Category: සුපිරි News

  • රවීව අත්අඩංගුවට ගැනීම හෙට තෙක් අත්හිටුවයි

    රවීව අත්අඩංගුවට ගැනීම හෙට තෙක් අත්හිටුවයි

    තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇතුළු 4 දෙනෙනකු ගොනුකළ පෙත්සම් හෙට (11දා) දිනයේදී විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීන්දු කළේය. ඒ අනුව ඔවුන්ව හෙට (11දා) තෙක් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයකද අභියාචනාධිකරණය නිකුත් කළේය.

  • රවීගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    රවීගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    තමා අත්අඩංගුවට ගන්නා ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා විසින් අභියාචනාධිකරණයට අද (10) රිට් පෙත්සමක් ගොනු කළා.

    නීතීඥ ගෞරී තවරාසා මගින් ගොනු කර ඇති මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා, වැඩබලන පොලිස්පතිවරයා, කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක ඇතුළු එම අධිකරණයේ පිරිසක් නම් කර තිබෙනවා.

    තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම වරෙන්තුව නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත්, එබැවින් තම රිට් පෙත්සම විභාගයට ගන්නා ලෙසත්, එම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු වරෙන්තුව ක්‍රියාත්මක වීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයිද රවි කරුණානායක මහතා සිය පෙත්සමින් ඉල්ලා තිබෙනවා.

  • නිරෝධායනයේදී ‘කන්න දෙන්න’ රු.7500ක් ගන්න ගිහින්

    නිරෝධායනයේදී ‘කන්න දෙන්න’ රු.7500ක් ගන්න ගිහින්

    ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් බැටිකලෝ කැම්පස්හි නිරෝධානයට ලක් කිරීමේදී දින 14ක කාලය තුළ එක් පුද්ගලයෙකුගෙන් ආහාර සඳහා රුපියල් 7500ක මුදලක් අය කිරිමට රජය ගත් තීරණය අත්හිටුවා තිබෙනවා.

    රජය මීට පෙර සඳහන් කළේ අදාළ පුද්ගලයන් දින 14ක කාලයක් නිරෝධායනය කරන අතර දිනකට ආහාර වේල් තුන බැගින් ලබාදිමට මෙම මුදල අය කරන බවයි.

    මේ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි විරෝධයක් එල්ල වූ ඇති අතර මේ පිළිබඳව අදහස් දක්වන බොහෝ දෙනෙකු පැවසුවේ ශ්‍රී ලංකාවට වැඩිම විදේශ විනිමයක් ලබාදෙන විදෙස් ශ්‍රමිකයන්ගෙන් මේ ආකාරයෙන් මුදල් අය කිරීම සාධාරණ නොවන බවයි. සමාජ මාධ්‍ය මගින් එල්ල වූ ප‍්‍රබල විරෝධය හමුවේයි රජය මේ පියවර ගෙන තිබෙන්නේ.

    රජය විසින් නිකුත් කළ අදාළ ලිපිය පහත පළ වෙනවා.

  • ඉතාලිය, ඉරානය හා දකුණු කොරියාවෙන් එන ගුවන් මගීන් හෙට මඩකළපුවට

    ඉතාලිය, ඉරානය හා දකුණු කොරියාවෙන් එන ගුවන් මගීන් හෙට මඩකළපුවට

    නව කොරෝනා වෛරස රෝග තත්වය පාලනය කිරීම සඳහා දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන් නීරෝධායනය කිරීම හෙට (10) අලුයම 4.00 සිට ආරම්භ කිරීමට නියමිත බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පවසනවා.

    ඔහු සදහන් කළේ හෙට දින අලුයම 4.00ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන පළමු ගුවන් යානය වන කොරියානු ගුවන් සේවයට අයත් කේ.ඊ.- 473 දරණ ගුවන් යානයෙන් පැමිණෙන ගුවන් මගීන් පිරිස මෙම නීරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමට නියමිත බවයි.

    මෙම පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සූදානම් කර ඇති විශේෂ බස් රථ මගින් මඩකලපුව ” බැටිකලෝ කැම්පස්” වෙත රැගෙන යෑමට අවශ්‍ය කටයුතු මේ වනවිට සකස් කර ඇති බවද එහිදී ඔවුන් දින 15 ක අධීක්ෂණ කාලයක් නීරෝධායනය කිරීමෙන් පසුව ඔවුන්ගේ නිවෙස් වෙත යොමු කිරීමට නියමිතය බව ද කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පවසනවා.

  • ගුරු – විදුහල්පතිවරු දින 3ක අඛණ්ඩ වැඩ වර්ජනයකට සූදානම්

    ගුරු – විදුහල්පතිවරු දින 3ක අඛණ්ඩ වැඩ වර්ජනයකට සූදානම්

    වැටුප් විෂමතා ඉවත් කිරීමල විෂමතා ඉවත් කරන තුරු අතුරු වැටුපක් ලබාදීම ඇතුළු ඉල්ලීම් හයක් මුල් කර ගනිමින් ගුරු – විදුහල්පතිවරු මෙම මස 16 වැනිදා සිට දින තුනක අඛණ්ඩ වැඩ වර්ජනයක යෙදෙන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප‍්‍රකාශ කළේය. ජයසිංහ මහතා මේ බව ප‍්‍රකාශ කළේ කොල්ලුපිටිය සී.එම්.යූ ශාලාවේ පැවති මාධ්‍ය හමුවේදීයි.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ජයසිංහ මහතා මෙසේද කියා සිිටියා.

    ‘අපි මීට පෙර දින පහක වැඩ වර්ජනයක් කරන බව දැනුම් දී තිබුණා. ඒත් 19 වැනිදා මහ මැතිවරණයේ නාම යෝජනා භාර දෙන අවසන් දිනයි. 19 වැනිදා රජයෙන් පාසල් නිවාඩු දිනයක් ලෙස නම් කෙරෙන බැවින් අපේ වර්ජනය දින තුනකට සීමා කිරීමට තීරණය කළා.

