Category: සුපිරි Politics

  • පක්ෂ අදාළ නෑ.. ඡන්ද පොළ සද්ද දැම්මොත් පොලිසියෙන් වෙඩි… පොලිස්පතිගෙන් නියෝග..

    පක්ෂ අදාළ නෑ.. ඡන්ද පොළ සද්ද දැම්මොත් පොලිසියෙන් වෙඩි… පොලිස්පතිගෙන් නියෝග..

    ඡන්ද මධ්‍යස්ථාන අසළ හෝ ඡන්ද මධ්‍යස්ථානවල යම් කිසි ප්‍රචණ්ඩ ක්‍රියාවක නිරතවීමට යම් කිසිවෙකු උත්සාහ කළහොත් එවැනි ප්‍රචන්ඩ ක්‍රියාවල නරතවන අයට වෙඩි තැබීමට පවා පොලීසියට හැකියාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් අද දෙරණ ප්‍රවෘත්ති මැදිරියේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින්ය.

  • ජනපති මෛත්‍රීට එරෙහිව කළු කඩ මුදලාලිලා කුප්‍රකට බැසිලා සමග එක්වෙයි…

    ජනපති මෛත්‍රීට එරෙහිව කළු කඩ මුදලාලිලා කුප්‍රකට බැසිලා සමග එක්වෙයි…

    මැතිවරණය සමීපයටම පැමිණ තිබේ පක්ෂ විපක්ෂ විවිද මත සහ විවේචන හමුවේ මහජනතාව 2018 පළාත් පාලන මැතිවරණය සඳහා තම මතය ප්‍රකාශකිරීමට සිතමින් සිටින අවසාන මොහොත ලඟා වෙමින් පවතී. මෙවන් කාලසීමාවක අප තවත් හෙලිදරව්වකට සුදනාම් වන්නේ අපේ රටේ මජර දේශපාලනයට උල්පන්දම් දෙන ජනතාවගෙන්ම ගොඩනැගුනු මහා ව්‍යාපාරිකයින් ජනතාවටම එරෙහිව සිදු කරන ආත්මාර්ථකාමී ක්‍රියාදාමයක් සම්බන්ධවයි.

    ජනාධිපති මෛත්‍රි ගෙනයන වංචා හා දුෂණ වලට විරෝධී ජනතාවාදී වැඩපිළිවෙල නිසා වඩාත්ම සිත් තැවුලට හා අපහසුතාවයට පත්ව සිටින්නේ වංචා දුෂණ වලට හවුල් වූ දේශපාලකයින් වන අතර ඔවුන් විවිධ කුමන්ත්‍රණ කරමින් දිවා රෑ උත්සාහ දරන්නේ තම වංචා දුෂණ යටපත් කිරීමට අවශ්‍ය පාලනයක් පත් කර ගැනීමටයි.

    මජර දේශපාලකයින්ට අමතරව ජනාධිපතිතුමන්ට එරෙහිව නැගී සිටින්නේ ජනතාව හුරාගෙන කමින් මුදල් වෙනුවෙන් ඕනෑම දෙයක් පාවාදීමට සමත් ජනතාවට විෂ පොවන ව්‍යාපාරිකයින් පිරිසකි. එයට ප්‍රධාන හේතුව මෛත්‍රී ජනාධිපතිවරයා පාලනයට ආ සැනින් ක්‍රියාත්මක කරන ලද අහිංසක ජනතාවට සෙත සලසන ව්‍යාපෘති වන මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන, පරිසර සංරක්ෂණ වැඩසටහන, වකුගඩු නිවාරණ වැඩසටහන, ආහාර සුරක්ෂිතතා වැඩසටහන ආදිය ක්‍රියාත්මක කිරීමයි. මේවා හේතුවෙන් නීතිවිරෝධී ලෙස ජනතාවට වස විස කවන්නට කටයුතු කරන කිරිපිටි සමාගම්, මාෆියා ඖෂධ සමාගම්, මෙන්ම පලිබෝධනාශක හා කෘමිනාශක සමාගම් සමගින් සිගරට් හා මත්ද්‍රව්‍ය,එතනෝල් නිෂ්පාධන, රසායනික පොහොර සමාගම් මේ වන විටත් ප්‍රමුකතාවය ගෙන ඇති බව වාර්තා වනවා.

