Category: සුපිරි News

  • වගකීම් විරහිත ලෙස කටයුතු කිරිම් රජය දැඩි ලෙස හෙළා දකී

    වගකීම් විරහිත ලෙස කටයුතු කිරිම් රජය දැඩි ලෙස හෙළා දකී

    ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 ආසාදිත රෝගීන් දෙදෙනෙකු වාර්තාවීමත් සමගින් ඒ පිළිබඳව රජය දැඩි අවධානයෙන් කටයුතු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    කෙසේ වෙතත් විවිධ පාර්ශ්වයන් වෙබ් අඩවි, සමාජ මාධ්‍ය, වයිබර් හා වට්ස් ඇප් හරහා මහජනයා කලබලයට පත්වන ආකාරයෙන් තහවුරු කර නොගත් තොරතුරු ප්‍රචාරය කරන බවද රජය නිවේදනය කරයි.

    ජාතික උපද්‍රවයක් සහිත මෙවැනි අවස්ථාවක වගකිම් විරහිත ලෙස කටයුතු කිරිම් රජය දැඩි ලෙස හෙළා දකින බවත් එවැනි කාර්යයන්ගෙන් වැළකී සිටින ලෙසත් රජය දන්වා සිටියි.

    රජය විසින් ලබාදෙන නිල නිවේදන හා තොරතුරු පිළිබඳව අවධානය යොමුකරමින් තමන්ගේ දෛනික ජීවිතය අනවශ්‍ය ලෙස කලබලවීමක් සහ අනියත බියවීමක් තොරව සාමාන්‍ය පරිදි පවත්වාගන යන ලෙසත් රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    තොරතුරු ලබාදෙන අයුරු.

    01 තොරතුරු දෙන ආයතන – සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය සේවා ප්‍රවර්ධන කාර්යාංශය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    02 සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශ හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව කොවිඩ් 19 මාධ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබේ.

    03 පැය 24 පුරාම ක්‍රියාත්මක මෙම මාධ්‍ය මධ්‍යස්ථානය 071-0107107 හා 011-3071073 යන අංක හරහා ඇමතිය හැකියි.

    04 තහවුරු කල තොරතුරු

    Heath Promotion bureau (FB page)

    Department of government information (you tube and FB)

    News.lk (web site, FB) හරහා ලබගත හැකියි.

    05 දෛනිකව මාධ්‍ය හමුවක් පවත්වා තොරතුරු ප්‍රකාශ කිරීමට නියමිතය

  • ලංකාවේ කොරෝනා මර්ධනයට චීන සහාය

    ලංකාවේ කොරෝනා මර්ධනයට චීන සහාය

    කොරෝනා වෛරසය මර්දනයේ දී ශ්‍රි ලංකාව ලබාදුන් සහාය චීන රජයේ ඇගයීමට. ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට චීන රජයේ පුර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන  තානාපති Hu Wei මහතා පවසයි.

    සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා  කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන  තානාපති Hu Wei මහතා අතර විශේෂ හමුවක්  අද දින (12) චීන තානාපති කාර්යාලයේ දී පැවැත්විනි.

    මෙහිදී ශ්‍රී ලංකාවේ වැඩබලන චීන  තානාපති Hu Wei මහතා පවසා සිටියේ චීනය ඉතා දරුණූ ව්‍යසනයකට මුහුණ දීමෙන් අනතුරුව එම තත්ත්වය මැඩ පවත්වා ගැනීමට කටයුතු කළ පසුගිය කාල වකවානුව තුල ශ්‍රී ලංකා රජය චීන රජයට ලබාදුන් සහයෝගය චීන ජනපතිගේ සහ චීන ජනතාවගේ පැසසුමට ලක් වූ බවයි. කොරෝනා වෛරස් තත්ත්වය ශ්‍රී ලංකාව තුල ඉදිරියේ දී ව්‍යාප්ත වුවහොත් එම තත්ත්වය මැඩපැවැත්වීම සදහා චීන රජයේ පුර්ණ සහයෝගය ලබාදීමට චීන රජය කැමැත්තෙන් සිටින බවද පවසන ලදි. කොරෝනා වෛරසය ආසාදිතව හමු වූ චීන ජාතික කාන්තාවට  ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව තුලින් ප්‍රතිකාර සේවාවන් ලබාදී සුවපත් කිරිමත්, ඇයව ආදරයෙන් රැකබලා ගැනීමත් පිළිබදව ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමාට, අගමැතිතුමාට සහ සමස්ත ජනතාවට චීන රජය සහ ජනතාව සිය ස්තූතිය පුද කරන බව ද පැවැසීය. මෙවැනි ව්‍යසනයක දී ශ්‍රී ලංකා සෞඛ්‍ය  අමාත්‍යවරිය වශයෙන් සිය කාර්ය උපරිමයෙන් සිදු කිරීම පිළිබදවත් විශේෂ ස්තූතියක් සෞඛ්‍ය අමාත්‍යතුමියට පුද කරන බව ද පැවැසීය. ශ්‍රී ලංකා රජය සදහා අවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ, මුදල් ඇතුලු ඕනෑම සහයෝගයක් ලබාදීමට චීනය කිසිවිටෙකත් පසුබට නොවන බව ද අවධාරණය කර සිටියේය. ශ්‍රී ලංකාව සමග චීනය සැමදාම අත්වැල් බැදගෙන සිටින බවට චීන වැඩබලන තානාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

    සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් මෙහිදී ප්‍රකාශ කරන ලද්දේ අතිගරු ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ද උපදෙස් පරිදි ශ්‍රී ලංකා රජය වෛරසය මැඩපැවැත්වීමට රටක් වශයෙන් තීන්දු තීරණ ගෙන ක්‍රියාත්මක කරන බවත්, තමා කොරෝනා වෛරසය ආසාදිතව සුව වූ චීන ජාතික කාන්තාව සිප වැළද ගනිමින් දෙරට අතර පවතින සහයෝගීතාව වර්ධනයටත්, කිසිවිටෙකත් වෛරසය ආසාදිතයින් සමාජයෙන් කොන් නොකළ යුතු බවට ලොවට පණිවිඩයක් ලබාදීමටත් කටයුතු කළ බවද පැවැසීය.

    පසුගිය තෙමසක කාලය තුල චීන රජය කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සදහා ගන්නා ලද ක්‍රමෝපායන් ඇතුලත් වාර්තාවක් ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන  තානාපති Hu Wei මහතා විසින්  සෞඛ්‍ය අමාත්‍යතුමිය වෙත මෙහිදී පිළිගන්වන ලදි.

