Category: සුපිරි Politics

  • ජනපති මෛත්‍රිගේ විශේෂ නියෝගයෙන් බුදු පිළිම වහන්සේලාට පැනවූ ලක්ෂ 32 ක බද්ද ඉවතට……..

    ජනපති මෛත්‍රිගේ විශේෂ නියෝගයෙන් බුදු පිළිම වහන්සේලාට පැනවූ ලක්ෂ 32 ක බද්ද ඉවතට……..

    විදේශයෙන් මෙරටට ගෙන්වනු ලැබූ බුදු පිළිම වහන්සේලා 1000 ක් රේගු ගාස්තුවලින් තොරව නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියට නියෝගකර තිබේ.

    රජයේ විධි විධාන හා චක්‍ර ලේඛනයන්ට අනුකුලව රේගු දෙපාර්තමේන්තුව විසින් මෙම පිළිම වහන්සේලා නිදහස් කිරීම වෙනුවෙන් ලක්ෂ 32 ක බද්දක් පනවා තිබිණ.

    ලංකාවේ දුෂ්කර ප්‍රදේශ වල පිහිටි පන්සල් වල වැඩ සිටින මහා සංඝරත්නය දහස් නමක් උදෙසා වෙසක් පොහොය යෙදුණු ඊයේ (29 ) චීන බෞද්ධ දූත පිරිසක්  විසින් පූජා කිරීමට සුදානම් කරන ලද පිළිම වහන්සේලාට රජය විසින් ලක්ෂ තිස් දෙකක (32,000,00 ක) බදු මුදලක් නියම කිරීම නිසා එම පිලිම බෙදා දිමට නොහැකි වීම සම්බන්ධයෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් (30) රාත්‍රී අතිගරු ජනාධිපතිතුමාව දැනුවත් කර තිබිණ.

    එම අවස්ථාවේදීම රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියට දුරකථන ඇමතුමක් ලබාදී ඇති අතිගරු ජනාධිපතිතුමා එම පිළිම වහන්සේලා රේගු ගාස්තුවකින් තොරව නිදහස් කිරීමට අදාල පියවර වහාම ගන්නා ලෙස උපදෙස් දී ඇති අතර මෙම කාරණය සම්බන්ධයෙන් තමාව දැනුවත් කිරීම පිළිබඳව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට ස්තුතියද පළකර ඇත.

    මෙම පිළිම වහන්සේලා රේගු ගාස්තුවකින් තොරව නිදහස් කර ගැනීම සඳහා එම පිළිම වහන්සේලා ගෙන්වූ බව කියන මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති  වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් හෝ වෙනත් කිසිඳු වගකිව යුතු පාර්ශවයක් රේගු දෙපාර්තමේන්තුවෙන් මෙතෙක් කිසිඳු ලිඛිත ඉල්ලීමක් කර නොමැති වාර්තාවේ.

    කෙසේවුවද මේ සම්බන්ධයෙන් ඊයේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති  වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් මෙසේ පැවසුහ.

    ”අද වෙසක් පෝය දවසේ චීන දේශයෙන් මගේ ඉල්ලීමකට අනුව දහසක් මහා සංඝරත්නය පිරිසක් හට දානය පූජා කරන්න සැලසුම් කරලා තිබෙන වෙලාවක, ඒ අයගෙන් මං ඉල්ලීමක් කළා අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හා ලංකාව පුරා විසිරිලා ඉන්න වැඩ වෙසෙන  මහා සංඝරත්නය උදෙසා බුද්ධ ප්‍රතිමා වහන්සේලා ලබා දෙන්න කියා,  ඔවුන්  එය ලබා දෙන්නට කැමති වුණා ඉන්පසු මා එවන්න කියා සිටියා. 

    ඒවාගේම මෙරට තිබෙන පිරිත් සූත්‍ර එරටට රැගෙන ගොස් නව තාක්ෂණය ඔස්සේ පටිගත කර කැසට් යන්ත්‍ර  අද මේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලාට බෙදා දෙන්න සූදානම් කර තිබුණා. 

    ඉතින් මේ ලිපි ලේඛන ඔක්කොම අරගෙන ගිහින් කතාබහ කරලා බැලුවට පස්සේ චක්‍රලේඛයක් කියලා එකක් ඉදිරිපත් කළා, ඉතින් මේ  චක්‍රලේඛයෙන් කියන්නේ බුදු පිළිම නිදහස් කරන්න බෑ කියලා.

    මේවාට ලක්ෂ තිස් දෙකක්, මිලියන තුනක් ඉල්ලුවා බදු, ඉතින් මේ චීනෙන් ආපු දූත පිරිසත් බොහොම කණගාටුවට පත් වුණා මේ වගේ අවාසනාවන්ත තත්වයක් මේ ලංකාවෙ තියෙන්නෙ කියලා. 