    මෙම කුප්‍රකට සමාගම් හිමිකරුවන් බිලියන ගණනින් රාජපක්ෂලාගේ දේශපාලන මෙහෙයුමට උපකාර කොට ඇති බවට ලිඛිත සාක්ෂි මේ වනවිට හෙළිදරව් වී පවතිනවා මෙම සමාගම් හිමිකරුවන් බැසිල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ මෙන්ම නාමල් හා ශිරන්ති රාජපක්ෂලා හරහා මෙම මුදල් ලබා දී ඇති අතර පොහොට්ටුවේ අපේක්ෂකයින් 9,000කට අධික පිරිසකට එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් බෙදා දීමටත් ප්‍රධාන මැතිවරණ රැලි 22 කට එකකට රුපියල් ලක්ෂ 70ක් පමණ වියදම් කිරීමටත් අනෙකුත් කුඩා රැලි සහ අනෙකුත් වියදම් ලෙස තවත් ලක්ෂ ගණනාවකුත් වියදම් කොට ඇති බවට සාක්ෂි සමග හෙළිවී තිබේ. මේ සඳහා ලක්ෂ 15,000ක් පමණ වියදම් කර සියලු දෙනා ඉල්ලා ඇත්තේ හැකි ඉක්මනින් මෛත්‍රිපාල සිරිසේන ගෙදර යවා තම ව්‍යාපාර කටයුතු නිදහසේ කරගෙන යාමට අවස්තාව උදා කර දෙන ලෙසයි. 2020 දී මෛත්‍රී නැවත බලයට පත් වුවහොත් ඔවුන්ගේ නීති විරෝධී ව්‍යාපාර හා වත්කම් පවත්වාගෙන යාමට නොහැකිවන බව ඔවුන් පේනවා දී තිබේ.

    මෙය කියවූ සැනින් දේශපාලකයින්ට කඩේ යන සමහරුන් දේශපාලනය ඉදිරියට දමා මෙය විවේචනය කරන්නට ඉඩ තිබුනත් මෙහි ඇත්ත නැත්ත දන්නෝ දනිති කියමින් මෙය අවසන් කරන්නේ මහින්දලා කොහොමත් ජනතාව ගැන හරි අමාරුවෙන් කතා කරත් ඇත්තටම ඔවුන් බලය වෙනුවෙන් ජනතාව උගසට තබා ගන්නා බව හා ජනතාව මුලා කරමින් ඕනෑම ජඩ වැඩකට සුදානම් බවට තව තවත් බුද්ධිමත් ජනතාවට අවබෝධ කරවමිනි…

  • දිස්ත්‍රික්ක දෙකක ඡන්ද පෙට්ටි හා ලියවිලි ලබා දීම පරක්කු වෙලා

    දිස්ත්‍රික්ක දෙකක ඡන්ද පෙට්ටි හා ලියවිලි ලබා දීම පරක්කු වෙලා

    මහනුවර ගන්නොරුව රණබිම රාජකිය විද්‍යාලයේ පිහිටි මහනුවර දිස්ත්‍රික් මැතිවරණ මධ්‍යස්ථානයේ සහ ගම්පහ වේයන්ගොඩ සියනෑ විද්‍යා පීඨයේ පිහිටුවා ඇති ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ මධ්‍යස්ථාන වල මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේ ප්‍රමාදයක් හේතුවෙන්  ජේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් ඇතුළු මැතිවරණ රාජකාරියේ නියුතු නිලධාරීන් හට ඡන්ද පෙට්ටි සහ අදාල ලේඛන ලාබාදීමේ ප්‍රමාදයක් වාර්ථා වී ඇත.

  • පක්ෂ අර්බුදයත් සමගින් පොහොට්ටු ජි.ඇල්ගේ අම්මා මතක් කරපු ප්‍රබලයා මෙන්න..

    පක්ෂ අර්බුදයත් සමගින් පොහොට්ටු ජි.ඇල්ගේ අම්මා මතක් කරපු ප්‍රබලයා මෙන්න..

