Category: සුපිරි News

  • පිරිමියෙක්, ගැහැණියක් වෙන හැටි….(Video)

    සමහර අය පිරිමි විදියට උපත ලැබුවට, හැගීම් ගතිගුණ හැසිරීම් සියල්ල කාන්තාවකගෙ වගේ වෙන්න පුළුවන්. ඒ වගේම ගැහැණියක් විදියට උපන්නත් පිරිමි සිතුම් පැතුම්, ගතිගුණ පිහිටන අයත් ඉන්නව.

    එහෙම අය තමන්ගෙ ලිංගික අවයව පවා සැත්කම් මගින් වෙනස්කරගන්න දැන් දැන් යොමු වෙලා තියෙනව. මේ පිරිමියෙක් ගැහැණියක් කරන සැත්කමක් සිදුවන අයුරු දැක්වෙන එක්තරා වෛද්‍ය ආයතනයක් විසින් සැකසු අධ්‍යාපනික විඩියෝවකි.

    සංවේදී අය නැරඹීමෙන් වලකින්න.

  • ක්වොන්ටම් පරිගනක නුදුරේම…. (Video)

    GOOGLE හා NASA ආයතනයත් එක්ව ක්වොන්ටම් තාක්ෂණය ගැන සරලව ඉදිරිපත් කරන ලද්දකි.මෙහිදී නාසා ආයතනය දැනටමත් භාවිතා කරන D-Wave Quantum Computer ගැනත් ඉතා පැහැදිලිව සඳහන් වෙනවා.

    1940 දී පමණ පරිගනක සංකල්ප පඅමිණීමේ සිට මේ වන තුරු වූ සීග්‍ර සංවර්ධනය අති විශාල වන අතර ඉදිරියේදී එය දෙගුණ තෙගුණ වණුවා නොඅනුමානයි.මුල් කාලයේ (1940 -1956) Vaccum Tube භාවිතා කර විශාල කාබරයක් තුල ්ධික තාපයක් පිට කරමින් නිපදවුන පරිගනකය පසුව (1956 – 1963) Transister ප්‍රමාණයෙන් කුඩා උවත් අධික තාපය බලවත් ප්‍රශ්නයක් විය.1963න් පසුව Transister ගණනාවක් එකට එකතු කර සෑදූ Semiconductor භාවිතයෙන් පෙර පැවති ගැටළු බොහෝ අඩු කර ගැනීමට හැකි වුවත් පසුව Semiconductor ගණනාවක් එකට එකතු කර Microprocessor සෑදීමත් සමග පරිගනක විකාශයේ මහා පෙරළියක් ඇතිවිය.අද අපි සිටින්නේ මෙම යුගයේ වන අතර එය Artificial Inteligence ලෙස හඳුන්වයි.

    නමුත් අනාගතයේදී ක්වොන්ටම් තාක්ෂණයත් සමග අප විද්‍යා පුබන්ධ වලින් දුටු ලෝකය අපට විවර වෙනවා නොඅනුමානයි.දැනට අපි භාවිතා කරන ඩිජිටල් පරිගනක වල අපිට සියළු වැඩ කරලා දෙන්නේ 0 හා 1 යන ඉල්කම් දෙකෙන් බව ඔබ දන්නවා.මෙහිදී එක අවස්ථාවකදී 0හෝ 1 ලෙසනිරූපනය වී අපට bit ලෙස දත්ත ලබාදෙනවා.නමුත් මෙහිදී එනක් ක්වොනටම් තාක්ෂනයේදී 0 හා 1 යන දෙකම එකවර නිරෑපනය වෙමින් Supperpossition තත්වයට පත්වී එකවර දත්ත අති විශාල ප්‍රමානයක් සංසලේෂණය වෙනවා.0 හා 1 එකට ගත් විට qbit(Quantum bit) ලෙස හැදින්වෙන අතර තවමත් මෙම තාක්ෂණය පර්යේෂණ මට්ටමේ පවතිනවා.

    Serge Haroch හා David Wineland යන දෙදෙනා ක්වොන්ටම් විද්‍යාව හා ක්වොන්ටම් පරිගණක තාක්ෂණය උදෙසා කල සේවය ඇගයීමට 20122 වර්ෂයේ ඔවුන් දෙදෙනාට  භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයද හිමිවී තිබෙනවා.අදට වඩා මිලියන ගනනක වේගයකින් වැඩ කිරීමට හැකි මෙම තාක්ෂනය සහික ලරිගනක 2025 පමණ වන විට පැමිණේවි යයි සැලකෙන අතර එතෙක් අපි ඉවසීමෙන් බලාගෙන සිටිමු…

  • ඖෂධ වර්ග 48ක මිල අඩු කිරිම හී පැසසුමට

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ තීරණයකට අනුව අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරිම රෝගීන් ලැබූ විජයග්‍රහණයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය  සිය 2016 වර්ෂය වෙනුවෙන් නිකුත් කළ වාර්තාවෙන් ප්‍රකාශ කරයි.

    එම වාර්තාවට අනුව අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීම සහ සීනි පරිභෝජනය අවම කිරීම සඳහා වර්ණ සංකේත ක්‍රමයක් හඳුන්වාදීම ලෝක සෞඛ්‍ය සංවිධානය අගය කරයි. ඒ පිළිබඳව සෙසු රටවල් අධ්‍යයනයක නිරත විය යුතු බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අතර, අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීම බෝනොවන රෝග අවම කිරීම සඳහා රුකුලක් වන බව ද පෙන්වා දෙයි.

    දියවැඩියාව, හෘද රෝග, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් ඇතුලු රෝග රැසකට භාවිත කරන ඖෂධ මෙහිදී මිල අඩු කර ඇත. වසරක දී ශ්‍රී ලංකාවේ ඖෂධ වෙළෙදපොල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 400 ක් පමණ වෙයි. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරිමට ගත් තීරණය යහපත් බලපෑමක් ඇති කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. මිල අඩු කිරීම යටතේ ඇතැම් ඖෂධවල මිල සියයට 85 කින් පමණ අඩු වී ඇත. 

    අත්‍යාවශ්‍ය ඖෂධ වල මිල අඩු කිරීමේ ක්‍රමවේදය පිළිබඳ ව ලෝක සෞඛ්‍ය සංවිධානය ද අධ්‍යයනයක නිරත වී ඇත. එහිදී වැදගත් තොරතුරු රැසක් හෙළි වූ බවත් එම ක්‍රමවේදය සාර්ථක ක්‍රියාවලියක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. ශ්‍රී ලංකාව රෝගී අයිතිවාසිකම් රැක ගැනීම සාක්ෂි සහිතව මෙහිදී පෙන්වා දී ඇත. එමගින් රෝගී ජනතාවට මුල්‍ය පහසුකමක් ද ලැබී ඇත. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීම විශ්වීය සෞඛ්‍ය රැකවරණ මුලධර්මයට ද රුකුලක් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර සිටියි. තිරසර සංවර්ධන ඉළක්ක ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාව යන ගමනට පුර්ණ සහයෝගය ලබාදෙන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

     
  • ඒක මේ සමථ මණ්ඩලයට යන්න තිබ්බ නඩුවක් – ගුරුවරිය දණ ගැස්සවූ සරත් කියයි

    මම වරදක් කළා තමයි; නමුත් ඒක සමථ මණ්ඩලයෙන් විසඳගන්න තිබුණු නඩුවක්. නමුත් මාව පොලිස් අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරලා; ඊට පස්සේ මහාධිකරණයට දාලා; මාව වැරදි කාරයෙක් කරලා; මට දඩ ගැහුවා. ඒ නිසා මම මට ඡන්දෙ දුන්න ජනතාවට ආචාර කරලා බොහොම ගෞරවනීය විදිහට පළාත් සභා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වුණා.

    ආනමඩුව නව ශ්‍රීලනිප සංවිධායක ආනන්ද සරත් කුමාර මහතා මේ බව ප්‍රකාශ කළේ ඔහු පිළිගැනීම සඳහා සංවිධානය කර තිබූ රැස්වීමකට සහභාගීවෙමිනි.

