Category: සුපිරි Politics

  • අළු යට ගිනි ඇවිලි එජාප ඇමති නවීන් සහ ශ්‍රිලනිප තිලංග අතර ගැටුමක්….

    අළු යට ගිනි ඇවිලි එජාප ඇමති නවීන් සහ ශ්‍රිලනිප තිලංග අතර ගැටුමක්….

    අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය පිළිබඳ ඡන්ද විමසීමෙන් පසු අමාත්‍ය නවීන් දිසානායක සමග ඊයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අද (05) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී ද කරුණු දක්වන බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල පවසයි. තමන් මේ සම්බන්ධයෙන් කතානායකවරයාට ද පැමිණිලි කළ බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල කියා සිටී.

    අමාත්‍ය නවීන් දිසානායක හා නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල අතර මෙම ගැටුම ඇතිවී තිබෙන්නේ පාර්ලිමේන්තු පුස්තකාල පරිශ‍්‍රය අසලදී ය.

  • විමල්, ගම්මන්පිල, ඩලස් Bite වෙයි… විස්වාසභංග විවාදය අස්සේ බැසිල් පෙරමුණෙන් “Bite Call”

    විමල්, ගම්මන්පිල, ඩලස් Bite වෙයි… විස්වාසභංග විවාදය අස්සේ බැසිල් පෙරමුණෙන් “Bite Call”

    රනිල්ට එරෙහි විස්වාසභංග විවාදය අතරතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ බැසිල් රාජපක්ෂ මහතා නියෝජනය කරන පාර්ශවය එම කණ්ඩායමේම තවත් මන්ත්‍රීවරුන් පිරිසකට දුරකථන ඇමතුම් ලබා දෙමින් ඒ අය දේශපාලන වශයෙන් හාස්‍යට ලක් කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂ “ලොබිය” උණුසුම් වී එකම ගාලගෝට්ටියක් බවට පත්ව තිබු බව පාර්ලිමේන්තුවේ විශේෂ වාර්තාකරුවෙකු සදහන් කළා.

    මේ “Bite Call” ලැබි ඇත්තේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ,පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල,මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන්ටය.

    බැසිල් රාජපක්ෂ පාර්ශවයේ මන්ත්‍රීවරුන් මේ අයට දුරකථන ඇමතුම් ලබා දී අසන්නේ “ආ…මන්ත්‍රීතුමා,ඔයාට දැන් සතුටියි ද ? කෝ..විශ්වාස භංගය දිනන්න Numbers තියෙනවා ද ? එකනේ අපි කිව්වේ.දැන් ඉතිං සනීපයි නේ..” යනුවෙනි.

    මේ තත්ත්වයට හේතුවී තිබෙන්නේ පාර්ලිමේන්තුවේ සංයුතිය ද බල තුලනයේ ස්වභාවය ද එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර තත්ත්වයන් ද ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු සුළු දේශපාලන පක්ෂ ක්‍රියා කළ හැකි ආකාරය ද අනුව මේ මොහොතේ මේ විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් නොකළ යුතු බවට බැසිල් රාජපක්ෂ මහතා ප්‍රධාන කණ්ඩායම තරයේ කියා සිටිද්දී ඊට එරෙහිව විමල් වීරවංශලා මේ විශ්වාස භංග යෝජනාව කෙසේ හෝ ඉදිරිපත් කිරීමට ක්‍රියා කිරීමත් එම විශ්වාස භංගයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ජය ගත හැකි තත්ත්වයක් මේ වන විට නිර්මාණය වී තිබීමත් මතය.

    මුල සිටම බැසිල් රාජපක්ෂ මහතාගේ සහ ඔහුගේ කණ්ඩායමේ ස්ථාවරය වූයේ මේ විශ්වාස භංග යෝජනාව මගින් සිදු වන්නේ පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය ලබා ගත් ජයග්‍රහණය යට යන අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නියත ලෙස පරාජයට පත් කිරීමට නොහැකි වුණොත් ඔහුත් එක්සත් ජාතික පක්ෂයත් තව තවත් ශක්තිමත් වන බවය.

