Category: සුපිරි News

  • අන්තරේ ගොන් මොරාල් එකට ගුටිකාපු, කැම්පස් ඇවිත් මාස 6න් විප්ලවකාරයෙක් වූ හැමෝම මෙන්න මේ ටිකත් කියවගෙනම පලයල්ලා…

    සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් කඩා වැදුනු සයිටම් විරෝධී විශ්ව විද්‍යාල සිසුන්ට ඊයේ එල්ල වූ ප්‍ර‍ාහාරය සහ ඔවුන්ගේ ප්‍ර‍ණ්ඩකාරි හැසිරීම පිළිබඳ මේ වන විට බොහෝ දෙනා කතා කරන මාතෘකාවක් බවට පත්ව තිබේ.අන්තර්ජාලයේ මෙන්ම සමාජ ජාලා වෙබ් අඩවි තුළද මේ පිළිබඳව බොහෝ අදහස් පළවී තිබුණි.එවන් පසුබිමක ෆේස්බුක් සමාජ ජාලයේ වේගයෙන් හුවමාරු වන සටහනක් අප ‘නෙත්‘ ගැටුණි මේ එම සටහනයි….

    ‘‘රජයේ ආයතනයක් ඇතුලට දාහක් එක්ක පැන්නට පැස්සෙ.ආ එන්න පුතාලා ඇතුලට කලින් කිව්වනං මරණාධාර සමිතියෙන් පුටු ගෙනල්ලා තියනවනෙ. ඉඩ තියන විදිහට වාඩි වෙන්නකො..කේකුයි බිස්කටුයි අල්ලලා ඇඹුල් කෙහෙල් ඇවරියක් ගෙනල්ලා කන්න පුතාලා ඔහෙන් වාඩිවෙලා..අපේ ජනේලෙ කැඩුවට කමක් නෑ සයිටම් වැහෙනවනෙ 
    ලහිරු පුතා දැන් අක්කට එහෙම කොහොමද..??තාම slit එකේද.. දැං ඩිග්‍රිය එහෙම ගත්තද..??දුවලා ඔයාලා ඉඳගන්න.. කොල්ලො ටික නං ඔය කොහෙන් හරි ඉඳගනීනෙ..ගේට්ටුව ගලෝලා මහන්සිත් ඇතිනෙ බොමුද තේකක්.. මේකෙ bopf තියනවා..අනි මේවා වත්තෙ ඇඹුල් ලැජ්ජ වෙන්නැතුව කන්න දරුවො ‘‘ කියලා හිතලද උඹලා අමාත්‍යාංසෙ ඇතුලට කඩා පැන්නෙ..

    යකෝ පොඩ්ඩක් තොපෙ නායක බූරුවා ගැන හිතපිය..ඌ ගැන කියන්න තියෙන්නෙ කාරණා දෙකයි

    1. රාජ්‍ය ආයතනයක් ඇතුලට පැන්නම පොලීසිය ඇවිල්ලා ගහලා එලෝනවා කියලා ඌ දන්නෑ.. 

    ඒක ඇත්තනං ඒකවත් දන්නෙ නැති කැන්ද හැලපයෙක් නායකයා කරගෙනද යකෝ තොපි අරගල දිනනන්න හදන්නෙ..
    නොදකින් ඔය සංගමේ වහලා දාලා ගොටුකොල හිටවහන්

    2. ඌ උඹලට ගහනවා කියලා දන්නවා.. දැනගෙන තොපිව ගුටිකන්න ඇතුලට එක්කන් ගියා..

    නොදෝමකින් ඕයි.. නියම නායකයෙක් කියන්නෙ තමන්ගෙ සෙට් එකේ උන්ව බලෙන් ඉල්ලගෙන ගුටි කන්න දක්කන එකෙක්ටද.. 

    ඒක හින්දා දැන්වත් තේරුම් ගනින්.

    අරගල බැරිනං ගල අරගෙන හරි පලයන් අපිට පාන්ද..ප්‍රභාකරන් කිව්වෙත් ඌ කරන්නෙ අරගලයක් කියලා Isis උන් කියන්නෙත් උන් කරන්නෙ අරගලයක් කියලා කුලවාදෙට එරෙහිව බුදුන් කලෙත් අරගලයක්..දැන් අරුන් ත්‍රස්තවාදියො වෙලා බුදුන්ට තාම වඳින්නෙ ඇයි..

    අරගලේ කරන්න තෝරගත්ත පාර හින්දා..

    කිඹුල්වත් පුරේ සුද්ධෝදනගෙ මාලිගාවට හාන්දුරුවො එක්ක පැනලා කුල වාදෙ නවත්තපිය කියලා ජනෙල් දොරවල් කඩාදාලා මගුල් නැටුවද..නෑ ගහන්න බනින ඔක්කොම අහගෙන සාමකාමීව තමන්ගෙ අරගලේ කලා..ගාණ්ධි තමන්ගෙ සත්‍යග්‍රහ ව්‍යාපාරෙ එක වෙලාවක සම්පූර්ණයෙන් නවත්තනවා තමන්ගෙ කණ්ඩායමේ එකෙක් විරුද්ධ මතවාදියෙක්ට පහර දුන්නා කියලා..

    තොපි හිතන් ඉන්නවද සෞඛ්‍ය අමාත්‍යාංශය චතුර සේනාරත්න පිටසක්වලින් සල්ලි ගෙනල්ලා තාත්‍තට දීලා හදපු රාජිතගෙ බූදලයක් කියලා.අනේ යකුනේ තොපි ඊයෙ කුඩු කරලා තොවිල් නටපු දේපල වාහන ඔක්කොම මේ රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි.. නිර්ධන පන්තියෙ ඉන්ගෙ දේපල වලටම කෙලෝලද තොපි එතකොට නිර්ධන පන්තියෙ අරගල දිනන්න හදන්නෙ..

    ඔව් ඔව් දැන් අර ඇමති බිලියනයක් හොරකන් කලා ඉතින් අපි පොඩ්ඩක් කැඩුවම මොකෝ කියලා දැන් කොමෙන්ට් ටයිප් කරන උන්ට කියන්න තියෙන්නෙ

    ඕලෙවල් වත් නැති කාලකන්නි කරන ඒවා කරන්නද මී හරකො තොපි කැම්පස් ගියේ. තොපි කරන්නෙත් උන් කරන ඒවා නං උන්ගෙයි තොපෙයි වෙනසක් තියනවද.. තව ටික දවසකින් තොපි මිනියක් මරලත් කියයි ප්‍රභාකරන් ලක්සයක් විතර මැරුවනෙ අපි එකෙක් මැරුවම මොකො කියලා.. ඌරා මඩ නානවනෙ. ඉතින් මං නාන්නැතුව හිටියම මොකො වගේ ගොං ලොජික් දාන අත උස්සලා කැම්පස් ගිය උන් ඉන්නවනං පාං ගෙඩියෙන් අපල දුරුවෙනවා කියලා හිතන් ඉන්න උන්ගෙ ලිස්ට් එකට පල..