    ගුරු – විදුහල්පති වෘත්තිය සමිති 30ක් මෙම වෘත්තිය ක්‍රියාමාර්ග සමඟ ඒකාබද්ධව සිටිනවා. අපි මෙම ඉල්ලිම් මුල් කර ගනිමින් පසුගිය 14 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණා. පසුගිය 26 වැනිදා ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක්ද අනුගමනය කළා. ඒත් තවමත් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටිනවා. මේ තත්ත්වය තුළ අපේ වෘත්තීය අයිතින් දිනා ගැනීම සඳහා පෙර දැනුම් දුන් පරිදි වැඩ වර්ජනය ක්‍රියාත්මක කරනවා. ඒ අනුව ගුරු – විදුහල්පතිවරු මෙම දින තුනේදි නොදන්වා සේවයට වාර්තා නොකිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

    මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වීමේදී වර්ජකයින්ට මුහුණ දීමට සිදුවන ඕනෑම ගැටලුවක් වෙනුවෙන් පෙනි සිටීමට සියලු වෘත්තිය සමිති නායකයින් සූදානම්. ඒ නිසා බොරු ප්‍රචාරවලට යට නොවී වර්ජනයට සහභාගි වන ලෙස සියලු ගුරු – විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

    මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගය සදහා, ලංකා ගුරුසේවා සංගමය, ලංකා ගුරු සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරුසංගමය, විදුහල්පති සේවා සංගමය, අ‍ධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය, ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය, වතු ගුරු සංගමය, ස්වාධීන ලංකා ගුරු සංගමය, ගුරු විමුක්ති පෙරමුණ, පුහුණු විද්‍යාපීඨ හා උපාධිධාරී ගුරු සංවිධානය, ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමය, නැගෙනහිර පළාත් ද්‍රවිඩ ගුරු සංගමය ඇතුළු ගුරු විදුහල්පති වෘත්තිය සමිති 30 ක් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එක්ව ඇති බව ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

  • ITSSL අනාවරණයට ප්‍රතිචාර දක්වමින්, සම්පත් බැංකුවේ ATM යන්ත්‍රවල ආරක්‍ෂිත බව දන්වයි

    ITSSL අනාවරණයට ප්‍රතිචාර දක්වමින්, සම්පත් බැංකුවේ ATM යන්ත්‍රවල ආරක්‍ෂිත බව දන්වයි

    සම්පත් බැංකුව විසින් අප පෙබරවාරි 27 දින සිදුකරනු ලැබු මාධ්‍ය නිවේදනයට ප්‍රතිචාර දක්වමින් සම්පත් බැංකුව විසින් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙත ලිඛිතව ඔවුන්ගේ ATM යන්ත්‍රවල ආරක්‍ෂිතභාවය සම්බන්ධයෙන් දැනුම් දී ඇත.

    එමඟින් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙරට පිළිගත් වාණිජ බැංකුවක් ලෙස සම්පත් බැංකුව තම සියලුම ගනුදෙනුකරුවන්ගේ දත්ත සුරක්ෂිත භාවය සහ ATM යන්ත්‍රවල සුරක්ෂිතභාවය වගකීමෙන් යුතුව තහවුරු කර සිටින බවයි.

    එම නිසා කිසිදු පාරිභෝගිකයෙකුට සම්පත් බැංකුවේ ATM යන්ත්‍ර භාවිතයේදී අනිසි බියක් ඇති කර නොගත යුතු බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් මහජනතාව වෙත දැනුම් දෙමු.


  • දඹදිව වන්දනා ගමන් තාවකාලිකව නවත්වන්නැයි උපදෙස්

    දඹදිව වන්දනා ගමන් තාවකාලිකව නවත්වන්නැයි උපදෙස්

    කොරෝනා වෛරසය ලෝව පුරා සීග‍්‍රයෙන් ව්‍යාප්ත වන හෙයින් ආරක්ෂාකාරී පියවරක් ලෙස දඹදිව වන්දනා ගමන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසුවේය.

    මේ පිළිබදව වන්දනා ගමන් සම්බන්ධව කටයුතු සංවිධානය කරන ආයතන සහ අදාළ බලධාරීන් දැනුවත් කිරීමට බුද්ධ ශාසන අමාත්‍යංශය පියවර ගෙන ඇතැයි ද බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසුවේය.

  • සංචාරකයින්ගෙන් ඩොලර් බිලියන 10ක් උපයා ගැනීමට ගෝලීය සන්නිවේදන වැඩසටහනක්

    සංචාරකයින්ගෙන් ඩොලර් බිලියන 10ක් උපයා ගැනීමට ගෝලීය සන්නිවේදන වැඩසටහනක්

    සංචාරක ක්ෂේත්‍ර යේ ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක ආදායම් ඉලක්කය සපුරා ගැනීම සදහා වසර 05 ක ගෝලීය සන්නිවේදන වැඩ සටහනක් සැලසුම් කෙරේ. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විට ඇමති මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර ඇතැයි කාර්මික අපනයන. ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් කර ඇත්තේ 2025 වන විට සංචාරක ක්ෂේත්‍ර යෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක ආදායමක් ජාතික ආර්ථිකයට එක් කිරීමට අපේක්ෂා කරන බවයි. ඒ සදහා සංචාරකයන් මිලියන 06 ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කෙරේ. පශ්චාත් යුධ සමය තුළ මෙරටට සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් වාර්ෂිකව පෙන්නුම් කළ අතර ජාත්‍යන්තර වශයෙන් සිදු වු ධනාත්මක මාධ්‍ය ප්‍රචාරණය ඊට හේතු වු බව ඇමතිවරයාගේ අදහසයි. කෙසේ වෙතත් පසුගිය වසර කීපය තුළ මෙරට සංචාරක ව්‍යාපාරය බිද වැටුණි. 2016 වසරේ දී සංචාරක පැමිණීම් ඉලක්කය වුයේ මිලියන 2.5 කි. එහෙත් එය මිලියන 2 කට සීමා විය. පාස්කු ප්‍රහාරයත් සමග මෙරටට සංචාරකයන් පැමිණීමේ සංඛ්‍යාව මිලියන 1.9 දක්වා අඩු වී තිබුණි.

    සංචාරක ප්‍රවර්ධනය සදහා මේ වසරේ මැද භාගයේ සිට ඉදිරි වසර 05 ක කාල සීමාව තුළ ගෝලීය සන්නිවේදන වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර 2022 වසර නරඹමු ශ්‍රී ලංකා වසර ලෙස ප්‍රකාශයට පත් කීරීමට අපෙක්ෂිත ය. එක්සත් රාජධානිය ජර්මනිය, ප්‍රංශය, ඉන්දියාව, චීනය, ඕස්ට්‍රෙලියාව, රුසියාව හා ගල්ෆ් කලාපීය රටවල් සදහා ගමනාන්ත නියොජිත සමාගම් පත් කීරිම ඇමෙරිකාව, ස්පාඤ්ඤය, ඉතාලිය, ස්කැන්ඩිනේවියාව, ජපානය, කොරියාව, පෝලන්තය සහ නෙදර්ලන්තය සදහා මහජන සබදතා සමාගම් පත් කිරිම වැනි කටයුතු මේ සදහා සිදු කිරීමට අපේක්ෂිතයි. මීට අමතරව ශ්‍රී ලංකාවට ආවේණික සුවිශේෂි ඉසව් ඇතුළත් ක්‍රියාකාරකම් සංවිධානය කිරීම ද මේ යටතේ සිදු කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

  • ටෙලිකොම් මෑන්පවර් රැකියා තොග ගානට යලිත් – ටෙලිකොම් සභාපති එලවන්න ලක්ෂ්මන් ඩීල් එකක..!

