Category: සුපිරි News

  • ඇලෝසියස් හා පලිසේන හිරකර ඇති ස්ථානයේ තිබී ජංගම දුරකතන 3ක් සිම් කාඩ් 5ක් හසුවෙයි

    ඇලෝසියස් හා පලිසේන හිරකර ඇති ස්ථානයේ තිබී ජංගම දුරකතන 3ක් සිම් කාඩ් 5ක් හසුවෙයි

    රක්ෂිත බන්ධනාගාරගතව සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලේසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන රඳවා සිටින වාට්ටුවේ තිබී ජංගම දුරකතන 03ක් සහ සිම් කාඩ්පත් 05ක් සොයාගත් බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට අද දැනුම් දී ඇත.
  • E පාස්පෝර්ට් වැඩපිළිවෙල නිසා හරීන්, වසරකට කෝටි 214 ක පාඩුවක් රටට කරයි

    E පාස්පෝර්ට් වැඩපිළිවෙල නිසා හරීන්, වසරකට කෝටි 214 ක පාඩුවක් රටට කරයි

    ශ්‍රී ලංකා ‘E’ (ඉලෙක්ට්‍රොනික්) විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්) සැපයුම් කොන්ත්‍රාත්තුව විනිවිදභාවයකින් සහ ප්‍රසම්පාදන නීතිරීති උල්ලංඝනය කරමින් බ්‍රිතාන්‍යය සමාගමකට පැවැරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය නිසා වාර්ෂිකව රුපියල් දෙසිය දාහතර කෝටියකට (214,000,000) ආසන්න මහජන මුදල් කන්දරාවක් විනාශ වෙන ලකුණු පහළ වී තිබේ.

    කොන්ත්‍රාත්තුව දීර්ඝ කාලීනව බල පැවැත්වෙන කොන්ත්‍රාත් ක්‍රමය යටතේ (PERPETUAL EFFECT) අවම වශයෙන් වසර විස්සකට හෝ විසි පහකට හෝ පිරිනැමෙන බැවින් ඒ අනුව විනාශ වෙන මහජන මුදල් ප්‍රමාණය අවම වශයෙන් රුපියල් පන්දහස් තුන්සිය පනස්අට කෝටියක් (2,140,000,000ය 25-53,500,000,000) පමණ වෙතැයි ගිණුම් ආරංචිවලින් කියැවේ.

    ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවට 2003 වර්ෂයේ සිට විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්) සපයන දේශීය සැපයුම්කාර සමාගමක් ඉදිරිපත් කර ඇති අඩු ලංසුව කුණු කූඩයට දමා ඊට තුන් ගුණයකට වැඩි ඉල්ලුමකට කොන්ත්‍රාත්තුව බ්‍රිතාන්‍යය සමාගමට පිරිනැමීමෙන් මේසා මහජන මුදල් කන්දරාවක් විනාශ වෙන බව අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ගිණුම් ආරංචිවලින් පැවැසේ.

    විනිවිද භාවයකින් යුතු ටෙන්ඩර් පටිපාටියකින් තොරව කවර සමාගමකට වුවද විදේශ ගමන් බලපත්‍ර සැපයුම් කොන්ත්‍රාත්තුව නොපවරන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දී ඇති නියෝග ද පයිසෙකට හෝ මායිම් නොකොට බ්‍රිතාන්‍යය සමාගමට කොන්ත්‍රාත්තුව පවරා තිබේ.

    තම අමත්‍යාංශය යටතේ පවත්නා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට විදේශ ගමන් බලපත්‍ර සැපයීමේ කාර්යය ඉටුකළ හැකි සම්පත් ඇති බැවින් කොන්ත්‍රාත්තුව තම අමාත්‍යාංශයට දෙන ලෙසට අයැද සිටි රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාවද අමාත්‍ය මණ්ඩලයද, මුළා කර සියලු නීතිරීති උල්ලංඝනය කර කොන්ත්‍රාත්තුව බ්‍රිතාන්‍යය සමාගමට පැවැරීමට අවශ්‍ය වූයේ කාගේ අවශ්‍යතාවකටද යන්න ප්‍රශ්නයකි.

    අපට ලැබුණු තොරතුරු අනුව මහජනතාවගේ දැනගැනීම සඳහා සිද්ධිය ඉදිරිපත් කරන්නෙමු.

    ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනටත් නිකුත් කරමින් පවත්නා විදේශ ගමන් බලපත්‍ර (පොත) වෙනුවට ඉලෙක්ට්‍රොනික් විදේශ ගමන් බලපත්‍රයක් (‘E’ විදේශ ගමන් බලපත්‍රයක්) හඳුන්වා දීමේදී යෝජනාව ගෙන ආවේ 2015 වර්ෂයේදීය. ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්‍ෂණික විශේෂඥයන් පිරිසක් විසින් ‘E’ විදේශ ගමන් බලපත්‍රය හඳුන්වා දීමේ ක්‍රමවේදයත් ඊට අවශ්‍ය තාක්‍ෂණික රාමුවත් හඳුන්වා දෙනු ලැබීය.

    එහෙත් මොරටුව විශ්වවිද්‍යාලීය තාක්‍ෂණික විශේෂඥයන් පිරිස ඉදිරිපත් කළ වාර්තාව වෙනුවට විදුලි සන්දේශ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය සහ තොරතුරු සහ විදුලි සන්දේශ තාක්‍ෂණය ආයතනය ( Information and Communication Technology Agency ) විසින් නව තාක්‍ෂණික වාර්තාවක් පිළියෙල කරන ලද අතර එසේ සකස් කෙරුණු වාර්තාවෙන් නිර්දේශිත ක්‍රමවේදයට අනුව නව ‘E’ විදේශ ගමන් බලපත්‍රය සැපයුමට තීරණය කෙරිණි.

    එම තීරණයට අනුව සැකසෙන නව ‘E’ විදේශ ගමන් බලපත්‍රය සැපයීමේ කටයුත්ත සාර්ථක කිරීමට අවශ්‍ය සියලු සම්පත් තම අමාත්‍යාංශය යටතේ පවත්නා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ඇති බැවින් කොන්ත්‍රාත්තුව තම අමාත්‍යාංශයට දෙන ලෙසට රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා 2017 අගෝස්තු 31 වැනිදා අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට තම අංක MPAIAD ESTDA22 DEP.GP 01 දරන ලිපියෙන් ඉල්ලීමක් කර ඇත.

    එම ඉල්ලීමට පිළිතුරු වශයෙන් අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩී. ස්වර්ණපාල මහතා තම අංක IA/1/3/75/1 සහ 2017.09.11 දාතම දරන ලිපියෙන් රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජී. රත්නසිරි මහතාට දන්වන්නේ, මෙම ප්‍රසම්පාදන කටයුත්ත (‘E’ විදේශ ගමන් බලපත්‍රය සැපයීම) රාජ්‍ය-පෞද්ගලික අංශ සහභාගිත්වයෙන් කිරීමේ යෝජනාව ඒ වනවිටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලැබ ඇති බවයි. එම ප්‍රසම්පාදනය සඳහා දැන්වීම් පළ කළ පසුව යෝජනා ඉදිරිපත් කළ හැකි බවයි.

