Category: සුපිරි News

  • අද පස්වරුව වන විට කොළඹින් නව Covid-19 ආසාදිතයින් 15ක්

    අද පස්වරුව වන විට කොළඹින් නව Covid-19 ආසාදිතයින් 15ක්

    අද (19) දිනය තුළ (ප.ව. 17.04) වන විට කොවිඩ්-19 ආසාදිතයින් 15 දෙනකු වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය ප‍්‍රවර්ධනය කාර්යංශයේ නිල වෙබ් අඩවියේ දැක්වේ. ඒ අනුව ශ‍්‍රී ලංකාව තුළ තහවුරු කර ගන්නා ලද කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 269 දක්වා ඉහළ යන අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 122ක් වන අතර ප‍්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 171 දෙනෙකි. සුවය ලබා පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 91කි.

    මේ අතර අද (19) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළේ අද දින හදුනා ගන්නා ලද කොවිඩ්-19 ආසාදිතයින් 15 දෙනාම කොවිඩ්-19 ආසාදිතයි ළගින් ඇසුරු කිරීම හේතුවෙන් කොළඹ ප‍්‍රදේශයේ නිරෝධානයට ලක් කරමින් සිටි පිරිසක් බවයි.

  • අපනයනකරුවන් වෙත ‘අපනයන සංවර්ධන මණ්ඩලයෙන්’ විශේෂ ඉල්ලීමක්

    අපනයනකරුවන් වෙත ‘අපනයන සංවර්ධන මණ්ඩලයෙන්’ විශේෂ ඉල්ලීමක්

    අපනයන සංවර්ධන මණ්ඩලය මෙම කාලය පුරාවටම ඔබට අවශ්‍ය සහය ලබාදීමට සූදානමින් සිටී. අපනයන අංශය ශ්‍රී ලංකාවේ පැවැත්ම සඳහා ඉදිරි කාල වකවානුවේ ඉතාම වැදගත් වන නිසාම සියළු අපනයනකරුවන්ගේ පූර්ණ සහයෝගය සහ කැපවීම තුලින් අප රට මෙම අභියෝගය ජයගනු ඇත.

    පසුගිය වකවානුව තුල අප දැඩිව අවධාරණය කල පරිදිම අපනයන දැන් අප රටේ ජාතික ප්‍රමුඛතාවය වී ඇත. COVID-19 අර්බුදය ලොව පුරා වේගයෙන් පැතිරී යන මේ අවස්ථාවේ, ඒ නිසා ඇතිවන ආර්ථික අර්බුදය සාර්ථක ලෙස ජයගැනීමට නම්, ශ්‍රී ලංකාවට රටේ අපනයන අංශයේ ප්‍රගමනය ඉතා වැදගත් බව අපනයන සංවර්ධන මණ්ඩලයේ අපි ඉතා හොඳින් වටහාගෙන ඇත්තෙමු.

    අසාමාන්‍ය තත්වයන් පවතින මෙම කාලවකවානුවේදී, ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජන, සංචාරක කර්මාන්තය සහ රටේ සමස්ත ආර්ථිකය යන ක්ෂේත්‍ර කෙරෙහි විශාල බලපෑමක් සිදු වී ඇත. එබැවින් මෙම කාලය තුළ, අපනයන අංශයේ ඇති වැදගත්කම සලකා එය දිරිමත් කිරීම සදහා සහයෝගය ලබා දෙන ලෙස අපි වෙනත් රාජ්‍ය ආයතනවලින්ද ඉල්ලා සිටිමු. සියලුම අපනයනකරුවන් සඳහා, උපරිම   සහයෝගය දීමට නොපමාව පියවර ගත යුතුව ඇත. අප දරනු ලබන මේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස අපනයන අංශය මගින් රට තුලට ගෙන එන විදේශ විනිමය, ජාතියක් වශයෙන් මෙම අර්බුදයෙන් ගොඩ ඒම සහ අප ඉදිරියේ ඇති අභියෝගයන් ජයගැනීම සඳහා අත්‍යවශ්‍ය වී ඇත.

    ඉහත කාරණා  ප්‍රමුඛතාවයේ සලකා ඊට ප්‍රතිචාර දක්වමින් රජය විසින් අපනයන ක්ෂේත්‍රයේ පැවති සීමා ලිහිල් කර මේ සඳහා මහඟු සහයක් ලබාදී ඇත. ඒ අනුව සියලුම කර්මාන්තශාලා නැවත සක්‍රීය කර නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කළ යුතු බවට අප සියලුම අපනයන කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

    අපනයන සංවර්ධන මණ්ඩලය මේ සම්බන්ධව  මූලිකත්වය ගෙන කටයුතු කරන අතර සියලුම අපනයනකරුවන්ට ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදීමට අප සූදානමින් සිටිමු. ඒ අනුව, අපනයනකරුවන් වන ඔබ වෙත අපනයන ක්‍රියාවලිය සම්බන්ධයෙන් යම් ගැටළුවක් වේ නම් හෝ සහායක් අවශ්‍ය වේ නම්, අපගේ උපකාරක කවුළුව හා සම්බන්ධ වීමට ඔබට හැකියාව ඇත. සෑම අපනයනකරුවකුගේම ව්‍යාපාර නැවත ආරම්භ කිරීම අපගේ ප්‍රමුඛ අරමුණ වන බැවින් ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල වුවද ඒ සඳහා ඔබට අවශ්‍ය සහය ලබාදීමට අපි සූදානම්ව සිටිමු.

    සියලුම අපනයන සමාගම් වෙතින් අප කරන කාරුණික ඉල්ලීම නම්, පුරවැසියෙකු ලෙස ඔබට පැවරී ඇති සමාජ හා ජාතික වගකීම හදුනාගනිමින් මේ අවස්ථාවේ ශ්‍රී ලංකික ජාතියට ඔබෙන් ඉටු විය යුතු කොටස මනාව ඉටු කරන ලෙසයි. අප රටේ අපනයන අංශය සක්‍රීය කිරීම සඳහා ඔබ සෑම කෙනෙකුම වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර හැකි උපරිම විදේශ විනිමය ප්‍රමාණයක් රට තුලට ගෙන ඒම මේ වකවානුවේ අතිශයින්ම වැදගත්වේ.

    නමුත් යම් යම් ව්‍යාපාර සඳහා මෙම ක්‍රියාවලිය අනෙක් ව්‍යාපාර ක්ෂේත්‍ර වලට වඩා අභියෝගාත්මක වනු ඇත. ඒ අනුව ඔබ ව්‍යාපාරයේ ගැටළු හඳුනා ගනිමින්, මෙම අර්බුදයෙන් ගොඩඒමට වඩාත් උචිත දිගු කාලීන සැලසුම් හා ක්‍රමවේද අනුගමනය කරන ලෙස අපි ඔබෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු. ඒහිදී නව අවස්ථා සහ නව වෙළඳපල හඳුනාගැනීම අත්‍යවශ්‍ය වේ.

    ඔබේ ව්‍යාපාර වඩාත් කාර්යක්ෂම හා වේගවත් කිරීමට පියවර ගන්නා ලෙසද අපි ඉල්ලා සිටිමු. මීට අමතරව, නව නිෂ්පාදන සඳහා ඇති හැකියාව සොයාබැලීමද අත්‍යවශ්‍ය කරුණකි. මෙම කාලය තුළ නිෂ්පාදන විවිධාංගීකරණය අතිශයින්ම වැදගත් වන අතර නව නිෂ්පාදන, නව වෙළඳපල සහ නව අවස්ථා සොයා ගැනීමේදී ඔබට සහාය දීමට අපනයන සංවර්ධන මණ්ඩලයද කැමැත්තෙන් සිටී. තවද මේ අවස්ථාවේ, මෙම අර්බුදයෙන් බරපතල ලෙස බලපෑමක් එල්ල නොවන ව්‍යාපාර, සම්පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලියට ගොස් ඔබේ අපනයන ඇණවුම් සාර්ථකව සම්පුර්ණ කිරීම වඩා ඵලදායි වනු ඇත.

    අපනයන සංවර්ධන මණ්ඩලය මෙම කාලය පුරාවටම ඔබට අවශ්‍ය සහය ලබාදීමට සූදානමින් සිටී. අපනයන අංශය ශ්‍රී ලංකාවේ පැවැත්ම සඳහා ඉදිරි කාල වකවානුවේ ඉතාම වැදගත් වන නිසාම සියළු අපනයනකරුවන්ගේ පූර්ණ සහයෝගය සහ කැපවීම තුලින් අප රට මෙම අභියෝගය ජයගනු ඇත. තවද අපනයන සංවර්ධන මණ්ඩලය මෙම ක්‍රියාදාමයේ නායකත්වය ගෙන කටයුතු කිරීමට සූදානම් අතර අපගේ සහෝදර ආයතනයක් වන ආයෝජන මණ්ඩලය සමඟ එක්ව සියලුම අපනයනකරුවන් වෙත අවැසි උපරිම සහාය ලබාදීමට කටයුතු කරන්නෙමු. සියළු සමාගම් නැවත ව්‍යාපාර ආරම්භ කරනු දැකීම අපගේ එකම ප්‍රාර්ථනයයි. අපි එක්ව නැගිටිමු.

    වැඩිදුර තොරතුරු සදහා,

    අපනයන උපකාරක කවුළුව

    ඉන්ද්‍රකීර්ති එස් ආර් පී  මහතා අධ්‍යක්ෂ, වෙළඳ පහසුකම් – 071 440 6119

    නිර්මලා ගජනායක මෙනෙවිය – අපනයන ප්‍රවර්ධන නිලධාරී – 071 822 0953

    ප්‍රියදර්ශනී හේවාවසම් මිය – අපනයන ප්‍රවර්ධන නිලධාරී – 077 249 4807

    විද්‍යුත් තැපෑල: helpdesk@edb.gov.lk

  • කොරෝනා නිසා පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රවීගෙන් යෝජනා 10ක්

    කොරෝනා නිසා පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රවීගෙන් යෝජනා 10ක්

    හිටපු මුදල් හා විදුලිබල, බලශක්ති අමාත්‍ය රවි කරුණානායක  අද දින  පුවත්පත් සාකච්ඡාවකට එක් වෙමින් කොවිඩ් 19 වසංගතය හමුවේ රටේ දුක් විදින ජනතාව වෙනුවෙන් වැදගත් යෝජනා 10 ක් ඉදිරිපත් කළ අතර එහිදී කොවිඩ් 19 වෛරසය මර්දනය සදහා ඇප කැප වී සේවය කරන රජයේ වෛද්‍ය නිලධාරීන් ප්‍රමුඛ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ වෙත පළමු ප්‍රණාමය පුද කිරීමට අමතක නොකළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා රටේ පීඩාවට පත් ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් පහත කරුණු ඉටු කරදෙන මෙන් රජයෙන් ඉල්ලා සිටියේය.

