වවුනියාවේ හේනක එල්.ටී.ටී.ඊ. නිෂ්පාදනය කළ ‘තමිලන් ගුණ්‌ඩු’ අත්බෝම්බයක්‌
වවුනියාවේ ඉරට්‌ටපෙරියකුලම පොලිස්‌ වසමේ අලගල්ල අලුත්ගම ප්‍රදේශයේ හේන් ඉඩමක තිබී එල්. ටී. ටී. ඊ. සංවිධානය නිෂ්පාදනය කළ තමිලන් ගුණ්‌ඩු වර්ගයේ අත්බෝම්බයක්‌ පසුගියදා (11) සවස හමුවී තිබේ.     මේ පිළිබඳව වවුනියාව ඉරට්‌ටපෙරියකුලම පොලිසියට දැනුම් දීමෙන් පසුව පොලිසිය පැමිණ එම අත්බෝම්බය පොලිසිය භාරයට ගෙන තිබේ.    ඉරට්‌ටපෙරියකුලම පොලිසිය පැවසුවේ හේනේ ගස්‌ කපා ඉවත් කරන අවස්‌ථාවක හේන් හිමියා…

වගා කරන ආහාර භෝගවලින් 40%ක්‌ සතුන් විනාශ කරනවා
ග්‍රාමශක්‌ති වැඩසටහන යටතේ සිදු කෙරන වගාවන් සතුන්ගෙන් ආරක්‌ෂා කර ගැනීම විශාල ගැටලුවක්‌ වී තිබෙන බව ප්‍රකාශ වීමෙන් පසුව අදහස්‌ දක්‌වමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආහාර වගාවන්ට සතුන්ගෙන් හානි සිදුවන බව ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම ප්‍රකාශ වන බව පැවසීය. ලංකාවේ තරම් ලොව කිසිම රටක මෙවැනි විශාල ප්‍රමාණයක්‌ ආහාර සතුන්ගෙන් විනාශ නොවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.…

කරාපිටිය ශික්‍ෂණ රෝහලේ හෘද ශල්‍ය දැඩිසත්කාර ඒකකයේ වායුසමනය වැඩ නැති නිසා වෛද්‍ය වරු වැඩ නවත්වයි
කරාපිටිය ශික්‍ෂණ රෝහලේ හෘද ශල්‍ය දැඩිසත්කාර ඒකකයේ අක්‍රියව ඇති මධ්‍යම වායුසමීකරණ පද්ධතිය මෙතෙක්‌ අලුත්වැඩියා නොකිරීම නිසා හෘද සැත්කම් සිදුකිරීමට නොහැකිව එම ඒකකයේ ප්‍රධාන හෘද හා උරස්‌කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා ලබන සඳුදා (16) සිට හෘද සැත්කම්වලින් ඉවත්වීමට තීරණය කර ඇත. කරාපිටිය රෝහලින් හෘද සැත්කම් සිදුකර ගැනීම සඳහා රෝගීන් තුන්දහසකට ආසන්න පිරිසක්‌ පොරොත්තු…

රටේ සියලුම ජනතාවට මෙඩිකල් ඊ කාඩ් පතක්
“මාස 4ක ඇතුළත විදේශ ආයෝජකයෙක් සමග එක්ව මිලියන 21ට ඊ කාඩ් එකක් දෙනවා. සියළුම රෝග තත්ත්වයන්, ඉතිහාසයන් ඒ කාඩ් එකේ තියෙනවා.” හදිසි අනතුරකදී රෝහල්ගතවන අයට නිසි ප්‍රතිකාර ලබාදීම මින් තහවුරුවන බවයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. මේ සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බවයි ඔහු පැවසුවේ.  මේ වසර අවසන් වනවිට රෝහල් 300ක් පරිගණක…

වේරහැර මෝටර් රථ ප‍්‍රවාහන කාර්යාලය ඩිජිටල් වෙයි
රියදුරු බලපත‍්‍රය ලබාගැනීමේදී පැවැත්වෙන විභාගයේ ලිඛිත පරීක්‍ෂණය අද (12) සිට නව ක‍්‍රමවේදයකට සිදුවන බව සඳහන් වේ. ඒ අනුව ලිඛිත පරීක්‍ෂණය පරිගණක ස්පර්ශ තිර ආධාරයෙන් ඩිජිටල් ක‍්‍රමයට පැවැත්වීම සැලසුම් කර ඇති අතර එහි ආරම්භය වේරහැර මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් කාර්යාලයේදි අද සිදුවන බව කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි පැවසා සිටින ලදී. මුල් අදියරේදී එම කාර්යාලයේ පමණක් මෙම ක‍්‍රමය කි‍්‍රයාත්මක…

