මේ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු, අධ්‍යක්ෂ ජෙනරාල් සුදර්ශන ගුණවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

මේ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු, අධ්‍යක්ෂ ජෙනරාල් සුදර්ශන ගුණවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.


පසුගිය දිනෙක අප වාර්තා කල අන්දමට සීතාවකපුර නගර සභාවේ නගරාධිපතිධුරය ජයග්‍රහණය කිරීමට පොදුජන පෙරමුණේ අපේක්ෂක කේ.ඒ රණවීර සමත්වූයේ බල අරගලයක නිරත වූ එජාපයේ වැඩ බැරි ටාසන්ලා දෙදෙනෙක් වන හිටපු සභාපති පින්තූ සහ හිටපු උප සභාපති හරිස්චන්ද්‍ර යන දෙදෙනා පරාජය කරමිනි..
වැඩිම ඡන්ද ප්‍රතිශතය වාර්තා කල හිටපු එජාප ආසන සංවිධායක උපුල් වීරසිංහ හට සභාපති අපේක්ෂකත්වය වත් ලබා නොදුන් මේ මෝඩ ජෝඩුව සිදුකල දේශපාලන නාඩගමේ අවසාන ප්‍රතිපලය බවට පත්වුයේ කල දුටුකල වල ඉහගන් න්‍යායෙන් කරලියට පැමිණි පොහොට්ටු අපේක්ෂකයා වසර ගණනාවක් එජාපයට බලය හිමිව තිබු සීතාවකපුර නගර සභාවේ බලය හිමිකරගනිමයි…
විශ්වාසකටයුතු ආරංචිමාර්ග තහවුරු කල පරිදි එක් මන්ත්‍රී ඡන්දයක් සදහා ලැබුණු වටිනාකම ලක්ෂ 50 සිට ලක්ෂ 75 දක්වා ඉහලගිය බවත් මුළු ධුර කාලයම බලයේ සිටියත් උපයා ගත නොහැකි එම ධනස්කන්ධය වෙනුවෙන් මන්ත්‍රීවරුන් තමනට රිසි සේ ජනතා පරමාධිපත්‍යය පාවාදෙමින් කටයුතු කල බවත්ය..
කෙසේවෙතත් අප මේ පිලිබදව අවිස්සාවේල්ල හිටපු එජාප සංවිධායක උපුල් වීරසිංහ මහතාගෙන් කල විමසීමකදී ඔහු පවසා සිටියේ තම දේශපාලන අනාගතය විනාශ කිරීම සදහා අවිස්සාවේල්ල ආසනයේ එජාප සංවිධායකවරයා සහ මුල්‍ය හොරකමකට සම්බන්ධව මේ දිනවල කතාබහට ලක්ව සිටින තවත් එජාප ප්‍රබලයෙකුගේ බලපෑම මත සිදුවූ කුමන්ත්‍රණයක අවසාන ප්‍රතිපලය ලෙස සීතාවක බලය පොදුජන පෙරමුණට හිමිවූ වගයි…
අප වාර්තාකරු මේ ප්‍රතිපලය පිලිබදව සීතාවකපුර නගර සභා බල ප්‍රදේශයේ විවිධ තරාතිරමේ පුද්ගලයන්ගෙන් අදහස් විමසීමක් සිදුකල අතර එහිදී බහුතර අදහස බවට පත්වුයේ පසුගියවර තම උපන් ගමේදී රෙදි ගලවාගත් හිටපු උප සභාපති – සභාපති දේපල මුදලට විකිණී පක්ෂය දෙකඩ කර නගර සභාව රන් බන්දේසියක තබා පොහොට්ටුවට ලබාදුන් වගයි…
ජන මාධ්‍ය පුවත වාර්තා කල තිබු අයුරු..