    ටෙලිකොම් මෑන්පවර් රැකියා තොග ගානට යලිත් – ටෙලිකොම් සභාපති එලවන්න ලක්ෂ්මන් ඩීල් එකක..!

    ටෙලිකොම් මෑන්පවර් සේවක ගැටලුව වසර 10ක් තිස්සේ උඩු දුවන්නකි. පසුගිය වකවානුව තුල පැමිණි සියළුම රජයන් පැමිණියේ යෙගටලිකොම් මෑන්පවර් සේවකයාට මෙම ගැටළුවට ස්ථීර පිළිතුරු දෙන බව පවසමිණි. නමුත් එයට පිලියමක් වශයෙන් පසුගිය රජය සේවකයන් සුලු පිරිසක් ටෙලිකොම් මවු සමාගමතුලට අන්තර්ග්‍රහණය කලද එම සේවකයන්ට තම පවුල රැ ගැනීමටවත් නොහැකි වැටුපකටය.

    පසුව එම සේවකයන් නැවතත් අරගල කරන්නට විය. තත්වය එසේ තබියදී පසුගිය නොවැම්බරයේ නව ජනාධිපතිවරයාගේ ආගමනයත් සමග ටෙලිකොම් වෙත පැමිණි නව සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය මත හියුමන් කැපිටල් සොලුයුෂන් නමින් පවතාවාගෙන යනු ලබන ටෙලිකොම් මෑන්පවර් ආයතනය වසා දමා එම සියලු සේවකයන් සාධාරණ වැටුපකට ටෙලිකොම් වෙත අන්තර්ග්‍රහනය කරණ ලෙසත් ඒ සදහා සුදුසු යෝනාවක් තමන් වෙත ලබා දෙන ලෙස හියුමන් කැපිටල් ආයතනයේ ප්‍රධාන විධායක නිලදාරී රොෂාන් කළුආරච්චි මහතාට නියෝග කර ඇත. ඒ නමින් පමණක් වෙනස් වූ ටෙලිකොම් ආයතනයට අනුබද්ධිත මෙම ආයතනයේ සියලු වැටප් ගෙවීම් ඇතුලු සියලුදෑ සිදුකරනු ලබන්නෙ ටෙලිකොම් ආයතනය මගින් බැවින් ආයතන දෙක්ක පවත්වාගෙන යාමෙන් මුදල් නාස්තියක් වන බව සභාපතිවරයාට අනාවරණය වීමෙනි.

    පසුව මෑන්පවර් සේවකයන්ගේ සේවාකාලය සහ අධ්‍යාපන සුදුසුකම් මත සුදුසු තනතුරුවලට අනුයුක්ත කිරීමේ යෝජනාවක් මේවන විට සභාපතිවරයාට ලබාදී ඇත.

    නමුත් තත්වය එසේ තිබියදී තමන්ට මෑන්පවර් ආයතන නිධානයක් ලෙස දකින ටෙලිකොම් මෑන්පවර් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරි රොෂාන් කළුආරච්චි සහ මානවසම්පත් ප්‍රධානී ලෙස කටයුතු කරනු ලබන දිවාන් රැවන්පුර මහතා තොරුතුර සහ සන්නිවේදන හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා මහතා සමග මේ පිලිබදව සාකච්ඡාවක් පවත්වා ඇතිබව වාර්තාවේ. එහිදි ඔවුන් පවසා ඇත්තේ ” ටෙලිකොම් මෑන්පවර් ආයතන වසා නොදමන ලෙසත් තමන්ට මෑන්පවර් රැකියා 400ක් ලබාදන්නම් සභාපති වරයා මාරුකරල දෙන්න” යනුවෙනි.

    මේ පිලිබදව ටෙලිකොම් සභාපත්වරයාගේ කන වැටී ඇති බවද වාර්තාවේ.

    ජනාධිපතිවරයා දූෂිතයන්ගේ ක්‍රියාකාරකම් අවහිර කරමින් රට ගොඩ නැගීමට ගන්නා උත්සාහය මෙවන් ඩීල් ඇමතිවරුන්ගේ ක්‍රියාකරකම් හමුවේ බොදවුන සිහිනයක් වේදෝ යැයි ජනතාව ප්‍රශ්න කරයි.

  • පිරිමින්ටත් ‘පියයුරු පිළිකා’ හැදෙන බව ඔබ දන්නවාද ?

    පිරිමින්ටත් ‘පියයුරු පිළිකා’ හැදෙන බව ඔබ දන්නවාද ?

    කාන්තාවන් මෙන්ම පුරුෂයන් ද පියයුරු පිළිකාවලට ගොදුරු විය හැකි නමුත් ශ්‍රී ලංකාවේ බහුතරයක් පුරුෂයින් ඒ සම්බන්ධයෙන් දැනුවත් නොමැති බව පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා පවසයි. ඔහු ඒ බව කියා සිටියේ වසරකට බ්‍රිතාන්‍යයේ පුරුෂයන් සිය ගණනක් පියයුරු පිළිකාවලට ගොදුරුවන බවට පළ වූ සමීක්ෂණ වාර්තාව පිළිබද අදහස් දක්වමිනි.

    පියයුරු පිළිකාවක් වැළඳුණු පුරුෂයකුගේ රෝග ලක්ෂණ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා විස්තර කළේය.

    රෝග ලක්ෂණ

    • තන පුඩුව වටා තුවාලයක් හට ගැනීම
    • තන පුඩුව වටා සමේ වර්ණය වෙනස් වීම
    • තන පුඩුව කැසීම
    • කිහිලි ප්‍රදේශයේ කුද්දැටි හට ගැනීම
    පුරුෂ පියයුරු

    පියයුරු පිළිකාවලට ගොදුරුවන කාන්තාවන් හාරදහසත් පන්දහසත් අතර සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවෙන් වාර්ෂිකව වාර්තාවන බව කී විශේෂඥ වෛද්‍යවරයා පුරුෂයන් පනස් දෙනෙකු පමණ වාර්ෂිකව පියයුරු පිළිකාවලට ගොදුරුවන බව පෙන්වා දෙයි. පියයුරු පිළිකාවලට ගොදුරුවන පුරුෂයන් ඇතැම් විට මිය යන බවත් ඔහු පැවසීය.

