Category: සුපිරි News

  • මේ අවුරුදු තුනේ රජයේ කිසිඳු අනුමැතියක් නැතිව භාණ්ඩාගාරයට එන සල්ලි පුද්ගලික සමාගම් වලට හැරවිලා

    මේ අවුරුදු තුනේ රජයේ කිසිඳු අනුමැතියක් නැතිව භාණ්ඩාගාරයට එන සල්ලි පුද්ගලික සමාගම් වලට හැරවිලා

     

    “මේ අවුරුදු තුනේ රජයේ කිසිඳු අනුමැතියක් නැතිව භාණ්ඩාගාරයට එන සල්ලි පුද්ගලික සමාගම්වලට යන්න හැරවිලා තිබෙනවා. ඒකෙන් භාණ්ඩාගාරයට එන විශාල මුදලක් අහිමි වෙලා තිබෙනවා. රජයේ ආදායමෙන්.ඒ කාරණා සෙයා බලපුවාම රජයටත් සම්බන්ධ සිටි සිටින ඇතැම් අයගේ ව්‍යාපාරවලටත් වාසි දායක ලෙසට තමයි මේ රජයේ ආදායම් පුද්ගලික ආයතනවලට යන්න හදා තියෙන්නේ. මේක බොහොම සුක්ෂමව මේ අවුරුදු තුනක කාලයේදී කරලා තිබෙනවා.” යයි ඊයේ (26) පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේදි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත.

  • ජනප්‍රිය “කූඹියෝ” මෙගා ටෙලි නාට්‍යයේ තේමාව හා තිර රචනයේ හදිසි වෙනසක්..?

    ජනප්‍රිය “කූඹියෝ” මෙගා ටෙලි නාට්‍යයේ තේමාව හා තිර රචනයේ හදිසි වෙනසක්..?

    මෙරට මෙගා ටෙලි නාට්‍ය කලාවේ මෑතකදී අතිශය ජනප්‍රියත්වයට පත් “කූඹියෝ” ටෙලි නාට්‍යයේ තේමා ගීතය උපයෝගී කර ගනිමින් නිර්මාණය වූ ඉතා ආකර්ශනීය ගීතයක් අපට හමු වුණා. එහි මුල් නිර්මාණයට හානියක් නොවන පරිදි ප්‍රතිනිර්මාණය කර තිබූ මෙම ගීතය අප ඔබට ඉදිරිපත් කරන්නේ මෙය වත්මන් දේශපාලන තත්වය හමුවේ කෙතරම් තාත්විකද යන්න පෙන්වීම සඳහාය.

    මේ අපට අන්තර්ජාලයෙන් හමු වූ එම නිර්මාණයයි.

  • බැඳුම්කර වාර්ථාව හදිසියේම හෙළි කල ඇත්තම හේතුව ජනපතිගේ හඬින් (audio)

    බැඳුම්කර වාර්ථාව හදිසියේම හෙළි කල ඇත්තම හේතුව ජනපතිගේ හඬින් (audio)

    බැඳුම් කර කොමිසමේ වාර්ථාව හදිසියේම හෙළිකරන්නට වූ ඇත්ත හේතුව ජනපති මෛත්‍රී හෙළිකරයි…

    එම හඬපටය පහතින්,

  • ඓතිහාසික බෞද්ධ විහාරස්ථාන මකරකටට යවන ප්‍රමිතියෙන් තොර නාලිකාවක්!

    ඓතිහාසික බෞද්ධ විහාරස්ථාන මකරකටට යවන ප්‍රමිතියෙන් තොර නාලිකාවක්!

    සාමාන්‍ය සංඛ්‍යාත හැරුණු විට රැහැන් සහිත තාක්ෂණය හා විද්‍යුත් සන්නිවේදන මෙවලම් ඔස්සේ විවිධ නාලිකා පවත්වාගෙන යාමට දැන් දැන් බොහෝදෙනා පෙළඹී සිටිති. මේ අතරින් ආගමික මුහුණුවරකින් හා අධ්‍යාපනික මුහුණුවරකින් පවත්වාගෙන යන නාලිකා රැසක් දැන් ලංකාවේ ද ඇත.

