Category: සුපිරි News

  • වාතයේ රැඳෙන කුඩා අංශු මගින් ‘කොරෝනා’ පැතිරෙන බවට සාක්ෂි හමුවෙයි !

    වාතයේ රැඳෙන කුඩා අංශු මගින් ‘කොරෝනා’ පැතිරෙන බවට සාක්ෂි හමුවෙයි !

    වාතයේ රැඳෙන කුඩා අංශු මගින් කොරෝනාවයිරසය පැතිරීමේ සාක්ෂි මතුවෙමින් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගෙන තිබේ.

    තදබදය ඇති තැන, වැසුණු හෝ යහපත් වාතාශ්‍රයක් නොමැති තැන්වල වාතය මගින් සම්ප්‍රේෂණය වීමට ඇති ඉඩ බැහැර කළ නොහැකි බව නිලධාරියෙක් පැවසීය.

    මේ පිළිබඳ සාක්ෂි තහවුරු වුවහොත්, ගෘහස්ථ ඉඩකඩ තබාගැනීම සම්බන්ධ මාර්ගෝපදේශවලට එයින් බලපෑමක් එල්ල වීමට ඉඩ තිබේ.

    වයිරසය වාතය මගින් සම්ප්‍රේෂණය වීමට ඇති හැකියාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අවතක්සේරු කරනු ලැබ ඇති බවට, විද්‍යාඥයින් 200ට වැඩි පිරිසක් යොමු කළ විවෘත ලිපියකින් චෝදනා නගා තිබේ.

    මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ පුද්ගලයින්ගේ කැස්සෙන් හෝ කිවිසුම් මගින් නිකුත් වන බිඳිති ඔස්සේ වයිරසය සම්ප්‍රේෂණය වන බවකි.

    “අපට අවශ්‍ය ඔවුන් මේ සාක්ෂි පිළිගැනීම,” යැයි ලිපියට අත්සන් තැබූ, කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ රසායනඥයකු වන හොසේ ජිමෙනෙස් රොයිටර් පුවත් සේවයට පැවසීය.

    “මේක ඇත්තෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයට එල්ල කරන ප්‍රහාරයක් නොවෙයි. මේක විද්‍යාත්මක විවාදයක්. නමුත් ඔවුන් සමග මේ සම්බන්ධයෙන් කළ සාකච්ඡා ගණනාවකින් අනතුරුව මේ සාක්ෂි ප්‍රතික්ෂේප කිරීම නිසා මහජනයා අතරට යා යුතු යැයි අපට හිතුණා,” ඔහු කියා සිටියේය.

    තවත් අත්සන්කරුවකු වන හොංකොං විශ්ව විද්‍යාලයේ මහාචාර්ය බෙන්ජමින් කොව්ලුං බීබීසී සමග පැවසුවේ මෙම සොයාගැනීමේ “වැදගත් සම්බන්ධයක්” ඇති බවය.

    “සෞඛ්‍ය සත්කාර ස්ථාන ගැන සැලකුවොත්, වාතයේ ඉතා කුඩා අංශු විසිරීම ඔස්සේ සම්ප්‍රේෂණය වීම මගින් අවදානමක් ඇතිකරනවා නම් සෞඛ්‍ය සත්කාර සේවකයින් හැකි හොඳම ආරක්ෂක උපකරණ පැළඳිය යුතු බව අපට පැහැදිලියි. ඇත්තෙන්ම කෝවිඩ්-19 ට අදාළ එවැනි සම්ප්‍රේෂණයක් ගැන කතා කිරීමට තමන් උනන්දු නැති බවට එක් හේතුවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ, මෙවැනි විශේෂඥතාවකින් යුතු මුහුණු ආවරණ අවශ්‍ය තරම් ප්‍රමාණයක් ලෝකයේ බොහෝ තැන්වලට නොමැති බවයි,” යැයි ඔහු පැවසීය.

    “ප්‍රජාව අතරේ, මෙවැනි සම්ප්‍රේෂණයකින් ඇති විශේෂ අවදානමක් ගැන අප කල්පනා කරන්නේ නම්, අති විශාල පැතිරීමක් වළක්වාගන්නේ කෙසේදැයි අප කල්පනා කරන්නට අවශ්‍යයි. හොඳ වාතාශ්‍රය නැති ගෘහස්ථ පරිසරවල, ජනයාගේ තදබදය ඇති හා දිගුකාලීන සමීප සබඳතා ඇති විට එවැනි දෙයක් සිදුවෙන්න පුළුවන්,” ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

    පවතින සාක්ෂි මූලික අවදියේ පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධාන නිලධාරීන්ගේ අවධානයට ලක්කර ඇති අතර ඒ පිළිබඳ තවදුරටත් තක්සේරු කිරීම අවශ්‍ය වී තිබේ.

    වාතය මගින් කොරෝනාවයිරසය සම්ප්‍රේෂණයවීම සම්බන්ධයෙන් මතුවන සාක්ෂිවලින් කියවෙන “තදබදයෙන් යුතු, වැසුණු, හොඳ වාතාශ්‍රයක් නැති තැන් පිළිබඳ පෙන්වාදී ඇති ආකාරය බැහැර කරන්නට බැහැ.” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආසාදන වැළක්වීම හා පාලනය සඳා වූ තාක්ෂණික ප්‍රධානී බෙනඩෙටා අලෙග්‍රන්සි සඳහන් කළාය.

  • කොවිඩ් වසංගතය ගැන ‘ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්’ විශේෂ හෙළිදරව්වක්

    කොවිඩ් වසංගතය ගැන ‘ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්’ විශේෂ හෙළිදරව්වක්

    ගෝලීය වශයෙන් කොවිඞ්-19 ආසාදිතයින් වැඩි වශයෙන් හඳුනා ගැනීමට හැකියාව ලැබෙන්නේ පී.සී.ආර් පරීක්ෂණ වැඩිකළ නිසා පමණක් නොව වසංගතය තීව‍්‍රර වීම නිසා බව ලෝක සෞඛ්‍ය සංවිධාන හදිසි අවස්ථා වැඩසටහන් ප‍්‍රධානී මයිකල් රයන් මහතා ඊයේ (7) ජිනීවා නුවර පැවැති සාකච්ඡුාවකදී අවධාරණය කළා.

    මයිකල් රයන් වැඩි දුරටත් සඳහන් කළේ අපේ‍්‍රල් – මැයි මාසවලදී දෛනිකව ආසාදිතයින් 100,000ක් සමග කටයුතු කිරීමට සිදු වුවත් වර්තමානය වන විට එය දෙගුණයක් වී දෛනිකව ආසාදිතයින් 200,000ක් සමග කටයුතු කිරීමට තමන්ට සිදුව ඇති බවයි.

    ‘මෙය කිසිසේත්ම පී.සී.ආර්. පරීක්ෂණ වැඩි කිරීමේ ප‍්‍රතිඵලයක් පමණක් නොවෙයි. වසංගතය වේගවත් වෙමින් තිබෙනවා. ගෝලීය වශයෙන් ආසාදිතයින් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යනවා‘ රයන් සඳහන් කළා.

    මෙහිදී මයිකල් රයන් තවත් වැදගත් කරුණක් ගැන ද හෙළි කළා. ඒ ගෝලීය වශයෙන් ආසාදිතයින් සංඛ්‍යාව වේගයෙන් ඉහළ ගියත් මරණ අනුපාතය ස්ථාවරව පැවතීමයි.

    ‘මෙය පැහැදිලිවම ඉදිරිපෙළ කටයුතු කරන වෛද්‍යවරුන් සහ හෙදියන් රෝගීන්ව කලින්ම හඳුනා ගෙන ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට ගන්නා පියවරවල ප‍්‍රතිඵලයක්‘ ලෝක සෞඛ්‍ය සංවිධාන හදිසි අවස්ථා වැඩසටහන් ප‍්‍රධානීයා වැඩි දුරටත් සඳහන් කළා.