    තොපි මොන බම්බු අරගලේ කරත් වැඩක් නෑ රටේ මිනිස්සු උඹලා එක්ක නැත්තං රටේ මිනිස්සු තොපි එක්ක හිටවගන්න ඕනෙ නං පිස්සො වගේ ත්‍රස්තවාදියො වගේ හැසිරෙන්නැතුව බුද්ධිමත් මිනිස්සු ශිස්‍යයො වගේ හැසිරියන්..

    තොපි එක්ක හිටගෙන ඉන්නෙ කවුද කියලා පොඩ්ඩක් බලපිය. නිර්ධන පන්තියෙ අයිතිවාසිකම් බම්බුවක් කියෙව්වට තොපි එක්ක ඉන්නෙ ළමයව රෝයල් දාන්න කාර් පර්මිට් ඉල්ලලා වැඩ වර්ජනේ කරලා ගෝටගෙ කීමට කොතලාවල වෛද්‍යපීටෙ හදනකොට හා සර් කියලා බඩ උලාගෙන හිටපු වෛද්‍ය සංගමෙයි.. සයිටම් එකට අත්සන් කරලා දැන් එපා කියනා ත්‍රීවිල් ඒකාබද්ධ විපක්සෙයි තමන්ගෙ උන්ව slit යවලා අනිත් උන්ගෙ දරුවො යන ඒවා ඇබොලිස් කරපන් කියන ජවිපෙයි පෝස්ටරයක් ගහගන්න එකෙක් නැති කුරුට්ටොයි විතරයි..

    ආයෙ හිතපන්

    ඔතන ඉන්න ගුටිකාපු බහුතරේ බලෙන් ඇදගෙන ආපු 1st ඉයර් උන්.. නෑ කියලා නටන්න එපා දැන්.. අවුරුදු 8 ක් තිස්සෙ සයිටම් අරගලේ වෙනවා..ඇයි සද්භාවයෙන් බොක්කෙන් අරගල කරනවනං කැම්පස් එකෙන් අවුට් උනාට පස්සෙ එකෙක්වත් පැත්ත පලාතක නොඑන්නෙ..

    පොඩ්ඩක් තේරුම් ගනින්

    තොපි ඔක්කොම දේසපාලන ඉත්තො ඡන්ද ලක්සයක් ගන්න බැරි බම්බු දේසපාලන ව්‍යාපාර වල කොන්ත්‍රාත් එකක් කරන්නෙ..
    අන්තරේ හිටපු කැඳවුම්කාරයො ටික දැන් ඉන්නෙ කොහෙද කියලා පොඩ්ඩක් බලපන්. උන්ට ඕනෙ අරගලේ දිනන්න නෙමෙයි.

    තොපි කාවහරි මරාගන්න

    ඒකයි ගහනවා කියලා දැනගෙන ලහිරු කියන බූරුවා තොපිවත් ඇදගෙන ඇතුලට යන්නෙ.. නියම නායකයා කවද්ද යකෝ තමන්ගෙ උන්ට ගුටි කන්න දෙන්නෙ.. තනියම ගිහින් කතා කරනව මිසක්..ඇරත් තොපි හිතන් හිටියනං මෝලමක් ගලහා පිළිඅරගෙන රාජිත මේං කියලා තොපිට සාකච්ඡාවක් දෙයි කියලා ආයෙ කියන්නෙ ඔය සංගමේ වහලා ගොටුකොළ හිටවහන්..ඒක හින්දා එක එක පරයන්ගෙ දේසපාලන ව්‍යාපාර වලට ඡන්ද ගන්න විකිණෙන මිනියක් වෙන්නෙපා..

    අන්තරේටයි උන්ව මෙහෙයවන දේසපාලන බඩකඩිත්තු වලටයි ඕනෙ තොපි එකෙක්ව මරාගෙන මිනී පෙට්ටිය අරගෙන අරගලේට දිවි පුදපු සිසු විරුවා කියලා කොළබ වටේ අරගෙන ගිහින් ඡන්ද එකතු කරගන්න..අරගලයක් ඉවර කරන්න ඕනෙ නෑ උන්ට.. උන් ජීවත් වෙන්නෙ ඔය අරගලෙන්.

    හිතපන් තොපි එකෙක් මැරිලා සයිටම් වැහුවා කියලා..ඊළඟට nsbm වහන්න අරගලයක් කරයි.. එතකොට තව එකෙක් මැරෙනවද..කොතනින්ද ඕක නවතින්නෙ..

    ගහමරාගෙන ප්‍රශ්න විසඳන්න බෑ..ගහගන්නෙ නොදියුනු ගෝත්‍රිකයෝ තොපි රටේ බුද්ධිමත් සෙට් එකනං බුද්ධිමත්ව ප්‍රශ්න විසඳන්න බලපන්..උඹලා ගැන කවි ලිව්වා ගුටි කෑවම ඕන තරන් මීට කලින්.. ඒ උඹලගෙ මතේට කැමති හින්දා නෙමෙයි.. මොනව උනත් මිනිස්සු හින්දා..

    හැබැයි තව ටික දවසකින් උඹලා ඔය වගේ පිස්සු නටද්දි මැරුවත් හොඳවැඩේ කියන තැනට රටේ මිනිස්සු පත් වෙනවා..ආණ්ඩුවටත් ඕනෙ ඒක..

    ඒ තැනට පත් වෙන්නෙපා..කවුරුහරි බූරුවෙක්ගෙ කීමකට යටවෙලා අනාගතේ කාලකන්නි නොකරගෙන ඉගෙනගෙන රටට වැඩ කරපන් ඔච්චර ආදරෙයිනං

    තොපි ඩෙඟා නටන තරමට ආණ්ඩුව කැමතියි..ආන්ඩුවෙ ඔක්කොම ප්‍රශ්න තොපේ පිටින් සතියක් දෙකක් යවාගන්න පුළුවන් හින්දා..අන්තිමට ආයෙත් කියන්න තියෙන්නෙ තොපි දේසපාලන ව්‍යාපාරෙක වහල්ලු.. තොපි ඔක්කොම ඡන්ද වෙනුවෙන් ගුටි කවන්න මරාගෙන මැරෙන්න යවන ඉත්තො.. ඒක තේරුම් ගනින්

    ලහිරු වීරසේකර ඔතනින් ගියාම ඌට පක්සෙන් පඩියක් එක්ක රස්සාවක් දෙනවා..තොපි කාලකන්නි වෙලා මැරිලා ගියාම ගෙදර උන්ට ඌ කන්න දෙන්නෙත් නෑ දිනන ලබ්බෙ අරගලේකුත් නෑ..

