Category: සුපිරි News

  • “බුදු පුත් සුරක්ෂා” සෞඛ්‍ය ආරක්ෂණ හිමිකම් ප්‍රදානය ඇරඹෙයි

    “බුදු පුත් සුරක්ෂා” සෞඛ්‍ය ආරක්ෂණ හිමිකම් ප්‍රදානය ඇරඹෙයි

    බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ආමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක බෞද්ධ ස්වාමීන් වහන්සේලා 15000 ක් ආවරණය වන “බුදුපුත් සුරක්ෂා” සෞඛ්‍ය ආරක්ෂණ හිමිකම් ප්‍රදානය කිරීමේ සමාරම්භක උත්සවය අද (01) දින අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඒකාබද්ධ අරමුදලෙන්, බුද්ධශාසන අරමුදලෙන් සහ පරිත්‍යාග ශීලීන්ගේ පරිත්‍යාග මත මෙම හිමිකම් ප්‍රදානය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂිතය.

    මෙම වැඩසටහනෙහි සමාරම්භය සංකේතවත් කරමින් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් උදෙසා අගමැතිවරයා අතින් හිමිකම් ප්‍රදානය කෙරිණි.

    මෙහිදී පහත සඳහන් භික්ෂූන් වහන්සේලා අග්‍රමාත්‍යතුමා අතින් “බුදු පුත් සුරක්ෂා” සෞඛ්‍ය ආරක්ෂණ හිමිකම ලැබූහ.

    1. පූජ්‍ය නිකපොත චන්දජෝති හිමි
    2. ජූජ්‍ය දඹගහහේනේ ජිනානන්ද හිමි
    3. පූජ්‍ය කටුවන සෝමරතන හිමි
    4. පූජ්‍ය වැලිකඩ මුල්ලේ ජිනරතන හිමි
    5. පූජ්‍ය ඌරලියේ විමලවංශ හිමි

    මෙම භික්ෂූන් වහන්සේලාගේ හිමිකම් ප්‍රදානය සඳහා අතිපූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමි සහ විශේෂඥ වෛද්‍ය සර්ධා හේමප්‍රිය, විශේෂඥ වෛද්‍ය ප්‍රභා සමරකෝන්, ශ්‍රියානන්ද විජේකෝන්, විශේෂඥ වෛද්‍ය විමලසිරි අබේකෝන්, මහාචාර්ය වසන්ති පිංටෝ, විශේෂඥ වෛද්‍ය නිර්මලා ගුණවර්ධන මහත්ම මහත්මීන් ඇතුළු පරිත්‍යාශීලීන්ගේ දායකත්වය ලැබී තිබිණි.

    බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය ආරක්ෂණ වැඩසටහනට බුද්ධශාසන අරමුදලෙන් රුපියල් මිලියන 40 ක මුදලක් ආරම්භයේදී ප්‍රදානය කිරීමට අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී තිබිණි.  ඒ සඳහා රජයෙන් තවත් රුපියල් මිලියන 50ක දායකත්වයක් ලැබෙන අතර මේ දක්වා පරිත්‍යාගශීලීන්ගෙන් රුපියල් හැත්තෑ තුන් ලක්ෂයක මුදලක් පරිත්‍යාග වශයෙන් ලැබී තිබේ.

    මෙම අවස්ථාව සඳහා පූජ්‍ය ගෝණදූවේ ගුණානන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, බුද්ධශාසන අරමුදලේ ලේකම් ඩබ්.ටී.එච්.රුචිර විතාන මහත්වරු ඇතුළු උසස් නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

  • Covid-19: ලංකාවේ අවධානම තව දුරටත් – වසංගත රෝග විද්‍යා අංශය

    Covid-19: ලංකාවේ අවධානම තව දුරටත් – වසංගත රෝග විද්‍යා අංශය

    මෙරට තුළ කොවිඩ්-19 අවදානම තවදුරටත් පහව ගොස් නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද (30) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව සඳහන් කළේය.

    එහිදී ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 අවධානමේ වත්මන් තත්ත්වය පැහැදිලි කරමින් වෛද්‍ය සමරවීර මහතා මෙසේ ද සදහන් කළේය.

    ‘මාස දෙකකට අධික කාලයක සිට සමාජය තුළින් කිසිදු කොවිඩ් රෝගියෙකු වාර්තා නොවූවද විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් හේතුවෙන් කොවිඩ් යළි පැතිරීමේ අවදානමක් පවතින බව අප හදුනා ගෙන තිබෙනවා.

    “විදෙස් රටවල සිට කොවිඩ්-19  රෝගීන්තමයි, මේ රටට එන්නේ, වෛරසය ආසාදිතයින් පුද්ගලයින් අපේ මේ භූමිය තුළ සිටිනවා, රෝහලකට හෝ නිරෝධායන මධ්‍යස්ථානයක සමහර වේලාවට අත්වැරදීමකින් හෝ අතපසුවීමකින් ඔවුන් සමාජයත් සමග ගැටෙන්නට පුළුවන්,  ඒ වාගේම තමයි අපේ රටට ඉන්දියාවේ සිට නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ඇතැම් පිරිස් ආවා, ඒ වගේම මුහුදේදී ඉන්දියානු ජාතිකයින් හමුවිය හැකියි,  ඒ නිසා තවමත් අපේ සමාජය අනාරක්ෂිතයි. ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ ජනතාව කොවිඩ්-19 රෝගයේ භායානක දැක්කේ නැහැ“

  • සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහ ගත කිරීමට යයි

    සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහ ගත කිරීමට යයි

    සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පත් කරන්න යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (30) පස්වරුවේ පැවැසීය.

    සුරාබදු නිලධාරීන්ගේ වෘත්තීය ගැටලු සාකච්ඡා කිරීම සඳහා වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

    මෙම හමුවේදී සුරාබදු නිලධාරීන්ගේ වෘත්තීමය ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා දේශපාලන බලපෑම් මත සුරාබදු නිලධාරීන්ට ස්ථාන මාරු ලබා දීම වහාම නවතා දමා සුදුසුකම් සැපිරූ නිලධාරීන්ට පමණක් ස්ථාන මාරු ලබා දෙන්නැයි උපදෙස් දුන්නේය.

    ඒ් අනුව ප්‍රතිලාභ ලබන ස්ථානවල සේවය කරන සුරාබදු නිලධාරීන් ස්ථාන මාරු ක්‍රමවේදයට අනුව නියමිත කාලයට මාරු කිරීමට පියවර ගන්නැයි ද අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

  • ශ්‍රී ලංකාව මධ්‍යස්ත රටක් සංවර්ධන සහයෝගිතාව අපේ ප්‍රථම ප්‍රමුඛතාව – ජනපති නව තානාපතිවරුනට කියයි

    ශ්‍රී ලංකාව මධ්‍යස්ත රටක් සංවර්ධන සහයෝගිතාව අපේ ප්‍රථම ප්‍රමුඛතාව – ජනපති නව තානාපතිවරුනට කියයි

    ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ උපාය මාර්ගික වැදගත්කමක් සහිත ස්ථානයක. ඒ නිසාම අපේ රට බොහෝ පාර්ශ්වයන්ගේ ආකර්ශණයට ලක්ව තිබෙනවා. මේ වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත්තේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක්.  අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සංවර්ධන සහයෝගිතාව අපේ ප්‍රථම ප්‍රමුඛතාව.

    මේ රට විදේශ ආයෝජන සඳහා විවෘතයි” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එසේ ප්‍රකාශ කළේ අද (30) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී තමා වෙත අක්ත පත්‍ර පිළිගැන්වූ ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ තානාපතිවරුන් සිව් දෙනෙකු සමග කෙටි පිළිසඳරක නිරත වෙමිනි.

    කොරියානු ජන රජය, ජර්මනිය, වතිකානය සහ ස්විට්සර්ලන්තය යන රාජ්‍යයන්හි නව තානාපතිවරු ජනාධිපතිතුමා වෙත  අක්ත පත්‍ර පිළිගැන්වූහ.

