Category: සුපිරි Politics

  • දිනේෂ් මොන කබ්බෙක්ද බොල? විපක්ෂනායක තෝරන සටනේදී බර ඇදපු දිනේෂ්ට මහින්ද දෙහි කපලා…

    දිනේෂ් මොන කබ්බෙක්ද බොල? විපක්ෂනායක තෝරන සටනේදී බර ඇදපු දිනේෂ්ට මහින්ද දෙහි කපලා…

    ශ්‍රිලනිපයේ මෛත්‍රී කණ්ඩායමේ කණ්ඩායම විපක්ෂයේ අසුන් ගැනිමට තීරණය කිරිමත් එම කණ්ඩායම විපක්ෂ නායක ධුරය ලබා ගැනිම සදහා මෙහෙයුමක් දියත් කිරිමත් සමග මහින්ද පිළ දැඩි අර්බුදයකට මුහුණ දි සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

    “අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේ ඡන්දය දුන් ශ්‍රිලනිපයේ කණ්ඩායම මේ වනවිට ජනාධිපතිවරයා සමග දැඩි ලෙස උරණ වි සීටින අතර ඔහුන්ගේ මතය වි ඇත්තේ අගමැති ආරක්ෂා කිරිමට ජනපති කටයුතු කල බවයි. ඒ සම්බන්ධයෙන් ඩිලාන්,දයාසිරි සහ එස්.බි මේ සම්බන්ධයෙන් දැඩි ලෙස ජනාධිපතිවරයාව දෝෂදර්ශනයට ලක්කර ඇති අතර මේ වනවිට එම කණ්ඩායම ජනාධිපතිවරයාට බලපෑම් කරමින් සදහන් කර ඇත්තේ ඇත්තේ වහාම ශ්‍රිලනිප මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනිමට කටයූතු කල යුතු බවයි.”

    “ඒ හරහා විපක්ෂ නායකත්වය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ලබා ගැනිමටත් විපක්ෂ නායකයා ලෙස එස්.බි දිසානායක මහතා පත්කර ගැනිමට කටයුතු කලයුතු බවත්ය.ඒ සදහා මේ වනවිට එස්.බි විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේන අතර ඒ වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහයද ඉල්ලා තිබේන බව මේ වනවිට අනාවරණය වි තිබේ.”

    ඒ අනුව් මේ වනවිට එස්.බි විපක්ෂ නායක ධුරය අල්ලා ගැනිමට මෙහෙයුමක් දියත් කර තිබියදී ඒකාබද්ධයේ මහින්ද සමග සමිප සම්බන්ධ කම් පවත්වන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ අදහස වි ඇත්තේ විපක්ෂ නායක ධුරය මහින්ද පිළෙ අයෙකුට ලබාදියයුතු බවත් ඒ සදහා සුදුසුම පුද්ගලයා ඒකාබද්ධ කණ්ඩායමේ ප්‍රබලයෙකු වන දිනේෂ් ගුණවර්ධන බවයි.

    දිනේෂ් සම්බන්ධයෙන් වු එම යොජනාව මහින්දට ශ්‍රිලනිප මන්ත්‍රී කණ්ඩායම විසින් ඉදිරිපත් කර ඇති නමුත් මහින්ද එයට දැඩි ලෙස සිය විරෝධය පලකර ඇති අතර ඒ වෙනුවට මහින්ද යෝජනා කර ඇත්තේ හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන මහා ලේකම් සුසිල් ප්‍රේමජයන්ත සහ එස්.බි දිසානායක වීම විශේෂත්වයකි….

    අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළෙ මේ වනවිටත් සුසිල් එස්.බි සහ මහින්ද අතර සාකච්ඡා කිහිපයක්ම පවත්ව ඇති බවයි.

  • අවුරුද්ද අස්සේ  ජනිපෙ නායක විමල්ගේ ඇදුම් බුරුල්වෙන්න ජනිපෙ ලේකම් ලියපු අමුතු ලිපිය මෙන්න..

    අවුරුද්ද අස්සේ ජනිපෙ නායක විමල්ගේ ඇදුම් බුරුල්වෙන්න ජනිපෙ ලේකම් ලියපු අමුතු ලිපිය මෙන්න..

    මා වීරවංශ මහතාට පවසන්නේ එදා බන්ධනාගාරයෙන් එළියට පැමිණි පසු රැස්වූ දේශපාලන මණ්ඩලයේදී ඔහුට කී කතාවමය. බල්ලන් ගැට ගසා දමා උඩ බිරීම නවතන ලෙසයි.මෙම ලිපිය ලිවීමට මා හටද වීරකුමාර සහෝදරයා මොණරකොළ දුන් බව වීරවංශ මහතා පවසනු ඇත.

    පිත්ත අතැතිව සිටින වීරවංශ මන්ත්‍රීවරයා තවත් හතරේ පහරක් එල්ල කළේය.ඒ වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ පන්දුවකටය.මෙවර ඔහු පවසා තිබුනේ රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විස්වාසබංගයට චන්දය දීමට ඔහු නොපැමිණියේ මොණරකොළ අරගෙන බවයි.මීට පෙර ජානිපෙය හැරදා යන විටද ඔහු කෝටි හතක මොණරකොළ ගත් බවට චෝදනා කළේද වීරවංශ මහතායි.

    ජානීපෙන් ඉවත්වීමේ සිට අද දක්වා සිදුවූ දේශපාලන ක්‍රියාවලිය හොදින්ම දන්නේ වීරවංශ මහතාත්,වීරකුමාර සහෝදරයන් මාත් පමණි.පොහොට්ටුව තුළ කුජීතවී සිය අනන්‍යතාව පවා අහිම් කරගෙන සිටින වීරවංශ මන්ත්‍රීවරයා මේ කරන්න සැරසෙන්නේ කුමක්ද?විස්වාසබංගයෙන් පසු දින ගනනක් අතුරුදහන්ව සිටි වීරවංශ මහතා දැන් එළියට පැමිණ වීරකුමාර දිසානායකගේ අතුරුදහන් වීමක් ගැන කියයි.වීරවංශ මහතාට එක් දෙයක් කීමට කැමැත්තෙම්.ඔබ ඔය පහර ගසන්නේ ඔබට අමතක ජානීපෙම ඉතිහාසයටය.ඒ නිසා ඇත්ත ඉතිහාසයෙන් බිදක් වීරවංශ මහතාට මතක් කර දීම සිතුනෙමි.