    බෞද්ධයා නාලිකාවෙන් ආරම්භ වී, එය ආදර්ශයට ගෙන විහාරස්ථාන ආශ්‍රිතව මෙවැනි නාලිකා කිහිපයක් දැනටමත් සාර්ථකව පවත්වාගෙන යනු ලබයි. මේ ඇතැම් චැනලයන් ඉතා විශිෂ්ට ගණයේ වැඩසටහන් පවත්වාගෙන යනු ලබන අතර මාධ්‍ය ත්‍රිත්වයම ග්‍රහණය කරගත් උසස් මට්ටමේ නාලිකාවක් ලෙස රංගිරි මාධ්‍ය ජාලය විශේෂය.

    එහෙත් කරන්නන්වාලේ ගොස් දැනුමෙන් සහ අත්තනෝමතිකභාවයෙන් යුතුව, රටට හා සමාජයට බරක් වෙමින් සංස්කෘතික උරුමයන්ද වනසමින් මෙවන් නාලිකා පවත්වාගෙන යන්නේ නම් ඒ පිළිබඳව අවදියෙන් සිට කටයුතු කිරීම බෞද්ධයන්ගේ ද රටවැසියන්ගේද යුතුකමක් වෙයි. අපගේ මේ හෙළිදරව්ව එවන් විනාශකාරී නාලිකාවක් සම්බන්ධයෙනි.

    මේ නාලිකාව පසුගිය වසරේ මැයි මාසයේ සිට පවත්වාගෙන යන්නේ මාතර දිසාවේ දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි වැවුරුකන්නල විහාරස්ථානයේ ය. ආරම්භයේ යම් ප්‍රමිතියක් හා ගමන්මගක් පෙන්වුවද ඉතාම සුළු කලක දී මාධ්‍ය ආචාරධර්මයන්ද තුට්ටුවකට මායිම් නොකරමින් කටයුතු කරන්නට පටන්ගත් මේ නාලිකාව මේ වන විට ප්‍රදේශයේ පමණක් නොව රට පුරාම බෞද්ධ බැතිමතුන්ද රවටමින් කූට ජාවාරමක් බවට පත්කරගෙන තිබේ.

    සියලුම ආකාරයේ මාධ්‍ය ආචාරධර්ම බිඳ හෙළමින් අවරගණයේ වැඩසටහන් විකාශය කරන මේ නාලිකාවට වරින්වර සේවයට බඳවාගත් සියලුම දෙනා කිසිදු වගවිභාගයකින් තොරව අවස්ථා ගණනකදීම සේවයෙන් පහකර ඇත. මේ වෙනුවෙන් මාධ්‍ය ඇමති මංගල සමරවීර, හිටපු ඇමති මර්වින් සිල්වා සහ දේශපාලකයින් ගණනාවකගේ නම් පාවිච්චි කොට ඇත.

    මේ ආකාරයට සේවා අයිතිවාසිකම් අහිමිකරගත් තරුණ තරුණියන් කිහිපදෙනෙකුට ප්‍රදේශයේ මැරයින් යැයි හඳුන්වාගත් පිරිසක් ලවා තර්ජනය කොට එලවා දැමීමට ද විහාරාධිපති හිමි විසින් කටයුතු කොට තිබේ. මේ වෙනුවෙන් දේශපාලන හයියද උපයෝගී කරගන්නා බව පවසමින් දික්වැල්ල පොලීසියේ ද සහාය ලබාගෙන ඇත. මෙවර පලාත්පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින නදුන් නමැත්තෙක් ද මේ කණ්ඩායමට එක්වෙමින් සේවකයින් එලවා දැමීමට කටයුතු කර තිබේ. තවද සේවකයින් එළවා දැමීමට මාධ්‍ය ඇමති මංගල සමරවීර, හිටපු ඇමති මර්වින් සිල්වා, දෙවිනුවර එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරික එච් ආර් විමලසිරි, චතුර ගලප්පත්ති යන අයගේ සහායද ලැබුණු බව විහාරාධිපති හිමියෝ ප්‍රකාශ කර ඇත.