    ඒ අය මේ රටේ විතරක් නෙවේ ඉන්දියාව, භූතානය, නේපාලය  මෙවැනි ප්‍රතිමා පූජා කර තිබෙනවා. ඒ රටවල මෙවැනි භයානක තත්වයකට මුහුණ දී නොමැති බවයි එම දූත පිරිස පැවසුවේ. ඒ අයගේ හදවත් කම්පා වුණා මේ පුවත ඇහුවට පස්සේ. ”

  • උස ජෙහාන් පොදු අපේක්ෂක සිහිනයක… පක්ෂයේ සහයවත් ඔහුට නෑ – පක්ෂයෙන් ප්‍රකාශයක්…

    උස ජෙහාන් පොදු අපේක්ෂක සිහිනයක… පක්ෂයේ සහයවත් ඔහුට නෑ – පක්ෂයෙන් ප්‍රකාශයක්…

    2020 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස උස ජෙහාන් නමින් ප්‍රචලිත සුළු ජාතිවාදි පක්ෂයක සාමාජිකයෙක් ඉදිරිපත්වීමේ සුදානමක් තිබෙන බව අපට වාර්තා වේ.
    කෙසේ වෙතත් අප එම පක්ෂයෙන් සිදුකළ විමසුමකදි පක්ෂ ප්‍රබලයෙක් පැවසුවේ පිස්සුද? ඔය කියන කෙනාට පක්ෂයේ බහුතරයවත් නෑ.. එයා හීනේ දකිනවා ඇති. ඒ උනාට එයාගේ ඉතිහාසයත් එක්ක එයාට දිනන්න බෑ කියලා එයා වගේම අපිත් දන්නවා යනුවෙනි… 

     

  • මම තවත් තවත් සටන් කරන්නේ නැහැ – රනිල් හැරදා ඇමති සුජීව සේනසිංහ ශ්‍රිලනිපයට…?

    මම තවත් තවත් සටන් කරන්නේ නැහැ – රනිල් හැරදා ඇමති සුජීව සේනසිංහ ශ්‍රිලනිපයට…?

    පක්‍ෂ ප‍්‍රතිසංවිධානයට තමන් විරෝධය පලකරන බව නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.මෙම තත්වය ඇති වන බව තමන් මුලින්ද කියා සිටි බවත් කමිටු පත් කිරීම ඔළු මාරු කිරීම හැර වෙනත් යමක් සිදුව නැති බවත් ඒ මහතා කියා සිටී.

    ඇමෙරිකාවේ සිට අද (27දා) දිවයිනට පැමිණි අවස්ථාවේදී ආමාත්‍යවරයා මෙම අදහස් දැක්වූ අතර, ඔහු පක්ෂයේ නව නිලධාරී මණ්ලයට විරුද්ධ බවද ප්‍රකාශ කළේය.

    රනිල් වික‍්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් විය යුතු බවත් පෙරේතකමට එය අල්ලාගෙන සිටිය යුතු නැති බවත් සදහන් කරන ඔහු මෙගින් සිදුවන්නේ පක්‍ෂයත් විනාශ වී රටත් විනාශ වීම යයිද කියා සිටී.එසේම පක්ෂය තුළ තවදුරටත් තමා සටන් නොකරන බවදඒ මහතා කීය.

    “අගමැතිතුමත් සමග ඒක මම සාකච්ඡා කළා. මම කිව්වා විශ්වාස කරන්නේ නෑ පැහැදිලි වෙනසක් කියලා. එක්සත් ජාතික පක්ෂයේ අපි තීන්දුවක් ගන්න ඕන තනි පුද්ගලයෙක් ආරක්ෂා කරන්නද? සුළු පිරිසක්  ආරක්ෂා කරන්නද කියලා. මේ අන්තිම අවස්ථාව. මේ අවස්ථාවේදී බොරු කරලා ඔළු ගෙඩි මාරුකරලා මේක කරගෙන යන්න ගියොත් විශාල විනාශයක්. මම හිතන්නේ දැනටමත්  පක්ෂයේ විශාල ප්‍රමාණයක් විනාශ වෙලා තියෙන්නේ  .

    මේක නායකතුමත් එක්ක මම අවුරුදු හතක් කතා කළා. අපටත් වෙහෙසයි. මොකද විරුද්ධව කතා කරන්න කරන්න අපට පක්ෂය තුළ ඉන්න බැරි වාතාවරණයක් බිහිවෙනවා.

    හැබැයි පක්ෂය තවදුරටත් කරගෙන යන්න බැරි තරමටම අපි හෙම්බත් වෙලා ඉන්නේ පක්ෂයේ තියෙන අඩුපාඩු නිසා.අපේ සටන් කිරීමේ ශක්තිය හීන වෙලා තියෙන්නේ. පක්ෂය තුළ සටන් කරන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. මොකද නොයෙකුත් දුක්ගැහැටවලට, පළිගැනීම්වලට මුහුණදෙන්න වෙලා තියෙනවා අවුරුදු ගාණක් තිස්සේ.මම වැඩිදුරටත් සටන් කරන්නේ නෑ. බලාගෙන ඉන්නවා.

    මම විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. මෙකද මට විශ්වාසයක් තිබුණා මේ වෙනස සිදුවෙන්නේ නෑ කියලා. පොරොන්දු ගොඩක් අවුරුදු ගාණක් දීලා තියෙනවා. කමිටු පත්කරන එකයි ඔළු මාරු කරන එකයි තමයි ගොඩක් වෙලාවට ඉවර වෙලා තියෙන්නේ. පිළිකාව හොයාගන්නේ නැතිව උණටයි හෙම්බරිස්සාවටයි බෙහෙත් කරලා හරි යන්නේ නෑ. පක්ෂයේ ප්‍රතිරූපය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා තීන්දුවක් ගත යුතු බවයි අපේ අදහස. මේවා අල්ලගෙන පෙරේතකමට හිටියොත් රටත් පක්ෂයත් විනාශ වෙනවා.”