    පාසල් විනය සම්බන්ධ පියවරක් ලෙස තම දියණියගේ කොට ගවුමේ වටිය ලෙහා දැමීමට කටයුතු කළ  ආනමඩුව නවෝද්‍යා විද්‍යාලයේ සුසිලා ගමගේ නම් ගුරුවරියක පාසල් වේලාව තුළ ප්‍රසිද්ධියේ දණගස්වා තැබීම හේතුවෙන් පුත්තලම මහාධිකරණයෙන් වරදකරු බවට පත් ඒ මහතා මෙසේද කීය.

    මේ සංවිධායක තනතුර භාර අරගෙන මම සති දෙකක් බලාගෙන හිටියා. ඕන කෙනෙකුට මඩ ගහන්න ඉඩ දීලා. නමුත් මේ අය තවත් මට එළව එළවා පහරදෙනවා. මගෙන් යම් වැරද්දක් වුණා; මම දඬුවම් වින්දා දැන් ඒක ඉවරයි. නමුත් ඊට පස්සේ ඒ ගුරුවරිය කියලා නෑ අඩුම තරමින් මං රවලා බැලුවවත් කියලා. මම ආනමඩුව සංවිධායක ධූරය ඉල්ලලා සිටියේ බණ්ඩාරනායක මැතිණියගේ කාලෙ ඉදලා. නමුත් මම අදටත් පණ ව‍ගේ ආදරය කරන මහින්ද රාජපක්ෂ මහත්තයවත් මට මේක දුන්නේ නෑ. නමුත් පහුගිය මැතිවරණෙදි මහින්ද මහත්තයාගේ වේදිකා වල මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට මම බැණපු විදිහට මම කවදාවත් හිතුවේ නෑ එතුමා මට මේ සංවිධායක කම දෙයි කියලා.

    නමුත් මෙම පත්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්ටාලින් මහතා පවසන්නේ දරුවෙකු සම්බන්ධ විනය ක්‍රියාමාර්ග ගැනීම හේතුවෙන් පාසල් වේලාව තුළ සිසු දරුවන් ඉදිරියේ ගුරුවරියක දණ ගැස්වූ පුද්ගලයෙකු මේ රටේ උත්තරීත්තර ආයතනයට යැවීමට කටයුතු සැලසීම සමස්ත ගුරු සංහතියටත්, අධ්‍යාපන ක්‍ෂේත්‍රයටත්, රටේ මූලික සදාචාර ධර්ම වලටත් ඉඳුරාම පටහැනි බවය.

    එමෙන්ම මෙම නොමනා පත්වීම සම්බන්ධයෙන් ඉදිරි කාලයේ දී මෙරට ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු සමස්ත අධ්‍යාපන ක්‍ෂේත්‍රයම පෙළගස්වන බවට ඔහු පැවසීය.

    මෙම පිළිගැනීමේ උත්සවය සඳහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, හිටපු කැබිනට් අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු සහ නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් ඇන්තනී යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

     

     

  • මෙතන පිස්සෙක් වගේ හැසිරෙන්න එපා දප්පුලට කොමිසමෙන් තරවටු

    රජයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් බැදුම්කර කොමිසමේ කටයුතු මෙහෙයවන වැඩ බලන නීතිපති අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාට ජනාධිපති කොමිසමේ විනිසුරුවන් විසින් තරයේ අවවාද කරනු ලැබීය.

    අධිකරණයෙන් යම් නියෝගයක් දුන් පසුව සාමාන්‍යයෙන් ඒ සම්බන්ධයෙන් නීතීඥවරුන් එම අධිකරණයටම කරුණු ඉදිරිපත් නොකරන බව පෙන්වාදුන් බැදුම්කර කොමිසමේ විනිසුරුවන් තිදෙනාගෙන් දෙදෙනෙක්ම සදහන් කලේ දප්පුල ද ලිවේරා මහතාගේ හැසිරීම ජේෂ්ඨ නීතීඥයකුගේ හැසිරීමට තරම් නොවන බවය. මින් ඉදිරියට එසේ හැසිරියහොත් තීරණයක් ගැනීමට සිදුවන බවද ඔවුහූ දප්පුල මහතාට අවවාද කලහ.

  • ශිරාල් සහ මලික් රහස් ගනුදෙනුවකින් එජාපයේ බලකණු හොල්ලන මෙහෙයුමක්

    දේශපාලන භූමිය නොසන්සුන්ය. එජාපය ඇතුලත සහ ශ්‍රීලනිපය ඇතුලත තැනින් තැන රහස් කථා සහ විවිධ ගනුදෙනු සිදුවන යුගයකි. මෙය එවන් කථා අතර අරුම පුදුම ගනු දෙනුවකි. එනම් එකිනෙකාට නොපෑහෙන චරිත දෙකක් සිදුකල ඩීල් ගනුදෙනුවක් පිළිබඳ කතාවකි.

    එජාපයේ මලික් සමරවික්‍රම සහ එජාපයේ සිට රනිල් වික්‍රමසිංහ විසින් පන්නා දමනු ලැබූ ශිරාල් ලක්තිලක අතර ගනුදෙනුවකි. මූලික හේතුව වශයෙන් සඳහන්ව ඇත්තේ රනිල් වික්‍රමසිංහට හිතවත් එජාප ජ්‍යෙෂ්ඨයන් අඩපණ කිරීමට ශිරාල්ට ඇති උනන්දුව වෙනුවෙන් මලික් සමරවික්‍රම ගෙනයන මෙහෙයුමකි. මේ සඳහා මලික් සමරවික්‍රම අයතා ක්‍රම මගින් උපයා ගන්නා ඩොලර් කුට්ටි විසි කරමින් රනිල් තනි කිරීමට රවී කරුණානායක ඈත් කිරීම එක් උපක්‍රමයකි.

    රනිල් වික්‍රමසිංහ සහ ශිරාල් ලක්තිලක අතර ඇති හිතයට ආරෝව මෙයට හේතුවයි. ශිරාල් වත්මන්ව ජනපතිවරයා යටතේ අසීමාන්තික බලතල සහිතව කටයුතු කරන අතර, ඒ බලතල උපයෝගී කරගනිමින් රනිල් වික්‍රමසිංහට දේශපාලනික ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් සකස් කොට ඇත. රවී කරුණානායක පිළිබඳව ජනපතිවරයාගේ සිත යම් අයුරකින් කලකිරවීමට ශිරාල් සමත් වූයේ රනිල් රකින්නට රවී සැම විටම කටයුතු කිරීම නිසාය. බැඳුම්කර කොමිසම හරහා රවී හිරකරන්නට වලි කන්නේ රනිල් තනි කිරීමට බව පෙනෙන්නට ඇත. මේ හරහා එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බිම වැටෙන බැවින් මලික් සහ ශිරාල් මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත. ශිරාල්ගේ ඉලක්කය රනිල් සේම මලික්ගේ ඉලක්කය රවී වන බැවින් මෙම ප්‍රහාරය හරහා එජාපය අඩපණ කර පක්ෂයේ බලය සියතට ගැනීමට මලික්ගේ යටි අරමුණ බව දැන ගන්නට ඇත.

  • පෙට්ට්‍රල් ගැන අනියත බියක් ඇති කර ගන්න එපා – ඛනිජ තෙල් සම්පත් ඇමැති

    අනියත බියක් ඇති නොකරගෙන ඉදිරියේදී සාමන්‍ය පරිදි අරපිරිමැස්මෙන් යුතුව පෙට්ට්‍රල් භාවිත කරන ලෙසට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටි.

    එම නිවේදනය පහත සඳහන් වේ.

    “පෙට්ට්‍රල් පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් තොග ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවත්වා ගෙන යනවා. නමුත් පසුගිය දිනවල අයි. ඕ. සී. සමාගම ගෙන්වූ තෙල් නැව ප්‍රමිතියෙන් තොර බාල තෙල් නැවක් වීම නිසා එය ගොඩබෑම අත්හිටුවූවා. මේ හේතුව මත ඉන්ධන පිරිවුම්හල් වෙත පෙට්ට්‍රල් සැපයීමේ තරමක අඩුවක් සිදුව තිබෙනවා. එයින් මහජනතාව අතරේ නොසන්සුන්තාවක් ඇතිව තිබෙන බවත් නිරීක්ෂණය කෙරුණා. කෙසේනමුත් මේ වන විට මුළු අවශ්‍යතාවෙන් සියයට අසූවක් සැපරීමට අපිට හැකිව තිබෙනවා. ඩීසල් සහ භූමිතෙල් සැපයීම කිසිඳු අඩුවක් නොමැතිව සාමාන්‍ය පරිදි සිදු කෙරෙනවා. මේ නිසා අනියත බියක් ඇති නොකරගෙන ඉදිරියේදී සාමාන්‍ය පරිදි අරපිරිමැස්මෙන් යුතුව පෙට්ට්‍රල් භාවිත කරන ලෙසට මම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා”

  • එංගලන්තේ රැජිනගෙනුත් සම්මාන අරගෙන ලංකාවේ නම ඉහලින් තැබූ නුවර අවුරුදු 22 සුරූපී තරුණිය.