    එදා 2017 වසරේ ජනවාරි මුල් සතියේ ඔහු බන්ධනාගාර ගත් කෙරිණි.දින 87 ක් ඔහු බන්ධනාගාරය තුළ රදවා තබා ගැනිනි.එදා වීරවංශ මහතාගේ බර කරට ගත්තේ ජානීපෙ දේශපාලන මණ්ඩලයේ කීපදෙනෙකු පමණි. එයි මූලිකයා වූයේ වීරකුමාර දිසානායක සහෝදරයායි.ඔහු දින 87 ම කොළඹ රැදුනේය.මා දින 84 කොළඹ රැදුනේය.වැඩිම වාර ගනනක් වීරවංශ මහතා බැලීමට බන්ධනාගාරයට ගියේ වීරකුමාර දිසානායක සහොදරයායි.වැඩිම වේලාවක් බන්ධනාගාරය තුළ රැදී සිටියේ ඔහුයි.විමල් වීරවංශ මහතා නිදහස් කරන ලෙස ඉල්ලා රටපුරා ප්‍රධාන නගරවල අප උද්ගෝෂණ සංවිධානය කළේය.ඒවාට රට පුරා ගියේ වීරකුමාර දිසානායකය.

    මොණරාගල.හම්බන්තොට දිසා නායකයින් එම උද්ගෝෂණ මග හැරි අතර අනෙක් දිස්ත්‍රික් තුළ දැඩි දුෂ්කරතා මද්‍යයේ ඒවා සංවිධාන කෙරිණි.එම කටයුතු සදහා ඒකාබද්ධ විපක්ෂයෙන්ද කිසිදු සහයක් නොලැබිණි.ඉද හිට voice cut එකක් දීම පමණක් එහි නායකයන් සිදු කළේය එම කටයුතු සදහා මුදල් සොයා දීමට ජානීපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතර දෙනාට පැවරිණි.එක් අයෙකුට ලක්ෂ පහ බැගින් සොයාදීමට නියම විය.සියලු දෙනා මග හරිද්දී මොණරකොළ හොයා දුන්නේ වීරකුමාර දිසානායකය.ඒ වෙනුවෙන් සිය මව සිටින නිවස ඔහු උකස් කළේය.එසේ කළේ රුපියල් ලක්ෂ 70 වඩා සිය ගිණුම්වල වාහන විකුණා දමා ගත් මුදල් තිබෙන මන්ත්‍රීවරුන් සිටියදීය.

    අබියෝග කරන්නේ නම් නම් ගිණුම් අංක සහිතව විස්තර කීමට පුලුවන.එදා බොහෝ දේශපාලන මණ්ඩල සබිකයේ විමල් පතුරු ගසමින් මග හරින විටදී පක්ෂයේ නියෝජය නායකයා ලෙස බර කර ගැසුවේ වීරකුමාරය. සමහරු ලොක්කාගේ අපචාර ගැන කියමින් මග හැරියේය.ඔවුන් කීවේ එම ක්‍රියා සම්පූර්ණ වසයෙන් නොදැක්කදා කණ.කට.නහය.ඇස වෙන වෙනම දුටු බවයි.සමහරු විමල් ගත් මොණරකොළ ගැන කීවේය.ඉන්ජිනේරු සංස්ථාවේ මොණරකොළ මිලියන 4000 ක් ගත් බව කීයූ අය තවත් සිටින්නේ ජානීපෙ දේශපාලන මණ්ඩලයේය.

    විමල්ගේ මුදල් සගවා ඇති තැන් හා පුද්ගලයින් ගැන හා ඔහුගේ වෙනත් නම් වලින් ඇති ගෙවල් ගැන කිව්වේ වීරවංශ මහතා සමග ඉජිනේරු සංස්ථාවේ එකට සිටි අයයි.එසේම වීරවංශ මහතා සම්බන්ධකම් පවත්වන බුද්ධි අංශ හා රෝ සාමාජිකයින් තමාටද හමුවූ බව කීවේ ඔහු සමග අද පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රිවරයෙකි.වීරවංශ මහතා උපවාස කර මැරුනත් ඔහු බැලිමට නොයන බව කීවේ අද වීරවංශ මහතා හොදින්ම සංතර්පණය කරණ හම්බන්තොට දිස්ත්‍රික් නායකයායි.මෙවැනි ව්‍යාකූල තත්වයකදී සිටින කීපදෙනා හෝ එකතු කරගෙන ප්‍රස්න කල් දමාගෙන සටන ඉදිරියට ගෙන ගියේ කවුදැයි දන්නෝ දනිති.

    වීරවංශ මහතා බන්ධනාගාර ගතව සිටි කාළය පුරාවටම කොළඹ යාන්ත්‍රනය රුකගත්තේ වීරකුමාර දිසානායකය.කොළඹ දිසා කමිටුව කැදවීම ජයන්ත සමරවීර මහතා ප්‍රතික්ෂේප කළේය.දින 87 න් එක දිනයක් වත් කොළඹ නොපැමිණි දේශපාලන මණ්ඩලය සබිකයන්ද සිටියේය.කොළඹ පැමිණියද බන්ධනාගාරයට නොගොස් මූලස්ථානයට වී කම්කර සංවිධාන කැදවමින් අවකරණ ගැන කතා කළ කම්කරු නායකයන්ද සිටියේය.එවන් තත්වයකදී විමල් වීරවංශ මහතා නිදහස් කර ගැනීමට සියලු උත්සාහයන් දැරුවේ වීරකුමාර හා තව කීපදෙනෙක් පමණි.ඔහුට ඇප ලබා ගැනීමට අප නොකළ දෙයක් නැත.වීරවංශ මහතා දැනුවත්ව අප ජනාධිපතිවරයා පවා හමුවිය.