    රාජ්‍ය ආයතනයක් කිසියම් සේවාවක් හෝ සැපයුමක් හෝ ලබා ගැනීමට කටයුතු කරන අවස්ථාවක ඒ අවශ්‍යතාව ඉටු කර දීම සඳහා රාජ්‍ය ආයතනයක් ඉදිරිපත් වන්නේ නම්, එම කාර්යභාරය එම රාජ්‍ය ආයතනය ලවා කරවා ගත යුතු බව රාජ්‍ය ප්‍රතිපත්තිය බව මුදල් රෙගුලාසිවලද අවධාරණය කර ඇතත්, ඊට පටහැණිව මෙම ප්‍රසම්පාදනය සඳහා කටයුතු කර ඇති බව දැනගන්නට ලැබේ.

    ‘E’ (ඉලෙක්ට්‍රොනික්) විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්) ප්‍රසම්පාදනය, ප්‍රසම්පාදන නීතිරීති සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කර විදේශීය සමාගමකට ටෙන්ඩර් නොකැඳවාම පැවරීමකට කටයුතු කෙරෙන බවට ලද තොරතුරු අනුව එපික් ලංකා පෞද්ගලික සමාගමේ ඉහළ කළමනාකරණය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කර තිබේ.

    එපික් ලංකා සමාගම සම්පූර්ණයෙන්ම දේශීය සමාගමකි. අවුරුදු පහළොවකට ආසන්න කාලයක සිට (2003 සිට) ආගමන – විගමන දෙපාර්තමේන්තුවට අවශ්‍ය විදේශ ගමන් බලපත්‍ර සපයන ආයතනයකි. ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට රැකියා සපයා ඇති ආයතනයේ තාක්‍ෂණික ඉන්ජිනේරුවරුන් පමණක් දෙසිය පනහකට (250) අධික වේ. ඉන්දුනීසියාවේ සහ මලයාසියාවේ ශාඛා දෙකක් පවත්වා ගෙන යනු ලබන අභිමානවත් ශ්‍රී ලාංකික ආයතනයක් බව මෙහිලා සඳහන් කළ යුතුය.

    විනිවිද භාවයකින් යුතු ටෙන්ඩර් පටිපාටියකින් තොරව කිසිදු සමාගමකට හෝ විදේශ ගමන් බලපත්‍ර සැපයුම් කොන්ත්‍රාත්තුව නොපවරන බව ඒ අවස්ථාවේදී ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් අනුකාරක සභාවෙන් ඉදිරිපත් කර තිබූ ක්‍රමයට අනුව නොව ‘ස්විස් චැලෙන්ජ්’ ක්‍රමය මත විදේශ ගමන් බලපත් සපයා ගත යුතු බවටත් ඒ සාකච්ඡාවට සහභාගි වූ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාටද ඒ පිළිබඳ කටයුතු කළ යුතු අන්දම ගැනත් උපදෙස් දී තිබේ.

    ජනාධිපතිවරයාගේ එම උපදෙස් සහ නියෝගයට අනුව අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න සහ විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් දෙපළගේ අස්සනින් අංක CM/16/2017 යටතේ ඉදිරිපත් කෙරුණු ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සන්දේශයට 2017 අගෝස්තු පළමු වැනිදා (2017.08.01) අනුමැතිය ලැබී තිබේ.

    එහෙත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලද ‘ස්විස් චැලෙන්ජ්’ ක්‍රමය ඉවත් කර ඒ වෙනුවට ‘E’ විදේශ ගමන් බලපත්‍ර කොන්ත්‍රාත්තුව බ්‍රිතාන්‍යයේ ඩි ලා රූ ලංකා කරන්සි ඇන්ඩ් සිකියුරිටි ප්‍රින්ට් ලිමිටඩ් නමැති (De La Rue Lanka Currency and Security Print  (Private ) සමාගමට සෘජු කොන්ත්‍රාත්තුවක් ලෙස ලබාදෙන ලෙස විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අස්සනින් පමණක් පසුව අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කෙරී තිබේ.

    විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විදේශ ගමන් බලපත්‍ර සපයා ගැනීම පිළිබඳ සන්දේශය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමද හතර බීරි කතාවක් බව ගිණුම් ආරංචි කියයි. මන්ද විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ රාජකාරියේ නීත්‍යනුකූල භාරකාරත්වය හිමි ආගමන – විගමන දෙපාර්තමේන්තුව අයත් වන්නේ අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට බැවින් අමාත්‍ය මණ්ඩල සන්දේශය ඉදිරිපත් කළ යුතු වන්නේ එම අමාත්‍යාංශය භාර ඇමැතිවරයා වන එස්.බී. නාවින්න මහතායි. එහෙත් ඉදිරිපත් කර ඇත්තේ විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාය.

    ඩිජිටල් වැඩේ කොමිටල් වී ඇතැයි ගිණුම් ආරංචිවලින් ඇසෙන්නේ ඒ නිසාය.
    ඒ කෙසේ වෙතත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කර ඇති අංක 17/2522/749/022 දරන අමාත්‍ය මණ්ඩල සන්දේශයට 2017 නොවැම්බර් 2 වැනිදා අනුමැතිය ලැබී ඇත.

    එම අමාත්‍ය මණ්ඩල සන්දේශයට අනුව බි්‍රතාන්‍යයේ ඩි ලා රූ ලංකා කරන්සි ඇන්ඩ් සිකියුරිටි ප්‍රින්ට් ලිමිටඩ් නමැති සමාගමට ‘ඉ’ විදේශ ගමන් බලපත්‍ර සැපයීමේ කොන්ත්‍රාත්තුව සෘජු කොන්ත්‍රාත්තුවක් ලෙස පිරිනැමිය යුතු බවට හේතුවක් වශයෙන් සඳහන් කර ඇත්තේ එම සමාගම රුපියල් බිලියන එකයි දශම දෙකක් (1.2) හෙවත් රුපියල් කෝටි එකසිය විස්සක් (1,200,000,000) ලංකාවේ ආයෝජනය කරන බවට දී ඇති පොරොන්දුවය.

    අමාත්‍ය මණ්ඩලය සන්දේශයේ එසේ දක්වා ඇතත් එම සමාගම 2018 ජනවාරි 26 දින ආගමන – විගමන දෙපාර්තමේන්තුවට දන්වා ඇත්තේ තමන් ආයෝජනය කරන්නේ රුපියල් මිලියන පනහකට හෙවත් කෝටි පහකට (50,000,000) අඩු වටිනාකමකින් යුතු මෙවලම් කිහිපයක් බවයි. ඒ අනුව එම සමාගම විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය මුළා කරන අන්දමට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති බව ගිණුම් ආරංචිවලින් කියැවේ.

    අවුරුදු පහළොවකට ආසන්න කාලයක සිට (2003) ආගමන – විගමන දෙපාර්තමේන්තුවට අවශ්‍ය විදේශ ගමන් බලපත්‍ර සපයන එපික් ලංකා පෞද්ගලික සමාගම ‘E’ විදේශ ගමන් බලපත්‍රයක් ඩොලර් අටකට හෙවත් රුපියල් එක් දහස් දෙසිය පනස් හයකට ආසන්න (1256) මුදලකට (ඩොලරයේ අද අගය රුපියල් එකසිය පනස් හතක් සේ සලකා) සපයා දිය හැකි බවට ලන්සුව ඉදිරිපත් කර ඇතැයි දැන ගන්නට තිබේ.