    ජීවිතය, ගලන ගඟක් දිගේ යන පුංචි බෝට්ටුවක් වගේ. බාධක එමටයි. දිය වැල්, ගල්පරවලට අහුවෙලා, තැලෙන පොඩිවෙන වාර අනන්තයි. දිය ඇලි දිගේ පල්ලම්වලින් ඇදගෙන වැටෙනකොට දැනෙන ගැස්ම, රිදුම කොයිතරම්ද කියන්න බැරි තරම්. හැබැයි සුමට ව, නිසල ව ඔහේ සතුටින් ජල තලේ දිගේ පාවෙලා යන මොහොතකුත් තියෙනවා.නමුත් ජීවිතය දිගේ හුස්ම ගණන් කර කර ගිහින්, දවසක ලස්සන විල් තෙරක් ගාව අපූරු අන්තයක් වන අය අපිට හමුවෙනවා. එහෙම ගලාගෙන යන ජීවිතයක උරුමකාරියක්ව අපිට හමුවෙනවා. ඇය කාවින්ද්‍යා තෙන්නකෝන්. තාම අවුරුදු 22ක් වුණාට ජීවිතේ මහා අත්දැකීම් ගොඩක් සහ වටිනාකම් රැසක් එකතු කර ගත්තු යුවතියක්.

    මේ ඇය කියන ඇයගේ ජිවිත කතාවයි.
    මම ඉපදුණේ නුවර. මගේ තාත්තා තමයි වැලිකඩ බන්ධනාගාරේ ප්‍රධාන ජේලර් විදිහට කටයුතු කරේ. එයා නීතිය අකුරට ම කරපු කෙනෙක්. ඒ නිසා ම මට අවුරුදු දෙකක් වෙද්දී තාත්තාව වෙඩි තියලා මරලා දානවා.ඊට පස්සේ අම්මා මාව අරන් අම්මගේ ගම වන, දැරණියගල ටික කාලයක් ජීවත් වෙලා කොළඹට එනවා. ඒත් මට ඉස්කෝලයක් හොයාගන්න බැරි වෙන නිසා මාව ඇතුළු කරන්නේ ලයිසියම් එකට. ඉස්කොලෙන් අවුට් වෙලා, කැම්පස් යන්න මං බලාගෙන හිටියේ. ඒත් ශිෂ්‍යත්වවලට ඉල්ලුවාට ලොකු සපෝර්ට් එකක් හම්බුණේ නැහැ.

    පස්සේ මම ඉගෙන ගෙන නැවතත් දැරණියගල අම්මගේ ගමට ගියා.පුංචි කාලේ ගමේ මං එක්ක සෙල්ලම් කරපු මගේ යාළුවා ඒ වෙද්දී බැඳලා ගාමන්ට් යන්න පටන් අරගෙන තිබුණා. එයා මට වැඩිය ගොඩක් දක්ෂ කෙනෙක්. එයාට අවුරුදු 17යි එතකොට. මට ඒ වෙලේ හිතුණා ඇයි මෙහෙම වෙන්නේ කියලා. පස්සේ මට ඕනි වෙනවා මේ ක්‍රමේ වෙනස් කරන්න. මං ගමේ පන්සලේ හාමුදුරුවෝ එක්ක කතා කරලා, පොඩියට ඉංග්‍රීසි පංතියක් පටන් ගන්නවා. එහෙම තමා 2014 දී “without boarders”පළවෙනි පියවර බිහි වෙන්නේ.

    පුංචි කාලේ ඉඳන් මගේ අම්මා මට තනියම ජීවත් වෙන්න හුරු කරා. මගේ අධ්‍යාපන කටයුතු ඉවර වෙලා, මට අවුරුදු 17ක් විතර කාලේදී අම්මා කියනවා, අම්මා ආපහු දැරණියගල පදිංචියට යනවා. ඔයා තනියම දැන් කොළඹ ජීවත් වෙන්න පටන් ගන්න ඕනි කියලා. ඉතින් මං තනියම කාමරයක් අරගෙන, රස්සාවක් කරගෙන, උයාගෙන කාලා, ජීවත් වෙන ගමන් මගේ යාළුවෙක් වුණ සකි ආරියවංශ එක්ක “without boarders”හරහා ඈත ගම්වලට ගිහින් පුංචි දරුවන්ට උදව් කරනවා. එයාලට උගන්නනවා.

    අධ්‍යාපනය, නිර්මාණශීලීත්වය එක්ක ඉස්සරහට යන්නේ කොහොමද? ජීවිතය, ප්‍රශ්න, හැමදේම එයාලට කියලා දෙනවා. ඒ අතරේ UN එකේ වැඩ කරනවා. බාලදක්ෂිකාවක් විදිහට කටයුතු කරනවා. ඒ කාලෙදියි එංගලන්තයේ මහා රැජින විසින් දෙන Queen’s Young Leaders – 2015 සඳහා මාව තේරෙන්නේ. ඒ හරහා සම්මානයකට වඩා එහා ගිය දැනුමක්, අත්දැකීමක් මට ලැබෙනවා. සම්මානය ලැබෙද්දී රැජින මගෙන් අහනවා, මං ලංකාවේ කරන දේවල්. මට කියන්න පුළුවන් වුණා මං කරන අධ්‍යාපනය සම්බන්ධ ව්‍යාපෘති ගැන. රැජින එහෙම හැමෝමට ඇහුම්කන් දුන්නා.

    ඊළඟට ඇමරිකාවේ බොස්ටන්වල චෙල්සි කොලේජ් එකේ අවුරුදු දෙකක් ඉගෙනගෙන, තුන්වෙනි අවුරුද්ද සම්පූර්ණ කරන්න මං එංගලන්තේ ඔක්ස්පර්ඩ් සරසවියට එනවා. ඒ මානව විද්‍යාව ගැන උපාධිය හදාරන්න. ඒ කිසිම දෙයක් ලේසි වුණේ නැහැ. මොකද මගේ ළමා කාලය, පාසල් ගාස්තු පවා හරි වෙලාවට ගෙවන්න අසීරු වුණ කාලයක්. අපිට තිබුණෙ තාත්තාගේ පෙන්ෂන් එක විතරයි. ඒ කාලේ දවසකට කෑම වේල් දෙකක් හම්බෙනවා කියන්නේ ලොකු දෙයක්. අපිට ලොකුවට දේපල, බැංකුවල සල්ලි තිබුණෙ නැහැ. ගොඩක් ආර්ථික අපහසුතා මැද්දේ මගේ අම්මා එක්ක ගෙව්ව ජීවිතෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.

    නුගේගොඩ ඉඳන් ඉස්කොලේ ඇරිලා, බස් එකේ යන්න සල්ලි නැති කාලේ ජනක ඉනිමන්කඩ අංකල්ගේ බුක්ෂොප් එකට ගිහින් පොතක් කියවන්න මං පුරුදු වෙලා හිටියා. ජනක අංකල් ඒ දුන්නු අවස්ථාව මගේ ජීවිතේට කියාගන්න බැරි තරම් වටිනාකමක් එකතු කරා. ජීවිතේට ගොඩක් දේවල් එකතු වුණේ මං ලබාගත්තු දැනුමෙන්, අත්දැකීම්වලින්. මට තාම අවුරුදු විසි දෙකයි. ඒත් ප්‍රශ්න දිහා, සමාජේ දිහා මං දැක්ක විදිහ අවුරුදු 16,19,22 දී එකිනෙකට වෙනස්. මම සමහර වෙලාවට චිත්‍ර ඇඳලා ප්‍රශ්නවලට උත්තර හොයන ජාතියේ කෙනෙක්.
    මම කිසි ම දෙයක් නැතිව පටන් ගත්තු කෙනෙක්. හැබැයි මට තීරණ ගන්න නිදහස තිබුණා. ඒ වගේ ම දෙයක් වෙනුවෙන් කතා කරන්න, පෙනී සිටින්න අපිට පුළුවන්කම තියෙන්න ඕනි කියලා මගේ අම්මයි තාත්තයි මට පුංචි කාලේ ඉගැන්නුවා. මගේ තාත්තා වුණත් එදා වැරැද්ද වෙනුවෙන් කතා නොකර හිටියා නම් අද ජීවතුන් අතර. අපිට ගොඩක් දේවල් නැති වෙන්න පුළුවන්. ඒත් හරි දේ කරන එකයි මගේ අරමුණ.

