[rns_reactions]
Category: සුපිරි News
-
අයිස්ක්‍රීම් දන්සල නවතා පිටිදූව ‘ළබැඳි මිතුරෝ’ කල සුපිරි වැඩක්….
අක්මීමන – තේජා සිංහබාහු හබරාදුව – අනුර ප්‍රියන්ත
හබරාදුව, පිටිදූව ‘ළබැඳි මිතුරෝ’ පදනම විසින් පොසොන් පොහොය නිමිත්තෙන් වසර දහයක් පුරා පවත්වාගෙන පැමිණි අයිස්ක්‍රීම් දන්සල නවතා ඒ සඳහා එකතු වූ මුදල, කොඳුඇට පෙළ අක්‍රමවත්ව නැවීයෑමේ දරුණු අස්ථි රෝගයකට ගොදුරුව සිටින අසරණ පාසල් සිසුවියකගේ සැත්කම සිදුකිරීම සඳහා ලබාදීම පොසොන් පෝදා සිදු කෙරිණි.
හබරාදුව, ලියනගොඩ ‘දහම්පාය’හි පදිංචි ජේ. ඒ. කවිෂා (17) නමැති පාසල් සිසුවිය මෙසේ දරුණු අස්ථි රෝගයකට ගොදුරුව ඇති අතර ඉන්දියාවේදී සිදු කළ යුතු ඇයගේ රෝගය සුව කිරීමට අත්‍යවශ්‍ය සැත්කම වෙනුවෙන් ලක්ෂ 25ක මුදලක් අත්‍යවශ්‍යව තිබී ඇති අතර එම මුදලින් රුපියල් ලක්ෂ 16ක පමණ මුදලක් මේ වන විට සොයාගෙන ඇත. අදාළ සැත්කම සිදුකිරීම සඳහා අවශ්‍යවන මුදල් වෙනුවෙන් අයිස්ක්‍රීම් දන්සල වෙනුවෙන් එකතුවී තිබූ රුපියල් ලක්ෂ එකහමාරකට අධික (1,55,000) මුදල මෙලෙස එම සිසුවිය අතට ලබා දෙන ලදී.
ළබැඳි මිතුරෝ නම් මෙම සංවිධානය විසින් මීට පෙර අවස්ථා කිහිපයකදීද අසරණ පවුල් සඳහා නිවාස තනාදීම ආදී සත්කාර සිදුකොට තිබිණි.
මේ දැරියට අදාළ මුදල් පරිත්‍යාගය කිරීම වෙනුවෙන් හබරාදුවේදී සංවිධානය කළ උත්සවයට හබරාදුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් සහභාගි වූහ.[rns_reactions] -
අරන්තලා සංහාරයන් ගැන – පරිපාලන නිළධාරියකුගේ අතීත මතක සටහනක්…
2017 ජුනි 02 වැනිදාට අරන්තලා භික්‍ෂු ඝාතන සිද්ධියට වසර 30 ක් සම්පූර්ණ විය. එවකට එම සිදුවීම සොයා බැලීමට කොළඹින් පත්කර යෑවූ පරිපාලන නිලධාරියා වූයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී (විශ්‍රාමික) ඔස්‌ටින් ප්‍රනාන්දු ය. ඔහු සිය අතීත මතකය පිළිබඳව පසුගිය සතියේ කතා කර තිබිණි. එම ලිපියෙහි එක් තැනක ඔහු තරුණ සහකාර දිසාපතිවරයකු වූ ජිනසිරි දඩල්ලගේ එම සිදුවීමේදී ක්‍රියාකළ ආකාරය සඳහන් කර තිබිණි. පසු කලෙක රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේද ලේකම්වරයකු ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරි ජිනසිරි දඩල්ලගේ ඒ පිළිබඳව සිය අත්දැකීම් ඇසුරු කරමින් “අරන්තලාව හරහා වසර හයක්” නමින් කෘතියක්‌ද එළිදැක්‌විය. මේ එම කෘතියෙහි හය සහ හත පරිච්ඡේදවල දැක්‌වෙන “අරන්තලාව මිනිස් සංහාරය” සහ “අරන්තලාව භික්‍ෂු සංහාරය” පිළිබඳ ඔහුගේ සජීවී අත්දැකීම් ඇසුරු කරගත් ලිපි දෙකය.
අරන්තලාව මිනිස් සංහාරය
1985 හා 1986 වර්ෂ දෙකක පමණ කාලය මහඔය උප දිසාපති කොට්‌ඨාසය තුළ විවිධ වූ ත්‍රස්‌තවාදී සිදුවීම් වාර්තා විය. මේ අතර වඩාත් කැපී පෙනෙන ප්‍රධාන සිදුවීම් වූයේ මංගලගම හාමුදුරුවන් පැහැරගෙන යැමේ සිද්ධියයි. මෙයට අමතරව ඉතා සුළු සිදුවීම්ද වාර්තා විය. අම්පාර සිට පදියතලාව හරහා කොලමන්තලාව අතර ධාවනය වන රාත්‍රි බස් රථයට දෙවරක් අරන්තලාව ආසන්නයේදී ත්‍රස්‌තවාදීන් විසින් වෙඩි තබා තිබූ අතර, 1986 නොවැම්බර් මස දිනක අදාළ බස්‌රථය හා තවත් වාහන 14 ක් පියංගල ප්‍රදේශයේ කැලය තුළට ගෙන ගොස් මංකොල්ල කා තිබූ බවටද ආරංචි විය. සමහර සිදුවීම් සඳහා ආරක්‌ෂක අංශයද සහභාගි වූ බවටද කටකතා පැතිර ගිය අතර, ත්‍රස්‌තවාදී ක්‍රියාවන් උත්සන්න වීම පිළිබඳ සාධක වැඩි දියුණු වීමක් දක්‌නට ලැබුණි.
ආධුනික නිලධාරියෙකු වුවත් බොහෝ කටයුතු සඳහා කෙලින්ම මැදිහත් වීමට මා හට සිදු වූ අතර මඩකලපුව දිස්‌ත්‍රික් මායිමේ පිහිටි මංගලගම, නුවරගලතැන්න, අරන්තලාව, බොරපොළ, බැඳිබැරැක්‌ක, පූලාවලි, කොස්‌ගොල්ල ආදී ගම්මානවලට වැඩි සැලකිල්ලක් ලබා දී කටයුතු කිරීමේ වුමනාවද දැනෙන්නට විය. මේ අතර ප්‍රසිද්ධ තොප්පිගල ආසන්නයේ අනවසර හේන් වගාකරුවන් හා මාදුරුඔය ජාතික අභය භූමිය තුළ පදිංචි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම සඳහා අවස්‌ථා කිහිපයකදීම එම ප්‍රදේශවලට යැමට මා හට සිදුවිය. තොප්පිගල ආසන්නයේ පිහිටි පවුල් 40 ක් පමණ ජීවත් වූ කපුරුල්ල නම් කුඩා ගම්මානයෙහි පදිංචිකරුවන්ගේ නිවාස ගිනි තැබීම් කිහිපයක් හා පුද්ගලයින් කිහිපදෙනකු පැහැර ගෙන යාම් පිළිබඳව සොයා බැලීමටත් එම පවුල් මඩකලපුව දිස්‌ත්‍රික්‌ක මායිමක් වන ටැම්පිටිය ප්‍රදේශය ආශ්‍රිතව නැවත පදංචි කිරීමටත් මූලිකව කටයුතු කිරීමටද සිදුවිය.
මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට අයත් මහඔය උප දිසාපති කොට්‌ඨාසයට ආසන්න කොස්‌ගොල්ල හා පිල්ලුමලය ආදී සිංහල පවුල් පදිංචි ප්‍රදේශවලත්, ඔවුන්ගේ ඉල්ලීම් හා රාජකාරිමය අවශ්‍යතාවයන් මත සංචාරය කිරීමට විවිධ අපහසුතා හා අවදානම් මධ්‍යයේ සිදුවිය.
කෙසේ වුවද 1985 හා 1986 වසර තුළ මහඔය ප්‍රාදේශීය උප දිසාපති ලෙස කටයුතු කරනු ලැබූ මා හට ක්‍රමානුකූලව වර්ධන වෙන ත්‍රස්‌තවාදී කටයුතු වැඩිදුරටත් දැනෙන පරිදි විය. 1985 වර්ෂය මුලදී මඩකලපුව ප්‍රදේශයට හා කල්මුණේ පොතුවිල් ආදී ප්‍රදේශවලට එතරම් බිය සැක නොමැතිව යා හැකි තත්ත්වයක් තිබුණත් ක්‍රමයෙන් එම තත්ත්වය ඈත්aa වී ගිය අතර, මහඔය ප්‍රදේශයේ පොලිස් බාධක පැනවීමක්‌ද දක්‌නට ලැබුණි. කෙසේ වුවද පෞද්ගලික ආරක්‌ෂාව පිළිබඳව වඩා සැලකිලිමත්වීම අවශ්‍ය බව මා හටද අවබෝධ වුවද ප්‍රදේශයේ ස්‌වාමීන් වහන්සේලා හා ගැමියන් විසින් ආරාධනා කරනු ලබන කුමන හෝ කටයුත්තකට සහභාගි වීමටත්, ඔවුන්ගේ ඕනෑම හදිසි අවශ්‍යතාවක් හෝ ඉල්ලීමක් වෙනුවෙන් ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්‌වීමට මා සූදානම්ව සිටි අතර, එය එලෙස වූ බව අද පවා මහඔය ප්‍රදේශවාසීන් සාක්‌ෂි දරනු ඇත.
1986 මාර්තු 26 දින එවකට මඩකලපුව හා අම්පාර සම්බන්ධීකරණ නිලධාරි වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පියසේන මහතා මා හමුවීමට පැමිණෙන බවත්, ත්‍රස්‌තවාදී ඉලක්‌කවලට ලක්‌විය හැකි ගම්මානවලින් ග්‍රාමාරක්‌ෂකයින් 100 ක් පමණ තෝරා තබන ලෙසත් දන්වා පොලිස් පණිවුඩයක් ලැබුණි. මේ අනුව ග්‍රාම නිලධාරීන්ගේද සහායෙන් අදාළ ගම්මානවලින් සුදුසු ලැයිස්‌තු සකස් කර තැබූ අතර, කලින් දැන්වූ පරිදි පොලිස් අධිකාරි පියසේන මහතා මඩකලපුවේ සිට පැමිණ මා හමුවූහ. ඉතාමත් නිහතමානී හා සරල ගති පැවතුම් ඇති පොලිස් නිලධාරියෙකු වූ පියසේන මහතා මගේ නිල නිවාසයෙහි දින 3 ක් පමණ නතරව ටැම්පිටිය, පූලාවලිය, බැදිරැක්‌ක, බොරපොළ, අරන්තලාව ආදී ගම්මානවලින් තෝරා ගත් තරුණ කණ්‌ඩායම් කිහිපයකට පැරණි ගිනි අවි 100 ක් පමණ භාරදීමට කටයුතු කරනු ලැබීය. මාර්තු 28 දින අරන්තලාව විද්‍යාලය අසලට අදාළ තුවක්‌කු බෙදීම සඳහා යන විට සවස 6.30 පමණ විය. සෑම ගමකදීම තුවක්‌කු බෙදා දීමෙන් පසු ගම් ආරක්‌ෂා කර ගැනීම පිළිබඳ කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව අදාළ ගැමියන්ට කෙටි පැහැදිලි කිරීමක්‌ද සිදු කරන්නට යෙදුනි.
1986 අග භාගය වන විට ග්‍රාමාරක්‌ෂක කමිටු, සාම කමිටු ආදිය ගොඩනැඟීම පිළිබඳ චක්‍රලේඛ උපදෙස් ආදියද වැඩිපුර ලැබෙමින් පැවැති අතර, ගැමියන්ගේ උනන්දුව මෙන්ම ත්‍රස්‌තවාදී කටයුතු සමඟ උත්සන්න වන බිය සැකයන්ද වැඩිපුර අත්දැකීමට හැකි විය.
1987 පෙබරවාරි 8 ඉරුදින පාන්දර 5.00 ට පමණ කිසියම් කෙනෙක් මගේ නිල නිවාසයේ දොරට තට්‌ටු කරන හඬින් මම අවදි වුණෙමි.
“උප දිසාපතිතුමා මම රංජිත් ගුණවර්ධන. ඉක්‌මනට දොර අරින්න හදිස්‌සියක්” ඒ මහඔය කෘෂිකර්ම කළමනාකරු රංජිත් ගුණවර්ධනගේ හඬයි. මම කටහඬ හඳුනාගත් බැවින් කඩිනමින් ඉදිරි දොර විවෘත කළෙමි.
ඔහුගේ රියෑදුරු විඡේපාල හා තවත් කිහිප දෙනෙකු මගේ මිදුලේ විය. “මේකයි ප්‍රශ්නෙ. ඊයේ රෑ 7 ට 8ට විතර අරන්තලාවට කොටි ඇවිත් මිනිස්‌සු 30 ක් විතර කපලා මරලා දාලා තියෙනවා. හෝම් ගාඩ් කෙනෙක් වෙඩි තිබ්බම තමයි පැනලා ගිහින් තියෙන්නෙ. සමහරුන්ගේ පවුල් පිටින් මරලා දාලලු. මොකද කරන්නෙ? ඉක්‌මනින් ඒ පැත්තට ගිහින් බලමුද? කිසිදු කතාබහක් නොකළ මම ඉක්‌මනින් සූදානම් වී ඔහුගේ ජීප් රථයෙන් මහඔය පොලිසියටත් ඉන් අනතුරුව 69 හන්දියටත් ගොස් තරමක් එළිය වැටෙනතුරු අතරමඟ නතර වී සිටියෙමු. කෙසේ වුවද උදැසන 6.00 ට පමණ වන විට අරන්තලාව ගැමියන්ගේ විලාප හඬට කන්දීමට සිදුවිය. අප කඩිනමින් සෑම නිවසක් වෙතම ගොස් මියගොස් සිටි පුද්ගලයන් ගණන සොයා ගැනීමට උත්සාහ ගත්තෙමු. මේ අනුව ඉතා කුඩා ළමයින්, කාන්තාවන්, මහලු පුද්ගලයන් ඇතුළු 29 දෙනෙක් නිදි පැදුරුවලම කපා කොටා මරා දමා තිබුණි. එහි අමානුෂික ස්‌වරූපය මත මා තදබල වික්‍ෂිප්ත භාවයට පත් වී සිටියෙමි.