අලූගෝසු තනතුරට දෙදෙනෙකු බඳවා ගැනීමට නියමිතයි
මරණ දඬුවම කි‍්‍රයාත්මක කරන්නේ නම් ඒ සඳහා අනුමත අලූගෝසු තනතුරට දෙදෙනෙකු බඳවා ගත යුතු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන අතර බන්ධනාගාර ආරංචි වල එම බඳවා ගැනීමට අවසර ඉල්ලා අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශයට ලිඛිතව දැන් වූ බව සඳහන් වේ. මරණ දඬුවම වැලිකඩ බන්ධනාගාරයේ කි‍්‍රයාත්මක කිරීමටයි සැලසුම් කර ඇති අතර මීට පෙර මරණ දඬුවම කි‍්‍රයාත්මක වූයේ බෝගම්බර බන්ධනාගාරයේ…

වනජීවී නිලධාරීන් වැඩේ කඩාකප්පල් කළා ඇමැති හැටියට මට ලැඡ්ජයි
සූරියවැව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ගම් වදින වන අලි එළවීමේ මෙහෙයුමක්‌ පෙරේදා (09) රාත්‍රි සූරියවැව මදුනාගල ප්‍රදේශයෙන් ආරම්භ කෙරුණු අතර වන අලි මෙහෙයුම අතරතුර ඇති වූ උණුසුම් තත්ත්වයක්‌ හේතුවෙන් රාත්‍රි 11.00 ට පමණ වන අලි මෙහෙයුම නතර කිරීමට සිදු විය.    මෙම වන අලි මෙහෙයුම සඳහා වනජීවී නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම, දකුණු පළාත් සභා මන්ත්‍රී සුජිත්…

කුඩු ජාවාරම් කරුවන් එල්ලන්න කැබිනට්‌ අනුමැතිය…ජනපති ලැයිස්‌තුව ඉල්ලයි
දැනට මරණ දඬුවම නියමව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව එම දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (10) කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලැබී ඇත.    මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව මරණ දඬුවම ලබා සිටින සිරකරුවන් පිළිබඳ විස්‌තර ලබාදෙන ලෙස එහිදී ජනපතිවරයා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැතිනී තලතා අතුකෝරාළ මහත්මියට උපදෙස්‌ දුන් බව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්‌ පැවසූ අතර…

රථ වාහන වැරදි 33 ක්‌ සඳහා දඩ මුදල් ඉහළට
රථවාහන වැරදි 33 ක්‌ සඳහා වන දඩ මුදල් මෙම මස 15 වැනිදා සිට වැඩි කෙරේ. 306 ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාලද සිsල්වා මහතා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට්‌ පත්‍රය අනුව මෙම දඩ මුදල් වැඩි කෙරෙන අතර වැරදි කිහිපයක්‌ සඳහා දඩ නියම නොකර නඩු පැවරේ. ඒ අනුව වේග සීමා විධිවිධාන උල්ලංඝනය…

හිමිනමක් පොලිස් සැරයන්වරයෙකුගේ ගෙල මිරිකා මරයි
රත්නපුර ගල්ඇන්ද විහාරස්ථානයකදී පොලිස් සැරයන්වරයෙකුගේ ගෙල මිරිකා මාරාදැමීමක් සම්බන්ධයෙන් එම විහාරයේ හිමිනමක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම නිසා වරෙන්තු ලැබ සිටින හිමි නමක් සොයා රත්නපුර පොලීසියේ සැරයන්වරයෙකු අද (10) පෙරවරුවේ එම විහාරස්ථානයට ගොස් තිබේ. එම හිමි නම විහාරස්ථානය තුළදී සැරයන්වරයාගේ ගෙල සිර කර ඇත්තේ එම අවස්ථාවේය. මෙහිදී  පොලිස් නිලධාරියාගේ කෑගැසීම්…

