Category: සුපිරි News

  • 70 වන නිදහස ‍වෙනුවෙන් ගූගල් මුල් පිටුවට සිංහ කොඩිය

    70 වන නිදහස ‍වෙනුවෙන් ගූගල් මුල් පිටුවට සිංහ කොඩිය

    ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස වෙනුවෙන් ගූගල් සේවය සිය මුල් පිටුවට ශ්‍රී ලංකා ජාතික කොඩිය එක්කර ශ්‍රී ලංකිකයින් සමග නිසදහසේ ප්‍රීතිය විදීමට කටයුතු කර ඇත.

    Capture

  • ප්‍රජා අයිතිය නැති කරල මදි ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕන

    ප්‍රජා අයිතිය නැති කරල මදි ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕන

    මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති වරයා සිදු කර ඇති මහා පරිමාන වංඡා හා අපරාධ හේතුවෙන් ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම කිසිසේත්ම ප්‍රමානවත් නොමැති අතර මහින්ද මහතාව , ඔහුගේ සහෝදර සමාගම හා පුත්‍රරත්නයන්ව එම වංචා හා අපරාධ සඳහා නීතිය ඉදිරියට පමුණුවා දිවි ඇති තෙක් හිර ගෙදර උරුම කරවිය  යුතු යැයි අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා මාධ්‍යට ප්‍රකාශ කර ඇත.

     

  • තැපැල් ඡන්ද අයදුම් කර ඡන්දය පාවිච්චි නොකළ සියලු දෙනාට වැඩ වරදී

    තැපැල් ඡන්ද අයදුම් කර ඡන්දය පාවිච්චි නොකළ සියලු දෙනාට වැඩ වරදී

    මෙවර පළාත් පාලන මැතිවරණයේ එක්‌ තැපැල් ඡන්දයක්‌ වෙනුවෙන් රුපියල් 750 ක්‌ පමණ වියදමක්‌ දරන බැවින් තැපැල් ඡන්ද භාවිත නොකිරීමෙන් රජය අයකරන එම මුදල අපතේ යන නිසා තැපැල් ඡන්ද පහසුකම අයදුම් කර එම ඡන්දය පාවිච්චි නොකළ සියලු දෙනාගෙන් නිදහසට කරුණු විමසීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (01) මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරන ලදී.

    තැපැල් ඡන්ද ප්‍රකාශ නොකළ අයගෙන් නිදහසට කරුණු විමසා සාධාරණ හේතුවක්‌ නොමැතිනම් එම වැයවන මුදල අදාළ ඡන්ද දායකයාගෙන්ම ආපසු අයකර ගත හැකි දැයි සොයා බලන බවද සභාපතිවරයා කියා සිටි අතර ආරක්‌ෂක හමුදාවල සියල්ලන්ම පාහේ තැපැල් ඡන්ද සලකුණු කර ඇතැයිද අනෙකුත් තැපැල් ඡන්ද පාවිච්චි නොකළ පිරිසට අද දිනය පමණක්‌ ඒ සඳහා ඉඩ සලසාදී ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කලේය.

  • එජනිස ආධාරකරුවාට පහර දුන් පොහොට්ටු අපේක්ෂකයා පොලීසියට භාර වෙයි

    එජනිස ආධාරකරුවාට පහර දුන් පොහොට්ටු අපේක්ෂකයා පොලීසියට භාර වෙයි

    පසුගිය 28 වනදා රාත්‍රීයේ ගාල්ල චීන කොරටුව ප්‍රදේශයේ දී ඇතිවූ බහින් බස් වීමකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  ආධාරකරුවකුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  අපේක්ෂකයකු පහරදීමක් ගැන වාර්සථා විය.

