Category: සුපිරි News

  • සුගතදාස ක්‍රීඩාංගනයේ යාඥා මෙහෙයක්….. –  පුහුණුවෙන්න තැනක් නැතුව ලෝක ශූරයා ගෙදර

    සුගතදාස ක්‍රීඩාංගනයේ යාඥා මෙහෙයක්….. – පුහුණුවෙන්න තැනක් නැතුව ලෝක ශූරයා ගෙදර

     

    ලෝක කණිෂ්ඨ මළල ක්‍රීඩා උළෙලේ වත්මන් ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ 5 වන ස්ථානයේ සිටින කන්තලේ සේරුනුවර අරුණ දර්ශනටත් ඔහුගේ පුහුණුකරු අසංකටත් ෆින්ලන්තයට තරගාවලියට සහභාගී වීමට අවශ්‍ය පුහුණුව සදහා තවමත් පහසුකම් ලැබී නොමැති බව ශ්‍රී ලංකා මාවන හිමිකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

    “සුගතදාස ක්‍රීඩාංගනය මේ වන විට යාඥා මෙහෙයක් සදහා වෙන් කර ඇති නිසා තවත් දින කිහිපයකින් අරුණට පුහුණුව සදහා ස්ථානයක් අහිමිවනු ඇත. ලෝකයම බලාගෙන සිටින මෙම ක්‍රීඩකයාට පුහුණුවට තැනක් ලංකාවේ නොමැති බැවින් ඊට ඇති එකම විකල්පය පුහුණුව සදහා හැකි ඉක්මනින් ඔහු ෆින්ලන්තය වෙත යැවීම බව ඔවුන් පෙන්වා දෙයි. නමුත්, ඒ සදහා කිසිදු පියවරක් මේ දක්වා ගෙන නැත”.

    “ඊයේ දිනයේ අරුණ දර්ශනට ෆින්ලන්ත තරඟාවලියට අවශ්‍ය උපකරණ පෞද්ගලික මට්ටමින් ඔහු වෙත ලබාදෙනු ලැබීය. ඔහුට උපකාර කරන කිසිදු පුද්ගලයෙකුට ඔහුට සුදුසු ක්‍රීඩාංගනයක් ලබාදීමට හැකියාවක් නැත. මේ පිළිබද ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතාගෙන් මෙයට පෙර ඉල්ලීමක් ද කර තිබුණි. මේ සම්බන්ධයෙන් වන දෙවන සිහිකැඳවීමේ ලිපියද අද (29) වන දින ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්, කමල් පද්මසිරි මහතා වෙත යොමු කරනු ලැබීය”.

    එළඹෙන ජූලි මස පළමු සතියේ අරුණ දර්ශන එහි යාමට නියමිතය.

  • ඊළඟ පාසැල් වාරයේ සිට උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමි‍ලේ  ටැබ් පරිගණක ස්තීරයි

    ඊළඟ පාසැල් වාරයේ සිට උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමි‍ලේ ටැබ් පරිගණක ස්තීරයි

    උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නොමි‍ලේ ටැබ් පරිගණක දිමේ ව්‍යාපෘතිය ස්ථිර වශයෙන්ම ක්‍රියාත්මක කිරීමට අගමැතිවරයා සහ අධ්‍යාපන ඇමැතිවරයා තීරණය කර තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ටැබ් පරිගණක දීම එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ මැතිවරණ ප්‍රතිඥාවක්ද  වන අතර උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නොමි‍ලේ ටැබ් පරිගණක දීම නියමු ව්‍යාපෘතියක් ආකාරයට ක්‍රියාත්මක කරන්නැයි අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ වී ඇත.

    එමෙන්ම මෙම වැඩපිළිවෙල ස්ථිර වශයෙන්ම ක්‍රියාත්මක කළයුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරු දැඩි ස්ථාවරයක සිටින බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කරයි.ඒ  අනුව ඊළඟ පාසැල් වාරයේ සිට උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමි‍ලේ  ටැබ් පරිගණක දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

  • රට විකුණපු රාජපක්ෂලගේ හොරකම් සොයන්න ඉල්ලමින් වෙබ් මාධ්‍යවේදියෝ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට…..

    රට විකුණපු රාජපක්ෂලගේ හොරකම් සොයන්න ඉල්ලමින් වෙබ් මාධ්‍යවේදියෝ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට…..

    රාජපක්ෂලා හොරු කියලා මේ ආණ්ඩුව කියනවානම් ආණ්ඩුවට හොරු එක්ක ඩීල් එකක් නෑ ඩීල් එක තියෙන්නේ රටේ ජනතාව එක්ක කියලා ආණ්ඩුව කියනවානම් මේ රට චීනයට උගස් තියපු ආකාරය ගැන සේවිම සදහා වහාම ජනාධිපති කොමිසමක් පත් කිරිමට කටයුතු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ සභාපති චතුරංග ද අල්විස් පවසයි.

    වෙබ් අඩවි ඇතුලු මුද්‍රිත/ විද්යුත් නාලිකා හරහා අනාවරණය කරන දුෂණ වංච සම්බන්ධයෙන් පරික්ෂණය කිරිම පසෙකලා එම තොරතුරු අනාවරණය කල මාධ්‍යවේදීන් පසුපස හබා යෑම පාලක පක්ෂයේ සාමාන්‍ය සිරිත වි ඇති බවයි 2015 පැවති ජනාධිපතිවරණය වෙනුවෙන් චයිනා හාබර් සමාගම ඩොලර් මිලියන 7.6 ක මුදලක් වියදම් කිරිම පිළිබඳව නිව්යෝර්ක් ටයිම්ස් (The New York Times) පුවත් පත කල අනාවරණය පිළිබඳව වහාම පරික්ෂණයක් ඉල්ලා වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය (NMWJ) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට(FCID)පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු සදහන් කර සිටියේ.

    “2015 පැවති ජනාධිපතිවරණය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ වියදම් සඳහා චයිනා හාබර් සමාගම ඩොලර් මිලියන 7.6 ක මුදලක් වියදම් කිරිම සම්බන්ධයෙන් ගවේෂණාත්මක අනාවරණයක් නිව්යෝර්ක් ටයිම්ස් පුවතේ පතේ දකුණූ ආසියානු වාර්තාකාරිනී Maria Abi-Habib කරලා තියෙනවා.

    “මේක නිකන්මනිකන් සල්ලි ගැනිල්ලක් නොවෙ රටවල් දෙක්ක අතර සිදුවන ගණුදෙනුවක් ඇගේ අමාරුවට සල්ලි දෙන රටවල් නෑ ඉතාම පැහැදිලිව මොන ආණ්ඩුවක් හරි වෙනත් රටකින් සල්ලි ගන්නවා නම්,ඩීල් කරනවා නම් ඒ පිටුපස භයානක කුමන්ත්‍රණයක් තියේන බව අපි අමුතුවෙන් කියන්න ඔනේ නෑ.