    01. රජය ලබා දෙන රු 5000ට අදාල කොන්දේසි  ප්‍රසිද්ධ කිරීම

    02. රු 5000 ලබා දිම නිර්දේශපාලනය කිරීම

    03. රු 5000 ලබා දීමේ වැඩපිළිවෙල  ග්‍රාම නිළධාරීන් හරහා ක්‍රියාත්මක කිරීම, රු 5000 ලබා දීමේ යාන්ත්‍රණය රාජ්‍ය නිළධාරීන්ගෙන් වියුක්ත නොකල යුතු බව අවධාරණය කළේය

    04. යාන්ත්‍රණයේ විනිවිධභාවය සහතික කිරීමට රු 5000 ලබා දුන් පුද්ගලයන්ගේ විස්තර වෙබ් අඩවියක් හෝ මුද්‍රිත ප්‍රකාශනයක් ලෙස ප්‍රසිද්ධ කිරීම

    05. රක්ෂණය ඇතුළු මූලික කටයුතු සදහා ශ්‍රමිකයෙකු විදේශ ගත වන විට  රජය රු 25000 ක පමන මුදලක් අය කරයි,  දෙවසරකට වරක් රු 3200 බැගින් අය කරයි . මෙම දුෂ්කර අවස්ථාවේදී විදේශ ශ්‍රමිකයන්ගේ රක්ෂණය භාවිතා කොට දීමනාවක් ගෙවීමට රවි යෝජනා කළේය

    06. ගොවියන් ඇතුළු නිෂ්පාදකයන්ට සිය නිෂ්පාදනය අලෙවි කර ගැනීමටත්, පාරිබෝගිකයන්ට අවැසි දේ මිලදී ගැනීමට ගැකි පසුබිමක්  වහා නිර්මානය කළ යුතු බව අවධාරණය කළේය

    07. සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ වලට අනුකූලව  ”ලොක් ඩවුන් ” නීති රීති කලින් කලට ප්‍රදේශයෙන් ප්‍රදේශයට  සමාලෝචනය කිරීම

    08. මහරගම පමුණුව ප්‍රදේශයේ ඇගළුම් ක්ෂේත්‍රයෙන් යැපෙන ජනතාවට ස්වශක්තියෙන් නැගී සිටීමට අත දීම

    09 ජාතියක් ලෙස කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන් කිරීමේ සටනට අවැසි සහයෝගය ලබා දීම අත්හල නොහැකි වගකීමක් බව

    10. චිරාත් කාලයක සිට සිංහළ දෙමළ මුස්ලිම් සියළු දෙනාට එක හඬින් තමන්ගේ පක්ෂය යයි කිව හැකි වූයේ එක්සත් ජාතික පක්ෂය පමණක් බවත් පසුගිය කාළයේදී එජාපය අන්තවාදී පිරිසකගේ ග්‍රහණයට නතු විය. නමුත් දැන් එම අන්තවාදීන් එජාපයෙන් ඉවත්ව  ඇති නිසා යලි සියළු ජාතීන්ට අභිමානයෙන් යුතුව එජාපය සෙවනේ ඒකරාශී විය හැකි බවද සිහිපත් කළේය.

  • ගෙවතු වගාව හරියට කළොත් ‘වසවිස නැති ආහාර’ හා ‘ගමේකෑම’ අතේ දුරින්

    ගෙවතු වගාව හරියට කළොත් ‘වසවිස නැති ආහාර’ හා ‘ගමේකෑම’ අතේ දුරින්

    ළඟ එන ආහාර හිඟයකට තරමක සහනයක්

    නුහුරු නුපුරුදු අයටත් ගොවිතැනේ ආශ්වාදය

    නාගරික පරිසරයක බොහොම කාර්යබහුල ජීවිතයක් ගතකරන මාගේ පැරණි පාසැල් සගයෙක් මහ දවාලේ ඇඳිරි නීතිය රජයන පසුගිය දිනෙකදී හදිස්සියෙන් වාගේ මා වෙත දුරකථන ඇමතුමක් ලබා දුන්නේය. ‘සෞභාග්‍යා ගෙවතු දශ ලක්ෂයේ වැඩසටහන’ පිළිබඳව රූප පෙට්ටියෙන් දැනගන්නට ලැබුණු බවත්, රජයේ අනුග්‍රහයෙන් බෙදා හරින එළවලු බීජ පැකට්ටුවක් දෙකක් සොයා ගැන්මට උත්සාහ කලද, මේ දක්වා තම බලාපොරොත්තුව ඉටු නොවූ බවත් ඔහු චෝදනා මුඛයෙන් පැවසූවේ රටක් රාජ්‍යයක් අහිමිවූවෙකු පරිද්දෙනි.

    මහත් විපර්යාසයකි. ගොවිතැන් කරනවා තබා, තම සුපිරි කෑම මේසය මතට සේවකයින් විසින් ගෙනැවිත් තබන පිසූ ව්‍යංජන දීසි වලින් ඔබ්බට තම සිත මෙහෙයවා නැති එවැනි මිනිසුන්ගේ සිදුවී ඇති මෙම හදිසි රූපාන්තරණය නම් මා හට මහත් අරුමයක්මය.

    වසංගතයක පිටතට පෙනෙන විනාශකාරී ප්‍රතිබිම්බය සිදුරුකරමින් එහි පිටුපසට ගොස්, බැලූ බැල්මට නොපෙනෙන, එහෙත් ඒවාහි පිටුපසින් තිබෙනා සැඟවුණු ගුණ සුවඳට ඉව අල්ලන්නෝද සිටිනා බව මේ දිනවල අසන්නට ලැබෙන පුවත් ඔස්සේ පෙනීයයි. වසංගතය විසින් මරණය බෙදාහරිනවාට අමතරව, ඒ මගින් ලෝකගෝලය වට කීපයක් ආපසු කරකවා, මිනිසා විසින් වළලා දමන ලද සාරධර්මයන් යලි ගොඩ දැමීම වසංගත හරහා සිදුවෙන බවක් ඔවුහු පවසති.  

    කම්හල් නැවතී, මහා මාර්ගයන් රථවාහන වලින් හිස්වී මේ සිදුවන්නේ වියපත් දූෂිත වායුගෝලයේ තිරිහන් වීමයයි එක්තරා ලේඛකයෙක් ලියා තිබුණි. අසාමාන්‍ය මෙන්ම අසාධාරණ සම්පත් බෙදාගැනීම හේතුවෙන් ලෝකය පුරා මිලියන 15 ක් අධිපෝෂණයෙන් මැරෙද්දී, තවත් තැනක මිලියන 10 ක් මන්ද පෝෂණයෙන් වළපල්ලට යාම, යම් පමණකට හෝ තුලනය කරමින් ආහාර බෙදාහදා ගැනීමට සාධාරණ පදනමක් ආරෝපණය කිරීමටත්, ආහාර නාස්තිය අවම කරමින් පිරිමැසුම කියාදීමටත්, පැමිණි අදෘෂ්‍යමාන බලවේගයක් යනුවෙන් වසංගතය හඳුන්වා දුන් අවස්ථාවක්ද දකින්නට හැකිවිය.

    වසංගතයේ කළු සුදු ප්‍රතිබිම්බයන් තරාදියේ දෙපැත්තට දමා කිරා මැන බලන්නට තරම් වර්තමානය නිසංසල හා සාමකාමී නොවුනත්, මේ උදාවී ඇත්තේ වසර දහස් ගණනාවක් තිස්සේ පරපුරෙන් පරපුරට පැවත ආවත්, බාහිර බලපෑම් හේතුවෙන් පිටතට ප්‍රකාශවන්නට ඉඩ නොලද, අපට ආවේනික ගති ලක්ෂණයන් කීපයක් අවදිවීමේ යුගයක් බවනම් පැහැදිලිවම පෙනෙන්නට තිබේ.

    2050 වසර වනවිට ලෝක ජනගහණය බිලියන 9 ක මට්ටමකට ලඟාවෙත්දී, වත්මන් ආහාර නිෂ්පාදනය තවත් 70% කින් පමණ ඉහල දැමිය යුතුයයි පවසමින් විද්‍යාඥයින් ඉලක්කම් හසුරුවන්නට පටන්ගෙන දැන් කාලයක් ගතවී ඇත. මේ අභියෝග ජයගැනීම උදෙසා සමස්ත ලෝකයම හඹායන්නේ අධි තාක්ෂණික කෘෂිකර්මාන්තයකි.

    යැපුම් පාදක කෘෂිකර්මාන්තය ප්‍රමාණවත් නැති බැවින් අධිවේගී මාර්ගය තෝරාගැනීමේ සාධාරණත්වය ගැන විවාදයක් නැත. එහෙත් අපට වැරදුන තැන වන්නේ ප්‍රධාන ආහාර සැපයුම් කාර්යාවලි එසේ ජවසම්පන්නව ඉදිරියට ඇදෙද්දී, අපගේම ආහාර සුරක්ෂිතතාවය උදෙසා පෞද්ගලික මට්ටමෙන් කළහැකිව තිබූ යුතුකම් කොටස අතපසු කිරීමයි.

    විවිධ වකවානුවලදී බලයට පැමිණි රාජ්‍ය පාලනයන් විසින් දේශීයව නිපදවිය හැකි දෑ වගාකරන්නටත්, ඒවා පාරිභෝජනය හුරුකරවන්නටත්, විදේශීය අනුප්‍රාප්තික ආහාර මගහරවන්නටත්, තම ගෘහස්ථ පරිභෝජනයේ අඩුමකුඩුම යම්කිසි ප්‍රමාණයක් ගෙවත්තේම නිපදවන්නට උපදෙස් දෙන්නටත්, උත්සාහ කල තරම මහත් විශාලය.

    ‘ගෙවතු වගාවේ’ වර්තමාන අනුවාදය

    විවිධ වකවානුවලදී බලයට පැමිණි රාජ්‍ය පාලනයන් විසින් දේශීයව නිපදවිය හැකි දෑ වගාකරන්නටත්, ඒවා පාරිභෝජනය හුරුකරවන්නටත්, විදේශීය අනුප්‍රාප්තික ආහාර මගහරවන්නටත්, තම ගෘහස්ථ පරිභෝජනයේ අඩුමකුඩුම යම්කිසි ප්‍රමාණයක් ගෙවත්තේම නිපදවන්නට උපදෙස් දෙන්නටත්, උත්සාහ කල තරම මහත් විශාලය.

    එය කිසි විටෙකත් සුළුවෙන් තැකිය හැක්කක් නොවේ. විටෙක ‘වගා සංග්‍රාමය’ නමින්ද, තවත් අවස්ථාවක ‘අපි වවමු, රට නගමු’ හෝ ‘දිවිනැගුම’ වැනි යෙදුම් හරහාද ජනතාව වෙතට ගෙන ආවේ එකම පණිවිඩයකි. එම වැඩසටහන් මගින් පැවසූ දෑ කෙතරම් දුරට ජනතාව අතරට ගියාද, වැයකරන ලද ශ්‍රමයට අදාලව කුමන ප්‍රතිශතයකින් ප්‍රතිලාභ ලැබුනාද යන්න මේ මොහොතේ හාරා අවුස්සා බැලිය යුතු නැති වුවත්, ඉතිහාසයේ කිසිදු අවස්ථාවක නොතිබුණු පරිසරයක් යටතේ ‘ගෙවතු වගාවේ’ වර්තමාන අනුවාදය සමාජගත කරන්නට දැන් හැකියාව ලැබී ඇති බව නම් පැහැදිලිය.

    මේ වනවිට ලක්‍ෂ ගණනක් වූ පාසැල් දරුවන් ගෙදරය. කෙලිලොලෙන් ගතවෙන සහ නෑ හිතමිත්‍රාදීන් පිරිවරාගත් සිංහල අවුරුද්දක් ඔවුනට උදාවූයේ නැත. ගුරුවරුන් සමග රාජ්‍ය හා පෞද්ගලික සේවකයින් ලක්‍ෂ සංඛ්‍යාවක්ද නිවෙස් තුලය.

    මේ අතරින් බහුතරයද කෘෂිකාර්මික මූලධර්ම ආශ්‍රිත තාක්ෂණිකව සවිමත් ගොවිතැනක් ගැන දන්නේ නැත. ‘ගෙවත්ත‘ යන වචනය ශබ්දනගා උච්චාරණය කෙරුවත් එහි අර්ථය නිසියාකාරව හඳුනන්නේ නැත. පර්චස් තුන හතරක ඉඩම් කට්ටියක් මිලදීගෙන ගෙවල් පොඩ්ඩක් හදා ගත්තෙකු හෝ මහල් නිවාසයකින් ඒකකයක් මිලදී ගත්තෙකු හෝ එහි පදිංචිය සඳහා එනවිටත් ‘ගෙවත්ත’ යන වචනය ඔවුන්ගේ ශබ්දාවලිය සමග ගෙට ගෙවදින්නේද නැත.

