Category: සුපිරි News

  • කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ගැන අගමැතිගේ අවසන් තීන්දුව

    කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ගැන අගමැතිගේ අවසන් තීන්දුව

    කොළඹ වරායේ නැගෙනහිර ජැටිය අන් සතු කරන්නේ නැති බවත් එය සියයට 100ක්ම වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ආයතනයක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යන බව අග්‍රමාත්‍යවරයා අවධාරණය කරයි.

    අද (01) දහවල් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා සහ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකිමේ වෘත්තිය සමිති එකමුතුව සමග පැවැති සාකච්ඡාවේදී අගමැතිවරයා මේ බව අවධාරණය කළේය.

    මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් අගමැතිවරයා කියා සිටියේ වත්මන් රජයේ ප්‍රධානම ප්‍රතිපත්තිය වන දේශීය සම්පත් අලෙවි නොකිරීම බවත් එනිසා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිඳු රටකට අලෙවි කිරීම හෝ පාලනයට නොදෙන බවයි.

    අග්‍රාමාත්‍යවරයා ලබා දුන් තීන්දුවත් සමඟ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හෙට (02) දිනයේ සිට අත්හිටුවීමට ද වෘත්තීය සමිති එකමුතුව එකඟ විය.

  • වරාය නැගෙනහිර පර්යන්තය ගැන ‘අගමැතිගේ අලුත්ම ස්ථාවරය’

    වරාය නැගෙනහිර පර්යන්තය ගැන ‘අගමැතිගේ අලුත්ම ස්ථාවරය’

    ‘කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකුණන්නෙ හෝ බදු දෙන්නෙ නැතැයි‘ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (31) කාල්ටන් නිවසේ පැවැති හමුවකදී මාධ්‍ය වේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් පැවසීය.

    මෙහිදී අගමැතිවරයා මෙසේ ද අවධාරණය කළේය.

     ‘ඇත්ත වශයෙන්ම මේ සම්බන්ධයෙන් විපක්ෂයට චෝදනා කරන්න දෙයක් නැහැ. අපි ඒක කාටවත් දෙන්නෙත් නෑ. විකුණන්නෙත් නෑ. බදු දෙන්නෙත් නෑ. ඒක අපේ පාලනය යටතේ තියෙනවා. මම  හිතන්නෙ වෘත්තිය සමිතිත් ඒක දන්නවා. අපි බොහොම පැහැදිලිව වෘත්තිය සමිතිවලටත් කියන්නෙ දෙනවද කියලා අපි කිසි විටකෙ ඒ පිළිබඳව සාකච්ඡාවක්වත් කරලා නැහැ. ඒ නිසා ඒ පිළිබඳව ගැටලුවක් ඇතිවෙන්නෙ නැහැ. අපි කීයටවත් දෙන්නෙත් නැහැ.

    මෙතන කිසි ප්‍රශ්නයක් නැහැ. වැඩවර්ජන කරන්න දෙයක් නෑ. මට ඇවිල්ලා කිව්වා නම් මම ඇත්ත පැහැදිලි කරලා දෙනවා. කැබිනට් මණ්ඩලයේ ඉන්න වැඩි දෙනා ඉන්නෙ විකුණන්න ඕන නෑ කියන පදනමේ.ජනාධිපතිතුමත් ඒ මතයෙ හැර දේපල විකුණන මතයෙ නැහැ. දේපල විකුණන එක අපේ ප්‍රතිපත්තිය නෙමෙයි නේ. ඒක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය. ඉතිං එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියන්න නෙමෙයි අපට බලය දීලා තියෙන්නෙ. ඒක බොහොම පැහැදිලිව කියනවා යැයි අග්‍රාමාත්‍යවරයා සඳහන්  කළේය.

  • පෙබරවාරී 15 වන විට බස්නාහිර සියලු පාසල් යළි විවෘත කිරීමේ සූදානමක් ?

    පෙබරවාරී 15 වන විට බස්නාහිර සියලු පාසල් යළි විවෘත කිරීමේ සූදානමක් ?

    කොවිඞ්-19 වසංගත අවදානම නිසා වසාදමා ඇති බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි 15 වනදා වනවිට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

    ඊයේ (20) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡුාවකදී මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේ.

    ලබන 25 වැනිදා බස්නාහිර පළාතේ හුදකලා කර ඇති ප‍්‍රදේශවල හැර සෙසු ප‍්‍රදේශවල පාසල් 907ක සාමාන්‍ය පෙළ පන්ති ආරම්භ කිරීමට තීරණය කර ඇති බවත් සෙසු පන්ති ආරම්භ කිරීම පිළිබඳව තීරණය කිරීම සඳහා එක් එක් දිස්ත්‍රික්කවල දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, පළාත් පාලන ආයතන ප‍්‍රධානීන් ඇතුළු සියලු පාර්ශවවල අදහස් විමසා බැලීමෙන් අනතුරුව සෞඛ්‍ය බලධාරීන් සමග ද සාකච්ඡා කර ඔවුන්ගේ නිර්දේශ පෙබරවාරි 10 වනදා වනවිට ලබාගැනීමට ඊයේ (20) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී තීරණය වූ බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේ.

    නව පාසල් වාරය වෙනුවෙන් බස්නාහිර සහ හුදකලා කළ ප්‍රදේශ හැර අනෙකුත් සියලු ප්‍රදේශවල පාසල් අධ්‍යාපන කටයුතු සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යන බව අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

  • තෙල් සංස්ථාවට 2020දී ඩොලර් මිලියන 300ක වාසියක්

    තෙල් සංස්ථාවට 2020දී ඩොලර් මිලියන 300ක වාසියක්

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට 2020 වසර තුළ ඩොලර් මිලියන 300ක විදේශ විනිමය ඉතිරියක් සිදුවූ බව එහි සභාපති සුමිත් විජේසිංහ මහතා ( 19 ) කෝප් කමිටුවේදී පැවසීය.

    ඛනිජ තෙල් ගබඩා කිරීමට සහ බෙදාහැරීමට අදාල විශේෂ විගණන වාර්තාව පිලිබඳ සාකච්ඡා කිරීමට මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කොප් කම්ටුව  ඊයේ ( 19 ) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ලංකා ඛනිජ තෙල්නී තිගත සංස්ථාවේ සභාපතිවරයා අදහස් දක්වමින් මෙම තොරතුරු ප්‍රකාශ කළේය.

    විශේෂයෙන් පසුගිය වසර තුළ බොරතෙල් බැරලයක මිල පහළ යාම නිසාත් තවත් හේතු කිහිපයක් නිසාත්  මේ වාසිය ලබාගැනීමට හැකි වූ බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා මෙම තොරතුරු සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා බොරතෙල් මිල අඩු වීම නිසා පසුගිය වසර තුළ ලංකා ඛනිජ තේල් නීතිගත සංස්ථාවට ලැබුණු ලාබය පිළිබඳ  කොප් කමිටුවේදී කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.

    අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ,  පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වන පාඨලී චම්පික රණවක, අනුර කුමාර දිසානායක, නලීන් බණ්ඩාර,  එරාන් වික්‍රමරත්න, ප්‍රේම්නාත් සී. දොලවත්ත, එස්.එම්. මරික්කාර්, ශානක්‍යම් රාසමානික්‍කම්, යන මහත්වරු මීට සහභාගී වුහ. නිරීක්ෂක මන්ත්‍රීවරයෙකු ලෙස ඉසුරු දොඩන්ගොඩ මහතා ද මීට සහභාගී විය.