    “ඒ වගේම ඇයගේ අනාවරණයේදි ඇය විසින් මෙම අදාළ මුදල් රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතු සදහා ලබාදිම සදහා භාවිතා කර ඇත්තේ හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වූ “HPDP Phase 2″ නම් වූ චීනයේ වරාය පාලනය කරන ගිණුමක් හරහා බවත් ඇය විසින් අනාවරණය කරල තියේනවා.” “එහෙනම් දැන් මොකක්ද ප්‍රශ්ණය වහාම පරික්ෂණයක් කරන්න.ජනාධිපති කොමිසමක් පත් කරන්න,රට පාවාදිලා ඡන්ද කරපු අය අල්ලන්න .ඒ නිසා අපි කියනවා වහාම පරික්ෂණ ආරම්බ කරන්න.

    ඒ විතරක් නොවේ රාජපක්ෂලාත් දැන් එලියට ඇවිල්ලා කියන්න ඇත්ත මොකක්ද කියලා.ඔය පන්සලකට දෙකකට ගිහින් උනත් කියන්න පුලුවන්නේ අපේ ගත්තේ නෑ හමුදුරුවනේ අපිට දුන්නා විතරයි කියලා …” ඔන්න මහින්ද මහත්තයා කැමතිනම් අර නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවේ තියේන ඇමරිකානු ඩොලර් 38,000 ක මුදලක් අරන් නිවන් යන්න හදපු හමුදුරුවන්ගේ පන්සලට ම ගිහින් කියන්නත් පුලුවන්..

    ඒ නිසා මහින්ද මහත්තයා ඔලුවට වෙඩි තිය ගන්න ඔනෙ නෑ අර සාස්තර කාරයෝ වගේ එන්න ජනතව ඉදිරියට ඇවිල්ලා ඇත්ත කියන්න… එහෙම උනොත් ජනතාව සලකා බලයි…

    වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට(FCID) කල පැමිණිල්ලද මේ සමග එවා ඇත.

    (සැ:යු අදාල පැමිණිල්ලේ ඉංග්‍රීසී පරිවර්තනය ලැබිමට සලස්වනු ලැබේ )

    පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂක, මූල්‍ය අපරාධ විමර්ශන අංශය, අංක 356 බී, කොළඹ 03. 22.06.2018 අධ්‍යක්ෂකතුමණි, 2015 පැවති ජනාධිපතිවරණය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ වියදම් සඳහා චයිනා හාබර් සමාගම ඩොලර් මිලියන 7.6 ක මුදලක් වියදම් කිරිම සම්බන්ධයෙන් නිව්යෝර්ක් ටයිම්ස් (New York Times) පුවත් පත විසින් කරන ලද අනාවරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස කරන ලබන ඉල්ලිමයි. හම්බන්තොට වරාය ඉදිකිරිම් කටයුතු කල චයිනා හාබර් සමාගම (China Harbour Engineering Company) 2015 ජනාධිපතිවරණය සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යපාරය වෙනුවෙන් අවස්ථා කිහිපයකදි ඩොලර් මිලියන 7.6 ක මුදලක් ලබාදි ඇති බව පසුගිය 25 වැනිදා නිව්යෝර්ක් ටයිම්ස් (New York Times) පුවත් පතේ දකුණූ ආසියානු වාර්තාකාරිනී Maria Abi-Habib කල ගවේෂණාත්මක අනාවරණයේ සදහන් වුණා. ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකර රටට ඇත්ත අනාවරණය කරන ලෙස අපි වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ලෙස මූල්‍ය අපරාධ විමර්ශන අංශයෙන් ඉල්ලා සිටිමු.

    අදාළ සමාගමේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවෙහි (Standard Chartered)ගිණුමෙන් ඩොලර් මිලියන 7.6 ක මුදලක් මහින්ද රාජපක්ෂගේ සම්පූර්ණ මැතිවරණ ව්‍යාපාරය සදහා ලබාදි ඇති අතරම එම බැංකු ගිණුමේ ගිණුම් වාර්තා ලේඛනය විස්තර අනුව එහි සත්‍යතාව තහවුරු කර ගැනිමට හැකියාව ලැබි තිබෙන බව ඇය විසින් තම වාර්තාවේ සදහන් කර තිබේ.

    අදාළ මුදල් රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතු සදහා ලබාදිම සදහා භාවිතා කර ඇත්තේ හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වූ “HPDP Phase 2” නම් වූ චීනයේ වරාය පාලනය කරන ගිණුමක් හරහා බවත් ඇය විසින් අනාවරණය කර සිටි. ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර දින 10කට පෙර ඩොලර් මිලියන 3.7 ක චෙක්පත් රාජපක්ෂ මහතාගේ සමිපතමයන්ට බෙදා දිමට කටයුතු කර ඇති බවත් ඊට අමතරව බෞද්ධ භික්ෂුවකට ඩොලර් 38,000 ක මුදලක් ගෙවා ඇති බවත් එම පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.

    මෙයට අමතරව මිලියන 1.7 ක චෙක්පත් ස්වේච්ඡා සේවකයන් හට බෙදා දිම සදහා අරලියගහ මන්දිරයට භාර දිමටද කටයුතු කර ඇති බවත් එම අනාවරණයේ සදහන් වේ. පසුගිය කාලය පුරාවම පුවත්පත් මෙන්ම වෙබ් අඩවි ඇතුලු මාධ්‍ය හරහා අනාවරණය කරන ලද රටේ සිදුවන දුෂණ, කොල්ලකෑම්, වංචා මෙන්ම ඝාතනයන් සම්බන්ධයෙන් නිසි පරික්ෂණයක් සිදු නොවු බව අප සියලුම දෙනා පිළිගත යුතු සත්‍යයකි. රට හමුවේ අනාවරණය වන දුෂිත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සොයා ඒවාට වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනිම වෙනුවට අදාළ දුෂණ,වංචා මෙන්ම ඝාතනයන් අනාවරණය කල මාධ්‍යවේදීන්ට සිය ජිවිත වලින් පවා වන්දි ගෙවන්නට පසුගිය කාලයේ සිදුවිය. ඒ හේතුවෙන් එම පරීක්ෂණ ලෙසටම මේ සම්බන්ධයෙන් ද කටයුතු නොකොට නිව්යෝර්ක් ටයිම්ස් (New York Times) පුවත් පත කර ඇති මේ අනාවරණය සම්බන්ධයෙන් වහාම විධිමත් පරික්ෂණයක් සිදුකරන ලෙසත් ඒ හරහා එම වාර්තාව අනාවරණය කර ඇති තොරතුරු සත්‍යද? නැතිනම් අසත්‍යද යන්න ස‌ොයා බලා එලිකරන්න…

     

  • ගත වූ මාස 5 තුළ ‍පොලීසියට එරෙහිව ජාතික ‍පොලිස් කොමිෂන් සභාව වෙත පැමිණිලි 625ක්

    ගත වූ මාස 5 තුළ ‍පොලීසියට එරෙහිව ජාතික ‍පොලිස් කොමිෂන් සභාව වෙත පැමිණිලි 625ක්

    මෙම වසරේ ගත වූ මාස පහක කාලය තුළ ‍පොලීසියට එරෙහිව ජාතික ‍පොලිස් කොමිෂන් සභාව වෙත පැමිණිලි 625ක් ලැබි ඇති බව ජාතික ‍පොලිස් කොමිෂන් සභාව පවසයි.

