Category: සුපිරි News

  • යුද්ධ හමුදාව වගා කළ පාරම්පරික සහල් යුද්ධ හමුදාවම බෙදා ගනී

    යුද්ධ හමුදාව වගා කළ පාරම්පරික සහල් යුද්ධ හමුදාවම බෙදා ගනී

    යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව දියත් කරනු ලබන ‘තුරු මිතුරු – නව රටක්’ හරිත ව්‍යාපෘතියට සමගාමීව පුරන් වූ කුඹුරු අස්වද්දා දිවයින සහල්වලින් ස්වයංපෝෂිත කිරීමේ කාර්යභාර්ය යථාර්තයක් බවට පත් කරමින් යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් යුද්ධ හමුදා ගොවිපලවල පුරන් වූ කුඹුරු යළි අස්වද්දා ලබාගත් සහල් තොග සහනදායි මිල ගණන් යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් අතර බෙදාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත.

    ඒ අනුව, 2019 ‘මහ’ කන්නයේ සහ 2020 ‘යල’ කන්නයේ දී ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයට යාබදව පිහිටි පුරන්වූ කුඹූරු සහ යුද්ධ හමුදා ගොවිපල වලට අයත් කුඹුරුවල ‘සුවඳැල්’ සහ ‘කළුහීනටි’ ආදී වී ප්‍රභේදයන් වපූරා පළිබෝධනාශක සහ රසායනික ද්‍රව්‍ය අවම වශයෙන් භාවිත කර නෙළාගත්තා වූ අස්වැන්න මෙලෙස යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ලබාදීම සිදුකෙරේ.

    මෙලෙස නෙළාගත් විෂ රසායනික ද්‍රව්‍ය රහිත සහල් තොග ආරක්‍ෂක සේනා මූලස්ථාන, පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථාන සහ කැන්දලන්ද, මැනිං ටවුන්, රුක්මල්ගම, පානළුව, ජාවත්ත සහ වත්තල ප්‍රදේශයන්හී පිහිටි යුද්ධ හමුදා සේවා වනිතා ඒකක යටතේ පවත්වාගෙන යනු ලබන සුභ සාධක වෙළඳසැල්හී අලෙවි කිරීම යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි සිදුකෙරෙණු ඇත.

    ඒ අනුව, යුද්ධ හමුදා දිනයට පෙර දින (9), යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මියගේ උපදෙස් මත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් පවත්වාගෙන යනු ලබන සුභසාධන වෙළඳසැල් අතර බෙදා හැරීම සඳහා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් කන්දනආරච්චි විසින් මෙම සහල් කිලෝ 25,000 ක් යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙත ලබාදුන්නේය.

    කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී වූ කන්දකඩු 6 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් නිශාන්ත මුත්තන්ත්‍රිගේ විසින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය යටතේ ස්ථාපිත සුභසාධන වෙළඳසැල් මගින් සහනදායි මිල ගණන් යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් අලෙවි කිරීමට මෙම සහල් තොගය සේවා වනිතා ඒකකයේ කර්නල් සුමේද බාලසුරිය සහ කර්නල් අරුණ විජේකෝන් වෙත නිල වශයෙන් භාරදුන්නේය.

  • සංචාරය කිරීමට හොඳම රටවල් අතර ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට

    සංචාරය කිරීමට හොඳම රටවල් අතර ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට

    2020 වසරේදී සංචාරය කිරීමට හොඳම රටවල් අතුරින් දෙවැනි ස්ථානට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

    ඇමෙරිකා එක්සත් ජනපදය මූලස්ථානය කරගත් Advance Publication නම් ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන “Conde Nast Traveler” නම් සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධ තොරතුරු ගෙන එන සඟරාවේ පාඨකයන් විසිනුයි මේ නම් කිරීම කර තිබෙන්නේ.

    ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, තේ වතු සහ ප්‍රියකරු මුහුදු වෙරළ “Conde Nast Traveler” සඟරාව විශේෂයෙන් ඉස්මතු කර තිබෙනවා.

