Category: සුපිරි News

  • වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කරන්න 75% ක සහන පොලියක් මත කෝටියක ණයක්

    වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කරන්න 75% ක සහන පොලියක් මත කෝටියක ණයක්

    වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කරන්නන්ට රාජ්‍ය හා පෞද්ගලික බැංකු වලින් සහන පොලි පදනම යටතේ රුපියල් කෝටියක ණය මුදලක් ලබාදීමට මුදල් අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

    අයෝජනයක් ලෙස වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කර ඒවා මුදල් අය කිරීමේ පදනම මත ක්‍රියාත්මක කරගෙන යාමට අපේක්ෂා කරන්නන්ට එම ණය ඉල්ලුම් කළ හැකි බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඒ අනුව සියයට 75ක සහන පොලියක් මත රජයේ හා පෞද්ගලික අංශයේ බැංකු මගින් එම ණය නිකුත් කරන බවද මුදල් අමාත්‍යාංශය පවසයි.

    මෙරට ජනගහණයෙන් වැඩිහිටි ජනගහණය ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින අතර 2050 වන විට මුළු ජනගහණයෙන් සියයට 28ක් වැඩිහිටි ජනගහණයක් අපේක්ෂා කරන බවද මුදල් අමාත්‍යාංශය කියයි.

  • ගොඩක් අය කරන්න හැදුවට කරගන්න බැරිවුන කෘතීම වැසි වලින් ජල විදුලිය නිපදවීමේ අභියෝගය රවී ජයග්‍රහනය කරයි…

    ගොඩක් අය කරන්න හැදුවට කරගන්න බැරිවුන කෘතීම වැසි වලින් ජල විදුලිය නිපදවීමේ අභියෝගය රවී ජයග්‍රහනය කරයි…

    කෘතීම වැසි මඟින් ජල විදුලිය නිලදවීම ගැන මීට ඉහත නියඟ කාලයන් වලදී කතාබහට ලක්වූවත් ඒ ඒ කාලවල විදුලිබල ඇමතිව සිටි කිසිම අමාත්‍යවරයෙකුට එම අදහස සාක්ෂාත් කරගැනීමට නොහැකි විය.එසේ තිබියදී නියඟයක් ඇතිවීමට පෙර ඒයට සූදානම් වීමක් වශයෙන් දුරදිග බලා වැඩ කරන අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පලමු වරට මෙරට තුල කෘතිම වැසි ඇතිකිරීම සදහා ගිවිසුම් අත්සන් කිරීමක් ඊයේ දිනයේ සිදු විය.

    විදුලිබල, බලශක්ති අමාත්‍යංශය හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව අතර මෙම ගිවිසුම අත්සන් තැබූ අතර මෙහි ප‍්‍රතිඵල පෙබරවාරි මස අග භාගයේදී දක්නට හැකි වනු ඇති බව ඇමති රවි කරුණානායක මහතා සදහන් කලේය.

    නියග පවතින කාලයේදී ජලවිදුලි බලාගාර ප‍්‍රදේශවලට කෘතිම වර්ෂා ඇති කර ජල විදුලිය විපදවීමට මෙයින් හැකියාව ලැබෙන බව ගුවන් හමුදාපතිවරයා එහිදී පැවසූ අතර රවී කරුණානායක මහතාගේ දුරදක්නා නුවන ඇගයීමටද අමතක කලේ නැත.

  • ශ්‍රී පාද වන්දනාවේ එන ජනතාවට නල්ලතණ්නිය පොදු රථ ගාලේ ජල සැපයුම විසන්ධි කරලා

    ශ්‍රී පාද වන්දනාවේ එන ජනතාවට නල්ලතණ්නිය පොදු රථ ගාලේ ජල සැපයුම විසන්ධි කරලා


    නල්ලතණ්නියේ පොදු රථ ගාලේ ජල සැපයුම විසන්ධි කර ඇත. මේ නිසා ශ‍්‍රී පාද වන්දනාවේ පැමිණෙන සැදැහැවතුන් දුෂ්කරතාවන්ට මුහුණ දෙන බවයි වාර්තා වේ.

    එළඹෙන සති අන්තයේ දුරුතු පොහොය ද යෙදී ඇති බැවින් ඒ හේතුවෙන් සැදැහැවතුන් වැඩි පිරිසක් එම සති අන්තයේ දී ශ‍්‍රීපාද වන්දනාවේ පැමිණෙනු ඇතැයි අපේක්ෂිතයි. ඒ බව සැලකිල්ලට ගනිමින් හෝ විසන්ධි කර ඇති ජල සැපයුම නැවත ලබාදෙනු ඇතැයි බලාපොරෙත්තු වේ. 

    මේ සම්බන්ධයෙන් ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නුවරඑළිය දිස්ත‍්‍රික් ඉංජිනේරු තරිඳු නිරෝෂන්ගෙන් ද විමසීමක් කල අතර ඔහු පැවසුවේ අදාළ ජල සැපයුම සඳහා ගෙවීම් නියමිත පරිදි සිදු කර නොමැති බවයි. ජල සැපයුම විසන්දි කර ඇත්තේ ද ඒ අනුව බව ඔහු පැවසන ලදී. 

    මෙම ජල සැපයුම විසන්ධි කෙරුණ ද ශ‍්‍රීපාද වන්දනාවේ පැමිණෙන සැදැහැවතුන්ට දුෂ්කරතාවක් ඇති නොවීම සඳහා එහි ඇති නොමිලේ ජල සැපයුම් සේවා තවදුරටත් පවත්වාගෙන යන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණි. 

    මේ අතර විසන්ධි කර ඇති නල්ලතණ්නිය පොදු රථ ගාලේ ඇති ජල සැපයුම්වල ගෙවීම් නියමිත පරිදි සිදු නොවීම පිළිබඳව ද විමසා බැලීමක් කල විට අනාවරණ වුයේ පරිපාලන ගැටළුවක් නිසා මෙම ගෙවීම් නිසි පරිදි සිදුව නොමැති බවයි. 

    අදහස් දැක්වූ අයෙක් සඳහන් කළේ “කලින් මේක තිබ්බේ අඹගමුව ප්‍රාදේශීය සභාව යටතේ.. එතකොට බිල ගෙවලා තිබ්බේ නෑ.. නමුත් දැන් තියෙන්නේ මස්කෙලිය ප්‍රදේශීය සභාවට..ගියපාර ටෙන්ඩර් සල්ලි ඔක්කොම ගත්තේ අඹගමුව ප්‍රාදේශීය සභාව.” යනුවෙනි.

    නිලධාරීන්ගේ හෝ බලධාරීන්ගේ ක‍්‍රියා නිසා ඇති වන පරිපාලන ගැටළුවලින් මහජනතාව පීඩා විදින්නේ නම් එය අනුමත කළ නොහැකි තත්වයකි. ඒ නිසා ශ‍්‍රීපාද වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ට දුෂ්කරතාවක් ඇති නොවන පරිදි නල්ලතණ්නියේ මෙම ජල ගැටළුව විසදීමට සියලූදෙනා යුහුසුළු විය යුතු වන බව දන්වා සිටිමු.  

  • සේනා මදිවට දැන් ඩිස්කෝ ඇවිල්ලා

    සේනා මදිවට දැන් ඩිස්කෝ ඇවිල්ලා

    හඳුනා නොගත් රෝගයක් යැයි පැවසෙන තත්ත්වයක් හේතුවෙන් කල්පිටියේ ළූණූ ගොවීන් පීඩාවට පත්ව ඇති අයුරු ඉකුත් 12 වැනිදා අද දෙරණ රටට අනාවරණය කළේය.

    එම අනාවරණයෙන් පසු මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ නිළධාරින් කල්පිටිය දළුව ප්‍රදේශයට  පෙරේදා (14) පැමිණ ළූණූ වගාවන් නිරික්ෂණය කළේය.

    එහිදි මාධ්‍ය වෙත අදහස් දැක්වූ මහඉලුප්පල්ලම කෘෂී පර්යේෂණ නිළධාරින් සඳහන් කළේ අදාල පරික්ෂණ සිදු කර අවසන් වන තෙක් ළූණු වලට සිදුවී ඇත්තේ කුමක්දැයි නිශ්චිතව සඳහන් කළ නොහැකි බවයි.