    2018 ජනවාරි 1දා සිට මැයි මස 31 දින දක්වා ලැබි ඇති මෙම පැමිණිලිවලින් 264කට විසඳුම් ලබාදී ඇති තර පැමිණිලි 361කට විසඳුම් ලබාදීමට නියමිත බවද එම කොමිසම පවසයි.

    මෙහිදී වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබි ඇත්තේ ‍පොලීසිය නිසි අයුරින් ක්‍රියා නොකිරීම සම්බන්ධයෙනි. ඒ පැමිණිලි 237ක් වශයෙනි. බලය අයුතු ලෙස යෙදවීම සම්බන්ධයෙන් පැමිණිලි 173ක්, පක්ෂග්‍රාහීව කටයුතු කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 91ක්, ව්‍යාජ චෝදනා ඉදිරිපත් කර නඩු පැවැරීම් 42ක්, පහරදීම් 15ක්, වධහිංසා කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 3ක්, නීතිවිරෝධි අත්අඩංගුවට ගැනීම් 5ක්, ‍පොලිස් අත්අඩංගුවේදී මියයාම් සම්බන්ධයෙන් පැමිණිලි 2ක්, අල්ලස් හෝ දූෂණ සම්බන්ධයෙන් පැමිණිලි 3ක්, වෙනත් පැමිණිලි 45ක් ලෙස මෙම පැමිණිලි ලැබි තිබේ.

  • දුම්කොළ ගොවීන්ට විකල්ප භෝග වගා හඳුන්වා දිමට කටයුතු කල යුතුයි

    දුම්කොළ ගොවීන්ට විකල්ප භෝග වගා හඳුන්වා දිමට කටයුතු කල යුතුයි

    වාර්ෂිකව අප රුපියල් මිලියන 64,400 ක මුදලක් කිරිපිටි ආනයනය සඳහා වැය කරන බවත්, දුම්කොළ වගාව හා ආනයනය සඳහා අප වසරකට රුපියල් මිලියන 106,260 ක් වැය කරන බවත්, දුම්කොළ භාවිතය නිසා ජනතාවගේ සෞඛ්‍ය පිරිහෙන බවත්, 2020 වන විට දුම්කොළ වගාව හා ආනයනය තහනම් කිරීමට රජය පියවර ගෙන තිබෙන බැවින් දුම්කොළ ගොවීන් සදහා විකල්ප  භෝග වගාවන් හදුන්වා දියයුතු බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කොළඹ පැවති “යෝජිත දුම්කොළ වගා තහනම් සහ වෙනත් භෝග වෙත යොමු වීමේ අවස්ථා ගොවීන්ගේ ඇසින්”නැමැති දුම්කොළ වගාව ආශ්‍රිත පර්යේෂණ වාර්තාව නිකුත් කිරීමේ උත්සවයේදී ය. මෙම පර්යේෂණ වාර්තාව සම්පාදනය කර ඇත්තේ වෛද්‍ය  චතුර රොද්‍රිගෝ මහතාය. ඔහු මෙම වාර්තාවේ පිටපතක් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට පිළිගැන්වීය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේ ද පැවසීය.

    “2020 දී ශ්‍රී ලංකාවේ දුම්කොළ වගාව වගේම දුම්කොළ හා දුම්වැටි ආනයනයද තහනම් කිරීමට රජය බලාපොරොත්තු වෙනවා. මේ දුම්කොළ නිසා දිනකට මිනිස් ජීවිත 33 ක් පමණ අපට අහිමි වෙලා යනවා. අපේ රටේ මිලියන 02 කට වැඩි පිරිසක් සෑම දිනකම දුම්කොළ පරිභෝජනයට පෙළඹී සිටිනවා. මේ සඳහා අපි දිනකට රුපියල් මිලියන 200 කට වැඩි මුදලක් වැය කරන බව වාර්තා වෙලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව 2015 වසරේදී ශ්‍රී ලංකාවේ දුම්වැටි පරිභෝජනය සඳහා සෘජුව හා වක්‍රව වැය කළ මුදල රුපියල් බිලියන 106 ක් හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 662 ක් වූ බව ඇස්තමේන්තු කරලා තියෙනවා. ඒ වගේම අපි වාර්ෂිකව ඩොලර් මිලියන 660 ක් හෙවත් රුපියල් මිලියන 106,260 ක් හෙවත් කෝටි 10,626 ක් දුම්කොළ භාවිතයේ ප්‍රතිඵල නිසා ඇතිවන රෝගවලට, ඖෂධ හා ප්‍රතිකර්ම සඳහා වැයකරනවා. එම නිසා මෙම පර්යේෂණ වාර්තාව අපට ඉතා වැදගත් වෙනවා. මේ වාර්තාව පිළියෙල කරලා තියෙන්නේ, දුම්කොළ වගා කරන ගොවීන්ගේ අදහස්ද එකතු කරලා, දුම්කොළ වෙනුවට විකල්ප භෝග වර්ග වගා කිරීමට යොමු වන්නේ කෙසේද යන්න අවධාරණය කිරීමටයි. මෙහිදී අපි අවබෝධ කර ගත යුත්තේ දුම්කොළ වගාව සඳහාත්, භාවිතය සඳහාත්, ආනයනය සඳහාත් අපි වැය කරන විශාල මුදල ගැන සළකා බලන විට අපේ රජය ඉතාමත් ඥාන්විත පියවරක් තමයි මේ වන විටත් අරන් තියෙන්නේ. අපි කිරිපිටි ආනයනයට වසරකට වැයකරන මුදලට වඩා සියයට 55 % කින් පමණ වැඩි වියදමක් දුම්කොළ භාවිතයට හා ආනයනයට වැය කරනවා.

     ඒ වගේම වාර්ෂිකව අපි දුම්කොළ සඳහා වැයකරන වියදම 2015 දී හා 2016 දී මෙරට ඇති වූ ගංවතුර සහ නායයෑම් ආපදා සඳහා වැය වූ මුදලට සමාන වෙනවා. මෙයින් පැහැදිලි වන්නේ මේ දුම්කොළ භාවිතය නිසා අපගේ ආර්ථිකයට බලපා තිබෙන අහිතකර තත්ත්වයයි. එම නිසා අපේ රජය උත්සාහ කරන්නේ දුම්කොළ ආශ්‍රිතව සකස් වී තිබෙන ආර්ථික ක්‍රමය වඩාත් ඵලදායී ජීවනෝපාය ක්‍රමයක් වෙත යොමු කරමින් විකල්ප භෝග වගාවන් වෙත දුම්කොළ ගොවි ජනතාව පරිවර්ථනය කිරීමයි. අපට වාර්තා වී ඇති අන්දමට මෙරට දුම්කොළ නිෂ්පාදනය වසරකට ටොන් 3,300 ක් පමණ වෙනවා. මේ සඳහා කෘෂිකාර්මික ඉඩකඩම්වලින් සියයට 0.07% ක් දුම්කොළ වගාව සඳහා වෙන් වෙනවා.” යැයි පැවසීය. 

