Category: සුපිරි Politics

  • විශ්වාසභංගයේදී රනිල් ඉවත් කල යුතුමයි.. මා සමග පිරිස සිටිනවා – රංග බණ්ඩාර යලි තහවරු කරයි..

    විශ්වාසභංගයේදී රනිල් ඉවත් කල යුතුමයි.. මා සමග පිරිස සිටිනවා – රංග බණ්ඩාර යලි තහවරු කරයි..

    අද (04) විවාදයට ගැනෙන විශ්වාසභංග යෝජනාව පිළිබඳ තීරණයක් ගැනීමට ඊට අදාළ ඡන්ද විමසීමේදී අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුවේ සරළ බහුතරයක් පමණ ය. ඒ මොහොතේ පාර්ලිමේන්තුවේ සිටින මන්තී‍්‍රවරුන්ගේ බහුතර කැමැත්ත එහි අවසන් තීන්දුව වනු ඇත.

    යම් හෙයකින් ඡන්දයේදී සම තත්ත්වයක් ඇතිවුවහොත් තීරක ඡන්දය වන්නේ කතානායකවරයාගේ හෝ මූලාසනයේ ඡන්දය වේ.

    මේ අතර අපි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගෙන් ඉල්ලුවේ එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රතිසංවිධානය කරන ලෙසයි. නමුත් එතුමා පක්ෂය ප්‍රතිසංවිධානය කරනවා වෙනුවට වාහන හා මුදල් ලබාදීලා ප්‍රශ්නය යටගහන්න හදනවා යැයි වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්‌ඩාර මහතා (03) ප්‍රකාශ කළේය.

    රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ පක්ෂයට තවදුරටත් ඉදිරියට යා නොහැකි නිසා එතුමා අගමැති තනතුරින් හා පක්‍ෂ නායකත්වයෙන් ඉවත් කරනතුරු සටන ඉදිරියටම ගෙන යන බවද ඒ මහතා අවධාරණය කළේය.

    රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කළ විමසීමකදී මේ බව ප්‍රකාශ කල රංගේ බණ්‌ඩාර මහතා වැඩිදුරටත් අදහස්‌ දක්වමින් මෙසේද කීය.

    එක්‌සත් ජාතික පක්‍ෂය මේ වන විට ජනතාව අතර දැඩි අසීරුතාවයට පත්වෙලා. පක්‍ෂ නායකත්වය එයට වග කියන්න ඕනෑ. ඒ නිසයි අපි පක්‍ෂය ප්‍රතිසංවිධානය කරන්න කියලා කිව්වේ. ඒකට කරන්නේ අපි ගෙන්නලා එක එක තනතුරු වාහන සල්ලි දීලා සනසන්න හදනවා.

    රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කමෙනුත් පක්‍ෂ නායකත්වයෙනුත් ඉවත්ව යා යුතුය යන මතයේ මමත් එජාපයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසකුත් ඉන්නවා. අපි අපේ මතය වෙනස්‌ කරන්නේ නැහැ. මටත් පෞද්ගලිකව හමුවෙන්න කියලා අගමැතිතුමා දැනුම් දුන්නා. ඒත් මට එහෙම වැඩක්‌ නැහැ. අපිට පෞද්ගලිකව විසද ගන්න ප්‍රශ්නයක් නැහැ. අගමැතිතුමා සමග මට පෞද්ගලික ප්‍රශ්ණයක් ඇත්තෙත් නැහැ. පක්‍ෂය ප්‍රතිසංවිධානය නොකර මොන දේ කළත් වැඩක්‌ නැහැ.

    අපි දිගටම අපේ මතයේ ඉන්නවා. මේ නායකත්වය වෙනස්‌ විය යුතුයි. එහෙම නොවුණොත් එක්‌සත් ජාතික පක්‍ෂයට දෙවියන්ගේම පිහිටයි, යනුවෙන්ද රංගේ බණ්‌ඩාර මහතා කියා සිටියේය.

  • රනිල්ගේ රාජකීය ගජයෙකු වන මලික් ගේ දූෂණ වංචා ජනපති අතට..

    රනිල්ගේ රාජකීය ගජයෙකු වන මලික් ගේ දූෂණ වංචා ජනපති අතට..

    තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය විසින් ETCA ඇතුලු ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම්වල අක්‍රමිකතා පිළිබඳව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට කරුණු දැක්වීම සදහා යවන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

    අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

    අතිගරු ජනාධිපතිතුමනි,

    සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍යංශය විසින් ජාතික අභිලාෂයන්ට පටහැණිව ක්‍රියාකිරීම වළක්වා එය නිවැරදි කරන්නට මැදිහත්වන ලෙස ඉල්ලා සිටීම

    සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශය පසුගිය කාලය තුළ ක්‍රියාත්මක වූ ආකාරය ශ්‍රී ලංකාවේ ආර්ථිකය පසුබෑමකට ලක් වීමට බෙහෙවින්ම බලපා ඇත. එම අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ඔබතුමා විසින් පොදුවේ දරන මතයට පටහැණිව දේශීය නිෂ්පාදන අධෛර්යමත් කරමින් ආනයන පමණක් දිරිගන්වන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. එසේම ඒ සඳහා ක්‍රියාත්මක වීමේදි යහපාලනයේ මූලිකාංග නොතකා හරිමින් අත්තනෝමතික ලෙස ක්‍රියා කර ඇත.

    සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශය විසින් සිදු කළ රටට අහිතකර ක්‍රියාවන් කිහිපයක් ඔබතුමාගේ අවධානය පිණිස පහත දක්වන්නෙමු.

    සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍යාංශයේ ප්‍රධාන කටයුතු හැසිරවීමේ වගකීම ඇමරිකානු ජාතිකයන් තුන්දෙනෙකුට (වැටුප් ගෙවා) පැවරීම හරහා ජාතික අභිලාෂයන්ට පටහැනිව ක්‍රියාකරමින් ශ්‍රී ලංකාවේ සංවර්ධන උපායමාර්ග මෙන්ම ජාත්‍යන්තර වෙළඳාමද විදේශීය බලපෑම්වලට සෘජුවම යටත් කරවීමට කටයුතු කිරීම.

    ඉන්දියාවෙන් සහ චීනයෙන් විශාල වශයෙන් භාණ්ඩ ආනයනය කරන බහුජාතික සමාගමක ශ්‍රී ලංකා ශාඛාවේ සභාපතිවරයෙකු වශයෙන් කටයුතු කළ ආචාර්ය සමන් කැලේගම මහතාව එට්කා ඇතුලු ද්විපාර්ශවික ගිවිසුම්වල සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ ප්‍රධානියා වශයෙන් පත් කරමින් බැඳියාවන් අතර ගැටුමක් නිර්මාණය කිරීම සහ අයතා වාසි ලබා ගැනීමට ඉඩ සැළසීම.

    ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (Joint Apparel Association Forum ) වෙත ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් මඟින් වාසි ලබා ගන්නා ආකාරය පිළිබඳව උපදේශකයෙකු ලෙස සේවය සපයා මුදල් ලබා ගන්නා පුද්ගලයෙකු වන කේ. ජේ වීරසිංහ මහතා එට්කා ඇතුලු ද්විපාර්ශවික ගිවිසුම්වල සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිතයෙකු ලෙස පත් කිරීම මඟින් අල්ලස් ලබා ගැනීම හා සමාන ක්‍රියාවකට අනුබල දීම සහ ඒ හරහා අනෙකුත් දේශීය කර්මාන්තවලට පාඩු සිදු වන ආකාරයේ තීන්දු සඳහා දායක වීම.