     එම සිදුවීමට අදාල සැකකරු පොලීසියෙන් සැගවී සිටි අතර ඔහු පෙරේදා(30)  පොලිසියට භාර වී ඇත.  පොලිසිය විසින් එම සැකකරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

  • නේවි සම්පත් සෙවීමට මහජන සහය පතයි

    නේවි සම්පත් සෙවීමට මහජන සහය පතයි

    පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් නීති විරෝධී ලෙස රඳවාගෙන ඝාතනය කළ බවට චෝදනා එල්ල වී ඇති නේවි සම්පත් නොහොත් හෙට්ටිආරච්චිලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි පිළිබඳ තොරතුරු දන්නේ නම් ළඟම පොලීසියට දන්වන ලෙස පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    එසේ නොමැති නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරියේ 0112422176 හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 0112320141 සිට 145 දක්වා අංකවලට හෝ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ 0112393621යන දුරකථන අංකවලට දැනුම්දෙන ලෙසද පොලිස් මූලස්ථානය ඉල්ලා සිටියි.

    පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් නීතිවිරෝධී ලෙස රඳවා තබාගෙන ඝාතනය කිරීමේ චෝදනාව මත නාවික හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සැකකරු සම්බන්ධයෙන්ද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් වී තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    scan0001

  • රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් වර්ජනයකට ලෑස්ති වෙයි

    රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් වර්ජනයකට ලෑස්ති වෙයි

    රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් අතර ඇති වැටුප් විෂමතාවයන් හා තවත් ගැටළු කිහිපයක් විසඳීමට කටයුතු නොකරන නිසා පෙබරවාරි 05 වැනිදායින් පසු ඕනෑම මොහොතක ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වැඩවර්ජනයක් ආරම්භ විය හැකි බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.  සමස්ත ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ටම දැඩි අසාධාරණයක් සිදුවී තිබෙන බවද එම සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පවසා සිටියේය.

    මූලික වැටුපට අනුව දීමනා ලබාදීම නවතා දමා තිබෙන බවත්, බදුසහන යටතේ ලබාදුන් වාහන බලපත්‍රය කප්පාදු කිරීම, පොදුවේ රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප අහිමි කිරීම යන කාරණා මූලික කරගනිමින් මෙම වැඩවර්ජනය සිදුකරන බවත් ඒ මහතා සඳහන් කළ අතර වර්ජනය දියත් කිරීම සඳහා පළාත් මට්ටමින් දැනුවත් කිරීම් ආරම්භ කර තිබෙන බවත්, දින 05ක් තුළ මෙම ගැටලු විසඳීමට කටයුතු නොකළහොත් වැඩවර්ජනය සිදුකරන බවත් ඔහු අවධාරණය කළේය.ඇතිවී තිබෙන ගැටලු විසඳාගැනීම සඳහා බලධාරීන් සමග අවස්ථා ගණනාවකදීම සාකච්ඡා කළද මෙතෙක් ඒ සඳහා විසඳුම් ලැබී නොමැති බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

  • සටන කෙතරම් උණුසුම් උනත් මෙවර සෝලංග ජයගන්නවා… සමීක්ෂණ වාර්තාවක් හෙළිකරයි…

    සටන කෙතරම් උණුසුම් උනත් මෙවර සෝලංග ජයගන්නවා… සමීක්ෂණ වාර්තාවක් හෙළිකරයි…

    කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ බලය ලබාගැනීම සදහා ප්‍රධාන පක්ෂ සියල්ලම ගෙන යන මැතිවරණ ව්‍යාපාරය මේ වන විට මුළු රටේම අවධානයට ලක්ව ඇත.. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මනුෂ්‍ය ඝාතන 04ක් සිදුවූ මේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මෙවර මැතිවරණය සාමකාමී වුවත් ඉතා උණුසුම් වී ඇත්තේ මරික්කාර් සහ සෝලංග මැතිවරණ ව්‍යපාරය මෙහෙයවන ආකාරය නිසාවෙනි. දිගු කාලයක සිට ඉතා හොදින් මෙම මැතිවරණය සදහා සුදානමින් සිටි සෝලංග මේ වනවිටත් මැතිවරණයේ ජයග්‍රහණය තහවුරු කරගෙන ඇති බව විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් සිදුකල සමීක්ෂණයකින් තහවුරු වී ඇත.  සෝලංග මේ වනවිටත් එජාප අපේක්ෂක අපේක්ෂිකාවන් කිහිපපොළක්ම ශ්‍රීලනිපයට එක්කරගැනීමට සමත්වූ අතර එය මරික්කාර්ගේ දේශපාලන පරාජයට හේතුවක් වූ බව සදහන්…