    කෙසේ වෙතත් ප්‍රදේශයේ ජනතාව රවටමින් ලබාගත් විශාල මුදලක් මේ වනවිට මේ වෙනුවෙන් කාබාසිනියා කර ඇත. එය රුපියල් මිලියන 25 ක් තරම් වන බව දැනගන්නට තිබේ.

    මේ නාලිකාවට මුවා වී විවිධ පුද්ගලයින්ගේ යටි මඩි ගැසීම් හා ජනතාව රැවැටීම් දිගින් දිගටම සිදුකරමින් ප්‍රමිතියෙන් තොර වැඩසටහන් විකාශය කරමින් සිටී. මේ සම්බන්ධයෙන් විමසීමට අප විසින් නාලිකාවේ ප්‍රධානියෙක් සම්බන්ධකර ගැනීමට උත්සාහ දැරුවද ඒ හැමවිටකම අපට පිළිතුරු දෙනු ලැබුවේ විහාරාධිපති දික්වැල්ලේ තිස්ස හිමි ය. ඔහු මාධ්‍ය පිළිබඳ කිසිවක් නොදන්නා අතර අප ඇසූ කිසිදු පැනයකට පිළිතුරු දුන්නේ ද නැත. එහෙත් ඔහු විසින් අප සම්බන්ධ කරගත් සෑම විටකම ධර්ම දේශනාවක් විකාශය කිරීමට රුපියල් තිස් දහසක මුදලක් අපගෙන් ඉල්ලා සිටියේ ය. ඒ අනුව අප මේ විහාරස්ථානයට ගොස්ඒ පිළබඳව විමසුවත් නිශ්චිත ක්‍රමවේදයකට මුදල් බාරගන්නා තත්ත්වයක් ද නොතිබුණි.

    මෙහි විකාශන තත්ත්වයන්ද ඉතා දුර්වල වන අතර, ජනතාව රවටමින් මුදල් ලබාගැනීමට පුද්ගලයින් කිහිපදෙනෙක්ම යොදවා තිබෙනු දක්නට හැකිවීය.

    මේ පිළබඳව සොයා බැලීමේදී අපට දැනගන්නට ලැබුණේ, මේ වනවිට ඩයලොග් ආයතනයට මාසිකව රුපියල් ලක්ෂ 12ක් පමණ ගෙවන බවත්, දුරකථන සම්බන්ධතා වෙනුවෙන් ටෙලිකොම් ආයතනයට රුපියල් ලක්ෂයකට අධික මුදලක් ද මාසිකව ගෙවනු ලබන බවත් ය. මෙතරම් මුදලක් විනාශ කරමින් ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති විහාරස්ථානයක් මකර කටට ඇද දමන්නේ ඇයිද යන පැනය අප ගම්වාසීන්ගෙන් ඇසුවේය. එවිට ඔවුන් ඇතැමෙක් ලබාදුන් පිළිතුරු හාස්‍යයට හේතුවීය.

    “අනේ මහත්තයෝ.. මේකෙ හිටිය ලොකු හාමුදුරුවෝ තමයි විමලතිස්ස හාමුදුරුවෝ. උන්වහන්සේ අපවත්වුණාට පස්සේ මේකට පත්වෙච්චි කෙනා තමයි ඔය දැන් ඉන්න තිස්ස හාමුදුරුවෝ. හාමුදුරුවෝ කිව්වට එයාගෙ ඇති සීලයක් නැහැ. සීලයක් ඇති අයට මේකෙ ඉන්නත් බැහැ. මේ පන්සලට ලැබෙන ආධාර ඔක්කොම වගේ මේ හාමුදුරුවන් අතපතගාන ගෑනු කිහිපදෙනෙක් ගසාගෙන කනවා. දැන් තොළඹ මාතර දුවන බස් එකකුත් තියෙනවා. ඒක පන්සලට අයිති නැහැ. නමුත් මිනිස්සු කියන්නේ පන්සලේ බස්එක කියල. ඒකෙන්ම වැඩේ තේරුම් ගන්න පුළුවන් නේ.” අවට ජනතාවගේ අදහස් එසේ වීය.