  • ඇමැතිධුර වෙනසකට වඩා විෂය පථයන් වල වෙනසක් අද කැබිනට් සංශෝධනයෙන්…

    ඇමැතිධුර වෙනසකට වඩා විෂය පථයන් වල වෙනසක් අද කැබිනට් සංශෝධනයෙන්…

    අද පෙරවරුවේ සිදු කෙරෙන කැබිනට් සංශෝධනය යටතේ අමාත්‍යංශ විෂය පථයන්වල පුළුල් පෙරළියක් සිදු වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

    මුළු ඇමැති මණ්ඩලයම අලුත් කැබිනට් මණ්ඩලයක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද පෙරවරු 10ට දිවුරුම් දීමට නියමිතය.

    එහිදී ඇමැතිවරුන්ට දැනට හිමිවී ඇති ඇමැතිධුරවලට අයත් විෂ්‍ය පථයන් ගණනාවක්ම වෙනස්වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් පැවසේ.

    අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඇති සංස්කෘතික විෂයට අදාළ මධ්‍යම සංස්කෘතිය අරමුදල, අපේ ගම, ජාතික කලා මණ්ඩලය, ජාතික සංස්කෘතික කලා මධ්‍යස්ථානය, ජනකලා කේන්ද්‍රය, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය, ටවර්හෝල් රඟහල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යන ආයතන සංස්කෘතික අමාත්‍යවරයා යටතට පත් කෙරෙනු ඇතැයි වාර්තාවේ.

    රජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ දැනට පවතින ජාතික චිත්‍රපට සංස්ථාවද නැවත සංස්කෘතික අමාත්‍යංශය යටතට හෝ ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට පත් කෙරෙනු ඇතැයි වාර්තාවේ.

    මහා මාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය අමාත්‍යංශ දෙකක් ලෙස වෙන් කෙරෙනු ඇතැයි වාර්තාවේ.

    මේ අතර ජාතික ආණ්ඩුවේ කැබිනට් අමැතිවරුන් 47 දෙනකු සිටි අතර එය 42ක් පමණ දක්වා අඩු වනු ඇතැයි ද රජයේ ආරංචි මාර්ග කියයි.

  • රනිල් නිරුත්තර කරමින් නායකත්වය රංජිත් මද්දුම බණ්ඩාරට – එජාප පසුපෙලින් ඉල්ලීමක්

    රනිල් නිරුත්තර කරමින් නායකත්වය රංජිත් මද්දුම බණ්ඩාරට – එජාප පසුපෙලින් ඉල්ලීමක්

    එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය බාර ගන්නා ලෙස එම පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රී කණ්ඩායමක් විසින් ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් ඉල්ලා ඇති බවට වාර්තා පල වෙයි.

    කණ්ඩායම් දෙකක් ලෙස වාර දෙකකදී ඇමති මද්දුම බණ්ඩාර හමුව ඇති මෙම මන්ත‍්‍රි පිරිස ඉල්ලා ඇත්තේ පක්‍ෂය ජයග‍්‍රාහී මාවතට ගෙන ඒම සදහා මෙම ඉල්ලීම පිලිගන්නා ලෙසයි.

    කෙසේ වෙතත් ඇමති මද්දුම බණ්ඩාර මෙම ඉල්ලීමට කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නැති අතර සතුටුදායක ප‍්‍රතිචාරයක් ලැබෙතැයි එජාප පසුපෙල බලාපොරොත්තුවෙන් සිටින්නේ යයිද පැවසෙයි.

    නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස නායකත්ව සටනට අවතීර්න නොවී ජ්‍යොතිෂය ගැනම විශ්වාසය තබමින් සිටින නිසා එජාප පසුපෙල විසින් මෙම යෝජනාව ඉදිරිත් කර ඇති බවද සදහන්ය.

  • සම්බුදු තෙමගුල සමරමින් සිරි වජිරාරාමයේ ආගමික වැඩසටහන් සඳහා ජනපති මෛත්‍රී එක්වෙයි…

    සම්බුදු තෙමගුල සමරමින් සිරි වජිරාරාමයේ ආගමික වැඩසටහන් සඳහා ජනපති මෛත්‍රී එක්වෙයි…

    බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයේ ප‍්‍රතිසංස්කරණය කරන ලද ධර්ම ශාලාව අපවත් වී වදාළ අතිපූජ්‍ය නාරද මාහිමියන් වහන්සේගේ නමින් සඟ සතුකොට පූජා කිරීමේ පුණ්‍යොත්සවයට ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අද (29) පෙරවරුවේ එක්විය.

    විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ප‍්‍රථමයෙන් ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව අතිපූජ්‍ය නාරද මාහිමි සමරු සදහම් පහය නමින් නම් කර තිබූ ධර්ම ශාලාව සඟ සතුකොට පූජා කළේය.

    මින් පෙර දී ජනාධිපතිතුමා විසින් දුන් පොරොන්දුවක් ඉටුකරමින් නව ධර්ම මණ්ඩපයක් විහාරස්ථානය වෙත පූජා කළ ජනාධිපතිතුමා විහාරාධිපති, අමරපුර ශ‍්‍රී ධර්ම රක්ෂිත මහා නිකායේ මහානායක අතිපූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද නායක හිමිපාණන් වහන්සේගේ ධර්ම දේශනය ශ‍්‍රවණය කිරීමට ද එක්විය.