     පසුගිය දෙසැම්බර් මාසයේදී කල්පිටිය ප්‍රෙද්ශයේ ළූණු වගාව ආශ්‍රිතව ඩිස්කෝ නම් දිලීර රෝගය වැළදීම හේතුවෙන් අක්කර 2000 කට වැඩි වගාවක් විනාශයට පත් විය.

    එම විනාශයෙන් පසු කල්පිටිය ගොවීන්ට දැන් මුහුණ දීමට සිදුව ඇත්තේ මේ වනවිටත් හදුනා නොගත් බව කියන රෝගයක් සිය ළූණු වගා බිම් ආක්‍රමණය කිරිමත් සමඟයි.

    ළූණු ගසේ කොළ පිළිස්සී යාම එහි රෝග ලක්ෂනය වන අතර එමගින්  ගසේ වර්ධනය සම්පුර්ණයෙන්ම අඩාල වන බව අද දෙරණ පසුගියදා රටට අනාවරණය කළේය.

    එම අනාවරණයෙන් පසු ළූණූ ගසේ කොළ පිලිස්සී ගිය වගා බිම් නිරික්ෂණය කිරිම සදහා මහඉලුප්පල්ලම කේෂත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන කටයුතු ආයතනයේ නිළධාරින් කල්පිටිය අර්ධද්විපය වෙත ඊයේ පැමිණීයේය.

    එහිදි අදාල භූමිවල පස් සාම්පල හා ජල සාම්පල පරික්ෂණ සඳහා රැගෙන යාමට පියවර ගැනුණු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

  • රටක් ගොඩනැඟීම සඳහා පුද්ගල නිදහස සමඟ පුද්ගලයින්ගේ විනයත් වැදගත් වෙනවා…

    රටක් ගොඩනැඟීම සඳහා පුද්ගල නිදහස සමඟ පුද්ගලයින්ගේ විනයත් වැදගත් වෙනවා…

    රටක් ගොඩනැඟීම සඳහා පුද්ගල නිදහස සමඟ පුද්ගලයින්ගේ විනයද වැදගත් වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ එසේ නොමැතිනම් සමාජය වියවුල් වන බවයි.

    පානදුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පල කරන ලදී.

    ආගම තුළින් රටක් ගොඩනැගෙන අතර, කුමන ආගමකින් වුවද සමාජය නිසි මඟකට යොමු කිරීමට සෑම අවස්ථාවකම උත්සහ කරන බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    බෞද්ධ ධර්මය තුළ අනෙක් සියලු ආගම්වලට නිදහසක් ලබා දෙන බවත්, කිසිදු බාධාවකින් තොරව ආගම් ඇඳහීමේ නිදහස හිමි වෙන බව ද කියා සිටියේය.

    පුද්ගල නිදහස ගැන කථා කරන කාලයක් බවත්, පුද්ගල නිදහස ලැබෙන අතරම පුද්ගල විනය ඉතාමත් වැදගත් වන බවත්, එසේ නොමැති නම් සමාජය වියවුල් තත්ත්වයකට පත් වන බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී වැඩි දුරටත් පැවසීය.

  • මෙවර කැළණි මහ පෙරහැර නෑ…

    මෙවර කැළණි මහ පෙරහැර නෑ…

    නොවැලැක්විය හැකි හේතු හා දුෂ්කරතා කිහිපයක් මත මෙවර ජනවාරි 19 දින පැවැත්වීමට නියමිතව තිබූ කැළණි රජමහා විහාරයේ මහ පෙරහැර නොපැවැත්වෙන බව කැළණි රාජමහා  විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් පැවසීය.

    එසේ වන නමුත් යොදා ගත් පරිදි ජනවාරි 17 දින රාත්‍රී 8.30ට උඩමළුවේ පෙරහැර හා ජනවාරි 18 දින රාත්‍රී 8.30ට දෙවන වීථී පෙරහැර වන දේවදූත පෙරහැර උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන බව ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.

  • ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමට ජනපති ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය

    ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමට ජනපති ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය

    සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උරුමයක් වූ අතිපාරිශුද්ධ ථෙරවාද ත්‍රිපිටකය, ලෝක උරුමයක් බවට පත්කිරීමේ අරමුණින් යුතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.  

    ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය 2019 ජනවාරි මස 05 වන දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික මාතලේ අලූවිහාරයේ දී පැවැත්විණි. ථෙරවාදී ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට ප්‍රකාශයට පත් කළා සේම, එය ලෝක උරුමයක් බවට පත් කිරීමට අවශ්‍ය මැදිහත්වීම ද තමා ඉදිරියේ දී සිදු කරන බවට ජනාධිපතිවරයා එම අවස්ථාවේදී කළ ප්‍රකාශය අනුව ඒ සඳහා වන කැබ්නට් යෝජනාව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරිණි.

    එම යෝජනාවට ඊයේ (14)  දින කැබිනට් අනුමැතිය හිමි වූ අතර ඉදිරියේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතය.

  • ශ‍්‍රී ලංකා තව්හීජ් ජමාත් සංවිධානයයෙන් ‘බුර්කාවට සහ ඉස්ලාමීය බැංකු සංකල්පයට’ විරෝධය

    ශ‍්‍රී ලංකා තව්හීජ් ජමාත් සංවිධානයයෙන් ‘බුර්කාවට සහ ඉස්ලාමීය බැංකු සංකල්පයට’ විරෝධය

    බුර්කාව සහ ඉස්ලාමීය බැංකු සංකල්පය ශ‍්‍රී ලංකාවට කිසිසේත් අවශ්‍ය නොවන බව ශ‍්‍රී ලංකා තව්හීජ් ජමාත් සංවිධානය පවසනවා. එහි සිංහල දේශක තව්සීෆ් අහමඞ් පෙන්වා දෙන්නේ හලාල් සංකල්පයද මේ වනවිට වාණිජමය පරමාර්ථයෙන් ක‍්‍රියාත්මක වන බවයි.

    ඒ බව සඳහන් කෙරුණේ ශ‍්‍රී ලංකා තව්හීජ් ජමාත් සංවිධානයේ සාමාජිකයන් පිරිසක් ඊයේ (13) පස්වරුවේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිති පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් මුණගැසුණු අවස්ථාවේදීයි. නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී මෙම හමුව සිදු විය. 

    මාවනැල්ල ඇතුලූ ප‍්‍රදේශ කිහිපයකදී ඉකුත් දිනවල බුද්ධ ප‍්‍රතිමාවලට ප‍්‍රහාර එල්ලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එම අවස්ථාවේදී ශ‍්‍රී ලංකා තව්හීජ් ජමාත් සංවිධානයේ සිංහල දේශක තව්සීෆ් අහමඞ් ප‍්‍රකාශ කලේ තම සංවිධානය එම ක‍්‍රියාව තරයේ හෙලාදකින බවයි. කිසියම් ආගමික ස්ථානයකට පහර දෙන්නෙකු ඉස්ලාමීය ආගමෙන් නෙරාපා හැරිය යුතු බවයි ඔහු එහිදී අවධාරණය කරන ලදී.

    මෙහිදී අදහස් දැක්වූ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිති පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් ප‍්‍රකාශ කලේ ඒ පිළිබඳ ජනතාව දනුවත් කල යුතු බවයි. ඊට සමස්ත ලංකා ජමයිතුල් උලමා සංවිධානය, ශ‍්‍රී ලංකා තව්හීජ් ජමාත් සංවිධානය සහ සිලෝන් තව්හීජ් ජමාත් සංවිධානය එකම වේදිකාවකට පැමිණිය යුතු අතර ඊට තමන් වහන්සේගේ පූර්ණ සහයද ලබාදෙන බව පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් මෙහිදී අවධාරණය කරන ලදී.

  • සුනඛයින්ගෙන් මිනිසාට බෝවිය හැකි තවත් ලෙඩක් ගැන දැනුවත් කෙරේ – විවිධ ප‍්‍රදේශවල සුනඛයින්ගේ රුධිර සාම්පලද පරීක්ෂා කරයි

    සුනඛයින්ගෙන් මිනිසාට බෝවිය හැකි තවත් ලෙඩක් ගැන දැනුවත් කෙරේ – විවිධ ප‍්‍රදේශවල සුනඛයින්ගේ රුධිර සාම්පලද පරීක්ෂා කරයි


    සුනඛයින්ගෙන් මිනිසාට බෝවිය හැකි ‘‘ටි‍්‍රපනසෝමා’’ රෝගය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය ද සිය අවධානය යොමු කර තිබෙනවා.

