ඇලෝසියස් හා පලිසේන හිරකර ඇති ස්ථානයේ තිබී ජංගම දුරකතන 3ක් සිම් කාඩ් 5ක් හසුවෙයි
රක්ෂිත බන්ධනාගාරගතව සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලේසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන රඳවා සිටින වාට්ටුවේ තිබී ජංගම දුරකතන 03ක් සහ සිම් කාඩ්පත් 05ක් සොයාගත් බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට අද දැනුම් දී ඇත.

E පාස්පෝර්ට් වැඩපිළිවෙල නිසා හරීන්, වසරකට කෝටි 214 ක පාඩුවක් රටට කරයි
ශ්‍රී ලංකා ‘E’ (ඉලෙක්ට්‍රොනික්) විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්) සැපයුම් කොන්ත්‍රාත්තුව විනිවිදභාවයකින් සහ ප්‍රසම්පාදන නීතිරීති උල්ලංඝනය කරමින් බ්‍රිතාන්‍යය සමාගමකට පැවැරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය නිසා වාර්ෂිකව රුපියල් දෙසිය දාහතර කෝටියකට (214,000,000) ආසන්න මහජන මුදල් කන්දරාවක් විනාශ වෙන ලකුණු පහළ වී තිබේ. කොන්ත්‍රාත්තුව දීර්ඝ කාලීනව බල පැවැත්වෙන කොන්ත්‍රාත් ක්‍රමය යටතේ (PERPETUAL EFFECT) අවම වශයෙන් වසර විස්සකට…

ඒකාබද්ධය සෙංකෝලය පැහැරගැනීමට තැත්කරයි…. – විමල්ට හා රනවීරට දැඩි ලෙස අවවාද කරයි
එල්. ටී. ටී. ඊ. යට පක්‍ෂව උතුරේදී අදහස්‌ පළ කළ ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියගේ මන්ත්‍රී ධුරය වහා තහනම් කරන ලෙසට බල කරමින් සභා ගැබ තුළ ඝෝෂා කළ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් සෙංකෝලය පැහැර ගැනීමට වේත්‍රධාරීවරයා සහ නියෝජ්‍ය වේත්‍රධාරීවරයා සමඟ පොරබැදීම නිසා කථානායක කරු ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුව අද (04) පස්‌වරුව දක්‌වා…

අධ්‍යාපන වෘත්තීය සමිති දෙපිරිසක් ඉසුරුපාය ඉදිරිපිට වලියක
අධ්‍යාපන වෘත්තීය සමිති කිහිපයක් අද දින ආරම්භ කිරීමට නියමිතව තිබූ සංකේත වැඩ වර්ජනයක් සම්බන්ධයෙන් තවත් වෘත්තීය සමිති කිහිපයක් පරස්පර විරෝධී මත දැක්වීම නිසා අද පෙරවරුවේ බත්තරමුල්ලේ ඉසුරුපාය ඉදිරිපිට උණුසුම්කාරී තත්වයක් ඇති විය. මේ හේතුවෙන් බොරැල්ල කොට්ටාව ප්‍රධාන මාර්ගය මුළුමනින් අවහිරව තිබූ අතර එම ගැටුම සංසිදුවීමට පැමිණි පොලිස් නිලධාරීන් සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර උණුසුම් තත්වයක්…

විජයකලා ගැන තීරණයක්‌ ගන්න – කථානායක නීතිපතිට දන්වයි
විජයකලා මහේශ්වරන් රාජ්‍ය ඇමැතිවරිය කර ඇති ප්‍රකාශයෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හෝ පවතින නීතිය උල්ලංඝනය වී තිබේ ද යන්න විමර්ශනය කර නීතිමය පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට දැනුම් දීමට කථානායක කරු ජයසූරිය මහතා විසින් ඊයේ (03 ) සවස තීරණය කර ඇත.    මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇතිවූ උද්ඝෝෂණය නිසා සභාව කල් තැබූ පසුව කථානායකවරයා මෙම තීන්දුව ගෙන ඇත.

අපේ වැඩ පිළිවෙළ යාවත් කාලීන කළ මහින්ද චින්තනය මිසක් වියත් මග නොවෙයි
ඉදිරි මැතිවරණවල අපේක්ෂකයින් කවුරු වුවත් ඒ මැතිවරණ කරා යා යුත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් ලෙස යැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප‍්‍රකාශ කළේය.    ජනාධිපතිවරණයක් පැවැත්වීම නැවැත්විය යුතු බවත් ඒ සඳහා ජනමත විචාරණයක් ලබා ගැනීමට උත්සාහ කළ යුතු බවත් එය පවාසිදුවිය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා ගේ නායකත්වයෙන් යුතුව බවත්…

ලබන බදාදා වන විට හිඟ මුදල් නොගෙව්වොත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ණයට ඉන්ධන නිකුත් කරන්නේ නෑ
ලබන බදාදා වන විට හිඟ මුදල් නොගෙවන්නේ නම් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ණයට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවන බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසයි. එහි සභාපති ධම්මික රණතුංග මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ලිඛිතව දැනුම්දී ඇති බවයි. එළෙඹන බදාදා දින වන විට අදාළ හිඟ මුදල් ‍ ගෙවීමට කටයුතු නොකරන්නේ නම් බදාදායින් පසුව…