  • සම්මුතිවාදය සහ ඇමති කට්ට බේරගන්න රනිල් වෙනුවෙන් ශ්‍රිලනිපෙන් සහාය දුන් කණ්ඩායම මෙන්න

    සම්මුතිවාදය සහ ඇමති කට්ට බේරගන්න රනිල් වෙනුවෙන් ශ්‍රිලනිපෙන් සහාය දුන් කණ්ඩායම මෙන්න

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පැවැති විශ්වාසභංග ඡන්ද විමසීම ජයග්‍රහණය කිරිමට හේතූ වූයේ ශ්‍රිලනිපයෙ මෛත්‍රී පිළ ඡන්දය දීමෙන් වැලකීමට ගත් තීරණය නිසාවෙනි.

    කොටසක් ඒකාබද්ධ විපක්ෂයට සහාය දෙනු ලැබූ අතර තවත් කොටසක් ඡන්දය ප්‍රකාශ කිරිමෙන් වැලකී සිටිම මගින් මෙලෙස අග්‍රාමාත්‍යවරයාට සහාය පල කරේ රනිල් වික්‍රමසිංහ සමග තවදුරටත් ආණ්ඩුව ගෙන යාමට ජනාධිපතිවරයාගේ ඇති කැමැත්ත අනූව බව දේශපාලන ආරංචි මාර්ග පවසා සිටී.

    ඡන්දය දිමෙන් වැලකී සිටිමෙන් අග්‍රාමාත්‍යවරයාට සහාය පල කර කණ්ඩායම පහතින්

    1 මහින්ද අමරවීර, 02 නිමල් සිරිපාල ද සිල්වා, 03 දුමින්ද දිසානායක, 04 මහින්ද සමරසිංහ , 05 විජයමුණි සොයිසා 06 සරත් අමුණුගම 07 රංජිත් සියබලපිටිය 08 පියසේන ගමගේ, 09 නිශාන්ත මුතුහෙට්ටිගම 10 , ඒ. එච්. එම් ෆවුසි, 11 මොහාන් ලාල් ග්‍රේරු, 12 ශ්‍රියානි විජේවික්‍රම 13 මනුෂ නානායක්කාර, 14 ලසන්ත අලගියවන්න, 15 සාරතී දුෂ්මන්ත, 16එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා, 17 ආරුමුගම් තොණ්ඩමන්, 18 වීරකුමාර දිසානායක 19 මලිත් ජයතිලක 20 ලක්ෂ්මන් සෙනෙවිරත්න, 21 ඉන්දික බණ්ඩාරනායක, 22 මුත්තු සිවලිංගම් 23 අංගජන් රාමනාදන් 24 කාදර් මස්තාන් 25 අතුරුලියේ රතන හිමි

  • අලුත් ආණ්ඩුවක් ගැන රාජිත කියද්දි ඇමති මාරුවක් හෝ ඉවත් කිරිමක් නැති බව ශ්‍රිලනිපය කියයි…

    අලුත් ආණ්ඩුවක් ගැන රාජිත කියද්දි ඇමති මාරුවක් හෝ ඉවත් කිරිමක් නැති බව ශ්‍රිලනිපය කියයි…

    යහපාලන ආණ්‌ඩුවේ අලුත්ම කැබිනට්‌ මණ්‌ඩලය ලබන සඳුදා (09 වැනිදා) දිවුරුම් දෙන බව සම කැබිනට්‌ ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    ආණ්‌ඩු පක්‌ෂයේ මැති ඇමැතිවරුන් අතරින් විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය නොදුන් කිසිවකුට තවදුරටත් ආණ්‌ඩු පක්‌ෂයේ කටයුතු කළ නොහැකි බව ඇමැතිවරයා සඳහන් කළේය.

    විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළ හෝ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි ඇමැතිවරුන්ට මෙන්ම විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ මැති ඇමැතිවරුන්ට ද තවදුරටත් සදාචාරාත්මකව ආණ්‌ඩුවේ සිටිය නොහැකි බව ඇමැතිවරයා පැවසීය.