    පොහොට්ටු පක්ෂයේ ලේකම් වරයෙකු වන අනුරුද්ධ පොල්ගම්පල ශ්‍රීලනිපයට එක්වීමත් සමග පොහොට්ටුවේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සියල්ල මේ වනවිට පොහොට්ටුවේ නායකයන් සමගින් දැඩි ලෙස ගැටුම් ඇතිකරගනිමින් සිටින බව අපට වාර්තා වේ. පොහොට්ටුවේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රී කුමාර වෙල්ගමට පොහොට්ටු නායක ජි ඇල්ව මුණගැසී ඇති අතර එම හමුවේදී කුපිතව සිටි කුමාර වෙල්ගම ජි ඇල්ගේ ජාතිය අමතා ඇති බව සදහන්.. තෝ වගේ *න්නයොත් එක්ක මොන දේශපාලනද? අර ලේකම් යනකම් තෝ මොනවද *තතෝ කලේ යනුවෙන් වෙල්ගම විමසා ඇති අතර එහිදී ජි ඇල් පිළිතුරු දීමට උත්සහ කලද එය ගැටුමකට මුලක් විය හැකි බැවින් අසල සිටි සාමාජිකයන් එය සමතයකට පත්කර ඇත. කෙසේ වෙතත් කෝපයට පත්ව සිටි වෙල්ගම තොපේ බැසිල් *න්නයටත් කියපන් පරිස්සමින් ඉන්න කියලා.. තොපි තමයි අපිව කෑවේ යනුවෙන් යනුවෙන් පවසමින් එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත..

  • ඔය ඕන හැඳුනුම්පතක් ගෙනත් මේවර ඡන්දය දාන්න බෑ

    ඔය ඕන හැඳුනුම්පතක් ගෙනත් මේවර ඡන්දය දාන්න බෑ

    මෙවර මැතිවරණයේදී ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලප්‍රතය, වලංගු විදේශගමන් බලපත්‍රය, රාජ්‍ය සේවක හැඳුනුම්පත, විශ්‍රාමික හැඳුනුම්පත, පූජ්‍ය පූජක උතුමන් සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ හැඳුන්ම්පත සහ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත්කරන ලද තාවකාලික හැඳුනුම්පත පමණක් ඡන්දය භාවිත කිරීමට වලංගු වන බව  මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය පවසයි.

    පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ හැඳුනුම්පත,  සාම විනිසුරුවරුන් වෙත නිකුත්කර ඇති හැඳුනුම්පත, අපේක්ෂක හැඳුනුම්පත ඇතුළු වෙනත් කිසිදු හැඳුනුම්පතක් ඡන්දය දැමීම සඳහා වලංගු නොවන බව ද  ඒ මහතා වැඩිදුරටත් දැනුම් දෙයි.

  • අනුරුද්ධ පොල්ගම්පල ශ්‍රීලනිපයට එක්වීමත් සමගින් බැසිල් සහ නාමල් අතර දරුණු ගැටුමක්..

    අනුරුද්ධ පොල්ගම්පල ශ්‍රීලනිපයට එක්වීමත් සමගින් බැසිල් සහ නාමල් අතර දරුණු ගැටුමක්..

    රාජපක්ෂ රෙජීමයේ ප්‍රබලයන් දෙපලක් වන බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ අතර දරුණු ගැටුමක් නිර්මාණය වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් සනාථ වී ඇත. මේ ගැටුමට හේතු වී ඇත්තේ පසුගිය දිනෙක පොහොට්ටුවෙන් ඉවත් වූ අනුරුද්ධ පොල්ගම්පල ජනපති මෛත්‍රී හමුවී ශ්‍රීලනිපයට එක්වීමත් සමගින් පොහොට්ටුවේ සියලු ලියවිලි ජනපති මෛත්‍රී අතට පත්වීම බව සදහන්. බැසිල්ගේ නියෝගය මත කිසිදිනෙක පක්ෂය අතහැර නොයන බවට  පොහොට්ටුවේ සියලු අපේක්ෂකයන්ගෙන් ලබාගත් දිවුරුම් ප්‍රකාශ සියල්ල අනුරුද්ධ පොල්ගම්පොලගේ ශ්‍රීලනිප ආගමනයත් සමගින් මේ වනවිට ජනපති මෛත්‍රී අතට පත්වී ඇති අතර ඒ සමගින් නාමල් සහ මහින්ද රාජපක්ෂ දැඩි ලෙස කෝපාවිෂ්ට වී ඇත. 