    නවසීලන්ත පුරවැසිභාවය හිමි ආචාර්ය රවී රත්නායක Bridging the Gap නමැති එන් ජී ඕ ආයතනයේ සාමාජිකයෙකි. එම ආයතනය හරහා මේ පුද්ගලයා ASEAN සංගමයේ සාමාජික රටවලට ශ්‍රී ලංකාවට භාණ්ඩ අපනයනය සඳහා පෞද්ගලික උපදේශකයෙකු ලෙසද කටයුතු කරයි. මෙම පුද්ගලයා එට්කා ඇතුලු ද්විපාර්ශවික ගිවිසුම්වල සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිතයෙකු ලෙස පත් කර ඇත. ඊට අමතරව ශ්‍රී ලංකාවට ආනයනය කරන භාණ්ඩවලින් බදු සහන ලබාදෙන භාණ්ඩ ලයිස්තුව සකස් කිරීමේ වගකීමද මොහුට පවරා ඇත. ඒ මඟින් ශ්‍රී ලංකාවට අවාසි සහගත තත්වයක් නිර්මාණය කරමින් ඔහු සේවය කරන වෙනත් රටවලට අවශ්‍ය ආකාරයට ශ්‍රී ලංකාවේ ආනයනය වර්ධනය කිරීමට අවස්ථාවක් ඔහුට නිර්මාණය කරදී ඇත.

    ඉහත කී ආචාර්ය රවී රත්නායක නමැති නවසීලන්ත පුරවැසියාට ශ්‍රී ලංකාවේ ජාතික වෙළඳ ප්‍රතිපත්තිය සකස් කිරීමද භාරදීමට ක්‍රියා කිරීම සහ දේශීය ව්‍යාපාර වසා දමා ආනයන දිරිගන්වන ප්‍රතිපත්තියක් සකස් කරමින් ඔහු උපදේශකයෙකු ලෙස මුදල් ලබා ගන්නා ආයතනයන්ට අවශ්‍ය පරිදි ශ්‍රී ලංකාවේ වෙළඳ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට අනුබල දීම සහ එම ව්‍යාජ වෙළඳ ප්‍රතිපත්තියට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා ගරු ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලය නොමඟ යැවීම.

    සිංගප්පුරු වෙළඳ ගිවිසුම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා සාකච්ඡා කණ්ඩායමේ පුද්ගලයන් කිහිපදෙනෙකු සිංගප්පුරු සාකච්ඡා කණ්ඩායමේ පුද්ගලයෙන් වෙතින් පුහුණුවක් ලබා ගැනීම සඳහා සිංගප්පුරුව වෙත යැවීම මගින් ශ්‍රී ලංකා සාකච්ඡා කණ්ඩායමේ නොහැකියාව සහ අඩුපාඩු සිංගප්පුරු සාකච්ඡා කණ්ඩායම වෙත නිරාවෘත්ත කිරීම සහ ඒ මඟින් ශ්‍රී ලංකාවට ඉතාම අවාසිදායක ගිවිසුමක් සිංගප්පුරුව සමඟ ඇති කරගැනීමට කටයුතු සිදු කිරීම.

    සිංගප්පුරු වෙළඳ ගිවිසුම මඟින් ආනයන බදු මඟින් පමණක් ශ්‍රී ලංකාවට වාර්ෂිකව අහිමි වන මුදල රැපියල් මිලියන 1500ක් පමණ වේ. මෙම ගිවිසුම තුළ ශ්‍රී ලංකාව සඳහා සිංගප්පූරුව විසින් බදු සහන ලබා දුන් භාණ්ඩවලින් 99% ක්ම මෙම ගිවිසුම නොපැවතියද, ශ්‍රී ලංකාව ඇතුලු ලොව ඕනෑම රටක් සඳහා සිංගප්පූරුවේදී ආනයන බදුවලින් නිදහස් කර තිබූ භාණ්ඩ වීම.

    සිංගප්පූරු ගිවිසුම මඟින් වෙනත් රටවල නිපදවෙන භාණ්ඩද සිංගප්පූරුව හරහා ලංකාවට ඇතුලු වීමට විශාල ඉඩකඩක් නිර්මාණය කරදීම. එසේම, වෘත්තිකයන් ලෙස සිංගප්පූරු පුරවැසියන්ට පමණක් නොව සිංගප්පූරුවේ ස්ථිර පදිංචි කරුවන්ටද සිංගප්පුරු වෙළඳ ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ඉඩ සලසා ඇත.

    ලොව පිළිගත් නිර්දේශයන් නොතකා හරිමින් දැනට සාකච්ඡා පවත්වන කිසිදු වෙළඳ ගිවිසුමක් පිළිබඳව ශක්‍යතා අධ්‍යනයක් සිදු කර නොමැති වීම, පාර්ශව කරුවන්ගෙන් අදහස් විමසීමට අසමත් වීම, ඒ සඳහා කිසිදු විනිවිදභාවයක් පවත්වා ගැනීමට අපොහොසත්වීම යනාදි දුර්වලතාවයන් ඇතිව ශ්‍රී ලංකාවේ ආර්ථිකයට තීරණාත්මක ලෙස බලපාන අතිශය සංවේදී ආර්ථික ගිවිසුම් සම්බන්ධයෙන් දුර්ධාන්ත ලෙස කටයුතු කිරීම සහ ඒ අනුව මෙම ආර්ථික ගිවිසුම් රට හිතකරද යන්න සොයා බැලීමට හිතාමතාම කටයුතු නොකිරීම මඟින්ව ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ ජනජීවිතය දැඩි අවදානමක හෙළීම.

    ඉහත දැක්වූ කරුණු අනුව මෙම අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට හානිදායක අයුරින් ක්‍රියාකර ඇත. එසේම වර්තාමානයේ සිදු කරගෙන යන කාර්යයන්ද ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉතා නරක ආකාරයෙන් බලපානු ඇත. ජාතික අහිලාෂයන්ට පටහැණිව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍යංශය විසින් සිදු කරගෙන යන ක්‍රියාදාමයන් නතර කරලීම සඳහා ඔබතුමා සෘජුවම මැදිහත් විය අවස්ථාව එළඹ ඇති බව අපි විශ්වාස කරමු.
    ඒ සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කරන මෙන් ඉතා ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

    සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍යාංශය ගරු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගෙන් ඉවත් කර වෙනත් ඇමතිවරයෙකු වෙත පවරා දී ඉදිරි කටයුතු ජාතික අභිලාෂයන්ට අනුව සිදුවන බව තවුරු කර ගැනිම.

    ඉහත සඳහන් සියලු ක්‍රියාදාමයන් සඳහා වගකිවයුතු අමාත්‍යංශ ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මිය එම තනතුරින් පහකිරීම

    දූෂිත පුද්ගලයන්ගෙන් සැදුම්ලත් ඉන්දු- ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම සඳහා වන ශ්‍රී ලංකා සාකච්ඡා කණ්ඩායම විසුරුවා හැරීම.

    සභාපති / ලේකම්
    තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය

  • බදියුදීන්, මනෝ රනිල්ගේ විශ්වාසභංගයට විරුද්ධ බව කියයි..

    බදියුදීන්, මනෝ රනිල්ගේ විශ්වාසභංගයට විරුද්ධ බව කියයි..

    අද දිනයේ පාර්ලිමේන්තුවේදි විවාදයට ගැනෙන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවට විරුද්දව ඡන්දය ලබා දීමට ඇමති රවුෆ් හකිම් මහතාගේ නායකත්වයෙන් යුතු ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය තීරණය කර ඇත. 

    එමෙන්ම ඇමති මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුතු දෙමල ප‍්‍රගතිශීලී සන්ධානයද යෝජනාවට විරුද්දව ඡන්දය භාවිත කරන බව පවසයි.

    ඇමති රිෂාඩ් බදියුදීන් නායකත්වය දරන සමස්ථ ලංකා මහජන කොංග‍්‍රසයද තීරණය කර ඇත්තේ විශ්වාස භංග යෝජනාවට විරුද්දව ඡන්දය දීමටයි.

    ජාතික හෙල උරුමයද යෝජනාවට විරුද්දව ඡන්දය භාවිත කරන බව සදහන් කර ඇත.

    මෙම පක්‍ෂ සියල්ල එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්‍ෂ වෙයි.