    මෙහි ප්‍රථම ස්ථානය දිනාගෙන තිබෙන්නේ ඉතාලියයි.

    ඔක්තෝබර් මාසයේදී ප්‍රකාශයට පත් කර ඇති එම සඟරාවේ “Reader’s Choice Awards” නම් පාඨකයින්ගේ ප්‍රසාද ලකුණු 94.05ක් හිමිකර ගනිමින් පළමු ස්ථානයට පත්වීමට ඉතාලියට හැකි වූ අතර ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 93.96ක් හිමිවී තිබෙනවා.

    පෘතුගාලය තෙවන ස්ථානය ද, ජපානය සිවුවන ස්ථානයද ග්‍රීසිය, තායිලන්තය සහ දකුණු අප්‍රිකාව පාඨක කැමැත්ත අනුව පිළිවෙලින් අනෙකුත් ස්ථාන හිමිකරගෙන තිබෙනවා.

  • කොළඹ ජාතික රෝහලෙන් විශේෂ නිවේදනයක්

    කොළඹ ජාතික රෝහලෙන් විශේෂ නිවේදනයක්

    දැනට පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට පැමිණෙන රෝගී ජනතාව සීමා කිරීමට තීරණය කර ඇත.

    ඒ අනුව කොළඹ ජාතික රෝහලේ සායනවලින් ඖෂධ ලබා ගන්නා රෝගීන් පහත සඳහන් දුරකථන අංක අමතා අදාළ සායන හා සම්බන්ධ වී සේවාවන් ලබා ගන්නා ලෙස රෝහල් අධ්‍යක්ෂ ඉල්ලා සිටි.

    (එම විස්තර පහතින්)

  • කටුනායකට ඇඳිරිනීතිය; වෙළෙඳ කලාපයේ කොවිඩ් ආසාදිතයින් ගණන 72ක් දක්වා ඉහළට

    කටුනායකට ඇඳිරිනීතිය; වෙළෙඳ කලාපයේ කොවිඩ් ආසාදිතයින් ගණන 72ක් දක්වා ඉහළට

    හෙට (15) උදෑසන 5 සිට යළි දැනුම්දෙනතුරු කටුනායක පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර තිබේ.

    ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19ක් සඳහා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    කටුනායක ආයෝජන කලාපයේ සේවක සේවිකාවන්ට සිය ආයතනික හැඳුනුම්පත ඇඳිරිනීති බලපත්‍රය ලෙස භාවිතා කළ හැකිය.

    මේ අතර කටුනායක වෙළෙඳ කලාපයෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් ගණන 72ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    එම කලාපයෙන් පළමු ආසාදිතයා හමුවුයේ ඔක්තෝබර් 10 වැනිදාය.

    අද හඳුනාගත් කාන්තාව අලුත්ගම ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර සිටියදී කළුතර මහ රෝහලේ දී සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකින් ඇයට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

    ඒ අනුව ඇයව වැලිකන්ද කොවිඩ් ප්‍රතිකාර රෝහල වෙත අද යොමු කර තිබේ.

  • මතුගම අධිවේගයේ බස් රථ රියදුරෙකුට සහ කොන්දොස්තර ඇතුළු පිරිසකට කොරෝනා

    මතුගම අධිවේගයේ බස් රථ රියදුරෙකුට සහ කොන්දොස්තර ඇතුළු පිරිසකට කොරෝනා

    මතුගම ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙක් හඳුනාගෙන ඇතැයි මතුගම පවුල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී. ලයනල් මහතා පවසයි.

    මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත්තේ, මතුගම – කොළඹ අධිවේගී මාර්ගයේ ධාවනය වු සුඛෝපභෝගී බස් රථයක රියදුරු, කොන්දොස්තර මහතා හා එම බස් රථයේ හිමිකරුය.

    බස් රථ රියදුරු මතුගම නවුන්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, කොන්දොස්තර මතුගම බදුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    බස්රථයේ හිමිකරු මතුගම ඕවිටිගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී. ලයනල් මහතා වැඩිදුරටත් පැවසීය.