    “ඒකට හේතුව තමයි පුරුෂයන්ට පියයුරු නැති නිසා ඉතා ඉක්මනින් පෙනහළු, පපු බිත්තිය දෙසට පිළිකාව විහිදෙන්න පුළුවන්”පුරුෂයන්ට පියයුරු පිළිකා ඇතිවීමට හේතු කීපයක් බලපෑ හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුණි.

    පිළිකාවට හේතු විය හැකි කරුණු

    • අධික තරබාරු භාවය
    • සාමාන්‍ය පිරිමියෙකුට වඩා පියයුරු ප්‍රමාණයෙන් විශාල වීම
    A man pictured after breast cancer surgery

    “කාන්තාවකගේ වගේ පියයුරු ලොකු වූ තරුණයින් ඉන්නවා. එවැනි පුද්ගලයන්ගේ ශරීරයේ ඇති හෝමෝන ප්‍රමාණය පිළිබඳ පරික්ෂා කර කිසියම් ප්‍රතිකාරයක් කළ යුතුයි.”පුරුෂයන්ගේ පියයුරු විශාල වීමට හේතු කීපයක් බලපෑ හැකි බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.

    පුරුෂයින්ගේ පියයුරු විශාල වන්නේ ඇයි?

    • ඊස්ට්‍රජන් හෝමෝන වැඩිවීම
    • ජානමය හේතු
    • අක්මාව ආශ්‍රිත රෝග (සිරෝසිස්)
    • අධික රුධිර පීඩනය සඳහා ලබා දෙන ඖෂධ
    • ඇතැම් නිදි පෙති වර්ග

    “පුරුෂයකුගේ පියයුරු පුරුෂයකුගේ තිබිය යුතු ප්‍රමාණයට වඩා විශාල නම් පොඩ්ඩක් ඒ පිළිබඳ සොයා බැලිය යුතුයි.”

    පුරුෂ පියයුරු පිළිකා ශ්‍රී ලංකාවේ බහුලව දැකිය නොහැකි නිසා මිනිස්සු ඒ පිළිබඳ දන්නා ප්‍රමාණයත් අඩුයි” පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා වැඩිදුරටත් කියා සිටියේය.

  • Covid 19 ගෝලීය අලුත්ම තොරතුරු මෙන්න…

    Covid 19 ගෝලීය අලුත්ම තොරතුරු මෙන්න…

    කොරෝනාවෛරසයේ බලපෑම හේතුවෙන් ගෝලීය ආර්ථිකය පසුබෑමකට ලක් වේ යැයි බිය පළ වීමත් සමග ආසියානු කොටස් වෙළෙඳපොළ නැවතත් පහත වැටී තිබේ.

    සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයක් සහිත ආසියානු රටවලට කොරෝනාවෛරසය හේතුවෙන් ඇති වී තිබෙන තත්ත්වය දැඩි ලෙස බලපානු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව පවසයි. සංචාරක කර්මාන්තය, ව්‍යාපාරික ගමන් මෙන්ම භාණ්ඩ හා සේවා සැපයුම් වැනි ක්ෂේත්‍රවල තියුණු පහත වැටීමක් සිදුවනු ඇතැයි එම බැංකුව පවසා තිබේ.

    වෛරසය පැතිර යාම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිත බව හේතුවෙන් ආර්ථික අලාභය කෙතරම් බරපතල විය හැකිද යන්න තවමත් පැහැදිලි නැත.

    විශ්ලේෂණවලින් හෙළි වන කරුණු අනුව ඇමරිකානු ඩොලර් බිලියන 77 සිට ඩොලර් බිලියන 347 දක්වා ගෝලීය දළ දේශීය නිෂ්පාදනයට (දළ දේශීය නිෂ්පාදනයෙන් 0.1% සිට 0.4% දක්වා) බලපෑම් එල්ල විය හැකිය.

    මේ වන විට ලොව පුරා සිටින කොරෝනාවෛරස ආසාදිතයන් සංඛ්‍යාව 100,000 ඉක්මවා තිබේ.

    ශ්‍රී ලංකන් ගුවන් ගමන් අත්හිටුවයි

    Coronavirus

    චීනය හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර ඇතැයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    මාර්තු 10 වෙනි දින සිට අප්‍රේල් 30 දක්වා කාලය තුළ එසේ ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

    එම කාලය ඇතුළත සෞදි අරාබියේ ජෙඩා නුවර දක්වා වූ ශ්‍රී ලංකන් ගුවන් ගමන් ද තාවකාලිකව අත්හිටුවීමට එම සමාගම තීරණය කර තිබේ.

    කොරෝනාවෛරසය හේතුවෙන් ඇතිවී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බව වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් විණි.

    බෙත්ලෙහෙම නිරෝධායනයට

    පුද්ගලයින් 7 දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග ඊශ්‍රායල සහ පලස්තීන බලධාරීන් බෙත්ලෙහෙම් නගරය නිරෝධායනය කිරීමට පියවර ගෙන තිබේ.

    පවතින තත්ත්වය සම්බන්ධයෙන් හදිසි පියවර අනුගමනය කිරීමත් සමග, කිසිදු පුද්ගලකුට එම නගරයට “ඇතුළුවීම හෝ පිටවීම තහනම්” බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යංශය කියා සිටී.

    වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා “පලස්තීන අධිකාරිය සමඟ සමීපව කටයුතු කරන” බව ඊශ්‍රායල රජයේ ක්‍රියාකාරකම් පිළිබඳ හමුදා සම්බන්ධීකාරක පැවසීය.

    ඉන්දියානු පාරිභෝගිකයින් චීන භාණ්ඩ මඟ හරී

    හෝලි උත්සවයට පෙර චීනයෙන් ආනයනික වර්ණ සහ සෙල්ලම් භාණ්ඩ මිලදී ගැනීමට ඉන්දියානු පාරිභෝගිකයින් මැලිකමක් දක්වන බව ‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ පුවත්පත වාර්තා කර තිබිණි.

    කොරෝනාවෛරස ආසාදිතයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන නමුත්, මාර්තු 10 වෙනි දින හෝලි උත්සවය සඳහා ඉන්දියාව සූදානම් වෙමින් සිටී. මේ වන විට ඉන්දියාවේ රෝගීන් 31ක් පමණ වාර්තා වී තිබේ.

