Category: සුපිරි News

  • බටහිර සහ දේශීය වෛද්‍ය ක්‍රම සංකලනය වූ ප්‍රතිකර්ම ක්‍රමවේදයක් ඇරඹීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය

    බටහිර සහ දේශීය වෛද්‍ය ක්‍රම සංකලනය වූ ප්‍රතිකර්ම ක්‍රමවේදයක් ඇරඹීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය

    සුව ධරණී වැඩ සටහන තුලින් විදෙස් රටවලින් ඖෂධ ආනයනය සදහා වන වාර්ෂික වියදම 2021 වසරේ දී සියයට 10 අඩු කර ගැනීම අපේක්ෂා කෙරේ.

    “සුව ධරණී” හෙළ ඔසු සංවර්ධන හා සංරක්ෂණ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය අද දින (17) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිණියගේ සහ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ගරු සිසිර ජයකොඩි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නාවින්න දේශීය වෛද්‍ය ක්‍රම පිළීබද ජාතික ආයතන පරිශ්‍රයේ දී පැවැත්විනි.

    දේශීයව ඖෂධ නිෂ්පාදනය සදහා අවශ්‍ය ඖෂධීය අමුද්‍රව්‍ය විදෙස් රටවලින් ආනයනය කරන අතර, ඒ සදහා වාර්ෂිකව විශාල මුලක් විදේශ රටවලට ඇදි යන අතර, නමුත් එම ඖෂධීය අමුද්‍රව්‍ය වර්ග අතුරින් වර්ග 80 ක් පමණ මෙරට වගා කළ හැකි ඖෂධ වේ. එබැවින් මෙම ව්‍යාපෘතිය තුලින් මෙරටින් විදේශයන්ට ඇදී යන විශාල විදේශ විනිමය ප්‍රමාණය අවම කිරීමටත්, ප්‍රමිතිගත ඖෂධ හා අමුද්‍රව්‍ය නිෂ්පාදනය සදහා ජනතාව යොමු කර වාණිජ ඔසු වගාවන් ප්‍රචලිත කිරීම සහ ඒ තුලින් ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය තිරීමටත් මෙම ව්‍යාපෘතිය මිගින් අපේක්ෂා කරයි. ඒ අනුව මෙම “සුව ධරණී” හෙළ ඔසු සංවර්ධන හා සංරක්ෂණ ව්‍යාපෘතිය තුලින් දේශීයව ඖෂධ නිෂ්පාදනය සදහා අවශ්‍ය ඖෂධීය අමුද්‍රව්‍ය වර්ග මෙරට වගා කර දැනට විදේශ රටවලින් ඖෂධීය අමුද්‍රව්‍ය ආනයනය කිරිම සදහා වාර්ෂිකව වැයවන විදේශ විනිමය 2021 වසරේ දී සියයට 10 අඩු කර ගැනීම අපේක්ෂා කරයි.

    දැනට ආයුර්වේද දෙපාර්තමේන්තුව සතුව ගිරාදුරුකොට්ට, පල්ලෙකැලේ, හල්දුම්මුල්ල, පින්නදූව, පටිටිපොල, කන්නෙලිය, නාවින්න ඔසු උයන් වන අතර, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව යටතේ නිකවැරටිය, මැදවච්චිය, දංගොල්ල ඔසු උයන් වේ.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය – “අපේ රටේ විදේශ විනිමය ඉතුරු කර ගැනීම සදහා “සුව ධරණී” වැඩපිළිවෙල තුල අපට ඉළක්කගත වැඩපිළීවෙලකට යාමට පුළුවන්. විදේශ විනිමය ඉතුරු කර ගැනීමට ආයුර්වේදයට පිටරටින් ගෙන්වන ඔසු ද්‍රව්‍ය මේ රට තුල නිපදවා ගැනීමට මෙම වැඩසටහන තුලින් පියවර ගැනීම අපි ජාතියට කරන විශාල යුතුකමක් වෙනවා. පිටරටින් ගෙන එන ඔසු ද්‍රව්‍ය පුළුවන් කරම් සීමා කර ගැනීම සදහා ඉළක්කගත

    වැඩපිවෙලකට මෙම ඔසු උයන් ගෙනයාම අත්‍යාවශ්‍ය කරුණක් වෙලා තිබෙනවා.  ගම්වල පැරණි මිනිස්සු ඔසු පැල තම ගෙවත්තේ වගා කර ගත්තා. හෙළ වෙදකම ගැන මේ ඔසු පැලෑටිවල වටිනාකම ගැන එම අයට ලොකු අවබෝධයක් තිබුනා. දැන් එසේ නැහැ. අපි එම දැක්ම ජනතාව තුල නැවත ගොඩනැන්විය යුතුයි. සියළු මාධ්‍ය හරහා එම ඔසු ද්‍රව්‍යවල ඇති වටිනාකම ගැන ජනතාව දැනුවත් කරමින්, සියළු මාධ්‍ය හරහා ප්‍රචාරණ වැඩපිළිවෙළක් දියත් කළ යුතු වෙනවා. නිලධාරීන්, වෛද්‍යවරුන් හරහා ඒ පිළීබද ජනතාව  දැනුම්වත් කළ යුතු වෙනවා. ගමෙන්ම මසු හොයාගෙන ගමේ වෙද මහත්තයා සමග එකතු වෙලා ගමේ ලෙඩාට බෙහෙත් කළ යුගයක් අපට තිබුනා. එම තත්ත්වය රට තුල නැවැත ඇති කර ගැනීමට මෙම “සුව ධරණී” වැඩසටහන තුලින් හැකිවෙනවා.

    බටහිර වෛද්‍ය ක්‍රම තිබෙන රෝහල්වල ද දේශිය වෛද්‍ය ක්‍රමය සංකලනය වූ ක්‍රමවේදයක් ගැන සාකච්ඡාවක් ආරම්භ කරන්න මම බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන වෛද්‍ය කටයුතුවලින් පසු අපට අපේ දේශිය වෛද්‍ය ක්‍රම තුලින් රෝගීන්ට ප්‍රතිකාර කළ හැකියි.”

    මෙම අවස්ථාවට වෙලද අමාත්‍ය බන්දුල ගුනවර්ධන මහතා කුමාරි වීරසේකර රාජ්‍ය ලේකම්තුමීය ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංත යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්වූහ.

  • ජාත්‍යන්තර රෝගීන් සුරක්ෂිතතා දිනය අදයි

    ජාත්‍යන්තර රෝගීන් සුරක්ෂිතතා දිනය අදයි

    සෑම වසරකම සැප්තැම්බර් මස 17 දින ජාත්‍යන්තර රෝගීන්ගේ සුරක්ෂිතතා දිනය ලෙස සැමරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2019 වසරේ පැවති 72 වන සමුළුවේදී තීරණය කරන ලදී. ඒ අනුව රෝගීන්ගේ සුරක්ෂිතතාවය ගෝලීය වශයෙන් ප්‍රමුඛතාවක් ලෙස සලකමින් 2020 මෙම වර්ෂයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් 194 ක් එම දිනය අද සමරනු ලබනවා.

    ඒ අනුව  ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රෝගීන්ගේ ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා ගෝලීය සහායෝගීතාවය සහ සියලු රටවල් සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සාමූහික ක්‍රියාමාර්ග ලෝක රෝගී සුරක්ෂිතතා දිනය වෙනුවෙන් ඉල්ලා සිටී.

    දැනට ගෝලීයව බලපා ඇති covid -19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර රෝගීන් සුරක්ෂිතතා දින තේමාව ලෙස සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සුරක්ෂිතතාව ප්‍රමුඛ කාර්යයක් යන්න ප්‍රකාශ කර ඇත.

    ශ්‍රී ලංකාවේ ද මෙම දිනය තේමා කරගනිමින් covid -19 වසංගත තත්ත්වය යටතේ රෝහල්වල කරන ලද ව්‍යාපෘති වාර්තා 150 ක් පමණ ලබාගෙන ඒ අතරින් ව්‍යාපෘති වාර්තා 10 ක් තෝරා ගෙන ප්‍රදර්ශනය සඳහා කටයුතු යොදා ඇත. තවද මීට සමගාමීව කාසල් රෝහලේ පිහිටුවා ඇති ගුණාත්මක හා රෝගීන්  සුරක්ෂිතතා කාර්යාලයේ නව වෙබ් අඩවිය ගරු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතින් අද දින විවෘත කරන ලදී. එමෙන්ම රෝගීන් සුරක්ෂිතතා දිනය සංකේතවත් කිරීම සඳහා අද දින සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රය ඇතුළු දිවයිනේ සියලුම රෝහල් තැඹිලි පැහැයෙන් ආලෝකමත් කිරීමටද කටයුතු යොදා ඇත.