    විවිධ ප‍්‍රදේශවල සුනඛයින්ගේ රුධිර සාම්පලද මේ වනවිට පරික්ෂාවට ලක් කෙරෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

    මුලතිව් ප‍්‍රදේශයේ සුනඛයෙකුගේ ඇස්වල රෝගී තත්ත්වයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම රෝගය මිනිසාට ද වැළඳීමේ අවදානමක් පවතින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දන්ගොල්ල පළමු වරට අනාවරණ කළා.

    මෙම රෝගය වැළඳුනු සුනඛයිනගේ රෝග ලක්ෂණ සහ එය මිනිසාට වැළඳීමෙන් පසුව ඇතිවන වෙනස්කම් පිළිබඳවද මෙහිදී විස්තර කෙරුණා. 

    සුනඛයින්ගෙන් බෝවන මෙම රෝගයෙන් මිනිස් ජීවිතවලට තර්ජනයක් නොමැති බවයි සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ. 

  • ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුත්තේ එජාප අපේක්ෂකයෙක් මිස එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයෙක් නොවෙයි

    ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුත්තේ එජාප අපේක්ෂකයෙක් මිස එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයෙක් නොවෙයි

    ඉදිරි මැතිවරණයේදී මුහුණදීම සඳහා එක්සත් ජාතික පෙරමුණ යළිත් ගොඩනැගීමට මූලික ව කටයුතු කළ රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක යන අයට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ විරෝධය එල්ල වීම නිසා එම පෙරමුණේ කටයුතු අඩාල වී ඇති බව වාර්තා වේ.

    එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපෙළ නායකයන්ගේ උවමනාව මත එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ඊට විරෝධය දක්වා ඇත.
    නම හෙළි කිරීම්ට අකමැති වූ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරයෙක් සඳහන් කළේ රාජිත හා චම්පික සූදානම් වන්නේ සිය මන්ත්‍රීවරුන්ගේ කරෙන් ගොස් පක්ෂයේ බලය ඇල්ලීමට බවයි. ‘‘ආයෙ අපි රැවටෙන්නෙ නෑ අලුත් පෙරමුණ කිව්වට මේකට අලුතෙන් කවුරුත් එකතු වෙන පාටක් නෑ. පසුගිය මහ මැතිවරණයේදී හිටි පක්ෂමයි ඉන්නේ. මේ දෙන්න ලෑස්ති වෙන්නේ පක්ෂයේ බලය අල්ලන්න. ඒ නිසා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුත්තේ එජාප අපේක්ෂකයෙක් මිස එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයෙක් නොවෙයි.“ යැයි මන්ත්‍රීවරයා පැවසීය.

    මේ සම්බන්ධයෙන් පසුගිය 8 වැනිදා පාර්ලිමේන්තුවේ පැවති එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීමෙන් පසුව ද පසුපෙළ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් එක්ව සාකච්ඡා කර ඇති බව වාර්තා වේ. 

  • මාධ්‍ය ආයතන වටලා බලපෑම් කරන කණ්ඩායම් සදහා රාජ්‍ය අනුග‍්‍රහය..?

    මාධ්‍ය ආයතන වටලා බලපෑම් කරන කණ්ඩායම් සදහා රාජ්‍ය අනුග‍්‍රහය..?

    පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

    ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාවට තොරතුරු දැන ගැනීමට අයිතියක් ඇත. ජනතාවට තොරතුරු ලබා දීම සිදුකරනු ලබන්නේ ජනමාධ්‍ය මගිනි.එම ආයතනවලට නිදහසේ කටයුතු කිරීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීම රජයේ යුතුකම විය යුතුය

    එහෙත් මෑතක සිට පවතින රජයේ දූෂණ අක්‍රමිකතා පිළිබදව ජනතාවට තොරතුරු ලබා දෙන මාධ්‍ය ආයතන මෙල්ල කිරීමේ උත්සහයක වර්තමාන රජය නිරතවන බව අපට පෙනී යන කාරණයකි. ඒ අනුව පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටත දී රජයේ පාර්ශව විසින් සමහර මාධ්‍ය ආයතන මර්ධන කිරීම සදහා විවිධ   ප්‍රකාශ  නිකුත් කරනු ලබන බව අපහට පෙනීයයි.

    සමහර කණ්ඩායම් විසින් මාධ්‍ය ආයතන ඉදිරිපිට විවිධ විරෝධතාවල නිරත වන බවද අපහට දැක ගැනීමට ලැබුණි.

    සිවිල් සංවිධාන ලෙස හදුන්වා ගත් පිරිසක් මාධ්‍ය ආයතන කිහිපයක් ඉදිරියේ මාධ්‍යට කරන ලද බලපෑම අප සංවිධානය තරයේ හෙළා දකින අතර එම කණ්ඩායම් මෙහෙයවන ලද්දේ කවුරුන් යන්න පිළිබදව විධිමත් පරීක්ෂණයක් කරන ලෙස අප රජයෙන් ඉල්ලා සිටින අතර එසේ කිරීමට රජය අපොහොසත් වන්නේ නම් මෙරට මාධ්‍ය ආයතන මර්ධනය කිරීම සදහා රජය විසින් අනුබල ලබ‌ා දෙන බවට චෝදනා කිරීමට අපහට සිදුවේ.

    රංජිත් විතානගේ
    සභාපති
    පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය 

  • චන්ද්‍රිකාට කෝටි දහස් ගණනක කොන්ත්‍රාත්තුවක්

    චන්ද්‍රිකාට කෝටි දහස් ගණනක කොන්ත්‍රාත්තුවක්

    බෙදුම්වාදී ෆෙඩරල් ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම වැළැක්වීමට නම් ජනාධිපතිවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානයක් කඩිනමින් ගොඩ නැගිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

    ජාතික නිදහස් පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

    මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.

    “දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්ගේ දැන් රැස්වීම්වල කියමින් යනවා, ‘ගෙන එනු ලබන නව ව්‍යවස්ථාවෙන් පළාත් සභාවලට ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩුවක බලයටත් වඩා වැඩි බලයක් ලැබෙනවා.

    පළාත් දෙකක් එම පළාත් දෙකේ ජනතාවගේ කැමැත්තෙන් ඒකාබද්ධ කරන්න පුළුවන්. මධ්‍යම ආණ්ඩුවට පළාත් සභාව කෙරෙහි බලපෑම් කිරීමේ හැකියාව නැති වෙනවා’ කියා.

    මේ කියන්නේ අපි නොවෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රධාන ගැලවුම්කරු එම්. ඒ. සුමන්තිරන්. මේ කතාව අනුව හිතා බලන්න උතුරු – නැඟෙනහිර හමුදා කඳවුරු ඉවත් කරමින් තිබියදී උතුරු – නැඟෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කරලා,

    ඒ වගේම අපි දන්නවා බලවත් බටහිර රටවල් කිහිපයකටම දැඩි රුදාවක් තිබෙනවා මේ රටේ ෆෙඩරල් පාලනයක් අතිකර ගැනීමට. ත්‍රිකුණාමල ප්‍රදේශය තමන්ගේ හමුදා තිප්පොළක් බවට පත්කර ගැනීම සඳහා ඇමෙරිකාවට උතුරු – නැඟෙනහිර බලවත් ප්‍රාන්ත ආණ්ඩුවක් ඇති වීම වැදගත්.

    ඒ වගේම ඉඩම් පිළිබඳ බලය ඒ ප්‍රාන්ත ආණ්ඩුවට ලැබී තිබීමත් ඔවුනට වැදගත්. ‘කොතැනින්, කොපමණ ඉඩම් ප්‍රමාණයක් ඇමෙරිකානු හමුදා කඳවුරකට ලබා දෙනවා ද?’යන්න තීරණය කිරීමේ බලය ප්‍රාන්ත ආණ්ඩුවකට ලැබී තිබීම ඇමෙරිකාවට ඉතා වැදගත්.

    දුර්වල මධ්‍යම ආණ්ඩුවක් ඇති කොට, උතුරු – නැඟෙනහිර බලවත් පළාත් ආණ්ඩුවක් ඇති කිරීමෙන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයට මැදිහත්වීමේ ඉඩකඩ මෙමගින් බටහිර බලවතුන්ට ලැබෙනවා. ඒකයි ඔවුන් මේ ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මතකර දීමට උත්සාහ ගන්නේ.