කෙසේ වුවද ඉතා කඩිනමින් නැවතත් මහඔයට පැමිණි මා අම්පාර දිසා අමාත්‍යතුමාටත්, දිසාපතිතුමාටත් අදාළ සිදුවීම පිළිබඳව දැන්වීම් කොට අදාළ උපදෙස් ලබාගනු ලැබූ අතර, අදාළ සිරුරු එදිනම රාජ්‍ය වියදමින් භූමදාන කිරීම සඳහා කටයුතු කිරීමට උපදෙස් ලබා ගතිමි. නීතිමය කටයුතු මහඔය පොලිස් ස්‌ථානය මඟින් ඒ වන විටත් පවත්වමින් තිබූ අතර, මා විසින් අදාළ ග්‍රාම නිලධාරීන්ගේද සහාය මත අවසන් කටයුතු පිළියෙළ කිරීම සඳහා යුහුසුළු විය.
අදාළ මියගිය පුද්ගලයින්ගේ ප්‍රමාණයන් සටහන් කොට ගනිමින් සුදුසු මිනී පෙට්‌ටි ආදිය සොයා බැලීම සඳහා අම්පාර ප්‍රදේශයට කිහිප දෙනෙක් පිටත් කර යවනු ලැබූ අතර, දහවල් 11 පමණ වන විට ලබා ගත හැකිව තිබුණේ මිනී පෙට්‌ටි 14 ක් පමණි. ඉතිරි පෙට්‌ටි ප්‍රමාණය සපයා ගැනීමට මාර්ගයක් නොවූයෙන් ප්‍රදේශයේ වඩු වැඩ දන්නා අය කිහිප දෙනෙක් එකතු කොට කෙසේ හෝ ලෑලි සොයා ගනිමින් ඉතිරි මිනී පෙට්‌ටි සකස් කර ගත හැකි බවට ග්‍රාම නිලධාරීන් කිහිප දෙනෙක් ඉදිරිපත් වූ අතර, මා ඒa සඳහා අනුමැතිය ලබාදීමට කටයුතු කරන ලදී.
මේ අනුව දහවල් 1.00 ට පමණ වන විට මා වෙනත් කටයුත්තක් සඳහා උප දිසාපති කාර්යාලයට පැමිණෙන විට උප දිසාපති කාර්යාලයෙහි මිදුල මිනී පෙට්‌ටි කර්මාන්තශාලාවකි. අසල නිවාසවලින් ලබා ගත හැකි වූ ඉරන ලද ලෑලි භාවිතා කරමින් මිනී පෙට්‌ටි කිහිපයක වැඩ ඒ වන විට අවසන් කර තිබුණි. මේ අතර, තවත් ලෑලි අවශ්‍ය බවද දන්වනු ලැබීය. මේ සඳහා ලෑලි ලබා ගත හැකි ස්‌ථානයක් සුදු බණ්‌ඩා වඩු බාස් විසින් යෝජනා කරනු ලැබීය. ඒ මගේ නිල රථය නවතන ගරාජයයි. මෙහි බිත්ති වෙනුවට යොදා තිබුණේ අඟල් 1/2 ප්‍රමාණයේ ලෑලි වන අතර, මා දුන් තීරණය පරිදි සම්පූර්ණ ලෙසම ගරාජයේ ලෑලි බිත්ති ඉවත් කර ගැනීමට කටයුතු කරන ලදී. මේ අනුව සවස 4.00 පමණ වන විට ප්‍රමාණවත් හා අලංකාර ලෙස සියලු මිනී පෙට්‌ටි සකස් කර ගැනීමට අපට හැකි විය. මේ සිද්ධිය සමඟ පසුදින “දිවයින” පුවත්පතේ පහත සඳහන් මාතෘකාව යටතේ මුල් පුවතකි. “උප දිසාපති ගරාජය කඩා මිනී පෙට්‌ටි සාදති” යන්න එම සිද්ධියට විශාල ප්‍රසිද්ධියක් ලැබුණු අතර, මහඔය ප්‍රාදේශීය උප දිසාපති කොට්‌ඨාසය ත්‍රස්‌තවාදී කටයුතු සඳහා ප්‍රසිද්ධියක් ලැබුණු අතර මගේ රාජකාරී ජීවිතය සම්පූර්ණ ලෙස කාර්යබහුල ඉතා අවිවේකී එකක් බවටද පරිවර්තනය විය.
මෙම සිදුවීම වූ පෙබරවාරි 8 දින අරන්තලාව මිනිස් ඝාතනය නිසා අතරමං වූ 350 ක් පමණ වූ පවුල් ප්‍රමාණයකට සියලු පහසුකම් සැපයීමේ වගකීමද ක්‍ෂණික එකක් විය. මේ අනුව එම පවුල් ආරක්‌ෂිත ස්‌ථාන වෙත රැස්‌කොට අවශ්‍ය ආහාරපාන හා ආරක්‌ෂාව සපයාදීම ආදිය අවසන් කොට මහඔය මගේ නිල නිවාසය වෙත පැමිණෙන විට පසුදා පෙ. ව. 1.00 පමණ විය. එතැන් සිට මඩකලපුව දිස්‌ත්‍රික් මායිමේ පිහිටි සියලු ගම්මානවලට ආරක්‌ෂාව හා අනෙකුත් පහසුකම් සැපයීමේ ප්‍රමුඛ වගකීමක් මා වෙත පැවරෙනු ලැබිණි.
අරන්තලාව සිදුවීමෙන් මියගිය 29 දෙනා පවුල් 15 කට අයත් වූහ. මේ නිසා ඉතා අවශ්‍ය කටයුත්තක් වූයේ එම පවුල් සඳහා ප්‍රමුඛතාවයක් ලබා දී අවතැන් වූ පවුල් 350 ක් පමණ නැවත පදිංචි කරවීමයි. මූලිකවම මේ සඳහා කතෝලික ස්‌වේච්ඡා ආයතනයක් මඟින් නිවාස 15 ක් ඉතා ඉක්‌මනින් ප්‍රදේශවාසීන්ගේ ආධාරද ඇතිව ඉදිකොට අනාථ වූ පවුල් 15 ඉක්‌මනින් නැවත පදිංචි කරවීමට කටයුතු යොදනු ලැබීය. අරන්තලාව සිදුවීමෙන් මියගිය පුද්ගලයන් අතර අලහකෝන් නමැති අයගේ පවුල සුවිශේෂ විය. අලහකෝන් නම් වයස 45 ක පමණ අරන්තලාවේ පදිංචිකාරයෙකු වූ රියෑදුරු රැකියාව කරනු ලැබූ අයෙකුගේ බිරිඳ හා ළමයි 8 දෙනෙක් නිදි පැදුරේම කපා කොටා දමා තිබුණි. ඔහු එදින කල්මුණේ ප්‍රදේශයේ රැකියාවට ගොස් තිබූ බැවින් ඔහුගේ ජීවිතය බේරුණු අතර අරන්තලාව ප්‍රදේශයට නිකමට හෝ යැමට ඔහු බිය පත් වී සිටියේය.
අම්පාර කතෝලික දේවස්‌ථානයේ ඩයස් පියතුමාගේ නිවාස ආධාර යටතේ ඔහුට අයත් නිවස අරන්තලාව ප්‍රදේශයෙන් සැතපුම් 10 ක් පමණ ඈතින් වූ හරස්‌ගල ප්‍රදේශයෙ ඉදිකරනු ලැබූ අතර, වසරකට පමණ පසු ඔහු විසින් ළමයින් 5 දෙනකු සමඟ වැන්දඹු බිරියක් නැවත විවාහ කරගනු ලැබීය. නැවත පදිංචි වූ ස්‌ථානයෙහිම සුළු ව්‍යාපාරයක් ආරම්භ කළ ඔහු කාලයාගේ ඇවෑමෙන් සාමාන්‍ය ජීවිතයට හුරු විය. අරන්තලාව සිදුවීම සමඟ නැවත පදිංචි කරවීමේ සංකල්පයක් ලෙස පොකුරු ගම්මාන ඉදිකිරීමේ වැඩසටහන ආරම්භ කරන ලදී. මායිම් ගම්මානවල පදිංචිකරුවන් නැවත එක්‌තැන් කොට නිවාස ආධාර ලැබූ නුවරගලතැන්න, බොරපොළ, බැඳිරැක්‌ක, පූලාවලි ආදී ගම්මාන මෙම වැඩසටහන යටතේ තවමත් ආරක්‌ෂිත මට්‌ටමේ පවතී. පොකුරු ගම්මාන නම් පදිංචිකරුවන් ආරක්‌ෂක හේතු මත එක්‌තැන් කොට පදිංචි කරවීමේ ක්‍රමයයි. මෙම ගම්මාන ඉදිකිරීමෙන් පසු අවශ්‍ය වෙනත් පහසුකම් හා අවශ්‍යතාවන් පිළිබඳ පෞද්ගලිකවම නිතර නිතර සොයා බැලීම මඟින් අදාළ ගැමියන්ගේ ආත්ම විශ්වාසය වර්ධනය කිරීම මහඔය කොට්‌ඨාසයේ මිනිසුන් ප්‍රදේශය අතහැර යැම අඩු වීමට හේතු විය. මෙම කටයුතු සමඟ යුද හමුදා ඒකක කිහිපයක්‌ද පිහිට වූ අතර, රාජකාරීමය වශයෙන් ඔවුන් සමඟ පැවැත් වූ සබඳතා මඟින් තවදුරටත් අනාරක්‌ෂිත ගම්වල අවදානම අඩු කිරීම සඳහා වඩා හොඳ මැදිහත්වීමක් ඉටු කිරීමට මට හැකි විය. එවකට අම්පාර සම්බන්ධීකරණ නිලධාරීන් ආදී හමුදා නිලධාරීන් සමඟද නිරන්තර සබඳතාවක් පවත්වමින් ඉතා ක්‍ෂණිකව හා අවශ්‍ය පරිදි රාජකාරිමය හා පෞද්ගලික ලෙස යොමු වීම මත ප්‍රබල ත්‍රස්‌තවාදී පහරදීම් හමුවේ අසරණව හා අතරමංව සිටි ප්‍රදේශයට ප්‍රබල ශක්‌තියක් වීමට මට හැකිවූවා යයි විශ්වාස කරමි. මගේ පරිපාලන සේවා කාලය තුළ හා පරිපාලන සේවා නිලධාරියෙකු ලෙස ප්‍රායෝගිකවම සිවිල් ආරක්‌ෂාව සඳහා වඩා හොඳ පුහුණුවක් ලැබීමට මෙවැනි තත්ත්වයන් නිසා හැකි විය.
අරන්තලාව ඝාතනය ඇතුළු බරපතළ සිදුවීම් ගණනාවක් ඊට පසුකාලීනව මහඔය ප්‍රාදේශීය උප දිසාපති කොට්‌ඨාසයේ සිදු වූ අතර, ඒa සියලු සිදුවීම්වලින් සිවිල් නිලධාරියෙකුට වඩා වැඩිමනක්a සේවයක් මා විසින් ඉටු කරනු ලැබ ඇත. කොට්‌ඨාසය තුළ ඕනෑම ආකාරයේ සිදුවීමකදී වේලාව අවේලාව ආදී කිසිවක් පිළිබඳ තැකීමක් නොමැතිව ප්‍රාදේශීය උප දිසාපතිවරයෙකු ලෙස ගොඩ නඟා ගත යුතු වූ බොහෝ බලපෑම් කිරීමේ ශක්‌තියක් ගොඩ නඟා ගැනීමට මෙම ඉදිරිපත්වීම්වලින් මා ලැබූ වාසිදායක තත්ත්වයක් විය.
කල්යාමේදී අරන්තලාව හරහා අම්පාරට යාම බොහෝ දුරට ආරක්‌ෂක අංශ මඟින්ද තහනම් කර තිබූ අතර, ප්‍රදේශවාසීන් වෙනුවෙන් හෝ මගේ පෞද්ගලික අවශ්‍යතාවයක් වෙනුවෙන් විශේෂ ආරක්‌ෂක ඉල්ලීම් හෝ ඒ මතට යෑපීමට මගේ කිසිදු යොමු වීමක් නොවීය. ක්‍ෂණිකව හා කලින් සූදානම් කර නොගත් යොමුවීම්වලින් බොහෝ ආපදාවලින් බේරී සිටිය හැකි බව මහඔය උප දිසාපති ලෙස මා උගත් තවත් පාඩමකි. ඉවෙන් මෙන් බොහෝ දේවල් හඳුනා ගනිමින් කාර්යය යොමු වීමක් සඳහා පුහුණුවක් සැබවින්ම මා විසින් මහඔය උප දිසාපතිවරයා ලෙස කටයුතු කිරීමෙන් ලබා ගනු ලැබූ ජීවන පන්නරයකි. මහඔය කොට්‌ඨාසය තුළ වසර 6 ක් තුළ මුහුණ දුන් අති බිහිසුණු අත්දැකීම් මත කිසිදු ශාරීරික ආබාධයකට හෝ ජීවිත හානියකට ලක් නොවී පැමිණීමට ලැබීම එක්‌තරා දුරකට එම හුරුවීම මඟින් ලැබූ යහපත් ප්‍රතිඵලයකි.