    එහෙත් බ්‍රිතාන්‍යයේ සමාගම එක විදේශ ගමන් බලපත්‍රයක් සැපයිය හැකි බවට යෝජනා කිරීමට සූදානම් වන්නේ ඩොලර් විසි පහකට (25) හෙවත් රුපියල් තුන්දහස් නවසිය විසිපහක් (3,935) තරම් මුදලකට බව විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශ ආරංචිවලින් දැන ගන්නට තිබේ.

    ආගමන – විගමන දෙපාර්තමේන්තුවට දැනට වාර්ෂිකව විදේශ ගමන් බලපත්‍ර අට ලක්‍ෂයකට (800,000) ආසන්න ප්‍රමාණයක් නිකුත් කරන බවද බි්‍රතාන්‍ය සමාගමට පිරිනැමෙන කොන්ත්‍රාත්තුව දීර්ඝකාලීනව බල පැවැත්වෙන කොන්ත්‍රාත් ක්‍රමය යටතේ (PERPETUAL EFFECT) අවම වශයෙන් වසර විස්සකට හෝ විසිපහකට හෝ කාලයකට පිරිනැමෙන බවද පැවැසේ.

    දේශීය එපික් සමාගමත් බ්‍රිතාන්‍යය ඩි ලා රූ ලංකා කරන්සි ඇන්ඩ් සිකියුරිටි ප්‍රින්ට් ලිමිටඩ් සමාගමත් එක් ගමන් බලපත්‍රයකට ඉදිරිපත් කරන මිල ගණන් සස¼දා බලන කල එපික් සමාගම ඉදිරිපත් කරන මිල ගණන්වලට වඩා (3,925-1,256 = (2,669) රුපියල් දෙදහස් හයසිය හැට නවයක් බි්‍රතාන්‍ය සමාගමට ගෙවීමට සිදුවේ.

    ඒ අනුව අපේ රටට වර්ෂයකදී සිදුවෙන අපතය (2,669ය800,000= (2,135,200,000) රුපියල් දෙසිය දහතුන් කෝටි පනස් දෙලක්‍ෂයකි. ගමන් බලපත්‍ර සැපයීමේ කොන්ත්‍රාත් කාලය වසර විසිපහක් වේ නම් මහජනයාට අහිමි වෙන ධනස්කන්ධය (2,135,200,000ය25= 53,380,000,000) රුපියල් පන්දහස් තුන්සිය තිස්අට කෝටියකි.

    දැනට (2018) ආගමන – විගමන දෙපාර්තමේන්තුව වාර්ෂිකව විදේශ ගමන් බලපත්‍ර අට ලක්‍ෂයකට (800,000) ආසන්න ප්‍රමාණයක් නිකුත් කළද, තවත් වසර විසි පහක කාලයේදී එම සංඛ්‍යාව වැඩි වන ජනගහනය අනුව කෙසේ වර්ධනය වේදැයි උපකල්පය කළ යුතු ආකාරයට සමගාමීව ගමන් බලපත්‍ර වර්ධනයද උපකල්පනය කළ යුතු වේ.

    රටේ සිදු වෙන කරුණු කාරණා අනුව බලන කල අනුන්ට යටි මඩි ගහගන්නට මේ රටේ මහජනතාවට නොකා නොබී පව් ගෙවන්නට සිදුවී ඇත්තේ පූරුවේ කළ කවර අකුසලයක් නිසා දැයි දන්නේ දෙවියන් පමණි.

    _ Mawbima –

  • ඒකාබද්ධය සෙංකෝලය පැහැරගැනීමට තැත්කරයි…. – විමල්ට හා රනවීරට දැඩි ලෙස අවවාද කරයි

    ඒකාබද්ධය සෙංකෝලය පැහැරගැනීමට තැත්කරයි…. – විමල්ට හා රනවීරට දැඩි ලෙස අවවාද කරයි

    එල්. ටී. ටී. ඊ. යට පක්‍ෂව උතුරේදී අදහස්‌ පළ කළ ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියගේ මන්ත්‍රී ධුරය වහා තහනම් කරන ලෙසට බල කරමින් සභා ගැබ තුළ ඝෝෂා කළ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් සෙංකෝලය පැහැර ගැනීමට වේත්‍රධාරීවරයා සහ නියෝජ්‍ය වේත්‍රධාරීවරයා සමඟ පොරබැදීම නිසා කථානායක කරු ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුව අද (04) පස්‌වරුව දක්‌වා කල් තබන ලදී.

    විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිවරියට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් සභා ගැබ මැදට පැමිණ කෑකෝ ගසමින් විරෝධය පළ කිරීම නිසා පාර්ලිමේන්තු රැස්‌වීම පැයකුත් විනාඩි විසිපහක කාලයකට සීමා විය. පස්‌වරු 1.00 ට ආරම්භ කළ පාර්ලිමේන්තු රැස්‌වීම පස්‌වරු 2.25 ට කල් තැබීමට කථානායකවරයාට සිදුවූ අතර මේ කාලය තුළදී මන්ත්‍රීවරුන්ගේ කලහකාරී හැසිරීම පාලනය කිරීම සඳහා එක්‌වරක්‌ විනාඩි දහයක පමණ කාලයකට සභාව අත්හිටුවීමට ද කථානායකවරයා කටයුතු කළේය.

    ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් සභා ගැබ මැදට වී ඝෝෂා කරන අවස්‌ථාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සභා ගැබෙහි සිටියේ නැත. “අගමැතිතුමාට එන්න කියාපිය මේවට උත්තර දෙන්න කියාපිය” යනුවෙන් කෑගැසූ මන්ත්‍රීවරු කලා කලා විජයකලා යූඑන්පීය ඉවර කළා…” යෑයි ශබ්දනගා කියමින් කෑගැසූහ.

    විමල් වීරවංශ මහතා සහ ප්‍රසන්න රණවීර මහතා මුලසුනට බැණ වදිමින් හැසිරීම නිසා කථානායකවරයා විසින් එම මන්ත්‍රීවරුන් දෙපළට තරයේ අවවාද කළත් ඔවුහු එය නොතකා විරෝධය පළ කළහ.

    එල්. ටී. ටී. ඊ. සංවිධානය යළි හිස එසවිය යුතු බවට විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිවරිය උතුරේ රැස්‌වීමකදී කළ ප්‍රකාශය හෙළා දකිමින් පළමුව සභා ගැබෙහිද අදහස්‌ දැක්‌වූයේ එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රී එස්‌. එම්. මරික්‌කාර් මහතාය. ඒ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට අධ්‍යාපන ඇමැති සහ එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම් අකිල විරාඡ් කාරියවසම් මහතා පිළිතුරු දෙන අවස්‌ථාවේදීය.

    ඔබතුමා කැබිනට්‌ සාමාජිකයෙක්‌ වගේම එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම්වරයා. විජයකලා මහේෂ්වරන් ඇමැතිවරිය ජාති ෙද්‍රdaහී, ව්‍යවස්‌ථා විරෝධී ප්‍රකාශයක්‌ කර තිබෙනවා. අපි ඒක හෙළා දකිනවා වගේම ඊට විරුද්ධ වෙනවා. ඇය පළ කළේ රජයේ මතය ද නැත්නම් එක්‌සත් ජාතික පක්‍ෂයේ මතය දැයි එජාප මන්ත්‍රී එස්‌. එම්. මරික්‌කාර් මහතා අකිල විරාඡ් කාරියවසම් ඇමැතිවරයාගෙන් විමසුවේය.