    දකුණු ආසියාවේ අවධානම වේගයෙන් ඉහළට

    කොවිඞ්-19 වසංගතය හමුවේ දකුණු ආසියානු කලාපයේ අවධානම වේගයෙන් තීව‍්‍රර වෙමින් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. එම වාර්තාවල දැක්වෙන්නේ ශ‍්‍රී ලංකාව, භූතානය සහ මාලදිවයින හැරුණු විට ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය සහ නේපාලයේ තත්ත්වය වේගයෙන් අර්බුදය කරා ගමන් කරමින් තිබෙන බවයි.

    ජෝන්ස් හෝප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම වාර්තා අනුව ඉන්දියාවෙන් වාර්තා වන කොවිඞ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 719,664ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් තිබෙනවා.

    පාකිස්ථානයේ ආසාදිතයින් සංඛ්‍යාව 234,509ක් වන අතර මරණ සංඛ්‍යාව 4839ක් ලෙසයි වාර්තා වන්නේ. බංග්ලාදේශයෙන් ආසාදිතයින් 168,645ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 2151ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    ඇෆ්ගනිස්ථානයෙන් ආසාදිතයින් 33,384ක් සහ මරණ 920ක් ද, නේපාලයෙන් ආසාදිතයින් 16,168ක් සහ මරණ 35ක් ද වාර්තා වී තිබෙනවා.

  • ශ්‍රී ලංකාවේ වාර්තාගත ‘පළමු සජීවී නිවුන් අලි පැටවුන්’ මෙන්න !

    ශ්‍රී ලංකාවේ වාර්තාගත ‘පළමු සජීවී නිවුන් අලි පැටවුන්’ මෙන්න !

    ශ්‍රී ලංකාවේ වාර්තාගත පළමු සජීවී නිවුන් අලි පැටවුන් දෙදෙනා මින්නේරිය ජාතික වනෝද්‍යානයේදී මේ දිනවල දක්නට ලැබෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම පැටවුන්ගේ වයස සති 3-4ත් අතර වන බවට අනුමාන කෙරේ.

    වනජීවී නිලධාරීන් සහ පර්යේෂකයෙකු වන ආචාර්ය සුමිත් පිලපිටිය මෙම නිවුන් අලි පැටවුන් ගැන වාර්තා කර ඇත.

    එකම කෙනරකගෙන් කිරි උරා බොන, එම කෙනර ඇසුරේම සිටින මෙම පැටවුන් දෙදෙනාගේ නිවුන් බව මූලික පරීක්ෂණවලදී නිරීක්ෂණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ජාන පරීක්ෂණයක්ද සිදු කිරීමට නියමිතය.

    2018 වසරේදී මාදුරුඔය අශ්‍රිතව නිවුන් අලි පැටවුන් දෙදෙනෙකු හමු වුවද එම සතුන් උපතේදී මියගොස් තිබිණි.

  • සියවසක් ඉදිරියෙන් සිටින නූතන යුගයේ මිනිසා..

    සියවසක් ඉදිරියෙන් සිටින නූතන යුගයේ මිනිසා..

    කොවිඩ්-19 වසංගය විසින් ලෝකය වෙනස් කර ඇතිවා පමණක් නොව අලුතින් සිතීමට ද පොළඹවා තිබේ. තව දුරටත් පරණ මාර්ගයේ ගමන් කළ නොහැකි බව ‘පශ්චාත් කොරෝනා සමය“ අපට කියා දෙන පාඩමයි.

    පශ්චාත් කොරෝනා සමය හුදු සාම්ප්‍රදායික දැනුමින් යල්පැනගිය චින්තයෙන් ජය ගත නොහැකිය. ඒ සදහා ‘අනාගතය දකින‘ තුන්කල් දැක්මක් තිබිය යුතුය. කළමනාකරණය, පරිපාලනය මෙන්ම අනාගතය දැක්මක් සහිත තීන්දු ගැනීමට හැකියාව තිබිය යුතුය.

    සරල අර්ථයෙන් දැක්වුවහොත් පශ්චාත් කොරෝනා යුගය යන ‘නූතන මිනිසුන් විසින් පමණක් නායකත්වය දිය යුතු යුගයකි.

    දේශපාලනයේ පමණක් නොව කළමනාකරණ ක්ෂේත්‍රයේ ද තිලංග සුමතිපාල යනු ‘සන්නම් නායමකි‘ – ‘සියවසක් ඉදිරියෙන් සිටින නූතන දැක්මක් සහිත කළමනාකරුවෙකි. පරිපාලකයෙකි.

    ඒ තිලංග තරම් නවෝත්පදනය, අනාගතය දැකීම සහ මනා කළමනාකරණය යන විෂයන්හි දක්ෂතා දැක්වූ දේශපාලනඥයෙකු මෑත කාලීන දේශපාලන හා ව්‍යාපාරික ලෝකයේ නොමැත.

    ලංකාවේ යල්පැන ගිය, පාඨකයින් ඉවත් වෙමින් සිටි, රූපවාහිනිය විසින් අභියෝග කරමින් සිටි පුවත්පත් කලාවට තිලංග නව මානයක් හදුන්වා දුන්නේය. ඒ සුමති පුවත්පත් සමාගම යටතේ ‘ඉරිදා ලක්බිම‘ පුවත්පත බිහිකිරීම සමගිනි.

    පවුලේ පවුත්පතක් ලෙස ලක්බිම ඉරිදා සංග්‍රහය විසින් ප්‍රථම වරට හදුන්වා දුන් ‘රිද්ම‘ අතිරේකය තවත් මොහොතකින් සියලු පුවත්පත් විසින් කොපි කළ අතර කඩා වැටෙමින් පැවැති පුවත්පත් කර්මාන්තයට ජීවිය දුන්නේ එදා තිලංග විසින් නව ආරක් සහිතව නිර්මාණය කළ ඉරිදා ලක්බිම පුවත්පත් ආකෘතියයි.

    ශ්‍රී ලංකාවේ සන්නිවේදනයේ ප්‍රමුඛ ආයතනය වූ ටෙලිකොම් ආයතනය තිලංගගේ නායකත්වය යටතේ ලංකාවේ ප්‍රමුඛම සන්නිවේදන ආයතනය බවට පත් වුණා පමණක් නොව ජපානයට අලෙවි කිරීමට ගිය මොබිටෙල් ආයතනය‘ ටෙලිකොම් සමාගම යටතේම කළමනාකරණයට ලක් කිරීමට එදා ටෙලිකොම් සභාපතිවරයා ලෙස තිලංග ගත් ඒ ඓතිහාසික තීන්දුව අද ටෙලිකොම් – මොබිටෙල් ජාතික සම්පත් බවට පත්ව තිබීමෙන් පැහැදිලි වේ.

    එදා තිලංග ටෙලිකොමි – මොබිටෙල් ආයතන තුළ නූතන කළමනාකරණ ක්‍රමවේදයන් අනුගමනය කරමින් දැවැන්ත කළමනාකරණ හා තාක්ෂණ විප්ලවයක් නොකළා නම් අද ලංකාවේ සන්න්වේදන පද්ධතියටම විදේශිකයින් අතට පත්ව අවසන්ය.

    ක්‍රිකට් ක්‍රීඩාව හා ක්‍රීඩා පරිපාලනය තිලංගගේ ජානගත දෙයකි. නාලන්දයෙන් බිහි වූ ක්‍රිකට් තරුවක් වන තිලංග ක්‍රීඩකයෙක් වශයෙන් මෙන්ම ක්‍රිකට් පරිපාලකයෙක් වශයෙන් ද අසාමාන්‍ය හා අනාගතවාදී කුසලතා දැක්වීමට සමත් විය. විශේෂයෙන් දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය තිලංගගේ කාර්යක්ෂම කළමනාකරණය, වේගය සහ තුන්කල් දැක්ම මනාව ප්‍රකට කරන තැනකි.

    ශ්‍රී ලාංකීය ටෙලි කලාවට ශක්තියක්, අභිමානයක් එක් කළ ‘සුමති ටෙලි සම්මාන උළෙල‘ තිලංගගේ තුන් කල් දැක්ම පමණක් නොව කළමනාකරණ හැකියාව, සංවිධාන ශක්තිය මනාව පැහැදිලි කරන කැඩපතකි.

