කෘෂිකාර්මික කටයුතු සඳහා ග්‍රාමිය ජනතාව ලබාගත් ණය අහෝසි කරනවා
කෘෂිකාර්මික කටයුතු සඳහා ග්‍රාමිය ජනතාව ලබාගත් ණය අහෝසි කිරීමට රජය තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් පවසයි. මුදල් අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව අග්‍රාමාත්‍යවරයා සඳහන් වැඩි දුරටක් සඳහන් කල අතර  මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ග්‍රාමිය ආර්ථිකය දියුණු කිරීම සඳහා ඉදිරියේදී වැඩසටහන්…

21 වන සියවසේ මෙරට වාරි විශ්මිතය මොරගහකන්ද ජල ව්‍යාපෘතියේ කළුගඟ ජලාශයේ ජල පිරවුම් මංගල්‍යය අද
21 වන සියවසේ මෙරට වාරි විශ්මිතය ලෙස හැඳින්වෙන මොරගහකන්ද – කළුගඟ මහා ජලාශ ව්‍යාපෘතියෙහි කළුගඟ ජලාශයේ ජල පිරවුම් මංගල්‍යය සහ රජ රටට – කඳුරට එක් කරන මොරගහකන්ද – කළුගඟ උමං මාර්ගයේ ඉදිකිරීම් ඇරඹීම අද (23) පෙරවරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරේ. මොරගහකන්ද සම්බන්ධ අනෙක් මහා ජලාශය කළුගඟ ජලාශයවන අතර  මාතලේ දිස්ති‍්‍රක්කයට අයත් දුම්බර මිටියාවතේ…

පොහොට්ටුවේ ප්‍රශ්න ගොඩයි… ඒකාබද්ධය ලොකු පසුබෑමක
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය පෙබරවාරි 10 වැනිදා පැවැත්වූ පළාත් පාලන මැතිවරණයෙන් පසු පසුබැස ඇති බව ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම පක්‍ෂයේ මහනුවර දිස්ත‍්‍රික් පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කිරීමේ හමුවක් මහනුවරදි අමතමින් පවසයි. සභාපතිලා උප සභාපතිලා පත් කරද්දීත්, ලයිස්තුවෙන් මන්ත‍්‍රී දුර නම් කරද්දීත් ප‍්‍රශ්න ඇති වූ බවත් මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් කියා…

සුවසැරිය දෙවන අදියරත් ඇරඹේ
සුවසැරිය ගිලන් රථ සේවාවේ දෙවන පියවරේ සමාරම්භය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) යාපනය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරේ. දෙවන පියවර ආරම්භ කිරීම සඳහා ඉන්දීය රජය මගින් ඇමෙරිකන් ඩොලර් මිලියන 15.02ක් ලබාදී ඇති අතර ඒ යටතේ නව ගිලන් රථ ඒකක 209කට අධික ප්‍රමාණයක් යෙදවීමට නියමිතය. ඒ සඳහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 1782ක් පමණ පුහුණුකර සේවයේ යෙදවීමට…

රාජපක්ෂල විතරද ජනාධිපති වෙන්න ඕන… ඇයි අපි කළුද ?
මීලග ජනාධිපතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස තරග කරන්නට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කැමැත්ත දුන්නොත් තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. කෙසේ වෙතත් ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා නම් කරන ඕනෑම අපේක්‍ෂකයෙකුගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවන්නට තමන් සූදානම් බවත් මාධ්‍යවේදීන් විසින් කරන ලද විමසීමකදී  අදහස් පල කලේය. ජනාධිපති විය යුත්තේ රාජපක්‍ෂලා පමණක් නොවන බවට…