  • රනිල්ට එරෙහි විශ්වාසභංගය අද; හෙට අලුත් ආණ්‌ඩුවක්‌

    රනිල්ට එරෙහි විශ්වාසභංගය අද; හෙට අලුත් ආණ්‌ඩුවක්‌

    විශ්වාසභංග යෝජනාවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළත් නැතත් හෙට (05) සිට අලුත් ආණ්‌ඩුවක්‌ බිහිවනු ඇතැයි දේශපාලන විචාරකයෝ සඳහන් කරති.

    රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළොත් ආණ්‌ඩුවේ සිටින ශ්‍රීලනිප කණ්‌ඩායම විපක්‍ෂයේ අසුන් ගන්නා බව මේ වන විටත් ප්‍රකාශ කර තිබේ. එසේ වූවොත් ජාතික ආණ්‌ඩුව අහෝසි වේ. එවිට එජාපය විසින් අලුත් ආණ්‌ඩුවක්‌ පිහිටුවන බව එම පක්‍ෂයේ ඇමැතිවරු පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ.

    යම් හෙයකින් විශ්වාසභංග යෝජනාවෙන් අගමැතිවරයා පරාජය වූවොත් හෙට සිට නව අගමැතිවරයකු පත්ව කැබිනට්‌ මණ්‌ඩලය ද අලුතින් පත් කිරීමට සිදුවේ.

    ජාතික ආණ්‌ඩුව අහෝසි වී අලුත් ආණ්‌ඩුවක්‌ පිහිටුවද්දී දහනව වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට අනුව ඇමැති ධුර සංඛ්‍යාව තිහකට සීමාවේ. රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැති ධුර සංඛ්‍යාව හතළිස්‌ පහකට නොවැඩි විය යුතු බවද ව්‍යවස්‌ථා සංශෝධනයේ දැක්‌වේ.

    ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවිය හැක්‌කේ වැඩි මන්ත්‍රී ධුර සංඛ්‍යාවක්‌ ලබාගත් පක්‍ෂය සහ දෙවනුව වැඩි ඡන්ද සංඛ්‍යාව ලබාගත් පක්‍ෂය එක්‌ව අත්සන් කරන අවබෝධතා ගිවිසුමක්‌ මතය.

  • ශ්‍රිලනිපය තීරණය වෙනස් කරයි.. අලුත්ම තත්වය මෙන්න….

    ශ්‍රිලනිපය තීරණය වෙනස් කරයි.. අලුත්ම තත්වය මෙන්න….

    අද(04) උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රිලනිප මන්ත්‍රී කණ්ඩායම අතර පැවැති සාකච්ඡාවේ ප්‍රතිඵල අනූව ශ්‍රිලනිපය විශ්වාසභංගයට ඡන්දය දිමෙන් වැලකිමට තීරණය කර තිබේ.

    ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මේ බව කියා සිටි.

  • රට වෙනුවෙන් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දෙන්න – ජනපති මෛත්‍රිගෙන් ශ්‍රිලනිපයට නියෝග….

    රට වෙනුවෙන් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දෙන්න – ජනපති මෛත්‍රිගෙන් ශ්‍රිලනිපයට නියෝග….

    විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවට ජනාධිපතිවරයා විසින් ශ්‍රිලංනිප කණ්ඩායමට කරුණු පැහැදිලි කළ බවට වන ප්‍රවෘත්තිය අසත්‍ය බවත් ඒ සම්බන්ධයෙන් වන කරුණු හා ඉදිරි සැලසුම් පිළිබදව වන සකච්ඡාවක් මේ මොහොතේ පැවැත්වෙන අතර විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරන පරිදි විශ්වාසභංගයේදී පක්ෂව ඡන්දය භාවිතා කරන ලෙස ජනපති මෛත්‍රි නියෝග කර ඇත…

    කැබිනට් මණ්ඩලයට පසුව එජාප මන්ත්‍රි කණ්ඩායම හා ශ්‍රි ලනිප කණ්ඩායම සමග විශේෂ සාකච්ඡාවක් සිදු කරන බව ජනාධිපති වරයා විසින් දැනුම් දී ඇති බව එජාප ප්‍රබල ඇමතිවරයෙකු අනාවරණය කොට සිටී.

    කෙසේ නමුත් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංගය පිලිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දුන් බව බව වාර්තා වේ.

  • රනිල්ගේ ඉරි තුනට නිදහස් පක්ෂයෙන් Secret ලිපියක්.. ඇතුලේ තියෙන දේ මෙන්න…

    රනිල්ගේ ඉරි තුනට නිදහස් පක්ෂයෙන් Secret ලිපියක්.. ඇතුලේ තියෙන දේ මෙන්න…

    විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර අග‍්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන්නැයි  අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් අද (03) ඉල්ලා සිටි බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා.

    නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් පැවසුවේ ඒ සඳහා වූ ලිපියක්ද අග‍්‍රාමාත්‍යවරයාට භාරදුන් බවයි.

    විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර අග‍්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන්නැයි රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන පාර්ශවය ඊයේ (02) රාත‍්‍රියේ තීරණය කළා.

    ඒ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති සාකච්ජාවකදීයි. ඔවුන් අද (03) අග‍්‍රාමාත්‍යවරයා මුණගැසී ඇත්තේද ඒ අනුවයි.

  • හෙට පාර්ලිමේන්තුව 18+.. ඇතුල්වීම වැඩිහිටියන්ට පමණයි…! හේතුව මෙන්න..!

    හෙට පාර්ලිමේන්තුව 18+.. ඇතුල්වීම වැඩිහිටියන්ට පමණයි…! හේතුව මෙන්න..!

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා හෙට (04) දිනයේදී පාර්ලිමේන්තුවේ මහජන ගැලරි වැඩිහිටියන් සඳහා  පමණක් සීමා කර තිබෙනවා. 

    විවාදය දැක බලා ගැනීමට පැමිණෙන මහජනතාවට ඉඩ ලබා දිය යුතු නිසා පාසල් සිසුන් එදින ගැලරියට ඇතුළලත් කර නොගන්නා බවයි සදහන් වන්නේ. 

    එසේම  ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ ආධාරකරුවන් මෙන්ම වෙනත් සුවිශේෂ පුද්ගලයන්ද හෙට දිනයේදී පැවැත්වෙන විශේෂ විවාදය දැකගන්නට පැමිණෙන  බැවින් ඒ සඳහා මහජන ගැලරි සහ කතානායක ගැලරියද සූදානම් කර තබන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.

    පැමිණෙන අමුත්තන්ට මඟ පෙන්වීමට සහ  සහාය වීම සඳහා විශේෂ කාර්ය මණ්ඩලයක්ද යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

     

     

  • දුම්බර අඩවියේ ඉඩම් අක්කර විසිඑක්දාහක් “කබීර් ,කිරිඇල්ල” නෑ හිතවතුන්ට දෙයි..!

    දුම්බර අඩවියේ ඉඩම් අක්කර විසිඑක්දාහක් “කබීර් ,කිරිඇල්ල” නෑ හිතවතුන්ට දෙයි..!

    දුම්බර අඩවිය හෙවත් නකල්ස් කදුකරයේ පිහිටි අක්කර 21,000 ක පමණ වතු ඉඩම් විවිධ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම සදහා රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශයේ හිටපු අමාත්‍ය කබීර් හෂීම් හා වත්මන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් විසින් ඔවුන්ගේ හිතවතුන් හා ඥාතීන් වෙත පවරා දී තිබේ. මෙලෙස විවිධ පුද්ගලයින්ට පැවරීම සිදු කර ඇත්තේ රාජ්‍ය වැවිලි සංස්ථාව හා ඇල්කඩුව වැවිලි සමාගම ම`ගින් කළමනාකරණය කරනු ලබන වතු ඉඩම් ය.

