Category: සුපිරි News

  • නිවැරදිම තීන්දුව නොගත්තොත් රටට වෙන දේ ගැන GMOA අනතුරු අඟවයි

    නිවැරදිම තීන්දුව නොගත්තොත් රටට වෙන දේ ගැන GMOA අනතුරු අඟවයි

    බාහිර සමාජයෙන් කොරෝනා පොකුරු නිර්මාණය වෙමින් පවතින තත්ත්වයක් නිරීක්ෂණය වන බවත් එය කොරෝනා දෙවැනි රැල්ලක භයානක පෙර නිමිත්තක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    අද (13) කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ බව අවධාරණය කළේය.

    කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ආරම්භ වී තිබෙන කොරෝනා දෙවැනි රැුැල්ල ගැන මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණේය. මෙහිදී වත්මන් තත්ත්වය ගැන සිය නිරීක්ෂණ පැහැදිලි කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියේ කොරෝනා ආසාදිතයන් දෙවැනි වටයේ දී වැඩි වශයෙන් හමුවුණ ප්‍රදේශයවලට යළිත් සංචරණ සීමා පැනවිය යුතු බව තම සංගමයේ අදහස බවයි.

    ‘අපි යළි යළිත් අවධාරණය කරන්නේ පළමු අවස්ථාවේදීම නිවැරදි තීන්දු නොගන්නේ නම් යළිත් රට වසා දැමීම වැනි බරපතල තීරණ ගැනීමට සිදුවනු ඇති බවයි. ඒ නිසා වැඩි වශයෙන් ආසාදිතයින් හමුවන ප‍්‍රදේශවලට සංවරණ සීමා පැනවිය යුතු බවයි අපි විශ්වාස කරන්නේ. මේ සම්බන්ධයෙන් අපි අද සවස ජනාධිපතිවරයා හමුවී සාකච්ඡුා කිරීමට බලාපොරොත්තු වෙනවා.

    එහිදී මේ මොහොතේ ගත යුතු පියවර සම්බන්ධයෙන් යෝජනාවලියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දීමටත් අපි පියවර ගන්නවා‘

  • විදෙස්ගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වීම තාවකාලිකව නතර කිරීමට

    විදෙස්ගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වීම තාවකාලිකව නතර කිරීමට

    නිරෝධයන මධ්‍යස්ථාන වල ඉඩකඩ සීමා වීම නිසා විදෙස්ගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වීම තාවකාලිකව නතර කෙරේ. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ මෙම තාවකාලික ව නතර කිරීම ක්‍රියාත්මක වන්නේ ලබන අගහරුවාදා (14) සිටයි. කෙසේ වෙතත් තත්ත්වය සමනය වූ වහාම නැවත විදෙස්ගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වීමේ කටයුතු ආරම්භ කරන බව ද ඔහු සදහන් කරයි..

    අද (12) බියගම ප්‍රදේශයේ පැවති මැතිවරණ රැස්වීමකින් අනතුරුව  මාධ්‍ය වේදින් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. 

    මෙහි දි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා මෙසේ ද කීවේය.

    “ නිරෝධායන මධ්‍යස්ථාන වල ඉඩකඩ නොමැති නිසා විදෙස්ගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වීම තාවකාලික නතර කරන්න තීරණය කරලා තියෙනවා. නමුත් මේ තත්ත්වය මග හැරුණු වහා ම නැවතත් විදෙස්ගත ශ්‍රමිකයන් නැවත දිවයිනට ගෙන්වීමේ කටයුතු නැවත ආරම්භ කරනවා. මේ තත්ත්වය තුළ ගුවන් තොටුපළ විවෘත කිරීම තවදුරටත් කල් යන්න ඉඩ තියෙනවා. පවතින රටේ තත්ත්වය නිසා සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරලා ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නවා.

    විදෙස්ගත ශ්‍රමිකයන් සියලු දෙනා ශ්‍රී ලංකාවට ගෙන්වන්න ඕනේ කියන ස්ථාවරයේ අපි ඉන්නවා. ජනාධිපතිතුමා අපට උපදෙස් දීලා තියෙන්නේ මේ සියලු දෙනා ලංකාවට ගෙන්න ගන්න කටයුතු කරන් කියලා. ඒ ස්ථාවරයේ කිසිදු වෙනසක් නෑ. මේ වෙනකොට විදෙස්ගත ශ්‍රමිකයන් 12,000කට වැඩි පිරිසක් දිවයිනට ගෙන්වා තිබෙනවා. ඒ අය ගෙන්වන්නේ නිරෝධයන නීතිරීති වලට අනුවයි. කොවිඩ් 19 රටපුරා පැතිරෙනවානම් ඒ ගැන වැඩිපුරම සතුටු වෙන්නේ මේ රටේ විපක්ෂය. මැතිවරණයෙන් අන්ත පරාජයක් ලබන නිසා කොරෝනා වල පිහිටෙන් හරි මැතිවරණට නතර කරගන්න විපක්ෂය ඇගිලි ගැන ගැන ඉන්නේ. ජනාධිපතිතුමාත්, සෞඛ්‍ය හා ආරක්ෂක අංශ එක්වෙලා තත්ත්වය පාලනය කරමින් තිබේ. විදේශ රටවල ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයන් අපි ශ්‍රී ලාංකිකයන් ලෙස සලකනවා. ඒ අයව ලංකාවට ගෙන්ව ගන්න කටයුතු කරන බවට අපි සහතික වෙනවා. සෞඛ්‍ය අංශ උපදෙස් අනුවයි අපි මේ කටයුතු කරන්නේ.

    මේ වන විට රටේ මතු ව තිබෙන තත්ත්වය දෙවන කොරෝනා රැල්ලක් ලෙස තාම සෞඛ්‍ය අංශ හදුන්වන්නේ නෑ. නමුත් අපි ඒ මතු ව තිබෙන කොරෝනා තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා. දැනට කන්දකාඩු මධ්‍යස්ථානයේ කොරෝනා පොකුර හදුනගෙන ඊට සම්බන්ධ අය නිරෝධායනයට ලක් කරන්න කටයුතු කරමින් තිබෙනවා. සෞඛ්‍ය අංශ මේ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු පියවර ගන්නවා.”

  • ‘කන්දකාඩුව කඳවුරේ සේවය කළ’ මනෝ විද්‍යා උපදේශකවරයෙකු කරන විශේෂ හෙළිදරව්ව

    ‘කන්දකාඩුව කඳවුරේ සේවය කළ’ මනෝ විද්‍යා උපදේශකවරයෙකු කරන විශේෂ හෙළිදරව්ව

    පහත පළවන්නේ කන්දකාඩුව පුනරුත්ථාපන කඳවුරේ කොරෝනා පොකුර ගැන එම කඳවුරේ සේවය කළ මනෝ විද්‍යා උපදේශකවරයෙකු විසින් ඉදිරිපත් කරන ලද අදහස් කිහිපයකි. දෙවන කොරෝනා රැල්ලක් පිළිබඳ අනතුර අප ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ දකිනවාට වඩා භයානක වූවක් බැව් මේ අදහස් මගින් ගම්‍ය වේ. 

