Category: සුපිරි Politics

  • පොහොට්ටුවේ නිරුවත හෙළිකරමින් කොලොන්නාවේ හිටපු මන්ත්‍රී නිදහස් පක්ෂයට එක්වෙයි..

    පොහොට්ටුවේ නිරුවත හෙළිකරමින් කොලොන්නාවේ හිටපු මන්ත්‍රී නිදහස් පක්ෂයට එක්වෙයි..

    පොහොට්ටුව කිසිදිනෙක බලයට එන්නේ නෑ.. එයාලට ඕනේ නිදහස් පක්ෂය විනාශ කරන්න.. හිටපු ජනාධිපතිතුමාව ගොනාට ඇඳගෙන කරත්තේ දක්කාගෙන යන මේ උදවිය අවසානයේ නවතින්නේ මහින්ද නායකතුමාව දේශපාලන ඉතිහාසේ කුණු කුඩයට ඇද දාලා.. මේ වදන් අන් කිසිවෙකුගේ නොව කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ රන්ජිත් සුරියආරච්චිගේය.. පසුගිය සමයේ නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර සාමය ඇතිකිරීමට තම උපරිමයෙන් කටයුතු කල මොහුට අවසානයේ එහි ප්‍රතිපලයක් ලෙස නාම යෝජනා අහිමිවිය.. එහෙත් ඒ මොහොතේ නිවැරදි දේශපාලන මතවාදය තෝරාගත් එතුමා පොහොට්ටුවේ ඇතුලාන්තය දිගහැරීමට උත්සුක විය…

    වීඩියෝව පහලින්..

    https://www.facebook.com/supirigossip1/videos/1575445052491095/

  • එජාප උපනායක ධූරයෙන් රවීව ඉවත් කරනවා කියන පුවත බොරුවක්… මාරපන වාර්ථාවෙ රවීගෙ නම සඳහන් වෙලා නෑ

    එජාප උපනායක ධූරයෙන් රවීව ඉවත් කරනවා කියන පුවත බොරුවක්… මාරපන වාර්ථාවෙ රවීගෙ නම සඳහන් වෙලා නෑ

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බැඳුම්කර ගණුදෙණු ගැන සෙවීමට පත්කල බැදුම්කර කොමිසම මගින් ඉදිරපත් කල වාර්ථාව  ගැන විමර්ෂණය සදහා පත්කල අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට භාරදෙනු ලැබූ වාර්තාවේ රවී කරුණානායක මහතාගේ නම සදහන් නොවන බවත් රවී කරුණනායක මහතා මෙම බැඳුම්කර සිද්ධියට කිසිසේත්ම වග කිවයුතු නොවන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ආරංචි මාර්ග වල සඳහන් වේ. ‍

    මේ දිනවල විපක්ෂයේ අයවලුන් හා බැඳුම්කර සිද්ධියට සම්බන්ධ පක්ෂයේම කහිප දෙනෙක් රවී කරුණානායක මහතා මත වැරැද්ද පටවා ඔවුන්ගේ ගැලවිජිජාව සඳහා ඒ මහතා  පක්ෂයේ  දරන උපනායකධූරයෙන් ඉවත් කලයුතු යැයි පවසමින් ගෙන යන මාධ්‍ය ප්‍රචාරයන් වල කිසිඳු සත්‍යතාවයක් නොමැති බවත් රවී කරුණනායක මහතා ඒ වකවානුවේ සිටි මුදල් ඇමති වශයෙන් පැවති ඡෝදනා හමුවේ සිය ඇමති කමෙන් ඉල්ලා අස්වී ලාංකීය දේශපාලන ප්‍රවාහයට මනා ආදර්ශයක් දුන් බවත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු  ප්‍රකාශ ඇත.

