Category: සුපිරි Politics

  • අගමැති රනිල් කුජිත වන ලකුණු.. ප්‍රසිද්ධ මත විමසුමකදී අගමැති සමාජ මාධ්‍ය ප්‍රධානීගේ සහය ජනපතිට…

    අගමැති රනිල් කුජිත වන ලකුණු.. ප්‍රසිද්ධ මත විමසුමකදී අගමැති සමාජ මාධ්‍ය ප්‍රධානීගේ සහය ජනපතිට…

    පසුගිය ජනාධිපතිවරණ සටනේදී ප්‍රබල දායකත්වයක් ලබාදුන් මුහුනුපොතේ දේශපාලන පෙජයක් මගින් ආරම්භ කල මත විමසුමක් නිසාවෙන් එජාප අර්බුධය යලිත් ප්‍රබල වශයෙන් කරලියට පැමිණ ඇති බව අපට වාර්තා වේ. ඒ කෙසේද යත් තම පක්ෂයේ නායක සහ නියෝජ්‍ය නායක දෙපලම එම මත විමසුමේ සිටියදී එජාප සහ අගමැති මාධ්‍ය අංශ ප්‍රධානියා තම සහය වර්තමාන ජනපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත ලබාදී තිබීමය..

  • රාජපක්ෂ සමයේ අභිරහස් ඝාතන සහ පහරදීම් පහක් පිටුපස ගෝටාභය සිටින බවට සාක්ෂි කරලියට….

    රාජපක්ෂ සමයේ අභිරහස් ඝාතන සහ පහරදීම් පහක් පිටුපස ගෝටාභය සිටින බවට සාක්ෂි කරලියට….

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ පවත්වනු ලබන සහ මේ වන විට අධිකරණ කිහිපයක් ඉදිරියේ විභාග වෙමින් පවතින බරපතළ අභිරහස් ඝාතන සහ පහරදීම් පහක් සිදු කිරීමට උපදෙස් ලබා දී ඇති ප්‍රබල හස්තය එකම පුද්ගලයකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණවලින් අනාවරණය වෙයි.

    ද සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, මාධ්‍යවේදී එක්නැලිගොඩ, බන්ධනාගාර ඝාතන 27, කීත් නොයාර්ට පහර දීම සහ රතුපස්වල ප්‍රහාරය එම අභිරහස් සිද්ධීන් වෙයි. මේ අපරාධ සියල්ලම ඉතාමත් සැලසුම් සහගතව සිදු කළ ඒවා බව එම පරීක්ෂණ තව දුරටත් හෙළිකර ගෙන තිබේ.

    මේ අපරාධ සම්බන්ධයෙන් පොලිසිය, ආරක්ෂක බුද්ධි අංශ සහ තවත් ඔත්තු සේවාවන්වල යැයි සැක කරන පිරිස් අත්අඩංගුවට ගෙන ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග ගෙන ඇතත් එම අපරාධ පිටුපස සිටින පුද්ගලයා එම අපරාධ සිදු කිරීමට සම්බන්ධ වී ඇති ආකාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා ගෙන ඇති තොරතුරු ඉදිරියේ දී අධිකරණයට ඉදිරිපත් කර ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට සහ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අධිකරණ අවසරය ලබා ගැනීමටත් බලාපොරොත්තුව සිටියි.

    ලසන්ත වික්‍රමතුංග ඝාතනය, එක්නැලිගොඩ ඝාතනය, බන්ධනාගාර ඝාතන ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් නිලධාරීන් සහ සෙසු ආරක්ෂක නිලධාරීන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇතත් ඔවුන්ගෙන් සහ විශේෂයෙන් ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් එම ඝාතන සිදු කිරීමටත් අදාළ පරීක්ෂණ අකර්මන්‍ය කිරීමටත් උපදෙස් ලබාදුන් පුද්ගලයා පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවී ඇත‍.

    එම අභිරහස් ඝාතනවලට සම්බන්ධ යැයි සැක කරන ප්‍රධාන පුද්ගලයාට නිදැල්ලේ සිටීමට ඉඩ නොහැර එම පරීක්ෂණ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කර අධිකරණ උපදෙස් මත ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යන බව ද කියයි.

    මීට වසර නවයකට පෙර අභිරහස් ලෙස මිලේච්ඡ ප්‍රහාරයකට ලක්ව මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්විය. එම පරීක්ෂණ සැකකරුවකු හරි හැටි නොමැතිව යට ගැසී තිබිය දී මීට වසර දෙකකට පමණ පෙර යළි එම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බාර ගෙන කිසිවකුත් බලාපොරොත්තු නොවූ පරිදි එම අපරාධයේ සුලමුල සොයා ගනිමින් එම ඝාතකයන් යැයි සැක කරන පුද්ගලයන් එම අපරාධයේ පරීක්ෂණ වාර්ත යට ගැසු පොලිස් නිලධාරීන් ද අත්අඩංගුවට ගනු ලැබුණි. මේ වන විට එම ඝාතනයට අදාළ නඩු විභාගය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.

    මාධ්‍යවේදී එක්නැලිගොඩ මහතා අභිරහස් ලෙස අතරුදන් වූයේ ඒ ආකාරයෙන්මය එදින ඔහු බොරැල්ල ප්‍රදේශයේ පැවැති සාදයකට ගොස් අපසු යමින් සිටියදී ඔහු පැහැර ගැනීමකට ලක්වී තිබුණි. ඔහු පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බව ද හෙළි වී ඇත.

    බන්ධනාගාර අපරාධ සිද්ධිය සිදු වූයේ 2012 වසරේදීය. එම සිද්ධිය වූ දින බන්ධනාගාර ප්‍රහාරයෙන් අමු අමුවේ මිලේච්ඡ ලෙස රැඳවියන් 27 දෙනකු ඝාතනය කර තිබුණි. එහිදී පුද්ගලයන් 11 දෙනකු ඝාතනය කළේ යැයි පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි ප්‍රබල සැකකරුවකු වූ බන්ධනාගාර නිලධාරියා රටින් පළා ගොස් තිබේ.

    නේෂන් පුවත් පතේ නියෝජ්‍ය කර්තෘ කීත් ලෙරෝයි නෙයාර් පැහැර ගැනීමට ලක් වූයේ 2008 මැයි මස 22 වැනිදාය. එදින වැල්ලවත්තේ නිවස අසලට යන අතරතුර දී අසල නවතා තිබූ සුදු පහැති වැන් රථයක සිටි පිරිසක් කඩා පැන කීත් නෙයාර් මහතාට අමානුෂික ලෙස පහර දී පැහැර ගෙන තිබුණි. මේ අපරාධ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යුද්ධ හමුදාවේ බුද්ධි අංශය බාරව සිටි විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයකු මීට සති දෙකකට පෙර අත්අඩංගුවට ගෙන ඇත. මේ සිද්ධියට අදාළ නඩු විභාගය ගල්කිස්ස අධිකරණය ඉදිරියේ විභාග වන අතර, පෙරේදා නඩුව කැඳවූ අවස්ථාවේදී මේජර් ජෙනරාල්වරයාගේ ඇප ප්‍රතික්ෂේප විය.

    මේ සිද්ධි සියල්ලන්ටම මෙහෙයවීම පිළිබඳව චෝදනා එල්ල වී ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතයි.

  • හමුදාවෙන් ඇමරිකාවට පැනගියපු ගෝටාට සරත් ෆොන්සේකාගෙන් කිසිදා අමතක නොවන ප්‍රහාරයක්…

    හමුදාවෙන් ඇමරිකාවට පැනගියපු ගෝටාට සරත් ෆොන්සේකාගෙන් කිසිදා අමතක නොවන ප්‍රහාරයක්…

    ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ජනාධිපති ධුරයට සුදුසු යයි කිසිවෙකු කියන්නේ නම් ඔහුට මඩු වලිගයෙක් තැලිය යුතු යයි ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි.

    හිටපු ආරක්‍ෂක ලේකම්වරයා යුද්දයට බයෙන් රටින් පැන ගොස් වසර 15ක් සැගවී සිටි පුද්ගලයෙක් යයිද ඇමතිවරයා සදහන් කරයි.