    උඹලගෙ අරගලේට මගෙ කිසිම විරුද්ධත්වයක් නෑඋද්ඝෝෂණ අරගල කරන එක මිනිස්සුන්ගෙ අයිතියක්.මම ඒකට හිස් මුදුනින් ගරු කරනවා..

    හැබැයි ඒක කරපන් මිනිස්සු වගේ..පිස්සො වගේ නොවී..මිනිස්සු උඹලා එක්ක හිටගන්නකන් උඹලා අරගල දිනන්නෙ නෑ.

    [rns_reactions]

  • ප්‍රින්ස් කිව්වේ බොරු. මා ඔහුගේ පෙම්වතියක් නොවෙයි.. නිරෝෂා විරාජිණි කියපු කතාව මෙන්න !.

    ජනප්‍රිය ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත රෝගාතුර වී මරණයට පත්වීමෙන් පසු ඔහුගේ මරණය හා තනිකඩ ජීවිතය පිළිබද බොහො දෙනෙකුගේ කතාබහට ලක් උනා.

    2013 වසරේදි පුවත්පතක් හා සුහද කතාබහකට එක්වූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත පවසා තිබුනේ ගායන ශිල්පිණි  නිරෝෂා විරාජිනී සමග තමන්ට ප්‍රේම සබදතාවයක් තිබු නමුත් එය බිදි ගිය බවයි, 

    ප්‍රින්ස් ගේ අකල් වියෝවත් සමග අදාළ පුවත්පත් සාකච්ඡාව පිළිබද බොහො දෙනෙකු කතා බහ කල අතර පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් මේ සම්බන්ධව සෘජුවම ගායිකා නිරෝෂා විරාජිනීගෙන් අසා තිබෙනවා.

    එයට පිළිතුරු ලෙස නිරෝෂා විරාජිණි පවසා ඇත්තේ ප්‍රින්ස් තමාගෙ මිතුරෙකු හෝ නොවු බවත් ඔහු සදහන් කළ නිරෝෂා වෙනත් නිරෝෂා කෙනෙකු විය හැකි බවයි . 

    නිරෝෂාගේ සම්පුර්ණ ප්‍රකාශය මෙසේය. 

    “ඔය කියන්නේ මොකක්ද කියලා මමත් දන්නවා.මටත් අහන්න ලැබුණා. මට කියන්න තියෙන්නෙ මෙච්චරයි මගෙයි ඔය කියන පුද්ගලයයි අතර කිසිම සම්බන්ධයක් තිබුනෙ නැහැ. අඩුතරමින් යාළුවෙක් වත් නෙමෙයි. ඔහු ඉතා ජනප්‍රිය කාලේ මම ගායිකාවක් විදිහට අලුත්. නමුත් මම ජනප්‍රිය කාලේ ඔහු ගැන කතාවුණේවත් නැහැ.
    කොහොම වුණත් ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. ගින්නක් නැතිව දුම් එන කාලයක් මේ. මම ඕවාට උත්තර දෙන්නෙ නැහැ. අවශ්‍ය නැහැ. කටකතා හදන අය කුහක ආශාවක් ඉෂ්ට කරගන්නව. නමුත් මම නිහඬව ඉන්නවා. ඇත්ත මොකක්ද කියල මම දන්නවා. මගේ වටාපිටාවෙ අය දන්නවා. ඔය කියල තියෙන්නෙ වෙන නිරෝෂා කෙනෙක් ගැන වෙන්න ඇති කියල තමයි මට කියන්න තියෙන්නෙ”

     

    කෙසේ නමුත් අදාළ පුවත්පත් සාකච්ඡාවේදි ප්‍රින්ස්ගෙන් ඍජුවම අසා තිබුනේ නිරෝෂා විරාජිනි සම්බන්ධයෙන් වන අතර එම පුවත්පතේ මුද්‍රිත උපුටනය පහතින්

     

    [rns_reactions]

  • සුසන්තිකාගෙන් ඇනගත් දයාසිරිට රිලව් කතාවකින් මාලින්ග පිළිතුරු දෙයි.

    පසුගිය දවසක ඔයාලට මතක ඇති, අපේ ක්‍රීඩා ඇමති විදිහට කටයුතු කරන දයාසිරි ජයසේකරා කිව්වා, ලංකාවේ කොල්ලෝ ටික මැච් පරදින්න හේතුව ඔවුන්ට නිසි වියායම් නොලැබීම හා බද වැඩිවීම හේතුවෙන් බවයි. ඔහු මෙයට විසඳුමක් වශයෙන් පැවසුවේ අපේ ජාතික පිලේ ක්‍රීඩකයන්ට හමුදා පුහුණුවක් ලබා දිය යුතු බවයි. හැබැයි මේ පිළිබඳව මාලිංගගේන් අසු විට ඔහු දැක්වුයේ මෙවන් අදහසක්,

    ” දැන් යුද්ධ කාලේ ඉවරයි, දැන් ඉතින් ඇත්තටම ආමි එකට යන්න අවශ්‍යතාවයක් නෑ කාටවත්. ගිරවා තමයි දන්නේ බෙනේ වෙන්නේ මොකක්ද කියන එක. ගිරවා තමයි බෙනේ හදා ගන්නේ. ගිරවට තමයි බෙනේ අවශ්‍යතාවය තියෙන්නේ. ඒකට රිලව් රිංගලා ඒ ගැන උත්තර දෙන්න ගියහම වෙන වෙන වැරදි වෙන්න පුළුවන්. අපි ඉන්දියාවට එරහි තරඟය දිනුවා, එතකොට අපි ඔක්කොම හොඳයි, ඔක්කොම ෆිට්. මැච් එකක් පැරදුනහම ඔක්කොම ෆිට් නැහැ ”

    [rns_reactions]

  • නිරෝෂාගේ නැටිල්ලට සැමියා අකමැතිද? පුවත්පතක් ඇය සමග කළ සංවාදයක සටහනයි..

    දක්ෂ රංගන ශිල්පිණියක් ලෙස වගේම නර්තන ශිල්පිණියක ලෙස නිරෝෂා තලගල කා අතරත් සිත් දිනාගෙන සිටින්නියක්.පහුගිය කාලේ පුංචි තිරයේ වගේම රිදී තිරයේත් නිතර නිතර දක්නට ලැබුණු නිරෝෂා මේ දවස් වල නම් ටිකක් නිහඩ වෙලා වගේ තමයි පේන්න තියෙන්නේ.මේ පුවත්පතක් ඇය සමග කළ සංවාදයක සටහනයි..