    දිවයිනේ ප්‍රසිද්ධ නීතිඥවරුන් හමුවිය.තවත් බොහෝ දෙනා හමුවිය.එහෙත් ඔවුන්ගේ ආරක්ෂාව පතා එම නම් ගම් හෙළි නොකරමි. ඔවුන්ගේ උපදෙස් අනුව කටයුතු කරන විටදී වීරවංශ මහතාගේ පවුලෙන් හා ඥතීන්ගෙන් ප්‍රමානවත් සහයක් නොලැබිනි.ඔවුන් පක්ෂයට දොස් කියමින් facebook post පවා දැම්මේය. විමල්ගේ එක් ඥතියෙකු වීරකුමාර සහෝදරයාගෙන් ගුටි නොකා බේරුනේ අනූ නවයෙනි. උපවාසයෙන්ද ඇප නොලැබු වීරවංශ මහතාට රෝහල් ගත කළ පසු ඇප ලැබිනි.එවිට නැවත ඔහු වටා දේශපාලන මණ්ඩලයේ සටනට නොසිටි සහෝදරයෝ රොක් විය.එයින් පසුව රැස්වු දේශපාලන මණ්ඩලයේදී සියලු වැරදිවලට සමාව ඉල්ලූ විමල් වීරවංශ මහතා වැරදි සාදා ගැනීමට මාස තුනක කාළයක් ඉල්ලා සිටියේය.නමුත් මාස තුනෙන් පසු සියල්ල වෙනස් විය.නැවත විමල් පරණ ගමනම ගියේය.ප්‍රථිපලය ජානීපෙ සුණු විසුණු වීමයි.එදා අප එළියට බහින විටදීද වීරවංශ මහතා මොණරකොළ කතාව කීවේය.එදා ඔහු වෙනුවෙන් සිටි අය ඉලක්ක කර අද ප්‍රහාරය පටන් ගෙන ඇත.

    ඒ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලතම කදවුරෙන් ඔහුට එල්ලවන ප්‍රහාරය හමුවේ අසරණ වී ඇති ආකාරය වසන් කිරීමටය.මා වීරවංශ මහතාට පවසන්නේ එදා බන්ධනාගාරයෙන් එළියට පැමිණි පසු රැස්වූ දේශපාලන මණ්ඩලයේදී ඔහුට කී කතාවමය. බල්ලන් ගැට ගසා දමා උඩ බිරීම නවතන ලෙසයි.මෙම ලිපිය ලිවීමට මා හටද වීරකුමාර සහෝදරයා මොණරකොළ දුන් බව වීරවංශ මහතා පවසනු ඇත.නමුත් මාහට වීරවංශ මහතාට අනුව ලිවීමේ හැකියාවක් නොමැතී කියාඔහු කියා තිබෙන චෝදනාව නිසි බරින් එල්ල කිරීමට දැන් ඔහුට නොහැකිව ඇතැයි සිතමි.කෙසේ උවත් මා ඊට බය නැත.මා සිටි ඉතිහාසය නිවැරදිය.ඒ වෙනුවෙන් මා සෘජුව පෙනි සිටිමි.ඒ කාලය පුරා අවංකව මා සමග සිට සටන් කල සටන් සගයන් වෙනුවෙන් කොන්දේසි විරහිතව මා පෙනී සිටිමි.මන්ද අප වීරවංශ මහතා මෙන් පාවා දෙන්නන් නොවන නිසායි.

    ප්‍රියන්ජිත් විතාරණ

    ජා.නි.පෙ හිටපු ප්‍රධාන ලේකම්

    (පිළිතුරු දීමේ අයිතිය ඇත )

  • තම ඉඩම් යලි ලබාදුන්නාට ප්‍රීති වූ යාපනයේ ජනතාව ලොක්කන්ගේ පින්තූර රැගෙන කාවඩි නටයි..! (Photo)

    තම ඉඩම් යලි ලබාදුන්නාට ප්‍රීති වූ යාපනයේ ජනතාව ලොක්කන්ගේ පින්තූර රැගෙන කාවඩි නටයි..! (Photo)

    යාපනයේ වලිකාමම් පළාතේ ඉඩම් නිදහස් කොට ජනතාවට ලබා දීම නිමිත්තෙන් යාපනයේ තෙලිප්පලෙයි දුර්ගා කෝවිලේ විශේෂ පූජාවක් තබමින් ජනාධිපතිවරයාටත්,අග්‍රාමාත්‍යවරයාටත්,යුද හමුදාපතිවරයාටත් යාපනයේ ජනතාව ආශිර්වාද කොට තිබේ.

    මෙම ආශිර්වාද පූජාව සමග කාවඩි නැටුමක්ද පැවති අතර කාවඩි නැටීමේ නිරතව සිටි කීප දෙනෙකුම ජනාධිපතිවරයාගේත්,අග්‍රාමාත්‍යවරයාගේත්,යුදහමුදාපතිවරයාගේත් ඡායාරූපද රැගෙන කාවඩි නැටුමේ නිරත වී තිබේ.

    යාපනයේ වළිකාමම් පළාතේ ඉඩම් අක්කර 683 ක් නිදහස් කොට ඒවායෙහි අයිතිකරුවන් වෙත බාරදීමත් සමගම ප්‍රීතියට පත්ව සිටින එම පළාතේ වැසියෝ ආශිර්වාද පූජාව සංවිධානය කොට තිබුණි.

  • පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට එක්වෙන්න ජනපති මෛත්‍රී අද එංගලන්තයට….

    පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට එක්වෙන්න ජනපති මෛත්‍රී අද එංගලන්තයට….

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අද දහවල් එක්සත් රාජධානිය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

    ඒ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා යි.

    පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව හෙට සිට ලබන 20 වන දා දක්වා ලන්ඩන් නුවරදී පැවැත්වෙනවා.

    මෙවර එහි තේමාව වන්නේ, පොදු අනාගතයක් වෙත යන්නයි.

    සමුළුව අතරතුර ජනාධිපතිවරයා රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.

    එමෙන්ම ඔහු එහිදී බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ද හමුවනු ඇති බව වාර්තා වෙනවා.

    ලබන 22 වන දා ජනාධිපතිවරයාගේ මෙම සංචාරය අවසන්වීමට නියමිත යි.

  • චාමර ගෙදර යවන්න එජාප අරගලයක් – මල පන්නගෙන ගුටි කන්න එපා –  චාමරගෙන් ප්‍රකාශයක්

    චාමර ගෙදර යවන්න එජාප අරගලයක් – මල පන්නගෙන ගුටි කන්න එපා – චාමරගෙන් ප්‍රකාශයක්

    එක්සත් ජාතික පක්‍ෂය විසින් ඌව පළාත් සභවේ බලය ඉල්ලමින් ආණ්ඩුකාරවරයාට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

    දැනට බලය හොබවන සන්ධානයේ සිවු දෙනෙකු තමනට සහාය දීමට පොරොන්දු වී ඇති බවත් එමගින් එක්සත් ජාතික පක්‍ෂයට මන්ත‍්‍රී ධුර 18ක සහාය ලැබෙන බවත් ඔවුන් පෙන්වා දී ඇත.

    දැනට සභාවේ සංයුතිය වන්නේ සන්ධානයේ 18ක්, එජාපයේ 14ක්, ජවිපෙ 02ක් ලෙසයි.

    කෙසේවෙතත් පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර පැවසුවේ ඕවා හරක් දකින සිහින පමණක් බවත් තමන් සමග බහුතරය මෙන්ම ජනතාවද සිටින නිසා තමනට කිසිදු බියක් නොමැති බවයි..

  • ජනපති නිල නිවසේ සුබ නැකතට වැඩ ඇල්ලීම සහ ගණුදෙනු කිරීම සිදුවන අයුරු……

    ජනපති නිල නිවසේ සුබ නැකතට වැඩ ඇල්ලීම සහ ගණුදෙනු කිරීම සිදුවන අයුරු……

    පෙර සුදානම…..

    https://www.facebook.com/maithripalas/videos/10156062746406327/

     

    සුබ මොහොතින් චාරිත්‍රය මෙන්න…..

    https://www.facebook.com/maithripalas/videos/10156062766876327/

  • දිවි දෙවෙනිකොට දළදා මාලිගාව රැකගත් පොලිස් නිලධාරිනියට ජනපති මෛත්‍රීගෙන් ඇගයීමක්….

    දිවි දෙවෙනිකොට දළදා මාලිගාව රැකගත් පොලිස් නිලධාරිනියට ජනපති මෛත්‍රීගෙන් ඇගයීමක්….

    LTTE ත්‍රස්‌තවාදීන් විසින් ශ්‍රී දළදා මාලිගාවට එල්ල කරන ලද ත්‍රස්‌ත ප්‍රහාරයේදී, කාන්තා පොලිස්‌ සැරයන් (1176) ජයවර්ධන මහත්මිය විසින් සිදුකරන ලද විශිෂ්ට රාජකාරිය වෙනුවෙන් ජනපති මෛත්‍රීගේ විශේෂ නියෝගයකට අනුව පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඇයට සුවිශේෂී ත්‍යාග මුදලක්‌ ලබාදෙන ලදී.

    තම ජීවිතය ගැනද නොසලකා දන්ත ධාතූන් වහන්සේ අබියස සිදුවීමට ගිය මහා විනාශය වළක්‌වා ගැනීමට ඇය මුල් විය.

    1998 වර්ෂයේ ජනවාරි 25 වැනි දින LTTE ත්‍රස්‌තවාදීන් විසින් ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රධාන වාහල්කඩ දොරටුව ඉදිරිපිට වාහන බෝම්බයක්‌ පුපුරුවා හරින ලදී.

    එම අවස්‌ථාවේ කාන්තා බැතිමතුන්ගේ ශරීර පරීක්‍ෂා කරමින් නිරායුධ රාජකාරියේ යෙදී සිටි එවකට ශ්‍රී දළදා මාළිගාව පොලිස්‌ ස්‌ථානයට අනියුක්‌තව රාජකාරි කරමින් සිටි මෙම නිලධාරිනිය වේගයෙන් මාළිගාව දෙසට පැමිණෙන වාහනයක්‌ සම්බන්ධයෙන් සැක පහළවීමත් සමග එම වාහනයේ පැමිණි පුද්ගලයන් ගිනි අවි රැගෙන මාළිගාව දෙසට දිව එනවා දැක වහාම ක්‍රියාත්මක වී තම ජිවිතය ගැනද නොතකා දළදා මාළිගාවේ ප්‍රධාන වාහල්කඩ දොරටුවේ ගේට්‌ටුව ඉබි යතුරු දමා වසා දැමීමට කටයුතු කර ඇත.

    නිලධාරිනිය විසින් සිදුකරන ලද එම වික්‍රමාන්විත ක්‍රියාව හේතුවෙන් දන්ත ධාතූන් වහන්සේ අබියස සිදුවීමට ගිය මහා විනාශයක්‌ වළක්‌වා ගැනීමට හැකිවිය.

