Category: සුපිරි Politics

  • අවසානයේ සියල්ල හෙලිවෙයි.. ලසන්ත ඝාතනයට ගෝඨා සම්බන්ධ බව අධිකරණයට දැනුම් දෙයි…

    අවසානයේ සියල්ල හෙලිවෙයි.. ලසන්ත ඝාතනයට ගෝඨා සම්බන්ධ බව අධිකරණයට දැනුම් දෙයි…

    මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානයක්කාර, හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන අය සම්බන්ධ බවට, තමන් සැක කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (23) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබේ.

    ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී පරික්ෂණයක් ආරම්භ කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දැනුම් දී තිබේ.

  • යනවද?ඉන්නවද?මොකද කරන්නේ? තීරණාත්මක ශ්‍රිලනිප මධ්‍යම කාරක සභා රැස්වීම අද….

    යනවද?ඉන්නවද?මොකද කරන්නේ? තීරණාත්මක ශ්‍රිලනිප මධ්‍යම කාරක සභා රැස්වීම අද….

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද(24) රැස්වීමට නියමිතව තිබේ.
    අද රාත්‍රී 8.00 ජනාධිපති නිල නිවසේ දී මධ්‍යම කාරක සභාව රැස් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
    මධ්‍යම කාරක සභාව රැස්වීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායම ද රැස්විම නියමිතව තිබේ.
    මේ සඳහා පසුගියදා අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඡන්දය ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනාට ද ආරාධනා කර ඇති බව සඳහන් වෙයි.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
    ආණ්ඩුව සමඟ එක්ව තවදුරටත් කටයුතු කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව මෙහිදි අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිතයි.
    කෙසේවෙතත් ලබන මැයි අට වන දින පාර්ලිමේන්තු රැස්වීමේ දී තමන් ඇතුළු විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් 16 දෙනා විපක්ෂයේ අසුන් ගැනීම අනිවාර්යය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.
    අදාළ මන්ත්‍රීවරුන් පිරිස ඊයේ(23) රාත්‍රී විශේෂ සාකච්ඡාවක නිරත වු අතර එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ජෝන් සෙනෙවිරත්න මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.
    කෙසේවෙතත් වත්මන් ආණ්ඩුවේ පවතින අඩුපාඩු සකස් කරගනිමින් ඉදිරියේ දී නව මුහුණුවරක් යටතේ ආණ්ඩුව ගෙන යාමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
    ටි.වි.දෙරණ ඔස්සේ ඊයේ රාත්‍රී විකාශය වූ 360 කාලීන වැඩසටහනට එක්වෙමින් මහින්ද අමරවීර අමත්‍යවරයා මෙම අදහස් පල කළේය.
    කෙසේවෙතත් ඉදිරියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සියලු පක්ෂ එක්ව නව බලවේගයක් ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
  • ජනතා සහ පාක්ෂික විරෝධය හේතුවෙන් අගමැතිවරයා සිය ධූරයෙන් සමුගැනීමේ තීරණයක….

    ජනතා සහ පාක්ෂික විරෝධය හේතුවෙන් අගමැතිවරයා සිය ධූරයෙන් සමුගැනීමේ තීරණයක….

    ජනතාවගෙන් එල්ලවූ දැඩි විරෝධය හේතුවෙන් ආර්මේනියාවේ අගමැතිවරයා ඉල්ලා අස්වී තිබේ.
    ඒ සමඟ වැඩ බලන අගමැති ලෙස හිටපු අගමැතිවරයා පත් කර ඇති බව සඳහන් වෙයි.
    2008 වසරේ සිට ආර්මේනියාවේ ජනපතිධුරයේ කටයුතු කල සර්ෂ් සාග්සයන් එරට අගමැති ධුරයේ වැඩ භාරගත්තේ පසුගිය 17 වනදායි.
    වසර පහ බැගින් ධුර කාල දෙකක් ඔහු ජනපති ධුරයේ කටයුතු කර තිබේ.
    අගමැති ධුරයට පත්වීමත් සමඟ බලයට දැඩි ලෝභීත්වයක් දක්වන්නෙකු බවට විරුද්ධ පාක්ෂිකයින් ඔහුට චෝදනා එල්ල කළේය.
    දින ගණනාවක් සිට සාග්සයන්ට එරෙහිව දැවැන්ත විරෝධතා පැවැත්වුණු අතර ඒ සඳහා දහස් සංඛ්‍යාත පිරිස් සහභාගිවී සිටි ආකාරයද දක්නට ලැබුණි.
    මෙවන් පසුබිමක් යටතේ අගමැතිවරයා ඉල්ලා අස්වීමට තීරණය කළේ තමා විරෝධතාකරුවන්ගේ ඉල්ලීම ඉටු කළ බව පවසමින් ය.
  • රාජපක්ෂලා අපේ  සහෝදරකම නැති කරන්න උත්සාහ කරනවා – රණතුංග පවුල හරිවෙලාවට එකතැන!

    රාජපක්ෂලා අපේ සහෝදරකම නැති කරන්න උත්සාහ කරනවා – රණතුංග පවුල හරිවෙලාවට එකතැන!

    ප්‍ර‍සන්න මල්ලිගේ දේශපාලන ක්‍ර‍මය වෙනස් ක්‍ර‍මයක්. රුවන් මල්ලි ඉන්නේ බණ්ඩාරනායක ප්‍ර‍තිපත්ති එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. හැබැයි අපේ සහෝදරකම නැති වෙලා නැහැ. හරිවෙලාවල් වෙනකොට අපි කට්ටිය හිදගනී එකතැන…

    තම පියාණන් වන හිටපු අමාත්‍ය රෙජී රණතුංග මැතිතුමා තමන්ගේ ජීවිතයටත් වඩා සිය පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්නතිය උදෙසා කැප වූ විශිෂ්ට ජනතා නායකයෙකු බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රෙජී රණතුංග මැතිතුමාගේ 81වැනි ජන්ම දින සැමරුම සඳහා උඩුගම්පොළ පිහිටි රෙජී රණතුංග ස්මාරකයට පුෂ්පෝපහාර දක්වමිනි. එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍ර‍ශ්නවලට පිළිතුරු දෙමින් අර්ජුන රණතුංග අමාත්‍යතුමා වැඩිදුරටත් කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් සිය පියාගේ ජන්මදින සැමරුව තම දේශපාලන වාසි සඳහා යොදා ගැනීම තරයේ හෙළා දකින බවයි.

    “මහින්ද රාපක්ෂ මැතිතුමා ජීවත්ව සිටිනතාක් කල් අපේ තාත්තා ගැන බැලුවේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මැරෙන්න දුන්නේ. එහෙම තත්ත්වයක අපේ තාත්තාගේ මිනී වලටවත් ගරු කිරීම ගැන මම සතුටුවනවා. නමුත් පක්ෂය ගැන විශාල කැපකිරීමක් කළ මිනිස්සු අගය කරන්න ඕන මැරුණට පස්සේ නෙමෙයි. දේශපාලන වාසි තකා මැරුණු මිනිස්සු විකුණගෙන කන්න හොද නැහැ. එය මම හෙළා දකිනවා. නමුත් එකපැත්තකින් එතුමාට දැන් හරි ඇස් ඇරිලා තියෙන එක ගැන මම සතුටු වෙනවා….. ” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. එහිදී මාධ්‍යවේදීවකු විමසා සිටියේ රණතුංග පවුල කඩන්න හදන්නේ රාජපක්ෂලාද යනුවෙනි. ඊට පිළිතුරු දෙමින් අර්ජුන රණතුංග මහතා පැවසුවේ එය අද ඊයෙක සිදු වුණු දෙයක් නොවන බවයි.

    “ අපේ තාත්තා ජීවත්වෙන කොට පවුල කඩන්න කාටවත් දුන්නේ නැහැ. තාත්තා නැතිවුණාට පස්සේ සමහර දේශපාලනඥයන් එය සිදු කරනවා.