    ඔවුන්ගේ නාම ලේඛනය මෙසේය.

    01-   Mr. Jeong Woonjin                                        

    (ජොන්ග් වුන්ජින්ග් මහතා)

    Ambassador of the Republic of Korea

      (කොරියානු ජනරජයේ තානාපති)

    02-   Mr.  Holger Lothar Seubert                           
    (හොල්ගර් ලෝතර් සොයිබෙයට් මහතා)                    

    Ambassador of the Federal Republic of Germany
    (ජර්මන් ෆෙඩරල් ජනරජයේ තානාපති)

    03-   Monsignor Brian Udaigwe                            
     (මොන්සිඤ්ඤෝර් ධූරන්දර  බ්‍රයන් උඩයිවේ හිමිපාණන්)      
    Apostolic Nuncio of the Holy See
    (ශුද්ධ වතිකානයේ අපෝස්තලික නන්සියෝ)

    04-   Mr. Dominik Furgler             
    (ඩොමිනික් ෆර්ග්ලර් මහතා)     
    Ambassador of the Switzerlan
    ( ස්විට්සර්ලන්තයේ තානාපති)

    අක්ත පත්‍ර භාර ගැනීමෙන් පසු නව තානාපතිවරු සමග සුහද කතා බහක නිරත වූ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ඉන්දීය සාගරය අරභයා ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය පැහැදිළි කරමින් ඉන්දීය සාගරය සියලු රටවලට විවෘත හා නිදහස් කලාපයක් විය යුතුයැයි පැවසීය. ඉන්දීය සාගරය සාම කලාපයක් කළ යුතු බවට දශක පහකට පමණ පෙර ප්‍රථමයෙන් යෝජනා කළේ ශ්‍රී ලංකාව බව ද එතුමා සිහිපත් කළේය.

    මෑත කාලීන ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යායාමය ගැන අවධානය යොමු කළ ජනාධිපතිතුමා 2009දී ත්‍රස්තවාදය පරාජය කිරිමෙන් පසු ආණ්ඩුවේත්, ජනතාවගේත් ප්‍රමුඛ අභිලාෂය වූයේ කඩිනම් සංවර්ධනයක් අත් කර ගැනීම බව පැවසීය.

     “ත්‍රස්තවාදය නිසා ආර්ථිකය පරිහානියට ගියා.  ඉක්මන් සංවර්ධනයක් සඳහා අපට විදේශ ආධාර අවශ්‍ය වුණා. මෙරට සංවර්ධන ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමට චීනය ඉදිරියට පැමිණියා. අප දෙරට අතර සිදු වූයේ ගනුදෙණුවක්. එහෙත් ඇතැම් පිරිස් මේ සබඳතාව විග්‍රහ කළේ චීනයට පක්ෂපාතී වීමක් ලෙස.  ශ්‍රී ලංකාව හැම රටක් සමගම මිතුරුයි” ජනාධිපතිතුමා පැහැදිළි කළේය.

    චීනයේ මූල්‍යාධාර ඇතිව හම්බන්තොට වරාය ඉදිකිරීම ‘ණය උගුලක සිරවීමක්’ ලෙස ඇතැම් පාර්ශ්ව හැඳින්වුවද හම්බන්තොට වරාය විශාල සංවර්ධන විභවතාවක් සහිත ව්‍යාපෘතියක් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. පසුගිය රජය හම්බන්තොට වරාය චීනයට බදු දුන් නමුත් එය භාවිත කරන්නේ වාණිජ අරමුණු සඳහා පමණකැයි එතුමා කියා සිටියේය.

    සිය අදහස් පළ කළ නව තානාපතිවරු සිව් දෙනාම කොවිඩ් 19 වසංගතය සාර්ථක ලෙස පාලනය කර ගැනීම පිළිබඳව ජනාධිපතිතුමාට සහ ශ්‍රී ලංකාවට ප්‍රසාදය පළ කළහ. ‘ශ්‍රී ලංකාව අතිශය සුරක්ෂිත රටක්’. කොරියානු ජනරයේ තානාපති ජොන්ග් වුන්ජින්ග් මහතා පැවසීය.

    කොවිඩ් උවදුර ජයගත් ශ්‍රී ලංකාවට තානාපති ධූරයක් ගෙන පැමිණීමට ලැබීම ගැන ජර්මානු තානාපති
    හොල්ගර් ලෝතර් මහතා සතුට පළ කළේය.

    “අපි ශ්‍රී ලංකාවට පැමිණියේ ඔබට දේශණ පවත්වන්නට නොවෙයි. අපට කළ හැකි උපකාරයක් කරන්නට. කළ යුතු දේ තෝරා ගැනීමට ශ්‍රී ලංකාව සමත් බව අපට විශ්වාසයි. ශ්‍රී ලංකාවේ සංවර්ධන අපේක්ෂා සපුරා ගැනීමට කළ හැකි දේ කරන්නට අපි සූදානම්” ජර්මානු තානාපති හා ස්විට්සර්ලන්ත තානාපති  ඩොමිනික් ෆර්ග්ලර් යන දෙදෙනාම සඳහන් කළහ.

    ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ  2015 දී ශ්‍රී ලංකාවේ කළ චාරිකාවට තමාද එක්ව සිටී බව කී බ්‍රයන් උඩයිවේ හිමිපාණෝ ජනාධිපතිතුමාට ලැබී ඇති විශාල ජනවරම පිළිබඳව වත්මන් පාප් වහන්සේගේ සුබ පැතුම් එක් කළහ. භූගෝලීය පිහිටීම ශ්‍රී ලංකාවට හිමිව ඇති අනගි දායාදකැයි උන්වහන්සේ කීහ.

  • 20න් හිට්ලර් කෙනෙක් බිහිකිරීමට යෝජනා කරලා – ශිරාල් ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි

    20න් හිට්ලර් කෙනෙක් බිහිකිරීමට යෝජනා කරලා – ශිරාල් ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි

    ආන්ඩුක්‍රම ව්‍යවස්ථා මුලධර්ම හා මුලික පදනම උල්ලංඝනය කරමින් 20 වන සංශෝදනය මගින් අධිබලැති ජනාධිපතිවරයකු බිහිකිරීමට යෝජනා කර ඇති බැවින් 20 වන යෝජනාව වගන්තියෙන් වගන්තියට නොසලකමින් සම්පුර්ණ ව්‍යවස්ථා යෝජනාවලියම ප්‍රතික්ෂේප කරන්නැයි ජ්‍යෙෂ්ඨ නීතිඥ ශීරාල් ලක්තිලක අද (30) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි විසින් පසුගිය සැප්තැම්බර් 22 වෙනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් විභාගය අද (30) දෙවන දිනට ශ්‍රේෂ්ඨාධිකරණයේ 501 ශාලාවේදී ආරම්භ විය.

    එහිදී 20 වැනි සංශෝදන යෝජනාවලිය අභියෝගයට ලක් කරමින් හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් ඉදිරිපත්කර තිබු පෙත්සම වෙනුවෙන් නීතිඥ ශිරාල් ලක්තිලක ශ්‍රේෂ්ඨාධිකරනය හමුවේ පහත කරුණු අවධාරණය කළේය.

    ආන්ඩුක්‍රම ව්‍යවස්ථා මුලධර්ම හා මුලික පදනම උල්ලංඝනය කරලා !

    20 වන සංශෝදනය මගින් අධිබලැති ජනාධිපතිවරයකු බිහිකිරීමට යෝජනා කර ඇත. ඔවුන් එසේ කරන්න්නට යෝජනා කරන්නේ පිලිගත් ආන්ඩුක්‍රම ව්‍යවස්තා මුලදර්ම හා මුලික පදනම උල්ලංඝනය කරමිනි. එය කිසිසේත් කල නොහැකි දෙයකි.

    එම නිසා 20 වන යෝජනාව වගන්තියෙන් වගන්තියට නොසලකමින් සම්පුර්න ව්‍යවස්තාව යෝජනාවලියම ප්‍රතික්ෂේප කලයුතුව තිබේ.

