Category: සුපිරි Politics

  • සැබෑවටම ‘වහලුන්’ කවුද ..? ඇත්ත දැනගන්න… කියවන්න… විග්‍රහය මෙන්න…

    සැබෑවටම ‘වහලුන්’ කවුද ..? ඇත්ත දැනගන්න… කියවන්න… විග්‍රහය මෙන්න…

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයෙන් ටික කලකට පසුව ‘වහලුන් හා නිදහස‘ පිළිබඳ ප්‍ර‍සිද්ධ ප්‍ර‍කාශ කළේය. එදා පටන් එජාපය ද, ජවිපෙ ද, සිවිල් ක්‍රියාකාරිකයින් ද, මහින්දවාදීන්ට විශේෂණයක් යෙදුවේ ‘වහල්ලු‘ කියා ය.

    ‘ශ්‍රීලනිප‘ පාක්ෂිකයින්ෙ නොඑසේනම්, වඩාත් නිවැරදිව ‘මහින්ද හිතවාදීන්‘ යනු මානසික වහලුන් බව මේ කථාවේ තේරුමය.

    ශ්‍රීලනිප ය වහල් පක්ෂයක් ද?

    වහලුන් යැයි කියන ශ්‍රීලනිප 1994 සිට අද දක්වා අවස්ථා 4 ක දී, තම පක්ෂ නායකත්වය වෙනස් කරගෙන ඇත. සිරිමාවෝ බණ්ඩාරනායක, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යුග ලෙස එම පක්ෂය පරිනාමය වී ඇත. 2015 දී වෙනස් වූ දේශපාලන තත්ත්වය යටතේ වර්තමානය වනවිට ‘පොහොට්ටුව‘ බවට පත් විය. දැන් එම පක්ෂයේ නිල නායකයා ජී.එල්.පීරිස් ය. උත්තරීතර නායකයා බැසිල් රාජපක්ෂ ය.

    පළාත් පාලන ඡන්දයේ ප්‍ර‍ගතියක් ලැබූ ජවිපෙ ද 1994 සිට අද දක්වා ‘සැගවුණ නායක‘, සෝමවංශ අමරසිංහ සහ අනුර කුමාර දිසානායක යටතේ පරිනාමය වී ඇත. ජනතා සංගමය, ජාතික විමුක්ති පෙරමුණ (විමල්), පෙරටුගාමී සමාජවාදී පක්ෂය (කුමාර්), හා ජනතා සේවක පක්ෂය (සෝමවංශ) ලෙස පරිනාමය නැතිනම් අඩුම ගානේ උප විශේෂ බවට හෝ පත් විය.

    ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍ර‍සය එහි නිර්මාතෘ අශ්රෝෆ් මහතා ය, ඔහුගේ මරණින් පසුව ෆේරියල් අශ්රෝෆ් සහ රවුෆ් හකීම් යටතේ පරිනාමය වී ඇත. මේ ඡන්දය වනවිට මුස්ලිම් ජාතික නායකත්වය හකීම් ගෙන් රිෂාඩ් බදුර්දීන් ට පවරා ඇත. ඒ අනුව එහිද යම් පරිනාමිත ස්වභාවක් ඇත.

    උතුරේ ද්‍ර‍විඩ සන්ධානයේ පක්ෂයන් දේවානන්ද, ආනන්ද සංගරී, සේනාධිරාජා, ද ටෙලෝ, ඊපීආර්එල්එෆ් කණ්ඩායම් 2 ද, ඊරෝස් ද, අවසානයේ දී මේ මැතිවරණයේ දී සම්බන්ධන් හා පොන්නම්බලම් සන්ධාන 2 ලෙස ද පරිනාමය වී ඇත.

    ලසසප ය බාහු (නසසප) හා වාසු (ප්‍රවාපෙ) ලෙසත් නැවත බාහු හා වමේ හඬ (නීල් හා ලීනස්) ලෙසත් පරිනාමය විය. සිරිතුංග සහෝදරයා ගේ එක්සත් සමාජවාදී පක්ෂය ද මහින්ද දේවගේ (සප) ට පරිනාමය විය.