    එමෙන්ම ආණ්ඩුවේ අඩුපාඩු ඇති බව තමන් පිළිගන්නා බවත් නමුත් පෙර පැවති පාලනයම නැවත ගෙන ඒම එයට විසඳුම නොවන බවද ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

    ජනතාවගේ අවශ්‍යතාවය අනුව ආණ්ඩුවේ ඇතැම් වෙනස්කම් සිදුකර ජනතාව අතරට යා යුතු බවත් එසේ නොවුන හොත් එක්සත් ජාතික පක්ෂයේ අපට කණගාටු වීමට සිදු වන බව අමාත්‍යවරයා පැවසීය.

    ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසය දෙනා කැබිනට්ටුව තුළත් ආණ්ඩුවටත් අපලයක් බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.

    විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා සමඟ කිසිඳු ගිවිසුමක් නොමැති බවත් එතුමන් ඇතුළු දෙමළ දේශපාලඥයින් ප්‍රතිපත්ති මත දේශපාලනය සිදු කරන බවත් දකුණේ දේශපාලඥයින් එසේ නොවන බවද ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් පැවසීය.

  • සමාජ ජාලා වෙබ් අඩවි අවහිර කිරිම ගැන ජනාධිපතිවරයාව පැසසුවේ කවුද? වෙබ් මාධ්‍යවේදීන් ජනපතිගෙන් විමසයි

    සමාජ ජාලා වෙබ් අඩවි අවහිර කිරිම ගැන ජනාධිපතිවරයාව පැසසුවේ කවුද? වෙබ් මාධ්‍යවේදීන් ජනපතිගෙන් විමසයි

    ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම හරහා ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීම ගත් ක්‍රියාමාර්ගයට ජාත්‍යන්තරයේ පැසසුම් හිමිවූවා යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රකාශයන් තහවුරු කරන සාධක රටට හෙලි කරන්නයැයි වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කරුණු විමසා සිටී.

    ඊයේ (20) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය ප්‍රශ්ණ කරන්නේ වෙබ් සහ සමාජජාල මාධ්‍ය තම ජයග්‍රහණයේ ප්‍රධාන මාධ්‍ය නියමුවන් කරගනිමින් බලයට පැමිණි ජනාධිපතිවරයා මේ වන විට ජාතිවාදය මුවාවෙන් එම මාධ්‍යයන්ට ඇති නිදහසට බාධා පමුණුවමින් කිරීම සම්බන්ධයෙන් සත්‍ය කරුණු දැක්වීමක් සිදුකරන ලෙසයි.

    මේ සම්බන්ධයෙන් වන වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහත දැක්වේ.

    —–උපුටා ගැනීම——

    සමාජ ජාලා සහ වෙබ් අඩවි අවහිර කිරිම ගැන ජනාධිපතිවරයාව පැසසුවේ කවුද? වහාම රටට හෙළිකරනු!

    මහනුවර ඇති වූ අවසනාවන්ත සිදුවීම පාලනය කර ගත නොහැකිව ආණ්ඩුව විසින් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම ඉතා අවශ්‍ය හා කාලෝචිත ක්‍රියාමාර්ගයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලන්ඩන් නුවරදි නැවතත් ස්වයං වර්නනාවක් කර ගෙන ඇති ආකාරය ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත. එසේම මේ ආකාරයෙන්ම පසුගිය මාර්තු 28 වෙනිදාද කොළඹ පැවති උත්සවයකදි ජනාධිපතිවරයා පවසා සිටියේ එක්සත් ජාත්‍යන්තර සංවිධාන ඇතුළු බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම සම්බන්ධයෙන් තමන්ට පැසසුම් සිදු කළ බවයි. වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ලෙස අපි මුළ සිටම මෙලෙස සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම පිළිබඳව අපගේ විරෝධය පළ කර අතරම එමගින් අනාගතයේදි මාධ්‍ය නිදහස ඇතුළුව ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට විය හැකි බලපෑම සම්බන්ධයෙනුත් අවධානය යොමු කළෙමු.

    ඒ අනුව ආණ්ඩුවේම වරප්‍රසාද ලබන කණ්ඩායම් යොදවා ගනිමින් ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනිම සදහා ජාතිවාදය ඇවිස්සීමට ඇතැම් පුද්ගලයන් කටයුතු කල බවට අනාවරණය වි තිබියදී සමාජ ජාලා සහ වෙබ් අඩවි හරහා එය සිදුවන බවට දිගින් දිගටම විවෘත ප්‍රකාශයන් කිරිම තුළින් ආණ්ඩුව උත්සහ දරන්නේ තම නොහැකියාව පිළිබිඹුවන කවර හෝ අවස්ථාවක සමාජ ජාලා සහ වෙබ් අඩවි තහනම් කිරිමට අවශ්‍ය මාර්ගය සකස් කිරිම නොවේනම් වෙන අන් කවරක්ද? යන සාධාරණ සැකය වඩාත් ත්‍රීව ලෙස අපට ඇති වෙමින් පවතී.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු මේ යහපාලනය ආණ්ඩුවෙන් මේ අවස්ථාවේදි අපි විමසා සිටින්නේ පසුගිය වසර තුන තුළ ලංකා ඊ නිවුස්,(lankaenews.com),ලංකා නිවුස් වෙබ් ඩොට් ටුඩේ (lankanewsweb.today) ඇතුලු වෙබ් අඩවි ගණනාවක් තහනම් කිරීමට ලක් කළේ එම වෙබ් අඩවි හරහා ජාතිවාදය ඇවිස්සු නිසා ද යන්නයි. එමෙන්ම ම අවහිර කිරිම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවිධාන හෝ ලංකාවේ හණමිටි අදහස් දරණ ආණ්ඩුවට සහය දෙන්නන් ආණ්ඩුව පැසසුමට ලක්කර තිබේද? යනුවෙන්ද අපි විමසා සිටිමට කැමැත්තෙමු.

    ජනාධිපතිතුමනි, ඔබ සමීපයේ සිටිමින් ඔබට වන්දිභට්ටකම් කරන පිරිස ඔවුන්ගේ අසමත්කම් වසා ගැනීමට ඔබව නොමඟ යවමින් සිටින බව රටක ජනාධිපතිවරයෙක් වශයෙන් ඔබ කරන මෙවන් පදනම් විරහිත ප්‍රකාශයන් හරහා පැහැදිළි වන බව පැවසිය යුතුමය. එසේම මෙවන් අඳබාල වන්දිභට්ටයන් ඉතිහාසය පුරාවටම රට හා රාජ්‍ය පාලකයන් නොමග යැවිමට කටයුතු කල බවට සාක්ෂි අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අප සතු වේ.

    මහනුවර ඇති වූ සිද්ධියට අදාළ ව ෆේස්බුක් වෙබ් අඩවිය තහනම් කිරීම ගැන බොහෝ විදේශීය ආයතනයන්ගෙන් ප්‍රසංශාව හිමි වූ බවට ජනාධිපතිවරයා විවිධ තැන්වල ප්‍රකාශයන් කිරිම හරහා තහවුරු කරමින් සිටින්නේ ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනිමට හදිසි ඕනෑම අවස්ථාවක ආණ්ඩුවේ නිර්වචනය වන “ජාතිවාදී ගැටුමක්” නිර්මාණය කිරිම හරහා සමාජ ජාලා සහ වෙබ් අඩවි තහනම් කිරිමට පියවර ගැනිම නොවේද?

    එම නිසා මේ අවස්ථාවේ අපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ සමස්ත ආණ්ඩුවටම අභියෝග කරමින් කියා සිටින්නේ සමාජ ජාල සහ වෙබ් අඩවි තහනම් කිරිම හෝ අවහිර කිරිම සම්බන්ධයෙන් මාධ්‍ය නිදහස අගයන ගෝත්‍රික නොවන ප්‍රජාතන්ත්‍රවාදී රටවල් හෝ ජාත්‍යන්තර සංවිධාන සිය නිලමතය ප්‍රකාශ කර තිබේනම් සාක්ෂි සහිතව වහාම එය රටේ ජනතාවට දැන ගැනිම සදහා ප්‍රසිද්ධ කරන ලෙසයි.