    මෙය එජාපය ලෙස සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කරනවා. මහ ලේකම් ලෙස මම මහේෂ්වරන් ඇමැතිවරියගෙන් දුරකථනය ඔස්‌සේ මේ ගැන විමසුවා. ඒ වෙලාවේ තිබුණු හිතේ අමාරුවට, දැරියක්‌ ඝාතනය කිරීම සම්බන්ධව හිතේ අමාරුවට එවැනි ප්‍රකාශයක්‌ කළා කියා ඇය කිව්වා. (ඝෝෂා) පක්‍ෂයක්‌ ලෙස අපි මෙය ප්‍රතික්‍ෂේප කරනවා. පසුගිය දවසක හිට්‌ලර්ව උදාහරණයට අරගෙන නායකයන්ට සමාන කළා ඒ වගේ එකක්‌ තමයි මේකත් (ඝෝෂා)

    මේකට වාදයක්‌ ගන්න බෑ. යෑයි ඝෝෂාව මැද කථානායකවරයා කියද්දී එයාට හිතේ අමාරුව තියෙනවා නම් අපේ කොළොන්නාව පැත්තේ තියෙනවා අංගොඩ මානසික රෝහල. ඒකට එන්න පුළුවන්. යෑයි එජාප මන්ත්‍රී මරික්‌කාර් මහතා යළි පැවසුවේය.

    මේ අවස්‌ථාවේදී සභාව තුළ දැඩි ඝෝෂාකාරී තත්ත්වයක්‌ හට ගත්තේය. ඒ අතරතුරදී රීති ප්‍රශ්නයක්‌ මතු කරමින් නැගී සිටි විමල් වීරවංශ මන්ත්‍රීවරයා 

    අපි මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස පත්වුණාම දිවුරුම් දෙනවා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව, රටේ ඒකීයභාවය රැකීමට සහ ත්‍රස්‌තවාදය ප්‍රවර්ධනය නොකර සිටීමට. දැන් මේ මන්ත්‍රීවරිය රාජ්‍ය ඇමැතිවරියක්‌…ඇමැතිවරුන් දෙදෙනෙක්‌ ඉන්න වේදිකාවක එල්. ටී. ටී. ඊ. ය නැවත ගොඩනඟන්න ඕනෑය කීමෙන් ත්‍රස්‌තවාදය ප්‍රවර්ධනය කිරීමක්‌, ව්‍යවස්‌ථාව උල්ලංඝනය කිරීමක්‌ සිදුකර තිබෙනවා. (ඝෝෂා) තවදුරටත් එතුමියට අයිතියක්‌ නෑ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න. මේ සභාව තුළ ඉඳගෙන ත්‍රස්‌තවාදය ප්‍රවර්ධනය කරන්න දෙන්න බෑ. එතුමියගේ හිතේ අමාරුවට වෙන මොකක්‌ හරි කරගන්න කියන්න…යෑයි විමල් වීරවංශ මහතා කීවේය.

    මේ අවස්‌ථාවේදී නැඟී සිටි දයාසිරි ජයසේකර මහතා,

    “පැහැදිලිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්‍ෂණයක්‌ කරලා ඇයට එරෙහිව තීන්දුවක්‌ ගත යුතුයි. ඒ වගේම මේ පාර්ලිමේන්තුව එතුමියට තහනම් කළ යුතුයි…පැහැදිලිව රට බෙදන ප්‍රකාශයක්‌ කර තිබෙන්නේ. විනාශ කරලා දාපු එල්. ටී. ටී. ඊ. ය නැවත නැගිටුවන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කතා කරනවා නම් ඔවුන්ව පාර්ලිමේන්තුවෙන් එළවා දැමිය යුතුයි”. යෑයි කීය.

    “යුද්ධය ඉවරවෙලා බොහෝම අමාරුවෙන් දුක්‌ විඳපු රටක්‌ අපි. අපේ මතය තමයි එවන් ප්‍රකාශයක්‌ කරලා ආණ්‌ඩුවේ ඇමැති ධුරයක්‌ දැරීම අමාරුයි. අපි කියන්නේ ඇයට ඇමැති ධුරයෙන් ඉවත්වෙන්න කියලා…” යෑයි එජාප මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා කීවේය.

    මේ අවස්‌ථාවේදී පාර්ලිමේන්තුවේ කටයුතු ඉදිරියට ගෙන යැමට කථානායකවරයා කටයුතු කළේය. එහෙත් ඊට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඝෝෂා කළේ විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් විනය කටයුතු පවත්වන ලෙසයි.

    “ඒකට ඉතින් මට කරන්න දෙයක්‌ නෑ…පක්‍ෂය තීරණය කළ යුතුයි…” යෑයි කථානායකවරයා කීවේය. මොකක්‌ද ගන්න පියවර…” යෑයි ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්‌ සමඟ සභාව මැදට විත් මුලසුන ඉදිරිපස සිට විමල් වීරවංශ මහතා කථානායකවරයාගෙන් ඇසුවේය.

    “සාකච්ඡා කරලා තීරණයක්‌ ගන්නම්” කථානායක කීවේය. එවිට මන්ත්‍රීවරු යළි කෑ ගසමින් කථානායකවරයාට බල කළේය.

    “මම තීරණයක්‌ ගන්නම්…මේක ඉතාම බරපතළ ප්‍රශ්නයක්‌ බව මම දන්නවා…මෙතැන පුටුවේ ඉඳලා මට තීරණයක්‌ ගන්න බෑ. එහෙම නම් මට පාර්ලිමේන්තුව නතර කරන්න වෙනවා. මට තර්ජනය කරලා මේක කරන්න බෑ. පක්‍ෂ නායකයෝ එක්‌ක මම කතා කරන්නම්…ඉතා බරපතළ තීරණයක්‌…කරුණාකරලා දැන් ගිහිං ඉඳගන්න” යෑයි කථානායකවරයා කීය.

    මේ අවස්‌ථාවේදී විවිධ පාඨ කියමින් මන්ත්‍රීවරුන් මුලසුන ඉදිරිපස සිට කෑගසද්දී විමල් වීරවංශ මහතා කථානායකවරයාට යමක්‌ කීවේය.

    “වීරවංශ මන්ත්‍රීතුමා…මම ඔබතුමාට කියනවා ආපහු වාඩිවෙන්න කියලා…මේක රඟමඬලක්‌ කරගන්න එපා…” කථානායකවරයා යළි මන්ත්‍රීවරුන්ට කීවේය.

    “අගමැතියට එන්න කියාපිය…මේවට උත්තර දෙන්න කියාපිය…” යෑයි කියමින් මන්ත්‍රීවරු කෑ ගැසූහ. ජවිපෙ සහ ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරු සභාගැබෙහි දක්‌නට නොවීය. “පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවනවා” යෑයි කියමින් කථානායකවරයා මුලසුනෙන් නැගිට ගියේය.

    පාර්ලිමේන්තුව අත්හිටුවූව ද මන්ත්‍රීවරු ඝෝෂා කරමින් සභාගැබ මැද රැඳී සිටියහ. එජාප මන්ත්‍රීවරු ද මේ අවස්‌ථාවේ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් සමඟ තැන තැන සාකච්ඡා කරන අයුරු දක්‌නට ලැබිණි.

    විනාඩි දහයකට පමණ පසු යළි සභාව රැස්‌වූහ. මන්ත්‍රීවරුන්ගේ ඝෝෂාව යළි වැඩිවන්නට විය.