     

    හෙතෙම මේ බැව් පැවසුවේ ඊයේ (04) පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර අංක 01 හි දී පැවති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

    මේ අතර විශ්වාස භංගයේදී ආණ්ඩුවට එරෙහිව ඡන්දය භාවිත කළ ඇමැතිවරුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත්  කිරිමේ කිසිදු සුදානමක් නොමැති බව ශ්‍රිලනිප ප්‍රබලයෙක් අප කළ විමසීමකදි පැවසීය…. 

     

  • අමාත්‍ය කබීර් හශීම් එජාප මහලේකම් කම අතහරී

    අමාත්‍ය කබීර් හශීම් එජාප මහලේකම් කම අතහරී

    එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ලෙස කටයුතු කළ අමාත්‍ය කබීර් හෂීම් මහතා එම තනතුරින් ඉවත් වී ඇති අතර එක්සත් ජාතික පක්ෂයට නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමට අවස්ථාව ලබාදෙමින් ඔහු සිය තනතුරින් මෙසේ ඉල්ලා අස්වී ඇත.

  • සිරස මුලස්ථානයට මල පැනපු සමනල වංශික එජාප ආධාරකරුවන්ගෙන් දරුණු ප්‍රහාරයක්…

    සිරස මුලස්ථානයට මල පැනපු සමනල වංශික එජාප ආධාරකරුවන්ගෙන් දරුණු ප්‍රහාරයක්…

    විශ්වාසභංගයෙන් රනිල් ජය ලබා පැය කිහිපයක් ඉක්මයද්දී  සිරස මුලස්ථානයට මිට සුළු මොහොතකට පෙර ප්‍රහාරයක් එල්ල වී ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග තහවුරු කර ඇත..

    මෙහිදී ගැහැනුන් මෙන් හැසිරෙන පිරිමින් කොට්ටාශයක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බවට අපට ලැබෙන තොරතුරු සනාථ කර ඇත…

  • අපිට කුණු බිත්තර ගහලා පොලු පාරවල් කාලා ඔළු පලාගන්න හදාගන්න එපා – මහින්දානන්ද කියයි

    අපිට කුණු බිත්තර ගහලා පොලු පාරවල් කාලා ඔළු පලාගන්න හදාගන්න එපා – මහින්දානන්ද කියයි

    විශ්වාසභංගය ජයගතහොත් කොළඹ නගරය පුරා ඇලවීමට එක්සත් ජාතික පක්ෂය විසින් පෝස්ටරයක් සකස් කර ඇති බව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සඳහන් කළා.

    විශ්වාසභංග විවාදයට එක් වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ විශ්වාසභංග ජයග්‍රහණය වෙනුවෙන් මාධ්‍ය ඔස්සේ පළ කිරීමට ගීතයක් ද නිර්මාණය කර ඇති බවයි.

    එමෙන්ම අද රාත්‍රියේ විශ්වාසභංග ඡන්ද විමසීම නිම වී පිටව යන අතරතුරේ දී එජාපය විසින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හට කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමට ද සියළු කටයුතු සූදානම් කර ඇති බව තමන්ට තොරතුරු ලැබි අැති බවත් යම් හෙයකින් එසේ වුවහොත් ඔවුනට පොලු පහර දෙන්නට තම කණ්ඩායම සුදානම් ඔහු සඳහන් කළා.

  • රංගේ බංඩාර හා වසන්ත ගිය මග යමින් රතන හිමිත් තිරණය වෙනස් කරයි… අැත්ත මෙන්න…

    රංගේ බංඩාර හා වසන්ත ගිය මග යමින් රතන හිමිත් තිරණය වෙනස් කරයි… අැත්ත මෙන්න…

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මේ වන විට පාර්ලිමේන්තුවේ විවාද වෙමින් පවතින විශ්වාසභංග යෝජනාවට ඡන්දය දීමෙන් වැලකී සිටීමට තමන් තීරණය කළ බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

    පාර්ලිමේන්තු විවාදයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රතන හිමියන් මේ බව ප්‍රකාශ කළා.

    මීට පෙර උන්වහන්සේ සඳහන් කළේ විශ්වාසභංගයට පක්ෂව සිය ඡන්දය භාවිත කරන බවයි.

