Category: සුපිරි News

  • මැතිවරණ රාජකාරි පැහැරහරින නිළධාරීන්ට වැඩ වරදී

    මැතිවරණ රාජකාරි පැහැරහරින නිළධාරීන්ට වැඩ වරදී

    ඡන්ද විමසීම් රාජකාරී සඳහා පත්කර තිබෙන ඇතැම් රජයේ නිලධාරීන් හා සේවකයන් සාධාරණ නොවන විවිධ හේතු ඉදිරිපත් කරමින් රාජකාරියට පැමිණීමෙන් වැළකී සිටීමට හා ඒ සඳහා අවශ්‍ය වාහන නිදහස් කිරීමෙන් වැළකී සිටීමට උත්සාහ කරන බවට තොරතුරු ලැබි ඇති බැවින් හෙට (10) පැවැත්වීමට නියමිත පළාත් පාළන මැතිවරණයේ මැතිවරණ රාජකාරී පැහැර හරින සියලුම රජයේ නිලධාරීන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    එම නිසා මැතිවරණ රාජකාරී සඳහා පත් කර ඇති සියලුම නිලධාරීන් හා සේවකයන් සේවයට වාර්තා කිරීම අත්‍යවශ්‍ය බවත්, රාජකාරි සඳහා යොදා ගැනීමට නියමිත රජයේ ආයතන, සංස්ථා, මණ්ඩල සතු වාහන සියල්ල ඒ ඒ දිස්ත්‍රික්වලට යැවීමට අදාළ නිලධාරීන්ගේ  වගකීමක් වන බවත්, එම වගකීම් පැහැර නොහැරිය යුතු බවත් එම කොමිසම අවධාරණය කරයි.

    ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන රජයේ නිලධාරීන්ට ජනතාවගේ මූලික අයිතියක් වන ඡන්ද බලය ක්‍රියාත්මක කෙරෙන ඡන්ද විමසීමකදී සහය ලබාදීමට සදාචාර බැලීමක් හා වගකීමක් පවතින අතර, ඡන්ද විමසීම නිසිලෙස පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විධිවිධාන අනුව ක්‍රියාකිරීමට බැඳී සිටින බවද කොමිසම පෙන්වා දෙන අතර ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති පරිදි එම විධිවිධාන උල්ලංඝනය කිරීම රුපියල් ලක්ෂයක දඩයකට හෝ වසර තුනක සිරදඬුවමකට හෝ එම දඩය හා බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම යටත්වීමට හේතුවන වරදක් වන බව එම කොමිසම වැඩි දුරටත් පෙන්වා දෙයි.

  • බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් ජයවර්ධන මහතා නිල සංචාරයක් සඳහා ලංකාවට

    බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් ජයවර්ධන මහතා නිල සංචාරයක් සඳහා ලංකාවට


     බි‍්‍රතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ගේ ශ්‍රී ලංකා වෙළඳ නියෝජිතයා ලෙස බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී  රනිල් ජයවර්ධන මහතා ඊයේ(7) පත්වීම් ලැබූ අතර එම පත් කිරීමෙන් පසු දෙදින නිල සංචාරයක් සඳහා ලබන 15 වැනි දා දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන බි‍්‍රතාන්‍ය සර්ව පාක්ෂික පාර්ලමේන්තු කණ්ඩායම් සභාපතිත්වයද උසුලන ජයවර්ධන මහතා ලංකාව සහ බි‍්‍රතාන්‍යය අතර වෙළඳාම වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් මෙරට රජයේ ඉහළ පෙළේ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිතය. ජයවර්ධන මහතා ලබන 17 වැනි දා තෙක් දිවයිනේ රැඳී සිටීමට නියමිත වේ .