    රණවිරුවන් දසදහස් ගණනක් දිවිපුදා නතර කළ ‘ඊළාම් සිහිනය’ පාර්ලිමේන්තුවේ සම්මතකර ගනු ලබන ෆෙඩරල් ව්‍යවස්ථාවක් මගින් සැබෑකර ගැනීමේ සුමන්තිරන්ලාගේ ප්‍රයත්නය කෙසේ හෝ පැරදවිය යුතුව තිබෙනවා.

    අපි දන්නා ආකාරයට දෙමළ ඩයස්පෝරාව හිටපු ජනාධිපතිවරියකට විශාල මුදලක් ලබා දී තිබෙනකවා. ඒ මෙම ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මතකර ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ සිටින ශ්‍රී ලනිප මන්ත්‍රීවරුන් බිලිබාගැනීම සඳහායි.“

  • රවීද ?   මංගලද ?

    රවීද ? මංගලද ?

    රවී කරුණානායක


    තිස්ස කරුණානායක සහ කර්මලේකා කරුණානායක යන දෙමාපියන්ට දාව රවී කරුණානායක 1963 පෙබරවාරි මස 19 වන දින උපත ලැබීය. කොල්ලුපිටිය ශාන්ත තෝමස් විද්යාලයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් අකුරු කෙරූ ඔහු ඔහුගේ දක්ශතාවයන් හා හැකියාවන් නිසා ඉතාමත් කෙටි කලකින්ම වරලත් ගණකාධිකාරී වරයෙකු ලෙස ජීවිතය ආරම්භ කරන ලදී.

    වෘත්තිය දිවිය ආරම්භ කරමින් Delair Limited සේවයට බැඳුනු රවී ඉන්පසු හේලීස් සමූහ ව්යාපාරයට සහ MIT එයාර්වේස් ලිමිටඩ්හි යන ආයතන වලටද සිය ධෛර්ය්‍ය සම්පන්න සේවය ලබාදෙන ලදී.එයින් ලබාගත් සුන්දර හා අසුන්දර අත්දැකීම් මත පාදක වෙමින් ඔහුට ව්පා‍යාරික හා ව්යවසායකත්ව ලෝකයේ ඉහළම පෙළේ ව්යාපාරිකයෙකු ලෙස US Global Lanka (Private)
    Limited හි සභාපති ලෙසද, Vacume Processing Lanka Limited හා
    Global Transportation & Logistics (Private) Limited හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී ලෙසද, Eagle Air International (Private) Limited හි හා Global Air & Tours (Private) Limited හී අධ්‍යක්ෂක ලෙසද ශ්‍රී ලංකාවේ කර්මාන්තකරුවන් සහ ව්‍යාපිරිකයින් ශක්තිමත් කිරීම සඳහා වන වාණිජ මණ්ඩලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙසද වැඩ කිරීමට හැකි විය.

    1994 දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 10 වන පාර්ලිමේන්තුවට රවී කරුණානායක ජාතික ලැයිස්තුවෙන් ප්‍රථම වරට පත් කරන ලද ලාබාලම සාමාජිකයා විය. 2000 වසරේදී ඔහු කොළඹ දිස්ත්රික්කයෙන් 11 වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර 2001 වසරේ පැවති මහා මැතිවරණයේදී රවී කරුණානායක මහතා කොළඹ දිස්ත්රික්කයෙන් 12 වන පාර්ලිමේන්තුවට තේරී පත්විය.

    2001 දෙසැම්බර 12 වන දින ඔහු එක්සත් ජාතික පක්ෂයෙහි වාණිජ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය ධූරයට පත් විය

    1999 වසරේදී ඔහු ජාත්‍යන්තර ජේසීස් (International Jaycees ) විසින් සංවිධානය කරන ලද “වසරේ විශිෂ්ටතම දේශපාලනඥයා” සම්මානයෙන් පිදුම් ලැබීය. එම වසරේම රවි කරුණානායක මහතා “වසරේ දේශපාලනඥයා සහ රාජ්ය පරිපාලක” වශයෙන් තේරී පත්වූයේ කොළඹ ජේසීස් විසිනි.

    2017 දී, බෑන්ක්ර් සඟරාව, ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මුදල් ඇමති ලෙස රවී තෝරා ගත්තේ, ගෙවුම් ශේෂ අර්බුදයකින් තොරව ඩොලර් බිලියන 1.5 ක ජාත්යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනක් ලබා ගැනීම, සංචිත පිරිවැය සහ ජාත්යන්තර ආයෝජකයින් අතර විශ්වාසය ගොඩ නැංවීමයි. රජයේ ආදායම රු. 2014 දී 1205 දක්වා රු. බිලියන 1.461 ක්. බදු ආදායම රු. බිලියන 1,050 සිට රු. බිලියන 1356 ක් වූ අතර එම කාලය තුළ ශ්රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිත අනුපාතය ඉතා පහත් බදු ආදායමක් ඇති බැවින් එය ඉතා වැදගත් වේ. ශ්රී ලංකාවේ බදු වාර්තා ද 2015 ජනවාරි ජනවාරි මාසයේදී 700,000 ගොනු තිබීම නිසා මිලියන 1.4 ක් විය

    ඊට අමතරව රවී විසින් අපේ රටේ දියුණව වෙණුවෙන් සිදු කරණ නිහඬ සේවයන් අතරින් රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ උපදේශක කාරක සභාව, උපදේශක , මූල්‍ය උපදේශක කමිටු සාමාජික, ප්‍රතිපත්ති සම්පාදනය හා ජාතික ඒකාබද්ධතාව පිළිබඳ උපදේශක කමිටු සාමාජික , ගුවන් සේවා හා නැව් කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේ හාෙ විදේශ කටයුතු පිළිබඳ උපදේශක කමිටුවේ සාමාජික , විය්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ පිළිබඳ තේරීම් කාරක සභාවේ සාමාජිකයෙකු ලෙසද, මාධ්‍ය ප්‍රතිසංස්කරණය පිළිබඳ විශේෂ කමිටුවේ සාමාජිකයෙක්ද වේ.

    ඔහු කොළඹ දිස්ත්රික්කය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙසද පත්විය. ඔහු ප්‍රජාතන්ත්‍රවාදය හා නායකත්ව ආයතනයේ සභාපතිවරයා ද වේ.

    ඔහුගේ එම කටයුතු හැරුණු විට දේශපාලනික,පාර්ලිමේන්තු කටයුතු, ශ්‍රී ලංකාවේ ආර්ථිකය, වෙළඳ කටයුතු හා විවිධ ක්ෂේත්‍රයන් ගැන විවිධ පුවත්පත් හා සඟරා වලට ඔහු විසින් විදේශ විනිසුරුවන්, ව්‍යාපාර කළමනාකරණය, දේශපාලන සංස්කෘතිය, රාජ්‍ය මුදල් සහ බදුකරණය. දේශපාලන හා සංස්කෘතික, ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ, වර්තමාන කටයුතු, ලෝක කටයුතු ආදී වර්තමානයේ විශාල මාතෘකාවන් ගණනාවක් ආවරණය වන පරිදි සිංහල හා ඉංග්‍රීසි භාෂාවන් වලින් සජීවීව හා වාර්තාගතව ඔහු නිරන්තරයෙන්ම සහභාගී වේ.

    රවී මෙලා සමග විවාහ වූ අතර ඔහුට ඔනෙලා, ෂ‍ෙනෙලා සහ මිනෙලා ලෙස දියණියන් තිදෙනෙකු සිටී. සෑම සාර්ථක පිරිමියකු පිටුපසම ස්ත්‍රියක් සිටී යන කරුණ සනාථ කරමින් රවී පිටුපසද ඔහුගේ බිරිය සහ දියණියන් (විශේෂයෙන්ම ඔනෙලා) ඔහුට යෝධ ශක්තියක් සපයයි. ඔහුගේ කාර්‍ය බහුල දේශපාලන හා පාර්ලිමේන්තු ජීවිතය ද ව්‍යාපාර කටයුතුද හැරුණු විට රවී සිය පවුල සමඟ සැලකිය යුතු කාලයක් වැය කරයි.