  • කොළඹ තර්ස්ටන් විදුහලේ සා/පෙ සිසුවකුට ශිෂ්‍ය නායකයින් ඇතුළු සිසුන් 40ක් එක්ව පහර දෙයි… සිසුවාට අසාධ්‍යයි

    කොළඹ තර්ස්ටන් විදුහලේ සා/පෙ සිසුවකුට ශිෂ්‍ය නායකයින් ඇතුළු සිසුන් 40ක් එක්ව පහර දෙයි… සිසුවාට අසාධ්‍යයි

    සිසුන් පිරිසකගේ පහර දීමක් හේතුවෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සාමාන්‍ය පෙළ සිසුවෙකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුලත් කර ඇත.එම පාසලේ ශිෂ්‍ය නායකයින් කිහිපදෙනෙකු ඇතුලූ සිසුන් 40 දෙනෙකු පමණ එක්ව ඊයේ පස්වරුවේ මෙම පහරදීම සිදු කර ඇති බවයි වාර්තා වන අතර පහරකෑමට ලක්වූ සිසුවා හදිසි අනතුරු ඒකකයට ඇතුලත් කර ඇත්තේ රග්බි පුහුණුවීම් අතරතුර අනතුරක් සිදුවූ බව පවසමින් බව රෝහල් ආරංචි මාර්ග වල සඳහන් වේ.
    ප‍්‍රතිකාර ලබා දීමෙන් පසු අදාළ සිසුවා රෝහලෙන් පිටව ගොස් ඇත.එහෙත් ඔහු යළිත් අසාධ්‍ය වීම හේතුවෙන් ඊයේ සවස මවුපියන් විසින් අදාළ සිසුවා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කර ඇති අතර ඔහු තවමත් නේවාසිකව ප‍්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් වේ.
  • විමල් වීරවංශ කියන දේවල් රටේ ජනතාව දැන් ගණන් ගන්නේ නැහැ

    විමල් වීරවංශ කියන දේවල් රටේ ජනතාව දැන් ගණන් ගන්නේ නැහැ

    දන්නේ නැහැ මතක නැහැ කියන්න විමල් වීරවංශ මහත්තයා දැන් පටන් අරගෙන තියෙනවා. ඔහුට අමතක වීමේ ලෙඩේ හැදි ඇති බැව් සමාජ සවිබලගැන්වීමේ ඇමැති පී. හැරිසන් මහතා ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ සමෘද්ධි නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවට සහභාගි වීමෙන් පසුගිය දිනකදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසීය.
     
     විමල් වීරවංශ මහත්තයාට කියන්න ඕන මුලින්ම කරුණා අම්මාන් ගෙනවිත් ශ්‍රී ල. නි. පක්‌ෂයේ උප සභාපති කරලා පාර්ලිමේන්තුවටත් ගෙනවිත් ඉස්‌සෙල්ලා ඒ අයට කිරි පෙව්වේ මහින්ද රාජපක්‌ෂ මහත්තයා බව. පිල්ලෙයාන් ගෙනවිත් මහ ඇමැති කරලා එකටයුතු කළේත් ශ්‍රී ල. නි. පක්‌ෂය මගින්. පඩි ගෙව්වා යන්න එන්න හෙලිකොප්ටර් දුන්නා. ඒ විතරක්‌ නෙවෙයි මහින්ද රාජපක්‌ෂ මහත්තයාගේ කාලේ ඒ අය දසදහසකට වැඩිය පුනරුත්ථාපනය කරලා අවශ්‍ය පහසුකම් ලබාදුන්නා. එල්. ටී. ටී. ඊ. අය පුනරුත්ථාපනය කිරීම පටන් ගත්තේ ඒ කාලයේ විමල් වීරවංශ ඒ කාලයේ ලංකාවේ හිටියේ නැද්ද කියලා මට ප්‍රශ්නයක්‌ තියෙනවා. විමල් වීරවංශට අමතක වීමේ ලෙඩ හැදිලා වගේ මට පේන හැටියට. එතුමා දන්නේ නැහැ මතක නැහැ කියන්න දැන් පටන් අරගෙන වගේ. මෙයා මේවා හිතාමතාකරණවාද අපිව අන්දන්න කරනවාද කියලා ප්‍රශ්නයක්‌ තියෙනවා. මේවා රටේ ජනතාව බලාගෙන ඉන්නවා. විමල් වීරවංශ කියන දේවල් රටේ ජනතාව දැන් ගණන් ගන්නේ නැහැ. යහපාලන ආණ්‌ඩුව වැටෙනවා වැටෙනවා කියලා දැන් අවුරුදු ගාණක්‌ තිස්‌සේ කියනවා තවම වැටුණේ නැහැනේ. මේ අයට වෙන්නේ අර එළුවාට වෙච්ච දේ යෑයිද ඇමැතිවරයා මෙහිදී කීවේය.

  • නිව්යෝක් ටයිම්ස් ලිපිය ගැන සොයන්න ජනාධිපති කොමිසමක් පත්කල යුතුයි

    නිව්යෝක් ටයිම්ස් ලිපිය ගැන සොයන්න ජනාධිපති කොමිසමක් පත්කල යුතුයි

    හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සඳහා ලබා දුන් ණය මුදලින් හිටපු ජනාධිපතිවරයා තම මැතිවරණ කටයුතුවලට ඩොලර් මිලියන 7.6 ක් වියදම් කර ඇතැයි නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළවී ඇති ආන්දෝලනාත්මක හෙළිදරව්ව පිළිබඳව සොයා බැලීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්  පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ උපදේශක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවැසයි.

    එමෙන්ම මේ සිද්ධිය සම්බන්ධව පාර්ලිමේන්තුවේ විවාදයක් ඉල්ලන ලෙස විපක්ෂ නායකවරයාගෙන් , විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගෙන් මෙන්ම ඒකාබද්ධ විපක්ෂයෙන් ද ඉල්ලා සිටින බවත් රාජගිරිය දූෂණ විරෝධී පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (28) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම කියා සිටි අතරතවදුරටත් අදහස් දැක්වූ වර්ණසිංහ මහතා මෙසේ ද කියා සිටියේය.

    “නිව්යෝක් ටයිම්ස් පුවත්පත කළ හෙළිදරව්ව ඇඟ කිළිපොලා යන එකක්. හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා එක්සිම්  බැංකුවෙන් ගත් ඩොලර් මිලියන 307 ක මුදලින් යම් කොටසක් හිටපු ජනාධිපතිවරයා ලබාගත් බවට එම පුවත්පත හෙළි කර තිබෙනවා.

    ඒ මුදල ඩොලර්  මිලියන 7.5ක්. රුපියල් වලින් කෝටි 59ක්. එය ව්‍යාපෘතියට අදාල සමාගම වන චයිනා මර්චන්ට් සමාගම තම අනුගිණුමකින් ගෙවා තිබෙනවා.

    ජනාධිපතිවරණයේ දී සිල් රෙදි, සාරි , ඔරලෝසු , ටී ෂර්ට් , යට ඇඳුම් බෙදුවේ මේ සල්ලිවලින් විය හැකියි. රටම ණය උගුලක දමමින් මහින්ද රාජපක්ෂ මහතා වරාය හදන්න ගත්තු සල්ලි අවභාවිත කළා.

