර්ථක වීම – සුපිරි හෙළිදරව්ව !

    ICTA ආයතනයේ ව්‍යාපෘති බහුතරයක් අසාර්ථක වීම – සුපිරි හෙළිදරව්ව !

    ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA) ආරම්භ කොට තිබූ ව්‍යාපෘති ගණනාවක් අවසනාවන්ත ලෙස අසාර්ථක වීම කණගාටුවට කරුණක් බව ජාතික ඉංජිනේරු, තාක්ෂණ හා විද්‍යා වෘත්තීයවේදීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් පුලස්ති වන්නිආරච්චි පවසනවා.

    2013 වසරේ සිට 2019 දක්වා පාර්ලිමේන්තු කෝප් කමිටු වාර්ථා අධ්‍යයනය කිරීමෙන් රටට වැඩක් කල හැකි කෙතරම් මුදලක් නිකරුණේ නාස්තිවීම වටහා ගත හැකි අතර, එය රටේ අභග්‍යයක් මෙන්ම, ඊට ප්‍රධානම හේතුවක් වන්නේ නුසුදුසු තොරුතුරු තාක්ෂණය පිළිබදව ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලවල දැනුම පවා නැති පුද්ගලයන් රටේ ඩිජිටල් තාක්ෂණය පිළිබදව තීන්දු තීරණ ගැනීමට මෙන්ම ICTA වැනි ජාතික වැදගත්කමක් ඇති ආයතනය වල ඉහල තනතුරුවලට විටින් විට පත්වීම නිසා මෙම ඉරණම මෙම ආයතනයන්ට අත්වී ඇති බව පුලස්ති අවධාරණය කරනවා.

    ශ්‍රී ලංකාව වැනි දියුණුවෙමින් පවතින රටකට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් විශාල ප්‍රගතියක් ලෝකයට පෙන්වීමට හැකියාව තිබියදී. කෙටිකාලීන ප්‍රවර්ධන කටයුතු සදහා විශාල මුදලක් වැය කරමින් සිදුකරන ලද අනුවණ ක්‍රියා නිසා අද මෙම තත්වය උදාවී ඇති බවට පෙන්වා දෙනවා.

    එමෙන්ම පසුගිය රජය මගින් ඇතිකල ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය මෙම රජය මගින් දිගට පවත්වාගෙන නොයෑම රටක් ලෙස ආපස්සට හැරවීමක් බව ද අවධාරණය කරනවා. එය ඩිජිටල් යටිතල පහසුකම් ලෙස නොව ඩිජිටල් අමාත්‍යාංශය ලෙස නැවත ස්ථාපනය කිරීම මෙම වසංගත තත්වය හමුවේ වුවද විශාල වැඩකොටසක් රටවෙනුවෙන් කල හැකි වෙනවා සේම, අනාගතයේ සහස්‍රක පරපුරේ තාක්ෂණයත් සමග සහ සම්බන්ධව ගෙන ගියොත් ඩිජිටල් තාක්ෂණයේ විශාල දියුණුවක් රටට අත්පත් කරගත හැකි බව පුලස්ති වන්නිආරච්චි වැඩිදුරටත් පෙන්වා දෙනවා.

  • ප්‍රජාතන්ත්‍රවාදය ආපස්සට ගෙන යන්න එපා – ශ්‍රී ලංකා රජයට විශේෂ ඉල්ලීමක්

    ප්‍රජාතන්ත්‍රවාදය ආපස්සට ගෙන යන්න එපා – ශ්‍රී ලංකා රජයට විශේෂ ඉල්ලීමක්

    පසුගිය වසර කිහිපයේදී කැපවී  වර්ධනය කරගත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ආපස්සට ගෙන යෑමෙන් වළකින ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බව විදෙස් මාධ්‍ය කියයි.

    2015 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවට සිදුකළ නිල සංචාර 10කින් අනතුරුව ඉදිරිපත්කළ නිර්දේශ 400ක් සඳහා රජය ප්‍රතිචාර දක්වා ඇති ආකාර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් විසින් සිදුකළ ඇගයීම අද (05) නිකුත් කර තිබුණි.

    පසුගිය කාලයේ සිදුකළ අපරාධ සම්බන්ධයෙන් වගවීම, වින්දිතයින් සඳහා යුක්තිය පසිඳලීම සහ ජාතීන් අතර එකමුතු බව ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බවයි සිය වාර්තාව ඉදිරිපත් කරමින් විශේෂඥයින් ප්‍රකාශ කළේ.
      
    ශ්‍රී ලංකාවේ අතීත අපරාධ සම්බන්ධයෙන් වගවීම සහතික කිරීම සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ස්වාධීන සොයාබැලීම් ඉහළ දමන ලෙසද ඔවුන් එක්සත් ජාතීන්ගෙන මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටි බව ද සදහන්.

  • බන්දුලගේ ‘ලාභ බඩු 27’ ලැයිස්තුව මෙන්න

    බන්දුලගේ ‘ලාභ බඩු 27’ ලැයිස්තුව මෙන්න

    රටටකට කන්න දෙන්න සතොසට – සමූපෙට පුළුවන් ද ? මේවා ජනතාවට කරන අපහාස

    විවෘත වෙළඳපොළෙහි ඇති මිල ගණන්වලට වඩා අඩු හා ස්ථාවර මිල තීරණය කළ සහල්, පරිප්පු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ 27ක් ලබන සඳුදා සිට සතොස, සමූපකාර හා Q-Shop මගින් මිලදී ගත හැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (05) වෙළඳ අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

    අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ මිල ගණන් යටතේ ලැබෙන පාරිභෝගික සහන පිළිබදව පාරිභෝගික අධිකාරිය මගින් අඛණ්ඩව නිරීක්ෂණය කරන බවයි. 