    ප‍්‍රදේශවාසී සැදැහැවතුන් විශාල පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

  • ප්‍රේමදාස හිටපු ජනපතිවරයා ප්‍රබල දේව ආත්මයක උපත ලබලා –  මහාචාර්යවරයෙක් කියු කතාව .!

    ප්‍රේමදාස හිටපු ජනපතිවරයා ප්‍රබල දේව ආත්මයක උපත ලබලා – මහාචාර්යවරයෙක් කියු කතාව .!

    දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස හිටපු ජනපතිවරයා මේ වන විට ප්‍රබල දේව ආත්මයකට පත්ව සිටින බව මනාව තහවුරු කර ගැනීමට තමන්ට අවකාශ ලැබී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය දයා අමරසේකර පවසනවා. 

    ඔහු පවසන අන්දමට විද්‍යාත්මක දත්ත අනුසාරයෙන් සනාථ කළ නොහැකි ආධ්‍යාත්මික ගුප්ත සන්නිවේදන ක්‍රම පවතියි. එබඳු ක්‍රමයකට රණසිංහ ප්‍රේමදාස මැතිඳුන් දිවංගත වීමෙන් පසු ප්‍රබල දේවත්වයකට පත්ව ඇති බව තමන්ට මනා සේ තහවුරු වී ඇතැයි ඔහු කියයි. 

    මේ බව කියූ  මහාචාර්යවරයා පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් අදහස් දක්වා තිබුනා. 
    එම සංවාදය පහතින් ,

    “වැඩි ප්‍රසිද්ධියක් නැතත් මගේ මව අපේ ජන සමාජයේ ජීවත් වූ පරමාදර්ශී කාන්තාවක්. ගුරුවරියක සහ විදුහල්පතිනියක ලෙස සිය වෘත්තීය ජීවිතය ගත කළ ඇය දුෂ්කර පාසලක් වෙනුවෙන් වසර 30 කට ආසන්න කාලයක් කැප කොට බණ මඩුවක් මහ විදුහලක් දක්වා දියුණු කළ, දිළිඳු දරුවන්ගේ ජීවිත සෞභාග්‍යමත් කිරීමට විශාල මෙහෙවරක් කළ කාන්තාවක්. අද එතුමියගේ එම සේවය අගය කිරීම සඳහා වයඹ අධ්‍යාපන අමාත්‍යාංශය එම පාසල පැන්තැනිගොඩ ‘අයිරා අමරසේකර මහා විද්‍යාලය’ නමින් එතුමියට ගෞරවයක් ලෙස නම් කොට තිබෙනවා.සත්කෝරලයේ මහිලා සමිති ව්‍යාපාරයත් ළදරු පාසල් ව්‍යාපාරයත් 60 දශකයේ ආරම්භ කළ එතුමිය ගැමියන් අතර ජීවත් වූ ගැමි දරුවන්ගේ ජිවිත උසස් කොට ඉහළ තැනකට යොමු කිරීමට තමාගේ මුළු මහත් ජීවිතයම කැප කළ විශිෂ්ට චරිතයක්. එතුමිය 2000 වසරේ මාර්තු 11 දින මිය ගිය අතර එතැන් සිට අද දක්වා මා එතුමිය වෙනුවෙන් දිනපතා ආගමානුකූල කටයුතු වල නියළී සිටිනවා. විශේෂයෙන් භාවනාමය පිංකම් බුද්ධානුස්සතිය සහ මෛත්‍රී භාවනාව ආශ්‍රය කර ගෙන එතුමිය සිහිපත් කරනවා. එහිදී මට එතුමිය සමඟ සන්නිවේදනය කිරීමේ හැකියාවක් ක්‍රමානුකූලව ලැබුණා. එම හැකියාව ආරූඪයක් නොවන සිරුරට අපහසු නොවන නිශ්චිත සරල කෙටි සන්නිවේදන ලබා දෙන ලේඛණ ක්‍රමයක්.”

    “ඊට අමතරව එතුමියගේ සේවය ඉදිරියට ගෙන යෑම සඳහා 2000 වසරේ සිට මේ දක්වා මා විසින් එම පාසලේ සියළුම දරුවන්ට පොත පත සහ අධ්‍යාපන උපකරණ ලබා දෙන වැඩ පිළිවෙලක් පවත්වාගෙන යනවා,
    මා විසින් ආරම්භ කොට ඇති අයිරා අමරසේකර අනුස්මරණ පදනම මඟින් නිහඬව කිසිවකුගේ ආධාර උපකාර මත නොරැඳී විශාල දරු පිරිසකට සේවය කිරීමට මට හැකියාව ලැබී ඇත්තේ එතුමියගෙන් ලැබෙන මෙම අනුග්‍රහය නිසා බව මා තරයේ විශ්වාස කරනවා.”

    “මෙලෙස ඉහළ දේව ස්ථරයක සිටින තවත් බොහෝ ආත්මයන් සිටින්න පුළුවන්. එහෙත් ඔවුන් ජීවත්ව සිටි කාලයේ ඔවුන් ඇසුරු කළ අය දූදරුවන්, හිතවතුන් ඔවුන් වෙනුවෙන් මුළු මහත් ජීවිත කාලය පුරාවට නැත්නම් දිනපතාම සිහි කිරිමක් භාවනාමය පිං කිරීමක් සිදු කරන්නේ නැහැ. එනිසා ඒ ආත්මයන් මේ සංසාරයේ දී ඥාතීන්ගෙන් මඟහැරී යනවා.