    නකල්ස් සංරක්ෂිත වනාන්තරය මායිමේ පිහිටි අලකොළේ, කොටගල, ගල්පිහිල්ල, ගෝමරේ, හග්ගල්ල, හෙයාර් පාර්ක්, හුන්නස්ගිරිය, කැළෑබොක්ක, මැදවත්ත, නිකොලොය, රංගල හා ඕපල්ගල යන රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් හෙක්ටයාර 9675 ක් වන වතු ඉඩම් වලින් හෙක්ටයාර 6192 ක් සහ ඇල්කඩුව වැවිලි සමාගමට අයත් බණ්ඩරපොළ, ඇල්කඩුව, හුණුගල, පිටකන්ද, රත්වත්ත, සැලගම, හපුගස්පිටිය, මිල්ලවාන හා නාලන්දා වතු ඉඩම් වලට අයත් හෙක්ටයාර 3693 න් හෙක්ටයාර 2363 ක් වශයෙන් විවිධ පුද්ගලයින් හා සමාගම් වලට හෙක්ටයාර 8555 ක් නැතහොත් අක්කර 21,400 ක වතු ඉඩම් පැවරීම සිදු කර ඇත. මෙම පැවරීම සිදු කර ඇත්තේ අක්කරයකට වාර්ෂික ව රුපියල් 2857 ක මුදලකට තිස්පස් අවුරුදු බදු පදනම යටතේ ය.

    නකල්ස් සංරක්ෂිත වනාන්තරය මායිමේ පිහිටි හෙයාර් පාර්ක් වත්තේ අක්කර 900 ක් පමණ මේ ආකාරයෙන් මහ පරිමාණ කුකුළු ගොවිපොළක් ස`දහා කි‍්‍රස්බ්‍රෝ සමාගමට ලබා දී තිබේ. සංරක්ෂිත වනාන්තරය මායිමේ පිහිටි රත්වත්ත වතු යාය රෝස තිරුවානා ඛණිජ කැණීම ස`දහා ලබා දී ඇති අතර මේ වන විට මහ පරිමාණයෙන් නීති විරෝධී ලෙස මෙම ඛණිජ කැණීම් කටයුතු සිදු කෙරේ. මැදවත්ත වතු යායේ අක්කර 35 ක් මහ පරිමාණ හෝටල් ව්‍යාපෘතියක් ස`දහා ලබා දී තිබේ. මේ සියල්ල මේ වන විට සිදු වන්නේ ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ය.

    කි‍්‍රස්බ්‍රෝ සමාගම දිගින් දිගට ම මේ ආකාරයෙන් සංවේදී පරිසර පද්ධති ආක‍්‍රමණය කරමින් සිටී. 2007 වසරේ දී මහවැලි ‘‘සී’’ කලාපයට අයත් ඇළකොටලිය හෙවත් මහපිටිය අලිමංකඬේ අක්කර 150 ක තෘණ භූමි පවරාගෙන කුකුළු ආහාර ලෙස භාවිතයට ගැනීමට බඩ ඉරිගු වගා කිරීම ඇරැුඹින. මෙම ව්‍යාපෘතිය ස`දහා එවකට මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති උදය ගම්මන්පිල මහතා විසින් අවසර ලබා දීම සිදු කෙරින. මේ ආකාරයෙන් ම කි‍්‍රස්බ්‍රෝ සමාගම දුම්බර අඩවියේ ඉතා සංවේදී ඉඩම් අත්පත් කර ගෙන මහ පරිමාණ කුකුළු ගොවිපොළවල් සැකැසීමට සූදානම් වේ.

    දුම්බර අඩවිය යනු සුවිශේෂී ජෛව කලාපයකි. දේශගුණික විවිධත්වය, මහවැලි ගෙ`ග් ප‍්‍රධාන ජල පෝෂකයක් වීම නිසා මෙහි ඇති වටිනාකම ඉතා අධික මට්ටමක පවතී. මේ සියල්ල දුම්බර අඩවියේ ඉඩම් අවභාවිතාව හේතුවෙන් විනාශ වී යාමට ඉඩදිය යුතු නැත.

    සමස්ත දුම්බර කඳුකරය ම ලංකාවේ දිග ම ගංගාව වන මහවැලි ගෙඟ් ප‍්‍රධානතම ජල පෝෂක ප‍්‍රදේශය යි. මහවැලි ජල පෝෂක ප‍්‍රදේශ අතුරින් 30%ක් පමණ ආවරණය වන්නේ දුම්බර කඳුකරයෙනි. හෙක්ටයාර 21,000 ක් පමණ ප‍්‍රදේශයක් පුරා ව්‍යාප්ත ව ඇති දුම්බර කඳුකරයෙන් ලංකාවේ මුළු භූමි ප‍්‍රමාණයෙන් 0.32‍්‍ර ක් පමණ ආවරණය වී ඇත. මධ්‍යම පළාතේ මහනුවර දිස්තී‍්‍රක්කයේ මිණිපේ, උඩදුම්බර, පාතදුම්බර හා පන්විල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරේ සහ මාතලේ දිස්තී‍්‍රක්කයේ උකුවෙල. රත්තොට, ලග්ගල, පල්ලේගම හා විල්ගම යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පහේ දුම්බර කඳුකරය ව්‍යාප්ත ව තිබේ. 2009 අංක 65 දරන පනතින් සංශෝධිත 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනතේ 3අ(1* වැනි උප වගන්තිය යටතේ 2000 මැයි මස 05 වන දින අංක 1130/22 දරන ගැසට් නිවේදනය මඟින් දුම්බර කඳුකරයේ රජයට අයත් වනාන්තර හෙක්ටයාර 17825 ක් පමණ වන භූමි ප‍්‍රමාණයක් ලංකාවේ ප‍්‍රථම සංරක්ෂණ වනාන්තරය ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. සංරක්ෂණ වනාන්තරය ලෙස ප‍්‍රකාශයට පත් කළ භූමියේ පෞද්ගලික ඉඩම් හා වෙනත් රජයේ ඉඩම් හෙක්ටයාර 2000 ක් පමණ වේ. එ්වා මේ වන විට ක‍්‍රමාණුකූල ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතී. එහෙත් එහි මන්දගාමි ස්වරූපය හා වන්දි ගෙවීම්වල ප‍්‍රමාද වීම් හේතුවෙන් මේ වනාන්තර ඉඩම් පවරා ගැනීමේ කටයුතු ව්‍යාකූල තත්ත්වයට පත් ව තිබෙන අතරතුර එම ඉඩම් විවිධ සමාගම් වලට හා ව්‍යාපාරිකයන්ට පැවරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී.

    මෙම ඉඩම් පවරා ගැනීම කඩිනම් කිරීමට අවශ්‍යවන ඉතා වැදගත් වන අමාත්‍ය මණ්ඩල තීරණයක් 2004 වසරේ දී ගැනිණ. එහෙත් එය අද වන තෙක් නිසි පරිදි කි‍්‍රයාත්මක නො වේ. අංක පීඑස්/සිපී/26/2004 හා 2004 ජූලි 22 වන දින දරන අමාත්‍යමණ්ඩල සංදේශයට අනුව නකල්ස් සංරක්ෂණ වනාන්තරයට යාව හෝ ඉන් කිලෝමීටර් බාගයක් ඇතුළත පිහිටි සියලූ ම ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර, 1972 අංක 01 දරන ඉඩම් ප‍්‍රතිසංස්කරණ නීතියේ 22(1*ඊ සහ 44(එ්* වගන්ති ප‍්‍රකාරව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම සඳහා නිර්දේශ ලැබී තිබේ. එහෙත් මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි කටයුතු කඩිනමින් සැලැසුම් කිරීම හෝ ඉඩම් පවරා ගැනීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීම හෝ මේ වන තුරු අවසන් කර නොමැත.