    එම පුද්ගලයින් තිදෙනාම කළුතර නාගොඩ රෝහලෙන් පසුගිය දා ස්වකැමැත්තෙන් පීසීආර් පරීක්ෂණ සිදුකර ඇති අතර ඒ අනුව ඔවුන් ආසාදිතයින් බවට ඊයේ (13) රාත්‍රීයේ තහවුරු වී තිබේ.

    “කළුතර මහරෝහලේ පීසීආර් කිරීමෙන් පසුව කොවිඩ් 19 ආසාදිත බවට රෝගීන් තිදෙනෙකු මතුගම සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසයේ, බදුගම, ඕවිටිගම සහ යටගල යන ප්‍රදේශවලින් ඊයේ මධ්‍යම රාත්‍රියෙන් වාර්තා වුණා. එතැන් සිට මතුගම ප්‍රාදේශීය සභාව, පොලීසිය හා මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය සම්බන්ධ කරගනිමින් අවශ්‍ය නිරෝධායන කටයුතු සිදුකරමින් පවතිනවා. මෙම තිදෙනා මතුගම – කොළඹ වායුසමීකරණය කරන ලද බස් රථයක රියදුරු, කොන්දොස්තර සහ හිමිකරුවන් වෙනවා. මෙම බස් රථය කොළඹ සේවය කරන රෝහල් කාර්ය මණ්ඩලය, රාජ්‍ය සේවකයින්, ව්‍යපාරිකයින් හා පොදු මහජනතාව ගමන් කර තිබෙනවා. ඒ අය සොයා විමර්ශන කටයුතු කරමින් සිටිනවා. තවද එම ආශ්‍රිතයින්ගේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි. එම බස්රථයේ ගමන් කළ බොහෝ පිරිසක් මේ වන විට හඳුනා ගෙන තිබෙනවා.“

    එමෙන්ම මෙම බස් රථයේ ගමන් කළ බව පැවසෙන කොළඹ ජාතික රෝහලේ සේවයේ නියුතු මතුගම වල්ලාවිට ප්‍රදේශයේ පදිංචි හෙදියක්ට ද කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

    මෙලෙස ආසාදිතයින් හමුවීමත් සමග පුද්ගලික බස් නැවතුම්පොළ අසල ඇති වෙළෙඳසැල් දින 14 ක කාලයක් වසා දැමීමට වෙළෙන්ඳන් කටයුතු කර තිබේ.

    -දෙරණ-

  • නිරෝධායනයට ගිය පිරිසකගේ නිවස සොරු කඩලා

    නිරෝධායනයට ගිය පිරිසකගේ නිවස සොරු කඩලා

    නිරෝධායනය මධ්‍යස්ථානයක් වෙත යොමු කර සිටි පිරිසකගේ නිවසකට රාත්‍රී කාලයේ සොරුන් පිරිසක් ඇතුළු වී ඇති පුවතක් නාරම්මල, මැටිවලගෙදර ප්‍රදේශයෙන් වාර්තා වේ.

    ඉකුත් 5 වන දින කොවිඩ් ආසාදනය වු බවට සැකපිට 42 හැවිරිදි කාන්තාවක් හඳුනා ගෙන ඇති අතර, ඒ අනුව ඇයගේ පවුලේ ඥාතීන් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් තිබේ.

    ඊයේ (13) රාත්‍රී කාලයේ දී සුනඛයන්ගේ කෑ ගසන හඬක් ඇසීමත් සමග ප්‍රදේශවාසීන් ඒ පිළිබඳව සොයා බැලීමේ දී නිවසේ පිටුපස දොර කඩා සොරුන් නිවසට ඇතුළු වී ඇති බවට අනාවරණය වී ඇත.