    “සුළු වේලාවකට හෝ පාර්ලිමේන්තුව අත්හිටුවීමට සිදුවීම ගැන කනගාටු වෙනවා…”යෑයි කී කථානායකවරයා “මේ සිද්ධිය කථානායකවරයාට බලපාන සිද්ධියක්‌ නොවේ. දේශපාලන පක්‍ෂ තියෙනවා…දේශපාලන නායකයෝ ඉන්නවා…මම දැන් අගමැතිතුමාට කතා කළා. අගමැතිතුමා මේ ගැන පරීක්‍ෂණයක්‌ කරන බව කිව්වා…” යෑයි කීය.

    “මේ සම්බන්ධව ඉදිරි පියවර ගැනීමට අපි අගමැතිතුමා සමඟ සාකච්ඡා කරනවා…” යෑයි සභානායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා කීවේය.

    “හරි දැන් ඉවරයි…අපි වැඩකටයුතු කරගෙන යමු…” යෑයි කථානායකවරයා කීවේය. සභාගැබ සිටි මන්ත්‍රීවරු යළි කෑ ගැසූහ.

    “විමල් වීරවංශ මන්ත්‍රීතුමා මතක තියාගන්න…මේ පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න කියපු කට්‌ටිය ඉන්නවා. පාර්ලිමේන්තුව ගිනි තියන්න කියපු අය ඉන්නවා” යෑයි කථානායකවරයා කියද්දී මන්ත්‍රීවරු පෙරට වඩා ශබ්ද නඟා කෑගසන්නට වූහ.

    එවිට එජාප මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ නැගී සිට යමක්‌ කීමට උත්සාහ කළහ.

    මේ ගැන අගමැතිතුමා ප්‍රකාශයක්‌ කරයි. කථානායක ලෙස මට කරන්න දෙයක්‌ නෑ. යෑයි කථානායකවරයා කීය.

    මේ සිද්ධිය පාර්ලිමේන්තුවට බෝම්බ ගහනවා වගේ සිද්ධියක්‌ නොවේ. රටේ වගකිවයුතු ඇමැති ධුරයක්‌ දරන එජාපයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වූ මන්ත්‍රීවරියක්‌ තවත් ඇමැතිවරු දෙදෙනෙක්‌ ඉදිරියේ කළ ප්‍රකාශයක්‌. වගේම අපි දිවුරුම් දෙනවා මේ රට බෙදන්න දෙන්නේ නෑ කියා. කථානායක ලෙස ඔබතුමාට වගකීමක්‌ තියෙනවා විනය පරීක්‍ෂණයක්‌ කර මන්ත්‍රි ධුරය අත්හිටුවන්න………….” යෑයි රතන හිමියෝ කීහ. “ඒවා කරනවා…….” යෑයි කථානායක කීය.

    විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු දිගටම ඝෝෂා කළහ.

    පාර්ලිමේන්තුවේ වැඩකටයුතු කළ යුතුයි. විමල් වීරවංශ මන්ත්‍රීතුමා මෙතැන ඇවිල්ලා සෙල්ලම් කළා. මේක විහිළුවක්‌ කරගන්න එපා. පාර්ලිමේන්තුවේ විනයක්‌ තියෙනවා. අගමැතිතුමා පක්‍ෂ නායක ලෙස පියවරක්‌ ගනියි. පාර්ලිමේන්තුව වෙනුවෙන් මම පියවර ගන්නවා. ඉස්‌සෙල්ලාම ඒ ඇමැතිවරිය සොයාගත යුතුයි ඒකට ඉඩදෙන්න.

    මේ අවස්‌ථාවේදී ප්‍රසන්න රණවීර සහ විමල් වීරවංශ යන මන්ත්‍රීවරු කථානායකවරයා වෙත අත දිගු කරමින් කෑ ගැසූහ.

    මට විමල් වීරවංශ මන්ත්‍රීතුමාව නම් කරන්න සිද්ධ වෙනවා……….. ගිහින් ඉඳගන්න….. මේක පාර්ලිමේන්තුව…… කථානායකවරයා කියද්දී “ඒකාධිපති” යෑයි ප්‍රසන්න රණවීර මහතා කීවේය.

    මම ඒකාධිපතියෙක්‌ නොවෙයි. එතුමියව මම කැඳවා පරීක්‍ෂණ කරනවා. මම විනය පරීක්‍ෂණයක්‌ කරනවා. වීරවංශ මන්ත්‍රීතුමාගේ මුඛය පරීක්‍ෂා කර ගන්න. ඉතා කැත විදිහට කතා කරනවා. උගත් මිනිස්‌සුනේ ඉන්නෙ. මට කරන්න ඉඩ දෙන්නෙ නෑනේ” යෑයි කථානායක කීවේය.

    මේ සිද්ධිය ගැන විනය පරීක්‍ෂණයක්‌ තියමු. සියලු දෙනාටම අදහස්‌ ප්‍රකාශ කරන්න දෙමු යෑයි කථානායක කීය.

    ඔව් ඒක හොඳයි………” යෑයි කී කතානායක මෙතැන නටන්නේ නැතිව ඉඩ දෙන්න…….මම දන්නවා කළ යුතු දේ. ඔබ තුමා දැන් පාවිච්චි කළ වචන ඉතාම අශෝබනයි. විමල් වීරවංශ ගැන මම ලැඡ් වෙනවා. මේක නාඩගමක්‌ කර ගන්න එපා යෑයි කථානායකවරයා කීවේය.

    මහේෂ්වරන් මන්ත්‍රිවරියගේ මන්ත්‍රී ධුරය සති දෙකකට අත්හිටුවන්න. පරීක්‍ෂණයක්‌ කරන්න. විමල් වීරවංශ මහතා කීවේය.

    හරි ඒක කරන්න මට ඉඩදෙන්න මම ඒකාධිපතියෙක්‌ නොවේ. කලින් ටේප් එක අහලා බලන්න ඕනේ. (ඝෝෂා) වීරවංශ මන්ත්‍රීතුමා පහත් ලෙස හැසිරුණා. ඉතා නින්දිත ලෙස හැසිරුණා යෑයි කතා නායකවරයා කියද්දී මොකද්ද කිව්වේ යෑයි විමල් වීරවංශ මහතා ඇසුවේය.

    ඇහුනේ නැත්නම් කන සුද්ධ කර ගන්න. ඔබතුමාව නම් කරන්න වෙනවා. බෝම්බ ගහන කතාවකුත් කිව්වා මෙයා තමයි සුදනා යෑයි කථානායකවරයා කියද්දී ප්‍රසන්න රණවීර මහතා ද ඝෝෂා කරන්නට විය.

    මේක කැලණිය නොවේ……….චණ්‌ඩියෙක්‌ වගේ හැසිරෙන්න එපා. අත් උස්‌ස උස්‌ස කතාකරන්න එපා. යෑයි කී කතානායකවරයා ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාට අවවාද කළේය.

    මේ අවස්‌ථාවේදී රණවීර මහතා සෙංකෝලය අසලට ආවේය. වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර මහතා නියෝජ්‍ය වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු සහ සහකාර වේත්‍රධාරී කුෂාන් ජයරත්න යන මහත්වරු සෙංකෝලය ආරක්‍ෂා කරමින් සිටියහ. ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා වේත්‍රධාරිවරයාට බැණ වදින ආකාරය දක්‌නට ලැබිණි.