  • මෙවර ඡන්දය වෙනුවෙන් පොලිස් නිළධාරීන් 60000 කට වැඩියෙන් රාජකාරියේ

    මෙවර ඡන්දය වෙනුවෙන් පොලිස් නිළධාරීන් 60000 කට වැඩියෙන් රාජකාරියේ

    පළාත් පාලන මැතිවරණ ඡන්ද  විමසීමේ කටයුතු  වෙනුවෙන්  ආරක්ෂාව සඳහා පොලිසියේ 65758 පිරිසක් යොදවා ඇති බව පොලිස් මුලස්ථානයේ ඊයේ (7) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 

    මින් 4178 දෙනෙක් විශේෂ කාර්ය බළකායේ බවත් 5953 දෙනෙක් සිවිල් ආරක්ෂක බළකායේ  බවත් මෙම පිරිසෙන් 26840 ක්  ඡන්ද මධ්‍යස්ථාන 13420 ක ආරක්ෂාව වෙනුවෙන් ද  තවත් 13552 දෙනෙකුගේ සමන්විත පිරිසක් ජංගම සංචාර  වෙනුවෙන් ද යොදවා ඇති බවද   ඡන්ද මධ්‍යස්ථාන  වෙනුවෙන් එක් ඡන්ද මධ්‍යස්ථානයක් සඳහා ආයුධ සන්නද්ධ පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරයකු යොදවා ඇති බවත් මෙම ආරක්ෂාවට අමතරව සෑම ඡන්ද මධ්‍යස්ථානයක් ආවරණ වන පරිදි පොලිස් ජංගම සංචාර 3225 ක් යොදවා ඇති බවද හෙතෙම සඳහන් කළේය.

    මෙම  ජංගම සංචාර  එක් ජංගම සංචාරයක්   ඡන්ද මධ්‍යස්ථාන තුනක් ආවරණය වන පරිදි යොදවා ඇති  බවත් එක් ජංගම සංචාරයක් සදහා පොලිස් පරීක්ෂකවරයෙක්,  පොලිස් සැරයන්වරයෙක්,  කොස්තාපල්වරයෙක් සහ  සිවිල් ආරක්ෂක භටයින් දෙදෙනෙක්  යොදවා ඇති බවත් හදුනාගත් ප‍්‍රදේශ කිහිපයකට පමණක් එම ජංගම සංචාර කටයුතු සදහා  පොලිස් විශේෂ කාර්ය බළකායේ දෙදෙනෙක් යොදවා ඇති බවද පැවසේ.මෙම ජංගම සංචාර වලට අමතරය ප‍්‍රදේශ කිහිපයක සාමය ආරක්ෂා කිරීම සදහා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් පමණක් කි‍්‍රයාත්මක ජංගම සංචාර 99 ක් කි‍්‍රයාත්මක කර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.

    මෙම ආරක්ෂාවට අමතරව  ප‍්‍රතිළුල නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 25 ක් වෙනුවෙන් පොලිස් 1275 ක පිරිසක් යොදවා ඇති බවද පොලිස් අධිකාරි කොට්ඨාස මට්ටමින් සහ සහකාර පොලිස් අධිකාරි ප‍්‍රදේශ මට්ටමින් කැරලි මර්දන කණ්ඩායම් 140 ක් ස්ථාන ගතකර ඇති අතර විවිධ තනතුරු වලට අයත් නිලධාරීන් 1106 ක  ඒ සදහා යොදවා ඇති බවත්මෙයට අමතරව දිවයින ආවරණය වන පරිදි පොලිස් මාර්ග 464 ක් පිහිටුවා ඇති අතර ඒ සඳහා පොලිස් නිලධාරීන් 3248 ක පිරිස් යොදවා ඇති බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

  • බීල ඡන්ද මධ්‍යස්ථාන වලට ආවොත් බීපු කෙනාටයි අපේක්ෂකයටයි දෙන්නටම වැඩ වරදී

    බීල ඡන්ද මධ්‍යස්ථාන වලට ආවොත් බීපු කෙනාටයි අපේක්ෂකයටයි දෙන්නටම වැඩ වරදී

    10 වැනිදා  ඡන්ද මධ්‍යස්ථාන වලට සහ ඡන්ද ගණන් කිරීමේ  මධ්‍යස්ථාන  වලට  බීමතින්   පැමිණෙන පුද්ගලයින්ට  නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

    එවැනි පුද්ගලයින්ට දණ්ඩ නීති සංග‍්‍රහයේ සහ  පළාත් පාලන ආයතන  ඡන්ද විමසීම් ආඥා පතනතේ  ප‍්‍රතිපාදන වලට  අනුව නීතිය කි‍්‍රයාත්මක කරන බවද බීමත් පුද්ගලයින් ඡන්ද මධ්‍යස්ථාන වලට හා ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට රැගෙන එන අපේක්ෂකයින්ට එරෙහිවද  අනුබල දීමේ වරද යටතේ  කටයුතු කරන අතර බීමත් පුද්ගලයින්  ඡන්ද මධ්‍යස්ථාන හා ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට රැගෙන ඒමේ චෝදනාවට වරදකරු වන  අපේක්ෂකයන්ට  ආසනයක් හිමි වුවහොත් ඔවුන්ගේ එම ආසනය අහිමි වන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