    පශ්චාත් කොරෝනා අභියෝග

    කොරෝනා වසංගතය විසින් නිර්මාණය කර ඇති ආර්ථික, දේශපාලන, සමාජයීය හා ජාත්‍යන්තර අභියෝග ජයග්‍රහණය කළ හැකි වන්නේ අනාගතවාදී දැක්මක් සහිත, ප්‍රායෝගික නූතනවාදී මිනිසෙකුට පමණකි.

    පශ්චාත් කොරෝනා යුගයේ ජනමාධ්‍ය, අලෙවිකරණය, මහජන සම්බන්ධතාව පමණක් නොව, අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මය ආදි සියලු ක්ෂේත්‍ර ‘ඩිජිටල්කරණය‘ වී ඇති අතර දේශපාලනය පවා ඩිජිටල්කරණය වී ඇත.

    ඩිජිටල්කරණය විසින් මෙහෙයවනු ලබන, ප්‍රමුඛත්වය ගනු ලබන ලෝකයකට නායකත්වය ලබාදීමට තිලංග තරම් ප්‍රාමාණිකයෙක් ලංකාවේ දේශපාලන කරළිය තුළ ඇතැයි සිතිය නොහැකිය. ලක්බිම, ටෙලිකොම්- මොබිටෙල්, ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති ධුරය දරමින් ඉටුකළ අතිවිශිෂ්ඨ අනාගතවාදී දැක්ම හා කළමනාකරණ හැකියාව, නූතනකරණය විසින් තිලංග තම දැක්ම හා හැකියාව මනාව පැහැදිලි කර ඇත.

    එනිසා මෙම මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින තිලංග සම්බන්ධයෙන් ‘තීන්දුවක්‘ ගැනීම පුරවැසියන්ට ඉතාම පහසුය. ඒ තිලංග නම් නූතනවාදී මිනිසා විසින් මීට බොහෝ කලකට පෙර වත්මන් අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි ආකාරය මනාව ප්‍රකට කර ඇති නිසාය.

    අතීතයට සහ වර්තමානයට ජයග්‍රහණ රාශියක් උරුමකරදුන් තිලංග ලෝකයක් දණ ගැස්සව වූ වසංගතයක් ඉදිරියේ පශ්චාත් කොරෝනා අභියෝගයෙන් ශ්‍රී ලංකාව යළි ඔසවා තබන්නට අනාගතය වෙනුවෙන් ඔහු දකින, ඔහු ඉදිරිපත් කරන “මාස්ක් වාදය” හැකි වෙත්දැයි අපි බලා සිටිමු.


  • A/L වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට නියමිත සිසු සිසුවියන්ට විශේෂ දැනුම්දීමක්

    A/L වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට නියමිත සිසු සිසුවියන්ට විශේෂ දැනුම්දීමක්

    උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2020 ජූලි මස 20 තෙක් දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 

    මේ සඳහා අදාළ අයදුම්පත් සහ වෘත්තීය විෂයධාරාව ක්‍රියාත්මක වන පාසල් ලේඛනය  www.moe.gov.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකිය. 

    වැඩිදුර තොරතුරු සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ “සැමට අධ්‍යාපන ශාඛාවේ“ දුරකථන අංක 0112 787136 මඟින් විමසීම් කළ හැකිය. 

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඕනෑම සිසු දරුවෙකුට මේ සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසා දී ඇති අතර, වෘත්තීය විෂය ධාරාව යටතේ හඳුන්වා දී ඇති වෘත්තීය විෂයයන් 26ක් අතුරින්, තමා වඩාත් ප්‍රියකරන වෘත්තීය විෂය ක්ෂේත්‍රයක් තෝරාගැනීමට ද සිසු දරුවන්ට මේ යටතේ හැකියාව ලැබේ. 

    දිවයින පුරා සෑම අධ්‍යාපන කළාපයක් ම නියෝජනය වන අයුරින් පාසල් 311ක මේ වනවිටත් උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව ක්‍රියාත්මක වන අතර මේ වසරේ සිට සෑම අධ්‍යාපන කොට්ඨාසයක් ම නියෝජනය වන අයුරින් තවත් පාසල් 112ක වෘත්තීය විෂය ධාරාව ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.  

    මෙම වෘත්තීය විෂයධාරාව හදාරන සිසුන් වෙත තමන් තෝරාගන්නා වෘත්තීය විෂය ක්ෂේත්‍රය සම්බන්ධව පාසල තුළ න්‍යායික පුහුණුවක් ද වෘත්තීය ආයතනයක් හා සම්බන්ධ වෙමින් රැකියාගත පුහුණුවක් ද අධ්‍යයන කාලසීමාව තුළ ලබා දෙනු ලැබේ.  

    ජාතික වෘත්තීය පුහුණු නිපුනතා 4 වැනි මට්ටම (NVQ Level 4) සහතිකය ද, උසස් පෙළ සමත් බවට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන ප්‍රවීණතා සහතිකය ද වෘත්තීය විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන සෑම සිසුවෙකුට ම හිමිවේ.  

    එමෙන් ම වෘත්තීය පුහුණුවට යොමුවන කාලසීමාව තුළ සිසුන්ගේ දෛනික පැමිණිම අනුව දිනකට රුපියල් 500ක් බැගින් වන දීමනාවක් ද හිමිවේ.

  • මහ මැතිවරණය අභියස විදුලිය ඇණහිටවීමේ කුමන්ත්‍රණයක්

    මහ මැතිවරණය අභියස විදුලිය ඇණහිටවීමේ කුමන්ත්‍රණයක්

    පසුගිය රජයට පක්ෂපාතී ලංවිම ඉහළ නිළධාරින් පිරිසක් ඉතා සුක්ෂම ව මේ සදහා උපක්‍රමශීලිව කටයුතු කරමින් සිටි.

    කොවිඩ් 19 වසංගතයට පෙර, ඉදිරියේ දී ඇතිවිය හැකි හදිසි විදුලි අර්බුදයකට විසදුමක් ලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව මෙගා වොට් 200 ක් සදහා ටෙන්ඩර් පත් කැදවා තිබුණි.

    අවුරුදු 17 ක් වැඩිමිලට විදුලිය ලබා දුන් සමාගමක් අභිබවා ඩුබායි සහ චීන සමාගම් දෙකක් විසින්  එම ටෙන්ඩරය දිනා ගන්නා ලදී. මින් වැඩි ප්‍රමාණයක් ඉතා අඩු මිල ගණන් ඉදිරිපත් කළ චීන සමාගම සතු විය.

    පසුගිය වසර ගණනාවක් තිස්සේ හදිසි විදුලිය සැපයීමේ යෙදී සිටි ඇග්‍රිකෝ (AGGREEKO)  සමාගමට වඩා ඉහත චීන සමාගමෙන් විදුලිය ලබා ගැනිමෙන් ලංවිමට අවුරුද්දක් තුළ රුපියල් බිලියන 5.1 කට අධික ලාභයක් ලැබිය හැකිව තිබුණි.

    කැබිනට් මණ්ඩලය අනුමත ජාත්‍යන්තර ටෙන්ඩර් පටිපාටිය අනුව ටෙන්ඩර් කරන ලද එම ටෙන්ඩරය ලබා නොදී කල් මරමින් සිටින්නේ ඇයි ද යන්න ඉතා සැකයට භාජනය වන කරුණකි.

    අප වෙත වාර්තා වන පරිදි පැවති පසුගිය රජයට සම්බන්ධ ලංවිම ඉහළ නිළධාරීන් මැතිවරණයට පෙර රට පුරා විදුලි කප්පාදුවකට හොර රහසේ සුදානම් වන බව ප්‍රත්‍යක්ෂ වී ඇත. ඔවුන් අරමුණ වී ඇත්තේ ඇග්‍රිකෝ (AGGREEKO)  සමාගමට නැවත අවස්ථාවක් ලබා දීම සදහා නැවතත් ටෙන්ඩර් පත් කැඳවීමක් සිදු කිරීමටය.

  • සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත සියළුම වාහන සදහා ලබා දී ඇති මාස 06 ක කල්බදු සහනය වසරක් දක්වා දීර්ඝ කෙරේ

    සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත සියළුම වාහන සදහා ලබා දී ඇති මාස 06 ක කල්බදු සහනය වසරක් දක්වා දීර්ඝ කෙරේ

    සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත සියළුම වාහන සදහා ලබා දී ඇති මාස 06 ක කල්බදු සහනය වසරක් දක්වා දීර්ඝ කෙරේ. ඒ සදහා මහ බැංකුවට අදාළ උපදෙස් ලබා දී ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    පවත්නා කල්බදු ගිවිසුම සලකා බැලීමෙන් තොරව හා සහන කාලය තුළ නොගෙවෙන ලද මුදල් සදහා ගාස්තු රහිත ව මෙම සහනය සැලසීමට රජය තීරණය කර තිබේ. කැබිනට් මණ්ඩල අනුමැතිය ද මේ සදහා හිමි ව ඇත. ඊට අමතරව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක ව්‍යාපාරික ස්ථානවල ජල හා විදුලි බිල්පත් ගෙවීම සදහා ද සහන සලසා ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මේ අනුව 2020 මාර්තු 01 වෙනිදා සිට අගෝස්තු 31 දක්වා වු විදුලි හා ජල බිල්පත් සැප්තැම්බර් මාසයේ සිට සමාන වාරික 12කින් ගෙවීමට ඉඩකඩ සලසා තිබේ. ඒ පිළිබද ව රජය දැනටමත් විදුලිබල මණ්ඩලය හා ජල සම්පාදන මණ්ඩලය දැනුවත් කර තිබේ.

    මේ අතර සංචාරක මගපෙන්වන්නට හා රියදුරන්ට සහන සැලසීමේ වැඩ සටහන සදහා මේ වන විට අයදුම්පත 2500 පමණ ලැබි ඇත. කොවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත් වූ සංචාරක මාර්ගෝපදේශකයන්ට රු 20,000ක මුදලකුත් රියදුරන්ට රු.15,000 ක මුදලකුත් ලබා දීමට නියමිතය. ඉදිරි සතිය වන විට ඒම ගෙවීම් කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂිතය.

    මේ අතර යුරෝපා සංගමය  කොවිඩ් 19 හේතුවෙන් බිද වැටුණු සංචාරක කර්මාන්තය නංවාලීම සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 3.5 ක ප්‍රදානයක් ලබා දීමට නියමිතය. ඒ සදහා අදාළ යෝජනා මේ වන විටත් යුරෝපා සංගමය වෙත ඉදිරිපත් කර තිබෙන බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

  • ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොළී අනුපාතයේ කිසිදු වෙනසක් සිදුකර නෑ

    ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොළී අනුපාතයේ කිසිදු වෙනසක් සිදුකර නෑ

    ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු වෙනුවෙන් ගෙවනු ලබන පොලි අනුපාතයේ කිසිදු වෙනසක් සිදුකර නොමැති බවත් මෙතෙක් පැවැති පොලි අනුපාතය එලෙසම අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් මුදල් අමාත්‍යාංශය අද (07) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    එහි වැඩි දුරටත් සදහන් වන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු වෙනුවෙන් ලබාදුන් විශේෂ පොලි අනුපාතය සංශෝධනය කර ඇති බවටත්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම මත ඔවුන්ට ලබාදී තිබූ ආදායම් බදු සහනය ඉවත් කර ඇති බවටත් ඇතැම් මාධ්‍ය මගින් කර ඇති ප්‍රකාශ අසත්‍ය හා පදනම් විරහිත බවයි.

    එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

    තම ජීවිතයේ තරුණ ජවය රටේ සංවර්ධනය වෙනුවෙන් කැපකළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණින් 2014 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලබන “ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා වූ විශේෂ පොලී අනුපාත” වැඩසටහන යටතේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු වෙනුවෙන් ලබාදුන් විශේෂ පොලි අනුපාත ප්‍රතිලාභයේ කිසිඳු සංශෝධනයක් සිදුකර නොමැති බවත්, එම වැඩසටහන මෙතෙක් ක්‍රියාත්මක කළ ආකාරයටම අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බවත් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය අවධාරණය කරනු ලබයි.

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු වෙනුවෙන් ලබාදුන් විශේෂ පොලි අනුපාතය සංශෝධනය කර ඇති බවටත්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම මත ඔවුන්ට ලබාදී තිබූ ආදායම් බදු සහනය ඉවත් කර ඇති බවටත් ඇතැම් මාධ්‍ය මගින් කර ඇති ප්‍රකාශ අසත්‍ය හා පදනම් විරහිත වේ. රජය විසින් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැත. නව රජය පත්වීමත් සමඟ 2020.01.01 දින සිට බැංකු පොලිය මත අයකළ රඳවා ගැනීමේ බද්ද (Withholding Tax) අහෝසි කරන ලද අතර, මාසික පොලී ආදායම රු. 250,000.00 ක් එනම් වසරකට රු. 3,000,000 ක් දක්වා බද්දෙන් නිදහස් කර ඇත.

    මෙවැනි අසත්‍ය හා පදනම් විරහිත ප්‍රකාශ මගින් නොසන්සුන්තාවයට පත්නොවන ලෙස ස්ථාවර තැන්පතු පවත්වාගෙන යන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය දැනුම්දෙනු ලැබේ.

  • මහින්දගේ සුරතලාගේ පොරටෝක් නිසා අනාථවුන ගාල්ලේ පොහොට්ටුවෝ

    මහින්දගේ සුරතලාගේ පොරටෝක් නිසා අනාථවුන ගාල්ලේ පොහොට්ටුවෝ

    මහ ඇමතිකම ගන්න මහින්දගේ පස්සෙන් ගිය ගාල්ලේ දුරකතන ඩයල් එක මෙවර මහ මැතිවරණයේ තැන තැන ලබාදෙන පොරටෝක් හේතුවෙන් ගාල්ලේ පොහොට්ටු අපේකෂකයින් ගණනාවක් කලකිරීමට පත්ව ඇති බව අනාවරණය වෙයි.

    මහින්ද මහත්තයා තමන්ට වැඩිය ගයන්තට ලෙංගතු බව පවසා ඇති මොවුන් ගෝඨාභය ජනාධිපතිතුමාගේ රට ගොඩනගන වැඩ පිලිවෙලට මෙවැනි දෙපිටකාට්ටුවන්ගෙන් වැඩක් නොමැති බව අවධාරණය කරයි.

    එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් ඇමතිකම් දැරැවත් ගාල්ලට කිසි වැඩක් කර නැති අවම තරමේ කක්කුස්සියක්වත් තනා නැති මොහු අද මැතිවරණයට ඉදිරිපත්ව ඇත්තේ කිලී මහරාජාගේ අල්ලේ නැටවෙන පුතාණෝගේ පක්ෂයෙනි. 2001 – 2004 කාලසීමාවේ එජාප රජයට කොරියාවෙන් ලැබුනු තරැණයින් සඳහා වන රැකියා අවස්ථාහී ගාල්ලට ලැබුණු සියලුම රැකියාවන් කොළඹ ජාවාරම්කාර සමාගමක් සමග එක්ව මුදලට විකුණා තම මඩිය තරකර ගත් අයෙකි. එක රැකියාවක් ලබාදීම සදහා රැපියල් ලක්ෂ දහයක පමණ මුදලක් ලබාගෙන ඇති බවට වාර්තාවේ. මුදල් ලබාදුන්නද රැකියාවට යාමට නොහැකිව අතරමංවුන තරැණ තරැණියන් ගණනාවක් අදටත් බෙන්තර ඇල්පිටිය අසරණව සිටින්නේ මොහුට ඇති ජඩ දේශපාලන හයියට බියවීම නිසාය.