    සතොස, සමූපකාර හා Q-Shop හරහා මෙම භාණ්ඩ ලබා ගැනීමේදී යම් ගැටළුවක් ඇති වෙතොත් ඒ පිළිබඳව විමසීම් කිරීම සඳහා 1998 ඍජු දුරකථන අංකයත්, යම් ස්ථානයක සිදුවන මිළගණන් වංචා සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා 1977 ඍජු දුරකථන අංකයත් එළඹෙන සඳුදා දින සිට ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    එම භාණ්ඩ වන්නේ, රතු කැකුළු 1Kg – (නව මිල) රුපියල් 93 – (පැවැති මිල) රුපියල් 106සුදු කැකුළු 1Kg – (නව මිල) රුපියල් 93 – (පැවැති මිල) රුපියල් 105සුදු නාඩු 1Kg – (නව මිල) රුපියල් 96 – (පැවැති මිල) රුපියල් 109සම්බා 1Kg – (නව මිල) රුපියල් 99 – (පැවැති මිල) රුපියල් 120කීරි සම්බා – (නව මිල) රුපියල් 125 – (පැවැති මිල) රුපියල් 140තිරිඟු පිටි – (නව මිල) රුපියල් 84 – (පැවැති මිල) රුපියල් 105සුදු සීනි – (නව මිල) රුපියල් 99 – (පැවැති මිල) රුපියල් 110දුඹුරු සීනි – (නව මිල) රුපියල් 125 – (පැවැති මිල) රුපියල් 140තේ කොළ (100g) – (නව මිල) 95 – (පැවැති මිල) රුපියල් 130රතු පරිප්පු (Australia) 1kg – (නව මිල) රුපියල් 165 – (පැවැති මිල) රුපියල් 188ලොකු ළූණු ඉන්දියන් 1kg – (නව මිල) රුපියල් 120 – (පැවැති මිල) රුපියල් 140අර්තාපල් දේශීය 1kg – (නව මිල) රුපියල් 180 – (පැවැති මිල) රුපියල් (216 – 220)අර්තාපල් (Pakistan) 1kg – (නව මිල) රුපියල් 140 – (පැවැති මිල) රුපියල් 190කඩළ 1kg – (නව මිල) රුපියල් 175 – (පැවැති මිල) රුපියල් 225වියළි මිරිස් 1kg – (නව මිල) රුපියල් 495 – (පැවැති මිල) රුපියල් 550ටින් මාලු දේශීය 425g – (නව මිල) රුපියල් 220 – (පැවැති මිල) රුපියල් 240ටින් මාලු ආනයනික 425g – (නව මිල) රුපියල් 265 – (පැවැති මිල) රුපියල් 280හාල්මැස්සන් තායි 1kg – (නව මිල) රුපියල් 545 – (පැවැති මිල) රුපියල් 700කුකුල් මස් සම සහිත – (නව මිල) රුපියල් 400 – (පැවැති මිල) රුපියල් 430ලුණුකැට 1kg – (නව මිල) රුපියල් 43 – (පැවැති මිල) රුපියල් 55කිරි පිටි 400g – (නව මිල) රුපියල් 355 – (පැවැති මිල) රුපියල් 380සෝයා තෙල් 500ml – (නව මිල) රුපියල් 310 – (පැවැති මිල) රුපියල් 470රෙදි සෝදන සබන් (BCC) 115g – (නව මිල) රුපියල් 43 – (පැවැති මිල) රුපියල් 53රෙදි සෝදන සබන් 650g – (නව මිල) රුපියල් 260 – (පැවැති මිල) රුපියල් 325සුවඳ සබන් 100g – (නව මිල) රුපියල් 56 – (පැවැති මිල) රුපියල් 63දෑත් සෝදන දියර 100ml – (නව මිල) රුපියල් 250 – (පැවැති මිල) රුපියල් 350මුඛ ආවරණ (SLS සහතික ලත්) – (නව මිල) රුපියල් 14 – (පැවැති මිල) රුපියල් 25 

    ඇමැතිවරයාගේ මේ මිල අඩු කිරීම් ගැන අප සමග අදහස් දැක්වූ සියලු දෙනාම පාහේ මේ තීන්දුව හාස්‍යයට ලක් කළ අතර ඇමතිවරයාගේ පුංචි මොළයේ තරම ඒ අනුව පෙනෙන බව ද පැවසූහ.

    ‘පසුගිය කාලේ ගැසට් ගැහුවා. කෝ බඩු අඩු වුණා ? නැහැ … දැන් ඒවා තිබුණ ගාණටත් වඩා වැඩියි. හාල් වලට පාලන මිලක් දැම්මා. පස්සේ කිව්වා මහ කන්නසේ අස්වනු නෙළනකම් ඉන්න කියලා. ජනාධිපති ගැටස් ගහලා පරිස්සු සැමන් අඩු කළා. කෝ අඩු වුණා ද ?“ අප සමග අදහස් දැක්වූ මිරිහාන ප්‍ර දේශයේ රජයේ සේවකයෙක් ප්‍රකාශ කළා.