    ගෙවත්තක් නොමැත්තන් බවට ස්වයං ලියාපදිංචියක් ඔවුන් විසින්ම කරගෙන ඇති පසුබිමකදී ගෙවත්තක් ප්‍රසූත කරන්නටත්, ඉදිරියේ උදාවියහැකි ආහාර හිඟයක් තරමකින් හෝ සමනය කරනු උදෙසා ගෙවත්තේ සෙවන ලබාගැනීමට සුදානම් වෙන ලෙසටත්, අප ඔවුන්ව දිරිගන්වමින් සිටින්නෙමු.  

    තමාට ගෙවත්තක් නැති බව විශ්වාස කරමින් හැසුරුණු මෙම නාගරිකයින් පමණක් නොව, ඉඩකඩ ඇතිව වත්තේ පිටියේ ඇවිද ගිය ඇතැම් ගැමි ජනතාව පවා, කඩිගුලක් සේ ඇවිස්සී හතර අතේ විපරම් කරමින් එළවලු ඇට හා පැල සොයමින් යන්නට පටන්ගෙන තිබේ.

    ‘ගොවිතැන’ නමැති ආවේනික ගති ලක්ෂණයක පිබිදීම

    රටවැසියන්ගෙන් බහුතරය අද නිවෙස් තුල, ගම තුල හෝ නගර තුල කොටුවී, නෑ හිතමිත්‍රාදීන් හා ඇසුර නැතිවී සීමිත සමාජයක හුදකලා වී සිටිති. හෙට දිනයේ බත්පත සැරසෙන්නේ මොනවායින්දැයි නොදැන අවිනිශ්චිතව සිටිති.

    තමාට ගෙවත්තක් නැති බව විශ්වාස කරමින් හැසුරුණු මෙම නාගරිකයින් පමණක් නොව, ඉඩකඩ ඇතිව වත්තේ පිටියේ ඇවිද ගිය ඇතැම් ගැමි ජනතාව පවා, කඩිගුලක් සේ ඇවිස්සී හතර අතේ විපරම් කරමින් එළවලු ඇට හා පැල සොයමින් යන්නට පටන්ගෙන තිබේ. මේ පෙනෙන්නට තිබෙන්නේ දේශීය ගොවිතැන ජනගත කරන්නට ඉතිහාසය තුල කිසිදු කාල වකවානුවක නොවූ නැකතක් උදාවී ඇති බව නොවේද? සමස්ත ලාංකික ජනප්‍රජාව තුල විවිධ බාහිර බලපෑම් හා පෙළඹවීම් හමුවේ, මෙතෙක් කලක් අකර්මන්‍යව පැවති ‘ගොවිතැන’ නමැති ආවේනික ගති ලක්ෂනයක පිබිදීම නොවේද?

    හරියට මේ නැකතට වැඩ ඇල්ලුවොත් ගොවිතැනෙන් ලැබෙන ආශ්වාදය අමතක කරන්නට බොහෝ දෙනෙකුට අමතක වෙනවා ඇත. වසංගතය හැමදාටම පවතින්නක් නොවේ. ඇසට නොපෙනෙනා ජීවියෙක් ජනතාව මැද්දට පැන, උඩු යටිකුරු කරනාලද සමාජ හැසිරීම් රටාවන් ඉක්මනින් මුල් පිහිටීමට පැමිණේයයි සිතන්නටද බැරිය. යම් කාලයක් අපට සීමා මායිම් වලට යටත්ව සීමිත නිදහසක් භුක්ති විඳිමින් හිත හදාගන්නට සිදුවේවි. ඒ නිසා මේ මොහොතේ ජීවිතයට ආරෝපණය කරගන්නා වූ ගතිපැවතුම් වෙනදාට වඩා ස්ථාවරව යම් කාලයක් සමාජය තුල රැඳෙනු ඇත්තේ, ස්වභාව ධර්මයා විසින්ම ඒ හා බැඳී ජීවත්වන්නට කෙරෙන බලකිරීමක් එතන තිබෙනා බැවිනි.

    ඇඳිරි නීතිය ක්‍රමයෙන් ඉවත් වී, සාමාන්‍ය ජන ජීවිතය හරහා මිනිසා ටිකෙන් ටික කාර්ය බහුල වූවද, ගෙවත්තේ ඇති පැල කීපයකට සුළු සත්කාරයක් කරන්නට විනාඩි කීපයක් සොයාගන්නට මේ නිසා ඉදිරියේදී ඔහු පසුබට නොවනු ඇත. ආර්ථික ලාභ ප්‍රයෝජන පසෙකින් තැබුවත්, ඉන් ලැබෙන මානසික තෘප්තියට මිනිසා ඇලුම් කරනා බැවිනි. දේශීය ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් කරන්නට තිබෙන ඉදිරි වැඩසටහන් පෙළක ආරම්භය වශයෙන් ‘ගෙවත්ත’ ඉදිරියට ගැනීම මේ මොහොතේ ඉතාමත් කාලෝචිත පියවරක් වන්නේ ඒ නිසාය.

    තමාගේ සීමාවට ගැලපෙන ‘ගෙවත්ත’ යනු කුමක්දැයි පළමුව ඔවුන් විසින් හඳුනාගත යුතු වේ. කෘෂිකාර්මික මූලධර්ම ඉගෙනගන්නා සිසුන්ට ‘ගෙවත්ත’ යනුවෙන් හඳුන්වාදෙන දර්ශීය භෞතික සැලැස්මෙන්, නාගරිකයාගේ ප්‍රායෝගික ගෙවත්ත යම් තරමකින් වෙනස් වීම, මෙම හදිසි අවශ්‍යතාවය හමුවේ  එතරම් කලබල විය යුතු කාරණයක් නොවේ.  

    ගෙවතු දශ ලක්ෂයක් බිහිකිරීමේ වැඩසටහන

    ගෙවත්තක ආදර්ශනයක් – Sri Lankan Home Gardens and Household Food Security – G.A.S. Ginigaddara

    රජය විසින් සෞභාග්‍යා නමින් හඳුන්වාදෙමින් ගෙවතු දශ ලක්ෂයක් බිහිකිරීමේ වැඩසටහන මෙහි නිල සම්ප්‍රාප්තිය වන අතර එය ප්‍රධාන වශයෙන් ඉලක්ක කර ඇත්තේ, ඉඩකඩ සීමිත නාගරික හා අර්ධ නාගරික ජනතාව වෙනුවෙන්ය. ඇට හෝ පැල වශයෙන් රෝපණ ද්‍රව්‍ය ලබාගැනීමේ අපහසුතාවයක් වැඩිපුරම දැනෙන්නේත් එම ජන කොට්ඨාශයටයි. නුහුරු නුපුරුදු ගොවිතැනකට පිවිසෙන්නන් නිසා නිවැරදි මග පෙන්විය යුතු බහුතරය වන්නේද ඔවුන්ය.

    තමාගේ සීමාවට ගැලපෙන ‘ගෙවත්ත’ යනු කුමක්දැයි පළමුව ඔවුන් විසින් හඳුනාගත යුතු වේ. කෘෂිකාර්මික මූලධර්ම ඉගෙනගන්නා සිසුන්ට ‘ගෙවත්ත’ යනුවෙන් හඳුන්වාදෙන දර්ශීය භෞතික සැලැස්මෙන්, නාගරිකයාගේ ප්‍රායෝගික ගෙවත්ත යම් තරමකින් වෙනස් වීම, මෙම හදිසි අවශ්‍යතාවය හමුවේ  එතරම් කලබල විය යුතු කාරණයක් නොවේ.  

    පාඩම් පොතේ එන ගෙවත්ත පිහිටන්නේ තම වාසස්ථානයේ සිට උදේ හවා ඇවිද යා හැකි දුරකිනි. බැලූ බැල්මටම එහි ඇත්තේ මිශ්‍ර වගාවක්ය. එළවලු, පලතුරු, ඉඟුරු රම්පේ කරපිංචා වැනි කුළුබඩු, ඖෂධීය ශාක පමණක් නොව කුකුළන් වැනි සතුන්ද ගෙවත්තකට ඇතුලත්වේ. මේ වෘක්ෂලතාදී සංයුතිය නිසාම දර්ශීය ගෙවත්ත බහුස්ථරීය ව්‍යුහයක්ද වන්නේය. එනම් ඉහලින් වැටෙන සූර්යාලෝකය ගහකොළ අතරින් බෙරීගෙන ඇවිත් බිම් පලසක් සේ වැඩෙන පලාකොල වැනි දෑ මත වැටී, ඒවා පවා පෝෂණය කරයි. හිරුගේ සාරය බිඳක්වත් අපතේ යන්නේ නැති තරම්ය.

    නාගරික හා අර්ධ නාගරික ප්‍රජාව මේ මොහොතේ කල යුත්තේ, පොත්වල ලියවී ඇති ආකාරයේ මෙවන් ගෙවත්තක් තමාගේ පරිසරය තුල සොයනවාට වඩා, සිත තුල නිදිගැන්වී ඇති ඔබට ගැලපෙන ගෙවත්ත අවදි කරවා ගැනීමයි. සඳළුතලයේ තැබෙන බඳුන්ගත පැල කීපයක් වුවත් මහල් නිවාසයක වෙසෙන්නෙකුගේ ගෙවත්ත බවට පත්වන්නේ මේ ආකාරයෙනි.

    වැඩේ පහසුවෙන් පටන් ගන්නට ‘ගෙවත්ත’ නමැති පදයක් ඉස්සරහට දමාගෙන අප පැමිණියාට, නාගරික හා අර්ධ නාගරික ප්‍රජාව මේ මොහොතේ කල යුත්තේ, පොත්වල ලියවී ඇති ආකාරයේ මෙවන් ගෙවත්තක් තමාගේ පරිසරය තුල සොයනවාට වඩා, සිත තුල නිදිගැන්වී ඇති ඔබට ගැලපෙන ගෙවත්ත අවදි කරවා ගැනීමයි. සඳළුතලයේ තැබෙන බඳුන්ගත පැල කීපයක් වුවත් මහල් නිවාසයක වෙසෙන්නෙකුගේ ගෙවත්ත බවට පත්වන්නේ මේ ආකාරයෙනි.

    ගෙවතු වගාව කළ හැකි මාධ්‍යය- Sri Lankan Home Gardens and Household Food Security – G.A.S. Ginigaddara

    වගාකිරීමට බෝග තෝරා ගැනීමේදීද කරුණු කීපයක් සැලකිල්ලට ගත යුතු වන්නේය. ඒ අතරින් පළමුවැන්න නම්, අදාළ බෝගය කෙටිකාලීනව අස්වැන්න ලබාදෙන බෝගයක් වියයුතු බවයි. මන්දයත් ජීවත්වෙන පරිසරය අවටින් ආහාරය සපයා ගැනීමේ හදිසි අවශ්‍යතාවයක් උද්ගතවී  ඇති බැවිනි.

    වගාකිරීමට බෝග තෝරා ගැනීමේදී

    වගාකිරීමට බෝග තෝරා ගැනීමේදීද කරුණු කීපයක් සැලකිල්ලට ගත යුතු වන්නේය. ඒ අතරින් පළමුවැන්න නම්, අදාළ බෝගය කෙටිකාලීනව අස්වැන්න ලබාදෙන බෝගයක් වියයුතු බවයි. මන්දයත් ජීවත්වෙන පරිසරය අවටින් ආහාරය සපයා ගැනීමේ හදිසි අවශ්‍යතාවයක් උද්ගතවී  ඇති බැවිනි.