  • පෙබරවාරි 14 සිට අධිවේගයේ අධිවේගයෙන් ගියොත් මාට්ටු

    පෙබරවාරි 14 සිට අධිවේගයේ අධිවේගයෙන් ගියොත් මාට්ටු

    අධිවේගී මාර්ගයේ නියමිත වේග සීමාව ඉක්මවා ධාවනය කරන රථවාහන රියදුරන්ට එරෙහිව ලබන 14 වනදා සිට නව වේග මාපක පද්ධතියක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අදාළ වේග සීමාව උල්ලංඝනය කරන වාහනවල ඡායාරූප ලබා ගනිමින් අදාල වාහනය අධිවේගී මාර්ගයෙන් පිටවන අවස්ථාවේදී ලබා දීමට හැකියාව පවතී.
    පොලීසිය හා අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශය එක්ව මෙම ව්‍යාපෘතිය සිදුකිිරීමට නියමිත අතර එහිදී නිරීක්ෂණ වේලාව, වේගය සහ අදාළ වාහනයේ අංකයද පැහැදිලිව නිකුත් කිරීමට හැකියාව ඇත.මෙමගින් අධිවේගී මාර්ගය තුළ සිදුවන රිය අනතුරු  අවම කර ගැනීමට පොලීසිය හා අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශය බලාපොරොත්තු වේ.
  • ඇලෝසියස්‌ හා පලිසේනගේ සිර මැදිරි අසලට ගොස්‌ ඔවුන් සමඟ කතාබස්‌ කිරීමට බන්ධනාගාර නිළධාරීන්ට තහංචි

    ඇලෝසියස්‌ හා පලිසේනගේ සිර මැදිරි අසලට ගොස්‌ ඔවුන් සමඟ කතාබස්‌ කිරීමට බන්ධනාගාර නිළධාරීන්ට තහංචි

    මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව රිමාන්ඩ් භාරයේ පසුවෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්‌ සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන සැකකරුවන් දෙදෙනාට බන්ධනාගාරයෙන් විශේෂ සැලකිලි, පහසුකම් ලැබෙනවා යෑයි කියමින් ඇතැම් පිරිස්‌ හා මාධ්‍ය මගින් කරන විවිධ ප්‍රකාශ නතර කිරීම සඳහා ඔවුන්  රඳවා සිටින සිර මැදිරිය අසලට ගොස්‌ එම සැකකරුවන් සමග සුහදව කතාබස්‌ කිරීමෙන් වළකින ලෙස බන්ධනාගාර අධිකාරිය අදාළ බන්ධනාගාර නියාමකයන්ට උපදෙස්‌ දී ඇත.

    බන්ධනාගාගත වන ලොකු පොඩි ඕනෑම සැකකරුවකු එක හා සමාන බවත් බන්ධනාගාර සැකකරුවන් සහ සිරකරුවන් විශාල පිරිසක්‌ සිටියදී යමිකිසි පුද්ගලයකු හෝ කිහිප දෙනෙකු ගැන පමණක්‌ බන්ධනාගාරය අවධානය යොමු නොකරන බව කී බන්ධනාගාර ප්‍රකාශකයා මෙම සැකකරුවන් දෙදෙනාගේ අවශ්‍යතා මත ඔවුන්ට නිවෙස්‌වලින් කෑම බීම බන්ධනාගාරයට සැපයිය හැකි බවද වැඩිදුරටත් පැවසීය.