    ‘රටකට කන්න දෙනන් සමූපකාරෙකට සතොසට පුළුවන් ද ? රටේ සිල්ලර වෙළෙදාමෙන් 0.1%ක්වත මේ දෙකට කරනන බැහැ. මේවා විහිළු වැඩ විතරයි. ඇමැතිකම ලැබුණට කරන්න විහිළු. පසුගිය කාලේ මැටි ඇමතිලා කෑගැහුවා කෝ දැන් උන්නද මළාද දන්නේ නැහැ. ඇමැති බන්දුල හිතාගෙන ඉන්නේ සතොස – සමූපකාරේ කියන්නේ වෝල්මාට් එකක කියලා. අපේ පැත්තේ, හොරණ ගුරුගොඩ සමූපකාරේ ගමෙ සිල්ලර කඩේක තරම් බඩු නැහැ. හොරණ සතොසත් එහෙමම තමයි. මේවා විහිළු‘ හොරණ කාන්තාවක් ප්‍රකාශ කළා.

    ‘මීට ඉස්සරත් සතොස බඩු අඩු කළා. ඒත් කවදාවත් බඩු තිබුණේ නැහැ. ඒක තමයි ඇත්ත. සතොස කියන්නේ රටේ සියල්ලර වෙළෙදාමෙන් 0.1%ක් වත් නැති තැනක්. සමූපකාර ගැන කතා කරලා වැඩක් නැහැ. මේවා විහිළු. ජනතාවට කරන අපහාස‘ වැලිවේරියේ විශ්‍රාමික ගුරුවරියක් ප්‍රකාශ කළා.

  • ‘කොවිෂීල්ඩ් එන්නතට’ ඖෂධ නියාමන අධිකාරියෙන් සුපිරි සැලකිලි ?

    ‘කොවිෂීල්ඩ් එන්නතට’ ඖෂධ නියාමන අධිකාරියෙන් සුපිරි සැලකිලි ?

    ශ්‍රී ලංකාව දිගින් දිගටම කොවිෂීල්ඩ් එන්නත මත පමණක් යැපෙන්නට කෘතිම උත්සාහයක් දරන්නේද යන සැකය මතු වන්නේ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි අනුපිළිවෙල විමසීමේදීය. කොවිෂීල්ඩ් සදහා කෙටි කාලයකින් ලියාපදිංචිය ලබාදෙන අධිකාරිය, ෆයිසර් සදහා තවම ලියාපදිංචි අවසරය ලබා දී නොමැත. ඒ අනූව ලැබෙන සෑම අවස්ථාවකදීම, රටක් ලෙස අපට ඉල්ලුම් කල හැකි වන්නේ කොවිෂීල්ඩ් පමණි.   

    ඉන්දියාවේ කොවිෂීල්ඩ් එන්නත ලංකාවේ සෞඛ්‍ය කාර්‍යමණ්ඩලයට  පළමු කොවිඩ් ප්‍රතිශක්තිකරණ අත්දැකීම ලබා දුන්නේය. නමුත් රටේ සාමාන්‍ය මහජනතාව සදහා එම අද්දැකීම ලැබෙන දිනය පිළිබදව නිෂ්ච්ත දිනයක් පෙනෙන මානයක නොමැති අතර, ඒ වෙණුවට එන්නත් සැපයුම්කරුවන්ගේ තරගයක් සුපුරුදු පරිදි  ඖෂධ නියාමන අධිකාරිය හරහා මතුවෙමින් තිබේ.

    එන්නත අපට මහ මෙරක් වුවද, කොවිඩ් වසංගතය හේතුවෙන් ලොව පුරා මතුවුණු “එන්නත් ඉල්ලුම” සඳහා සැපයුම් ලබාදීම මේ වන විට ව්‍යාපාරික තරගයක් බවත්, ඒ සදහා සීතල යුද්ධ ක්‍රියාතමක වන බවත්, අප අමතක නොකල යුතුය.  ඇමරිකාව, එංගලන්තය, රුසියාව, චීනය සහ ඉන්දියාව මෙම ජත්‍යන්තර එන්නත් තරඟයේ මුල් පෙළට පැමිණ තිබේ. ශ්‍රී ලංකාව කිසිසේත්ම තරඟකරුවෙකු නොවුණ බව හා ගැනුම්කරුවෙකු ලෙස එම තරගයේ ආසියාතික කලාපයේ ඉත්තෙක් පමණක් වන බව රටක් ලෙස වටහා ගනිමින් කටයුතු කිරීම, රටේ බහුතර මහජනතාවට වඩා හොඳ එන්නතක් ලබාදීම සඳහා අත්‍යාවශ්‍යය. 

    ඒ නිසාම ඉන්දියාවේ කොවිෂීල්ඩ් එන්නත පරිත්‍යාගයක් හරහා පැමිණ අප රටට විශාල සහනයක් ලබා දී තිබූ පමණින්, කොවිෂීල්ඩ් ඇබ්බැහියකට ලක්විය යුතු නැත.

    ලෝකෙන් එන්නත් තරගය දෙස විමසිලිමත් වීමේදී, මෙතෙක් නිෂ්පාදනය වී ඇති එන්නත් අතර මුලටම පැමිණ ඇත්තේ ඇමරිකාවේ ෆයිසර් එන්නත බව පැහැදිලිය. සිංගප්පූරුව ඇතුළු ලෝකයේ දියුණු රටවල් ගණනාවකම ඒ ඒ රටවල් වල ඖෂධ අධිකාරීන් විසින් අනුමත කර ඇත්තේ ෆයිසර් එන්නත පමණි. ලෝක සෞඛ්‍ය සංවිධානය,මේ වන විටත් සිය පුර්ව එකඟතාවය ලබා දී ඇත්තේ ෆයිසර් එන්නතට පමණි. ඇස්ට්‍රා සෙනිකා එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය කාර්ය මණ්ඩලය සඳහා ලබා දීම පවා ඔවුන් තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ. එසේම ෆයිසර් එන්නත RNA වර්ගයේ එන්නතක් වන බැවින් ප්‍රභේද සදහා වඩා සාර්ථක බවද කියැවේ. තවද, සාර්ථකත්වය 95%ක් පමණ වන බැවින්,  එන්නත් තරඟයේ දී ඔවුන් ඉදිරියට පැමිණ ඇත්තේ වෙළඳ උපක්‍රම මගින්ම පමණක් යැයි කිව නොහැකිය.