    නාරම්මල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    -අද දෙරණ-

  • Covid-19 Today Hot: ලංකාවේ ආසාදිතයින් ගණන 5000 පනී

    Covid-19 Today Hot: ලංකාවේ ආසාදිතයින් ගණන 5000 පනී

    ශ්‍රී ලංකාවේ දී මෙතක් වාර්තා වී ඇති කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව අද (13) දිනය අවසන් වන විට 5,038ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ වන විට 1,697 දෙනකු තවමත් ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් -19 ආසාදිතයින් 3,328  සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

    මේ අතර අද (13) සවස 20.50ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වූයේ අද දිනය තුළ නව කොරෝනා වෛරස් ආසාදිතයින් 145 දෙනකු වාර්තා වූ බවයි. මෙම පිරිසෙන් 48 දෙනකු මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ සේවය කළ සේවක සේවිකාවන් අතරින් ද 97 දෙනකු ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් බව ද එම වාර්තා වේ වැඩි දුරටත් සදහන් වේ. සමස්තයක් ලෙස මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව අද දිනය අවසන් වන විට 1446ක් දක්වා වර්ධනය වූ බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

  • නිමි ඇඳුම් කර්මාන්ත ශාලා හිමියන්ගේ ගැටළු විසදීමට විශේෂ සාකච්ඡාවක්

    නිමි ඇඳුම් කර්මාන්ත ශාලා හිමියන්ගේ ගැටළු විසදීමට විශේෂ සාකච්ඡාවක්

    දැනට පවතින කොවිඩ්- 19 රෝගී තත්ත්වය හේතුවෙන් අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම හා කටුනායක වෙළෙද කළාප සහ දිවයින පුරා තිබෙන නිමි ඇඳුම් කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමේ දී උද්ගත වී ඇති ගැටළු වලට විසදුම් ලබාදීමේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිබදව නිමි ඇදුම් කර්මාන්ත ශාලා හිමියන් සහ පරිපාලනය දැනුවත් කිරීමට හා ඔවුන්ගේ ගැටළු වලට පිළියම් යෙදීමට විශේෂ සාකච්ඡාවක් අද දින (13) රාජගිරිය කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී පැවැත්විනි.

    මෙම සාකච්ඡාවේ දී අනාවරණය වූ කරුණු අනුව නිමි ඇඳුම් කර්මාන්ත ශාලා තුල සේවයේ නියුතු කාර්ය මණ්ඩල නවාතැන් ගෙන සිටින ස්ථාන පිළිබදව විශේෂ සැළකිල්ලක් දැක්විය යුතු බව අවධාරණය කරන ලදි. එමෙන්ම  මේ වනවිටත් සෞඛ්‍ය අංශ වලින් ලබාදී ඇති මුව ආවරණ පැළැදීම, එකිනෙකා අතර දුරස්ථභාවය තබා ගැනීම, දිනකට තෙවරක් ශරීර උෂ්ණත්වය මැන බැලීම මූලිකවම සිදු කළ යුතු බවට උපදෙස් ලබාදෙන ලදි. යමි සේවකයෙකු උණ තත්ත්වයකින් හෝ වෙනයම් ආසාත්මිකතාවයකින් පසු වුවහොත් ආසන්නතම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් සෞඛ්‍ය උපදෙස් ලබාගැනීමට කටයුතු කරන ලෙස ද දැනුවත් කරන ලදි. එමෙන්ම සති දෙකකට වරක් සේවකයින්  PCR පරීක්ෂණයට ලක් කිරීමට කටයුතු කරන ලෙසත්, සෑම සේවකයෙකුගේම ස්ථීර ලිපිනය ලබාගැනීමට කටයුතු කරන ලෙසත් නිමි ඇඳුම් කර්මාන්ත ශාලා හිමියන් සහ පරිපාලනය දැනුුවත් කිරීමට මෙහිදී පියවර ගන්නා ලදි. එමෙන්ම පවතින කොවිඩ් -19 රෝගී තත්ත්වය හමුවේ නිමි ඇදුම් කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට අදාලවම විශේෂිත වූ මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් සැකසීමට ද මෙහිදී තීරණය කරන ලදි.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, කොව්ඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතාවැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එස්.ශ්‍රීධරන් මහතා,  නිමි ඇදුම් කර්මාන්ත ශාලා හිමියන් සහ එම කර්මාන්ත ශාලා පරිපාලනය කරනු ලබන නිලධාරීන් පිරිස් සහභාගි වූහ. 