    මේ කි‍්‍රයාමාර්ගයන්ට එළැඹීම පැහැර හරින සෑම දිනයක් පාසා ම ඒ වනාන්තර බිම් වෙනත් සංවර්ධන කටයුතු ස`දහා ක‍්‍රමක‍්‍රමයෙන් යොදා ගැනේ. මේ නිසා අවසානයේ ඉතිරි වන්නේ හුදෙකලා වූ නකල්ස් සංරක්ෂණ වනාන්තර කුට්ටි කිහිපයක් පමණි. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා පළමු ව සිදු කළ යුතු වන්නේ නකල්ස් සංරක්ෂණ වනාන්තරය ලෙස ප‍්‍රකාශයට පත් කළ භූමි ප‍්‍රදේශය තුළ පිහිටි පෞද්ගලික වනාන්තර බිම් විධිමත් ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීමේ කටයුතු කඩිනමින් සිදු කිරීම යි. ඊට අමතර ව මේ ප‍්‍රදේශයේ පිහිටි ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් හා වැවිලි සංස්ථාවට අයත් වනාන්තර බිම් නකල්ස් සංරක්ෂණ වනාන්තරයට පවරා ගැනීම සිදු කළ යුතු ය. ඉන් පසු ව නකල්ස් සංරක්ෂණ වනාන්තරය වටා කිලෝමීටරයක් පමණ ප‍්‍රදේශයක් ජාතික පාරිසරික පනත යටතේ නකල්ස් හෝ දුම්බර පරිසර ආරක්ෂක ප‍්‍රදේශය ලෙස ප‍්‍රකාශයට පත් කර ඒ ප‍්‍රදේශය තුළ සංවර්ධන කටයුතු පාලනය කළ යුතු ය. මෙමඟින් දුම්බර අඩවියේ සුරක්ෂිතතාව තහවුරු කළ හැකි ය. නමුත් සිදු වන්නේ මේ සුවිශේෂී ජෛව කලාපය වැනසීම ස`දහා වන කි‍්‍රයාවලීන් කි‍්‍රයාත්මක කිරීම ය.

    දුම්බර කඳුකරයේ වනාන්තරයන්ට පළමු ව ආරක්ෂාව ලබා දෙන ලද්දේ ඉංගී‍්‍රසින් විසිනි. එ් 1873 දී දුම්බර කඳුකරයේ මීටර 1500 ට වඩා ඉහළ (අඩි 5000 ට වඩා ඉහළ* වළාකුළු වනාන්තර ප‍්‍රදේශ දේශගුණික රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත් කරමිනි. ඉන් වසර 127ක ට පසුව 2000 වසරේ දී වන සංරක්ෂණ ආඥා පනත යටතේ සංරක්ෂණ වනාන්තරයක් ලෙස ප‍්‍රකාශයට පත් කෙරින. පසුව 2007 වසරේ දී ජාතික පාරිසරික පනත යටතේ පරිසර ආරක්ෂණ ප‍්‍රදේශයක් ලෙසත් 2008 වසරේ දී පස සංරක්ෂණ පනත යටතේ පස සංරක්ෂණ ප‍්‍රදේශයක් ලෙසත් ප‍්‍රකාශයට පත් කර ඇත. මෙවන් වූ නීතිමය ආවරණයන් ගණනාවක් දුම්බර අඩවියට ලබා දී ඇත්තේ එහි ඇති මිල කළ නොහැකි භූ විද්‍යාත්මක, ජෛව විද්‍යාත්මක හා සාම්ප‍්‍රදායික ජන උරුමයේ වටිනාකම නිසා ය. ඒ හේතුවෙන් ම 2010 වසරේ දී ලංකාවේ ඉහළ කඳුකරයට අයත් දුම්බර අඩවිය ලෝක උරුම ප‍්‍රදේශයක් ලෙස එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ ආයතනය මඟින් ප‍්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.

    මෙවන් වූ සුවිශේෂී නීතිමය ආවරණයක් සහිත භූමි ප‍්‍රදේශයක පිහිටි ඉඩම් දේශපාලකයන්ට වුවමනා පරිදි විවිධ පුද්ගලයින්ට හෝ සමාගම් වලට පැවරිය නොහැකි ය. 2000 අංක 53 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 24ඇ සහ 24ඈ වගන්ති වලට අනුව 2007 ජූලි 23 වන දින අංක 1507/9 දරන ගැසට් නිවේදනය යටතේ නකල්ස් පාරිසරික ආරක්ෂක ප‍්‍රදේශයක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති භූමියක ඉඩම් සංවර්ධන කාර්යයන් ස`දහා නිදහස් කළ නොහැකි ය. මෙම ගැසට් නිවේදනයට අනුව නකල්ස් සංරක්ෂිත වනාන්තරයට අයත් රජයේ ඉඩම් හැර ඉතිරි රජයේ ඉඩම් හා පෞද්ගලික ඉඩම් සියල්ල ආවරණය වන පරිදි මෙම පාරිසරික ආරක්ෂක ප‍්‍රදේශය ප‍්‍රකාශයට පත් කර තිබේ. මෙම ප‍්‍රදේශය කළමනාකරණය ස`දහා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින්ගෙන් සැදුම්ලත් නකල්ස් පාරිසරික ආරක්ෂක ප‍්‍රදේශ කළමනාකරණ කමිටුවක් පිහිටුවා තිබේ. එම කමිටු නිර්දේශ වලින් පරිබාහිර ව කිසිදු සංවර්ධන කාර්යයක් මෙම කලාපය තුළ සිදු කළ නොහැකි ය. නමුත් දැනට මෙම ඉඩම් විවිධ පුද්ගලයින්ට බදු පදනම මත ලබා දී ඇත්තේ එවන් කිසිදු අනුමැතියකින් තොරව ය.

    ජාතික පාරිසරික පනතේ 23බ උප වගන්තිය අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව වන සංරක්ෂණ ආඥා පනත යටතේ ප‍්‍රකාශිත සංරක්ෂිත වනාන්තරයක මායිමේ සිට මීටර සියයක් ඇතුළත හෝ පස සංරක්ෂණ පනත යටතේ ප‍්‍රකාශිත ප‍්‍රදේශයක් තුළ යම් සංවර්ධන ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කරන්නේ නම් ඒ ස`දහා පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. එසේ තිබිය දී නකල්ස් සංරක්ෂිත වනාන්තරය මායිමේ හා පස සංරක්ෂණ ප‍්‍රදේශය තුළ පිහිටි ඉඩම් විවිධ පුද්ගලයන් ට හා සමාගම්වල ට විවිධ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම ස`දහා පරිසර බලපෑම් ඇගැයීම් කි‍්‍රයාවලියෙන් තොර ව පැවරීම නීති විරෝධී කි‍්‍රයාවකි. මෙම අණ පනත් පිළිබ`ද ව අවබෝධයක් නොමැති ව මෙම අමාත්‍යවරුන් දෙදෙනා මෙන් ම ඔවුන්ගේ කාර්යය මණ්ඩලය ද කටයුතු කර ඇති බව පෙනෙන්නට තිබේ.


    දුම්බර අඩවිය ආරක්ෂා කර ගැනීමට හා එය අවභාවිතය වැළැක්වීමට පියවර ගත යුතු වන්නේ ඊට ලබා දී ඇති නීතිමය ආවරණය නිසා පමණක් ම නොවේ. එහි පවතින මිල කළ නොහැකි වටිනාකම නිසා ය. මීටර් 760 සිට මීටර් 1900 දක්වා උච්චත්ව පරාසය ඇසුරේ පිහිටි ක`දුවැටිවලින් සමන්විත දුම්බර කඳුකරයේ විවිධ වූ ස්වාභාවික පරිසර පද්ධතීන් හි අධික විවිධත්වයක් දැකගත හැකි වේ. තෙත් කඳුකර වනාන්තර (වළාකුළු වනාන්තර*, කුරු වනාන්තර, තෙත් උප කඳුකර වනාන්තර, අතරමැදි කලාපීය කඳුකර වනාන්තර, වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර, ගංගාශි‍්‍රත වනාන්තර, තෙත් පතන තෘණ බිම්, වියළි පතන තෘණ බිම්, ළඳු කැලෑ බිම් දුම්බර කඳුකරයේ ව්‍යාප්ත ව ඇත.