    නමුත් ශ්‍රී ලංකාව දිගින් දිගටම කොවිෂීල්ඩ් එන්නත මත පමණක් යැපෙන්නට කෘතිම උත්සාහයක් දරන්නේද යන සැකය මතු වන්නේ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි අනුපිළිවෙල විමසීමේදීය. කොවිෂීල්ඩ් සදහා කෙටි කාලයකින් ලියාපදිංචිය ලබාදෙන අධිකාරිය, ෆයිසර් සදහා තවම ලියාපදිංචි අවසරය ලබා දී නොමැත. ඒ අනූව ලැබෙන සෑම අවස්ථාවකදීම, රටක් ලෙස අපට ඉල්ලුම් කල හැකි වන්නේ කොවිෂීල්ඩ් පමණි.   

    එන්නත් පරීක්ෂාව ලෙස අපට දැනට කල හැකිව තිබෙන්නේ ලේබල් සහ ලියකියවිලි පරීක්ෂාව පමණක් වන බැවින්ද, ඊට එහා ගිය විද්‍යාත්මක හැදෑරීමකට වෛද්‍ය පර්‍යේෂණ ආයතනය වැනි ආයතනවල් සූදානමක් නැති හෙයින්ද, මෙම ලියාපදිංචි කිරීම් ප්‍රමාද වීම සදහා විශාල හේතු තිබිය නොහැක.

    මිලියන නවයක නව එන්නත් තොගයයක් ඇනවුම් කිරීමට පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශ කර ඇති අතර, ඉදිරියේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර වශයෙන්නද විශාල එන්නත් තොගයක් ලැබීමට නියමිතය. මේකී සියළු ඇනවුම් සදහා කොවිෂීල්ඩ් පමණක් නිර්දේශ වන්නේ අහම්බයකින් නොවන බව අප වටහා ගත යුතු අතර, රටක් ලෙස ලොව පුරා වඩා වැඩි විශ්වාසයක් දිනා ඇති එන්නත් අපේ රටේ මහ ජනතාවට ලබා දීමට ඇති හැකියාව,  සැලසුම් සහගතව අවහිර කරමින් පවතින්නේද යන්න පිළිබදව සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු වියයුතුය. විශේෂයෙන්ම එන්නතෙහි හැකියාවට වඩා දේශීය සමාගම්වල හැකියාවට අනුව ගුණාතමකව පහල වර්ගයේ එන්නතක් සදහා අප වැඩි ඉඩකඩක් ලබා නොදිය යුතු අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වඩා වැඩි විශ්වාසය දීනා ඇති එන්නනත අපේ රටේ පුර වැසියන් සදහා ලබා දීම වෙණුවෙන් රජයේ පූර්ණ අවධානය යොමුවිය යුතුය. 

    එමෙන්ම එන්නත් පිළිබදවත්, එහි පසු ප්‍රවතා පිළිබදවත්, වෙළද දෘෂ්ඨියකින් කටයුතු කිරීම වෙණුවට,  විද්‍යාත්මක දෘෂ්ඨියකින් කටයුතු කිරීම සදහා, ඊට අදාල පර්‍යේෂණාත්මක කටයුතු කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශය මීට වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතු අතර, වෛද්‍ය පර්‍යේෂණ ආයතනය වැනි ආයතන වල වගකීම නිවැරදිව කළමණාකරණය කල යුතුය.

    රවී කුමුදේශ්, සභාපති – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය 

  • Covid-19 ආසාදිත බිළිදුන් 150ක් ළමා රෝහලේ – රෝහල් අධ්‍යක්ෂ

    Covid-19 ආසාදිත බිළිදුන් 150ක් ළමා රෝහලේ – රෝහල් අධ්‍යක්ෂ

    දරුවෙකුට කොවිඩි-19 ආසාදිත වූ  විට රෝහල්ගත කිරීමට ප්‍රමාද වීම රෝගය උත්සන්න වීමට හේතුවක් වී ඇති බැවින් රෝග ලක්ෂණ මතු වූ වහාම බිළිඳු දරුවන් රෝහල්ගත කිරීමට පියවර ගන්නා ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා මාපියන් ගෙන් ඉල්ලා සිටිනවා.

    කොරෝනා වයිරසය ආසාදනය වූ බිළිඳුන් 150  දෙනෙකු මේ දක්වා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් හඳුනාගෙන ඇතැයි එහි රෝහලේ අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා පවසූ බව ලංකාදීප ඊ පුවත්පත අද (03) දින වාර්තා කළා.

    රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ෙඑම බිළිඳුන්ගේ මාපියන්  සිය දෙනකුට ද වයිරසය ආසාදනය වී තිබූ බවත් මෙසේ ආසාදිත බිළිදුන් අතරින් මාස 18ක බිළිඳෙකු ඉකුත් දා රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මිය ගිය අතර  එම බිළිදාගේ මාපියන්ට ද වයිරසය ආසාදනය වී තිබූ බවයි.

    දරුවෙකුට කොවිඩි-19 ආසාදිත වූ  විට රෝහල්ගත කිරීමට ප්‍රමාද වීම රෝගය උත්සන්න වීමට හේතුවක් වී ඇති බැවින් රෝග ලක්ෂණ මතු වූ වහාම බිළිඳු දරුවන් රෝහල්ගත කිරීමට පියවර ගන්නා ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා මාපියන් ගෙන් ඉල්ලා සිටිනවා.