  • අත්‍යාවශ්‍ය භාණ්ඩ බදු ඉවතට

    අත්‍යාවශ්‍ය භාණ්ඩ බදු ඉවතට

    වත්මන් ජීවන වියදම සහ කොවිඩ් -19 ආශ්‍රිත දුෂ්කරතා සැලකිල්ලට ගෙන රජය විසින් පරිප්පු, ටින් මාළු, බී ලූණු සහ සීනි යන අත්‍යාවශ්‍ය භාණ්ඩවල ආනයනික බදු ඉවත් කර තිබේ.

    බදු ඉවත් කිරීම නිසා අද රාත්‍රී සිට ටින් මාළු (ලොකු) රුපියල් 200කට, බී ලූණු කිලෝව රුපියල් 100කට සහ සීනි කිලෝව රුපියල් 85කට මිලට ගැනීමට හැකිවනු ඇත.

    මේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළුව රුපියල් 500කට වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ සතොසෙන් මිලදී ගන්නා විට පරිප්පු කිලෝව රුපියල් 150කට මිලට ගැනීමට විධිවිධාන සලසා තිබේ.

    පොල් සංවර්ධන මණ්ඩලය, කුරුණෑගල වැවිලි සමාගම සහ හලාවත වැවිලි සමාගම කොළඹ නගරයට පොල් සැපයුම වැඩි කර ඇත. එබැවින් පාරිභෝගිකයාට සතොස අලෙවිසල් වලින් සාධාරණ මිලකට පොල් ලබාගැනීමේ අවස්ථාව සැලසේ.

  • කොරෝනා වෛරසයේ ආයු කාලය ගැන නවතම හෙළිදරව්වක්

    කොරෝනා වෛරසයේ ආයු කාලය ගැන නවතම හෙළිදරව්වක්

    සාමාන්‍ය පරිසර තත්ත්වය යටතේ කොරෝනා වෛරසයට දින 28ක පමණ ආයු කාලයක් පවත්නා බව ඕස්ට්‍රේලියා ජාතික විද්‍යා ආයතනය සිදුකළ නවතම පර්යේෂණයක් මගින් සොයා ගෙන තිබෙනවා.

    පෙර නිගමනය කළ ආයු කාලයන්ට වඩා බොහෝ වැඩි ආයුකාලයක් මේ අනුව වෛරසයට නොනැසී පැවතිය හැකි බව සදහන් කරන පර්යේෂකයින් වැඩි දුරටත් සදහන් කරන්නේ මෙම තත්ත්වය හිරු රශ්මියත් සමඟ වෙනස් වන බවයි.

    මුදල් නෝට්ටු , ජංගම දුරකතන මුහුණත් හි හා සුදු යකඩ මත වෛරසයට නොනැසී දින 28ක් පමණ රැඳී සිටිය හැකි සදහන් කරන පර්යේෂකයින් පර්යේෂණයේ ප්‍රතිඵල සාමාන්‍ය ජීවිතයට අනුගත කිරීමේ දී ප්‍රතිඵලවල තත්ත්වය තවදුරටත් අඩු හෝ වැඩිවිය හැකි බවද සඳහන් කරනවා.

  • Covid-19 Hot: මිනුවන්ගොඩ පොකුරෙන් නව ආසාදිතයින් 121ක්

    Covid-19 Hot: මිනුවන්ගොඩ පොකුරෙන් නව ආසාදිතයින් 121ක්

    අද (12) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් එකසීය විසි හතර දෙනෙකු (124) හඳුනාගෙන ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙයි.

    එම නිවේදනයේ මෙසේද සදහන් වෙයි.