    පොළොන්නරුව කන්දකාඩුව මත්ලෝලී පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපන රැඳවියන් කොරෝනා රෝගයට ගොදුරු වීමත් සමඟ නැවතත් යටපත්ව තිබූ කොරෝනා භීතිය ඉස්මතුවී ඇත. මෙය කිසිසේත් තවත් සරල සිදුවීමක් නොවන අතර කොරෝනා වෛරසයේ හැසිරීම පිළිබඳව අප වඩාත් අවධානය යොමු කළ යුතු අවස්ථාවකි.

    ලාංකීය අත්දැකීම් අනුව වැලිසර නාවික හමුදා කඳවුරේ හමු වූ කොරෝනා පොකුර නැවත අපේ මතකයට නැගේ. එහි සුවිශේෂී ස්වභාවයන් දෙකකි. එයින් පළමුවැන්න වන්නේ වැලිසර නාවික හමුදා කඳවුරට වෛරසය බෝ වූයේ සුදුවැල්ලේදී හමු වූ මත්ලෝලී පුද්ගලයකු නිසාය.

    දෙවැන්න වන්නේ වෛරසය වැලිසර නාවික හමුදා කඳවුර තුළ එතරම් ව්‍යාප්ත වූයේ කඳවුර තුළ නාවික සෙබළුන් හැසිරෙන සමීප ස්වභාවය නිසාය. කන්දකාඩුව තුළ මෙම සාධක දෙකම තීරණාත්මක ලෙස එකට මුසු වී ඇත. එනම් මත්ලෝලීන් දාහකට ආසන්නව සමීපව හැසිරෙන කඳවුරක වෛරසය ව්‍යාප්ත වීමයි.

    කන්දකාඩුව මත්ලෝලී පුනරුත්ථාපන කඳවුරේ මනෝවිද්‍යා උපදේශකයකු ලෙස මා හට ඇති සායනික අත්දැකීම් අනුව කන්දකාඩු කොරෝනා අභියෝගය කෙතෙක් බැරෑරුම් වන්නේදැයි මම දනිමි.

    කන්දකාඩුව කඳවුර තුළ පුනරුත්ථාපනලාභීන් ලංකාවේ සෑම ප්‍රදේශකින්ම උසාවි නියෝග මත වසරක කාලයක් සඳහා පැමිණි අය වෙයි. ඔවුන්ට නේවාසික පහසුකම් ඇත්තේ විශාල විවෘත ගොඩනැගිලි තුළ යුගල යහන් සමඟින්‍ ය. සෑම දිනකම ආහාර ගැනීමට, ව්‍යායාම කිරීමට, ස්නානය කිරීමට සහ දේශනවලට සහභාගී වීමට ඔවුන්ට පෝළිම් ගැසී සමීපව හැසිරීමට සිදු වේ.

    එමෙන්ම සෑම දිනකම මෙම පුනරුත්ථාපනලාභීන්ව පෝළිම් කොට දැඩි ශරීර පරීක්ෂාවකට ලක් කෙරේ. එමෙන්ම ආරක්ෂක නිළධාරීන්ටද මනෝවිද්‍යා උපදේශකවරුන්ට සහ වෙනත් දේශකවරුන්ටද මොවුන්ට ඉතා සමීපව රාජකාරී කටයුතු කිරීමට සිදුවේ.

    වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් යනු දිගු කාලයක් හමුදා විනය පුහුණු කළ නිලධාරීන් කණ්ඩායමකි. ඔවුන්ට සාපේක්ෂව කන්දකාඩු කඳවුරේ සිටින්නේ ආරක්ෂක නිළධාරීන් විසින් බලහත්කාරයෙන් දඬුවම් පවා දෙමින් මහත් පරිශ්‍රමයකින් තබාගනු ලබන පිරිසකි.

    එබැවින් මීට පෙර අවස්ථාවලදීද ඔවුනගේ විනය පුපුරා ගිය අවස්ථාවන් තිබේ. රැඳවියන් අතර කණ්ඩායම් ගැටුම්, හොර රහසේ පලායාම් සහ සියදිවි හානි කරගැනීම් පවා වාර්තා වී ඇත. මේ අවස්ථාවේ කොරෝනා පහර දෙන්නේ එවැනි දුර්වල සතුරු කඳවුරකටය. එනම් පහර දීමට දුර්වලම ස්ථානය කොරෝනා වෛරසය මැනවින් හඳුනාගෙන ඇත.

    මේ නිසා කන්දකාඩු කඳවුරේ කොරෝනා උවදුර මැඩලීමට නම් අවධානය යොමු කළයුතු විශේෂ කරුණු කීපයක් යෝජනා කරමි.

    • ඉන් පළමුවැන්න වන්නේ ‍රැඳවියන් අතර රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමට සුදුසු පියවර අනුගමනය කිරීමයි.
    • දෙවැන්න පුනරුත්ථාපනලාභීන්ගේ මානසික සෞඛ්‍ය නගා සිටුවීමේ වැදගත්කමයි.
    • තෙවැන්න කඳවුර තුළ පුනරුත්ථාපනලාභීන් අතර සහ ආරක්ෂක අංශ අතර පීඩනය පුපුරා ගොස් ගැටුම්කාරී තත්ත්වයන් වළක්වා ගැනීමයි.
    • සිව්වැන්න ආරක්ෂක අංශ, වෛද්‍ය සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර නිළධාරීන්ට රෝගය ව්‍යාප්ත වීම වළක්වා ගැනීමයි.
    • පස් වැන්න රැඳවියන්ව නැරඹීමට දිවයිනේ සෑම ප්‍රදේශකින්ම පැමිණෙන ඔවුන්ගේ පවුල්වල හිතවතුන්ගෙන් වෛරසය දිවයිනටම පැතිරීම වළක්වා ගැනීමයි.

    මීට අමතරව මේ පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක සහ මනෝවිද්‍යාත්මක මැදිහත්වීම් සිදු කළ හැකි වෘත්තිකයන් සහ මනෝ සමාජීය මැදිහත්කරුවන් ඉදිරිපත් වී මේ පිළිබඳව සමාජීය සංවාදයක් ගොඩනැගිය යුතු යැයි මම විශ්වාස කරමි. එය සමාජය කෙරෙන් කෙමෙන් බැහැර වෙමින් පැවති ආරක්ෂාකාරී උපක්‍රමයන් සහ ස්වයං විනය පවත්වා ගැනීම සඳහා නැවත පෙළඹවීමක් ඇති කරනු ඇත.