  • උදයංග රැගෙන ඒමට හත්දෙනෙකුගේ කණ්ඩායමක් අද දිවයිනෙන් පිටත් වේ

    උදයංග රැගෙන ඒමට හත්දෙනෙකුගේ කණ්ඩායමක් අද දිවයිනෙන් පිටත් වේ

    පසුගිය දිනකදී ඩුබායිහිදී අත්අඩංගුවට පත්  හිටපු රුසියානු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මෙරටට රැගෙන ඒම සඳහා නිලධාරීන් 7 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් අද (7) දිවයිනෙන් පිටත්ව යන බවත් එම නිලධාරීන් කණ්ඩායමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 3 ක්, මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙක්. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරියෙක් ඇතුළත් වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ‍පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.
  • ඇලෝසියස්ට වැනූ කඩුව රාජපක්‍ෂලාට, රත්වත්තේලට නොවැනුවොත් අපි අපේ කඩු වනන්න පටං ගන්නවා

    ඇලෝසියස්ට වැනූ කඩුව රාජපක්‍ෂලාට, රත්වත්තේලට නොවැනුවොත් අපි අපේ කඩු වනන්න පටං ගන්නවා

    ඇලෝසියස්ලා අත්අඩංගුවට ගෙන ඇත්තේ බිලියන 12ක චෝදනාවකට බවත් ගෝටාභය රාජපක්‍ෂටද ඇවන්ගාඩ් නඩුවෙන් බිලියන 12ක චෝදනාවක් ඇති බවත් ,එබැවින් අර්ජුන් ඇලෝසියස්ලාට ක‍්‍රියාත්මක කල නීතිය ගෝටාභය රාජපක්‍ෂටද ක‍්‍රියාත්මක කල යුතු යයි හෝමාගමදී පැවති ජනහමුවකදී ඇමති චම්පික රණවක මහතා පවසයි.

    ඇලෝසියස්ට වැනූ කඩුව රාජපක්‍ෂලාට, රත්වත්තේලටද ක‍්‍රියාත්මක කරන ලෙසත් නැතොත් අපි කඩුව වනන බවත් ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. 

     

  • චීන ජනපති ෂී ජින්පින් මහතාගෙන් ජනපති මෛත්‍රීට ලිපියක්

    චීන ජනපති ෂී ජින්පින් මහතාගෙන් ජනපති මෛත්‍රීට ලිපියක්

    චීන ජනාධිපති ෂී ජින්පින් විසින් මෙරට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් දිනය පිළිබඳ චීන ජනාධිපතිවරයාගේ සුබපැතුම් පළ  කර ඇති බව චීන මාධ්‍ය වාර්ථා කර ඇත.
    ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට පූර්ණ සහය ලබාදීමට චීන රජය ගෙන ඇති තීන්දුව පිළිබඳව සඳහන් තීරණයන් ඉදිරියේදී කිසිදු වෙහෙසකින් තොරව ක්‍රියාත්මක වනු ඇති බවද ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉහළට ඔසවා තැබිමට චීන රජය පූර්ණ දායකත්වය ඉදිරියටද ලබාදෙන බවත් චීනය හා ශ්‍රී ලංකාව අතර සබඳතාවන් මේ වනවිට වඩාත් ශක්තිමත් මට්ටමක පවතින නිසා දෙරටෙහිම ජනතාවට මෙම සබඳතා හරහා ප්‍රතිලාභ ලබාදීම චීන රජයේ අපේක්ෂාව වන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත  යොමු කරන ලද ලිපියේ වැඩි දුරටත් දැක්වෙන බව එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.
     
  • ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් 1ක් හා ලෝකඩ පදක්කම් 3ක් ලංකාවට

    ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් 1ක් හා ලෝකඩ පදක්කම් 3ක් ලංකාවට

    ඉරානයේ ටෙහෙරාන්හිදී පසුගියදා (3දා) අවසන් වූ ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 1500 කාන්තා ඉසව්වට සහභාගි වූ ගයන්තිකා අබේරත්න විනාඩි 4යි තත්පර 26.83ක කාලයක් සටහන් කරමින් නව ගෘහස්ථ වාර්තාවක්ද සහිතව රන් පදක්කම දිනා ගත්තාය.

    ගයන්තිකා අබේරත්න ලැබූ රන් පදක්කම මෙන්ම නිමාලි, උපමාලිකා සහ ජනක හිමිකර ගත් ලෝකඩ පදක්කම් තුන හේතුවෙන් පදක්කම් 4ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.එහිදී මීටර් 400 කාන්තා ඉසව්වට සහභාගි වූ උපමාලිකා රත්නකුමාරි තත්පර 54.90ක කාලයක් සටහන් කරමින් ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය.