    එසේ නොමැතිව වන්දිභට්ටයන්ගේ රැවටිලිකාර අසත්‍ය තොරතුරු මත පදනම්ව විවිධ ප්‍රකාශයන් නිකුත් කිරිම රටක ජනාධිපතිවරයෙකුට කිසිසේත්ම උචිත නොවන බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ මතය බවද තරයේ අවධාරණය කර සිටිමු.

    දුමිදු දිසානායක
    කැඳවුම්කරු

    වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය

    “සීමා,මායිම් නොමැති වර්තාකරණයේ සමාජ වගකිම් ව්‍යාපාරය”

    —–උපුටා ගැනීම අවසන්—–

  • රනිල්ගේ ගුණ වයන්න ගිය මරික්කාර්ට කුණු බිත්තර ප්‍රහාරයක්… රනිල්ට එරෙහිව ජනතාව සටනට..

    රනිල්ගේ ගුණ වයන්න ගිය මරික්කාර්ට කුණු බිත්තර ප්‍රහාරයක්… රනිල්ට එරෙහිව ජනතාව සටනට..

    කලෙක රටේ ජනාධිපතිවරයාට ඉතා අශෝභන ලෙසින් ආමන්ත්‍රණය කර අවසානයේ පස්ස බිම ඇනුණු මරික්කාර් සුවච කීකරු සුනඛ පෝතකයෙකු විලසින් දෙපා නැමද සමාව ගත් කොලොන්නාවේ එජාප සංවිධායකවරයා වන ඇස් ඇම් මරික්කාර් පසුගිය දිනෙක කුණු බිත්තර ප්‍රහාරයකට ලක්වූ බව අපට වාර්තා වේ…

    කොටිකාවත්තට ආසන්න ප්‍රදේශයක පැවති උත්සවයක් අතරතුර ” කවුරු මොනවා කිවුවත් රනිල් කියන්නේ පක්ෂේ නායකයා.. එයාව පන්නන්න අපි කෙසෙල්වත්තේ එවුන්ට ඉඩදෙන්නේ නෑ යනුවෙන් පවසා කෙටි කාලයක් ගතවෙත්ම පැමිණි සිටි පිරිස අතරින් “*න්නයා ගමට එපා” ආව තැනකට මක බෑවිලා පල ආදී වචන වලින් මරික්කාර් හට කුණු හරුප සංග්‍රහයක් සමගින් කුණු බිත්තර ප්‍රහාරයක්ද එල්ලවී ඇති අතර ලැබුණු ප්‍රතිචාරය හමුවේ මරික්කාර් ගලේ ජරා කල බලලෙක් විලසින් පලාගොස් ඇති බව අපට වාර්තා වේ..

    මෙම උත්සව අවස්ථාව සදහා ඔලුව නැති නාලිකාවක් පැමිණ ඇති අතර මේ වන විට එහි සියලු දර්ශන මහජනයාගෙන් සගවා තැබීමට මරික්කාර් කටයුතු කර ඇත..

  • සිරස නාලිකා ප්‍රධානි චන්දන සූරියබණ්ඩාර ඉවතට.. පැරණි මුහුණක් යලි ප්‍රධානි තනතුරට…

    සිරස නාලිකා ප්‍රධානි චන්දන සූරියබණ්ඩාර ඉවතට.. පැරණි මුහුණක් යලි ප්‍රධානි තනතුරට…

    සිරස රූපවාහිනිය තමන්ගේ කෙළිබඩුවක් කොටගත් චන්දන සූරියබණ්ඩාරට වැඩ වරදී. සුසාර දිනාල් නැවතත් ආයතන ප්‍රධානියා බවට පත් වේ..

    සිරස නාලිකා ප්‍රධානී චන්දන සූරියබණ්ඩාර ඉකුත්දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදී ස්ටෙයින් ස්ටූඩියෝ ( Stain Studio ) හි විධායක අධ්‍යක්ෂවරයාගේ තනතුර තෙක් පහළ හෙලීමට ආයතන ප්‍රධානියා තීරණය කර ඇත.

    මේ සම්භන්ධයෙන් වූ සිද්ධි දාමයන් එකින් එක ගෙනහැර බැලීමේදී පැහැදිලි වන්නේ පූර්ණකාලීන දේශපාලනය උදෙසා, ක්ශේත්‍රයෙන් සමුගත් සුසාර දිනාල් වෙනුවට සොයාගත් ආදේශකයා වූ චන්දන සූරියබණ්ඩාර මහතා යටතේ ඉකුත් සිවු වසරක් තුල සිරස මාද්‍යජාලය පළමු ස්ථානයේ සිට පස්වන ස්ථානය දක්වා පසුබැස ඇති බවයි. මීට අමතරව නාලිකාව තුල තමන් හැරුණුකොට ඉදිරියට ආ දීප්තිමත් චරිත කිසිවකුට ඉකුත් සිවු වසර තුල  තමන්ගේ බළමුළු බිඳදමන්නට කිසිඳු ඉඩක් ලබා නොදී ඔවුන්ව එළවා දැමීමට තරම් සාහසිකයෙකු වූ සූරියබණ්ඩාර යටතේ නාලිකාවේ ජේෂ්ඨතම නිවේදිකාව වූ තනූජා ජයවර්ධන , නාරද බක්මීවැව, කිංස්ලි වික්‍රමරත්න, ප්‍රියන්ත විජේසිංහ සහ බුද්ධික වික්‍රමාදර යන අති දක්ෂයන් නාලිකාව හැරදමා යන තත්වයටම අසරණ කිරීමට තරම් හෙතෙමේ ම්ලේච්ඡ වුණ බව මේ සම්භන්ධයෙන් තතු දත්තෝ පවසති .

    ධනය, බලය සහ කීර්තිය හමුවේ වර්දනය වූ උද්දච්චකමින් සහ පුහු මාන්නයෙන් ස්වකීය  මොළය පුරවා ගත් සූරියබණ්ඩාරගේ මූලිකම රාජකාරිය වූයේ අග්‍රාමාත්‍යවරයාට උදේ හවා සිරස රූපවාහිනිය භාවිතා කර පහරදීමම පමණි. සුසාර දිනාල් විසින් සිරස සන්නාමය යටතේ චිත්‍රපට දෙකක් ( ධර්ම යුද්ධය සහ ඒලෙවල් ) නිර්මාණය කර කෝටි 22 ක සමස්ථ ලාභයක් චැනලය වෙත ලබා දෙද්දී සූරියබණ්ඩාරලා කළේ තම වැඩසටහන් වලට සභභාගී වූ විනිසුරුවරියන්ව වසඟයට ගෙන ප්‍රසිද්ධියේ රමණය කිරීම පමණි.

    එහෙව් සූරියබණ්ඩාරලා නිසාවෙන් අද වන විට සිරස ආයතනය හුදෙක් පරණ බිත්තර යොදා නිර්මාණය කළ ඔම්ලට් එකක් බවට පරිවර්තනය වී ඇති බව කණගාටුවෙන් වුවද කිව යුතුමය. අදායම් හඹාගෙන වෙළඳපොළ ආක්‍රමණය කරන්වා වෙනුවට, වෙළඳපොළ තමන්ගේ දෙපා මුලට ගෙන්නවා ගතහැකැයි සිතීමට තරම් මෙකී සූරියබණ්ඩාරලා අමනෝඥ වීමම සිරස ආයතනයේ මෙන්ම රටේද අවාසනාවක් ලෙසින් හැඳින්විය හැක.

    සිරස සහ MTV ආයතන වල නව ප්‍රධානියා වශයෙන් නැවතත් තේරී පත්වූ සුසාර දිනාල් මහතාට ඉදිරියේදී මඟහැරුණු සහ කළයුතු යුතුකම් සහ වගකීම් බොහෝ ඇති බව ලියුම්කරුගේ මෙම ලිපිය මඟින් සිහිපත් කළ යුතුමය. අපක්ෂපාතී ලේබලය යටතේ ජනතාවගේ දෘෂ්ටි කෝණයේ සිට බලමින්, නැවතත් තම නාලිකාව හරහා ජනතාවට සිදුවන අසාධාරණකම් දෙස අවධානයට යොමු කිරීමට නිවරදි කාලය එළඹ ඇතැයි අපි සිතන්නෙමු.