    මෙහිදී ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන  තානාපති Hu Wei මහතා සෞඛ්‍ය අමාත්‍යවරිය පිළිගන්නා ලද්දේ කොරෝනා වෛරසය ආසාදිතව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර  ලබා  සුව වූ චීන ජාතික කාන්තාව රෝහලෙන් නික්ම යන අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යතුමිය ඇය සිපගන්නා ඡායාරූපයක් සිහිවටනයක් ලෙස පිළිගැන්වීම ද විශේෂත්වයක් විය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය, සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා,  සෞඛ්‍ය ලේකම් භද්‍රාණි ජයවර්ධන මහත්මිය, චීන රජයේ දේශපාලන අංශ ප්‍රධානී Mr. Luo Chong (ලුවෝ චොං) මහතා,  වීසා අංශයේ ප්‍රධානී  Wang Keqi (වං ක (අ) චී) මහතා,  වාණිජ අංශයේ ප්‍රධානී Xiong Ran (ෂීයොං රන්) මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව සිටියහ.
     

  • කොරෝනා ගැන කිසිම තොරතුරක් ජනතාවගෙන් වසංකරන්නෑ – යුද්ධ හමුදාපති

    කොරෝනා ගැන කිසිම තොරතුරක් ජනතාවගෙන් වසංකරන්නෑ – යුද්ධ හමුදාපති

    විවිධ කටකතා විශ්වාස කරන්න එපා. අපි මේ අවස්ථාවේ යුද්ධ හමුදාවේ 011- 309 0502 දුරකතන අංකය ඔස්සේ තොරතුරු ලබා ගන්න පුළුවන් මේ සම්බන්ධයෙන්. ඊට අමතරව 113 දුරකතන අංක ය ඔස්සේ තොරතුරු ලබා ගන්න පුළුවන්. එසේම සමාජමාධ්‍ය ඔස්සේ සම්පූර්ණයේම අසත්‍යය තොරතුරු හුවමාරු කෙරෙනවා.

    නිරෝධායන කටයුතු සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම වෙනුවෙන් විශේෂ දුරකතන අංක දෙකක් හඳුන්වා දී ඇති නිසා කටකතා සම්බන්ධයන් අනිසි බියක් ඇතිකර නොගත යුතු බවත් ත්‍රිවිධ හමුදාව සම්බන්ධයෙන් පූර්ණ විශ්වාසයකින් කටයුතු කරන ලෙසත් වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

    ඔහු අද ඒසේ ප්‍රකාශකළේ ශ්‍රී ජයවර්ධන පුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

    ඒහිදී යුද්ධ හමුදාධිපතිවරයා මෙසේද කීය.

    මේවන විට නිරෝධායන මධ්‍යස්ථාන වෙත 931 දෙනෙකු අදවන විට ඇතුළත් කර තිබෙනවා. මීට අමකරව අද උදෑසන විට විට මෙරටට පැමිණි 103 දෙනෙකු පමණ මේ වන විට ආගමන විගමන කටයුතු නිමා කර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට අවශ්‍ය කටයුතු සම්බාදනය වෙමින් පවතිනවා. අද උදෑසන දක්වා පැමිණි පිරිස මේ වන විට කන්දකාඩු , පූනානි, දියතලාව නිරෝධනායන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ලැබුවා. නමුත් අද දිනයේ තවත් 150ක පමණ පිරිසත් පැමිණෙතැයි විශ්වාස කරනවා. මේ වන විට විශේෂයෙන්ම කිවයුතු කාරණයක් තියෙනවා විවිධ කටකතා පැතිරීම සම්බන්ධයෙන්.

    ඔබ ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපේ රජය සහ මේ සම්බධයෙන් ක්‍රියා කරන සෞඛ්‍ය අමාත්‍යංශයත් ත්‍රිවිධ හමුදාව කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. අප කිසිවිටෙකත් මේ සම්බන්ධයෙන් අසත්‍ය්‍ය ප්‍රකාශ කරන්නේ නැහැ. ඒනිසා අවස්ථාවේදී විවිධ කටකතා විශ්වාස කරන්න එපා. අපි මේ අවස්ථාවේ යුද්ධ හමුදාවේ 011- 309 0502 දුරකතන අංකය ඔස්සේ තොරතුරු ලබා ගන්න පුළුවන් මේ සම්බන්ධයෙන්. ඊට අමතරව 113 දුරකතන අංක ය ඔස්සේ තොරතුරු ලබා ගන්න පුළුවන්. එසේම සමාජමාධ්‍ය ඔස්සේ සම්පූර්ණයේම අසත්‍යය තොරතුරු හුවමාරු කෙරෙනවා. යුද හමුදාවෙන් ලබා දෙන තේ සම්බන්ධයෙන් එක් අසත්‍යය ප්‍රචාරයක් සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය උණා. ශ්‍රී ලංකා හමුදාව කියන්නේ දිනන්න බෑ කියපු යුද්ධයක් ජයග්‍රහණය කරපු රට විශ්වාස කරන යුද්ධ හමුදාවක්.අපි කැලේ ඉද්දිවත් වතුර බෝතල් කපලා තේ බීපු පිරිසක් නෙවෙයි. කැලේ යද්දි උණත් සියලු දේ සඳහා අපිට යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා.

    නිරෝධායන මධ්‍යස්ථානවලත් නිසි ක්‍රමවේදයන්ට තමයිඅපි අහාර පාන ලබා දෙන්නේ. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ හිටපු යම්කිසි පුද්ගලයෙකු තමයි මේ ඡායාරූපය සමාජමාධ්‍යයට මුදා හැරලා තිබුණේ. ඇතැම් වෙලාවට මේ සමාජයේ පිරිස් හිතන්න පුළුවන් මෙච්චර මිනිස්සු ආදරය කරන යුද්ධ හමුදාව මෙහෙමද නිරෝධායන මධ්‍යස්ථානවල කටයුතු කරන්නේ කියලා. අපි ඒ තත්ත්වයට පත්වෙන්නේ නෑ කවදාවත්. මේ ඡායාරූපය මුදාහැරපු පුද්ගලයා යම්කිසි යටි පරමාර්ථයක් හිතේ තියාගෙන තමයි මේ ඡායාරූප සමාජගත කරලා තියෙන්නේ. ඔහුගේ ඒ ක්‍රියාව අපි හෙලා දකිනවා.

    අපේ නිරෝධායන මධ්‍යස්ථානයක ඔහුව කිසිම ලෙඩක් නැති පුද්ගලයෙකු ලෙස රඳවාගෙන තව දින 12කින් පමණ ඔහුගේ නිවසට යන්න නියමිතව තියෙද්දි  ඔහු කළ මේ කටයුත්ත සම්බන්ධයෙන් ඔහුට අනුකම්පා කරනවා. අපිට දැනගන්න ලැබිලා තියෙනවා විවිධ ආකාරයෙන් අසත්‍යය ප්‍රකාශ සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය කරනවා කියලා. අපිට කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා අපිට උපදෙස් ලබා දෙනවා.