    ඒ අතර  සිදුවීම පිලිබදව සාකච්චා කිරීමට නාමල් සහ බැසිල් අතර හමුවක් සිදුවී ඇති අතර එහිදී නාමල් බැසිල්ට දරුණු ලෙස බැන වැදී ඇති අතර හැමපාරම අන්තිමට තෝ අපේ දේවල් කාලා අන්තිමට අපිට කෙලඋනාම රටින් පැනලා යනවා යනුවෙන් අවසානයේ නාමල් පවසා ඇත. කෙසේවෙතත් බැසිල් මුලදී ඉතා නිශ්ශබ්දව සිට ඇති අතර වාදය උණුසුම් වෙත්ම මම නැත්නම් අද උබලා මහපාරේ කියමින් එම ස්ථානයෙන් නික්ම ගොස් ඇත…

    මැතිවරණයට පෙර සිදුවූ මේ සිදුවීමත් සමග පොහොට්ටුවේ මැතිවරණ ජයග්‍රහණය පිලිබදව සියලු බලාපොරොත්තු බිදවැටි ඇති අතර රාජපක්ෂ පවුල අතර ඇතිවූ මේ ගැටුම මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වීම වලක්වා ගැනීමට පොහොට්ටුවේ නායකයන් දැඩි උත්සාහයක නිරත වන බව සදහන්..

  • ආණ්ඩුවට තවදුරටත් මේ විදිහටම යන්න බැහැ. ජනාධිපතිතුමා මැතිවරණයෙන් පසු ජාතික තලයේ කඩිනම් වෙනසක් සිදුකරනවා

    ආණ්ඩුවට තවදුරටත් මේ විදිහටම යන්න බැහැ. ජනාධිපතිතුමා මැතිවරණයෙන් පසු ජාතික තලයේ කඩිනම් වෙනසක් සිදුකරනවා

    “රටේ ජනතාව වෙනසක් බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂය කියනවා මැතිවරණයෙන් පස්සෙත් මේ ආණ්ඩුව මෙහෙමම යනවා, කිසිම වෙනසක් වෙන්නේ නැහැ කියලා. නමුත්  ඕනෑම කෙනෙකුට වැටහෙනවා මේක මෙහෙමම ගෙනියන් බැහැ කියලා. බඩුමිල වැඩිවෙලා, අර්ථික ප‍්‍රශ්න ඇතිවෙලා, රැකියා ප‍්‍රශ්න විසඳලා නැහැ. හොරකම් සිදුවෙලා. මේ සිදුවන දේවල් දිහා බැලූවාම හරිම පැහැදිලියි කඩිනම් වෙනසක් ජාතික තලයේ සිදුවිය යුතු බව. ඒක සිදුවන්නේ කෙසේද යන්න අපිට දැන් කියන්න බැහැ. ජනාධිපතිතුමා කියලා තියෙනවා මැතිවරණයෙන් පසුව ආර්ථිකය තමන්  යටතට ගන්නා බවට. හොරුන්ට දඬුවම් දීම කරන බව” යැයි විද්‍යා හා තාක්ෂන අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා ප්‍රකාශ කරයි.

    කිසිම වෙනසක් සිදුනොවී මැතිවරණයෙන් පසුවත් ආණ්ඩුව මේ විදිහටම පවත්වාගෙන යන බවට එක්සත් ජාතික පක්ෂය ප‍්‍රකාශ කළත් එහෙම යන්න බැරි බව  ඕනම කෙනෙකුට වැටහෙනවා යැයිද පේ‍්‍රමජයන්ත මහතා පවසන අතර ආණ්ඩුවට තවදුරටත් මේ විදිහටම යන්න බැහැ. ජනාධිපතිතුමා මැතිවරණයෙන් පසු ජාතික තලයේ කඩිනම් වෙනසක් සිදුකරනු ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

     

  • අවිආයුධ තබාගනීම මත්ද්‍රව්‍ය භාවිතයට අමතරව මෙවර ඡන්ද පොලේ ජංගම දුරකතන භාවිතයත් තහනම්

    අවිආයුධ තබාගනීම මත්ද්‍රව්‍ය භාවිතයට අමතරව මෙවර ඡන්ද පොලේ ජංගම දුරකතන භාවිතයත් තහනම්

    ඡන්ද මධ්‍යස්ථාන වලදීඅවිආයුධ සන්තකයේ තබා ගැනීම, දුම් පානය, මත් පැන් සහ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතය තහනම් වන අතර මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථාන වලට පැමිණෙන ඡන්ද  දායකයින්ට ජංගම දුරකතන භාවිතය සහ ඡායාරූප ගැනීම, වීඩියෝ ගත කිරීම තහනම් කර ඇත.මෙම නීති උල්ලංඝණය කරන්නවුන්ට තරාතිරම නොබලා ඡන්ද ආඥා පනත යටතේ නඩු පවරන බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