අරන්තලාව ප්‍රදේශය හරහා ගමන් කිරීම තහනම් කොට හා බොහෝ අය විසින් බිය නිසාම අත්හැර දමා තිබූ කාලවලදී පවා මා විසින් භාවිතා කළේ අරන්තලාව මාර්ගයයි. වසර 6 ක් තිස්‌සේ අවම වශයෙන් මසකට 4 වතාවක් හෝ අම්පාරට යැම ඊම සඳහා අරන්තලාව මාර්ගය මා විසින් යොදා ගනු ලැබිණි. අරන්තලාව හරහා වේලාව අවේලාව නොබලා විවිධ අවශ්‍යතාවන් සඳහා ගමන් කිරීමේදී නොයෙකුත් ත්‍රස්‌තවාදී ක්‍රියාවන් පිළිබඳ අත්aදැකීම් ලැබීමට මා හට අවස්‌ථාව ලැබිණි.
අරන්තලාව භික්aෂු ඝාතනය
1987 පෙබරවාරි 08 දින අරන්තලාවේ සිදු වූ මුල් මිනිස් ඝාතනය වූ දින අරන්තලාව විද්‍යාලය අවට අති විශාල ජනතාවක් රැස්‌විය. ප්‍රදේශයේ ජනතාව මෙන්ම අවට ප්‍රදේශවලින්ද අදාළ සිද්ධිය නැරඹීම සඳහා විවිධ මට්‌ටමේ පිරිස් හා විශාල වාහන සංඛ්‍යාවක් එදින අරන්තලාවට ළඟා විය. උප දිසාපති ලෙස මා හටත් අපගේ කාර්ය මණ්Aඩලයටත්a එදින ඉතාමත් කාර්යබහුල දිනයක් විය. එදිනම භූමදාන කටයුතු කිරීමට අවශ්‍ය කටයුතු යෙදීමත්, මෙම සිදුවීම පිළිබඳ විවිධ අංශවලින් හා පුද්ගලයින් වෙත පිළිතුරු ලබාදීමත්, විවිධ අංශ සමඟ සබඳතා පැවැත්වීමත් නිසා එකම ස්‌ථානයක රැඳී සිටීමට අපට නොහැකි විය.
විවිධ කාර්යයන් සඳහා මහඔය නගරයටත්, කාර්යාලයටත් යැමට නිතර නිතර අවශ්‍ය විය. එදින පෙ.ව. 5.30 පමණ සිට මෙම සිදුවීම වෙනුවෙන් විවිධ කාර්යයන්වල නිරත වූ මා හට ප.ව. 2.30 ට පමණ නැවතත් අරන්තලාව විද්‍යාලය අසලට යැමට අවශ්‍ය විය. මා එහි යන විට වයස අවුරුදු 50 ක් පමණ වන ශරීරය මනාව වැඩුනු භික්‌ෂූන් වහන්සේ නමක් තම කුඩයද දිගු කරමින් සිංහල ජනතාවට සිදුවී ඇති මෙම ව්‍යසනය පිළිබඳ දැඩි ලෙස විවිධ අංශවලට බැණ වදිමින් කෑ කෝ ගසන දර්ශනයක් දැකිය හැකි විය. ප්‍රදේශයේ දේශපාලනඥයින්ටත්, රජයටත්, සමස්‌ත දෙමළ ජනතාවටත් ඉතා තදබල ලෙස දොස් පවරන උන්වහන්සේගේ ඉරියව්වලින් අසල වූ කෙනෙකුගෙන් උන්වහන්සේ කවුදැයි දැන ගැනීමට විමසීමේදී දැනගත හැකි වූයේ අම්පාර නගරයේ විහාරස්‌ථානයක වැඩ වසන හෑගොඩ ඉන්ද්‍රසාර නායක ස්‌වාමීන් වහන්සේ බවය. උන්වහන්සේ අම්පාර ප්‍රදේශයේ සිංහල ජනතාව වෙනුවෙන් බොහෝ කතාබහ කරන බවත්, ඒ වෙනුවෙන් නොයෙක් කැපකිරීම් කරන බවත්, මෙම සිදුවීම නිසා උන්වහන්සේ බලවත් කලකිරීමකින් එලෙස කතා කරන බවත් දැන ගත හැකි විය. මෙම අවස්‌ථාවට සහභාගි වූ ප්‍රාදේශීය මට්‌ටමේ දේශපාලනඥයින් හටද උන්වහන්සේ වරින් වර දොස් පවරමින් බැණ වැදීමට විය.
අරන්තලාව සිදුවීමෙන් ජීවිත හානියට පත් 29 දෙනාගේ භූමදාන කටයුතු එදිනම සිදුකළ අතර, එදින රාත්‍රි 7.00 පමණ වන විට අරන්තලාව ප්‍රදේශය සම්පූර්ණයෙන්ම පාළු ප්‍රදේශයක් බවට පත් විය. අරන්තලාව විද්‍යාලය සම්පූර්ණ ලෙස අත්හැර දැමුනු අතර, අවට පදිංචිකරුවන් අරන්තලාව ගම්මානයේ සිට කි. මී. 3 ක් පමණ නොදුරින් පිහිටි බොරපොළ ගම්මානය අසල තාවකාලිකව පදිංචි විය. මුල් සති කිහිපය තුළ බොරපොළ විද්‍යාලයෙත්, තාවකාලිකව සකස් කරදුන් නිවාසවලත් මෙම පිරිස් පදිංචි වූ අතර, අරන්තලාව ප්‍රදේශයේ හුදෙකලා බව නිසා කිසිවෙක් එහි නැවත පදිංචි වීම සඳහා කැමැත්තක් නොදැක්‌වීය. අරන්තලාව සිදුවීමෙන් පසු මේ අනුව කි. මී. 10 ක පමණ ප්‍රදේශය ඉතා පාළු ප්‍රදේශයක් වූ අතර, මුල් කාලවලදී එම ප්‍රදේශයේ ප්‍රබල ආරක්‌ෂක වැඩපිළිවෙළක්‌ද නොවීය.
අරන්තලාව සිදුවීමෙන් පසු බොරපොළ, නුවරගලතැන්න ආදී අවට ප්‍රදේශවල ගැමියන්ට තුවක්‌කු සැපයීමෙන් සාමාන්‍ය පරිදි ග්‍රාමාරක්‌ෂක සේවාවක් ඇති කළත්, ප්‍රධාන මාර්ගය තුළ සැලකිලය යුතු ආරක්‌ෂක විධි විධානයක් ඇති කරනු නොලැබීය. මේ අනුව මහඔය සිට අම්පාර යන බොහෝ දෙනෙක් මෙම බොරපොළ සිට නුවරගලතැන්න දක්‌වා කි. මී. 10 ක පමණ දුරක් ඉතා පාළු කැලෑ ප්‍රදේශයක් පසු කර යැමට සිදුවිය. අරන්තලාව සිදුවීම සිදුවී සතියක් පමණ යන විට එහි ඉතිරි වී තිබූ නිවාස හා ගෙවතු වල් අලින් විනාශ කරනු ලැබීය. පාළුවට ගොස් තිබූ අරන්තලාව විද්‍යාලය අසලින් ගමන් කිරීම දහවල් කාලයේදී වුවද තරමක බිය සැක ඇති කරන දෙයක් විය. මෙම මුල් යුගවලදී අරන්තලාවට ආසන්නවම පිහිටි තවත් හුදෙකලා ගමක් වූ නුවරගලතැන්න ගමෙහි ආරක්‌ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට සිදු වූ අතර, පවුල් 75 ක් පමණ පදිංචිව සිටි එම ගමෙහි සෑම නිවසකටම මෙන් ගිනි අවියක් ලබාදීමටත්, ඒa මඟින් ග්‍රාමාරක්‌ෂක වැඩපිළිවෙළක් ඇති කිරීමටත් හැකි විය.
අරන්තලාව සිදුවීමෙන් පසු විවිධ කටයුතු නිසා කාර්යබහුල කාලයක් ගත කළ මා 1987 ජුනි මස 2 දින පෙ.ව. 8.00 ට පමණ කාර්යාලයට යැමට සූදානම් වී සිටියෙමි. පොලිස් ස්‌ථානය මගේ නිල නිවස ඉදිරිපිට වූ අතර, එහි නිලධාරීන් කුමන හෝ කලබලයකින් ක්‍රියා කරමින් සිටිනු දැක ගත හැකි විය. ගිනි අවිද රැගෙන පාර දෙසට දිව යන පොලිස් නිලධාරීන්ගේ ස්‌වරූපය දුටු මා හට කුමක් හෝ සිදුවීමක් සිදු වී ඇති බවට හැඟීමක් ඇති විය.
මේ පිළිබඳව විපරම් කිරීමට මාර්ගය දෙසට යැමට මා හට අවශ්‍ය විය. ප්‍රධාන පාරට පැමිණි මා වෙත තවත් පොලිස් නිලධාරියෙකු රැගෙන ආවේ තවත් ඇදහිය නොහැකි පණිවුඩයකි.
“සර් අරන්තලාව ඉස්‌කොලෙ ළඟ හාමුදුරුවරු ගොඩක් මරලා දාලලු. බස් එකකින් ඇවිත් තියෙන්නෙ. අපිට මේ දැන් ග්‍රාමාරක්‌ෂකයෙක් තමයි ඇවිත් කිව්වේ. ග්‍රාමාරක්‌ෂකයෝ වෙඩි තිබ්බම තමයි උන් පැනලා ගිහින් තියෙන්නෙ.”
පොලිසියේ වාහනයක් නොමැතිවීම නිසා සමුපකාරය අසල නවතා තිබූ ට්‍රක් රථයක නැගගත් පොලිස් නිලධාරීන් පිරිස් ඒ වන විටත් මා ඉදිරියෙන් සිද්ධිය වූ දෙසට ධාවනය විය. මෙම සිදුවීම ඇසීමෙන් මහඔය නගරය අවට ක්‍රමයෙන් කලබල ස්‌වරූපයක් ඇති විය. ඊළඟට පැමිණි ලොරි රථයක් පොලිසිය ඉදිරියේ නතර කරන ලදී. එය අම්පාර බලා යන ලොරියකි. මා වෙත වෙන් වූ වාහනයක් නොවූ බැවින් මමද එම ලොරියටම නැඟ ගතිමි. දැන් ලොරියෙහි හැකි හැම තැනම සෙනඟ පිරී ඇත. කෙසේ වුවද පෙ.ව. 9.00 පමණ වන විට අදාළ ස්‌ථානයට ළඟා වීමට අපට හැකි විය.
අරන්තලාව සිදුවීම වූ ප්‍රදේශයට ඉතා නුදුරින් ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 100 ක් පමණ නොදුරින් නවතා ඇති ලංගම බස් රථයකි. එය ස්‌වාමීන් වහන්සේලා පැමිණ ඇති බස් රථයයි. අප වහාම එතැනට ළඟාවීමු. ඒ වන විටත් මළ සිරුරු හා තුවාල ලත් 9 දෙනෙක් අම්පාර රෝහලට ගෙන ගොස් තිබුණි. වෙඩි පහර නිසා බස් රථයේ සියලු වීදුරු කැඩී ගොස් තිබුණි. සෑම අසුනකම ඉතා තද ලේ පැලලම් විය. බස් රථයේ දොරටු අසල ගලා යන මට්‌ටමේ ලේ දහරාවන් විය. එයින් පෙනී ගියේ ස්‌වාමීන් වහන්සේලා පලා යැමට හෝ බස් රථයෙන් බැසීමට උත්සාහ ගෙන ඇති බවය. ලේවලින් තෙත් වූ සිවුරු කිහිපයක්‌ද බස් රථය තුළ විය.
මෙම සිදුවීම ඉතාමත් සංවිධානාත්මක ලෙස සිදු වී ඇත. ඉන්ද්‍රසාර ස්‌වාමීන් වහන්සේ එවකට අගමැති වූ ආර්. ප්‍රේමදාස මහතාගේ හිතවතෙකි. උන්වහන්සේ හැම ගම් උදාව වැඩසටහනක් වෙනුවෙන්ම විශේෂ ආගමික වැඩසටහන් පැවැත්වීම සඳහා ඉදිරිපත් වී ඇති හිමි නමකි. අදාළ බස් රථය උන්වහන්සේ වෙන්කර ගෙන ඇත්තේ අම්පාර ලංගම ඩිපෝවෙන් වන අතර, ඒ මඟින් අදාළ වේලාවන් ආදිය ත්‍රස්‌තවාදීන් අතට පත් වී ඇත. මේ නිසා පාළු වී ඇති අරන්තලාව ප්‍රදේශය මෙවැනි ප්‍රහාරයක් සඳහා ත්‍රස්‌තවාදීන් විසින් තෝරා ගෙන ඇත. මෙවැනි ප්‍රහාරයක් සඳහා ත්‍රස්‌තවාදීන්ට පහසුවෙන් උපද්‍රවයකින් තොරව පලා යැමේ හැකියාවද ඇත.