    “යම්කිසි භික්ෂුවකට හොරකමක් කිරීමට හෝ හොරකමකට උදවු කිරීමට හෝ හොරකම අනුමත කිරීම හෝ පාරාජිකාව (සිල්වත් භික්‌ෂුන් සමග සමාන වාසයට සුදුසු නැති) වීමට හේතුවක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් මට ස්ථාවර නිගමනයකට ඇවිල්ලා ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ නොහැකියාවක් තියෙන බව මම ස්ථීරවම කියන්න ඕනේ. ඊළඟට මම කල්පනා කළේ විශ්වාසභංගය වැරදියි කියලා ඡන්දෙ දෙන්න මට පුළුවන්කමක් නෑ”

  • විවාද අස්සේ රංගේ සහ වසන්ත විශේෂ මාධ්‍ය හමුවක… සජිවි විකාශය මෙන්න….

    විවාද අස්සේ රංගේ සහ වසන්ත විශේෂ මාධ්‍ය හමුවක… සජිවි විකාශය මෙන්න….

    https://www.facebook.com/NewsfirstSL/videos/1900067073386875/

    තමන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයෛ් මන්ත්‍රීවරු 28 දෙනෙකු විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය භාවිත කරන බව එජාප රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටී.

    ජන්ද විමසීම අද රාත්‍රී 9.30ට පැවැත්වෙනු ඇත.

  • ජවිපෙ රනිල් එලවන්න එක්වෙද්දී දෙබිඩි මහින්දගේ ඒකාබද්ධය විශ්වාසභංගය ඉවත්කර ගැනීමේ සූදානමක…

    ජවිපෙ රනිල් එලවන්න එක්වෙද්දී දෙබිඩි මහින්දගේ ඒකාබද්ධය විශ්වාසභංගය ඉවත්කර ගැනීමේ සූදානමක…

    අද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විශ්වාසභංග විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීමකට යෑමෙන් තොරව විශ්වාසභංග යෝජනාව ඉවත්කර ගැනීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

    විශ්වාසංභංග යෝජනාවලිය රනිල් වික්‍රමසිංහ පාර්ශවය ජයග්‍රහනය කරනු ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග ඡන්ද විමසීමට සහභාගී නොවීමට ගෙන ඇති තීරණයත් සලකා බැලීමෙන් පසු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් මෙම තීරණයට එළඹ ඇත.

    මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවේ දී ජනතා විමුක්ති පෙරමුණ එයට පක්ෂව ඡන්දය භාවිත කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක ප්‍රකාශ කළා.

    ඒ මීට මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ දැන් පැවැත්වෙන විශ්වාසභංග විවාදයට එක්වෙමින්.

    ඒ අනුව අද රාත්‍රියේ පැවැත්වෙන ඡන්ද විමසීමේ දී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 6 දෙනා අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව සිය ඡන්දය ප්‍රකාශකරනු ඇති.

  • තනතුර රැකගන්න අගමැති රනිල් එකඟ වූ ටීඑන්ඒ කොන්දේසි මෙන්න – මහා පාවාදීම කරලියට…

    තනතුර රැකගන්න අගමැති රනිල් එකඟ වූ ටීඑන්ඒ කොන්දේසි මෙන්න – මහා පාවාදීම කරලියට…

    (ලංකා ඊ නිව්ස් 2018.අප්‍රේල්.04, ප.ව.2.45) දෙමළ ජාතික සන්ධානය විශ්වාස භංග යෝජනාවේදී අග්‍රාමාත්‍යවරයාට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සදහා කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කළ බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පැවසීය.

    එම යෝජනා ඉදිරිපත් කරණ ලද අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා විසින් ඇතැම් යෝජනා පිළිගැනීමට අකැමති වූ අවස්ථාවේදී එම සාකච්ඡාවට සහභාගි වී සිටි දෙමළ ජාතික සන්ධානයේ බොහෝ මන්ත්‍රීවරුන්ගෙන් උණුසුම් වචන පවා හුවමාරු වී දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගත් බව ද සෙල්වම් අඩෙය්කලනාදන් මන්ත්‍රීවරයා පැවසීය.