    සුනෙත් ලංකේශ්වර – මනෝවිද්‍යා උපදේශක සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිළධාරී පොළොන්නරුව

  • සියලුම පාසල් සහ පිරිවෙන් 17 සිකුරාදා දක්වා වසා දැමීමට පියවර

    සියලුම පාසල් සහ පිරිවෙන් 17 සිකුරාදා දක්වා වසා දැමීමට පියවර

    වේගයෙන් ව්‍යාප්ත වන කොවිච්-19 වසංගතයේ දෙවැනි රැල්ල හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් සහ පිරිවෙන් ලබන 17 වැනි සිකුරාදා දින දක්වා වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

  • මෙවර රාජ්‍ය සේවකයින්ගේ හෘද සාක්ෂියේ මනාපය කාටද..?

    මෙවර රාජ්‍ය සේවකයින්ගේ හෘද සාක්ෂියේ මනාපය කාටද..?

    බඩු මිල ඉහළට යන්න යන්න ජීවන වියදම අහස උසට යනවා. හුගාක් මිනිස්සුන්ගේ ආදායම් මාර්ග අහිමි වෙලා. බඩු මිල වැඩියි.. හෙට කන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි බවයි මගතොටේ හමුවෙන කාගේත් මුවේ රැව් දෙන්නේ..!

    රාජ්‍ය සේවක අපිත් යන්නේ අමාරුවෙන්. වෙනදා වගේ OT නෑ. වැටුපට අමතරව කීයක් හරි ගන්න අවස්ථාව තිබුණා නම් ඒ හැම දෙයක්ම නැති වෙලා. ඒත් අපිට කන්න අඳින්න අඩුවක් නෑ.. අපි අනිත් මිනිසුන් ගාණකට වඩා යන්තමින් හෝ හොඳ ජීවිතයක් ගෙවනවා. ඒ කොහොමද ?

    හංදියේ ත්‍රීවීලර් මල්ලි:

    මම මගෙන් අහනවා. බොළඳ දේශපාලන හැඟීම් පැත්තකින් තියලා මම මගෙන් අහනවා ” තවම හුඟාක් සාමාන්‍ය මිනිසුන්ට තියෙන ආර්ථික දුෂ්කරතාව මට නාවෙ කොහොමද ? හංදියේ ත්‍රීවීලර් මල්ලි කියන්නේ දැන් එයාල කන්නේ වේලක් හැර වේලක් කියලා. ඉස්සර තරම් හයර් නැතිලු. කතාව ඇත්ත. ඉස්සර හැමදාම උදේ මමයි වයිෆුයි දෙන්නා උදේ වැඩට ගියේ වීල් එකේ.මාස කිහිපයක ඉඳලා අපි ඒ ගමන නැවැත්තුවා. OT නැති නිසා තමයි ඒ බජට් එක කට් කරේ. නැත්නම් අපිටත් කන්න වෙන්නේ වේලක් හැර වේලක්.

    හික්කඩුව හෝටලේ චෙෆ් :

    හික්කඩුව බීච් හෝටලේ චෙෆ් වැඩේ කරපු අල්ලපු ගෙදර මල්ලිගේ කාර් එක සීස් වුනා. වාරික ගෙවාගන්න බැරුව. ඒ කාර් එක ගන්න අත්සන් කරපු එක සාක්ෂිකාරයෙක් මම. ඒ මල්ලිට මාස ගාණකින් පඩි නෑ. අපිව අමාරුවේ දාන්න බෑ කියපු මල්ලි සීසර්ලට කාර් එක ගෙනියන්න කියලා. කසාද බැඳලා මාස 8 යි. ” ජීවිතේ එපා වෙලා ඉන්නේ අයියේ , සුද්දෝ නෑ .. ඒ නිසා පඩිත් නෑ .. බලන්න බැන්දා විතරයි ..ජීවිතය ගෙවන්න හිතාගන්න බෑ.” ඊයේ හවස හම්බුනාම කිව්වේ. අපිටත් එහෙමයි මල්ලි කියලා මම ගෙට ආවා. ඒත් අපිට තවම ජීවිතය එපා වෙන තැනට වැටිලා නෑ.

    නදී අක්කාගේ පුතා ට ෆීස් ගෙවන්න බැරි නම් ඉස්කෝලෙ එන්න එපා කියලා :

    නදී අක්කා කියන්නේ අපේ වෙඩින් එකේ කේක් එක හදපු අක්කා. හස්බන්ඩ් රට. කුවේට් වල. ලංකාවට එන්න විදියක් නැතුව ඉන්නේ. මාස 4 කින් සල්ලි එවලා නෑ. ලොකු පුතා ඉන්ටර්නැෂනල් ස්කූල් ගියේ. ඉස්කූල් ෆී ගෙවන්න විදියක් නැතුව ඉස්කෝලෙ එන්න එපා කියලා. වයිෆ් මාලෙ දුන්නා උකස් තියලා අවුරුද්දකින් බේරගමු.. සල්ලි වලින් මේ ටිකේ දරුවගෙ ස්කූල් ෆී ගෙවන්න කියලා. අපේ දරුවට තවම අවුරුදු දෙකයි. එයාට යන දසාවත් පැහැදිලි නෑ. ඒත් කන්න අඳින්න අඩුවක් නෑ. තවමත් ජීවිතය ගැන බලාපොරොත්තු තියෙනවා. මමයි වයිෆුයි දෙන්නම රාජ්‍ය සේවයේ.

    මොකක්ද මේ වෙන්නේ :

    ඊයේ අපි කතා වුනේ මොකක්ද මේ වෙන්නෙ කියලා. මිනිස්සු වෙනස් වෙලා, ආවේගශීලි වෙලා, බලාපොරොත්තු බිඳිලා, හෙට ගැන හිතපු මිනිස්සු අද දවස ගෙවාගන්නත් බැරුව හූල්ලනවා. වයිෆ් කියන්නේ දේශපාලනඥයින් සේරම එකයි. උන් මිනිස්සු ගැන හිතන්නේ නෑ කියලා. ඒ එක්කම කිව්වා “හොඳ වෙලාවට අනේ 10000.00 පඩි වැඩිවුණේ. ගිය ආණ්ඩුව අපිට කියලා වැඩක් කරානම් එච්චරයි” කියලා.

    රවී දුන්න 10,000.00 !

    මගේ මූණට හිනාවක් ආවා. කවුද ඒ රුපියල් 10000.00 වැඩි කළේ ? මම වයිෆ්ගෙන් ඇහුවා. “අනේ මන්දා කවුරු කළත් එච්චරයි අපිට දෙයක් වුනේ. අපිට අද දවස ගෙවාගන්නත් පුළුවන් වුණේ ඒ නිසා .. ” ඒ වයිෆ් ,

    “රවී කරුණානායක නේද ඒක කළේ”. මම ඇහුවේ කිංඩි හිනාවක් දාගෙන.