    එහෙමනම් අපි අහන්න කැමතියි එතුමා ගත් මුදල් අවභාවිතා නොකලා කියන්න පුළුවන්ද? රටම ණය කන්දක්. සියයට අටේ ගිනි පොලියට ගත් ණය යොදවලා මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ ව්‍යාපාරය කරල තිබෙනවා. මේ වසරේ විතරක් ණය පියවීමට අපට රටක් ලෙස ඩොලර් මිලියන 14.8 ක් ගෙවන්න වෙලා තිබෙනවා. රටේ වාර්ෂික ආදායම  කියද? ඩොලර් මිලියන 12.2යි. එහෙම නම් රටේ ආදායම මදි මේ ණය ගෙවන්න.

    මේ ආකාරයට ණය අරන් ඒවා ගෙවන්න වෙලා තියෙන්නේ රටේ දෙකෝටි විසි ලක්ෂයක් ජනතාවට කන බොන සියලු දේවලින් බදු ගෙවමින් ගෙවන්න වෙලා තියෙනවා. රාජපක්ෂ මැතිතුමා එක අවස්ථාවක කියා සිටියා තමන් එක ඩොලරයක් හෝ හොරකම් කර තියෙනවා කියා ඔප්පු කළොත් ඔළුවට වෙඩි තියා  ගන්නවා කියලා. අපි අහන්න කැමතියි එකක් නොවෙයි 7.6ක් අවබාවිතා කරල තියෙන එක ගැන මොකද කියන්නේ කියලා.

    නිව්යෝක් ටයිම්ස් මේ හෙලිදරව්ව කරලා දින කිහිපයක් ගත වෙලා. හැම වලාවෙම රටේ තත්ත්වය ගැන වොයිස් කට් දෙන මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇයි නිහඬ කියා අපි අහන්න කැමතියි. පන්සලකට ගියත් පිංකමකට ගියත් රටේ ප්‍රශ්න ගැන කතාකරන එතුමා තවම එක වචනයක් වත් කියල නැහැ.

    ඇයි ඒකාබද්ධ විපක්ෂය වත් පොහොට්ටුව හෝ ආර්ථික පර්යේෂණ ඒකකය හෝ අනාගතයේ දී මේ රට බාර අරන් ආර්ථික උපදේශකකම් කරන්න බලා ඉන්න අය හෝ මේ ගැන කතා කරන්නේ නැත්තේ? නාමල් රාජපක්ෂ මහත්තයා ට්විටර් පණිවිඩයක් නිකුත් කර තියෙනවා.

    මේකෙ තවත් හෙළිදරව්වක් කරල තියෙනවා. ස්වාමින් වහන්සේ නමකට ජනාධිපතිවරණය ආසන්නයේ දී අවශ්‍ය කටයුතු කරගෙන යාමට ඩොලර් 38,000 ක් දීල තියෙනවා කියා එහි කියනවා. කවුද මේ. පන්සල්වලට වාහන දුන්නද එහෙම නැත්නම් වෙනත් වරදාන වරප්‍රසාද දුන්නද?  චයිනා මර්චන්ට් සමාගමට අයත් ගිණුමකින් තමයි මේ මුදල් දීල තියෙන්නේ.මේවා බරපතල සැකයක් මතුවෙනවා හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිනි සෙනරත් මහතාට චෝදනාවක් එල්ල වුණා අරලිය ගහ මන්දිරයේ තිබුණු මුදල් වාහන වලින් රැගෙන ගියා කියලා.

    ඒ මුදල් ගෙනයාමේ දී ගෝනිවල ගෙන ගියා කියා රියැදුරු කියා තිබෙනවා. එදා ඒ මුදල් සමඟ කාර්යමණ්ඩල ප්‍රධානියා චීන මුදලුත් ගෙන යන්න ඇති.

    මේ සිදුවෙලා තියෙන අවභාවිතය පිළිබඳව පාර්ලිමේන්තුව තුළ විවාදයක් කරන්න ඕන. හැම දේටම විවාද ඉල්ලන ඒකාබද්ධ විපක්ෂයට අපි කියනවා විවාදයක් මේ ගැනත් ඉල්ලන්න කියලා.

    නිව්යෝක් ටයිම්ස් පුවත්පත කියන්නේ ඇත්තද නැත්තද කියල දැනගන්න ජනතාවට අයිතියක් තියෙනවා. හිටපු ජනාධිපතිවරුන්ටත් අනාගතයේ ජනාධිපතිවරු වෙන්න ඉන්න රාජපක්ෂවරුන්ටත් මඩ ගහන්න ගන්න උත්සාහයක් කියල කියන්න ඉඩ තියෙනවා. ඇමරිකාව කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන් කිව්වට ඇමරිකන් පුරවැසිභාවය තියෙද්දි ජනාධිපතිකම ඉල්ලනවා.

    මේ රට සංවර්ධනය කරන්න ඕන කියල කියනවා නම් මේ ලංකාවේ අමාත්‍යංශයක ලේකම් ධුරයක් දරන්නේ නැතිව ඇමරිකවේ පුරවැසිකම තියාගෙන ඉන්නේ.

    ඇමෙරිකාවට බනින ගමන් පුරවැසිකම තියන් ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමන් ගෙන් ඉල්ලනවා මේ ගැන විවාදයක් ඉල්ලන්න කියලා. ඒකට ඇවිත් උත්තර දෙන්න කියා ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න ආර්ථික මහාචාර්යවරු , ආර්ථික පර්යේෂක බන්දුල ගුණවර්ධන ශූරින්ට, අජිත් නිවාඞ් කබ්රාල්ට පුළුවන් විය යුතුයි.

    මේ මුදල්වලින් මොනවද කළේ? හාමුදුරුවරුන්ට හෝ වෙනත් අයට හෝ අල්ලස් ලෙස මොනවද දුන්නේ කියා හෙළි කළ යුතුයි. ඡන්ද දායකයන්ට අල්ලස් දුන්නද? මේවා ජනතාව දැනගත යුතුයි. ‘‘

  • යාපනයේ ඝාතනයට ලක් වූ දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදු වූ පරික්ෂණ කටයුතු පිළිබඳ සැහීමකට පත්විය නොහැකි බව පවසමින් පාර වසා විරෝධතා…

    යාපනයේ ඝාතනයට ලක් වූ දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදු වූ පරික්ෂණ කටයුතු පිළිබඳ සැහීමකට පත්විය නොහැකි බව පවසමින් පාර වසා විරෝධතා…

    යාපනය වඩුක්කොඩයි සිත්තංකේනි මන්සන්ධියේදී අද (28) ප්‍රදේශවාසීන් හා පාසල් දරුදැරියන් පිරිසකගේ සහභාගීත්වයෙන් විරෝධතාවක් පැවත්වුනේ සුලිපුරම් ප්‍රදේශයේදී ඝාතනයට ලක් වූ දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදු වූ පරික්ෂණ කටයුතු පිළිබඳ සැහීමකට පත්විය නොහැකි බව පවසමිනි.

    අදාල විරෝධතාව හේතුවෙන් මණිප්පායි පොන්නාලෙයි ප්‍රධාන මාර්ගයේ ගමන් කටයුතු වලටද බාධා එල්ල වී ඇති අතර පොලීසියේ මැදිහත් වීමෙන් ගමනාගමන කටයුතු සාමාන්‍ය අයුරින් පැවත්වීමට කටයුතු සිදු කොට ඇත.