    කොළඹ කාසල් රෝහලේ ශ්‍රවණාගාරයේ පැවති ජාත්‍යන්තර රෝගීන් සුරක්ෂිතතා දින සැමරුම් උත්සවය සඳහා ගරු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලාංකික නියෝජිත වෛද්‍ය රාෂියා පෙන්සේ මහත්මිය, සෞඛ්‍ය ලේකම්  වෛද්‍ය සංජීව මුණසිංහ මහතා, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එස්.ශ්‍රීධරන් මහතා සහ සෞඛ්‍ය තත්ත්ව ගුණාත්මක හා ආරක්ෂණ අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් ධර්මරත්න මහතා ඇතළු සෞඛ්‍ය බලධාරීන් පිරිසක් සහභාගි වූහ.

  • දම්පල්ගුණ සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

    දම්පල්ගුණ සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

    ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 156 වැනි ජන්ම සංවත්සරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරේ.

    සැමරුම් උත්සවය අද (17) පෙරවරුවේ මාළිගාකන්ද මහාබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේ දී පැවැත්විණ.

    විහාරස්ථානයට පැමිණි ජනාධිපතිතුමා, ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් විසින් පිළිගනු ලැබීය.

    ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිතුමා “දම්පල් චින්තාවලියට” ගෞරව පිණිස දේශීය වෙදකම් ප්‍රවර්ධන අමාත්‍යාංශය අද ආරම්භ කළ “සුව ධරණි” හෙළ ඔසු සංරක්ෂණ ව්‍යාපෘතිය සනිටුහන් කරමින්  රත් සඳුන් පැළයක් රෝපණය කළේය.

    අග්‍රශ්‍රාවක මහා විහාරයේ ධාතු මන්දිරය වැඳ ආශිර්වාද ලබා ගත් ජනාධිපතිතුමා ප්‍රධාන ශාලාවේ තැන්පත් කර ඇති ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුවට ද  පුෂ්පෝපහාර දැක්වීය.

    දේශීය චින්තනය මත පදනම්ව රට මෙහෙයවන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අනගාරික ධර්මපාලතුමා ගත් ගමන් මග යන තමා දුටු එකම නායකයා යයි උත්සව සභාව ඇමතූ පූජ්‍ය බානගල උපතිස්ස හිමියෝ පැවසූහ.

    මහබැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩි. ලක්ෂ්මන් මහතා රුපියල් 500ක අගයකින් යුත් ධර්මපාල අනුස්මරණ කාසිය ජනාධිපතිතුමාට පිළිගැන්වීය.

    ධර්මපාලතුමාගේ ඥාතියෙකු වන සුධම්මික හේවාවිතාරණ මහතා ධර්මපාලතුමාගේ රුව සහිත සිහිවටනයක් ජනාධිපතිතුමා වෙත තිළිණ කළේය.

    සංවත්සර උත්සවයට සහභාගී වනු පිණිස මෙරටට වැඩම කර සිටින වියට්නාම දූත පිරිසේ ප්‍රධානී බෝධි චිත්තා මෙහෙණින් වහන්සේට සහ මහාබෝධි පදනමේ ලේකම්  ඩිල්ෂාන් ජයසූරිය මහතාට ජනාධිපතිතුමා අතින් තිළිණ ප්‍රදානය කරනු ලැබීය.

    ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ පාලක සභික සහ අග්‍රශ්‍රාවක විහාරයේ විහාරාධිකාරී පූජ්‍ය මොණරාගල පඤ්ඤාලංකාර හිමියන්ගේ අනුශාකත්වයෙන් Peo TV 113 නාලිකාව ඔස්සේ විකාශය කෙරෙන Relax TV සේවාව ජනාධිපතිතුමා අතින් ආරම්භ කෙරිණ.

    රැලේ බයිසිකල් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ජේ. පෙරුමාල් මහතා මහා බෝධි සමාගමට පරිත්‍යාග කළ, දේශීයව නිෂ්පාදිත පාපැදි 10ක් පූජ්‍ය බානගල හිමියෝ ජනාධිපතිතුමා වෙත භාර දුන්හ.

    අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය,  දිනේෂ් ගුණවර්ධන, ජී.එල්. පීරිස් යන අමාත්‍යවරු  රාජ්‍ය අමාත්‍යවරුන් වන නාලක ගොඩහේවා, සිසිර ජයකොඩි, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

  • මානව හිමිකම් කවුන්සිලයේ 45 වැනි සැසිවාරය – ශ්‍රී ලංකාවේ ප්‍රකාශය

    මානව හිමිකම් කවුන්සිලයේ 45 වැනි සැසිවාරය – ශ්‍රී ලංකාවේ ප්‍රකාශය

    මානව හිමිකම් කවුන්සිලයේ 45 වැනි සැසිවාරය පසුගිය 15 වැනිදා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත් වුණා. එහිදී න්‍යාය පත‍්‍ර අංක 02 යටතේ පැවැති පොදු විවාදයේ ශ‍්‍රී ලංකාවේ නියෝජිතවරිය විසින් ‘ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකාශය’ ඉදිරිපත් කළා.

    මානව හිමිකම් කවුන්සිලය විසින් පසුගිය කාලයේ ශ‍්‍රී ලංකාවට එරෙහිව කරන ලද චෝදනාවලට පිළිතුරු දෙමින් ශ‍්‍රී ලංකාවේ නියෝජිතවරිය සිදුකළ සම්පූර්ණ ප‍්‍රකාශය පහත පළ වෙනවා.

    සභාපතිතුමියනි,

    මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය විසින් 2020 සැප්තැම්බර් 14 වැනි දින “ගෝලීය මානව හිමිකම් යාවත්කාලීන කිරීමේදී”  සඳහන් කරන ලද කරුණුවලට ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.

    මෙම කවුන්සිලය දන්නා පරිදි, මෙම වසරේ පෙබරවාරි/මාර්තු සිට ගෝලීය පරිමාණයේ සෞඛ්‍ය අර්බුදයක් වන කොවිඩ් 19 වසංගතය සමස්ත ලෝකයටම අභියෝගයක්ව පැවතිණි. එය බොහෝ රටවල පාලනයේ විවිධ පැතිකඩවල් කෙරෙහි බලපෑම් ඇති කළ අතර ශ්‍රී ලංකාවේ තත්ත්වයද ඊට වෙනස් නොවේ.

    යුරෝපා සංගමය සතුට පළ කර ඇති, ශ්‍රී ලංකාව, තුලිත, බහු ආංගික ප්‍රවේශයක් තුළින් කොවිඩ් 19 ව්‍යාප්තිය සාර්ථකව පාලනය කරමින්, මෙම අභියෝගය හමුවේ වුවද, ප්‍රජාතාන්ත්‍රවාදී ක්‍රියාවලි සඳහා වූ ඇපකැපවීමෙන් කටයුතු කිරීම සහ පසුගිය මාසයේදී සාර්ථකව හා සාමකාමීව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම මෙම කවුන්සිලයේ ඇගයීමට ලක්වණු ඇතැයි අපි අපේක්ෂා කරමු. මේ සඳහා යුරෝපා සංගමයේ සතුට පළ කර ඇත.

    සභාපතිතුමියනි,

    30/1 යෝජනාවලියේ  සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වන විටත්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාමුව තුළ කටයුතු කරමින් රජයේ ප්‍රතිපත්ති රාමුවට අනුව දේශීය වශයෙන් සකසාගත් හා ක්‍රියාත්මක කළ ක්‍රියාවලියක් හරහා ප්‍රතිසන්ධානය, වගවීම හා මානව හිමිකම් සාක්ෂාත් කරගැනීමට කැපවී කටයුතු කරන බව ශ්‍රී ලංකාව පැහැදිලි කළාය. මේ වසරේ පෙබරවාරි මාසයේදී මෙම කවුන්සිලය ඉදිරියේ දී ඇති සහතිකවීම් සඳහා, අගෝස්තු 5 වැනි දින නව පාර්ලිමේන්තුව තේරී පත්වීමත් සමඟම බලයට පත්වූ නව රජය තවදුරටත් කැපවී කටයුතු කරන බව ශ්‍රී ලංකාව තවදුරටත් ප්‍රකාශ කරයි.

    පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් අනුගමනය කරමින් මෙම පාර්ලිමේන්තුව හරහා ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කරනු ඇත. විවාද කරනු ඇත. මෙහිදී, සියලුම පාර්ශ්වකරුවන්ට තම අදහස් හා මත ඉදිරිපත් කිරීමට ඉඩප්‍රස්ථාව උදාවනු ඇත. එහෙයින්, මෙම යෝජිත 20 වැනි සංශෝධනය පිළිබඳ මහකොමසාරිස්වරියගේ අදහස් දැක්වීම් අත්තනෝමතික හා උපකල්පන මත පදනම් වූ පූර්ව විනිශ්චය සහිත අදහස් දැක්වීමක් බව ශ්‍රී ලංකා රජයේ මතය වී තිබේ.