    එය දුටු කථානායකවරයා ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාට තරයේ අවවාද කළේය.

    ප්‍රසන්න රණවීර මන්ත්‍රී තුමාව මට අයින් කරන්න වෙනවා. දෙවැනි වතාවට කියන්නේ රණවීර මන්ත්‍රීතුමා අයින් වෙනවාද නැද්ද……….” යෑයි කථානායකවරයා කියද්දී රණවීර මහතා සෙංකෝලය පැහැර ගැනීමට තැත් කළේය. ඒ සඳහා ඔහු වේත්‍රධාරීන් සමඟ පොර බැදුවේය.

    පාර්ලිමේන්තුව කල් දමනවා යෑයි කී කථානායකවනරයා මුලසුනෙන් නැඟිට යද්දී වේත්‍රධාරිවරයා සෙංකෝලය රැගෙන ගියේ පාර්ලිමේන්තුවේ කථානායකවරයාට වම්පසින් තිබෙන පැති දොරටුවකිනි. මේ අවස්‌ථාවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිනාමුසුව සභාගැබට පැමිණියේය. එවිට සභාව කල්තබා අවසන්ය. ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු අගමැතිවරයා වටකරගෙන සාකච්ඡා කිරීමට පටන් ගත්හ.

  • අධ්‍යාපන වෘත්තීය සමිති දෙපිරිසක් ඉසුරුපාය ඉදිරිපිට වලියක

    අධ්‍යාපන වෘත්තීය සමිති දෙපිරිසක් ඉසුරුපාය ඉදිරිපිට වලියක

    අධ්‍යාපන වෘත්තීය සමිති කිහිපයක් අද දින ආරම්භ කිරීමට නියමිතව තිබූ සංකේත වැඩ වර්ජනයක් සම්බන්ධයෙන් තවත් වෘත්තීය සමිති කිහිපයක් පරස්පර විරෝධී මත දැක්වීම නිසා අද පෙරවරුවේ බත්තරමුල්ලේ ඉසුරුපාය ඉදිරිපිට උණුසුම්කාරී තත්වයක් ඇති විය. මේ හේතුවෙන් බොරැල්ල කොට්ටාව ප්‍රධාන මාර්ගය මුළුමනින් අවහිරව තිබූ අතර එම ගැටුම සංසිදුවීමට පැමිණි පොලිස් නිලධාරීන් සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර උණුසුම් තත්වයක් ඇතිවිණි.

    අධ්‍යාපන කේෂ්ත්‍රයේ අංශ කිහිපයක නිලධාරීන් ලෙඩ නිවාඩු දමමින් ඇරඹූ මෙම වැඩ වර්ජනය සාර්ථක වූ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාර්ලීන් මහතා ප්‍රකාශ කරන අතර ජූලි 4දා සියළු පාසල් වසා දමන බව පවසමින් කණ්ඩායම් කිහිපයක් දියත් කළ මෙම වැඩ වර්ජනය මුළුමනින් අසාර්ථකව ඇති බවත් අද සියළුම පාසල් සාමාන්‍ය පරිද්දෙන් පැවැත්වෙන බවත් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

  • විජයකලා ගැන තීරණයක්‌ ගන්න – කථානායක නීතිපතිට දන්වයි

    විජයකලා ගැන තීරණයක්‌ ගන්න – කථානායක නීතිපතිට දන්වයි

    විජයකලා මහේශ්වරන් රාජ්‍ය ඇමැතිවරිය කර ඇති ප්‍රකාශයෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හෝ පවතින නීතිය උල්ලංඝනය වී තිබේ ද යන්න විමර්ශනය කර නීතිමය පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට දැනුම් දීමට කථානායක කරු ජයසූරිය මහතා විසින් ඊයේ (03 ) සවස තීරණය කර ඇත.
     
     මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇතිවූ උද්ඝෝෂණය නිසා සභාව කල් තැබූ පසුව කථානායකවරයා මෙම තීන්දුව ගෙන ඇත.

  • අපේ වැඩ පිළිවෙළ යාවත් කාලීන කළ මහින්ද චින්තනය මිසක් වියත් මග නොවෙයි

    අපේ වැඩ පිළිවෙළ යාවත් කාලීන කළ මහින්ද චින්තනය මිසක් වියත් මග නොවෙයි

    ඉදිරි මැතිවරණවල අපේක්ෂකයින් කවුරු වුවත් ඒ මැතිවරණ කරා යා යුත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් ලෙස යැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප‍්‍රකාශ කළේය. 
     
    ජනාධිපතිවරණයක් පැවැත්වීම නැවැත්විය යුතු බවත් ඒ සඳහා ජනමත විචාරණයක් ලබා ගැනීමට උත්සාහ කළ යුතු බවත් එය පවාසිදුවිය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා ගේ නායකත්වයෙන් යුතුව බවත් හෙතෙම කියා සිටියේය. 
     
    ඉදිරියේ හැදෙන ආණ්ඩුවක මුලික ලක්ෂණ වියත් මඟ ඉදිරිපත් කරන වැඩ පිළිවෙලෙහි ඇතැයි ඔවුන් පවසන  කතාව පරස්පර යැයි කී නානායක්කාර මහතා මහින්ද චින්තනය ජනතාවාදී බවත් මහින්ද පෙරටු කර ගත් ඔහු අගමැති කරගත් රජයකින් මැතිවරණ මෙහෙය විය යුතු බවත් ප‍්‍රකාශ කළේය. 
     
    මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ බොරැල්ල ඇන් ඇම් පෙරේරා මධ්‍යස්ථානයේ අද (02) පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුව අමතමිනි. එහි දී තව දුරටත් අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර මහතා මෙසේ ද කීය. 
     
    ‘‘ මේ ආණ්ඩුව කඩලා මහින්ද මහත්තයා මේ පාර්ලිමේන්තුවේ අගමැති කරන්න අපට වුවමනයි. ඒ සඳහා වැඩ පිළිවෙළ සරල බහුතරය කඩා අපේ පැත්තට මන්ත‍්‍රීවරුන් ගැනිමයි. මහින්ද මහත්යාගේ නායකත්වයෙන් මිස වෙනත් නායකත්වයන් ආදේශ කරන්න බැහැ. මහින්ද මහත්තයාගේ නායකත්වයට මුවාවෙලා ඒ නායකත්වය යට කරගෙන එන්න දෙන්න බැහැ. තුනෙන් දෙකක බලයක් ගෙනත් විධායක ජනපතිවරණයක් අනවශ්‍ය තැනට ගෙනෙන්න. 
     