    පුංචිකමට කාවින්ද්‍යා වචන ගලපන විදිහට මමත් ආසාවෙන් ඇහුම්කම් දුන්නා. ඇත්තට ම ඇය වයසට වැඩිය හිතන, අත්දැකීම්වලින් පරිණත, දක්ෂ ගෑනු ළමයෙක්. හැමෝටම ආදර්ශයක් දෙන්න පුළුවන් කෙනෙක්. ජීවිතේ හම්බුණ විදිහට භාරගෙන, වෙන දෙයක් බලාගෙන ඉන්නවට වැඩිය… විඳවන ජීවිත විඳින්නේ කොහොමද කියලා අත්දැකීමෙන් දැන අඳුර ගත්තු කෙනෙක්. අපූරු චරිතයක්. වටිනා හදවතක්. අන්න ඒ නිසයි, ඇය ගැන මං සටහනක් තියන්නෙ.

    පහතින් එම තරුණියගේ පින්තුර සහිත වීඩියෝවක් පහතින්.

    [rns_reactions]

  • විමල් අගමැති සමඟ ඩිල්

    ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු බවට සිදු කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් එම පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා ඊයේ (29) ප්‍රකාශ කළේය.

    ඔහු ගම්පහ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ තම පක්ෂයේ නායකයා මෙවැනි ප්‍රකාශයක් සිදු කරනු ලැබුවේ තමන්ට දුන් බලය අත්හැරීමට සිදුවීම නිසා බවය.

    එමෙන්ම සිය පක්ෂයේ නායකයාගේ කටයුතු සහ ප්‍රකාශයන් අනුව ඔහු පිළිබඳ සැකයක් තමන්ට මතුවන බව ද ඔහු එහිදී අනාවරණය කළේය.

    එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

    “මහ ලේකම් තුමා කිව්වා අද මෛත්‍රීපාල ජනාධිපතිතුමා හම්බ වෙන්න විමල් විරවංශ නායක තුමයි අපි කට්ටිය යනවා ඔයා එන්න කියලා.මන් කිව්වා මන් එන්නේ නෑ කියලා.ඇයි කියල ඇහුවා.පාර්ලිමේන්තුව මඟ හැරලා අලුත් ව්‍යවස්ථාවට පස්සේ දොරෙන් වෙන යෝජනා දෙන්න ඕනේ නෑ. අපිට තිබුණා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒක පිළිගන්නේ නැත්තම් ජනාධිපතිතුමාට බල කරන්න මේවා පිලි නොගෙන රට බෙදනවා නම් ඒකට අපි විරුද්ධයි කියන්න අයිතිය තිබුණා.හැබැයි එතැනට ගිහින් ඒක පැහැදිලි කරන්න ගියේ නෑ.මාත් මඟ හැරියා,අත්හැරියා.ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න නායකයෝ දේශපාලනය ඉතා ඉහළින් තේරුම් ගත්ත නිසා තමයි මහින්ද රාජපක්ෂ,දිනේෂ් ගුණවර්ධන,වාසුදේව නානායක්කාර වැනි දීර්ඝ කාලයක අත්දැකීම් ඇති නායකයෝ කිව්වා මේකෙන් ඉවත් වෙන එක වැරදියි.”

    “මේක ඇතුළේ ඉඳගෙන පරාජය කරන්න ඕනේ අපි ජනතාවගේ නියෝජිතයෝ විදියට.ඒ නිසා අද වෙනකොට ජාතික නිදහස් පෙරමුණ අන්ත අසරණ තත්ත්වයකට පත් වෙලා තියෙනවා.මේ ආණ්ඩුවේ අපට චන්දේ දීපු ජනතාවගේ මතය කියන්න තැනක් නෑ.පාර්ලිමේන්තුවෙන් 30,31 සහ පළවෙනිදා ඉන්න ඕනේ එළියේ.පාර්ලිමේන්තුවේ කතා කරන්න බලය නැති කර ගත්තා.ඒ නිසා තමයි කල්පනා කරන්න ඇත්තේ බෝම්බ ගහන්න.එතකොට මේක පරාජය කරන්න තියන මාවත අත්හැරලා බොරුවට කෑගහන එක කරන්නේ කවුද?අපේ නායක තුමන්.එතකොට අපේ නායකතුමන් මට හිතෙනවා මෙතුමාත් එක්ක ඩිල් එකක් හින්දා තමයි මේ කරන්නේ.ඒ නිසා මන් අහනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වුවමනාව ඉෂ්ඨ කරන්න විමල් විරවංශ මැතිතුමා මේ ව්‍යවස්ථාදායක කමිටුවෙන් මඟහැරලා ගියා කියලා” එහිදී ඒ මහතා මෙසේද අදහස් දැක්වීය.

  • කොලොන්නාව වෙනුවෙන් දිවිපිදු භාරතගේ ගුණ සමරන්න දේශපාලන පුතු සෝලංග සුදානම්.. (Photos)

    කොලොන්නාව නිදහස වෙනුවෙන් දිවිපිදු තම දේශපාලන ගුරුවරයා වෙනුවෙන් යුතුකම් ඉටුකරන්නට මෙවරත් ප්‍රසන්න සෝලංගආරච්චි විසින් විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව අපට වාර්තා වේ.

    උපුටාගැනීම මුහුණුපොතෙන් 

    කොලොන්නාවේ නිදහස වෙනුවෙන් දිවිපිදු ඔක්තෝබර් 08 ලකී අයියාට ආදරය කරන ඔබත් සවස 06.30ට වල්පොල අංගොඩ සිරිමාවෝ බණ්ඩාරනායක පුස්තකාලය අසල ඇති දිවංගත භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර පිළිරුව අසලට ඇවිත් යන්න එන්න..

    https://www.facebook.com/PrasannaSolanga/photos/a.169657953194252.1073741826.169656823194365/849373201889387/?type=3

    https://www.facebook.com/PrasannaSolanga/photos/a.169657953194252.1073741826.169656823194365/851110348382339/?type=3

    https://www.facebook.com/PrasannaSolanga/photos/a.169657953194252.1073741826.169656823194365/851099355050105/?type=3

    https://www.facebook.com/PrasannaSolanga/photos/a.169657953194252.1073741826.169656823194365/850947115065329/?type=3

    https://www.facebook.com/PrasannaSolanga/photos/a.169657953194252.1073741826.169656823194365/850936065066434/?type=3

    [rns_reactions]

     

  • මම බැඳපු කෙනෙක් අයියේ, මට පුංචි දුවෙකුත් ඉන්නවා – සුන්දර තරුණියකගේ සංවේදී ජීවිත කතාවකි මේ

    ආදරේ කියන්නේ සුන්දර හැඟීමක්.

    ඒ සුන්දර හැඟීම නිසාම සමහරුන්ගේ ජීවිත අසුන්දර පිටුවල ලියවෙනවා.

    ඒ වගේම විවාහය කියන්නේ ජීවිතේ හොඳට හිතලා ගන්න ඕනේ තීරණයක්.

    මොකද ඒ තීරණය වැරදුනොත් වෙන්නේ මුළු ජීවිතේම විඳවන්න.

    ඒ විදිහට යුග දිවියට පාතැබූ තරුණියක් තමන්ගේ ස්වාමියා නිසා වැරදි පාරේ ගිහින් දියණියක් සමඟ තනිවුණු සංවේදී කතාවක් ගැන අපිට අහන්න ලැබුණා.

    මේ ඒ දුක්බර කතාවයි.