සීතාවකපුර නගර සභාවේ සභාපතිවරයා ලෙස ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ කේ් ඒ රණවීර මන්තී‍්‍රවරයා අද (06) තේරී පත්වුණා. ඒ සභාපතිවරයා තෝරා ගැනීම සඳහා වන විවෘත ඡන්ද විමසීමේදී ඡන්ද 11ක් හිමිකර ගනිමින්.
පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිපල අනුව සීතාවකපුර නගර සභාවේ වැඩි මන්තී‍්‍ර ආසන සංඛ්‍යාවක් හිමිවුණේ එක්සත් ජාතික පක්ෂයටයි. ඔවුන්ට හිමිවූ මන්තී‍්‍රධුර සංඛ්‍යාව 11ක්. ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණට මන්තී‍්‍රධුර 8ක් හිමිවූ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්තී‍්‍රධුර 3ක් සහ ජනතා විමුක්ති පෙරමුණට එක් මන්තී‍්‍රධුරයක් හිමිවුණා.
අද පැවැති ඡන්ද විමසීමේදී සභාපතිධූරය සඳහා තිදෙනෙකු ඉදිරිපත්ව සිටියා. එක්සත් ජාතික පක්ෂයේ මන්ති‍්‍රවරුන් වන ලාල් පිංතු සහ සඳුන් හරිස්චන්ද්‍ර යන දෙදෙනාම ඒ සඳහා තරග වැදීම විශේෂත්වයක්. ඔවුන් දෙදෙනාට ඡන්ද 5 බැගින් හිිමිවුණා.
වෙන්න යන දේ කලින්ම අප වාර්තා කලේ මෙලෙසිනි…
මන්ත්‍රිධුරයක් ලක්ෂ 50යි…. එජාපය දිනු සීතාවකපුර නගරාධිපතිධුරය කළු සල්ලි මතින් තීරණය වන ලකුණු…

පසුගිය 04 වෙනිදා රාත්‍රියේ කොළඹ බේල්බෲක් පෙදෙසේ පිහිටි සිරස ප‍්‍රධාන කාර්යාලයට පැමිණ එහි ප්‍රධාන පිවිසුම් මාර්ගය අවහිර කරමින් හා එම ආයතනයේ මාධ්‍යවේදීන් බියගැන්වෙන ආකාරයෙන් එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසක් කලකහකාරි ලෙස හැසිරීම වෙබ් මාධ්‍යවේදීන් ගේ ජාතික ව්‍යාපාරය තරයේ හෙලා දැක තිබෙනවා.
ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ මාධ්‍ය නිදහස සිය ප්‍රධාන දේශපාලන පොරොන්දුවක් බවට පත් කරගනිමින් බලයට පත් වූ මෙම රජය යටතේ සිදුවන මෙවැනි සිදුවීම් වල ප්‍රමාණත්මකභාවය පිළිබඳව නොව ඒ පසුපස ඇති භයානකම පණිවිඩය දෙස විවෘත මනසකින් යුතුව කටයුතු කිරිම මේ සම්බන්ධයෙන් වගකිව යුතු සියළු පාර්ශවයන්හි වගකීම බවයි.
එසේම සිරස ආයතනයේ මාධ්‍ය භාවිතයේ ඇති අඩුපාඩුකම් නිවැරැදි කිරීමට මෙවන් මර්දනකාරී ක්‍රියා සිදු කිරීමට ඉඩ ලබා නොදිය හැකි බවත් ඒ සඳහා මේ රටේ පවත්නා නීතිය හා මාධ්‍ය නියාමන ප්‍රතිපත්ති ප්‍රමාණාත්මක බවත් එම සංවිධානය පෙන්වා දෙනවා.
වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය,

සිරස මාධ්‍ය සේවකයන් භීතියට පත්කිරීම පිළිකුලින් යුතුව හෙළාදකිමු.