  • මැතිවරණ රාජකාරි පැහැරහරින නිළධාරීන්ට වැඩ වරදී

    මැතිවරණ රාජකාරි පැහැරහරින නිළධාරීන්ට වැඩ වරදී

    ඡන්ද විමසීම් රාජකාරී සඳහා පත්කර තිබෙන ඇතැම් රජයේ නිලධාරීන් හා සේවකයන් සාධාරණ නොවන විවිධ හේතු ඉදිරිපත් කරමින් රාජකාරියට පැමිණීමෙන් වැළකී සිටීමට හා ඒ සඳහා අවශ්‍ය වාහන නිදහස් කිරීමෙන් වැළකී සිටීමට උත්සාහ කරන බවට තොරතුරු ලැබි ඇති බැවින් හෙට (10) පැවැත්වීමට නියමිත පළාත් පාළන මැතිවරණයේ මැතිවරණ රාජකාරී පැහැර හරින සියලුම රජයේ නිලධාරීන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    එම නිසා මැතිවරණ රාජකාරී සඳහා පත් කර ඇති සියලුම නිලධාරීන් හා සේවකයන් සේවයට වාර්තා කිරීම අත්‍යවශ්‍ය බවත්, රාජකාරි සඳහා යොදා ගැනීමට නියමිත රජයේ ආයතන, සංස්ථා, මණ්ඩල සතු වාහන සියල්ල ඒ ඒ දිස්ත්‍රික්වලට යැවීමට අදාළ නිලධාරීන්ගේ  වගකීමක් වන බවත්, එම වගකීම් පැහැර නොහැරිය යුතු බවත් එම කොමිසම අවධාරණය කරයි.

    ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන රජයේ නිලධාරීන්ට ජනතාවගේ මූලික අයිතියක් වන ඡන්ද බලය ක්‍රියාත්මක කෙරෙන ඡන්ද විමසීමකදී සහය ලබාදීමට සදාචාර බැලීමක් හා වගකීමක් පවතින අතර, ඡන්ද විමසීම නිසිලෙස පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විධිවිධාන අනුව ක්‍රියාකිරීමට බැඳී සිටින බවද කොමිසම පෙන්වා දෙන අතර ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති පරිදි එම විධිවිධාන උල්ලංඝනය කිරීම රුපියල් ලක්ෂයක දඩයකට හෝ වසර තුනක සිරදඬුවමකට හෝ එම දඩය හා බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම යටත්වීමට හේතුවන වරදක් වන බව එම කොමිසම වැඩි දුරටත් පෙන්වා දෙයි.

  • Breaking News

    Breaking News

    Breaking News
    මහින්ද රාජපක්ෂ මහතා 11 වන දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකතු වන බැවින් බුලත් කොළයට ඡන්දය ලබා දී එක්සත් ජනතා නිදහස් සංධානය ශක්තිමත් කරන මෙන් විමල් වීරවංශ මහතා ඔබෙන් ඉල්ලා සිටී….

    https://www.facebook.com/supirigossip1/videos/1583547911680809/

  • මෙවර ඡන්දය වෙනුවෙන් පොලිස් නිළධාරීන් 60000 කට වැඩියෙන් රාජකාරියේ

    මෙවර ඡන්දය වෙනුවෙන් පොලිස් නිළධාරීන් 60000 කට වැඩියෙන් රාජකාරියේ

    පළාත් පාලන මැතිවරණ ඡන්ද  විමසීමේ කටයුතු  වෙනුවෙන්  ආරක්ෂාව සඳහා පොලිසියේ 65758 පිරිසක් යොදවා ඇති බව පොලිස් මුලස්ථානයේ ඊයේ (7) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 