    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලතල හා විධිවිධාන ප්‍රකාරව හිටපු යුධහමුදා සැරයන්වරයාට, සමාව ලබාදෙන ලද බව ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කිරීමට කැමතිය.

    සභාපතිතුමියනි,

    ආයතනවල ප්‍රධාන තනතුරුවලට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පත්කිරීමට එරෙහිව නගන ලද අසත්‍ය හා සනාථ නොකළ චෝදනා රජය ප්‍රතික්ෂේප කරයි. ශ්‍රී ලංකාව මෙම චෝදනාවල විශ්වසනීයත්වය නිරන්තරයෙන් බැහැර කර ඇති අතර විශේෂයෙන්, ගැටුමේ අවසාන අදියරයන් සම්බන්ධයෙන් මෙම චෝදනා විමර්ශනය කළ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව හා පරණගම කොමිෂන් සභාව වැනි දේශීය කොමිෂන් සභා, මේ සම්බන්ධයෙන් සඳහන් කර ඇති කිසිදු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකුට එරෙහිව ප්‍රමාණවත් තරම් සාක්ෂි සොයාගෙන නොමැති බව අවධාරණය කරයි.

    ප්‍රමාණවත් සාක්ෂි කිසිවක් නොමැති හෙයින්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ට එරෙහිව දිගින් දිගටම නගන ලද අපරාධ හෝ මනුෂ්‍යත්වයට එරෙහිව කරන ලද අපරාධ පිළිබඳ අත්තනෝමතික චෝදනා පිලිගත නොහැකි බවත් එය ස්වාභාවික යුක්තියේ මූලධර්ම උල්ලංඝනය කිරීමක් බවත් ශ්‍රී ලංකාව සලකයි.

    අවසාන වශයෙන්, සෝදිසි කිරීමේ සහ බිය වැද්දීමේ චෝදනා දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර ඇති රජය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හා සිවිල් සමාජ භූමිකාව ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටින අතර පුවත්පත් කලාවේදීන්, මානව හිමිකම් ආරක්ෂා කරන්නන් සහ සිවිල් සමාජයට එරෙහිව සිදුකලා යැයි කියනු ලබන ප්‍රහාර සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි විමර්ශනය කර නඩු පවරන බව සහතික කරයි.

    සියලුම පුරවැසියන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සුරක්ෂිතභාවය උදෙසා කිසිදු බියකින් තොරව නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණ සහිතව, රටේ සියලුම පුරවැසියන් සඳහා රටේ ජාතික ආරක්ෂාව, තහවුරු කිරීම හා නීතියේ ආධිපත්‍ය හා සාමය සුරැකීම මෙම රජයේ මුඛ්‍ය පරමාර්ථය වෙයි.

    ඉහත සඳහන් ප්‍රතිපත්ති රාමුවට අනුව, ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ගේ ජීවිත නගා සිටුවීමේ හා රටේ සාමය, ප්‍රතිසන්ධානය හෝ සංවර්ධනය සඳහා කිසිදු තර්ජනයක් නොමැති බව තහවුරු කිරීමේ අධිෂ්ඨානය ඇතිව එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම රජය කැප වී කටයුතු කරයි.  

  • තවත් මාස දෙකකින් පොල් ගෙඩියක් රුපියල් 150ක් වීමේ අවධානමක් !

    තවත් මාස දෙකකින් පොල් ගෙඩියක් රුපියල් 150ක් වීමේ අවධානමක් !

    වෙළදපොලේ පොල් මිල ඉහළ ගියේ වගකිවයුතු නිලධාරීන්ගේ වරදින් බවත් තවත් මාස දෙකක් යන විට පොල් ගෙඩියක් රුපියල් 150.00 වීමේ අවධානමක් පවතින බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

    එහි සභාපතිවරයාගේ අත්සනින් නිකුත් කළ එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

    දරුවන්ට කන්න දෙන්න පොල් ගෙඩි පහක් හොරකම් කළ වරදට ජීවිතයෙන් වන්දි ගෙවූ දෙදරු  පියා - SLStory

    පසුගිය කාලයේ රුපියල් 40.00-50.00 ට තිබුණු පොල් ගෙඩියක් මේ වන විට වෙළද පොලේ අලෙවි වන්නේ රුපියල්  95.00- 100.00 වැනි මිලකටය. ඉහළ නිළධාරීන්ගේ සමහර අනුවන තීරණ නිසා තවත් මාස දෙකක් යන විට පොල් ගෙඩියක් පාරිභෝගිකයින්ට මිලදී ගැනීමට සිදුවන්නේ රුපියල්  150.00 ක් වැනි මිලකටය. එසේ වූයේ ඇයිද? යන්න අප සොයා බැලිය යුතුය. අප ඒ පිළිබදව සොයා බැලිය යුත්තේ මෙරට පාරිභෝගිකයින්ට සාධාරණ මිලකට පොල් මිලදී ගැනීමට ඇති අයිතිය තහවුරු කිරීමටය

    මෙරට පොල් අස්වැන්න

    මෙරට පොල් අස්වැන්න පොල් ගෙඩි බිලියන 2.8 ක් වන අතර පොල් සංවර්ධන මණ්ඩලයේ 2019 වර්ෂයේ සංඛ්‍යා ලේඛණවලට අනුව පොල් සහ පොල් තෙල් පරිභෝජනය හා අපනයනය මෙසේය.  

    ගෘහස්ත පොල් පරිභෝජනය (මාලු පොල්)  අනුව ගෙඩි බිලියන 1.8 කි.

    පොල් තෙල් සදහා ගෙඩි බිලියන 0.4 (පොල් තෙල් අඩු තීරුබදු අනුපාතයකින් ආනයනය කිරීමට ඉඩ දෙන්නේ නම් පමණි  

    පොල් අපනයනය ගෙඩි බිලියන බිලියන 1.3 යි.

    මේ අනුව වාර්ෂික පොල් ගෙඩි හිගය  පොල් ගෙඩි බිලියන 0.7 කි.

    පොල් තෙල් අවශ්‍යතාවය කළමනාකරණය කරන්නේ නම් මෙම පොල් හිගය  යම් ආකාරයකට කළමනාකරණය කල හැක.

    වාර්ෂික පොල්තෙල් අවශ්‍යතාවය පොල්තෙල් මෙට්‍රික්  ටොන්  180000  ක් වන අතර 2019 වසරේදී මෙරටට ආහාරයට ගත හැකි තෙල් මෙට්‍රික්  ටොන් 140000-160000  රටට ආනයනය කර ඇත. මෙම ප්‍රමණය පොල් ගෙඩි බිලියන 1.4 -1.6 ට සමාන වේ.

    2019 වසරේදී පොල් ගෙඩි අස්වැන්න බිලියන 3.00 ක් වූ අතර එයින් ගෘහස්ත පරිභෝජනය සදහා ගෙඩි බිලියන 1.8 ක් ද දේශීය පොල් තෙල් සදහා ගෙඩි බිලියන 0.4 ක් ද පොල් මද ආශ්‍රිත අපනයන සදහා ගෙඩි බිලියන 0.8 ක් භාවිතා කර ඇත.

    2020 වසරේදී පොල් අස්වැන්න පොල් ගෙඩි බිලියන 2.8 ක් බලාපොරොත්තු වන අතර එයින් ගෘහස්ත පරිභෝජනය සදහා ගෙඩි බිලියන 1.8 ක් ද දේශීය පොල් තෙල් සදහා ගෙඩි බිලියන 0.6 ක් (දැනටමත් භාවිතා කර ඇත )ද මද ආශිත අපනයන සදහා ගෙඩි බිලියන 0.4 ක්  ඇස්තුමේන්තු කල හැක‍ෙ

    පොල් මිල සීඝූයෙන් ඉහලයන්නේ ඇයි?

    ගෘහස්ත පොල් තෙල් නිෂ්පාදනය සදහා පොල් අධික ලෙස භාවිතා කිරීම නිසා අපනයනකරුවන් සදහා ලබා ගත හැකි පොල් සහ ගෘහස්ත පරිභෝජනය සදහා  පොල් ලබා ගැනීම සදහා ඔවුන් අතර තරගයක් ඇති වීම කරණ කොට ගෙන පොල් මිල සීඝූයෙන් ඉහල ගොස් තිබේ.