    එක එක පවුල් මරවලා කොටවලා හරි තමන්ට දේශපාලන වාසි ලබා ගන්න මේ අය උත්සාහ කරනවා. කාවහරි විකුණගෙන දේශපාලනය කරනවා. එය එදත් කළා. අදත් කරනවා. හෙටත් කරනවා. ඒ අය අපේ සහෝදරකම නැති කරන්න හරියට උත්සාහ කරනවා.

    රණතුංග පවුල කියන්නේ බණ්ඩාරනායකවරුන්ට පස්සේ ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලනික වශයෙන් ශක්තිමත්ම පවුල. ඒ පවුල කඩන කොට තමයි ඔවුනට වාසි. ඒක අද ඊයේ වෙච්ච දෙයක් නෙමයි. එක් අතකින් අද අපේ තාත්තා නැති වුණු එක හොදයි. නැතිනම් මේවා දැකලා තමයි තාත්තට නැති වෙන්න වෙන්නේ.

    අපේ තාත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරක්ෂා කරගනිමින් බණ්ඩාරනායක ප්‍ර‍තිපත්ති ඉදිරියට ගෙන ගිය කෙනෙක්. කවදාවත් පක්ෂය දාලා ගියෙත් නැහැ. පක්ෂය කඩන්න කුඩු කරන්න හැදුවෙත් නැහැ. ප්‍ර‍ශ්න ඇතිවන හැම වෙලාවකම පක්ෂය ආරක්ෂා කරන්න කටයුතු කළ කෙනෙක්.

    එතුමා ගැන අපිට පුත්තු විදියට ආඩම්බර වෙන්න පුළුවන්. අපේ තාත්තා හොකරම් කළ දේශපාලනඥයෙක් නෙමෙයි. එතුමා ඔය කියන දේශපාලනඥයින්ට ආදර්ශයක්. ඔය දේශපානඥයින් අපේ පවුල කඩන්න හැදුවට දේශපාලනය නිසා අපේ පවුලේ අසමගියක් නැහැ. එක එක්කෙනාගේ දේශපාලන ක්‍ර‍මවේදයේ වෙනසක් තියෙන්නේ. මම රට වෙනුවෙන් දේශපාලනය කරන කෙනෙක්. ප්‍ර‍සන්න මල්ලිගේ දේශපාලන ක්‍ර‍මය වෙනස් ක්‍ර‍මයක්. රුවන් මල්ලි ඉන්නේ බණ්ඩාරනායක ප්‍ර‍තිපත්ති එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. හැබැයි අපේ සහෝදරකම නැති වෙලා නැහැ. හරිවෙලාවල් වෙනකොට අපි කට්ටිය හිදගනී එකතැන….”

  • ලසන්ත, රතුපස්වල, වැලිකඩ, කීත් නොයාර්, එක්නැලිගොඩ සිද්ධි මෙහෙයවීම එකම හස්තයකින්…!

    ලසන්ත, රතුපස්වල, වැලිකඩ, කීත් නොයාර්, එක්නැලිගොඩ සිද්ධි මෙහෙයවීම එකම හස්තයකින්…!

    එම අභිරහස් ඝාතනවලට සම්බන්ධ යැයි සැක කරන ප්‍රධාන පුද්ගලයාට නිදැල්ලේ සිටීමට ඉඩ නොහැර එම පරීක්ෂණ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කර අධිකරණ උපදෙස් මත ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යන බව ද කියයි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ පවත්වනු ලබන සහ මේ වන විට අධිකරණ කිහිපයක් ඉදිරියේ විභාග වෙමින් පවතින බරපතළ අභිරහස් ඝාතන සහ පහරදීම් පහක් සිදු කිරීමට උපදෙස් ලබා දී ඇති ප්‍රබල හස්තය එකම පුද්ගලයකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණවලින් අනාවරණය වෙයි.

    ද සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, මාධ්‍යවේදී එක්නැලිගොඩ, බන්ධනාගාර ඝාතන 27, කීත් නොයාර්ට පහර දීම සහ රතුපස්වල ප්‍රහාරය එම අභිරහස් සිද්ධීන් වෙයි. මේ අපරාධ සියල්ලම ඉතාමත් සැලසුම් සහගතව සිදු කළ ඒවා බව එම පරීක්ෂණ තව දුරටත් හෙළිකර ගෙන තිබේ.

    මේ අපරාධ සම්බන්ධයෙන් පොලිසිය, ආරක්ෂක බුද්ධි අංශ සහ තවත් ඔත්තු සේවාවන්වල යැයි සැක කරන පිරිස් අත්අඩංගුවට ගෙන ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග ගෙන ඇතත් එම අපරාධ පිටුපස සිටින පුද්ගලයා එම අපරාධ සිදු කිරීමට සම්බන්ධ වී ඇති ආකාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා ගෙන ඇති තොරතුරු ඉදිරියේ දී අධිකරණයට ඉදිරිපත් කර ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට සහ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අධිකරණ අවසරය ලබා ගැනීමටත් බලාපොරොත්තුව සිටියි.

    ලසන්ත වික්‍රමතුංග ඝාතනය, එක්නැලිගොඩ ඝාතනය, බන්ධනාගාර ඝාතන ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් නිලධාරීන් සහ සෙසු ආරක්ෂක නිලධාරීන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇතත් ඔවුන්ගෙන් සහ විශේෂයෙන් ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් එම ඝාතන සිදු කිරීමටත් අදාළ පරීක්ෂණ අකර්මන්‍ය කිරීමටත් උපදෙස් ලබාදුන් පුද්ගලයා පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවී ඇත‍.

    එම අභිරහස් ඝාතනවලට සම්බන්ධ යැයි සැක කරන ප්‍රධාන පුද්ගලයාට නිදැල්ලේ සිටීමට ඉඩ නොහැර එම පරීක්ෂණ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කර අධිකරණ උපදෙස් මත ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යන බව ද කියයි.

    මීට වසර නවයකට පෙර අභිරහස් ලෙස මිලේච්ඡ ප්‍රහාරයකට ලක්ව මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්විය. එම පරීක්ෂණ සැකකරුවකු හරි හැටි නොමැතිව යට ගැසී තිබිය දී මීට වසර දෙකකට පමණ පෙර යළි එම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බාර ගෙන කිසිවකුත් බලාපොරොත්තු නොවූ පරිදි එම අපරාධයේ සුලමුල සොයා ගනිමින් එම ඝාතකයන් යැයි සැක කරන පුද්ගලයන් එම අපරාධයේ පරීක්ෂණ වාර්ත යට ගැසු පොලිස් නිලධාරීන් ද අත්අඩංගුවට ගනු ලැබුණි. මේ වන විට එම ඝාතනයට අදාළ නඩු විභාගය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.

    මාධ්‍යවේදී එක්නැලිගොඩ මහතා අභිරහස් ලෙස අතරුදන් වූයේ ඒ ආකාරයෙන්මය එදින ඔහු බොරැල්ල ප්‍රදේශයේ පැවැති සාදයකට ගොස් අපසු යමින් සිටියදී ඔහු පැහැර ගැනීමකට ලක්වී තිබුණි. ඔහු පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බව ද හෙළි වී ඇත.

    බන්ධනාගාර අපරාධ සිද්ධිය සිදු වූයේ 2012 වසරේදීය. එම සිද්ධිය වූ දින බන්ධනාගාර ප්‍රහාරයෙන් අමු අමුවේ මිලේච්ඡ ලෙස රැඳවියන් 27 දෙනකු ඝාතනය කර තිබුණි. එහිදී පුද්ගලයන් 11 දෙනකු ඝාතනය කළේ යැයි පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි ප්‍රබල සැකකරුවකු වූ බන්ධනාගාර නිලධාරියා රටින් පළා ගොස් තිබේ.