කොළඹ බේල්බෲක් පෙදෙසේ පිහිටි සිරස ප‍්‍රධාන කාර්යාලයට ඊයේ(04) රාත්‍රීයේ පැමිණි පිරිසක් එහි පිවිසුම් මාර්ගය අවහිර කරමින් කලහකාරී ලෙස හැසිරිමත් ඒ හරහා එම ආයතනයේ මාධ්‍ය සේවකයන් භීතියට පත්කිරිමත් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ලෙස අපි දැඩි පිළිකුලින් යුතුව හෙළාදකිමු.
එම ප්‍රහාරය පිළිබඳව සිය ප්‍රවෘත්ති ප්‍රකාශයන් හරහා සිරස ආයතනය අනාවරණය කර සිටියේ අග්‍රාමාත්‍යවරයා ට හා යහපාලන රජයට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය පරාජය වී ටික වේලාවකින් මෙම ප‍්‍රහාරය එල්ල වූ බවත් එක්සත් ජාතික පක්‍ෂ නාගරික මන්ත‍්‍රීවරයෙකු ප‍්‍රහාරය මෙහෙයවූ බවත් ය.
පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමයේ මාධ්‍ය ආයතනයන්ට හා මාධ්‍යවේදින්ට එරෙහිව මෙවැනි සුළු සිද්ධින් ලෙස ආරම්භ වූ මාධ්‍ය මර්දනය පසුව රටේ මාධ්‍යවේදීන් ඝාතනය, මාධ්‍යවේදීන්ට පහර දීම, මරණීය තර්ජන හා මාධ්‍ය ආයතන වලට පහරදීම, ගිනි තැබිම වැනි සිදුවීම් දක්වා ප්‍රසාරණය වූ ආකාරය පැහැදිළි කරන මෑත කාලීන අතීතයක් අප මාධ්‍ය කේෂ්ත්‍රය සතු වනවා මෙන්ම එම අත්දැකීම් මේ රටේ ජනතාවටද අමුතුවෙන් මතක් කර දිය යුතු නොවේ.
එසේ තිබියදී මාධ්‍ය නිදහස සිය ප්‍රධාන දේශපාලන පොරොන්දුවක් බවට පත් කරගනිමින් බලයට පත් වූ මෙම රජය යටතේ සිදුවන මෙවැනි සිදුවීම් වල ප්‍රමාණත්මකභාවය පිළිබඳව නොව ඒ පසුපස ඇති භයානකම පණිවිඩය දෙස විවෘත මනසකින් යුතුව කටයුතු කිරිම මේ සම්බන්ධයෙන් වගකිව යුතු සියළු පාර්ශවයන්හි වගකීම බව අපි තරයේ සඳහන් කරමු.
පසුගිය කාලය තුළ රටේ පැවති දේශපාලන වාතාරණයේදි වගකිව යුතු මාධ්‍යයක් ලෙස සිරස සිය මාධ්‍ය මෙහෙවර ඉටු කළ ආකාරය සම්බන්ධයෙන් බරපතළ විවේචන සමාජය සතුව පවති. එනමුත් මාධ්‍ය නිදහස ගැන 24 පැයේම පාරම්බාමින් සිටින යහපාලකයන්ට සිරස මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් එය විසඳා ගැනිමට හෝ එයට මැදිහත් විමට රටේ නීතිමය රාමුව මෙන්ම මාධ්‍ය සම්බන්ධයෙන් ඇති නිර්ණායක ප්‍රමාණවත් බව අපි තරයේ විස්වාස කරමු. එවන් වාතාවරණයකදී සිරස හරහා සිය දේශපාලන අවශ්‍යතා ඉටු කිරීමට වෑයම් කරන පිරිස මට්ටු කිරීමට ආණ්ඩුව සිය හෙංචයින් ලවා මෙවන් මර්දනකාරී ක්‍රියාවන් සිදු කිරීම අපට අනුමත කළ නොහැකිය.