කෘෂිකර්ම අමාත්‍යාංශයට නැවත ගොවිජන මන්දිරයට යන්න නම් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඕනලු
කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා යළි බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ගොවිජන මන්දීරය ලබා ගන්නේ නම් ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය යුතු බව කෘෂිකර්ම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වන විට රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් තුළ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන අතර ඊට විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බව සඳහන්ය.2016 වසරේ සිට වසර 05ක් සඳහා අදාළ ගොඩනැගිල්ල…

උතුරු මහ ඇමැති ධුරයෙන් විග්නේෂ්වරන් අස්‌විය යුතුයි – උතුරු පළාත් විපක්‍ෂ නායක
නීතිරීති කිසිවක්‌ ගණන් නොගෙන තම අභිමතයට අනුව කටයුතු කරන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා අභියාචනාධිකරණයේ තීන්දුව ලද වහාම ඉල්ලා අස්‌විය යුතුව ඇතැයි උතුරු පළාත් සභාවේ විපක්‍ෂ නායක එස්‌. තවරාසා මහතා පැවසීය. යාපනයේදී පසුගිය 30 දා විශේෂ මාධ්‍ය හමුවක්‌ පවත්වා විපක්‌ෂ නායකවරයා කියා සිටියේ මහ ඇමැතිවරයා විසින් උතුරු පළාත් හිටපු අමාත්‍ය පී. ඩෙනීෂ්වරන් මහතාගේ ඇමැති…

ප්‍රභාකරන් සාධකය පිළිබඳ මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයක්‌ එළි දකී
වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් ලියනලද ප්‍රභාකරන් සාධකය පිළිබඳ මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයක්‌ නම් කෘතිය ගොඩගේ ප්‍රකාශකයන් විසින් එළිදක්‌වා තිබේ.     මෙම කෘතියෙන් වේළුපිල්ලේ ප්‍රභාකරන් තුළ තිබූ නායකත්ව සාධක මෙන්ම ඔහු තුළ තිබූ සමාජ විරෝධී පෞරුෂ ලක්‍ෂණද පෙන්වා දෙනු ලබයි. මෙම පොත පිළිබඳ අදහස්‌ දක්‌වන විශේෂඥ මනෝ වෛද්‍ය සරත් පඩුවාවල පෙන්වා දෙන්නේ ප්‍රභාකරන් සාධකයේ සැඟවුණු මනෝ…

අර්ජුනට ජනපතිගෙන් හා අගමැතිගෙන් දෝස් මුරයක්
මැ‍ලේසියාවේ ආධාර මත ඉන්ධන පිරිපහදුවක් ඉදිකිරීම සඳහා කැබිනට් මණ්ඩලය මීට පෙර ගෙන තිබූ තීන්දුවක් මේ වනතෙක් ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වෙත පසුගිය සතියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය ජනාධිපති කාර්යාලයේදී පසුගිය සතියේ රැස්වූ අවස්ථාවේදී තදින් දොස් පවරා ඇත. මෙම ඉන්ධන පිරිපහදුව ඉදිකිරීම පිළිබඳව වූ යෝජනාව පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත…

විදුහල්පතිට ගෙවිය යුතු ලක්ෂ දෙකහමාරෙ වන්දිය  5000 ගානේ ගෙවන්න අවසර ඉල්ලයි
  අනුරාධපුර නිවන්තකෙච්තිය හිටපු විදුහල්පතිට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ රුපියල් ලක්‍ෂ දෙකහමාරක වන්දි මුදල රුපියල් 5000 බැගින් ගෙවා දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ඉල්ලා සිටින බව උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න මහතා ‘දිවයින’ට 29 දා පැවසීය.    අධිකරණ තීන්දුවට තමා ගරුකර වන්දි මුදල ගෙවා දමන බවත් කී ජයරත්න මහතා මිලියන 500 ක පමණ…

තාජුඩීන් ඝාතන සමයේ මහින්දගේ සහ පවුලේ අයට ආරක්‍ෂාව දුන් නාවික නිලධාරීන්ගේ රාජකාරි ලේඛන නාවික හමුදා භාරයේ නැහැ
රගර් ක්‍රීඩක වසිම් තාජුඩීන් ඝාතනය සිදුවූ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ ආරක්‍ෂාව සඳහා අනුයුක්‌ත කර සිටි නාවික හමුදා නිලධාරීන්ගේ හා සෙබළුන්ගේ දෛනික රාජකාරි සටහන් ලේඛන නාවික හමුදා භාරයේ නොමැති බව නාවික හමුදාපතිවරයා ලිඛිතව දැනුම් දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා ඊයේ (29 ) කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ඉසුරු නෙත්ති…

ගෑස් 138 කින්  බහී…කිලෝ 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් 1538 යි
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138කින් පහළ දමා තිබේ. ඒ අනුව කිලෝ 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1538 දක්වා පහළ දමා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. සිකුරාදා (ඊයේ 29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල පහළ දමා ඇති බවද පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වන්නේද නව ක්‍රමයට පවත්වන්නේද යන තීන්දුව ජූලි මස 06 දා
පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වන්නේද නව ක්‍රමයට පවත්වන්නේද යන තීන්දුව ජූලි මස 06 දා පාර්ලිමේන්තුවේදී ගැනීමට නියමිතය. පළාත් සභා මැතිවරණය නව ක්‍රමයට පැවැත්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් යෝජනා කරන අතර සුළු ජාතික පක්ෂ ඇතුළු පක්ෂ කිහිපයක් යෝජනා කරන්නේ එය පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බවයි. කෙසේ නමුත් පළාත් සභා තුනක…