    හෝලි උත්සවය සඳහා ඉන්දියානු රුපියල් බිලියන 5ක් පමණ වටිනා චීන භාණ්ඩ තොග ආනයනකරුවන් ගබඩා කර ඇති නමුත්, එම භාණ්ඩ අලෙවි කිරීමට නොහැකි වී ඇතැයි වෙළෙඳ ආයතනවල ඇස්තමේන්තු උපුටා දක්වමින් වාර්තා කර තිබිණි.

    මෙම වසරේ හෝලි උත්සවය සඳහා පැවැත්වෙන විශාල මහජන රැස්වීම්වලට සහභාගී නොවන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දැනටමත් ප්‍රකාශ කර ඇත.

    බොලිවුඩ් ‘ඔස්කාර්’ චිත්‍රපට උළෙල අවලංගු කෙරේ

    Coronavirus
    ‘අයිෆා’ බොලිවුඩ් සිනමා සම්මාන උළෙල අවලංගු කිරීමට පියවර ගෙන තිබේ

    කොරෝනාවෛරසය පැතිරීම හේතුවෙන් ‘අයිෆා’ බොලිවුඩ් සිනමා සම්මාන උළෙල අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.

    ජාත්‍යන්තර ඉන්දියානු චිත්‍රපට ඇකඩමි සම්මාන උළෙල මාර්තු 27 සිට දින තුනක් පැවැත්වීමට නියමිතව තිබිණි. නමුත් පවතින තත්ත්වයේ “සංවේදීතාව” හේතුවෙන් උත්සවය කල් දැමීමට සංවිධායකයින් තීරණය කර තිබේ.

    එක්සත් රාජධානිය “ප්‍රමාණවත් තරම් ආහාර තිබෙනවා”

    වෛරසය වැළඳී ඇති බවට සැක කර නිවෙස්වලට වී හුදකලා වී සිටින පුද්ගලයන්ට ආහාර ලැබෙන වැඩපිළිවෙළක් ගැන සුපිරි වෙළෙඳසල් සමඟ සාකච්ඡා කරමින් සිටින බව බ්‍රිතාන්‍ය රජය පවසයි.

    ආහාර සැපයුම් නතර නොවන බව සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් බීබීසී සේවයට කියා සිටියේය.

    “අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල සැපයුම් රජයට තිබෙනවා. ආහාර සැපයුම තුළ කිසිම ගැටලුවක් ඇති නොවන බව අපට විශ්වාසයි,” ඔහු පැවසීය.

    නමුත් එක්සත් රාජධානියේ සුපිරි වෙළෙඳසල් සෞඛ්‍ය ලේකම්වරයාගේ ප්‍රකාශය බැහැර කරමින් පවසන්නේ, නිවෙස්වලට ආහාර සැපයීමක් සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කර නොමැති බවය.

    එමෙන්ම, ආහාර සැපයුමට කොරෝනාවෛරසයෙන් බලපෑම් එල්ල වීමක් සිදු නොවන බවට සෞඛ්‍ය ලේකම්වරයා දුන් පොරොන්දුව පිළිබඳ ඔවුහු සැක පළ කරති.

    Coronavirus
    එක්සත් රාජධානියේ හිස් වෙමින් තිබෙන සුපිරි වෙළෙඳසල්

    කොරෝනාවෛරසය: ලොව වටා සිදුවන්නේ කුමක් ද?

    • කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොරෝනාවෛරසය ආසාදනය වීමත් සමග පුද්ගලයන් පනස් දෙනෙකුගෙන් යුත් ඉක්වදෝර නාවික නෞකාවක් නිරෝධායනය කර තිබේ. ඉක්වදෝරයේ මේ වන විට දහතුන්දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
    • එක්සත් රාජධානියේ කොරෝනාවෛරස ආසාදිතයන් සංඛ්‍යාව 163 දක්වා ඉහළ ගොස් ඇත.
    • රෝගයට ගොදුරු වූවන් සඳහා ප්‍රමාණවත් තරම් පරීක්ෂණ කට්ටල නොමැති බව ධවල මන්දිරය අද උදෑසන (මාර්තු 06) පිළිගැනීමත් සමග, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඩොලර් බිලියන 8.3ක හදිසි අරමුදල් සපයන පනතකට අත්සන් තැබීය. එක්සත් ජනපද ප්‍රාන්ත 20ක කොවිඩ් -19 රෝගීන් 200 ට වැඩි පිරිසක් වාර්තා වී තිබේ.
    • ප්‍රංශයේ මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 577 දෙනෙකුට වෛරසය වැළඳී ඇති බව තහවුරු වී ඇත.
    • ඉරානයේ තවත් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති අතර, මුළු මරණ සංඛ්‍යාව 124 දක්වා ඉහළ ගොස් තිබේ. එරට පුද්ගලයන් 4,747 දෙනෙකුට වෛරසය අසාදනය වී ඇත.
    • නෙදර්ලන්තයේ පළමු කොරෝනාවෛරස මරණය වාර්තා වූ අතර, පසුගිය දින දෙක තුළ එරට ආසාදිතයන් සංඛ්‍යාව 82 සිට 128 දක්වා ඉහළ ගොස් තිබේ.
    • ස්පාඤ්ඤයේ පුද්ගලයන් පස් දෙනෙකු මියගිය අතර, පුද්ගලයින් 365 දෙනෙකුට ආසාදනය වී ඇත.
    • ස්විට්සර්ලන්තයේ මේ වන විට පුද්ගලයින් 210 දෙනෙකුට ආසාදනය වී ඇති අතර එක් මරණයක් වාර්තා විය.
    • රුසියාව තුළ තවත් රෝගීන් හයක් තහවුරු වීමත් සමග, මුළු ගණන 12 දක්වා වැඩි වී තිබේ.

    Text by BBC

  • රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය මාර්තු 11 රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට

    රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය මාර්තු 11 රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට

    රැකියා විරහිත උපාධිධාරීන් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ සියලුදෙනාට පත්වීම් ලිපි මේ වන විට තැපැල් මගින් යොමුකර තිබේ.

    සුදුසුකම් ලැබූ සියලුදෙනාගේ නාම ලේඛනය මාර්තු 11 වැනි දින රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට ඇතුළත් කෙරේ.

    ලිපි ලැබීමේ  ප්‍රමාදයක් ඇත්නම්  අනියත බියක් ඇති කර නොගන්නැයි රජය ඉල්ලා සිටී.

    පත්වීම ලැබී දින 03ක් ඇතුළත තමන් අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතුයැයි පත්වීම් ලිපියේ සඳහන් වුවද දැනට පත්වීම් ලිපි නොලැබූ පිරිස් ඒ ගැන සැකයක් ඇතිකරග යුතු නැත. දැනට පත්වීම් ලිපි ලැබූ පිරිස ප්‍රාදේශීය ලේකම්වරයා වෙත වාර්තා කළ යුතුය. ඔවුන්ගේ පැමිණීම ප්‍රාදේශීය ලේකම්වරයා සටහන් කරගනු ඇත.