    මින් 4178 දෙනෙක් විශේෂ කාර්ය බළකායේ බවත් 5953 දෙනෙක් සිවිල් ආරක්ෂක බළකායේ  බවත් මෙම පිරිසෙන් 26840 ක්  ඡන්ද මධ්‍යස්ථාන 13420 ක ආරක්ෂාව වෙනුවෙන් ද  තවත් 13552 දෙනෙකුගේ සමන්විත පිරිසක් ජංගම සංචාර  වෙනුවෙන් ද යොදවා ඇති බවද   ඡන්ද මධ්‍යස්ථාන  වෙනුවෙන් එක් ඡන්ද මධ්‍යස්ථානයක් සඳහා ආයුධ සන්නද්ධ පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරයකු යොදවා ඇති බවත් මෙම ආරක්ෂාවට අමතරව සෑම ඡන්ද මධ්‍යස්ථානයක් ආවරණ වන පරිදි පොලිස් ජංගම සංචාර 3225 ක් යොදවා ඇති බවද හෙතෙම සඳහන් කළේය.

    මෙම  ජංගම සංචාර  එක් ජංගම සංචාරයක්   ඡන්ද මධ්‍යස්ථාන තුනක් ආවරණය වන පරිදි යොදවා ඇති  බවත් එක් ජංගම සංචාරයක් සදහා පොලිස් පරීක්ෂකවරයෙක්,  පොලිස් සැරයන්වරයෙක්,  කොස්තාපල්වරයෙක් සහ  සිවිල් ආරක්ෂක භටයින් දෙදෙනෙක්  යොදවා ඇති බවත් හදුනාගත් ප‍්‍රදේශ කිහිපයකට පමණක් එම ජංගම සංචාර කටයුතු සදහා  පොලිස් විශේෂ කාර්ය බළකායේ දෙදෙනෙක් යොදවා ඇති බවද පැවසේ.මෙම ජංගම සංචාර වලට අමතරය ප‍්‍රදේශ කිහිපයක සාමය ආරක්ෂා කිරීම සදහා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් පමණක් කි‍්‍රයාත්මක ජංගම සංචාර 99 ක් කි‍්‍රයාත්මක කර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.

    මෙම ආරක්ෂාවට අමතරව  ප‍්‍රතිළුල නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 25 ක් වෙනුවෙන් පොලිස් 1275 ක පිරිසක් යොදවා ඇති බවද පොලිස් අධිකාරි කොට්ඨාස මට්ටමින් සහ සහකාර පොලිස් අධිකාරි ප‍්‍රදේශ මට්ටමින් කැරලි මර්දන කණ්ඩායම් 140 ක් ස්ථාන ගතකර ඇති අතර විවිධ තනතුරු වලට අයත් නිලධාරීන් 1106 ක  ඒ සදහා යොදවා ඇති බවත්මෙයට අමතරව දිවයින ආවරණය වන පරිදි පොලිස් මාර්ග 464 ක් පිහිටුවා ඇති අතර ඒ සඳහා පොලිස් නිලධාරීන් 3248 ක පිරිස් යොදවා ඇති බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

  • බීල ඡන්ද මධ්‍යස්ථාන වලට ආවොත් බීපු කෙනාටයි අපේක්ෂකයටයි දෙන්නටම වැඩ වරදී

    බීල ඡන්ද මධ්‍යස්ථාන වලට ආවොත් බීපු කෙනාටයි අපේක්ෂකයටයි දෙන්නටම වැඩ වරදී

    10 වැනිදා  ඡන්ද මධ්‍යස්ථාන වලට සහ ඡන්ද ගණන් කිරීමේ  මධ්‍යස්ථාන  වලට  බීමතින්   පැමිණෙන පුද්ගලයින්ට  නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

    එවැනි පුද්ගලයින්ට දණ්ඩ නීති සංග‍්‍රහයේ සහ  පළාත් පාලන ආයතන  ඡන්ද විමසීම් ආඥා පතනතේ  ප‍්‍රතිපාදන වලට  අනුව නීතිය කි‍්‍රයාත්මක කරන බවද බීමත් පුද්ගලයින් ඡන්ද මධ්‍යස්ථාන වලට හා ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට රැගෙන එන අපේක්ෂකයින්ට එරෙහිවද  අනුබල දීමේ වරද යටතේ  කටයුතු කරන අතර බීමත් පුද්ගලයින්  ඡන්ද මධ්‍යස්ථාන හා ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට රැගෙන ඒමේ චෝදනාවට වරදකරු වන  අපේක්ෂකයන්ට  ආසනයක් හිමි වුවහොත් ඔවුන්ගේ එම ආසනය අහිමි වන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