    “වෙන්න ඇති ..ඒත් එයාට ගිය ටිකේම මීඩියා ගැහුවා නේද ?” වයිෆ් අහනවා..

    “ඔව්.. ඔව් .. මීඩියා එයාට ගැහුවා. ඔය 10000.00 වැඩි කරපු වෙලාවෙ ඉඳලා විපක්ෂයේ අය විතරක් නෙවෙයි , ආණ්ඩුවේ අයත් එයාට ගැහුවා. ඒ ගැහුවේ එයාගෙ කැරැක්ටර් එකට. එදාා 2015 රුපියල් 5000.00ක් වැටුප් වැඩි කරන්න කියලා වෘත්තීය සමිති ඉල්ලුවේ. රාජපක්ෂ මහත්තයා කිව්වේ “5000ක් දෙන්න පුළුවන් නම් නොදී ඉන්නේ නෑ .. ඒත් 2000.00 ක් වත් දෙන්න පුළුවන් වුණා නම් නොදී ඉන්නේ නෑ” කියලා.

    රවී කරපු වැඩේ !

    ඒත් අර සිරිසේන වෙනුවෙන් ඒ වෙලාවේ පෙනීසිටි රනිල් – රවී කිව්වේ “නෑ අපි ආවොත් 10000.00 ක් වැටුප් වැඩිකරනවා කියලා. මතකද අපි බඳින්න ඉන්න කිට්ටුව ඒ පොරොන්දුවට හිනා වුනා. ඒත් 2015 දීම ඒ පොරොන්දුව ඉෂ්ට කලා, රවී කරුණානායක ඇමතිතුමා ඒ වෙලාවේ පෙන්නුවා මුදල් අමාත්‍යවරයා වැඩ කරන්න ඕන කොහොමද කියලා. මුදල් අමාත්‍යවරයා කියන්නේ බදු ගහන, මිනිස්සු හූරාගෙන කන කෙනෙක් නෙවෙයි , ඒ වෙනුවට මිනිස්සු අතට ආදායම් එවන්නේ කොහොමද ? ඒ සමග රාජ්‍ය මූල්‍ය අර්බුදයක් නොඑන්න වැඩ කරන්න ඕන කොහොමද කියලා මෑත ඉතිහාසයේ පෙන්නපු එකම මුදල් අමාත්‍යවරයා.

    කුමණ්ත්‍රණය දියත්වෙයි !

    අන්න කවුරු කවුරුත් රවී කරුණානායක ඇමතිට ඊර්ෂ්‍යා කරපු තැන. විපක්ෂය බය වුන තැන. ආණ්ඩුව තුළ පවා හිටපු දේශපාලන කුහකයන් බය වුන තැන. ජාවාරම්කරුවන් සල්ලි වියදම් කලා. රවී කරුණානායක ඇමතිට අභූත චෝදනා ඉදිරිපත් වුනා. අන්තිමට රවී ඇමති ඇමතිකම අත්හැර ආණ්ඩුව රකින්න කැපවුනා. ඒත් එදාා රවී කරුණානායක ඇමැති මුදල් අමාත්‍යවරයා ලෙස කරපු දේ හැර වෙන කිසිම දෙයක් අපිටත් නැති වුනා.

    අපිට ඉතිරි වුනේ එයා කරපු දෙයක් විතරයි. අපි හෙට ගැන බයෙන් වුනත් අද කාලා ඇඳලා ඉන්නේ ඒ මනුස්සයා දුන්න දේ නිසයි. ඒ රුපියල් 10000.00 වැටුප නැති වෙන්න අපිටත් වෙන්නේ, හංදියේ ත්‍රීවීලර් මල්ලි, චෙෆ් මල්ලි, නදී අක්කා වගේ අද දවස ගෙවාගන්නත් බැරුව හූල්ලන්න.

    රාජ්‍ය සේවක හෘද සාක්ෂිය !

    මම මේ පාර තැපැල් ජන්දයේ මනාපයක් රවී කරුණානායක ට දෙනවා. මගේ හෘද සාක්ෂිය කියනවා තව දුරටත් බොරු කතා සාප්පු කාරයන්ට, මීඩියා දේශපාලනඥයින් ට අහු වෙන්න එපා, වැඩක් කරපු වැඩක් දන්න කෙනෙකුට දෙන්න කියලා. ඒ මනුස්සයා වරදක් කරා නම් ඒ ගැන ලියපු මීඩියා ඇයි සමාව ඉල්ලා දැන්වීම් දාන්නේ, අධිකරණය ඇයි ඔහුගේ නිර්දෝශීභාවය තහවුරු කරන තීන්දු දෙන්නේ.

    ඒ නිසා මේ පාර මම තැපැල් ජන්දය හරහා ඒ දුන්න පොරොන්දු ඉටුකරපු රවී කරුණානායක වෙනුවෙන් වෙන් කරනවා.

    මගේ මීඩියා , අවස්ථාවාදී තක්කඩියන්ගේ බොරු මඩ වලට තවදුරටත් අපි අහුවෙන්නේ නෑ කියන මැසේජ් එක දෙනවා. බහුතරයක් හූල්ලන විට මාව, මගේ පවුල ඒ තැනට වැටෙන්න නොදී ශක්තිමත් කරපු මනුස්සයා වෙනුවෙන් මම මගේ තැපැල් ජන්දය භාවිතා කරනවා.

    රවී කරුණානායක එන පාර්ලිමේන්තුව තුළ ඉන්න ඕන අයෙක් කියලා විතරක් නෙවෙයි, ඊළඟ ජන්දයෙන් ඉහළින් පත්වෙන්න ඕන නියම ජනතා නියෝජනයක් කියලා මගේ හෘද සාක්ෂිය කියනවා. ඔව්.. මම දන්නවා මම විශ්වාස කරනවා.. රාජ්‍ය සේවක අපි මීඩියා මඩ වෙනුවට රවී කරුණානායක කියන මනුස්සකම දිනවන්න මේ පාර අපේ තැපැල් ජන්දය භාවිතා කරනවා. අපි වෙනුවෙන් අපි අපේ තැපැල් ජන්දයට වටිනාකම එකතු කරනවා.


  • රටම දැඩි අවදානමක! ජ’පුර PCR පරීක්ෂණ වලින් ඉවත් වෙයි! “අපට Positive වන රෝගීන් – රජයට Negative වීම ප්‍රශ්නයක්” බව කියයි

    රටම දැඩි අවදානමක! ජ’පුර PCR පරීක්ෂණ වලින් ඉවත් වෙයි! “අපට Positive වන රෝගීන් – රජයට Negative වීම ප්‍රශ්නයක්” බව කියයි

    ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය රසායනාගාරය, රජය වෙනුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමෙන්ව ඉවත්ව ඇති බව බව වාර්තා වේ.