    නේෂන් පුවත් පතේ නියෝජ්‍ය කර්තෘ කීත් ලෙරෝයි නෙයාර් පැහැර ගැනීමට ලක් වූයේ 2008 මැයි මස 22 වැනිදාය. එදින වැල්ලවත්තේ නිවස අසලට යන අතරතුර දී අසල නවතා තිබූ සුදු පහැති වැන් රථයක සිටි පිරිසක් කඩා පැන කීත් නෙයාර් මහතාට අමානුෂික ලෙස පහර දී පැහැර ගෙන තිබුණි. මේ අපරාධ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යුද්ධ හමුදාවේ බුද්ධි අංශය බාරව සිටි විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයකු මීට සති දෙකකට පෙර අත්අඩංගුවට ගෙන ඇත. මේ සිද්ධියට අදාළ නඩු විභාගය ගල්කිස්ස අධිකරණය ඉදිරියේ විභාග වන අතර, පෙරේදා නඩුව කැඳවූ අවස්ථාවේදී මේජර් ජෙනරාල්වරයාගේ ඇප ප්‍රතික්ෂේප විය.

  • නාන බද්දකුත් ගේමු.. පොහොට්ටුවේ අමුතු බද්දක් නිසා ප්‍රාදේශීය සභා සැසි වාරය උණුසුම් වෙයි..!

    නාන බද්දකුත් ගේමු.. පොහොට්ටුවේ අමුතු බද්දක් නිසා ප්‍රාදේශීය සභා සැසි වාරය උණුසුම් වෙයි..!

    බදු කියන මාතෘකාව ටිකක් වැඩිපුර අපේ රටේ කතාබහට ලක්වන මාතෘකාවක්. ඒ වගේම නවක ප්‍රාදේශිය සභා මනත්‍රීවරයෙක් යෝජනා කල අපූරු බදු ක්‍රමයක් නිසා ඊයේ (23) පැවති කොළොන්න ප්‍රාදේශිය සභා සැසිවාරයේදී උණුසුම් තත්වයක් ඇති වූ බව වාර්තා වනවා.

    කොළොන්න ප්‍රාදේශීය සභාවේ සභාපති ටී. රූපසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සැසිවාරයේදී හිටපු සභාපති මෙන්ම විපක්‌ෂ නායක (එ.ජා.ප) බී.ආරියවංශ විසින් සභාපතිවරයාට බහුතරයක්‌ සභාව තුළ නොමැති බවත් එබැවින් බෙදීමක්‌ වුවමනා බවත් ඒ අනුව රහස්‌ ඡන්දයක්‌ පවත්වා සභාපතිවරයාගේ බලය සම්බන්ධයෙන් විමසීමක්‌ කළ යුතු බවද ප්‍රකාශ කර තිබුණා. කෙසේ නමුත් සභාපතිවරයාගේ බලය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක්‌ නොමැති බව පවසමින් සභාපති ටී.රූපසිංහ  විසින් සභාව පවත්වාගෙන ගොස් තිබුණා.

    මේ අතරේදී නවක මන්ත්‍රීවරයෙකු විසින් නාන බද්දක්‌ පිළිබඳව සභාවට යෝජනාවක්‌ කිරීමත් සමඟ  සභාවේ උණුසුම් තත්ත්වයක්  ඇතිවී තිබුණා.එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ටී.එල්. තුසිත ප්‍රකාශකර තිබුණෙ කොළොන්නේ නාන තොටුපළවල් බොහෝ ප්‍රමාණයක්‌ ඇති බවත් මෙහි දිය නෑම සඳහා 500ක්‌ පමණ පැමිණෙන බවත් මේ අයගෙන් බදු මුදලක්‌ ලබාගතයුතු බවත්ය.

    කෙසේ වෙතත් එම අවස්ථාවේදී  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළොන්න ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඉඳුනිල් රාජපක්‌ෂ  කියා සිටියේ ඹබතුමාට ඕනනම් නාන අයගෙන් බදු ගන්න අපි ආවේ මිනිස්‌සුන්ගේ ඡන්දය අරගෙන ඔබතුමාගේ ගමේ නාන අයගෙන් නාන බද්ද ගන්න. අපිට නම් බැහැ. අපිට නාන එකෙනුත් බදු අරගෙන ගමට යන්න බැහැ. යනුවෙනි.

  • මට නැවුනට වැඩක් නෑ.. මහින්දග‍ේ දෝස්මුරයත් සමගින් පවිත්‍රා රත්නපුරෙන් දොට්ට විසිවෙන ලකුණු..

    මට නැවුනට වැඩක් නෑ.. මහින්දග‍ේ දෝස්මුරයත් සමගින් පවිත්‍රා රත්නපුරෙන් දොට්ට විසිවෙන ලකුණු..

    ඒකාබද්ද විපක්‍ෂයේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ නායකත්වය වෙනත් ප්‍රභලයෙකුට ලබා දීමට සූදානමක් ඇති බව මාධ්‍ය වාර්තා පලවෙයි.

    රත්නපුර මහ නරග සභාවට නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට පැවති ඡන්ද විමසීමේදී මූලික එකගතා කඩ කරමින් එක්සත් ජාතික පක්‍ෂයේ සහයෝගය ලබාගෙන තම නියෝජිතයෙක් නගරාධිපතිවරයා ලෙස පත් කර ගත්තේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියට එල්ල වී ඇති විරෝධතාවක් හේතුවෙන් මෙම තීන්දුව ගනු ඇතැයි සදහන්ය.

    දිස්ත‍්‍රික්කයේ තවත් පළාත් පාලන ආයතන කිහිපයකම මේ ආකාරයේ කටයුතු සිදුව ඇති බව එම දිස්ත‍්‍රික්කයේ පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන නියෝජිතයන් හිටපු ජනාධිපතිවරයාට දන්වා ඇත.

    මේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා විසින් වන්නිආරච්චි මහත්මිය කැදවා අවවාද කර ඇති බවත් වාර්තා වෙයි..

  • ඇමති පට්ටම් ඉල්ලා දේශපාලුතුමෝ පෝලිමේ කතරගම දේවාලෙට… හෙලිදරවුව මෙන්න…

    ඇමති පට්ටම් ඉල්ලා දේශපාලුතුමෝ පෝලිමේ කතරගම දේවාලෙට… හෙලිදරවුව මෙන්න…

    මේ දවස්වල කතරගම දේවාලෙ පුදපූජා බහුල කාලයක්.

    පසුගිය දවස්වල ඇමැති මණ්ඩල සංශෝධනයක් ගැන කතාවක් පැතිරෙන්න ගත්තම අවුරුදු නිවාඩුව අස්සෙම දේශපාලුතුමන්ලා ගණනාවක් කතරගම ගිහිල්ලා.

    දැනට අත පාටියෙ ඇමැති පට්ටම් නැතුව ඉන්න දෙතුන් දෙනෙක් මහ දේවාලෙ පිටිපස්සෙ දොරෙන් ලොකු පූජා වට්ටිත් අරන් ඇවිල්ලා හිටියෙ බාරහාර වීමටලු.

    වැඩිය සමාජයට නොදැනෙන්න උන්නැහේලා කරපු පූජාවලදි කපු මහත්තුරුන්ට පඬුරු පුදලා ඉල්ලා සිටියෙ කැබිනට් තනතුරුලු.

     

  • ගිහානි සහ මොහාන්ට CHOGM සෙට් වුනේ කොහොමද? මඩ මෙහෙයුමේ ඇත්ත කතාව මෙන්න

    ගිහානි සහ මොහාන්ට CHOGM සෙට් වුනේ කොහොමද? මඩ මෙහෙයුමේ ඇත්ත කතාව මෙන්න

    මේ දිනවල සමාජ මාධ්‍ය වලට තවත් හොඳ කටගැස්මක් හසු වී තිබේ. ඒ ජනාධිපතිවරයා සමඟ බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල සැසිවාරයට සහභාගී වී සිටින ගිහානි වීරසිංහ නමැත්තියක් අල්ලාගෙන ජනාධිපතිවරයාට පහර ගසන්නට පටන්ගෙන තිබීමයි.