    රාත්‍රී කැරෝකේ සේවා මුරය නිමාවන්නේ අලුයම් කාලයේදීය. එබැවින් ඇය හමුවන බලාපොරොත්තුවෙන් මම අලුයම පහ වෙද්දී කැරෝකේ සමාජ ශාලාවට පිය නැගුවෙමි. ඒත් ඇය සේවා මුරය නිමවී පිටතට පැමිණියේ නැත.

    “අද ඇවිත් නැතුව වගේ…..?”

    වෙනදාට දුටු පමණින් මා දෙසට එන ඇය අද නොපැමිණි බවකි.

    මා මගේ කාමරයට ගියේ ඇය නාවේ ඇයිදැයි යන කුතුහලයද සමඟිනි.

    “ගමේ ගියාද…. ඒත් ඒ වගක් කිව්වේ නැහැනේ…”

    “අසනීපයක් වත්ද…. එහෙනම් මට කෝල් කරනවනේ…”

    මම නොයෙකුත් සිතිවිලි අතර තනි වුයෙමි. මුළු රැය පුරාම නිදිවර්ජිතව ගත කළ මට “කුමුදු” ගේ මුහුණ මැවී මැවී පෙනිණි. අහිංසක සිනහව මෙන්ම ඇගේ ගතිගුණ මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නට සමත් වී තිබිණි.

    කොළඹ කෙල්ලන්ට වඩා බොහෝ වෙනසක් ඇය තුළින් මම දුටුවෙමි. ඇගේ අව්‍යාජ සිනහවට ගතිගුණවලට හිත ගිය මට ඇය නැතිකම මහා පාළුවක් සේ දැනුණි.

    නිදිවර්ජිතව රැය පහන් කළ මා නිදි දෙව්දුව වැළඳගත්තේ නම් ඒ අලුයම් කාලයේදී පමණි.

    පසුදා ද සේවය නිමව කුමුදු හමුවීමේ බලාපොරොත්තුවෙන් කැරෝකේ සමාජ ශාලාව අබියසට ගියද එදිනද ඇය මට මුණ නොගැසිණි. මගේ සිත තව තවත් ප්‍රශ්න රැසකට මැදි විණි.

    “අදත් නැහැ…. ඒ මොකද? හොයාගෙන යන්න කියලා… ඉන්න තැනක්වත් දන්නේ නැහැනේ….”

    මගේ ජංගම දුරකථනයට ලැබෙන සෑම ඇමතුමක්ම “කුමුදු” ගෙන් වෙන්න ඇති මම නිතරම සිතුවෙමි. ඒත් ඇගෙන් කිසිදු ඇමතීමක් නොලැබිණ.

    කෙසේ හෝ දින සති ගණන් ගෙවී ගියද “කුමුදු” ගැන තොරතුරක් මට දැන ගැනීමට නොහැකි විය. ඇගේ මිතුරියක් හෝ සොයා ගන්නට වෙහෙසුණ ද ඒ කිසිදු උත්සාහයක් ද සාර්ථක නොවීය.

    “කුමුදු” මා දැන හඳුනගත්තේ බස්රියක ගමන් කරමින් සිටියදීය. ටිකට්පත ගන්නට මාරු සල්ලි නැති මොහොතක මම ඇයට අවශ්‍ය මාරු සල්ලි දුන්නෙමි. අප අතර හැඳුනුම්කමක් ඇති වුණේ එදාය.

    ෆෝන් අංකය ඇය අත තැබූ මම ඊට පසුදාම ඇය මුණ ගැසුණෙමි. දින කිහිපයක් යන්නට මත්තෙන්ම මම එක දෙයක් තේරුම් ගත්තෙමි. ඒ මා ඇසුරු කළ කිසිදු කෙල්ලකගෙන් නොලැබු සෙනෙහසක් ඇය ළඟ ඇති බවය. මම ඒ බව ඇයට ද කියා ඇත්තෙමි.

    “මම බැඳපු කෙනෙක් අයියේ. මට පුංචි දුවෙකුත් ඉන්නවා.”

    හමු වූ දෙවෙනි දිනයේම ඇය මට එලෙස කීවේ ඇය තුළ තිබූ අව්‍යාජකම නිසාය.

    “එයාට ඕන නම් තිබුණා…. බැඳලා නැහැ කියලා කියන්න. ඒත් එයා ඇත්තම කිව්වා…”

    මා ඇය ගැන සිතුවේ එලෙසිනි. ඇය ඇගේ ජීවිත කතාව පවා මට කියන්නට වූවාය.

    “අපේ අප්පචිචි නැති වුණේ මට වයස අවුරුදු හතේදී… අම්මා තමයි මාවයි මල්ලිවයි ලොකු කරන්න අතේ කර ගැට හැදෙනකම් කුලී වැඩ කළේ. අම්මට දැන් වයසයි. බැරි බැරි ගානට ඉන්නේ. ඒ නිසාම තමයි අයියේ මම කොළඹට ආවේ…

    කොළඹ කියන්නේ මොකක්ද කියලාවත් මම දැනගෙන හිටියේ නැහැ. අම්මලා කතා කරලා මාව බන්දලා දුන්නත්…

    අපි අතර හුඟාක් ප්‍රශ්න ඇති වුණා. එයාට තව ගෑනියෙක් ඉන්න බව පසසේ තමයි දැන ගත්තේ..

    අන්තිමට එයා මාව දාලා ගියා. මම දරුවත් එක්ක තනි වුණා. කවුරුත් මා දිහා බැලුවේ අමුතු විදියකට. මට ගම එපා වුණා අයියේ. රස්සාවක් නැතිකමට තමයි කැරෝකේ එකේ වැඩට ආවේ.”

    “එතකොට ඔයාගේ දුව“

    “දුව අම්ම ළඟ ඉන්නේ…”

    “දැන් දුව ටිකක් ලොකුයි. ඒ නිසා අම්මට එයාව බලාගන්න පුළුවන්.”

    “මට හරිම දුකක් ඇති වුණා ඔයා ගැන”

    මම ඇයට කිවෙමි.

    “හම්බ කරන හැම සතයක්ම මම වියදම් කරන්නේ ගෙදරට… අම්මගේ බෙහෙත්වලට මගේ කෙල්ලට… මගේ මල්ලියාට… එතැනින් එහාට මට වෙන ලෝකයක් නැහැ අයියේ…”

    ජීවිතේ නොයෙකුත් හැලහැප්පීම් වලින් හෙම්බත්ව සිටි මා ද සිටියේ “ආදරයක්” සොයමිනි. කොළඹ කෙල්ලන්ගේ ආදරය හමුවේ හොඳ හැටි මට්ටු වී සිටි මට කුමුදුගෙන් ලැබූ සෙනෙහස දැඩි සතුටක් ගෙන දුනි.

    “ඔයාට ආයෙත් කසාදයක්”

    “එපා අයියේ… ඒ ගැන කතා කරන්න… මට ආයෙත් මිනිහෙක් ගන්න අදහසක් නැහැ.”

    “ඒ වුණාට…”

    “නැහැ අයියේ….. එක පාරක් වැටුණු වළේ ආයෙත් වැටෙන්න මම ආස නැහැ..”

    මම ඇයගේ හිත වෙනස් කරන්නට මහත් සේ උත්සහ කළෙමි. ඒත් ඇය සිටියේ ඇගේම ස්ථාවරයේ වීම මට ගෙන දුන්නේ දුකකි.

    වරෙක තරහකි. අපි දෙන්නා කාලයක් ඇසුරු කළද ඇය මා සමඟ කිසිම දිනෙක ආදරය ගැන කතා කළේ නැත. ඒත් මගේ සිත ඇය වෙත නතු වී තිබිණි. මට ඇය අමතක කරන්න නොහැකිවිණි.

    අපේ දැන හැඳුනුම්කමට ගෙවී ගොස් තිබුණේ මාස දෙකකි.

    ඇය සේවයට නාවේ ඉන් පසුවය. එහෙත් මට ඇය නොදැක සිටීම අපහසු විය.

    එදා ද මම ඇය සොයා ගියෙමි. ඒත් ඇය එදින ද රැකියාව සඳහා පැමිණ සිටියේ නැත. දහසක් සිතිවලි මැද අතරමංව මම මගේ නිවෙසට යළි සේන්දු වූයෙමි.

    “කොහොමද මෙයාව හොයා ගන්නේ….”

    මම ඇය සොයා ගන්නා ආකාරය ගැන සිතුවෙමි. දස දහස් වාරයක් සිතුවෙමි.