    එම පුද්ගලයින් එකසීය විසි හතර දෙනා (124)  අතරින් තිදෙනෙකු (03) විදේශයන්හී සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර, ඔවුන් අතරින් එක් පුද්ගලයෙකු (01) ඕමානයේ සිට පැමිණ සන් ග්‍රින් හබරන නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද, කුවෙට් සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (02) නොරොච්චෝලේ සහ පස්සර නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද වාර්තා වේ.

    එසේම, දේශීයව හඳුනාගත් පුද්ගලයින් එකසීය විසි එක් දෙනෙකු (121) සිටින අතර, ඔවුන් සියලුදෙනා මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරන පුද්ගලයින් ළගින් ඇසුරු කළ පුද්ගලයින් වේ.

    මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ කොවිඩ් පොකුරේ අද (12) දින උදෑසන වන විට  සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 1,307 දෙනෙකු වේ.

    අද (12) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් දෙදෙනෙකු (02) මෙරටට පැමිණ ඇත. එසේ පැමි‍ණි පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

    අද (12) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් එකසීය දොලොස් දෙනෙකු (112) තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතයි. ඒ අනුව, නොරොච්චොලේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් විසි අට දෙනෙකු (28) ද, අමායා බිච් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් පස් දෙනෙකු (05) ද, හොටෙල් ජෙට්විල් බ්ලු නිරෝධායන මධ්‍යස්ථානයෙන් එක් පුද්ගලයෙකු (01) ද, හොටෙල් ජෙට්විල් බිච් නිරෝධායන මධ්‍යස්ථානයෙන් එක් පුද්ගලයෙකු (01) ද, බිකොන් බිච් හොටෙල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් දොලොස් දෙනෙකු (12) ද, හොටෙල් ඩෙල්ෆින් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් තිස් එක් දෙනෙකු (31) ද, රාජගිරිය ආයුර්වේද නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් දහ හත් දෙනෙකු (17) ද, නිපුන බුස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් දහ දෙනෙකු (10) සහ හබරාදුව පොලිස් ගොඩනැගිලි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් හත් දෙනෙකු (07) වශයෙන් වේ.

    එසේම, අද (12) දිනය වනවිට පුද්ගලයින් 51,004 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. 

    එසේම, අද (12) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 93 ක් තුළ පුද්ගලයින් 10,447 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (11) දිනය තුලදී PCR පරික්‍ෂණ 3468 ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 331,972 ප්‍රමාණයක් සිදුකර ඇත.

    අද (12) දින උදෑසන 0600 වනවිට එක් පුද්ගලයෙකු (01) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, එම පුද්ගලයා (01) විදේශිය රටක සිට මෙරටට පැමිණ නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයෙකු ලෙස වාර්ථා වේ.

  • රජයේ රෝහල්වල සායනික රෝගීන්ට අවශ්‍ය ඖෂධ හෙට සිට නිවසටම

    රජයේ රෝහල්වල සායනික රෝගීන්ට අවශ්‍ය ඖෂධ හෙට සිට නිවසටම

    රජයේ රෝහල් සායන වලින් ප්‍රතිකාර ගන්නා, මසකට ප්‍රමාණවත්  ඖෂධ තමන් සතුව නොමැති රෝගීන් වෙත ඖෂධ ලබා දීම සඳහා ශ්‍රී ලංකා තැපැල් සේවය සමඟ ඒකාබද්ධව වැඩසටහනක් සකස් කර ඇත. පළමු පියවර ලෙස හෙට සිට (2020.10.13) කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක තුල ඇති රෝහල වලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ ඖෂධ නිවෙස් වෙත ලබා දීම ආරම්භ කෙරේ.

    මෙම ඖෂධරෝගියා වෙත ගෙනැවිත් ලබා දීමට නම් රෝගියා පදිංචි ස්ථානයේ ලිපිනය හා දුරකතන අංකය ලබාදීම අවශ්‍ය වේ. තමන්ගේ සායනික පොත සමඟ නිවැරදි ලිපිනය ලබාදී නොමැති නම්, දුරකතනය මගින් ඔබ බෙහෙත් ගන්නා රෝහලට ඇමතුමක් ලබා දී තොරතුරු යාවත්කාලීන කරන්න. එවිට ඔබේ රෝහලේ කාර්යය මණ්ඩලය ඔබේ බෙහෙත් පැකට්ටුව සකස් කර ලිපිනය, දුරකථන අංකය සඳහන් කර,තැපැල් කාර්යාලයට බාරදෙන අතර  ලියුම් බෙදන නිළධාරියා මගින් ඔබගේ නිවසට ගෙනැවිත් බාරදෙනු ඇත.