  • ඇල්පිටිය ඡන්දය අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

    ඇල්පිටිය ඡන්දය අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

    එළැබෙන පෙබරවාරි 10ට යෙදී ඇති පළාත් පාළන මැතිවරණයේ ෙඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය පැවැත්වීම  අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (30) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. 
    එම අතුරු තහනම් නියෝගය වහාම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත හා ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා වෙත යැවීමටද බුවනෙක අලුවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන, හා කේ.ටී. චිත්‍රසිරි යන ත්‍රිපුද්ගල විනිසුරු  මඬුල්ල එහිදී වැඩිදුරටත් නියෝග කළේය. 
    ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ විතානගේ ආරියරත්න, ඩී.කේ.ඕපාත, හා ඒ. දිසානායක යන තිදෙනා විසින් මෙම  මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම විභාගය ගෙන අවසන් වන තුරු බලපැවැත්වෙන පරිදි එම අතුරු තහනම නිකුත් කළේය. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබූ මැතිවරණ  කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු සාමාජිකයන්ට හා ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන 15 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යැවීමටද විනිසුරු මඬුල්ල එහිදී නියෝග කළේය. ‍ෙ
  • හිටපු එජාප සංවිධායක ශ්‍රීලනිප සංවිධායක වෙයි

    හිටපු එජාප සංවිධායක ශ්‍රීලනිප සංවිධායක වෙයි

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් සංවිධායකවරයෙකු වශයෙන් නීතිඥ සම්පත් සුජීව රුවන්පුර පත්කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (30) පෙරවරුවේ ලබාගත්තා.

    2015 වසරේදී රත්ගම මැතිවරණ කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා ලෙස කටයුතු කළ සම්පත් සුජීව රුවන්පුර, 2000 වසරේ සිට මේ දක්වා රත්ගම ආසනයේ එක්සත් ජාතික පක්ෂ නීති ලේකම්වරයා ලෙස කටයුතු කරනවා. 

    ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වශයෙන් සනත් හේමචන්ද්‍ර විතානාච්චි පත්කර තිඛෙන අතර, ඔහුද  අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තා.

     

  • ජනපතිට ජයක්.. අගමැති අවසානයේ එකඟවෙයි; මැතිවරණයට පෙර බැඳුම්කර විවාදය තීන්දුයි

    ජනපතිට ජයක්.. අගමැති අවසානයේ එකඟවෙයි; මැතිවරණයට පෙර බැඳුම්කර විවාදය තීන්දුයි

    බැඳුම්කර සහ බරපතළ වංචා දූෂණ ජනාධිපති කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි 6 දින පෙ.ව.10ට පැවත්වීමට තීරණය කර තිබේ.

    පළාත් පාලන ඡන්ද විමසීමට පෙර බැඳුම්කර සහ බරපතළ වංචා දූෂණ ජනාධිපති කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විය හැකි ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කථානායකවරයා විශේෂ පක්ෂ නායක රැස්වීමක් 30 කැඳවා තිබුණි.

    ඒ අනුව පළාත් පාලන ඡන්ද විමසීමට පෙර පාර්ලිමේන්තුව කැඳවීම හා බැඳුම්කර සහ බරපතළ වංචා දූෂණ ජනාධිපති කොමිෂන් වාර්තා විවාදය පවත්වන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණයකින් තොරව පක්ෂනායක රැස්වීම අවසන් වුණි.

    ඒ සඳහා මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකුද සම්බන්ධ වී සිටි අතර එහිදී මැතිවරණයට ආසන්න දිනයක් වන පෙබරවාරි 08 දින පාර්ලිමේන්තු විවාදයක් පැවැත්මේ ප්‍රායෝගිකත්වය හා නීතිමය තත්ත්වය පිළිබඳව පැහැදිලි කර තිබේ.

    ඒ අනුව බැඳුම්කර සහ බරපතළ වංචා දූෂණ ජනාධිපති කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් පෙබරවාරි මස 8 වෙනි දින පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු විවාදය ඊට පෙර එනම් 5 හෝ 6 දින කැඳවීමට හැකිද යන්න පක්ෂ නායකයින් විසින් කථානායකවරයාගෙන් විමසා තිබුණි.