    මංගල පිංසිරි සමරනායක

    මහනාම සමරවීරගේ සහ කේමා සමරවීරගේ පුත්‍රයා වූ මංගල සමරවීර ලන්ඩන්හි ශාන්ත මාර්ටින් පාසලේ ඇඳුම් නිර්මාණකරණය හා තාක්ෂණය පිළිබඳ උපාධිධාරියෙකු වන අතර, ඔහු සිය දේශපාලන දිවියට පෙරාතුව ජාතික නිර්මාණශිලී මධ්යස්ථානයට නිර්මාණ උපදේශකයෙකු ලෙස සේවය කළේය.

    1983 වසරේ මාතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා විය.
    1989 දී මාතර දිස්ත්‍රික්කයේ නියෝජිතයෙකු ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු ජනාධිපති චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ කැබිනට් මණ්ඩලයේ තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා වශයෙන් පත් කරන ලදී. 1994 නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා පොදු යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල සංශෝධනයකින් පසුව, පසුව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලබා දුනි.

    2001 මැතිවරණයෙන් පරාජයට පත්වීමෙන් අනතුරුව ඔහු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික වශයෙන් පත් කරන ලදී. 2004 දී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ කැබිනට් පත්‍රෙය් දී වරාය, ගුවන් සේවා සහ මාධ්ය කටයුතු අමාත්යවරයා බවට පත්විය.

    2005 ජූනියේ දී කුමාරතුංග සමග ගැටුමෙන් පසු ඔහු මාධ්‍ය අමාත්බැ‍යාංශයෙන්හැ බැහැර වුවත්, වරාය හා ගුවන්සේවා අමාත්‍ය ධූරයට පත් විය. ඔහු ජනාධිපති අපේක්ෂකයා සහ අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරක කළමනාකරු බවට පත්විය. 2005 නොවැම්බරයේදී රාජපක්ෂ මහතා බලයට පත්වූ විට ඔහුව අගමැති වෙනුවට වෙනුවට විදේශ ඇමති තනතුරට පත් කිරීමෙන් ඔහු පුදුමයට පත් විය. එසේ වන්නට හේතුව මංගල යනු දෙපත් නයෙකු බව මහින්ද දැන සිටියා යයි දේශපාලන විචාරකයෝ පෙන්වා දී ඇත.

    2007 ජනවාරි අගදී සමරවීර විදේශ අමාත්‍ය වරයා ලෙස නැවත පත් කරන ලද අතර, ඔහු වරාය හා ගුවන් සේවා ලෙස කටයුතු කළේය. 2007 පෙබරවාරි 9 වන දින මංගලව කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන ලද අතර ඉන්පසු ඔහු නව දේශපාලන පක්ෂයක් වන ශ්‍රීලනිප (මහජන සංවිධානය) ගොඩනැගීමට කටයුතු කළේය.

    2013 ඔක්තෝබරයේ දී එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් විසින් සිදුකල සාමකාමී විරෝධතා පාගමනට බාධා කිරීම සම්බන්ධව ඔහුව මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අත්අඩංගුවට ගැනීම උසාවි නියෝගයක් නිකුත් කළේය.

    2015 ජනවාරි 12 වන දින අලුතින් පත් වූ ජනාධිපති මෛත්රීපාල සිරිසේන යටතේ විදේශ කටයුතු අමාත්‍ය ලෙස නැවත සමරවීර නැවත පත් කරන ලදී.ඉන් අනතුරුව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් සිය පක්ෂය එනම් එක්සත් ජාතික පක්ෂය සහ එහි පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කිරීමව වෙනුවෙන් සිදුකල අප්‍රහිත කැපකිරීම නිසාවෙන් මේ වන විට මුදල් ඇමති ලෙස අත්නෝමතික තීන්දු තීරණ ගණිමින් රටේ ආර්ථිකය විනාශ කරමින් සිටී.

    ලංකාව තුල සමලිංගිකත්වය නීතිගත කිරීම වෙනුවෙන් වැඩිම දායකත්වයක් දක්වන්නේද මංගල පිංසිරි බව නොරහසකි.

    ඉතිං , රට වෙනුවෙන් රටේ ආර්ථිකය වෙනුවෙන් යමක් කිරීමට හැක්කේ රවීටද ? එහෙමත් නැත්නම් මංගල පිංසිරිටද කියා එජාපට නොදැනුනත් මේ රටේ අනාගතය ගැන සිතන බුද්ධිමත් ඔබට වැටහෙනවා නොඅනුමානයි.

  • මෛත්‍රීට අරින්න ගිහින් ඉල්ලන් කයි

    මෛත්‍රීට අරින්න ගිහින් ඉල්ලන් කයි

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මානසික තත්ත්වය පිරික්සීම සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයාට ‘රීට්’ ආඥාවක් මඟින් නියෝග කරන්නැයි ඉල්ලා සිටිමින් කොළඹ සාන්ත බස්තියමේ කාන්තාවක් ගොනුකළ පෙත්සමක් ඊයේ (07) ගාස්තුවටත් යටත් කරමින් නිෂ්ප්‍රභ කළ අභියාචනාධිකරණය නඩු ගාස්තු වශයෙන් වගඋත්තර පාර්ශ්වයට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසටද නියෝග කළේය.

    ඉකුත් මස 10 වැනි දින ගොනුකර තිබූ පෙත්සම ඊයේ කැඳවූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා එකී පෙත්සම ඉවත දමමින් ඉහත තීන්දුව ප්‍රකාශ කළේය.

    පෙත්සම කිරිබත්ගොඩ ඊරියවැටියේ තරංගනී ගුණසේන නම් නීතිඥවරියක් මඟින් ගොනුකොට ඇත්තේ කොළඹ ශාන්ත බස්තියම පාරේ අංක 123 හි පදිංචිකාරියක් වන මංචනායක ජයවර්ධන මුදලිගේ තක්ෂිලා ලක්මාලි ජයවර්ධන නමැත්තිය විසිනි.

    පෙත්සම කැඳවන ලද අවස්ථාවේ අදාළ නීතිඥවරිය හෝ වෙනත් යම් නීතිඥ නියෝජනයක් හෝ ඉදිරිපත් නොවූ අතර, සභාපති විනිසුරුවරයා ඒ සම්බන්ධයෙන්ද පෙත්සම් පාර්ශ්වයට දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් කිසිදු සාධාරණ පදනමකින් තොරව මන–කල්පිත මත පිහිටා රටේ ප්‍රධාන පුරවැසියාට නොව කුමන තරාතිරමක අයකුට හෝ එරෙහිව මේ ආකාරයෙන් ‘අත්තනෝමතික’ ලෙස පෙත්සම් ගොනුකිරීම සඳහා අධිකරණය වැනි උත්තරීතර ආයතනයක් යොදා නොගැනීමට නීතිඥ වෘත්තිකයන්ද ඇතුළුව සියලු දෙනාම දැනගතයුතු බවද කියා සිටියේය.

  • ආයෝජන මණ්ඩලයේ සුපිරි ගැහිලි…..

    ආයෝජන මණ්ඩලයේ සුපිරි ගැහිලි…..

    අප වෙබ් අඩවිය විසින් මීට ටික කලකට පෙර සිටම එක දිගටම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සිදුවූ විශාල ප්‍රමාණයේ අක්‍රමිකතා ගැන වාර්ථා කරන ලද අතර ම අක්‍රමිකතා වලට සෘජුවම වගකිව යතු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති වරයකු වන නීතීඥ ලෝගුව කරපින්නාගෙන නීතියේ දෙව්දුවව කෙලෙසන නීතීඥ උපුල් ජයසූරියගේ වෘත්තීය මෙන්ම පුද්ගලික ජීවිතයේද ජුගුප්සාජනක තැන් අපට වාර්ථා වූ ආකාරයෙන්ම ඔබේ දැනගැනීම පිණිස ඔබ හමුවේ ඉදිරිපත් කරන ලදී.