  • මහ දවාලේ ලොකුම හොරකම කරන්න යන්නේ මහින්ද මහත්තයයි

    මහ දවාලේ ලොකුම හොරකම කරන්න යන්නේ මහින්ද මහත්තයයි

    අනුරාධපුර, ඉපලෝගම – රණජයපුර ගම්මානයේ පැවති ජනහමුවකදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා මෙසේ පැවසීය,

    “පෙබරවාරි මාසේ 10 වැනිදා උදේම ජන්ද මධ්‍යස්ථානයට ගිහින් ගම දියුණු කරන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණ ඉදිරියේ කතිරය ගහලා ගම හදන ගම දියුණු කරන ශක්තිය ලබාගන්නා දවස බවට පත් කර ගන්න.

    මේ මැතිවරණයට ප්‍රධාන පක්ෂ 04ක් තරග කරනවා. අත, අලියා, පොහොට්ටුව, සීනුව  ලකුණින් මේ පක්ෂ 04 තරග කරනවා. මේ ලාංඡන අතරින් එක ලාංඡනයකට විතරයි ගම හදන්න පුළුවන්කම තියෙන්නේ. ගමට සංවර්ධනය ගේන්න පුළුවන්කම තියෙන්නේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයට පමණයි.

    සීනුවට ගහන කතිරයට ගමට හයිය ගේන්න බෑ සීනුවට ජනාධිපතිවරයාගේ හයිය නෑ. ආණ්ඩුවේ බලයක් නෑ. පළාත් සභාවක හයියක් නෑ. එහෙම නම් ජනාධිපතිවරයා, ආණ්ඩුව, පළාත් සභාව නැතිව ප්‍රාදේශීය සභාවට විතරක් ගමට හයියක් ගේන්න බැරි වෙනවා. එහෙම නම් ජනතා විමුක්ති පෙරමුණට ගහන කතිරය ගම හදන, ගමට හයිය ගේන කතිරයක් බවට පත් වෙන්නේ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ අලියට ගහන කතිරයෙන් ජනාධිපතිවරයාගේ ශක්තිය ගමට ගේන්න බෑ.

    අපි මහින්ද මහත්තයාව බලයෙන් පහකරලා මෛත්‍රී මහත්තයා ජනාධිපති පුටුවේ වාඩි කෙරෙව්වේ මහින්ද මහත්තයාගේ රූපය හොඳ නැති නිසා නෙමෙයි. ඔහුගේ ක්‍රමය හොඳ නැති නිසයි. මහින්ද මහත්තයාගේ කාලයේ එකෙක් හොරකම් කළාම ඒකාව රැක්කා. දෙවැනියත් හොරකම් කරන්න පටන් ගත්තා. ඒකාවත් රැක්කා. තුන්වැනියත් හොරකම් කරන්න පටන් ගත්තා. ඒකාවත් රැක්කා. ඊළඟට ප්‍රාදේශීය සභා මන්ත්‍රීලත් හොරකම් කරන්න පටන් ගත්තා. පහුගිය කාළයේ අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කී දෙනෙක් පගා අරන් හිරේ ගියාද?. මුල සවුත්තු වුණාම අගත් සවුත්තු වුණා. පළමුවැනි වතාවෙම තීන්දුවක් ගත්තා නම් මෙවැනි වින්නැහියක් වෙන්නේ නැහැ.

     මහින්ද රාජපක්ෂ මහත්තයා රට බේරාගත්ත නායකයා නිසා, අවුරුදු 10 ක් අපි එතුමා එක්ක හිටිය නිසා මේ වෙලාවේ එතුමාට පිටුපෑවොත් හොඳ නෑ කියලා සමහරු හිතනවා. මේ රටේ වෙච්ච, මේ රටේ වුණ ලොකුම හොරකම බැඳුම්කර වංචාව නෙමෙයි. බැඳුම්කර වංචාවත් වංචාවක් හැබැයි ඒ හොරකමේ ගාන දන්නවා. අයකර ගත යුතු මුදල දන්නවා. හොරු ටික හිරේ දාගන්න පුළුවන්. මහ දවාලේ ලොකුම හොරකම කරන්න යන්නේ මහින්ද මහත්තයා. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ අවංකකම, තමන්ගේකම, ළෙංගතුකම, අපේකම මහින්ද මහත්තයා මහදවාලේ හොරකම් කරන්න යනවා.