    මේ පිළිබඳව මාධ්‍ය අමාත්‍යංශයට මෙන්ම බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාටද පැමිණිලි කරන්නට තමන් බලාපොරොත්තුවන බව විහාරස්ථානයේදී ම අපට හමුවූ විදුහල්පතිවරයෙක් හා ගුරුවරයෙක් අප සමග පැවැසීය.

    එමෙන්ම, ප්‍රමිතියෙන් තොර වැඩසටහන් හා කාර්ය පටිපාටියක් නැති මෙවන් ගසා කෑම්වලට ඩයලොග් වැනි ආයතනයක් ද හවුල් වී සිටීම පිළිබඳව ජනතාව දැනුවත් විය යුතුය.

    ලක්ෂ 15 ක් 20 ක් වැනි විශාල මුදලක් මෙසේ කාබාසිනියා කිරීම පිළිබඳව බෞද්ධ කටයුතු බාර ඇමතිවරයා සේම බෞද්ධ කටයුතු කොමසාරිස් වරයාද තම අවධානය යොමු කළ යුතුව ඇත.

    මෙයට ,
    අගතියට පත් සේවක පිරිසක් හා බෞද්ධ දායකයින් පිරිසක්

    මේ නාලිකාවේ නම “දම් සතර” යි – ඩයලොග් 28 ඔස්සේ ය.

  • GMOA දොස්තරලා  දීප ව්‍යාප්ත වර්ජනයකට සැරසෙයි

    GMOA දොස්තරලා දීප ව්‍යාප්ත වර්ජනයකට සැරසෙයි

    සයිටම් ආයතනය අහෝසි නොකිරීම, වැඩි වූ මුලික වැටුපට අනුව දීමනා ඉහළ නොදැමීම ඇතුළු ගැටලු ගණනාවක් මුල්කර ගනිමින් ජනවාරි 30 වන දින උදේ 8.00 සිට දීපව්‍යාප්ත  වැඩවර්ජනයක් සිදුකිරීමට රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව තීරණය කර තිබෙන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.

    මෙම දිනට පෙර ගැටලු විසඳීමට නොහැකි වුවහොත් වැඩවර්ජනය සිදුකිරීම වළක්වා ගැනීමට නොහැකි වන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.

  • බැසිල්ගේ බට නඩුව ජූනි 5 දා සිට

    බැසිල්ගේ බට නඩුව ජූනි 5 දා සිට

    පසුගිය ජනාධිපතිවරණ සමයේදී ප්‍රාදේශීය සභා වලට ජී.අයි. යකඩ බට බෙදාහැර රජයට රුපියල් කෝටි 3 1/2 කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල්වරයාට එරෙහි නඩුව ලබන ජුනි මස 04 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද (25දා)නියම කළේය.

    2014 ඔක්තෝබර් 31 වැනිදාත්, දෙසැම්බර් 31 වැනිදාත් අතර කාලයේ කොළඹදී ජනාධිපතිවරණය ආසන්න අවස්ථාවේදී ප්‍රාදේශීය සභා අතර රුපියල් 36,509,127.78ක් වටිනා ජී.අයි. යකඩ බට බෙදාහැර රජයට රුපියල් 36,509,127.78ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා තුනක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා ඇති අතර මෙලෙස චෝදනා ලබා සිටිනු‍යේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල් ආර්.ඒ.පී. රණවක මහතාය.

  • පවුල් 137කට බෙදා දීමට නියමිතව තිබූ නිල ඡන්ද පත්‍රිකා 288ක් එක ගෙදරක

    පවුල් 137කට බෙදා දීමට නියමිතව තිබූ නිල ඡන්ද පත්‍රිකා 288ක් එක ගෙදරක

    මුලතිව්, පුදුකුඩිඉරිප්පු, විශ්වමඩු උපතැපැල් කාර්යාලයෙන් පුදුකුඩිඉරිප්පු තේරාවිල්හි පවුල් 137කට බෙදා දීමට නියමිතව තිබූ නිල ඡන්ද පත්‍රිකා 288ක් පුද්ගලයෙකු හරහා ඡන්ද හිමියන්ට ලබාදීමට නියමිතව තිබුණද, එම ඡන්ද පත්‍රිකා මුලතිව් විශ්වමඩු තේරාවිල් ප්‍රදේශයේ නිවසක දමාගොස් තිබියදී පුදුකුඩිඉරිප්පු පොලීසියට ලැබුණු තොරතුරකට අනුව අද (25දා) සොයාගෙන ඇත.