  • දඹුල්ල ආර්ථිකයේ ‘එළවළු තොග මිල’ 40% කින් පහළට

    දඹුල්ල ආර්ථිකයේ ‘එළවළු තොග මිල’ 40% කින් පහළට

    ඉදිරි දින කිහිපයේදිත් ඇතැම් විට යාපනය අර්ධද්වීපයේ දඹුල්ලට ලැබුණහොත් තොග මිල සාමාන්‍ය අතට පත්වනු ඇති බවත් වෙළෙන්දෝ කියති.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පසුගිය සතියේ සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ එළවළු තොග මිල 40% කින් පමණ අද(03) උදෑසන සිට පහළ වැටී ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.

    එළවළු මිල පහත වැටීම සඳහා හේතු පාදක වී ඇත්තේ එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන් අද අලුයම විශාල වශයෙන් අඩුවීම යාපනය අර්ධද්වීපයෙන් විශාල වශයෙන් එළවළු තොග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මෙදින ලැබීම බව ද ඔවුහු පවසති.
     
    පසුගිය සතියේ සෑම එළවළුවක්ම කිලෝ එකක තොග මිල රුපියල් 200 ඉක්මවා තිබිණි.පසුගිය සතියේ බොන්චි කිලෝවක  තොග මිල රුපියල් 230 ත් 280 ත් අතර ඉහළ අගයක් ගෙන තිබිණි.මෙදින බෝංචි කිලෝවක තොග මිල රුපියල් 100 දක්වා පහත වැටී තිබීම විශේෂත්වයකි.බෝංචි මිල පහත වැටීම නිසා අනෙකුත් සෑම එළවලු කිලෝවකම තොග ගැනුම් මිල පහත වැටෙන බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
     
    ජාතික නිදහස් දිනය හෙට(4 දිනට) යෙදී තිබෙන නිසා රටේ දුර බැහැර ප්‍රදේශවල මෙන්ම කොළඹ ප්‍රදේශයේ එළවළු මිලදී ගැනීම සඳහා පැමිණෙන බොහෝ දෙනාගේ අඩුවීම එළවළු මිල තවත් පහළ යෑමට හේතුවක් ව ඇති බව ආර්ථික මධ්‍යස්ථානයට  මෙදින එළවළු රැගෙන ආ ගොවීහු කියති.
     
    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල විශාල වශයෙන් රටේ දිස්ත්‍රික්ක  කිහිපයකින්ම “දෙල්” තොග වැඩි වශයෙන් ලැබී තිබිණි.

    දෙල් ගෙඩියක උපරිම මිල රුපියල් 130 සිට 140 දක්වා ඉහළ අගයක් ගෙන ඇත.

    ඉකුත් සතියේ රුපියල් 55-60 අතර ඉහළ අගයකට අලෙවි වූ පිපිඤ්ඤා කිලෝවක් රුපියල් 30 දක්වා පහත වැටී තිබේ.
     
    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මෙදින යාපනය ප්‍රදේශයෙන්  වම්බටු, මෑකරල්, රතුලූනු, මඤ්ඤොක්කා, නයි මිරිස් ආදී එළවළු වර්ග රැසක් ලැබී තිබුණු බවත්  ඉදිරි දින කිහිපයේදිත් ඇතැම් විට යාපනය අර්ධද්වීපයේ දඹුල්ලට ලැබුණහොත් තොග මිල සාමාන්‍ය අතට පත්වනු ඇති බවත් වෙළෙන්දෝ කියති.
     
    ආර්ථික මධ්‍යස්ථානයේ පුරා විශාල හිඟයක්  පැවැති අමු මිරිස් තොග ද මෙදින ආර්ථික මධ්‍යස්ථානයට සැලකිය යුතු ප්‍රමාණයක් ලැබීමත් සමඟ රුපියල් 750 ත් -1000ක් අතර අලෙවි අමු මිරිස් කිලෝව මෙදින රුපියල් 750දක්වා අඩු මුදලකට අලෙවි වීම තවත් කරුණකි.

    කාංචන කුමාරආරියදාස විසින් ලංකාදීප ඊ පුවත්පතට සම්පාදිත ප්‍රවෘත්තියකි

  • Covid-19 Today Hot: මරණ 07ක් – නව ආසාදිතයින් 715ක්

    Covid-19 Today Hot: මරණ 07ක් – නව ආසාදිතයින් 715ක්

    කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 7 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (02) තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    අද දින වාර්තා වූ මරණ සමග කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් මියගිය සමස්ත මරණ සංඛ්‍යාව 330 ක් දක්වා ඉහළ ගියේය.

    මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද දින (02) නිකුත් කළ තවත් මාධ්‍ය නිවේදනයක සදහන් වූයේ අද දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 715 දෙනකු වාර්තා වූ බවයි. ඒ සමග කොවිඩ් දෙවැනි රැල්ලේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 61.705ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

  • කොවිඩ් ආසාදිතයින්ට ඉතා වැදගත් පර්යේෂණයක නවතම හෙළිදරව්ව !

    කොවිඩ් ආසාදිතයින්ට ඉතා වැදගත් පර්යේෂණයක නවතම හෙළිදරව්ව !

    Covid-19 ආසාදනය වූවන් හට නැවත වරක් වයිරසය ආසාදනය වීමේ වැඩි ප්‍රවනතාවක් ඇති බව එක්සත් රාජධානියේ විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් සිදුකළ නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා

    කොවිඩ් 19 වෛරසයට එරෙහිව ස්වභාවික ප්‍රතිශක්තිය සහිතවූවන්ගෙන්ද වයිරසය ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බවයි ඔවුන් තවදුරටත් සදහන් කරන්නේ.