    අග්‍රාමාත්‍යවරයා විසින් දෙමළ ජාතික සන්ධානයට ඉටු කිරීමට පොරොන්දු වී ඇති දේ මෙසේය.

    *උතුරු නැගෙනහිර ප්‍රශ්නයට කඩිනමින් දේශපාලන විසදුමක් ලබා දීම,
    *මීළග මැතිවරණයකට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කරගැනීම,
    *යුද හමුදාව විසින් පරිහරණය කරණු ලබන උතුරු නැගෙනහිර වැසියන්ගේ ඉඩම් සියල්ල ආපසු ලබාදීම,
    *මනුෂ්‍ය ඝාතන සිදුකළ ඒල්ටීටීඊ සමාජිකයන් දේශපාලන සිරකරුවන් සියළු දෙනාම පොදු සමාවක් යටතේ නිදහස් කිරීම,
    *යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබදව සොයා බැලීම හා ඔවුන්ගේ පවුල්වලට සාධාරණය ඉටු කිරීම, 
    *උතුරු නැගෙනහිර ජනතාවගේ අයිතිවාසිකම් සුර්ක්ෂිත කිරීම,
    *එම පළාතේ තරුණ තරුණියන්ට සුදුසු රැකියා ලබාදීම,
    *උතුරු නැගෙනහිර පළාත්වල රැකියා ලබා දීමේදී එම පළාත්වල සුදුසුකම් ඇති පිරිස් සිටියදී දකුණේ පිරිස් වලට උතුරු හා නැගෙනහිර පළාත්වල රැකියා ලබාදීම නතර කිරීම,
    *උතුරු නැගෙනහිර ප්‍රධාන දිස්ත්‍රික්ක අට සදහා දිස්ත්‍රික් ලේකම්වරුන් පත් කිරීමේදී හිටපු ත්‍රස්ථවාදි නායකයින් සමග කටයුතු කළ දෙමළ ජාතිකයින් පත් කිරීම,
    *උතුරු නැගෙනහිර කටයුතු කිරීමේදී එම පළාත් සභා දෙකේ සිටින පිරිසේ මතයන්ට ගරුකිරීමද එම පළාත් සභාවල ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වය ලබාදීමද සිදුවිය යුතුය.

  • ජයග්‍රහණයේ පෙර නිමිති පහල වීමත් සමගින් රනිල් ප්‍රතිසංවිධාන අකුලයි… හෙට සිට පළිගැනීම් පමණයි..(Exclusive)

    ජයග්‍රහණයේ පෙර නිමිති පහල වීමත් සමගින් රනිල් ප්‍රතිසංවිධාන අකුලයි… හෙට සිට පළිගැනීම් පමණයි..(Exclusive)

    තමන්ට එරෙහි විශ්වාසභංගයේදී තමන්ට වාසිදායක තත්වයක් නිර්මාණය වීමත් සමගින් එජාප නායක රනිල් වික්‍රමසිංහයන්ගේ ගජ මිතුරු කල්ලිය විශ්වාසභංගයේදී රනිල්ට එරෙහි එජාප කණ්ඩායමට ප්‍රහාර එල්ල කිරීම දැනටමත් අාරම්භ කර අැති බව විශ්වාස කටයුතු අාරංචි මාර්ග තහවුරු කර අැත.

    රනිල් වික්‍රමසිංහයන්ට එරෙහි එජාප මන්ත්‍රිවරුන්ට සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට දිගින් දිගටම දුරකථනයෙන් තර්ජන කරමින් ඔවුනගේ ඡන්දය වලක්වාලීම රනිල්ගේ ගජමිතුරු කල්ලියේ එ්කායන අරමුණ බවට පත්ව අැත…

    විශ්වාසකටයුතු අාරංචි මාර්ග තහවුරු කරන පරිදි රනිල්ට එරෙහිව දැඩි සටනක් ගෙන යන එජාප මන්ත්‍රිවරයෙකුගේ කාර්යය මණ්ඩල ප්‍රධානියා අැමතු ගජ මිතුරු කල්ලියේ සාමාජිකයෙක් අද 10න් පස්සේ තොපිට අැපත් නෑ… ප්‍රතිසංවිධාන නෙමෙයි තොපිලට අපි කරන දේ බලාගනිවු… පාක්ෂිකයා කරන දේවල් අපිට අදාල නෑ.. හැබැයි නායකතුමාට විරුද්ධ වෙච්ච තොපේ ගෙවල්වත් අපි තියන්නේ නැතැයි පවසා අැත.