    නිරෝෂා අල්ලගන්නත් අමාරුයිනේ. දැන් ගොඩක් කාර්යබහුලයි වගේ?

    පසුගිය කාලේ නම් රංගන කටයුතුවලට ගොඩක් කාර්යබහුල වුණා. හැම නාළිකාවේම ගොඩක් වෙලාවට පේන්න හිටියා. වෙලාවකට හිතුණා පේන්න ඉන්නවා වැඩීද දන්නේ නැහැ කියලත්. ඒ නිසා මේ දවස්වල තෝර බේරගෙන වැඩ කිහිපයකට සම්බන්ධ වෙනවා. හාර කෝටිය ටෙලි නාට්‍ය මේ දවස්වල විකාශය වෙනවා. තවත් අලුත් නාට්‍යයක වැඩ ඉදිරියේදී පටන් ගන්නත් තියෙනවා.

    පේනවා වැඩි නිසාම විතර ද තෝරා බේරා ගැනීම් කරන්නේ?

    ඇත්තටම මට මේතාක් ලැබුණේ විවිධ චරිත. මට නොදැනීම මම චරිතාංග රංගන ශිල්පිනියක් වුණා. ඉතිං ඒ පසුබිමත් එක්ක මම කැමැති වුණේ නැහැ එහෙන් මෙහෙත් එන චරිත කරන්න. මට හරියන චරිත හම්බවුණෙත් නැති අවස්ථාවල ඔක්කෝම දේවල් බදාගෙන කරනවාට වඩා කරන වැඩ ටික පාඩුවේ කරගෙන යන එක හොඳයි කියලා හිතුවා.

    දැන් නැටිල්ලෙත් ඉවරයක් නෑ වගේ?

    මේ අවුරුද්දේ පටන් ගැන්ම එක්ක මම හිතුවා නර්තන කණ්ඩායමකට මුල් තැන දෙන්න ඕන කියලා. ඒ නිසා රිහර්සල්වලට අලුත් ළමයි පුහුණු කිරීම්වලටත් කාලය යොදවනවා. ඒ වගේම මේ දවස්වල නැකත් තිබෙන නිසා, වෙඩින්වලට නර්තන කණ්ඩායම සම්බන්ධ කරන වැඩත් තියෙනවා.

    නිරෝෂා නර්තන කණ්ඩායම නියෝජනය කරන්නේ අඩුවෙන්ද?

    නර්තන කණ්ඩායම සම්බන්ධ වෙන හැම ඉවෙන්ට් එකක්ම මම නියෝජනය කරන්නේ නැහැ. මම සහභාගි විය යුතුම තැනක් නම් තමයි මම එයට සම්බන්ධ වෙන්නේ. මම ඒ වැඩේට සම්බන්ධ වෙන්න අවශ්‍යද නැද්ද කියන එක සංවිධායකයන්ගෙන් අහලා බලනවා.මම රංගන ශිල්පිනියක් නිසා මට නටන්න පුළුවන් තැන් වගේම බැරි තැන් තියෙනවා. නටන්න බැරි තැන්වල මම නටන්නේ නැහැ.

    නිරෝෂා නම පාවිච්චි කරලා නර්තන කණ්ඩායම ගොඩදාගන්න හදනවා කියලා සමහරුන්ට හිතෙන්න පුළුවන් නේද?

    මම මෙතුවක් කාලයක් එහෙම කරලා නැහැ. මම එනවා කියලා කිසිම වැඩකට නොගිහින් ඉඳලා නැහැ. මම වැඩක් භාර ගනිද්දී මාව ඒ තැනට ඕනද නැද්ද මට ඒ අවස්ථාවට සම්බන්ධ වෙන්න පුළුවන්ද බැරිද කියලා කලින්ම දැනුවත් කරනවා. කවදාවත් මම සම්බන්ධ වෙනවා කියලා නර්තන කණ්ඩායම ගොඩදාගෙන නැහැ. මම කරන වැඩේ හරියට කරනවා. කරන දෙයට බොරුවක් කරන්නේ නැහැ.

    නිරෝෂා නර්තන අංගයකට සම්බන්ධ වෙන්න ලොකු ගණන් ඉල්ලනවලු නේද?

    මෑත කාලයේ මම දැකපු දෙයක් තමයි නර්තන කණ්ඩායම් ගොඩක් අඩු මුදලට වැඩ කරනවා. නමුත් මගේ කණ්ඩායමේ ළමයින්ට හොඳ මාර්කට් එකක් වගේම හොඳ පිළිගැනීමක් හැදිලා තියෙනවා. මගේ ළමයින්ගේ ගාණ වැඩියි. මාව යම් වැඩසටහනකට අවශ්‍ය නම් මම ඒත් මුදලේ වෙනසක් කරනවා. මගේ නර්තන කණ්ඩායමේ අයකිරීම වැඩියි තමයි. නමුත් අපිට වැඩ අඩුත් නැහැ.

    නිරෝෂාගේ නැටිලිවලට සැමියාගේ අකැමැත්තක් නැද්ද?

    එයා කවදාවත් මට ඒ දේවල්වලට මුකුත් කියන්නේ නැහැ. මම මගේ ඩාන්සින් ටීචර්ගේ ගෘෘප් එකේ නර්තනවලට සම්බන්ධ වෙද්දී නම් එයා ටිකක් අකැමැති වුණා. නමුත් මගේම ටීම් එකක නටනවාට එයාගේ අකැමැත්තක් නැහැ.

    දැන් සැමියා ලංකාවට ඇවිත් නේ ඉන්නේ. ආයෙත් සැමියා විදේශගත වෙයිද?

    ආපහු එයාව ලංකාවෙන් යවන්නේ නැහැ කියලා තමයි හිතාගෙන ඉන්නේ.

    ඔය තීරණය ගත්තේ දැන් වෙන් වෙලා හිටියා ඇති නිසාද?

    ඔව්. දැන් දෙතැනක හිටියා ඇති. මම එයාට කිව්වා ආයෙත් විදේශගත වෙනවා නම් මාවත් එක්ක යන්න කියලා. එයා කැමැති නැහැ මගේ හැකියාවන් නැති කර ගන්නවට. ඒ නිසා අපි දෙන්නම ලංකාවේ ඉඳියි.

    සැමියා නිරෝෂාට තහංචි දාන්නෙම නැද්ද?