    කෙසේ වුවද එම පර්යේෂණයෙන් ප්‍රතිදේහ හෝ ප්‍රතිශක්ති පද්ධතිය වයිරසයට එරෙහිව ලබාදෙන එන්නත් හා ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් හෙළිව නැහැ.

    කොරෝනා වයිරසය ආසාදනය වූවන්ගේ සිරුරේ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිය මාස පහක පමණ කාලයක් පවතින බවත් ප්‍රතිදේහ සහිත ආසාදිතයින්ගෙන් වයිරසය තවදුරටත් ව්‍යාප්ත විය හැකි බව ද එම පර්යේෂණයෙන් තවදුරටත් අනාවරණය වී තිබෙනවා.

  • කැබිනට් තීරණ සියල්ලම මෙන්න !

    කැබිනට් තීරණ සියල්ලම මෙන්න !

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (02) දින මාධ්‍ය වෙත නිකුත් කළා. එම සම්පූර්ණ නිවේදනය පහත පළ වෙනවා.

  • කොළඹ කොටස් වෙළෙඳපොළ යළි පහළට

    කොළඹ කොටස් වෙළෙඳපොළ යළි පහළට

    පසුගිය දිනවල ඉහළ වර්ධනයක් වාර්තා කළ කොළඹ කොටස් වෙළෙඳපොළේ දර්ශක දෙකම අද (02) 6.56%කින් සහ 7.32%කින් පහළ ගියා.

    ඒ අනුව කොටස් මිල දර්ශකය ඒකක 561.75 කින් සහ එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 251.77 කින් පහළ ගොස් තිබෙන අතර දෛනික ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,005.32 ක් ලෙසත් එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය 7.32 ක් ලෙසත් සටහන් වුණා.

  • ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය විදේශ ඇමති හමු වුණේ ඇයි ?

    ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය විදේශ ඇමති හමු වුණේ ඇයි ?

    ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් (Alaina B. Teplitz) මහත්මිය අද (02) විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය. 

    විදේශ අමාත්‍යාංශයේ දී සිදු වූ මෙම හමුවට කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාද සම්බන්ධ වී සිටියේය.

    ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර රාජ්‍යතාන්ත්‍රික කටයුතු හා ආර්ථික කටයුතු ඇතුළු දෙරටට වැදගත් වන කරුණු රැසක් මෙම හමුවේ දී සාකච්ඡා කෙරුණු බව විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. 

  • මවුබිමට එන්න කැමති විගමනික ශ්‍රමිකයන්ට විශේෂ පුවතක්

    මවුබිමට එන්න කැමති විගමනික ශ්‍රමිකයන්ට විශේෂ පුවතක්

    ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන්  විදේශ රටවල දැනට රැඳී සිටින ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට විශේෂ වැඩසටහනක් ආරම්භ කරන බව  කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    මෙම විගමණික ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම ප්‍රමාද වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඔවුන් ශ්‍රී ලංකාවට පැමිනි පසු නිරෝදානය සඳහා රඳවා තැබීමට මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් නොමැති වීමය. එම නිසා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල් වලින්  පළාත් නවයේ නිරෝධායන මධ්‍යස්ථාන නවයක් ආරම්භ කර එම විදෙස්ගත ශ්‍රී ලාංකික  ශ්‍රමිකයන් කඩිනමින් මෙරටට ගෙන්වා එම මධ්‍යස්ථානවල ස්ථානගත කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා පවසයි.

    covid-19 වැළැක්වීමේ ජාතික කාර්ය සාධක බලකාය සමඟ මේ පිළිබඳව  සාකච්ඡා කොට එම මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ද වැඩිදුරටත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

    එසේම  විදෙස්ගත අපගේ ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට අදාල ගුවන් ප්‍රවේශ පත ලබා ගැනීමට නොහැකිව විශාල වශයෙන් අපහසුතාවට ලක් වී එම රටවල්වල  රැඳී සිටින බවට මාධ්‍ය මගින් අපට විටින් විට වාර්තා විය. විදේශ සේවා නියුක්ති කාර්යාංශ අරමුදල් භාවිතා කොට මෙම අසරණ වී සිටින අපගේ විගමනික ශ්‍රමිකයන්  ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නොපැකිලිව  කටයුතු කරන ලෙස රාජ්‍ය ගිණුම් කාරක සභා රැස්වීමක දී පසුගිය දා තීරණය විය.

    එසේම ශ්‍රී ලංකාවට පැමිණීමට අදාළ  ගුවන් ටිකට්පත් ලබා ගැනීමට නොහැකිව යම්කිසි විගමනික සේවකයෙක් හෝ සේවිකාවක් කිසියම් රටක සිටී නම් ඔවුන් වහාම එම රටේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයට  වාර්තා කරන ලෙසත්, එසේ නොමැති නම් විදේශ සබඳතා අංශයේ ගාස්තු රහිත දුරකථන අංකය වන 800119119 අමතා එම තොරතුරු ලබා දෙන ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් එම විගමනික ශ්‍රමිකයන්ගෙන් සහ ඔවුන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලා සිටියි.එම ඉල්ලීම් විමර්ශනය කර බලා ඔවුන්ගේ කාර්යංශයේ ලියාපදිංචිය සහ අනන්‍යතාව තහවුරු කර නොපමාව ඔවුන්ට ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අමාත්‍යවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දන්වා සිටී.