    නිතර රෝගයන්ට පාත්‍රවන, පළිබෝධකයින්ට ගොදුරුවෙන සංවේදී බෝග කරා නොගොස්, පරිසරයට වඩාත් අනුවර්තනය වූ බෝග මාදිලි තෝරා ගැනීමද වැදගත්ය. රෝග හා පළිබෝධකයින් හඳුනාගන්නටත්, පාලනය උදෙසා උපදෙස් සොයන්නටත් සිදුවේනම් එය මේ අවස්ථාවට ගැලපෙන්නක් නොවේ. දේශීය බෝග මාදිලි යනු මෙම අනුවර්තනය හොඳින් පෙන්වන ඒවාය. නියං වැටකොළු, ඇත්දළ බණ්ඩක්කා, කැකිරි වර්ග, ආලංගා වැනි පාරිසරික තත්වයන්ට හොඳට හැඩගැසුණු ගමේ ගොඩේ බෝග වර්ග රාශියක් අපගේ වගාබිම් ආශ්‍රිතව තිබේ.

    නගරයෙන් බැහැර ගෙවත්තක් උදෙසා මෙවැනි බෝගයන්හි බීජ හෝ පැල සොයාගැනීමේ බරපතල අපහසුතාවයක්ද නොපවතී. තුන්වෙනුව සැලකිය යුත්තේ මෙරට ඇති විෂම දේශගුණික තත්වයන්ට හැකිතාක් දුරට ගැලපෙන බෝග මාදිලි වෙතටයාමයි. ශ්‍රී ලංකාව වනාහී කෙටි දුරක් තුල ඉතා පැහැදිලිව දේශගුණය වෙනස් කලාපයන් හමුවෙන රටකි. මේ හැම තැනකම එකසේ වගාකළ හැකි පොදු බෝග නොමැති තරම්ය. එහෙත් පුළුල් පරාසයකට ගැලපෙන බෝග මෙහි විරල නැත.

    තෝරාගන්නා බෝගයේ පෝෂණ අගයද තක්සේරුකර, වැයකරන ශ්‍රමයට උපරිම ප්‍රතිලාභයක් ලැබීම තහවුරු කරගැනීමට උනන්දු වන්නේනම් එයද මේ මොහොතේ වැදගත්ය. රනිල බෝගවල පෝෂණ ගුණය වැඩිය. දඹල, බුෂිටා වැනි බෝග වර්ග කෙටි කාලීන වෙනවා මෙන්ම, රෝග පලිබෝධ අවදානමද අඩුය. තම්පලා වැනි පලා වර්ග ඇතැම්විට වල් පැලෑටි ලෙස පවා වැවේ. ඉතා පසුවෙන් වැවිය හැකි පලා වර්ගයක් ලෙසට එය තෝරා ගත හැකිය.

    කෙටි කාලීන බෝග කෙරෙහි මේ අවස්ථාවේ වැඩි අවධානයක් යොමුකලත්, වැඩි ඉඩක් ඉල්ලා සිටින්නේත් නැති, එතරම් අවධානයක් අවශ්‍ය වන්නේත් නැති, බහු වාර්ෂිකව ගෙවත්තට ඇතුලත්විය යුතු ශාක කීපයක් ගැනද මතක් කිරීම වටී. ඒ අතරින් රම්පේ හා කරපිංචා ප්‍රධානය. මේවා වසර පුරාම සුළු ප්‍රමාණයෙන් අවශ්‍ය වන ද්‍රව්‍යයන් නිසා ගෙවත්තේ තිබෙන්නේ නම් සැලසෙන ප්‍රතිලාභය ඉමහත්ය.

    අලබෝග අතරින් මඤ්ඤොක්කා පඳුරු කීපයක් ගෙවත්තට ඇතුලත් වන්නේ නම්, එහි ලපටි කොළ පලා වර්ගයක් ලෙසද භාවිතා කරනවාට අමතරව මාස හයක පමණ සිට ඉදිරියට, අවශ්‍ය විටෙකදී අල ලබාගැනීමටද හැකියාවක් පවතී. දේශීයව ඇති මඤ්ඤොක්කා ප්‍රභේදයන්හි විෂ භාවය ඉතාමත් අඩු අගයක පවතින නිසාත්, තිබෙන යමක් වුවත් පිසීමේ ක්‍රියාවලියේදී ඉවත්ව යන නිසාත් අනියත බියක් ඇතිකරගත යුතු නොවේ.

    විදේශික බීජ හා කෘෂි රසායන ද්‍රව්‍යයන් යොදාගෙන සිදුකෙරෙනා එවන් වගාවන්ගෙන් ලැබෙන්නේ ගමේ කෑම නම් නොවේ

    වස විස නැති ආහාර

    පසුගිය කාල වකවානුව තුලදී කොළ එළවලු වල අන්තර්ගත කෘෂි රසායනික ද්‍රව්‍ය පිළිබඳව විවිධාකාරයේ අදහස් ඉදිරිපත් විය. බොහෝ කොළ එළවලු වර්ග අමුවෙන්ම හෝ අඩ වශයෙන් පිස ආහාරයට එක්කර ගැනීම නිසා එවන් කතිකාවක් සමාජය තුල ගොඩනැගීමේ අසාධාරණත්වයක්ද නැත. හිරු උදාවන්නටත් පෙර, සමාජයේ ඇස ගැටෙන්නටත් පෙර වස දියරයෙන් නැහැවෙන කීර කොටුවල ඇති දෑ, තවත් දින දෙක තුනක අවෑමෙන් අමුවෙන්ම වාගේ පාරිභෝගිකයාගේ උදර ගතවීම වැලක්වීමටත්, ගෙවත්ත ඉතා ආරක්‍ෂිත මෙහෙයක් ඉටුකරයි.

    බොහොමයක් පලා වර්ග නිවසේ පාරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණය වශයෙන් බඳුන් තුල වුවද වගාකළ හැකිවේ. තම්පලා වැනි බෝග ඇතැම්විට වල්පැලෑටි ලෙස වුවත් වගා බිම් ආක්‍රමණය කිරීමෙන් පෙනෙන්නේ ඒවා කිසිදු අතිරේක අවධානයක් ඉල්ලා නොසිටින බවයි. නිවසෙහි ආහාර වේලකට අවශ්‍ය ප්‍රමාණයට සරිලන කංකුන් දඬු ප්‍රමාණය ගෙවත්තෙන් නෙලා ගන්නා විට දැනෙන්නේ පිරිසිදු සෞඛ්‍යාරක්ෂිත කොළ එළවළුවක් ලැබීමෙන් ඇතිවූ සතුට පමණක් නොවේ. රුපියල් 40 ක පමණ මුදලක් තම සංචිතයන්හි ඉතිරිකිරීමේ ආර්ථික වාසියක්ද එතැන ඇති බව තේරුම්ගත යුතුය.

    ගෙවතු වගාවට යොමුවෙන අතරවාරයේම ආහාර සුරක්‍ෂිතතාවය හා සම්බන්ධ, අවධානය යොමුකළයුතු තවත් කරුණු බොහොමයක් ඇත. ගමේ කෑම යනුවෙන් පුරාජේරුවට කතා පවත්වමින් අනුභව කලද, මේවා බොහොමයක් අද දවසේ වාණිජව වගාකෙරන බෝග මාදිලි බවට පත්වූ ඒවා වේ. අපේ පැරැන්නන් අතේ කටු ඇනෙන බැවින් පොල්කොලයක් දෙකට නවා පඳුර තුලට යවා කැඩූ ‘තලන බටු’ නොහොත් ‘එලබටු’ වාණිජ වගාවන් තුල වර්තමානයේ වගා කෙරෙන්නේ නැත. අද තිබෙනා ‘එලබටු’ තලන්නට බැරි තරමටම විශාලය.

    විදේශික බීජ හා කෘෂි රසායන ද්‍රව්‍යයන් යොදාගෙන සිදුකෙරෙනා එවන් වගාවන්ගෙන් ලැබෙන්නේ ගමේ කෑම නම් නොවේ. ගෙවත්තේ දිගුකාලීනව පලදරමින් පවතිනා කොච්චි පඳුර තවත් උදාහරණයකි. පොහොර, කෘෂි රසායනික කිසිවක් නොමැතිව හොඳින් වැවෙන කොච්චි වර්ග රාශියක් රට පුරා විසිරී පවතින බැවින් යෝජිත ගෙවත්තේ තැනක් එයට වෙන්කර දීමේ කිසිදු අපහසුතාවයක් නැත. ඒ නිසා ගමේ කෑම පසුපස හඹා යන අයට, තම සිතැඟි රුචිකත්වයන් පල දරවන්නට මේ මොහොතේ උදාවී ඇති ගෙවතු ප්‍රවර්ධන වැඩ සටහන යහපත් ආරම්භයක් ලබාදෙයි.

    ආහාර අපතේ යැවීම වර්තමානයේදී මහා පරිමාණයෙන් සිදුවෙන නාස්තියකි. වාණිජ කාර්යාවලිය හා බැඳුනු අවිධිමත් ප්‍රවාහන ක්‍රමවේදයන් හරහා එළවලු හා පලතුරු 40% ක ප්‍රමාණයක් අපතේ යන බව පැවසේ. මේ කතා කරන්නට යන්නේ එවන්නක් නොව අපගේ ගති පුරුදු වල සිදුවිය යුතු සංශෝධනයකි.

    ආහාර හා බැඳුනු තවත් ගුණාංගයක්

    නිවසේ ආහාර අවශ්‍යතාවයට උරදීමක් වශයෙන් හදිසි ගෙවත්තක් සාදාගැනීමට සැලසුම් සාදන අතරවාරයේ, පැරැන්නන් සතුව තිබී නව පරපුර වෙතින් ගිලිහී ගිය ආහාර හා බැඳුනු තවත් ගුණාංගයක් ඔප මට්ටම් කරගැනීමටත් මෙය හොඳ අවස්ථාවක් බව පෙනේ.

    ආහාර අපතේ යැවීම වර්තමානයේදී මහා පරිමාණයෙන් සිදුවෙන නාස්තියකි. වාණිජ කාර්යාවලිය හා බැඳුනු අවිධිමත් ප්‍රවාහන ක්‍රමවේදයන් හරහා එළවලු හා පලතුරු 40% ක ප්‍රමාණයක් අපතේ යන බව පැවසේ. මේ කතා කරන්නට යන්නේ එවන්නක් නොව අපගේ ගති පුරුදු වල සිදුවිය යුතු සංශෝධනයකි.

    දැනට පරම්පරා දෙක තුනකට පෙරදී නිවෙස් වලින් පිටතට මේ තරමට ආහාර ඉවතලෑවේ නැත. ගෘහණිය අතින් සහල් ඇට කීපයක් බිමට හැලුනත්, එදා ඒ සියල්ල ඇටයක් පාසා ආපසු ඇහිඳීමට පවා ඇයට විවෙකයක් හා කැමැත්තක් තිබුණි. රටේ සහල් අවශ්‍යතාවයෙන් තුනෙන් දෙකක් විදේශයන්ගෙන් එත්දී, සහලට තිබූ එම ගෞරවය ස්වයංපෝෂිත තත්වයෙන් නිපදවන දේශීය සහල් වෙත ලැබෙන බවක් අද දවසේ දකින්නට නැත. කොස්ඇට වැනි ආහාරයට ගතහැකි ද්‍රව්‍ය පවා ගම්මුන් විසින් යම් ක්‍රමවේදයන් හරහා කල් තබාගනිමින් ආහාරය පිණිස ගත්තා මිස නිකරුනේ අපතේ යාමක් සිදුවුයේ නැත.

    ගෙවත්ත ශක්තිමත් සංකල්පයකි. එය තම පරිසරයට, හැකියාවට අනුකූලව සීරුමාරු කල හැකිය. රජය විසින්ද මේ මොහොතේ දිරි ගන්වනු ලබන්නේ පවතින තත්වයට ගැලපෙන පරිදි ගෙවත්ත ගොඩනැගීමටයි.