පෙට්‍රල් ඩීසල් යලි ඉහළ නගී
අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජතෙල් සංස්ථා ඉන්ධන පිරවුම්හල් වල  අලෙවි කරන  පෙට්‍රල් හා ඩීසල් මිල ඉහළ නංවා ඇත. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු 145 දක්වා රුපියල් 8කින්ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු 155 දක්වා රුපියල් 7කින්ද මිල වැඩිකර ඇති අතර සාමාන්‍ය ඩීසල් රු 118 දක්වා රුපියල් 9කින්ද සුපිරි ඩීසල් රු 129 දක්වා…

දරුණු කොටි 125 ක්‌ මුදාහැරීමේ ඉල්ලීම ජිනීවා කවුන්සිලයෙන් ඉවතට
බිහිසුණු ත්‍රස්‌ත ක්‍රියා සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන හිටපු කොටි ක්‍රියාකාරීන් 125 ක්‌ නිදහස්‌ කරන ලෙසට ශ්‍රී ලංකා රජයට නියෝග කරන ලෙස එම කොටි ක්‍රියාකාරීන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර ඇත.    ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට නියෝග කිරීමට තමන්ට පිටුවට  බලයක්‌ නැතැයි මානව හිමිකම් කවුන්සිලය දන්වා ඇති අතර ගුවන් යානාවලට මිසයිල ප්‍රහාර එල්ල…

වල් අලි මඩින්න ෆොන්සේකාගෙන් චීන තුවක්කු
ඉදිරි වසර එක හමාරක කාලය ඇතුළත අලි මිනිස් ගැටුම 95% කින් අවසන් කිරීමට තමා බලාපොරොත්තු වනත් බවත්, ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊයේ (08) පැවැති රැස්වීමකදී  වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා කියා සිටියේය. එම වැඩපිළිවෙල යටතේ  වනජීවී දෙපාර්තමේන්තුවට පිරිස් බලය පන්දහසක් බඳවා ගැනීමටත්,වනජීවී නිලධාරීන්ට සුදුසු   නිල ඇඳුමක් ලබාදීමටත්, එමෙන්ම දැනට…

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්‍ෂවරයාගේ ක‍්‍රියා කලාපයට විරෝධය
ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය තුළ අද (09) දිනයේ වැඩ වර්ජනයක් සිදු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික, වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ සඳහන් කළේ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්‍ෂවරයාගේ ක‍්‍රියා කලාපයට විරෝධය පළ කරමින් මෙය ක්‍රියාත්මක බවයි.  ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ කටයුතු සිදු කරන්නේ වෛද්‍යවරුන් බවත් ඔවුන්…

කොළඹ ස්වාධීන නාගරික මන්ත‍්‍රී ක‍්‍රිෂ්නාට පිටකොටුවේදී වෙඩි
කොළඹ නගර සභාවේ නාගරික මන්ත‍්‍රිවරයෙකු අද අලුයම් කාලයේදී වෙඩි තබා ඝාතනය කර ඇත. පිටකොටුම හෙට්ටි වීදියේදී  40 හැවිරිදි ක්‍රිෂ්ණ පිල්ලේ ගිරුබානන්දන් නොහොත් ක‍්‍රිෂ්නා නම් කොළඹ නගර සභාවේ ස්වාධීන මන්ත‍්‍රිවරයෙකු ලෙස කටයුතු කල අය මෙසේ ඝාතනය වී ඇත.   හෙට්ටි වීදියේ පිහිටි තම පලතුරු අලෙවිසැලට අද අලුයම පැමිණෙමින් සිටියදී මෝටර් බයිසිතලයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇත.…

රජයේ සංහිඳියා වැඩපිළිවෙළ විවේචනය කරමින් හා ත්‍රස්‌තවාදීන්ගේ ක්‍රියා අගය කරමින් ප්‍රකාශ සිදු කරන්ට එරෙහි වෙමු
රජයේ සංහිඳියා වැඩපිළිවෙළ විවේචනය කරමින් හා ත්‍රස්‌තවාදීන්ගේ ක්‍රියා අගය කරමින් ප්‍රකාශ සිදු කරන අවස්‌ථාවාදී දේශපාලනඥයන්ට ඇතැම් විශ්‍රාමික හමුදා නිලධාරීන්ට හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීත්ව යුද හමුදා කඳවුරුවලට ඇතුළු වීමට අවසර නොදෙන ලෙස දන්වා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් සියලුම හමුදා කඳවුරු වෙත ලිපියක්‌ යවා තිබේ. එවන් පුද්ගලයන් සහභාගි වන කිසිදු උත්සවයකට සහභාගි වීමෙන් හෝ…