    ඒසේම වරාය පරිශ්‍රයේ සිට කොලොන්නාවට තෙල් ගෙනයන නල මාර්ගය පීළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එය  පිළිසකර කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවත් මේ නිසා මෙම නල මාර්ගයේ පවතින සෑම නිවෙස් අතුරින් අවශ්‍යතා සපුරන නිවෙස් සඳහා වෙනත් ස්ථානයකින් නව නිවෙසක්  ලබාදීමට කටයුතු ආරම්භකර ඇති බවද ලංකා ඛනිජ තේල් නීතිගත සංස්ථාවේ නිළධාරීහු  මෙහිදී අනාවරණය කළහ. විශේෂයෙන් මෙම සෑම පවුලකටම නිවසක් දීමේ අවශ්‍යතාවය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා මෙහිදී දීර්ඝව පෙන්වා දුණි.

    ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සහ හම්බන්තොට ප්‍රදේශයේ පවතින තෙල් ටැංකි ලංකා ඛනිජ තේල් නීතිගත සංස්ථාවේ අවශ්‍යතාවයන් සඳහා යොදාගැනීමේ හැකියාව පීළිබඳවද මෙහිදී කෝප් කමිටුවේ අවධානය යොමුවිය.

    ඉන්ධන ගබඩාකොට තැබීම ධාරිතාවය වර්ධනය කිරීමට මුතුරාජවෙල සහ කොලොන්නාව පර්යන්තවල කටයුතු ආරම්භ කොට ඇති බවද ලංකා ඛනිජ තේල් නීතිගත සංස්ථාවේ නිළධාරීහු මෙහිදී පැවසූහ. මෙම හැකියාවන් පිළිබඳ ඉක්මනින් ශක්‍යතා අධ්‍යනයක් සිදුකොට කෝප් කමිටුවට වාර්තාවක් ලබාදීමට කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී නිර්දේශ කළේය

    එසේම දුම්රිය මගින් තෙල් ප්‍රවාහනය ආරම්භ කිරීම පිළිබඳවත් කමිටුවේ අවදානය යොමු වූ අතර මේ වන විටත් සියයට තිස්ගණනක් දුම්රියෙන් තෙල් ප්‍රවාහනය සිදුවන බවත් එය 42% දක්වා ඉක්මනින් වැඩිකරන බවත් මෙහිදී නිලධාරීහු පැවසූහ. මෙම වැඩි වීම පිළිබඳ කෝප් කමිටුවේ ප්‍රසාදය ඵල විය.

  • Cabinet Decision – කැබිනට් තීන්දු

    Cabinet Decision – කැබිනට් තීන්දු

    කැබිනට් මණ්ඩලය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) රැස් වුණා. කොවිඩ් අවදානම නිසා මෙවර ද කැබිනට් මණ්ඩලය රැස් වුණේ ඔන්ලයින් තාක්ෂණය මගිනුයි.

    මෙවර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනා 12කට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (19) දින නිකුත් කළ නිවේදනයේ සදහන් වුණේ. ඒ අනුව කැබිනට් අනුමැතිය හිමි වූ යෝජනා කිහිපයක් පහත දැක්වෙනවා.

    කොවිඩ්-19 බලපෑමට ලක්වූවන්ට විදුලි හා ජල බිල්පත් ගෙවීමේදී සහන

    කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ හුදෙකලා කළ ප්‍රදේශවල විදුලි පාරිභෝගිකයින්ට, සිනමා ශාලාවලට සහ සංචාරක නවාතැන්පොළවලට විදුලි බිල්පත් ගෙවීමේදී සහනයක් ලබාදීමට ඊයේ (18) ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.
     
    සංචාරක කර්මාන්තයේ නියුතු ආයතන වෙත විදුලි බිල්පතට අමතරව ජල බිල්පත් ගෙවීම සඳහා ද සහන සලසා දීමට අනුමැතිය හිමිවීම විශේෂත්වයක්.

    විදුලිබල අමාත්‍යවරයා සහ සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනා සැලකිල්ලට ගෙනයි මෙම කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබෙන්නේ.

    අඛණ්ඩව දින 14කට වැඩි කාලයක් හුදකලා කර ඇති ප්‍රදේශවල ගෘහස්ථ, වාණිජ සහ කාර්මික විදුලි පාරිභෝගිකයින්ට එම කාල සීමාවට අදාළ විදුලි බිල්පත් ගෙවීම සඳහා බිල්පත් දිනයේ සිට මාස 06ක සහන කාලයක් ලබාදීමට සහ ජාතික චිත්‍රපටි සංස්ථාවේ ලියාපදිංචි සිනමා ශාලාවල 2020 මාර්තු මස සිට දෙසැම්බර් මස දක්වා වන විදුලි බිල්පත්, බිල්පත් දිනයේ සිට සමාන වාරික 12කින් ගෙවීම සඳහා අවස්ථාව සලසා දීමටත් සහ එතෙක් විදුලි සැපයුම විසන්ධි නොකිරීමටත් මෙහිදී තීරණය

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නවාතැන් පොළවල්වලට 2020 මාර්තු මස 01 දින සිට 2021 පෙබරවාරි මස 28 දින දක්වා එකතු වී ඇති විදුලි බිල්පත් සහ ජල බිල්පත් සමාන මාසික වාරික 12කින් නිරවුල් කිරීම සඳහා ද අවස්ථාව දී තිබෙනවා.

    පනත් කිහිපයක් සංශෝධනයට කිරීමට කැබිනට් අනුමැතිය

    මේ අතර වර්තමාන අවශ්‍යතාවන්ට අනුව ගැලපෙන අයුරින් පනත් සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව,

    1. ආගාමික හා විගාමික පනත. ( දැනට ක්‍රියාත්මකව පවතින1948 අංක 20 දරණ පනත  සහ ඊට අදාළ සංශෝධන පරිච්ඡින්න කර අලුතින් පනතක් හඳුන්වා දීම),  
    2. 2006 අංක 12 දරණ මුද්දර ගාස්තු ( විශේෂ විධිවිදාන) පවක 2011 අංක 13 දරණ  පළාත් සභා ( මුද්දර ගාස්තු මාරු කිරීමේ ) පනත.
    3. 2016 අංක 3 දරණ සේවකයින්ගේ අවම වේතනය පනත.
    4. 1999 අංක 46 දරණ ප්‍රජාපාදක විශෝධන පනත.
    5. දණ්ඩනිතී සංග්‍රහයේ 53 වැනි වගන්තිය. (බාල වයස්කරුවන්ට මරණ  දණ්ඩනය ලබාදීමට අදාළ විධිවිධාන ) 

    මෙම පනත් සංශෝධනය කිරීමට අදාළව අමාත්‍යමණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබු  යෝජනා , නිර්දේශ ලබා ගැනීම සඳහා ව්‍යවස්ථා කටයුතු  පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවට යොමු කිරීමෙන් අනතුරුව  එය සැළකිල්ලට ගිනිමින්  එම පනත් සංශෝධනය කිරීම සඳහා  නීති කෙටුම්පත්  සම්පාදකට උපදෙස්  ලබා දීමට අමාත්‍යමණ්ඩලය මෙසේ  අවසර ලබා දුන්නා.

    දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

    දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කර තොරතුරු ලබාගැනීමේ ජනාධිපති කොමිෂන් සභාව විසින් ගනු ලැබූ තීරණ හා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

    ජනපතිවරයා විසිනුයි කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ.

    නිලතල දැරූ රජයේ නිලධරයන්, රාජ්‍ය සංස්ථාවල සේවකයන්, සන්නද්ධ හමුදා සහ පොලිස් සේවයේ සාමාජිකයන් ආදීන්ට 2015 ජනවාරි මස 8 වැනි දින සිට 2019 නොවැම්බර් 16 වැනි දින දක්වා කාලසීමාවේදී සිදුවී ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්‍ෂා කර තොරතුරු ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත්කරනු ලැබිණි.