මෙම සිදුවීමේදී ස්‌වාමීන් වහන්සේලාගේ විලාප හඬත්, වෙඩි තබන ශබ්දයත් නුවරගලතැන්න ග්‍රාමාරක්‌ෂක භටයින් කිහිප දෙනෙකුට ඇසී ඇති අතර, ඔවුන් කිහිප දෙනෙක් සිද්aධිය වූ ස්‌ථානයට ඉතා ඉක්‌මනින් පැමිණ ඇත. ඔවුන්ගේ වෙඩි හඬ නිසා ත්‍රස්‌තවාදීන් ඉතා ඉක්‌මනින් පලා ගොස් ඇති අතර, 20 ක පිරිසක් අදාළ සිදුවීමෙන් පසු පලා ගිය බව ඔවුන් දර්ශනය කර ඇත. ඔවුන් එම ස්‌ථානයට පැමිණිම නිසාත් ඒ බව පොලිසිය වෙත කඩිනමින් දැන්වීම නිසාත් තුවාලකරුවන් අම්පාර රෝහල වෙත ලොරි රථයක් මඟින් ගෙන යැමට හැකි වී ඇත.
අදාළ සිදුවීමෙන් පැයක් පමණ ඇතුළත එම සිදුවීම වූ ස්‌ථානයට යැමට අප හට හැකි වූ අතර, ඉතා ඉක්‌මනින් අම්පාර රෝහලට වෙත යැමටද අවශ්‍ය විය.
ඊට මඳ වේලාවකට පසු එම ස්‌ථානයට පැමිණි වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජීප් රථයකින් අම්පාර රෝහල වෙත ගිය අතර ඒ වන විටත් අම්පාර මූලික රෝහල අවට එකම හිස් ගොඩකි. මියගිය ස්‌වාමීන් වහන්සේලා සිරුර ආලින්දය දිගේ තැන්පත් කර ඇත. සිරුරු ලෙයින් තෙත් වී ඇත සැබවින්ම එය හද සසල කරවන දසුනකි. ඇදහිය නොහැකි සිදුවීමකි.
එදින සවස අම්පාරේ සිට නැවතත් මහඔයට අරන්තලාව හරහාම පැමිණියෙමි. මාස 5 ක් තුළ මේ අනුව අරන්තලාව ප්‍රදේශයේ අති බිහිසුණු මිනිස් ඝාතන 2 ක් සිදුවී ඇත. නුවරගලතැන්න ගමේ සිට මීළඟ ගම වන බොරපොළ හමුවීමට කි. මී. 10 ක් පමණ යා යුතුවේ. එදින සවස 6.00 ට පමණ මෙම ස්‌ථානය අප විසින් පසු කර ගියේ කිව නොහැකි තරම් බියකිනි. මෙම කාලය තුළ අරන්තලාව හරහා ගමන් කිරීම සැබවින්ම ජීවිතය පරදුවට තැබිය යුතු කාරණයකි. එහෙත් අප ඒ හරහා යා යුතුම වේ.
1987 ජුනි මස 2 දින ඝාතනයට ලක් වූ භික්‌ෂුන් වහන්සේලාගේ ආදාහන කටයුතු 5 සිකුරාදා අම්පාර වැව ඉස්‌මත්තේ එක පෙළට ඉදි වූ චිතක 32 ක් තුළ සිදුකරනු ලැබීය. එය සැබවින්ම වචනයෙන් විස්‌තර කළ නොහැකි ශෝචනීය දසුනකි. කඳුලින් පිරුණු දැස්‌වලින් යුත් අති විශාල පිරිසක් එදින එහි රැස් වී සිටියහ. ආදාහන කටයුතු අවසන් වූ එදින නැවතත් අප අරන්තලාව හරහා මහඔය නිල නිවස වෙත පැමිණෙන විට රාත්‍රි 8.00 පමණ විය.
මහඔය ගතකළ කාලය හා අරන්තලාව සිහිවන සෑම විටම ලෙයින් තෙත් වූ බස් රියත්, රෝහලේ එක දිගට දමා තිබූ මළ සිරුරු පෙළත්, උන්වහන්සේලා ආදාහනය සඳහා ඉදිකර තිබූ කහ පැහැති චිතක පෙළත් මා ඉදිරියේ මැවී පෙනේ. ඒවා ජීවිතය පුරාවටම අමතක කළ නොහැකි අඳුරු මතක සටහන් වේ.
[rns_reactions]
-
සරම උස්සන් ආවාද? නට නටා රඟ පාමින් අවාද? ඡායාව වත් දුටුවාද?
දින කිහිපයක් මුළුල්ලේ මුළු රටක්ම හැඬුවා ඔබ අපට අමතක නැත. ඒ ජිවිතගණනාවක් හා දේපොළ රැසක් රටට අහිමි කල මහා ගංවතුර වියසනයයි.
විනාස වූ ජනජීවිතය නැවත යතා තත්වයට පත් කර ගැනීම සඳහා ජාති ආගම් කුල මල භේද පැත්තක දමා සියලු රට වැසියන් එකා සේ කටයුතු කල ආකාරය පිළිබඳව අපට අමුතුවෙන් ඔබට කිවයුතුව නැත.
නමුත් කළුතර පිහිටි බස් නැවතුම්පොළවල් ගොඩනැගිලි සියල්ල වෙත කිසිම දේශපාලඥයන්ට ලගා වීමටවත් නොහැකි ලෙස සරම උස්සන් පැමිණ බලහත්කාරයෙන් චන්ඩිපාට් දමා සියල්ල තමන් සතු කරගන්නා පුද්ගලයෙකු ඔබට මතකද? ඒ මහින්ද රාජපක්ෂගේ අනුගාමිකයෙක් වන විදුර වික්‍රමනායක දේශපාලකයායි. කළුතර ජනතාව මෙවන් විපතකට පත්ව ඇතත් විදුර වික්‍රමනායක නම් දකින්නට වත් නොමැත. ජනතා මුදලින් සැදු ගොඩනැගිලි විවෘත කරන්න සරම උස්සන් පැමිණියත් ගංවතුරින ජනතාව බැට කන වෙලාවේ විදුර වික්‍රමනායක දේශපාලකයා පැත්ත පලාතක නැත.
එමෙන්ම තැන තැන බේගල් අතහරිමින් ජනතාවගේ දුක තමන් සතුකර ගන්නේ යැයි පවසන කළුතර තවත් එක් නළුවකු අපට අමතක කල නොහැක. ඔහුද මහින්ද රාජපක්ෂගේ අනුගාමිකයෙක් වන පියල් නිශාන්තයි. ජනතාවගේ දුක හදුනා ගත්තද ගංවතුරෙන් අවතැන් ජනතාව නම් ඔහුගේ ඡායාවක් දුටුවේ නැත. නමුත් ඔහු ජනතාව ගොනාට ඇන්දවීමට නම් අමතක කලේ නැත. ඒ මහින්ද සමග එක්ව අවතැන් ජනතාව වෙනුවෙන් ජපානයේ සිට පිං අනුමෝදනා වැඩසටහනක් පවත්වා ඇත. කළුතර ජනතාව මෙවැනි විහිලු සහගත දේශපාලකයින්ට තවත් රැවටෙනවාද?

ජනතාව වෙනුවෙන් කැපවන රාජපක්ෂගේ දේශපාලන අනාථයන් ගංවතුරෙන් අවතැන් වූ ජනතාව දැක්කේම නැති තරම්ය.
[rns_reactions]
-
“හිරු”ගේ කුරිරු බව නළු “මිහිර” යලි මතක් කරයි
නිතරම හිනාවෙලා හිටියට කලාකරුවන්ගේ ජීවිතවලත් දුක, සතුට තියෙනවා. මිහිර සිරිතිලක කියන්නේත් බොහොම දුෂ්කර ගමන්මගක් ඔස්සේ කලා ලොව විජයග්‍රහණය කළ දක්ෂ තරුණ නළුවෙක්. තමන්ගේ ජීවන ගමන් මග දෙස ආපසු හැරී බලපු මිහිර අපි අහපු ප්‍රශ්නවලට බොහොම සීරුවෙන් මෙන්න මේ විදියට පිළිතුරු දුන්නා.
මිහිර, සතුට හා දුක කෙටියෙන් නිර්වචනය කරන්න කියලා අපි ඔබට කියනවා. ඔබ කොහොමද එය කරන්නේ ?පෞද්ගලික ජීවිතේදී සතුටු වූ අවස්ථා වගේම දුක් වූ අවස්ථා ඇති නේද?
තාත්තාගෙ වියෝව තමයි පෞද්ගලික ජීවිතේ මම විඳපු ලොකුම දුක. සතුට දැනෙන අවස්ථා නම් ගොඩයි.
මිහිරි හින්දා වෙනත් අය සතුටු වූ අවස්ථා වගේම දුක්වූ අවස්ථාත් ඇති.
කවදාවත් වේදිකා නාට්‍යයක් බලලා නැති අහිංසක ළමයි පිරිසක් වෙනුවෙන් මම ‘කෝ කුක්කෝ නාට්‍ය පෙන්නුවා. එදා ඒ ළමයි පුදුම සතුටක් වින්දා. ඒක මටත් විශාල සතුටක් ඇති කළා. දන්න තරමින් මම හින්දා අනිත් අය දුකට පත්වූ අවස්ථා නම් නැහැ.
ජනප්‍රිය චරිතයක් විදියට රටේම මිනිසුන්ගෙන් ලැබෙන ආදරය මිහිරට දැනෙන්නේ මොන විදියටද?
මට ගොඩක් වෙලාවට ඒ ආදරය හිමිවෙන්නේ ප්‍රසංග නළුවෙක් විදියටයි. ඒ හින්දා සමහරු හිතනවා අපි අන් අයගේ හිනාවටම වෙන්වූ පිරිසක් කියලා. ඒ විදියේ දෘෂ්ටියකින් අපි දිහා බලන අයගේ ප්‍රතිචාර නම් සමහර වෙලාවට වේදනාවක්. එක්තරා ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක් ඒ අයගේ එවැනි වැඩසටහනක් හින්දා මාව අමානුෂික විදියට පීඩනයටත් ලක් කළා. ලැබෙන ප්‍රේක්ෂක ආදරය හමුවේ ඔය විදියේ කටුක අත්දැකීමුත් තියෙනවා.
අනාගතය ගැන හිතද්දී දැනෙන්නෙ සතුටක්ද දුකක්ද?
මම මගේ අනාගතය සැලසම් කරලයි තියෙන්නේ. පහුගිය මැයි 28 වැනිදා මම රචනා කළ ඔබ ගියා කවි පොතයි දෙහි දොඩම් ක්‍රමය කෙටි කතා සංග්‍රහයයි එළිදැක්වූවා. එය මගේ තවත් කඩඉමක්. මේ හැමදේම හිතද්දී ජීවිතයේ අද ඉන්න තැන ගැන ඇත්තේ විශාල සතුටක්.
සතුට කියන්නේ තමන් කැමති දේ කරන්න ලැබිමයි. දුක කියන්නේ අකමැති දේවල් කරන්න සිදුවීමයි.
කලාකරුවකු විදියට ඔබ අත් විඳි ලොකුම සතුට මොකක්ද?
2000 දී ලයනල් වෙන්ට් රඟහලේදී ජෙරම් අයි.ටී. සිල්වාගේ මැක්බත් නාට්‍යයේ මැක්බත්ගේ චරිතය තුළින් හා හා පුරා වේදිකාවට ගොඩ වූ දවස.
කලා ජීවිතේ විඳි ලොකුම දුක…
මම ක්ෂේත්‍රයට ආ මුල්ම කාලෙදී එක්තරා ටෙලි නාට්‍යයක නළු නිළියන් තෝරන සම්මුඛ පරීක්ෂණයකට ගියා. එහි අධ්‍යක්ෂවරයා මට කිව්වා ඔයාගේ මූණ ෆොටෝ ජෙනික් නැහැ. ඒ හින්දා නළුවෙක් වෙන්න හිතලා වැඩක් නැහැ කියලා. ඒ වෙලාවේ නම් හිතට ඇතිවුණේ දරාගන්න බැරි දුකක්.
මුහුණින් වගේම දක්ෂතාවය තුළිනුත් දක්ෂ ජනප්‍රිය නළුවෙක් වන්නට පුළුවන් බව පස්සේ කාලෙක මිහිර ඔප්පු කළා. ඒ ගැන අද සතුටු වෙනවාද?
ඔව්, ඒ ගැන නම් ගොඩක් සතුටු වෙනවා. ඒ විතරක් නමෛයි මම නළුවෙක් වශයෙන් නමක් ගොඩ නගාගත්තට පස්සේ අර අධ්‍යක්ෂවරයාගේ නිර්මාණයකත් රඟපෑවා. ඔහු මාව තමන්ගේ නිර්මාණයට තෝරා ගත්තු මොහොතේ මට අතීතය සිහි වුණා. ඒත් ඒ අධ්‍යක්ෂවරයාට මතක නැතිව ඇති කාලෙකට කලින් මට කී කතාව. මම ඒක ඔහුට මතක් කළෙත් නෑ. එදා හා අද ගැන හිතද්දී ඇත්තටම සතුටුයි.[rns_reactions]
-
පොසොන් සමයේ පුරාවිද්‍යා ස්මරක වලට නොමිනිස් බැතිමතුන්ගෙන් හානි
පොසොන් සමයේ අනුරාධපුර වන්දනාවේ පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත වන්දනා කරුවන්ගේ නොදැනුවත්කම නිසා පුරාවිද්‍යා ස්මාරක වලට සිදුවන හානිය තවමත් ඉතා බරපතල තත්වයක පවතින බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ (අනුරාධපුර) සේවා සම්මානිත මහාචාර්ය ටී.ජී.කුලතුංග මහතා ප්‍රකාශ කරයි. මෙම පුරා විද්‍යා ස්මාරක සහ පුරාවස්තු විනාශය වැලකීම පිණිස වඩාත් විධිමත් සාමූහික වැඩපිළිවළක අවශ්‍යතාව ඒ මහතා අවධාරණය කරයි.