    අපි තමයි නිරෝධායන මධ්‍යස්ථාන ක්‍රියාත්මක කරන්නේ. ඒ කටයුත්තේදී කුමන හෝ අකටයුත්තක් අසාධාරණයක් අපෙන් සිදුවෙනවා නම් ඒ ගැන අපිට දැනුම් දෙන්න. අපිට කළ හැකි උපරිමය අපි කරනවා. ඔවුන්ට ලබා දෙන ප්‍රධාන ආහාරවේලවලට අමතරව කොත්තමල්ලි, සව් වැනි අතිරේක ආහාරපානත් අපි ලබා දෙනවා. පොදුවේ කල්පනා කරන්න අවශ්‍ය කාරණය වෙන්නේ ඔවුන් කල්පනා කරන්න උවමනායි අපි මේ කරන්නේ සේවයක් කියලා. මේ විදිහට නිරෝධායනය සිදුනොකළොත් ඒ්ක පොදුජනතාවට තර්ජනයක් වෙන්න පුළුවන්. අපිට හැකියාවක් නැහැ මිලියන 22ක ජනතාවක් අනතුරේ දාන්න.දැනට අපි රඳවාගෙන ඉන්න අය කොරෝනා ආසාධිතයෝ නෙවේ. අපේ වෛද්‍යවරු ඔවුන් සම්බන්ධයෙන් නිරන්තර අවධානය යොමුකරනවා.

    අපි මෙරට ජනතාවගෙන් නැවත නැවත ඉල්ලන්නේ රට ආරක්ෂා කරන ත්‍රිවිධ හමුදාව ගැන බලාපොරොත්තු තියාගන්න. අපි මේ සම්බන්ධයෙන් අපිට ලැබෙන සියලුම තොරතුරු  මහජනාතාවට දැනුම් දෙනවා. සමහරු අහනවා ඇයි මේ හමුදාවම මේ දේ කරන්නේ කියලා . ලංකාවේ හිටපු අයනම් දන්නවා යම්කිසි හදිසි අවශ්‍යතාවයක් ඇතිවුණාට පස්සේ මේ රටේ පෙරට ඒන ප්‍රධානතම ආයතනය වෙන්නේ යුද්ධ හමුදාව. නාය යාමක් ගංවතුරක් ආවත් අපි තමයි ඉදිරියට ඒන්නේ. වැඩිම විනය ගරුක  මිනිස්බලය සහිත ආයතනයක් වශයෙන් ත්‍රිවිධ හමුදාව ඉදිරිපත් වෙනවා.මේ නිරෝධායන කටයුතු සඳහාම පුහුණු වූ කණ්ඩායම් ත්‍රිවිධ හමුදාව තුළ ඉන්නවා. අපිට ඒ සඳහා පහසුකම්, මිනිස්බලය සහ දැනුම තිබෙන නිසා තමයි ත්‍රිවිධ හමුදාව මේ සඳහා යොදවලා තියෙන්නේ. අපි අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි යම්කිසි පෙරසූදානමක් වෙලා හිටපු නිසා තමයි මේ සඳහා ඉදිරිපත් වුණේ. යැයි ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

  • පර්යේෂණ ආයතන ප්‍රධානීන්ට ජනපතිගෙන් අභියෝගයක්

    පර්යේෂණ ආයතන ප්‍රධානීන්ට ජනපතිගෙන් අභියෝගයක්

    “ශ්‍රී ලංකාව කුඩා රටක්. කුඩා ආර්ථිකයක්. ජනගහණයත් විශාල නැහැ. එවැනි රටක් ඉහළ සංවර්ධන මට්ටමකට ඔසවා තබන්නේ කෙසේදැයි පර්යේෂණ කරන්න”  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පර්යේෂණ ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටී.

    අද ලෝකයේ ඇත්තේ දැනුම පදනම් කොටගත් ආර්ථිකයක් බැවින් පහසුවෙන් පුහුණු කළ හැකි ශ්‍රම බලකායක් සිටින අප රටේ ආර්ථිකය දියුණු කළ යුත්තේ ඔවුන් කේන්ද්‍ර කොටගෙන බව ද එතුමා පෙන්වා දෙයි.

    පර්යේෂණ ක්ෂේත්‍රයේ ආයතන රැසක සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සමග අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය. එතුමාගේ “රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම පිණිස සංවිධානය කෙරෙන හමුවීම් මාලාවක සිව්වැන්න මෙය විය. හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂිකර්ම පර්යේෂණ සහ පුහුණු ආයතනය, ජාතික විද්‍යා පදනම, ආතර් සී ක්ලාක් තාක්ෂණ විද්‍යා කේන්ද්‍රය, පසු අස්වනු තාක්ෂණ ආයතනය ඇතුළු පර්යේෂණ ආයතන රැසක ප්‍රධානීහු සාකච්ඡාවට පැමිණ සිටියහ.

    “අපේ දේශපාලන සංස්කෘතියේ යම් බිඳ වැටීමක් දකින්නට පිළිවන්. එය නිවැරදි කිරීමේ අරමුණ ඇතිවයි ජනතාව දේශපාලනයෙන් බාහිර පුද්ගලයෙක් ජනාධිපති ධූරයට තෝරා ගත්තේ. මේ තමයි මා ජය ගත යුතු අභියෝගය. ජනතා අපේක්ෂා ඉටුකිරීමේ දී රාජ්‍ය අංශයට පැවරී ඇත්තේ විශාල වගකීමක්. රාජ්‍ය ආයතන කාර්යක්ෂමනම්, ජනතාවට අවශ්‍ය සේවය ඉටු කරන්නේනම් අපට ප්‍රශ්න ඇතිවන්නේ නැහැ” ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පැවසීය.

    ආර්ථික සමාජ ක්‍රියාදාමයේ සෑම ක්ෂේත්‍රයකම වර්ධනය පිණිස විධිමත් පර්යේෂණ කිරීම ආර්ථික දියුණුවට ප්‍රබල සාධකයක් බව අවධාරණය කළ ජනාධිපතිතුමා සමාජයේ පහළම ස්ථරයට ඉහළ ජීවන තත්ත්වයක් අත්කරදීම සිය ප්‍රධාන අපේක්ෂාව බව කීය. දිළිඳුතම පවුල්වලින් තෝරාගත් ලක්ෂයක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන සැලසුම් කළේ එකී අරමුණ සපුරා ගැනීමට බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

    “අපි කෘෂිකාර්මික රටක්. එහෙත් අපේ ගොවියා දුප්පත්. දෙවැනි, තුන්වැනි පරම්පරා ගොවිතැන තෝරාගන්නේ අන් කළ හැකි දෙයක් නැතිනම් පමණයි. නව පරපුර ගොවිතැනට ආකර්ශණය කර ගැනීමට මේ ක්ෂේත්‍රයට තාක්ෂණය හඳුන්වාදිය යුතුයි. ඉන්දියාව එසේ කිරීමෙන් ප්‍රතිඵල අත්කරගෙන තිබෙනවා. කෘෂිකර්මයට නව තාක්ෂණය හඳුන්වාදෙමින් අඩු ආදායම්ලාභී ජනතාව දිළිඳුකමින් මුදා ගැනීමට පර්යේෂකයන් ක්‍රමෝපාය හඳුන්වාදිය යුතුයි” ජනාධිපති රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය.