    මෙම ඉවත්වීමට හේතුව ලෙස ඔවුන් පවසා ඇත්තේ, පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර, තම ආයතනය මගින් සියයට සියයක්ම ආසාදිතයන් බවට තහවුරු කරන ආසාදිතයන් පවා, අවසන් වාර්තා සැකසීමේ දී රජය එම අවසන් වාර්තාවට ඇතුළත් නොකිරීම නිසා තමන් ඉන් ඉවත් වන බවයි.

    වෛරසය ආසාදනය වූ බවට සියයට සියයකම විශ්වාසයෙන් යුතුව තමන් ලබා දුන් වාර්තා කිහිපයක් ම, එම පරීක්ෂණ වාර්තා වැරදි බවට සදහන් කරමින් රජය ප්‍රතික්ෂේප කර තිබෙන ඔවුන් පවසයි.

    ජිංතුපිටියෙන් වාර්තා වූ ආසාදිතයගේ පළමු පී.සී.ආර්. පරීක්ෂණය සිදු කර තිබුණේ ද ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රසායනාගාරය මගිනි. එම පී.සී.ආර්. පරීක්ෂණයේ දී අදාල පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සහතික කර තිබුණ ද, රජය පසුව පවසා තිබුණේ, එම පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු නොවන බව යි.

    රට තුලින් වාර්තාවන ආසාදිතයන්ගේ සංඛ්‍යා විස්තර සකස් කිරීමේ දී එම පුද්ගලයා ආසාදිතයෙකු ලෙස ඇතුළත් කර නැති බව ද පැවසේ.

    කෙසේ වෙතත්, මේ වන විට, අව්‍යශ්‍ය තරමට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමේ ධාරිතාවය රජය සතුව ඇති නිසා, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, පරීක්ෂණ සිදු කිරීමට අත් හැරීමට ගෙන තිබෙන තීරණය එතරම් බලපෑමක් ඇති නොකරන බවද සෞඛ්‍ය අංශ බලධාරීන් පවසා තිබේ.

    Sunday morning පුවත්පතේ මුල් පුවත ඇසුරෙනි.

  • ජනතාව කබලෙන් ලිපට – කොරෝනා කාලයේ දුන් ‘ණය සහනයට’ අතිරේක පොළියක්

    ජනතාව කබලෙන් ලිපට – කොරෝනා කාලයේ දුන් ‘ණය සහනයට’ අතිරේක පොළියක්

    කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ලබාදුන් සහන කාලයේ දී නොගෙවූ ණය වාරික සඳහා උපරිමය 7% කට යටත්ව අතිරේක පොලියක් අයකර ගැනීමට බැංකුවලට අවසර දුන් බව ශ්‍රී ලංකා මහ බැංකුව නව මූල්‍ය ප්‍රතිපත්ති විවරණය පිළිබඳව අදහස් පල කරමින් එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා මේ බව සඳහන් කළේය.

    කෙසේ නමුත් මෙම අතිරේක පොලිය අයකර ගැනීමට අවස්ථාව දී ඇත්තේ ගනුදෙනුකරුවන් සමග සාකච්ඡා කර ණය ගිවිසුම අලුත් කිරීමෙන් පසුව පමණක් යැයිද ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

    මහ බැංකුවේ මෙම තීරණය සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන් අතර දැඩි ව්‍යාකූලත්වයක් සහ කෝපයක් වර්ධනය වෙමින් පවතින අතර ඔවුන් පෙන්වා දෙන්නේ ආර්ථික ක්‍රියාකාරීත්වය සහ ව්‍යාපාර කටයුතු තව දුරටත් දුර්වල තත්ත්වයක පවතින අවස්ථාවක මෙවැනි තීරණයක් ගැනීම තමන් කබලෙන් ලිපට වැටීමක් බවයි.

  • කොරෝනා දෙවනි රැල්ලක් ශ්‍රී ලංකාවට ඇති වීමේ අවදානමක් – GMOA

    කොරෝනා දෙවනි රැල්ලක් ශ්‍රී ලංකාවට ඇති වීමේ අවදානමක් – GMOA

    කොරෝනා දෙවනි රැල්ලක් ශ්‍රී ලංකාවට ඇති වීමේ අවදානමක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. තම සංගමය මුලින්ම ඒ බව අනතුරු අඟවා ඇති බවත් පවතින තත්වය මත දිනකට කොරෝනා පරීක්ෂණ 5000ක් අනිවාර්යයෙන්ම අහඹු ලෙස සිදු කළ යුතු බවද සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියා සිටියේය.

    ලැබී ඇති තොරතුරු අනුව මාරවිල ප්‍රදේශයෙන් හමුවූ ආසාදිත කාන්තාව මගින් කොරෝනා දෙවෙනි රැල්ලේ පළවෙනි පොකුර බිහිවී ඇතැයි සැක සහිත බව ද ඔහු පැවසීය.

    කන්දකාඩු මධ්‍යස්ථානය ආසාදිතයන් මීට වඩා වැඩි බවට තොරතුරු ඇති බවත් පැවසූ ඔහු ආසාදිත වූ පුද්ගලයන්ගේ සමාජ සංසරණය කොතනින් පටන් ගෙන ඇත්දැයි නොදන්නා බවද සදහන් කරයි.

  • අද දිනය තුළ කන්දකාඩුවෙන් කොවිඩ් ආසාදිතයින් 296ක්

    අද දිනය තුළ කන්දකාඩුවෙන් කොවිඩ් ආසාදිතයින් 296ක්

    කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හදුනාගත් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද පස්වරුව වන විට 339 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. අද දිනය තුළ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 296 දෙනා සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2450 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

  • කන්දකාඩු Covid පොකුර වැලිසර තරම් ප‍්‍රබල නෑ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    කන්දකාඩු Covid පොකුර වැලිසර තරම් ප‍්‍රබල නෑ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරනු ලබන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වී තිබෙන කොරෝනා පොකුරෙන් සමාජ සම්පේ‍්‍රශණයක් සිදුවීමට ඇති ඉඩකඩ ඉතා අඩු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (10) පැවැති මාධ්‍ය සාකච්ඡුාවකදී අවධාරණය කළේය.

    එහිදී කන්දකාඩු කඳවුර තුළ ඇති වී තිබෙන තත්ත්වය ගැන මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරමින් අනිල් ජාසිංහ මහතා කියා සිටියේ කන්දකාඩු කඳවුර තුළ ඇති වී තිබෙන තත්ත්වය වැලිසර නාවික හමුදා කඳවුරේ ඇති වූවාට වඩා ප්‍රබලත්වයෙන් අඩු එකක් බවයි.

    මේ වන විටත් එමගින් සමාජ පැතිරීමක් වැළැක්වීම සඳහා අවශ්‍ය සියලූ ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ඔහු කියා සිටියේය.