    මාසික පොල් අස්වැන්න කළමණාකරනය කිරීම

    පොල් අස්වැන්න සෑම මාසයකදීම සමාන වන්නේ නැත. අඩු අස්වැන්නක් ලැබෙන මාසවලදී පොල් මිල පාලනය කිරීමට බලපාන එකම සාධකය වන්නේ ස්වාරක්ෂක තොගයයි. 2020.04.10 වන දින සෙස් බද්ද වැඩි කිරීම නිසා සහ පොල් තෙල් ආනයනය කිරීම සීමාකිරීම නිසා සිදු වූයේ ස්වාරක්ෂක තොග භාවිතයෙන් රට තුළ පොල් තෙල් නිෂ්පාදනය වේගයෙන් ඉහළයාමයි මේ  වන විට පොල් මිල ඉහළයාමට ප්‍රධාන හේතුව වී ඇත්තේද එයයි. සෑම අංශයක් සදහාම එනම් ගෘහස්ත පරිභෝජනය සදහා පොල් තෙල් සදහා සහ අපනයනය සදහා පොල් වෙන්කිරීමට නොහැකි වීම අපට ඇති ප්‍රධාන ගැටලුවයි.

    වෙනත් රටවල් තම රටවල ඇතිවන පොල් හිගය පාලනය කරන්නේ කෙසේද?

    පිලිපීනය ලොව විශාලතම දිසිදි (DC) සහ පොල් තෙල් නිෂ්පාදනය කරන රට වේ. එරටෙහි පොල් හිගයක් ඇති වූ විට අගය  එකතු කිරීමට පදනම්ව ලබා ගත හැකි පොල් වෙන්කර වෙනත් කර්මාන්ත සදහා අමුදව්‍ය ආනයනය කිරීමට ඉඩ ලබා දේ උදාහරණයක් ලෙස ගතහොත් එරට අගය එකතු කල නිෂ්පාදනයේ අඩුම අගය පොල් තෙල් වන බැවින් ඉන්දුනීසියාවෙන් කොප්පරා ආනයනය කිරීමට අවසර ලබා දේ.

    තායිලන්තය පොල් කිරි සහ පොල් වතුර නිපදවන විශාලම රටවන අතර පොල් වතුර ලබා ගැනීම සදහා පොල් ප්‍රභේද වගා කරන අතර අගය එකතු කල පොල් කිරි කර්මාන්තය සදහා ඉන්දිනීසියාවෙන් නැවුම් පොල් ආනයනය කිරීමට ඉඩ ලබා දේ.

    භාවිතා කරන අමුදව්‍ය අනුව අගය එකතු කල නිෂ්පාදනවල ලෝක වෙළදපොල අනුව වඩාත් වාසිදායක කුමක්දැයි තීරණය කල හැක.

    පොල් මිල අඩු කිරීම සදහා කෙටි කාලීන හා මධ්‍ය කාලීන හා දිගු කාලීන විසදුම් මෙසේ ඉදිරිපත් කරමු.

    කෙටි කාලීන විසදුම්

    වෙන්දේසියේදී උපරිම මිල කිලෝ එකක් සදහා රුපියල් 90.00 ක් විය යුතුය

    මාලු පොල්වල මිල පාලනය කළ යුතුය

    නාස්තිය අවම කිරීම සදහා ජාතික මට්ටමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කල යුතුය

    පොල් මද ආශ්‍රිත අපනයනකරුවන්ට ඔවුන්ගේ අපනනයන ඇණවුම් මත පමණක් නැවුම් පොල් ආනයනය කිරීම සදහා අවසර දීම

    අපනයනකරුවන්ට පොල් තෙල් ආනයනය කිරීමට අවස්ථාව ලබා දීම             

    කෘෂිකර්මාන්තය සදහා වන රජයේ  ප්‍රතිපත්ති ස්ථාවරය තබා ගැනීම

    මධ්‍ය කාලීන විසදුම්

    පොල්වතු සදහා පොහොර සහනාධාර ලබා දීම

    පොල්වතුවල යටි වගාව සදහා උනන්දු කිරීම පොල්වතු වලින් පොල් සදහා භාවිතා කරන්නේ 25% ඉඩම් ප්‍රමාණයක් පමණි

    පොල් කර්මාන්තශාලා ආහාර කර්මන්තශාලා ලෙස වර්ග කිරීමට අවස්ථාව ලබා දීම එසේ කලහොත් ඔවුනට වෙනත් ආහාර නිෂ්පාදන සදහා අවස්ථාව උදාවේ

    කෘෂි කාර්මික ව්‍යාප්ති නිළධාරීන්ගේ තාක්ෂණික දැනුම වැඩි කිරීමට කටයුතු කිරීම

    පොල් වතු සදහා අඩු පොලී ණය ලබා දීම

    නාස්තිය අවම කිරීම

    අප බොහෝවිට පොල් කිරි ලබා ගන්නේ  පොල් මදය අඔරා පොල් අතින් මිරිකා වන අතර එසේ කිරීමේදී පොල් කිරිවල වැඩි ප්‍රමාණයක් පොල් කුඩු සමග  අපතේ යයි. ඒ වෙනුවට පොල් කිරි සදහා ජීවහරණය කරන ලද පොල්කිරි පැකට්ටුව ප්‍රවර්ධනය කරන්නේ නම් පාරිභෝගිකයාට එය ඉතා වාසිදායක වේ. එම නිෂ්පාදනයේ ගැටලුව වන්නේ ඇසුරුම සදහා විශාල මුදලක් වැය වීමයි රජය ඒ සදහා මැදිහත්වන්නේ නම් එම පිරිවැය අඩු කරගත හැක.

    ශීත කරන ලද ගාන  පොල් ප්‍රවර්ධනය කිරිමද කල හැක. ඒ සදහා පාරිභෝගිකයා දැනුවත් කරන වැඩසටහන් සංවිධානය කල යුතුය.

    පොල් කර්මාන්තයට සම්බන්ධ නිළධාරීන්ගේ වැරදි

    අප මෙසේ කුමන යෝජනා ඉදිරිපත් කලද මෙරට පොල් සංවර්ධනය සදහා වගකිය යුතු අංශවල ක්‍රියාකාරීත්වට තවම මන්දගාමීය. මෙරටට පොල් මිල ඉහළයාම සදහා ඉහළ නිළධාරීන් වගකිවයුතුය. පොල් කර්මාන්ත නගා සිටවීම සදහා අප  කොතරම් කතා කලද මෙරට පොල් මිල පාලනය කිරීමට නොහැකිව ඇත්තේ කළමනාකරනයේ අඩුපාඩු නිසා බව නොකියාම බැරිය. උදාහරණයක් ලෙස ගත හොත් පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති හා පොල් පරේෂණ ආයතනයේ සභාපතිවරයා වන්නේ එකම පුද්ගලයෙකි. ඔහු පොල් වගාකරුවන්ගේ සංගමයේ ලේකම්වරයාද වේ. පුද්ගලික සංවිධානයක තනතුරු දරන්නෙකු ආයතන තුනක සභාපතීත්වය දැරීම නිසා ඔහු පොල් කර්මාන්ත කරුවන්ගේ උන්නතිය පිළිබදව සොයා බලනවා මිස පොල් සහා ඒ  ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනය කරන පාරිභෝගිකයාට හොද මිලක් ලබා දීමට කටයුතු නොකරන අතර පොල්  ආශ්‍රිත නිෂ්පාදන අපනයන කරනු ලබන අපනයනකරුවන් සුරක්ෂිත කිරීමටද කටයුතු නොකරයි.

    මෙම තත්වය පාලනය නොකලහොත් ඉදිරි මාස කිහිපය තුළ පොල් ගෙඩියක් මෙරටට පාරිභෝගිකයාට මිලදී ගැනීමට සිදුවන්නේ රුපියල් 150.00 වැඩි මුදලකට වන බවද අවධාරණය කරමු.

  • ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳව සොයාබැලීමට පංච පුද්ගල කමිටුවක්

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳව සොයාබැලීමට පංච පුද්ගල කමිටුවක්

    ශ්‍රී ලංකාවෙි වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳව සොයාබැලීමට සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් පංච පුද්ගල කමිටුවක් පත් කරන ලද අතර, එම කමිටුව පත් කිරිම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යතුමිය පහත පරිදි අදහස් දක්වන ලදි.

    ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව ප්‍රඥප්තියක් මගින් ස්ථාපිත කරන ලද ස්වාධීන ආයතනයක් වන අතර, එහි ප්‍රධානතම කාර්යභාරය වනුයේ රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීම තුලින් ගුණාත්මක වෛද්‍ය සේවයක් පවත්වා ගැනීමයි. එය සුරක්ෂිත කිරීම සදහා වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ආරක්ෂා කිරීමත්, වෛද්‍යවරුන් නියාමනය කිරිමත් එම ආයතන මගින් සිදු කරනු ලබයි. එසෙම වෛද්‍ය ආඥා පනතට අනුව වෛද්‍ය සභාවේ තීන්දු තීරණ වල අවසන් වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයාට පවරා ඇත.