    විරෝධතාවයේ යෙදුනු පිරිස් විසින් ප්‍රධාන කරුණු තුනකට විරෝධය පල කෙරෙන අතර එහිදී මිය ගිය 06 හැවිරිදි ශිවනේස්වරන් රෙජීනා දැරියගේ මරනය සම්බන්ධයෙන් මුලදී සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඉන් පස් දෙනෙකු පොලිස් ඇප මත මුදා හැරීම් පිළිගත නොහැකි බවටත් පාසල් දැරියගේ මරණය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයටත් ළමාරක්ෂණ අධිකරියටත් පරික්ෂණයක් සිදු කරන ලෙසට කරන ලද ඉල්ලීම් වලට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොමැති වීමත් පාසල් දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු සිටින බැවින් ඔවුන් අත්අඩංගුවට ගත යතු බවටත බල කරමින් මෙම විරෝධතාවය පැවත්වෙයි.

    06 හැවිරිදි ශිවනේස්වරන් රෙජීනා දැරියගෙ මළ සිරුර පසුගිය 25 වනදා සුලිපුරම්හි ළිඳක තිබී සොයාගත් අතර පසුව මරණය ගෙල සිර කොට මරදමා ඇති බවට පශ්චාත් මරණ පරික්ෂණයෙන් අනාවරනය වූ අතර ඒ සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මේ වන වට රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.

  • අනේ ඡන්දය කල්දාන්න එපා… මැකෝ කථානායකගෙන් ඉල්ලයි

    අනේ ඡන්දය කල්දාන්න එපා… මැකෝ කථානායකගෙන් ඉල්ලයි

    පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් නොදමන ලෙසත් එම මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීතිමය පදනම හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවෙන් සකසා දෙන ලෙසත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කතානායක කරු ජයසුරිය මහතාගෙන් මේ පිළිබදව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී අද(28) උදේ කතානායකවරයා හමුවු අවස්ථාවේදී විශේෂ ඉල්ලිමක් කර ඇත.

     

  • විදුහල්පතිට ලක්ෂ දෙකහමාරක් වන්දි ගෙවන්න උතුරුමැද මහ ඇමැතිට නියෝග

    විදුහල්පතිට ලක්ෂ දෙකහමාරක් වන්දි ගෙවන්න උතුරුමැද මහ ඇමැතිට නියෝග

    උතුරු මැද පළාත් මහ ඇමති පේෂල ජයරත්න මහතා විසින් අනුරාධපුර නිවන්තකචේතිය මහා විද්‍යාලයේ පැවති උත්සවයකදී තමන්ව බුලත් අතක් දී නොපිළිගැනීම නිසා එම විදුහල්පතිවරයාට බැන වැදී , තර්ජනය කර ස්ථාන මාරු කිරීමෙන් එම විදුහල්පතිවරයා ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වන්දි ලෙස රුපියල් ලක්ෂ දෙකහමාරක් එම විදුහල්පතිවරයාට ගෙවන ලෙසද අධිකරණය උතුරුමැද පළාත් මහ ඇමතිවරයාට අද (28) නියෝග කළේය.

    රජයේ මුදලින් තවත් රුපියල් 50000 ක මුදලක් එම විදුහල්පතිවරයාට ගෙවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කළේය.

    උතුරුමැද පළාත් මහ ඇමතිවරයා ගේ එම කක්‍රියාකලාපයට එරෙහිව නිවන්තකචේතිය විදුහලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ කරැණාරත්න බණ්ඩාර මහතා විසින් ගොනු කළ පෙත්සම් විභාගය අවසන් කරමින් අධිකරණය මෙම තීන්දුව ලබා දෙන ලදී.

    එසේම මාරු කර යැවු නිවන්තකචේතිය විදුහලේ විදුහල්පතිවරයා මාස දෙකක් ඇතුළත යළි එම තනතුරේම පිහිටුවන ලෙසටද ශ්‍රේෂ්ඨාධිකරණය අදාල බලධාරීන්ට නියෝග කරන ලදී.

    ඊවා වනසුන්දර , සිසිර ද ආබෘ සහ නලින් පෙරේරා යන ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.

  • තෙල් මිල පාලනයට නව මිල සූත්‍රයක්

    තෙල් මිල පාලනයට නව මිල සූත්‍රයක්

    සෑම මාස තුනකට වරක් එළඹෙන පස්වන දිනයේ මෙරට වෙළෙඳ ‍පොළේ පැට්‍රල් සහ ඩීසල් මිල යාවත්කාලීන කිරීම සඳහා හඳුන්වා දෙන මිල සූත්‍රයට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

    ලෝක වෙළෙඳ ‍පොළේ තෙල් මිලෙහි සිදුවන මිල උච්ඡාවචනයන් සැලකිල්ලට ගෙන මෙරට වෙළෙඳ ‍පොළේ තෙල් මිල සෑම මාස තුනකට වරක් මේ අනුව සංශෝධනය වීමට හෝ නොවීමට ඉඩ ඇති අතර ඉන්ධන මිල ගණන් සඳහා පිරිවැය පාදක කරගත් මිල සූත්‍රයක් හඳුන්වා දීමටත් එය 2018 මැයි මස 11 දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩලය මීට පෙර අවසර දී තිබුණි. අවසන් වරට මෙරට ඉන්ධන මිල සූත්‍රයක් ක්‍රියාත්මක වූයේ 2001-2004 වසර කාලය අතරතුරය.

    ඉන්පසු එම මිල සූත්‍රය අක්‍රිය වූ අතර පසුව රජය මෙරට වෙළෙඳ ‍පොළේ ඉන්ධන මිල ගණන් ඉහළ දමනු ලැබුවේ ලෝක වෙළෙඳ ‍පොළේ තෙල් මිලෙහි සිදුවන මිල වෙනස්වීම් මතය. එහිදී ඉන්ධන මිලෙහි වැඩිවීමේ ප්‍රමාණය රජය තීන්දු කළේය.

    වත්මන් රජය මේ වන විට එක් අවස්ථාවකදී ඉන්ධන මිල ගණන් පහත දමා ඇති අතර එක් අවස්ථාවකදී ඉන්ධන මිල වැඩි කළේය. පසුගියදා රජය ඉන්ධන මිල වැඩිකරනු ලැබුවේ ලෝක වෙළෙඳ ‍පොළේ ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව සහ ඛනිජ තෙල් සංස්ථාවේ අධික අලාභය පියවා ගැනීමටය.කෙසේ වෙතත් ඉන්ධන මිල ගණන් සංශෝධනය සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන බවට රජය විසින් ‍පොරොන්දු වූ අතර ඒ අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් එකී මිල සූත්‍රය මෙලෙස සකස් කර ඇත. මෙම මිල සූත්‍ර ක්‍රමවේදය වඩාත් විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීම සඳහා භාණ්ඩාගාරයේ සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත මිල කමිටුවක් ස්ථාපනය කිරීමටත්, එම කමිටුව සෑම මාස 3 කට වරක් එළඹෙන 5 වන දිනයේ මෙලෙස ඉන්ධන මිල ගණන් යාවත්කාලීන කිරීමටත් කැබිනට් අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව එළඹෙන අගෝස්තු 11 දා සිට මෙම මිල සූත්‍රය ක්‍රියාත්මක වනු ඇත.මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා එම අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.  