    එසේම දැනට විදේශ රටවල රැඳී සිටින අපගේ ශ්‍රමිකයන්ට යම්කිසි ආධාර හෝ උදව් උපකාර හෝ අවශ්‍ය සහයක්  ඇත් නම් ඒ පිළිබඳව විදේශ කටයුතු සබඳතා අමාත්‍යාංශය  සමඟ සම්බන්ධීකරණයෙන්  යුක්තව ඔවුන්ට අවශ්‍ය එම ආධාර, අනුග්‍රහයන් , සහයෝගය සහ ආධාර උපකාර ලබාදීමේ  වැඩපිළිවෙළක් නොපමාව සකස් කරන ලෙස ද  අමාත්‍යවරයා  සඳහන් කරයි.

    විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රක්ෂණ ආවරණය ඇතිව විදේශගත වූ ශ්‍රමිකයන්ට මෙම ආපදා අවස්ථාවේදී එකී රක්ෂණ ආවරණය යටතේ ලබා යුතු වන්දි හෝ දීමනා වේ නම් ඒවා ලබාදීමට ප්‍රමුඛත්වයක් දී  නොපමාව ක්‍රියාත්මක වන ලෙසත්, එසේ වන්දි හා  දීමනා ඉල්ලා සිටින අයගේ ලැයිස්තු සහ ඒ අතරින් එම වන්දි සහ ඉල්ලීම් ලබා දුන් අයගේ ලේඛනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා  සති දෙකකට වරක් රේඛිය අමාත්‍යංශයට ලබා දෙන ලෙස  අමාත්‍යවරයා  විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දන්වා ඇත.

    එම කරුණු  ක්‍රියාත්මක කිරීම සඳහා  විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා ,කම්කරු අමාත්‍යාංශයේ ලේකම්තුමා,විදේශ  සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති,සාමාන්‍යාධිකාරී සහ ගණකාධිකාරිවරයා ,විදේශ කටයුතු අමාත්‍යංශයේ  විදේශ සබඳතා අංශයේ ප්‍රධානියා සහ මහා භාණ්ඩාගාරයේ නියෝජිතයෙක් ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද  ඇමතිවරයා දන්වා සිටී.

  • කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය: ගිවිසුම කඩිනම් කරනු – ඉන්දියාව

    කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය: ගිවිසුම කඩිනම් කරනු – ඉන්දියාව

    ආන්දෝලනයට ලක්ව ඇති කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය, ජපානය සහ ඉන්දියාව අතර 2019 වසරේ මැයි මාසයේ අත්සන් තැබුණු ත්‍රෛපාර්ශවීය අවබෝධතා ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කරනු ඇතැයි ඉන්දීය රජය බලාපොරොත්තු වන බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් අද (01) මෙරට මාධ්‍ය වෙත පවසතා තිබෙනවා.

    ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල ප්‍රකාශකයා මේ බව පැවසුවේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය 100% වරාය අධිකාරිය මගින් සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය සම්බන්ධයෙන් මෙරට මාධ්‍ය කළ විමසීමට ප්‍රතිචාර වශයෙනුයි.

    ‘ශ්‍රී ලංකා රජය, ජපානය සහ ඉන්දියාව අතර 2019 වසරේ මැයි මාසයේ අත්සන් තැබුණු ත්‍රෛපාර්ශවීය අවබෝධතා ගිවිසුමට අදාළ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නායකත්ව මට්ටමින් ද මීට පෙර ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබෙනවා‘ ඔහු වැඩි දුරටත් සදහන් කළා.

    “ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය 2019 මැයි මාසයේදී එළැඹි ත්‍රයිපාර්ශ්වික එකඟතාව අනුව එම රටවල්වල සහභාගීත්වයෙන් නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම කඩිනමින් ක්‍රියාත්මක වනු ඇතැයි යන්න ඉන්දීය රජයේ බලාපොරොත්තුවයි. ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ කැපවීම නොයෙක්වර අපට දන්වා තිබෙනවා. ඒ බව නායක මට්ටමින්ද දන්වා තිබෙනවා. එසේම මීට මාස තුනකට ඉහත දී ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය ද විදෙස් ආයෝජකයින් සමග එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තීරණයක් ගත්තා‘  යනුවෙන්  ඉන්දීය මහ කොමසාරිම් කාර්යාල ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන්කළා.

  • ලිච්ටෙන්ස්ටයින් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලට කැබිනට් අනුමැතිය

    ලිච්ටෙන්ස්ටයින් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලට කැබිනට් අනුමැතිය

    ශ්‍රී ලංකාව හා ලිච්ටෙන්ස්ටයින් (Liechtenstein) කුමාර රාජ්‍ය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරිමට තීරණය කර තිබේ.

    මේ සම්බන්ධ යෝජනාව ඇතුලත් අමාත්‍ය මණ්ඩල සංදේශයක් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉකුත් සතියේ දී කැබිනට් මණ්ඩලයට යොමු කරන ලදුව ඊට අනුමැතිය ලැබී තිබේ.

    බටහිර යුරෝපා කලාපයට අයත් ලිච්ටෙන්ස්ටයින් කුමාර රාජ්‍යයය ස්විස්ටර්ලන්තය හා ඔස්ට්‍රියාව අතර පිහිටා ඇති අතර කුඩා ජනගහණයක් සහිත රටකි.1961 අප්‍රේල් 18 වැනි දිනැති රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබද වියානා සම්මුතිය පදනම් කර ගනිමින් දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරිමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

  • පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන කොමිසමේ අවසන් වාර්තාව ජනපතිට

    පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන කොමිසමේ අවසන් වාර්තාව ජනපතිට

    පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ අවසන් වාර්තාව අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී කොමිෂමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබීය.