    එහෙත් මගේ මවට එවැනි තත්වයක් ඇති නොවීමට මා දිනපතා අඛණ්ඩව පුරා 18 වසරක් තිස්සේ කරනු ලබන මෙම භාවනාමය ක්‍රියාදාමය විධික්‍රමයක් ලෙස බලපෑ බවත් ඒ හේතුවෙන් එතුමිය සහ මා අතර ක්‍රමානුකූල සන්නිවේදනයක් ගොඩනගා ගත හැකි වූ බවත් මට විශ්වාස කළ හැකියි. ඒ සම්බන්ධයෙන් ඊට වඩා යමක් කීමට එය ආනුභාවික දත්ත ආශ්‍රයෙන් අප සමාජ විද්‍යාවේ ඉගෙන ගනු ලබන කාරණා ආශ්‍රයෙන් පැහැදිලි කිරීමට මට බැහැ. එසේ කිරීමට, එසේ විග්‍රහ කර පෙන්වීමට මා තුළ උනන්දුවක් සහ ආශාවක්ද නැහැ.”


     

  • බලය තිබුණු කාලයේ බෞද්ධයන් කුණු කුඩයට දැමු කුපාම මහින්දගෙන් වෙසක් දින පණිවිඩයක්..

    බලය තිබුණු කාලයේ බෞද්ධයන් කුණු කුඩයට දැමු කුපාම මහින්දගෙන් වෙසක් දින පණිවිඩයක්..

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙසක් දින පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

    ලාංකේය සංස්කෘතියේ පදනම, ශක්තිය, ජිවනාලිය වන්නේ බුදු දහම බවයි ඔහු සිය නිවේදනයෙන් දක්වා ඇත්තේ.

    අතීතයේ සිටම අප රටත්, ජනතාවත් නොයෙකුත් අභියෝගයන්ට මුහුණ දුන්නද ඒවා හමුවේ නොසැලී සිටීමට බුදු දහමේ ආභාෂයෙන් ලද ශක්තිය හේතුවී ඇති අතර දුෂ්ඨ බලවේග අතින් පෙර නොවූ විරූ අන්දමින් මහා සංඝරත්නය  අභියෝගයන්ට, පීඩනයට ලක්වෙමින් සිටින බවක් පෙනෙනන්ට තිබීම පිළිබඳ කණගාටු වන බවයි හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

     

  • සමාජයට කාලෝචිත පණිවිඩයක් ලබාදෙන ජනපති මෛත්‍රිගේ වෙසක් දින පණිවුඩය මෙන්න

    සමාජයට කාලෝචිත පණිවිඩයක් ලබාදෙන ජනපති මෛත්‍රිගේ වෙසක් දින පණිවුඩය මෙන්න

    අදට යෙදී තිබෙන වෙසක් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

    එහි දැක්වෙන්නේ සම්බුද්ධාගමනය තුළින් ගතානුගතික සමාජ ආකල්ප පුපුරුවා හැර අන්ධානුකරණයේ ගැලී සිටි සමාජය විද්‍යාත්මක චින්තනයකට යොමු කළ බවයි.

    එමගින් මිථ්‍යාවෙන් අත්මිදුනු අධ්‍යාත්මික මිනිසෙකු සමාජ ගත වූ බවද ජනාධිපතිවරයා නිකත් කළ වෙසක් දින පණිවුඩයේ සඳහන්.

    මිනිසෙකු හෝ වසලයෙකු වන්නේ උපත අනුව නොව ඔහුගේ කි‍්‍රයාවන් මත බවත්, ඒ ඔස්සේ මිනිස් වර්ගයා එක රැහැනින් යා කෙරෙන සහජීවනයේ ප‍්‍රාණය ලැබූ බවත් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සිය වෙසක් දින පණිවුඩය මගින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

  • මෙවර කැබිනට් සංශෝධනය මැයි පළමු වනදා…. ජනපතිගෙන් ප්‍රකාශයක්…

    මෙවර කැබිනට් සංශෝධනය මැයි පළමු වනදා…. ජනපතිගෙන් ප්‍රකාශයක්…

    නව කැබිනට් මණ්ඩලය පත් කිරීම ලෝක කම්කරු දිනය යෙදි ඇති මැයි පළමු වනදා සිදුකරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. දඹුල්ල ශී‍්‍ර වළගම්භා මහා පිරිවෙන් විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියා.

     

  • සැමියා යටට බිරිද යැයි පිරුල ලියවෙද්දී සමනළ වංශයේ රනිල් ළගට අකිල යැයි ජනතාව පවසයි….

    සැමියා යටට බිරිද යැයි පිරුල ලියවෙද්දී සමනළ වංශයේ රනිල් ළගට අකිල යැයි ජනතාව පවසයි….

    එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධානයේ සිදුවූ වැදගත්ම වෙනසක් නම් පක්ෂයේ මහලේකම් හෙවත් එජාපයේ නායකයා ලඟට බලවත්ම තනතුර වන මහ ලේකම් තනතුරට අකිල විරාජ් කාරියවසම් නමැති රනිල්ගේ කොල්ලෙකු පත්වීම හැදින්විය හැක. අධ්‍යාපන ඇමැතිකම වැනසු මොහු කෙසේ එජාපය හදන්නද? කජන විඥාණය ඇත්තේ එතනය…

    වඩාත්ම විහිළුව වන්නේ පක්ෂ මහලේකම් ධූරයට පත්වීමෙන් පසු මාධ්‍ය ඇමැතූ අකිල විරාජ් පැවසු කතාවය.

    “ පක්ෂයේ මහලේකම් ලෙස මා පත් කිරීම ගැන පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයටත් පක්ෂ නායකත්වයටත් මං ස්තූතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අමාරු වෙලාවක, පක්ෂය පසු බෑමකට ලක්වූ වෙලාවක මං මේ අභියෝගය බාර ගන්නේ.  අපේ කණ්ඩායමත් එක්ක දැවැන්ත වෙනසක් කරන්න මං බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ  මට ලොකු විශ්වාසයක් තියෙනවා සියළුම දෙනාගේම සහයෝගය අරගෙන කණ්ඩායමක් විදිහට මේ පක්ෂය සංවිධානය කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම ගම පිළිබඳවත් නගරය පිළිබඳවත් හොඳට දන්න කෙනෙක් විදිහට මං විශ්වාස කරනවා අපිට විශාල වෙනසක් කරන්න පුළුවන් වෙයි කියලා.

    ඒ වගේම මට වුවමනා වෙලා තියෙන්නේ. සිරිකොත ගමට ගෙනියන්න. සිරිකොත ගමට ගෙන යෑමේ වැඩ පිළිවෙල අපි ආරම්භ කරනවා අද ඉඳලම.

    මලේකම් වරයා වශයෙන් මම පක්ෂය තුල සාධාරණව කටයුතු කරලා ලොකු වෙනසක් කරනවා. ඒ නිසා මං ජනතාවගෙනුත් ඉල්ලනවා ලොකු වෙනසක් කරන්න එක්සත් ජාතික පක්ෂය වටා එකතු වන්න. සිරිකොත ගමට ගෙනයන වැඩ පිලිවෙලට දායක වන්න කියලා මං ඉල්ලනවා.“

    අපට අසන්නට ඇත්තේ ‍ ගමට යන්නේ රෙදි ඇදගෙනද යන්න පමණි……

  • බල අරගලය බලු පොරයක් වෙලා… බැසිල්ගේ උපන්දින සැමරුමට ගෝඨා පිලේ බල්ලෙක්වත් නෑ..!

    බල අරගලය බලු පොරයක් වෙලා… බැසිල්ගේ උපන්දින සැමරුමට ගෝඨා පිලේ බල්ලෙක්වත් නෑ..!

    හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ පසුගිය 19 වැනිදා නෙලුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අලුත් අවුරුද්ද වෙනුවෙන් වැඩ ආරම්භ කිරීමේ චාම් උත්සවයේදී මාධ්‍ය වෙත පලකරන ලද අදහස් දැක්වීමක් සම්බන්ධයෙන් අප ඔබට තොරතුරු ගෙන ආවා මතක ඇති.

    පසුගිය සති කිහිපය තුළම විමල් විරවංශ, ගම්මන්පිල ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම ඉදිරි ජනාධිපතිවරණයට නියත වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාව ඉදිරිපත් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව පෙරැත්ත කරමින් කැමති කරවා ගනිමින් සිටින බවට ඔවුන් තැන් තැන් වල කියමින් සිටින ප්‍රකට කරුණක්.

    එම දේවල් වලට දැසි පිළිතුරක් සපයමින් ජාතික පුවත්පතක් සඳහා තීරු ලිපියක් පල කරන බැසිල් රාජපක්‍ෂ මහතාගේ දේශපාලන උපදේශක චරිත හේරත් මහතා විසින් ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ දෝෂාභියෝගය පිළිබඳව දැඩි පහරක් එල්ල කරන ලදී.

    ඉන් පසු එයට උත්තර සැපයූ විමල් වීරවංශට හිටපු ඇමති එස් එම් චන්ද්‍රසේන විසින් ප්‍රබල පිළිතුරක් සැපයූයේ එකාබද්ධයේ විහිලුවක් ලෙස ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ දෝෂාභියෝගය සඳහන් කරමිනි.

    එමෙන්ම මේ දිනවල පොදුජන පෙරමුණේ නෙළුම් මාවත කාර්‍යාලය තුල වඩාත් ආන්දෝලනයට තුඩු දී ඇති මාතෘකා අතර ඉදිරියෙන්ම තිබෙන්නේ 2020 ජනාධිපති අපේක්ෂකයා සම්භන්ධයෙන් වූ උභතෝකෝටිකය යි.

    නිතරඟයෙන්ම මේ සඳහා යෝජනා වී ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම් වෙනුවට, පක්ෂයේ ජාතික සංවිධායකවරයා වූ බැසිල් රාජපක්ෂගේ නම යෝජනා කිරීමට පස් දෙනෙකුගේ කල්ලියකින් සමන්විත විද්වත් මණ්ඩළයක් වෑයම් කරනා බව මේ සම්භන්ධයෙන් තතු දත්තෝ පවසති.