    ඒ අතරවාරයේ පොහොට්ටුවද කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල දැඩි පසුබෑමකට ලක්ව ඇති බව සදහන්. ආරම්භයේදී ඔවුන් ලබාගත් ගැම්ම ඔවුනගේ ලයිස්තුවේ සිටින හොරුන් වංචාකාරයන් නිසා ඔවුනට අහිමි වී ඇති අතර පසුගිය දිනෙක පොහොට්ටුවේ සංවිධායකවරයෙක් ලෙස කටයුතු කරන නාවලගේ බැනට් කුරේ නැමැත්තා මග දිගට කදුළු සලමින් පොහොට්ටුවට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලා සිටීම ඔවුනගේ බංකොලොත් බව මැනවින් ප්‍රදර්ශනය කරන බව දේශපාලන විචාරක අදහස වී ඇත…

    පසුගිය දින කිහිපයේ එජාපයේ සහ පොහොට්ටුවේ ක්‍රියා කලාපය ගැන කලකිරී ශ්‍රීලනිපයට එක්වූ අපේක්ෂක සහ හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ තොරතුරු මෙන්න..

    http://supirigossip.com/archives/13478

    http://supirigossip.com/archives/13662

    http://supirigossip.com/archives/13644

    http://supirigossip.com/archives/13627

    http://supirigossip.com/archives/13713

    http://supirigossip.com/archives/13720

  • එජාප උපනායක ධූරයෙන් රවීව ඉවත් කරනවා කියන පුවත බොරුවක්… මාරපන වාර්ථාවෙ රවීගෙ නම සඳහන් වෙලා නෑ

    එජාප උපනායක ධූරයෙන් රවීව ඉවත් කරනවා කියන පුවත බොරුවක්… මාරපන වාර්ථාවෙ රවීගෙ නම සඳහන් වෙලා නෑ

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බැඳුම්කර ගණුදෙණු ගැන සෙවීමට පත්කල බැදුම්කර කොමිසම මගින් ඉදිරපත් කල වාර්ථාව  ගැන විමර්ෂණය සදහා පත්කල අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට භාරදෙනු ලැබූ වාර්තාවේ රවී කරුණානායක මහතාගේ නම සදහන් නොවන බවත් රවී කරුණනායක මහතා මෙම බැඳුම්කර සිද්ධියට කිසිසේත්ම වග කිවයුතු නොවන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ආරංචි මාර්ග වල සඳහන් වේ. ‍

    මේ දිනවල විපක්ෂයේ අයවලුන් හා බැඳුම්කර සිද්ධියට සම්බන්ධ පක්ෂයේම කහිප දෙනෙක් රවී කරුණානායක මහතා මත වැරැද්ද පටවා ඔවුන්ගේ ගැලවිජිජාව සඳහා ඒ මහතා  පක්ෂයේ  දරන උපනායකධූරයෙන් ඉවත් කලයුතු යැයි පවසමින් ගෙන යන මාධ්‍ය ප්‍රචාරයන් වල කිසිඳු සත්‍යතාවයක් නොමැති බවත් රවී කරුණනායක මහතා ඒ වකවානුවේ සිටි මුදල් ඇමති වශයෙන් පැවති ඡෝදනා හමුවේ සිය ඇමති කමෙන් ඉල්ලා අස්වී ලාංකීය දේශපාලන ප්‍රවාහයට මනා ආදර්ශයක් දුන් බවත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු  ප්‍රකාශ ඇත.