    මන්ද රටේ මාධ්‍ය ක්ශේත්‍රය හුදෙක් ප්‍රසිද්ධියේ ගණිකා සේවයේ යොදවමින් ඇති අවස්ථාවක සිරස නාලිකාව විසින් නිර්මාණය කරගත් ස්වකීය භූමිකාව නැවතත් රඟ දැක්වීමට අවශ්‍ය පරිසරය නැවතත් ප්‍රතිනිර්මාණය කිරීමේ වගකීම ඔහුගේ කරමත පැටවී ඇති  නිසාවෙන්මය.

  • තමුසේ නටන නාඩගම අද අහුවුණා, ඇරපිය නාන කාමරේ දොර –  නිළියකගේ පහස ලබපු සැමියා මාට්ටු..

    තමුසේ නටන නාඩගම අද අහුවුණා, ඇරපිය නාන කාමරේ දොර – නිළියකගේ පහස ලබපු සැමියා මාට්ටු..

    රජරට, මැද පළාත හා දකුණු පළාතේ මන්ත්‍රිවරු තිදෙනා ගජ යාළුවෝය. එකම පාර්ශ්වයේය. රාජකාරියට අගනුවර පදිංචිව සිටින්නේ එකම නිවාස සංකීර්ණයකය.

    අසැබි චිත්‍රපට නැරැඹීමටත් කැමැතියි. ලස්සන නිළියන් ගැන කතා බහටත් රුචිය. දඟකාර හැඩකාර කටකාර තරුණ නිළියක් ගැන ඔවුහු වැඩියෙන් කතා කරති. ඇගේ ආදර සංග්‍රහ විඳගන්නට ඇත්නම් කීයක් ගියත් කමක් නැතැයි කියති.

    රජරට මන්ත්‍රි කෙසේ හෝ එක් නිළියක ගෙන්වා ගැනීමට මඟපාදා ගත්තේ එවැනි වැඩවලට පළපුරුදු කෙනකු මඟිනි. අනෙක් දෙදෙනාත් වැඩේට සම්මාදම් කරගත්තේය. වියදම තිදෙනා බෙදා හදාගන්නටද එකඟ විය.

    රඟපාන්නට යන චිත්‍රපය ගැන නිවාස සංකීර්ණයේ කාට හෝ ඉව වැටී තිබිණි. රජරට මන්ත්‍රිගේ ගමේ ගෙදර දුරකතනයට ලැබුණු නිර්නාමික පණිවුඩය ලබාගත්තේ ඔහුගේ ගැමි බිරියයි, මැඩම් කොළඹ ගෙදරට හෙට උදේ නිළියක් එනවා. මහත්තයා එක්ක චිත්‍රපටයක් රඟපාන්න. ආවාම අපි කියන්නම්.

    ඇවිල්ලා අල්ලා ගන්න. සැමියාගේ හැටි දන්නා බිරිය වහාම කොළඹට පැමිණ ඥාතිවරියගේ නිවෙසේ නතර වූවාය.

    පසුදාට පහන් විය. උදේ නවය දහය වන විට නිළිය කතා කරගෙන තිබූ අයුරින්ම නියමිත නිවෙසට ආවාය. තිදෙනාම ඇගෙන් ‘ඇපොයින්ට්මන්ට්’ ලබාගෙන තිබිණි. මුල්ම හමුවීම රජරටටය.

    රජරට මන්ත්‍රි බිරිය ඥාතිවරියගේ නිවෙසේ සූදානමින් සිටියේ කොයිවෙලාවේ දුරකතන ඇමැතුමක් ලැබේ දැයි සිතමිනි. පණිවුඩය ලැබිණි. ඇය රියැදුරු සමඟ වාහනයේ නැඟී සැමියා පදිංචි ස්ථානය කරා ආවාය. ‍දොර වසා තිබිණි.

    ඒ වන විට පළමු දර්ශනය නිම කළ නිළිය ඇඟ පත ‍දොවා ගන්නට නාන කාමරයට ගොස් සිටියාය.

    සිගරැට්ටුවක් දල්වා ගත් රජරට මන්ත්‍රි සැමියා දිගා වී ගෙවී ගිය මොහොත රස විඳිමින් සිටියේය.

    දොරට තට්ටු කරන හඬින් නැඟී සිටි ඔහු මිතුරන් දෙදෙනා අපේක්ෂාවෙන් ‍දොර ඇරියේය. එහෙත් මාරාවේශයෙන් ගෙට පැන්නේ ඔහුගේ බිරියය. ඇය මරහඬ තළමින් නිදන කාමරයට දිව ගියාය. නුපුරුදු කාන්තා ඇඳුමක් ඇඳුම් රාක්කයේ දක්නට තිබිණි.

    කොළඹට වෙලා තමුසේ නටන නාඩගම අද අහුවුණා. මං ඒකි අල්ලාගන්නම්. ඇරපිය නාන කාමරේ ‍දොර. වර එළියට…’ කියමින් ඇය නාන කාමරයේ ‍ දොර ඇර ඒ තුළ සිටි නිළියගේ කෙස්වැටියෙන් අල්ලා පිටතට ගත්තාය.

    ඇය බේරා ගන්නට රජරට මන්ත්‍රිවරයා ඉදිරිපත් වුණත් පලක් නොවීය.

    දෙදෙනාටම බිරියගේ ගුටි බැට ප්‍රහාරයෙන් බේරුමක් නොවීය. ලද ඇසිල්ලෙන් දුරකතන අතට ගෙන යාබද කාමරයට පැනගත් ඔහු සිදු වූ සංගදිය මිතුරු මන්ත්‍රින් දෙදෙනාට දැනුම් දුන්නේ වෙව්ලමිනි.

  • ජනපති මෛත්‍රිට උණුසුම් ප්‍රතිචාර ලැබෙද්දි කුපිත වු  LTTE ය ජනපතිට එරෙහිව විරෝධතාවයක

    ජනපති මෛත්‍රිට උණුසුම් ප්‍රතිචාර ලැබෙද්දි කුපිත වු LTTE ය ජනපතිට එරෙහිව විරෝධතාවයක

    ලන්ඩන් නුවරදී පැවැත්වෙන 2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුථව සදහා සහභාගීවීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ දිනවල සිටින්නේ මහා බ්‍රිතාන්‍යයේය.

    පොදු රාජ්‍ය මණ්ඩලීය 25 වන රාජ්‍ය නායක සමුථවේ සමාරම්භක අවස්ථාව බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසඛෙත් මහ රැජිණගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ බකිංහැම් මාලිගාවේ දී අභිමානවත් අයුරින් පැවැත්වූණු අතර, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට එක්විය.

    පොදු රාජ්‍ය මණ්ඩල විධායක සභාව පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුථවට සමගාමීව අද පස්වරුවේ ලන්ඩන් නුවර ලැන්කැස්ටර් හවුස් හිදී ආරම්භ කෙරිණි.පොදු රාජ්‍ය මණ්ඩලයීය විධායක සභාවට සහභාගීවීම සදහා පැමිණි ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව පිළිගත්තේ බ්‍රිතාන්‍ය අගමැතිණි තෙරේසා මේ මැතිණිය විසිනි.ලොව රටවල් රැසක ප්‍රබල රාජ්‍ය නායකයින් රැසක් මෙම විධායක සභාව නියෝජනය කරනු ලබයි.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මෙලෙස පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ කටයුතු සදහා සහභාගී වන මොහොතේදී ලන්ඩනයේ දෙමල කොටි හිතවාදී ඩයස් පෝරා සංවිධාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව විරෝධතා දක්වමින් ඇත.කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සියලු කටයුතු සදහා කිසිදු බාධාවකින් තොරව සහබාගි විය.දෙමල කොටි හිතවාදී ඩයස් පෝරා එහිදී විරෝධතාවයේදී කියා සිටියේ යුද්ධයේ අවසාන සතියේ වැඩ බලන ආරක්ෂක ආමාත්‍යවරයා වුයේ වත්මන් ජනපති බවය.එම නිසා වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව මෙම ඩයස් පෝරා විසින් විරෝධතාවය සංවිධානය කර ඇත.