    තවද ශූරතාවලියේ අවසන් දිනයේදී දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 7.61ක් වාර්තා කළ ජනක ප්‍රසාද් විමලසිරි ලෝකඩ පදක්කමක් දිනාගත් අතර තරගාවලියේ ආරම්භක දිනයේදීම මීටර් 800 කාන්තා ඉසව්වට සහභාගි වූ නිමාලි ලියනආරච්චි විනාඩි 2යි තත්පර 10.83ක කාලයක් සටහන් කරමින් ලෝකඩ පදක්කමක් දිනාගත්තද ඇයගේ හොඳම කාලය අසලටවත් ඒමට නොහැකි වී තිබීමද විශේෂත්වයකි.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකාවෙන් මෙම සිවුදෙනාට අමතරව හෂිනි ප්‍රබෝධා (තුන්පිම්ම) සහභාගි වුවද ඇයට පදක්කමක් කරා යෑමට නොහැකි වී තිබිණි. මෙම තරගාවලිය සඳහා පිටත්ව යෑමේදී දිනක ප්‍රමාදයකින් පසුව යෑමට සිදුවූ අතර එයට හේතුව වූයේ මෙරට ක්‍රීඩා බලධාරීන්ගේ වරදින් මතුවූ ගුවන් ප්‍රවේශ පත්‍ර ප්‍රශ්නයක් නිසා පෙර දිනයේ කටුනායක ගුවන් තොටුපොළට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට නැවත හැරී ඒමට සිදු වීමයි.

  • ඇලෝසියස් හා පලිසේන ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

    ඇලෝසියස් හා පලිසේන ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

    ඊයේ (4) අත්අඩංගුවට ගත් ප්‍රිපැචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා ඒහි විධායක නිළධාරී කසුන් පලිසේන යන අයවලුන් මෙම මස 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොලඹ කොටුව මහේස්ත්‍රාත් වරයා විසින් නියෝග කර ඇත.

  • අගමැති තුමන්ගේ නිදහස් දින පණිවුඩය

    අගමැති තුමන්ගේ නිදහස් දින පණිවුඩය

    අගමැති තුමන්ගේ නිදහස් දින පණිවුඩය

    Image may contain: text

  • 70 වන නිදහස් උත්සවය වෙනුවෙන් අතිගරු ජනාධිපති තුමන්ගේ පණිවුඩය

    70 වන නිදහස් උත්සවය වෙනුවෙන් අතිගරු ජනාධිපති තුමන්ගේ පණිවුඩය

    අප රටට නිදහස ලැබී වසර 70ක් සපිරෙන අද දිනට ඒ උදෙසා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රට වැසියන් වුදෙසා පණිවිඩයක් නිකුත් කරඇත.

    Image may contain: text

  • අපේක්ෂිකාවට අතවර කල ආධාරකරුවා පලායයි

    අපේක්ෂිකාවට අතවර කල ආධාරකරුවා පලායයි

    එළැබෙන 10 වෙනි දිනට යෙදී ඇති මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂිකාවකට ලිංගික අතවර කළ වැලිකන්ද පොලිස් වසමේ දී ඡන්ද ආධාරකරුවෙකු ප්‍රදේශයෙන්  පළා ගොස් අති අතර  සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

    මේ සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක් ඉකුත් 02 වැනිදා පොලිසියට ඉදිරිපත් වී ඇති අතර පැමිණිළිකාරිය රෝහල් ගත කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

  • බෙල්ලන්විල විමලරතන හිමිගේ ආදාහන පූජෝත්සවය 08 වන බ්‍රහස්පතින්දා

    බෙල්ලන්විල විමලරතන හිමිගේ ආදාහන පූජෝත්සවය 08 වන බ්‍රහස්පතින්දා

    අපවත්වී වදාළ මහාචාර්ය, බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ක්‍රීඩා පිටියේදී එළැඹෙන 08දා පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතය. 

  • අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිහේන අත්අඩංගුවට

    අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිහේන අත්අඩංගුවට

    බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පර්පෙචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පළිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අර්ජුන් ඇලෝසියස්, කසුන් පළිසේන හා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සැකකරුවන් ලෙස නම්කර තිබූ අද උදෑසන අර්ජුන් අලෝසියස් මහතා කොළඹ පිහිටි නිවසේ සිටියදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවට ගොස් ඇත බැවින් ලබන 15 දාට පෙර රහස් පොලීසියේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.