  • 16 කණ්ඩායම කල යුත්තේ පක්ෂ නායකයන් හමුවීම පමණක් නෙවේ… මීට වඩා ව්‍යෘප්ත වැඩපිලිවෙලකට යා යුතුයි

    16 කණ්ඩායම කල යුත්තේ පක්ෂ නායකයන් හමුවීම පමණක් නෙවේ… මීට වඩා ව්‍යෘප්ත වැඩපිලිවෙලකට යා යුතුයි

    ආණ්ඩුවේ තනතුරු අතහරින ලද තමන්ද ඇතුළු ‘16 කණ්ඩායම’ සිදුකරමින් ඇති වැඩපිලිවෙල ගැන සෑහීමකට පත් විය නොහැනි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.

    මන්ත‍්‍රීවරයා පෙන්වා දෙන්නේ 16 කණ්ඩායම කල යුත්තේ පක්ෂ නායකයන් හමුවී සාකච්ඡා කිරිම පමණක් නොව මීට වඩා ව්‍යෘප්ත වැඩපිලිවෙලකට යා යුතු බවත්ය.තම කණ්ඩායමට අනන්‍ය දේශපාලනයක් තිබිය යුතු බවත් එසේ නැතිනම් වෙනත් පක්‍ෂයකට බැදී එය සමග දේශපාලනය කල යුතු බවත් ඔහු කියයි.

    දැනට ඒකාබද්ධ විපක්‍ෂය සමග සෘජුව සම්බන්ධ වීමට තීරණය කර ඇති බවත් ඉදිරියේදී ඔවුන් සමග වැඩ කිරිමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.

  • පොසොන් පසළොස්වක පෝය

    පොසොන් පසළොස්වක පෝය

    හුදෙක් ස්වයං විනෝදය පිණිස මුව දඩයමේ යෙදී සිටි තිස්ස රජ හට “මිස්සක පව්ව” අසලදී හුදෙක් මුළු ශ්‍රී ලංකා වාසී ජනයා පිළිබදව අව්‍යාජ අනුකම්පාවකින් ජම්බුද්දී(වී)පයේ සිට වැඩි “මිහිදු” මහ රහතන් වහන්සේ ඇතුලු පිරිස(ඉට්ඨිය,උත්තිය,සම්බල,බද්දසාල යන රහතන් වහන්සේලාත්,ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද,භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා) මුණ ගැසුනේ මෙම පොහොය දිනයේ දීය. රජතුමා ඇතුළු පිරිස පංච සීලයේ පිහිටුවා ඔවුන් හට “චුල්ල හත්ථි පදෝපම” සූත්‍රය දේශනා කලේය. මෙඟි ඇති තවත් විශේෂයක් වනුයේ මෙම චුල්ල හත්ථි පදෝපම සූත්‍රය මිහිදු හිමියන් විසින් ප්‍රථම වරට දේශනා කරන ලද බණ වීමයි.ඉන් අවසානයේදී මේයට සහභාගී වී සිටි අනෙකුත් දෙවි දේවතා සමූහයට “සචිත්ත පරියාය” සූත්‍රය දේශනා කළහ.

    චූල හත්ථි පදෝපම සූත්‍රය පිළිබදව ස්වල්ප විග්‍රහයක් කළහොත්, මෙම සූත්‍රයෙන් අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ සම්‍යක් සම්බුද්ධ භාවයත්, ධර්මයෙහි ඇති සත්‍ය භාවයත්, සංඝයා වහන්සේලා සතු අප්‍රමාණ ගුණ මහිමයත් හා ත්‍රිවිද රත්නයේම ඇති අති ශ්‍රේෂ්ඨත්වයත් පෙන්වා දෙයි. මිහිදු මාහිමියන්ගේ වැඩමවීම පිළිබද්ව තවදුරටත් සාකච්ඡා කරන කළ උන් වහන්සේ මෙරටට වැඩම කොට ඉන් පසු දින අනුරාධපුරයට වැඩම කොට රජගෙදර විශේෂ මණ්ඩපයක සිටි බිසෝවරුන් ඇතුලු 500ක් කාන්තාවන් පිරිසකට “විමානවත්ථු, පේතවත්ථු හා සච්ච සංයුක්ත” යන ධර්ම දේශනා කළහ. ඉන් අවසන “අනුලා” දේවිය ඇතුළු 500ක් කාන්තාවෝ සෝවාන් වෝ අනාගාමී විය. ඉන් දෙවන දිනයේදී රජුගේ ඇත් හලේදී රට වැසියා වෙනුවෙන් “දේව දූත” සූත්‍රය දේශනා කළහ. ඉන් අනතුරුව 1000ක් දෙනා සෝවාන් ඵලයෙහි පිහිටියහ. ඉන් පසු රාජ උයනේදී “බාල පණ්ඩිත” සූත්‍රය දේශනා කිරීමෙන් 1000ක් කාන්තාවන් සෝවාන් විය. මේ වන විට 2500කට අධික පිරිසක් මාර්ගඵල ලබා සිටියහ. තුන්වන දිනයේ දී මිහිදු හිමියන් රජමාළිගයෙන් දන් වළඳා “නන්දන” වනයෙහි වැඩ සිට “ආසීවසෝපම” සූත්‍රයද හතර වන දිනයේදී “අනමතග්ගිය සංයුක්තිය” දේශනා කළ අතර ඉන් අනතුරුව 1000ක් දෙනා ධර්ම අවබෝධය ලැබීය. පස්වන දින “ධම්ම චක්ක පවත්තන” සූත්‍රය දේශනා කළේය. එසේ දින හතක් තුළදී 8500කට අධික ප්‍රමාණයක් මාර්ග ඵල අවබෝධය ලැබීය. මෙසේ මිහිදු හිමියන්ගේ ලංකා ගමනය නිසා අනුරාධපුර මහා විහාරය ඇතිවිය. මිහිදු හිමියන් වැඩවිසූ උයන “ජෝතිය” උයන ලෙසින් හැදින් විනි. තවද පොසොන් පුන් පොහොය දිනයේ දී සිදුවූ සුවිශේෂීවු සිදු වීම් කිහිපයකි. ඉන් එකක් නම් අප මහ ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බුදු වී සිව්වන සතියේ “රුවන්ගෙයි” වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදු පියාණන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීමද, ලක්දිව ප්‍රථම මහණ උප සම්පදාව වන “භණ්ඩුක” උපාසක මහණ උප සම්පදාවද මෙම උතුම් පොහොය දිනදී සිදු විය.

  • ආණ්‌ඩුවේ නව බදු පනතින් ඊ.පී.එෆ්. පොලිය බහිනවා

    ආණ්‌ඩුවේ නව බදු පනතින් ඊ.පී.එෆ්. පොලිය බහිනවා

    ආණ්‌ඩුව විසින් ක්‍රියාත්මක කර තිබෙන නව ආදායම් බදු පතන මගින් සේවක අර්ථ සාධක අරමුදලේ ප්‍රතිලාභ හිමි පෞද්ගලික අංශයේ සේවකයන්ට ලැබෙන පොලියේ අඩුවීමක්‌ සිදුවන බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ඊයේ (25) පැවසීය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය මුදල් අධිපති කේ. ඩී. රණසිංහ මහතා විසින් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්‌. සමරතුංග මහතා වෙත 2018 මැයි 18 වන දින මේ බව දැනුම් දී ඇතැයි වසන්ත සමරසිංහ මහතා ඊයේ මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

    වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ සමරසිංහ මහතා මෙසේද කීය.