    පර්යේෂණ ආයතනවල කාර්යභාරය සහ වගකීම් පැහැදිළි කළ ජනාධිපතිතුමා අපේ ජනතාවට අවශ්‍ය කුමක් ද යන්න නිවැරදිව හදුනා ගැනීම පර්යේෂකයන්ගේ වගකීමක් බව පැවසීය. කෘෂි ක්ෂේත්‍රයට මෙන්ම ධීවර කර්මාන්තයට ද නව ශිල්ප ක්‍රම හඳුන්වාදීම සඳහා පර්යේෂණ කළයුතුව තිබේ. රසායනික පොහොර භාවිතය ගැන කොතෙක් ප්‍රශ්න තිබුණ ද අපට තවමත් කාබනික පොහොර භාවිතයට යොමු වීමට හැකි වී නැත. ධීවර කර්මාන්තය ගත් විට මත්ස්‍යයන් බහුල ස්ථාන හඳුනාගැනීමට පර්යේෂණ උපයෝගි කරගත හැකිය. පර්යේෂණවල ප්‍රතිඵල අවසානයේ දි නිෂ්පාදනයක් ලෙස සමාජ ගතකළ යුතුයැයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මීට එක්ව සිටියහ.

  • කොරෝනා වෛරසය ගැන කාර්ය මණ්ඩල දැනුවත් කිරීම ඇරඹේ

    කොරෝනා වෛරසය ගැන කාර්ය මණ්ඩල දැනුවත් කිරීම ඇරඹේ

    කොරෝනා වෛරසය ගැන අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතනවල කාර්ය මණ්ඩල සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඇරඹේ.

    එහි පළමුවැන්න අද (12) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ. රෝගය හඳුනාගැනීම ඉන් වැළකී සිටීම මෙන්ම ආරක්ෂාකාරීව ක්‍රියාකිරීම පිළිබඳව වෛද්‍ය දේශාන්ත දිසානායක මහතා කාර්ය මණ්ඩලය දැනුවත් කළේය.

    මේ පූර්වාදර්ශය අනුව රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ සෑම ආයතනයකම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනු ඇත.

    ආයතන කාර්ය මණ්ඩල තමන් ලබා ගන්නා දැනුම සිය පවුල්වල සාමාජිකයන්ට සහ සමාජයට ද බෙදා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. වෛරසය ව්‍යාප්තිය ජාතික උවදුරක් බවට වර්ධනය වීම වළක්වා ගැනීම වැඩසටහනේ අරමුණයි.

    ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (පාලන) කේ.බී. එගොඩවෙලේ මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ මේ අවස්ථාවට එක්ව සිටියහ.

  • ලංකාවටත් කොරෝනා: ජවිපෙන් පොදු ඉල්ලීමක්

    ලංකාවටත් කොරෝනා: ජවිපෙන් පොදු ඉල්ලීමක්

    කොරෝනා තත්වයෙන් රටත් ජනතාවත් මුදා ගැනීමට ජාතික වැඩපිළිවෙළකට එක්වෙමු යැයි ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

    කොරෝනා රෝගී තත්ත්වය ගෝලීය වශයෙන් වසංගත මට්ටමට පැමිණ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කර තිබේ. මේ තත්ත්වය තුළ සෑම රටක්ම විසින්  කොරෝනා රෝගය මැඩපැවැත්වීම සඳහා කඩිනම් ක‍්‍රියාමාර්ග ගැනීම තවදුරටත් අවධාරණය වී ඇත. මේ අතර රට තුළින් කොරෝනා ආසාදිතයින් වාර්තා වී තිබීමත් සමග ශ‍්‍රී ලංකාව විසින් ද කඩිනම් ක‍්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය කිසිවකුටත් බැහැර කළ නොහැක. මේ තත්වය තවදුරටත් පැතිර ගියහොත් අප රට තුළ මහත් ව්‍යසනකාරී තත්වයක් ඇතිවිය හැකිව තිබේ. 

    එමනිසා මේ මොහොතේ ආණ්ඩුව විසින් ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා කොරෝනා තත්වයෙන් රටත් ජනතාවත් මුදා ගැනීමට ජාතික වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව අප යෝජනා කරමු. එම ජාතික වැඩපිළිවෙළ සඳහා සියලූ දෙනා පක්ෂ පාට බේදයකින් තොරව සහය පළ කළ යුතු යැයි අවධාරණය කරන ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් ලෙස ඒ සඳහා සම්පූර්ණ සහය ලබාදීමට සූදානම් බවද ප‍්‍රකාශ කරමු. 

    එමෙන්ම මේ මොහොතේ මෙම ව්‍යසනයෙන් වැළකීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියම කරන නිර්දේශයන් සහිත දැනුවත් කිරීම් අකුරටම පිළිපදින ලෙසත් අනවශ්‍ය කළබලවීම් නොකොට කොරෝනා රෝගයෙන් වැළකීම සඳහා සෞඛ්‍ය අංශ විසින් ගනු ලබන ක‍්‍රියාමාර්ගවලට උපරිම සහය ලබාදෙන ලෙසත් අපි ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

  • නිවාඩු කාලය කලින් ආරම්භ කිරීමට තීරණය කළා – අධ්‍යාපන ඇමති

    නිවාඩු කාලය කලින් ආරම්භ කිරීමට තීරණය කළා – අධ්‍යාපන ඇමති

    දිවයිනේ සියලුම පාසල් අප්‍රේල් මස 20 වැනිදා දක්වා තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා අද (12) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා. මව්පියන් මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර නොගත යුතු බවයි අධ්‍යාපන ඇමැතිවරයා කියා සිටියේ.

    2020 වසරේ පළමු වාර නිවාඩුව ලෙස මෙම නිවාඩුව ලබා දෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

    මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේද සදහන් කළා.