    ලංකාවේ ලෝකයේ අඩුම වේගයකින් පරිනාමය වන්නේ ‘කොමියුනිස්ට් පක්ෂය‘ යැයි කවුදෝ වරක් කීවේය. එයත්, කේ.පී.සිල්වා ගේ සිට ඩිව් ගුණසේකර යුගයට 2000 ආසන්නයේ දී නායකත්වය වෙනස් වූයේ ය. (එතැනින් පරිනාමය නැවතී ඇතැයි ද කියනු ලැබේ)

    වහලුන් කොහිදැයි හා කවුරුන්දැයි සපථකළ රනිල්

    එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක රනිල් වික්‍ර‍මසිංහ පක්ෂ නායකත්වයට පත් වන්නේ 1994 දී ය. එතැන් සිට අද දක්වා වසර 24 ක් පක්ෂ නායකත්වයේ ය. එජාපයේ පරිනාමය නැවතී ඇත. පක්ෂ නායක රනිල් වික්‍ර‍මසිංහ ගල්-වැලි-දහයියා එකතුවන උණ්ඩුකපුච්චයක් බවට පත්වී ඇත.

    මේ ඉතිහාසය ලිව්වේ අනෙකාට ‘වහලුන්‘ යැයි කියන පිරිසට සැබෑ වහලුන් හඳුනාගැනීමට කමටහන් දීමට ය.

    විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය යනු ධනේෂ්වර දේශපාලන ව්‍යාපාරයක් සේ සැලකෙයි. එහි මේ ආකාරයේ වහලුන් සිටිය නොහැකි බව දේශපාලනිකව උලකල්පනය කළ හැකිය. එහෙත් මේ වත්මන් එක්සත් ජාතික පක්ෂය කිරියාවෙන් ගජමිතුරු ලිබරල් ධනවාදී පැවැත්මකට අතවනන හා ඒ අංගලක්ෂණ හෙබි ව්‍යාපාරයකි. හුදෙක් මිතුරු සමාගමකි. එසේ හෙයිනි මේ පවතින්නේ විකෘතියකි. ඒ විකෘතිය නම් සැබෑ වහල්ලු ප්‍රතිනිර්මාණිත එකම ව්‍යාපාරය අදවනවිට එක්සත් ජාතික පක්ෂය බව ලොවට කියා පෑමය. දැන් වහල්ලු තෝරා බේරා ගත හැකිය.

    ඔබ එජාප පාක්ෂිකයෙකු, හිතවතෙකු නම් ‘පොහොට්ටුව‘ ට හෝ ශ්‍රීලනිප ය ට හෝ ‘වහලුන් යැයි‘ ඇමතීම දැන්වත් කරුණාකර නවතා දමන්න.

    එය 1994 සිට අද දක්වා වසර 24 ට පක්ෂ නායකයින් 5 ක් (මැතිනිය, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී හා ජී.එල්.) ද, බැසිල් රාජපක්ෂ නම් සැබෑ නායකයා ද, මහින්ද නම් අාධ්‍යාත්මික නායකයා ද බිහිකළ පක්ෂයකි. මෙනයින්, ඔවුන් වහලුන් නොවේ..!!! කාලයෙන් කාලයට ගැලපෙන අයුරින් වෙනස් වූ, වෙනස් වන පරිනාමය වන පණ ඇති පක්ෂයකි.

    සැබෑ වහලුන් යනු වසර 24 ක් එකම ශරීර කුඩුවක්, නායකත්වයේ තබාගෙන සෑම මැතිවරණයකින්ම එක පිට එක පරාජය වැලද ගන්නා පක්ෂයකි. අනුන්ගේ පිහිටෙන් ලැබෙන අගමැතිකම වසර 2 කට වැඩිය තබාගත නොහැකි පක්ෂයකි.

    ‘රජා‘ යැයි කීවත් මහින්ද රාජපක්ෂ පරාජයට පත් වූ පසුව, රනිල් ගෙන් ඉල්ලාගත් හෙලිකොප්ටරයේ නැගී මැද මුලනට ගියේය. ඔහුගේ අනුගාමිකයින්ට ‘වහලුන් යැයි‘ කියන උදවිය, විමල් වීරවංශ ගේ ‘කුරුඳුවත්තේ ලංසි පැපොල්‘ ගෙඩියට කොපමණ වහල් වී ඇති දැයි තම තම නැන පමණින් දැනගත යුතු..!!!

    කරුණාකර තවදුරටත් ශ්‍රීලනිපාක්ෂිකයින්ට ‘වහලුන් කියන්න‘ එපා..!

    ඔවුන් කාලයෙන් කාලයට වෙනස් වී ඇත. එජාපය පමණක් එක තැන නතර වී ඇත.

  • ජනාධිපති මෛත්‍රී තම ජීවිතයටත් වඩා රට ගැන සිතන කෙනෙක්  – මහින්දගෙන් ප්‍රකාශයක්..