    පෞද්ගලික අංශයේ ලක්‍ෂ 26 ක ප්‍රමාණයක්‌ සේවක අර්ථසාධක අරමුදලට සක්‍රිය දායකත්වයක්‌ දක්‌වනවා. මේ වනවිට සේවක අර්ථසාධක අරමුදලේ මුදල් මහා භාණ්‌ඩාගාර බිල්පත් සහ මහ බැංකු බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් ලැබෙන පොලිය මත එහි ප්‍රතිලාභීන්ට සියයට දහයයි දශම පහ (10.5) බැගින් වූ පොලියක්‌ ගෙවනවා.

    නමුත් මේ නව බදු පනත ක්‍රියාත්මක වීම හරහා සේවක අර්ථසාධක අරමුදලේ දායකත්වය ලබන ප්‍රතිලාභීන්ට මේ වන විට ගෙවන සියයට 10.5 ක පොලිය සියයට නමය (09) දක්‌වා අඩුකිරීමට සිදුවන බව නියෝජ්‍ය මුදල් අධිපතිවරයා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමුකළ ලිපියෙන් සඳහන් කර තිබෙනවා.

    ඒ නිසා අපි ජනාධිපති, අගමැති, මුදල් ඇමැති ඇතුළු බලධාරීන්ගෙන් සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන්ට හිමි පොලිය මත බදු අය නොකරන ලෙස ඉල්ලා සිටිනවා. එසේ වුවහොත් සියලුම පෞද්ගලික අංශයේ සේවකයන් දැනුවත් කර දීප ව්‍යාප්තව දැවැන්ත විරෝධතාවය දියත් කරනවා. ලබන ජූලි මස මුල් සතියේ පෞද්ගලික අංශයේ සේවකයන් දැනුවත් කිරීමට අත්පත්‍රිකා බෙදීම සහ දැනුවත් කිරිමේ වැඩසටහනක්‌ ක්‍රියාවට නංවනවා.

    පුවත්පත්වල දැන්වීම් දමමින් සේවක අර්ථසාධක අරමුදලෙන් සේවකයන්ට ලබාදෙන පොලිය අඩුකිරීමක්‌ සිදුනොකරන බවට පුනපුනා කීවත් එය අසත්‍යයක්‌ බව නියෝජ්‍ය මුදල් අධිපතිවරයා ඉදිරිපත් කළ ලිපිය අනුව පෙනී යනවා. මෙම නව බදු පනත හේතුවෙන් සේවක අර්ථ සාධක අරමුදලට අහිමි වන මුදල රුපියල් බිලියන 30 ක්‌ පමණ වන බවට ගණන් බලා තිබෙනවා.

  • නගර සෝභනියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ නම් ඔවුන් සමග යහන්ගත වන සැකකරුවනුත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල යුතුයි…

    නගර සෝභනියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ නම් ඔවුන් සමග යහන්ගත වන සැකකරුවනුත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල යුතුයි…

    නගර සෝභනියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ නම් ඔවුන් සමග යහන්ගත වන සැකකරුවනුත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි සැකකාරියන් වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කිරීමත් සමග සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ නිලධාරීන් හා නීතිඥවරයා අතර විවෘත අධිකරණයේද උණුසුම් සංවාදයක් ඇතිවිය.

    ‍පොසොන් උත්සවය ආරම්භ වීමට පෙර අනුරාධපුර නගරය ආක්‍රමණය කරමින් ස්ථානගත වන නගර සෝබනියන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනකු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන්ට ඇප ලබා නොදෙන ලෙස දූෂණ මර්දන නඩු මෙහෙයුම් අංශය අධිකරණයෙන් ඉල්ලා සිටීමත් සමග දෙපාර්ශ්වය අතර උණුසුම් සංවාදය ඇතිවිය.
    අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකාරියන් දෙදෙනා ලබන  මස (04) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ.පී. ශානක හර්ෂණ මහතා නියෝග කළ අතර ඔවුන් අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ සමාජ රෝග සායනය වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස විනිසුරුවරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරියට තවදුරටත් නියෝග කළේය.
    සැකකාරියන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කළ දූෂණ මර්දන අංශයේ ‍පොලිස් කොස්තාපල් (47687) සරත් මහතා කියා සිටියේ සැකකාරියන් ‍පොසොන් උත්සවය ඉලක්ක කර අනුරාධපුර නගරයේ ස්ථානාගත වී ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙමින් සිටියදී අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.
    සැකකාරියන් මැදවච්චියේ පදිංචිව සිටියත් අනුරාධපුර නගරයේ ගැවසෙමින් සිටි බවත් ඔවුන්ට ඇප ලබාදීම සිදුනොකර ඔවුන් දෙදෙනා සමාජ රෝග වාර්ථාවක් කැඳවීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ සමාජ රෝග සායනයට ඉදිරිපත් කරන ලෙසත් ‍පොලිස් කොස්තාපල් සරත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
    සැකකාරියන් වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ නීතිඥ නලින් දිමුතු බණ්ඩාර මහතා කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී රටක ඕනෑම අයකුට ඕනෑම තැනක යෑමට ඒමට අවස්ථාව තිබෙන බවයි. හැමදාම අයා‍ලේ යන කාන්තාවන් කියලා සැකකාරියෝ අධිකරණයට ඉදිරිපත් කරනවා. නමුත් කවදාවත් ඔවුන් එක්ක යහන්ගත වන පිරිමි අධිකරණයට ඉදිරිපත් කරන්නේ නෑ. ‍පොලීසිය ඒ අයවත් අධිකරණය ඉදිරිපත් කරන්න. බොරුවට කාන්තාවන් විතරක් අධිකරණයට ගේන්න එපා.
    අපි බොරුවට සැකකාරියන් අධිකරණයට ගේන්නෑ. මැදවච්චිය පැත්තට ගියා නම් මේ අයගේ තත්ත්වය දැන ගන්න පුළුවන්. උගත් නීතිඥතුමා කියන විදියට පිරිමි අධිකරණයට ගේන්න ගියොත් කී දෙනෙක් මතෛන්ට ගේන්නද? හැබැයි අවශ්‍ය වේලාවට අපි ඒ අයවත් ඉදිරිපත් කරන්නම් යනුවෙන් ‍පොලිස් කොස්තාපල් සරත් අධිකරණයට දැන්වූයේය.
    දෙපාර්ශ්වයේ කරුණු පිළිබඳව අවධානය  යොමු කළ විනිසුරුවරයා සැකකාරියන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
    අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ දූෂණ මර්දන ස්ථානාධිපති උප ‍පොලිස් පරීක්ෂක ඩී.බි.අයි. ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත නඩු මෙහෙයුම් අංශයේ සැරයන් (48319) අජිත්, හේරත් හා ‍පොලිස් කොස්තාපල් (47687) සරත් යන නිලධාරීන් සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු කීහ.