    ‘සෞඛ්‍ය අමාත්‍යාශංය දැඩිව අවධාරණය කළේ ආසාදිතයට අමතරව කිසිම රෝගියෙක් වාර්තා වී නොමැති බවයි. නමුත් මේ අනපේක්ෂිත කැළඹීමත් එක්ක සමාජය තුළ භීතියක් නිර්මාණය වී තිබෙනවා. සෞඛ්‍ය අංශවලට අනුව රට තුළ එහෙම තත්ත්වයක් නොමැති වුවත්, වෛරස් රෝගය ගැන දරුණු තත්ත්වයක් නොමැති වුවත් දරුවන් තුළ හා දෙමාපියන් තුළ අනපේක්ෂිත බියක් ඇති වීම වැළැක්වීම සඳහා නිවාඩු කාලය කලින් ආරම්භ කිරීමට තීරණය කළා.

    මෙහිදී උපකාරක පන්ති ගැන සදහන් කරමින් අධ්‍යාපන ඇමැතිවරයා කියා සිටියේ පාසල් දරුවන් ගැවසෙන පෞද්ගලික අධ්‍යාපන ආයතවලිනුත් මේ ගැන අවධානය යොමුකරන්න කියලා ඉල්ලා සිටින බවයි. නියමිත දිනට පාසල් ආරම්භ කිරිමට හැකිවෙනු ඇතැයි විශ්වාස කරන බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියා.

  • සියලු පාසල් අධ්‍යාපන හා ක්ෂේත්‍ර චාරිකා අත්හිටුවන්න නියෝග

    සියලු පාසල් අධ්‍යාපන හා ක්ෂේත්‍ර චාරිකා අත්හිටුවන්න නියෝග

    පන්ති කාමරයෙන් එපිට සිදු කරන බාහිර ක්‍රියාකාරකම් සීමා කරන්නැයි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දුන් බවත් ඔවුන් විසින් අදාළ නියෝග විදුහල්පතිවරුන් වෙත දැනුම් දෙනු ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් චිත්‍රානන්ද සඳහන් කළා.

    එමෙන්ම පාසැල් අධ්‍යාපන චාරිකා සහ ක්ෂේත්‍ර චාරිකා නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බව ද ඒ මහතා කියා සිටියා.

    මේ අතර විදේශ රටවල සිට දිවයිනට පැමිණෙන ළමුන් හා දෙමාපියන් දින 14ක කාලයක් නිරෝධයන ක්‍රියාවලියට යොමු කරන ලෙසට ද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී තිබෙන බවයි චිත‍්‍රාන්නද මහතා සදහන් කළේ.

  • ශ්‍රී ලංකාවේ කොරෝනා පැතිරීම වළක්වා ගන්නේ කෙසේ ද?

    ශ්‍රී ලංකාවේ කොරෝනා පැතිරීම වළක්වා ගන්නේ කෙසේ ද?

    කොරෝනාවෛරසය ශ්‍රී ලංකාව තුළ ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා හමුවී ඇති අතර ඔහු මේ වන විට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

    52 හැවිරිදි එම පුද්ගලයා ඉතාලි ජාතික සංචාරකයින්ට මග පෙන්වන්නෙකු ලෙස සේවය කර ඇති අතර ඔහුගේ අනන්‍යතාව හෝ පදිංචි ප්‍රදේශය හෙළි කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

    කෙසේ වෙතත්, ඔහු කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයෙකු බව පමණක් අමාත්‍යංශය සදහන් කළේය.

    මේ වන විට ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ ඔහු සංචාරය කළ ස්ථාන සහ ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.

    “ජාතික ගැටලුවක්”

    කොරෝනාවෛරසය මේ වන විට “ජාතික ගැටලුවක්” බවට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ බදාදා (මාර්තු 11) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

    “ජාතික ගැටලුවක් මේක. සියලු දෙනා ජාතිය ගැන හිතල වැඩ කරන්න ඕන. මේ තත්ත්වය අවස්ථා හතරක් අනුව සලකා බලනවා. විෂබීජය රටට ඇතුළු වීම, එය පැතිරීම වැළැක්වීම, ප්‍රතිකාර කිරීම සහ විශාල වශයෙන් රෝගය පැතිරුණොත් ඊට මුහුණ දීම යන අවස්ථා හතරෙන් දැන් දෙවන අවස්ථාවේ අපි ඉන්නේ. වෛරසය පැතිරීම වැළැක්වීමට ගත යුතු සියලු ක්‍රියාමාර්ග අපි ගන්නවා.”

    යම් හෙයකින් කොරෝනාවෛරසය පැතිර යාම ඉතාලියේ මෙන් වේගවත්ව සිදුවුවහොත් “ඉතා අමාරු තත්ත්වයක් නිර්මාණය වනු ඇති,” බව වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.

    කොරෝනාවෛරසය: "රෝග ලක්ෂණ මතුවෙන්න දින 24ක් දක්වා ගත විය හැකියි"

    “නිරෝධායන කටයුතුවලට සහය දෙන්න”

    මේ අතර, කොරෝනාවෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සදහා නිරෝධායන ක්‍රියාවලිය අත්‍යවශ්‍ය අංගයක් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.

    “රෝගය පැතිර යන රටවල සිට පැමිණෙන සියලු දෙනා නිරෝධායනයට සම්බන්ධ විය යුතුමයි. නිරෝධායන ක්‍රියාවලියේ ප්‍රශ්න තියෙනවා නම් ඒවාට සාධාරණ විසදුම් ලබා දෙන්න පුළුවන්. හැබැයි සමහර අය නිරෝධායනය වීම ප්‍රතික්ෂේප කරල තියෙනවා. නිරෝධායනය කරන්නේ ඔවුන්ගේ ම යහපතටයි.”

    "කොරෝනාවෛරසය දැන් ජාතික ගැටලුවක්"

    “එක්සත් රාජධානියේ සෞඛ්‍ය ඇමතිවරියටත් වෛරසය ආසාදනය වෙලා තියෙනවා. අපි දැක්කා සෞඛ්‍ය සේවය අතින් ඉතා දියුණු රටවල මේ වෛරසය පැතිර යාමෙන් පස්සේ සිදුවුණ දේවල්. දියුණු රටවල එහෙම නම් අපේ රටේ පැතිරුණොත් මොන කතා ද?,” සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

    නිරෝධායනය රටේ යහපතට පමණක් නෙවෙයි”

    කොරෝනාවෛරසය සම්බන්ධයෙන් නිරෝධායන ක්‍රියාවලියට සහභාගි වීමෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් ද ආරක්ෂා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

    “නිරෝධායන ක්‍රියාවලියට සම්බන්ධවීම යහපත් වෙන්නේ රටේ ජනතාවට විතරක් නෙවෙයි. නිරෝධායනය නොවී ශරීරය තුළ වෛරසය තබාගෙන යමෙක් සිය නිවස වෙත ගියොත් පවුලේ සාමාජිකයින්ට එය ශරීරගත වීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ආරක්ෂා කර ගන්න නම් ඔවුන් අනිවාර්යයෙන් ම නිරෝධායනයට සම්බන්ධ විය යුතුයි.”