    මෙහිදී ජනතාව වෙත විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ මේ වනවිට පාලනය කළ තත්වයක් යටතේ ජනතාවට ලබා දී ඇති සෞඛ්‍ය මාර්ග උපදේශ විශාල ලෙස නොතකමින් කටයුතු කරන බව පෙනී යන බවයි.

    ‘සමාජය තුළ වෛරසය පැවතිය හැකි බැවින් එයින් ආරක්ෂා වීම සඳහා සියලු දෙනාම දෙනා මුඛ ආවරණ පැලදීම, සමාජ දුරස්ථභාවය රැකීම, නිතර අත් සේදීම යන ප්‍රධාන කාරණා තුන අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යළිත් අවධාරණය කළේය.

  • ලොකු ළූණු අස්වැන්නට ස්ථාවර මිලක් දෙන්නැයි ජනපතිට ඉල්ලීමක්

    ලොකු ළූණු අස්වැන්නට ස්ථාවර මිලක් දෙන්නැයි ජනපතිට ඉල්ලීමක්

    ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණෙන් මෙවර මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (10) මාතලේ දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරතව සිටී.

    වෙළෙඳ පොළට සැපයීමට අපේක්ෂිත ළූණු අස්වැන්නට ස්ථාවර මිලක් දෙන්නැයි ගොවීහු ගලේවෙල ළමා උද්‍යානය අසළ සංවිධාන කර තිබූ ජන හමුවට පැමිණි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

    ගම්මිරිස් වගාකරුවන්ගේ අස්වැන්නට ඉහළ මිලක් ගැනීමට අගය එකතු කිරීමේ ක්‍රමවේදයකට යොමුවීමේ වැදගත්කම ජනාධිපතිතුමා ගොවීන් සමග සාකච්ඡා කළේය.

    අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සංවිධාන කළ ජන හමුවට හිටපු නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරු ද එක්වූහ.

    ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල සති වෙළෙඳපොළ භූමියේ සංවිධාන කර තිබූ ජන හමුවට ද ජනාධිපතිතුමා සහභාගී විය. ප්‍රදේශයේ ගොවීන් කෘෂිකර්මාන්තය වෙනුවෙන් දක්වන කැපකිරීම ජනාධිපතිතුමාගේ පැසසුමට ලක් විය.

    දඹුල්ල නගර සභාවේ මූලිකත්වයෙන් සිදුකරන රංගිරි ජීව හරිත කාබනික පොහොර නිෂ්පාදනාගාරයේ මෙහෙයුම් පිළිබඳව ද ජනාධිපතිතුමා දැනුවත් කෙරිණි. එමගින් මාතලේ සහ දඹුල්ල ප්‍රදේශවලට කාබනික පොහොර ටොන් 03 බැගින් දිනපතා සැපයේ. ප්‍රදේශයේ කසළ කළමනාකරණ ව්‍යාපෘතිය සංවර්ධනයට සහය වුවහොත් මධ්‍යම පළාතට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය නිෂ්පාදනය කළ හැකි බව නාගරික මන්ත්‍රීවරු සඳහන් කළහ.

    නාගරික සංවර්ධන අධිකාරිය, පුරාවිද්‍යා සහ වනජීවි දෙපාර්තමේන්තුව අතර ඇති පරස්පර අදහස් හේතුවෙන් සීගිරිය ආශ්‍රිත ඉඩම් ආරවුල් දීර්ඝ කාලයක සිට විසඳී නැති බව ජනතාව ජනාධිපතිතුමා සමග පැවසූහ. ඉන් සංචාරක ව්‍යාපාරයට වන අහිතකර බලපෑම ඔවුහු පෙන්වා දුන්හ.

    ඉදිකෙරෙමින් පවතින ශිතාගාරයේ වැඩ කඩිනමින් නිම කර දෙන ලෙස ද ගොවීහු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

    අමාත්‍ය ජනක බන්ඩාර තෙන්නකෝන් මහතාගේ මැදිහත්වීමෙන් දඹුලු උරුමය සහ ස්වේච්ඡා සංවිධාන කිහිපයක් එකතුව රුපියල් ලක්ෂ 90ක වියදමින් කොවිඩ් මර්ධනයට රෝහල් වාට්ටුවක් ඉදි කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සිය ස්තූතිය පළ කළේය.

  • කන්දකාඩු Covid පොකුර පුපුරයි – අද තවත් ආසාදිතයින් 196ක්

    කන්දකාඩු Covid පොකුර පුපුරයි – අද තවත් ආසාදිතයින් 196ක්

    මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන කන්දකාඩු මධ්‍යස්ථානයෙන් අද දින (10) තවත් කොවිඞ්-19 ආසාදිතයින් 196 දෙනකු හඳුනා ගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    ඊයේ (9) දිනයේදී කන්දකාඩු මධ්‍යස්ථානයෙන් කොවිඞ් ආසාදිතයින් 56 දෙනකු වාර්තා වූ අතර මේ වන විට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනා ගෙන ඇති මුළු කොවිච්-19 ආසාදිතයින් ගණණ 252කි.

  • මැදපෙරදිග සේවය කළ ශ්‍රී ලාංකිකයින් 35ක් Covid-19ට බිලි

    මැදපෙරදිග සේවය කළ ශ්‍රී ලාංකිකයින් 35ක් Covid-19ට බිලි

    Covid-19 ආසාදනය වීම හේතුවෙන් මේ වන විට මැදපෙර කලාපයේ රටවල සේවය කළ ශ්‍රී ලාංකිකයින් 35 දෙනකු මිය ගොස් ඇති බවත් පසුගිය සති තුනක කාලය තුළ පමණක් ශ්‍රී ලාංකිකයින් 15 දෙනකු කොවිඩ්-19 ආසාදනයෙන් මිය ගිය බවත් තානාපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

    මේ අනුව සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර්, ක්වේට්, කටාර්, ඕමාන් සහ ලෙබනන් යන රටවල සේවය කළ පිරිමින් 33 දෙනකු සහ කාන්තාවන් දෙදෙනකු මිය ගොස් ඇත.

    මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත ප්‍රකාශයක් කළ විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සදහන් කර ඇත්තේ ජාත්‍යන්තර නීතියට අනුව අදාළ පුද්ගලයින්ගේ ආදාහන කටයුතු ඔවුන් සේවය කළ රටවලදී සිදු කළ බවයි.

    කොවිඩ්-19 ආසාදනය හේතුවෙන් සිදුවූ මෙම මරණ ගැන ප්‍රකාශයක් කළ තානාපති කාර්යාල උසස් නිලධාරියෙකු සදහන් කළේ මැදපෙරදිග කලාපයේ කොවිඩ්-19 වසංගත අවදානම ඉහළ යත්ම එම කලාපයේ සේවය කළ 40,000කට අධික පිරිසක් ලංකාවට ඒමට සූදානමින් පසු වූ බවයි. එහෙත් ලංකාවේ නිරෝධාන පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඔවුන් මෙරටට ගෙන්වා ගැනීම දිගින් දිගටම ප්‍රමාද වූ බව ද ඔහු සදහන් කළේය.