  • “සුපර් බ්ලූ බ්ලඩ් මූන් ” හෙට චන්ද්‍රගහණය හරිම වෙලාවේ පියවි ඇසින් බලාගන්නේ මෙහෙමයි .!

    “සුපර් බ්ලූ බ්ලඩ් මූන් ” හෙට චන්ද්‍රගහණය හරිම වෙලාවේ පියවි ඇසින් බලාගන්නේ මෙහෙමයි .!

    නවම්පුර පසළොස්වක පොහොය යෙදෙන්නේ හෙට (31) දිනටයි. හෙට දිනයේ සිදුවන විරල චන්ද්‍රග්‍රහණයක් පිළිබද වාර්තා වෙනවා. පුර පසළොස්වක පොහොය දින චන්ද්‍රග්‍රහණයක් සිදුවීම දුර්ලභ අවස්ථාවක් ලෙස සැලකේ. එම නිසා පොහොය දින සිදුවන මෙම විරල චන්ද්‍රග්‍රහණයක් සමඟ පායන සඳ, සුවිශේෂිතා කිහිපයක් හේතුවෙන් සුපර් බ්ලූ බ්ලඩ් මූන් ලෙස නම්කර ඇතැයි ආතර්. සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා.

    පෘථිවිය වටා ඉලිප්සාකාර මාර්ගයක ගමන් ගන්නා චන්ද්‍රයා ඇතැම් කාලවලදී පෘථිවියට ආසන්නව ගමන් කරන අතර ඇතැම් කාලවලදී පෘථිවියට තරමක් දුරින් ගමන් කරයි. හෙට (31දා) දිනයේදී චන්ද්‍රයා පෘථිවියට ඉතා ආසන්නව ගමන් කරන අතර පෘථිවියත් චන්ද්‍රයාත් අතර දුර අඩුම අවස්ථාව නිසා දිස්වන සඳ සුපර් මූන් ලෙස හැඳින්වේ.

    එසේම හෙටට යෙදෙන නවම් පුර පසළොස්වක පොහොය එකම මසක දෙවැනි පසළොස්වක පොහොය වේ. එකම මසක දෙවැනි පසළොස්වක දින දිස්වන චන්ද්‍රයා නිල් සඳ ලෙස හැඳින්වේ. මේ චන්ද්‍රග්‍රහණයේදී චන්ද්‍රයාගේ අඳුරු වන කොටස (සෙවණැල්ල) පෘථිවියට වැටෙද්දී රතු පැහැයක් ගන්නා අතර එය “රුහිරු සඳ” ලෙස හඳුන්වයි. මේ සුවිශේෂීතා හේතුවෙන් එම සඳ සුපර් බ්ලූ බ්ලඩ් මූන් ලෙස හඳුන්වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

    ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසන්නේ හෙට (31දා) චන්ද්‍රයාගෙන් නිකුත් වන ආලෝකය වෙනත් පසළොස්වක දිනවලට සාපේක්ෂව 14%කින් පමණ දීප්තියෙන් වැඩි බවයි.හෙටට (31දා) යෙදෙන විරල චන්ද්‍රග්‍රහණය මෙරට නැඟෙනහිර ක්ෂිතිජයට ආසන්නව දැකගත හැකි බවත් ප.ව. 6.21 සිට රාත්‍රි 7.37 දක්වා පියවි ඇසින් දැකගත හැකි මේ චන්ද්‍රග්‍රහණයේ උච්චතම අවස්ථාව ප.ව. 6.59ට දිස්වන බවත් එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසනවා.