  • තෙල් සංස්ථාවේ නිලධාරීන් හෙට කෝප් කමිටුවට

    තෙල් සංස්ථාවේ නිලධාරීන් හෙට කෝප් කමිටුවට

    ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ගබඩාකිරීම සහ බෙදාහැරීමට අදාල විශේෂ විගණන වාර්තාව හෙට (19) කෝප් කමිටුවේදී සාකච්ඡාවට ගැනීමට නියමිතබව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

    මේ අනුව ලංකාවේ ඛනිජ තෙල ගබඩා කිරීම සහ බෙදාහැරීම පිළිබඳ ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන්  හෙට කෝප කමිටුවට පැමිණීමට නියමිත බව  ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    විශේෂයෙන කොවිඩ් 19  සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුව ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරමින් කෝප් කමිටුව මෙසේ රැස්වන බව මහාචාර්යවරයා සදහන් කළේය.

  • Covid-19 Today Hot: මරණ සංඛ්‍යාව 264ක් දක්වා ඉහළට

    Covid-19 Today Hot: මරණ සංඛ්‍යාව 264ක් දක්වා ඉහළට

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ්-19 ආසාදිත මරණ 08ක් අද දින(18) තහවුරු කරන ලද බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.

    මෙම මරණ 08ත් සමග මෙරට කොවිඞ්-19 ආසාදිතව මියගිය සමස්ත ගණන 264ක් බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ.

    මේ අතර අද (18) දින ප.ව 20.30ට රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ තවත් මාධ්‍ය නිවේදනයක සඳහන් වුණේ අද දිනය තුළ කොවිඞ්-19 නව ආසාදිතයින් 749 දෙනකු වාර්තා වූ බවයි. ඒ අනුව ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඞ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 49,274ක් බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ.

  • ‘ටියුෂන් පන්ති පැවැත්වීම ගැන’ නිල තීන්දුව

    ‘ටියුෂන් පන්ති පැවැත්වීම ගැන’ නිල තීන්දුව

    උපකාරක පන්ති සදහා දිස්ත්‍රික්ක හරහා පැමීණිමට අවසර ලබාදී නෑ. දිස්ත්‍රික්ක ඇතුලත ළමුන්ට හා ගරුවරුන්ට පමණයි උපකාරක පන්ති පවත්වාගෙන යා හැකි වන්නේ

    ජනවාරි මස 25 දින සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබාදී ඇති බවත්, බස්නාහිර පළාතේ උපකාරක පන්ති ආරම්භ කිරිම තවදුරටත් ප්‍රමාද වන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

    කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් දැනට නවතා දමා ඇති උපකාරක පන්ති පැවැත්වීමට
    අදාල චක්‍රලේඛණය (15) දින නිකුත් කළ බවත්, ජනවාරි මස 25 දින සිට උපකාරක
    පන්ති පැවැත්වීමට අවසර ලබාදී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල
    ගුණවර්ධන මහතා අද දින (16) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ප්‍රකාශ කරන ලදි.

    මේ පිළිබදව අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා – “ඊයේ (15) දිනයේ
    උපකාරක පන්ති පැවැත්විම උදෙසා අවශ්‍ය චක්‍රලේඛණය නිකුත් කරා. එම චක්‍ර ලේඛයට
    අනුව බස්නාහිර පළාතෙන් පිටත උපකාරක පන්ති පැවැත්වීම සදහා ජනවාරි මස 25 දින සිට
    අවසර ලබාදී තිබෙනවා.

    උපකාරක පන්තියකට සහභාගි කර ගත හැක්කේ ඉදගැනීමට තිබෙන පුටු ප්‍රමාණයෙන් සියයට 50 ක් සහ උපරිම සංඛ්‍යාව ළමුන් 100 ක් දක්වා පමණයි. මෙම උපකාරක පන්ති අ.පො.ස සාමාන්‍ය පෙළ සහ අ.පො.ස උසස් පෙළ සදහා පමණක් විවෘත කරන ලෙස
    අපි ඉල්ලා සිටිනවා. අනතුරුව රටේ පවතින තත්ත්වයත් සමග අනෙකුත් උපකාරක පන්ති
    විවෘත කළ හැකියි.

    උපකාරක පන්ති පවත්වාගෙන යා යුත්තේ කෙසේ ද, පැවැත්විය යුතු
    කාලය, පන්ති පිරිසිදු කිරිම යන ක්‍රියාවලින්ට අදාල මාර්ගෝපදේශ නිකුත් කර
    තිබෙනවා. ඒ සියළු දේ චක්‍රලේඛයේ අඩංගු කර තිබෙනවා.

    මෙම සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙස උපකාරක පන්ති පවත්වන ගුරු භවතුන්ගෙන් ඉල්ලා සිටිනවා. දැනටත්කො විඩ් රෝගීන් යම් යම් ස්ථාන වලින් වාර්තා වන අවස්ථාක තමයි මෙම අවස්ථාව ලබා දී තිබෙන්නේ. එබැවින් උපකාරක පන්ති වෛරසය පැතිරීමේ අවධානම් මධ්‍යස්ථානයක් නොවන ලෙසට කටයුතු කිරීම සියළු දෙනාගේ වගකීමක් වනවා. උපකාරක පන්ති සදහා දිස්ත්‍රික්ක හරහා පැමීණිමට අවසර ලබාදී නැහැ. එම දිස්ත්‍රික්ක ඇතුලත ළමුන්ට හා ගරුවරුන්ට පමණයි උපකාරක පන්ති පවත්වාගෙන යා හැකි වන්නේ.”

    බස්නාහිර පළාතේ උපකාරක පන්ති පැවැත්වීම තවදුරටත් ප්‍රමාද වන බවත්, බස්නාහිර
    පළාතේ පාසල් ආරම්භ කර සති දෙකකට පසු උපකාරක පන්ති ආරම්භ කිරීමට අවසර ලබාදීමට
    දැනට තීන්දු කර බවත්, මේ සියළු දේ තීරණය කිරීමේ  හැකියාව පවතින්නේ රටේ පවතින
    තත්ත්වයත් අනුව බවත් පැවැසු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යම් කිසි
    ප්‍රදේශයක් හුදෙකලා කර හෝ සංචරණය සීමා කොට තිබේ නම් එම පළාතේ තිබෙන උපකාරක
    පන්ති පැවැත්විය නොහැකි බව ද වැඩිදුරටත් පැවැසීය.

    ඊයේ දිනයේ දී කොවිඩ්-19 රෝගීන් 695 ක් සහ මරණ 02 ක් වාර්තා වු බවත්, රෝගීන්
    433 සුව වී රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බවත්, මේ වන විට රෝගීන් 8350 ක් රෝහල්වල
    සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ
    ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කරයි.

  • නව කොන්දේසි සමග එකඟ නොවන WhatsApps ගිණුම් ගැන අවසන් තීන්දුව

    නව කොන්දේසි සමග එකඟ නොවන WhatsApps ගිණුම් ගැන අවසන් තීන්දුව

    ජංගම දුරකථන පරිශීලකයන් අතර වඩාත් ප්‍රචලිත වට්සැප් සමාජ මාධ්‍ය යෙදුමෙහි කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව ලබන පෙබරවාරි 8 දා සිට වෙනස් කිරීමට සැලසුම්කොට තිබණත් මේ වනවිට එය මේ වසරේ මැයි මාසය දක්වා කල්ගොස් ඇතැයි වට්සැප් සමාගම නිවේදනය කොට ඇත.