    පොදුරාජ්‍ය මණ්ඩළ සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපතිවරයා සමඟ සහභාගී වූ සංඛ්‍යාව 32 ක් වන අතර එයට ජනාධිපති ආරක්ෂක අංශයට අනියුක්ත කළ සාමාජිකයන්ද ඇතුලත් වී තිබේ.

    මේ දිනවල අන්තර්ජාලය කළඹවමින් සාකච්ඡාවට බඳුන්වන මොහාන් පෙරේරා සහ ගිහානි කිසිසේත්ම ජනාධිපතිවරයාගේ නිළ රාජ්‍යතාන්ත්‍රික ඇතුලත් නොවන අතර, ඔවුන්ගේ ආසියානු – යුරෝපීය වෙළඳ එකමුතුව නම් සංවිධානයද කිසිඳු රාජ්‍ය මැදිහත්වීමකින් තොරව පාලනය වන්නක් බවත් ඔවුන්ගේ සංචාරයට අවශ්‍ය සියලු වියදම් පෞද්ගලිකවම දරා ඇත්තේ ඔවුන් විසින් බවත් වාර්තා වේ.

    ගිහානි මොහාන් සමඟ පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සමුළුවට එක්ව ඇත්තේ රජය සමඟ නොවන අතර මොහාන් පෙරේරා සභාපතිත්වය දරන රාජ්‍ය නොවන ව්‍යාපාරික ප්‍රවර්ධන ආයතනයකට ලැබුන ඇරයුමකට අනුව බව සාක්ෂි සහිතව ඔප්පු වන්නේ මෙම හැඳුනුම්පතේ ඇති විස්තර සමඟිනි.

    එමෙන්ම ගිහානි වීරසිංහ නැමති කාන්තාව සම්භන්ධ කරගනිමින් ජනාධිපතිවරයාට නිර්දය ලෙස මඩ ගහන අන්තර්ජාලයේ ඕපදූප කාරයින්ට මතක් කර දිය යුතු වන්නේ ගිහානි වීරසිංහගේ සැමියා වන මොහාන් පෙරේරා ප්‍රධානීත්වය දරන ආයතනාදිය සම්භන්ධයෙන් සොයා බැලීම හා ඒවා සිදු කෙරුනේ කාගේ උවමනාව හා අනුදැනුම මතද යන්න පිළිබඳව සොයා බැලීම සහ ඒවා හෙළි කිරීම වඩා වැදගත් බවයි.

    එයට උපකාරයක් ලෙස පහත වීඩියෝව උපයෝගී වේ යයි සිතමු. ජාතික මට්ටමේ ආයතන වලට සමාන නම් යොදා ගනිමින් මොහාන් පෙරේරා නටන්නේ කාගේ උවමනාවටද යන්න ඉදිරියේදී හෙළි දරව් වනු ඇත. ඔහු කොමිස් කාක්කන්ගේ කුට උපක්‍රම වල ඉත්තකු වී ඇති බව මෙම වීඩියෝවේ මනාව කියවේ…


    ඉහත වීඩියෝවේ කියනා ආකාරයට මෙම කූට සංගම් වල සභාපති ලෙස මොහාන් සහ ඔහුගේ බිරිඳ උප සභාපති ලෙස සම්බන්ධ වෙමින් රට සහ ලෝකය රවටන හැටි පිළිබඳව රජය හා ඊට අදාළ පාර්ශව මිට වඩා සැලකිලිමත් විය යුතු අතර ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවය දරන පක්ෂයේ ගජ මිතුරු හවුලේ කොමිස් ගැසීමේ වුවමනාවට අටවා ගත මෙවන් කුට ආයතන පිහිටුවා රටට ලැබිය යුතු ප්‍රතිලාභ කිහිප දෙනෙකුගේ සාක්කුවට දමා ගැනීම පිළිබඳව රටේ ආර්තිඅකය පාලනය කිරීමට අදාළ පාර්ශව වග කිව යුතු බවත් මතක් කර දිය යුතුය.

     

    කිසිදු අවබෝධයක් හෝ දැනුමක් හෝ උඩක් බිමක් නොදැන සමහරු සමාජ ජාල තුල අසත්‍ය ප්‍රචාරයට බොහෝ ඇලුම් කරන අතර තවත් සමහරක් මඩ කාක්කන් පලවන සියල්ල ගැන කිසිවක් නොසිතා ප්‍රචාරයට පෙළඹෙයි. මේ පිළිබඳව හොඳින් දන්නා තවත් සමහරු සමාජ ජාල තුල පවතින මේ අඩු පාඩුව යොදාගන්නේ තමන්ගේ පෞද්ගලික හෝ දේශපාලන කෝන්තර හා වෙනත් අවශ්‍යතා සඳහා යොදා ගැනීමටයි.

    ජනතාවට තොරතුරු දැන ගැනීමට හා ජන සන්නිවේදනය සඳහා ඉහල මට්ටමේ දායකත්වයක් ලබා ගත හැකි සමාජ මාධ්‍ය හෙවත් පුරවැසි මාධ්‍ය අපේම සමහරු අවභාවිතා කිරීම හරහා එම තොරතුරු වලට ඇති වටිනාකම ක්‍රමයෙන් අඩුවෙමින් යන්නේ ලැබුණු අදහස් ප්‍රකාශනයේ අයිතිය සහ මාධ්‍ය නිදහස වල්බුරු නිදහසක් කර ගැනීම නිසාය.

     

  • “ගසනා ගල් සියල්ල එකතු කර පවුරක් බැන්දෙමි. පෝස්ට් සාදා වැය කළ කාලයට ස්තුතියි”

    “ගසනා ගල් සියල්ල එකතු කර පවුරක් බැන්දෙමි. පෝස්ට් සාදා වැය කළ කාලයට ස්තුතියි”

    පොදු රාජ්‍ය මණ්ඩලීය සමුලුවට සහභාගී වූ ශ්‍රී ලාංකික පිරිස ගැන මුහුණුපොත පුරාම කතා වෙනවා.
    ඒ අතරින් එක් තරුණියක් ගැන විවිධ අදහස් දක්වමින් පුවත් හුවමාරු වෙන්න පටන් අරන්.
    කොහොම වුණත් එහි සඳහන් වුණේ රජයේ වියදමින් ඔවුන් මෙම සංචාරයට එක්වූ බවයි.
    ඒ සියලු තොරතුරු ජනාධිපති මාධ්‍ය අංශය විසින් ප්‍රතික්ෂේප කර තිබුණා.
    ගිහානි වීරසිංහ නම් මෙම තරුණිය , සමුලුවට සහභාගී වී සිටින සහ දේශපාලකයන් ඇතුලු ශ්‍රී ලාංකික නියෝජිත පිරිස සමග ලබා ගත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීමත් සමගයි ඇය ගැන කතාබහක් ඇතිවුණේ.
    දිගට හරහට ඇයට එල්ලවූ චෝදනාවලට සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.
    ඇය කියා තිබුනේ ” ගසනා ගල් සියල්ල එකතු කර පවුරක් බැන්දෙමි. රෑ දාවල නොතකා මා වෙනුවෙන් පෝස්ට් සාදා වැය කළ කාලයට ස්තුතියි.
    මෙයට …..ගේ ආයෝජන දූතිකාව ” යනුවෙනි.

     

  • පක්ෂයක් නැතිව වටේ ගියපු හිටපු ඇමති මර්වින් සිල්වා යළි එජාපයට.

    පක්ෂයක් නැතිව වටේ ගියපු හිටපු ඇමති මර්වින් සිල්වා යළි එජාපයට.