    මිට මාස කිහිපයට පෙර ලන්ඩනයේ දෙමල කොටි හිතවාදී ඩයස් පෝරා සංවිධාන විවිස්න් සංවිධානය කල   විරෝධතාවයේදී කාගේත් කතා බහට ලක්වූ බ්‍රිගේඩියර්වරයාගේ සිදුවීමේදී ඒ සදහා මැදිහත් වෙමින් බ්‍රිගේඩියර් ප්‍රියංකර මහතාට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඔහු ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසා සිටියේය

     

  • දෙයියනේ කෝ මඳ වේග ධාවන පථය….ලොවම දිනු කපිතාන් මත්තල පතුරු ගසපු හැටි මෙන්න…

    දෙයියනේ කෝ මඳ වේග ධාවන පථය….ලොවම දිනු කපිතාන් මත්තල පතුරු ගසපු හැටි මෙන්න…

    වසර 45ක් ගුවන් නියමුවකු ලෙස සේවය කළ කපිතාන් එල්මෝ ජයවර්ධන එයා ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන ගුවන් නියමුවා විය. සිංගප්පූරු ගුවන් සේවයේ වසර 20ක් ගුවන් නියමු උපදේශකවරයකු ලෙස සේවය කළ ඔහු මේ වන විට බෝයිං ගුවන් සමාගමේ නියමුවන් පුහුණු කරවන්නකු ලෙස කටයුතු කරයි. මිහිතලය වටා ගුවන අරා සැරි සරා ඇති එල්මෝ ජයවර්ධන කපිතාන්වරයා මත්තල ගුවන් තොට පිළිබඳ මෙසේ සටහනක් තබයි.

    මංතීරු හතරේ අධිවේගී මාර්ගයේ යාලට යද්දී කෙතරම් වාරයක් මත්තල පසු කර ගියද මා එතැනට කිසිදා ගොඩ වූයේ නැත. එහි ඉදි වූ මහා ගුවන් තොටුපොළක් සහ ඒ පිළිබඳ විවිධ ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් ඇති බව මම දැන උන්නෙමි. දේශපාලනය විසින් සුදු හුණු ගාන්නට වූ නිසාම හම්බන්තොටට එන යන ගුවන් යානා පිළිබඳ මඳක් අවධානය යොමු කරන්නට සිත් විය. මෑතකදී මා කියවූ ඉංග්‍රීසි පුවත්පතක මත්තල ගුවන් තොටුපොළේ මඳ වේග ධාවන තීරු පිළිබඳ ලියා තිබුණි.

    ඒ මාධ්‍යවේදිනියගේ ලියවිල්ල මා විශ්වාස නොකළත්, කුතූහලය නිසා මත්තලට ගොඩබස්වන ගුවන් යානා වගුව පිරික්සීමි. රුපියල් දස ලක්ෂ 280ක් වැය වූ මේ ගුවන් තොටේ ධාවන පථ (runway) හා මඳ වේග ධාවන පථ (taxiway) සැලැස්ම දැකීමෙන් මම මවිතයට පත් වීමි. සෙර්වන්තේස් නමැත්තාගේ ප්‍රකාශයක් මා සංක්ෂිප්ත කොට සඳහන් කළොත් එයින් කියැවෙනු ඇත්තේ ‘එක මිනිසකුගේ ගුවන් තොටුපොළ තවත් මිනිසකුට තකතීරුකමක් වේ’ යන්නය.

    වාණිජ කරුණු අතහැර දමමු. මා මේ සඳහන් කරන්නේ හුදු ඉදි කිරීම් ගැටලු සහ ඉතා පැහැදිලිව පෙනෙන ඇතැම් මූලික කරුණු ඔළමොට්ටල ලෙස වරද්දාගැනිම පිළිබඳවය. ගුවන් තොටේ ධාවන පථ දෙක වෙත ප්‍රවේශ වීමට එහි කෙළවර මඳ වේග ධාවන පථ නොමැති වීමෙන් යානා පසුගමනය කිරීමට ක්‍රමයක් නැත.

    සත්‍යය වශයෙන්ම එවැනි ගුවන් තොටු පොළ තවත් තිබේ. මාලදිවයිනේ හුලලේ ගුවන් තොටුපොළ එවැන්නකි. එහෙත් මාලදිවයිනට එවැනි පසුගමන් ධාවන පථයක් ඉදි කිරීමට හේතු ඇත. ඒ, ඔවුන්ගේ කුඩා දූපත් තීරුවල, වෙනම මඳවේග ධාවන පථ ඔස්සේ ඇරඹුම් ස්ථානයට ළඟාවීමට තරම් ඉදි කිරීමකට ඉඩහසරක් නැති වීමය.

    එහෙත් අපි? අපට උරුම ගුවන් සේවාවට මහා නිගාවක් කරන්නේ කෙසේද? භූමිය… අපට ඕනෑ තරම් මඳ වේග ධාවන පෙත් ඉදි කරන්නට තරම් ඉඩහසර තිබේ. ඕනෑ නම් බූන්දලටම ගොස් ආපසු පැමිණ ධාවන පථයට එළැඹීමට තරම් ඉඩකඩක් අපට තිබේ. එහෙත් යමකු, සහ තවත් අය පොදු එකඟතාවකින් මේ මඳ වේග ධාවන තීරු රහිත ගුවන් තොටුපොළ ඉදි කර ඇත.

    මත්තල ගුවන් තොට, මීටර් සියයේ ඉසව්ව දුවන්නට සැරසී සිටින අත්වාරුවෙන් යන අබ්බගාතයකු ලෙස නිම කිරීමට හේතු වූ කරුණ අල්ප මාත්‍රයකින් හෝ පහදන්නට සමතෙක් වේ නම්, ඒ ඕනෑම අයකු සමඟ කරුණු දැක්වීමට මමද සූදානම් වෙමි. ඇතැම් විට එය ‘රජාගේ අලුත් ඇඳුමේ’ සහලක්ෂණයේ ශ්‍රී ලාංකික පුනරුත්පත්තිය විය හැකිය. ඕනෑම දෙයකට ‘එසේය ස්වාමීනී’ කියමින් දියවන්නා ඔයට ආවඩන්නට සැදීපැහැදී සිටින ඇම්බැට්ටයන් නිසා හම්බන්තොට නිරුවත් ගමනක යෙදෙයි.

    දැන් අපට මඟීන් ගෙන යාමට ඒමට මංතීරු හතරේ අධිවේගී මාර්ගයක් ඇත. එහෙත් මඟීන් නැත. නවීන දැවැන්ත ගුවන් යානා ගොඩ බැස්වීමට ශක්තිය හා අවකාශය ඇත. එහෙත් ගුවන් යානා නැත. විසුළු පෙනුමැති විහිළුකාර විද්‍යුත් ගොඩබැස්වීම් ක්‍රමයක් ඇත. එහෙත් ජෙට් යානා ගොඩ බැස්සවීමේදී අංශක 180ක් හරවාගෙන විත් ධාවන පථයට ඇතුළු කිරීමට වඩා මඳ වේග ධාවන පථයක් යෙදීම සුදුසු බව ඇතැම් අමනයින්ට අමතක වී ඇත.

    මඳ වේග ධාවන පථයක් නැති වීම හා සසඳන විට, සුළු කාරණා බවට පත් වන, ධාවන පථයේ සම්පාත වීම හා හරස් සුළං හැමීම වැනි කරුණු ගැන සඳහන් කිරිමට මා යුහුසුලු වන්නේ නැත. මඟීන් නැති කතාවද අපි පසෙක ලමු. ඒ සියල්ල දේශපාලනික කරුණු නිසාය. එහෙත් මේ දෝෂ සහිත ඉදි කිරීම අදක්ෂතාව මොනවට පැහැදිලි කරන්නක් වන අතර, එයට වගකිව යුතු වැරැදිකරුවා මරණ මංචකයේදී හෝ මේ පව ගෙවා නිම කළ යුතුය.