නමුත් ජාතිවාදය මුවාවෙන් පසුගියදා ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනිමට සමාජ ජාලා අවහිර කිරිම වැනි ක්‍රියාවන් සිදු කරමින් මාධ්‍ය මර්දනය කිරීමට උත්සහ කළ වර්තමාන යහපාලන පාලකයින් මෙවන් ක්‍රියාදාමයන් හරහා උත්සහ කරන්නේ තවදුරටත් මාධ්‍ය මර්දනය කිරීමේ පියවරක් තැබීමට බව අපට හැගි යන අතර මේ රටේ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය හා සාධාරණ විවේචනයක් තුළින් ආණ්ඩුවේ දුර්වලතා පෙන්වා දීමේ අයිතිය අගය කරන මාධ්‍ය සංවිධානයක් වශයෙන් එයට එකඟ විය නොහැකි බවත් අපි අවධාරණය කර සිටින්නෙමු.
දුමිදු දිසානායක
කැඳවුම්කරු
වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය
“සීමා,මායිම් නොමැති වර්තාකරණයේ සමාජ වගකිම් ව්‍යාපාරය”

රථ වාහන වැරදි සඳහා නිර්දේශ කළ රුපියල් 25,000ක දඩ මුදල රුපියල් 3000 දක්වා සංශෝධනය කළ බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කරයි.
ඔහු මේ බව කියා සිටියේ මෝටර් වාහන පනත යටතේ නියෝග 03ක් විවාදයට ගැනීමේ අවස්ථාවට ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී එක්වෙමින් ය.
හඳුනාගත් රථ වාහන වැරදි 33ක් සඳහා ස්ථානීය දඩ මුදල් හඳුන්වාදීමට කටයුතු කරන බව ද ඔහු එහි දී සඳහන් කළේ ය.

ඒ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන් අමාත්‍යවරුන් පිරිසක් ඉල්ලා අස්විය යුතු බවට එජාපයේ මරික්කාර් සිදුකළ ප්‍රකාශය ගැන අප කළ විමසීමකදීය.
“අපි මේ ඉන්නේ ඇමතිකම් දාල යන්න බැරුව නෙවෙයි. අපිට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වන ජනාධිපතිතුමයි කතා කළේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් විදියට මේ ජාතික ආණ්ඩුවේ වගකීම් ගන්න. අපි ඉන්නේ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ. ජනාධිපතිතුමා යන්න කියනවනම් යන්නත් අපි සූදානම්. අපි මෙතන ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ විදියට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළොත් ඇමතිධූරවලින් අපි ඉවත්විය යුතුයි කියල එවිට එය කරන්න අපිට පුළුවන්. අපිට මේ සියල්ල ලැබිල තියෙන්නේ පක්ෂය තුළින්. අපි එදා විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන්නේ හෘද සාක්ෂියට එකඟව ශ්‍රීලංකා නිදහස් පාක්ෂකයෝ විදියටයි.”
මරික්කාර් කියන්නේ අගමැතිගේ තෝල්කයාද? එයා කවුද අපිට යන්න කියන්න? තමන් ඇතුළු පිරිස සිටින්නේ එවන් ස්ථාවරයක බැවින් තැන් තැන්වල නොයෙක් කතා කීමෙන් පලක් නැතැයිද අමාත්‍යවරයා අවධාරණය කරනවා.
කැබිනට් ඇමතිවරුන් 06 දෙනකු සහ සෙසු ඇමතිවරුන් 16 දෙනකු විශ්වාසභංගයට සහය පළ කළා.

මරික්කාර් යනු අදටත් සිරසෙන් පඩිගන්නා එජාප මන්ත්‍රිවරයෙක් බව මුළු ලංකාවම දන්නා සත්‍යයකි.. සිරස වෙනුවෙන් පෙනිසිටිමින් සිරසේ රෙදි හෝදමින් පසුගිය වසර කිහිපය තුල මාධ්‍ය නිදහස ගැන හැකර කටින් දොඩවපු මේ අරුම පුද්ගලයා පසුගිය දිනෙක සිරස ආයතනයට සිදුකළ පහරදීම සදහා තම සමීපතමයන් කිහිප පොළක්ම සහභාගි කරවා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කර ඇත..