    මහ බැංකු මංකොල්ලයේ ගාන අපිට අය කර ගන්න හරි පුළුවන්, හැබැයි මේ මනුස්සකම හොරකම් කරන එකේ වටිනාකම කීයද?. මේ අපේකම නැති කරන එකේ වටිනාකම කීයද?. ඒ නිසා මේ මහා දවාලේ හොරකම, මහ දවාලේ වංචාව කරන්න එපා කියලා අපි ඉල්ලීමක් කරනවා.

     යුද්ධය අවසන් කළා කියලා අද කියනවා පක්ෂය දාලා පලයන් කියලා. අද කියනවා ගමට සංවර්ධනය ගෙන්න ගන්න එපා රැවටිලා අපි ගාවට එන්න කියලා. හෙට තමන්ගේ දෙයක් ඉල්ලුවොත් මොකද කරන්නේ.? තමන් පණ වගේ රකින කෙනෙක් ඉල්ලුවොත් දෙනවාද?. ඒ නිසා මේ විහිළුව දැන් ඇති. රට බේරලා දුන්නා කියලා ගමේ  සංවර්ධනයට, දියුණුවට පයින් ගහන්න බෑ. දැන් සීනුවට, අලියට හා පොහොට්ටුවට ගම හදන්න බැරි වුණාට, අපි ආඩම්බරයෙන් කියනවා මෙච්චර කාලයක් ලයිට්, වතුර දීලා, පාර හදලා  ගමේ සංවර්ධනයක් කළේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයයි. ඉදිරියට ඒ සංවර්ධනය කරන්න ශ්‍රීලංකා නිදහස් පක්ෂයට ගම බාර දෙන ලෙස ඉල්ලා සිටිනවා”

  • ප්‍රජා අයිතිය හා දේශපාලන අයිතිවාසිකම් වගන්තිය සංශෝධනය කරීම ගැන සභාවේ අවධානයට

    ප්‍රජා අයිතිය හා දේශපාලන අයිතිවාසිකම් වගන්තිය සංශෝධනය කරීම ගැන සභාවේ අවධානයට

    බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් වාර්තාව හරහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලනඥයන්ටද චෝදනා එල්ල වී ඇති බැවින් දේශපාලනඥයන්ගේ ප්‍රජා අයිතිය හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සඳහන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 81 වන වගන්තිය සංශෝධනය කිරීම පිළිබඳව සභාවේ අවධාණය යොමුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  ඊයේ (06) පාර්ලිමේන්තුවේදී   සඳහන් කල අතර බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් වාර්තාවේ දක්වා ඇති නිර්දේශ පරිදි මෙම සංශෝධනයන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතු බවද වැඩි දුරටත් කියා සිටියේය.
  • පුංචි ඡන්දය නිරීක්ෂණයට විදෙස් නියෝජිතයින් 10 ක්

    පුංචි ඡන්දය නිරීක්ෂණයට විදෙස් නියෝජිතයින් 10 ක්

    පළාත් පාලන ආයතන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදේශීය නිරීක්ෂකයින් දස දෙනෙකු ගෙන්වීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

    ඒ අනුව ඉන්දියාවෙන් නිරීක්ෂකයන් හතර දෙනෙක්, කොරියාවෙන්, මාලදිවයිනෙන් හා ඉන්දුනීසියාවෙන් නිරීක්ෂකයන් දෙදෙනා බැගින් කැඳවීමට නියමිතය. මෙම පිරිස් ඡන්ද විමසීම් සිදුවන ලබන 10 වැනිදා නිරීක්ෂණ කටයුතුවල යෙදවීමට සැලසුම් කර තිබේ.

  • අප්‍රෙල් සිට පාසල් වලට නොමිලේ WiFi

    අප්‍රෙල් සිට පාසල් වලට නොමිලේ WiFi

    පසුගිය වසරේ සිට ක්‍රියාත්මක කිරීහට තිබූ පාසල් වෙත වයිෆයි පහසුකම නොමිලේ ලබාදීම ලබන අප්‍රේල් මාසයේ දී  ආරම්භ කිරීමට කටයුතු සලසා ඇති බවත් එසේ පසුගිය වසරේ එම ක්‍රියාවලිය ඉටු කිරීමට නොහැකි උනේ ස්වභාවික ආපදා තත්ත්වයන් හේතුවෙන් නිසා බවත් ග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීගමුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ප්‍රකාශ කර ඇත.