    ජනාධිපති මෛත්‍රී තම ජීවිතයටත් වඩා රට ගැන සිතන කෙනෙක් – මහින්දගෙන් ප්‍රකාශයක්..

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටට අහිතකර තීන්දු කිසි විටෙකත් නොගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා කියයි. ජනාධිපතිවරයා පක්ෂයට හෝ පෞද්ගලිකව කෙනකුට වන යහපතකට වඩා පළමුව සිතන්නේ රට ගැන බවත්, එම නිසා ඉදිරි දින කීපය තුළ රට ගැන සිතා ඉතා නිවරැදි තීන්දු තිරණ ජනාධිපතිවරයා විසින් ගනු ඇති බවත් මහ ලේකම්වරයා පවසයි.

    ‘ජනාධිපතිවරයාට විශාල ජනවරමක් ලැබුණේ රට ගැන, රටේ ජනතාව ගැන වගකීමකින් යුතුව කටයුතු කරන්නයි. වංචාව දූෂණය තුරන් කරන්නයි. ජනතාවාදී දේශපාලනයක් රට තුළ ස්ථාපිත කරන්න එතුමාට එදා දුන්න ජනවරම තව තවත් ශක්තිමත් කරමින් ජනාධිපතිවරයා යන මේ ගමනට අපේ කණ්ඩායම දැවැන්ත ශක්තියක් ලබාදෙනවා.

    ජනාධිපතිවරයා හොරුන්ට නිසි දඬුවම් දෙනවා. එතුමාගෙන් හොරුන්ට නම් සමාවක් නෑ. හිටපු ආණ්ඩුවේ මේ ආණ්ඩුවේ, ඇමැති මැති, මේ කුමන තරාතිරමේ වුණත් එතුමාට ඒවා අදාළ නෑ. මින් ඉදිරියට ජනාධිපතිවරයා හොරුන්ට දඬුවම් දෙන හැටි දැක්කම හොරුන්ට හොරකම් කරන්න වරක් නොවේ හත්වරක්වත් සිතා බලන්න වෙයි.

    ජනාධිපතිවරයා තම ජීවිතයටත් වඩා රට ගැන සිතන නිසා මේ දින දෙක තුළ එතුමා නිවැරැදි තීරණයකට එළඹේවි. ජනතා මතය ගැන අවධානය යොමු කර ලබන සතිය වන විට එතුමා නව මාවතකට ප්‍රවේශයක් ලබා දෙන බව මට විශ්වාසයි.’ යැයි ද මහ ලේකම්වරයා අවධාරණය කළේය.

    ඊයේ (16) මට්ටක්කුලිය සී-නෝර් යාත්‍රාංගණයේ දී පැවැති අඩි 59 ට වඩා දිග නවීන තාක්ෂණයෙන් යුත් ධීවර යාත්‍රා දෙකක් දියඹට එක් කිරීමේ උත්සවයේ දී ඇමැතිවරයා මේ බැව් අනාවරණය ක‍ළේය.

  • නායක රනිල් සමඟ අපිට අනාගතයක් නෑ…  113 ඉක්මවා එජාපයේ පදාසයක් ගැලවෙයි

    නායක රනිල් සමඟ අපිට අනාගතයක් නෑ… 113 ඉක්මවා එජාපයේ පදාසයක් ගැලවෙයි

    එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ රනිල් වික්‍රමසිංහ මහතා සිටිනා තුරා එජාපයට යළි ආණ්ඩු බලයක් නොලැබෙන බවත්, පක්ෂයට සහ සමාජිකයින්ට කිසිදා අනාගතයක් නොමැති බවත් සඳහන් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුමුඛ නව සන්ධානයකින් ගොඩනැඟෙන ආණ්ඩුව සඳහා සහය පළකිරීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් රාශියක් සාකච්ඡා පවත්වමින් සිටින බවට අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.

    මේ වන විට අප වෙත ලැබෙන තොරතුරු අනුව රනිල් වික්‍රමසිංහව අගමැතිධුරයෙන් ඉවත් කොට නව ආණ්ඩුවක් සඳහා සහය පළකිරීමට එක්ව ඇති මන්ත්‍රීවරු සංඛ්‍යාව 113 ඉක්මවා ක්‍රමිකව ඉහළයමින් පවතින බවට වාර්තාවේ. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන පරිදි එය සඳුදා වන විට එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාවෙන් හරි අඩක් ඉක්මවා ගැලවී යන මට්ටම දක්වා වර්ධනය වෙමින් පවතී.