    එයා බිරියව හිර කරන සැමියෙක් නෙවෙයි. නමුත් එයාගේ එක්තරා සීමා මායිම් ටිකක් තියෙනවා. මගේ සීමාවන් තමයි එයාගේ සීමාත්. ඒ නිසා එයත් එක්ක ජීවත් වෙන්න මට පහසුයි.

    දැන් යන යන තැන සැමියාව එක්ක යනවාද?

    මම ෂෝවලට යද්දී එයා කැමැතියි මාත් එක්ක එන්න. ඒත් අපි කරන කාර්යය පුදුම කට්ටක් කාලා කරන වැඩක්. මම නර්තනවලට යද්දී හස්බන්ඩ්ට ඔහේ එහෙට මෙහෙට වෙවී ඉන්න සිද්ධ වෙනවට මම කැමැති නැහැ. ඒ නිසා මම එයාව වැඩවලට එක්ක යන්න හදන්නේ නැහැ.

    තරුණ නිළියෝ මැදි වයසේ චරිත, මවකගේ චරිත කරන්න කැමැති නැහැ. හැබැයි නිරෝෂා පුංචි තිරයේ මවක් වෙන්න මැළි වෙන්නේ නැහැ නේද?

    යම් චරිතයක් කළාම ඒ චරිතයට ඒ කෙනාව කොටු කරන පිරිසක් ලංකාවේ ඉන්නවා. නමුත් මාව එහෙම කොටු වුණේ නැහැ. මම නර්තන ශිල්පිනියක් නිසා මාව සුන්දර විදියට බොහෝ දෙනෙක් දකිනවා. ඒ නිසා රංග භූමිකාවේදී මට විවිධ චරිත කරලා මගේ හැකියාව පෙන්වන්න පුළුවන් වුණා. ඒ වගේම අධ්‍යක්‍ෂකවරු මාව චරිතවලට කොටු කළෙත් නැහැ.


    [rns_reactions]
  • අපේ හිතමිතුරන් ඉන්න ග්‍රහලෝක 10ක් නාසා සොයාගනී….

    පෘතුවිය හා සමාන ජීවය හා ජලය පැවතිය හැකි තවත් ග‍්‍රහ ලෝක 10ක් සෞර ග‍්‍රහ මණ්ඩලය තුළ පිහිටා ඇති බව ඇමරිකාවේ ජාතික ගගනයාත‍්‍රා හා අභව්‍යාකාශ පරිපාලන මධ්‍යස්ථානය (NASA) නිවේදනය කරයි.

    නාසා ආයතනය විසින් ඊයේ (19) පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව නිවේදනය කර ඇත.

    කෙප්ලර් අභව්‍යාකාශ දුරේක්ෂය භාවිතා කරන තාරකා විද්‍යාඥයන් පිරිසක් අපගේ සෞරග‍්‍රහ මණ්ඩලයේ පවතින නව ග‍්‍රහලෝක 219ක් හඳුනාගෙන ඇති අතර එයින් 10ක් වාසයට සුදුසු විය හැකි බවට අනුමාන කරන බව නාසා ආයතනය සඳහන් කරයි.

    සෞරග‍්‍රහ මණ්ඩලයේ ජන විකාශය සහ එහි පවතින ග‍්‍රහලෝක සොයා බැලීම සඳහා මෙම කෙප්ලර් දුරේක්ෂය 2009 වසරේදී කක්ෂගත කර ඇති අතර පෘතුවි අභව්‍යාකාශයේ සිට ආලෝක වර්ෂ 100-200 අතර කලාපයේ පිහිටා ඇති සියළුම ග‍්‍රහලෝක මේවන විට හඳුනාගෙන අවසන් බවද නාසා ආයතනය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.

    නාසා ආයතනය ඊයේ (19) පැවැත්වූ මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වුණු කෙප්ලර් වැඩසටහනේ විද්‍යාඥ මාරියෝ පෙරෙස් මහත්මිය “පෙනෙන හැටියට අපි තනිවම නොවෙයි” යනුවෙන් පැවසීය.

    පෘතුවිය හා සමාන තවත් ග‍්‍රහලෝක 10ක් සෞරග‍්‍රහ මණ්ඩලය තුළ නියත වශයෙන්ම පිහිටා ඇති බව මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාවට එක් වුණු කෙප්ලර් පර්යේෂක විද්‍යාඥ සූසන් තොම්සන් මහත්මිය සඳහන් කරයි.

    [rns_reactions]

  • “50 ගහනකම්වත් දුවාගන්න බැරිනම් ගෙදර යන්න..”- ඇමති දයාසිරි

    ක්‍රීඩා විද්‍යා ආයතනය මගින් පවත්වනු ලැබූ ක්‍රීඩා ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිම කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත සහතික පත්‍ර ප්‍රදානය කිරීම ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    එහිදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් 600 කට අධික පිරිසක්‌ වෙත එදින සහතික පත්‍ර ප්‍රදානය කළ අතර සහතික පත්‍ර, ඩිප්ලෝමා සහ උසස්‌ ඩිප්ලෝමා පාඨමාලා හැදෑරූ සිසු සිසුවියන් ඒ අතර විය.

    පුහුණුකරුවන්ගේ ඇති අත්මාර්ථකාමීත්වය මෙරට ක්‍රීඩාව ඇද වැටීමට ප්‍රධාන හේතුවක්‌ බවට පවසන ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ‘ලංකාවේ ක්‍රීඩාව ඇද වැටීමට ඇති පළවෙනි හේතුව තමයි පුහුණුකරුවන්ගේ ඇති ආත්මාර්ථකාමීත්වය. දෙක පුහුණුකරුවන් ලෙස විශාල පිරිසකට මෙම ක්‌ෂේත්‍රයට ඒමට තිබෙන ඉඩ අහුරා තිබීම. තුන පුහුණුකරුවන් ලෙස ලැබිය යුතු පුහුණුව හා අධ්‍යාපනය නොමැතිව ක්‍රීඩකයන්ව පුහුණු කිරීම. මේ නිසා තමයි අද විශාල අර්බුදයක්‌ රට තුළ ඇතිවී තිබෙන්නේ.’ යි හෙතෙම එහිදී පවසා සිටියේය.

    මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩකයන් පිළිබඳව ද ක්‍රීඩා අමාත්‍ය වරයා වැඩි වශයෙන් කතා කිරීම ද විශේෂත්වයක්‌ බවට පත්විය. ‘ක්‍රිකට්‌වල නම් ජාතික කණ්‌ඩායමට පැමිණි පසුයි ශක්‌ති වර්ධන ව්‍යායාම කරන්න මහන්සි වෙන්නේ. නමුත් එතකොට සම්පූර්ණ ශරීරය වෙනත් පැත්තකට හැරිලා ඉවරයි.