    රෝහල වෙත තොරතුරු සැපයීමේදී ඔබ ප්‍රදේශයේ  සිටින පවුල් සෞඛ්‍ය සේවා නිළධාරී, ග්‍රාම නිළධාරීගේද සහය ලබා ගැනීම සුදුසු වේ.

  • ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් කරුණු පැහැදිලි කිරීමයි

    ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් කරුණු පැහැදිලි කිරීමයි

    කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ මෙහෙයුම් අංශයේ සේවකයෙකු හට අද පෙරවරුවේ COVID-19 පරීක්‍ෂණයක් සිදු කර ඇති බවත් එහි ප්‍රතිඵලය ධනාත්මක වූ බවට පළවන මාධ්‍ය වාර්තා සනාථ කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය බලාපොරොත්තු වේ.

    එම කාර්ය මණ්ඩල සාමාජිකයා ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මේ වන විට රෝහල් ගත කර අවශ්‍ය ප්‍රතිකාර ලබමින් සිටියි. ඔහුට බාහිර අයෙකුගෙන්  මෙම වෛරසය වැළඳී ඇති බව විශ්වාස කෙරේ.

    වෛරසය වැළඳී ඇති කාර්ය මණ්ඩල සාමාජිකයා සමඟ රාජකාරී කළ සේවකයින් 50 දෙනෙකු මේ වන විට PCR පරීක්ෂණවලට භාජනය කර ඇති අතර එහි ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටියි.

    ආයතනය තුළ වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රජයේ COVID-19 සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව සිය ශ්‍රම බලකාය ආරක්ෂා කිරීමට ගුවන් සමාගම සෑම පියවරක්ම ගෙන ඇති අතර සෞඛ්‍ය හා අනෙකුත් රජයේ ආයතන සමඟ අඛණ්ඩව කටයුතු කරයි.

    ආයතනික  සන්නිවේදන  අංශයශ්‍රීලංකන්  ගුවන්  සමාගම

  • Covid-19 Local Hot:අද උදෑසන වන විට කොවිඩ් ආසාදිතයින් 105ක්

    Covid-19 Local Hot:අද උදෑසන වන විට කොවිඩ් ආසාදිතයින් 105ක්

    අද (11) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් එකසීය පස් දෙනෙකු (105) හඳුනාගෙන ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් අද (11) දින පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

    එම නිවේදනය සම්පූර්ණයෙන්ම මෙසේය.

    එම පුද්ගලයින් එකසීය පස් දෙනා (105)  අතරින් දෙදෙනෙකු (02) විදේශයන්හී සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර, ඔවුන් හබරාදුව පොලිස් ගොඩනැගිලි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වන රතු මුහුදු ප්‍රදේශයේ රාජකාරි කල මුහුදු ආරක්‍ෂකයින් දෙදෙනෙකු (02) වේ.

    එසේම, දේශීයව හඳුනාගත් පුද්ගලයින් එකසීය තිදෙනෙකු (103) සිටින අතර, ඉන් එකසීය එක් දෙනෙකු (101) මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරන පුද්ගලයින් ළගින් ඇසුරු කළ පුද්ගලයින් වන අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා (02) එම ඇඟළුම් කම්හලේ සේවකයින් වේ.

    මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ කොවිඩ් පොකුරේ අද (11) දින උදෑසන වන විට  සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 1,186 දෙනෙකු වේ.