    දුම්බර අඩවියේ විවිධ වූ පරිසර පද්ධතීන්හි ශාක විවිධත්වය පිළිබඳ ව පුළුල් අධ්‍යයනයක් මේ වන විට සිදු කර නොමැති වුව ද ලෝක සංරක්ෂණ සංගමය මඟින් සිදු කැරුණු අධ්‍යයනයට අනුව කුල 141 කට අයත් සපුෂ්ප ශාක විශේෂ 1033 ක් මේ ප‍්‍රදේශයෙන් හඳුනාගෙන තිබේ. එ් අතුරින් ශාක විශේෂ 160 ක් ලංකාවට ආවේණික වේ. මේ අතර ශාක විශේෂ 225 ක් දැවමය විශේෂ වන අතර, ඉතිරිය පඳුරු හෝ පැළෑටි වෙයි. ලංකාවේ වාර්තා වී ඇති සමස්ත ශාක විශේෂ අතුරින් 27.4‍% ක් පමණ සහ, ලංකාවට ආවේණික ශාක විශේෂ අතුරින් 17.3‍්‍ර ක් පමණ දුම්බර කඳුකරයෙන් වාර්තා වීම මේ වන අඩවියේ සුවිශේෂත්වය යි. මුළු ලොවින් ම දුම්බර අඩවියට පමණක් සීමා වූ ශාක විශේෂ හයක් වෙයි. විශේෂයෙන් කඳුකර තෙත් වනාන්තර, උප කඳුකර තෙත් වනාන්තර හා ගංගාශී‍්‍රත වනාන්තරයන්හි උඩවැඩියා හා මීවන ශාක බහුල ව දැකගත හැකි වේ.

    දුම්බර කඳුකරයේ සත්ත්ව විවිධත්වය පිළිබඳ ව සැලැකීමේ දී පෘෂ්ඨවංශී සත්ත්ව කාණ්ඩ පහ පිළිබඳ ව හා අපෘෂ්ඨවංශී සත්ත්ව කාණ්ඩ වන සමනළයන් හා ගොඩ ගොළුබෙල්ලන් ගේ විවිධත්වය පිළිබඳ ව සැලැකිය යුතු අධ්‍යයනයන් සිදු කර තිබේ. ලෝක සංරක්ෂණ සංගමය, විවිධ පර්යේෂකයන් සහ මේ ලියුම්කරු විසින් ඉහත සත්ත්ව කාණ්ඩ හත පිළිබඳ ව සිදු කළ අධ්‍යයනයන් ගේ දත්ත සම්පිණ්ඩනය කැරුණු විට මෙහි සත්ත්ව විවිධත්වය පිළිබඳ ව මනා අවබෝධයක් ලබාගත හැකි වේ.

    උභයජීවීන්, උරගයන්, මත්ස්‍යයන්, පක්ෂීන්, ක්ෂීරපායින්, සමනළයන් හා ගොඩ ගොළුබෙල්ලන් යන සත්ත්ව කාණ්ඩ හතට අයත් විශේෂ 479 ක් දුම්බර කඳුකරයෙන් වාර්තා වේ. එය ලංකාවේ අභ්‍යන්තර ප‍්‍රදේශයෙන් වාර්තා වන මේ කාණ්ඩ හයට අයත් සත්ත්ව විශේෂ 1294 ප‍්‍රතිශතයක් ලෙස ගත්විට 37‍්‍ර ක් තරම් ඉතා ඉහළ අගයක් ගනී. ලංකාවේ මුළු භූමි ප‍්‍රමාණයෙන් 0.32‍්‍ර ක් පමණ වන දුම්බර කඳුකරයේ මේ තරම් විශාල සත්ත්ව ප‍්‍රජාවක් ජීවත්වීම මේ ප‍්‍රදේශයේ සංරක්ෂණ අවශ්‍යතාව කඩිනම් හා විධිමත් කිරීමට ප‍්‍රධාන හේතුවක් වේ.

    ලංකාවේ අභ්‍යන්තර ප‍්‍රදේශයේ වාර්තා වන පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 813 අතුරින් විශේෂ 272 ක් දුම්බර අඩවියෙන් වාර්තා වී තිබේ. එය 33‍්‍ර ක ඉහළ ප‍්‍රතිශතයකි. ලංකාවට ආවේණික පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 310 අතුරින් විශේෂ 16 ක් ජීවත්වන්නේ දුම්බර කඳුකරයේ පමණකි. නැතහොත් ලංකාවට ආවේණික පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ අතුරින් 5‍්‍ර ක් වාර්තා වන්නේ දුම්බර කඳුකරයෙනි. ලංකාවට ආවේණික පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 310 අතුරින් විශේෂ 91 ක් නකල්ස් කඳුකරයෙන් වාර්තා වන අතර එය 29‍්‍ර ක ඉතා ඉහළ ප‍්‍රතිශතයකි. දුම්බර කඳුකරයේ සුවිශේෂත්වය වන්නේ එහි වාර්තා වන ලංකාවට ආවේණික පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 91 අතුරින් විශේෂ 16 ක් නැතහොත් 18‍්‍ර ක් දුම්බර කඳුකරයට ආවේණික පෘෂ්ඨවංශීන් වීම ය.

    දුම්බර කඳුකරයේ වාර්තා වන උභයජීවීන් අතුරින් විශේෂ අටක් වාර්තා වන්නේ දුම්බර කඳුකරයෙන් පමණි. ඒ විශේෂ රැුකොෆොරිඬේ කුලයට අයත් විශේෂ හතක් සහ ඩික්රොග්ලොසිඬේ කුලයට අයත් එක් විශේෂයක් වශයෙන් වර්ග කළ හැකි ය. රැුකොෆොරිඬේ කුලයට අයත් දුම්බර පඳුරු මැඬියා හොෆ්මාන් ගේ පඳුරු මැඬියා විශාල පාදැති පඳුරු මැඬියා, මුරි ගේ පඳුරු මැඬියා, ස්ටෙයිනර් ගේ පඳුරු මැඬියා ස්ටුවර්ට් ගේ පඳුරු මැඬියා හා හැන්කනයිගේ පඳුරු මැඬියා සහ ඩික්රොග්ලොසිඬේ කුලයට අයත් දුම්බර ගල්පර මැඬියා යන විශේෂ අට දුම්බර කඳුවැටියට ආවේණික වෙයි.

    දුම්බර කඳුවැටියෙන් වාර්තා වන මත්ස්‍ය විශේෂ අතුරින් තුනක් දුම්බර කඳුවැටියට ආවේණික වන අතර තවත් විශේෂ දෙකක් වන ගඩයා හා දුම්බර පෙතියා දුම්බර කඳුකරයට හා ඒ අවටින් පිහිටි මහවැලි ගෙඟ් ප‍්‍රදේශ කිහිපයකින් වාර්තා වේ. දුම්බර කඳුකරයට ම පමණක් ආවේණික මත්ස්‍ය විශේෂ තුන නම් දුම්බර ගල්පා`ඩියා , මල් පෙතියා හෙවත් දන්කුඩු පෙතියා හා දුම්බර කරඇදයා ය. බොහෝ විට දුම්බර පෙතියා දුම්බර කඳුකරයට ආවේණික විශේෂයක් ලෙස විස්තර කළ ද ඒ විශේෂය මහවැලි ගෙඟ් දෙකේ ඇළ දක්වා ම වාර්තා වන බව පර්යේෂණයන් ගෙන් තහවුරු වී තිබේ. මීට අමතර ව තවත් මත්ස්‍ය විශේෂ කිහිපයක් දුම්බර කඳුකරයට ආවේණික විශේෂ බවට ඉදිරියේ දී පත් විය හැකි බව එ් පිළිබඳ ව පර්යේෂණ සිදු කරන විද්වතුන් ගේ විශ්වාසය යි.

    සිවුපා උරගුන් අතුරින් විශේෂ හතරක් හා එක් සර්ප විශේෂයක් දුම්බර අඩවියට ආවේණික වේ. එනම් ඇගමිඬේ කුලයට අයත් කටුසු විශේෂ දෙකක් වන දුම්බර අඟ කටුස්සා හෙවත් පත‍්‍ර අඟ කටුස්සා , දුම්බර කුරු බෝදිලිමා හෙවත් දුම්බර කුරු කටුස්සා, ගෙකොනිඬේ කුලයට අයත් දුම්බර මහ කැලෑ හූනා සින්සිඬේ කුලයට අයත් චතුරාංගලී සර්ප හිකනලා සහ පාංශුවාසී සර්ප විශේෂයක් වන යුරෝපෙල්ටිඬේ කුලයට අයත් ඉරිවකටුල්ලා ය.