    ඒ අවස්ථාවේදී ඒ මහතා කියා ඇත්තේ ඒ සම්බන්ධයෙන් කථානායකවරයා හා අගමැතිවරයා සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ පිළබඳව අවසන් තීරණයක් දැනුම් දෙන බවයි.

    ඒ අනුව බැඳුම්කර සහ බරපතළ වංචා දූෂණ ජනාධිපති කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි 6 දින පෙ.ව.10ට පැවත්වීමට තීරණය කර තිබේ.

  • මෙගොඩ කොලොන්නාවේ අපේක්ෂක එජාප මන්ත්‍රී හර්බට්ගේ මුළු පවුලම ශ්‍රීලනිපයට…..

    මෙගොඩ කොලොන්නාවේ අපේක්ෂක එජාප මන්ත්‍රී හර්බට්ගේ මුළු පවුලම ශ්‍රීලනිපයට…..

    මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරග වදින හර්බට් හෙට්ටිආරච්චිගේ සොහොයුරා ඇතුළු පවුලේ සාමාජිකයන් විශාල පිරිසක් පසුගිය දිනෙක මෙගොඩ කොලොන්නාවේ පැවතී එජනිස ජන හමුවේදී ප්‍රසන්න සෝලංගආරච්චි හමුවී ඔහුට සහය පළකරමින් ශ්‍රීලනිපයට එක්විය…

    දිනෙන් දින මරික්කාර් නිසා වලපල්ලට යන එජාපය මෙවර කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේදී පෙර නොවූ විරු අන්ත පරාජයක් ලබන බව මේ වන විට සියලුම පාක්ෂිකයන් වටහාගෙන ඇති අතර ඔවුන්ගෙන් බහුතරය මේ වනවිටත් ශ්‍රීලනිපය සමගින් එක්වෙමින් සිටින බව එම ප්‍රදේශවල සංචාරය කල අපට දැනගන්නට ලැබිණි…

  • පිටරැටියන්ට මවුබිම සින්නක්කරව විකුනපු මහින්දට ජනපති මෛත්‍රිගෙන් දරුණු ප්‍රහාරයක්…

    පිටරැටියන්ට මවුබිම සින්නක්කරව විකුනපු මහින්දට ජනපති මෛත්‍රිගෙන් දරුණු ප්‍රහාරයක්…

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එල්ල කළ චෝදනාවක් සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මැතිවරණ ප‍්‍රචාරක රැළියකදී ප‍්‍රතිචාර දැක්වුවා.

    ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානය මාතලේ ප‍්‍රදේශයේ සංවිධාන කළ ජනහමුවකදීයි.

    එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ “මගේ මිත්‍ර මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ පෙරේදා රැස්වීමකදී කිව්වා..’මේ ජනාධිපතිට බෑනේ මේ රටේ කුණු ගොඩවල් ටිකවත් ඉවත් කරගන්න..’ ජනාධිපති ඉන්නේ කුණු ගොඩවල් අයින් කරන්න නෙමෙයි අපේ හාමුදුරුවනේ..හැබැයි මට කලින් හිටපු ලොකු මහත්තයා.. කුණු ගොඩවල්වලටත් අත තියපු බව මම දන්නවා..අපිට කියනවා රට විකුණනවාලු..ඔබෙත් මගෙත් මාතෘ භූමියේ රජකම් කළ කිසි රජෙක් ජනාධිපතිකම් කළ කිසි ජනාධිපතිවරයෙක් මේ රටේ බිම් අඟලක් ලෝකයේ තවත් රටකට විකුණලා නෑ.. රාජපක්ෂ මහත්තයා තමයි සින්නක්කර දුන්නේ කියන එක මම විවෘතව කියනවා.” යනුවෙනි.