    මේ සමගම වට්සැප් සමාගම තම පරිශීලකයන් වට්සැප් යෙදුම හරහා සිදුකරනු ලබන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම හා එම දත්ත වාණිජමය අරමුණු සදහා යොදාගැනීම මේ වසරේ මැයි මාසයෙන් පසු කාලයක් දක්වා කල්දමා ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ශ්‍රී ලාංකික වට්සැප් පරිශීලකයන් දැනුවත් කරමු.

    පෙබරවාරි 8 දා සිට ක්‍රියාත්මක වීමට තිබූ වට්සැප් නව කොන්දේසි සහ නව පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක වීම කල්යාම හේතුවෙන් නව කොන්දේසි සහ නව පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව හා එකග නොවුන පරිශීලකයන් හට මැයි මාසයෙන් පසු කාලයක් දක්වා තම ගිණුම් අහිමිවීමෙන් තොරව භාවිතා කිරීමේ හැකියාව ලැබෙන බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස පෙන්වා දෙමු.

  • Covid-19: මරණ 255 දක්වා සහ ආසාදිතයින් 47,810 දක්වා ඉහළට

    Covid-19: මරණ 255 දක්වා සහ ආසාදිතයින් 47,810 දක්වා ඉහළට

    කොවිඩ්-19 ආසාදනය වූ නව ආසාදිතයන් 683 දෙනෙකු අද (15) දින හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද දින පස්වරු 8.49 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

    අද දින හදුනාගත් ආසාදිතයින් පිරිස සමග අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 47,810 දක්වා ඉහළ ගිය බවයි එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වන්නේ.

    මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ තවත් මාධ්‍ය නිවේදනයක සදහන් වන්නේ කොවිඩ්-19 ආසාදනය වීමෙන් අද (15) දින පුද්ගලයින් සිවු දෙනකු මිය ගිය බවයි.
     
    ඒ අනුව කොවිඩ්-19 ආසාදනය වී මියගිය මුළු මරණ සංඛ්‍යාව 255ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
     
    මෙලෙස මියගොස් ඇත්තේ කිරිබත්ගොඩ, කොළඹ 10 , නාවලපිටිය සහ කොළඹ 15 යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මොවුන් වයස අවුරුදු 90, 60,78, සහ 75 යන වයස්වල පස්වන්න පුද්ගලයින් බවයි අදාළ නිවේදනයේ සදහන් වන්නේ.

  • අපනය ආදායම පහළට

    අපනය ආදායම පහළට

    2020 නොවැම්බර් මාසයේදී වෙළෙද හිගය 2019 වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව ඩොලර් මිලියන 198කින් අඩු වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (15) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    එහි දැක්වෙන්නේ 2019 නොවැම්බර් මාසයේදී වාර්තා වූ ඩොලර් මිලියන 762ක් වූ වෙළෙද හිගය 2020 නොවැම්බර් මාසයේදී ඩොලර් මිලියන 565ක් දක්වා ඩොලර් මිලියන 198කින් අඩුවිය.

    මේ සදහා හේතු වූයේ අපනයන ආදායම අභිබවා ආනයන වියදම් විශාල වශයෙන් අඩුවීම බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරන්නේ.

    අපනයන ඉපැයීම් පහත වැටීම හමුවේ  වුව ද, 2020 වසරේ නොවැම්බර් මාසයේ දී අඩු වෙළඳ හිඟයක් සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල සැලකිය යුතු වැඩි වීමක් ද ඇතුළු ව විදේශීය අංශයේ ධනාත්මක ප්‍රවණතා ගණනාවක් දක්නට ලැබිණි.

    අත්‍යවශ්‍ය නො වන ආනයන සඳහා වන සීමාවන් අඛණ්ඩ ව පවත්වා ගෙන යෑම සහ ගෝලීය වෙ‍ෙළඳපොළෙහි තෙල් මිල ගණන් අඩු මට්ටමක පැවතීම හේතුවෙන් භාණ්ඩ ආනයන අඛණ්ඩ ව පහත වැටුණි.

    කොවිඩ්-19 වසංගතයේ දෙවන රැල්ලත් සමඟ දේශීය නිෂ්පාදන ක්‍රියාවලියට ඇති වූ බාධා හේතුවෙන් පෙර මාසවලට සාපේක්ෂ ව නොවැම්බර් මාසයේ දී භාණ්ඩ අපනයනයේ සැලකිය යුතු අඩුවීමක් සිදු විය.

    විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ නොවැම්බර් මාසයේ දී ද අඛණ්ඩ වර්ධනයක් වාර්තා කළේ ය. මූල්‍ය ගිණුම සැලකීමේ දී, 2020 වසරේ නොවැම්බර් මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙ‍ෙළඳපොළෙහි සහ කොළඹ කොටස් වෙළෙඳපොළෙහි විදේශීය ආයෝජන සුළු ශුද්ධ ගෙවීම් වාර්තා කළේ ය.

    2020 වසරේ නොවැම්බර් මස අවසන් වන විට දළ නිල සංචිත මට්ටම එක්සත් ජනපද ඩොලර් බිලියන 5.6ක් වූ අතර, 2020 වසරේ නොවැම්බර් මාසය තුළ ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ ව සුළු වශයෙන් අවප්‍රමාණය විය.

  • Park & Ride බස් රථ සේවාව  ඇරඹේ

    Park & Ride බස් රථ සේවාව ඇරඹේ

    කොළඹ නගරය ආශ්‍රිත වාහන තදබදයට පිළියමක් ලෙස හඳුන්වා දෙන “Park & Ride” බස් රථ සේවාවේ පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් අද (15) පෙරවරුවේ ආරම්භ කෙරිණ.

    මෝටර් රථයෙන් සහ යතුරු පැදියෙන් ගමන් ගන්නා මගීන් සඳහා සුවපහසු, ආරක්ෂිත පොදු ප්‍රවාහන බස්රථ සේවාවක් සැපයීම මගින් කොළඹ සහ තදාසන්න නගර වලට ගමන් කරන වාහන සංඛ්‍යාව අඩු කිරීම මෙහි අරමුණයි. පරිසර දූෂණය, වැයවන කාලය සහ මගීන්ගේ මානසික පීඩනය අවම කිරීම ද අපේක්ෂා කෙරේ.

    ආසන ගණනට මගීන් රැගෙන යාමට සුඛෝපභෝගී බස්රථ පමණක් යොදා ගැනේ. අයකෙරෙන මුදල සාමාන්‍ය බස් රථ ගාස්තුව මෙන් දෙගුණයකි. නැවතුම්පොළ සීමිත සංඛ්‍යාවකින් පමණක් මගීන් නංවා ගැනීම, අඩු කාලයකින් ගමනාන්තය කරා ළඟාවීම, ආචාරශීලී, සුහදශීලී හා ආකර්ශණීය ප්‍රවාහන සේවාවක් සැලසීම, තාක්ෂණය උපයෝගී කරගෙන දිනපතා කෙරෙන පසුවිපරම සහ  Clock Wise  හා Anti Clock Wise ගමන් වර්ග දෙකක් ක්‍රියාත්මක වීම වැඩසටහනට අයත් වේ.

    මගීන්ට සිය මෝටර් රථය බහුවිධ මධ්‍යස්ථානයට අයත් රථ ගාලෙහි මුදල් ගෙවීමකින් තොරව නතර කර තැබීමට පහසුකම් සලසා තිබේ. වැඩසටහනෙහි ප්‍රගතිය සැලකිල්ලට ගෙන වාහන නවතා තැබීමේ ඉඩ පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ. පෙ.ව 06.00 සිට පෙ.ව 08.00 සහ ප.ව 04.00 සිට ප.ව 09.00 දක්වා විනාඩි 15 කට වරක් බස් රථ ධාවනය කරනු ලැබේ.