    මීට අමතර ව ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 33 අතුරින් 30 ක් ම දුම්බර කඳුකරයෙන් වාර්තා වේ. දුම්බර කඳුකරයේ වාර්තා නොවන්නේ සබරගමු කඳුවැටියෙන් පමණක් වාර්තා වන ආවේණික පක්ෂි විශේෂ තුන පමණකි. ලංකාවට ආවේණික දුර්ලභ පක්ෂි විශේෂ වන මයිලගොයා , ගුරුකොණ්ඩයා, ලංකා අරංගයා ලංකා හම්බු කුරුල්ලා , අ\ුරු නිල් මැසිමාරා හෙවත් කොපි කුරුල්ලා කඳුකර මල් කුරුල්ලා , කැහිබෙල්ලා වැනි පක්ෂීහු රැුසක් දුම්බර කඳුකරයේ විවිධ පරිසර පද්ධතීන්හි ජීවත් වෙති.

    දුම්බර අඩවියේ වාර්තාවන මකුළුවන් පිළිබඳ ව පුළුල් අධ්‍යනයක් සිදුකර නොමැති වුව ද 2000 වසරේ දී විද්‍යාඥයන් විද්‍යා ලොවට හඳුන්වාදුන් ලංකාවට ආවේණික මකුළු විශේෂය වාර්තාවන්නේ දුම්බර අඩවියෙන් පමණි.

    මීට අමතර ව දුම්බර අඩවියේ පමණක් ජීවත් වන ලංකාවට ආවේණික මිරිදිය කකුළු විශේෂ හතරක් ද වේ. මේ ජීවී විශේෂ දුම්බර අඩවියේ අද්විතීය ජෛව උරුමයේ මහා සාධකයන් වේ.
    මෙවන් සුවිශේෂී වූ පරිසර පද්ධති ඇතුළු ව අප රටේ ඉඩම් දේශීය හා විදේශීය සමාගම් වලට මෙන් ම මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට පැවරීම ස`දහා අලූතින් ඉඩම් පනතක් ගෙන ඒමට ද වත්මන් රජය කි‍්‍රයා කරමින් සිටී. රජයේ ඉඩම් බැංකු පනත නමින් මෙම පනත ගෙන එ්මට මේ වන විට සැලැසුම් කර ඇත. වගන්ති 33 කින් සමන්විත මෙම පනත ම`ගින් ඉඩම් බැංකු පිහිටුවීම, රාජ්‍ය බැංකු කොමිෂම පිහිටුවීම හා බලය පැවරීම ඇතුළු ව කොටස් 7 කින් සමන්විත ව මෙම පනත සකස් කර ඇත. මෙම පනතින් බලාපොරොත්තු වන්නේ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් ඇතුළු ව රජයට අයත් ඉඩම් වෙළෙ`දපොළ යාන්ත‍්‍රණයට ඇතුළත් කිරීම ය.

    නව ලිබරල් ආර්ථික සැලැසුම් කි‍්‍රයාත්මක කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත පූර්ණ විවෘත ආර්ථිකයක් ගොඩනැගීමට උත්සාහ දරන වත්මන් රජය අප රටේ සියලූම ස්වාභාවික සම්පත් ඇතුළු ව පොදු දේපොළ විකුණා දැමීමට කි‍්‍රයා කරමින් සිටී. මේ තත්ත්වය නතර කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග කඩිනමින් ගත යුතු අතර රාජ්‍ය ඉඩම් බැංකු පනත සම්පූර්ණයෙන් ම පරාජය කළ යුතු ය. එපමණක් නොව නකල්ස් ක`දුකරයේ පිහිටි ඉඩම් විවිධ සංවර්ධන ව්‍යාපෘති ස`දහා සමාගම් සතු කිරීම වහාම නතර කිරීමට අවශ්‍ය බලපෑම කළ යුතු ය. එපමණක් නොව දැනට මෙරට සිදු වන ඉඩම් අව භාවිතාව හා ඉඩම් කොල්ලය නතර කිරීම ස`දහා ජනතාවාදී සැබෑ ඉඩම් ප‍්‍රතිසංස්කරණයක් සිදු කළ යුතු ය. ඒ ස`දහා ඉඩම් ප‍්‍රතිපත්තියක් සකස් කළ කිරීමට ජනතාව එක් විය යුතු ව ඇත.

     

    සජීව චාමිකර
    ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය

  • රනිලා ඇමතිලට සල්ලි , වාහන දිලා ප්‍රශ්නය යටගහන්න හදනවා –  රාජ්‍ය ඇමති රංගේ බණ්ඩාර

    රනිලා ඇමතිලට සල්ලි , වාහන දිලා ප්‍රශ්නය යටගහන්න හදනවා – රාජ්‍ය ඇමති රංගේ බණ්ඩාර

    “එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිසංවිධානය කරන ලෙස ඉල්ලුවාම තනතුරු වාහන සල්ලි දීලා ප්‍රශ්නය යටගහන්න හදනවා. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කමෙනුත් පක්‍ෂ නායකත්වයෙනුත් ඉවත් කරනතුරු මේ සටන ඉදිරියට ගෙන යනවා” යෑයි රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්‌ඩාර ඊයේ (02 දා) පැවසීය.

    රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කමෙනුත් පක්‍ෂ නායකත්වයෙනුත් ඉවත්ව යායුතුය යන මතයේ මමත් එජාපයේ තවත් මන්ත්‍රීවරුන් කණ්‌ඩායමකුත් සිටිනවා. අපි අපේ මතය කිසිසේත්ම වෙනස්‌ කරන්නේ නැහැ” යෑයිද රංගේ බණ්‌ඩාර වැඩිදුරටත් කියා සිටියේය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කළ විමසීමකදී රංගේ බණ්‌ඩාර මහතා මේ බව කියා සිටියේය. වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද පැවසීය.

    එක්‌සත් ජාතික පක්‍ෂය මේ වන විට ජනතාව අතර දැඩි අප්‍රසාදයට පත්වූ පක්‍ෂයක්‌ වෙලා. ඒකට වගකියන්න ඕනෙ පක්‍ෂ නායකත්වයයි.

    ඒ නිසා තමයි අපි කිව්වේ පක්‍ෂයට ප්‍රතිසංවිධානයක්‌ ඕනේ කියලා. ඒක ඉල්ලුවාම අපිව ගෙන්නලා එක එක තනතුරු, වාහන, සල්ලි දීලා සනසන්න හදනවා.

    මටත් පෞද්ගලිකව හමුවෙන්න කියලා අගමැතිතුමා දැනුම් දුන්නා. ඒත් මට වැඩක්‌ නැහැ. අපිට ඕනේ පෞද්ගලික ප්‍රශ්න විසඳන්න නොවෙයි. පක්‍ෂය ප්‍රතිසංවිධානය නොකර මොන දේ කළත් වැඩක්‌ නැහැ. අපි දිගටම අපේ මතයේ ඉන්නවා. මේ නායකත්වය වෙනස්‌ විය යුතුයි. එහෙම නොවුණොත් එක්‌සත් ජාතික පක්‍ෂයට දෙවියන්ගේම පිහිටයි” යනුවෙන් රංගේ බණ්‌ඩාර වැඩිදුරටත් කියා සිටියේය.

  • තීරණාත්මක රැස්වීමක් සදහා ජනපති මෛත්‍රි හමුවෙන්න අගමැති රනිල් ජනාධිපති නිල නිවසට….

    තීරණාත්මක රැස්වීමක් සදහා ජනපති මෛත්‍රි හමුවෙන්න අගමැති රනිල් ජනාධිපති නිල නිවසට….

    හෙට දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ලක් කර ඡන්ද විමසීමට ගන්නා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව ගැන අවසන් තීරණාත්මක සාකච්චාව මේ වනවිට කොළඹ ජනාධිපති නිල නිවසේදී පැවැත්වේ.

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්චාව සදහා අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ආණ්ඩුවේ තවත් ප‍්‍රබල මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම සහභාගී වෙයි.