  • පිස්තෝලය අතට ගත් පොහොට්ටු අපේක්ෂක මැරයා සංධාන ආධාරකරුවෙකුට තඩි බායි

    පිස්තෝලය අතට ගත් පොහොට්ටු අපේක්ෂක මැරයා සංධාන ආධාරකරුවෙකුට තඩි බායි

    එළැබෙන මැතිවරණයේදී ගාල්ල මහ නගර සභාවට තරග වදින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක දේශප්‍රිය ලියනගේ මහතාගේ ආධාරකරුවෙකුට ඊයේ (28) රාත්‍රියේ 11.30ට පමණ දේශප්‍රිය මහතාගේ නිවසේ සිට ඔහුගේ නිවස කරා යමින් සිටියදී පහරදීමක් සිදු කර ඇති අතරපහරදීමෙන් බරපතල තුවාල ලැබු ආධාරකරු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

    මෙසේ පහර දී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල කොට්ඨාශයට තරග වදින් අපේක්ෂක රත්නපාල සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙ‍නෙකු විසින් බව මේ වනවිට හෙළි වී ඇති අතරඅදාළ ආධාරකරුට පිස්තෝලයක් පෙන්වා බියවද්දා බරපතල ලෙස පහරදී ඇති අතර එම පුද්ගලයාගේ කෑගැසිමත් සමග අසල්වාසීන් පැමිණ මෙම පුද්ගලයා බේරාගෙන තිබේ.මේ සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

  • වසර 151න් පසුව උදාවන හදේ වෙනසක් බලන්න විරල අවස්ථාවක් 31 වනදාට..!

    වසර 151න් පසුව උදාවන හදේ වෙනසක් බලන්න විරල අවස්ථාවක් 31 වනදාට..!

    වසර 151 කට පසු සුපිරි නීල චන්ද්‍රයා සහ පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් දැක ගැනීමේ විරල අවස්ථාවක් ලෝක වාසීන්ට හිමි වී තිබෙනවා.

    ඒ මෙම මස 31 වනදාට බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා අංශයේ හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහචාර්ය චන්දන ජයරත්න පවසනවා.

    අවසන් වරට මෙවැනි සුපිරි නීල සඳක් සහ පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් ලෝක වාසීන්ට දැක ගැනීමට හැකි වුයේ වසර 1866 දී බවයි කොළඹ විශ්ව විද්‍යාලය පවසන්නේ.

    සුපිරි නීල චන්ද්‍රයා මෙම මස 31 වනදාට යෙදී ඇති පොහොය දිනයේ රාත්‍රී කාලයේ දී ඉතාමත් දීප්තිමත් ලෙස නිරක්ෂණය කළ හැකි බවත් ඔහු කියා සිටියා.

    මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු දැන ගැනීමට පහත නිවේදනය කියවන්න.

  • පොහොට්ටුවේ ඔළුගෙඩි ගොඩ වැඩිකරන්න වැල්ලවාය රැළියට ගාල්ලෙන් ආ 4ක් මරුට

    පොහොට්ටුවේ ඔළුගෙඩි ගොඩ වැඩිකරන්න වැල්ලවාය රැළියට ගාල්ලෙන් ආ 4ක් මරුට

    පෙරේදා (27) වැල්ලවාය නගරයේ පැවැති මහින්ද රාඡපක්ෂ මහතා පැමිණෙන ජනහමුවකට සහභාගී වීමට පැමිණි, ගාල්ල ප්‍රදේශයේ පදිංචි පිරිසක් රැගත් තණමල්විල සිට ධාවනය වූ මෝටර් රථයක් වැලල්වාය, තණමල්විල මාර්ගයේ 38 කණුව ආසන්නයේ බදුල්ල සිට තනමල්විල දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක ගැටීමෙන් මොටර් රථයක ගමන්ගත් සිවුදෙනෙකු මියගොස් ඇති අතර තවත් පස්දෙනෙකු තුවාල ලබා තිබේ.