    මෙම නිර්භීත ක්‍රියාව සිදුවී වසර 20 කට පසු මේ සම්බන්ධව ජනපති මෛත්‍රීගේ සහ පොලිස්‌පති ජයසුන්දරගේ අවධානය යොමුවී එම වීර ක්‍රියාව සිදුකළ වර්තමානයේ කෑගල්ල මූලස්‌ථාන පොලිසියට අනියුක්‌ත රාජකාරි කරනු ලබන මෙම නිලධාරිනිය වෙත රුපියල් ලක්‍ෂ 5 ක ත්‍යාග මුදලක්‌, වැටුප් වර්ධකයක්‌ සමග ජනපති  පොලිස්‌පති ප්‍රශංසාවක්‌ද සමගින් පිරිනමන ලදි.

  • වෙනසක් එක්ක ජනතාවට සුබ පැතුම් එක්කල ජනපති මෛත්‍රිගේ සුබ පැතුම් පණිවිඩය මෙන්න…!

    වෙනසක් එක්ක ජනතාවට සුබ පැතුම් එක්කල ජනපති මෛත්‍රිගේ සුබ පැතුම් පණිවිඩය මෙන්න…!

    අලුත් අවුරුද්ද යනු සැබැවින්ම අලුත් දැක්මක්, අලුත් කියවීමක් සහිත අලුත් මිනිසකු බිහි වීමයැයි සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුබපැතුමු පණිවිඩය පහතින්.

    යුගයෙන් යුගය මානව ශිෂ්ටාචාරය පරිණාමය වූයේ සංස්කෘතික මිනිසාද පරිපූර්ණත්වයට පත් කරමිනි. ලොව විවිධ ජාතීන් සමරන ඔවුන්ගේ ජාතිකත්වයට අනන්‍ය වූ සංස්කෘතික උලෙළ කෙරෙන් පැවසෙන්නේ ඔවුන් තම චිරාගත උරුමයන්ට දක්වන ළබැඳියාව සහ අපරිමිත වූ කැපවීමයි. සිංහල-දෙමළ අලුත් අවුරුද්ද කෙරෙන්ද සම්ප්‍රේෂණය වනුයේ පෙරදිග වාසීන් වන අප සතු උදාරත්වයේ විශිෂ්ට පිළිබිඹුවය.

    අලුත් අවුරුද්ද යනු, සැබැවින්ම අලුත් දැක්මක්, අලුත් කියැවීමක් සහිත අලුත් මිනිසකු සමාජයට පිළිගැන්වීමය. නොනගතය නම් සංක්‍රාන්තිමය විරාමය තුළ ස්වයංහැදෑරීමකට අනුගතව, අවුරුදු චාරිත්‍ර සමඟ ගනුදෙනු කරන මේ අලුත් මිනිසා, අලුත් අවුරුදු උදාවත් සමඟ සමාජයට ප්‍රවේශ වන්නේ සාමකාමි සහජීවනය සහ සමාජ සංහිඳියාව කැටුව නෑගම් යන සමීප ඥාතියකු ලෙසිනි.

    අන්‍යොන්‍ය බැඳීම් සහ සමාජීය සබඳතා එරබදු කැකුළු සේ විකසිත කරනු ලබන චිරාගත සිරිත්-විරිත් සමඟ බැඳුණු අලුත් අවුරුද්ද, මිනිස් සිතිවිලි පරාසය පරමාදර්ශි සුවඳින් දෝවනය කරමින් අනාගතයට ගලා යන්නේ අපේ ගැඹුරු අව‍බෝධය සහ අප අලුත් අවුරුද්දට දක්වන ගෞරවනීය පිළිගැනීම ඔස්සේය.

    මුළුමහත් ජන සමාජයකට සාධනීය ගුණ යහපත්කම් සහ ආචාරධර්ම වපුරන මේ මහාසාර සංස්කෘතික මංගල්‍යය ගැඹුරින් හදාරා, උත්කර්ෂවත් ලෙස සැමරීම කෙරෙන් සාමය සහ සෞභාග්‍යය නම් අස්වැන්න නෙළාගැනීමට අපට නිසැකවම හැකි වනු ඇත.

    සොබාදහමත් මිනිසාත් අතර වන ආදිකල්පිත අවියෝජනීය බැඳීම්ද මිනිසා සතු කෘතවේදීත්වය පිළිබඳ ආස්වාදනීය කැප වීමද අලුත් අවුරුදු චාරිත්‍ර ඔස්සේ වරනැ‍‍ඟෙනුයේ අපේ ආදිතමයන්ගේ උත්තුංග ගුණයහපත්කම අප හමුවේ විදහාලමිනි.

    එවන් මහරු සාරධර්ම යාවත්කාලීන කරමින් සිංහල-දෙමළ අලුත් අවුරුද්ද සමරන එතෙර-මෙතෙර වැසි සමස්ත ශ්‍රී ලාංකිකයන්ට සාමය, සෞභාග්‍යය සපිරි ඉසුරුමත් අලුත් අවුරුද්දකට මාගේ සුබපැතුම් පිරිනමමි. 

  • ප්‍රසිද්ධියේ අගමැති රනිල්ට **නයා කියූ මන්ත්‍රී සෙට් එක රනිල් පන්නන්න කරන්න යන දේ මෙන්න…

    ප්‍රසිද්ධියේ අගමැති රනිල්ට **නයා කියූ මන්ත්‍රී සෙට් එක රනිල් පන්නන්න කරන්න යන දේ මෙන්න…

    ඒකාබද්ධ විපක්‍ෂය මඟින් එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට එජාපයේ පූර්ණ සහයෝගය ලබා ගත් රනිල් වික්‍රමසිංහ මහතා, වසර 20 තිස්සේ සිදුකළ ආකාරයටම මෙවරත් තමන් රැවැටීමකට පත් කර ඇතැයි එජාප පසුපෙළ මන්ත්‍රිවරු පිරිසක් ජාතික පුවත්පතක් වෙත ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

    පක්ෂයේ සියලුම තනතුරු සඳහා විවෘත ඡන්දයක් පවත්වන බවට එකඟ වූ එජාප නායකයා දැන් තම ගජමිතුරු පිරිස සමඟ එක් වී එජාප නායකත්වය හැර සෙසු තනතුරු සඳහා සුදුස්සන් පත් කිරීම ලොකුම විහිළුව වී ඇතැයි ඔවුහු පෙන්වා දෙනවා.