    ශ‍්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායමේ ඒකමතික තීරණය අනුව අගමැතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි එම සාකච්චාවේදී අගමැතිවරයාගෙන් ඉල්ලා සිටීමටද නියමිතය.

    විශ්වාසභංගයට පෙරාතුව ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර සිදුවන අවසන් සාකච්චාව මෙය විය හැකි බවද වාර්තා වේ.

    මෙම හමුවෙන් පසු කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිත අතර එය අතිශය උණුසුම් හා තීරනාත්මක එකක් වනු ඇති බවද විශ්වාස කෙරේ.

  • විශ්වාසබංගය පරදවන්න හෙට රනිල් සමඟ නොසිතූ බලවේග එකතු වෙනවා

    විශ්වාසබංගය පරදවන්න හෙට රනිල් සමඟ නොසිතූ බලවේග එකතු වෙනවා

    අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට කිසිවකුත් නොසිතන බලවේග හෙට (04) වනවිට අගමැති සමඟ එක්‌වන බව එක්‌සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය මහලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා පැවැසයි.
     
     2015 දී ලද ජනවරම මෙම විශ්වාසභංගයේදී පරාජය කිරීමට ඉඩනොදෙන අතර එම ජනවරම පරාජය කිරීමට ආණ්‌ඩුවේ සිට උත්සාහ දරන ජනපදනමක්‌ නැති මැති ඇමැතිවරුන්ට එරෙහිව කටයුතු කරන බවත් ඊයේ (2) සිරිකොත පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා කියා සිටි අතර විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂයේ සියලු දේශපාලනඥයන් එක්‌වන බවත් එය ජයග්‍රහණය කරවන බව පැවැසූ ඇතැම් දේශපාලනඥයන්ද අගමැතිට සහාය දීමට සූදානමින් සිටින බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

  • රනිල් රජයේ අැමති ලෙස මේක මගේ අන්තිම කතාව… සජිත් ප්‍රේමදාස කියපු අමුතු කතාව මෙන්න..

    රනිල් රජයේ අැමති ලෙස මේක මගේ අන්තිම කතාව… සජිත් ප්‍රේමදාස කියපු අමුතු කතාව මෙන්න..

    අගමැති රනිල් යටතේ වර්තමාන ආණ්ඩුව විසින් විවෘත කරන අන්තිම උදා ගම්මමානය මෙය විය හැකි යයි නිවාස හා ඉදිකිරිම් ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා උත්සව සභාවක් අමතමින් පැවසීය.

    ඇමතිවරයා මේ බව කියා සිටියේ කුරුණෑගල, මහවල කුඹුක්වැවදී ‘යනදගම’ හා ‘සැළමුතුගම’ උදාගම්මාන විවෘත කිරීමේ උත්සවය අමතමිනි.රනිල් වික්රමසිංග අග්‍රමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට යෝජනා වී ඇති මේ මොහොතේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කිරීම ඉදිරියේ සිදුවන දැවැන්ත දේශපාලන පෙරළියක ඉගියක්  බව අපට හැගේ.

    තව දුරටත් අදහස් පල කරමින් ඇමතිවරයා සදහන් කලේ විශ්වාස භංගයේදි සිදුවන පරිවර්ථනයකින් පසු සමහර විට තමනට වත්මන් ඇමති ධුරයට වඩා රටට සේවයක් කල හැකි තනතුරක් හිමිවනු ඇති බවයි.

  • එජාපය පරදා ජනපති මෙෙත්‍රි – කුපාම මහින්ද සුසංයෝගය එක්ව අගනුවර බලය අල්ලපු හැටි මෙන්න…

    එජාපය පරදා ජනපති මෙෙත්‍රි – කුපාම මහින්ද සුසංයෝගය එක්ව අගනුවර බලය අල්ලපු හැටි මෙන්න…

    ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ නගරාධිපති ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අද (02) හිමි විය.උදෑසන පැවති විවෘත ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 23ක් ලබා ගැනීමත් සමග නගරාධිපති ධූරය හිමි විය.

    එක්සත් ජාතික පක්ෂයට හිමිවූයේ ඡන්ද 11ක් පමණයි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ මුලූ සභික ධුර සංඛ්‍යාව 38ක්. ඉකුත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධුර 18ක් හිමි විය.

    එක්සත් ජාතික පක්ෂයට හිමි වූ සභික ධුර සංඛ්‍යාව 12ක්. එක්සත් ජනතා නිදහස් සන්ධානයට සභික ධුර 05ක් සහ ජනතා විමුක්ති පෙරමුණට සභික ධුරක් 03ක් හිමි විය. අද (02) පැවති ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ඡන්දය ලබාදී නැති බව වාර්තා වේ.

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 05 දෙනාද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කර අතර නගරාධිපති ලෙස මදුර විතානගේ තේරීපත් වූ අතර උප නගරාධිපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රේමලාල් අතුකෝරල තේරීපත් විය.

  • 03 – 04 මහින්ද දානෙකට රට ගියාට රනිල්ට එරෙහිව ඡන්ද 116ක් – ඒකාබද්ධ විපක්ෂය කියයි….

    03 – 04 මහින්ද දානෙකට රට ගියාට රනිල්ට එරෙහිව ඡන්ද 116ක් – ඒකාබද්ධ විපක්ෂය කියයි….

    03 – 04 දෙදින මහින්ද රාජපක්ෂ අතයාවශ්‍ය දානමය කටයුත්තක් සදහා විදේශ ගත වුවද පාර්ලිමේන්තුවේදී විවාද කර ඡන්ද විමසීමකට ලක් කරන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයට පක්‍ෂව මේ වන විට ඡන්ද 116කට වැඩි ස්ථිර වශයෙන්ම ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා මහතා පවසයි.

    ඒ අනුව එම විශ්වාස භංග යෝජනාව ස්ථිර වශයෙන්ම ජයග‍්‍රහණය කරන බවද ඔහු සදහන් කරයි.

  • 04 දින්නත් පැරදුනත් පක්ෂෙන් රනිල් යන්නේ නෑ.. රංගේ බංඩාර හඩමින් කියු කතාව මෙන්න..

    04 දින්නත් පැරදුනත් පක්ෂෙන් රනිල් යන්නේ නෑ.. රංගේ බංඩාර හඩමින් කියු කතාව මෙන්න..

    එක්සත් ජාතික පක්‍ෂය තුල සැලකිය යුතු ප‍්‍රතිසංවිධානයක් හෝ නායකත්වයේ වෙනසක් සිදු නොකරන බව ඊයේ රාත‍්‍රියේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග කරන ලද සාකච්චාව අනුව පෙනී ගිය බව රාජ්‍ය ඇමති පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.

    ඊයේ රාත‍්‍රි 08.30-10.30 කාලයේදී දෙපැයක පමණ සාකච්චාවක් අගමැතිවරයා සමග කරන ලද බවද ඔහු සදහන් කරයි.

    සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පල කර තිබේ.

    04 වැනිදාට කලින් පක්‍ෂය මුළුමනින්ම ප‍්‍රතිසංවිධායනයකට ලක් නොකලහොත් අගමැතිවරයාට එරෙහි විශ්වාස බංගයේදී එක්සත් ජාතික පක්‍ෂයේ 27 දෙනෙකු විරුද්දව ඡන්දය දීම හෝ ඡන්දය වර්ජනය කිරීමක් සිදු කරනු ඇති බවද රාජ්‍ය ඇමතිවරයා මීට පෙර සදහන් කර තිබින.

    මේ අතර, එම රැස්වීම පැවැත්වෙන අතර තුර රනිල්ගේ සමාජ මාධ්‍ය ඒකකය විසින් ප්‍ර‍චාරය කර ඇත්තේ “ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ශ්‍රී ලනිප මනන්ත්‍රීවරුන් සමග මලික් ගේ නිවසේ රහස් සාකච්ඡාවක් පවත්වන බව” යි. එම පණිවුඩය රැස්වීමේ සිටි මන්ත්‍රීවරයෙකුට ලැබී ඇත්තේ රාත්‍රී 10 ට පමණය.