    මේ ගුවන් තොටු‍පොළට ඉහළින් පියාසර කරන ගුවන් යානාවල ගමනාගමනයෙන් විශාල මුදලක් උපයන බව, කෝප් කමිටුවට යමකු දැනුම් දුන් බව පුවත් පත් මඟින් දැනගතිමි. එහි සඳහන් ආකාරයට ශ්‍රී ලංකාවට ඉහළින් ඇති ගුවන් මං ඔස්සේ සිය යානා ඉගිළ යෑම පිළිබඳ ගුවන් සේවාවන් කැමැත්තක් දක්වන්නේ, හදිසි අවස්ථාවකදී මත්තලට ගොඩ බැස්විය හැකි බැවිනි.

    හෙට ඔබ මත්තලට ගිනි තබන්න. එහි අළු ගෙන පණ්ඩිතයන්ගේ නළලේ උලන්න. එහෙත් අර ගුවන් යානා සුපුරුදු පරිදි සිය ගමනේ යෙදෙනු ඇත්තේ අප දෙස ඇහැ කොනින්වත් නොබලාය. එය මම විශ්වාසයෙන් කියන්නේ චිරාත් කාලයක් තිස්සේ ලොව විශාලතම ගුවන් යානා පදවමින් අහස පුරා පියාසර කළ අත්දැකීම් ඇසුරෙනි.

    අපි සුළු සැසඳීමක් කරමු. සැන් ෆ්රැන්සිස්කෝ අන්තර්ජාතික ගුවන් තොටුපොළේ ධාවන පථ රැස අතරින් විශාලම පථය මීටර 3600ක් දිගින්ද මීටර 45ක් පළලින්ද යුතුය. මත්තල, දිගින් මීටර 3500ක් හා පළලින් මීටර 60ක් වේ. ඒ අනුව පළලින් සැන් ෆ්රැන්සිස්කෝවටත් වඩා වැඩි වූත්, දිගින් මීටර 100ක් පමණක් අඩු වූත් මේ ගුවන් තොටේ කැපී පෙනෙන ලෙස තිබිය යුතු මද වේග ධාවන පථය කෝ දෙවියනේ!

    දැන් පෙර පාසල් මට්ටමේ තර්කයක් ගොඩනඟමු. කවුරුන් හෝ මත්තල හැදූ බව ඇත්තය. තවත් කෙනකු එය වැසුවායැයි සිතමු. එහි බර මාතෘ භූමියේ පෙට්ටගමෙන් දරා ගත්තත්, මෙය සෑදූ හෝ වැනසූ දෙදෙනාගෙන් අයකු වැරැදි විය යුතුමය.

    එහෙත් කිසිවකු වැරැදිකරුවකු වන්නේ නැත. හේතුව ඉතා සරලය. දේශපාලනයේදී ඔබේ අතේ තැවරෙන ලේ පවා හිම මෙන් සුදු වන නිසාය.

    විසඳුම කුමක් විය යුතුද? මඳ වේග ධාවන තීරුවල ගැටලුව, ඒ ගැන ඇස් ඇරුණු කාගේ හෝ මැදිහත් වීමෙන් අලුතෙන් ඉදිකෙරුව හොත් විසඳාගත හැකිය. එහෙත් ගුවන් තොටුපොළ හා එහි වාණිජ වටිනාකම සැලකූ විට එය අලුත් සූදුවකි. එසේත් නැත් නම් ජාත්‍යන්තරයේ ගුවන් යානා මෙහි පැමිණ, ගොඩබස්සවා මත්තලින් ගුවන්ගත කර, ටජ් මහලේදී මෙන් කදමලු බැඳගත් සංචාරකයන්ගේ නවාතැන් පහසුකම් වැනි අවශ්‍යතා සපුරාලීම‍ හැර වෙන යමක් නැත.

    සත්‍ය වශයෙන්ම තවත් විසඳුමක් තිබේ. ඒ බුල්ඩා්සර් හතරක් මත්තලට යැවීමය. එවිට පාඩුව රුපියල් දස ලක්ෂ 280ක් පමණි. නැත හොත් රට කරවන්නන්ගේ බලකාමය නිසා ඇති වන හදිසි ආශාවන් හා අරුමෝසම් වෙනුවෙන් ඊට වඩා වැඩි පිරිවැයක් රටට දරන්නට සිදු වනු ඇත.

  • “සරත් ෆොන්සේකාගේ දැනුම සහ බුද්ධිය නිසා යුද්ධය දින්නා” – ගෝඨාභය රාජපක්ෂ කියයි

    “සරත් ෆොන්සේකාගේ දැනුම සහ බුද්ධිය නිසා යුද්ධය දින්නා” – ගෝඨාභය රාජපක්ෂ කියයි

    30 වසරක් පැවති කුරිරු යුද්ධය ජයග්‍රහණය කිරීමට මූලිකම අඩිතාල වූයේ හමුදාපති සරත් ෆොන්සේකාගේ දැනුම සහ බුද්ධිය බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරන වීඩියෝ පටයක් සමාජ ජාලා තුල සංසරණය වෙමින් පවති.
     
    එහිදී අදහස් පළ කරන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ –
     
    “ඔබ දන්නවා මේ සටන ගොඩබිමේ කරන සටනක්. එතකොට අපේ ප්‍රධානතම හමුදා වන්නේ යුධ හමුදාව..යුධ හමුදාවේ නායකත්වය ඉතාමත්ම වැදගත්.
    ඇත්ත වශයෙන්ම මම මේ වෙලාවේ සඳහන් නොකලොත් යුධ හමුදාපතිතුමාව.යුධ හමුදාපතිතුමාගේ ඒ කැපවීම ධෛරයභාවය ඒ වීරත්වය, ඒ දැනුම නැතුව අපිට මේක ජයග්‍රහණය කරන්නට පුලුවන් වන්නේ නෑ.ඇත්ත වශයෙන්ම අපි ආඩම්බර වෙන්න ඕනේ මෙවැනි නිලධාරීන් අපිට ඉන්න එක ගැන”

  • ඔයා කටවහගෙන ඉන්න – අතිරේක දිසාවිනිසුරුතුමාට පොඩ්ඩක් වැදිලා – සුගන්ධ්කා ෆර්නැන්ඩෝ

    ඔයා කටවහගෙන ඉන්න – අතිරේක දිසාවිනිසුරුතුමාට පොඩ්ඩක් වැදිලා – සුගන්ධ්කා ෆර්නැන්ඩෝ

    අධිකරණය භූමියට යන හැමකෙනෙක්ටම දැනගන්න ලැබෙන්නේ නැති තිත්ත ඇත්ත ඊයේ නීතිඥවරියක් වන සුගන්ධ්කා ෆර්නැන්ඩෝ විසින් මුළු ලෝකයටම හෙළිකළා.

    මේ ගැන අපට ද දැනගන්න ලැබුනේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ ෆේස්බුක් නිල පිටුව හරහායි.

    අමාත්‍යවරයා එහිදී සටහනක් ද සමගිනුයි මෙය සමාජජාල වෙබ් අඩවියට එක්කර තිබුණේ…

    අධිකරණය නීතිඥවරුන් සහ විනිසුරුවරුන් පිළිබඳ නීතිඥවරියක් වන සුගන්ධ්කා ෆර්නැන්ඩෝ විසින්ම හෙලිදරව් කරන තිත්ත ඇත්ත.ඔබතුමිය අධිකරණ ඇමැතිතුමිය වුණානම් වෙනසක් වෙයි නේද,

  • ජනපති මෛත්‍රි අද පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට

    ජනපති මෛත්‍රි අද පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට

    පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (19) සහභාගීවීමට නියමිතයි.

    ඉකුත් 16 වැනි දා ආරම්භ වූ මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව එළැඹෙන 21 වැනි දා දක්වා ලන්ඩන් නුවර දී පැවැත් වේ.

    මෙවර සමුළුවේ දී සෞභාග්‍යය, සුරක්ෂිත බව, සාධාරණත්වය සහ තිරසර බව යන අංශ යටතේ පොදුරාජ්‍ය මණ්ඩල රටවල අරමුණු සාක්ෂාත් කර ගැනීම පිළිබඳ විශේෂ අවධානයක් යොමුවනු ඇත.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (18) ලන්ඩන් නුවර දී පොදුරාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සංසදයේ ප්‍රධාන දේශනය සිදු කරනු ලැබී ය.