    “හරි හෙට උදේ කැරෝකේ එකට ගිහින් අහලා බලන්න ඕන”

    පසුදා කාර්යාලයට නොගොස් කෙළින්ම ඇය සොයා ගැනීමේ අටියෙන් මම ඇය සේවය කළ කැරෝකේ සමාජ ශාලාවට ගියෙමි.
    “මම එයාගේ පුංචි අම්මගේ පුතා…. මට කියලා තිබුණේ මෙහෙ වැඩ කරනවා කියලා.”

    මා දෙස හොඳ හැටි බැලූ එතැන සිටි ආරක්ෂක නිලධාරියකු මා කියන්නේ බොරුවක් බව නොසිතා සේවා කාඩිපත රැගෙන ඇගේ විස්තර සොයන්නට වෙහෙසුණේය. ඇගේ මිතුරියන් කිහිප දෙනකුගෙන්ම ඔහු ඇය ගැන විමසන අයුරු ද මට පෙනිණි.

    “ඔයා හොයන්නේ… හක්මන ඉඳන් ආව කුමුදු කියන කෙනා නේද?

    “ඔව්. ඔව්. සුදු….”

    “හරි හරි එයා ගිය සුමානෙම වැඩට ඇවිත් නැහැ. හැබැයි එයාගේ හොඳම යාළුවා ඉන්නවා. පොඩ්ඩක් එයත් එක්ක කතා කරලා බලන්න.”
    ආරක්ෂක නිලධාරියා මට කියන්නට විය.

    මොහොතකින් මා ඉදිරියට පැමිණියේ ඇගේ වයසේම කෙල්ලකි.

    “අයියා කවුද?”

    “නංගි මම එයාගේ පුංචිගේ පුතා. මම වැඩ කරන්නේ කොළඹ. මට දවසක් කිව්වා එයා මෙහෙ වැඩ කරන්නේ කියලා. ඒකයි මම…ආවේ.”
    “නංගිට මුකුත් කියලා තිබුණේ නැද්ද එයා වැඩට එනවද නැද්ද කියලා…”

    “එයා මට එස්.එම්.එස්. එකක් එවලා තිබුණා. ආයෙත් මෙහෙ වැඩට එන්නේ නැහැ. රට යනවා කියලා.”

    “රට යනවා”

    “ඔව් අයියේ. මෙතැන දිගටම රස්සාව කරන්න එයාට කැමැත්තක් තිබුණේ නැහැ. ඒ නිසා රට යනවා කියලා….”

    “නංගිට පුළුවනිද මට එයාගේ ඇඩ්ඩ්‍රස් එක දෙන්න.”

    “ඇයි අයියා ඒක දන්නේ නැද්ද. අයියා කිව්වේ පුංචි අම්මගේ පුතා කියලනේ”

    “ආ… සොරි සොරි හරි හරි මම යන්නම්.” ඇගේ කතාවෙන් මම අපහසුතාවකට වැටුණෙමි. ඒ මා බොරු කී නිසාවෙනි.

    එහෙත් ඇගේ මිතුරිය කී කතාව මම පිළි නොගත්තෙමි.

    “රට යනව නම් මට කියන්න තිබුණනේ.”

    මා සිතුවේ එවැන්නකි. එහි ඇත්ත නැත්ත දැනගැනීම සඳහා මට ඇය සොයා ගැනීමට අවශ්‍යම වී තිබිණි.

    පසුදා යළි මම ඇය සේවය කළ ආයතනය ළඟට වී ඇගේ මිතුරිය මුණගැසී ඇත්තම කීවෙමි. අවසානයේ ඇය මට “කුමුදු” ගේ ලිපිනය ලබා දුන්නාය. ඒ ලිපිනයට අනුව මම හක්මන ඇගේ නිවෙස සොයා ගියෙමි.

    මිදුල අතුගාමින් සිටි කුමුදු මා එකවර හඳුනා නොගත්තාය. ඇය මා මෙලෙස එනු ඇතැයි ජීවිතේට නොසිතන්නට ඇත. මම ඇය අසළට ගියෙමි.

    “දෙවියනේ අයියා..”

    ඇය මා දැක පුදුමයට පත් වූවාය.

    “ඇයි ඔයා බොරු කිව්වේ.”

    මම ඇගෙන් ඇසුවෙමි.

    ඊට කිසිත් නොකී ඇය මා දෙස බලා සිටියාය. ඇගේ දෑස කඳුළෙන් තෙත් වන අයුරු මම දිටිමි.

    “ඇයි ඔයා රට යනවා කියලා බොරු කිව්වේ.”

    “වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ අයියේ.”
    “ඇයි….. ඒ…”

    ඇය ඊට ද කිසිත් නොකීවාය.

    “මම හැම තැනම ඔයාව හෙව්වා. මට ඔයා ඕන. මම ඔයාට ආදරෙයි.”

    මම ඇය ඉදිරියේ තවත් දේ කියාගෙන ගියෙමි. ඒ සියල්ල අසා සිටි ඇය ඉකිගසමින් හඬන්නට වුවාය.
    “අම්මේ…”
    චූට් දියණිය ඇය දෙසට දිව ආවේ ඔය අතරය.

    “මේ ඉන්නේ මගේ ඇස් දෙක.”

    ඇය දරුවා වඩා ගත්තේ කඳුළු අතරින් එසේ කියමිනි.
    “කවුද අම්මේ…. මේ…”

    ඊට පිළිතුරක් දෙන්නට නොහැකිව ඇය මා දෙස බලා සිටියදී දෑත් දිගු කොට මා චූටි දියණිය අතට ගත්තේ ඇයට හාදුවක් ද දෙමිනි.
    “යමු… ගෙදරට”
    ඇය මා දෙස බලමින් කීවේ දෑසින් වැටුණු කඳුළු පිස දමමිනි.

    [rns_reactions]

  • ෂාරුක් ඛාන් සිය පුතු වෙනුවෙන් මුල්තැන…

    ෂාරුක් ඛාන් හැමදෙයටම වඩා ප්‍රමුඛත්වය දෙන්නේ සිය පවුලට සහ දරුවන්ට බව සැමදෙනෙක්ම ඉතා හොඳින් දන්නා කරුණකි. මොන තරම් වැදගත් කටයුත්තක් වුවත් දරුවන් වෙනුවෙන් අත්හැර දැමීමට ඔහු පසුබට වන්නේ නැත.
    ෂාරුක්ගේ පුත් ආර්යන් පාපන්දු ක්‍රීඩා කරන අතර සිදුවූ අනතුරකින් ඔහුගේ නාසය කැඩුනේය. එය සකස් කිරීම සඳහා ශල්‍යකර්මයක් කිරීමට වෛද්‍යවරු නිර්දේශ කළහ. මේ ශල්‍යකර්මය ජුලි මස සිදුකිරීමට නියමිත වන අතර, ඒ වනවිට ෂාරුක් සිය අලුත්ම චිත්‍රපටය වන “ජබ් හැරි මේට් සෙජාල්” වෙනුවෙන් ප්‍රචාරණ කටයුතුවල යෙදීමට නියමිතය. එහෙත් ශල්‍යකර්මය සිදුකෙරෙන අවස්ථාවේ සිය පුතු අසල සිටීම සඳහා කෙසේ හෝ කාලය සොයා ගැනුමට ෂාරුක් මේ වන විටත් තීරණය කර අවසන්ය. එවන් කැප කිරීමක් තාත්තා කෙනෙකුගෙන් හැර අන් කවරෙකුගෙන් බලාපොරොත්තු විය හැකිදැයි තතු දන්නෝ අසති. “ජබ් හැරී මේට් සෙජාල්” එළබෙන අගෝස්තු 04දා සිට තිරගත වීමට නියමිතය. එහි ෂාරුක් සමග ප්‍රධාන චරිතයට පණ පොවන අනෙක් නිළිය වන්නේ අනුෂ්කා ශර්මාය.

    [rns_reactions]

  • කෝටිපතියන් දහදෙනාගේ සුරූපී දියණියන් මෙන්න..

    මේ කියන්න යන්නෙ අපේ අල්ලපු රටේ ඉන්න ධනවත්ම පුද්ගලයින් දහ දෙනාගෙ ලස්සන දියණියන් ගැන. ගෑනු ළමයින්ගෙ නම වයස එහෙම දැනගන්න ගොඩක් පිරිමි ළමයි ආසයිනෙ නේද..? ඒ හින්දා ඔන්න ඔක්කොම විස්තරේ තියෙනවා.