    ඊයේ (16) අගමැතිවරයා විසින් මාධ්‍ය කැඳවා තමා අගමැතිධුරයෙන් ඉල්ලා අස් නොවන බවත්, හැකිනම් අස්කර පෙන්වන ලෙසටත් වක්‍රාකාරයෙන් ජනාධිපතිවරයාට කරන ලද අභියෝගයත් සමඟ ඊට පිළිතුරු සපයමින් නීති විශාරදයෝ අගමැතිවරයා නෙරපා දමන හැටි නීත්‍යානුකූලව පෙන්වා දීමත් සමඟ එජාපයේ රනිල් සමඟ සිටි මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් මෙලෙස නව ආණ්ඩුවට සහය පලකිරීමට එක්වෙමින් සිටී.

    රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ රැදී සිටින යම්තාක් කාලයක් වේද ඒ තාක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහි වීම සිහිනයක්ම පමණක් බව එජාප මන්ත්‍රීවරුන්ගේ මතය බවට වාර්තාවේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුමුඛ සන්ධාන නව ආණ්ඩුවක් පිහිටුවීමට අදාළ කටයුතු මේ වන විට දිනේෂ් ගුණවර්ධන සහ සුසිල් ප්‍රේම්ජයන්ත් යන මන්ත්‍රීවරුන්ගේ මූලිකත්වයෙන් සිදුවෙමින් පවතී.

  • ඡන්දය වෙනුවෙන් රනිල් මාව බිලි දුන්නා –  බැදුම්කරේ රවිගෙන් ප්‍රකාශයක්..

    ඡන්දය වෙනුවෙන් රනිල් මාව බිලි දුන්නා – බැදුම්කරේ රවිගෙන් ප්‍රකාශයක්..

    එක්සත් ජාතික පක්ෂය පසුගිය ඡන්දය වෙනුවෙන් තමන්ව බිලිදුන් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක පවසනවා. එජාපයට චෝදනා එල්ල වූ බැදුම්කර චෝදනාව තමනට පමණක් ලඝුකර ඒ හරහා  තමන්, පක්ෂ උප නායකත්වයෙන් ඉවත් කිරීමට කළ නිර්දේශ වල ප‍්‍රතිවිපාක මැතිවරණ ප‍්‍රතිඵලයෙන් පෙන්නුම් කළ බවයි ප්‍රසිද්ධ ගුවන් විදුලියක සංවාදාත්මක වැඩසටහනකට එක් වෙමින් රවී කරුණානායක මන්තී‍්‍රවරයා සදහන් කර ඇත්තේ..

  • රනිල් අගමැතිධුරයෙන් ඉවත් නොවන්නේ නම් ශ්‍රීලනිපය ස්වාධින වීමේ සුදානමක්…

    රනිල් අගමැතිධුරයෙන් ඉවත් නොවන්නේ නම් ශ්‍රීලනිපය ස්වාධින වීමේ සුදානමක්…

    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (16) රාති‍්‍රයේ කොළඹදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, අමාත්‍ය එස් බී දිසානායකගේ නිවසේදීයි. 

    ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කිරීමට එහිදී සාකච්ඡා වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කළේ. රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යධූරයෙන් ඉවත් නොවන්නේ නම් මෙවැනි කි‍්‍රයාමාර්ගයක් ගැනීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍රවරුන් එහිදී සාකච්ඡා කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණ කළේ. 

  • ඝාතනය වූ දවසේ තාජූඩීන්ට ආ මිස් කෝල් එක කාගෙන්ද..? හෙළිදරවුව මෙන්න…

    ඝාතනය වූ දවසේ තාජූඩීන්ට ආ මිස් කෝල් එක කාගෙන්ද..? හෙළිදරවුව මෙන්න…

    රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුඞීන් ඝාතනය වූ දින ඔහුගේ ජංගම දුරකතනයට මගහැරුණු ඇමතුමක් ලැබී තිබෙනවා.ඒ අනුව අදාල ඇමතුම සම්බන්ධයෙන් දුරකතන විස්තර වාර්තාවක් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චාන්දනී ඩයස්  අදාල දුරකතන සමාගමේ  ප‍්‍රධාන විධායක නිලධාරී වෙත නියෝග කර තිබෙනවා.

    077 3554441 යන දුරකතන අංකය මගින් 2012 මැයි මස  17  වැනිදා රාතී‍්‍ර 12.32 ට වසීම් තාජුඞීන්ගේ දුරකතනයට මගහැරුණු ඇමතුමක් ලැබී ඇති අතර  මින් පෙර අදාළ සමාගමෙන් ලද වාර්තාවල ඒ පිළිබඳව ඇතුලත් වී නොතිබීම විශේෂත්වයක්.