    පෙර සූදානමක් නොමැතිව, හැකි පමණින් පැල හා බීජ නිපදවන්නටත්, ඒවා බෙදාහරින්නටත් රාජ්‍ය අංශය කටයුතු යෙදුවද, තම සිත තුල නිදන්ගතව ඇති ගෙවත්ත අවදිකරවා ගැනීමේ මූලික වගකීම ඇත්තේ ජනතාව අතරය. එය නිසිලෙස සිදුවන්නේ නම් වසංගතය නිමාවූවද, ඉපදුන ගෙවත්තත්, ඒ හා බැඳී ඔපමට්ටම් වී සමාජගතවූ පැරණි ආහාර සංස්කෘතියත් යලි නින්දට නොයනු ඇත.

    සනත් එම්. බණ්ඩාර

    Assistant Director of Agriculture National Agriculture Information and Communication Centre Gannoruwa, Peradeniya

  • කොරෝනාවෙන් වැටුණු සියලු අපනයන කර්මාන්ත යළි ගොඩගන්න අත දෙනවා – EDB

    කොරෝනාවෙන් වැටුණු සියලු අපනයන කර්මාන්ත යළි ගොඩගන්න අත දෙනවා – EDB

    මුළු මහත් ලෝකයම ඉතාම අපහසු කාලයක් ගත කරමින් සිටී. අප සැවොම කොරෝනා වෛරසයට එරිහිව සටන් වදින මේ මොහොතේ, ශ්‍රී ලාංකික අපනයනකරුවන්ද පසුගිය මාස දෙකක සිට අභියෝගාත්මක කාලයකට මුහුණ දී සිටී.

    අන් කවරදාකටත් වඩා දැන් අපගේ අපනයන ව්‍යාපාරයන් උත්සාහවන්තව හා ශක්තිමත්ව පවත්වා ගෙන යාමට  කාලය පැමිණ ඇති බවට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අවධාරණය කර සිටී. ශ්‍රී ලාංකික ජාතියක් වශයෙන් අපට, මෙවැනි  ව්‍යසනයන් අමුතු අත්දැකීම් නොවේ.

    එලෙසම මෙම ව්‍යසනයටද අප ශක්තිමත්ව මුහුණ දෙන බවට ඉතා විශ්වාසය. අප අතීතයේ දී කළාක් මෙන්, ශ්‍රී ලංකාව වෙන කවරදාටත් වඩා ශක්තිමත්ව නැගී සිටිමින් අපගේ ප්‍රධාන ඉලක්කය වන අපනයනයන් නැවත ආරම්භ කිරීම, ඒවා පෙර මට්ටමට යථා තත්ත්වයට පත් කිරීම සහ ඒවා වැඩි දියුණු කිරීමට ශක්තිය අප සතුය.

    දැන් තවත් එවැනිම අභියෝගයක් අප ඉදිරියේ තිබේ. අපගේ ශක්තිය හා ඔරොත්තු දීමේ හැකියාව රටක් ලෙස පෙන්විය යුතු කාලය මෙයයි. අපගේ ව්‍යාපාරයන්ට, අපේ ජනතාවට සහ අපේ ජාතියට කළ නොහැක්කක් නොමැති බව අප ලෝකයට පෙන්විය යුතුය. දිවයිනේ COVID-19 වෛරසය තුරන් කිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය හා ආරක්ෂක පියවරයන් රජය විසින් ඉතා මැනවින් අනුගමනය කිරීමේ ප්‍රථිපලයක් ලෙස මෙම අර්බුදය අපේ රට නුදුරේදීම ජය ගනු ඇත.

    කෙසේ වෙතත්, අප ද අපගේ කාර්යභාරය ඉටු කළ යුතුව ඇත. අපේ ආර්ථිකය ස්ථාවරව පවත්වා ගෙන යාම සදහා විදේශ විනිමය ඉපැයීම් උත්පාදනය කිරීම රටක් වශයෙන් අත්‍යාවශ්‍ය බව රජය සඳහන් කරයි. එමනිසා සියලුම අපනයනකරුවන් අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු මෙහෙයුම් ආරම්භ කිරීම අතිශයින්ම වැදගත්ය. අවධානම් කලාපයෙන් පිටත ක්‍රියාත්මක කර්මාන්තශාලා වෙත ඒ සඳහා අවසර ලැබෙනු ඇත. මෙම සියලුම කර්තව්‍යයන් සාර්ථකත්වයට පත්කිරගැනීමට ශ්‍රී ලාංකිකයන් වශයෙන් එකට එකතු වී අප අපගේ වගකීම ඉටු කල යුතුව ඇත.

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අවධාරණය කරන්නේ තවත් ටික කාලයකින් සමස්ථ ලෝකයම මෙම උවදුර ජයගනිමින් යථාතත්වයට පත්වන බවයි. ඒ් අනුව මෙම රටට අවැසි සමයේ  ව්‍යාපාර නැවත ආරම්භ කරන සියලුම ශ්‍රී ලංකික අපනයනකරුවන්ගේ සහයෝගයෙන් රටක් ලෙස අපටද මෙම ලෝක අර්බුධය ජයගත හැකිවනු ඇත. අප සැම එකට එක වී ලෝකය ඉදිරියට ගොස් නව වෙළඳපල, නව පාරිභෝගිකයින් සොයාගනිමින් සහ පැවති සම්බන්ධතා නැවත ශක්තිමත් කරගනිමින් ඔවුනට තත්වයෙන් උසස් අපනයනයන් සැපයීමට කාලය පැමිණ ඇත.

    සියලු අපනයන කර්මාන්ත තම නිෂ්පාදන ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති සේවක සනීපාරක්ෂක රෙගුලාසිවලට අනුකූල වීම අනිවාර්ය වන අතර ව්‍යාපාර ආරම්භ කිරීමට පෙර සියලුම කර්මාන්තශාලා අදාළ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්  විසින් පරීක්ෂා කරනු ඇත.

    සියලුම අපනයනකරුවන් සඳහා සහය දැක්වීමට අපනයන සංවර්ධන මණ්ඩලය සූදානමින් සිටින අතර ඒ සඳහා දුරකථන අංකයක් ක්‍රියාත්මක වේ. අතීතයේදී අපේ රට මෙවැනි අර්බුදකාරී අවස්ථාවන් වලදී එකමුතුව නැගී සිට සමගියේ ශක්තිය පෙන්නුවාක් මෙන් මෙවරද ශ්‍රී ලාංකිකයන් යළිත් වරක් එකතු වී නැගී සිටිනු ඇත.

    මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සහ උපදෙස් ලබාදීම සඳහා පහත නිලධාරීන් සූදානමින් සිටී.

    එම්.කේ.එස්.කේ. මල්දේනි මහතා / වැඩබලන අතිරේක අධ්‍යක්ෂ ජනරාල්  – 077 7601592

    චිත්‍රංජලී දිසානායක මෙනෙවිය / වැඩබලන අතිරේක අධ්‍යක්ෂ ජනරාල්  – 071 8071163

    මාලනි බද්දේගම මහත්මිය / අධ්‍යක්ෂ – අපනයන කෘෂිකර්ම – 071 9500885

    EDB උපකාරක කවුළුව

    එස්. ආර්. පී. ඉන්ද්‍රකීර්ති මහතා / අධ්‍යක්ෂ (වෙළඳ පහසුකම් හා වෙළඳ තොරතුරු)  – 071 440 6119

    නිර්මලා ගජනායක මෙනෙවිය / අපනයන ප්‍රවර්ධන නිලධාරී – 071 822 0953

    ප්‍රියදර්ශනී හේවාවසම් මහත්මිය / අපනයන ප්‍රවර්ධන නිලධාරී – 077 249 4807

    විද්‍යුත් තැපෑල : helpdesk@edb.gov.lk

  • ශ‍්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 248 දක්වා ඉහළට

    ශ‍්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 248 දක්වා ඉහළට

    ශ‍්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද (18) දින 248 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ නිල වෙබ් අඩවියේ අද ප.ව 19.04ට සිදුකළ යාවත්කාලීන කිරීම් අනුව දැක්වේ. එහි දැක්වෙන්නේ අද දින කොවිඩ්-19 ආසාදිතයින් 04 දෙනකු වාර්තා වූ බවයි.

    එහි දැක්වෙන ආකාරයට දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 155 දෙනකු වන අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 103කි. සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 86 දෙනකු වන අතර ලංකාවේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 07කි.

  • 20 වැනිදා සිට පොදු ප්‍රවාහන සේවා  ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි

    20 වැනිදා සිට පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි

    කොවිඩ් -19 වසංගතය හමුවේ මෙතෙක් අත්හිටුවා ඇති රාජ්‍ය අංශයේ වැඩකටයුතු අදියර කිහිපයක් යටතේ ලබන සඳුදායින් පසුව ආරම්භ කිරීමට රජය ගෙන ඇති තීරණය අනුව අප්‍රේල් මස 20 වනදායින් පසු ලංගම බස් රථ 5,000 ක් සහ දුම්රිය 400 ක් නැවතත් පොදු ප්‍රවාහන සේවා කටයුතු සඳහා යෙදවීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා  පවසයි. 

    රජය විසින් සේවා ස්ථාන සඳහා පැමිණෙන කාර්ය මණ්ඩලවල පහසුව සැලසීමට මෙලෙස පොදු ප්‍රවාහන සේවා යළිත් ආරම්භ කිරීමට පියවර ගත් බවයි අමාත්‍යවරයා පැවසුවේ.

    මේ අනුව සියලූ පොදු ප්‍රවාහෙන කටයුතු ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති මාර්ගෝපදේශන යටතේ ක්‍රියාත්මක කිරීමට වගබලා ගන්නා ලෙස නිලධාරින්ට උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා පැවසුවා. 

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා, ‘බස් රථ සහ දුම්රියන්හි සේවය සඳහා යෙදවීමට නියමිත කාර්ය මණ්ඩලවල ආරක්ෂාවට අවශ්‍ය මුඛ ආවරණ සියලූ දෙනාට සපයා දෙනවා. ඒ වගේම බස් සහ දුම්රිය විෂබීජ හරණය කිරීමට අවශ්‍ය විෂබීජ නාශක ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ලබා ගැනීමට පියවර ගන්නා.

    පොදු ප්‍රවාහන සේවාවල ගමන් ගන්නා සියලුම මගීන් මුඛ ආවරණ පැලඳ ගමන් කිරීම අනිවාර්ය කර ඇති අතර, මීටරයක දුර සිටින ආකාරයෙන් ගමන් කිරීම අනිවාර්ය කර තිබෙනවා. ඒ අනුව එක් දුම්රිය පෙට්ටියක මගීන් 50 කට සීමා කිරීමටද තීරණය කර ඇති අතර ගමන් වාර ආරම්භය හා අවසානයේ බස් රථ හා දුම්රිය ජීවානුහරණය කිරීමද අනිවාර්ය කර තිබෙනවා.

    එමෙන්ම කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවලට දුරබැහැර සිට එළවළු, පලතුරු ඇතුළු ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයේ දී පවතින දුර්වලතාවයන්ට විසඳුමක් වශයෙන් දුම්රිය යොදා ගැනීම සම්බන්ධයෙන්ද මේ වන විට කරුණු සොයා බලමින්කි තිබෙනවා. සියම් පාර්ශ්වයක් ඒ සඳහා ඉල්ලීමක් කරන්නේ නම් එම ද්‍රව්‍ය ප්‍රවාහනයට බලවේග දුම්රිය කට්ටල ලබා දිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළා‘‘

  • කොළඹ ජාතික රෝහලෙන් ක්ෂණික දුරකථන ඇමැතුම් සේවාවක්

    කොළඹ ජාතික රෝහලෙන් ක්ෂණික දුරකථන ඇමැතුම් සේවාවක්

    දැනට පවතින කෝවිඩ් 19 වසංගතය හේතුවෙන්, දෛනිකව වෛද්‍ය උපදෙස් හා සායන ඇතුලු ප්‍රතිකාර සේවාවන් ලබාගැනීම සදහා කොළඹ ජාතික රෝහලට පැමිණි රෝගීන්ට විවිධ අපහසුතාවයන් වලට මුහුන දීමට සිදුවී ඇත. මෙම තත්ත්වය පිළිබදව අවධානය යොමු කල ශ්‍රී ලංකා ජාතික රෝහල රෝගීන්ට දුරකථනයෙන්  ජාතික රෝහල අමතා අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේ පහසුකම සළසා ඇති බව ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩබ්.කේ වික්‍රමසිංහ මහතා දන්වා සිටියි.