    පෙ.ව 08.00ත් ප.ව 04.00 ත් අතර කාලය තුළ බස් රථ ධාවනය වන්නේ විනාඩි 25කට වතාවකි.  දිනකට  ගමන් වාර 64ක් සිදු කෙරේ.

    වාහන නියාමන බස් රථ සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව පොදු ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක කරයි.

    ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව යන ආයතනවල දායකත්වය ද ඊට හිමි වේ.

    ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය සහ බස් රථ කාල සටහන පිළිබඳව තොරතුරු දැන ගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශය හඳුන්වා දී ඇති විශේෂ ඛේතය (APP) පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කෙරිණ.

    නව සේවාව සඳහා යොදවා ඇති බස් රථයක ගමන් කළ ජනාධිපතිතුමා එහි පහසුකම්  නිරීක්ෂණ කළේය.

    ඔරේන්ජ් සමාගම ව්‍යාපෘතියට සමගාමීව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ස්ථාපනය කළ ස්වයං අළෙවි හළ  (OREL UNMANNED STORE) ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණ.

    ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්වරු, රේඛීය අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    ( ඡායාරූප : ශාමික වක්වැල්ල – ජනාධිපති මාධ්‍ය අංශය)

  • නිරෝධානයේදී තෙවන පාර්ශ්වවලට ගසාකෑම්වලට යළි ඉඩ නෑ – යුධ හමුදාපති

    නිරෝධානයේදී තෙවන පාර්ශ්වවලට ගසාකෑම්වලට යළි ඉඩ නෑ – යුධ හමුදාපති

    නිරෝධායන ක්‍රියාවලිය ඉතා ඉහළ ප්‍රමිතියකින් හා විශ්වාසනීයව පවත්වාගෙන යාමට යුද හමුදාව කටයුතු කරන බැවින් ඒ සම්බන්ධයෙන් යුද හමුදාව ගොඩනගාගෙන ඇති ප්‍රතිරූපයට හානි කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. 

    විදේශීය රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් නිරෝධායන කටයුතු සඳහා හෝටල්වලට යොමුකිරීමේදී අයථා ලෙස මුදල් ලබාගන්නා තෙවන පාර්ශ්වකරුවන්ට ඒ සඳහා කිසිදු ඉඩක් නොතබන ලෙස නිරෝධායන කටයුතු සඳහා සම්බන්ධව සිටින හෝටල් හිමියන්ට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි. 

    කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී අද දින (13) හෝටල් හිමිකරුවන් සහ හෝටල් විධායක නිලධාරීන් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදී යුද හමුදාපතිවරයා මේ බව පැවසීය. 

    යුද හමුදාපතිවරයා පවසන්නේ කොවිඩ් -19 වෛරසයේ දෙවන රැල්ල පැතීරයෑමෙන් පසුව මෙවැනි වංචනික ක්‍රියාවන් සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි. 

    නිරෝධායන ක්‍රියාවලිය ඉතා ඉහළ ප්‍රමිතියකින් හා විශ්වාසනීයව පවත්වාගෙන යාමට යුද හමුදාව කටයුතු කරන බැවින් ඒ සම්බන්ධයෙන් යුද හමුදාව ගොඩනගාගෙන ඇති ප්‍රතිරූපයට හානි කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. 

    මෙරටට පැමිණ හෝටල්වල නිරෝධායනයට ලක්වන පුද්ගලයින්ට අවශ්‍ය පහසුකම් සාධාරණ මුදලකට ලබාදීම තම අරමුණ බව යුද හමුදාපතිවරයා පෙන්වා දෙයි. 

    විදෙස්වල සිට පැමිණෙන පුද්ගලයින් නිරෝධායන කටයුතු සඳහා හෝටල්වලට යොමුකිරීමේදි ඇතැම් වංචනික පුද්ගලයින් මුදල් ලබාගෙන තිබුණද එවැනි ක්‍රියාවන් සිදුවීමට ඇති ඉඩකඩ මේ වනවිට සම්පුර්ණයෙන්ම අවුරා තිබෙන බවද පැවසු ශවේන්ද්‍ර සිල්වා මහතා යම්කිසි හෝ ආකාරයකින් එවැනි ක්‍රියාවක් සිදුවූවහොත් ඒ පිළිබඳ වහාම යුද හමුදාවේ අවධානයට යොමුකරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි. 

  • ජපානය ශ්‍රී ලංකා සංචාරකයින්ට දොර වසයි

    ජපානය ශ්‍රී ලංකා සංචාරකයින්ට දොර වසයි

    ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ රටවල් 11ක සංචාරකයින්ට ජපානයට ඇතුළුවීම අද (14) සිට තහනම් කර තිබෙනවා. කොවිඩ් – 19 ව්‍යාප්තිය හමුවේ ජපාන අගමැතිවරයා විසින් එරට දේශසීමා ප්‍රතිපත්තිවල වෙනසක් ඇති කර ඇති අතර ඒ සමග ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ රටවල් 11ක වැසියන්ට ජපානයට ඇතුළුවීම අද (14) සිට තහනම් කර තිබෙනවා.

    කෙසේවුවද ව්‍යාපාරික සංචාරකයින් සඳහා ජනවාරි 31 දක්වා එම තහනම අදාළ නොවන බවයි ජපාන රජය පවසන්නේ.

    නව තීන්දුව අනුව ශ්‍රි ලංකාව, තායිවානය, තායිලන්තය, හොංකොං, සිංගප්පුරුව, මැලේසියාව, වියට්නාමය, දකුණු කොරියාව සහ චීනය ඇතුළු රටවල්වල ජනතාවට ජපානයට ඇතුළු වීම තහනම් වෙනවා.

    ජපානයේ ටෝකියෝ, ඕසාකා ඇතුළු නගර කිහිපයකට හදිසි තත්ත්වයන් ප්‍රකාශයට පත්කර ඇති අතර ඊයේ තවත් නගර කිහිපයක හදිසි තත්වයන් ප්‍රකාශ කිරීමට ජපන් රජය පියවර ගත්තා. ජපානයේ කොවිඩ් – 19 ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 03කට පමණ ආසන්න වී ඇති අතර 4,000කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා

  • ස්වයං දයානුකම්පාව සහ ආත්ම ගරුත්වය ගැන ‘සුපිරි හෙළිදරව්වක්’

    ස්වයං දයානුකම්පාව සහ ආත්ම ගරුත්වය ගැන ‘සුපිරි හෙළිදරව්වක්’

    ඔබ අසමත් වූ හෝ බරපතළ වැරැද්දක් කළ අවසන් අවස්ථාව ගැන නැවත සිතන්න. ඔබ තවමත් ලැජ්ජාවෙන් බොඳ වී, මෙතරම් මෝඩ හෝ ආත්මාර්ථකාමී වූ නිසා ඔබට බැණ වදිනවාද ? එම අසාර්ථකත්වය තුළ ඔබ තනිවම සිටින බවක් දැනෙනවාද ? එසේත් නැතිනම් එම දෝෂය මනුෂ්‍යයෙකුගේ කොටසක් බව ඔබ පිළිගෙන, ඔබ සමඟ ප්‍රවේශමෙන් හා මුදු මොළොක් ලෙස කතා කිරීමට උත්සාහ කරනවාද?

    බොහෝ මිනිසුන් සඳහා, වඩාත්ම දැඩි විනිශ්චය ප්‍රතිචාර වඩාත් ස්වාභාවිකය. ඇත්ත වශයෙන්ම, අපගේ අභිලාෂය හා අපගේ අධිෂ්ඨානය පිළිබඳ සංඥාවක් ලෙස අප කෙරෙහි දැඩි ලෙස කටයුතු කිරීම ගැන අපි ආඩම්බර විය හැකිය.