    කෙසේ වෙතත් මෙම ඇමතුමට සම්බන්ධව  කාර්මික උපකරණ හා කුලූණු පිළිබඳ සටහන් සහිත වාර්තාවක් ලබා දෙන ලෙසට අදාළ සමාගමට නියෝගයක් නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු සැලකිල්ලට ගනිමින් 1979 ආක 15 දරණ අපරාද නඩු  විධාන සංග‍්‍රහ පනතේ 134 වගන්තිය ප‍්‍රකාරව අදාල දුරකතන සමාගමේ  ප‍්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ වෙත මෙම නියෝගය  නිකුත් කර තිබෙනවා.

  • දිනේෂ් සහ සුසිල් සුසංයෝගය සාර්ථකයි.. අලුත් ආණ්ඩුවේ අගමැති නිමල් සිරිපාල..

    දිනේෂ් සහ සුසිල් සුසංයෝගය සාර්ථකයි.. අලුත් ආණ්ඩුවේ අගමැති නිමල් සිරිපාල..

    පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා අගමැති ධුරය හිමිකර ගැනීමට මේ වනවිට එක්‌සත් ජාතික පක්‌ෂයත්, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයත් දැඩි සටනක නිරත වී සිටී. 

    ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයෙන් අගමැති සටනට එක්‌ව සිටින්නේ නිමල් සිරිපාල ඇමැතිවරයාය. 

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයට මෙන්ම ශ්‍රීලංකා නිදහස් පක්ෂයට දන්වා ඇත්තේ 113ක බහුතර බලය පෙන්වන පුද්ගලයාට අග්‍රාමාත්‍ය ධුරය සහිත ආණ්ඩුව පිහිටුවීමට ඔහුගේ අනුමැතිය හා සහාය ලබාදෙන බවයි.

    මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික සංවිධායක, අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත සහ දිනේෂ් ගුණවර්ධන නිමල් සිරිපාල මහතා හට අගමැතිධුරය ලබාදීම සදහා දැඩි උත්සාහයක නිරතවෙමින් සිටින අතර මේ දේපල අද (16) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී ඇති බව සදහන්.

    මේ වන විට වාර්තා වන තොරතුරු අනුව දෙපාර්ශවයම සන්ධාන ආණ්ඩුවක් සඳහා කැමැත්ත පළකර ඇති බව වාර්තාවෙයි.එහි අගමැතිධූරය නිමල් සිරිපාල සිල්වාට හිමිවනු ඇත.

    එසේම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 23දෙනෙකු ඉන් ඉවත්වී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇති බවද දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.

  • රනිල්ගේ මාධ්‍ය තුට්ටුවකට ගණන් නොගත් එජාප ඇමතිවරු බඩු අදින්න පටන් අරන්..

    රනිල්ගේ මාධ්‍ය තුට්ටුවකට ගණන් නොගත් එජාප ඇමතිවරු බඩු අදින්න පටන් අරන්..

    පක්ෂයේ අර්බුධ මැදින්  දුෂ්කර ගමනක නිරතවෙමින් සිටින එජාප නායක රනිල් වික්‍රමසිංහ අද මාධ්‍ය හමුවේ වහසි බස් දොඩමින් තමන් දිගටම අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කරන බව පැවසුවද මේ වන විටත් එජාපයේ ප්‍රබල ඇමතිවරුන් තම අමාත්‍යංශ වලින් බඩු භාණ්ඩ ඉවත්කරගනිමින් සිටින බව අපට වාර්තා වේ.

    රනිල්ට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමිවන බව කලින්ම දැනගෙන සිටින මේ ඇමතිවරුන් ඉතා ඉකමනින් තම අමාත්‍යංශ නැවත භාරදීම සදහා සුදානමින් සිටින බව සදහන්.අමාත්‍යවරුන් වන මලික් සාගල මංගල සහ රනිල්ගේ අග්‍රාමාත්‍ය කාරයාලයේ කාර්යමණ්ඩලය මෙලෙස තම බඩු බාහිරාදිය ඉවත්කරගැනීමට පියවර ගනිමින් සිටින බව අපට වාර්තා වේ.

  • කිසිම වැඩක් නොකරපු මම දිනුවේ අපේ අම්මා නිසා – ලාබාලතම මන්ත්‍රීවරිය වන සචිනි කියයි.