    පසුගිය මාර්තු 29 වැනි දින සිරිකොත මූලස්ථානයේ පැවැති එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී පක්‍ෂයේ සියලුම තනතුරු සඳහා නව නිලධාරීන් පත් කර ගැනීමට එකඟ වූ රනිල් වික්‍රමසිංහ මහතා, විශ්වාසභංග යෝජනාව පරාජය කළ පසුව මේ එන්නට හදන්නේ මොකාට දැයි යන්න පිළිබඳ තමන් දැඩි අවධානයෙන් පසුවන බවද ඔවුහු සඳහන් කරනවා.

    එජාප පසුපෙළ මන්ත්‍රි කණ්ඩායම අප්‍රේල් 30 වැනි දිනට පෙර මීළඟට ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංග යෝජනාව වනුයේ රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් පමණක් නොව අග්‍රාමාත්‍ය ධුරයෙන්ද ඉවත් කිරීම බවත් ඒ සඳහා පක්‍ෂ ගණනාවක් තමන්ට සහාය ලබා දීමට මේ වන විට එකඟත්වය පළ කර ඇති බවත් ඔවුහු සඳහන් කරනවා.

    රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා එම තනතුර දැරුවද එජාපයේ බහුතරයක් මන්ත්‍රිවරුන්ට අවශ්‍ය වී ඇත්තේ ඔහු එජාප නායකත්වයෙන් ඉවත් වී ඉදිරි මැතිවරණ සඳහා සුදුසු නායකයකු පත්කර ගැනීම බවත් පෙන්වාදෙන එජාප පසුපෙළ මන්ත්‍රි කණ්ඩායම ඔහුට තවදුරටත් එජාප නායකත්වයේ රැඳී සිටීමට නොහැකි වන ආකාරයේ තීන්දුවක් ගැනීම පිණිස සෙසු පක්‍ෂවල සහායද ලබා ගන්නා බව පවසනවා.

    එජාප නායකත්වයේ රැඳීසිටීමට රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී ඇති කාලය අප්‍රේල් 30 වැනිදායින් අවසන් කිරීමට එජාප පසුපෙළ මන්ත්‍රි කණ්ඩායම තීරණය කර ඇතැයිද ඊට පෙර ඔහු එම තනතුරින් ඉවත් නොවන්නේ නම් ඔහු තනතුරින් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට එජාප පසුපෙළ මන්ත්‍රි කණ්ඩායම මේ වන විටත් සියල්ල සූදානම් කර ඇතැයි ද එජාප නියෝජ්‍ය ඇමැතිවරයෙක් ප්‍රකාශ කරනවා.

  • උතුරේ මහ ඇමති පුටුවට බලු පොරයක්.. සුමන්තිරන් – විග්නේශ්වරන් අමු අමුවේ කා ගනිති…

    උතුරේ මහ ඇමති පුටුවට බලු පොරයක්.. සුමන්තිරන් – විග්නේශ්වරන් අමු අමුවේ කා ගනිති…

    උතුරු පළාත් සභාවේ මීළඟ ප්‍රධාන අමාත්‍ය ධුරය සඳහා වත්මන් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් සහ එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන් අතර තරගයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ.

    උතුරු පළාත් සභා මැතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසුකච්චි මඟින් යළි සී.වී. විග්නේශ්වරන් මහතාට ප්‍රධාන අමාත්‍ය ධුර අපේක්ෂකත්වය ලබා නොදෙන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කර ඇත.

    ඒ අනුව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය ධුර අපේක්ෂකත්වයට එම්.ඒ. සුමන්තිරන් මහතාට තරග වදින ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා විසින් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

    මේ ඉල්ලීමට සුමන්තිරන් මහතා යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබෙන බව එම පක්ෂයේ දේශපාලන ආරංචිමාර්ග කියයි.

    මේ අතර තමන්ට ඉලංකෙයි තමිල් අරසුකච්චිවලින් උතුරු පළාත් මහ ඇමැති අපේක්ෂකත්වය මීළඟ පළාත් සභා මැතිවරණය සඳහා නොලැබෙන්නේ නම් වෙනම නව බලවේගයකින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරය සඳහා තරග කරන බව විග්නේශ්වරන් මහතා පවසයි.

    ඒ සඳහා ආනන්ද සංගරී, ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඇතුළු දේශපාලන පක්ෂ නායකයන් සමඟ තමා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද විග්නේශ්වරන් මහතා ප්‍රකාශ කොට තිබේ.

    මේ අතර උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා 10 වැනිදා තමිල්නාඩු ප්‍රාන්තයේ සංචාරයක් ආරම්භ කළ අතර දින 20ක කාලයක් ඔහු ඉන්දියාවේ ගත කිරීමට නියමිතයි.

    තමාගේ නව දේශපාලන ව්‍යාපාරය හා ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමිල්නාඩුවේ දේශපාලන නායකයන් සමඟ සාකච්ඡා කිරීමටද විග්නේශ්වරන් මහතා බලාපොරොත්තු වේ.

  • ජන පදනමක් නැති අගමැති රනිල්ට බායි කියා ආණ්ඩුවෙන් විපක්ෂයට යන ශ්‍රීලනිප මන්ත්‍රීවරු මෙන්න..

    ජන පදනමක් නැති අගමැති රනිල්ට බායි කියා ආණ්ඩුවෙන් විපක්ෂයට යන ශ්‍රීලනිප මන්ත්‍රීවරු මෙන්න..

    විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති අැමතිවරුන් අාණ්ඩුෙවන් ඉවත්වීමත් සමග කැබිනට් අමාත්‍යධුර හයක්, රාජ්‍ය හා  නියෝජ්‍ය අමාත්‍යධුර 9 හා නියෝජ්‍ය කතානායක ධුරය හිස්ව තිබේ.

    ඒ අනුව ඉවත්වූ කැබිනට් අමාත්‍යවරුන්

    දයාසිරි ජයසේකර – ක්‍රීඩා

    ජොන් සෙනෙවිරත්න – කම්කරු හා සබරගමු සංවර්ධන

    සුසිල් ප්‍රේම්ජයන්ත් – විද්‍යා හා තාක්ෂණ

    අනුර ප්‍රියදර්ශන යාපා – ආපදා කළමණාකණ

    එස්.බී. දිසානායක – සමෘද්ධි හා කඳුරට උරුමයන්

    චන්දිම විරක්කොඩි – වෘත්තිය පුහුණු

    තිලංග සුමතිපාල – නියෝජ්‍ය කතානායක

    රාජ්‍ය අමාත්‍යවරුන් – ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ,ටී.බී. ඒකනායක

    නියෝජ්‍ය අමාත්‍යවරුන් – සුමේධා ජී ජයසේන, තාරානාත් බස්නායක, සුසන්ත පුංචි නිලමේ, අනුරාධ ජයරත්න, ලක්ෂ්මන් වසන්ත

  • සල්ලි වලට වහල්වී රනිල්ට කඩේ ගියපු සම්බන්ධන් දොට්ට… විපක්ෂ නායකධුරය ශ්‍රීලනිපයේ එස්.බීට

    සල්ලි වලට වහල්වී රනිල්ට කඩේ ගියපු සම්බන්ධන් දොට්ට… විපක්ෂ නායකධුරය ශ්‍රීලනිපයේ එස්.බීට

    ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 දෙනෙකු විපක්‍ෂයට පැමිණීමත් සමගින් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය හා විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමියනු ඇති බව වාර්තා වෙයි.

    දැනට පාර්ලිමේන්තුවේ සන්දාන මන්ත‍්‍රීවරුන් 54 දෙනකු විපක්‍ෂය නියෝජනය කරන අතර අතින් එක්වන 16 දෙනාද සමග එම ගණන 70 දක්වා ඉහල යයි.

    ඒ අනුව පාර්ලිමේන්තුවේ 96ක් වන සන්ධාන මන්ත‍්‍රීවරුන්ගෙන් සාතිශය බහුතරය විපක්‍ෂය නියෝජනය කරයි.ඒකාබද්ධ විපක්ෂයේ හා විපක්ෂයට අලුතින් එක්වුණු නිදහස් සංධානයේ 16 දෙනා විපක්ෂ නායක ලෙස එස්.බී දිසානායක මහතාගේ නම මෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස දිනේෂ් ගුණවර්ධන මහතාගේ නම කතානායකවරයා වෙත යෝජනා කිරීමටද නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

    දැනට විපක්‍ෂ නාය ධුරය දරන ආර්. සම්බන්දන් මෙන්ම විපෂක්‍යේ ප‍්‍රධාන සංවිධායක ධුරය දරන අනුර දිසානායක මහතාගේ පාර්ලිමේව්තු ධුරයන් මේ තත්වය මත අභියෝගයට ලක්වෙයි.

  • ළගදීම එජාපයට යන ජන පදනමක් නැති ශ්‍රීලනිප පොඩි එවුන් දෙන්නා ගැන එස්.බි. කියපු කතාව මෙන්න…

    ළගදීම එජාපයට යන ජන පදනමක් නැති ශ්‍රීලනිප පොඩි එවුන් දෙන්නා ගැන එස්.බි. කියපු කතාව මෙන්න…

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් අයෙකු හෝ දෙදෙනෙකු එක්සත් ජාතික පක්ෂයට එක් වීමේ ඉඩකඩක් පවතින බව අමාත්‍ය එස්. බී. දිසානායක පවසනවා.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ අද රාත්‍රී ජනාධිපතිවරයා හමු වී සිය ධූරවලින් ඉල්ලා අස්වීමට වූ තීරණය ගෙන පිටතට පැමිණීමෙන් අනතුරුවයි.

    එලෙස එක් අයෙකු හෝ දෙදෙනෙකු එජාපයට එක් වූ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදී නොයන බව ද ඔහු අවධාරණය කළා.

    එජාපයට යාමට සූදානම්වන්නේ කවුරුන්දැයි මාධ්‍යවේදීන් විමසා සිටි මොහොතේ එස්බී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ “ඒක ඔබතුමාලා දන්නවා අපිට වඩා” යනුවෙන්.

    මේ අතර එම ස්ථානයේ දීම අදහස් දැක්වූ ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා සඳහන් කළේ එජාපය සමග දිගින් දිගටම යාමට අවශ්‍යව ඇති පුද්ගලයින් දෙදෙනෙකු නිදහස් පක්ෂය තුළ සිටින බවයි.

    එවිට මාධ්‍යවේදීන් විමසා සිටියේ අමාත්‍යවරයා සඳහන් කළේ දුමින්ද දිසානායක සහ මහින්ද අමරවීර පිළිබඳව ද කියායි.

    තමා සඳහන් කළේ ඔවුන් පිළිබඳව වන බවට අමාත්‍ය ඩිලාන් පෙරේරා එහි දී ඉඟි පළ කරනු ලැබුවා.

    “මට වඩා හොඳට ඔයාලා දන්නවානේ” යනුවෙන් ඔහු ද පවසා සිටියා.

    අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයේ දී එයට පක්ෂව ඡන්දය ලබා දුන්නිදහස් පක්ෂ අමාත්‍යවරු 15 දෙනා සහ නියෝජ්‍ය කතානායකවරයා ආණ්ඩුවේ තනතුරුවලින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත්වනු ඇති.