අනුරාධපුරයේ පූජනිය ස්ථාන වෙත පැමිණෙන වන්දනා කරුවන් ඒ අවට ඇති පුරාවිද්‍යා පරිශ්‍රයන්හි ආහාර පිසීම්, නවාතැන් ගැනීම් ආදී කටයුතු වල යෙදීම නිසා එම ස්මාරක සහ පුරාවිද්‍යා වස්තූන්ට බරපතල හානි සිදුවන බව පෙන්වා දෙන මහාචාර්යවරයා පුරාවිද්‍යා ස්මාරක මත ආහාර පිසීම සඳහා ගිනි දැල්වීම් ආදියෙන් එහි ඇති මුරගල් කොරවක් ගල් සහ මෙතෙක් තහවුරු කළ සහ තහවුරු නොකළ පුරාවිද්‍යා ස්මාරක යළි ප්‍රතිසංස්කරණය කළ නොහැකි අන්දමට විනාශ වී යන බවද පෙන්වා දෙයි.
මීට පෙර අවස්ථා වල සිදුකරන ලද ගවේෂණයකදී සෑම පොසොන් සමයක් අවසානයේම වන්දනාකරුවන් විසින් හානි කරන ලද ශිලාමය කොටස් ඇතුලු පුරාවිද්‍යා ස්මාරක කොටස් ටොන් 3 ක් 10 ක් අතර ප්‍රමාණයක් එම පරිශ්‍ර වලින් බැහැර කිරීමට සිදුවූ බවද මහාචාර්ය වරයා ප්‍රකාශ කරයි.
මෙම පුරා වස්තු විනාශය වැලැක්වීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හෝ මධ්‍යම සංස්කෘතික අරමුදලට තනිව කළ හැකි කාර්ය භාරයක් නොවන බවද ඒ සඳහා පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය හා ස්වේච්ඡා සංවිධාන වල ඒකාබද්ධ ක්‍රියාන්විතයක් ඇරඹිය යුතු බවද පෙන්වා දෙන මහාචාර්ය කුලතුංග ඒ සම්බන්ධයෙන් වන්දනාකරුවන් දැනුවත් කිරීම පිණිස මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කිසිසේත්ම සතුටු විය නොහැකි බව ද පෙන්වා දෙයි.
මෙහිදී අනුරාධපුර පූජනීය ස්ථාන අවට ආහාර පිසීමේ හා නවාතැන් ගැනීමේදී පුරාවිද්‍යා ස්මාරක නොමැති හිස් භූමි භාගයන් තොරා ගැනීම සම්බන්ධයෙන් වන්දනා කරුවන්ගේ විශේෂ අවධානය යොමු විය යුතු බව මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.
[rns_reactions]
-
කාර් බාර් නැති ලොකු සීන් නැති ඇමතිපුතා කියූ කථාව…
කාර් බාර් නැති ලොකු සීන් නැති අමතිපුතා කියූ කථාව…
අහලම බලන්න….
[rns_reactions]
-
රොෂාන් පිලපිටිය කිසිම ආත්මයක හමු නොගැසේවා…චතුරිකා කියූ කථාව
සුන්දර දඟකාරියක් ලෙස රංගනයට පිවිසි චතුරිකා පීරිස් මේ වන විට පරිණත රංගන ශිල්පිණියක්. මෑත කාලීනව පෞද්ගලික ජීවිතයේ විවිධ හැලහැප්පීම් රැසකට ඇය මුහුණ දුන්නා. වෘත්තීය ජීවිතයේ වගේම පෞද්ගලික ජීවිතයේත් විවිධ අත්දැකීම් රැසකට උරුමකම් කියන ඇයගේ මතයන්, අදහස්, ස්වභාවයන් මතුවන ආකාරයේ ප්‍රශ්ණ කිහිපයක් අපි ඇයගෙන් ඇහුවා. මේ තියෙන්නෙ ඇය දුන්න පිළිතුරු.

1. චතුරිකාගේ වයස කීයද – 36 යි
2. ජීවිතයේ අමතක නොවන සිදුවීම – 2005 අවුරුද්දෙදි සුසිල නිෂ්පාදන ආයතනයේදී ගයාන්ව මුලින්ම මුණගැහුණ සිදුවීම
3. චතුරිකාගේ ජීවිතේ ඉගෙනගත්ත වැදගත්ම පාඩම – ඕනවට වඩා ඕනම කෙනෙක්ව ඕනෙම නෑ. විශේෂයෙන්ම මිතුරන් මිතුරියන් වගේ තමන්ගේ නොවන පිට අයව.
4. චතුරිකා කැමතිම පිරිමි චරිත 3 – තාත්තා, ගයාන්, රිචඩ් ගෙයර්
5. කැමතිම ගැහැණු චරිත 3 – අම්මා, මාලනී ෆොන්සේකා, ජෙනිෆර් ලෝපේස්
6. අතීතයට ගිහිල්ලා ජීවිතේ වැරදුන තැනක් හදාගන්න අවස්ථාවක් ලැබුනොත් මොකද්ද හදාගන්න තැන – 2004/2005 කාලෙදි මගේ පෞද්ගලික ජීවිතේ ලොකු වැරදීමක් වුනා. ඒක ගැන හැමෝම දන්නවා. මම ඒ වැරැද්ද නිවැරදි කරගන්නවා.
7. චතුරිකාගෙන් පස්සෙ අපේ රංගන ක්ෂේත්‍රයට හොඳ නිළියන් බිහි වුනා නම්, ඒ කවුද? හිමාලි සයුරංගි, සමනළී ෆොන්සේකා
8. ඉරාජ් ප්‍රඩක්ෂන් එකෙන් නිෂ්පාදනය කරපු වස්සාන හීනේ මියුසික් වීඩියෝ එකේ ප්‍රධාන නිරූපිකාව විදිහට ඔබට ආරාධනා කළා නම් ඔබ ඒකෙ රඟපානවද? ඉරාජ් කරපු ඒ වීඩියෝ එක මගේ ටයිප් එකේ වීඩියෝ එකක් නෙමෙයි.
9. එහෙනම් මොකද්ද ඔයාගේ ටයිප් එක ? මිනිස්සුන්ට සරලව තේරුම් ගන්න පුළුවන් සහ පවුලේ සැමට බලන්න පුළුවන් චරිත තමයි මගේ ටයිප් එක.
10. සමන්ත භද්‍ර හාමුදුරුවො ගැන චතුරිකාගේ අදහස මොකද්ද? විශේෂ අදහසක් නෑ.
11. ඒ හාමුදුරුවෝ රහත් වෙලා කියලා ඔයා පිළිගන්නවද? මම ඒ ගැන හරියටම දන්නෙ නෑ.
12. මේ අය ගැන කෙටියෙන් කියන්න –
a. ජැක්සන් ඇන්තනී – ඉතා හොඳ අධ්‍යක්ෂවරයෙන් සහ අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් ගුරුවරයෙක්.
b. මෛත්‍රිපාල සිරිසේන – හොඳ නායකයෙක් වෙන්න තාමත් පරක්කු වැඩි නෑ.
c. ගයාන් වික්‍රමතිලක – මගේ ජීවිතේ නැතුවම බැරි කෙනා.
d. රොෂාන් පිලපිටිය – කිසිම ආත්මෙකදි මුණනොගැසේවා.
13. දවසකට පිරිමියෙක් වෙන්න අවස්ථාවක් ලැබුනොත් මොකද කරන්නෙ? ඊළඟ දවස වෙනකම් ගෙදරට වෙලා ඉන්නවා.
14. අනාගත බලාපොරොත්තුව – හොඳ කාන්තාවක්, හොඳ බිරිඳක්, හොඳ රංගන ශිල්පිණියක් සහ හොඳ පුරවැසියෙක් විදිහට ජීවත් වෙන එක.
[rns_reactions] -
“පොඩි වයසක කොල්ලෝ වුණාට ඔවුන්ගේ අදහස් ගැඹුරුයි. මට ගැහුවට මම ඔවුන්ට ගරු කරනවා” රහල් කියූ පුදුම කථාව
එක්තරා රූපවාහිනි වැඩසටහනක් ඉදිරිපත් කරපු රහල් වැඩසටහනට ඇමතුමක් ලබා දීපු තරුණියකට දුන්න පිළිතුර කාගෙත් විවේචනයට ලක් වෙලා. තමන් කළ දේ ගැනත්, මේ විවේචන ගැනත් රහල්ටත් කියන්න දෙයක් තිබුණා.
මොකක්ද රහල් මේ කරගත්තේ?
ඇත්තටම හීනෙකින්වත් හිතුවේ නැති දෙයක් තමයි සිද්ධ වුණේ.
වැඩසටහනේදී රහල්ගේ කටින් පිටවුණු වචන නොහිතා පිට කරපු වචන කියලා අත පිහිදා ගන්න බැහැ නේද?
මම එහෙම කියලා අත පිහිදා ගන්නවා නෙවෙයි. ඇත්තටම මම නිවේදකයෙක් නෙවෙයි. මම ගායන ශිල්පියෙක්. මම මේ වගේ දේකට කලින් මුහුණ දීලා තිබ්බේ නැහැ. ඇත්තටම මගේ අත්දැකීම් අඩුකම ඒ සිද්ධ වුණු දෙයට බලපාන්න ඇති.
ඒ කියන්නේ රහල් පිළිගන්නවද වුණේ වැරැද්දක් කියලා?
ඔව්. මම වැරැද්දක් කළොත් සමාව ගන්නවා. මම මගේ ෆේස්බුක් එකෙනුත් සමාව ගත්තා වුණු දෙයට. මං ගැන දන්න අය මම කොහොම පුද්ගලයෙක්ද කියලා දන්නවා. මින් ඉදිරියට මගෙන් ඒ වගේ දෙයක් සිද්ධ නොවන තැනට මම කටයුතු කරනවා.
මාළුවා නහින්නෙත් කට නිසා කිව්වලු. කොහොමින් කොහොම හරි රහල් වැඩ වරද්ද ගත්තෙත් කට නිසා නේද?
කට නිසා වෙන්නත් පුළුවන්. ඒ වගේම මම ඒ වෙලාවේ හිටපු මානසිකත්වය වෙන්නත් පුළුවන්.
ඒ වෙලාවේ හිටපු මානසිකත්වය කියලා කිව්වේ?
මම සජීවී වැඩසටහන ඉදිරිපත් කරන්න එන්න කලින් නිදිමරලා හිටියේ. මේ ඉන්ටවිව් එක ගන්න මොහොතෙත් මම ගංවතුරෙන් පීඩාවට පත් වෙච්ච අයට උදවු කරන්න යන ගමන් ඉන්නේ. ඉතින් එදා මගේ අතින් නොවිය යුතු දෙයක් සිද්ධ වුණා. පළපුරුදු නිවේදකයෙක් නම් ඒ අවස්ථාවේදී ලස්සනට වචන ගළපන්න තිබ්බා. පළපුරුද්දක් නැති නිසා වැරැදි ප්‍රකාශයක් මගෙන් පිට වුණා.
බැරි දේවල් කරන්න ගිහින් අනාගත්තා කියලා දැන් හිතෙනවද?
මෙහෙමයි. මම මාස හතක් ඒ වැඩසටහන ඉදිරිපත් කළා. සජීවී වැඩසටහනක් ඉදිරිපත් කරන්න ලැබුණු අභියෝගය මම ඉටු කළා. මම හැමෝම එක්ක මිත්‍රශීලීව තමයි ඒ වැඩසටහන කළේ. ඒත් එදා ඒ ප්‍රේක්ෂිකාවකගෙන් ආව දුරකතන ඇමතුමට මම පිට කළ වචන වැරැදියි. හැබැයි ඒ හිතාමතා ප්ලෑන් කරලා ගත්ත දුරකතන ඇමතුමක්ද කියලත් හිතෙනවා. නමුත් වෙච්ච දේ වෙලා ඉවරයි.
රහල් සැබෑ ජීවිතෙත් ඔය වගේ පුංචි දෙයටත් තරහා අරගන්න නාහෙට අහන්නේ නැති චරිතයක්ද?
එක එක පුද්ගලයා වෙනස්නේ. අසාධාරණයන් වෙද්දී මම ටිකක් හැඟීම්බරයි. ඒ වගේම මම සංවේදී. තරහා යන ගොඩක් අය සංවේදී. කොහොම වුණත් මේ වුණා වගේ වැරැද්දක් ඉදිරියේදී සිද්ධ නොවෙන්න මම වගබලා ගන්නවා. මම පොළාවේ පය ගහලා ජීවත් වෙන චරිතයක්. වැරැද්දක් වුණා නම් ඒක හදා ගන්නත් ඉඩ ලැබෙන්න ඕන.
කට වරද්දගත්ත නිසා දැන් රහල්ට විවේචන ගොඩකට මුහුණ දෙන්නත් වෙලා නේද?
ඔව්. එල්ල වුණු හැම විවේචනයක්ම මම තනියෙන් විඳදරා ගත්තා. මව්බිමෙන් කතා කරලා මේ වෙච්ච දේ අහද්දි තමයි මට කඳුළු ආවේ. මට දුකයි මේ වෙච්ච දේ ගැන. හැබැයි මම මේ සිද්ධ වුණු දේවල් ජීවිතයට හොඳ පාඩමක් කර ගන්නවා.