    මේ අතර ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ අද (9) දින පස්වරු 10.00ට සිදුකළ නවතම යාවත්කාලී කිරීම්වල සදහන් වන්නේ මැදපෙරදිග කලාපයේ කොවිඩ්-19 අවදානම අඛණ්ඩව ඉහළ යන බවයි.

    ඒ අනුව අද දිනය වන විට සෞදි අරාබියෙන් ආසාදිතයින් 223,327ක්, කටාර් හි ආසාදිතයින් 102,110ක්, එක්සත් අරාබි එමීර්හි ආසාදිතයින් 53,577ක්, කුවේට්හි ආසාදිතයින් 52,840ක් සහ මරණ 382ක්, ඕමානයෙන් ආසාදිතයින් 51,725ක් සහ බහරේන් හි ආසාදිතයින් 30,931ක් වාර්තා වී ඇත.

  • කන්දකාඩුවෙන් කොවිඩ් ආසාදිතයින් 60 හමුවීම සමග ලංකාවේ අවධානම යළි ඉහළට

    කන්දකාඩුවෙන් කොවිඩ් ආසාදිතයින් 60 හමුවීම සමග ලංකාවේ අවධානම යළි ඉහළට

    අද (9) දින ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 60 දෙනකු හදුනාගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් ප.ව 20.07ට සිදුකළ නවතම යාවත්කාලීන කිරීම්වල සදහන් වේ.

    ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2154ක් වන අතර මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 164කි.

    දැනට රෝහල්වල විමර්ශනය යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 45 දෙනකු වන අතර සුවය ලබා පිටව ගිය රෝගීන් සංඛ්‍යාව 1979කි.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ වැඩි දුරටත් දැක්වෙන්නේ පසුගිය අප්‍රේල් මස 30 වැනිදායින් පසු සමාජයෙන් කොවිඩ්-19 ආසාදිතයින් කිසිවකු වාර්තා නොවූ බවයි.

    මේ අතර කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වන්නේ පසුගිය 07 වැනිදා වැලිකඩ බන්ධනාගාරයෙන් කොවිඩ්-19 ආසාදිතයා සොයා ගැනීමෙන් අනතුරුව බන්ධනාගාර රැදවියන් සහ එම නිලධාරීන් පී.සී.ආර් පරීක්ෂණ සදහා යොමු කරනු ලැබූ බවත් ඒ අනුව රැදවියන්ට සහ බන්ධනාගාර නිලධාරීන්ට කොවිඩ්-19 ආසාදනය නොවී ඇති බව තහවුරු කරගනු ලැබූ බවත්ය.

  • ජනපතිගේ කකුලෙන් අදින්නේ නැති ආණ්ඩුවක් පත්කර ගත යුතුයි – ඇමති ප්‍රසන්න

    ජනපතිගේ කකුලෙන් අදින්නේ නැති ආණ්ඩුවක් පත්කර ගත යුතුයි – ඇමති ප්‍රසන්න

    යහපාලනයට ගිය දයාසිරිලා රට හැදුව ද විනාශ කළා ද කියන්න අපි හොදට දන්නවා. යහපාලන ආණ්ඩුව කළේ රටට එරෙහි අණපණත් ගේනකොට, ස්වාමින් වහන්සේලා හිරේ දානකොට, රණවිරුවෝ හිරේ දානකොට දයාසිරිලත් ඒකට අත එසෙව්වා.

    පොහොට්ටුව කිසිසේත් පූට්ටු ආණ්ඩු සෑදිමට සුදානම් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. පසුගිය යහපාලන පූට්ටු ආණ්ඩුව රට විනාශ කළ බවත් නැවත එවැනි විනාශයක් රටට ඇති කිරීමට ජනතාව සුදානම් නොමැති බවත් අවධාරණය කළ ඇමතිවරයා පෙන්වා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා රට වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට නම් රට තුළ ස්ථාවර ආණුඩවක් පිහිටවිය යුතු බවයි.

    මිනුවන්ගොඩ කළහුගොඩ ඊයේ (08) පැවති ජන හමුවකට එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෙසේ ද කීවේය.

    “අපිට දේශපාලන අභියෝගයක් නෑ. අපි මේක කොහොමත් දිනනවා. අවශ්‍ය වෙන්නේ තුනෙන දෙකක බලයක් සහිතව දිනන්නයි. අද සජිත්ලා රනිල්ලා මරා ගන්නවා. යහපාලන ආණ්ඩුව කරන දේවල් ඒ අයගේ කට්ටියම කියනවා. මහබැංතු හොරු ළග තියාගෙන ඉන්නවා කියලා රනිල් සජිත්ටත්, සජිත් රනිල්ටත් එකිනෙකා චෝදනා කර ගන්නවා. පක්ෂය විකුණුවා රට විකුණුවා කියලා සජිත් රනිල්ට බනිනවා. රනිල් සජිත්ට බනිනවා. දෙගොල්ලොම එකතු වෙලා තමයි මහබැංකු හොරකම කරලා තියෙන්නේ. රනිල්ගෙයි, සජිත්ගෙයි කටමත දෙඩවීමෙන් ම ඒ අයගේ සැබෑ නිරුවත හෙළිවෙනවා. ගම් මට්ටමේ එක්සත් ජාතික පාක්ෂිකයන් ඉන්නේ කළකිරීමෙන්. ගමේ ජවිපෙ සාමාජිකයන් කළකිරිලා ඉන්නේ. මේ හැමෝම පොකුරු පිටින් පොහොට්ටුවට එකතු වෙනවා. මේ විදිහට පොහොට්ටුවට එජාප, ජවිපෙ සාමාජිකයන් එකතු වුණොත් අපිට තුනෙන් දෙකක් නෙමෙයි ඊට එහා ගිය බලයක් ලබා ගත හැකියි.

    යහපාලන ආණ්ඩුව ජාතික ආණ්ඩුව නැමැති පූට්ටුව ගැහුවේ රට හදනවා යැයි කියලා. ඒත් යහපාලනය කළේ රට විනාශ කරපු එක විතරයි. පොහොට්ටු ආණ්ඩුව කවදාවත් පූට්ටු ආණ්ඩුව මේ රට විනාශ කළා. ඒ පුට්ටු ආණ්ඩුව හැදුවේ මෛත්‍රී. මෛත්‍රී පොදු අපේක්ෂකයා වුණු දවසේ ඉදන් ශ්‍රිලනිප ය ශක්තිමත් කරන්න ශත පහක දෙයක් කරලා නෑ. බණ්ඩාරනායක මහත්තයයි, මැතිණියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලාගත්තේ ඇස් දෙක වගේ. පංච මහා බලවේගය හදලා මේ පක්ෂය රැක්කා. මෛත්‍රී මොකද කළේ. ඔහු ජනාධිපති වෙලා ශ්‍රිලනිපෙයේ පංච මහා බලවේගය අරගෙන ගිහින් අලියාගේ නැට්ටෙ එල්ලුවා. අපි ඒකට විරුද්ධ වුණා. අපිව එළියට දාලා ගොඩයියෝ ටික දැම්මා එතතට. ශ්‍රිලනිපය අලියාගේ නැට්ට එල්ලුවාට පස්සේ  යන මං නැතිව හිටපු ශ්‍රී ලංකාකාරයෝ ටික තමයි මේ පොහොට්ටුව හැදුවේ. අද පොහොට්ටුව ශක්තිමත් දේශපාලන පක්ෂය බවට පත්වෙලා ඉවරයි.