    එසේම එවැනි ව්‍යවස්තාවේ මුලික හරය වෙනස් කරන යෝජනාවක් තුනෙන් දෙකක බලයෙන් තබා ජනමත විචාරනයකින් වත් සම්මත කල නොහැකි බවත් එවැනි අවස්තාවක මහජන අනුමැතිය අදාල නොවන බවත් ඔහු පැවසීය.

    ඉතිහාසයේ දී අවස්තා දෙකක් !

    මෙවැනි තත්වයක් ඉතිහාසයේ දී අවස්තා දෙකකදී සිදුව තිබේ. ඉන් පලමු වැන්න 1933 දී ජර්මානු පාර්ලිමේන්තුව විසින් වෛමාර් ආන්ඩුක්‍රම ව්‍යවස්තාව උල්ලංඝනය කරමින් හිට්ලර්ට සියලු බලය දානය කරන පනතක් සම්මත කිරීමය.

    දෙවැන්න 1904 දී ප්‍රංශ ජනතාව ජනමත විචාරණයක් තුලින් නැපෝලියන් බොනපාට් ජීවිතාන්තය දක්වා ප්‍රංශ අධිරාජ්‍යයා බවට පත් කරගත්තේය. ලංකාවේ සිදුවෙමින් සිදුවෙමින් තිබෙන්නේ එවැනිම දෙයකි.

    අප විනාශයේ මාවතට අවතීර්න වනවාද සංවර්ධනයේ මාවතට පිවිසෙනවාද යන්න 20 හි පැවැත්ම නොපැවැත්ම මත තීරනය වනු ඇත.  එම නිසා රටේ ජනතාවගෙ අනාගතය තීරනය කිරීමේ බලය මෙරට ශ්‍රේෂ්ඨාධිකරනය මත රැඳී පවතින බව නීතිඥ ශිරාල් වැඩිදුරටත් පැවසීය.

    උපුටා ගැනීම: ද ලීඩර්

  • දූෂණ විරෝධී කමිටුව ගැන කැබිනට් පත‍්‍රිකාව බොරුවක්…

    දූෂණ විරෝධී කමිටුව ගැන කැබිනට් පත‍්‍රිකාව බොරුවක්…

    පසුගිය රජය යටතේ දූෂණ විරෝධී කමිටුව පිහිටුවන්නේ ජාතික විධායක සභාවේ අනුමැතියට යටත්ව බවට හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයේ ඇති සඳහන සම්පූර්ණ අසත්‍යයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක හා ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (29 දා) පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පරීක්‍ෂා කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පැවසීය.

    එසේම හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දූෂණ විරෝධී කමිටුව පිහිටුවීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාව ගැන තමා කිසිසේත්ම නොදන්නා බව එම දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයෙක් ලෙස නම් සඳහන් වූ හිටපු ඇමැති සහ එවකට එක්සත් ජාතික පක්‍ෂයේ සභාපතිවරයා වූ මලික් සමරවික‍්‍රම මහතාද ඊයේ කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කීවේය.

    තමාගේ නම එම දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයකු ලෙස සඳහන්ව තිබුණත් තමාට එහි රැුස්වීම්වලට කතා කළේ නැති බවද ඒවාට තමා සහභාගි නොවූ බවද මලික් සමරවික‍්‍රම මහතා කීවේය.

    එසේම අනුර කුමාර දිසානායක මහතා කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කීවේ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවේ එම දූෂණ විරෝධි කමිටුව යටතේ පිහිටුවා තිබෙන ක්‍ෂණික ප‍්‍රතිචාර අනුකමිටුවේ සම්බන්ධීකාරක ලෙස තම නම සඳහන්ව තිබුණත් තමා එවැනි කමිටුවක් තිබෙන බවක් නොදැන සිටි බවය.

    මෙම කොමිසම ඊයේ උදේ 11.00 ට පමණ එහි සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ මැදහත්භාවයෙන් රැුස් විය.

  • රු.1000කට සැප ගන්න ගිහින් රු.44,000ක් නැති කරගෙන

    රු.1000කට සැප ගන්න ගිහින් රු.44,000ක් නැති කරගෙන

    කාමරයේ ඇඳමත රුපියල් 44,000 ක් වටිනා රන් දම්වැල තබා නාන කාමරයට ගිය අවස්ථාවේ තමා සමග කාමරයේ සිටි කාන්තාව රන්මාලය ගෙන පැන ගොස් ඇති බව කියමින් ආරච්චිකට්ටුව වෛරන්කට්ටුව පදිංචිකරුවෙක් හලාවත පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

    තමන් තම බිරිය සමග හලාවත මාළු වෙළෙඳසලට පැමිණ බිරියට මාළු වෙළෙඳසල ඇතුළට පිටත් කර යවා තමා මාළු වෙළෙඳ සැලට ඇතුල් වන ස්ථානයේ රැඳී සිටි බවත් එවෙලේ වයස අවුරුදු 35 ක පමණ කාන්තාවක් පැමිණ තමාගේ සැමියා නොමැති බවත් දරුවකු සිටින බවටත් කී බව පැමිණිල්ලෙන් කියා ඇත.

    ඉන් පසුව ඇය තමාගෙන් රුපියල් 1000 ක් ඉල්ලා කාමරයකට යෑමට කතා කළ බවත් තමා එයට කැමති වී ති‍්‍රරෝද රථයකින් හලාවත හෝටලයකට පැමිණි බවද, එහි කාමරයක් කුලියට ගෙන ඇයත් සමග අඹුසැමියන් ලෙස හැසිරුණු බවද ඉන් අනතුරුව තමාගේ ගෙල බැඳි රුපියල් 44,000 ක් වටිනා රන් දම්වැල ගලවා කාමරයේ ඇඳ මත තබා නාන කාමරයට ගිය බවද සඳහන් කර ඇත.

    නාන කාමරයේ සිට විනාඩි පහකින් පමණ කාමරයට පැමිණි බවද ඒ එන විට කාමරයේ සිටි කාන්තාව හා රන් දම්වැල නොතිබූ බවද තමා කාන්තාවගේ නම හෝ පදිංචි ස්ථානයක් නොදන්නා බවද පැමිණිල්ලේ දක්වා තිබේ.

    හලාවත පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක ගාමිණී ආදසූරිය මහතා මේ පිළිබඳව විමර්ශන කරගෙන යයි.

    -දිවයින-

  • අවුරුදු 16 ක දැරිය පැයකට 3000 ගානේ විකුණලා..

    අවුරුදු 16 ක දැරිය පැයකට 3000 ගානේ විකුණලා..

    තාවකාලික නවාතැම් පළක රැඳී සිටිමින් ගණිකා සේවයේ යෙදුන බව කියන අවුරුදු 16 ක බාල වයස්කාර දැරියක සහ ඒ සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් තිදෙනෙකු ඉකුත් 27 දා රාත‍්‍රි අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.

    අත්අඩංගුවට පත්වූවන් අතර තාවකාලික නවාතැම් පළේ කළමනාකරු, දැරිය ගැනුම්කරුවාට සම්බන්ධ කළ පුද්ගලයා සහ ඇය සමග කාමරයේ රැඳී සිටි පුද්ගලයාද වන බව පොලිසිය කියයි. ලද තොරතුරක් මත පොලිස් පරීක්ෂක උපුල් ඇතුළු පොලිස් කණ්ඩායම බප‍්‍රදේශයේ තාවකාලික නවාතැම් පළක් පරීක්ෂා කිරීමේදි එහි කාමරයක රැඳී සිටි දැරිය හා ගැනුම්කරුවා සහ නැවතුම් මධ්‍යස්ථානයේ කළමනාකරු අත්අඩංගුවට ගෙන කරන ලද ප‍්‍රශ්න කිරීම්වලින් පසු දැරිය සම්බන්ධීකරණ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

    දැරිය පැයක කාලයක් සඳහා රුපියල් 3000 කට ගැනුම්කරුට ලබාදී ඇති අතර හෝටල් කළමනාකාරීත්වය දැරියට රුපියල් 2000 ක මුදලක් ලබාදීමට එකඟතාව පළකර ඇති බවට පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි පොලිස් නිලධාරීයකු පැවසීය. සැකකරුවන් මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

    කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප‍්‍රියන්ත, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල පේ‍්‍රමදාස සහ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිල්රුක් කොළඹගේ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක උපුල්, සැරයන් (55277) කිත්සිරි, කොස්තාපල්වරුන් වන (36166) ඉෂාන්, (92442) වික‍්‍රමාරච්චි සහ කාන්තා (10600)නදීශා නිලධාරිනියද වැටලීමට එක්වූහ.

  • ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අගමැතිගෙන් සහතිකයක්

    ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අගමැතිගෙන් සහතිකයක්

    කොවිඩ්-19 අභියෝගය හමුවේ හැකි ඉක්මණින් පාසල් ආරම්භ කරන්නැයි දරුවන් කළ ඉල්ලීම ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳවත් සැළකිලිමත් වෙමින් ඉටු කරදීමට අපට හැකි වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (30) වන දින පැවසීය.

    කොළඹ හින්දු විද්‍යාලයේ පැවති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක් වෙමින්  අග්‍රමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    හින්දු විද්‍යාලයේ 2019 වසරේ අධ්‍යාපන හා විෂය සමඟdමී කටයුතුවල දක්ෂතා දැක්වූ සිසු දරුවන්ට මෙහිදී අග්‍රාමාත්‍යවරයා අතින් ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කෙරිණි.

    2019-හින්දු විද්‍යාලීය සඟරාව සහ සමරු තිළිණයක් විදුහල්පති ටී.පී.පරමේෂ්වර්ම් මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට මෙහිදී පිළිගැන්වීය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ත්‍යාග ප්‍රදානෝත්සවය අමතා මෙසේ ද කීය, 

    මෙම විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවයට මට ආරාධනා කිරීම පිළිබඳව මම සතුටු වෙනවා. දෙමළ භාෂාවෙන් ඉගැන්වීම් කරන මෙම ජාතික පාසල රටට වැඩදායී  යහපත් පුරවැසියන් බිහිකර තිබෙනවා. ඔවුන් අතර විශිෂ්ට අධ්‍යාපනඥයින් පවා සිටිනවා. මේ දරුවෝ හෙට රට භාර ගන්න අයයි. ඒ කියන්නේ රටේ අනාගත නායකයින්.

    පිරිමි ළමයින් වෙනුවෙන් 1951 වසරේදී ආරම්භ කළ මෙම විද්‍යාලය දෙමළ හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම උගන්වන පාසලක්. සිසුන්ට නිවැරදි මඟ පෙන්වීම පාසලක මූලික කාර්යභාරයක්. එක් පාසලක් විවෘත කරන විට බන්ධනාගාර දහස් ගණනක් වැසෙනවා කියලා කතාවකුත් අප අතර තිබෙනවා.

    දරුවන් යහමඟට යොමු කර ඔවුන්ගේ අනාගතය නිසි මඟට ගැනීමේ විශාල වගකීමක් හා බැඳීමක් විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට තිබෙනවා. 

    අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කිරීම වගේම ළමයින් විනය ගරුක පුද්ගලයින් බවට පත්කිරීමත් පාසලේ වගකීමක්. මෙම විද්‍යාලය දරුවන්ගේ අධ්‍යාපනය වගේම විනය කෙරෙහි විශේෂ සැළකිල්ලක් දක්වන බව මම දන්නවා.

    හොඳ අධ්‍යාපනයක් සහිත සිසුන් බිහිකිරීම හරහා රටේ ආර්ථිකය දියුණු කිරීමටත්, සමෘද්ධිමත් ජීවන පරිසරයක් නිර්මාණය කිරීමටත්, රට සමෘද්ධිමත් කිරීමටත්, ජනතාවගේ ආකල්ප සකස් කිරීමත් පාසලෙන් සිදුවන සුවිශාල මෙහෙයක්. රටක් වෙනස් කිරීමට හැකි වන්නේ අධ්‍යාපනය මඟිනුයි.

    අධ්‍යාපනය කියන්නේ කිසිවෙකුට විනාශ කළ නොහැකි හා කාටවත් උදුරා ගත නොහැකි ධනයක්. දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන සෑම ආයතනයක්ම කරන්නේ රට වෙනුවෙන් හොඳ පුරවැසියන් බිහිකිරීමයි. කොළඹ හින්දු විද්‍යාලයෙන් දරුවන්ට ලැබෙන්නෙත් ඒ වගේ විධිමත් අධ්‍යාපනයක්.

    තිස් වසරක් අපිව පීඩාවට පත්කළ  යුද්ධය අවසන් කරලා සාමය උදාකළාට පසුව රට වේගවත් සංවර්ධනයක් කරා ගෙන යාමට අපේ රජයන් කටයුතු කළා. උතුරු නැගෙනහිර පළාත්වලට උතුරු වසන්තය, නැගෙනහිර උදාව වගේ ව්‍යාපෘති රාශියක් අපි ක්‍රියාත්මක කළා. අද ජනතාව අපව නැවත බලයට ගෙනැවිත් තිබෙනවා. ඒ කියන්නේ ජනතාව වෙනුවෙන් තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා.

    අධ්‍යාපන කටයුතු ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ඔසවා තැබීම සහ අපේ රටේ අධ්‍යාපන සංවර්ධනය ඊළඟ මට්ටමට ගෙන යාම අපේ ඉලක්කයක්.

    අද කොවිඩ් – 19 ගෝලීය අභියෝගයක් බවට පත්ව තිබෙනවා. ජනතාවගේ සහයෝගයෙන් මේ අර්බුදය පාලනය කරගන්න අපිට හැකියාව ලැබුණා. මේ ගැටලු කිසිම අවස්ථාවක ඔබේ අධ්‍යාපනයට බලපෑමක් කර ගන්න එපා. කොරෝනා තත්ත්වය නිසා පාසල් නිවාඩු දී තිබුණු කාලයේ නව තාක්ෂණය ඔස්සේ දරුවන්ගේ හඩට කන් දෙන්න මට හැකියාව ලැබුණා. ඒ අවස්ථාවේදී දරුවන් ඉල්ලා සිටියේ හැකි ඉක්මනින් පාසල් කටයුතු ආරම්භ කරන ලෙසයි. මේ වෙද්දි සාර්ථකව තත්ත්වය පාලනය කරලා පාසල් කටයුතු ආරම්භ කරන්න අපිට හැකියාව ලැබුණා. පාසල් ආරම්භ කරන්න කළින් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳවත් අපි වැඩි අවධානයක් යොමු කළා.

    අධ්‍යාපනයට වගේම ක්‍රීඩාවලටත් මේ දරුවෝ යොමු වෙන්න ඕනේ. ඔබ වගේම උතුරු නැගෙනහිර, කඳුරට ප්‍රදේශවල දරුවොත් ඉගෙනීම් කටයුතුවලට ඉතා උද්යෝගයෙන් සම්බන්ධ වෙනවා.

    අනාගතයේ රට භාර ගන්න නායකයන් විදියට ඔබ මේ රට සමෘද්ධිමත් කිරීමට අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතුයි.

    ඒ වගේම මේ විද්‍යාලය අනෙකුත්  පාසල්වලට ආදර්ශ පාසලක් විය යුතුයි.

    මාගේ ආදරණීය දරුවනි,

    ඔබ අප රටේ අනාගත නායකයින් ය.