    එසේ කරුණු කාරණා සිදුවෙමින් පවතිද්දී මෙම උපුල් ජයසූරිය ගැන ලැබුණු ආරංචියක් නිසාවෙන් අප මෙන්ම ඔබද වික්ෂිප්ත වනවා නොඅනුමානය.මන්ද යත් මෙම කළු කබා කාරයා මෙරට පිළිගත් ප්‍රසිද්ධ දේශපාලන පක්ෂයකින් නාමයොජනා ලබා ජනතා නියෝජිතයෙකු ලෙස කරළියට ඒමට මේ වන විට පිඹුරුපත් සකසමින් සිටින බවය.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ තමා සභාපතිව සිටියදී මෙසිරිලකට ආයෝජන වෙනුවට වැඩිපුරම නඩු ගෙනා , අහිංසක රට වැසියන්ගේ බදු මුදල් වලින් රුපියල් බිලියන 87ක් ගිල්ල ආයෝජන මණ්ඩලයේ සභාපතිට හිමිව තිබූ රු.358154.00ක මුදල රු.850000.00 දක්වා අත්තනෝමතිකව වැඩිකරගෙන ඊටත් එහා හිඟ වැටුප් විදිහට ලක්ෂ 40ක් ගත් මේ උපුල් ජයසූරිය කියන කළු කබා කාරයා රට වෙනුවෙන් රට වැසියා වෙනුවෙන් සුභසිද්ධිය පතා වැඩ කරන්නේ කෙලෙසද යන්න අප හට උභතෝකොටිකයකි.මේ පිළිබඳවhttp://www.ethalayanews.com/

    විසින් සවිස්තරාත්මක වාර්ථාවක් ඉදිරිපත් කර ඇති අතර ඔබට ඉහත වේබ් ලිපිනය ඔස්සේ හෝ පහත අප උපුටා දක්වා ඇති කරුණු මත ඇත්ත නැත්ත ඔබේ නැන පමණින් වැටහී යනු ඇත.

    ඊටත් අමතරව රටක් ලෙසට අමන්දානන්දයට පත්වීමට අපට හැකිවන්නේ මේ කළු කබා කාරයේ දහදුරා වැඩ වලට එරෙහිව මවුබිමට ආදරය කරන මවුබිම වෙනුවෙන් නිබඳවම පෙනී සිටින සිවිල් සංවිධාන කිහිපයක්ම නොබෝ දිනක කොළඹ ලිප්ටන් වටරවුම , කොටුව දුම්රියපොළ , සිරකොත , ශ්‍රීලනිප ප්‍රධාන කාර්යාලය හා පාර්ලිමේන්තු වට රවුම වටලා මෙම කළු කබාය පොරවාගත් හිවල් කුලේ උපුල් ජයසූරිය විසින් මෙරටට අහිම කල මුදල නැවත අයකර ගැනීමටත් මොහු සමඟ වරද කල උන්ට නිසි දඩුවම් ලබාදීමටත් පෙලගැසී සිටීමය. විශ්වාස කටයුතු ආරන්චි මාර්ග වල සඳහන් වන අයුරින් ඉදිරි මාසය හා දෙක තුල එම සංවිධාන විසින් ලංකා පොලීසියට,ලංකා නීති සංගමයට , CIDයට ,FCIDයට මෙන්ම අධිකරනයටද මේ උපුල් ජයසූරිය ගැන පාඩමක් කියාදීමට සැරසී සිටී.රට වෙනුවෙන් රට වැසියා වෙනුවෙන් ඔවුන්ගේ එම ක්‍රියාමර්ගයන්ට සුපිරිගොසිප් අපගේ සුභපැතුම් පිළිගැනිවීමට මෙය අවස්ථාවක් කරගන්නා අතර මොනයම්ම හෝ හේතුවකින් ඉහත සඳහන් කල උපුල් ජයසූරිය වන් දහදුරා පුද්ගලයෙකුට නම යෝජනා දීමට ඉදිරිපත් වන පක්ෂය ගැන තීන්දු තීරණ ගැනීමට උගත් බුද්ධිමත් ඔබ වෙත භාර කරමු ..

    උපුල් ජයසූරිය සහ ඔහුගේ නඩය විසින් මෙරටට සිදු කල මිනිය නොහැකි පාඩුව ගැන එල්ල කල ඊතලය පහතින්,

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ප්‍රථමයෙන් ස්ථාපිත කරණු ලැබුවේ ජේ.ආර් ජයවර්ධන විසිනි.1977 හයෙන් පහක අති බහුතර බලයකින් බලයට පත් ඔහුගේ ආර්ථික ප්‍රතිපත්තිය වූයේ විවෘත ආර්ථික ක්‍රමයයි.1977ට පෙර අප රටේ පැවතියේ සංවෘත ආර්ථික ක්‍රමයයි.නමුත් එම තත්වය නොපිට පෙරලමින් විවෘත ආර්ථික ක්‍රමය රට තුල ස්ථාපත කිරීමත් සමඟ මුළු සමස්ත සමාජ පද්ධතියම ක්‍රමිකව වෙනස් වූයේ හොඳට වඩා නරක සමාජයට ග්‍රහනය වෙමිනි.

    විවෘත ආර්ථික ක්‍රමය ඇති කිරීම තුලින් අද වන විට රට මොන තරම් අරාජික තත්වයට පත්වී ඇතිදැයි කිවහොත් ගණිකා මඩම්,මසාජ් කිලිනික්,කුඩු, මත්ද්‍රව්‍ය ,මාෆියා කල්ලි ඇතුළු එකී මෙකී නොකී බොහෝ දේවල් රට තුල සංසරනය වීමට පටං ගත්තේ කළු සල්ලි ව්‍යාපරයද රජ කරමිනි.විවෘත ආර්ථික ක්‍රමයේ මූලික හර පද්ධතිය වන්නේ මුදල්ය.අම්මා තාත්තා මරා හෝ මුදල් ඉපයීමට හැකි නම් ඊට හොඳම සමාජ ක්‍රමය දැන් පවතිණු ඇත.

    රට තුල ආයේජන ඇතිකිරීම හා විදේශීය ආයෝජකයන්ට රටේ ආර්ථිකය අවශ්‍ය පමණටත් වඩා විවර කර ගැනීමේ අදිටනින් යුතුව ජේ.ආර්. ජයවර්ධන විසින් 1978 දී අංක 4 දරණ නීතිය මඟින් මහ කොළඹ ආර්ථික කොමිසම 1978 මාර්තු 7 වැනිදා පිහිටුවනු ලැබීය.එතැන් පටන් ආර්ථික කොමිසමට හිමිවූයේ විශාල බලයකි.ඒ හරහා අද වන විට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සිථාපිත වී ඇත.

    අතීතයේ සිටම ආයෝජන මණ්ඩලයට යම් යම් ඡෝදනා එල්ල වුවද ඒවා සමාජය තුල අඩු වැඩි වශයෙන් කතාබහට ලක්විය.එහෙත්,2015 දී මෛත්‍රී රනිල් යහපාලන ආණ්ඩුව බලයට පත් වූ පසු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට එල්ල වූයේ බරපතල ඡෝදනාය.යහපාලනයේ ප්‍රථම ආයෝජන මණ්ඩල සභාපති ලෙස නීතීඥ උපුල් ජයසූරිය පත්වන විට ඔහුගේ අමාත්‍යාංශ ප්‍රධානියා වූයේ මලික් සමරවික්‍රමය.තකට තක කීවා සේ දෙදෙනාම විවිධ ඡෝදනා සම්බන්ධයෙන් සමාජයේ කතාබහට ලක්වූ චරත දෙකකි.

    ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරයට උපුල් ජයසූරිය පත්වූ පසු එම මණ්ඩලයට එරෙහිව විවිධ ඡෝදනා සම්බන්ධයෙන් අධිකරණයට ගොනු වී ඇති නඩු සංඛ්‍යාව 41 කි.ඔහු සිය තනතුරේ රාජකාරි සිදු කලේ වසර දෙකක් වැනි කෙටි කාලයකි.එම කාල පරිච්ඡේදයට නබු 31 ක් ආයෝජන මණ්ඩලයට ගොනු වීම තුලින්ම ඔහුගේ පරිපාලනයේ දුර්වලතාවය කැපී පෙනෙනවාට සැක නැත.

    එඩ්නා චොකෝ සමාගමේ ප්‍රධාන මෙහෙයුම් අධ්‍යක්ෂ කමල් බුවනෙක ප්‍රකාශ කර සිටින්නේ තම ආයතනය මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා දායකත්වය සපයන ප්‍රධාන සමාගමක් බවයි.වසර ගනනාවක් තිස්සේ විදේශීය ආයෝජන සමඟ කරන තමන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ඉතාමත් කිට්ටුවෙන් කටයුතු කරන බවය.එතෙක් මෙතෙක් කටයුතු කරන වකවානුව තුල ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති වරු අතරින් උපුල් ජයසූරිය ඉතාමත් අයහපත් තත්වයකින් කටයුතු කර ඇති බව ඔහුගේ තර්කය වී ඇත.