  • ගල්කිස්සේ පොහොට්ටු පුප්පන්න ආපු පාතාල කල්ලි නායකයා අත්අඩංගුවට….

    ගල්කිස්සේ පොහොට්ටු පුප්පන්න ආපු පාතාල කල්ලි නායකයා අත්අඩංගුවට….

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැළියකදී එහි සිටි පාතාල කල්ලියක සාමාජිකයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. 

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නවීර කල්ලිය නමින් හඳුන්වන පාතාල කල්ලියේ සාමාජිකයෙකු බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

    ගල්කිස්ස ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජන රැළියකදී මෙම පාතාල සාමාජිකයා සැක පිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව පරීක්ෂා කිරීමේදී සැක කටයුතු හැඳුන්ම්පතක්ද තිබී සොයා ගැනුණා.  

  • ලෙස්ලි අයියා වෙනුවෙන් මගේ සහයත් ශ්‍රීලනිපයට..  එජාපයේ රත්නමාලි සෝලංග හමුවී කියයි…

    ලෙස්ලි අයියා වෙනුවෙන් මගේ සහයත් ශ්‍රීලනිපයට.. එජාපයේ රත්නමාලි සෝලංග හමුවී කියයි…

    කොලොන්නාව එජාප සංවිධායක මරික්කාර්ගේ අදුරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන්  මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අපේක්ෂකයන් රැසක්ම මේ වනවිට කොලොන්නාව ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි හමුවී සහය පළකිරීම මේ වනවිට සමාජයේ කතාබහට ලක්ව ඇත.. එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු අපේක්ෂිකා රත්නමාලි නුපෙආරච්චි සොයුරියද පසුගිය දිනෙක එජනිස ජන රැළියක් අතරතුර ප්‍රසන්න සෝලංගආරච්චි හමුවී තම සහය ලබාදී ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කර ඇත. 

    එජනිස ජන හමුවක් අවසාන සෝලංග හමුවී ඇය පවසා ඇත්තේ

    ලෙස්ලි අයියා කරපු දේ හරි.(ලෙස්ලි යනු අසීරු කාලසමයක පක්ෂය රැකගනිමින් එජාපයේ සිටි හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයා වන අතර මරික්කාර්ගේ අදුරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන් ඔහු පසුගිය දිනෙක ශ්‍රීලනිපයට එක්විය). මාත් හදවතින් ඉන්නේ ලෙස්ලි අයියා එක්ක.. ලෙස්ලි කියන්නේ අවුරුදු ගණනාවක් අපේ පැත්තේ අලියා රජකරවපු මනුස්සයා.. ඒ මනුස්සයා ආවට ගියාට පක්ෂය දාලා යන්නේ නෑ කියලා අපි දන්නවා.. අපි එජාපයේ උනාට මේ පාර ඡන්දෙදි සහය දෙන්නේ ලෙස්ලි අයියා සහය දෙන බුලත් කොලේට.. මුලදී මරික්කාර් හොදට හිටියට දැන් එයා කරන දේවල් වලින් කොලොන්නාව විනාශ වෙනවා.. 

    එම අවස්ථාවේ ඡයාරු කිහිපයක් අපට ලැබී ඇත…

  • චිචී බබා චිකේ බබා වෙයි … විවෘත වේදිකාවක ගීත වෙනස් කරමින් ජනපති මෛත්‍රීට මඩ ගසයි