    මේ සම්බන්ධයෙන් අදාළි නිවසේ හිමිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලීසිය කටයුතු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ උතුරු පළාත් නිලධාරීන් හා පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

  • මංගලගෙන් රවීට පත්තරයක්! (Exclusive)

    මංගලගෙන් රවීට පත්තරයක්! (Exclusive)

    මංගල සමරවීරගේ පිහිටෙන් සහ විවිධ පුද්ගලයින් බ්ලැක්මේල් කිරීමෙන් ජීවිකාව සරිකරගත් අයෙකු ලෙස නම්දරා සිටින මංගල සමරවීර අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් රුවන් ෆර්ඩිනන්ඩස් අද වන විට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක වෙනුවෙන් මාධ්‍ය බර කරට ගැනීමට සියලු වෙර යොදමින් සිටින බව වාර්තා වෙයි.

    මෙතෙක් දවසක් රවී කරුණානායක මන්ත්‍රීවරයාට පට්ට පතුරු යනතුරු අසත්‍යය පතුරුවාහරිමින් සිටි රුවන්ට මේ කොන්තරාත්තුව බාරදී ඇත්තේ මංගල සමරවීර මහතාගේ ද අනුදැනුම මතබවත් දැනගන්නට තිබේ.

    එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර සීතල යුද්ධය රාජ්‍ය බලය හෙබවීමත් සමගම යම් පමණකට සමහන් වී ඇති බවක් දිස් වුවද, අලුයට ගිනි පුපුරු සිහින් සළගටත් දැල්වෙමින් තිබේ. එහි කුප්‍රකට ගොදුර බවට පත්කර ඇත්තේ රවී කරුණානායක මන්ත්‍රීවරයා ය. කෙසේ වෙතත් කපන්න බැරි අත සිඹින්නා සේ දැන් දැන් රවී කරුණානායකගේ අසරණබවෙන් ප්‍රයෝජන ගනිමින් වෙනත් වටයකින් රවී කරුණානායක බිලීබා ගැනීමට හෝ නිහඩ කරවීමට හෝ එක්සත් ජාතික පක්ෂය තුල හුදෙකලා කිරීමට හෝ මේ වනවිට මෙහෙයුම් කිහිපයක්ම ක්‍රියාත්මක වෙමින් පවතී.

    කෙසේ වෙතත් අවසානයේ රවී කරුණානායක හුදෙකලා කොට නිහඩකරවීමේ අදිසි හස්තයක් ලෙස නිහඩ චරිතයක් ලෙස කටයුතු කිරීමට මංගල සමරවීර ඇමතිවරයා කැමැත්ත පලකර තිබේ. ඒ අනුව ඔහුගේ සමීපතමයෙක් වන රුවන් ඉතිරි ක්‍රියාමාර්ග වෙනුවෙන් යොදවා ගැනීමට ද මංගලට දැන් අවස්ථාව උදාවී ඇත. ඒ අනුව රුවන්ට ද තම සුපුරුදු කප්පම් සහ ඩීල් යාන්ත්‍රණය ක්‍රියාවට යෙදවීමට සුදුසු ම පුද්ගලයා හමු වී ඇති සෙයකි.

    ඕපාදූප වෙබ් අඩවි සහ කිඩාරම් මල් වැනි පුවත්පත් අටවමින් ඊට තම සහචරයන් යොදවමින් සහ මුදල් යටිමඩි ගසමින් ගෙනගිය ව්‍යාපාර කිහිපයක්ම යටයාමෙන් අනතුරුව රුවන් මේ දිනවල ගත කරන්නනේ මාධ්‍ය අමාත්‍යාංශයේ වුවත් සුපුරුදු කාර්යයන්ට ඔහු නිරායාසයෙන්ම පෙළඹෙන බවක් පෙන්වයි. ඒ අනුව රුවන්ගේ අලුත්ම ගේම වී ඇත්තේ, රවී කරුණානායක අන්දවා පුවත් පතක් වෙත යොමුකරවීමයි.