රහල්ගේ පැත්තට කතා කරන්න හිත මිත්‍රයන්වත් හිටියේ නැද්ද?
මං වෙනුවෙන් කතා කරපු පිරිසක් හිටියා. ඒ අය මං වෙනුවෙන් අදහස් ප්‍රකාශ කළා. හැබැයි ඒ අයටත් සමහරු අසභ්‍ය වචනයෙන් කතා කරන්න ගත්තා. ඊට පස්සේ මම ඒ මිත්‍රයන්ට කිව්වා මං වෙනුවෙන් පෝස්ට් එකක්වත් දාන්න එපා කියලා.
මේ වෙච්ච සිද්ධියෙදි මාධ්‍ය ආයතනයෙන් මොන වගේ ප්‍රතිචාරයක්ද රහල්ට ලැබුණේ?
මේ වෙනකල් මාධ්‍ය අයතනයෙන් මුකුත් කිව්වේ නැහැ.
රහල් ඉදිරියේදී නිවේදන කටයුත්තෙන් ඉවත් වෙයිද?
මම හිතාගෙන ඉන්නවා ඊළඟ වැඩසටහන ඉදිරිපත් කරන්න. ඒ වැඩසටහනේදී මම ආයෙත්, වුණු වැරැද්දට සමාව ගන්නවා. ඊට පස්සේ වැඩසටහනෙන් ඉවත් වෙන්න හිතාගෙන ඉන්නේ. මනස හදාගන්න ටික කාලයක් නිදහසේ ඉන්න ඕන.
රහල්ට ඔය වැටුණු තැනින් ගොඩ එන්න පහසු වෙයිද?
මම ගායන ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු පහක් වෙනවා. මම අමාරුවෙන් මේ තැනට ආවේ. නමුත් මම වැටුණා. මාව වැට්ටුවා. මුළු සමාජයම මාව පෑගුවා. ඒ ගැන කිසිම තරහක් නෑ. ඉස්සරහට හොඳ වැඩ කරගෙන ජීවත් වෙනවා. අමාරුවෙන් හරි ආයෙත් නැඟිටිනවා.
ඉදිරියේදී කරන කියන දේවල් ගැනත් මීට වඩා සැලකිලිමත් වුණොත් හොඳයි නේද?
අනිවාර්යයෙන්ම. මම ඒ දේවල් හදාගන්නවා. එදා වුණු දේ ආයෙත් වෙන එකක් නැහැ. මම මේ වෙලාවේ දෙයක් කියන්න ඕන.
ඒ මොකක්ද?
සමාජ මාධ්‍යවල පේජ් කරන ඇඩ්මින්වරු ගැන දෙයක් කියන්න ඕන. ඒ අය ගොඩක් දක්ෂයි. ඔවුන්ට මේ රට ඉදිරියට ගෙනියන්න ලොකු වැඩ කොටසක් කරන්න පුළුවන්.
රහල්ට පන්න පන්න ගැහුව පේජ් ඇඩ්මින්වරුන්ගේ ඔළුව අතගාන්නද ඔය ලෑස්ති වෙන්නේ?
නෑ. නෑ. ඒ පේජ් කරන කොල්ලෝ තමයි මට පන්න පන්න පහර ගැහුවේ. ඒත් එයාලා කළ දේ හරි. පොඩි වයසක කොල්ලෝ වුණාට ඔවුන්ගේ අදහස් ගැඹුරුයි. මට ගැහුවට මම ඔවුන්ට ගරු කරනවා.
ලැබුණු පබ්ලිසිට්යත් අරගෙන රහල් ගීත එකපිට එක ජනප්‍රිය කරගන්නත් උත්සාහ ගනියිද?
ඉදිරියට මගේ හොඳ ගීත කිහිපයක් එන්න තිබ්බා. මම මල් ගායකයෙක්, ඵථඵ වලින් ආපු ගායකයෙක් කියලා ගොඩක් අය කිව්වා. ඒත් මම අහිංසක ගමනක් ආවේ. මේ වෙලාවේ ගීත එළියට ගේන්න උචිත නෑ. මට නිහඬව ටික කාලයක් ඉන්න ඕන.
තිළිණි කෞශල්‍යා විජේසිංහ
[rns_reactions]
-
කඩප්පුලි රියදුරන්ට වැඩ වරදී….
ලොව පුරා වසරකට ලක්ෂ 13ක් රිය අනතුරු හේතුවෙන් මිය යන බව ඇසුවොත් පුදුම හිතෙයි නමුත් ඒක තමා ඇත්ත. ඒ වගේම සෑම තත්පර 6 කටම වරක් ලෝකයේ කොතැනක හෝ පුද්ගලයෙක් මරණයට පත් වන බවයි සංඛ්‍යාලේකන හෙළි කරන්නේ.
අපේ රට ගැන අවධානය යොමු කලොත් වසරකට රිය අනතුරු 37,000ක් පමණ සිදුවන අතර ඉන් 6000ක් බරපතල අනතුරු වන අතර ඒවායින් මිනිස් ජීවිත 2,050ක් පමණ අහිමි වන අතර පසුගිය 2016 වසරේ පමණක් මෙසේ අනතුරු වලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3,017ක් වන අතර ඉන් 390 දෙනකු මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථ වලින් සිදුවූ අනතුරු වලිනුයි.
රටක් ලෙස මෙවන් අනතුරු ඇති වීමට ප්‍රධාන හේතුවක් වන්නේ රියදුරන්ගේ කිසිදු විනයක් නොමැති වීම සහ මාර්ග නීති පිළිබඳව අවබෝධයක් නොමැති වීමයි. ප්‍රධාන වශයෙන් ත්‍රිරෝද රථ රියදුරන්ගේ මෙම තත්වය ඉතා ඉහල මට්ටමක තිබෙනවා. මහා මාර්ගයේ රථවාහන පදවන පුද්ගලයෙක් නම් ඔබට මෙම ත්‍රිරෝද රථ ධාවකයන්ගේ මෙම නොහිමුනු හැසිරීමේ අත්දැකීම් නොමදව ලැබී ඇති බවට සැකයක් නැත.
අනතුරු අවම කිරීමේ අරමුණින් ත්‍රිරෝද රථ රියදුරන් සඳහා බලපත්‍ර ලබා දීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය ක්‍රියා කොට තිබෙන අතර එහිදී වයස අවුරුදු 35 ඉක්මවූ පුද්ගලයින්ට පමණක් බලපත්‍ර ලබා දීමට තීරණය කොට තිබෙන බව ව්ව්ර්තා වනවා.
ඒ පිළිබඳව සවිස්තරාත්මක වීඩියෝව පහතින් නරඹන්න.
[rns_reactions] -
FACE BOOK / FAKE BOOK ගැන තරු කියූ කථා..
FACE BOOK ද? FAKE BOOK ද?
බහුතරයක් ෆේස්බුකියේ ගිනුම් හදාගෙන ඉන්නවා. ඒ ජනප්‍රිය කලාකරුවන්ගේ නම් භාවිත කරමින් ව්‍යාජ ගිනුම් හදාගෙන අයුතු ප්‍රයෝජන ගැනීමේ සිද්ධි කිහිපයක් ද පසුගිය දිනවල අසන්නට ලැබුණා. ඉතින් අප හිතුවා තෝරාගත් කලාකරුවන් කිහිප දෙනෙකුගෙන් ඔවුන් ඇත්තටම ෆේස්බුක් ඉන්නවාද කියලා අහන්න. ඒ වගේම ෆේස්බුක් ඔවුනට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලත් අප මෙසේ ඇහැව්වා.
ෆේස්බුක් හෙවත් මුහුණුපොත එක කාසියක දෙපැත්ත වගේ. එකිනෙකට වෙනස්. හොඳත් තියෙනවා නරකත් තියෙනවා. සමහරු ප්‍රසිද්ධියේ කියාගන්න බැරි දේවල් ෆේස්බුක් හරහා ප්‍රකාශයට පත් කරනවා. ඇතැම් අය තමන්ගේ මතවාද ඉදිරිපත් කිරීමට ෆේස්බුක් භාවිත කරනවා. ඒ වගේම ෆේස් බුකියට නොවැදගත් පින්තූර එකතු කරමින් සිඟිති තෘප්තියක් ලබා ගන්නෝ ද එමටයි. අප රටේ සිටින ප්‍රසිද්ධ අය බහුතරයක් ෆේස්බුකියේ ගිනුම් හදාගෙන ඉන්නවා. ඒ ජනප්‍රිය කලාකරුවන්ගේ නම් භාවිත කරමින් ව්‍යාජ ගිනුම් හදාගෙන අයුතු ප්‍රයෝජන ගැනීමේ සිද්ධි කිහිපයක් ද පසුගිය දිනවල අසන්නට ලැබුණා. ඉතින් අප හිතුවා තෝරාගත් කලාකරුවන් කිහිප දෙනෙකුගෙන් ඔවුන් ඇත්තටම ෆේස්බුක් ඉන්නවාද කියලා අහන්න. ඒ වගේම ෆේස්බුක් ඔවුනට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලත් අප මෙසේ ඇහැව්වා.
දැන් මඳකට නවත්වලා
ටෙනිසන් කුරේ
-dim.jpg)
මං ෆේස්බුක් ඉන්නවා මේ නමින්ම. හැබැයි පසුගිය දින කිහිපය ඉඳලා මං මඳකට ෆේස්බුක් යෑම නවත්වලයි තියෙන්නේ. එයට හේතුව මේකයි. මං ෆේස්බුක් එකට එකතු කරන පින්තූරවලට එක එක අය විවිධ කමෙන්ට් දානවා. ඔය අතරේ අපි දර්ශන තලවලදී අලුත් නිළියො එක්ක ඉඳලා ෆොටෝ ගන්නවා. ඒවා ඒ අය ඒ අයගේ ෆේස්බුක්වලට දාපුවම ‘ආ ටෙනීත් දැන් මෙහෙමද’ වගේ කමෙන්ට් දානවා. ඒ වගේ ඒවා දැක්කම ෆේස්බුක් යන්න හිතෙන්නේ නැහැ.
සුදුසු අය විතරයි ඉන්නේ
බුද්ධදාස විතානාච්චි
-dim.jpg)
මම ෆේස්බුක් එකේ ඉන්නවා. මං මෙය භාවිත කරන්නේ තෝරාගත් වැදගත් මිත්‍රයොත් එක්ක අදහස් සහ ඡයාරූප එකතු කරගන්න. ෆේස්බුක් ගිනුම හදපු කාලේ මං එක්තරා මෝඩ වැඩක් කරගත්තා. ඒ තරාතිරමක් හොයලා නොබලා මට ආව සෑම ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක්ම ඇක්සෙප්ට් කිරීම. දැන් එහෙම කරන්නේ නැහැ. සුදුසු අය පමණයි ඇතුළත් කරගන්නේ.
මගේ නමින් තියෙන්නේ බොරු ගිනුමක්
චන්න පෙරේරා
-dim.jpg)
මට නම් ෆේස්බුක් ගිනුමක් නැහැ. මගේ පෞද්ගලික දේවල් ෆේස්බුක් එකට මොකට දානවද. අනික මට ඒ වැඩේට යොදවන්න කාලයකුත් නැහැ. මට කියන්න තියෙන්නේ මගේ නමින් ඇති ෆේස්බුක් ගිනුම් බොරු ඒවා කියන කාරණය.
ඇත්ත එකක් තියෙනවා
ඩිනක්ෂි ප්‍රියසාද්
-dim.jpg)
මගේ නමින් ව්‍යාජ එකවුන්ට් සීයක් විතර තියෙනවා. මගේ නමින් තිබෙන ෆෑන් පේජ් එක ගියාම මගේ ඇත්ත ෆේස්බුක් එකවුන්ට් එක හොයාගන්න පුළුවන්. මගේ අලුත් නිර්මාණ ගැන දාන්න තමයි මං ෆේස්බුක් එක යොදා ගන්නේ.
මට ගිනුමක් නැහැ
රවීන්ද්‍ර රන්දෙණිය
-dim.jpg)
සරසවිය පත්තරෙන් මේ වගේ පුවත්පත් ලිපියක් කරන එක හොඳයි. මටත් එහි ඉඩක් දුන්නට තුති. මට කියන්න තියෙන ප්‍රධානම දේ තමයි මම ෆේස්බුක් එකේ නැහැ කියන එක. නමුත් මගේ නමින් ගිනුම් කිහිපයක්ම තියෙනවා. ඇතැම් විට සමහරු මම කියලා රැවටිලා ඒ ගිනුම් හරහා අදහස් හුවමාරු කරගන්නවත් ඇති. මම ඒ ගිනුම් පිරික්සලත් තියෙනවා. මට ඉන් කරදරයක් නැති නිසා මං නීතිමය පැත්තට ගියේ නැහැ.
බොරු ඒවා අහක් කළා
රොෂාන් ප්‍රනාන්දු
-dim.jpg)
මේ නමින් ෆේස්බුක් ගිනුමක් සහ ෆෑන් පේජ් එකක් තියෙනවා. දිනෙන් දින මගේ ඡායාරූප මං අප්ඩේට් කරනවා. ඒ ඔස්සේ මගේ ඇත්ත ගිනුම හඳුනගන්න පුළුවන්. මේ ළඟදී දවසක මගේ නමින් ඇති ව්‍යාජ එකවුන්ට් පහලොවක් මං තහනම් කළා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පැමිණිලි කරලා. ඒත් තව එකක් දෙකක් තියෙනවා.