    චිචී බබා චිකේ බබා වෙයි … විවෘත වේදිකාවක ගීත වෙනස් කරමින් ජනපති මෛත්‍රීට මඩ ගසයි

    පසුගිය දිනක පොහොට්ටුවේ අපේක්ෂකයින් දිනවීමේ පුංචි මීටිමක මහින්දගේ හිච්චි කොළුවා වන රෝහිත රාජපක්ෂ විසින් පිං මාළුවලේ ගීතය වෙනස් කරමින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මඩ ප්‍රහිරයක් එල්ල කරන ලදී.එම ගීතය පොහොට්ටු පාක්ෂිකයන් විසින් හෙන ලොකු වැඩක් යැයි උලුප්වා දක්වමින් තමන්ගේ මුහුණු පොත් ගිණුම් වලට එක් කරමින් සිටින අතර එයින්ම පොහොට්ටු පාක්ෂිකයින්ගේ මානසිකත්වය මනාවට පැහිදිලි වේ.චිචී බබා වැනි සූකිරි බඩිල්ලන් දේශපාලන වේදිකාවට ගෙන ඒමෙන්ම පොහොට්ටුවේ තත්වය හිතාගත හැකිය.

    ශ්‍රීලනිපය නැවත එක්වුවහොත් නාමල්ගේ ජනාධිපති සිහිනය දවල් දැකපු එකක් වන නිසාත් දැන් දැන් චිචීවත් දේශපාලන වේදිකාවට නැංවීමෙනුත්  මහින්ද රාජපක්ෂට අවශ්‍ය රාජපක්ෂ සනුහරය උස්සා තැබීම මිස රටේ ජනතාව උස්සා තැබීම නොවන බව සක්සුදක් සේ පැහැදිලි වෙමින් පවති.

    අහෝ පොහොට්ටු පාක්ෂිකයිනි ඔබලාට අබ සරණයි!!

    https://www.facebook.com/supirigossip1/videos/1574382285930705/

  • මහින්ද මහත්තයා මේ දවස්වල එකසිය ගානට දුවනවා.එතුමා අදටත් ශ්‍රීලනිපයේ අනුශාසකවරයෙක් නමුත් ඇවිද ඇවිද කියනවා පොහොට්ටුවට ඡන්දෙ දෙන්න කියල

    මහින්ද මහත්තයා මේ දවස්වල එකසිය ගානට දුවනවා.එතුමා අදටත් ශ්‍රීලනිපයේ අනුශාසකවරයෙක් නමුත් ඇවිද ඇවිද කියනවා පොහොට්ටුවට ඡන්දෙ දෙන්න කියල

    එජාපය දුර්වලම තත්වයක පවතින අවධියේ තමුන් පක්ෂය හැර නොගිය බවත්  හිටපු ජනාධිපතිවරයා ශ්‍රීලනිපයේ අනුශාශක ධුරය දරමින්  වෙනත් පක්ෂයක් දිනවීමට කටයුතු කරමින් පක්ෂද්‍රෝහීව ක්‍රියාකරන බවත්  නීතිය,සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක  මහතා එක්සත් ජාතික පක්ෂයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පස්ගොඩ කිරිපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී කියා සිටියේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ,

    “මහින්ද මහත්තයා මේ දවස්වල එකසිය ගානට දුවනවා.එතුමා දිව්වට එතුමා එතුමාගේ පක්ෂයෙන්ද දුවන්නේ කියලා ඉස්සෙල්ලා අහල බලන්න ඕන.අදටත් ශ්‍රීලංකා නිදහස්  පක්ෂයේ අනුශාසකවරයෙක් නමුත් ඇවිද ඇවිද කියනවා පොහොට්ටුව කියන පක්ෂයකට චන්දේ දෙන්න කියලා.මම දන්නේ නැහැ මම නම් අපේ පක්ෂය දරුණුම තත්වයකට වැටිච්ච 2010 මැතිවරණයත් එක්ක දුර්වලම තැනකට වැටුණා.මම පක්ෂයට ගරු කළා.පක්ෂයට විනයක් තියෙන නිසා පක්ෂයට ප්‍රතිපත්තියක් තියෙන නිසා.අපි පැරදිලා හිටියත් මම ඒ පක්ෂයක ඉන්නම් කියලා මම හිටියා.තමුන්නාන්සේලා බොහෝ දෙනෙක් එහෙමයි.ඒ වෙලාවේ ඒ ප්‍රතිපත්තියට ගරු කළා.මේ පක්ෂය වැඩ කළා.ඉදිරියටත් වැඩ කරන්න හදනවා.දැන් දුර්වල කාලයක් කියලා පැනලා වෙනින් මොකක්හරි අරගෙන පක්ෂයට ද්‍රෝහිකම් කරන්න ගියේ නැහැ.