    කොරෝනාවෛරසයේ රෝග ලක්ෂණ

    නිරෝධායන ක්‍රියාවලිය

    මේ වන විට චීනය, ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවල සිට පැමිණෙන මගීන් නිරෝධායනය සදහා යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දී තිබේ.

    ඒ අනුව එම මගීන් විෂබීජහරණයකට ලක් කර නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන ගොස් දින 14ක කාලයක් නිරෝධායන ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනේ.

    එහිදී දිනකට දෙවරක් බැගින් ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂා කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ, නිරෝධායන ක්‍රියාවලිය යුද්ධ හමුදාව සහ යුද්ධ හමුදා වෛද්‍යවරුන් යටතේ සිදු කෙරෙන බවය.

    “සංචාර පාලනය කරන්න”

    එක් රෝගියෙකු හමුවුව ද, සාමාන්‍ය ජන ජීවිතය අඩාළ කිරීමට රජය කටයුතු නොකරන බව කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසීය..

    වෛරසය ව්‍යාප්ත වීමේ තත්ත්වයක් පැවතියහොත් මහජන ඒකරාශී වීම් නතර කිරීමට සිදු වනු ඇතැයි ද පැවසිණි.

    මේ අතර, වෛද්‍ය අනිල් ජාසිංහ ඉල්ලා සිටියේ, විදෙස් සංචාර සහ වන්දනා සංචාර ආදියෙහි නිරත නොවී සිටීම වඩා වැදගත් බවය.

    BY BBC SANDESAYA

  • කොරෝනා වෛරසය ලෝක වසංගතයක් – ලෝක සෞඛ්‍ය සංවිධානය

    කොරෝනා වෛරසය ලෝක වසංගතයක් – ලෝක සෞඛ්‍ය සංවිධානය

    කොරෝනාවෛරසය පැතිරයාම ලෝක ව්‍යාප්ත වසංගතයක් බවට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේය.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රොස් අධනොම් ඝේබ්‍රෙයෙසුස් කියා සිටියේ පසුගිය සති දෙක ඇතුළත චීනයෙන් පිටත කොරෝනාවෛරස ආසාදිතයින් සංඛ්‍යාව 13 ගුණයකින් ඉහළ ගොස් ඇති බවය.

    වෛරසය පැතිරයාම පාලනය කිරීම පිණිස “ක්‍රියාත්මක නොවීමේ අනතුරුදායක මට්ටම්” ගැන සිය “බරපතල අවධානය” පළ වී ඇති බව ඔහු කියා සිටියේය.

    ලෝක ව්‍යාප්ත වසංගතයක් යනු ලොව පුරා රටවල් ගණනාවක එකම අවස්ථාවේ පැතිරයන රෝගයකි.

    “හදිසි සහ දැඩි පියවර” අනුගමනය කරමින් වෛරසය පැතිරයාම පාලනය කිරීමට පියවර ගන්නා මෙන් ඔහු සියලු රටවල ආණ්ඩුවලින් ඉල්ලා සිටියේය.

    “මේ වෛරසය පාලනය කළ හැකි බව රටවල් කිහිපයක්ම පෙන්නුම් කරලා තියෙනවා,” ඔහු පැවසීය.

    “විශාල ප්‍රජා කණ්ඩායම් අතර පැතිරයාම සම්බන්ධයෙන් කටයුතු කරන බොහෝ රටවල් මේ මොහොතේ මුහුණදෙන අභියෝගය ඔවුන් මෙතෙක් කළ දේම කළ හැකිද යන්න නොවේ; ඔවුන් ඒ දේ කරාවිද යන්නයි.’

    “සෞඛ්‍ය ආරක්ෂාව, ජනජීවිතයට එල්ලවන බලපෑම අවම කිරීම සහ මනුෂ්‍ය ජීවිතයට ගරු කිරීම අතර සමතුලිතභාවයක් සොයාගැනීමට” ආණ්ඩුවලට සිදුවන බව ද ඔහු පැවසීය.

  • Covid 19 ව්‍යාප්තිය වැළැක්වීමට සහය වන්නැයි රජයෙන් ඉල්ලීමක්

    Covid 19 ව්‍යාප්තිය වැළැක්වීමට සහය වන්නැයි රජයෙන් ඉල්ලීමක්

    කොරෝනා වෛරසය හෙවත් කෝවිඩ් 19 ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සහය වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ජනාධිපති මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මෙම ඉල්ලීම කර සිටී.

    එම නිවේදනයේ වැඩිදුරටත් මෙලෙස දැක්වේ. මේ වන විට ලෝකය පුරා රටවල් රැසක් වෛරසය ව්‍යාප්ත වෙමින් පවතියි. එය පාලනයට  රටවල් විධිවිධාන රැසක් ගෙන තිබේ. කොරෝනා වෛරසය මෙරට දී ආසාධිත පළමු ශ්‍රී ලාංකිකයා ඊයේ (10) පස්වරුවේ හඳුනා ගැනුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    52 හැවිරිදි මොහු සංචාරක මග පෙන්වන්නෙකු ලෙස ක්‍රියා කළ අයෙක්. ඉතාලි ජාතික සංචාරක කණ්ඩායමකට ඔහු සේවාව සපයා තිබේ. රෝගියා නිරෝධායනයට ලක් කර ඇති අතර ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර ඇතැයි, ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි. සංචාරක කණ්ඩායම ගමන් ගත් ස්ථාන හා ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම ද ආරම්භ කර තිබේ. 

    රට තුළ කොරෝනා වෛරසය වැළැක්වීමට රජය විධිමත් සැලැස්මක් සහිතව පුළුල් වැඩසටහනක් ආරම්භ කර තිබේ. ඒ සඳහා ඊයේ (10) සිට දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානයේ සිට පැමිණෙන අය නිරෝධායනය කිරීම ආරම්භ කෙරිණ. එහෙයින් විදේශගතව පැමිණෙන අයගේ සහ ජනතාවගේ පූර්ණ සහය ගෙනයන වැඩපිළිවෙළට ලබාදෙන්නැයි රජය ඉල්ලා සිටියි.

  • මෙරට ප්‍රථම කොරෝනා ආසාදිතයා සංචාරක මග පෙන්වන්නෙක්

    මෙරට ප්‍රථම කොරෝනා ආසාදිතයා සංචාරක මග පෙන්වන්නෙක්

    නව කොරෝනා වෛරසය ආසාධිත ප්‍රථම ශ්‍රී ලාංකිකයා කොළඹ ජාතික උණ රෝහලෙන් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා සඳහන් කරයි.