    කිසිම වැඩක් නොකරපු මම දිනුවේ අපේ අම්මා නිසා – ලාබාලතම මන්ත්‍රීවරිය වන සචිනි කියයි.

    පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී පොදු ජන පෙරමුණින් අනුරාධපුරය මහ නගර සභාවට තරග කළ සචිනි කාරියවසම් මෙරට  ලාබාලම නගර සභා මන්ත්‍රීවරිය ලෙසින් වාර්තාවක්ද තබමින් ජයග්‍රහණය කර තිබෙනවා.පසුගිය වසරේ අ. පො. ස. උසස් පෙළ විභාගයෙන් ගණිතය අංශයෙන් විශ්ව විද්‍යාලය ට තේරි පත්ව ඇති ඇය මෙවර මැතිවරණයට අනුරාධපුරය මහ නගර සභාවට අංක 14 සිරිමෙවන් කොට්ඨාසයෙන් තරග කලා.

     ජයග්‍රහණයෙන් පසු ඇය මාධ්‍ය හමුවේ තමන්ගේ ජයග්‍රහණය පිළිබඳව මෙලෙස ප්‍රකාශ කර තිබුණා.

    මම මුලින්ම මගේ අම්මටයි තාත්තටයි පින් දෙනවා මම මේ තත්වයට  පත්කරන්න ගත්ත මහන්සියට.මගේ තාත්තා පොලිස් නිළධාරියෙක්. තාත්තගෙ රැකියාවෙ හැටියට පිට ප්‍රදේශ වල තමයි වැඩ කරන්න තියෙන්නෙ. අම්මා තමයි නංගියි මල්ලියි අපි තුන්දෙනා ඇස් දෙක වගේ බලාගන්නෙ.

    මගේ අම්මා මුල් කාගෙ ඉඳලම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන කටයුතු වලට සම්බන්ධ වූ කෙනෙක්. අම්මාගේ දේශපාලන වටපිටාව අපිට තදින්ම බලපෑවා. අම්මා අපේ ප්‍රදේශයේ සමාජ සේවා කටයුතු වල නිරත වූ කෙනෙක්. ඒ නිසා මේ මැතිවරණයට මම ඉදිරිපත් වුනාම මුලින්ම මට විශාල චකිතයක් වගේ දැණුනා. ඒත් මගේ අම්මගෙයි තාත්තගෙයි අසල්වාසීන්ගෙයි අතර තිබුණු සුහදතාවය නිසා ඡන්දය ඉල්ලුවට පස්සෙ අපේ ගෙදර ආපු හිතවතුන්, අසල්වාසීන් දැක්කම ලොකු ධෛරයක් ඇති වුණා.

    මට එකේ පන්තියෙ ඉඳන් උසස් පෙළ තෙක් උගන්නපු සියළුම ගුරුවරු මට මේ ගමන යන්නෙ කොහොමද කියලා පෙන්නලා දුන්නා. ඒ වගේම මගේ පාසලේ යාළු මිත්‍රයො හැම දෙනාම වගේ මට උදවු කලා. මම ප්‍රාථමික අංශයේ ඉඳලා උසස් පෙළ තෙක් අද්‍යාපනය ලැබුවෙ අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලයේ. මම පාසල් යන කාලෙ ශිෂ්‍ය නායිකාවක් විදියට වැඩ කරපු නිසා නායකත්ව ගුණාංග පිළිබඳ හොද පෙරහුරුවක් ලැබුණා.

    ප්‍රදේශයේ ජනතාව මම මේ ඡන්දෙන් තෝරගත්තෙ කිසිම වැඩක් කරලා නෙමෙයි. ඉදිර්යේදි ප්‍රදේශයේ අයට වැඩ කරලා ඔවුන් සතුටු වෙනවනම් ඉදිරියටත් දේශපාලන කටයුතු වල නිරත වෙනවා.

    ඒ වගේම ප්‍රදේශයේ ජනතාව මම ගැන විශ්වාස කරලා මාව මහ නගර සභාවට යවපු එකට මම හැම දෙනාටම ස්තුතිවන්ත වෙනවා.

  • තීරණාත්මක බල අරගලය අතරේ මල්වතු මහා නාහිමිගෙන් ජනපතිට හා අගමැතිට ලිපි

    තීරණාත්මක බල අරගලය අතරේ මල්වතු මහා නාහිමිගෙන් ජනපතිට හා අගමැතිට ලිපි

    මල්වතු පාර්ශ්වයේ මහා නාහිමි අතිපූජ්‍ය තිබ්බට්ටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.