    මේ වනවිට තමන් විසින් ඇටවූ ආයතන කිහිපයකටම මුදල් යෙදවීම ඒ ඒ අය විසින් ප්‍රතික්ෂේපකිරීම හේතුවෙන් රුවන් සහ ගෝලපිරිස දැඩි අසීරුතාවන්ට පත්ව සිටිති. සත් හඩ පුවත්පතද පසගිය සති කිහිපයේ සිට වසා දැමීමට තීරණය වී තිබේ. එහි සේවය කළ ඇතැමෙක්ට මංගලගේ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල රැකියා සදහා යොමුකර ඇති අතර මේ අයද තවත් ඉතිරි අයද යොදවාගෙන රවී කරුණානායක වෙනුවෙන් අලුත් පුවත් පතක් මුදුණය කරවා ඩීල් දැමීම දැන් පෙරට විත් තිබේ.

    මේ තත්ත්වය රවී කරුණානායක මන්ත්‍රීවරයා කෙසේ ග්‍රහණය කරගෙන ඇද්ද යන්න තවම පැහැදිලි නැතිනමුත්, රුවන් විසින් කරවන පුවත්පත් අලෙවිය අතින් අවම මට්ටමක පැවැතීමත් වැඩිකල් නොපැවැතීමත් යන කරුණු මෙහිදී සැලකිල්ලට ගැනීම වටී. කෙසේ වෙතත් පුදපුගමන් කාපි යකා යැයි කීවා සේ පුවත්පත එළියට ඒමට පෙරම එය කාගේ වුවමනාවක් දැයි කරලියට පැමිණ ඇත. ඒ අනුව පුවත්පතේ ආයුෂද, ආකර්ෂණය ද දැන්මම බිදවැටෙනවාට සැක නැත.

    කෙසේ වෙතත් මංගල සමරවීර ඇමතිවරයා සහ රවී කරුණානායක යන දෙදෙනාගේම අගේ සිට කණකන්නන් මේ මගින් හෙළිදරව්වීම පාඨක ජනයාට වාසිදායක වනු ඇත.

  • සල්ලි එකතු කරල දීලත් ගෙන්න ගන්න බැරිව හිටපු පෙට් ස්කෑනර් එක ගෙන එයි

    සල්ලි එකතු කරල දීලත් ගෙන්න ගන්න බැරිව හිටපු පෙට් ස්කෑනර් එක ගෙන එයි

    අපේ රටේ කාරුණික ජනතාවගේ ධන පරිත්‍යාගයෙන් මහරගම අපේක්ෂා රෝහල තුළ ස්ථාපිත කිරීමට නියමිත පෙට් ස්කෑනර් යන්ත්‍රය ගුවන් මගින් ශ්‍රී ලංකාවට රැගෙන ආ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසන අතර මෙම යන්ත්‍රය අප්‍රේල් මාසයට ප්‍රථම මහරගම අපේක්ෂා රෝහලේ සවිකර ස්කෑන් පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

    රුපියල් මිලියන 202ක් වැය කරමින් ජර්මනියේ ‘සීමන්ස්’ වෙළෙඳ සමාගමෙන් මෙම යන්ත්‍රය මිලදී ගෙන ඇති මෙම යන්ත්‍රයෙන් පිළිකා රෝගය සියුම්ව හඳුනාගත හැකි අතර, මසකට ස්කෑන් 100 කට වැඩි සංඛ්‍යාවක් සිදුකළ හැකිය.