    52  හැවිරිදි  මෙම පුද්ගලයා  සංචාරක මග පෙන්වන්නකු ලෙස ඉතාලි ජාතික සංචාරක කණ්ඩායමකට  සේවා සපයා ඇති බවත් ඔහුට කොරෝනා වයිරසය ආසාධනය වී ඇති බව ඊයේ (10)  තහවුරු කරගත් බවත් ආසාධිතයා සහ ඔහුගේ සංචාරක කණ්ඩායම ගමන් ගත්  ස්ථාන සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලබා ගැනීම මේ වන විට අරඹා තිබෙන බවත් ජාසිංහ මහතා සදහන් කළේය.

  • සුපිරි Model of the Week – LuLu

    සුපිරි Model of the Week – LuLu

    මේ සතියේ සුපිරි ගොසිප් තුළින් සුපිරි Model of the Week – LuLu

  • කොළඹ කොටස් වෙළෙදපොළ වාර්තාගත ලෙස බිද වැටෙයි

    කොළඹ කොටස් වෙළෙදපොළ වාර්තාගත ලෙස බිද වැටෙයි

    වසර අටකට පසු සිදු වූ ඉහළම පසුබෑම වාර්තා කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (10) 4.14 % කින් පහළ ගියේය. ඊයේ (9) දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,343.15ක් ලෙස සටහන් වූ අතර අද වෙළෙඳපොළ අවසන් වූයේ ඒකක 5,121.91ක් ලෙස ය. ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 221.24කින් පහත වැටුණි.

    ඊට අමතර විඑස්ඇන්ඩ්පී ශ්‍රී ලංකා මිල දර්ශකය ද 4.75% කින් එනම් ඒකක 117.86කින් කඩා වැටුණි. කලින් දිනයේ ගනුදෙනු අවසන් වෙද්දි  එස්ඇන්ඩ්පී ශ්‍රී ලංකා මිල දර්ශකය ඒකක 2,479.61ක් ලෙස දැක්වුණු අතර අද දිනය අවසන් වෙද්දි එය ඒකක 2,361.75ක් සටහන් විය.

    අද පෙරවරුවේ ගනුදෙනු ආරම්භ කිරීමත් සමඟ එස්ඇන්ඩ්පී ශ්‍රී ලංකා මිල දර්ශකය 5% කින් පහළ ගිය ඒ හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු මිනිත්තු 30ක කාලයක් සඳහා අත්හිටුවීය. කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු 5% කින් පහළ සෑම විටම එලෙස එය ස්වයංක්‍රීයව අක්‍රීය වේ.

    කොරෝනා වයිරසයේ ගෝලීය ව්‍යාප්තිය හේතුවෙන් ලොව පුරා කොටස් වෙළෙඳපොළ කඩාවැටීමකට ලක්ව තිබෙන අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද සෘජුව හා වක්‍රාකාරව අහිතකර බලපෑම් එල්ල වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය සතියේදී ප්‍රකාශ කළේය.

  • නිරෝධායන කටයුතු වෙනුවෙන් ගාස්තු අය නොකරන බව රජය කියයි

    නිරෝධායන කටයුතු වෙනුවෙන් ගාස්තු අය නොකරන බව රජය කියයි

    ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන්ගේ නිරෝධායන කටයුතු වෙනුවෙන් කිසිදු ගාස්තු අයකිරීමක් සිදු නොකරන බව රජය තහවුරු කරයි.

    අද (10) දින නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහත පරිදිවේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශය

    දකුණු කොරියාව, ඉරානය සහ ඉතාලියේ සිට මෙරටට පැමිණෙන මගීන් නිරෝධයනය කිරිමේ වැඩපිලිවෙල දකුණු කොරියාවේ සිට අද (10) පැමිණි ගුවන් මගීන්ගෙන් ආරම්භ කරනු ලැබීය. ඒ අනුව ගුවන්තොටුපලට පැමිණෙන මගීන් විෂබීජහරනයට ලක්කර බස් රථ මගින් කන්දකාලු සහ පූනායි නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ලැබීය.

    මෙම පිරිසට අවශ්‍ය සුළු වෛද්‍ය පහසුකම් එම පරිශ්‍රයේදීත්, අනෙකුත් වෛද්‍ය පහසුකම් අවශ්‍ය වෙතොත් ඒවා රෝහල්වලින් ලබා දීමටත් කටයුතු කරන අතර දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකින් පසු ඔවුන් මෙම නිරෝධායන මධ්‍යස්ථානවලින් නිදහස් කිරීමටත් පියවර ගෙන ඇත.

    මේ දක්වා සිදුකළ පරිදි අනෙකුත් රටවලින් පැමිණෙන මගීන් දින 14 ක පසුවිපරම තවදුරටත් ක්‍රියාතමකව පවතී. මේ වන විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ 3900 ක පමණ පිරිසක් පසු විපරමට ලක් වෙමින් පවතී.

    එමෙන්ම විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණි අයගෙන් දින 14 ක් යනතුරු විවධ උත්සව හා සංචාර සඳහා නොගොස් නිවසේ රැඳී සිටින ලෙස ඉල්ලීමක්ද කරනු ලැබීය.

    මේ සම්බන්ධයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ක්‍රියාතමක කර ඇති වැඩපිළිවෙල

    රට තුළට ඇතුළුවන සියළුම මගීන්ගේ ශරීර උෂ්ණත්වය තර්මල් ස්කෑන් යන්ත්‍රය මගින් පරීක්ෂාවකට ලක් කිරීමට පියවර ගෙන ඇත. එහිදී සෑම මගියෙක්ම මෙම තර්මල් ස්කෑන් යන්ත්‍රය හරහා ගමන් කරවීම මගින් මෙම පරීක්ෂාව සිදු කෙරෙන අතර දැනට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ මෙම ස්කෑන් යන්ත්‍ර 03 ක් සවිකර ඇත.

    මීට අමතරව ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම ගුවන් මගීන්ට දත්ත පත්‍රිකාවක් ලබා දීම මගින් තොරතුරු ලබා ගැනීමක් සිදු කෙරේ. එහිදී විශේෂයෙන්ම පසුගිය දින 14 තුළ මෙම මගීන් ගමන් ගත් රටවල් පිළිබඳ තොරතුරු සහ අදාළ මගියා පැමිණි රට පිළිබඳව තොරතුරු ලබා ගැනීමට පියවර ගෙන ඇත.