    ලංකා කණ්‌ඩායමට ඇවිල්ලා දිගටම ඒ අභ්‍යාස කරන විට සිදු වෙන්නේ 50 ගහන කොට කකුල අල්ලගෙන ඉඳගන්න සිද්ධ වෙන එක. 25ක්‌ ගහන කොට දුවාගන්න බෑ. මෙච්චර කල් ක්‍රිකට්‌වල තිබුණා ක්‍රීඩකයෙක්‌ගෙ කකුලේ ආබාධයක්‌ ඇතිවුණාම ඒ වෙනුවට දුවන්න කෙනෙක්‌ ගන්න පුළුවන්කම. දැන් ඒකත් නතර කරලා තිබෙන්නේ. ඒක හොදයි. මොකද 50 ගහනකල් දුවන්න බැරිනම් එයා ගෙදර යන්න ඕන.

    එහෙම ෆිට්‌නස්‌ නැත්නම් ස්‌ටේ්‍රන්ත් නැත්නම් ක්‍රීඩා කරලා වැඩක්‌ නෑ. ජාතික කණ්‌ඩායමට ආවට පස්‌සේ ඉන්න පිටරට පුහුණුකරුවෝ කියනවා අපෝ මෙයාව දුවවන්න එපා. මෙයා අපිට ඉන්න හොද ප්ලේයර් කෙනෙක්‌ කියලා. මෙයාගේ මාංශ පේශියක්‌ ගියොත් සෙල්ලම් කරන්න බැරිවෙනවා කියනවා. ඉතිං ක්‍රීඩා කරනවිට පේනවා ටීෂර්ට්‌ එකට උඩින් බඩ ඇවිල්ලා තියෙනවා. ලංකාවේ තරම් කැත මිනිස්‌සු ටිකක්‌ ක්‍රිකට්‌ ක්‍රීඩා කරන වෙන රටක්‌ නෑ. කිහිපදෙනයි එහෙම නැතුව ෆිට්‌නස්‌ ස්‌ටේ්‍රන්ත් එක්‌ක ඉන්නේ. මේක කිවුවට පස්‌සේ මට කට්‌ටිය බනින්න පුළුවන්.

    කෙනෙක්‌ කියලා තිබුණේ කැච් අත ඇරුනා කියලා මැච් පරදින්නේ නැහැ කියලා. කැච් අත ඇරුන නිසා තමයි මැච් පැරදුනේ. කැච් එක ගන්න ළගට යනකොට බඩ වැඩිනම් කැච් එක අල්ලන්න අත යන්නේ නැහැ. ඊට පස්‌සේ කැච් එක අතඇරලා ඔළුවේ අතගහගෙන ඉන්නවා. මේක තමයි සිද්ධ වෙන්නේ.

    අද බලන්න බංගලාදේශ කණ්‌ඩායම. එක ක්‍රීඩකයෙක්‌ගෙවත් උදරය ඉදිරියට නෙරා ඇවිල්ලා නැහැ. මොකද ඒ? ඒ ඔවුන් ඉතාමත් නිවැරදි ආකාරයට පුහුණු කිරීම් සිදුකරන නිසා. නමුත් අපේ කණ්‌ඩායමේ සියලු දෙනාව බබාලා වගේ තමයි හදන්නේ. මම ඒ නිසයි කිව්වේ මේ අයව හමුදා කදවුරකට යවලා මාස 6ක්‌ විතර පුහුණු කිරීම් කරවන්න ඕන කියලා.’ යි වැඩිදුරටත් පවසා සිටියේය.

    [rns_reactions]

  • මොහුව දන්නවාද? එහෙනම් දැන්ම එන්න පොලිසියට..

    මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගයේ මාබෝල පාලම අසලදී සිදු වූ රිය අනතුරකින් බලරපතල තුවාල ලැබූ පුද්ගලයෙකුගේ අනන්‍යතාව හෙළි කර ගැනීමට පොලිසිය මහජන සහය අපේක්ෂා කරනවා. 

    පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේ තුවාල ලබා ඇති මෙම පුද්ගලයා වයස අවුරුදු 45 ත් 50 ත් අතර වන බවයි. 

    ඔහුගේ උස අඩි 05 යි දශම 5ක්. 

    අනතුරෙන් පසු බරපතල තුවාල ලබා සිටි මෙම පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා. 

    ඔහුගේ ඡායාරූපයක් පහතින්.  

    [rns_reactions]

  • තරු පදින වාහන….

    මං ගොඩක් ගමනට පාවිච්චි කරන්නේ මර්සිඩීස් බෙන්ස් GLA 200 රතු පාට එකක්. මුලින්ම පෙරුම් පුරලා ගත්තේ CRZ හොන්ඩා කාර් එකක්. මං ගොඩක් ට්‍රයි කරන්නේ කවදාහරි පෝස් 911 කාර් එකට. මොන වාහන තිබුණත් කන්න සල්ලි නැති වුණොත් ඒවා විකුණනවා.

    අනුෂා දමයන්ති

    මම එදිනෙද ගමන්වලදී පාවිච්චි කරන්නේ ඩාන්සින් ස්ටාස් දිනපු කයිරොන් මෙරුන් පාට ජීප් එක. තෑග්ගක් විකුණන්න බෑනේ. ඉතින් තාම ජීප් එක පදිනවා. මගේ ඩ්‍රීම් එක වෙන්නේ තවත් අලුත් ජීප් එකක්. ලොකු ජීප් පැදලා පොඩි එකකට යන්න අමාරුයි. ජීප් එකට කලින් මට තිබුණේ ඩියොස් කාර් එකක්.

    රොෂාන් රණවක


    මට තියෙන්නේ හොන්ඩා Vezel එකක්. 2014 මම පැදපු හොන්ඩා ඉන්සයිට් එකට පස්සේ මේ වාහනය තෝර ගත්තා. දෙයියන්ගේ පිහිටෙන් කිසිම කරදරයක් නැතුව යන්න පුළුවන්. ෂූටින්වලට වගේම දුර ගමන් යන්නත් මට Vezel ලොකු උදව්වක් වෙනවා.