    අද ඔබ සියලූ දෙනා හමුවීම සතුටක්

    ඔබ සියලු දෙනාට සුබ අනාගතයක්!  යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    මෙම අවස්ථාව iඳහා හින්දු mQcl rdupන්ද්‍ර කුරුක්කල් බාබු ෂර්මා පූජකතුමා, අචාර්ය එස්.සන්දීර් පූජකතුමා සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන්, හින්දු විදුහලේ විදුහල්පති ටී.පී.පරමේෂ්වර්ම් මහත්වරු, ගුරුභවතුන්, දෙමාපියන්, සිසු දරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

  • ජනමාධ්‍යවේදීන්ට වෘත්තීය අභ්‍යාස ආයතනයක් – පුවත්පත් මණ්ඩල පනත සංශෝධනයට

    ජනමාධ්‍යවේදීන්ට වෘත්තීය අභ්‍යාස ආයතනයක් – පුවත්පත් මණ්ඩල පනත සංශෝධනයට

    අන්තර්ජාතික තැපැල් සේවා දෙස අවධානය යොමු කර, සැපයිය හැකි පුළුල් සේවා අවස්ථා හඳුනාගතහොත් ශ්‍රී ලංකා තැපෑලට ජාතික ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවෙකු විය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

    ශ්‍රී ලංකා තැපෑල සතු විශාල සම්පත් සම්භාරය නිසි ලෙස කළමනාකරණයෙන් ඉලක්කය වෙත පහසුවෙන් ළගාවිය හැකියැයි ද ජනපතිවරයා කියා සිටී.

    තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    වාර්ෂිකව තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 08කට අධික ආදායමක් උපයයි.  වියදම රුපියල් බිලියන 14කි. වැටුප් සහ අතිකාල දීමනා ඇතුළු සෙසු පිරිවැය නිසා රුපියල් බිලියන 06ක පාඩුවක් වාර්ෂිකව සිදුවන බව අනාවරණය විය. නව සේවා හඳුන්වාදෙමින් ඉහළ තාක්ෂණික ක්‍රම උපයෝගි කර ගැනීමෙන් තැපෑල ලාබ ලබන තත්වයට පත් කිරීමට ඇති ඉඩ කඩ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

    දිවයිනේ දිස්ත්‍රික්ක රැසක පිහිටි පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිලි සංචාරක අමාත්‍යාංශයේ ද සහය ඇතිව සංචාරක ආකර්ශණය දිනාගත හැකි ස්ථාන බවට පත් කිරීමට පිළිවන. කොළඹ කොටුවේ පිහිටි පැරණි මධ්‍යම තැපැල් ගොඩනැගිල්ල පෞරාණික බව රැක ගනිමින් නවීකරණයට තීරණය කෙරිණ.

    කොවිඩ් වසංගතය නිසා රට වසා දමා තිබූ සමයේ රෝහල් සහ ඔසු සල් වෙතින් ඖෂධ වර්ග නිවෙස් වෙතම බෙදා හැරීමට තැපැල් දෙපාර්තමේන්තුව කළ සේවය ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ඇගයීමට ලක් විය.

    Speed  Post සේවය තවදුරටත් වේගවත් කිරීමෙන් සේවාලාභීන් විශාල පිරිසකගේ අවධානය දිනාගත හැකි බව බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.  

    මැණික් අපනයනයේ දී භාණ්ඩ බෙදාහරින පෞද්ගලික ආයතනවල සේවය වැඩි මිලකට ලබා ගැනීමට ව්‍යාපාරිකයෝ පෙළඹී සිටිති.  ශ්‍රී ලංකා තැපෑල සතුව ගෙන් ගෙට ගොස් බෙදා හැරිමේ ක්‍රමයක්  (Door to Door Delivery System)  වූයේ නම් ඉහළ ආදායමක් උපයා ගැනීමට ඇති හැකියාව   බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

    ජනමාධ්‍යවේදින්ගේ වෘත්තීය නිපුණතා වර්ධනයට අභ්‍යාස ආයතනයක් පිහිටුවීමට සැලසුම් කර තිබේ. විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය වෙතින් පුද්ගලයන්ට, ආයතනවලට සහ ව්‍යාපාරවලට එල්ල කෙරෙන අනිසි බලපෑම සහ අගතීන් පිළිබඳව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමක පවතින බව අනාවරණය විය. සියලු කරුණු සැලකිල්ලට ගෙන පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමේ දැඩි අවශ්‍යතාව ද සාකච්ඡා කෙරිණ.

    හඬ කවන ලද විදේශ ටෙලි නාට්‍ය විකාශනයේ දී අය කෙරෙන බදු නාළිකාවල ඉල්ලීම මත කොවිඩ් කාලසීමාවේදී ඉවත් කෙරිණ. එය නැවත සක්‍රිය කිරීමට ද තීරණය විය.

    රූපවාහිනී නාළිකා ප්‍රේක්ෂක ප්‍රතිචාර මත ශ්‍රේණිගත කිරීම කැළනිය විශ්ව විද්‍යාලයේ සහභාගීත්වයෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අපක්ෂපාතීව සිදු කිරීමට සැලසුම් කර තිබේ. ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර කඩිනමින් එය ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවය ගැන එකඟතාව පළ විය.

    අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍ය එස්. විලයේන්ද්‍රන්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු සහ රේඛීය ආයතනවල ප්‍රධානීහූ ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

  • ලෝක හදවත් දිනය වෙනුවෙන් අමාත්‍යාංශයෙන් වැඩසටහන් රැසක්

    ලෝක හදවත් දිනය වෙනුවෙන් අමාත්‍යාංශයෙන් වැඩසටහන් රැසක්

    හදවතින්ම හදවත රකිමු “Use heart to beat Cardiovascular diseases”  යන්න තේමා කරගත් ලෝක හදවත් දිනය අද දිනට (29) යෙදී ඇත. ලෝක හදවත් දින අරමුණ වන්නේ හදවත් රෝග වැළැක්වීම හා පාලනය කිරීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ලෝකවාසී ජනතාවට දැනුම ලබා දීමයි.

    බෝනොවන රෝග අංශය මගින් අද දින (29) සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවකයින් සදහා බෝනොවන රෝග පරීක්ෂණ ඒකකයක්  (NCD Corner)  ස්ථාපිත කිරිමට පියවර ගත් අතර, හදවත් රෝග විනිශ්චයන් සිදු කිරීමට නව මෘදුකාංගයක් (APP) (launching of the e-learning platform for NCDs) හදුන්වා දීමට ද  කටයුතු යෙදිනි. එම මෘදුකාංගය මගින් රෝගී පරීක්ෂාවෙන් පසු පෞද්ගලික ජංගම දුරකථනය වෙත රෝග විනිශ්ච්‍ය පිළිබද තොරතුරු සහ සුව පණිවුඩ ලබා දෙනු ලබයි. එමෙන්ම ජනතාවට හෘද රෝග වැලදීමට ඇති අවධානම මැඩලීම හා ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් ප්‍රාථමික සෞඛ්‍ය සේවාව වල නියැලෙන සෞඛ්‍ය කර්ය මණ්ඩල සදහා අන්තර්ජාල පුහුණු පාඨමාලා ක්‍රමවේදය හදුන්වාදීමට ද කටයුතු යොදා තිබූ අතර, ඉදිරියේ දී සාර්ථකව එම පුහුණුව අවසන් කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල හට සහතිකපත් ලබාදීමට ද නියමිතය.

    ලෝක හදවත් දිනය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කළ සෞඛ්‍ය අමාත්‍යතුමිය – “මේ වන විට අපේ රටේ සිදුවන මරණ වලින් සියයට 70 ක් ම සිදුවන්නේ බෝ නොවන රෝග හේතුවෙන්. බෝ නොවන රෝග වලිනුත් ප්‍රධානම වශයෙන් මෙම මරණ වලට හේතු වන්නේ හෘද රෝග සහ ආඝාතය වැනි රෝගයි. අද වන විට මෙම රෝග වැලඳී ඇති අයට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ ඖෂධ ප්‍රතිකාර වලට අමතරව ස්ටෙන්ටි දැමීම, බයිපාස් සැත්කම් කිරීම ඇතුළු අතිනවීන පහසුකම් තිබෙනවා. නමුත් අපට සිටින රෝගීන් ප්‍රමාණයේ අධික බව නිසා මේ විශේෂ ප්‍රතිකාර ක්‍රම ලබාගැනීමට වසරකට අධික කාලයක් පොරොත්තු ලේඛණයක සිටිය යුතු වනවා. මේ නිසා  අපගේ අවධානය යොමුවිය යුත්තේ මෙම රෝග ඇතිවීමට බලපාන හේතු සොයා බලා ඒවා වැලැක්වීමයි. මෙම රෝග ඇති වීමට බලපාන ප්‍රධානම හේතුව තමයි අධි රුධිර පීඩනය. මෙම රෝග වලින් වැලැකීමට යහපත් ජීවන රටාවක් ගත කිරීම මහෝපකාරී වෙනවා.