    මේ වැඩ පිළිවෙළ මොකක්ද කියලා අහනවා. අපේ වැඩ පිළිවෙළ යාවත් කාලීන කළ මහින්ද චින්තනයයි. වියත් මග නොවෙයි. ‘‘

  • ලබන බදාදා වන විට හිඟ මුදල් නොගෙව්වොත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ණයට ඉන්ධන නිකුත් කරන්නේ නෑ

    ලබන බදාදා වන විට හිඟ මුදල් නොගෙව්වොත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ණයට ඉන්ධන නිකුත් කරන්නේ නෑ

    ලබන බදාදා වන විට හිඟ මුදල් නොගෙවන්නේ නම් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ණයට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවන බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසයි.
    එහි සභාපති ධම්මික රණතුංග මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ලිඛිතව දැනුම්දී ඇති බවයි.
    එළෙඹන බදාදා දින වන විට අදාළ හිඟ මුදල් ‍ ගෙවීමට කටයුතු නොකරන්නේ නම් බදාදායින් පසුව ගෙවීමකින් පමණක් ඉන්ධන ලබා ගත හැකි බව ඒ  මහතා සඳහන් කළ අතර ලංකා ඛණිජ තෙල් සංස්ථාවට ඉන්ධන ලබා ගැනීම සඳහා අවශ්‍ය මුදල් පාලනය කර ගත නොහැකි තත්ත්වන් මේ වන විට උදා වී ඇති බව එහි සභාපති වැඩිදුරටත් සඳහන් කරයි.
    ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් පමණක් මිලියන 12ක මුදලක් ලංකා ඛණිජ තෙල් සංස්ථාවට අයවිය යුතු බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
  • කෘෂිකර්ම අමාත්‍යාංශයට නැවත ගොවිජන මන්දිරයට යන්න නම් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඕනලු

    කෘෂිකර්ම අමාත්‍යාංශයට නැවත ගොවිජන මන්දිරයට යන්න නම් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඕනලු

    කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා යළි බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ගොවිජන මන්දීරය ලබා ගන්නේ නම් ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය යුතු බව කෘෂිකර්ම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
    මේ වන විට රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් තුළ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන අතර ඊට විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බව සඳහන්ය.2016 වසරේ සිට වසර 05ක් සඳහා අදාළ ගොඩනැගිල්ල වෙනුවෙන් බදු ගිවිසුමක් ක්‍රියාත්මක වන අතර එහි මුල් වසර තුන සඳහා රුපියල් මිලියන 504ක මුදලක් ලබාදීමට රජය පියවර ගෙන තිබේ.
    කෙසේවෙතත් අදාළ ගිවිසුමට අනුව ඉදිරි වසර දෙක සඳහා සියයට 15කින් අදාළ බදු මුදල ඉහළ යන බව සඳහන්ය.ඒ අනුව වසර 05 සඳහා එම ගොඩනැගිල්ලට ගෙවිය යුතු මුළු මුදල රුපියල් මිලියන 960ක් පමණ වන බව විගණන වාර්තාවල සඳහන් වෙයි.
    අධික මුදලක් ලබා දෙමින් රාජගිරිය ප්‍රදේශයේ පිහිටි මෙම ගොඩනැගිල්ල තුළ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
    ඒ අනුව බත්තරමුල්ල රජමල් වත්ත මාවතේ පිහිටි ගොවිජන මන්දීරය කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණි.
    කෙසේවෙතත් අදාළ ගොඩනැගිල්ල යළි කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබාදීම සඳහා කථානායකවරයාට තනිව තීරණයක් ගැනීමට නොහැකිව පවතින බව වාර්තා වෙයි.
  • උතුරු මහ ඇමැති ධුරයෙන් විග්නේෂ්වරන් අස්‌විය යුතුයි – උතුරු පළාත් විපක්‍ෂ නායක

    උතුරු මහ ඇමැති ධුරයෙන් විග්නේෂ්වරන් අස්‌විය යුතුයි – උතුරු පළාත් විපක්‍ෂ නායක

    නීතිරීති කිසිවක්‌ ගණන් නොගෙන තම අභිමතයට අනුව කටයුතු කරන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා අභියාචනාධිකරණයේ තීන්දුව ලද වහාම ඉල්ලා අස්‌විය යුතුව ඇතැයි උතුරු පළාත් සභාවේ විපක්‍ෂ නායක එස්‌. තවරාසා මහතා පැවසීය.

    යාපනයේදී පසුගිය 30 දා විශේෂ මාධ්‍ය හමුවක්‌ පවත්වා විපක්‌ෂ නායකවරයා කියා සිටියේ මහ ඇමැතිවරයා විසින් උතුරු පළාත් හිටපු අමාත්‍ය පී. ඩෙනීෂ්වරන් මහතාගේ ඇමැති ධුරය ඉවත් කිරීමට කළ නියෝගය තහනම් කරමින් අභියාචනාධිකරණය 29 දා ලබාදුන් අතුරු තහනම් නියෝගය හේතුවෙන් විග්නේෂ්වරන් මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්‌විය යුතු බවයි.

    විග්නේෂ්වරන් මහතාට ලැ-ජාවක්‌ තිබේ නම් ඔහු සිය තනතුරෙන් මහත්මයකු ලෙස ඉවත්වීමට කටයුතු කළ යුතු බව තවරාසා මහතා කියා සිටියේය.

    2017 වසරේ උතුරු පළාත් සභාවේ ප්‍රවාහන, ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පී. ඩෙනීෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේශ්වරන් මහතා ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්‌වමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක්‌ නිකුත් කර ඇත.

    තමා අමාත්‍ය ධුරයෙන් නෙරපීම නීති විරෝධී යෑයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා උතුරු පළාත් හිටපු අමාත්‍ය පී. ඩෙනීෂ්වරන් මහතා ගොනු කළ පෙත්සමක්‌ සලකා බැලු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය සහ ජනක්‌ ද සිල්වා මහතාගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක්‌ විසින් තහනම් නියෝගය නිකුත් කර ඇත

  • ප්‍රභාකරන් සාධකය පිළිබඳ මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයක්‌ එළි දකී

    ප්‍රභාකරන් සාධකය පිළිබඳ මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයක්‌ එළි දකී

    වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් ලියනලද ප්‍රභාකරන් සාධකය පිළිබඳ මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයක්‌ නම් කෘතිය ගොඩගේ ප්‍රකාශකයන් විසින් එළිදක්‌වා තිබේ. 
     
     මෙම කෘතියෙන් වේළුපිල්ලේ ප්‍රභාකරන් තුළ තිබූ නායකත්ව සාධක මෙන්ම ඔහු තුළ තිබූ සමාජ විරෝධී පෞරුෂ ලක්‍ෂණද පෙන්වා දෙනු ලබයි. මෙම පොත පිළිබඳ අදහස්‌ දක්‌වන විශේෂඥ මනෝ වෛද්‍ය සරත් පඩුවාවල පෙන්වා දෙන්නේ ප්‍රභාකරන් සාධකයේ සැඟවුණු මනෝ විද්‍යාත්මක පාර්ශ්වයන් කතුවරයා විසින් හෙළි කරන බවයි.

  • අර්ජුනට ජනපතිගෙන් හා අගමැතිගෙන් දෝස් මුරයක්

    අර්ජුනට ජනපතිගෙන් හා අගමැතිගෙන් දෝස් මුරයක්

    මැ‍ලේසියාවේ ආධාර මත ඉන්ධන පිරිපහදුවක් ඉදිකිරීම සඳහා කැබිනට් මණ්ඩලය මීට පෙර ගෙන තිබූ තීන්දුවක් මේ වනතෙක් ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වෙත පසුගිය සතියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය ජනාධිපති කාර්යාලයේදී පසුගිය සතියේ රැස්වූ අවස්ථාවේදී තදින් දොස් පවරා ඇත.