    උදය ශ්‍රී

     

     

     

     

    මම ගොඩක් කැමති  මිට්සුබිෂි ලාන්සර් කාර්වලට. දැන් පාවිච්චි කරන්නේ මිට්සුබිෂි ලාන්සර් කළු පාට කාර් එකක්. 2006 අවුරුද්ද වෙනකන් මම පාවිච්චි කළේ හොන්ඩා සිවික් වාහනයක්. ඒ වාහනය විකුණද්දී මට දුක හිතුණා. ලාන්සර් වාහනේ තියෙන කාලේ මතක සටහන් ගොඩක් තියෙනවා. මගේ වයිෆ් වගේම පුතත් ලැබුණේ ඒ වාහනය තියෙන කාලේදී. මට ඩ්‍රීම් වෙහිකල් එකක් තියෙනවා. ඉස්සර ඉඳන්ම මම නයිට් රයිඩර් කාර් එකට ආසයි.


    අපි තරු. ඉතින් තරුවලට හොරු වගේ ඉන්න බෑනේ. මම පාවිච්චි කරන්නේ BMW 520 සුදු පාට කාර් එකක්. අපි අඳින, පළඳින දේ වගේම වාහනේ ගැනත් ගොඩක් හොයලා බලන්න කැමතියි. ඒ කොහොම වුණත් මේ වෙලාවේ මගේ ආදරණිය රසිකයන්වත් මම මතක් කරනවා.

    ගයාත්‍රි ඩයස්


    මට තියෙන්නේ Vezel සුදු පාට කාර් එකක්. ඒක අරගෙන අවුරුදු දෙකක් වෙනවා. මේ මගේ අට වැනි කාර් එක. සාමාන්‍යයෙන් මම අවුරුදු තුනකට වඩා වාහනයක් තියාගන්නේ නැහැ. ඒ කොහොම වුණත් මම තාමත් කැමති කළින් තිබුණු ඇලියොන් 250 එකට. ඒක මාව කවදාවත් රස්තියාදු කළේ නැහැ. ලබන අවුරුද්දේ පැට්‍රොල් ජීප් එකක් ගන්න හිතන් ඉන්නවා.

    [rns_reactions]

     

  • ඩෙංගු මදුරු මර්දනයට බැක්ටීරියාවක්

    ඩෙංගු මදුරුවන් විනාශ කිරීම සදහා සොයාගෙන ඇති නව බැක්ටිීරියාවක් ශ්‍රී ලංකාවෙි ද යොදා ගැනීමට ඇති හැකියාව පිළිබද පරීක්ෂණ පවත්වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. එම බැක්ටිීරියාව මගින් ඩෙංගු මදුරුවාගේ විෂ අඩු කිරීමෙි හැකියාවක් ඇති අතර, එය දැනට වියට්නාමය, ඉන්දුනිසියාව වැනි රටවල අත්හදා බලා තිබේ. 
    මෙම බැක්ටිීරියාව කෘෂිකර්ම කටයුතුවලට ද යොදා ගනු ලබන බවත් ඒ පිළිබඳ පර්යේෂණ කළ ඕස්ට්‍රෙිලියාවෙි මොනැෂ් විශ්ව විද්‍යාලය සඳහන් කරයි. 
    ශ්‍රී ලංකාවෙි මෙම පරීක්ෂණ ආරම්භ කිරිමට එම විශ්ව විද්‍යාලය බලාපොරොත්තු වන අතර, එය සාර්ථක වුවහොත් සෑම ප්‍රදේශයකටම බැක්ටිීරියාව ව්‍යාප්ත කර ඩෙංගු මදුරු මර්දන කටයුතු ක්‍රියාත්මක කළ හැකි බව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ ජාතික සම්බන්ධීකාරක වෛද්‍ය හසිත තිසේරා මහතා පවසයි. 
    මෙි පිළිබද සාකචිඡා කිරිම සදහා ලබන මස ඕස්ට්‍රෙිලියාවෙි විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණිමට ද නියමිතය. නව තාක්ෂණය ක්‍රියාත්මක කිරිම තුලින් ඩෙංගු
    මදුරු මර්දන කටයුතු කඩිනම් කිරීම කළ හැකිබවද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටි. 
    [rns_reactions]
  • චීනය ඉබේ ධාවනය වන බස්-දුම්රිය හයිබි්‍රඩ් එකක් නිමවයි

    දැනටමත් ඉබේ ධාවනය වන වාහන ලොවට හඳුන්වා දී තිබෙන අතර, උෟබර් සහ ටෙස්ලා යන සමාගම් කාර්වලට අමතරව ඉබේ ධාවනය වන වෙනත් වාහන ප්‍රභේද ද ලොවට හඳුන්වා දීමට නිරන්තරයෙන්ම වෙහෙසෙනවා.

    චීනයේ ඛ්අඅඛ් නැමැති රේල්ලු සමාගම බසයක් සහ දුම්රියක් යන ප්‍රභේද දෙකම භාවිත කළ හැකි ඔටෝ ධාවනය වන වාහනයක් නිමවා තිබෙනවා.

    මෙයට බසයක් ලෙස මහමාර්ගවල ගමන් කිරීමේ හැකියාව තිබෙනවා.

    නමුත් මෙයට කෝච්චි පෙට්ටි මෙන් මගී ප්‍රවාහන ප්‍රමාණයේ අවශ්‍යතාව අනුව පහසුවෙන් පෙට්ටි එකතු කිරීමේ සහ අඩු කිරීමේ හැකියාවත් තිබෙනවා. එම එක පෙට්ටියකට මගීන් 100ක් රැගෙන යා හැකියි.

    සම්පූර්ණයෙන්ම ඉලෙක්ටි්‍රක් බලයෙන් ධාවනය වන මෙම බස් දුම්රිය චීනයේ සුසවූ නගරයේ 2018 සිට ධාවනය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

    [rns_reactions]

  • මුහුද අපවිත්‍ර කරන රටවල් හයට ශ්‍රී ලංකාවත්….

    වැඩිම ප්‍රමාණයක් මුහුදට ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය මුදාහරින රටවල් හය අතුරින් ‍ශ්‍රී ලංකාව හය (06) වන ස්ථානයේ සිටින බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය පවසන අන්දමට මේ අපද්‍රව්‍ය මුහුදට වැඩි වශයෙන් මුදා හරිනු ලබන්නේ ධීවරයන් විසිනි. මෙසේ දිනකට මුදාහරින අපද්‍රව්‍ය ප්‍රමාණයෙන් ටොන් හයක් ප්ලාස්ටික් අපද්‍රව්‍ය වන අතර, මේ අපද්‍රව්‍ය එකතු වීම නිසා මුහුදු මත්ස්‍යයන්ට, කොරල්පර සහ මුහුදු පැළෑටිවලට විශාල වශයෙන් හානි සිදු වන බවත්, එම නිසා මේ පිළිබඳව කඩිනමින් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ධීවර වරාය මගින් දියඹට යන බහුදින යාත්‍රාවලින් වැඩි වශයෙන් බැහැර කරන අපද්‍රව්‍ය හේතුවෙන් මේ තත්ත්වය උත්ගත වී ඇති අතර, ඉදිරි දින කිහිපය ඇතුළත දියඹට යන ධීවර යාත්‍රා ධීවර නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කරන බවත්, බැහැර කරන අපද්‍රව්‍ය රඳවනයක් යාත්‍රාවල සකස් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යංශය කියා සිටී. එසේ දියඹට ගෙන යන අපද්‍රව්‍ය යළි ගොඩබිමට ‍නොගෙනෙන ධීවරයන්ට විරුද්ධව නෛතික පියවර ගන්නා බවද අමාත්‍යංශය සඳහන් කරයි‍.