    මෙම හෘද රෝග වැලැක්වීම සඳහා ඔබට ඇති අවධානම සොයා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සෑම ප්‍රාථමික සත්කාර ඒකකයකම, ප්‍රාදේශීය රෝහලකම සහ මුලික රෝහලකම මේ වන විට සුව දිවි මධ්‍යස්ථාන ඇති කර තිබෙනවා. මේ වන විට මෙවැනි සුව දිවි මධ්‍යස්ථාන 1000 කට වැඩි ප්‍රමාණයක් ඔබ වෙනුවෙන් සේවය සපයනවා. එම මධ්‍යස්ථාන මගින් වයස අවුරුදු 35 වැඩි පුද්ගලයින්ගේ රුධිර ගත සීනි ප්‍රමාණය, කොලෙස්ටරෝල් ප්‍රමාණය මෙන්ම වකුගඩු රෝගී පරීක්ෂාවන් ඇතුලු සියළු රෝග පරීක්ෂාවන් දෛනිකව සිදු කරනු ලබනවා. ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් සෑම කිලෝමීටර් 4 ක් තුල ම මෙවැනි මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා. එම මධ්‍යස්ථාන වලට ගොස් ඔබගේ රෝගී පරීක්ෂාවන් සිදු කර ගැනීමෙන් සහ සෞඛ්‍ය උපදෙස් ලබාගැනීමෙන් මෙම රෝගී තත්ත්වයන්ගෙන් ආරක්ෂා විය හැකියි.

    හදවත් දිනය වෙනුවෙන් වෙන්කොට ඇති 2020.09.29 සිට 2020.10.02 දින දක්වා සතියක කාල සීමාව තුල සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල රුධිර පීඩනය පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කෙරෙනු ඇත. මහජනතාව විශාල වශයෙන් ගැවසෙන පොදු ස්ථාන වල රෝගී පරීක්ෂාවන් සිදු කිරිමට ද කටයුතු යොදා ඇත. ඒ අනුව 28,29,30 යන තෙදින කොටුව දුම්රිය ස්ථානයේ දී රෝග පරීක්ෂාවන් සිදු ක්‍රියාත්මක වන අතර, දිවයින පුරා සියළු සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් අධිරුධිර පීඩන පරික්ෂා කිරීමේ වැඩසටහන් සහ  හදවත් රෝග පිළිබද වන වීඩියෝ පට හා පොස්ටර් ප්‍රදර්ශණය කරමින් දැනුම ලබාදීමට ද කටයුතු යොදා ඇත.

    මෙම අවස්ථාවට, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය  එස්. ශ්‍රීධරන් මහතා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ (Dr. Razia Pendse) මහත්මිය, බෝනොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි මහත්මිය ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ  නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.  

  • ජාතික සහ බෞද්ධ කොඩි ආනයනය නවතී

    ජාතික සහ බෞද්ධ කොඩි ආනයනය නවතී

    ලබන වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විමසුමට ලක් වෙයි.

    මහා සහ සුළු පරිමාණ දේශීය නිෂ්පාදකයන් ඉහළ ප්‍රමිතියකින් සහ ගුණාත්මක අගයෙන් වැඩි රෙදි නිෂ්පාදනය වහාම ආරම්භ කළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    අද (28) පෙරවරුවේ දංකොටුව, කර්මාන්තපුරයේ Dankotuwa Textile Mill (pvt) ltd, කඳාන, කපුවත්ත වැන්ගාඩ් Vanguard Industrial  (pvt) ltd සහ වත්තල Creative Textile Mill (pvt) ltd ආයතන නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා මේ බව පැවසීය.

    පාසල් නිල ඇඳුම් සදහා ක්‍රියාත්මක කළ කූපන් ක්‍රමයත් සමග විශාල ප්‍රාග්ධනයක් වැය කොට පටන් ගත් ආයතන කිහිපයක් වසා දැමීමට සිදු වූ බව කර්මාන්තකරුවෝ පවසති.  විශාල පිරිසකට රැකියා අහිමි විය.

    දංකොටුව කර්මාන්තයේ පුරයේ පිහිටුවා ඇති Creative Textile Mill (pvt) ltd ආයතනය ප්‍රථමයෙන් ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ. රුපියල් මිලියන 2000ක ආයෝජනයකින් ස්ථාපිත කර්මාන්ත ආයතනය 2015 වසරේ සිට වසා තැබිණි. කිසිදු ආදායමක් නොලැබුණද වසරකට රුපියල් මිලියන 08ක බැංකු පොළියක් ගෙවීමට හිමිකරුට සිදුව තිබේ.

    Creative Textile ආයතනය ඉන්දියාව, පාකිස්ථානය සහ චීනය යන රටවලින් නූල් ආනයනය කොට රෙදි නිෂ්පාදනය කිරීමෙන් 500 දෙනෙකුට රැකියා සපයා ඇත. එහි නිෂ්පාදන ධාරිතාව දිනකට රෙදි මීටර් ලක්ෂය දක්වා වැඩිකිරීමට අපේක්ෂා කෙරේ.  වාර්ෂික පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව මීටර් මිලියන 11කි.

    රෙදි නිෂ්පාදනය කඩිනමින් යළි ඇරඹීමට ආයතන කළමනාකාරිත්වය දිරි ගැන්වූ ජනාධිපතිතුමා  ස්වයං රැකියාවක් ලෙස රෙදි නිෂ්පාදනයේ නිරත පිරිසට ද පාසල් රෙදි සැපයුමට අවස්ථාව සැලසීම ගැන සොයා බලන්නැයි පැවසීය.

    දේශීය රෙදි නිෂ්පාදනය වැඩි කිරීමෙන් ආනයන පිරිවැය 68%කින් ඉතිරිකර ගත හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. දේශීය රෙදි මිලට ගැනීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට වාර්ෂිකව රුපියල් මිලියන 80කට අධික මුදලක් ඉතිරිකරගත හැකි බව ද අනාවරණය විය.

    ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය සහ ජනතාව දංකොටුව, කර්මාන්තපුරය ආශ්‍රිතව ඉදිරිපත් කළ ගැටළු පිළිබඳව ද ජනාධිපතිතුමා අවධානය යොමු කළේය.

    2015ට පෙර පාසල් නිල රෙදි අවශ්‍යතාවෙන් 40%ක දායකත්වයක් දුන් කඳාන, කපුවත්ත වැන්ගාඩ් Vanguard Industrial  (pvt) ltd ආයතනය දැන් ඇඳ ඇතිරිලි සහ තුවා නිෂ්පාදනයේ නිරතව සිටි. ආයතනයේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා  දේශීය වෙළෙඳපොළහි රෙදි අවශ්‍යතාව සපුරාලීමට ධාරිතාව වැඩි කරන්නැයි ආයතන කළමනකාරිත්වය දිරි ගැන්වීය. තම ආයතනයට ද පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවෙන් 30%ක් සම්පාදනය කළ හැකි බව කළමනාකාරිත්වය සඳහන් කළේය.

     Dankotuwa Textile Mill (pvt) ltd ආයතනයේම ශාඛාවක් වන වත්තල ක්ලිප්ටෙක්ස් Creative Textile Mill (pvt) ltd ආයතන ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය. ත්‍රිවිධ හමුදාවේ නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි එහි නිෂ්පාදනය කෙරේ. 1500ක පමණ පිරිසක් සේවය කරති. ආරක්ෂක අංශවලට අවශ්‍ය පරිදි රෙදි වර්ණ ගැන්වීම ආයතනයේ මූලික කාර්යයකි. ආනයනික රෙදි පරීක්ෂා නොකරන අතර, දේශීය රෙදි නිෂ්පාදන පරීක්ෂණවලට යොමු කිරීමේ දී විශාල පිරිවැයක් දැරීමට සිදුවන බව කළමනාකරිත්වය ජනාධිපතිතුමාට කීය.