     නමුත් පර්යේෂණ මගින් පෙන්නුම් කරන්නේ ස්වයං විවේචනය බොහෝ විට නරක ලෙස පසුබසින බවයි. අපගේ අසතුටුදායක බව සහ ආතති මට්ටම ඉහළ නැංවීමට අමතරව, එය කල්දැමීම වැඩි කළ හැකි අතර අනාගතයේදී අපගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපට ඇති හැකියාව අඩු කරයි.

    අපට දඩුවම් කරනවා වෙනුවට, අප ස්වයං අනුකම්පාව දැක්විය යුතුය.

    මෙම පර්යේෂණයට පුරෝගාමී වූ ඔස්ටින්හි ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන ක්‍රිස්ටින් නෙෆ් පවසන්නේ “අපගෙන් බොහෝ දෙනෙකුට කොන්දේසි විරහිතව සහයෝගය දක්වන හොඳ මිතුරෙකු සිටින” බවයි. 

    “ආත්ම දයානුකම්පාව යනු ඔබටම උණුසුම්, සහායක මිතුරෙකු වීමට ඉගෙන ගැනීමයි.”

    ඔබ නරුමයෙක් නම්, ඔබට මුලින් එම අදහස ගැන කතා කළ හැකිය. විද්‍යාත්මක සාක්ෂි වලට අනුව එයට අපගේ චිත්තවේගීය ප්‍රත්‍යාස්ථතාව වැඩි කිරීමට සහ අපගේ සෞඛ්‍යය, යහපැවැත්ම සහ ඵලදායිතාව වැඩි දියුණු කළ හැකිය. වැදගත් වන්නේ, අපගේ කලබලයට හේතු වූ වැරදි වලින් ඉගෙන ගැනීමටද එය අපට උපකාර කරයි.අප සියල්ලන්ම වැරදි සිදු කළත්, ස්වයං-දයානුකම්පාව අපට සමාව දීමට සහ බලාපොරොත්තු සුන්වීම් සහ අපහසුතාවන්හිදී වඩා හොඳින් සැලකිලිමත් වීමට උපකාරී වේ (ණය: ඇලමි)

    අප සියල්ලන්ම වැරදි සිදු කළත්, ස්වයං-දයානුකම්පාව අපට සමාව දීමට සහ බලාපොරොත්තු සුන්වීම් සහ අපහසුතාවන්හිදී වඩා හොඳින් සැලකිලිමත් වීමට උපකාරී වේ

    ආත්ම ගරුත්වය මත නොව ආත්ම දයානුකම්පාව මත රඳා සිටීම

    නෙෆ්ගේ පර්යේෂණය පෞද්ගලික අර්බුදයකින් ආභාෂය ලැබීය. 90 දශකයේ අගභාගයේදී ඇය වේදනාකාරී දික්කසාදයකට මුහුණ දෙමින් සිටියාය. 

    “ඒක හරිම අවුල් සහගතයි. මම ගත් නරක තීරණ ගැන මට ලොකු ලැජ්ජාවක් දැනුණා” 

    ආතතිය සමඟ සාර්ථකව කටයුතු කළ හැකි ක්‍රමයක් සොයමින් ඇය ප්‍රාදේශීය බෞද්ධ මධ්‍යස්ථානයක භාවනා පන්ති සඳහා ලියාපදිංචි වූවාය. සිහිකල්පනාවෙන් ක්‍රියා කිරීම ඇත්තෙන්ම යම් සහනයක් ගෙන දුන් නමුත්, අනුකම්පාව පිළිබඳ ඔවුන්ගේ ඉගැන්වීම් (විශේෂයෙන්, එම කරුණාව අප වෙත යොමු කිරීමේ අවශ්‍යතාවය) විශාලතම සැනසීම ගෙන දුන්නේය. 

    “එය ක්ෂණික වෙනසක් ඇති කළා” කියා ඇය පවසයි.

    මතුපිටින්, ස්වයං-දයානුකම්පාව ‘ආත්ම-ගරුත්වය’ යන සංකල්පයට සමාන විය හැකි අතර, එය අප අපව කොතරම් අගය කරනවාද යන්න සහ අප අපව ධනාත්මකව දකිනවාද යන්න ගැන සැලකිලිමත් වේ. 

    ආත්ම අභිමානය මැනීම සඳහා ප්‍රශ්නාවලියක් මගින් සහභාගිවන්නන්ගෙන්, “මම වටිනා පුද්ගලයෙක්, අවම වශයෙන් අනෙක් අය සමඟ සමාන තලයක සිටිය යුතු යැයි මට හැඟේ” වැනි ප්‍රකාශයන් ඇගයීමට ලක් කරන්න.

    අවාසනාවකට මෙන්, මෙය බොහෝ විට තරඟකාරී හැඟීමක් ඇති කරවන අතර, එය පහසුවෙන් අසාර්ථක විය හැකි, බිද වැටෙන ආකාරයේ බිදෙනසුළු මත්ද්‍රව්‍යයකට හේතුවිය හැකිය. 

    “ආත්ම අභිමානය සාර්ථකත්වයට අඛණ්ඩව බලපාන අතර මිනිසුන් ඔබට කැමති වේ, එබැවින් එය එතරම් ස්ථාවර නොවේ. ඔබට එය හොඳ දවසක තිබිය හැකි නමුත් නරක දිනයකදී එය නැති කර ගත හැකිය” යනුවෙන් නෙෆ් පවසයි. 

    ඉහළ ආත්ම අභිමානයක් ඇති බොහෝ අය ඔවුන්ගේ විශ්වාසයට තර්ජනයක් වන විට අක්‍රමණය සහ හිරිහැර කිරීම පවා  කරති.

    පර්යේෂණය සොයා ගැනීම් පෙන්නුම් කරන්නේ ස්වයං විවේචනය බොහෝ විට නරක ලෙස පසුබෑමට ලක්වන බවයි

    ස්වයං-දයානුකම්පාව වර්ධනය කර ගැනීම, එම උගුල් වළක්වා ගැනීමට ඔබට උදව් විය හැකි අතර, එවිට ඔබට වේදනාවක්, ලැජ්ජාවක් හෝ ලැජ්ජාවක් දැනෙන විට ඔබම තෝරා ගත හැකිය. 

    එබැවින්, ගති ලක්ෂණ මැනීම සඳහා මනෝවිද්‍යාත්මක පරිමාණයක් සැලසුම් කිරීමට ඇය තීරණය කළ අතර, සහභාගිවන්නන්ට 1 (කිසි විටෙකත්) සිට 5 දක්වා (සෑම විටම පාහේ) පරිමාණයේ ප්‍රකාශ මාලාවක් ශ්‍රේණිගත කිරීමට සිදුවිය.

    • මට මානසික වේදනාවක් දැනෙන විට මා ගැනම ආදරය කිරීමට මම උත්සාහ කරමි
    • මගේ අසාර්ථකත්වය මානව තත්වයේ කොටසක් ලෙස දැකීමට මම උත්සාහ කරමි
    • වේදනාකාරී දෙයක් සිදු වූ විට, මම තත්වය පිළිබඳව සමබර දෘෂ්ටියක් ගැනීමට උත්සාහ කරමි

    සහ

    • මගේම අඩුපාඩු හා අඩුපාඩුකම් ගැන මම ප්‍රතික්ෂේප කරමි
    • මගේ අඩුපාඩුකම් ගැන සිතන විට, එය මට වඩා වෙනම හැඟීමක් ඇති කරවන අතර සෙසු ලෝකයෙන් කපා දමනු ඇත
    • මට අධෛර්යයට පත්වන විට, මම වැරදි සෑම දෙයක්ම නිරීක්ෂණය කිරීමට සහ නිවැරදි කිරීමට නැඹුරු වෙමි

    පළමු ප්‍රකාශ සමූහය සමඟ ඔබ වැඩි වැඩියෙන් එකඟ වන අතර දෙවන ප්‍රකාශය සමඟ ඔබ එකඟ වන තරමට ඔබේ ආත්ම දයානුකම්පාව වැඩි වේ.