    නොයෙකුත් පෞද්ගලික හේතුන් නිසා පක්ෂය හැර ගිය පිරිස් යළි එක්කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධාන කමිටුවට යෝජනාවක් ඉදිරිපත්ව ඇති අතර ඒ අනුව එජාප ප්‍රබල ඇමතිවරයකු පසුගිය දිනක හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සමග ද ඒ සම්බන්ධයෙන් සාකච්ජා පවත්වා ඇතැයි වාර්තාවේ.

    එම ඇමතිවරයා මර්වින් සිල්වා මහතාගේ සමීප ඥාතියකු බවද පැවසේ.

    අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාස භංගයේදී මර්වින් සිල්වා මහතා මාධ්‍ය හමු කිහිපයක්ම පවත්වමින් කල ප්‍රකාශ එජාප නායකත්වයේ විශේෂ අවධානයට යොමුව ඇත.

    ඔහු පසුගිය අප්‍රේල් 03දා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ, රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවේදී ජන්දය දෙන අයෙක් වෙයි නම් ඔවුන්ගේ උප්පත්තිය ගැන හොයා බලන්න අවශ්‍ය බවයි.

    තමන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වීම දේශපාලන වශයෙන් සිදුකල බරපතල වරදක් බවද ඔහු එහිදී කියා සිටියේය.

    කෙසේවුවද ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙනවාදැයි යන්න පිළිබඳව එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු මර්වින් සිල්වා මහතා ගෙන් විමසූ අවස්ථාවේදී ඔහු නිසි පිළිතුරක් ලබා නොදුන්නේය.

    ‘වැඩක් කරන, කල හැකි මහා බුද්ධිමතා රනිල් පමණයි’- මර්වින්

    මේ අතර විශේෂ ප්‍රකාශයක් කරමින් මර්වින් සිල්වා මහතා පවසන්නේ, බුද්ධිය මෙහෙයවිය හැකි, වැඩක් කල හැකි, වැඩක් ගන්න පුළුවක් එකම නායකයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බවයි.

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පරණ කූට්ටම අතහැර අලුත්වැඩපිලිවෙලකට යායුතු බව ඔහු අවධාරණය කර සිටියි.

     
  • මැයි 8දා කිසිදු වෙනසක් නෑ.. දවල් සිහින දකින ඒකාබද්ධයට ශිරාල් ලක්තිලකගෙන් ප්‍රහාරයක්..

    මැයි 8දා කිසිදු වෙනසක් නෑ.. දවල් සිහින දකින ඒකාබද්ධයට ශිරාල් ලක්තිලකගෙන් ප්‍රහාරයක්..

    නව පාර්ලිමේන්තු සැසිවාරයේදී රාජාසන කතාව පරාජය කර ආණ්ඩුව පෙරලන බවට එකාබද්ධයේ ඇතැමුන් කරන ප්‍රකාශ මුළුමනින්ම පදනම් විරහිත බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, නීතිඥ ශිරාල්  ලක්තිලක අවධාරණය කර සිටියි.

    නව පාර්ලිමේන්තු සැසිවාරයේදී රාජාසන කතාව පරාජය කිරීම සඳහා ඒකාබද්ධ විපක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ කණ්‌ඩායමක්‌ විසින් දේශපාලන මෙහෙයුමක්‌ ආරම්භ කර ඇතැයි පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අප කල විමසීමකදී ඔහු එබව කියා සිටියේය.

    නව සැසිවාරය මැයි 8 වැනිදා ආරම්භ වන අතර එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රජයේ ප්‍රතිපත්ති ඇතුළත් රාජාසන කතාව ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තාවේ.
    මීට පෙර 1960 දී රාජාසන කතාව පරාජයට පත්වීම නිසා එවකට අගමැති ඩඩ්ලි සේනානායක මහතාට ඉල්ලා අස්‌වන්නට සිදුවිය.

    මෙම කාරනා සම්බන්ධයෙන් අප වෙත ‘වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥ ලක්තිලක  මෙසේද පැවසිය.

    ” රාජාසන කතාව බ්‍රිතාන්‍ය වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ලක්ෂණයක්. අපි 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත කර ගැනීමත් සමග අපි එම බ්‍රිතාන්‍ය සම්ප්‍රදායේ ඇතැම් කරුණු බැහැර කළා. රාජාසන කතාවට අදාල කරුනුත් ඒ අතර වෙනවා.

    එනිසා රාජාසන කතාව කතාවක් පැරදුනා කියලා ආණ්ඩුව ඉවත්විය යුතු බවක් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැහැ . එම රාජාසන කතාවෙන් පසුව ඡන්ද විමසීමක් ගැන අපේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල කොතනකවත් සඳහන් වන්නේත් නැහැ. 

    අනෙක නව සැසිවාරයක් ආරම්භකරන විට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතා කතාවක් කිරීම අනිවාර්යත් නැහැ. ඕනනම් එදාට ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශයක් නොකර ඉන්නත් පුළුවන්. 

    එනිසා රාජාසන කතාවක් ගැන ඒකාබද්ද විපක්ෂයේ ඇතැමුන් කරන ප්‍රකාශ ඔවුන්ගේ තවත් මාධ්‍ය සංදර්ශනයක් පමණයි.”

  • ජනපති මෛත්‍රිගේ ලන්ඩන් සංචාරයේ දූත පිරිස පිළිබඳ පැතිර යන වාර්තා අසත්‍යයි… ඇත්ත මෙන්න..

    ජනපති මෛත්‍රිගේ ලන්ඩන් සංචාරයේ දූත පිරිස පිළිබඳ පැතිර යන වාර්තා අසත්‍යයි… ඇත්ත මෙන්න..

    ඉකුත් සතියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදුරාජ්‍ය මණ්ඩළ නායක සමුළු සැසිවාරයට සහභාගීවීම පිණිස එංගලන්තයේ ලන්ඩන් නුවර බලා රාජ්‍යතාන්ත්‍රික සංචාරයක නිරත විය. මෙහිදී අප රටට බලපාන විවිධ ක්ශේත්‍රයෙන් තුල මතුව ඇති කලාපීය ගැටළු සම්භන්ධයෙන් ලෝකයේ අනෙකුත් සහෝදර රටවල් සමඟින් කතිකා කර, ඒවාට නිසි විසඳුම් සාකච්ඡා මාර්ගයෙන් ලබා ගැනීමට තරම් ජනාධිපතිවරයා සුහදශීලී විදෙස් ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. නමුත් මෙම සංචාරය අතරතුරේදී ඒකාබද්ධ විපක්ෂය ඇතුලු විවිධ ආණ්ඩු විරෝධී කල්ලි ජනාධිපතිවරයාගේ එම සංචාරය විවේචනය කරමින් අන්තර්ජාලය පුරාවම විවිධ ලිපි පළ කළේය. එහිදී ඔවුන් මූලික වශයෙන්ම මතවාදී අයුරින් පහර එල්ල කිරීම සඳහා යොදා ගත්තේ සාවද්‍ය මෙවලමකි. එනම් ජනාධිපතිවරයා සමඟ ලන්ඩන් බලා ගිය ධූත පිරිස 120 ඉක්මවා යන බවත්, අනවශ්‍ය අයුරින් සුවිශාල ධනස්කන්ධයක් මේ සඳහා වැය කර ඇති බවත් ය.

    සහභාගී වූ ගණන 120 ක් කියන්නෙ කවුද ?