    ඒ අනුව පහත සදහන් රෝග ලක්ෂණ මෑතක සිට ඇති වුවහොත්, එනම් ගිලීමේ අපහසුතාවයක්එක දිගට පවතින වමනයආහාර අරුචිය, ශරීරයේ අනපේක්ෂිත බර අඩුවීමක්ශරීරයේ දැඩි තෙහෙට්ටු බවක්වැසිකිළි යාමේ දී රුධිරය පහවිමක් හෝ කළු පැහැයට මළ පහ පිටවීමක්වැසිකිළි යාමේ රටාවේ වෙනස් වීමක්/මළ බද්ධයඑක දිගට පවතින උදරයේ වේදනාවක්ඇස්වල හෝ ශරීරයේ කහ පැහැ ගැන්වීමක්උදරයේ ගෙඩියක් හෝ ඉදිමීමක්පියයුරේ ගැටිත්තක්බෙල්ල ආශ්‍රීතව ඇති ගැටිති/ ගැටිත්තක්, කිහිල්ල හෝ ඉකිලිය ආශ්‍රිතව ඇති ගැටිතිකකුලේ ඇති සුව නොවන තුවාලයක්- විශේෂයෙන් ඔබට දියවැඩියාව ඇතිනම් හෝ දුම් පානය කරන්නේ නම් හදුන්වා දී ඇති දුරකථනය ඔස්සේ සම්බන්ධ වී වෛද්‍ය උපදෙස් ලබාගත හැක.

    වෛද්‍ය උපදෙස් ලබාගැනීම සදහා සම්බන්ධ විය හැකි දුරකථන අංක 0113618724, 0768185157, 0112691111- (දිගුඅංක 2418 ) වන අතර, සදුදා සිට සෙනසුරාදා දක්වා සෑම දිනකම පෙරවරු 8.00 සිට පස්වරු 1.00 දක්වා ජාතික රෝහල ඇමතීමෙන්  මෙම සේවාව ලබාගත හැකිය.

  • රුපියල් 5000 ලබාදීමට ග්‍රාමීය කමිටු ක්‍රියාත්මක වෙයි

    රුපියල් 5000 ලබාදීමට ග්‍රාමීය කමිටු ක්‍රියාත්මක වෙයි

    COVID-19 වෛරස තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සමාජ ප්‍රතිලාභ ලෙස රුපියල් 5000 ක මුදල් ප්‍රදානය කිරීම සදහා ග්‍රාමිය කමිටු ක්‍රියාත්මක වෙමින් පවතින බව කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය පවසයි.

    විශේෂයෙන් අත්‍යාවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම, මෙහෙයවීම සම්බන්ධීකරණය හා පසුවිපරම පිණිස වූ ජනාධිපති කාර්යසාධන බලකායේ නියමයන්ට අනුකූලව නිර්දේශ කර ඇති ක්ෂේත්‍රයන් වන

    01.              පෙරපාසල් ගුරුවරුන්

    02.              පෞද්ගලික බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්

    03.              රජයේ සේවයේ නොයෙදෙන ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්

    04.              හස්ත කර්මාන්තකරුවන්

    05.              අත් යන්ත්‍ර පේෂ කර්මාන්තකරුවන්

    06.              උසාවි මගින් නඩත්තු දීමනා ලබන කාන්තාවන්

    07.              ආදායම් අහිමි කුඩා තේවතු හිමියන්

    08.              ප්‍රාදේශීය මාධ්‍යවේදීන්

    යන රැකියා කාණ්ඩ සදහා එම රුපියල් 5000 දිමනාව ලබාදෙනු ඇත.

    ඒ අනුව ඉහත සදහන් කණ්ඩායම් ලියාපදිංචි වී සිටින රාජ්‍ය හා පළාත් මට්ටමේ ආයතන වලින් ලබාගත් නාමලේඛණ මේ වන විට කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය විසින් ග්‍රාමීය කමිටුව වෙත ලබාදීමට කටයුතු කර ඇත.

    මීට අමතරව ග්‍රාමීය කමිටුවේ නිර්දේශයන් මත ග්‍රාමීය කර්මාන්ත ක්ෂේත්‍රයේ නිරත වන්නන්, ග්‍රාමීය මට්ටමේ සේවා සපයන්නන් සහ ග්‍රාමීය අලෙවිකරණයේ යෙදෙන්නන් සදහා මෙම රුපියල් 5000  දීමනාව ලබාදීමට ද රජය තීරණය කර ඇති බව කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය අවධාරණය කරයි.

    මෙහිදී තමාගේ සේවාවන් සදහා ලියාපදිංචි වී ඇති ස්ථාන වෙතින් බැහැරව වෙනත් ස්ථානයක පදිංචි වී සිටී නම් එම පුද්ගලයින්ට ද දැනට පදිංචි ප්‍රදේශයෙහි සිට මෙම සමාජ ප්‍රතිලාභ මුදල් ලබාගැනීමට හැකියාව තිබේ. එ් සදහා තමන්ගේ වෘත්තීය ලියාපදිංචි අනන්‍යතාවය සහ පදිංචිය සනාථ කර ග්‍රාමීය කමිටුව වෙත තම ඉල්ලීම ඉදිරිපත් කළ යුතු  බවත්, මෙම වැඩපිළිවෙල දිවයිනේ සෑම ග්‍රාමසේවා වසමකම පිහිටුවා ඇති ග්‍රාමිය කමිටු හරහා ක්‍රියාත්මක වන බවත් කාන්තා, ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය අවධාරණය කර සිටියි.

  • දැන් නිවසසේ සිටම ජල බිල්පත් ගෙවීමට පුළුවන් – ක්‍රමය මෙන්න

    දැන් නිවසසේ සිටම ජල බිල්පත් ගෙවීමට පුළුවන් – ක්‍රමය මෙන්න

    Covid-19 වසංගතය හේතුවෙන් ඇති වී තිබෙන දුෂ්කර තත්ත්වය යටතේ ජල පාරිභෝගිකයින්ට අඛණ්ඩ සේවාක් ලබා දීම තහවුරු කිරීම සදහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් නිවසේ සිටම ජල බිල්පත් ගෙවීමේ ක්‍රමවේදයක් හදුන්වා දී තිබෙන බව එහි සාමාන්‍යාධිකාරී ආර්.එච්. රුවිනිස් මහතා විසින් අද (18) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා.

    අදාළ ක්‍රමවේදය පිළිබදව සම්පූර්ණ නිල තොරතුරු ඇතුළත් එම මාධ්‍ය නිවේදනය පහත පළ වෙනවා.

    PUBLIC NEWSEdit

  • රෝහල්වල සැත්කම් නොකරන ලෙස චක්‍ර ලේඛයක් නිකුත් කර නෑ – සෞ.සේ.අ. ජනරාල්

    රෝහල්වල සැත්කම් නොකරන ලෙස චක්‍ර ලේඛයක් නිකුත් කර නෑ – සෞ.සේ.අ. ජනරාල්

    රෝහල් වල සැත්කම් නොකරන ලෙස කිසිදු විටෙක චක්‍ර ලේඛයක් නිකුත් කර නොමැති බව අවධාරණය කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් අද (18) දින විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. එහි සදහන් වන්නේ ‘පී.ආර්.සී පරීක්ෂණ සිදුකරනු ලබන්නේ විද්‍යානුකූල පදනමක් මත පමණක් වන බවයි. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.

    H

  • Covid-19 අවධානම ගැන සෞ.සේ.අ.ජනරාල්ගේ විශේෂ නිවේදනය මෙන්න

    Covid-19 අවධානම ගැන සෞ.සේ.අ.ජනරාල්ගේ විශේෂ නිවේදනය මෙන්න

    කොවිඩ්-19 අවදානමේ වත්මන් තත්ත්වය පිළිබදව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් විශේෂ පැහැදිලි කිරීමක් කළ මාධ්‍ය නිවේදනයක් අද (18) දින නිකුත් කළා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි.

  • Full Story: ජන ජීවිතය යථාවත් කිරීමට ඇඳිරි නීතිය ලිහිල් කරයි

    Full Story: ජන ජීවිතය යථාවත් කිරීමට ඇඳිරි නීතිය ලිහිල් කරයි

    කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට රජය තීරණය කරයි.

    අප්‍රේල් 20, සඳුදා සිට ඒ ඒ දිස්ත්‍රික්කවල සහ දිස්ත්‍රික්ක ඇතුළත පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය පැනවීම සහ ඉවත් කිරීම සිදු වනුයේ මෙසේය.

    1. කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම,මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 20 සඳුදා උදේ 5.00ට ඉවත් කොට එදිනම රාත්‍රී 8.00 ට යළි පනවනු ලැබේ. ඉන්පසු නැවත දැනුම් දෙන තුරු මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය සෑම දිනකම ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා පමණි.
    • මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවල අලවතුගොඩ, අකුරණ, වරකාපොළ සහ අක්කරෙයිපත්තු පොලිස් බල ප්‍රදේශ තුළ ඇඳිරි නීතිය ඉවත් නොකොට දිගටම ක්‍රියාත්මක කෙරේ.

    මේ දිස්ත්‍රික්ක 03ට අයත් සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය අප්‍රේල් 20 සඳුදා සිට සෑම දිනකම උදේ 5.00ට ඉවත් කොට රාත්‍රී 8.00 ට යළි පනවනු ලැබේ.

    • කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පහත සඳහන් පොලිස් බල ප්‍රදේශ හැර සෙසු පොලිස් බල ප්‍රදේශවල  ඇඳිරි නීතිය අප්‍රේල් 22, බදාදා සිට උදේ 5.00 ට ඉවත්කොට රාත්‍රී 8.00ට යළි ක්‍රියාත්මක කෙරේ.

    මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් නොකොට දිගටම ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශ වනුයේ,

    • කොළඹ දිස්ත්‍රික්කයට අයත්         :  කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, බම්බලපිටිය, කෙසෙල්වත්ත,
                                                              මරදාන, ගොතටුව, මුල්ලේරියාව, වැල්ලම්පිටිය,
                                                          ගල්කිස්ස, දෙහිවල සහ කොහුවල
    • ගම්පහ දිස්ත්‍රික්කයට අයත්            : ජාඇල, කොච්චිකඩේ සහ සීදුව,
    • පුත්තලම දිස්ත්‍රික්කයට අයත්        : පුත්තලම, මාරවිල සහ වෙන්නප්පුව සහ
    • කළුතර දිස්ත්‍රික්කයට අයත්           :බණ්ඩාරගම, පයාගල, බේරුවල සහ අළුත්ගම,
    • මේ අනුව කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, බම්බලපිටිය, කෙසෙල්වත්ත, මරදාන, ගොතටුව, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ගල්කිස්ස, දෙහිවල, කොහුවල, ජාඇල, කොච්චිකඩේ, සීදුව, පුත්තලම, මාරවිල, වෙන්නප්පුව, බණ්ඩාරගම, පයාගල, බේරුවල, අළුත්ගම, වරකාපොළ, අකුරණ, අලවතුගොඩ සහ අක්කරෙයිපත්තු යන පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් තොරව දිගටම ක්‍රියාත්මකව පවතී.

    ඇඳිරි නීතිය ලිහිල් කර ඇති යම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස හඳුනා ගතහොත් එකී ප්‍රදේශවලට සීමාවන පරිදි ඇඳිරි නීතිය පැනවීමට ඉඩ ඇත. කිසියම් ප්‍රදේශයක් හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇත්නම් කවරකුට හෝ ඊට ඇතුළුවීම සහ ඉන් පිටවයාම සම්පූර්ණයෙන් තහනම් වේ.

    ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශවල අත්‍යාවශ්‍ය සේවා සඳහා ප්‍රධාන මාර්ග ඔස්සේ ගමනාගමනයට ඉඩ ලැබේ. ඇඳිරි නිතීය ඉවත් කළ ප්‍රදේශවල ද ප්‍රධාන මාර්ග භාවිත කළ යුත්තේ රැකියා සඳහා යාම් ඊම් ඇතුළු අත්‍යාවශ්‍ය කාර්යයන් උදෙසා පමණි. දිස්ත්‍රික්ක අතර ගමනාගමනය රැකියා අවශ්‍යතා ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කර ඇත.

    පාසල්, විශ්වවිද්‍යාල, උපකාරක පංති සහ සෙසු අධ්‍යාපන ආයතන සහ සිනමා හල් නැවත දැනුම් දෙන තුරු වසා තැබිය යුතුය.

    ඇඳිරි නීතිය ලිහිල් කළ පසු දෙපාර්තමේන්තු සංස්ථා, බැංකු ඇතුළු රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකව තැබේ.

    කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත රාජ්‍ය ආයතනවල සේවක පිරිසෙන් 1/3 ක් සේවයට වාර්තා කළ යුතුය. සෙසු දිස්ත්‍රික්කවල පිහිටි රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලයෙන් සේවයට වාර්තා කළයුතු පිරිස 50% කි. සියලු රාජ්‍ය ආයතනවල සේවයට වාර්තා නොකරන කාර්ය මණ්ඩල සාමාජිකයන් නිවසේ සිට සිය රාජකාරි ඉටු කළ යුතු බව නියම කර ඇත.  එක් එක් ආයතනයේ සේවයට වාර්තා කළ යුතු සේවක සංඛ්‍යාව සහ පැමිණිය යුතු සේවකයන් කවුරුන්ද යන්න  ආයතන ප්‍රධානියාගේ අභිමතය අනුව තීරණය කිරීමට පිළිවන. යම් දවසක කාර්ය මණ්ඩලයෙන් සේවයට කැඳවන 1/3 ට සහ 50% ට අයත් පිරිස වෙනුවට ඊළග දවසේ වෙනත් පිරිසක් තෝරා ගැනීමට ආයතන ප්‍රධානීන්ට නිදහස තිබේ.

    කාර්යාල විවෘත කොට පවත්වාගෙන යාමේදී කොරෝනා වෛරසය පාලනය පිණිස සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති  පිළිවෙත් මුලුමනින්ම අනුගමනය කළ යුතුය. සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම ආයතන ප්‍රධානියාගේ වගකීමකි.

    පෞද්ගලික අංශයේ ආයතන උදේ 10.00ට විවෘත කරන ලෙස නියම කෙරේ. පෞද්ගලික ආයතනවල සේවයට වාර්තා කළ යුතු සංඛ්‍යාව සහ පැමිණිය යුතු සේවකයන් කවුරුන්ද යන්න ආයතන ප්‍රධානීන් තීරණය කළ යුතුය. මේ ආයතන ද සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති කොරෝනා පාලන පිළිවෙත් අකුරටම පිළිපැදිය යුතු වන්නේය.

    යළි විවෘත කෙරෙන කාර්යාලවල සේවකයන්ගේ ගමන් පහසුව සැලසීමට ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය සේවාව විධිවිධාන සැලසිය යුතුය. රජයේ සෙසු ආයතනවල සේවයට වාර්තා කරන සංඛ්‍යාව සීමා කළද රාජ්‍ය ප්‍රවාහන සේවාවන්හි සහ අත්‍යාවශ්‍ය සේවාවන්හි සමස්ත කාර්ය මණ්ඩලයම සේවයට වාර්තා කිරීම අනිවාර්ය වේ. 

    බස් රථ, වෑන් රථ හෝ දුම්රිය මැදිරිවල ගමන් කළ යුත්තේ ඒවායේ මුළු ධාරිතාවෙන් අඩක් පමණ වන මගීන් සංඛ්‍යාවකි. සියලු වාහන ද විෂ බීජ හරණයට ලක් කළ යුතුය. මේ කොන්දේසිවලට යටත්ව සිය සේවා යළි ආරම්භ කරන්නැයි රජය පෞද්ගලික ප්‍රවාහන ආයතනවලින් ඉල්ලා සිටී.

    සියලු ආකාර උත්සව, වන්දනා සහ විනෝද චාරිකා, සැණකෙළි, පෙරහැර, රැස්වීම් ආදිය නැවත දැනුම් දෙන තුරු තහනම් කර ඇත. ජනයා ඒකරාශීවීම වෛරස ව්‍යාප්තිය පාලනයට බාධාවක් බැවින් ආගමික උත්සව ද අත්හිටුවන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

    කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ ඇඳිරි නීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගනු ලැබූයේ ජනතාව මේ මරණීය වසංගතයෙන් මුදා ගැනීමේ ඒකායන අරමුණ ඇතිවය. අනුගමනය කළ දැඩි ක්‍රියාමාර්ග නිසා අත්කර ගත් ප්‍රගතිය ඇඳිරි නීතිය ලිහිල් කිරීමට ඉවහල් විය. ආර්ථිකය යළි පණ ගැන්වීම සහ අර්බුදයෙන් වඩාත් පීඩාවට පත් වූ  දිළිඳු සහ අවදානමට ලක්ව ඇති ජන කොටස්වල ජිවිතය සුරක්ෂිත කිරීම තවත් අරමුණකි.

    එසේ වුවද කොරෝනා වසංගත අවදානම තවම මුළුමනින් පහව ගොස් නැත. එබැවින් වෛරස ව්‍යාප්තියට යළි ඉඩ නොලැබෙන පරිදි සියලු සෞඛ්‍ය නියමයන් පිළිපදිමින් වගකීමෙන් සහ ඉවසීමෙන් ක්‍රියා කරන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී. ඇඳිරි නීතිය ලිහිල් කළ ද රැකියා සඳහා යාම් ඊම් හැරණු විට අන් සෑමවිටම නිවෙස්වල රැඳී සිටින ලෙස ද අවධාරණය කෙරේ.

    ඇඳිරි නීතිය ලිහිල් කළ විගස අනවශ්‍ය කලබලයකින් විශාල පිරිසක් ඒකරාශීවන අයුරින් වෙළෙඳ සැල් වෙත රැස් නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

    කොරෝනා උවදුර මුලුමනින් පරාජය කළ බව  සෞඛ්‍ය බලධාරීන් නිගමනය කරන තෙක් තමාගේත්, දූ දරුවන්ගේත්, ජාතියේත් ආරක්ෂාව හා අභිවෘද්ධිය පතා සියලු අපහසුතා වගකීමෙන් ඉවසා සිටින්නැයි රජය ජනතාවට අවධාරණය කරයි.

  • Covid-19 ගැන චීන කතා ගැන බටහිර ලෝකයේ සැකය උග්‍ර වෙයි

    Covid-19 ගැන චීන කතා ගැන බටහිර ලෝකයේ සැකය උග්‍ර වෙයි

    කොරෝනාවෛරස් (කොවිඩ්-19) වසංගතය චීනයෙන් පැතිරයාම ආරම්භ වූ මුල් අවස්ථාවේ බීජිං බලධාරීන් විසින් එදා පැවැති තත්ත්වය පාලනය කිරීමට ගන්නා ලද ක්‍රියාමාර්ග ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) ප්‍රශ්න කරයි.

    වෛරසය ආරම්භ වූ විගස, එම අර්බුදකාරී මොහොතේ චීනය තත්ත්වය පාලනය කරනු ලැබීම සඳහා උපරිම මට්ටමින් ක්‍රියාත්මක වී ඇතැයි පැවසීම ව්‍යාජ බොළඳ ක්‍රියාවක් යයි ප්‍රංශ ජනාධිපතිවරයා ‘ෆයිනෑන්ෂල් ටයිම්ස්’ (Financial Times) පුවත්පතට ප්‍රකාශ කර ඇත.

    ප්‍රංශ ජනාධිපතිවරයාගේ අදහස් දැක්වීම සිදු කෙරුණේ බටහිර රටවල්, සිය මහලු ජනයා වැඩහිටි නිවාසවල මියැදෙන්නට දමා ඇති බවක් චීන තානාපති කාර්යාලයේ අන්තර්ජාල වෙබ් අඩවියේ ලිපියක් මගින් ප්‍රකාශවීමත් සමඟය.

    එම ප්‍රකාශය දැන් ආරවුලක් බවට පත්ව ඇත.

    ඒ සමඟ ක්‍රියාත්මක වූ ප්‍රංශ විදේශ අමාත්‍යංශය ඒ සම්බන්ධයෙන් “බලවත් අප්‍රසාදය” පළ කිරීම සඳහා එරට සිටින චීන තානාපතිවරයා කැඳවීමට පියවර ගත්තේය.

    උද්ගත වූ ආරාවුල “වැරදි වටහාගැනීමක්” යයි පවසමින් චීනය තමන්ට එල්ලවෙමින් පවතින දෝෂාරෝපණ ප්‍රතික්ෂේප කරයි.

    A man wearing a protective suit checks a woman's temperature next to a residential area in Wuhan, in China"s central Hubei province on April 7, 2020.

    “ප්‍රංශය කොරෝනාවෛරස් වසංගතය හමුවේ එය මැඩලීමට පොර බදමින් සිටින ආකාරය සම්බන්ධයෙන් කිසිදු නාස්තික ප්‍රකාශයක් තමන් සිදුකර නැතැයි” පවසන චීන ආණ්ඩුවේ ප්‍රකාශක ෂාඕ ලියෑන් (Zhao Lijian) “එවැන්නක් කිරීමේ කිසිදු අභිප්‍රායක් නොමැති” බවත් කියා සිටියේය.

    චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයාගේ එම අදහස් දැක්වීම සිදු කෙරුණේ, කොවිඩ්-19 වෛරසය පැතිරයාම ආරම්භ වූ වූහාන් නගරයේ මරණ සංඛ්‍යාව චීනය විසින් නැවත සංශෝධනය කරනු ලැබීමත් සමඟය.

    බීජිං බලධාරීන්ගේ අලුත් ප්‍රකාශන අනුව වෛරසයට ගොදුරුවීමෙන් වූහාන් හි තවත් 1,290 ක් මරණයට පත්ව ඇත.

    කොරෝනා මරණ සංඛ්‍යාවේ එම සංශෝධනය සිදු කෙරුණේ, සංඛ්‍යාන විද්‍යාත්මක අධීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් යයි සඳහන් කළ චීන ආණ්ඩුවේ ප්‍රකාශක ෂාඕ ලියෑන්, එවැනි යළි අධීක්ෂණය කිරීම් සුලභ ජාත්‍යන්තර භාවිතයක් යයි කියා සිටි බව ‘රොයිටර්’ පුවත් සේවය වාර්තා කළේය.

    චීනයේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව, වාර්තා කරනු ලැබ ඇති ආකාරයට 4,632 ක් පමණි. එහෙත් වූහාන් නගරයේ සිදුවී ඇතැයි චීන බලධාරීන් විසින් පසුගිය සිකුරාදා ප්‍රකාශයට පත්කරන ලද තවත් මරණ 1,290 ද දැන් ඊට එකතු වෙයි.

    කොවිඩ්-19 වෛරසයේ තිඹිරි ගෙය ලෙස සැලකෙන වූහාන් නගරය දැඩි පාලනයකට යටත් කරනු ලැබ තිබුණ අතර, එහි කලින් බල පැවැත්වුන තහංචි දැන් ළිහිල් කරනු ලැබ ඇත.