    “ලිපිය ලැබී දින 07ක් ඇතුළත පුහුණුවට වාර්තා නොකළොත් පත්වීම ප්‍රතික්ෂේප කළා සේ සලකනු ලැබේ” යනුවෙන් සඳහන් වුවද එය ද බලාත්මක නොවන බව  රජය දැනුම් දෙයි.

    මැතිවරණ කොමිසමේ උපදෙස් අනුව  මහ මැතිවරණය නිමා වී දින 05 කට පසු එළැඹෙන දිනකදී උපාධිධාරීන් සදහා පුහුණු වැඩසටහන ආරම්භ කෙරේ. ඒ පිළිබඳව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිවේදනය කරනු ඇත.

    අයැදුම්පත් සමග එවා තිබු තහවුරු කර ගැනීමට අවශ්‍ය, උපාධි සහ ඩිප්ලෝමා සහතික විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවට යොමු කෙරිණ. ඊට විශාල කාලයක් ගත විය. ඉතා විනිවිදභාවයෙන් සහ සාධාරණ ක්‍රමවේදයකට උපාධිධාරීන් තෝරාගන්නා ලදී. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පිළිගන්නා දෙස්, විදෙස් විශ්ව විද්‍යාලවල උපාධිධාරීන් මේ සඳහා අයැදුම්කර තිබිණි.  දැනුම් දුන් මූලික නිර්නායක සපුරා නොතිබූ ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප වීමෙන් පසු පත්වීම් සදහා සුදුසුකම් ලැබූ පිරිස 45,585කි.

  • රජයේ වියදම් සඳහා ජනපති අවසරය ලැබේ

    රජයේ වියදම් සඳහා ජනපති අවසරය ලැබේ

    අද (06)  සිට ඉදිරි මාස 03 සඳහා මැතිවරණ වියදම් ඇතුළුව රජයේ වියදම් පියවා ගැනීමට භාණ්ඩාගාර ලේකම්වරයාට බලය පවරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද   අධිකාරි බලපත්‍රය නිකුත් කළේය.

    ඒ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරවය.

    රජය විසින් ගෙවීමට ඇති හිඟ බිල්පත් හා අනිකුත් ප්‍රමුඛතාවන්ට වියදම් කිරීමට ඒ අනුව අමාත්‍යාංශවලට හැකියාව ලැබේ.

  • කොරෝනා තර්ජනයට මුහුණදීමට පුළුල් වැඩපිළිවෙළක් සැකසේ

    කොරෝනා තර්ජනයට මුහුණදීමට පුළුල් වැඩපිළිවෙළක් සැකසේ

    කොරෝනා හෙවත් කොවිඩ් -19 වෛරසය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවීමේ අවධානමක් ඇති වුවහොත් ඊට සාර්ථකව මුහුණදීම සඳහා රජය විධිවිධාන සකසමින් සිටී.

    ඉහළ අවදානමක් සහිත රටවලින් දිවයිනට එන මගීන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් පරීක්ෂා කිරීම සහ රටේ විවිධ ප්‍රදේශවල නිරෝධායන ස්ථාන පිහිටුවා පවත්වාගෙන යාම ඊට අයත්ය.

    ශ්‍රී ලංකාව තුළ වෛරසය ව්‍යාප්තවීම නතර කිරීමට සියලු නිවාරණ ක්‍රියාමාර්ග ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාට උපදෙස් දී තිබේ.

    අද (06) සියලු දිසා ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු වෙත ලිපියක් යොමු කළ ලේකම්වරයා ශ්‍රී ලංකාව කොරෝනා තර්ජනයෙන් නිදහස් රටක් බවට පත් කර ගැනීම සහ සාමාන්‍ය තත්ත්වය පවත්වා ගැනීම සඳහා හැකි සියලු පියවර ගැනීම රජයේ අභිලාෂය බව සඳහන් කරයි.

    සෞඛ්‍ය අමාත්‍යංශය අනෙකුත් පාර්ශ්වකරුවන් සමග එක්ව වෛරසය මෙරටට පැමිණීම වලක්වා ගැනීමට අවශ්‍ය සියලු පියවර අනුගමනය කරමින් සිටියි.

    මෙය සාධනීය ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා රජයේ ආයතන සහ මහජනතාව එක්ව ක්‍රියා කල යුතු ජාතික වශයෙන් වැදගත් තත්වයක් බව පෙන්වා දෙන ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පාලන ක්‍රමවේදයන්ගේ උපරිම සුමට ක්‍රියාකාරීත්වය සඳහා මහජන සහයෝගය ලබාගත හැකිවන පරිදි ජන විඥානය වෙනස් කළ යුතු බව ද සියලු දිස්ත්‍රික් සහ පළාත් ලේකම්වරුන්ට දන්වා සිටී.

    බොහෝ රටවල තත්වය පාලනයෙන් ඔබ්බට ගමන් කර ඇති බැවින් ශ්‍රී ලංකාව ද මේ සඳහා සුදානම් විය යුතු බව ජනාධිපති ලේකම්වරයා සදහන් කරයි. මෙවැනි අවස්ථාවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නිරෝධායන හා රෝග වැලැක්වීමේ ආඥා පනතෙහි විධිවිධාන යටතේ ක්‍රියාකිරීමට බලය හිමි වේ.

  • රජයේ රැකියා ලක්ෂය ගැන මැකොට කරුණු පැහැදිලි කිරීමක්

    රජයේ රැකියා ලක්ෂය ගැන මැකොට කරුණු පැහැදිලි කිරීමක්

    අප රටේ දිළිඳුතම පවුල් ලක්ෂයක් දිළිඳු බවින් මුදා ගැනීම අරමුණු කරගත් වැඩසටහන මාස 03කට පමණ පෙර  ආරම්භ වූවක් බැවින් එය අඛණ්ඩව කරගෙන යාමට අනුමැතිය දෙන්නැයි ව්‍යාපෘතිය භාර බහුකාර්ය සංවර්ධන බලකාය මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලා සිටී.

    ව්‍යාපෘතියේ ආරම්භය අරමුණු සහ ක්‍රියාකාරිත්වය පැහැදිළි කරමින් මැතිවරණ කොමිසම වෙත අද (06) ලිපියක් යැවූ බහුකාර්ය සංවර්ධන කාර්යය සාධක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් නන්ද මල්වාරච්චි මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබුණ ද නාම යෝජනා කැඳවා නැති බැවින් උක්ත කාර්යයට අවසර දෙන ලෙස දැනුම් දුන්නේය.