මරික්කාර් ඔයා විශ්වාසභංගයෙන් පස්සේ සිරස ඉස්සරහ දාන සද්දේ ගැන බලන්න… ඔයා ආපු තැනනේ… යනුවෙන් එජාප ප්‍රබලයෙක් මරික්කාර් හට උපදෙස් ලබාදී ඇති අතර අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනිමට සිතු කුප්‍රකට මරික්කාර් තම එහෙයියන් යොදා සිරසට දැඩි ප්‍රහාරයක් එල්ල කිරිමට කටයුතු කරන ලද්දේ කන්න දීපු අත හපාකන සුනඛයෙක් ලෙසිනි..
වැල්ලම්පිටිය සේදවත්ත මරදාන ආදි ප්‍රදේශවල තම ආධාරකරුවන් රැසක් මේ පහරදීම සදහා මරික්කාර් විසින් සම්බන්ධ කර ඇති අතර සිරස සිදුකළ කරුණු සොයාබැලීමකදි මේ සියල්ල හෙලිවීමත් සමග රනිල් පන්නන්න ගියපු සිරසෙන් පඩිගන්න මරික්කාර්ගේ නිරුවත සියළුදෙනා වටහාගෙන ඇත..

ඉදිරියේදී පූර්ණ කැබිනට් සංශෝධනයක් සිදු කරනා බවද ජනාධීපතිවරයා වැඩිදුරටත් පැවසුවා.
මේ බව පැවසුවේ ජනාධිපතිවරයා හා මාධ්‍යප්‍රධානීන් අතර අද (06) උදෑසන පැවති හමුවේදීය.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලොබියේ දී සුසිල් සහ සුසන්ත පුංචිනිලමේ මුණගැසුණේය.
“දැන් ඉතින් ආණ්ඩුවේ හිටියා ඇති. දැන්වත් ඇවිත් ඒකාබද්ධ විපක්ෂයට එකතු වෙන්න” මහින්ද සුසිල්ට කීවේය.
“ඒක තමයි සර්. අපි හෙට ජනාධිපතිතුමත් මුණගැහෙනවා. පක්ෂයක් විදියට එකතු වෙලා ගත්තු තීන්දුව එක කට්ටියක් එකතු වෙලා වෙනස් කළේ කොහොමද කියලා අපි එතුමාගෙන් අහනවා” සුසිල් පිළිතුරු දුන්නේය.
විවාදය නිමවා පාර්ලිමේන්තුවෙන් පිටතට එමින් සිටි පියල් නිශාන්තට ආනන්ද අලුත්ගමගේ මුණගැසුණේය.
ආනන්ද පසුගිය දිනවල සිටියේ රනිල් විවේචනය කරමින් විශ්වාසභංග යෝජනාවට සහාය දිය යුතුය යන මතයේය.
එහෙත් ඔහු අවසාන මොහොතේ රනිල්ට පක්ෂව ඡන්දය පාව්චිච කළේය.
සාක්කුවෙන් පන්දහසේ කොළයක් අතට ගත් පියල් “මන්ත්‍රිතුමා මේවටද ඡන්දෙ දුන්නේ?” ඇසුවද ආනන්ද කිසිවක් කීවේ නැත.
විශ්වාසභංග යෝජනාවෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිස මහින්දානන්දගේ නිවසෙහි රැස් ව ඉදිරි කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ.
විශ්වාසභංග යෝජනාව පරාජයට පත් වූවත් ආණ්ඩුවට මෙතෙක් කලක් පාර්ලිමේන්තුවේ තිබුනු තුනෙන් දෙකක බලය අහිමි වීමේ වාසිය සම්බන්ධයෙන් මෙහිදී විශේෂයෙන් අදහස් දැක්විණි.
බ්‍රහස්පතින්දා උදෑසන සුසිල්, එස්බී, සුසන්ත, ඩිලාන් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා මුණගැසීමට ගියහ.