    මම මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා කියුවාම දායාසිරි මහත්තයා මට බනිනවා. මම දයාසිරි වගේ පැත්ත මාරු කරලා නෑ. මට එතුමා එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නෑ. දයාසිරි මහත්තයා එතුමාගේ ඉතිහාසය නැවත මතක් කර ගත්තනම් හොදයි. ජී.එල් ඇමතිතුමාගේ ලේකම් වෙලා ඉදලා එජාපයට ගිහින් මහින්ද මහත්තයා ළගට ඇවිත් ආයෙත් මෛත්‍රී ගාවට ගිය ප්‍රතිපත්තියක් නැති කෙනෙක් තමයි දයාසිරි කියන්නේ.  යහපාලනයට ගියේ රට හදන්න කියලා.

    යහපාලනයට ගිය දයාසිරිලා රට හැදුව ද විනාශ කළා ද කියන්න අපි හොදට දන්නවා. යහපාලන ආණ්ඩුව කළේ රටට එරෙහි අණපණත් ගේනකොට, ස්වාමින් වහන්සේලා හිරේ දානකොට, රණවිරුවෝ හිරේ දානකොට දයාසිරිලත් ඒකට අත එසෙව්වා. මහබැංකු හොරුන්ගෙන් සල්ලි ගත්ත එකටත් දයාසිරිගේ නම කියවෙනවා. මට කියනවා තාත්තාගේ සොහොන ලගට යන්නලු. තාත්තාගේ ආශිර්වාදය නිසා තමයි මම අද මෙතන ඉන්නේ.

    දයාසිරිගේශ්‍රී  ලංකා නිදහසස් පක්ෂය පිළිබද ඉගෙන ගන්න මට අවශ්‍ය නෑ. දයාසිරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කථා කරන්න කිසිදු සදාචාරත්මක අයිතියක් නෑ. පක්ෂ මාරුකර එජාපය සමග නිදි වැදුන අයටද ඒ අයිතිය කොහොමත් නෑ. මට බැනලා කුරුණෑගල ජනතාවගේ ඡන්දය ගන්න දයාසිරිට බෑ. කුරුණෑගල මිනිස්සු ඔහු ගැන දන්නවා. මම දයාසිරිට අනුකම්පා කරනවා. මැතිවරණ ප්‍රථිපල ආපුවාම බලන්න ගම්පහ මිනිස්සු  මට සලකනවද නැද්ද  කියලා. උගත් උනාට වැඩක් නෑ ගෙම්බො වගේ පැනලා මෝඩයෝ වගේ කථා කරනවනම්. මම කථා කරන්නේ ප්‍රතිපත්ති.

    මම අදත් කියන්නේ පොහොට්ටුව දලා යන්නේ නැති කෙනෙකුට ඡන්දය දෙන්න කියලා. ගියපාර මහින්ද මහත්තයා දාලා ගියා වගේ ගියොත් මොන දෙයියන්ට කියන්නද. අපි කියන්නේ මෛත්‍රීගේ කණ්ඩායමක් පාර්ලිමේන්තුවට ඒම අවධානම් සහගත බවයි. ඒ අවධානම අදත් හෙටත් තියෙනවා. අපි මේ වෙලාවේ පත් කරන්න ඕනේ ගෝඨාභය මහත්තයාගේ කකුලෙන් අදින්නේ නැති ආණ්ඩුවක්. එලහරකයි මීහරකයි වගේ දෙපැත්තට අදින ආණ්ඩුවක් බලයට පත් කරලා රටට වෙච්ච දේ අපි දන්නවා . ඒනිසා නැවත ඒ පාපය කරගන්න එපා.”

    අපේක්ෂක ආනන්ද හරිස්චන්ද්‍ර මහතාද මෙහිදී කථා කළේය.

  • ඉහළ ගිය විදුලි බිලෙන් කොටසක් දැරීමට රජය සූදානම් – ඇමති මහින්ද අමරවීර

    ඉහළ ගිය විදුලි බිලෙන් කොටසක් දැරීමට රජය සූදානම් – ඇමති මහින්ද අමරවීර

    මාර්තු සහ අප්‍රේල් විදුලි බිල ඉහළ යාමෙන් පීඩාවට පත් පාරිභෝගිකයින්ට උපරිම සහනයක් දෙමින් එම ගාස්තුවෙන් කොටසක් රජය විසින් දැරීමට අද (8) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවා.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ පිහිටි ඛනිජ තෙල් අමාත්‍යාංශයේදී අද (8) පැවති මාධ්‍ය හමුවකදියි.

    විදුලි බිල සම්බන්ධව පාරිභෝගිකයින්ට සහනයක් ලබාදීම සඳහා උපදෙස් ලබා ගැනීම පිණිස අමාත්‍යවරයා විසින් පත් කරන ලද පංච පුද්ගල කමිටුවේ වාර්තාව අද (8)  කැබිනට් මණ්ඩලයට යොමු කළ අවස්ථාවේදී එම වාර්තාවේ නිර්දේශිත කරුණු  වලින් ඔබ්බට ගොස් මහජනතාවට උපරිම සහනයක්ලබා දීමට රජය තීරණය කළ බවයි ඇමති මහින්ද අමරවීර මහතා මෙහිදී සදහන් කළේ.

    කොවිඞ් 19 වසංගත තත්ත්වය හමුවේ පනවන ලද ඇඳිරි නීතිය හේතුවෙන් මහජනතාව මාස දෙකකට ආසන්න කාලයක් තුළ නිවෙස් තුළ රැඳී සිටි නිසා ගෘහස්ථ විදුලි පාරිභෝජනය ඉහළ ගොස් ඇති බව කී ඇමැතිවරයා එලෙස නිවෙස් තුළ රැඳී සිටින ලෙස උපදෙස් දුන්නේ රජය බැවින්  ඉහළ ගිය විදුලි ගාස්තුවෙන් කොටසක් රජය විසින් දැරිය යුතු බවට අද පැවැති කැබිනට් මණ්ඩලයේදී තීරණය කළ බව ද සඳහන් කළා.