    [rns_reactions]

  • ගැබිනි කාන්තාවට රාගය අකැපද ?

    ගැබිනි මව්වරුන් සහ දරුවන්ගේ සුවසෙත වෙනුවෙන් ලියැවුණු පොත් පිංචක්, දේශීය සහ වෛකල්පිත වෛද්‍ය ක්‍රම ප්‍රවර්ධනය සඳහා ඉන්දීය රජය පිහිටුවා ඇති ‘ආයුෂ් අමාත්‍යංශය’ විසින් පසුගිය සතියේ දී නිකුත් කරන ලදී.

    ගැබිණි කාන්තාවන් බිත්තර සහ මාංශ අනුභවයෙන් වැළකී, ශාරීරික ව්‍යායාමවල යෙදෙමින් ආශාවන්ගෙන් සහ රාගයෙන් තොරව කල්ගත කළ යුතු බවත් තම නිදන කාමරය තුළ අලංකාර පින්තූර එල්ලා තැබිය යුතු බවත් සඳහන්වන උපදෙස් මාලාවක් එම පොතෙහි අඩංගුවේ.

    පිටු දාසයකින් යුත් මෙම කුඩා ග්‍රන්ථය ඉන්දියාවේ මාධ්‍යවේදීන්ට ද ලබා දී තිබේ.

    මෙම ග්‍රන්ථය මීට තෙවසරකට ඉහත දී මුද්‍රණය කර තිබෙන නමුත් පසුගිය බදාදාට (ජුනි 14) යෙදුණු ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් එය යළිත් වරක් බෙදා හරිනු ලැබීමෙන් අනතුරුව ඉන්දීය මාධ්‍යවේදීහු ඒ පිළිබඳව ලියන්නට පටන් ගත්හ.

    ගැබිනි මව්වරුන්ට සුදුසු – නුසුදුසු ආහාර සහ යෝගා ව්‍යායාම පිළිබඳවත් කළයුතු සහ නොකළ යුතු ක්‍රියාකාරකම් පිළිබඳවත් කියවිය යුතු පොත්පත්, පැවැත්විය යුතු සමාගමයන් සහ නිතර දෙවේලේ බැලියයුතු පින්තූර පිළිබඳවත් උපදෙස් මාලාවක් මෙම පොත් පිංචේ අඩංගු වෙයි.

    එහි අඩංගු ඇතැම් උපදෙස් ඉන්දීය වෛද්‍යවරු විසින් ප්‍රශංසාවට ලක් කරනු ලැබ ඇති නමුත් සියලුම උපදෙස් පිළිපැදීම බුද්ධි ගෝචර නොවන බව වෛද්‍යවරු පවසති.

    ගැබිනි මාතාවන්ගේ ආහාරයට පලතුරු, එළවලු සහ ධාන්‍ය වර්ග එක්කර ගන්නා ලෙස ලබා දී ඇති උපදෙස වෛද්‍යවරු අනුමත කරති.

    නමුත් බිත්තර සහ මස් මාංශ ආහාරයට නොගන්නා ලෙස ගැබිනි මව්වරුන්ට ලබා දී ඇති උපදෙස විවාදයට බඳුන් වී තිබේ.

    ඉන්දියාවේ හින්දු ජාතිකවාදී, භාරතීය ජනතා පක්‍ෂයේ ආණ්ඩුව සතු නිර්මාංශ ප්‍රතිපත්තිය ව්‍යාප්ත කිරීම සඳහා මෙම උපදෙස් ලබා දී ඇති බව විචාරකයෝ පවසති.

    එමෙන්ම මන්දපෝෂණය සහ රක්තහීනතාවය බහුල වීම හේතුවෙන් ඉන්දියාවේ මාතෘ මරණ ප්‍රතිශතය ලොව ඉහළම අගය බවට පත්වී තිබියදී මෙවැනි උපදෙසක් ලබාදීම ඉතා භයානක බවටද විවේචන එල්ලවී තිබේ.

    ඉන්දියාවේ ‘ආයුෂ් අමාත්‍යංශය’ ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ යෝගා විෂය තුළ මාංශ ආහාර අනුභවය පිළිනොගන්නා බවය.

    ඉන්දීය මාධ්‍ය එම කාරණය පමණක් උලුප්පා දක්වමින් කටයුතු කරන බවටත් එම ග්‍රන්ථයේ අඩංගු අහිතකර ආහාර පිළිබඳව කතා නොකරන බවටත් ඔවුහු චෝදනා කරති.

    නමුත් මාධ්‍යයට අමතරව ඉන්දීය වෛද්‍යවරුන් ද මෙම උපදෙස් මාලාව විවේචනය කර තිබේ.

    දිල්ලි නුවර නාරිවේද විශේෂඥ වෛද්‍ය සෝනියා නායික් කියා සිටියේ “බිත්තර සහ මස් ආහාරයට ගන්න එපා කියල ගැබිණි මාතාවන්ට දෙන උපදේශයේ කිසිම හොඳක් වෛද්‍යවරයෙක් හැටියට මට දකින්න බැහැ. ඉතාම පහසුවෙන් ලබා ගත හැකි ප්‍රෝටීන ජනක ආහාරය තමයි බිත්තර. මගේ උපදේශය නම්, කවුරු උනත් ලැබෙන දෙයක් කාල පෝෂණය ලබා ගත යුතුයි.” යනුවෙනි.

    ‘ආයුෂ් අමාත්‍යංශය’ ලබාදෙන උපදේශය ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියේ සඳහන් උපදෙස් මාලාවට ද පටහැනිය.

    ගැබිනි මාතාවන් යකඩ ඌනතාවයෙන් මිදීම සඳහා බිත්තර සහ මාංශ ආහාරයට ගතයුතු බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවිය සඳහන් කරයි.

    ගැබිණි මාතාවන් රාගයෙන් තොරව කල්ගත කළ යුතු බවට ලබා දී ඇති උපදෙස ද විවාදයට ලක් වී තිබේ.

    ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශය මේ පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන නමුත් වෛද්‍යවරුන් පවසන්නේ ගැබිණි සාමය තුළ ලිංගිකව එක්වීමෙන් හානියක් සිදු නොවන බවය.

    “හෝමෝන ක්‍රියාකාරිත්වය වෙනස්වීම නිසා ඇතැම් ගැබිනි කාන්තාවන් සාමාන්‍ය ප්‍රමාණයට වඩා ලිංගිකව ක්‍රියාශීලී වෙන්න පුළුවන්. ඉහළ අවදානම් තත්වයක් සහිත ගැබ් ගැනීමක් නොවෙයි නම් අපි ඔවුනට උපදෙස් දෙන්නේ නැහැ ලිංගික කාර්යයෙහි යෙදෙන්න එපා කියල.” යනුවෙන් වෛද්‍ය සෝනියා නායික් පැවසුවාය.

    (BBC)

    [rns_reactions]

  • නිලුක්ෂි හැඩ වෙන්නේ මෙහෙමයි.

    මේ දිනවල ජනප්‍රිය “වස්සාන සිහිනේ” ගීතයත් එක්කම කතා බහට ලක්වුණු ඇය නිලුක්ෂි අමන්දා. නිරූපණ ක්ෂේත්‍රයේ සිටින නිරූපණ ශිල්පීන් අතර ඊධන ර්ධඤඥත කාණ්ඩයේ නිරූපණ ශිල්පිනියක් වන නිලුක්ෂි කලා කටයුතු රැසකින් ඉදිරියේදීත් දැකගන්න පුළුවන්.

    වැඩ ගොඩයි

    මේ දවස්වල ෆොටෝ ෂූට්, ෆැෂන් ෂූට් වැඩ කරගෙන ඉන්නවා. අලුත් වැඩ කීපයකට ආරාධනා ලැබුණා. අලුත් මියුසික් වීඩියෝ කීපයකටත් ආරාධනා ලැබුණා. ඒවා ගැන තාම හිතනවා.