    එසේ වුවද, වෛද්‍ය සභාවේ ක්‍රියාකළාපය සම්බන්ධයෙන් මේ වනවිට විවිධ පාර්ශ්ව වලින් මා හට පැමිණිලි ගණනාවක් ඉදිරිපත් කර ඇත. එම පැමිණිලි වලින් ඉල්ලා සිටින ප්‍රධානතම කරුණක් වනුයේ වෛද්‍ය සභාවේ ස්වාධීනත්වයට ඇතිව ඇති බලපෑම හා නැවත වෛද්‍ය සභාව ස්වාධීනව කටයුතු කරන ආයතනයක් බවට පත් කර දෙන ලෙසත් ය.  ඉදිරිපත් වූ ප්‍රධාන පැමිණිලි 05 කෙරෙහි මාගේ අවධානය යොමු කරන ලදි.

    01. මේ දිනවල දැඩි කථා බහට ලක් වූ ජාත්‍යන්තරය පිළිගත් විදේශීය විශ්ව විද්‍යාල  කිහිපයක ලියාපදිංචිය අහෝසි කිරීම සම්බන්ධයෙන්ඇති වූ සිද්ධි මාලාව.

    02. වෛද්‍ය සභාව තුල පුරප්පාඩු වී ඇති වෛද්‍ය සභා නියෝජිතයින් පත් කිරීම සදහා පවත්වන්නා වූ නිලවරණය දිගින් දිගටම කල්දැමීම.

    03. අවශ්‍ය අවම අධ්‍යාපන සුදුසුකම්වත් සපුරා නැති වෛද්‍යවරු වෛද්‍ය සභාව තුල ලියාපදිංචියට කටයුතු කිරීම.

    04. විදෙස් වෛද්‍ය උපාධිය ලබාගත් ශිෂ්‍යයින්ගේ වෛද්‍ය උපාධිය ලියාපදිංචි කිරිම සදහා පවත්වනු ලබන E.R.P.M විභාගය කල්දැමීම.

    05. වෛද්‍ය සභාවේ විෂය පරිපථයට හා පවතින නීති වලට පරිභාහිරව වෛද්‍ය සභාව තුල පැමිණිලි විභාග කිරීම සිදුවන බව.

    ඒ අනුව ඉහත කරුණු සම්බන්ධයෙන් වෛද්‍ය සභාව තුලින් කරුණු විමසා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සපයන ලෙස වෛද්‍ය සභාවෙන් ඉල්ලා සිටීමට තීරණය කරන ලද අතර  ඉහත කරුණු පිළිබද අධ්‍යයනය කර ස්වාධීන වාර්තාවක් ලබාදිම සදහා පහත සදහන් වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කිරිමට තීරණය කරන ලදි.

    v    විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත පෙරේරා මහතා.

    v    රාගම වෛද්‍ය පීඨයේ හිටපු පිඨාධිපති මහාචාර්ය ප්‍රෂාන්ත විඡේසිංහ මහතා

    v        විශේෂඥ වෛද්‍ය අනුලා විඡේසුන්දර මහත්මිය

    v    විශේෂඥ වෛද්‍ය මෛත්‍රී  චන්ද්‍රරත්න මහතා

    v    විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා

    ඒ අනුව වෛද්‍ය සභාවෙන් ලබාගන්නා වාර්තාව හා ඉහත සදහන් විශේඥ කමිටුව මගින් ලබාදෙනු ලබන වාර්තාවන් අධ්‍යයනය කර වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය ප්‍රතිස්ථාපනය කර රෝගී අයිතිවාසිකම් සුරකමින් ගුණාත්මක වෛද්‍ය සේවාවක් ලබාදීමට අවශ්‍ය කටයුතු සැකසිම සිදු කරනු ඇත.

  • ජනපති, අගමැති නම කී පමණින් පාසලට ළමයි ගන්න එපා – විදුහල්පතිවරුනට තරයේ උපදෙස්

    ජනපති, අගමැති නම කී පමණින් පාසලට ළමයි ගන්න එපා – විදුහල්පතිවරුනට තරයේ උපදෙස්

    ජනාධිපතිවරයාගේ, අග්‍රාමාත්‍යවරයාගේ සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නම් සඳහන් කරමින්, පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස කරන ඉල්ලීම් නොපැකිළ ප්‍රතික්ෂේප කරන්නැයි සියලු විදුහල්පතිවරුනට උපදෙස් දෙන බව ජනාධිපති මාධ්‍ය අංශය අද (16) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය,

    ජනාධිපතිතුමාගේ, ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ගේ, අග්‍රාමාත්‍යතුමාගේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන්ගේ සහ වෙනත් ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නියෝගයක් බව සඳහන් කොට පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස බලපෑම් කරමින් විදුහල්පතිවරුන් වෙත ලිපි යොමු කිරීමට ඇතැම් දෙනා පෙළඹී සිටිති. සමහර අවස්ථාවල රජයේ නිලධාරීන් ද මෙවැනි ලිපි යවන බව නිරීක්ෂණය කර ඇත.

    විදුහල්පතිවරුන් තම පාසලට ළමයින් ඇතුළත් කර ගැනීමේ දී එබඳු කිසිදු ලිපියක් පදනම් කර නොගත යුතුය. ළමයින් පාසල්වලට ඇතුළත් කළ යුත්තේ සම්මත රෙගුලාසි සහ පරිපාටිය අනුවම පමණි.

    මේ නියමය කඩකරන විදුහල්පතිවරුනට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනාධිපති ලේකම්වරයා සියලු විදුහල්පතිවරුනට දැනුම් දෙයි.

  • අගමැති මහින්දගෙන් විශේෂ ඉල්ලීමක්

    අගමැති මහින්දගෙන් විශේෂ ඉල්ලීමක්

    දේශීය හස්ත කර්මාන්තය වඩාත් ප්‍රචලිත කිරීමට නම් එම නිෂ්පාදන අලෙවි කිරීම මෙන්ම, රටක් ලෙස ඒවා පරිහරණය කළ යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (16) දින පැවැසීය.

    වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන අමාත්‍යංශය, ජාතික ශිල්ප සභාව, එක්ව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සහයෝගයෙන් සංවිධානය කළ SHILPA THURSDAY විශේෂ හස්ත කර්මාන්ත  අලෙවි ප්‍රදර්ශනය  විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

    SHILPA THURSDAY අලෙවි ප්‍රදර්ශනය සෑම බ්‍රහස්පතින්දා දිනකම බත්තරමුල්ල, දියත උයන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී කළ සම්පූර්ණ කතාව මෙසේය,

    ජාතික ශිල්ප සභාව සංවිධානය කළ අත්කම් වෙළඳපොළ විවෘත කිරීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව සතුටු වෙනවා. අපි අපේ රජයන් යටතේ බලයට පත්වන සෑම අවස්ථාවකම දේශීයත්වයට මුල් තැන ලබා දුන්නා, යැයි  කියන එක මා අමුතුවෙන් කිව යුතු කාරණයක් නොවේ.

    පසුගිය කාලයේ ආපස්සට ගිහිල්ල තිබුණු දේශීය කර්මාන්ත අපිට ආපසු ගොඩනගන්නට අවස්ථාවක් ලැබීම පිළිබඳව අපි සන්තෝෂ වෙනවා. ඒ වගේම රාජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳව දක්වන උනන්දුව ගැන අපි එතුමාට අපේ ස්තුතිය පුද කරනවා.

    දේශීය හස්ත කර්මාන්තය වඩාත් ප්‍රචලිත කරන්න නම් අපි මේ නිෂ්පාදන අලෙවි කිරීම වගේම, අපි ඒවා පාවිච්චි කිරීම කළ යුතු වෙනවා. එහෙම නම්, ඒ සඳහා මෙවැනි වෙළදපොළවල් තිබීම තුළින් වඩාත් උනන්දුවක් දක්වන්ට හා මේවා ප්‍රචලිත වෙන්නට එය හේතුවක්.

    අද විශේෂයෙන්ම ගමේ ශිල්පීන්ට තිබෙන විශාල ප්‍රශ්නය තමයි බැංකු ණයක් ගන්න එක. ඔවුන්ට තමන්ගේ කර්මාන්තය දියුණු කර ගැනීමට හෝ ඉදිරියට ගෙන යාමට මුදල් අවශ්‍යතාවය තිබෙනවා. ඔවුන්ට ණයක් ගැනීමේදී මීට වඩා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු යැයි මම  විශ්වාස කරනවා.