    රෙදි සෝදන කුඩු වර්ග නිසි නියාමනයකට ලක් නොවන බව පෙන්වා දුන් ඕව්හු එමගින් රෙදිවල වර්ණයට විශාල හානියක් වන බව පැවසූහ. රජය දේශීය කර්මාන්තකරුවන්ට දෙන සහය ප්‍රයෝජනයට ගෙන දේශීය මෙන්ම විදේශීය වෙළෙඳ පොළ දිනා ගැනීමට උත්සුක වන්නැයි ජනාධිපතිතුමා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

    ජාතික සහ බෞද්ධ කොඩි ආනයනය වහාම නතර කිරීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා ඉල්ලුමට අවශ්‍ය නිෂ්පාදන දේශීයව සැපයීමට පියවර ගන්නා ලෙස ද දැනුම් දුන්නේය.

    අමාත්‍ය විමල් වීරවංශ මහතා ද ජනාධිපතිතුමා සමග නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියේය.

    ( ඡායාරූප : උපුල් නිලංග සහ  රොෂාන්ත කිරිවත්තුඩුව ,  ඩී. සමරකෝන්  – ජනාධිපති මාධ්‍ය අංශය)

  • පරිසර විනාශයක් ගැන අසත්‍ය පුවත් සමාජගත කරන මෙහෙයුමක්

    පරිසර විනාශයක් ගැන අසත්‍ය පුවත් සමාජගත කරන මෙහෙයුමක්

    වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු පෙර නොවූ අයුරින් පරිසරය විනාශ කිරීමට පටන්ගෙන ඇතැයි කියැවෙන අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රබන්ධ කොට සමාජගත කිරීමේ මෙහෙයුමක් හඳුනා ගැනේ.

    රක්ෂිත වනාන්තර ගිනි තබා විනාශ කරන බවටත්, ස්වභාවික කැලෑවල පිහිටි ගස් කපා හෙළන බවටත්, මේ අසත්‍ය වාර්තා මගින් හුවා දක්වනු ලැබේ. මින් පෙර කිසි කලෙක මෙබඳු පරිසර විනාශයක් සිදු නොවූ බවත් රජය එවැනි නීති විරෝධී ක්‍රියා හමුවේ නිහඬව සිටින බවත් ඒත්තු ගැන්වීමට මේ පුවත් නිර්මාණය කරන අය උත්සහ කරති. එවැනි වාර්තාවල මුලුමනින් අසත්‍ය සහ විකෘති කරන ලද තොරතුරු ඇතුළත් බව නිරීක්ෂණය කර ඇත.

    පරිසර විනාශයක් ගැන කියැවෙන අසත්‍ය පුවත් විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සහ ඇතැම් මුද්‍රිත මාධ්‍ය සහ රූපවාහිනී හා ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරේ.  මෙසේ පළ කෙරෙන පුවත් අසත්‍ය බව කරුණු සහිතව සනාථ කළ විට ඒවා සමාජ මාධ්‍යයෙන් ඉවත් කර ගැනේ. පසුව වෙනත් අසත්‍ය වාර්තාවක් ගොතා පළ කරනු ලැබේ. විපක්ෂ බලවේග සහ ඔවුන්ගේ ආධාරකරුවෝ මේ අසත්‍ය පුවත්වලට ඉමහත් ප්‍රසිද්ධියක් දෙති. ඔවුන්ගේ රැස්විම් ප්‍රවෘත්ති සාකච්ඡා සහ සම්මුඛ සාකච්ඡාවලදී අසත්‍ය පුවත් අතිශෝක්තියෙන් අවධාරණය කෙරේ.

    මහවැලි අධිකාරියට අයත් “එච් කලාපයේ, අනුරාධපුර, ඉහලතලාව වැව ප්‍රතිසංස්කරණයේ දී දැවැන්ත වන විනාශයක් සිදුවන බවට චෝදනා කරමින් පෞද්ගලික රූපවාහිනි ආයතනයක් පසුගිය සැප්තැම්බර් 15 දින සිය ප්‍රවෘත්ති ප්‍රකාශයට ඇතුළත් කර තිබූ වාර්තාව අසත්‍ය පුවත් ගොතා සමාජගත කිරීමේ මෙහෙයුමට කදිම නිදසුනකි. වන විනාශයට අමතරව බරපතළ දූෂණ ක්‍රියා සිදුවන බවට ද එමගින් චෝදනා කරනු ලැබීය.

    පෞද්ගලික රූපවාහිනිය පළ කළ පුවත මුලුමනින් අසත්‍යයක් බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ “එච් කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු උභය කල්‍යාණ කුමාර මහතා සැප්තැම්බර් 17 වැනිදා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෙත සාක්ෂි සහිතව දැනුම් දුන්නේය. එහි සඳහන් පරිදි 2016 වසරේ ඇති වූ මහ වැසි නිසා ඉහළතලාව වැව් බැම්ම කැඩී යාමේ අවදානමක් ඇති විය. යුද හමුදාවේ සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් වැලි කොට්ට තබා  වැව් බැම්ම තාවකාලිකව රැක ගන්නා ලදී. බැම්ම බිඳී ගියහොත් තලාව නගරය සහ පුරාණ ගම්මාන මුලුමනින් ජලයෙන් යට වෙයි. කොළඹ – යාපනය දුම්රිය මාර්ගයට සහ අනුරාධපුර – පාදෙනිය මහාමාර්ගයට බරපතළ හානි පැමිණේ.

    පසුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ දේශගුණික අව බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ වැව ප්‍රතිසංස්කරණය පිණිස ලෝක බැංකුවෙන් රුපියල් මිලියන 38.9ක ආධාර මුදලක් ප්‍රදානය කෙරිණ.  ව්‍යාපෘතියේ වැඩ පසුගිය ජූලි මාසයේ දී ආරම්භ විය.  ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය බැංකුව විසින් අධීක්ෂණය කෙරේ.

    ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ දී වැවේ සහ වැව් බැම්ම මත වැඩී ඇති ගස් 80ක් ඉවත් කිරීමට තීරණය විය. ඒ සියල්ලම පාහේ මාර ගස්ය. ව්‍යාපෘතිය සඳහා පාරිසරික ඇගයීම් සහතික මෙන්ම භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අනුමැතිය ද ලැබී ඇත.  අනුමැතිය දුන් ලිපිවලට අත්සන් තබා ඇත්තේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සී.එච්.ඊ.ආර්. සිරිවර්ධන  සහ දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ඉංජනේරු ඩී.සී.එස්. ඇලකන්ද යන මහත්වරුන් විසිනි. කපා දැමෙන ගස් රාජ්‍ය දැව සංස්ථාව විසින් ඉවත් කර ගනිමින් පවතී.

    වැව ප්‍රතිසංස්කරණයේ දී මහා වන විනාශයක් සිදුවන බවට චෝදනා කළ පෞද්ගලික රූපවාහිනී ආයතනය මේ සත්‍ය තොරතුරු කිසිවක් සඳහන් කළේ නැත. ජනතාව නොමග යවනු පිණිස සිතා මතා අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කොට විවිධ මාධ්‍ය ඔස්සේ සමාජගත කරන පිරිස් හඳුනාගෙන ඔවුනට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර තිබේ.

  • දුෂ්කර සහ නොදියුණු විහාරස්ථානවලටත් රජයේ මූල්‍යාධාර

    දුෂ්කර සහ නොදියුණු විහාරස්ථානවලටත් රජයේ මූල්‍යාධාර

    විහාරස්ථාන කිහිපයකට පමණක් රජයේ මුල්‍යාධාර සීමාවීම වැළැක්වීම සඳහා රට පුරා සියලු දුෂ්කර සහ නොදියුණු පන්සල්වලටද ඉදිරියේදී මුල්‍යාධාර ලැබෙන පරිදි රජයේ ප්‍රතිපාදන වෙන්කළ යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (28) දින පැවැසීය.