    මෙසේ දිනෙන් දින දලුලා වැඩෙන 2020 ජනාධිපතිවරණ සටනේ “බැසිල්-ගෝඨාභය අළු යට ගිණි” ඉදිරියේදී ප්‍රසිද්ධ වේදිකාවල පවා දැකගත හැකිවනු ඇතැයි බොහෝ දේශපාලන විචාරකයෝ අදහස් මීට පෙර ප්‍රකාශ කල අතර දැන් දැන් මේ දක්නට ඇත්තේ එයයි.

    පොහොට්ටුව බැසිල් රාජපක්ෂගේ වීමත් , එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරුන් ලෙස සිටින ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගෝඨාභයට සහය පල කිරීමත් නිසා මේ වන විට මහින්ද රාජපක්ෂ මහතා දැන් පත්ව සිටින්නේ උහතෝකෝටික ප්‍රශ්නයකට බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

    මීට ළඟම උදාහරණය වන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ අප්‍රේල් 23 වෙනිදා පැවති ඔහුගේ උපන්දිනයටවත් ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ ඒකාබද්ධ විපක්ෂයේ කිසිවකු සහභභාගී වී නැත.

    එහි ඡායාරූප පහතින්,

     

  • කලිසම් ඇදපු ගෑණු ටිකක් නේ තනතුරු වලට දාලා ඉන්නේ. අකිල විරාජ්ලා.. මහජනයා කුපිත වෙයි…

    කලිසම් ඇදපු ගෑණු ටිකක් නේ තනතුරු වලට දාලා ඉන්නේ. අකිල විරාජ්ලා.. මහජනයා කුපිත වෙයි…

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ ගැන පැමිණිළි කිරීමට අල්ලස් කොමිසමට පැමිණි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේ දී මහ මගදී හමුවූ පුද්ගලයෙකු එජාප ප්‍රතිසංවිධානය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා හට දැඩි විවේචනාත්මක අදහස් පළ කළා.

    මහජනයා දූෂණයට විරුද්ධව රාජපක්ෂවරු එළෙව්ව නමුත් මේ ආණ්ඩුව කිසිවක් නොකළ බවටද ඔහු චෝදනා නැගුවා.

    එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයෙක් ලෙස තමා අතිශයින් කණගාටුවන බවත් වර්තමාන නායකයින් කිසිවෙකුට හෝ පාක්ෂිකයින් කැමති නැති බවත් සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක සහ රන්ජන් රාමනායක වැනි පිරිස් පක්ෂයේ තනතුරුවලට පත් විය යුතු බවත් ඔහු පෙන්වා දුන්නා.

    “සජිත් ප්‍රේමදාස මැතිතුමාට මොකද්ද මේ වෙන්නේ? දැන් බලන්න මේ ගෑණු ටිකක් දාල් මේ කරන වැඩේ. ගෑණු ටිකක් නේ ඉන්නේ. අකිල විරාජ්ලා..”

    කෙසේ වෙතත් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව ගියේ “ගෑණු ටිකක් දාලා මේ කරන වැඩේ” යනුවෙන් එම පුද්ගලයා කළ ප්‍රකාශය පළ නොකරන ලෙස ඉල්ලමින්. වීඩියෝව පහතින්…

  • සියළු තනතුරු පත්කළේ රනිල්ට අවැසි විදිහට සමනළ වසන්තයකට… සජිත් සියල්ල හෙළිකරයි….

    සියළු තනතුරු පත්කළේ රනිල්ට අවැසි විදිහට සමනළ වසන්තයකට… සජිත් සියල්ල හෙළිකරයි….

    එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිසංවිධානයේදී තනතුරු සදහා සියළු පුද්ගලයන් නම් කරන ලද්දේ අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් යයි එම පක්‍ෂ නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස හෙළිකළා.

    මෙම යෝජනා පක්‍ෂ ප‍්‍රතිසංවිධාන කමිටුවේ යෝජනාවක් නොව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ යෝජනාවක් බවත් කමිටුව විසින් සිදු කලේ අදහස් විමසීම පමණක් බවත් ඔහු සදහන් කළා.

    පක්‍ෂ නායකත්වයේ වෙනසක් සිදුවීමක් ගැන ප‍්‍රතිසංවිධාන ක‍්‍රියාවලියේදී සාකච්චාවක් සිදු වූයේ නැති බවද නියෝජ්‍ය නායකයා පැවසුවා.

    පක්‍ෂය සම්බන්ධත්‍යන් ප‍්‍රධාන තීන්දු තීරණ ගැනීමේ සියළු බලාධිකාරිය පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ සතු වන බවද සදහන් කළ ඔහු තමන් තේරී ඇති නියෝජ්‍ය නායක තනතුර සදහා ප‍්‍රාදේශීය සභා, පළාත් සහා, පාර්ලිමේන්තු ආධී සියළු මහජන නියෝජිතයන්ගේ ඡන්ද විමසීමකින් සිදු කරන්නේ නම් ඉතා කැමැති බවද කියා සිටියේය.

    නායකත්වයේ වෙනසක් සිදු නොවන්නේදැයි මාධ්‍ය ඇසු විට ‘බයත් හිතෙනවා. විදුලි කොටනවා’ යනුවෙන් ඔහු ප්‍රකාශ කළා.