    මෙහිදී ජනාධිපති කාර්‍යාලයේ ඉහළ රාජ්‍ය නිළධාරියෙකු හරහා අප කළ විමසීමේදී ජනාධිපතිවරයා සමඟ ලන්ඩන් නුවර පොදුරාජ්‍ය මණ්ඩළ නායක සමුළුවට  සහභාගී වූ සම්පූර්ණ රාජ්‍යතාන්ත්‍රික , ආරක්ෂක සහ මාධ්‍ය නිළධාරීන්ගේ නාමලේඛණයක් අප වෙත ලබා දුන්නේය. මෙහිදී රජයේ වියදමින් මෙම සංචාරය සඳහා  නිළධාරීන් 32 දෙදෙනෙකු සහභාගී වූ අතර එයට ව්‍යාපාර සංසදය නියෝජය කිරීමට, ආයෝජන සහ සැළසුම් අංශ නියෝජනය කිරීමට, ආරක්ෂක මණ්ඩළය නියෝජනය කිරීමට සහ විදේශ සබඳතා සහ සාකච්ඡාවන් නියෝජනය කිරීමට යනාදී වශයෙන් කාණ්ඩ වලට හැකිතාක් සීමාකර සාමාජිකයන් බෙදා තිබූ බව ගම්‍ය විය.

    කවුද මේ ආන්දෝලනයට තුඩු දුන් කාන්තාව ?

    මෙහිදී මෙම සංචාරය අතරතුර වඩාත් ආන්දෝලනයට තුඩු දුන් ව්‍යාපාරික මොහාන් පෙරේරා සහ ගිහානි වීරසිංහ යන දෙපළගේ වියදම් සහ ගමන් ගාස්තු සම්භන්ධයෙන් කිසිඳු මැදිහත්වීමක් ලංකා රජය නොදැරූ බවත් අදාළ ඉහළ නිළධාරීයා සනාථ කළේය.

    අමාත්‍ය ඩිලාන් පෙරේරා සහ චන්දිම වීරක්කොඩි යන දෙපළ සමඟ මොවුන් දෙදෙනා උපන්දින කේක් කපා, සම්භාෂණයකට සහභාගී වූ ඡායාරූප පෙළක් අන්තර්ජාලය කැළඹවා තිබූ අතර අප මේ සම්භන්ධයෙන් අමාත්‍ය ඩිලාන් පෙරේරාගෙන් කළ  කරුණු විමසීමකදී ඔහු සඳහන් කළේ මීට පෙර තමන් අදාල මොහාන් පෙරේරා සහ ඔහුගේ භාර්‍යාව කිසි දිනක හමු නොවී ඇති බවත්, ඔවුන් තමන් සිටි ස්ථානයට අනාරාධිතව ඇතුලු වී කේක් කපමින් සහ සම්භාෂණය භුක්ති විඳිමින් ඔවුන්ගේ කෑම බිලද නොගෙවා දමා මාරු වූ බවයි.

    මෙහිදී මෙම දෙපළ ජනාධිපතිවරයා සමඟින් ලබාගත් ඡායාරූපයක්ද අන්තර්ජාලයට මුදාහැර තිබූ අතර, ජනාධිපති ආරක්ෂක අංශයේ ඉහළ නිළධාරියෙකු සඳහන් කළේ ජනාධිපතිවරයා නැවතී සිටි නො.22, පාර්ක් වීථියේ පිහිටි හිල්ටන් හෝටලයේ පහත මාලයට වී ජනාධිපතිවරයා පැමිණෙන තෙක් මොවුන් බලා සිටි බවත්, එහිදී මෙකී ඡායාරූපය ජනාධිපතිවරයා සමඟ ඔවුන් රැගෙන ඇති බවත් ය.

    ලන්ඩන් නුවර ඇති ඉතාම ලාභම හෝටලයක නැවතුණු ජනාධිපතිවරයා

    මෙහිදී ලියුම්කරු යම් කාරණාවක් ඔබ වෙත අත්‍යන්තයෙන්ම අවධාරණය කළ යුතුය. එනම්, හිටපු ජනාධිපතිවරු මින් පෙර රාජ්‍යතාන්ත්‍රික සංචාර සඳහා ලන්ඩන් පැමිණි විට නවතැන් ගත්තේ  වත්මන් ජනාධිපතිවරයා ලැගුම් ගත් හිල්ටන් හෝටලය ඇති පාර්ක් වීථියේ කෙළවරක ඇති ඩොචෙස්ටර් නම් තරු හතේ හෝටලයක බවත්, එහි කාමරයක සාමාන්‍ය වියදම ආසන්න වශයෙන් මීට වඩා දසගුණයකින් වැඩි බවත් ය.

    සැ.යු.

    මෙහිදී රාජතාන්ත්‍රික නාමාවලිය හැරුණුකොට ආරක්ෂක හේතූන් මත ඔබ වෙත ගෙනහැර දැක්වීමට නොහැකි ආරක්ෂක නිළධාරීන්ගේ නාමාවලිය සහ ජනාධිපති මාධ්‍ය ඒකකයේ නාමාවලිය හැරුණුකොට අන් සියලුම දෙනාම සංචාරය සඳහා සහභාගී වී ඇත්තේ ඔවුන්ගේ පෞද්ගලික වියදමෙන් බවද කරුණාවෙන් සළකන්න.

    ජනාධිපති නිළ මාධ්‍ය අංශය, ජනාධිපති විශේෂ ආරක්ෂක අංශය හැරුණුකොට රජයේ වියදමින් සංචාරය සහභාගී වූ පුද්ගල නාමලේඛණ

    පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා ලන්ඩනයට ගිය ජනපතිගේ දූත පිරිස පිළිබඳ වෙබ් සහ සමාජ මාධ්‍ය හරහා පැතිර ගොස් ඇති විවිධ ප්‍රචාර සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කර ඇති වාර්තාව

    පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ජනාධිපතිතුමා සමග සහභාගී වූ නිල දූත පිරිස පිළිබඳව විවිධ අසත්‍ය තොරතුරු වාර්තා වෙමින් පවතී.

    මෙම සමුළුව වෙනුවෙන් ජනාධිපතිතුමා සමග නිල දූත පිරිසට එක්වූයේ ජනාධිපති බිරිඳ, ජනාධිපතිතුමාගේ නිල වෛද්‍යවරයා, අමාත්‍ය තිලක් මාරපන මහතා සහ ඔහුගේ බිරිඳ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, භාෂා පරිවර්තක සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනෙකු පමණි.

    තවද නිල දූත පිරිසට අයත් නොවූවත් ජනාධිපති මාධ්‍ය අංශයේ විද්‍යුත් හා මුද්‍රිත වාර්තාකරුවන් සහ රජයේ හා පෞද්ගලික මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් ද ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් කිහිපදෙනෙක් ද මීට එක්ව සිටිති.
    ඊට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට හෝ ඊට සමගාමීව පැවති වෙනත් කිසිදු හමුවකට ජනාධිපති කාර්යාලයේ වියදමින් කිසිදු පුද්ගලයෙක් සහභාගී වී නොමැත.

    මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් යන මහත්වරුන් සහභාගී වී ඇත්තේ ආර්ථික සමුළුවට බව ද දන්වා සිටින අතර එම ආර්ථික සමුළුව නියෝජනය කළ කිසිදු පාර්ශ්වයකට ජනාධිපති කාර්යාලය වියදම් දරා නැත.
    එබැවින් ඇතැම් මාධ්‍යවල සියයකට අධික දූත පිරිසක් සහභාගී වන බවට පළවන මාධ්‍ය වාර්තා ප‍්‍රතික්ෂේප කර සිටිමු.

  • මේ වෙන දේවල් එක්ක මම වහ කුප්පියක් බොන්න ඕනෑ –  කුපාම මහින්දගෙන් අමුතු කතාවක්..

    මේ වෙන දේවල් එක්ක මම වහ කුප්පියක් බොන්න ඕනෑ – කුපාම මහින්දගෙන් අමුතු කතාවක්..

    අලුත් අයව ගන්න කලින් ඉන්න අයව සමගිකරගන්න එපැයි.. අසීරුවෙන් තමන් ගොඩනගාගත් බලවේගය මේ වනවිට විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් මේ ක්‍රියාවලියේ අවසානය ලෙස අසීරුවෙන් ගොඩනැගු බලවේගය විනාශ වුවහොත් සිදුවන්නේ ගෙදර ගිහින් වහ කුප්පියක් බොන්න යයි හිටපු කුපාම මහින්ද රාජපක්‍ෂ  සදහන් කරයි.