රසිකයන් දැනුවත් කරනවා
උරේෂා රවිහාරි
-dim.jpg)
මං ෆේස්බුක් ඉන්නවා. මගේ අලුත් තොරතුරු, පවත්වන සන්දර්ශන ගැන රසිකයන්ව දැනුවත් කරන්නයි මං ෆේස්බුක් භාවිත කරන්නේ.
කාලෙකින් ගියේ නැහැ
දර්ශන් ධර්මරාජ්
-dim.jpg)
මගේ නමින් ෆේස්බුක් ගිනුමක් තියෙනවා. නමුත් අවුරුද්දක් පමණ මං ෆේස්බුක් ආවේ නැහැ. මං මේ දිනවල ඉන්දියන් නිෂ්පාදනයකට දායක වී සිටිනවා. ඔවුන් එක්ක වැඩ කරද්දී ෆේස්බුක් තහනම්.
මං ඉන්නවා
රන්ජන් රාමනායක
-dim.jpg)
දැන් අවුරුදු හතරක පහක සිට මං ෆේස්බුක් එකේ ඉන්නවා. ඒ වගේම මට ෆෑන් පේජ් එකකුත් තියෙනවා. එහි රසික රසිකාවන් හය ලක්ෂ හැත්තෑ දහසකට ආසන්න ප්‍රමාණයක් සිටිනවා. ෆේස්බුක් ගැන කතා කළොත් එහි හොඳ සහ නරක කියන පැති දෙකම තියෙනවා. මං ගැන අනන්තවත් ව්‍යාජ තොරතුරු පළ වෙනවා. ඒ ගැන මට ගාණක් නැහැ. නරක පැත්ත 10%, 90% හොඳ ප්‍රතිචාර මට ලැබෙනවා. මගේ ගිනුමේ නිල්පාට මාර්ක් එකක් තියෙනවා. මං එය ලබා ගත්තේ ෆේස්බුක් ආයතනය හරහා. එමඟින් පුළුවන් මගේ ඇත්ත ගිනුම හඳුනාගන්න.
හැක් කරලද දන්නෙත් නැහැ
මහේන්ද්‍ර පෙරේරා
-dim.jpg)
මමත් ෆේස්බුක් එකේ ඉන්නවා ලොකු අයියේ. මං ගිටාර් එකක් අරගෙන ගත්තු ඡායාරූපයක් සහිත ගිනුම තමයි මගේ ඇත්ත ගිනුම. මගේ මිත්‍රයෝ එක්ක අදහස් හුවමාරු කරගන්නයි මං ෆේස්බුක් භාවිත කරන්නේ. මේ වන විට හැක් කරලද දන්නෙත් නැහැ. ටික කලකින් යන්නත් බැරි වුණා.
-
රටම බලාසිටි කැබිනට් සංශෝධනයෙන් වෙනස් වූ ඇමතිකම් මෙන්න..!
මුදල් අමාත්‍ය ලෙස දිව්රුම් දුන්නේ හිටපු විදේශ අමාත්‍ය මංගල සමවීර මුදල් සහ මාධ්‍ය අමාත්‍ය ලෙසයි.
සමාජ සවිබල ගැන්වීඒ අමාත්‍ය එස් බී දිසානායක මහතා කන්ද උඩරට උරුමයන් පිලිබද ඇමති.
ඩබ්ලිව්.ඩි.ජේ සෙනෙවිරත්න මහතා දිව්රුම් දුන්නේ කම්කරු වෘත්තිය සමිති සහ සබරගමුව සංවර්ධන ඇමති ලෙසයි
හිටපු මුදල් ඇමති රවී කරුණානයක මහතා දිවෘම් දුන්නේ විදේශ කටයුතු අමාත්‍ය ධූරයේයි.
මහින්ද සමරසිංහ මහතාදිව්රුම් දෙනු ලැබුවේ වරාය සහ නාවික කටයුතු ඇමති ධූරයෙයි.
හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා දිවෘම් දෙනු ලැබුවේ ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරන අමාත්‍ය ධූරයේයි.
හිටපු වරාය ඇමති අර්ජුන රණතුංග මහතාදිව්රුම් දෙනු ලැබුවේ ඛනිජ තෙල් සංවර්ධන ඇමති ලෙසයි.
හිටපු ඛනිජතෙල් ඇමති චන්දිම වීරක්කොඩි දිව්රුම් දෙනු ලැබුවේ නිපුණතා සංවර්ධන සහ වෘත්තිය පුහුණු ඇමති ලෙසයි.
පසුගිය කාලයේ ඉල්ලා අස්වූ තිලක් ජනක මාරපන මහතාටත් අමාත්‍ය ධූරයක් හිමිවූ අතර ඔහුට හිමිවූයේ, සංවර්ධන කාර්යය භාර අමාත්‍ය ධූරයයි.
මහින්ද අමරවීර මැතිතුමාට ධීවර අමාත්‍ය ධූරය සමග නව අමාත්‍ය ධූරය වූයේ, මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමති ධූරයයි.[rns_reactions]
-
අවසන් මොහොතේ අත්දැකිම් මතින් මහේලගේ මුම්බායි පිල IPL ශූරතාව දිනයි..
දස වන වරට පැවති IPL තරඟාවලියේ අවසන් තරඟයේ අවසන් මොහොතේ සුපිරි ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.
අතිශය තියුණු අවසානයක් වෙත ලඟා වූ මේ තරඟය රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව හයිද්‍රාබාද්හිදී පැවැති අතර ලකුණක තියුණු ජයක් අත්කර ගනිමින් මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයෝ මෙවර ශූරතාවට හිමිකම් කීහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන මහතා මුම්බායි කණ්ඩායමේ ප්‍රදාන පුහුණුකරු ලෙස කටයුතු කළේය.
ජයග්‍රහණය සදහා ලකුණු 130 ක ඉලක්කයක් හඹාගිය රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායමට ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 128 ක් පමණි. තරගය ජයගැනීම සදහා අවසන් ඕවරයේදී ලකුණු 11 ක් රැස්කරගත යුතුව තිබුණද නායක ස්ටීවන් ස්මිත් (51) ප්‍රමුඛ පූනේ පිතිකරුවෝ එම ලකුණු සංඛ්‍යාව රැස්කිරීමට අපොහොසත් වූහ.
අවසන් ඕවරයේදී පූනේ කණ්ඩායමේ කඩුලු 3 ක් බිඳවැටුණු අතර ඉන් දෙකකටම හිමිකම්කී මිචෙල් ජොන්සන් තරගයේ ජයග්‍රහණය මුම්බායි කණ්ඩායම වෙත නතුකර දුන්නේය. පූනේ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් අජින්ක්‍යා රහනේගේ (44) කඩුල්ලත් සමගින් ලකුණු 26 කට ජොන්සන් දවාගත් කඩුලු සංඛ්‍යාව තුනකි.
පන්දු 50 කදී වාර්තා වූ ස්මිත්ගේ අර්ධ ශතකයට හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක් ඇතුළත් වූ අතර පන්දු 38 කදි වාර්තා වූ රහනේගේ ඉනිම හතරේ පහර පහකින් සමන්විත විය.
කාසියේ වාසිය දිනා පළමු පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයෝ ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 129 ක් රැස්කිරීමට සමත් වූහ. පූනේ කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නන් වූ ජයදේව් උනඩ්කට්ගේ සහ වොෂින්ටන් සුන්දර්ගේ පන්දු යැවීම හමුවේ මුම්බායි පිතිකරුවන්ට පළමු ඕවර 5 තුළදී කඩුලු දෙකක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 16 ක් පමණි.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජයදේව් උනඩ්කට් ඕවර 4 ක් යවමින් ලකුණු 19 කට කඩුලු දෙකක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර කඩුලු ලබාගැනීමට නොහැකිවුවද මුම්බායි ඉන්දියන්ස් පිතිකරුවන්හට දැඩි පීඩනයක් එල්ල කළ වොෂින්ටන් සුන්දර් සිය ඕවර 4 ලකුණු 13 කට සීමා කිරීමට සමත් විය.
සෙසු පිතිකරුවන් අසාර්ථක වනවිට සාර්ථක පිතිහරඹයක නිරත වූ කෘනාල් පාණ්ඩ්‍යා පන්දු 38 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර තුනක් සමග ලකුණු 47 ක් රැස්කරමින් පූනේ කණ්ඩායමට තරගයක් දියහැකි ලකුණු සංඛ්‍යාවක් කරා මුම්බායි කණ්ඩායම රැගෙන ගියේය.[rns_reactions]
-
තවමත් සැබෑම සැබෑ ප්‍රේමවන්තයා මගේ ප්‍රථම ප්‍රේමයයි. නිරෝෂා කියූ පුදුම කථාව….
නිරෝෂා පෙරේරා ගැන ඔබට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ. මතුපිටින් ඔබ දකින නිරෝෂාට වඩා වෙනස්ම චරිතයක්ද ඇගේ හදවත තුළ සැඟවී සිටින්නේ. මේ කතා බහ තුළින් ඔබට නිරෝෂාගේ ජීවිතයේ සැඟවුණු තැන් වගේම ඇගේ අභ්‍යන්තරය ගැනත්මනා අවබෝධයක් ලබාගත හැකියි.“ඉරෝෂයි නිරෝෂයි“, ‘නිරෝ ඇන්ඩ් ද ස්ටාර්ස්’, “ෂෝ ටයිම් විත් නිරෝ’, “හැපි අවර් විත් නිරෝ” මේ හැම වැඩසටහනකටම නම දා ගන්නේ ජනප්‍රිය වෙන්නද?(හිනැහී) ඔය කිසිම වැඩසටහනකට මගේ නම යොදන්න කියලා මම ඒ නාලිකාවලටවත් නිෂ්පාදන අංශවලටවත් කිසිම බලපෑමක් කරලා නැහැ. මගේ නම ඒ වැඩසටහනට ආලෝකයක් එකතු කරනවා ඇති. ඒක වෙන්න ඇති මගේ නමින්ම මගේ වැඩසටහන් කරන්නේ.මේ හැම වැඩසටහනක්ම විනෝදාත්මක වැඩසටහන්. ශාස්ත්‍රීය වැඩසටහන් කරන්න දැනුමක් නිරෝෂාට නැද්ද?මගේ දැනුම ගැන ආත්ම විශ්වාසයක් මට තියෙනවා. ගොඩක් අය යම් හැදෑරීමක් කරන්නේ ඒ තුළින් රැකියාවකට යන්න. ගණකාධිකරණය හදාරන අය බැංකුවලට යනවා. විද්‍යාව හදාරලා වෛද්‍යවරු වෙනවා. මම දැනුම එකතු කරගනිමින් අධ්‍යාපනය ලබමින් විශාල ආත්ම තෘප්තියක් ලබනවා. ලැබෙන විවේකය මොකක් හෝ හැදෑරීමක් කරන්නයි මම උත්සාහ කරන්නේ. මම මහ ලොකු වැඩ ගොඩක් භාරගන්නේ නැහැ. “සෙවණැලි“ හා “කන්දක් සේමා” චිත්‍රපට කරලා ඉවරයි. මේ දවස්වල මම ටිකක් විවේකී සුවයෙන් ඉන්නේ. දැන් මට තියෙන ලොකුම ප්‍රශ්නය මොකක්ද දන්නවාද? විවේකීව ගෙවන මේ දින කිහිපය තුළ හදාරන්නේ මොනවාද කියන එක.මේ වන විට නිරෝෂා හදාරලා තියෙන්නේ මොනවාද?මම ඉගෙන ගත්ත දේවල් මාධ්‍යයට කියන්න මම කැමැති නැහැ. ඒත් අහපු හින්දා මම කියන්නම්. මම බැලේ, උඩරට නැටුම්, බටහිර නර්තනය, ඉන්දියන් නැටුම් හදාරලා පියානෝ, ගැටබෙර, යක්බෙර වාදනය හදාරලා තියෙනවා. සිංහල, ඉංග්‍රීසි, දෙමළ, හින්දි, ප්‍රංශ හා ජපන් භාෂා හදාරලා තියෙනවා. ඊට අමතරව සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව හදාරලා තියෙනවා. භරත නාට්‍යයම් ස්පැනිෂ් හා ඉතාලි භාෂා දෙක තරමක් දුරට හදාරලා තියෙනවා.නිරෝෂා මනෝ විද්‍යා උපදේශකවරියක් විදියට කටයුතු කරනවා කියන එක නම් හැමෝම දන්නේ නැහැ නේද?