    පළමු අතුරු වාර්තාව 2019 දෙසැම්බර් 20 සහ දෙවන අතුරු වාර්තාව 2020 මාර්තු මස 02  දිනවල ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණ.

    පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාර මාලාව විමර්ශනය කර වාර්තා කිරීම සහ ඉන් අනාවරණය වන තොරතුරු අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම පිණිස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 සැප්තැම්බර් 22 වනදා කොමිෂම පත් කරනු ලැබීය.

    මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් 08 දෙනෙකු විසින් 2019 අප්‍රේල් මස 21 වන දින හෝටල් සහ කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාව සිදු කෙරිණ. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන්, මඩකලපුව සියොන් දේවස්ථාන, ෂැංග්‍රිල්ලා, කිංස්ග්බරි සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල ප්‍රහාරයට ඉලක්ක විය. දෙමටගොඩ දී සහ දෙහිවලදී ත්‍රස්තවාදීහූ දෙදෙනෙක් බෝම්බ පුපුරුවාගෙන සිය දිවි හානිකර ගත්හ.

    ප්‍රහාර මාලාවෙන් 270කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර 500කට ආසන්න පිරිසක්  තුවාල ලැබූහ.

    කොමිෂම දින 214ක කාලයක් මුළුල්ලේ 457 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කර ගත්තේය. දේශපාලන අධිකාරියට හා ආරක්ෂක සේවාවන්ට අයත් පිරිස් මෙන්ම ව්‍යසනයට මුහුණ දුන් හා ආශ්‍රිත ක්‍රියාකාරකම් සමග සම්බන්ධ අය ඔවුන් අතර වූහ.

    වාර්තාව පිටු 472කින්, ඇමුණුම් 215 කින් සහ වෙළුම් 06කින් සමන්විතය.

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග කොමිසමේ සාමාජිකයන් වන අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරුන් වන නිහාල් සුනිල් රාජපක්ෂ සහ ඒ.එල්. බන්දුල කුමාර අතපත්තු, අධිකරණ අමාත්‍යාංශයේ හිටපු  ලේකම් ඩබ්.එම්.එම්.ආර්. අධිකාරි, කොමිෂන් සභාවේ ලේකම් එච්.එම්.පී. බුවනෙක හේරත් යන මහත්ම මහත්මීහූ මේ අවස්ථාවට එක්ව සිටියහ.

    ( ඡායාරූප : ශාමික වක්වැල්ල – ජනාධිපති මාධ්‍ය අංශය)

  • මියන්මාර හමුදාව යළි බලය අල්ලයි

    මියන්මාර හමුදාව යළි බලය අල්ලයි

    මියන්මාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායිකා අවුන් සාන් සුකී ඇතුළු මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ හෙවත් පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් එරට හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

    ආණ්ඩුවේ ප‍්‍රධානීන් අත්අඩංගුවට ගැනීමෙන් පසු රටේ පාලන බලය සියතට ගත් බව මියන්මාර හමුදාව ප්‍රකාශ කර ඇති බවයි එම මාධ්‍ය වැඩි දුරටත් පවසන්නේ.

    මියන්මාරයේ පසුගිය මැතිවරණයෙන් පසු රජය සහ හමුදාව අතර ඇති වූ මතභේදාත්මක තත්ත්වය උත්සන්න වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම හමුදා කුමන්ත්‍රණය සිදුව ඇති බව සඳහන්.

    පසුගිය නොවැම්බර් මාසයේ පැවති මැතිවරණයෙන් අවුන් සාන් සූචීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගය ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රමාණවත් ජයග්‍රහණයක් ලැබූ නමුත් හමුදාව චෝදනා කරනුයේ පැවති මැතිවරණය වංචනික එකක් වූ බවයි. මියන්මාරයේ සේනාධිනායක මින් අවුන්ග් හේලින්ග්ට බලය පැවරීමට ක්‍රියා කරන බව හමුදාව පවසා ඇතැයි ද විදෙස් මාධ්‍ය කියනවා.

    හමුදා කුමන්ත‍්‍රණය රටවල් කිහිපයක් විසින් හෙළාදකී

    මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී බලහුවමාරුවට ඉඩ නොදෙන්නේ නම් එම පිරිස්වලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපදය අවධාරණය කරයි. ඉකුත් වසරේ පැවැති මහ මැතිවරණයෙන් මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී බලහුවමාරුවකට මාර්ගය නිර්මාණය කර තිබෙන අතර මැතිවරණ ප්‍රතිඵලයට විරුද්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලය හුවමාරු කිරීමේ ක්‍රියාවලියට බාධාවක් යැයි ද ඇමෙරිකාව ප්‍රකාශ කරයි.

    එලෙස බාධා කරන සහ ඊට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් සාකි සඳහන් කළාය.

    හමුදාව නැවත වරක් මියන්මාරයේ බලය අත්පත් කරගැනීම සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් බලා සිටින බවත් නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන ඇති නායකයන් කඩිනමින් නිදහස් කරන්නැයි අවධාරණය කරන බවත් ඔස්ට්‍රේලියානු රජය මියන්මාරයේ තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

    මේ අතර මියන්මාරයේ සිදුවීම් දෙස විමසිල්ලෙන් බලා සිටින බවත් එරට සිටින සිය ජාතිකයන් නැවත ගෙන්වා ගැනීම කෙරෙහි තවම අවධානය යොමු කර නැති බවත් ජපානය සඳහන් කළේය.