    රැකියා ජාවාරමට අමතරව මොහු විසින් කරගෙන යන තවත් ජාවාරමක් වන්නේ ළමුන් පාසැල්වලට ඇතුලු කිරීමයි. කොළඹ රාජකීය විදුහල සදහා එක් ළමයෙකු නීති විරෝධී ලෙස ඇතුලත් කර ගැනීමට මොහු රැපියල් ලක්ෂ 20ක් දක්වා මුදල් ලබාගන්නා බවටද වාර්තාවේ. මොහුට එරෙහිව රාජකීය විදුහල් ආදිසිසු සංගමය කිහිප අවස්ථාවකම කීර්තිමත් රාජකීය ආදි සිසුවකුවු එජාප නායක රනිල් වික්ර්මසිංහ මහතාටද පැමිණිලි කර ඇත. නායකතුමා ඒ හැම අවස්ථාවකදීම මොහුව කැදවා ඉගෙන ගත්ත පාසැලට අවනම්බු නොකරන්නැයි අවවාද කර ඇත.

    මොහුගේ හදිසි පක්ෂ මාරැවට හේතුව වන්නේද පක්ෂ නායකත්වය මේ චෝදනා සම්බන්ධව පක්ෂය තුල විනය පරීක්ෂණයක් ආරම්භ කිරීමට ගත් තීරණය බවද දැනගන්නට ඇත. ගාලු දිසාවේ පොහොට්ටුවේ නායකයින් ජනපති ගොඨාභයට ශක්තියක් වන්නට කොතෙක් මහන්සි වුවත් මහින්ද සලකන්නේ මොහුට වීමද ඔවුනගේ කලකිරීමට හේතුවී ඇත. මෙයට ආසන්නම හේතුව ලෙස ඔවුන් අවධාරණය කරන්නේ විජේරාම පිහිටි මන්තරී නිල නිවාසය විශේෂ කැබිනට් ප්‍රතිකාවක් දමා මහින්ද විසින් මොහුට අත්පත්කරදීමට කටයුතු කිරීමයි.

    මෙවැනි තත්වයක් යටතේ මොහු දේශපාලනයෙන් ඉවත් කලයුතු බව ගාල්ල පොහොට්ටු අපේක්ෂකයින්ගේ අරමුණවී ඇති අතර මොහුගේ හා අගමැති මහින්දගේ සබඳතා ගැන ජනපති ගෝඨාව දැනුවත් කිරීමටද ගාල්ල තරැණ අපේකෂකයින් කටයුතු කරමින් සිටී. තම කාර්යාලයේ කාමරයට ඉදිරියෙන්ද ඇගිලි සලකුණ මැෂින් හයිකර ගනිමින් මොහුකල කාන්තා ඇසුරන් පිලිබදවද තොරතුරැ ඉදිරියේදී අප සාක්ෂි සහිතව අනාවරණය කරන්නට බලාපොරොත්තු වන්නෙමු. ගාල්ලට කිසිදු කරැණාවක් නොදැක්වු මේ තිලකයිගේ සුදු පිරැවට එදාට අනිවාර්යෙන් ලිහී යනු ඇත.

  • සෞඛ්‍යාරක්ෂිත පාර්ලිමේන්තුවක් සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සමග සාකච්ඡා

    සෞඛ්‍යාරක්ෂිත පාර්ලිමේන්තුවක් සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සමග සාකච්ඡා

    මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගත වෙමින් සැසිවාර පැවැත්වීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කර උපදෙස් ලබා දීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් පාර්ලිමේන්තුවට එවීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

    ඒ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවෙල යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් පිරිසක් අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදීය.

    පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ඉතා කඩිනමින් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති බැවින් අභිනව පාර්ලිමේන්තුවේ කටයුතු සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වීමට අදාළව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කිරීම සදහා මෙම හමුව පැවැත්විණි.

    මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව රැස්වන ප්‍රථම දිනයේදී  නව කථානායකවරයා තෝරාපත්කර ගැනීම සහ නව මන්ත්‍රීවරුන් දිවුරුම්දීම සදහා සියලුම මන්ත්‍රීවරුන් සභාගර්භය තුළ සිටීම අත්‍යාවශ්‍ය වන බවයි. අනතුරුව ඉදිරි රැස්වීම් පැවැත්විය යුතු ආකාරය මන්ත්‍රීවරුන්ට තීරණය කළ හැකි බවද මහලේකම්වරයා පැවසීය.

    එබැවින් පළමු පාර්ලිමේන්තු රැස්වීමේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයද සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කළ යුතු බැවින් ඒ සදහා සෞඛ්‍ය බලධාරීන්ගෙන් නිසි උපදෙස් ලබා ගැනීම ඉතා අත්‍යාවශ්‍ය බවද දසනායක මහතා මෙහිදී පැවසීය.

    මේවන විට සමාජ දුරස්ථභාවය, දෑත් පවිත්‍ර කිරීම,ශරීර උෂ්ණත්වය මැන බැලීම  ඇතුළු සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ සියලු කටයුතු සිදු කරන බවත් කාර්ය මණ්ඩල දැනුවත් කිරීම් ඇතුළු රැස්වීම් සියල්ලක්ම පාහේ ඔන්ලයින් ක්‍රමයට පවත්වන බවත් ඒ මහතා පැවසීය.

    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා සිටියේ මේවන විට ශ්‍රී ලංකාවේ  කොවිඩ් වෛරසය ඉතා හොදින් පාලනය වී තිබුණද විදේශ රටවල සිට මෙරටට පැමිණෙන තැනැත්තන්ගෙන් වෛරසය රටතුළට පැමිණ ව්‍යප්තවීමේ අවධානම පහව ගොස් නොමැති බැවින් ඉදිරියටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනිවාර්යෙන්ම අනුගමනය කළ යුතු බවයි.

    මේ අනුව ඉදිරි දිනකදී නියෝජ්‍ය  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් ඇතුළු කණ්ඩායමක් පැමිණ පාර්ලිමේන්තුවේ සභාගර්භය ,කාරක සභා ශාලා, ආපන ශාලා ඇතුළු අනෙකුත් ස්ථාන නිරීක්ෂණයෙන් පසු  අදාළ සෞඛ්‍යාරක්ෂිත උපදෙස් ලබා දීමට අපේක්ෂා කරන බව ද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

    කොවිඩ් 19 තත්ත්වය පාලනයට අදාල මාර්ගෝපදේශ සහිත පොත් කට්ටල පාර්ලි‍මේන්තුව වෙත ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවිය.

  • මහ මැතිවරණය අභියස විදුලිය ඇණහිටවීම සදහා  කුමන්ත්‍රණයක්

    මහ මැතිවරණය අභියස විදුලිය ඇණහිටවීම සදහා කුමන්ත්‍රණයක්

    මහ මැතිවරණය අභියස විදුලිය ඇණහිටවීම සදහා  පසුගිය රජයට පක්ෂපාතී ලංවිම ඉහළ නිළධාරින් පිරිසක් ඉතා සුක්ෂම හා උපක්‍රමශීලිව කටයුතු කරමින් සිටි.

    කොවිඩ් 19 වසංගතයට පෙර, ඉදිරියේ දී ඇතිවිය හැකි හදිසි විදුලි අර්බුදයකට විසදුමක් ලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව මෙගා වොට් 200 ක් සදහා ටෙන්ඩර් පත් කැදවා තිබුණි.

    අවුරුදු 17 ක් වැඩිමිලට විදුලිය ලබා දුන් සමාගමක් අභිබවා ඩුබායි සහ චීන සමාගම් දෙකක් විසින්  එම ටෙන්ඩරය දිනා ගන්නා ලදී. මින් වැඩි ප්‍රමාණයක් ඉතා අඩු මිල ගණන් ඉදිරිපත් කළ චීන සමාගම සතු විය.

    පසුගිය වසර ගණනාවක් තිස්සේ හදිසි විදුලිය සැපයීමේ යෙදී සිටි ඇග්‍රිකෝ (AGGREEKO)  සමාගමට වඩා ඉහත චීන සමාගමෙන් විදුලිය ලබා ගැනිමෙන් ලංවිමට අවුරුද්දක් තුළ රුපියල් බිලියන 5.1 කට අධික ලාභයක් ලැබිය හැකිව තිබුණි.

    කැබිනට් මණ්ඩලය අනුමත ජාත්‍යන්තර ටෙන්ඩර් පටිපාටිය අනුව ටෙන්ඩර් කරන ලද එම ටෙන්ඩරය ලබා නොදී කල් මරමින් සිටින්නේ ඇයි ද යන්න ඉතා සැකයට භාජනය වන කරුණකි.