අවුරුදු 62කේ අත්තම්මාට අතවර කෙරූ 31 හැවිරිදි එක්දරු පියාට වැඩ වරදී
වයස අවු. 62ක කාන්තාවකට ලිංගික අතවර කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයකු 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමු අතිරේක මහේස්ත්‍රාත් ආර්. ජී. එන්. කේ. රන්කොත්ගේ මහත්මිය නියෝග කළාය. රක්ෂිත බන්ධනාගාර ගත වූයේ උ.පිටිපන මීගමුව පදිංචි තිස් හැවිරිදි එක් දරු පියෙකි. පැමිණිලිකාරියගේ පුතුට බෝට්ටු පහක් ඇත. එම බෝට්ටුවල සේවය කරන ධීවර වෘත්තිකයෝ එම…

ඉදිරි ජනාධිපතිවරණයේදී රටේ තීරණාත්මක බලවේගය ලෙස කටයුතු කිරීමට නව පක්ෂයක් ගොඩනගනවා
ඉදිරි ජනාධිපතිවරණයේදී රටේ තීරණාත්මක බලවේගය ලෙස කටයුතු කිරීමට නව පක්ෂයක් ගොඩනගන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ‍ලේකම් තිස්ස අත්තනායක මහතා මහනුවරදී සඳහන් කළේය. වසර තුනහමාරක පමණ කාලයක් රටේ දේශපාලන හැසිරීම පිළිබඳව තමා දැඩි අවධානයෙන් සිටි නමුත් රටේ ජනතාවට අවශ්‍ය පරිදි කිසිදු පක්ෂයක් වෙනස් නොවූ බව හෙතෙම පැවැසීය. තමා එක්සත් ජාතික පක්ෂය සමග දීර්ඝ කාලයක්…

දෙමාපියන් හූරාකන ටියුෂන් ගුරුවරු
නුගේගොඩ සහ ඒ අවට ටියුෂන් පන්ති පවත්වාගෙන යන පෞද්ගලික ආයතන බොහොමයක්‌ 2020 අ. පො.ස. (උ.පෙළ) විද්‍යා, ගණිත. පන්ති වෙනුවෙන් මාසිකව අය කරන ගාස්‌තු වැඩි කිරීම හේතුවෙන් දෙමාපියෝ දැඩි අසීරු තත්ත්වයකට පත්ව සිටිති. දැනට න්‍යාය පන්ති වෙනුවෙන් මෙසේ රු. 300, 400 කින් පමණ වැඩි වීමක්‌ දැකිය හැකි අතර ඉදිරියේදී පුනරීක්‌ෂණ පන්ති වෙනුවෙන් ද මේ වැඩිවීම සිදුවුවහොත්…

බුද්ධදාස රජුගේ ඔසු උයනින් අක්‌කර 100 ක්‌ විනාශයි
බුද්ධදාස රජුගේ ඔසු උයන නමින්ද හැඳින්වෙන බිබිල නිල්ගල වන රක්‌ෂිතයට අයත් පුවක්‌පැළේ ප්‍රදේශයේ පසුගිය 17දා හටගත් ගින්නකින් එම රක්‌ෂිතයේ අක්‌කර සියයක්‌ පමණ දැවී විනාශ විය.     මෙම නිල්ගල රක්‌ෂිතය අරළු, බුළු, නෙල්ලි, බිම් කොහොඹ ඇතුළු ඖෂධ ශාක මෙන්ම වටිනා දැවමය ශාක වර්ග ද විවිධ සත්ත්ව වර්ග රැසකින් ද සමන්විත අක්‌කර හැටපන්දහසක පමණ ප්‍රදේශයක පැතිරුණු වනාන්තරයකි.…

ෆේස් බුක්හි ගැටුම්කාරි තත්ත්වයන්ට හේතුවන ප්‍රකාශ සහ ඡායාරූප ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරයි
ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය භාවිතා කරන්නන් පළ කරන ගැටුම්කාරි තත්ත්වයන්ට හේතුවන ව්‍යාජ ප්‍රවෘත්ති ඉවත් කිරීමට එම සමාගම තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක ඇති වූ ගැටලුකාරි තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ෆේස්බුක් සමාගම මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව, ගැටුම්කාරි තත්ත්වයන්ට හේතුවන ප්‍රකාශ සහ ඡායාරූප ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරන බව…

රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ මත්තල මෙහෙයුම් අවසන් කරනවා
රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ මත්තල ගුවන්තොටුපළේ මෙහෙයුම් මේ වසර අවසානය වනවිට ආරම්භ කිරීමට හැකිවනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. කොළඹ ඊයේ පැවති සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීම සඳහා ද මේ වන විට රටවල් කිහිපයක් සමඟ සාකච්ජා ආරම්භ කර ඇති බවයි. එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය. “අතිශය…

කරාපිටිය හෘද සැත්කම් යළි ඇරඹෙයි
කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් යළි ආරම්භ කළ බව එම රෝහලේ හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ ප්‍රකාශ කරයි. ඔහු කියා සිටියේ දැඩි සත්කාර ඒකකයේ මධ්‍යම වායු සමීකරණ පද්ධතිය අලුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කිරීමත් සමග හෘද සැත්කම් සිදුකිරීමට තමන් තීරණය කළ බවයි. වායු සමීකරණ පද්ධතිය අලූත්වැඩියා නොකිරීමට විරෝධය පළ කරමින් කරාපිටිය…

මාධ්‍යයෙන් කිව්වට ත්‍රස්තවාදී කණ්ඩායමක් කියල “ආවා” කල්ලිය කියන්නේ පොලිසියට මෙල්ල කළ හැකි එකක්
ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනමහතා හමුදා කඳවුරු ඉවත් කිරීම සහ හමුදා භට පිරිස් අඩු කිරීම සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27 (2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හමුදා කඳවුරු පවත්වා ගෙන යාම සහ බලඇණිවල භට පිරිස් තීරණය කිරීම ඇතුළු හමුදාවල සියලු පරිපාලන කටයුතු සිදුකරනුයේ ඒ ඒ හමුදාපතිවරුන් විසින්යැයිද ඒ පිළිබඳව රජය කිසිදු අතපෙවීමක් සිදු…

මූල්‍ය අපරාධවලට සම්බන්ධ නැතිනම් විශේෂ අධිකරණ ගැන බිය විය යුතු නෑ
මූල්‍ය අපරාධවලට සම්බන්ධ නොමැති නම් මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් වන  නඩු විභාග කිරීම සදහා ඇති කළ විශේෂ මහාධිකරණවලට කිසිවෙක් බිය විය යුතු නැති බවත් එහි නඩු විභාග කරන්නේ රටේ නීතිය අනුව බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. මෙම අධිකරණ සදහා කිසිදු දේශපාලන මැදිහත්වීමක් නොමැති බවත් රටේ නීතිය…

ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂකයා කියන්නෙ බොරු…. – මහින්ද නිවේදනය කරයි
ගෝඨාභයව ජනාධිපති අපේක්ෂකයා ලෙස නම්කර නොමැති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි… හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනයක් පහතින් දැක්වෙයි. ව්‍යාජ මාධ්‍ය නිවේදනයක් සමාජ ජාලා වල සංසරණය වීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් ලෙස සකස් කරන ලද කූඨ…

පාතාලයා් 5ක්‌ ඇමැති රැකවලේ ඉන්නවාදැයි බලන්න අගමැති පොලිසියට දන්වයි
කැබිනට්‌ ඇමැතිවරයෙක්‌, පාතාල සාමාජිකයන් 5 දෙනකු, ඔහුගේ රැකවලුන් ලෙස තබා ගෙන තිබෙනවාද යන්න පිළිබඳව පරීක්‌ෂණයක්‌ පවත්වන ලෙස පොලිසියට දැනුම් දුන් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17  ප්‍රකාශ කළේය.     ඒ පිළිබඳව පළ වූ පුවත්පත් වාර්තාවට අදාළ තොරතුරු සොයා බලන ලෙසත් එම කරුණ පිළිබඳවද තමන් දැනුවත් කරන ලෙසත් අදාළ අංශවලට තමන් දැනුම් දුන් බව…