    ඒ වගේම අද මහජන බැංකුවේ සභාපතිතුමා මෙතන ඉන්නවා. මෙවැනි ප්‍රදර්ශන තියෙන අවස්ථාවලදී ඔවුන්ගේ බැංකුවේ, ළඟම ශාඛාව හෝ එහෙම නැත්නම් තාවකාලික ශාඛාවක් මෙහි විවෘත කරලා මේ කලා ශිල්පීන්ට අවශ්‍ය වන මුදල් ප්‍රමාණය, එහෙම නැත්නම් ණය  සහනාධාරයක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා නම් මෙම කලා ශිල්පීන්ට මීට වඩා එය ප්‍රයෝජනයක් වෙයි කියලා මම විශ්වාස කරනවා.

    හැම බ්‍රහස්පතින්දාවකම මේ ස්ථානයේ මෙවැනි වෙළඳපොළක් විවෘත කිරීමට තීන්දු කිරීම පිළිබඳව මෙම අමාත්‍යංශයට මම සුබ  පතනවා, යැයි අගමැතිවරයා පැවසීය.

    මෙහිදී, බංග්ලාදේශයේ රැකියාවල නිරත වන, ශ්‍රී ලාංකිකයින්ගේ ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය විසින් කොවිඩ් අරමුදල සඳහා රුපියල් ලක්ෂ පහක මුදලක් පරිත්‍යාග කිරීම ද සිදු විය. එම සංගමයේ සභාපති  සම්පත් එරුගෙපොළ මහතා විසින් එම මුදල් අගමැතිවරයා වෙත භාර දුන්නේය.

    මෙම අවස්ථාව සඳහා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එම්.ඒ.බී.වී. බණ්ඩාරනායක, ජාතික ශිල්ප සභාවේ සභාපති සුදත් අබේසේකර, බංග්ලාදේශ තානාපති මොහොමඩ් අලි ඛාන්, මහජන බැංකුවේ සභාපති සුජීව රාපක්ෂ  ඇතුළු මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.

  • ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට දියුණු කරන්න පිළිවන් – ජනපති

    ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට දියුණු කරන්න පිළිවන් – ජනපති

    පිහිටීම ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

    ලෝකයේ දියුණුතම වරායන් ආදර්ශයට ගෙන මෙරට වරාය පහසුකම් සංවර්ධනය කිරීමෙන් සංවර්ධන ඉලක්ක කඩිනමින් ලඟාකරගත හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

    බහලුම් 24,000ක් ප්‍රවාහනය කළහැකි ලොව විශාලතම නෞකා ආකර්ශණය කර ගැනීමට ඉවහල් වන අයුරින් මෙරට වරාය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු සහ නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (15) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය.

    රට ආසන්නයෙන් යාත්‍රා කරන ජාත්‍යන්තර නෞකාවනට සේවා සැපයීමට හැකි පරිදි වරාය පද්ධතිය දියුණු කරමින් කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය, කන්කසන්තුරේ සහ ඔලුවිල් වරාය සංවර්ධනය කළ යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    කොළඹ වරායේ නැගෙනහිර සහ බටහිර පර්යන්ත සංවර්ධනය වේගවත් කළ යුතුය. ප්‍රති නැව්ගත කිරීම හැසිරවීමේ ධාරිතාව, ගුදම් පහසුකම් හා භාණ්ඩ අංගන, සැපයුම් පහසුකම් අන්තර්ජාතික ප්‍රමිතියට වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණ.

    රත්මලාන, පෑලියගොඩ සහ වේයන්ගොඩ ආශ්‍රිතව නව ගුදම් පහසුකම්  ඉදි කරමින් කොළඹ වරාය සංක්‍රමණික බහලුම් කේන්ද්‍රයක් (Transshipment Hub) බවට පත්කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

    රජය මැදිහත්වී ඉන්ධන ගබඩා  ටැංකි ඉදිකර නැව් වලට ඉන්ධන සැපයීම කළයුතුය. විශාල ප්‍රමාණයේ බෝට්ටු ඉදිකිරීමෙන් පසු ඒවා දියඹට ගෙන යාමට බේරුවල ප්‍රදේශය ආශ්‍රිතව දියත් කිරීමේ යාත්‍රාංගනයක් ඉදිකිරීමට  ජනාධිපතිතුමාගේ අනුමැතිය හිමි විය.

    විදේශ වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් අපනයනය සඳහා නැව් සහ බෝට්ටු නඩත්තුව, අළුත්වැඩියාව හා නිෂ්පාදනය පුළුල් කිරීම, ප්‍රධාන වරාය කේන්ද්‍ර කර ගනිමින් නාවික කාර්ය මණ්ඩල හුවමාරුවට අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබීය.

    අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු සහ රේඛීය ආයතන ප්‍රධානීහූ සහ වරාය  ක්ෂේත්‍රයේ ව්‍යවසායකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

  • දරුවන් 46 දෙනෙකු සමඟ සිරගතව සිටින මව්වරුන් පිළිබඳ වාර්තාව අගමැතිට භාර දෙයි

    දරුවන් 46 දෙනෙකු සමඟ සිරගතව සිටින මව්වරුන් පිළිබඳ වාර්තාව අගමැතිට භාර දෙයි

    සිරකරු  සුභසාධක දිනය වෙනුවෙන් නිකුත් කරන සමරු කොඩිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පැළඳවීම අද (15) දින අරලියගහ මන්දිරයේදී සිදු විය.

    ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ සිරකරු  සුභ සාධක සංගමයේ  හිටපු උප සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.ඒ.ඩී. සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සමරු කොඩිය පැළඳුවේය.

    කොඩි අලෙවි කිරීමෙන් ලැබෙන මුදල් සෘජුවම සිරකරු සුභ සාධනය වෙනුවෙන් වැය කිරීමට නියමිතය.

    ජාතික පුවත්පතක පළ වූ, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ දරුවන් 46 දෙනෙකු සමඟ සිරගතව සිටින මව්වරුන් පිළිබඳ වාර්තාව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය ඇමතිනී  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය  මෙම හමුවේදී අග්‍රාමාත්‍යවරයා වෙත භාර දුන්නාය.

    එම වාර්තාවේ සඳහන් කරුණුවලට අදාළව දරුවන් සම්බන්ධයෙන් කළ හැකි විශේෂ වැඩසටහනක් සොයා බලන ලෙසත්,  ඔවුන්ට නිදහස ලබාදීමට හැකි නෛතික පසුබිම සොයා බලන්නැයි ද අග්‍රාමාත්‍යවරයා අමාත්‍යවරියට උපදෙස් දුන්නේය.

    අගමැතිවරයා මෙම හමුවට එක්ව සිටි බන්ධනාගාර හා පුනරුත්ථාපනයට අදාළ, විෂය භාර ප්‍රධානීන් සමඟ දැනට බන්ධනාගාර තුළ පවතින දුෂ්කරතා සම්බන්ධයෙන් ද සාකච්ඡාවක නිරත විය.

    දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේදී ඔවුන් නිසි ක්‍රමවේදයක් යටතේ වැඩබිම්වලට යොමු කිරීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍යවරයා විෂය භාර අමාත්‍යවරියට උපදෙස් දුන්නේය.

    ඒ අනුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රැඳවියන් ගොවිපළ හා කර්මාන්තශාලාවලට යොමු කර, නිසි පුනරුත්ථාපන ක්‍රමවේදය සපිරූ යහපත් පුද්ගලයන් ලෙස  සමාජගත කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක්  අධිකරණ අමාත්‍යංශය සමඟ  ඉදිරියේදී සාකච්ඡා කොට සකස් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා  අවධාරණය කළේය.

    මෙම අවස්ථාවට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය ඇමතිනී  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂක සිරකරු  සුභ සාධක සංගමයේ  හිටපු උප සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.ඒ.ඩී. සිරිසේන, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහත්වරු ද එක්ව සිටියහ.

  • බහරේන් සිට පැමිණි 60 වියේ පුද්ගලයෙක් කොවිඩ්වලින් මරුට

    බහරේන් සිට පැමිණි 60 වියේ පුද්ගලයෙක් කොවිඩ්වලින් මරුට

    බහරේන් සිට පැමිණ නිරෝධායන වෙමින් සිටි පුද්ගලයෙක් හලාවත රෝහලේ දී අද (14) මියගොස් තිබේ. ඔහුව පසුගිය 9 වන දා හලාවත රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී සිදුකළ PCR පරීක්ෂණයකින් ඔහුට කොවිඩ් -19 වැළඳී ඇති බව තහවුරුවී තිබේ. සෞඛ්‍ය අංශ පැවසුවේ ඔහු 60 හැවිරිදි පුද්ගලයෙක් බවත් පසුගිය 2 වැනිදා මෙරටට පැමිණ ඇති බවය. සෞඛ්‍ය අංශ පැවසුවේ ඔහුට හෘදයාබාධයක් ද වැළඳී ඇති බවය. එම පුද්ගලයා නුගේගොඩ පදිංචිකරුවෙකි.