     

  • සයිටම් ප්‍රශ්නය ගැන උද්ඝෝෂණ පැවැත්වීමට පෙර පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වීම වැදගත් බව රජයේ විශ්වාසයයි

    සයිටම් ප්‍රශ්නය ගැන උද්ඝෝෂණ පැවැත්වීමට පෙර පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වීම වැදගත් බව රජයේ විශ්වාසයයි

    දිගු කාලයක් පුරා ඇදි ඇදී යමින් තිබූ සයිටම් ගැටලුව සම්බන්ධයෙන් රජය විසඳුම් ඉදිරිපත් කර ඇති බවත් ඒ සඳහා සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් අමාත්‍යවරුන් සූදානමින් සිටින බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ අත්සනින් යුත් නිවේදනයක් අද (24දා) නිකුත් විය.

    එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ සයිටම් සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කළ යෝජනා ජනවාරි 29 දා ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් මගින් ඉදිරිපත් කිරීමට රජය විසින් නීතිපතිවරයාට පවසා ඇති බවයි.එහෙයින් උද්ඝෝෂණ පැවැත්වීමට පෙර පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වීම වැදගත් බව රජය විශ්වාස කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.

    1

    2

  • නාමයෝජනා ප්‍රතික්ෂේප වීමට එරෙහිව පොහොට්ටුව දැමූ පෙත්සම් 6ක් ඉල්ලා අස්කර ගනී

    නාමයෝජනා ප්‍රතික්ෂේප වීමට එරෙහිව පොහොට්ටුව දැමූ පෙත්සම් 6ක් ඉල්ලා අස්කර ගනී

    මෙවර පළාත් පාලන මැතිවරණයේදී මහරගම පානදුර, මහියංගනය,අගලවත්ත, තිරප්පනේ , වැලිගම , යන පළාත් පාලන ආයතනයන් සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාම යෝජනා පත්‍ර  ප්‍රතික්ෂේප වීම හේතුවෙන්  ඊට එරෙහිව  අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ රිට් පෙත්සම් 6 ක් එම පක්ෂය විසින් අද (24) ඉල්ලා අස් කර ගන්නා ලදී.ඒ මෙම කරුණ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ විසින් ⁣ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 6 ම  ,  පෙත්සම් විභාගයට නීතිමය පදනමක් නොමැති  බව කියමින් ශ්‍රේෂ්ඨාධිකරණ  විසින් විභාගයට නොගෙනම ඉවත දැමීම හේතුවෙනි. 

    අභියාචනාධිකරණය සභාපති විනසුරු  ප්‍රීති පද්මන් සූරසේන විනිසුරු මඩුල්ල හමුවේ  අද  මෙම පෙත්සම කැදවූ අතර එහිදී ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් පොදුජන පෙරමුණ වෙනුවෙන් මෙම පෙත්සම් ඉල්ලා අස් කර ගන්නා ලදී.

     

  • දුම්රිය වර්ජනය තව දුරටත්

    දුම්රිය වර්ජනය තව දුරටත්

    දුම්රිය සේවකයින් විසින් ඊයේ (23) මධ්‍යම රාත්‍රීයෙන්  ආරම්භ කරන ලද මෙම  තිරිංග දෝෂ සහිත චීන මැදිරි  වලින්  යුත් දුම්රිය ධාවනය කිරිමෙන්  වැළකී  සිටිමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ලෙකොමොටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි. 

    සෙසු දුම්රියෙන් සාමාන්‍ය පරිදි ධාවනය වන අතර මේ හේතුවෙන් යාල්දේවි  දුම්රිය ඇතුළු දුම්රිය 8 ක් අද (21) උදේ වරුවේ අවලංගු කළ බවත් ගැටලුවට විසඳුමක් ලබාදීම සඳහා  දුම්රිය සාමාන්‍යාධිකාරි මහානාම අබේවික්‍රම මහතා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බවත් දුම්රියේ ආරංචි මාර්ග වල සඳහන් වේ.

  • තේ කුරුමිණියා ගැන පරීක්ෂණ කරන්න රුසියානු කණ්ඩායමක් ලංකාවට

    තේ කුරුමිණියා ගැන පරීක්ෂණ කරන්න රුසියානු කණ්ඩායමක් ලංකාවට

    පසුගිය මාසයේ  ශ්‍රී ලංකාවේ තේ තොගයක් සමග කෘමියෙක් සිටීමේ සිද්ධිය පිළිබඳ පරික්ෂණ සඳහා රුසියානු රජයේ නිරෝධායන නිලධාරින් සිව්දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් පෙබරවාරි 3 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර මෙම කණ්ඩායම මෙරට නිරෝධායන නිලධාරින් සමඟ සාකච්ඡා කොට ඉදිරි පරික්ෂණ කටයුතු සැලසුම් කරනු ඇතැයි ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අද (24) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ප‍්‍රකාශ කළේය. 