එහිදී ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායක සන්ධානයේ සහ නිදහස් පක්ෂයේ ලේකම් තනතුරුවලින් ඉවත් කරන ලෙසය.
විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවට පක්ෂය විසින් තීන්දුවක් ගෙන තිබිය දී ඡන්දය භාවිත කිරීමෙන් වැලකීමට පිරිසක් ගත් තීන්දුව සම්බන්ධයෙන් මෙහිදී ඔවුන් ජනාධිපතිවරයා හමුවේ අප්‍රසාදය පළ කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන්තමින් හෝ රැකුණේ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ තමන් 16 දෙනා නිසා බවත් ඡන්දය දීමෙන් වැලකුණු පිරිස එසේ කළේ මුදල්වලට කියා ජනතාව විශ්වාස කරන බවත් ඔවුහූ පෙන්වා දුන්හ.
එහිදී ජනාධිපතිවරයා කීවේ විශ්වාසභංගට පක්ෂව ඡන්දය දීමට ගත් තීන්දුව හොඳ බවය.
ජනාධිපතිවරයා මුණගැසී එන ඇමැතිවරුන් පිරිසට මහින්ද සමරසිංහ මුණගැසුණි.
“ඇමැතිතුමා කෝ අපිට නැද්ද හම්බ වෙච්ච එවාගෙන් ගාණක්?” සුසන්ත ඇසුවේය.
“අනේ නිකා ඉන්න. ඔයා විතරයි ඔහොමවත් කතා කළේ. අනෙක් අය අපේ මූණවත් බලන්නේ නැහැ” සමරසිංහ පිළිතුරු දුන්නේය.

ජනපති මෛත්‍රි නියමයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි වී ගොවීන්ට රුපියල් 500 කට සහ අතිරේක භෝග වගාකරුවන්ට රුපියල් 1500කට පොහොර ලබාදීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා..


මෙවර එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කල සීතාවකපුර නගර සභාවේ නගරාධිපතිධුරය පිළිබදව අවසන් තීරණයක් ගැනිමට රවි-කබීර් දෙපළගේ මැදිහත්වීම නිසා එජාප නායක රනිල් වික්‍රමසිංහයන් හට නොහැකි වී අැති බව අපට වාර්තා වේ…
මෙහිදී හිටපු සභාපති වන පිංතු පසුගිය සමයේ මහින්ද රාජපක්ෂ සරණ ගිය අයෙකු වන අතර මෙම මැතිවරණයේදී ඔහු තම අාසනය ජයග්‍රහණය කලේ වැඩි ඡන්ද 18 පමණක් වන අතර අවිස්සාවේල්ල අාසනයේ හිටපු එජාප සංවිධායකවරයා වන උපුල් විරසිංහ මහතා වැඩි ඡන්ද 450කින් පමණ තම කොට්ඨාශය ජයග්‍රහනය කිරීමත් සමගින් අාසන සංවිධායකධුරය තමන්ට අහිමි වේ යැයි බීරන්ත වු ලෙනාඩ් කරුණාරත්න රවි-කබීර් දෙපල සමගින් එක්වෙමින් කළු සල්ලි විසිකරමින් පිංතු නැවත නගරාධිපති පුටුවේ ඉන්දවීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කර අැති බව අපට වාර්තා වේ…
පිංතු යනු තම ගම් ප්‍රදේශයේ දැඩි ලෙස අපවාදයට ලක්වු පුද්ගලයෙක් වන අතර ඔහුට එරෙහිව කැලෑ පත්තර පවා පසුගිය සමයේ ගම පුරා දක්නට ලැබී අැත. වංචා දුෂණ මෙන්ම කන්තාවන් කෙරහි අැලෙන පැණියෙකු වන මොහුගේ මෙම ක්‍රියාවන් නිසා සමස්ත ගම්වාසින් මොහුට එරෙහිව උද්ඝෝෂණ වල නිරතවනු දක්නට ලැබිණි. ඡන්ද 450කින් ජයගත් උපුල් පසෙකට දමා ඡන්ද 18කින් ජයගත් ප්‍රතිපත්තියක් නැති ගෙම්බෙකු නගරාධිපතිධුරයට ඔසවා තැබීමට එජාපය දරන අත්සහය හේතුවෙන් නගර සභාවේ බලය පොහොට්ටුව ඩැහැගැනීමේ තැතක්ද ක්‍රියාත්මක වන බව විශ්වාසකටයුතු අාරංචි මාර්ග තහවුරු කර අැත..