  • ශ්‍රී ලංකාවේ ඉතාලියේ තානාපතිනිය සහ අගමැති මහින්ද අතර හමුවක්

    ශ්‍රී ලංකාවේ ඉතාලියේ තානාපතිනිය සහ අගමැති මහින්ද අතර හමුවක්

    ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා ජුලියානා මැනෙල්ලා මහත්මිය අද (14) දින අරලියගහ මන්දිරයේදී  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූවාය.

    ඉතාලිය හා ශ්‍රී ලංකාව අතර සහයෝගයෙන් කටයුතු කළ හැකි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව දෙරටේ නියෝජිතයෝ මෙහිදී සාකච්ඡා කළහ.

    ඉතාලි රජය මේ වන විටත් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සංවර්ධන හා කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා ආධාර ලබා දී ඇති නමුත් ආහාර සැකසීම, ජලජීවී වගාව සහ පාරිසරික සංචාරක ව්‍යාපාරය ඇතුළු විශේෂ ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ අනාගත සහයෝගීතාව වර්ධනය කිරීමට උනන්දුවක් දක්වයි.

    ඉතාලියේ  සමාගම්  රැසක් ශ්‍රී ලංකාවේ සංචාරක ආශ්‍රිත ආයෝජන කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන බව තානාපතිනි ජුලියානා මැනෙල්ලා මහත්මිය පෙන්වා දුන්නාය.

    සංචාරක ප්‍රවර්ධනය සඳහා තවදුරටත් ශ්‍රී ලංකාවේ සංවර්ධනය කළ හැකි ප්‍රදේශ කිහිපයක් පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී තානාපතිනියගේ  අවධානය යොමු කළේය.

    ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1952 දී පිහිටුවන ලදී.  2016 දී මිලාන්හි කොන්සල් ජනරාල්වරයකු පත් කිරීම ඔස්සේ මෙම සබඳතා තවත් වර්ධනය විය.

  • දේශීය දියර කිරි අවශ්‍යතාව සපුරන්න ‘ජනපතිගෙන් සැලැස්මක්’

    දේශීය දියර කිරි අවශ්‍යතාව සපුරන්න ‘ජනපතිගෙන් සැලැස්මක්’

    දේශීය දියර කිරි අවශ්‍යතාව සපුරාලීමට රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ සහ කුඩා පරිමාණ ගොවීන්ගේ එකතුවෙන් කෙටි සහ දිගුකාලීන සැලැස්මක් දියත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

    තෘණ වගාව, කිරි ගවයන් බෝ කිරීම සහ පර්යේෂණ ආයතන සේවා වැඩිදියුණු කොට කඩිනමින් ඉලක්ක සාර්ථක කර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

    පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (14) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

    මෙරට වාර්ෂික කිරි අවශ්‍යතාවෙන් දේශීයව නිෂ්පාදනය කරනු ලබන්නේ 40%කට  අඩු ප්‍රමාණයකි. පෝෂ්‍යදායක නැවුම් දියර කිරි පානය සඳහා ඇති අවස්ථාව මේ නිසා ජනතාවට අහිමි වී තිබේ. ඉදිරි දශකය තුළ දියර කිරි නිෂ්පාදනය නැංවීමට පියවර ගන්නා බව  “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනාධිපතිතුමා ප්‍රතිඥා දී තිබේ.

    රටේ විවිධ ප්‍රදේශවලට ගැළපෙන කිරි ගව ප්‍රභේද හඳුන්වාදීමට අවශ්‍ය පර්යේෂණ පුළුල් කිරීමට රජය අපේක්ෂා කරයි. කිරි නිෂ්පාදනය නැංවීම සඳහා ඉහළ ගුණාත්මක අගයෙන් යුත් තෘණ වර්ග වගා කිරීම සහ  ගව ආහාර නිෂ්පාදනය පිළිබඳව දීර්ඝව සාකච්ඡාවට ලක් කෙරිණ.

    සමස්ත දියර කිරි නිෂ්පාදනයෙන් 85%ක් කුඩා පරිමාණ කිරි ගොවීන් විසින් සපයනු ලැබේ. ඔවුන් ශක්තිමත් කර  ප්‍රතිශතය වැඩි කිරීමට පියවර ගත යුතු යැයි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. කිරි ලීටරයක නිෂ්පාදන පිරිවැය ඉහළ යාමෙන් ගොවීහූ අධෛර්මත් වී සිටිති. තෘණ ඇතුළු ගව ආහාර සහන ක්‍රමයකට කිරි ගොවීන්ට සැපයීමේ අවශ්‍යතාව බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයට අවශ්‍ය සත්ව ආහාර නිෂ්පාදනය සඳහා ගොවීන් දිරිමත් කිරීම ආයතනික මට්ටමින් කළ යුතු බව  පෙන්වා දෙනු ලැබිණ.

    සත්ව ගොවිපොළ ආශ්‍රිත පරිසර ගැටළු විසඳීමට මධ්‍යම පරිසර අධිකාරිය මැදිහත්වීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා එය ගොවියාට බරක් නොකළ යුතු බව අවධාරණය කළේය.

    පාරම්පරිකව පවත්වාගෙන යන සත්ව ගොවිපොළ ජනතා පැමිණිලි පදනම් කර ගනිමින් විමර්ශණයකින් තොරව වසා දැමීම නොකළ යුතු බව ද බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

    කිරි නිෂ්පාදන වර්ධනය අරමුණු කොට ගෙන  වතු සමාගම් 15ක් දායක කර ගනිමින් කිරි ගවයන් 15,000ක් ඇති කිරීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සඳහන් කළේය.

    කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදනය පුළුල් කිරීම හා මහා පරිමාණ නිෂ්පාදකයින් අපනයන වෙළෙඳපොළට යොමු කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණ. බිත්තර, කුකුළු මස් සහ ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් 2020 වසරේ දී අමරිකානු ඩොලර් මිලියන 16ක විදේශ විනිමයක් ඉපැයීමට අපේක්ෂා කරන බව පෞද්ගලික අංශයේ ආයෝජකයෝ කීහ.

    අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු, රේඛිය ආයතනවල ප්‍රධානිහූ සහ පෞද්ගලික ව්‍යවසායකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ. 

  • නවමහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනකුට ජනපති අතින් පත්වීම්

    නවමහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනකුට ජනපති අතින් පත්වීම්

    නව මහාධිකරණ විනිසුරුවරුන් දොළොස් දෙනකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය                             කලින් හෙබ වූ පදවිය

    01- ඩබ්ලිව්.ඒ. පෙරේරා මහතා                                  –        දිසා විනිසුරු

    02- සී. මීගොඩ මහත්මිය                                           –        දිසා විනිසුරු

    03- ඒ.අයි.කේ. රණවීර මෙනවිය                                 –        දිසා විනිසුරු

    04- කේ.එස්.එල්. ජයරත්න මෙනවිය                          –        ප්‍රධාන මහේස්ත්‍රාත්

    05- ආර්.එස්.ඒ.දිසානායක මහතා                              –        මහේස්ත්‍රාත්

    06- ඩබ්ලිව්.එම්.එම්. තල්ගොඩපිටිය මහතා               –        දිසා විනිසුරු

    07- ඩී.ඩබ්ලිව්. ඩබ්ලිව්.එම්.ආර්.සී.පී. කුමාරි දෑල මෙනවිය – දිසා විනිසුරු

    08- එච්.එස්. පොන්නම්පෙරුම මහතා                       –        දිසා විනිසුරු

    09- එස්.අයි. කාලිංගවන්ස මෙනවිය                           –        අතිරේක දිසා විනිසුරු

    10- ඩී.ඒ.ආර්. පතිරණ මහතා                                     –        මහේස්ත්‍රාත්

    11- එන්.ටී. වික්‍රමසේකර මිය                                      –        රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ

    12- ඒ.ජී.යූ.එස්.එන්.කේ. සෙනෙවිරත්න මිය               –        රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ

  • රටේ නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කිරීමට කැපවෙනවා – අගමැතිගෙන් ප්‍රතිඥාවක්

    රටේ නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කිරීමට කැපවෙනවා – අගමැතිගෙන් ප්‍රතිඥාවක්

    රටේ නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කිරීමට නව රජය කැපවන බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) දින පැවසීය.

    කොවිඩ්-19 පාලනය කර ගනිමින් රටක් ලෙස යම් ජයග්‍රහණයක් ලැබුවේ නම් ඒ අපේ රටේ පවතින විශිෂ්ට සෞඛ්‍ය සේවය නිසා යැයි ආඩම්බරයෙන් කියන බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

    කොළඹ හෙද විදුහලේ හෙද සිසුන් 298 දෙනෙකු සේවයට කැපවීම හා හිස් වැසුම් පැළඳවීමේ උළෙල අරලියගහ මන්දිරයේ පැවති අවස්ථාව් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය,

    සෞඛ්‍ය සේවය අන් කවරදාටත් වඩා අවධානය දිනාගත් වකවානුවක ඔබ හමුවීමට ලැබීම භාග්‍යයක්.