    ශ්‍රී ලංකා තේ කන්ටේනරයෙන් අසුවූ කෘමියා මෙරටින් වාර්තා නොවූ බව තහවුරු වී ඇති අතර එම තේ තොගය ප‍්‍රවාහනය කළ කන්ටේනරය වෙනත් රටකින් පැමිණ ඇති එකක්  බවත් ඒ අනුව එම කෘමියා වෙනත් රටකින් කන්ටේනරයට එක්වන්නට ඇතැයි සිතිය හැකි බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.

  • පුංචි ඡන්දයෙන් පසු කැබිනට් සංශෝධනයක්

    පුංචි ඡන්දයෙන් පසු කැබිනට් සංශෝධනයක්

    රටට, ජනතාවට හිතකර ආකාරයට රට පාලනය කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එලැඹෙන පළාත් පාළන මැතිවරණයෙන් පසු කැබිනට් මණ්ඩල සංශෝධනයක් කිරීමට වැඩි ඉඩකඩක් ඇති බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (24දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ  ක‍ළේය.

    පක්ෂ දෙකක් එකතු වී යහපාලන ආණ්ඩුවක් ලෙස ක්‍රියාත්මක වන නිසා අදාළ සංශෝධනවලදී කිසිදු පක්ෂයකට ගැටලුවක් ඇති නොවන ආකාරයට මෙය සිදුවිය හැකි බවද එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

  • බැඳුම්කරය ගැන ඇත්ත කියන්න රවීට ඉඩ නොදේ

    බැඳුම්කරය ගැන ඇත්ත කියන්න රවීට ඉඩ නොදේ

    බැඳුම්කර වාර්තාගේ තමා ගැන සඳහන් තොරතුරු සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා  කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඒ සම්බන්ධව ප්‍රකාශයක් කිරීමට ඉඩ දිය නොහැකි යයි කතානායක කරු ජයසූරිය මහතා අද (24) පාර්ලිමේන්තුවේදි  පැවැසීය.

     කෙසේ වෙතත් අවශ්‍යමනම් වෙනත් දිනයක් ලබාදිය හැකි  බව කතානායකවරයා වැඩ් දුරටත් පැවසූ අතර රවී කර්ණානායක මහතා පැවසුයේ  තමා එම ප්‍රකාශය මාධ්‍යයට ඉදිරිපත් කරන බවයි.

  • අතිරේක ලැයිස්තුවට නීතීඥ බිරිඳගේ නම දැමූ පොලිස් ස්ථානාධිපති මාරු කෙරේ

    අතිරේක ලැයිස්තුවට නීතීඥ බිරිඳගේ නම දැමූ පොලිස් ස්ථානාධිපති මාරු කෙරේ

    අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ ගලෙන්බිදුණුවැව පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ ප‍්‍රධාන පොලිස් පරික්ෂක සුජිව කුමාර මහතා සිය නීතිඥ බිරිඳ වන වන නීතිඥ ස්වර්ණමාලි අනුරාධනායක මහත්මියගේ නම  මෙවර පලාත් පාලන මැතිවරණයට  ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් අනුරාධපුර මහ නගර සභාවේ අතිරේක ලැයිස්තුවට  ඇතුලත් කර තිබීම හේතුවෙන්  වහාම ක‍්‍රියාත්මක වන පරිදි අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ සිට හලාවත පොලිස් කොට්ඨාසයට ස්ථාන මාරුවක් ලබාදී තිබේ. 

    ජාතික මැතිවරණ කොමිසමේ නිර්දේශය මත පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නියෝග අනුව වහාම ක‍්‍රියාත්මක වන පරිදි අදාල ස්ථාන මාරුව ක‍්‍රියාත්මක කර ඇත.