පසුගිය දිනෙක එජාප මන්ත්‍රිවරයෙකුගේ නිවසට ගොඩවු පිංතු උඹට ලක්ෂ 50ක් දෙන්නම් ඡන්දෙදි මට උදවු කරපං.. උපුල් කියන්නේ බලයට එන්නේ නැති එකෙක්.. යනුවෙන් පවසා අැති අතර මේ මුල්‍ය ගණුදෙනු පසුපස ලෙනාඩ්-කබීර්-රවී යන තිදෙනා සිටින බව අපට වාර්තා වේ..
ජනතා පරමාධිපත්‍යය බල්ලට දමා කළු සල්ලි මතින් තම බලු කුක්කන් ලොකු පුටුවලට දැක්කීමේ කාලකණ්නි මෙහයුම පරාජය කිරිමට ජනතාව සමගින් සියළු බලවේග එක්විය යුතු බව අප තරයේ විශ්වාස කරමු..


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 46 කින් පරාජය වුනා. පසුගිය දින කිහිපයේම මෙරට ජනතාවගේ කතාබහට ලක්වුණු විශ්වාස භංගය පරාජය වීමත් සමඟ ඒ ගැන විවිධ අදහස් සමාජ ජාලා හරහාත් ඉතා සීඝ්‍රයෙන් පැතිර ගියා. මේ දවස්වල සමාජ ජාලා වල වැඩියෙන්ම හුවමාරුවන පෝස්ට් එකතුව පහතින්

“අර කෑගහන කෙනාගේ ගෙදර පහුගිය දවස්වල කොල්ලෙක් මැරුණා. දැන් එයා භූතයෛක් වෙලා. ඉල්ලන්නෙම ව්‍යාඝ්‍රලු. සාමාන්‍යෙයන් භූතයො ඉල්ලන්නේ කරවල නේ. නිකං කෑගහලා මගෙන් අහගන්න එපා.” යැයි අද පාර්ලිමේන්තුවේ විස්වාසභංග විවාදයට එක්වෙමින් අමාත්‍ය සරත් ෆොන්සේකා සිය කතාව කරමින් සිටියදි එයට බාදා කල විමල් විරවංශට දැඩි ලෙස චොදනා කර සිටියා.
අප පසුගිය මාර්තු 22 වැනිදා විමල්ගේ ගෙදර හොල්මන ගැන අනාවරණය කර සිටියා…….
විමල්ගේ නිවසේ මරණයට පත්වු ජනිත් මිනිස් බිල්ලක් ඉල්ලා හොල්මන් කරයි… යකදුරු සහය ඇමති සාගලගෙන් … ආත්මයක් නිකන් කාගෙන්වත් පලිගන්න නෑ … ජනිත්ගේ මව….
~~අමාත්‍ය සරත් ෆොන්සේකා ~~
අර කෑගහන කෙනාගේ ගෙදර පහුගිය දවස්වල කොල්ලෙක් මැරුණා. දැන් එයා භූතයෛක් වෙලා. ඉල්ලන්නෙම ව්‍යාඝ්‍රලු. සාමාන්‍යෙයන් භූතයො ඉල්ලන්නේ කරවල නේ. නිකං කෑගහලා මගෙන් අහගන්න එපා. අතීතය සිද්ධවෙච්ච දේවල් එක්ක සන්සන්දනය කරෝතින් මහේන්ද්‍රන්ව උපදේශ කෙනෙක් කරපු එකේ කිසිම වරදක් නෑ. ඒකාලේ ආර්ථිකේ මෙහෙයවූයේ පි.බී. එයාට විරුද්ධන නඩුවක් තිබුණ.