    මෙහිදී විශේෂයෙන්ම චීනය, දකුණු කොරියාව, ඉතාලිය, ඉරානය වැනි දැනට කොරෝනා රෝගය පැතිර යන රටවල් පිළිබඳව තොරතුරු ලබා ගෙන එම තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකයට ලබා දීමට පියවර ගෙන ඇත. එම තොරතුරු අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය දැනුවත් කෙරේ. අනතුරුව අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මෙම මගීන්ගේ නිවෙස්වලට යාම මගින් ඔවුන්ගේ නිවෙස්වලදී දින 14 ක් තුළ ඔවුන්ව පරීක්ෂාවට ලක් කෙරේ. එහිදී රෝග ලක්ෂණ තිබේද යන්න පිළිබඳව දැඩි පසුවිපරමක් සිදු කරනු ලබන අතර රෝග ලක්ෂණ මතුවුව හොත් ඔවුන් රෝහල් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

    මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා ගුවන්තොටුපලේ වෛද්‍ය නිලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සේවයේ යොදවා ඇති අතර මගීන් පැමිණෙන දිනයේදීම මෙම තොරතුරු ලබා ගැනීමට පියවර ගෙන ඇත.

    මීට අමතරව සිංහල,දෙමළ, ඉංග්‍රීසි සහ චීන බසින් විශේෂයෙන්ම ගුවන් මගීන් සඳහා විශේෂයෙන් සකස් කරන ලද තොරතුරු ලබා ගැනීමක් ද සිදු කෙරේ.

    නව කොරෝනා වෛරසය (COVID – 19) පැතිරයාම වැළැක්වීම සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳව අද (10) දින බණ්ඩාරනායක ගුවන්තොටුපලේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (නිරෝධයන)  වෛද්‍ය එස්.එම්.ආනල්ඩ් මහතා විසින් කරන ලද පැහැදිළි කිරීම ඇසුරෙනි)

    අධ්‍යාපන අමාත්‍යාංශය

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ඉතාලිය, දකුණු කොරියාව, චීනය ඇතුළු නව කෙරෝනා වෛරසය   (COVID – 19) සීඝ්‍රයෙන් පැතිර යන රටවල සිට පැමිණෙන ශ්‍රි ලාංකිකයින් පිළිබඳව යොමු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට දන්වා යවා ඇත.

    ඒ අනුවනව කොරෝනා වෛරසය (COVID – 19) පැතිර යන විදේස් රටවල සිට පැමිණෙන පාසල් දරුවන්, ඔවුන්ගේ දෙමව්පියන් සහ ඥාතීන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස හා ඔවුන් දින 14 ක නිරෝධායන කාර්ය සඳහා යොමු වී ඇත්ද යන්න පිළිබඳව සොයා බලන ලෙස පළාත් සහ අධ්‍යාපන කලාපයේ සියලු පරිවේණාධිපති ස්වාමීන් වහන්සේලා සහ පාසල් ප්‍රධානීන් දැනුවත් කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා විසින් සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු සහ කලාප අධ්‍යක්ෂවරුන් වෙත චක්‍රලේඛයක් මගින් දන්වා යැවීමට පියවර ගෙන ඇත.

    තවද සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව මෙම රෝගය පැතිර යෑම වැළැක්විමට පියවර ගත යුතු ආකාරය පිළිබඳව සිසුන්, දෙමව්පියන්, ආදි සිසුන් ඇතුළු පාසල් ප්‍රජාව දැනුවත් කරන ලෙස එම චක්‍රලේඛය මගින් වැඩි දුරටත් දන්වා යවා ඇත.

    බුද්ධ ශාසන අමාත්‍යාංශය

    සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සමඟ කරන ලද සාකච්ඡාවකින් අනතුරුව සිංහල/ බෞද්ධ, සිංහල/හින්දු සහ කතෝලික බැතිමතුන්ගේ දඹදිව වන්දනා ගමන් අත්හිටුවා ඇති බව බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා පවසයි.

    හමුදා මාධ්‍ය ප්‍රකාශක

    අද (10) දින ශ්‍රී ලංකාවට පැමිණි මගීන්ගෙන් 37 ක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට සහ 131 ක් පූනායී නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගනු ලැබූ බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පවසයි.

  • මහජනතාවටත් පැරණි පාර්ලිමේන්තුව නැරඹීමේ වරම

    මහජනතාවටත් පැරණි පාර්ලිමේන්තුව නැරඹීමේ වරම

    පැරණි පාර්ලිමේන්තුව හෙවත් වර්තමාන ජනාධිපති කාර්යාලය මාර්තු 15 සෙනසුරාදා සිට සෑම සති අන්තයකම පෙ.ව 10.00 සිට ප.ව 4.00 දක්වා නැරඹීමේ අවස්ථාව මහජනතාවට හිමි වෙයි. නැරඹීමට එන අයට ඡායාරූප ගැනීමට ද පිළිවන.

    අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) නමට ලිපියක් 011-2441685 ෆැක්ස් අංකයට යොමු කිරීමෙන් හෝ අංක 011-2354354 ඇමතීමෙන් වේලාව වෙන්කර ගත හැකිය.

    පැරණි පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක යුගයක් නියෝජනය කරයි. පැරණි ගෘහ නිර්මාණ ශෛලීන් පහෙන් එකක් වන “ අයෝනියානු ශෛලිය” ට අනුව වසර 82 කට පෙර මෙය නිර්මාණය කර තිබේ. එය බාහිර පෙනුමින් ඇතෑන්ස් හි ඇක්‍රොපොලීස් කඳු මුදුනේ “ඇතීනා” නම් ග්‍රීක දෙවඟන වෙනුවෙන් ඉදිකොට ඇති ප්‍රධාන දෙව්මැදුර වන “ පාතිනන්” ගොඩනැගිල්ලට සමානත්වයක් උසුලයි.

    ශ්‍රීමත් හර්බට් ස්ටැන්ලි ආණ්ඩුකාරවරයා විසින්1930 ජනවාරි මස 29 වැනි දින ව්‍යවස්ථාදායක සභාව ලෙස ගොඩනැගිල්ල ස්ථාපනය කර ඇත. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ ව්‍යවස්ථාදායකයේ පසුව සිදු වූ නාම සංශෝධන සමඟ මෙය රාජ්‍ය මන්ත්‍රණ සභාව (1931–1947) නියෝජිත මන්ත්‍රී මණ්ඩලය (1947-1972) ජාතික රාජ්‍ය සභාව (1972-1978) සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව (1978-1982) යන නම්වලින් හඳුන්වනු ලැබීය. පාර්ලිමේන්තුව ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ වෙත ගෙන යාමෙන් පසුව මේ පෞරාණික ගොඩනැගිල්ල 1983 සැප්තැම්බර් මස 8 වැනි දින ජනාධිපති කාර්යාලය ලෙස නම් කෙරිණ.