    Medical staff from Jilin Province (in red) hug nurses from Wuhan after the Covid-19 lockdown was lifted, 8 April 2020
    වූහාන්හි කලින් බල පැවැත්වුන තහංචි දැන් ළිහිල් කරනු ලැබ ඇත

    කොරෝනාවෛරස් උවදුරේ දී චීන බලධාරීන් ක්‍රියා කරනු ලැබ ඇති ආකාරයේ විනිවිදභාවය (transparency) පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ප්‍රංශය ඇතුළු රටවල් ගණනාවක් ප්‍රශ්න කරති.

    ප්‍රංශ ජනාධිපතිවරයාගේ අදහස් දැක්වීම සිදු කෙරුණේ බටහිර රටවල්, සිය මහලු ජනයා වැඩහිටි නිවාසවල මියැදෙන්නට දමා ඇති බවක් චීන තානාපති කාර්යාලයේ අන්තර්ජාල වෙබ් අඩවියේ ලිපියක් මගින් ප්‍රකාශවීමත් සමඟය

    ප්‍රංශ ජනාධිපතිගේ පිළිතුර

    මේ වනවිට කොරෝනාවෛරස් ආසාදිතයන් 141,000 ක් සහ 18,000 කට ආසන්න මරණ සංඛ්‍යාවක් ප්‍රංශයෙන් වාර්තා වී ඇත.

    වෛරසයේ ආරම්භය සහ පැතිරයාම පාලනය කිරීම සඳහා පුද්ගල නිදහස නොතකා හරිමින් චීනය අනුගමනය කළ “අධිකාරීවාදී ක්‍රියාමාර්ග” බටහිර රටවල ප්‍රජාතන්ත්‍රීය ආණ්ඩුවල දුර්වලතාවය අනාවරණය වීමට හේතු වීදැයි ‘ෆයිනෑන්ෂල් ටයිම්ස්’ (Financial Times) පුවත්පත ප්‍රශ්න කළ විට ඊට පිළිතුරු දුන් ජනාධිපති මැක්‍රෝන්, “විවෘත සමාජ සහ සත්‍යය යටපත් කෙරෙන රටවල් එකිනෙකට සංසන්දනය කළ නොහැකි” බව පෙන්වා දුන්නේය.

    “එම වෙනස සැලකිල්ලට ගනිමින්, චීනය මුලින් කරන ලද දෙය අනුව, මගේත් ගරු කිරීමට ලක්වෙන අද ඔවුන් සිදු කරන දෙය එදාට වඩා හොඳින් දැන් කෙරෙනවාය කියා කීමට තරම් අපි බොළඳ නොවිය යුතුයි”

    ”අපි දන්නේ නැහැ. අපි නොදන්නා දේවල් එතැන සිද්ධවෙන බව පැහැදිලියි ” යනුවෙන් ප්‍රංශ ජනාධිපතිවරයා පවසයි.

    කොරෝනාවෛරස් වසංගතයට එරෙහි සටනේ දී නිදහස් විවෘතභාවය අත්හැර දමනු ලැබීම බටහිර ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයට අනතුරක් වියහැකි බවත් ප්‍රංශ ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

    “අපට එය පිළිගන්න බැහැ. සෞඛ්‍ය අර්බුදයක් තියෙන අවස්ථාවක කිසිවෙකුට ඔහුගේ හෝ ඇයගේ ජානගත මූලික අයිතිය අහිමිකර ගන්න බැහැ”

    වෙනත් ප්‍රතිචාර

    President Donald Trump speaks during the daily briefing of the White House Coronavirus Task Force in the Rose Garden at the White House April 14, 2020
    ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ද චීනයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගනු ලැබ ඇත

    කොවිඩ්-19 වෛරසය ආරම්භ වුණේ කෙසේද? එය ආරම්භයේදීම මර්දනය කරගත නොහැකි වුණේ කුමක් නිසාද? යන අභියෝගාත්මක ප්‍රශ්න මතු කරනු ලැබිය යුතුව ඇතැයි බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩොමිනික් රාබ් (Dominic Raab) පසුගිය බ්‍රහස්පතින්දා මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

    වෛරසය චීනයෙන් පිටතට ව්‍යාප්ත වීමට මඟ හෙළිවුණේ කෙසේද? යන්න සම්බන්ධයෙන් ගැඹුරු විමසීමක් සිදු කළ යුතුයි සඳහන් කළ බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා මෙම වසංගතයෙන් පසු චීනයත් සමඟ පැරණි මට්ටමින් දිගටම කටයුතු කළ නොහැකි වනු ඇතැයි ද කියා සිටියේය.

    ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ද චීනයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගනු ලැබ ඇත.

    සමස්ත ලෝකයේ කොරෝනාවෛරස් මරණ සංඛ්‍යාව 137,000 ක් මට්ටමේ පවතින අතරවාරයේ ,එක්සත් ජනපදයෙන් මෙතරම් අධික මරණ සංඛ්‍යාවක් වාර්තාවීමට හේතුව කුමක්දැයි ප්‍රශ්න කළ විට ඊට පිළිතුරු දුන් ජනාධිපති ට්‍රම්ප්, වෙනත් රටවල් ඔවුන්ගේ භූමියේ මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් බොරු කියන බවට චෝදනා කළේය.

    චීනය නමින්ම සඳහන් කරමින් අදහස් දැක්වූ ඇමෙරිකානු ජනාධිපතිවරයා “ඇතැම් රටවල් ඉදිරිපත් කරන මරණ සංඛ්‍යාවන් කිසිවකු විසින් විශ්වාස කරනු ලබන්නේදැයි” ප්‍රශ්න කළේය

    කොවිඩ්-19 වෛරසය වූහාන් නගරයේ වෙළෙඳපොළකින් නොව එහි විද්‍යාගාරයකින් මතුවීද? යන්න සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු වී නැති වාර්තා දෙස එක්සත් ජනපදය අවධානයෙන් පසුවෙන බවත් ජනාධිපති ට්‍රම්ප් පවසයි.

    “මම මේ කතන්දරයට අදාලව අපට ලැබෙන තවත් බොහෝ තොරතුරු ඉදිරිකාලයේ දී හෙළිදරව් කරනවා. බලමු!අපි ඇහැ ගහගෙනයි ඉන්නේ” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

    වවුලාගෙන්ද ? විද්‍යාගාර කාන්දුවකින්ද?

    කොරෝනා වෛරසය

    සුරක්ෂිතභාවයට අදාළ වැඩ පිළිවෙළේ ඌනතා හේතුවෙන් වූහාන් මධ්‍යස්ථානයක සිදු වූ හදිසි කාන්දුවකින් කොවිඩ්-19 වෛරසය පිටවී ඇති බවක් තොරතුරු ලබාගත් මූලාශ්‍රය හෙළිදරව් නොකරමින් ෆොක්ස් නිව්ස් (Fox News) වාර්තා කරයි.

    මෑත වසරවල වූහාන් විද්‍යාගාර දෙකක සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් බීජිං නගරයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය මැසිවිලි මතුකොට ඇතැයි ඇමෙරිකානු මාධ්‍ය මින් පෙරත් වාර්තා කරනු ලැබ ඇත.

    කෙසේවුවද, කොවිඩ්-19 වෛරසයට මුල්වූ ‘Sars-CoV-2’ වෛරසය විද්‍යාගාර දෝෂයකින් කාන්දු වූ බවට සාක්ෂි නොමැත.

    කොවිඩ්-19 වෛරසය බොහෝ දුරට වවුලන් විය හැකි සතෙකුගෙන් ආරම්භ වුණා විය හැකිය යන්න විද්‍යාඥයන්ගේ අනුමානයි.

    කාලීන අවශ්‍යතාව සලකා මෙම සම්පූර්ණ ලිපියම 2020 අප්‍රේල් 17 වැනි දින බී.බී.සී සන්දේශය වෙබ් අඩවියෙන් උපුටා ගෙන මෙහි පළ කරන ලදි – ප්‍රධාන ඡායාරූපය පමණක් වෙනස් කර ඇත – ප්‍රධාන සංස්කාරක

  • කොවිඩ්-19: ශ‍්‍රී ලංකාවේ ආසාදිතයින් 244ක් දක්වා ඉහළට: අදත් අලුතින් 06ක්

    කොවිඩ්-19: ශ‍්‍රී ලංකාවේ ආසාදිතයින් 244ක් දක්වා ඉහළට: අදත් අලුතින් 06ක්

    ශ‍්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද (17) දින ප.ව 22.04 වන විට 244 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. එහි සදහන් වන්නේ අද දින ආසාදිත පුද්ගලයින් 06 දෙනකු හදුනා ගත් බවයි.

    එම වාර්තාව අනුව මේ වන විට රෝහල්වල ප‍්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 160ක් වන අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 148ක්. සුවය ලබා රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව 77ක් බවයි එහි සදහන් වන්නේ.

  • කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර  Covid-19 අවසන් වන තෙක් වලංගුයි – ප්‍රවාහන ඇමති

    කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර Covid-19 අවසන් වන තෙක් වලංගුයි – ප්‍රවාහන ඇමති

    කල් ඉකුත් වූ රියැදුරු බලපත‍්‍ර වලංගු කාලසීමාව Covid-19 තත්ත්වය අවසන් වන තෙක් දීර්ඝ කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

    රියැදුරු බලපත‍්‍ර වලංගු කාලසීමාව සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක විය යුතු වැඩපිළිවෙළට අදාළව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග එම අමාත්‍යාංශයේදී අද (17) දින පැවැති සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේ උපදෙස් ලබා දුන්නේ.

    මේ සම්න්ධයෙන් ආරක්ෂක අංශ දැනුම්වත් කරන ලෙසද අමාත්‍යවරයා එම නිලධාරීන්ට දැනුම් දුන්නා.

    ඉකුත් මාර්තු මස 10 වැනිදායින් කල් ඉකුත් වූ රියැදුරු බලපත‍්‍ර අලූත් කිරීමේ කාලසීමාව අපේ‍්‍රල් මස 15 වැනිදායින් අවසන් වූ බවත් පවතින ව්‍යසනකාරී තත්ත්වය හමුවේ කාර්යාල කටයුතු ආරම්භ කළ හැකි දිනයක් නිශ්චිතව කිව නොහැකි බවත් සදහන් කළ මහින්ද අමරවීර ඇමතිවරයා මෙම කාලසීමාව කොරෝනා තත්ත්වය අවසන් වන තෙක් දීර්ඝ කළ යුතු බවට උපදෙස් ලබා දුන්නා.

    මේ වන විට රියැදුරු බලපත‍්‍ර 50,000ක් පමණ සකස් කර අවසන් බවත්, තවත් 40,000ක් සකස් කිරිමට නියමිතව ඇති බවත් සදහන් කළ අමාත්‍යවරයා, ලබන 20 වැනිදායින් පසුව සකස් කිරිමට නියමිතව ඇති බලපත‍්‍ර සකස් කිරීමට පියවර ගන්නා බවද සදහන් කළා.
     
    මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප‍්‍රධාන ශාඛාවේ අත්‍යවශ්‍යම සේවක කණ්ඩායම් පමණක් යොදා ගනිමින් ලබන 20 වැනිදා සිට කාර්යාල කටයුතු ආරම්භ කිරීමට උපදෙස් දුන් අමාත්‍යවරයා පිට පළාත්වල ඇති කාර්යාල විවෘත කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙසටද නිලධාරින්ට උපදෙස් ලබා දී ඇති කිබෙනවා.
     
    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන අමාත්‍යවරයා කියා සිටියේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඉකුත් මාර්තු මාසයේ සිට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව වසා දමා ඇති බැවින් දිනකට අලාභය රුපියල් මිලියන 30ක් පමණ වන බවයි.

    මේ තත්ත්වය තුළ ඇතැම් සේවා සපයන ආයතන සදහා ගෙවිය යුතු මුදල් ද ගෙවා ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත් අමාත්‍යවරයා සදහන් කළා.