    අප වෙත වාර්තා වන පරිදි පැවති පසුගිය රජයට සම්බන්ධ ලංවිම ඉහළ නිළධාරීන් මැතිවරණයට පෙර රට පුරා විදුලි කප්පාදුවකට හොර රහසේ සුදානම් වන බව ප්‍රත්‍යක්ෂ වී ඇත. ඔවුන් අරමුණ වී ඇත්තේ ඇග්‍රිකෝ (AGGREEKO)  සමාගමට නැවත අවස්ථාවක් ලබා දීම සදහා නැවතත් ටෙන්ඩර් පත් කැඳවීමක් සිදු කිරීමටය.

  • මුහුණේ හැඩය අනුව ‘සුදුසු කොණ්ඩා මෝස්තරය’ තෝරා ගන්නේ කෙසේද ?

    මුහුණේ හැඩය අනුව ‘සුදුසු කොණ්ඩා මෝස්තරය’ තෝරා ගන්නේ කෙසේද ?

    ‘‘කොණ්ඩා මෝස්තරයක් තෝරා ගැනීමේදී මුහුණේ හැඩය මතක තබා ගත යුතු වැදගත් කරුණකි.” 

    වටකුරු මුහුණක් සඳහා ගැළපෙන කොණ්ඩා මෝස්තරය දිගැති මුහුණක් සදහා ගැළපෙන්නේ නැත.

    නමුත් මුහුණේ හැඩය හෝ ඒ සදහා සුදුසු කොණ්ඩා මෝස්තරය තීරණය කිරීම පහසු දෙයක් නොවේ. ඒ ගැන තමා මෙන්ම කොණ්ඩා මෝස්තර නිර්මාණ ශිල්පියා ද මනාව දැනුවත් වී සිටිය යුතුය.  ඔබ එය මනාව දැනගත් පසු මුහුණට ගැළපෙන සුන්දර කොණ්ඩා මෝස්තරයක් තෝරා ගැනීම තවදුරටත් දුෂ්කර කාර්යයක් නොවනු ඇත!

    ඔබේ මුහුණේ හැඩය සහ කොණ්ඩා මෝස්තරය තීරණය කිරීම


    අපට පොදුවේ 06 ආකාරයක මුහුණු දැක ගත හැකිය.

    1. හෘද හැඩැති මුහුණ, Heart-Shaped Face
    2. වටකුරු හැඩැති මුහුණ, Round-Shaped Face
    3. හතරැස් හැඩැති මුහුණ, Square-Shaped Face
    4. ඕවලාකාර හැඩැති මුහුණ, Oval-Shaped Face
    5. දියමන්ති හැඩැති මුහුණ, Diamond-Shaped Face
    6. සෘජුකෝණාස්රාකාර හෝ දිගටි හැඩැති මුහුණ,Rectangular-Or Oblong-Shaped Face

    සෑම කෙනෙකුටම තම මුහුණෙහි හැඩය කුමක්දැයි දැන ගැනීම පහසු නැත. ඔබේ මුහුණේ හැඩය හඳුනා ගන්නා අතරතුර මතක තබා ගත යුතු උපදෙස් සහ උපක්‍රම කිහිපයක් තිබේ. එසේම, එය එක් වරක් පමණක් කළ හැකි දෙයකි; ඔබේ මුහුණේ හැඩය දැනගත් පසු, අවම වශයෙන් වසර කිහිපයක්වත් කොණ්ඩා මෝස්තරයක් තෝරා ගැනීමේ තීරණය එය නිරාකරණය කරයි.

    එයින් අදහස් කරන්නේ ඔබට කිසිදු කොණ්ඩා මෝස්තර වෙනස් කිරීමකට ඉඩ නොදෙන බවයි ; සිතිය යුතු දේ පිළිබඳව ඔබට දැන් පැහැදිලි අදහසක් ඇත. 

    ඔබේ මුහුණේ හැඩය තීරණය කිරීම දුෂ්කර කාර්යයක් නොවේ; මෙන්න ඔබට එය කළ හැකි ආකාරය.

    හෘද හැඩැති මුහුණ – Heart-Shaped Face

    හෘද හැඩැති මුහුණු කොණ්ඩා මෝස්තර

    ඔබට පටු නිකටක් (pointed chin) තිබේ නම් සහ ඔබේ නළල ඔබේ මුහුණේ උපරිම කොටස නම්, එවිට ඔබට හෘද හැඩැති මුහුණක් ඇත. මෙය පහසුවෙන් අවබෝධ කර ගැනීමට කැඩපත ඉදිරිපිට සිටගෙන ඔබේ මුහුණ උඩු යටිකුරු ත්‍රිකෝණයක් මෙන් පෙනේද යන්න බලන්න. දීපිකා පදුකෝන්ගේ මුහුණ ‘හදවත හැඩැති මුහුණකි. 

    සුදුසු කොණ්ඩා මෝස්තරය: මෙම විශේෂිත මුහුණේ හැඩය සඳහා, වැදගත් වන්නේ නිකටේ පටු බව ඉවත් කිරීමයි. ඔබේ මුහුණට සමානුපාතික (proportionate) පෙනුමක් ලබා දෙන කොණ්ඩා මෝස්තරයක් තෝරන්න , හිඩැස් පුරවා තියුණු මුහුණේ රේඛා බොඳ කරන්න. එය එකවරම ඔබේ නළල අඩුවෙන් පිරී තිබිය යුතුය.

    ඉඟිය: වළලු හෝ දිගු ස්ථර සඳහා යන්න. හිසකෙස් දිග මධ්‍යම සිට දිගු දක්වා  මෙම මුහුණේ හැඩය සඳහා විශිෂ්ටයි.

    වටකුරු හැඩැති මුහුණ Round-Shaped Face

    වටකුරු හැඩැති මුහුණු කොණ්ඩා මෝස්තර

    වටකුරු මුහුණක් ඇති කාන්තාවන්ගේ මුහුණේ පැති තරමක් පිටතට (කෙළින්ම නොවේ) ඇත. නිකට වටකුරු වන අතර කම්මුල් යනු මුහුණේ උපරිම කොටසයි. මුහුණේ මෘදු කෝණ ඇත, තියුණු කිසිවක් නැත. බොලිවුඩ් නිළි විද්‍යා බාලන්ට වටකුරු මුහුණක් ඇත.

    සුදුසු කොණ්ඩා මෝස්තරය: මෙහි අදහස වන්නේ සමබරතාවයට පත්වීමයි. ඕනෑවට වඩා සිනිඳු හෝ විශාල මෝස්තර තෝරා නොගන්න. දිගටි කොණ්ඩා මෝස්තරයකින් ඔබේ මුහුණට යම් උසක් ලබා දීමට උත්සාහ කරන්න. නැතහොත් පහසු විකල්පයක් සඳහා පැති වෙන් කිරීමක් තෝරා ගන්න.

    හතරැස් හැඩැති මුහුණ Square-Shaped Face

    හතරැස් හැඩැති මුහුණු කොණ්ඩා මෝස්තර

    වටකුරු මුහුණක් මෙන් නොව, ඔබට හතරැස් හැඩැති මුහුණක් තිබේ නම් , ඔබේ මුහුණේ පැති කෙළින්ම කෝණ හකු සහ අවම වක්‍රයකින් යුක්ත වේ. ඔබේ මුහුණේ දිග හා පළල බොහෝ දුරට සමාන වන අතර ඔබේ ලක්ෂණ කෝණික හකු සහිත තියුණු ය. පොප් ගායිකා රිහානාට මෙම මුහුණේ හැඩය ඇත.

    සුදුසු කොණ්ඩා මෝස්තර: කොණ්ඩය කැපීම මුහුණේ පැත්තට වැඩි පරිමාවක් එක් කරන බැවින් නිකටෙන් අවසන් වන කොණ්ඩා කැපීමෙන් ඈත්ව සිටින්න. දිග සහ ස්ථර සඳහා ගොස් මුහුණට වැඩි මානයක් එක් කරන්න. එසේම, මැද කොටසින් ඉවත් වන්න.