    එහි දී තිරසර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව කැප වී සිටින බවත්, ඒ සඳහා ව්‍යාපාරිකයන් ඇතුළු සියලුදෙනාට තමන් ආරාධනා කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

  • Exclusive: බැඳුම්කර කොල්ලයට එහා ගිය අතිදැවැන්ත මංකොල්ලයක් හෙළිකිරීමට රන්ජන් සූදානමින්

    Exclusive: බැඳුම්කර කොල්ලයට එහා ගිය අතිදැවැන්ත මංකොල්ලයක් හෙළිකිරීමට රන්ජන් සූදානමින්

    මෑත ඉතිහාසයේ සිදු වූ අතිදැවැන්තම මංකොල්ලය ලෙස ප්‍රකට ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර මංකොල්ලයට එහා ගිය, මෙරට මහජන මුදල් බිලියන ගණනක් කොල්ල කෑ කුප්‍රකට ගනුදෙනුවක් සම්බන්ධයෙන් සුවිශේෂී හෙළිදරව්වක් සිදුකිරීමට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සුදානමින් සිටින බවට එතුමාට සම්බන්ධ දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.

    එම හෙළිදරව්ව වාචිකව කරුණු දැක්වීමකින් එහා ගිය සියලු සාක්ෂී සහිත අද්විතීය අනාවරණයක් වන බවට වාර්තාවේ.

    මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ සිදුව ඇති දූෂණ අක්‍රමිකතා සියල්ල පිළිබඳව සියලු ලිපි ලේඛන තමන් සතුව ඇති නිසා ඉදිරියේදී ඒ පිළිබඳව රටට හෙළිදරව් කරන බව නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ඊයේ (18) පැවැසීය.

    ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය හරහා සිදුව ඇති දූෂණ ක්‍රියා බැඳුම්කර සිද්ධියට එහා යන්නක්‌ බවත්, ඩොලර් ලක්‍ෂ ගණනින් ගසා කා ඇති බවත් තරග විකිණීම, තරග පාවාදීම, ක්‍රිකට්‌ තරග රූපවාහිනි වෙත විකිණීම යන කරුණු ඒ අතර ප්‍රධාන බවත් හෙතෙම සඳහන් කළේය.

    විමර්ශනවලට හානි සිදුවන නිසා ඔවුන් පිළිබඳව තොරතුරු මේ මොහොතේ හෙළිදරව් නොකරන බවත් දූෂණ චෝදනා ලැබූවන් අද සුවිශාල වරප්‍රසාද ලබමින් මුනිවරයන් සේ කල් ගෙවන බව තමන් දන්නා බව ද ඒ අතර හිටපු ක්‍රීඩා ඇමැතිවරු කීපදෙනෙකු ද සිටින බව රන්ජන් රාමනායක මහතා අනාවරණය කළේය.

  • පැල්පත්වාසීන් බලෙන් එළවනවාට විරුද්ධ වූ කොළොන්නාව සුද්දාව ගෝඨා වෑන් එකකින් ඉස්සුවා….

    පැල්පත්වාසීන් බලෙන් එළවනවාට විරුද්ධ වූ කොළොන්නාව සුද්දාව ගෝඨා වෑන් එකකින් ඉස්සුවා….

    පැල්පත් වාසීන් බලෙන් එළවනවාට විරුද්ධ වූ කොළොන්නාව නගර සභා සභාපති සුදු වෑන් එකකින් ඉස්සුවා…. රජවීමට වෑයම් කරන ගෝඨාගේ කෙරුවාව

    ගෝටා විසින් ආගමන විගමන දෙපාර්තමේන්තුව කොතරම් කාර්යක්ෂම කළේ ද යත් ලියවිලි ලබාදීමටත් ප්‍රථම ගමන් බල පත්‍ර නිකුත් කෙළේය. ශෂී වීරවංශට කිසිදු ලියවිල්ලක් නොමැතිව පැය 2 ක් තුල රාජාතාන්ත්‍රික ගමන් බල පත්‍රයක් නිකුත් කළේ ඒ අනුව ය. විමල් වීරවංශ සතුව ගමන් බලපත්‍ර 5 ක් පැවතුනි. දැන් නඩු දමා ඇත්තේ දෙකක් පිලිබඳව ය.

    කොළඹ නගරය අලංකාර කරනවා යැයි කියමින් නිසි පිරිදි කසළ බැහැර කිරීමේ යාන්ත්‍රණයක් සකස් නොකර සියලු කුණු මීතොටමුල්ලේ ගොඩ ගැසුවේය. කොළඹ පැල්පත් වාසීන් බලහත්කාරයෙන් ඉවත්කර කුකුල් කූඩු වැනි කුඩා නිවාස තුල සිර කෙළේය. පැල්පත් වාසීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කොළොන්නාව නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදයශාන්ත (ශ්‍රීලනිප) නැගී සිටින විට සුදු වෑන් එකක් යවා 2012.මාර්තු.10 ඔහු පැහැර ගෙන ගියේය. ජනතාව වට කර සුදුවෑන් මිනීමරුවන් පළමු වරට අල්ලාගත්තේ එදාය. උදයශාන්තගේ ජීවිතය බේරුණේ අනූ නවයෙනි. අල්ලාගත් සුදු වෑන් මිනීමරුවන් වැල්ලම්පිටිය පොලිසියට බාර දී තිබියදී ගෝඨා හමුදා ට්‍රක් රථයක් යවා ඔවුන් නිදහස් කරගෙන ගියේය. මෙකී රවින්ද්‍ර උදයශාන්තගේ සොයුරා ද ඊට දින කිහිපයකට පෙර මේ ආකාරයටම සුදු වෑන් රියකින් පැහැරගත් අතර අද දක්වා ඔහුට සිදුවූ දෙයක් නැත. යහපාලන ආණ්ඩුවද ඉතාමත් ප්‍රබල සාක්කි තිබෙන මේ බියකරු අපරාධ ගැන සොයන්නේ නැත්තේ මන්දැයි නොදනී.

    විශ්ව විද්‍යාල සිසුන්ට, විදුහල්පතීන්ට මිලිටරි පුහුණුව දුන්නේය , හමුදා නිල සහිත විදුහල්පති පැලැන්තියක් බිහි කෙළේය. තම බත් පත ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පාරට බට ජනයාට උණ්ඩයෙන් පිළිතුරු දුන්නේය.

    2008 අවසානය වනවිට ‘අපි වෙනුවෙන් අපි‘ ගිණුමේ රු මිලියන 4500 එකතු වී තිබුනේය. දේශප්‍රේමී වීරවංසගේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය හා එක්ව රණ විරුවන්ට ගෙවල් 200 පමණ තනා දුන්නේය. රාජ්‍ය සම්පත් උපරිම අයුරින් යොදා ඉදිකළ මේ නිවසකට වැයව තිබුනේ රු මිලියන 1 අඩු මුදලකි. මෙම නිවාස නොමිලේ දෙන බව කියා අපි වෙනුවෙන් අපි අරමුදල් එකතු කළද නිවාස දුන්නේ නොමිලේ නොවේ, ගෙවීමේ ක්‍රමයකට ය. ‘සුනාමි අරමුදල‘ මෙන්ම ‘අපි වෙනුවෙන් අපි ගිණුමේ‘ ද බාගෙට බාගයක් මුදල් අවභාවිතයේ ගියේය.

    වැලි නිධි , ගල්කඳු, බොරළු වලවල්, ගස් කොටං. වන සතුන් සල්ලි බවට පත් කිරීමට පරිසර ඇමැතිකම අත්‍යාවශ්‍යය විය. ගෝටා ඊටද කුරුමානම් ඇල්ලුවේය. ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව පවරාගත් ගෝටා ඉහල වාණිජ වටිනාකමක් ඇති ඉඩ කඩම් හතර වටින් කොල්ල කෑවේය. රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය පවරා ගත්තේ ජාතික ආරක්ෂාව පිලිබඳ බැඳියාවකට නොවේ. දූෂණයට එරෙහි ට්රාන්ස් පේරන්සි ඉන්ටර්නැෂනල් වැනි ආයතන නිහඬ කිරීමට ය. පරිසර, වනජීවී, වන සංරක්ෂණ ආදී විෂයයන් පිළිබඳ රාජ්‍ය නොවන ආයතන නිහඬ කිරීමටය. ජාතික ධනය රිසි සේ සොරකම් කිරීමට ය .