    [rns_reactions]

  • මාත් පණ වගේ ආදරය කරපු කෙනෙක් හිටියා…තාරුකා කියූ කථාව…

    මෑතකදී රියලිටි නැටුමටත් දක්ෂ වුණු තාරුකා “පත්තිනි” නාට්‍යයේ කන්නගි හරහා මේ දිනවලදී ආලින්දයට පැමිණෙනවා. ඉතින් කන්නගීත්, තරුකාත් ගතිගුණ අතින් සමාන බවයි එයා අපිට කිව්වේ.

    තාරුකා කන්නගිව දකින්නේ කොහොමද?

    කන්නගි කියන්නේ සාමාන්‍ය කාන්තාවක්.  එයා පත්තිනි වෙන්නේ සමාජය නිසාමයි.

    අද වෙද්දී ගොඩක් තරුණියන් ආදරේ වගේ කාරණාවලදී ගොඩක් සංවේදී වෙනවා. එක හොඳ දෙයක්ද?

    ආදරය වගේ කාරනාවලදී අපි සංවේදී වෙන්න ඕනා. ඒත් ඕනවට වඩා සංවේදී වුණාම අපි රැවටීම්වලට ලක්වෙනවා.  එතනින් පරිස්සම්වෙන එක එයාගේ වැඩක්.

    තරුකාත් අදරේදී සංවේදී වෙලා තියෙනවද?

    අදරේදී අපි කවුරුත් සංවේදී නෑ කියන්න බෑ. හැබැයි එතනත් සීමාවක් තියෙනවා. ඒ සීමාව ඇතුලේ මම ඉන්නවා.

    තමන්ට ළඟම ආදරේ නැතිවෙලා ගියාම ගොඩක් ගැහැණු ළමයි කරන්නේ අඬන එක?

    මාත් එහෙම අඬල තියෙනවා.

    හිතේ තියෙන දුක ළඟම කෙනෙකුට කිව්වොත් නරකද?

    ඒකත් හොඳයි. ඒත් මට ආදරේදී දුකක් ආවම මං ම හිත තද කරගෙන ඒ දුක විඳිනවා.

    පණ වගේ ආදරය කරලා දාල ගිය කෙනෙක් මුණගැහුනොත් ඒ ආදරය භාරගන්නවද?

    මගේ ජිවිටහ්යේ එහෙම දෙයක් වෙලා තියෙනවා. එයාගේ වැරැද්දට මම සමාව දුන්න එච්චරයි. කලින් වගේ ආපහු ආදරයක් එයා වෙනුවෙන් දුන්නේනම් නැහැ.

    සමහරු ආදරය කරද්දී දුන්නු තෑගි එකතු කරනවා. ඒ මතකයට ආදර නිසා. ආදරය කරපු මතක සැමරුම් තාරකාගේ ජීවිතෙත් ඇති?

    මේ ළඟදී  කබඩ් එකක් අස්කරද්දී එහෙම කෙනෙක් දුන්නු කාඩ් වගයක් හම්බ වුණා.

    ඉතින් ඒවාට මොකද කළේ විසි කළාද?

    විසි කළේ නැහැ. තාම මා ගාව තියෙනවා.

    ක්ෂේත්‍රයේ කෙනෙක් ආදරය ඉල්ලුවොත්?

    ඒක ඒ මොහොත අනුව සිද්ධවෙයි. දැනටනම්  ආදරයක් නෑ.

    [rns_reactions]

  • මුහුණු පොතෙන් හමු වූ ප්‍රංශ ජනපතිගේ කතාව…..

    මුහුණු පොත නැත්තම් බුකිය කියලා නේ අපේ ලංකාව අය කියන්නේ. බුකියෙන් අපිට ඕන ඕන විදියේ එක එක යාලුවෝ හම්බෙනවා.

    ඒ වගේම ඕකෙන් හම්බෙන ආදර කතා නිසා හරිම දුක හිතෙන, හද කම්පා වෙන දේවල් ලංකාවේ වුණා පහුගිය දවස්වල.

    එත් ඔන්න මුහුණු පොතෙන් හම්බුණු ආදරයක් ගැන අපිට ආරංචි වුණා. එත් මේක ටිකක් වෙනස් කතාවක්

    මුහුණු පොතෙන් හමුවූ අවුරුදු 16 ක ගැටවරයෙකුට පෙම් බැඳි 31 හැවිරිදි තරුණියක් මාස 8 ක දරුවෙකු බිහි කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

    මේ සිදුවීම වාර්තා වන්නේ එංගලන්තයෙන්.

    මෙම තරුණිය Kathleen Martin වන අතර ඇයගේ වයස 31 ක්. තරුණයා Jack Fucile නම් වන අතර ඔහුගේ වයස අවුරුදු 16 ක්.

    ඔවුන් දෙදෙනා මුල් වරට 2015 වර්ෂයේදී දැන හඳුනාගෙන ඇත්තේ මුහුණු පොතෙන් වන අතර ඔවුන්ගේ කතාබහට පසුව ආදරයක් බවට පත්වුණා.
    මෙම ආදර සම්බන්තාවයේ ප්‍රතිඵලයක් ලෙස Kathleen Martin ගැබ්ගෙන තිබුණා.

    කෙසේ වෙතත් පෙම්වතියට දරුවා ලැබීමට ප්‍රසූත වේදනාවෙන් සිටි අතර රෝහලට ගෙන යෑමට තරම් කාලයක් නොමැති නිසා මෙම තරුණයා රෝහලට දුරකථනයෙන් සම්බන්ධ වී විස්තර දැනගනිමින් දරුවා නිවෙසේදී ප්‍රසූත කර ඇති බවයි වාර්තා වුණේ..

    මේ වනවිට එම බිළිඳා යහපත් සෞඛ්‍යය තත්වයෙන් ඇති බවත් මෙය ඇයගේ 3 වෙනි දරු උපත බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

    [rns_reactions]