    ලිපියේ සඳහන් පරිදි බහුවිධ සේවා සැපයුම්කරුවන්ගෙන් සැදුම්ලත් සංචිතයක් ස්ථාපනය කිරීමට 2019 දෙසැම්බර් 10 වැනිදා අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කෙරිණ. සංචිතයට පිරිස බඳවා ගැනීමේ පුවත්පත් දැන්වීම මේ වසරේ ජනවාරි 20 වැනිදා පළ කරන ලදි. අනතුරුව පෙබරවාරි මස අවසන් සතියේ දී ආරම්භ වූ සම්මුඛ පරීක්ෂණ දැන් අවසන් කර තිබේ.

     සංචිතය කළමනාකරණය සඳහා බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය නමින් නව දෙපාර්තමේන්තුවක් ස්ථාපනය කිරීමට ජනවාරි 03 වැනිදා අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය. ඊට අවශ්‍ය කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට පෙබරවාරි 18 වැනිදා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබිණ. ජනාධිපති කාර්යාලය රුපියල් කෝටි 115 ක ප්‍රතිපාදන වෙන් කළේය.

    නව දෙපාර්තමේන්තුවට රජයේ නිලධාරීන් අනුයුක්ත කර ගැනීම දැන් කළයුතුව ඇතැයි කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. එසේම සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණි අය අතරින් සුදුසුකම් ඇති ලක්ෂයක් බඳවා ගැනීම ද කළයුතුව තිබේ. එසේ බඳවා ගනුයේ අඩු අධ්‍යාපන සුදුසුකම් සහ නිපුණතා රහිත දුප්පත්ම පවුල් අතරිනි.

    මේ කාර්යය මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර සිට සිදු වෙමින් පවතින්නක් බැවින් එය ඉදිරියට ගෙන යාමට අනුමැතිය දෙන ලෙස අධ්‍යක්ෂ ජනරාල් නන්ද මල්ලවාරච්චි මහතා මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටී.

  • තාත්තා වගේම පුතත් තරුණ ජීවිත එක්ක සෙල්ලම් කරන්න හදනවා – ඉන්දික අනුරුද්ධ

    තාත්තා වගේම පුතත් තරුණ ජීවිත එක්ක සෙල්ලම් කරන්න හදනවා – ඉන්දික අනුරුද්ධ

    රජය තරුණ තරුණියන් රවටන වැඩපිළිවෙලක නියැලෙන බව විපක්ෂ නායක ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතා ඊයේ ප්‍රකාශ කර තිබෙන බවත්, බලයේ සිටියදී උස නම් සිකියුරිටි මිටිනම් කම්කර ලෙස උපාධිධාරි තරුණ තරුණයින් පොලිම් ගස්සවමින් තරුණ ජිවිත පාරට ඇද දැමීමට කටයුතු කළ මෙවැනි නායකයින් රටේ සිටීම ගැන කණගාටු වන බවත්, තරුණ ජීවිත තව තවත් අදුරු කරන්නට කටයුතු නොකරන ලෙස තමන් එතුමාගෙන් ඉල්ලා සිටින බවත්, හිටපු නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

    රජය තරුණයින්ගේ රැකියා ගැටළු විසදීමේ වැඩපිළිවෙල ආරම්භ කරනු ලැබුවේ මැතිවරණය ඉලක්ක කරගෙන නොවන බව පෙන්වා දුන් ඉන්දික අනුරුද්ධ මහතා, මාධ්‍ය ඉදිරියේ අසත්‍ය ප්‍රකාශ නොකර හැකිනම් ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස තමන් සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන බවද එතුමා පැවසීය.  

    ඉන්දික අනුරුද්ධ මහතා මෙම අදහස් පළකලේ දිවුලපිටිය, මරදගහමුල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවට අද (06) දින සහභාගී වෙමිණි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා “ රජය තරුණයින් රවටන වැඩ පිළිවෙලක නියැලෙන බවත්, පෙබරවාරි මාසය වන තුරු රජය තරුණ ගැටලු වලට විසදුම් ලබා දීමට සමත් වි නැති බවත් සජිත් ප්‍රේමදාස මහතා ඊයේ ප්‍රකාශ කරලා තියෙනවා. ජනතාවත්, තරුණ පරපුරත් රවටමින් මෙවැනි ප්‍රකාශ නිතුත් කරන නායකයින් රටේ සිටීම ගැන මා කණගාටු වෙනවා.

    තරුණයින් බලාපොරොත්තු වූවාට වඩා ඉක්මනින් තරුණ තරුණයින්ට රැකියා ලබා දීමේ වැඩපිළිවෙලක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ආරම්භ කළා. දේශපාලන භේදයකින් තොරව උගත්කමට, හැකියාවට අනුව සුදුස්සාට සුදුසු තැන ලබා දෙන වැඩ පිළිවලක් ආරම්භ කළා. උපාධිධාරින්ගේ පත්වීම් ලිපි තැපැල් මගින් නිවසට ලබා දීමට කටයුතු කළා. දැන් පත්විම් ලබා දී අවසන්. එම වැඩපිළිවෙල කඩා කප්පල් කිරීමේ අරමුණින් එතුමා මැතිවරණ කොමසාරිස්ට, මාධ්‍යයට හා ජනතාවට පිණිවිඩයක් දෙනවා මැතිවරණය ඉලක්ක කරගෙන රැකියා ලබා දෙනවා කියා. ආණ්ඩුව බලයට ආ දින සිට ක්‍රමානුකූලව රැකියා ලබා දිමේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කළා. මෙය මැතිවරණය ඉලක්ක කරගෙන ආරම්භ කළ එකක් නොවෙයි.

    සජිත් සියඹලා ගස් යට සිටි උපාධිධාරින්ව හෑල්ලුවට ලක් කළා. දේශපාලන සම්බන්ධකම් මත උපාධිධාරීන්ව පොලිම් ගැස්සුවා. උස නම් සිකියුරිටි, මිටිනම් කම්කරු ලෙස තරුණයින්ව අපහාසයට ලක් කලා. එහෙම කරපු තැනැත්තා අද කියනවා තමන් අගමැති වී සතියෙන් රැකියා ලබා දෙනවා කියා. පසුගිය කාලයේ එතුමා අමාත්‍යවරයෙක් ලෙස සිටියදී දී දින 180 ක් යන්නට මත්තෙන් පත්වීම් අහෝසිවෙන ලෙස තරුණයින්ට පත්වීම් ලබා දී තරුණ පරපුර රවටා විශාල පිරිසක් පාරට ඇද දමා ඔවුන්ව අසරණ කළා. රටේ තරුණ තරුණියන් සාප කරන නායකයෙක් බවට එතුමා අද පත්වී සිටිනවා. එතුමාගෙන් රැකියා ලබා ගත් තරුණයින්, එතුමාට ගමට එන්න එපා කියා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තියෙනවා. 23% අඩු ඡන්ද ලබා ගත් සජිත්ට තම දිස්ත්‍රික්කය පවා වෙනස් කිරීමට සිදුවිම නිසා දැන් මානසික ආතතියෙන් මෙන් කටයුතු කරනවා.