     

  • අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි…

    අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි…

    උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නැකැත් සීට්ටුව සාම්ප‍්‍රදායික චාරිත‍්‍රානුකූල ව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන වෙත පිළිගැන්වීම අද (04) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.

    අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්. බී. නාවින්න අතින් ජනාධිපතිවරයා වෙත චිරාගත පිළිවෙත් පරිදි නැකැත් සීට්ටුව පිළිගන්වා තිබේ.

    අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම හා ආහාර අනුභවය, හිසතෙල් ගෑම මෙන්ම නව වසරේ රැකී රක්ෂා සඳහා පිටත්ව යාම ආදී නැකැත් චාරිත‍්‍ර නැකැත් සීට්ටුවට ඇතුළත් ය.

  • අගමැති රනිල්ව පන්නනවා –  රතන හිමි ඇතුළු එජාප මන්ත්‍රීන් රනිල්ට විරුද්ධව සටන් බිමට…

    අගමැති රනිල්ව පන්නනවා – රතන හිමි ඇතුළු එජාප මන්ත්‍රීන් රනිල්ට විරුද්ධව සටන් බිමට…

    අද දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගනු ලබන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයට පක්ෂව තමන් වහන්සේ ඡන්දය ප‍්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

    තමන් වහන්සේ සමග එජාපයේ තවත් මන්ත‍්‍රී කණ්ඩායමක්ද විශ්වස භංග යෝජනාවට පක්‍ෂව ඡුන්දය දෙන බවද උන් වහන්සේ සදහන් කරති.

    තමන් වහන්සේ සමග මේ ගැන එජාපයේ බොහෝ පිරිසක් සාකච්ඡා කල බවත් එහි ප‍්‍රතිඵලය ලෙස මෙසේ තීන්දු කර ඇතැයිදද රතන හිමියෝ කියා සිටිති.

  • විශ්වාසභංග විවාදය – සජීවී විකාශය (LIVE)

    විශ්වාසභංග විවාදය – සජීවී විකාශය (LIVE)

    https://www.facebook.com/NewsfirstSL/videos/1899650393428543/

     

    https://www.facebook.com/english.asianmirror/videos/2040659849296267/

    https://www.facebook.com/HiruNewsLive2/videos/240854116485125/

    https://www.facebook.com/english.asianmirror/videos/2040659849296267/

  • “ෆවුසිට පිස්සු.. විශ්වාසභංග යෝජනාවට පක්ෂව ශ්‍රිලනිපය ඡන්දය භාවිත කරනවා “- ලක්ෂ්මන් යාපා

    “ෆවුසිට පිස්සු.. විශ්වාසභංග යෝජනාවට පක්ෂව ශ්‍රිලනිපය ඡන්දය භාවිත කරනවා “- ලක්ෂ්මන් යාපා

    ඒ.ච්.එම්. ෆවුසි රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවත්, විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවත් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

    ඔහු මේ අදහස් පළ කළේ, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ය.

    මේ අතර අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ද පැවසුවේ, විශ්වාසභංග යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය භාවිත කරන බව ය.

    මහින්ද අමරවීර මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 30 දෙනෙකු පමණ සහභාගී වූ ඩිලාන් පෙරේරා මහතා පවසයි.

    එහි බහුතරයේ තීරණය වූයේ, විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීම බව ඩිලාන් පෙරේරා මහතා කියා සිටියේ ය.

    ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේ, මෙම රැස්වීම සඳහා ඒ.ච්.එම්. ෆවුසි මහතා සහභාගී නොවූ බව ය.