    එම නිසා තම ආයතනයටද විශාල වශයෙන් පාඩු විඳිමට සිදුවූ බැවින් ඊට එරෙහිව තම ආයතනය ජනාධිපති නීතීඥ ලක්ෂ්මන් පෙරේරා හා සඳමාල් රාජපක්ෂ හරහා ආයෝජන මණ්ඩලයට විරුද්ධව නඩු පවරා ඇත.සී.ඒ. 465/2015 අංක දරණ එම නඩුවෙන් ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ උපුල් ජයසූරිය ආයේජන මණ්ඩලයේ සභාපතිව සිටියදී තම ආයතනය හරහා අයුතු ගණුදෙණු වල නියැලීමට උත්සාහ කල බවයි.

    එහෙත් තමන් ඊට එකඟ නොවුන බැවින් තම ආයතනය හා ආයෝජන මණ්ඩලය අතර විවිධ ප්‍රශ්න පැණ නැගුන බව එඩ්නා චොකෝ සමාගමේ ප්‍රධාන මෙහෙයුම් අධ්‍යක්ෂ කමල් බුවනෙක මාධ්‍ය හරහා ප්‍රකිශ කර තිබිණි.ඔහුගේ තර්කය වී ඇත්තේ ආයෝජන මණ්ඩලය යනු ලංකාවට පැමිණෙන ආයොජකයින් හා ලංකාවේ ආයොකයන් සමඟ ඉතාමත් කිට්ටුවෙන් ගණුදෙණු කර රට ආර්ථික වශයෙන් ශක්තිමත් කීරීම සඳහා පියවර ගතයතු මණ්ඩලයක් බවය.

    එහෙත් උපුල් ජයසූරිය ආයේජන මණ්ඩලයේ සභාපති ධූරය දරණ විට එම තත්වයන් තිබී නැත.නිතරම පැවතී ඇත්තේ ආයේජකයන් හා මණ්ඩලය අතර අයුතු ගණුදෙනු හරහා මුදල් ඉපයීමේ ක්‍රමවේදයන් පසුපස දිව යාමටය.ආයෝජන මණ්ඩලයට එරෙහිව ඔහුගේ පාලනය තුල නඩු 41 ගොනු වීම  තුලින්ම එය පෙන්නුම් කෙරෙනු ඇත.

    නිවාරදි ආකාරයට කල්පනා කර බැලීමේදී උපුල් ජයසූරිය ආයේජන මණ්ඩලයේ සභාති ධූරය දරණ විට රට තුලට වැඩිපුර රැගෙන විත් ඇත්තේ ආයෝජන නොව නඩුය.දළ වශයෙන් සති දෙකකට එක නඩුව බැගින් ඔහු සිටි වසර දෙකක කාලය තුල රැගෙන විත් ඇති බව නඩු 41 ක් ආයෝජන මණ්ඩලයට එරෙහිව අධිකරණයට යොමු වීම තුල පෙන්නුම් කෙරේ.

    මෙහිදී තවත් සැලකිය යුතු කරුණක් වන්නේ ආයෝජන මණ්ඩලයට එරෙහිව යොමුවන මෙම නඩු වලදී පෙනී සිටින නීතීඥ සමාගම් හා නීතීඥයින් කවුරුන්ද යන්නය.උපුල් ජයසූරියද නීති ක්ෂේත්‍රෙය් ලොකු පලපුරුද්දක් ඇති නීතීඥයෙකි.එසේ නම් ඔහු තම මණ්ඩලයට පැමිණි එම නඩු ලබා දුන් සමාගම් හා ඔවුන් අතර යම්කිසි අනිසි ගණුදෙනුවක් සිදුවී ඇත්ද යන්න මණ්ඩලයේම ඇතැම් දෙනාගේ කතාබහට ලක් වී ඇත.

    ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස ඔහු කටයුතු කල කාලයේදී කොළඹ ජොසප් ලේන් හි පිහිටි ග්ලෝබල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය මගින් තායිලන්තයේ සිට මාළු ඇසුරුම් කරන කන්ටේනර් වලට මුවා වී සමාජයට අහිතකර අසුරන ද්‍රව්‍ය තොගයක් රැගෙන විත් ඔරුගොඩවත් රේගු අංගනයේ තිබියදී රේගු නිලධාරීන්ගේ අත් අංඩංගුවට පත්වී ඇත. එසේම බ්‍රැන්ඩියල් ටෙක්ස්ටයිල්ස් ආයතනය රසායනික ද්‍රව්‍ය කිලෝ දස දහස් ගනනක්ද රැගෙන විත් රේගු භාරයට පත්වී ඇත. 

    එම අවස්ථාවේදී ආයොජන මණ්ඩලයේ සභාපති වරයා වශයෙන් උපුල් ජයසූරිය රේගු අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට නියෝග කර ඇත්තේ රේගු අත්අඩංගුවට පත්වී තිබෙන එම දුව්‍ය නිදහස් කරන ලෙසය. උපුල් ජයසූරිය නීතීඥ වරයෙකි.ඔහු මේවා සිදුකලේ නීතිය නොදැන නොවේ.නීති විරොදී දෙයක් රැගෙන විත් ඒවා රේගු භාරයට පත්වූ පසු පරීක්ෂන පවත්වා නීති මගින් කටයුතු කරනවා මිස ඒවා නිදහස් කර හැරීමට රේගු නිළධාරීනට බලපෑමි එල්ල කිරීමට උපුල් ජයසූරියට ඇති නීතිමය හැකියාව කුමක්ද ?

    කඩුවෙල වැලිවිට පිහිට ඇමරිකන් ඇන්ඩ ඒ ෂීට් ලංකා ආයතනයද නූල් පංදු නීශ්පාදනය කිරීම සහා බදු මුදල් වංඡා කරමින් නූල් පිටරටින් ගෙන්වීමට එම කාල පරිච්ඡේදය තුල ක්‍රියා කර ඇති බව හෙළිවී තිබේ.

    ආයෝජන මණ්ඩලය හා අමාත්‍ය මලික් සමරවික්‍රම වග උත්තර කරු කරමින් බෞද්ධ තොරතුරු කේන්ද්‍රෙය් විධායක අද්‍යක්ධ පූජ්‍ය අගුරුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් විසින් අභියාචනාධිකරනයේ නඩුවක් ගොණුකර ඇත.වග උත්තර කරුවන්  50 දෙනෙක් නම් කරමින් ගොණුකර ඇති නඩුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කර සිටින්නේ ආයෝජන මණ්ඩලයේ නිසි ප්‍රමිතියකින් තොරව රටට බදු මුදල් අහිමි කරමින් හොරණ ප්‍රෙද්ශයේ ටයර් කම්හල් ව්‍යාපෘතියක් ඇති කිරීම සඳහා ආයෝජන මණඩලය අවසර ලබා දී ඇති බවය.

    එය කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමේදී ඩෙලර් මිලියන 75ක් ලෙස අර්ථ දක්වා ඇතත් ඉන් පසුව එය ඩොලර් මිලියන 250ක් දක්වා වැඩිවීම සැක සහිත බවද උන් වහන්සේ ප්‍රකාශ කරන දෙයකි.මහින්ද රාජපක්ෂ පාලනය තුල ඔහුගේ මුදල්  ආයෝජනය කර ඩුබායිහිදී මහා හෝටලයක් ආරම්භ කල නන්දන ලොකුවිතාන නැමැත්තා හොරණ මෙම ටයර් කම්හල ඉදිකිරීමේ පුධාන නියොජිතයාය.එදා රාජපක්ෂ පාලනය තුල ඔහු දැඩි විවේචනයට ලක්විය.

    එම විවේචනය තුලින් ප්‍රකාශ වූයේ මහින්ද රාජපක්ෂ විසින් සිය පාලන කාලය තුල අයුතු ලෙස උපයන ධනය නන්දන ලොකුවිතාන සතුව තිබෙන බවය.එකී මුදල් වලින් ඩුබායිහී හෝටලය ඉදිකර ඇති බවය.යහපාලන ආණ්ඩුව බලයට පත්වූ පසු ඒ පිළිඳව පරීක්ෂන ආරම්භ කලද කාලයාගේ අවෑමෙන් එම පරීක්ෂන වියැකී ගොස් ඇත.අනතුරුව එම නන්දන ලොකුවිතාන සමඟ මලික් සමරවික්‍රම සබදතා ගොඩනගාගෙන හොරණ මෙම ටයර් කම්හල ඉදිකිරීමට ඔවුනොවුන් උත්සුක වී ඇත.