    අද (11) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් හතලිස් හතර දෙනෙකු (44) මෙරටට පැමිණ ඇත. එසේ පැමි‍ණි පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

    අද (11) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් අනු දෙනෙකු (90) තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතයි. ඒ අනුව, රුවල් රිසෝට් කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් දෙදෙනෙකු (02) ද, හබරාදුව පොලිස් ගොඩනැගිලි නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් තිදෙනෙකු (03) ද, බෝගොඩ ගුවන් සංක්‍රමික පුහුණු පාසලේ නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් හැට දෙනෙකු (60) ද, හොටෙල් ජෙට්වින් බ්ලු නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් හත් දෙනෙකු (07) ද, හොටෙල් ඩෙල්ෆින් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් හතර දෙනෙකු (04) සහ බියගම විලේජ් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් දහ හතර දෙනෙකු (14) වශයෙන් වේ.

    එසේම, අද (11) දිනය වනවිට පුද්ගලයින් 50,726 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. 

    එසේම, අද (11) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 92 ක් තුළ පුද්ගලයින් 10,224 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (10) දිනය තුලදී PCR පරික්‍ෂණ 4754 ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 325,763 ප්‍රමාණයක් සිදුකර ඇත.

    අද (11) දින උදෑසන 0600 වනවිට පුද්ගලයින් දහ දෙනෙකු (10) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, එම පුද්ගලයින් දහ දෙනා (10) විදේශයන්හී සිට මෙරටට පැමිණ නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් ලෙස වාර්ථා වේ.

  • දිවුලපිටිය කොවිඩ් පොකුරට ඊයේත් 103ක් එක්වෙයි

    දිවුලපිටිය කොවිඩ් පොකුරට ඊයේත් 103ක් එක්වෙයි

    ඔක්තෝබර් මස 10 වැනි දින (රාත්‍රී 11.00 වන විට) දිවුලපිටිය පොකුර ආශ්‍රිත ආසාදිතයින් 103 දෙනකු වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රී 11.00ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එහි සදහන් වන්නේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 02ක් සහ ආශ්‍රිතයින් 101ක් ඊයේ ආසාදිතයින් ලෙස හදුනා ගත් බවයි. මේ අනුව දිවුලපිටිය පොකුර ආශ්‍රිත සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1186ක් බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

  • 5 වසර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් සියලු පොදු සේවා පහසුකම් සූදානම්

    5 වසර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් සියලු පොදු සේවා පහසුකම් සූදානම්

    පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ගේ ආරක්ෂාව සදහා සියලු පහසුකම් සපයා ඇති බවත් අදාළ විභාගය දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල නියමිත පරිදි පැවැත්වීමට රජය විධි විධාන යොදා ඇති බවත් අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුවා.

    අද පෙරවරුවේ (10) මාළඹේ ශ්‍රී රාහුල බාලිකා මහ විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ.

    සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලව විභාග මධ්‍යස්ථාන සකස් කර ඇත්දැයි යන්න මෙහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

    මේ අතර හෙට (11) දින ධාවනය වන දුම්රියවල ශිෂ්‍යත්ව විභායට සහභාගී වන දරුවන් සදහා පමණක් දුම්රිය මැදිරි දෙකක් වෙන් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා. එහි වැඩි දුරටත් සදහන් වුණේ උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය සඳහා සහභාගී වන සිසුන්ගේ ගමන් පහසුව සඳහා සෞඛ්‍යාරක්ෂිත දුම්රිය මැදිරි වෙන් කර දුම්රිය ධාවනය කිරීමට පියවර ගෙන තිබෙන බවයි.

    විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය කියා සිටින්නේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් සදහා සිසුසැරිය බස් රථ දිවයින පුරාම ධාවනය කිරීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සියලු කටයුතු සංවිධානය කර ඇති බවයි.

    හෙට දින පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය හා සම්බන්ධ ආරක්ෂක කටයුතු ගැන නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් සමග මවට හා පියාට ගමන් කළ හැකි බවයි.

    විභාගය අවසන් වූ විට එකිනෙකා රැස්වී කටයුතු නොකරන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් ද කළා.