    කලින් දැඩි විවේචන එල්ල කල ආණ්ඩුවේ ඇමතිවරුන් 16 දෙනෙකු විපක්ෂයට පිලිගැන්නේ කෙසේදැයි මාධ්‍යවේදීන් විසින් කල වීමසීමේදී හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

     

  • ජන පදනමක් නැති කිනිතුල්ලන්ට බලු මැක්කන්ට අපිව නටවන්න බෑ – බැසිල්ගෙන් විමලෙට මරු පහරක්…

    ජන පදනමක් නැති කිනිතුල්ලන්ට බලු මැක්කන්ට අපිව නටවන්න බෑ – බැසිල්ගෙන් විමලෙට මරු පහරක්…

    මම හදපු පොහොට්ටුව බේදකිරීමට කෙටවීමට ඇතුලෙම ඉන්න බලු මැක්කෝ කිනිතුල්ලෝ පිරිසක් කටයුතු කරමින් සිටින්නේ වුවද ඒවාට යටත් නොවන බව එම පක්‍ෂයේ ජාතික සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ  පවසයි.

    ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩ කටයුතු සර්වආගමික ආශිර්වාද මාධ්‍යයේ නෙලුම් මාවත කාර්යාලයේදී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

     එහිදී ඔහු මෙසේද කියා සිටියේය.

    “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැදුවේ මම.. දැන් එක ශ්‍රී ලංකාවේ ප්‍රභලතම පක්ෂයක්…. මම හදපු අපේ පක්ෂ ශක්තියට ප්‍රධාන කාරණා දෙකක් පවතිනවා ඒ තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සහ මගේ නායකත්වය,  මේ දෙක නිසා තමයි මේ සියලු ජයග්‍රහණ ලැබුවේ. අපේ ඇතුලෙම ඉන්න අපේ ලේ උරාබොන කිනිතුල්ලෝ බලු මැක්කෝ  අපිව බේද කරන්න අපිව කොටවන්න අපිව ඈත් කරන්න ක්‍රියා කරාවි නමුත් අපි ඒවාට යටත් වෙන්නේ නෑ…

    හිටපු ආර්ඨික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මෙලෙසින් උත්තර සැපවූයේ පසුගිය සති කිහිඅය තුළම විල විරවංශ, ගම්මන්පිල ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ට බවදේශපාලන විචාරකයන් සඳහන් කරනවා.

    විශේෂයෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට නියත වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාව ඉදිරිපත් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව පෙරැත්ත කරමින් කැමති කරවා ගනිමින් සිටින බවට එම මන්ත්‍රිවරුන් පුන පුනා තැන් තැන් වල කියමින් සිටින කරුණක්.

    මීට පෙරද ජාතික පුවත්පතක් සඳහා තීරු ලිපියක් පල කරන බැසිල් රාජපක්‍ෂ මහතාගේ දේශපාලන උපදේශක චරිත හේරත් මහතා විසින් ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ දෝෂාභියෝගය පිළිබඳව දැඩි පහරක් එල්ල කරන ලදී.

    ඉන් පසු එයට උත්තර සැපයූ විමල් වීරවංශට හිටපු ඇමති එස් එම් චන්ද්‍රසේන විසින් ප්‍රබල පිළිතුරක් සැපයූයේ එකාබද්ධයේ විහිලුවක් ලෙස ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ දෝෂාභියෝගය සඳහන් කරමිනි.

    එමෙන්ම මේ දිනවල පොදුජන පෙරමුණේ නෙළුම් මාවත කාර්‍යාලය තුල වඩාත් ආන්දෝලනයට තුඩු දී ඇති මාතෘකා අතර ඉදිරියෙන්ම තිබෙන්නේ 2020 ජනාධිපති අපේක්ෂකයා සම්භන්ධයෙන් වූ උභතෝකෝටිකය යි.

     මේ සඳහා යෝජනා වී ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම් වෙනුවට, පක්ෂයේ ජාතික සංවිධායකවරයා වූ බැසිල් රාජපක්ෂගේ නම යෝජනා කිරීමට පස් දෙනෙකුගේ කල්ලියකින් සමන්විත විද්වත් මණ්ඩළයක් වෑයම් කරනා බව මේ සම්භන්ධයෙන් තතු දත්තෝ පවසති.

    මෙසේ දිනෙන් දින දලුලා වැඩෙන 2020 ජනාධිපතිවරණ සටනේ “බැසිල්-ගෝඨාභය අළු යට ගිණි” ඉදිරියේදී ප්‍රසිද්ධ වේදිකාවල පවා දැකගත හැකිවනු ඇතැයි බොහෝ දේශපාලන විචාරකයෝ අදහස් ප්‍රකාශ කරති.

  • මහින්දව වාටියට දාලා අපිව කොන්කරලා බැසිල් පක්ෂේ අල්ලාගෙන – ජනිපෙ විමල්ගෙන් අදෝනාවක්…

    මහින්දව වාටියට දාලා අපිව කොන්කරලා බැසිල් පක්ෂේ අල්ලාගෙන – ජනිපෙ විමල්ගෙන් අදෝනාවක්…

    ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ බේදකිරීමට කෙටවීමට යම් යම් පිරිස් කටයුතු කරමින් සිටින්නේ වුවද ඒවාට යටත් නොවන බව එම පක්‍ෂයේ ජාතික සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ පසුගිය දිනෙක අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩ කටයුතු සර්වආගමික ආශිර්වාද මාධ්‍යයේ නෙලුම් මාවත කාර්යාලයේදී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් සඳහන් කලා.

    එහිදී මේ දිනවල පොදුජන පෙරමුණේ නෙළුම් මාවත කාර්‍යාලය තුල වඩාත් ආන්දෝලනයට තුඩු දී ඇති මාතෘකා අතර ඉදිරියෙන්ම තිබෙන්නේ 2020 ජනාධිපති අපේක්ෂකයා සම්භන්ධයෙන් වූ උභතෝකෝටිකයටය යම් කිසීඟියක්දීමට බැසිල් රාජපක්ෂ මහතා උත්සහ ගෙන තිබූ බව පෙනෙන්න්ට තිබූ කරුණක්.

    මෙයට ප්‍රතිචාරයක් ලෙස ගෝඨාභය පිලේ ප්‍රබල සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පුවත්පතක් සමග කළ සාකච්ඡාවකදී බැසිල් රාජපක්ෂ පිලට ප්‍රබල පිළිතුරක් ලබා දී තිබුනා..

    මේ එම සාකච්ඡාවයි…

     

     

     

    ප්‍රශ්නය – විශ්වාසභංගය පරාදයි.. රනිල් දිනුවා.. පැලැස්තර නෙමෙයි මම අහන්නේ අවසන් ප්‍රතිඵලය එක්ක ඔබ කණ්ඩායම ගැන විවේචනයක් තියෙනවා නේද ඒකාබද්ධ විපක්ෂේ ඇතුලේ???

    පිළිතුර – මෙවැනි පියවරක් ගන්නකොට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් අපි රැස්වෙලා සාකච්ඡා කරනකොට අපි බලනවනේ ඔහු දිනුවොත් ඒකට මුහුණ දෙන්න අපි ලෑස්තිද? එතකොට මොකද්ද අපිට තියෙන තත්ත්වය. එහෙම සලකා බලමින්නේ අපි තීන්දු තීරණ ගන්නේ.

    • ප්‍රශ්නය – එහෙම සලකා බැලීමක් තිබුණා ද?

    • පිළිතුර – නැතිව. සමහර පඬියෝ හිතාගෙන ඉන්නවා එහෙම නැහැයි කියලා. ඔය සමහර ආචාර්ය පඬියෝ ඉන්නවා මෙතෙක් කල් අපි ගත්ත තීරණ වැරැදියි.  අපි ඒ පඬියන්ගෙන් අහලා නෑනේ. පඬියගෙන් උපදෙස් අරන් නෑ.