    නන්දන ලොකු විතානගේ ටයර් කෝපරේෂන් සමාගමට මෙය ඉදිකිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 567ක බදු සහන ලබි දී ඇත.ආයෝජන මණ්ඩල ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක මෙම කම්හල හේතුකොටගෙන බදු සහන වලින් රජයට අහිමි වී ඇති මුදල දල වශයෙන් රුපියල් බිලියන 87කි.

    උපුල් ජයසූරිය හා මලික් සමරවික්‍රම තුල ඇත්තේ බිඳහෙලිය නොහැකි බොහෝම සැක කටයුතු ගණුදෙනුවක් බව ඇතැම් දෙනාගේ කතබෙහට ලක්වී ඇත.ඔහු ප්‍රකාශ කරන්නේ මලික් සමරවික්‍රම අමාත්‍යධූරය දරණ විට ඔහුගේ විෂය පතයට මහපොල ශිෂ්‍යත්ව අරමුදලද ගොනුව තිබූ බවය.එම මුදලයේ අරමුදල් සිංගප්පූරුවේ ශ්‍රී රාම් එන්ටර්ප්‍රයිසස් ආයතනයේ නිසි ක්‍රමවේදයකින් තොරව මිලියන දසදහසක කොටස් පවරා ඇත.

    මෙම ගණුදෙනුව සිදු කිරීම පිටුපස සිටින අතරමැදි පුද්ගලයා කව්ද ?2015 සිට 2018 දක්වා එම අතරමැදි ගණුදෙනුව හරහා එම පුද්ගලයා උපයා ඇති මුදල රුපියල් ලක්ෂ 300 ක් පමණ වේ.ශ්‍රී රාම් ආයතනය මහපොළ අරමුදලේ කොටස් වලින් හම්බන්තොට ගම්පහ අනුරාධපුර ප්‍රෙද්ශ වල මුදල් ආයෝජනය කරමින් පොල් රඹුටන් අඹ වගාවන් සිදුකර ඇති බව අනාවරනය වේ.

    මේ අයතා ගණුදෙනු වලන් ශ්‍රී රාම් ආයතනය රුපියල් මිලියන 1000 ක පමණ මුදලක් වංඡා කර ඇති බව සී.ඒ. 49/2106 නඩුව හරහා පෙන්නුම් කෙරෙනු ඇත.

    ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිසිඳු නියමිත පටිපාටියකින් තොරව තම වැටුපද අයුතු ලෙස වැඩිකරගෙන ඇත.ඔහුගේ මුල් වැටුප වූයේ රු.358154.00 කි එය ඔහු හිතුමනාලෙට රු.850000.00 දක්වා වැඩිකරගෙන ඇත.ඒ හරහා ඔහු තමන්ගේ හිඟ වැටුප් ලෙස ලක්ෂ 40ක පමණ මුදලක්ද ලබාගෙන ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ තොරතුරු දැණගැනීමේ පනත යටතේ ආයොජන මණ්ඩලයෙන් කරන ලද විමසුමකදී අණාවරනය වී ඇත.

    ආයෝජන මණ්ඩලයේ නීති අංශයේ සේවය කල නුගේගොඩ පනාගොඩ පාරේ පළමු පටුමගේ අංක 8බී දරණ ස්ථානයේ පදිංචි ශෙහාරා නවරත්නද උපුල් ජයසූරියට එරෙහිව මේ වන විට අධිකරණයේ නඩු පවරා ඇත.ඇය ආයෝජන මණ්ඩලය තුල අවංකව සේවය කල තැනැත්තියක් ලෙස සැලකෙණු ඇත.උපුල් ජයසූරිගේ නීතිවීරෝධී ක්‍රියා වලට අවනත නොවී අවංකව සේවය කිරීමට යාම තුල ඇයව සිය සේවයෙන් ඉවත් කර ඇති බව ඇගේ තර්කය වී තිබේ.

    එම නිසා ඇය විසින් තමාට එරෙහිව සිදු වූ අසාධාරණයට විරුද්ධව මේ වන විටත් අධිකරනයේ නඩු පවරා ඇත.ඒ උපුල් ජයසූරිය වගඋත්තර කරුවකු කරමිනි.අයෝජන මණ්ඩලයට පසුගිය කාල පරිච්ඡේදය තුල එල්ල වූ ඡෝදනා එකක්වත් සුභවාදී නැත.සුජීව සේනසිංහ ඇමති වරයාද අධවේගී දුම්රිය නිශ්පාදන ව්‍යාපෘතිය හරහා මහා පරිමානයෙන් අල්ලස් මුදලක නියැලීමට ගොස් එය හෙළිදරවු වීම හේතුකොටගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද මැදිහත් වී ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට පියවර ගැනිනි.

    දිගින් දිගටම ආයොජන මණ්ඩලය තුල සිදුවූ මෙම දුෂිත ක්‍රියා අනාවරනය වීමට පටංගැනීමත් සමග ජනාධිපතිගේ නියමයෙන් එහි සභාපති අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු සියළු අධ්‍යක්ස මණ්ඩල සාජිකයන් ඉවත් කිරීමට පියවර ගැනිනි.ප්‍රශ්නය වන්නේ එතරම් දූෂිත වැඩ කල නිලධාරීන්ව ඉවත් කිරීම හෝ ඉවත්වන ලෙස දැනවීම තුලින් ප්‍රශ්නය විසදෙනවාද යන්නය ? නිවැරදි ආකාරයට නම් සිදුවිය යුත්තේ දූෂිත වැඩ සිදු කල ආයොජන මන්ඩලයේ සභාපති ඇතුළු එම අධ්‍යක්ෂ වරුන්ට එරේහිව නීතිය ක්‍රියාවේ යෙදවීමය.

    එහෙත් එසේ නොකිරීම තුලින් ඔවුන් තව දුරටත් දූෂිත වැඩ කර උපයාගත් මුදලින් වැංඹෙනවා මිස ඊට එරෙහිව දඩුවමක් එහිමිවන්නේ නැත.ඒම ිසා ජනාධිපති වරයා වහාම මැදිහත්වී උපුල් ජයසූරියගේ සිට මේ වන තෙක් සභාපති ධූරය දැරූ සියළු දෙනාගේ පාලනයන් පිළිබඳව පූර්ණ පරෟක්ෂණයක් සිදුකර ඔවුන්ට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිය නිසි ලෙස ආයොජන මණ්ඩලය තුල ආයෝජනය කිරීමය.එසේ නොමැතිව ඔවුන්ව ඉවත් කිරීම තුලින් ඇතිවන සුගතියක් නැත.

    උපුටනය: ඊතලය

  • හිටපු කොටි 8000 ක්‌ කැනඩාවේ

    හිටපු කොටි 8000 ක්‌ කැනඩාවේ

    කැනඩාවේ හිටපු කොටි ක්‍රියාකාරීන් 8000 ක්‌ සිටින බවත් ඔවුන් අතර අතුරුදන් වූ හිටපු කොටි හමුදා නායකයන් ඇතුළු කොටි 2000 ක්‌ දෙනා එහි දේශපාලන රැකවරණය ලබා ඇති බවත් හෙළිව තිබේ.
     
     කැනඩාවේ මෙපමණ කොටි ක්‍රියාකාරීන් සංඛ්‍යාවක්‌ සිටින බවට කැනඩා පොලිසිය මුල් වරට අනාවරණය කර තිබේ.
     
     මේ කොටි අතර කොටි නෞකා ජාලයේ ප්‍රධානියා ද වේ. ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස වවුනියා මහාධිකරණය නියෝග කර තිබිණි.
     
     එහෙත් කැනඩා රජය කොටි නෞකා ජාලයේ ප්‍රධානියා මෙරටට භාරදීම ප්‍රතික්‌ෂේප කර ඇත.
     
     මේ අතර කැනඩාවේ ටොරොන්ටෝ නුවර ආරංචි මාර්ග පැවසුවේ වව්නියාවේ සිට කැනඩාවට පැනගොස්‌ දේශපාලන රැකවරණ ලත් හිටපු කොටි සිය අනන්‍යතාව වෙනස්‌ කර ඇති බවයි.
     
     අතුරුදන් වූවන්ගේ සංවිධාන කැනඩාවේ සිටින හිටපු කොටි කවුද කියා අද වනතෙක්‌ විමර්ශනය කර නැතැයි ද එම ආරංචි මාර්ග පළ කළේය.