    ඉඟිය:  ලිහිල් ෙගත්තම් වැනි මෝස්තරයක් තෝරා ගන්න.

    ඕවලාකාර හැඩැති මුහුණ Oval-Shaped Face

    ඕවල් හැඩැති මුහුණු කොණ්ඩා මෝස්තර

    ඕවලාකාර මුහුණක් ඇති අයගේ නළල ඔවුන්ගේ නිකටට වඩා ටිකක් පළල් ය. අනෙක් මුහුණේ හැඩයන්ට වඩා හකු වක්‍රය. අනුෂ්කා ෂර්මාට මෙවැනි මුහුණක් ඇත.  

    සුදුසු කොණ්ඩා මෝස්තරය: අදහස වන්නේ දිගු මුහුණේ දිග බිඳ දැමීමයි. 

    ඉඟිය: ඔබට රැලි සහිත හිසකෙස් තිබුණත්  බොබ් මෝස්තරය අනුගමනය කරන්න. ඔබට ඍජු දිගු කෙස් තිබේ නම්, සෘජු රේඛා බිඳ දැමීමට ස්ථර එකතු කරන්න.

    දියමන්ති හැඩැති මුහුණ Diamond-Shaped Face

    දියමන්ති හැඩැති මුහුණු කොණ්ඩා මෝස්තර

    හිසකෙස් වල කේන්ද්‍රය ඔබේ කම්මුල් සහ නිකටේ මැදට සම්බන්ධ කිරීම ගැන සිතා බලන්න. එය දියමන්ති හැඩයක් නිර්මාණය කරයිද? ඔව් නම්, ඔබට දියමන්ති හැඩැති මුහුණක් ඇත. එවැනි මුහුණේ හැඩයෙන් හකු ඉහළ කම්මුල් සහ පටු හිසකෙස් වලින් පෙන්වා ඇත . ඔබට දියමන්ති හැඩැති මුහුණක් තිබේ නම් ඔබ සංවේදී ගායක ජෙනිෆර් ලෝපෙස් සමඟ ගැලපේ.

    සුදුසු කොණ්ඩා මෝස්තරය: මුහුණේ සමෝච්ඡයන් දිගු කිරීම සඳහා පුළුල් නළලක මායාවක් නිර්මාණය කරන කොණ්ඩා මෝස්තරයක් තෝරන්න . දිගු කෙස් දිග සහ ස්ථර නිර්මාණය කිරීමට උත්සාහ කරන්න.

    සෘජුකෝණාස්රාකාර හෝ දිගටි හැඩැති මුහුණ Rectangular-Or Oblong-Shaped Face

    සෘජුකෝණාස්රාකාර හෝ දිගටි හැඩැති මුහුණ

    මෙම මුහුණේ හැඩය හතරැස් කොටසට සමාන නමුත් දිගු වේ. ඔබේ නළල, කම්මුල් සහ හකු එකම පළල තරමක් වක්‍රාකාර හකු තිබේ නම් ඔබ බොහෝ විට මෙම මුහුණ හැඩ හැඩයට අයත් වේ. කත්‍රිනා කයිෆ්ට මෙම මුහුණේ හැඩය ඇත.

    සුදුසු කොණ්ඩා මෝස්තර: ඔබේ නිකට සහ උරහිස් අතර හිසකෙස් දිග මෙම මුහුණේ හැඩය සඳහා වඩාත් නිර්දේශිතය. ඔබේ දිගු මුහුණට පළල එකතු කරන කොණ්ඩා මෝස්තරයක් තෝරා ගැනීමට උත්සාහ කරන්න.

    FEMINA – ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • මම ඡන්දකාලෙට විතරක් ගමේ ඉන්න කෙනෙකුත් නෙවෙයි, ඡන්දෙන් පස්සේ කොළඹ යන කෙනෙකුත් නෙවෙයි

    මම ඡන්දකාලෙට විතරක් ගමේ ඉන්න කෙනෙකුත් නෙවෙයි, ඡන්දෙන් පස්සේ කොළඹ යන කෙනෙකුත් නෙවෙයි

    වලපනේ කොල්ලල්පිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් නුවරඑළිය දිස්ත්‍රීක් සමගි ජන බල වේග අපේක්ෂිකා, නීතීඥ හිරණ්‍යා හේරත් මහත්මිය විසින් ප්‍රදේශයේ වර්තමානය වන විට පවතින සුවිශේෂී වූ ගැටළු කිහිපයක් ගැන අවදානය යොමු කර, ඒ සදහා ඇය විසින් ගනු ලබන ප්‍රායෝගික හා කාලීනමය විසදුම් කිහිපයක් ගැන ප්‍රදේශයේ ජනතාව දැනුවත් කළාය.

    ඒ අනුව ප්‍රදේශයේ ප්‍රධානතම ජීවනෝපාය වන ගොවිතැන, ගොවි මහතුන් සහ ඒ ආශ්‍රිත රැකියාවන්හි යෙදෙන පුද්ගලයන් මුහුණ දෙන ගැටළු පිළිබදව දීර්ඝ ලෙස පැමිණ සිටි පුද්ගලයින් සමග සාකච්චා කර, ඒ ඒ ගැටළු වලට අදාල විසදුම් පහත ආකාරයට ගෙනහැර දැක්වූවා ය. මෙහිදී ප්‍රධානතම ගැටළුව ලෙස ගොවි මහතුන් තම කෘෂි නිශ්පාදන වගාකිරීමේදී, අලෙවි කිරීමේදී පවතින දුෂ්කරතා පිළිබඳව ඇය දැනුවත් කළ අතර, එයට විසදුම් ලෙස තමන් විසින් මේ වෙනුවෙන් දැනටමත් සැලසුම් සකස් කර ඇති බවත්, ඇතැම් සැලසුම් ක්‍රියාත්මක කර ඇති බවත්, දන්වා සිටි අතර ඒ වෙනුවෙන් පහත ක්‍රියාමාර්ග පිලිබද දැඩි අවදානයක් යොමුකර ඇති බව දන්වා සිටියා ය.

    කෘෂි කාර්මික බෝග වගාවේදී අත්‍යවශ්‍යම සාධක වන ජල ගැටළුව විසදීම සදහා පවතින වැව් අමුණු ප්‍රතිසංස්කරණය සහ නව ජල සම්පාදන ක්‍රම ඇති කරන බවට පොරොන්දු වූ අතර, ඇය සංවිධායක දූරයේ සිටින විටදී මේ පිළිබද විශේෂ අවධානය යොමු කර ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කර වැඩ නිම කරවා ඇති බවද පැවසූ අතර, තරුණ පරම්පරාව කෘෂි නිෂ්පාදන වලින් ඈත් වීම උග්‍ර ගැටළුවක්ව පවතින බැවින් කෘෂිකර්මයට නැඹුරු කිරම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත්, නවීන කෘෂි තාක්ෂණික ක්‍රම හදුන්වාදීමටත් ඇය අදහස් කරයි. දිස්ත්‍රීක්කය තුලම කෘෂි නිෂ්පාදන එකතු කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම හා ගබඩා කිරීමට සහ ඇසුරුම් කිරීමට අවශ්‍ය පහසුකම් ගොඩ නැගීමටද හැකි බව වැඩිදුරටත් පවසා සිටියා ය.

    දිස්ත්‍රික්කයේ අනෙකුත් දේශපාලන නායකයින් ඡන්ද කාලවලදී පමණක් ගොවියාගේ ප්‍රශ්න විසදානවා යැයි පැවසූවත්, මැතිවරණයෙන් පසු ඔවුන් සොයා ගැනීමට කොළඹට යාමට සිදු වන බව පැවසූ අතර, නීතිඥ හිරණ්‍යා හේරත් මහත්මියගේ මව වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය රේණුකා හේරත් මහත්මිය මෙන් නුවරඑළියේ රැදෙමින් ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

  • ජයබහලු සහ නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති අධ්‍යයනයට ජනපතිගෙන් කමිටුවක්

    ජයබහලු සහ නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති අධ්‍යයනයට ජනපතිගෙන් කමිටුවක්

    කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ සහ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් උද්ගතව ඇති  තත්ත්වය විමර්ශනය කොට වාර්තා කිරීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ.

    වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා කමිටුවේ සභාපතිවරයා ලෙස නම් කර ඇත.

    කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ මාපා පතිරණ, මාර්ග හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර් පේමසිරි, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජනරාල් ආර්.එම් දයා රත්නායක යන මහත්ම මහත්මීහු සෙසු සාමාජිකයෝ වෙති.

    කමිටුවට පැවරී ඇති කාර්යයන් මෙසේය,

    • ජයබහලු පර්යන්තයට අදාල ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටිය හා ඒ ආශ්‍රිත ගැටලු අධ්‍යයනය,
    • ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජයබහලු පර්යන්තයේ ගැඹුරු නැංගුරම් ධාරිතාව වැඩිකිරීම සහ නවීකරණය පිළිබඳ කැබිනට් තීරණ සහ 2017 ජූලි 26  දින ගනු ලැබූ කැබිනට් තීරණ පිළිබඳව මුදල් අමාත්‍යවරයා කළ නිරීක්ෂණයන්ට අනුව සිදුවනවාදැයි පරීක්ෂා කිරීම,
    • යන්ත්‍රෝපකරණ ගෙන්වීමට ප්‍රථම ජයබහලු පර්යන්තය වැඩිදියුණු නොකළේ මන්දැයි සොයා බැලීම,
    • ඉල්ලීමක් නැතිව ආරම්භ කළ  ප්‍රසම්පාදන පටිපාටිය සහ ඉන් ඇති වූ පිරිවැය ප්‍රතිවිපාක සහ පර්යන්තය ගොඩනැගීමට පෙර යන්ත්‍රෝපකරණ නැව්ගත කිරීම පිළිබඳ සොයා බැලීම,
    • ශ්‍රී ලංකා රජය සෙසු රාජ්‍යයන් සමඟ කොළඹ වරාය විශේෂයෙන් නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් එළඹ ඇති ගිවිසුම් පිළිබඳ අධ්‍යයනය.
    • ඉහත සඳහන් 1,2 සහ 3 වන අවස්ථාවන් හි දි ශ්‍රී ලංකා වරාය අධිකාරිය, රේඛීය අමාත්‍යාංශ සහ රජය විසින් ගන්නා ලද  තීරණ පිළිබඳ මූල්‍යමය ප්‍රතිවිපාක සහ පිරිවැය ප්‍රතිවිපාක  විශ්ලේෂණය.
    • ඉහත සඳහන් කළ ක්‍රියා පිළිබඳ වගවිය යුත්තන් කවුරුන්ද යන්න හඳුනාගැනීම
    • වෙළඳ, නාවික සහ දේශීය විදේශීය ආයෝජනයන් තුළින් උපරිම ප්‍රයෝජනයක් ගත හැකිවන ආකාරයෙන් ඉහත සඳහන් පර්යන්ත 02ක සංවර්ධනයට යෝජනා ඉදිරිපත් කිරීම

    අද (03) සිට දින 45 ක් ඇතුලත අදාල රේඛීය අමාත්‍යාංශ සහ පාර්ශවකරුවන් සම්බන්ධ කොට කමිටුව විසින් වාර්තාව ඉදිරිපත් කළ යුතුය.

  • 2020 දී ඒක පුද්ගල ආදායම අඩුවෙලා – ලංකාවේ තත්ත්වය පහළට

    2020 දී ඒක පුද්ගල ආදායම අඩුවෙලා – ලංකාවේ තත්ත්වය පහළට

    ලෝක බැංකුව විසින් පසුගිය 01 වැනිදා නිකුත් කළ සිය නවතම වර්ගීකරණයන්ට අනුව ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක සිට පහළ මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහත හෙළීමට පියවර ගෙන තිබෙනවා.

    This image has an empty alt attribute; its file name is WB.JPG

    2020-2021 වර්ෂයන් සඳහා වන රටවල් වල ආදායම් මට්ටම අනුව ලෝක බැංකුව විසින් මෙම වර්ගීකරණය සිදුකොට තිබෙනවා.

    පසුගිය වසරේදී අමෙරිකානු ඩොලර් 4060 ක් වූ දළ ජාතික ආදායමකට හිමිකම් කි ශ්‍රී ලංකාව මේ වර්ෂයේදී ඇ.ඩො. 4020 ක් දක්වා එය පහත වැටීම නිසයි මේ ආකාරයෙන් පහළ මධ්‍යම ආදායම් ලබන රටක් බවට යළි පහළ වැටී ඇත්තේ.

    2019 වසරට සාපේක්ෂව අවම කාණ්ඩයකට ගමන් කරන රටවල් තුන අතරට ශ්‍රී ලංකාව පත්ව ඇති අතර එම කාණ්ඩයට ඇතුළත් වන අනෙක් රටවල් දෙක වන්නේ ඇල්ජීරියාව සහ සුඩානයයි.

    නවතම වර්ගීකරණයන් පිළිබඳව අදහස් දක්වමින් ලෝක බැංකුව අවධාරණය කළේ ආදායම් වර්ගීකරණයන් කිරිමේදී පෙර වර්ෂයේ දළ ජාතික ආදායම පිළිබඳව සලකා බැලීමක් සිදුකරනු ලැබූ බවයි.

    කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙම වසරේ වර්ගීකරණය සඳහා භාවිතා කරන දළ ජාතික ආදායම කොපමණද යන්න තවමත් ප්‍රකාශයට පත් කර නොමැති බවයි ලෝක බැංකු වාර්තාව වැඩි දුරටත් සදහන් කළේ.

  • Covid-19ට වසංගතයට මුහුණ දෙන්න විදෙස් රටවලින් කෝටි 7000ක්

    Covid-19ට වසංගතයට මුහුණ දෙන්න විදෙස් රටවලින් කෝටි 7000ක්

    කොවිඞ් 19 වසංගතයට මුහුණදීම සඳහා විදේශ රටවලින් හා සංවිධානවලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 252ක් හෙවත් රුපියල් කෝටි 7,000ක වටිනාකමින් යුත් ණය හා ආධාර ශ්‍රී ලංකාවට ලබා දුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (01) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී හෙළිකළ බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    ඇමති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (2) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

    මෙම සමහර මුදල් ලබාගැනීම සඳහා අවශ්‍ය සේවා හා භාණ්ඩ ලබාගැනීමෙන් පසු බිල්පත් ඉදිරිපත් කළ යුතු බව කී ඇමතිවරයා මේවා තවමත් ගිවිසුම් පමණක් යැයි ද කීවේය.

    කොවිඞ් 19 වසංගතයට මුහුණදීම සඳහා ලැබුණු විදේශ ණය ආධාර පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවත් ඒවා විනිවිදභාවයෙන් යුතුව භාවිතා කරන ආකාරය මෙන්ම වැය කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපෘති සම්බන්ධයෙන් ද කරුණු දැක්වූ බව කියා සිටියේය. 

    මෙහිදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවසීය,

    ‘කොඩිව් වසංගතයට මුහුණ දීම සදහා ශ්‍රී ලංකාවට ද්‍රව්‍යමය හා මූල්‍යමය ආධාර ලෙස පසුගිය මැයි මස 22 වැනිදා වන විට ලැබී ඇති මුළු විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 173.6ක් වන අතර ප්‍රදාන ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 75 හා ඇමෙරිකානු ඩොලර් මිලියන 4.2ක් වටිනා භාණ්ඩ මෙරටට ලැබී ඇතැයි අග්‍රාමාත්‍යත්‍රමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා.

    මේ ආධාර ලෝකයේ විවිධ රටවලින් ලැබී තිබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ආයතන ද ණය සහ ආධාර ලබාදීමට එකග වී තිබෙන බවයි අගමැතුමා කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කළේ‘

    මෙහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළේ මේ ආධාර තවමත් රජයට ලැබී නැති බවයි.

    ‘මේ සියල්ල එකගවීම් පමණයි. කිසිම ආධාරයක් තවමත් රජයට ලැබී නැහැ‘ යැයි ද බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.