    උදේට

    උදෙන්ම නැඟිටපු ගමන්ම මම වතුර වීදුරුවක් බොනවා. ඒක පුරුද්දක්. ඊට පස්සේ සාමාන්‍යයෙන් කරන්නේ උදේට කන එක තමයි. උදේට බත් කනවා හරිම අඩුයි. බොහෝ වේලාවට කෝර්න් ෆ්ලෙක්ස්, ඕට්ස් වගේ දෙයක් ආහාරයට ගන්නවා.

    දවල්ට

    දවල්ට එළවළු, මාළු එක්ක බත් කනවා. මට මාළු හෝ මස් වර්ගයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඒ වගේම එළවළු කීපයක් මැල්ලුමක් එක්ක බත් කනවා.

    රෑට

    රෑට කෑම ගොඩක් කන්න හොඳ නැති නිසා රෑට කන්නේ අඩුවෙන්. ඒත් රෑට බඩගිනි වුණු වේලාවට ජූස් වර්ගයක් හෝ පලතුරු කනවා.

    කොණ්ඩය

    මට තියෙන්නේ හොඳ කොණ්ඩයක්. ඒත් මම නිතරම ෆැෂන් ෂෝවලට යන නිසා හැමතිස්සෙම කොණ්ඩෙට මොනවා හරි කරනවා. ඒ නිසා කොණ්ඩය පිළිබඳව මම සැහෙන්න සැලකිලිමත්. ඉඩ ලැබෙන හැම වෙලාවකම ඔයිල් ටී්‍රට්මන්ට්, කන්ඩිෂනර් ටී්‍රට්මන්ට් කරනවා.

    ඇස්

    මගේ නංගි රෑට ඇස්වලට අල පෙති, පිපිඤ්ඤා පෙති තියනවා. ඒ නිසා නංගි එක්ක එකතු වෙලා මාත් ඒ වගේ ප්‍රතිකාර කරනවා. සාමාන්‍යයෙන් මම ඩොක්ටර් කෙනෙක් ලවා ඇස් පරීක්ෂා කර ගැනීම, සැලුන් ගිහින් ඇහි බැමි සකසා ගැනීම වගේ දේවල් කරනවා.

    දත්

    මම ඉන්න ක්ෂේත්‍රයත් එක්ක මට මගේ දත් පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි. ඒ නිසාම මම මාසෙකට සැරයක් වගේ දත් පිරිසුදු කරනවා. චොක්ලට් වගේ දෙයක් කෑවොත් අනිවාර්යයෙන්ම කට සෝදනවා.

    ව්‍යායාම

    ඉස්සර නම් මම ඩාන්සින් කළා. මගේ ඇඟ මේ තරම් හැඩ වුණෙත් ඩාන්සින් නිසා තමයි. මම කාලයක්ම කපිල පලිහවඩන සර් යටතේ ඩාන්සින් කළා. දැන් නම් ඩාන්සින් කරන්නේ නැහැ. ඒ වෙනුවට ජොගින් යනවා.

    දෑත් දෙපා

    අපේ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු නිසාම, අපි නිතරම අඩි උස පාවහන් දානවා. ඒ නිසා දෙපාවලට නියවලට සිදුවන හානිය වැඩියි. අනිත් එක නේල් පොලිෂ් හැමවිටම ගානවා. මම ඉඩ ලැබෙන හැම වේලාවකම නේල් පොලිෂ් අයින් කරලා දෑත් දෙපාවලට මෙනික්‍යු, පෙඩික්‍යු කරලා නිදහසේ ඉන්න ආසයි. ඒ වගේම අත් පාවලට මොයිෂ්චරයිසිනුත් ගානවා. මගේ නිය කොහොමත් ලස්සනට වැවෙනවා.

    මේක් අප්

    මම තෝරාගන්නේ හොඳ සන්නාමවල මේක් අප් පමණයි. හුඟක් වේලාවට ෆැෂන් ෂෝවලදී වුණත් මම මේක් අප් කරන්න කලින් බ්‍රෑන්ඩ් එක ගැන අහනවා. ලිප්ස්ටික්වලදී නම් මම තෝරාගන්නේ බ්ධපඤචදච ර්චබබඥ විතරයි.

    පිරිසුදුකම

    මම මේක් අප් කරන විට හුඟක් සැලකිලිමත් වෙනවා. අපි ෂෝවලට ගියාම සමහර වෙලාවට හැමෝම මේක් අප් කරන්නේ එකම මේක් අප් සෙට් එකකින්. ඒ නිසා තමන් ළඟ පෞද්ගලිකව භාවිත කරන්න ස්පොන්ජ් එකක් තියාගන්න අවශ්‍යයි. නැත්නම් ඇලර්ජි එනවා. මම නම් සමහර වේලාවට එයාලගෙන් අහලා තනියම මේක් අප් එක දාගන්නවා. ගෙදර ආපු ගමන් මම ඉක්මනට ෆේෂ් වොෂ්වලින් මේක් අප් අයින් කරලා ක්ලෙන්සර් කරලා ටෝනර් කරනවා.

    විලාසිතා

    මම ෆැෂන් ගැන හරිම සැලකිලිමත්. මම අඳින ඇඳුම හරි ගියේ නැත්නම් යන ගමන පරක්කු වුණත් මම ඇඳුම් සිලෙක්ට් කර කර ඉන්නවා. අනිත් එක මම ඇඳුම්වලදී බ්‍රෑන්ඩ් එක බලන්නේ නෑ. මට ගැළපෙනවා නම් මම අඳිනවා. ඇඟේ හැඩය හොඳට පේන ඕනම ඇඳුමකට මම කැමැතියි.

    හංසි ආටිගල

    ඡායා – අමිත තෙන්නකෝන්

    [rns_reactions]

  • ඉතිහාස පොතට එක්වූ කැනඩා ස්නයිපර්කරුගේ අයි එස් අයි එස් ඉලක්කය..

    කැනේඩියානු විශේෂ බලකායේ සිටි ස්නයිපර් තුවක්කුකරුවකු සැතපුම් 2.1 (මීටර 3,540) දුරක සිටි අයි.එස් සටන්කාමීයකුට වෙඩි තබා ඇතැයි ඉරාකයෙන් වාර්තා වේ.

    කැනේඩියානු හමුදාවේ ස්නයිප තුවක්කරු සැතැපුම් 2.1ක සිටි අයි.එස් සටන්කාමීය ඝාතනය කර ඇත්තේ ඉකුත් මාසයේදී යැයි ද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන ආරක්ෂක අංශ මාර්ග සඳහන් කරයි.

    හමුදා ආරංචි මාර්ග උපුටා දක්වමින් ”ටොරොන්ටෝ ග්ලෝබ් ඇන්ඩ් මේල්” පුවත්පත තවදුරටත් මෙලෙස තොරතුරු වාර්තා කර තිබිණි.

    මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන ස්නයිප තුවක්කුකරු කැනේඩියානු හමුදාවේ “ඒකාබද්ධ කාර්ය බලකාය 2” සාමාජියකු වන අතර ඔහු එම වෙඩි තැබීම සිදු කර තිබෙන්නේ උස් ගොඩනැගිල්ලක සිටය.

    තොරතුරුවලට අනුව ඉලක්කයට ළඟවීමට උණ්ඩයට ගත වී තිබෙන්නේ තත්ත්පර දහයකි. එතරම් දුරක සිට ස්නයිප තුවක්කරු ඉලක්කයට වෙඩි තැබූ බව කැනේඩියානු විශේෂ මෙහෙයුම් අණදෙන නිලධාරීයා ද තහවුරු කර තිබිණි.

    මෙම වෙඩි තැබීම පටිගත කර තිබෙන අනුව දැනට තිබෙන අතර දැනට තිබෙන වාර්තා අනුව ස්නයිප තුවක්කුකරුවකු එතරම් දුරක් නිසි ඉලක්කයට ප්‍රහාරය එල්ල කරමින් සතුරා මරා දැමූ අවස්ථාව මෙය වනු ඇතැයි පැවසේ. ඒ අනුව ස්නයිප තුවක්කුකරුවකු නිවැරැදිව එල්ල කරන දීර්ඝතම ප්‍රහාරය මෙය යැයි සැලකේ.

    ස්නයිප තුවක්කුකරුට නීරික්ෂකයකුගේ සහාය ද හිමිව තිබෙන අතර කැනේඩියානු හමුදාවේ සම්මත ”මැක්මිලාන් ටී.ඒ.සී – 50″ රයිෆලයක් භාවිත කර තිබේ.

    [rns_reactions]