    නෙෆ්ගේ පළමු අධ්‍යයනයන් මගින් මිනිසුන්ගේ සමස්ත මානසික සෞඛ්‍යය හා යහපැවැත්මට ස්වයං අනුකම්පාව සම්බන්ධ වන්නේ කෙසේදැයි සොයා බැලීය. සිය ගණනක් උපාධි අපේක්ෂකයින්ගෙන් ප්‍රශ්න කළ ඇය, මෙම ගති ලක්ෂණය මානසික අවපීඩනය හා කාංසාව පිළිබඳ වාර්තා සමඟ ඍණාත්මක ලෙස සම්බන්ධ වී ඇති බවත් සාමාන්‍ය ජීවිත තෘප්තිය සමඟ ධනාත්මකව සම්බන්ධ වී ඇති බවත් ඇය සොයා ගත්තාය. 

    වැදගත් වන්නේ, මෙම අධ්‍යයනයෙන් ස්වයං-දයානුකම්පාව ආත්ම-ගරුත්වයේ මිනුම්වලට වඩා වෙනස් බව තහවුරු කර ගැනීමයි. වෙනත් වචන වලින් කිවහොත්, ඔබට සාමාන්‍ය උසස් බවක් ඇති අයෙකු සිටිය හැකි අතර, කෙසේ වෙතත් වටහා ගත් අසාර්ථකත්වයන්ට සමාව දීම අසීරු විය හැකිය. (පරමාදර්ශීය සංයෝජනයෙන් ඈත් වී ඇත.)බොහෝ අය 'ස්වයං-දයානුකම්පාව' ඉටිපන්දම් දැල්වීම, භාවනා කිරීම හෝ 'ස්වයං රැකවරණය' පිළිබඳ වෙනත් අදහස් ලෙස සිතති, නමුත් ස්වයං-දයානුකම්පාව ගැඹුරට දිව යයි - සහ නරුමයන් පවා සැලකිලිමත් විය යුතුය (ණය: අලාමි)

    බොහෝ අය ‘ස්වයං-දයානුකම්පාව’ ඉටිපන්දම් දැල්වීම, භාවනා කිරීම හෝ ‘ස්වයං රැකවරණය’ පිළිබඳ වෙනත් අදහස් ලෙස සිතති, නමුත් ස්වයං-දයානුකම්පාව ගැඹුරට දිව යයි

    පිපෙන ක්ෂේත්‍රය

    පසුකාලීන පර්යේෂණ මගින් මෙම සොයාගැනීම් වඩාත් විවිධාකාර සාම්පල වලින් සනාථ කරන ලදී. උසස් පාසල් සිසුන්ගේ සිට සියදිවි නසාගැනීමේ අවදානමක් ඇති එක්සත් ජනපද ප්‍රවීනයන් දක්වා මේ සියල්ලම පෙන්නුම් කළේ ස්වයං-දයානුකම්පාව මානසික ප්‍රත්‍යාස්ථතාව වැඩි කරන බවයි. ඇත්ත වශයෙන්ම, ස්වයං-දයානුකම්පාව දැන් බොහෝ පර්යේෂකයන්ගේ උනන්දුව ආකර්ෂණය කර ගනිමින් පර්යේෂණ ක්ෂේත්‍රයක් බවට පත්ව ඇත.

    වඩාත්ම කුතුහලය දනවන ප්‍රතිඵල සමහරක් මිනිසුන්ගේ ශාරීරික සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන අතර, මෑත අධ්‍යයනයකින් පෙන්නුම් කළේ ඉහළ ස්වයං දයානුකම්පාව ඇති පුද්ගලයින් පිටුපස වේදනාව, හිසරදය, ඔක්කාරය හා ශ්වසන ආබාධ වැනි විවිධ රෝගාබාධ වාර්තා වීමට ඇති ඉඩකඩ අඩු බවයි. එක් පැහැදිලි කිරීමක් ‘නිශ්ශබ්ද ආතති ප්‍රතිචාරයක්‘ විය හැකිය. පෙර අධ්‍යයනයන්ගෙන් හෙළි වූයේ ස්වයං දයානුකම්පාව සාමාන්‍යෙයන් මානසික වේදානාවෙන් ඇතිවන දැවිල්ල අඩුකරන අතර දිගු කාලීනව අපගේ පටකවලට හානි කළ හැකි බවයි. නමුත් සෞඛ්‍ය ප්‍රතිලාභ ලැබිය හැක්කේ චර්යාත්මක වෙනස්කම් නිසා විය හැකිය.

    ස්වයං-දයානුකම්පාව ඉහළ මට්ටමක පවතින පුද්ගලයින් සාමාන්‍යයෙන් වඩාත් ක්‍රියාශීලී වේ – සාරා ඩූන්

    එක්සත් රාජධානියේ ඩර්බි විශ්ව විද්‍යාලයේ ස්වයං-දයානුකම්පාව සහ සෞඛ්‍ය සම්පන්න හැසිරීම් අතර ඇති සම්බන්ධය අධ්‍යයනය කළ මනෝ විද්‍යාඥයෙක් වන සාරා ඩූන් මෙසේ පවසයි.

    “ස්වයං-දයානුකම්පාව ඉහළ මට්ටමක සිටින පුද්ගලයින් සාමාන්‍යයෙන් වඩාත් ක්‍රියාශීලී වේ‘‘

    ඇය එය හොඳ දෙමව්පියන්ගේ උපදෙස් සමඟ සංසන්දනය කරයි. 

    “ඔවුන් ඔබට කියනු ඇත්තේ ඔබ නින්දට යා යුතු බවත්, වේලාසනින් අවදි වී ඔබේ ගැටලු විසඳා ගත යුතු බවත්ය. ඒ හා සමානව, ඉහළ ආත්ම දයානුකම්පාවක් ඇති අයෙකු දන්නවා, තමන්ට කාරුණිකව සැලකිය හැකි බව.

    මෙය ඉතා වැදගත් කරුණක් බව නෙෆ් පවසයි. ඇගේ කෘතිය පිළිබඳ සමහර මුල් විවේචකයින් කල්පනා කර තිබුණේ ස්වයං අනුකම්පාව හුදෙක් කම්මැලි හැසිරීමට සහ අඩු අධිෂ්ඨාන ශක්තියට හේතු වේද යන්නයි. 

    ඔවුන්ගේ මතය අනුව, අපගේ ජීවිතයේ වැදගත් වෙනස්කම් කිරීමට අපව පොළඹවා ගැනීමට අපට ස්වයං විවේචනයක් අවශ්‍ය වේ. මෙම අදහසට එරෙහි සාක්ෂි ලෙස, ඇය 2012 සිට කරන ලද පර්යේෂණයකට යොමු කර ඇති අතර, ඉහළ ආත්ම දයානුකම්පාව ඇති පුද්ගලයින් ඔවුන්ගේ වැරදි නිවැරදි කිරීමට වැඩි පෙළඹවීමක් පෙන්නුම් කරන බව සොයා ගෙන ඇත.  

    නිදසුනක් වශයෙන්, වැදගත් පරීක්ෂණයකින් අසමත් වීමෙන් පසු ඔවුන් වඩාත් වෙහෙස මහන්සි වී වැඩ කළ අතර, මිතුරෙකුගේ විශ්වාසය පාවාදීම වැනි සදාචාරාත්මක උල්ලංඝනය කිරීමක් සඳහා වඩාත් අධිෂ්ඨාන කරගෙන සිටියහ. 