    උන්වහස්සේ ලිපියක් මගින් පෙන්වා දී ඇත්තේ රට තුළ ව්‍යාකූලත්වයක් හා අස්ථාවර භාවයක් ඇති නොවන ආකාරයට රාජ්‍ය පාලනය මෙහෙයවීම රජයේ වගකීමක් බවයි.

    මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු රට තුළ ඇති වී ඇති තත්ත්වය ජනතාවගේ අභීවෘද්ධිය, යහපැවත්මට හා සමගියට මෙන්ම සහජීවනයට ද බාධාවක් විය හැකි බවයි මහා නාහිමියන් සිය ලිපිය මගින් සඳහන් කර තිබෙනවා.

    මල්වතු පාර්ශ්වයේ මහා නාහිමි අතිපූජ්‍ය තිබ්බට්ටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය පහතින් දකින්න.

  • ගිය සදුදා මහින්ද මට කතා කළා –  රනිල් මාධ්‍ය හමුවට අැවිත් කියයි..

    ගිය සදුදා මහින්ද මට කතා කළා – රනිල් මාධ්‍ය හමුවට අැවිත් කියයි..

    රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිධුරයෙන් ඉවත් නොවන්නැයි මහින්ද රාජපක්ෂ මහතා  දුරකතනයෙන් පවසා ඇතිබවට කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න කලා.

    එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ පසුගිය සඳුදා දින හිටපු ජනාධිපතිවරයා තමන්ට කතා කල බවත් එහිදී තමන් අගමැති ධූරයෙන් ඉවත් වන බවට පැතිර යන කතාව පිළිබඳ විමසූ බවත්ය. එසේම හිටපු ජනාධිපතිවරයා සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට එල්ල වන චෝදනාද තමන් ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

    එම අවස්ථාවේ වීඩියෝව පහතින්.

  • ‘මට මහින්ද එක්ක හිටගන්න බැහැ’ – අැමති දුමින්ද කාර්යය මණ්ඩලයට කියයි

    ‘මට මහින්ද එක්ක හිටගන්න බැහැ’ – අැමති දුමින්ද කාර්යය මණ්ඩලයට කියයි

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ වූයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත බවත්, බලය වෙනුවෙන් ප්‍රතිපත්ති පාවා නොදෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක මහතා අද (16) සිය කාර්ය මණ්ඩලයට දැනුම්දී තිබේ.

    මහින්ද මහතාගේ ප්‍රතිපත්ති අදට ද වෙනස් වී නැති බවත්, එනිසා රෙදි ඇඳගෙන මහින්ද සමඟ තමාට හිටගත නොහැකි බවත්, ඔහු වැඩිදුරටත් පවසා ඇත.

    තමා එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බවද පවසා ඇති දුමින්ද මහතා, සිරිසේන මහතා තමාව ජනපති මන්දිරයෙන් එළවූ බවට වාර්තා පැතිර ඇති බවත්, තමා ඊයේ හා පෙරේදා දිනයන්හි සිටියේ තම නිවසේ බවත් ඔහු සිනා සෙමින් සිය කාර්ය මණ්ඩලයට පැවසූ බව එම කාර්යමණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

  • අැමති රාජිත ගැන බොරු කියූ ලංකාදීපෙට ලිපියක්!

    අැමති රාජිත ගැන බොරු කියූ ලංකාදීපෙට ලිපියක්!

    රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිදුකළ බව කියමින් ඊයේ (15 දා ) ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ පල කර තිබූ ප්‍රවෘත්තිය මුළුමනින්ම අසත්‍ය බවත් තමා එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ප්‍රකාශ කළ බව පවසමින් ” කැබිනට් සංශෝධනයක් මුදල් – නීතිය හා සාමය ශ්‍රීලනිපයට ජනපති තීරණය කර ඇතැයි රාජිත කියයි” යනුවෙන් පුවතක් ඊයේ දිනයේදී ලංකාදීප පුවත්පතේ පලකර තිබුණි.

    මෙම පුවත බරපතල අසත්‍ය ප්‍රවෘත්තියක් බවත් එවැනි පුවතක් වෙනත් මාධ්‍යකින් ප්‍රචාරයවීමක් හෝ පලවීමක් සිදු නොකළ බවත් ඔහු එම නිවේදනයේ සඳහන් කර ඇත.

