මහියංගණය පොළොන්නරුව මාර්ගය අවහිර කර උත්ඝෝෂණයක්….පැය 4ක් ගමනාගමනයට ඇනහිටී
  වසර තිහක් තිස්සේ අලුත්වැඩියා නොකිරීම හේතුවෙන්  අබලන්වී  ඇති සඳුන්පුර -බඹරවාන මාර්ගය අළුත් වැඩියාකර දෙන ලෙස රජයට බල කරමින්  මෙම මාර්ගය භාවිතා කරන ජනතාව ඊයේ (11) මහියංගණය පොළොන්නරුව ප්‍රධාන මාර්ගය සඳුන්පුර ප්‍රදේශයෙන් අවහිර කරමින් උත්ඝෝෂණයක නිරත වූහ. විරෝධතාවය හේතුවෙන්  මහියංගණ පොළොන්නරුව ප්‍රධාන  මාර්ගයේ ගමනාගමනයට  පැය හතරක පමණ කාලයක් බාධා සිදුවිය.    දෙහිඅත්තකණ්ඩිය පොලිසිය විසින් ප්‍රධන මාර්ගයේ…

මැතිවරණ නීති රීති උල්ලංඝනය කල පොහොට්ටුවේ මඩුල්ල නාම යෝජනා පත්‍රයට එරෙහිව රීට් පෙත්සමක්
පළාත් පාලන මැතිවරණයේදී  මොණරාගල මඩුල්ල ප‍්‍රදේශීය සභාවට තරඟ වැදීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්  ඉදිරිපත් කළ නාමයෝජනා ලැයිස්තුවේ විදුහල්පතිවරයෙක් නම් ලබා දීම මගින් මැතිවරණ නීති රීති උල්ලංඝනය කර ඇති බැවින් එම පක්ෂයේ නාමයෝජනා පත‍්‍රය අහෝසි කර එම ප‍්‍රාදේශීය සභාව සඳහා මැතිවරණය පැවැත්වීම අහෝසි කරන නියෝගයක්  නිකුත් කරන්නැයි ඉල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ඇතුළු පස්දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය…

රැකියාව අතරතුර ඡන්ද වැඩ කරපු තැපැල් සහයිකාවගේ වැඩ තහනම් කරයි
 රැකියාව කරන අතරතුර, තම ප‍්‍රධානියා වන උප තැපැල් ස්ථානාධිපතිවරයාට ඡන්දය දෙන්නැයි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත  මැතිවරණ කොමිෂන් සභාවෙන් කළ නියෝගයක් අනුව ඉඳුරුව ගෝනගල්පුර තැපැල් ස්ථානයේ සේවය කරන තැපැල් සහායිකාවගේ වැඩ තහනමට ලක් කළ බව තැපැල් දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරියෙක් පැවසීය. තැපැල් කාර්යාලයේ කටයුතු පවත්වා ගෙන යාම සඳහා බෙන්තොට ප‍්‍රධාන කාර්යාලයෙන් නිලධාරියෙක් යැවූ බව ත් මැතිවරණයෙන්…

බසිසිකලයකට ගැසූ ලොකුම දඩය, රු.68000 යි
අධික ශබ්දයක් පිටවන සයිලන්සරයක් සවි කීරිම , සංගීත නාද පිටවන නලාවක් සවි කර තිබිම , ආදායම් බලපත්‍රය රක්ෂණ සහතිකය නොමැති වීම , අපරික්ෂාකාරීව පොලිස්  අණ නොතකා ධාවනය කීරිම යන  චෝදනාවන් රැසක් සම්බන්ධයෙන් යතුරු පැදිකරුවෙකුට ගම්පහ අධිකරණයෙන් රුපියල් හැටඅටදහසක දඬ මුදලක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා නියම කළේය. මෙය ගම්පහ අධිකරණයෙන් පැදිකරුවෙකුට නියම වූ වැඩිම…

ජනාධිපති ධූර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරන නීතීඥයෝ මත දෙකක
2021 වසර දක්වා තමන්ට  ජනාධිපතිධුරය දැරීමට බාධාවක් ඇද්ද යන්න පිළිබඳව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්‍ඨාධිකරණයේ මතය විමසීමට කළ ඇයැදුම පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට වසර 06ක කාලයක් සියධුරයේ කටයුතු කිරීමට හැකියාව ඇතැයි නීතීපතිවරයා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ  නීතිපති,ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය මහතා පැවසීය.   ඉන් අනතුරුව මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා වෙනුවෙන් පෙනී…

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමත් සමග කොලොන්නාව ආසනයේ ප්‍රධාන පක්ෂ දෙක අතර දැඩි සටනක් ආරම්භ වී ඇති බව අපට ලැබෙන වාර්තා වලින් සනාථ වී ඇත..ශ්‍රීලනිප සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි සහ එජාප…

අහිංසක මුව පොව්වාගේ චරිතය රඟපාන මනෝ ගනේෂන්ගේ පැටිකිරිය
මේ කතාව ටිකක් අමුතුම ආකාරයේ පුද්ගලයෙක් ගැන. ඒ තමයි තමන්ගේ වාසියට ජාතිවාදය විකුණා කමින් ඡන්ද එක්රැස් කරමින්, භීෂණය පතුරවමින්, දමිල ජනතාව මුලාවේ දමමින්, පාතාලය සමග ගනුදෙනු කරමින්, තහනම් මත්ද්‍රව්‍ය කොළඹ පුරා පතුරවමින් අද වන විට තමන්ට පාතාල තර්ජන ඇතැයි කිඹුල් කඳුළු හෙලනා ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුනේ නායක යැයි කියාගන්නා මනෝ ගනේෂන්ගේ පැටිකිය ගැනයි. මනෝ ගනේෂන් යනු…