    ස්වයං-දයානුකම්පාව, ආරක්ෂාව පිළිබඳ හැඟීමක් ඇති කළ හැකි අතර, එය අපගේ දුර්වලතාවයන්ට මුහුණ දීමට සහ අපගේ ජීවිතවල ධනාත්මක වෙනස්කම් ඇති කිරීමට ඉඩ සලසයි. වැරදි සිදු කිරීමෙන් පසු, බොහෝ දෙනෙක් ස්වයං විවේචනාත්මක ප්‍රතිචාර වෙත යොමුවෙති, නමුත් පර්යේෂණවලින් පෙනී යන්නේ ඔබ ටිකක් අඩුවෙන් කැපීම ඔරොත්තු දීමේ යතුර විය හැකි බවයි (ණය: ඇලමි)

    වැරදි සිදු කිරීමෙන් පසු, බොහෝ දෙනෙක් ස්වයං විවේචනාත්මක ප්‍රතිචාර වෙත යොමුවෙති.

    වේගවත් මැදිහත්වීම්

    මෙම ප්‍රතිලාභ වලින් සමහරක් ලබා ගැනීමට ඔබ කැමති නම්,  ස්වයං අනුකම්පාව පුහුණු කළ හැකි බවට නෙෆ්ගේ පර්යේෂණ කණ්ඩායම සහ තවත් බොහෝ අයගෙන් දැන් ඕනෑ තරම් සාක්ෂි තිබේ. ජනප්‍රිය මැදිහත්වීම් අතරට “ප්‍රේමනීය කරුණාවන්ත භාවනාව” ඇතුළත් වන අතර, එය ඔබට සහ අන් අයට සමාව හා උණුසුම පිළිබඳ හැඟීම් කෙරෙහි අවධානය යොමු කිරීමට මඟ පෙන්වයි.

    මෑතකදී ස්විට්සර්ලන්තයේ බර්න් විශ්ව විද්යාලයේ තෝබියස් ක්‍රිගර් සහ සගයන් ස්වයං-විවේචනයක් හා එහි විපාක හේතු ගැන වැඩි න්‍යායික පාඩම් සමග එක් වී මෙම අභ්‍යාස ඉගැන්වීමට අන්තර්ජාල පාඨමාලාව නිර්මාණය කර ඇත. සැසි හතකට පසුව, සහභාගිවන්නන්ගේ ස්වයං-දයානුකම්පිත ලකුණු වල සැලකිය යුතු වැඩි වීමක් දක්නට ලැබුණි. 

    ක්‍රිගර් මෙසේ පවසයි. “අපි බොහෝ ප්‍රතිඵ ල මැන බැලුවෙමු. ඒ සියල්ල අපේක්ෂිත දිශාවට ගමන් කළේය”

    ආදරණීය මිතුරෙකුගේ දෘෂ්ටිකෝණයෙන් ලිපියක් රචනා කිරීම වැනි ලිඛිත මැදිහත්වීම් ද සැලකිය යුතු උත්තේජනයක් ලබා දිය හැකි බව නෙෆ් පවසයි. 

    බොහෝ මිනිසුන් සඳහා, ස්වයං විවේචනයේ පුරුද්ද අළුත්වැඩියා කළ නොහැකි තරමට ගැඹුරින් මුල් බැස ඇති බවක් නොපෙනේ. (නෙෆ්ගේ වෙබ් අඩවියට මෙය ඇතුළත්  කළ හැකි ක්‍රම සහ ප්‍රේමනීය කරුණාව මෙනෙහි කිරීම පිළිබඳ සවිස්තරාත්මක මාර්ගෝපදේශ ඇතුළත් වේ .)

    වසංගතය අතරතුර මෙම ශිල්පීය ක්‍රම කෙරෙහි වැඩි උනන්දුවක් ඇති බව නෙෆ් පවසයි. 

    අප බොහෝ දෙනෙකුට, හුදකලා වීමේ, දුරස්ථ වැඩ කිරීමේ සහ අප ආදරය කරන අයව රැකබලා ගැනීමේ අරගලයන් ස්වයං විවේචනයට හා සැකයට පරිපූර්ණ අභිජනන භූමියක් ලබා දී ඇත. අපට එම ආතතීන් තුරන් කළ නොහැකි වුවද, අවම වශයෙන් අප අප දෙස බලන ආකාරය වෙනස් කළ හැකි අතර, අභියෝගයන්ට මුහුණ දීමට අපට ඔරොත්තු දීමේ හැකියාව ලබා දෙයි.

    වෙන කවරදාකටත් වඩා, ආත්ම දයානුකම්පාව සහ ස්වයං රැකවරණය දුර්වලකමේ සලකුණක් ලෙස දැකීම අප විසින් නතර කළ යුතු බව නෙෆ් පවසයි. 

    “මේ මොහොතේ පර්යේෂණයන් අතිමහත්ය, එයින් පෙන්නුම් කරන්නේ ජීවිතය දුෂ්කර වූ විට ඔබට ස්වයං දයානුකම්පිත වීමට අවශ්‍ය බවයි. එය ඔබව ශක්තිමත් කරයි. ”

    බී.බී.සී. වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • අහඹු PCR පරීක්ෂණ වලට කණ්ඩායම් යොදවයි

    අහඹු PCR පරීක්ෂණ වලට කණ්ඩායම් යොදවයි

    කොවිඩ් වෛරසයේ ආරම්භයේ සිට මේ දක්වා මෙරට සිදු කර ඇති මුළු PCR පරීක්ෂණ ප්‍රමාණය 1,427,366 ක්.

    උත්සව සමයේ නෑදැ ගමන්, විනෝද චාරිකා යන පිරිස්ගේ අහඹු පරීක්ෂණ කිරීමට විශේෂ කණ්ඩායම් යොදවා ඇති බවත්, කොවිඩ් වසංගතයේ ආරම්භයේ සිට ඊයේ (12) දින වන තෙක් පී.සී.ආර් පරීක්ෂණ 1,427,366 ප්‍රමාණයක් සිදු කර ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. අද දින (13) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ප්‍රකාශයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසීය.

    තෛයිපොංගල් උත්සවය සමග දීර්ඝ නිවාඩුවක් වන බැවින් නිවෙස්වලටම වී තෛපොංගල් උත්සවයත් අනෙක් උත්සව සැමරූ අයුරින් සමරන ලෙසත්, කොවිල් වැනි ස්ථාන වලට ඒකරාශී නොවන ලෙසත් උපදෙස් ලබාදෙන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා උත්සව සමයේ නෑදැ ගමන්, විනෝද චාරිකා සහ ගම්බිමි බලා යෑමට ජනතාව සැළසුම් කොට ඇති බැවින් එසේ යන පිරිස්ගේ අහඹු පරික්ෂණ සිදු කිරීමට කොළඹින් ස්ථාන  11 ක කණ්ඩායම් යොදවා ඇති බවත්, පැය 24 පුරාම මෙම කණ්ඩායම් යෙදවීමට ඉඩකඩ තිබෙන බවත් පැවැසීය.

    ඊයේ දින (12) රාත්‍රීයේ කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් දුර ගමන් සේවා බස් රථ ආශ්‍රිතව සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 100 ක් තුලින් කොවිඩ් වෛරසය ආසාදිතයින් 02 ක් හදුනා ගැනීමට හැකි වූ බවත්, අද දිනයෙත් (13) කොළඹින් පිටවන ස්ථාන 11 ක රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට කටයුතු යොදා තිබෙන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය  අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.