    පසුගිය කාලයේ රජයේ මුල්‍යාධාර ලබා දීමේ වැඩසටහන්වලදී දියුණු විහාරස්ථානවලට රුපියල් මිලියන ගණනින් ආධාර ලබා දී ඇති බවත්, දුෂ්කර සහ නොදියුණු පන්සල් සංවර්ධනයට මුදල් වෙන් නොවීමත් සැලකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලාබා දුන්නේය.

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ දොඩම්ගස්ලන්ද ආසනයේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලංකා ජාතික භික්ෂු පෙරමුණේ දොඩම්ගස්ලන්ද ආසනයේ භික්ෂූන් වහන්සේලා අතර සාකච්ඡාවක් කොළඹ විජේරාමයේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැති අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

    දොඩම්ගස්ලන්ද ආසනයේ පවතින ගැටලු ගණනාවක් පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමුවිය.

    නෙල්ලිගල රාජමහාවිහාරය පූජා භූමියක් ලෙස නම් කිරීම සහ විහාරස්ථානවල සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට මෙහිදී අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදුන්නේය.

    දොඩම්ගස්ලන්ද ආයුර්වේද රෝහලේ පවතින ගැටලු පිළිබඳව අවධානය යොමුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් ලබාදුන් අග්‍රාමාත්‍යතුමා දොඩම්ගස්ලන්ද නගරයේ පවතින ප්‍රධාන අඩුපාඩුවක්ව පැවැති පොදු වැසිකිලි පද්ධතියක් ඉදිකිරීම ඇතුළු අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු පිළිබඳව සොයා බලන ලෙස වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාට ඒ මොහොතේදීම දන්වා සිටියේය.

    ශ්‍රි ලංකා ජාතික භික්ෂු පෙරමුණේ දොඩම්ගස්ලන්ද ආසනයේ සභාපති කිරිදිවත්තේ සුමනසාර නායක ස්වාමින්වහන්සේ, ශ්‍රී ලංකා ජාතික භික්ෂු පෙරමුණේ දොඩම්ගස්ලන්ද ආසනයේ ලේකම් කටුකෙන්දේ චන්ද්‍රසිරි ස්වාමින්වහන්සේ, රිදීගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් රම්බඩගල්ලේ තිලකවංශ ස්වාමින්වහන්සේ, දොඩම්ගස්ලන්ද ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් කැකිරියේ විමලසිරි ස්වාමින්වහන්සේ, සහ  බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, අග්‍රාමාත්‍ය උපදේශක එස්.ලියනගම මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • හොර දොස්තරලා 100ක් වෛද්‍ය සේවයට – බලධාරීන් නිහඬ ඇයි ?

    හොර දොස්තරලා 100ක් වෛද්‍ය සේවයට – බලධාරීන් නිහඬ ඇයි ?

    උසස් පෙළ අසමත්  විදේශ වෛද්‍ය උපාධි ධාරීන් 19ක් හා ලෝකයේ කිසිදු පිළිගත් වෛද්‍ය උපාධියක් නොමැති 81 දෙනෙකු  මේ වසරේ  ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවය ට එක් වීමට නියමිතව ඇත. 

    අප රටේ බොහෝ පුවත්පත්  වෛද්‍යවරුන්ගේ අඩුපාඩු කම්  හා ඔවුන් අතින් සිදුවන වැරදි  හේතුවෙන් පීඩාවට පත්වන රෝගීන්ට සිදු වන හානිය ගැන තම පුවත්පත්  මඟින් අතිශයෝක්තියෙන් කරුණු වාර්තා කරත්, එම සිදුවීම වලට පෙර එය වළක්වා ගැනීමට  මේ නුසුදුසු වෛද්‍යවරු ගැන අප කොතෙක් තොරතුරු ලබා දුන්නත්  වාර්තා කරන්නේ නැතිම තරම් ය. එසේ නො කර ඔවුන් කරන්නේ දොස්තර මුවහමට  තඩි බෑම පමණි.

    යම්කිසි ප්‍රමාණයක් අතින් සිදුවන වැරදි වලට මුළු රටේ ම වෛද්‍යවරුන්  වැරදිකරුවන් නොවන අතර, මේ රටේ සෞඛ්‍ය සේවාව ඉතා ඉහළින් පවත්වාගෙන යනු ලබන්නේ  එවැනි කැපකිරීම් කරන වෛද්‍යවරුන්  අතින් බව වටහා ගත යුතු ව ඇත.

    එහෙත් මේ රටේ යම් කිසි වරදක් සිදු සිදුවුවහොත් වෛද්‍යවරුන්ට බනින පුවත්පත් එම වෛද්‍යවරයා කවරෙක්ද යන්න කිසිදු සොයා බැලීමක් හා විග්‍රහයක් නොකරන බව නම් අපට විශ්වාසය.

    එසේ ම  අද දිනයේ  සිදු වන එක වරදක්   හෙට දිනයේ සියයක් පමණ සිදුවිම වළක්වා ගැනීම සඳහා සමාජය හා බලධාරීන් දැනුවත් කිරීම මේ රටේ මාධ්‍යයේ වගකීම වේ.

    අනාගතයේ දිනක ඔබගේ  ලඟම ඥාතියා ද  මේ නිසා පීඩාවට පත්වනු  නැතැයි ඔබට උපකල්පනය කළ හැකි ද ඒ වෙනුවෙන් ඔබ ගෙවන වන්දිය කොතෙක් ද ඊට පෙර මුළු මහත්  සමාජයක් සුවපත් කිරීම සඳහා සමාජය දැනුවත් කිරීම හා නුසුදුස්සන් ඒම වලකාලීම ඔබගේ වගකීම නොවන්නේ ද ?

    අපට කළ හැක්කේ ඔබ දැනුවත් කිරීම පමණි සමාජයක් සුවපත් කිරීම සඳහා ඔබගේ පුද්ගලික අරමුණු වලින් තොර ව රට සුව පත් කිරීමට ඔබගේ මාධ්‍ය භාවිතා කරන ලෙස කාරුණිකව ඔබගෙන් ඉල්ලමි 

    ස්තූතියි වසන්ත අල්විස් කැදවුම්කරු – මහජන යුතුකම් කේන්ද්‍රය

  • කොරෝනා සාර්ථකව පාලනය කළ රටවල් අතර ලංකාව 02 වැනි තැනට – සම්පූර්ණ වාර්තාව මෙන්න !

    කොරෝනා සාර්ථකව පාලනය කළ රටවල් අතර ලංකාව 02 වැනි තැනට – සම්පූර්ණ වාර්තාව මෙන්න !

    චීන මූල්‍ය බුද්ධි ආයතනයක් වන “YICAI” පර්යේෂණ ආයතනය සිදුකළ සමීක්ෂණයකට අනුව Covid- 19 ගෝලීය වසංගතය වැළැක්වීමේ ක්‍රියාමාර්ග, ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව සැලකූ විට ශ්‍රී ලංකාව ලොව දෙවැනි ස්ථානයට පත්ව තිබෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාල නිල ෆේස්බුක් පිටුවේ පළකර ඇති වාර්තාවක දැක්වෙනවා.

    එම සමික්ෂණය අනුව කොරෝනා වසංගතය පාලනය කිරීමට සමත්වු ප්‍රමුඛ රටවල් 10 වන්නේ චීනය, ශ්‍රී ලංකාව, දකුණු කොරියාව, මියන්මාරය, ඔස්ට්‍රේලියාව, තායිලන්තය, නවසීලන්තය, වියට්නාමය, කාම්බෝජය සහ ඝානා රාජ්‍යයයි.

    මෙහිදී කාණ්ඩ 06ක් යටතේ අදාළ ලකුණු ලබාදීමක් සිදුකර ඇති අතර රටවල් 108ක් සමීක්ෂණයට ලක්කර තිබෙනවා.