බැඳුම්කර කොමිසමේ සාමාජිකයින්ට ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් නෑ
බැඳුම්කර වංචාව සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමේ සාමාජිකයින්ට බැඳුම්කර ගනුදෙනු පිළිබඳ විශේෂඥ දැනුමක් නොතිබූ බවත් එහිදී මේ පිළිබඳ දැනුම ඇති විදේශීය විශේෂඥයින්ගේ මතය කොමිසම විසින් විමසිය යුතුව අතර මෙහිදී මූලිකත්වය දිය යුත්තේ එක් එක් අය ගත් දුරකථන ඇමතුම්, ගෙවල් සම්බන්ධයෙන් සෙවීමට නොව රටට කොපමණ අලාභයක් වූයේද යන්න සොයාගැනීම බවත් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී…

කාන්තාවන් සඳහා මතට තිබූ නීති ලිහිල් වෙයි
මත්පැන් අලෙවිසැල්වලින් මත් පැන් මිලදී ගැනීමට,මත්පැන් අලෙවිකිරීමට හා නිෂ්පාදනය කරන ස්ථානවල සේවයට කිරීම වලක්වමින් මෙතෙක් පැවති තහනම ඉවත් කර ඉවත් කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.

ඇඟිල්ල ගහන්න බෑ කියන හෙද සේවකයෝ අද වැඩ වර්ජනයේ
රාජකාරියට පැමිණීමේදී සහ පිටව යාමේදී වේලාව සටහන් කිරීමට ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීමේ යෝජනාවට විරෝධය දක්වමින් කොළඹ ජාතික රෝහලේ හෙද හෙදියෝ අද(11) සංකේත වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.එයට කොළඹ ජාතික රෝහල, ඇස් රෝහල සහ කොළඹ දන්තායතනය යන ආයතනවලද හෙද හෙදියන් එක්වීමට නියමිත අතර රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ සමස්ත ලංකා හෙද සංගමයට අයත්…

තැපැල් වර්ජනය නවතී… ඡන්දය අවසන්වූ වහාම ඉල්ලීම් ලබා දීමට ඇමතිගෙන් පොරොන්දුවක්
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ තැපැල් අමාත්‍යවරයා අතර පසුගිය දින දෙකේ පැවති සාකච්ඡාවලදි පැමිණි එකඟතාවන් මත සහ ඉදිරි මැතිවරණය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ වගකීම් ඉටුකිරීම සඳහාත් ඡන්දය අවසන්වූ වහාම තම ඉල්ලීම් ලබා දීමට ලබා දුන් පොරොන්දුත් සැලකිල්ලට ගනිමින්  ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සංගමය ඊයේ (10)  මධ්‍ය රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ තැපැල් සේවක වර්ජනය අත්හිටුවීමට තීරණය…

සිරසෙ නිව්ස් හිට් කරන්න ගිය මරික්කාර් පාර්මේන්තුවේදී ලොකුගේගෙන් කන පලාගනී… ලොකුගේගෙ ඇඟිලි 4ක් මරික්කාර්ගෙ මූනේ
අද (10) පාර්ලිමේන්තුවේ බැඳුම්කර ප්‍රශ්නය ගැන අගමැති රනිල් විශේෂ ප්‍රකාශයක් කරමින් සිටින අතරතුරදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී වරුන් එම කතාවට භාදා කරමින් විරෝධය පා ඇත. මේ ජර මර අස්සෙ මේක තමයි නියම වෙලාව සිරස ටීවී එකේ නිවුස් එක හිට් කරගන්න කියල හිතපු මරික්කාර් අද සිරසට පට්ට නිව්ස් එකක් දෙන්නම් කියල හිතාගෙන වටපිට බලද්දි ලඟින්ම හිටපු ගාමිණී…

බැඳුම්කර වාර්ථාව සතියක් ඇතුලත පාර්ලිමේන්තුවට… ජනපතිගෙන් පොරොන්දුවක්
බැඳුම්කර කොමිසම මගින් ලබා දුන් බැඳුම්කර වංචාව සඳහා වන එම වාර්ථාව ඉදිරි සතිය ඇතුලත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහා පොරොන්දු වූ බව කතානායක කරූ ජයසූරිය මහතා මීට සුළු වෙලාවකට පෙර පාර්ලිමේන්තුවට දැණුම් දී ඇත.

මාසයක් ඇතුලත ඡන්ද පැමිණිලි 122 යි… සැකකරුවන් 125 ක් අත්අඩංගුවේ එයින් 12ක් අපේක්ෂකයින්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ගතවූ මාසය තුළ පැමිණිලි 122 ක් වාර්තා වී ඇති අතර සැකකරුවන් 125 ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් අතරින් දොළොස් දෙනකු අපේක්ෂකයන් බවත්  ‍පොලිස් මූලස්ථානය පවසයි. දෙසැම්බර්  9 –  ජනවාරි 9  වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් තිස් අටක් වාර්තා වී ඇති අතර ඊට අදාළව සැකකරුවන්…

පුංචි ඡන්දයේ එක කතිරයයි… වැඩිය කතිර ගැහුවොත් ඡන්දය ප්‍රතික්ෂේප වෙනවා
එළැඹෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ඡන්ද පත්‍රිකාවේ සලකුණු කළ යුත්තේ එක් කතිරයක් පමණක් බවත් ඡන්ද පත්‍රිකාවේ එක් කතිරයකට වඩා පැවැතියහොත් එම ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේප කළ ඡන්ද පත්‍රිකාවක් ලෙස සලකන බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (9) කොළඹ රාජගිරිය මැතිවරණ මහ‍ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය උපමාන සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ විශේෂ හමුවේදී ප්‍රකාශ කළේය. මෙවර ඡන්ද පත්‍රිකාවේ…