ඉස්කෝලෙ යන කාලේ ඉඳන් යාළුවෝ එයාලට ප්‍රශ්නයක් ආවාම කියන්නේ මටයි. නිරෝෂාට ඕනෑම ප්‍රශ්නයකට විසඳුම් තියෙනවා කියලයි හැමෝම කියන්නේ. ඒ හින්දාමයි මට හිතුණේ මනෝ විද්‍යාව හදාරන්න. මම මනෝ විද්‍යා උපදේශනය දෙනවා තමයි. හැබැයි සතයක්වත් අය කරන්නේ නැහැ. දන්න අඳුනන අයටයි උපදෙස්. මා සොයා එන අයටත් මම දෙනවා. හැබැයි අනාගතේ දවසක මම වෘත්තීය මට්ටමේ මනෝ විද්‍යා උපදේශකවරියක් වෙන්නත් බැරි නැහැ.මනෝ විද්‍යා උපදේශනය වෙනස්ම අත්දැකීම් රැසක් නිරෝෂාට ඇති?මනෝ විද්‍යා උපදේශනයේදි ප්‍රධානතම දේ තමයි තමන් ළඟට එන අයගේ රහස්‍යභාවය රැකීම. තමන්ගේ ජීවිතේ නැති කරගන්න උත්සාහ කරපු අයටත් මම උපදෙස් දීලා හිත් හදලා තියෙනවා. ගොඩක් තරුණ ළමයින්ට තියෙන්නේ ලිංගික ප්‍රශ්න. ගෑනු ළමයි එක්ක විවෘතව ඒ ගැන කතා කළත් මාත් එක්ක කෙළින් ඒ වගේ දේවල් කතා කරන්න පිරිමි ළමයි එන්නේ නැහැනේ. ඒ නිසා ඒ වගේ ප්‍රශ්න දීර්ඝව ලියලා දෙන පිරිමි ළමයි ඉන්නවා. සමහර වෙලාවට හරිම සුළු ප්‍රශ්න මහ ලොකු ප්‍රශ්න කරගෙන විඳවන අයත් ඉන්නවා.ජනප්‍රිය චරිත තමන්ගේ මානසික ගැටලුවලට විසඳුම් ගන්න නිරෝෂා ළඟට ඇවිත් නැද්ද?මට ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න බැහැ.ඔයාගේ නංගි ඉරෝෂා දැන් පේන්න නැත්තේ ඇයි?එයා අපේ පවුලේ ව්‍යාපාර බලා ගන්නවා. මටත් වඩා රඟපෑමේ ආරාධනා ඉරෝෂාට එනවා. ඒත් එයා රඟපාන්නයි නිවේදනයටයි වැඩි කැමැත්තක් නැහැ.නිරෝෂයි ඉරෝෂයි තවම තනිකඩයි. විවාහ වෙන්න කියලා අම්මා බලපෑම් කරන්නේ නැද්ද?මට නම් බලපෑම් අඩුයි.බොහෝ විට මට කලින් ඉරෝෂා විවාහ වෙයි.ඒ කියන්නේ ඉරෝෂට පෙම්වතෙක් ඉන්නවා….?මගේ පෞද්ගලිකත්වයවත් මාධ්‍යයට කියන්න අකමැති මම ඉරෝෂාගේ විවාහය ගැන කොහොමද කියන්නේ. ඒ ගැන එයාගෙන් අහන්න.එහෙනම් නිරෝෂාගේ විවාහය ගැන කතා කරමුහෙට මම විවාහ වෙන්නත් පුළුවන්. සදාකාලිකව තනිකඩව ඉන්නත් පුළුවන්.ඇයි ඒ දෙගිඩියාව?කෙනෙකුගේ බිරිඳ වෙලා එයාටම ජීවිතේ කැප කරනවා කියන්නේ ලොකු දෙයක්. මගේ හැමදේම අතෑරලා ඒ වගේ කැප කිරීමක් කරන්න නම් එයා මට සුවිශේෂ කෙනෙක් විය යුතුයි. මොන හේතුවක්ද මන්දා ඒ තරම් සුවිශේෂී කෙනෙක් මට හමුවෙලාම නැහැ. එහෙම කෙනෙක් හමුවුණොත් මේ හැමදේම දාලා එයාගේ බිරිඳ වෙනවා.නිරෝෂාට පෙම්වතෙක් නැහැ කියලද ඔය කියන්න හදන්නේ?(හිනැහී) මේ වෙනකොට නම් ඒ වගේ කෙනෙක් නැහැ.ප්‍රේමවන්තයෙක් ඉඳලා තියෙනවාද?මේ කතාව මම කාටවත් නොකියපු රහසක් අද වන තුරු මගේ හිතේ විතරයි තිබුණේ. ඒ රහස මම කියන්නම්. තවමත් සැබෑම සැබෑ ප්‍රේමවන්තයා මගේ ප්‍රථම ප්‍රේමයයි. එයාට විතරයි මම ආකර්ෂණය වුණේ. අනිත් හැමෝම මට ආකර්ෂණය වෙලා මගේ පස්සෙන් ආපු අය. ඒ අයව මම අදටත් ගණන් ගන්නේ නැහැ.ආරියවංශ කුලතිලක[rns_reactions] -
ත‍්‍රිරෝද රථයෙහි පිටුපස ඇති මෙම වැකි පිළිබඳව ඔබ නොදත් කථාව…
මා දන්නා ත‍්‍රිරෝද රථ රියදුරෙකු තමන්ගේ ත‍්‍රිරෝද රථයෙහි පිටුපස ”ඔබට සතුටුයිද දැන්” යනුවෙන් වැකියක් ප‍්‍රදර්ශය කර තිබුණි. හිටි හැටියේ ඔහුට එවන් අදහසක් පහළ වූයේ මන්දැයි මා විමසූ විට ඔහු මා සමඟ පැවසුවේ මෙවැන්නකි.
”ත‍්‍රීවිලර් එකේ කාටත් පේන තැනක මේ වගේ දෙයක් ප‍්‍රදර්ශනය කරනකොට බලන අයගෙ අවධානය එ් දිහාට යොමු වෙනවා. එතකොට වාහනේට ඇස්වහ කටවහ වදින එක අඩු වෙනවා. මට මේ කතාව කිව්වේ මගෙ යාළුවෙක්. එ් හින්ද මාත් මේ දේ කළා”
අද මාර්ගවල දක්නට ලැබෙන රථවාහන අතුරින් බස් රථ, ලොරි රථ සහ ත‍්‍රිරෝද රථවල පිටුපස ප‍්‍රදර්ශනය කරන නොයෙකුත් වැකි අපට හොඳින් හුරුපුරුදු ය. එහෙත් මෝටර් රථ සහ වෑන් රථවල එවැනි වැකි දක්නට නැති තරම් ය.
ඉහත සඳහන් කළ ලොරි, බස් සහ ත‍්‍රිරෝද රථ අතරිනුදු මෙම වැකි වැඩිපුරම දැකිය හැක්කේ ත‍්‍රිරෝද රථවල බව කාටත් නොරහසකි. එමෙන්ම එම වැකිවලින් පැවසෙන කරුණුවල සැලකිය යුතු සමාජ සබැඳියාවක් ද තිබේ. එ් එ්වා ද එක්තරා අන්දමක සන්නිවේදන මාධ්‍යයක් බැවිනි.
”මගේ රටට දළදා හිමි සරණයි”, ”මෙත් මල් පිබිදේවා”, ”බුදු සරණයි! දෙවි පිහිටයි!” මේ ආදී ආගමික හා ආගමික නොවන ආශිංසන සහිත වැකි බොහෝ ත‍්‍රිරෝද රථවල සුලබව දක්නට ලැබේ.

ඉහත සඳහන් ආගමික ආශිංසන හැරුණු විට පිරුළු සහ උපදේශන වැකි ද සමහර ත‍්‍රිරෝද රථවල දක්නට ලැබේ. ”ඉවසල ඉවසල බැරිම තැන – එතනයි ඉවසිය යුතුම තැන”, ”දෙවියන් පා තැබීමට අකමැති තැන මෝඩයෝ පිනුම් ගසති” “සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ” එවන් වැකි කිහිපයකි.මේ අතර ”ජීවිතේ මල් අම්මා ඉන්න කල්”, ”හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී” වැනි සදාචාරාත්මක පණිවිඩ ද ඇතැම් ත‍්‍රිරෝද රථවල දැකිය හැක.
මේ අතර තවත් ත‍්‍රිරෝද රථවල පොදු සමාජය වෙත හා සමාජයේ ඇතැම් කොටස් වෙත එල්ල වන විවේචන ද දක්නට ලැබේ. ”මේ කවුරුත් බලන් ඉන්නෙ වරදින තුරු අපිට”, ”ගොළුවන් වුණත් කතා කරයි ඇති දාට – කතා කරන උන් ගොළුවෙයි නැති දාට”, ”දෙයියො දෙනකොට භූතයො රවනවා”, ”අපේ නයි අපිවම කයි” ආදිය එවැනි වැකි කිහිපයකට නිදසුන් ය.
පේ‍්‍රමයෙන් පරාජිත වීම ආදී පෞද්ගලික සංසිද්ධීන් මුල්කොට ගත් සමාජ විරෝධතා වැකි ද ඇතැම් ත‍්‍රිරෝද රථවල දක්නට ලැබේ. ”සල්ලි ගස්වල හැදුණොත් කෙල්ලො වඳුරන්ටත් ලව් කරයි”, ”පේ‍්‍රමය අන්ධ මුත් පේ‍්‍රමවන්තයා අන්ධ විය යුතු නැත”, ”ඇය යන්න ගියා මැකිලා” යන්න එවැනි වැකි සඳහා නිදසුන් ය.

මේ අතර සමාජය පිළිබඳව ඇති සියුම් ද්වේශයක් පළ කරන වැකි ද බොහෝ ත‍්‍රිරෝද රථවල දක්නට පුළුවන. ”ඔබේ ඊර්ෂ්‍යාව මගේ දියුණුවයි” යන්න එවන් එක් වැකියකි. ”ඇස් වහ නෑ – කටවහ නෑ”, ”කෝ පුතේ යාළුවො – සල්ලි තියනකල් විතරයි තාත්තේ” යනුවෙන් සමහරු තම ත‍්‍රිරෝද රථ පිටුපස ප‍්‍රදර්ශනය කරති.මීට අමතරව හුදු හාසයෝත්පාදක වැකි ද ඇතැම් ත‍්‍රිරෝද රථ පිටුපස තිබෙනු දක්නට ලැබේ. ”මල්ලි හරි මල්ලි”, ”බඩුම තමයි”, ” ඕං අපි රූං ගාල ගියා” “මම්මා නෝ පප්පා නෝ” ආදී වැකි එ් සඳහා උදාහරණ ලෙස දැක්විය හැක.
සමහර ත‍්‍රිරෝද රථවල සෙසු රියදුරන් සඳහා දෙන පණිවිඩ ද සඳහන් කොට තිබෙනු දක්නට ලැබේ. ”වද්දන්න එපා ගත්තෙ අමාරුවෙන්”, ”වරදක් කළත් සිතකින් නොවේ”, ”මා පසුකර යන ඔයාට සම්මා සම්බුදු සරණයි!”, ”පුංචි කමට දඟ කළාට චණ්ඩි නෑ අනේ” ඉන් කිහිපයකි.
මීට අමතරව තම සිත් තුළ කැකෑරෙන භාව ප‍්‍රකාශන ද මෙම වැකි අතර දක්නට ලැබේ. ”අසරණයාට දුකම තමයි”, ”මාවතේ ජීවිතේ”, ”කොහේ ගියත් හවසට ගෙදර” වැනි වැකි අතරේ ” , “දරන්න බෑ මෙවැනි දුකක් දෙයියො දෙන්නෙ නැද්ද යමක්” , “මේ විදිහට නම් ජීවත් වෙලා මොකට ද?” වැනි නිෂේධනාත්මක වැකි ද දක්නට ලැබේ.

තත්ත්වය මෙසේ වුවද අප රටේ ක‍්‍රියාත්මක වන මෝටර් රථ ප‍්‍රවාහන ආඥපනතට අනුව නිෂ්පාදනය කරන ලද කිසිදු රථයක මෝටර් රථ කොමසාරිස්වරයාගේ නීත්‍යානුකූල අවසරයකින් තොරව මෙබඳු කිසිදු සඳහනක් කිරීම සපුරාම නීති විරෝධීය. මේ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කළ අවස්ථා තිබේදැයි මම පොලිස් රථවාහන මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් විමසා සිටියෙමි. එවිට ඔහු කියා සිටියේ මෙවැන්නකි.”දවසින් දවසම මේ රටේ පාරවල් හා වාහන වැඩි වෙනවා. නමුත් ඊට සමානව රථ වාහන පොලිසියේ නිලධාරින් වැඩි වෙන්නෙ නෑ. තවමත් මුළු රටේම රථවාහන රාජකාරිවල යෙදෙන්නේ නිලධාරින් දහ දාහක විතර ප‍්‍රමාණයක්. දැනට එ් අයට පැවරිලා තියෙන රාජකාරි අනුව ඔය දේවල් නීති විරෝධී වුණත් ඕවා ගැන හිතන්න වෙලාවක් නෑ. මොකද මීට වඩා බරපතල රාජකාරි ඕන තරම් තියෙන නිසා”
කෙසේ හෝ කාන්තාවන් කෙරෙහි වූ කිසියම් විරෝධතාවක් සහිත වැකියක් එක් ත‍්‍රිරෝද රථයක පිටුපස තිබී කියැවීමට මට හැකි විය. බැලූ බැල්මටම කිසියම් අශ්ලීල බවක් පළ කළ ද එයින් පැවසුණේ කතුන් ප්‍රතික්ෂේප කළද මෙලොව පැවැත්ම සඳහා ස්ත‍්‍රී පුරුෂ එක්වීමක අවශ්‍යතාව කිසිසේත් ප‍්‍රතික්ෂේප කළ නොහැකි බව ය. එ් වැකිය වූයේ ”ගෑනුත් එක්ක හරියට කරන්න පුළුවන් එකම දෙයක් විතරයි” යන්න ය.
– ශ‍්‍රියාණි කොඩිතුවක්කු –
-
ටයිටැනික් චිත්‍රපටියේ නළු නිලියන් වසර 20කට පසු….. අඳුර ගන්න පුලුවන්ද?
ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයෙම් මිනිස්සු ආදරයෙන් වැළඳගත්ත චිත්රාටයක් තමයි ටයිටැනික් කියන්නේ ඒත් එදා ඒ රඟපාපු නළුවෝ අද කොහොම ඇද්ද? ඔබට මේ ගැන නිකමටවත් සිතුනද? ටයිටැනික් චිත්‍රපටියේ නළු නිලියන් වසර 20කට පසු බලන්නකෝ සමහරුනම් අඳුරගන්නත් අමාරුයි
[rns_reactions]