    මෙම ඉන්ධන පිරිපහදුව ඉදිකිරීම පිළිබඳව වූ යෝජනාව පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත පළමුව කරුණු වාර්තා කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාය. මැ‍ලේසියාව මේ පිළිබඳව දිගින් දිගටම විමසන බව මෙහිදී සඳහන් කර ඇති ජනාධිපතිවරයා ඇමැති මණ්ඩලය තීරණයක් ගත් පසු එය ක්‍රියාත්මක කිරීම ඇමැතිවරයාගේ වගකීම බව රණතුංග ඇමැතිවරයාට පවසා ඇත. මෙහිදී ජනාධිපතිවරයා අර්ජුන රණතුංග මහතා වෙත ඉතා තදින් පවසා ඇත්තේ හොඳ නරක වැඩක් නෑ තීන්දුවක් ගත්තාම එය ක්‍රියාත්මක කරන ලෙසය.

    මේවා රටට වැදගත් ආයෝජන බවත් එනිසා මෙවැනි ව්‍යාපෘති ක්‍රියාවට නැංවිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද අර්ජුන රණතුංග ඇමැතිවරයාට මෙහිදී තරමක් තදින් පවසා තිබේ. අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාද මෙහිදී කතා කළහ. ඔහුගේ අදහස වී ඇත්තේද මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක නොකළහොත් ආයෝජකයෝ ලංකාවට පැමිණීම අඩුකරනු ඇති බවයි. මෙහිදී කතාකළ අර්ජුන රණතුංග මහතා අමාත්‍යාංශ ‍ලේකම්වරයාව මේ පිළිබඳව දැනුවත් කරන බව පැවැසූ නමුත් ඊට මැදිහත් වූ ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ ‍ලේකම්ට කීම නොව ඇමැතිවරයා විදිහට මෙම ව්‍යාපෘතිය ඉදිකිරීමේ වගකීම ගන්නා ලෙසය.

  • විදුහල්පතිට ගෙවිය යුතු ලක්ෂ දෙකහමාරෙ වන්දිය  5000 ගානේ ගෙවන්න අවසර ඉල්ලයි

    විදුහල්පතිට ගෙවිය යුතු ලක්ෂ දෙකහමාරෙ වන්දිය 5000 ගානේ ගෙවන්න අවසර ඉල්ලයි

     

    අනුරාධපුර නිවන්තකෙච්තිය හිටපු විදුහල්පතිට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ රුපියල් ලක්‍ෂ දෙකහමාරක වන්දි මුදල රුපියල් 5000 බැගින් ගෙවා දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ඉල්ලා සිටින බව උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න මහතා ‘දිවයින’ට 29 දා පැවසීය.
     
     අධිකරණ තීන්දුවට තමා ගරුකර වන්දි මුදල ගෙවා දමන බවත් කී ජයරත්න මහතා මිලියන 500 ක පමණ සංවර්ධන කටයුතු තමා බලයේ සිටි සමයේ එම විදුහල වෙනුවෙන් සිදුකළ බවද පැවසීය.

  • තාජුඩීන් ඝාතන සමයේ මහින්දගේ සහ පවුලේ අයට ආරක්‍ෂාව දුන් නාවික නිලධාරීන්ගේ රාජකාරි ලේඛන නාවික හමුදා භාරයේ නැහැ

    තාජුඩීන් ඝාතන සමයේ මහින්දගේ සහ පවුලේ අයට ආරක්‍ෂාව දුන් නාවික නිලධාරීන්ගේ රාජකාරි ලේඛන නාවික හමුදා භාරයේ නැහැ

    රගර් ක්‍රීඩක වසිම් තාජුඩීන් ඝාතනය සිදුවූ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ ආරක්‍ෂාව සඳහා අනුයුක්‌ත කර සිටි නාවික හමුදා නිලධාරීන්ගේ හා සෙබළුන්ගේ දෛනික රාජකාරි සටහන් ලේඛන නාවික හමුදා භාරයේ නොමැති බව නාවික හමුදාපතිවරයා ලිඛිතව දැනුම් දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා ඊයේ (29 ) කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාරගේ මහතාට දැනුම් දුන්නේය.
     
     වසිම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා ඉතා වැදගත් ලේඛනයක්‌ වන එම දෛනික රාජකාරි සටහන් ලබාදෙන ලෙසට අධිකරණය විසින් කරන ලද නියෝගයට පිළිතුරු ලෙස නාවික හමුදාපතිවරයා පසුගිය 8 වැනිදා ඒ බව දන්වා ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී ප්‍රකාශ කළේය.
     
     එහිදී ශ්‍රී ලංකා වෛද්‍ය මණ්‌ඩලය විසින් ඉදිරිපත් කළ යම්කිසි සුවිශේෂී තැනැත්තියකගේ වෛද්‍ය වාර්තා දෙකක්‌ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට ඉදිරිපත් කළේය.
     
     එම සුවිශේෂී තැනැත්තිය එම නඩුවේ සාක්‍ෂිකාරියක විය හැකි බැවින් ඇගේ අනන්‍යතාවය කිසිවකුට අනාවරණය නොවන පරිදි එම වෛද්‍ය වාර්තා ආරක්‍ෂිතව තබනා ලෙසට ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම සලකා බැලූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එම වෛද්‍ය වාර්තා සුරක්‍ෂිතව අධිකරණ නඩු ලේඛන සේප්පුවේ තැන්පත් කර තබනා ලෙසට නියෝග කළේය.
     
     එම නඩුව ලබන සැප්තැම්බර් 20 වැනිදා යළි කැඳවීමට නියමිතය.

  • ගෑස් 138 කින්  බහී…කිලෝ 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් 1538 යි

    ගෑස් 138 කින් බහී…කිලෝ 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් 1538 යි

    ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138කින් පහළ දමා තිබේ. ඒ අනුව කිලෝ 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1538 දක්වා පහළ දමා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

    සිකුරාදා (ඊයේ 29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල පහළ දමා ඇති බවද පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

  • පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වන්නේද නව ක්‍රමයට පවත්වන්නේද යන තීන්දුව ජූලි මස 06 දා

    පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වන්නේද නව ක්‍රමයට පවත්වන්නේද යන තීන්දුව ජූලි මස 06 දා

    පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වන්නේද නව ක්‍රමයට පවත්වන්නේද යන තීන්දුව ජූලි මස 06 දා පාර්ලිමේන්තුවේදී ගැනීමට නියමිතය. පළාත් සභා මැතිවරණය නව ක්‍රමයට පැවැත්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් යෝජනා කරන අතර සුළු ජාතික පක්ෂ ඇතුළු පක්ෂ කිහිපයක් යෝජනා කරන්නේ එය පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බවයි.
    කෙසේ නමුත් පළාත් සභා තුනක කාලය මේ වන විට අවසන්ව ඇති අතර තවත් පළාත් සභා තුනක කාලය ලබන මාසයේදී අවසන් වේ. මේ නිසා මැතිවරණය දෙසැම්බරයේදී පවත්වන ලෙස විපක්ෂයේ දේශපාලන පක්ෂ ඉල්ලා සිටියි.
    මේ කාරණා සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉකුත් සතියේ කථානායකවරයා හමුවී සාකච්ඡා කළ අතර එම සාකච්ඡාවට පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා හා සීමා නිර්ණ කමිටු සාමාජිකයන්ද සහභාගි වී ඇත.
    එහිදීද තීරණය වී ඇත්තේ ලබන 06 දායින් පසුව මේ ගැන තීන්දුවක් ගන්නා බවය. ලබන 6දා පෙ.ව. 10.30 සිට සවස 6.30 දක්වා පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සභාව කල් තැබිමේ විවාදය පැවැත්වේ.