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටත් වඩා එතුමාවත් වාටියට තල්ලු කරමින් තීන්දු තීරණ ගැනීමේ සම්පූර්ණ බලය තමන් අතට ගනිමින් ඒ විදේශ ඔත්තු සේවා න්‍යාය පත්‍රයට අනුව මේ බලවේගය අයාලේ රැගෙන යන්න ජයග්‍රාහී සටනකට නොවෙයි පරාජයේ සටනකට රැගෙන යන්න ඇතැමුන් උත්සාහ කරනවා.

    • ප්‍රශ්නය – ඔබ කාටද ඔහොම චෝදනා කරන්නේ?

    • පිළිතුර – පඬියට හා පඬියන්ට. සමහර පඬියෝ ඔය මතය හදන්න හදනවා. 

    • ප්‍රශ්නය – විශ්වාසභංගයේදී මොණර කොළ හුවමාරුවීම් ගැන කතා වුණා. රහස් ගිවිසුම් ගැන කිව්වා. මේවා සුපුරුදු චෝදනා?

    • පිළිතුර – මොණර කොළ කතාව මම විතරක් නොවෙයි කියන්නේ. දයාසිරි ජයසේකර මම දැක්කා කියලා තියෙනවා ‘කෝටියක මුදලක් ගත්ත මන්ත්‍රීවරයෙක් ඔහු සමග කිව්වා කියලා ණය තුරුස්ටික ඔක්කොම ඒකෙන් බේරාගත්තා’ කියලා කිව්වා කියලා. තව ඕන තරම් කියන්න පුළුවන්. නමුත් නම්ගම් කියන එක සදාචාරාත්මක නැහැ.

    දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද ටිකත් අර කොන්දේසි 10ට විතරක් එකඟවෙලා දුන්නා නොවෙයි. ඒ එක ඡන්දයකට අදාළ මිලක් තිබුණා. ඒ මිල ලැබුණා. ඔවුන්ට අයවැයේදීත් මිලක් ගෙවලා තිබුණා. ඔවුන්ම පසුව ඒක ප්‍රසිද්ධියේ කිව්වා. ඊට වඩා වැඩි මිලක් මේකේදී හමු වුණා. මං හිතන්නේ බැඳුම්කර හොරකමෙන් උපයපු අයථා ධනයෙන් සැලකිය යුතු පංගුවක් ඔය සති දෙකේ වියදම් වුණා. පාර්ලිමේන්තුවට නොපැමිණ සිටීමටත් ගෙව්වා. නෑවිත් ඉන්නත් ගෙව්වා. 

    • ප්‍රශ්නය – ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන කියලා තිබුණා. ‘අපේ කට්ටිය කළේ මාධ්‍ය සංදර්ශන. තිබුණ සියලුම තුරුම්පු කලින් කිව්වා. එතකොට යූඑන්පීයට ඒකට සූදානම් වෙන්න පුළුවන්කම ලැබුණා’ කියලා.

    • පිළිතුර – ඒ කවුරුහරි උගන්වපු එකක්නේ කියන්නේ. චන්ද්‍රසේන මන්ත්‍රීතුමාට ස්වයංව පහළ වෙච්ච අදහසක් නොවෙයි. එයාගේ කවුරුහරි ගෝඩ් ෆාදර් කෙනෙක් උගන්වපු කතාවක් ඔය කියන්නේ.

    • ප්‍රශ්නය – නමුත් ඔහු කියන කතාවේ ඇත්තක් තියෙනවා. සංඛ්‍යා ලේඛන එළිපිටම කිව්වා.

    • පිළිතුර – මෙහෙමයි.  ඔය චන්ද්‍රසේන මන්ත්‍රීතුමාගේ පිටිපස්සේ ඉන්න කෙනෙක් උගන්වන දෙයක් තමයි ඔහු ඔය කියන්නේ.

    • ප්‍රශ්නය – කවුද ඔය ඔබ කියන ගෝඩ් ෆාදර්?

    • පිළිතුර – බලාගත්තැකි ඉදිරියේදී.

    • ප්‍රශ්නය – ඒකාබද්ධය ඇතුළෙත් දේශ​ෙද්‍රා්හියෝ. බටහිර හා ඉන්දියන් පිල්ලි ඉන්නවා කියලා ඔබම කියලා තිබුණා.

    • පිළිතුර – මේ මහින්ද රාජපක්ෂ වටා ගොඩනැගෙන මේ  බලවේගය බෙදන්න, විවිධ ප්‍රශ්න හදන්න. ඒක ඇතුළේ අසතුටට හා අතෘප්තියට පත් බලවේගයක් නිර්මාණය කරන්න විදෙස් ඔත්තු සේවාවන්වලට ඕනෑ. . අද ඒ විදේශ ඔත්තු සේවාවන්ට වුවමනාව නියෝජනය කරන ක්‍රියාකාරීත්වයක් ඇතැම් පුද්ගලයන්ගෙන් අපට පෙනෙන්න තියෙනවා.

    • ප්‍රශ්නය – කෙළින්ම කියන්න? ඒ අය කවුද?

    • පිළිතුර – ඒ අය කවුද කියලා අනාගතයේ දී මීට වඩා විවෘතව කතා කරන්න අපි සූදානම්. ඒ අය බලන්නේ ප්‍රාදේශීය සභා සභාපතිවරු පත් කරනකොට වෙනත් අනෙකුත් පක්ෂ සමග වැඩ කරනකොට විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂගේ කැමැත්තටත් වඩා ඒ ඒ බලවේග තමන්ගේ අණසකට ගන්න බලාගෙන ඉන්නේ ඒ ඔත්තු සේවාවන්ගේ සහායකයන්ගේ යටතට. 

    • ප්‍රශ්නය – ඔබ වගකීමෙන් ද කියන්නේ?

    • පිළිතුර – පැහැදිළිවම! අපි ඒ ගැන හොඳ අවබෝධයකින් වගේම අවදියෙන් ඉන්නේ.  අපි මේ ඉන්නේ එළියට යන්න බයේ නොවෙයි. ඒ ඔත්තු සේවාවන්ට අවශ්‍ය විදියට මේ බලවේගය කඩන්න ඉඩ දිය යුතු නැති නිසා.

    • ප්‍රශ්නය – ඇතුළෙන් මේ ප්‍රහාරය එල්ල වෙන්නේ ඔබට විතරද? තවත් අයටත් එල්ල වෙනවද?

    • පිළිතුර – මම හිතන්නේ මම ඉන්න මතයේ තවත් අය ඉන්නවා.

    • ප්‍රශ්නය – මහින්ද සුළඟ බලවේගය දැන් බැසිල්ගේ කල්ලිය හා ගෝඨාගේ කල්ලිය කියලා දෙකට බෙදිලා කියලත් කියනවා?

    • පිළිතුර – නෑ මේකේ කල්ලි නෑ. කල්ලි හදන්න සමහරු හදනවා.  එහෙම කල්ලියක් හදන්න සමහරු උත්සහා කරනවා. මහින්ද රාජපක්ෂටත් වඩා එතුමාවත් වාටියට තල්ලු කරමින් තීන්දු තීරණ ගැනීමේ සම්පූර්ණ බලය තමන් අතට ගනිමින් ඒ විදේශ ඔත්තු සේවා න්‍යාය පත්‍රයට අනුව මේ බලවේගය අයාලේ රැගෙන යන්න ජයග්‍රාහී සටනකට නොවෙයි පරාජයේ සටනකට රැගෙන යන්න ඇතැමුන් උත්සාහ කරනවා.

    • ප්‍රශ්නය – ඒ ඔත්තු සේවා නියෝජිතයන් කවුද කියලා ඇයි කෙළින්ම කියන්න බැරි?

    • පිළිතුර – ඒ කවුද කියලා අපි අනාගතයේ දී කියන්නම්.