    තවද එවැනි දෙයක් පැවසීමට තම සිතුවේවත් නැති බව පවසන අමාත්‍යවරයා මේ පිළිබඳව සැකහැර දැන ගැනීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හුමවේ සම්පූර්ණ පටිගත කිරීම නරඹන ලෙසද ඉල්ලා සිටී.

    එබැවින් මෙම ප්‍රවෘත්තිය අසත්‍ය පුවතක් බව ප්‍රකිශ කරමින් නිවැරදි කිරීමක් ඉහත ප්‍රවෘත්තියට ලබාදුන් ප්‍රමුඛතාව ලබාදී ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ පල කරන මෙන් අමාත්‍යවරයා එම පුවත්පතේ කර්තෘගෙන් ඉල්ලා සිටී.

     

  • අගමැති ඉවත් කිරීම ගැන, වෙල්ගමට ජනපතිගෙන් පොරොන්දුවක්.

    අගමැති ඉවත් කිරීම ගැන, වෙල්ගමට ජනපතිගෙන් පොරොන්දුවක්.

    අගමැති ඉවත් කිරීමට ඇති හැකියාව ගැන සොයා බැලීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම මහතා පවසයි.

    මන්ත‍්‍රීවරයා මේ බව පැවැසුවේ ජනාධිපතිවරයාගේ නිල නිවසේ මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය සමඟ පැවැත්වෙන සාකච්ඡාව අතරතුර නික්ම යන අවස්ථාවේ දී මාධ්‍ය නැගූ ප‍්‍රශ්නවලට  පිළිතුරු දෙමිනි.

  • ශ්‍රී ලංකා ආණ්ඩුවක්! අගමැති නිමල් සිරිපාල ද සිල්වා

    ශ්‍රී ලංකා ආණ්ඩුවක්! අගමැති නිමල් සිරිපාල ද සිල්වා

    දින කිහිපයක් පුරා පැවති දේශපාලන අරාජිකත්වය සහ අස්ථාවරත්වය නිමා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ස්ථාපිත කිරීම නියමිත බව ඉතා විශ්වාස වන්ත කටයුතු ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

    එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් නිර්මාණය කරන බවට ප්‍රකාශ කිරීමත් සමඟ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කළ අතර එම රනිල් විසින් ප්‍රතික්ෂේප කිරීම තුල ශ්‍රීලනිපය තම ආණ්ඩුවක් නිර්මාණය කරන බව ජනාධිපතිවරයාට දැනුම් දෙන ලදී.

    ඒ අනුව ඊට අදාළ දේශපාලන මෙහෙයුම් ශ්‍රීලනිපය සහ එජාපය යන දෙපාර්ශවයෙන්ම සිදු වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම අභියෝගය ජය ගැනීමට මේ වන සමත්ව අත.

    ඒ අනුව නිමල් සිරිපාලද සිල්වා මහතා අග්‍රාමාත්‍ය වරයා ලෙස දිවුරුම් දීමට සුදානමින් සිටින බවද වාර්තාවේ.

    මෙම නව ආණ්ඩුවට සහය පළකරමින් එක්සත් ජාතික පක්ෂයේ විශාල පිරිසක් ශ්‍රීලනිපයට එක්වීමට මේ වන විටත් සුදානම්ව සිටී.

    මේ අනුව රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ බලලොභීත්වය හමුවේ එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව බලය මේ මොහොතේ අහිමි වී යන අතර තවත් දශක දෙක-තුනක පමණ කාලයකට එජාපයෙන් ආණ්ඩු බලය ගිලි හී යාම සිදුවනු ඇත.

  • ‘රනිල් අයින් කරලා ආණ්ඩු හදන්න එන්න’ : නි ඇමති රන්ජන්ට ජනපති මෛත්‍රි කියයි.

    ‘රනිල් අයින් කරලා ආණ්ඩු හදන්න එන්න’ : නි ඇමති රන්ජන්ට ජනපති මෛත්‍රි කියයි.

    නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද (16දා) පෙරවරුවේ පැවැතියේය. මෙහිදි එක්සත් ජාතික පක්ෂයේ සහායෙන් ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා රන්ජන් රාමනායක මහතා තවදුරටත් උත්සාහ ගෙන ඇත. ඒ සම්බන්ධයෙන් ඔහු දීර්ඝව කරුණු ඉදිරිපත් කර ඇති බවද වාර්තා වෙයි.

    කෙසේ වෙතත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසන්නේ මෙහිදී ජනපතිවරයා පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස්කරගෙන සාකච්ඡා සඳහා පැමිණෙන ලෙසයි.