  • සීමා නොමැති වාර්තාකරුවන්ගේ වාර්තාවට අනුව ශ්‍රි ලංකාව මාධ්‍ය නිදහස පිළිබද දර්ශකයෙන් ඉදිරියට…

    සීමා නොමැති වාර්තාකරුවන්ගේ වාර්තාවට අනුව ශ්‍රි ලංකාව මාධ්‍ය නිදහස පිළිබද දර්ශකයෙන් ඉදිරියට…

    ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබද දර්ශකයට අනුව ස්ථාන 10 ක් පෙරට ඒමට ශී‍්‍ර ලංකාව සමත් වී තිබෙනවා. 2017 වසරේ ශී‍්‍ර ලංකාව පසුවූයේ මෙම දර්ශකයේ 141 වන ස්ථානයේයි. මෙවර 131 වන ස්ථානය දක්වා ශී‍්‍ර ලංකාව පෙරට පැමිණ තිබෙනවා. එහි ප‍්‍රථම හා දෙවන ස්ථානවල පසුවන්නේ පිළිවෙලින් නෝර්වේ සහ ස්වීඩනයයි. 

    කෙසේවෙතත් ශී‍්‍ර ලංකාව තවදුරටත් පසු වන්නේ ජනමාධ්‍ය නිදහස පිළිබද දර්ශකයේ රතු කලාපය තුළයි. ඒ ඒ රට තුළ පවතින ජනමාධ්‍ය නිදහසේ ස්වභාවය අනුව රටවල් සුදු, කහ, තැඹිලි, රතු සහ කළු ලෙස කාණ්ඩ 5 කට වෙන් කෙරෙනවා. සුදු කලාපයට ඇතුළත් වන්නේ ජනමාධ්‍ය නිදහස ‘‘හොද’’ යැයි සම්මත රටවලූයි. මෙවර දර්ශකයේ රටවල් 17 ක් මෙම කලාපයට ඇතුළත්.

    ජනමාධ්‍ය නිදහස ‘‘තරමක් හොද’’ රටවල් කහ කලාපයට ඇතුළත් කෙරෙනවා. මෙවර දර්ශකයේ අමෙරිකාව සහ බි‍්‍රතාන්‍ය ද ඇතුළුව රටවල් 30 ක් මෙම කලාපයට ඇතුළත්. තැඹිලි කලාපයට ඇතුළත් කෙරෙන්නේ ජනමාධ්‍ය නිදහස පිළිබද ගැටළු පවතින  රටවලූයි. මෙවර දර්ශකයට අනුව ජපානය, ගී‍්‍රසිය, ඊශ‍්‍රායලය, භූතානය සහ නේපාලය ඇතුළු රටවල් 63 ක් මෙම කලාපයට ඇතුළත් වනවා. 

    ශී‍්‍ර ලංකාවද ඇතුළත් රතු කලාපයෙන් අදහස් වන්නේ ජනමාධ්‍ය නිදහස ‘‘නරක ’’ බවයි. රුසියාව, ඉන්දියාව, පකිස්තානය සහ මාලදිවයින ද මෙම කලාපයට ඇතුළත්.

    ජනමාධ්‍ය නිදහස ‘‘ඉතා නරක ’’ රටවල් කළු කලාපයට ඇතුළත් වනවා. මෙවර දර්ශකයට අනුව චීනයද ඇතුළත්ව තිබෙන්නේ කළු කලාපයටයි. ලෝකයේ ජනමාධ්‍ය නිදහස ඉතා නරකම රට ලෙස උතුරු කොරියාව නම් කර තිබෙනවා. 

    ජනමාධ්‍ය නිදහස පිළිබද මෙම දර්ශකය සකස් කරන්නේ සීමා නොමැති වාර්තාකරුවෝ නමැති ජාත්‍යන්තර සංවිධානය විසින්.

  • රනිල්ගේ සමනළ ප්‍රතිසංවිධානය ගැන කළකිරුණු අලි 20ක් මැති සභයේ ස්වාධීන වෙන්න සැරසෙයි

    රනිල්ගේ සමනළ ප්‍රතිසංවිධානය ගැන කළකිරුණු අලි 20ක් මැති සභයේ ස්වාධීන වෙන්න සැරසෙයි

    එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු පත්කිරීම කිසිසේත්ම බලාපොරොත්තු වූ තරම් සතුටුදායක නොවූහෙයින්, එයට විරෝධය දැක්වීමටද පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇතැයි වාර්තාවේ.

    පක්ෂයේ ප්‍රතිසංවිධානයක් නොවීමත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසු අනුප්‍රාප්තිකයෙකු පත් නොකිරීමත් හේතුවෙන් පසුපෙළ මන්ත්‍රීවරුන් සිය විරෝධය දැක්වීමට නියමිතය.

    පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය පත්කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ පසුපෙළ මන්ත්‍රීවරුන් සාකච්ඡා කර ඇති අතර, එයට විරෝධය පාමින් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමටද ඔවුන් විසින් තීරණය කර තිබේ.

    ඒ අනුව එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ ඉදිරියේදී ස්වාධීනව කටයුතු කිරීමට සාකච්ඡාකරමින් පවතින බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි

    මේ අතර පක්ෂයේ සිදුවන ක්‍රියා සම්බන්ධයෙන් පසුපෙළ මන්ත්‍රීවරුන් මෙන්ම රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ඊයේ (26දා) දිනයේදී සාකච්ඡා කළ අතර, ඉදිරියේදී ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග පක්ෂ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දීමට නියමිත බවද වාර්තාවේ.

    එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය පත්කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් හමුවී සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.