    දේශපාලන මස් වැද්දන්ගේ සහ උන්ට දඩයම් පිහි සපයන ඊනියා දේශප්‍රේමීන්ගේ පැටිකිරිය නොදන්නේ නම් උන්ගේ නියත ගොදුර බවට පත්වන්නේ පුරවැසියන්ය. එහෙයින් රජවීමට වෑයම් කරන උන්ගේ කෙරුවාව පිලිබඳ හොඳ අවබෝධයක් පුරවැසියන් සතු විය යුතුය. මස් වැද්දෙකු කැන්දන් ඒමට වෙර දරන සිරිසේන ගැන ද ‘විපත් මගේ‘ උන් ගැනද ජනතාව බලා ගත යුතුය.

  • අැමරිකාවට බැරිදේ අභියෝග මැදින් අපි කළා –  සමාජජාල මාධ්‍ය තහනම ගැන ජනපති යළි කතා කරයි

    අැමරිකාවට බැරිදේ අභියෝග මැදින් අපි කළා – සමාජජාල මාධ්‍ය තහනම ගැන ජනපති යළි කතා කරයි

    සත්‍ය යටපත් කර අසත්‍ය ඉස්මතු කිරීමට ඇතැමුන් උත්සාහ දැරීම මාතෘ භූමියේ ඉදිරි ගමනට බාධාවක් වී ඇති බව ජනාධිපතිතුමා ලන්ඩන් නුවර වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් අමතමින් පවසයි.

    එබැවින් මාතෘ භූමියේ සැබෑ තත්ත්වය පිළිබඳ නිසි අවබෝධයෙන් යුතුව රට ගොඩනැගීමේ ගමනට සහය වන්නැයි ද ජනාධිපතිවරයා ඔවුන්ට ඇරයුම් කළේය.

    පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ලන්ඩන් නුවර වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් අතර හමුවක් ඊයේ (17) පස්වරුවේ පැවැත්වුණු අතර එහිදී ඔවුන් අමතමින් ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

    විද්වතුන්. ව්‍යාපාරිකයින්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුළු විවිධ ක්ෂේත‍්‍ර නියෝජනය කරන පිරිස් මෙම හමුවට එක්ව සිටී අතර ඔවුන් ඉතා උණුසුම් ලෙස ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රට තුළ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරමින් රට සංවර්ධනය කරා ගෙන යාමට රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ නිවැරැදි තොරතුරු රටේ ජනතාව අතරට ගලා නොයන බවයි.

    ඇතැම් මාධ්‍ය සහ සමාජ වෙබ් අඩවි පටු දේශපාලන අරමුණු සහ වාණිජ අරමුණු උදෙසා සත්‍ය යටපත් කර අසත්‍ය ඉස්මතු කිරීමට උත්සාහ දැරීම එයට ප‍්‍රමුඛ හේතුවක් වී තිබෙන අතර රටේ සියලූ ක්ෂේත‍්‍රවලට වත්මන් රජය යටතේ හිමිව ඇති නිදහස ඔවුන් නිසි අයුරින් අවබෝධ කර ගෙන නොමැති බව ද සඳහන් කළේය.

  • ක්‍රිකට් සභාපති ධුරයේ අාන්දෝලනාත්මක පෙරළියක් කරලියට.. හිටපු නායක අර්ජුන යළි සටනට…

    ක්‍රිකට් සභාපති ධුරයේ අාන්දෝලනාත්මක පෙරළියක් කරලියට.. හිටපු නායක අර්ජුන යළි සටනට…

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය මැයි අටවැනිදායින් පසුව සිදු වන දේශපාලන පෙරළියත් සමඟ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංගට හිමි වනු ඇතැයි වාර්තා‍ වේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනට තිලංග සුමතිපාල සභාපති ධුරයට පත් වූයේ 2016 ජනවාරී 03 වැනිදාය. ඒ වන විට පැවැති ක්‍රීඩා රෙගුලාසි ප්‍රකාරව කිසියම් ජාතික ක්‍රීඩා සංගමයකට පත් වන නිලධාරී මණ්ඩලයේ ධුරකාලය වසර 2ක් වේ.
    ඒ අනුව තිලංග සුමතිපාල මහතා ඇතුළු නිලධාරී මණ්ඩලයේ ධුර කාලය 2018 ජනවාරි 03වැනිදායින් අවසන් වේ. ඒමත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීම මාර්තු 31වැනිදාට පෙර මහා සභා රැස්වීමක් කැඳවා සිදු කළ යුතුවේ.

    කෙසේනමුත් දයාසිරි ජයසේකර ක්‍රීඩා අමාත්‍යවරයා ගැසට් කළ නව ක්‍රීඩා රෙගුලාසි ප්‍රකාරව සෑම ජාතික ක්‍රීඩා සංගමයක්ම නිලවරණ ජුනි පළමුවැනිදාට පෙර පැවැත්විය යුතුය.

    එම ක්‍රීඩා රෙගුලාසි අනුව නිලධාරී මණ්ඩලයේ ධුරකාලය වසර දෙකේ සිට 4දක්වා වැඩි කර තිබේ. පසුගිය ජනවාරියේ රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ මහා සභා රැස්වීමේදී ගත් තීරණ අනුව පැරණි ක්‍රීඩා නීතිය නොව අලුත් ක්‍රීඩා නීතිය පිළිගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇත. එසේ අලුත් නීතිය පිළිගතහොත් ජුනි පළමුවැනිදාට පෙර නිලවරණය පැවැත්වීමේ අවශ්‍යතාවක් නැත. තවත් වසර දෙකක් තිලංග සුමතිපාල මහතා සහ විධායක කමිටුවට ස්වකීය ධුරවල කටයුතු කිරීමේ අවස්ථාව උදාවනු ඇත.

    ඒ අනුව මැයි 20වැනිදා පැවැත්වීමට නියමිත ක්‍රිකට් නිලවරණය කල්දැමීමේ සූදානමක් පවතින බව වාර්තා‍ වේ. එසේ වුවහොත් නීති උ‍පදෙස් මත ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර අතුරු කමිටුවක් පත්කළ යුතු බවට ජාතික ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂ නායකත්වයට යෝජනා කර තිබේ. එසේ පත්කෙරන අතුරු කමිටුවේ සභාපති ධුරය භාර ගන්නැයි අමාත්‍ය අර්ජුන රණතුංගට ආරාධනා කර තිබේ.

    මේ ආරාධනාව සිදු කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ඉහළම දේශපාලන නායකයා හරහා හිටපු ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් රැසක් විසිනි. මේ සම්බන්ධයෙන් අර්ජුන රණතුංග සහ එම ඉහළ දේශපාලනඥ නායකයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැති බවද වාර්තාවේ. විශේෂයෙන්ම මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය දරන තිලංග සුමතිපාල මහතා පසුගියදා විශ්වාස භංගයට පක්ෂව කටයුතු කිරීමත් සමඟ ඔහු දේශපාලනික වශයෙන් හුදකලා වෙමින් සිටීමත් ඔහුගේ කාලයේදී ක්‍රිකට් ක්‍රීඩාවේ දැඩි පසුබෑමත් හේතුවෙන් ඔහුට තවදුරටත් ක්‍රිකට් සභාපති ධුරය දැරීමට අවස්ථාව ලබා නොදීමට රජයේ ඉහළම දේශපාලනඥයින් දෙදෙනා තීන්දු කර තිබේ. නිලවරණයක් කැදවුවහොත් එක්සත්ජාතික පක්ෂයේ පූර්ණ සහාය අමාත්‍ය අර්ජුන රණතුංගට ලබා දීමට තීරණය කර ඇත.