    මෙම අනතුරින් ගාල්ල හා කිරම ප්‍රදේශවල පදිංචි මෝටර් රථයේ ගමන්ගත් දිලිප් රංගජිත් පෙරේරා (42) දේශාන් වීරසේකර (38)ජී. ඒ. අනුරාධ ගඡවීර (43) එම්. ආර්. චමින්ද (37) යන අය  මියගිය අතර, රවීන් ක්‍රිෂාන් වර්ණවීර හා ලියනග තරංග යන අය තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුළත් කෙරිණු අතර බස්රථයේ ගමන්ගත් මගීන් තිදෙනෙකුද මින් තුවාල ලැබූ අතර, මෝටර් රථයේ සිරවී සිටි පුද්ගලයන් බේරා ගැනීමට ප්‍රදේශවාසීන්ට හා කුඩාඔය පොලීසියට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

    මෝටර් රථයේ අධික වේගය නිසා රථය පාලනය කරගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලීසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

  • සෞඛ්‍ය අමාත්‍යවරයාත්, උසස් අධ්‍යාපන අමාත්‍යවරයාත් නටන නාඩගම්වලට 30 වෙනිදට උත්තර දෙනවා

    සෞඛ්‍ය අමාත්‍යවරයාත්, උසස් අධ්‍යාපන අමාත්‍යවරයාත් නටන නාඩගම්වලට 30 වෙනිදට උත්තර දෙනවා

     

    සෞඛ්‍ය අමාත්‍යවරයා තමන්ගේ පවුලේ ප්‍රශ්න පවුල තුළ බේරා නොගෙන වෛද්‍ය ශිෂ්‍යයන් ඇතුළු සමස්ත සෞඛ්‍ය සේවාවම බිල්ලට ලබාදෙමින් සිටින බවත් සයිටම් අහෝසි නොකර සෞඛ්‍ය අමාත්‍යවරයාත්, උසස් අධ්‍යාපන අමාත්‍යවරයාත් නටන නාඩගම්වලට 30 වෙනිදා උත්තර ලබාදෙන බවත්   රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කරයි. 

    සයිටම් අහෝසි නොකිරීම ඇතුළු ගැටලු 10ක් මුල් කරගනිමින් මෙම වර්ජනය පවත්වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

  • නිරායුධකරන සමුළුවේ 2018 සභාපතිධූරය ලංකාවට

    නිරායුධකරන සමුළුවේ 2018 සභාපතිධූරය ලංකාවට

    ජිනීවාහි 2018 නිරායුධකරන සමුළුවෙහි පළමු සභාපතිධූරය ශ‍්‍රී ලංකාවට පසුගියදා හිමි විය. අවසාන වරට ශ‍්‍රී ලංකාව නිරායුධකරන සමුළුවෙහි සභාපතීත්වයට පත්වූයේ 2007 වසරෙහිදීය.මෙම තනතුරෙහි කටයුතු ආරම්භ කරමින් සභාව ඇමතූ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නිත්‍ය-නියෝජිත තානාපති රවිනාථ ආර්යසිංහ මහතා  ශ‍්‍රී ලංකාව මෙම සමුළුවෙහි සභාපතීත්වයට පත්වන්නේ එය හමුවේ ඉතාමත් තීරණාත්මක අභියෝග රැසක් පවත්නා වකවානුවක බව පැවසීය.

    මෙම අභියෝග අතර වර්තමාන ලෝකයේ පවත්නා ආරක්ෂාව සම්බන්ධයෙන් වන සංකීර්ණ පරිසරය, ත‍්‍රස්තවාදීන් ඇතුඵව රාජ්‍ය නොවන ක‍්‍රියාකාරීන් විසින් ලෝක සාමයට එල්ල කරන්නාවූ අභියෝග මෙන්ම සීතල යුද සමයෙන් පසුව ඇතිව ඇති වඩාත්ම න්‍යෂ්ටික ආයුධ තර්ජනය ආදිය ඉතා වැදගත් බව හෙතෙම පැහැදිළි කළේය.මෙම අභියෝග හේතුවෙන්ම නිරායුධකරන සමුළුවට ඉතාමත් වැදගත් ක‍්‍රියාකාරී කාර්යභාරයක් ඉටුකිරීමට පැහැදිළි අවස්ථාවක් උදාවී ඇති බවද හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය. එසේම සියල්ලන් හට ආරක්ෂාව උදාකරගැනීමේ පොදු අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා මෙම සමුළුවෙහි ඇති විභවයන් යෙදෙවීම වෙනුවට ජාත්‍යන්තරතලයේ නිරන්තරයෙන් සිදුවන වෙනස්කම් අනුව මෙම සමුළුවේ මූලික කාර්යයන් තීරණය කිරීමේ පෙළෙඹවීම්වලට හසු නොවන ලෙසද හෙතෙම මෙම සමුළුවේ සාමාජික රටවල්වලින් ඉල්ලා සිටියේය.