ඒකෙන් එයාව අයින් කලා. පස්සේ මහින්ද එයාව උපදේශක කෙනෙක් කියලා පත් කළා. ඒනිසා අගමැතිතුමා මහේන්ද්‍රන්ව එහෙම පත්කරපු එකේ කිසි වැරැද්දක් නෑ. මේ විශ්වාසභංගයෙන් අපි තවත් ශක්තිමත් වුණා. අපි දිනුවත් දිනුම්. පැරදුණත් දිනුම්. මේක ගිහින් අර භූතයට කියන්න. ඒකාලේ මුදල් අවභාවිතා කරපු හැටි මං ගාව
ලැයිස්තුවක් තියෙනවා. ඒවා තියාගෙන මේ බිලියන 10ක් ගැන කතාකරන එක මට තේරෙන්නෑ. ගෝඨාභය බිලියන 11ක් හොරකම් කලා ඇවන්ගාඩ් එකෙන්. ඒකාලේ ඒ පාලකයාට විරුද්ධව දෝෂාභියෝග ගෙනාවේ නෑ. එහෙනම් කද තියෙයි නිල්වලා ගගේ. ග්‍රීඩ බොන්ඩ් කියලා එකක් තිබුණා. ලෝකේ කිසි කෙනෙක් ගිහින් ඒකේ සල්ලි දැම්මේ නෑ. කබ්රාල්ලා ඒකේ මිලියන 7ක් දැම්මා. ඒ සල්ලි ජනතාවට නැතිවුණා. අර බෙල්ල වටේ රතුපාට මාලේ දාගෙන ඉන්න කෙනා නෑ මෙතන.
උපුටනය: ලංකා ලීක්ස්.නෙට්

නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලට එරෙහිව වහාම විශ්වාසභංගයක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තුව තුලදී ස්වාධීනව කටයුතු කිරීම නියෝජ්‍ය කතානායකගේ වගකීම වුවත් ඔහු අගමැතිවරයාට හා ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂ ගෙන ආ විශ්වාසභංගයේදී මුළුමනින්ම පක්ෂග්‍රාහීව කටයුතු කල බවයි එජාපය පවසන්නේ.
එහෙයින් නියෝජ්‍ය කතානායකවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන බව එජාප මන්ත්‍රීවරුන් අවධාරණය කරනවා.
කෙසේ වෙතත් ඊයේ පැවති විශ්වාසභංග විවාදයේදී අදහස් දැක්වූ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල පැවසුවේ, තම කණ්ඩායම විශ්වාසභංගයට පක්ෂවීමට තීරණය කලේ ශ්‍රීලනිප සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් අනුව බවයි.
මේ අතර තිලංග සුමතිපාල සහ නවීන් දිසානායක යන දෙදෙනා ඊයේ රාත්‍රියේ පාර්ලිමේන්තුවේ දී ගැටුණු බව අප මීට පෙර වාර්තා කළා.
මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල විසින් පොලිසියට පැමිණිල්ලක් ද කර ඇති බවයි අද දිනයේ වාර්තා වන්නේ.
ඊයේ පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනා විවාදය අවසන්වී තමා පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටව එද්දී ඇමති නවීන් දිසානායක තමාට බැණවැදී තර්ජනය කළ බවත් පසුව පහරදෙන්නට ආ බවත් දක්වමින් ඔහු මෙම පැමිණිල්ල කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී කරුණු දැක්වීමට බලාපොරොත්තුවන බවත් එය කතානායකවරයාටද දන්වා ඇති බවත් ඔහු පවසනවා.