  • ජනපති නියමයෙන් වීරයෝ විලසින් විපක්ෂයට යන නිදහස් පක්ෂ මන්ත්‍රීවරු කරන්න යන දේ මෙන්න….

    ජනපති නියමයෙන් වීරයෝ විලසින් විපක්ෂයට යන නිදහස් පක්ෂ මන්ත්‍රීවරු කරන්න යන දේ මෙන්න….

    තමන් ඇතුළු කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයට එක් නොවන බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ සිටින හිටපු අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා පවසනවා. ඒ, ඊයේ (11) රාත‍්‍රියේ ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව නෙත් අප වෙත විශේෂ ප‍්‍රකාශයක් ලබාදෙමින්.

    තමන් ඇතුළු කණ්ඩායම විපක්ෂයේ හිදිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවයි මෙහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

    විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදීමෙන් පසු මෙම කණ්ඩායම ආණ්ඩුවේ දරණ තනතුරුවලින් ඉවත් විය යුතු බවටයි එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම ප‍්‍රකාශ කළේ. මෙවැනි තීරණයක් ගැනීමට එම බලපෑම් හේතුවක් වූයේදැයි යන්න පිළිබඳව ද නෙත් අප මෙහිදී විමසීමක් කළා.

    එහිදී හිටපු අමාත්‍යවරයා කියා සිටියේ තමන් මහජන නියෝජිතයින් බවත් හිතට එකඟව වැඩ කල නිසා එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ තනතුරු අත්හැරිය යුතු යැයි මතක් කිරීම අනවශය බවයි.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලූ නියෝජිතයින් ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට යෝජනාවක් මධ්‍යම කාරක සභාව වෙත ඉදිරිපත් කර ඇති බවද හිටපු අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මෙහිදී ප‍්‍රකාශ කළා. 

  • රනිල්ට බුද්ධිය පහළවන්නට දීපු දින කිහිපයක්  –  ජනපති මෛත්‍රීගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්…

    රනිල්ට බුද්ධිය පහළවන්නට දීපු දින කිහිපයක් – ජනපති මෛත්‍රීගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්…

    අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් ඇමැතිවරුන් ඇතුළු 16 දෙනා තමා තනි කරන්නේවත් ඔවුන් විසි කරන්නේවත් නැතැයි පෙරේදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සෘජු ප්‍රකාශයක් කොට තිබේ.

    මේ පිරිස විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීමෙන් පසුව ඇති වූ තත්ත්වයන් පිළිබඳව හා ඔවුන් වෙනුවෙන් පෙනී නොසිටීම ගැන ජනාධිපතිවරයා ශ්‍රී ලනිප මහ ලේකම්වරයාටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයාටත් දැඩි දෝෂදර්ශනයක් එල්ල කොට තිබේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිවන්තව ගොඩනඟමින් ඉදිරියට ගෙන යෑම සඳහා පක්ෂයේ සභාපති තනතුර ඕනෑම අවස්ථාවක භාරදීමට තමා සූදානම් බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කොට තිබේ.

    ජනාධිපතිවරයා මේ සඳහන කර තිබෙන්නේ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ඇමැතිවරුන් ඇතුළු 16 දෙනා එම තනතුරුවලින් මෙන්ම යහපාලන ආණ්ඩුවෙන්ද ඉවත්වී විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් බවටත්, යහපාලන ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් විය යුතු බවටත් කළ ප්‍රකාශ හමුවේදීය.

    මධ්‍යම කාරක සභාවට සහභාගි වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් කළ ප්‍රකාශයකට පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන මහතා කේන්ති ගත් ස්වරූපයකින් ඇයට පිළිතුරක් දී ඇත. චන්ද්‍රිකා පවසා තිබෙන්නේ යහපාලන ආණ්ඩුව පිහිටුවීමට සියලු දෙනාම එකතුවී යාන්ත්‍රණය ඇති කළ බවත් ජනාධිපතිවරයා දිනුවේ එම යාන්ත්‍රණය තුළින් ක්‍රියාත්මක කළ වැඩසටහන හේතුවෙන් එදා පැවැති පරිසරය නිසා බවත් ඒ අවස්ථාවේ ජනාධිපතිවරණයට කවුරුන් ඉදිරිපත් කළත් ජයග්‍රහණය කරන බවත්ය. ඇය මේ ප්‍රකාශය කිරීමෙන් පසු මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පිටව ගොස් තිබේ.

    චන්ද්‍රිකාගේ එම ප්‍රකාශයෙන් තරමක සිත් පෑරවීමකට පත් ජනාධිපතිවරයා ඇයට පිළිතුරු දෙමින් කියා තිබෙන්නේ “මේ අවස්ථාවේ චන්ද්‍රිකා මැතිනිය සභාවේ හිටියා නම් හො¼දා. නමුත් එතුමිය කළ ඒ ප්‍රකාශය මම පිළිගන්නේ නෑ. මම ජීවිතය පරදුවට තියලයි ජනාධිපතිවරණයට අත ගැහුවේ. ඔය කියන ව්‍යාපෘතිවලට ඡන්දය දුන්නේ නෑ. එහෙනම් ඒ යාන්ත්‍රණය නැත්නම් ව්‍යාපාරය යටතේ යූඑන්පී කෙනකු දාගන්න තිබුණානේ”යි ප්‍රකාශ කොට ඇත.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 40 දෙනා එකට ඉන්න ඕනෑ. එක තීන්දුවකට වැඩ කරන්න ඕනෑයි මෙහිදී පවසා ඇති ජනාධිපතිවරයා මධ්‍යම කාරක සභා රැස්වීම කල් තබමින් ප්‍රකාශ කර තිබෙන්නේ යූඑන්පීයට බුද්ධිය පහළ වෙන්නට බුද්ධිමත්ව කල්පනා කරන්න දින දෙකක් කල් දෙන බව කියමිනි.