    මෙම සමාරම්භක සැසියේදී සභාව ඇමතූ එක්සත් ජාතීන්ගේ නිරායුධකරණය සම්බන්ධ ප‍්‍රධාන නියෝජිත ඉසුමි නකමට්සු මහත්මිය වර්තමාන ගෝලීය අභියෝග හමුවේ එක්සත් ජාතීන්ගේ නිරායුධකරණ වැඩසටහනෙහි අරමුණු සහ එය හරහා සිදුකළ හැකි කාර්යභාරය යළි විමසා බැලිය යුතු කාලය උදාවී ඇති බව පැවසුවාය. එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයා නිරායුධකරණ සමුළුව සඳහා සිය පූර්ණ සහයෝගය ලබාදෙන බවද ඇය මෙහිදී අවධාරණය කළාය.

  • පෙබරවාරි 8 බැඳුම්කරය  විවාදයට ගන්න කියා අගමැති කථානායකට කියයි

    පෙබරවාරි 8 බැඳුම්කරය විවාදයට ගන්න කියා අගමැති කථානායකට කියයි

     

      බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාද කිහිපයක් පැවින් අලුත් දෙයක් නොවන නිසා බැඳුම්කර වාර්තාව හා බරපතල වංචා පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් වන විවාදයක් සඳහා පාර්ලිමේන්තුව පෙබරවාරි 08දා කැඳවන ලෙසට තමන් කතානායක කරු ජයසූරිය මහතාට දැනුම් දුන් බව ඊයේ (27) දෙනියායේ පැවැති මැතිවරණ රැළියක් අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.

  • ඔය කුණු කන්ද, අලුත් දේශපාලන කුණු කූඩේ, ඔය වසංගතේ, ජී.එල්.පීරිස්ගේ කුණු කාණුව,  ඕක දාලා එන්න. මං ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදන්න හෙට වුනත් ලෑස්තියි

    ඔය කුණු කන්ද, අලුත් දේශපාලන කුණු කූඩේ, ඔය වසංගතේ, ජී.එල්.පීරිස්ගේ කුණු කාණුව,  ඕක දාලා එන්න. මං ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදන්න හෙට වුනත් ලෑස්තියි

    ඊයේ (27) සවස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර රැළිය අමතමින් ජනපති මෛත්‍රී මෙසේ පවසන ලදී ,

    “අපිට කියනවා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදනව නම් එකට එකතු වෙනවයි කියලා. මම ඒ ගොල්ලන්ට කියනවා 2015 අගොස්තු මැතිවරණයේදී ජයග‍්‍රහණය කරපු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ සන්ධානයේ මන්ත‍්‍රීවරු අනූහයදෙනා මාත් එක්ක හෙට එකට හිටගන්නව නම් මම ලැස්තියි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදන්න.  

    ඔය කුණු කන්ද, අලුත් දේශපාලන කුණු කූඩේ, ඔය වසංගතේ, ජී.එල්.පීරිස්ගේ කුණු කාණුව,  ඕක දාලා එන්න. මං ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදන්න, හෙට ලෑස්තියි. හෙට උදේට එන්න අපේ ගෙදරට අනූහය මාත් එක්ක එකට හිටගන්න, මං ආණ්ඩුවක් හදලා පෙන්වන්නම්.

    මගේ ඇඟේ තියෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේ. මගේ ඇඟේ තියෙන්නේ දූෂණයට, නාස්තියට, පවුල්වාදයට, ඒකාධිපතිත්වයට විරුද්ධ ලේ”