    අපි දන්නවා මුළු ලෝකයම කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත්ව සිටිනවා. අප රටක් ලෙස කොවිඩ් 19 පාලනය කර ගනිමින් යම් ජයග්‍රහණයක් ලැබුවේ නම් ඒ අපේ රටේ පවතින විශිෂ්ට සෞඛ්‍ය සේවය නිසා බව ආඩම්බරයෙන් කියන්න කැමතියි.

    ඔබට මතක ඇති අපි බලයට පත් වූ සෑම අවස්ථාවකම මේ රටේ සෞඛ්‍ය සේවය ඉහළ  නැංවීමට කටයුතු කළා. වෛද්‍ය, හෙද කාර්යය මණ්ඩලවල ගුණාත්මක දියුණුව වගේම රෝහල් සහ පුහුණු පාසල්වල යටිතල පහසුකම් ගැනත් සොයා බැලුවා.

    අලුතින් රෝහල් ඉදි කළ යුතු ප්‍රදේශවලට අලුතින් රෝහල් ඉදි කළා. නමුත් පසුගිය ආණ්ඩුව සමයේ මේ කාර්යය නියමිත පරිදි සිදු වුණේ නැහැ. ඒ නිසා සෞඛ්‍ය සේවය විවිධ අර්බුදවලට මුහුණ පෑවා. ඒ නිසා සිදු වුණේ රටේ මහජනතාව ඉන් පීඩාවට පත්වීමයි.

    මේ හැමදේම ගැන හිතලා රටේ බහුතර ජනතාව එම දුෂ්කරතා ඉවත් කර ගැනීමට අපට ජනවරමක් දීලා තියෙනවා. ඒ ජනවරම නිවැරදි මාවතට ගෙන යාමට ඔබ සියලු දෙනාගේ කැපවීම අප රජයක් ලෙස බලාපොරොත්තු වෙනවා.

    හෙද වෘත්තිය අපේ රටේ පමණක් නොවෙයි මුළු ලෝකයේම ගෞරවයට පාත්‍ර වූ රැකියාවක්.  ඔබ රෝහලක සේවයට එක්වන දා පටන් ඔබගේ දැනුම මෙන්ම මානුෂීය ගති පැවතුම් රෝගියෙකු සුවපත් කිරීමට හේතුවක් වෙනවා.

    හෙද සේවයේ ඉතිහාසය ගැන ඔබ දැනටමත් හොඳින් දන්නවා. ඔබ පුහුණුව ලබන කොළඹ හෙද විදුහල මෙරට පුරෝගාමී හෙද විදුහලක්. 1939 සිට වසර 81 ක් හෙද හෙදියන් දහස් ගණනක් මේ රටට දායාද කිරීමට මෙම විදුහල කටයුතු කර තිබෙනවා.

    රට පුරා විසිර යමින් ඔවුන් කරන ලබන සේවය අද ඔබටත් රටටත් ආශිර්වාදයක් වී තිබෙනවා.

    ඒ නිසා ඔබගේ සේවයේ වටිනාකම ඉදිරියේදී තව තවත් වැඩි වෙනවා. වසංගත තත්ත්වයකදී පමණක් නෙවෙයි, විවිධ රෝගවලට මුහුණපාන රෝගීන් සුවපත් කිරීමට ඔබගේ දායකත්වය ඉතා වැදගත්. විශේෂයෙන් බෝ නොවන රෝගවලින් පීඩා විදින රෝගීන් සුවපත් කිරීමටත් ඔබ අවබෝධයෙන් කටයුතු කළ යුතුයි.

    හෙද පුහුණුව උපාධිය දක්වා යන වැඩපිළිවෙළ මේ රජය යටතේ දැනටමත්  අප සැළසුම් කර අවසන්. ඒ අනුව වසර තුනක ඩිප්ලෝමාව වසර හතරක උපාධියක් දක්වා උසස් කිරීමට අප රජය බලාපොරොත්තු වෙනවා. එසේම ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විදෙස් රටවල පවා සේවය කිරීමට ඉඩ සලසන හෙද පුහුණු ක්‍රමවේදයක් අප සකස් කරනවා. ඔබටත් එහි කොටස්කරුවන් වීමේ  භාග්‍ය උදා වෙනවා.

    එපමණක් නොවෙයි රට පුරා විසිර තිබෙන හෙද පුහුණු පාසල්වල යටිතල පහසුකම් වර්ධනය  කිරීමට අප පියවර ගන්නවා.  විශේෂයෙන් හෙද විදුහල් තුළ පවතින විද්‍යාගාර, ගොඩනැඟිලි හා නේවාසිකාගාර පහසුකම්වල පවතින අඩුපාඩු  ඉදිරියේදී මඟහරවා දීමට අප  කටයුතු කරනවා . මේ සියල්ල ඔස්සේ රජයේ බලාපොරොත්තුව නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කිරීමයි.

    ඔබ මේ පුහුණුවෙන් පසු ගෞරවනීය හෙද සේවාවේ සාමාජිකයෙකු වූ දාට ඔබට මහත් අභිමානයක් ඇති වේවි.

    රටක් වෙනුවෙන් ඔබ කරන සේවයට අප සැමදා ණය ගැතියි . අද ඔබ හිස මත පළදන හිස්වැසුම ගෞරවනීය හෙද සේවයක ආරම්භය යැයි  සිතා කටයුතු කරන්න.

    මෙම අවස්ථාවට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල්  වෛද්‍ය එස්. එච්. මුණසිංහ මහතා, කොළඹ හෙද විදුහලේ විදුහල්පතිනි ඒ. ඩබ්ලිව්. එස්. ඩබ්ලිවි. පියසේන මහත්මිය ඇතුළු හෙද හෙදියන් සහ ඔවුන්ගේ දෙමාපියන් රැසක් එක්ව සිටියහ.

  • පාසල් ළමුන්ගේ පෝෂණය ඉහළ දැමීමට අගමැතිගෙන් නව යෝජනාවක්

    පාසල් ළමුන්ගේ පෝෂණය ඉහළ දැමීමට අගමැතිගෙන් නව යෝජනාවක්

    පාසල් ළමුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමීම සඳහා දෛනිකව බිත්තරයක් ලබාදීම පිළිබඳව සොයා බලන්න යැයි අධ්‍යාපන අමාත්‍යතුමාට උපදෙස් ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) දින පැවසීය.

    බේකරි හිමියන්ගේ සංගමය හා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විජේරාම නිල නිවසේදී හමු වූ අවස්ථාවේ අගමැතිවරයා  මේ බව සඳහන් කළේය.

    බේකරි නිෂ්පාදන සඳහා බිත්තර මිල බලපාන ආකාරය පිළිබඳව බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය විසින් අග්‍රාමාත්‍යතුමා දැනුවත් කළ අතර බිත්තර නිෂ්පාදනයේදී වැයවන අධික පිරිවැය සම්බන්ධයෙන් බිත්තර නිෂ්පාදකයෝ එහිදී කරුණු පැහැදිලි කළහ.

    දිවයිනේ සියලුම බේකරි නිෂ්පාදන ආයතන සඳහා ස්ථාවර තොග මිලකට බිත්තර ලබාදීමට හැකි බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය මෙම හමුවේදී අවධාරණය කළේය.

    ඒ අනුව පාරිභෝගිකයන්ට සහනයක් සැලසෙන අයුරින් සංගම් දෙක අතර ගිවිසුම්ගත සම්මුතියකට පැමිණෙන්න යැයි අග්‍රාමාත්‍යතුමා අදාළ නියෝජිත පිරිසට දැන්වූයේය.

    කුකුළු පැටවකුගේ මිල රුපියල් 175-200 අතර මිලකට පහත හෙළීම පිළිබඳව සහ බිත්තර නිෂ්පාදකයන් සහ බේකරි හිමියන් සඳහා වන ගිවිසුම්ගත එකඟතාවයට මැදිහත්වන්න යැයි අග්‍රාමාත්‍යතුමා  විෂය භාර අමාත්‍යවරුන්ට මෙම හමුවේදී උපදෙස් දුන්නේය.

    මෙම අවස්ථාවට සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පශු සම්පත්, ගොවිපොල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් හා අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් අමන්දා කරුණාතිලක මහත්මිය ඇතුළු බිත්තර නිෂ්පාදකයින් හා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමයේ නිලධාරී මහත්ම මහත්මීන්  රැසක් එක්ව සිටියහ.