    එතුමාගේ පියාණන් වන රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා 88 – 89 කාලයේදී තරුණ කැරළි දරුණු ලෙස මැඩ පවත්වා ඔහුගේ බලය තහවුරු කර ගැනීම සදහා තරුණ ජිවිත දහස් ගණනක් විනාශ කලා. එදා පියා සිදු කළ එම වැඩපිළිවෙල අනුගමනය කරමින්  අද සජිත් ප්‍රේමදාස මහතා තරුණ ජිවිත සමග සෙල්ලම් කරනවා. පසුගිය කාලයේ සිටි අසාර්ථකම අමාත්‍යවරයා ලෙස තරුණ තරුණියන් අසරණ කළේ සජිත් ප්‍රේමදාස මහතා. රාජ්‍ය ආයතන වල සම්පත් විනාශ කළා. තම ප්‍රතිරූපය ඉහළ දමා ගැනීම සදහා රුපියල් බිලියන ගණන් මුදල් වියදම් කර රට පුරා පෝස්ටර් ගසා තිබෙනවා. රූපවාහිනී මාධ්‍ය ආයතන වලට රුපියල් කෝටි ගණන් ණය වී තිබෙනවා. රාජ්‍ය ආයතන විනාශ කිරීමට එතුමා කටයුතු කරලා. එහෙම කරපු එතුමා අද රජයට බොරු චෝදනා කරනවා.

    2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත්විමත් සමග රටේ තරුණ තරුණියන් පිබිදුනා. තරුණයින්ගේ ශක්තිය එතුමාට ලැබුණා. තරුණයින් පාරට බැහැල චිත්‍ර අදින්න, පරිසරය පිරිසිදුව තබා ගන්න, පුරන් කුඹුරු අස්වද්දන්න වැනි යහපත් වැඩසටහන් ආරම්භ කළා. එතුමාගේ දැක්ම ප්‍රතිපත්තිය තරුණයින් හදුනා ගත්තා. ඒ නිසා තමයි කිසිදු දේශපාලනඥයෙක් ලග පෝලිම් ගසන්නේ නැති රැකියා සංකල්පය තරුණ පරපුර වෙනුවෙන් එතුමා ආරම්භ කළේ. සුදුස්සාට සුදුසු තැන ලබා දෙමින් රැකියා ලබා දී තිබෙනවා. උපාධිධාරීන්ට පත්විම් ලබා දී අවසන්. දැන් තිබෙන්නේ ඔවුන්ගේ රැකියා පුහුණුව ලබා දීම පමණයි.

    යූ.එන්.පී ය තරුණ ජීවිත පෝලිම් ගැස්සුවා. තරුණයින් දේශපාලනඥයින්ට කඩේ යන සංස්කෘතිය වෙනස් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා.  සුදුස්සාට සුදුසු තැන ලබා දුන්නේ එතුමා. එම වැඩ පිළිවෙලට බාධා කර තරුණ ජිවිත තව තවත් අදුරට ඇද දමන්න එපා කියා සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටිනවා. එතුමාට ගැටළුවක් තියෙනවා නම් ඕනෑම මාධ්‍යයක මුහුණට මුහුණ වාද විවාද කරන්නට මා සූදානම්. මම එතුමාට අභියෝග කරනවා තමන් සමග ප්‍රසිද්ධ විවාදයට පැමිණෙන්න කියා. එතුමා පසුගිය කාලයේ කරපු දේවල් රටට හෙළි කරන්න අපි සූදානම්. දේශපාලන වශයෙන් අසරණ වී සිටන එතුමාගෙන් ඉල්ලා සිටින්නේ විදුරු ගෙවල් වල සිට ගල් ගසන්න එපා කියා. තම ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීම සදහා අසාර්ථක ලෙස අමාත්‍යාංශය මෙහයවීම නිසා රටට යහපතක් සිදුවූයේ නැහැ. එහෙම කෙනෙකුට පක්ෂ නායකත්වය දෙන්නේ කෙසේද ?

    හිතක් පපුවක් ඇති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් අද ජනතාව පෙළ ගැසී සිටිනවා. එතුමාගේ වැඩපිළිවෙලට අභියෝගයක් වෙන්න සජිත්ට හැකියාවක් නැහැ. අප දිගින් දිගටම එතුමා සිදු කළ නීති විරෝධී ක්‍රියා රටට හෙළි කරනවා. තව තවත් සමාජයේ දෝශ දර්ශනයට, උපහාසයට ලක් වෙන්න එපා කියා මම එතුමාගෙන් ඉල්ලා සිටිනවා. මම පාර්ලිමේන්තුවේදී එතුමාට විවාදයට පැමිණෙන ලෙස අභියෝග කළා. එදා එතුමා පැනලා ගියා. මම නැවත එතුමාට අභියෝග කරනවා තමන් සමග ප්‍රසිද්ධ විවාදයට පැමිණෙන්න කියා.

    එක්සත් ජාතික පක්ෂයේ දැන් තිබෙන අර්බුදය හමුවේ අපේ රජය 2/3 ක බලය ලබා ගැනීම වලක්වන්න බැහැ. සමගි ජනබලවේගයේ  නායකයින්ට අද ගමට යන්න බැහැ. ඉතින් කොහොමද මැතිවරණය මෙහෙයවන්නෙ. යූ.එම්.පී. ය විනාශ කරල, ජනතාවත් විනාශ කරල ඔවුන් මරාගෙන මැරිල අවසන්. නැවත ප්‍රකෘති තත්වයට ගේන්න කිසිම බලවේගයකට හැකි යැයි මා විශ්වාස කරන්නේ නැහැ. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තුවට යා හැකි අතලොස්සක් දෙනා අපි සමග රහසිගතව සාකච්චා කරමින් සිටින්නේ 2/3 ක බලයෙන් රජය පිහිටුවන්නට දායක වෙන්න. ඔවුන්ගේ සහයෝගය ලබා දෙන්නෙ සූදානමින් සිටිනවා”  යනුවෙන්ද වැඩිදුරටත් පැවසීය.