    අද මේ පක්ෂයේ හිටපු නායකයෙක් මෙහෙම කරන්නේ.ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකතුමා.වැඩිකාලයක් නෙමෙයි 2015 කළින්.එහෙම දෙයක් කරන්න පුලුවන්ද?..එහෙම දෙයක් කරන්න පුලුවන්නම් මට හිතාගන්න පුළුවන් තමුන්නාන්සේලාට කොහොම කරන්න පුලුවන්ද කියලා.”

  • මරික්කාර් එපා කියමින් එජාප අපේක්ෂිකා ඉනෝකා සෝලංග හමුවී ශ්‍රීලනිපයට සහය පළකරයි…

    මරික්කාර් එපා කියමින් එජාප අපේක්ෂිකා ඉනෝකා සෝලංග හමුවී ශ්‍රීලනිපයට සහය පළකරයි…

    මෙවර පළාත් පාලන මැතිවරණය මේ වන විට පුවත් මවන මැතිවරණයක් බවට පත්වී ඇත.. කොලොන්නාව ආසනයේ ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව තුල නියත ජයග්‍රහණයක් ලබාගන්නා බවට මේ වනවිට තහවුරු වී ඇත..

    හිබුටාන කොට්ටාශය නියෝජනය කරමින් එජාපයෙන් තරගවදින අපේක්ෂිකාව වන ඉනෝකා ගමගේ මරික්කාර් හැර දමා ශ්‍රීලනිපයට එක්වීමට වල්පොල ශ්‍රීලනිප කාර්යාලයට පැමිණි අතර ඇය සෝලංග වෙත පවසා ඇත්තේ

    සෝලංග මල්ලි මම මේකට කැමැත්තෙන් ආවේ නෑ.. මරික්කාර් අපේ ගෙදරටම ඇවිත් මට ඉල්ලන්න කිවුවා.. බැරිම තැන මම එකග වුනා.. මට එයා කිවුවේ ඔක්කොම පෝස්ටර් ගහලා දෙන්නම් අක්කා ගෙයින් ගෙට විතරක් යන්න කියලා.. එත් මාව දැම්මේ මගේ කොට්ටාශෙන් නෙමෙයි.. මල්ලි කියනවානම් මම හෙට උනත් ඔයාලා එක්ක එකතුවෙන්න ලෑස්තියි යනුවෙනි..

    මෙහිදී ආධුනික කැමරාකරුවෙක් විසින් ලබාගත් ඡයාරූ කිහිපයක් අප වෙත ලැබී ඇත…

  • පිස්තෝලය අතට ගත් පොහොට්ටු අපේක්ෂක මැරයා සංධාන ආධාරකරුවෙකුට තඩි බායි

    පිස්තෝලය අතට ගත් පොහොට්ටු අපේක්ෂක මැරයා සංධාන ආධාරකරුවෙකුට තඩි බායි

    එළැබෙන මැතිවරණයේදී ගාල්ල මහ නගර සභාවට තරග වදින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක දේශප්‍රිය ලියනගේ මහතාගේ ආධාරකරුවෙකුට ඊයේ (28) රාත්‍රියේ 11.30ට පමණ දේශප්‍රිය මහතාගේ නිවසේ සිට ඔහුගේ නිවස කරා යමින් සිටියදී පහරදීමක් සිදු කර ඇති අතරපහරදීමෙන් බරපතල තුවාල ලැබු ආධාරකරු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

    මෙසේ පහර දී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල කොට්ඨාශයට තරග වදින් අපේක්ෂක රත්නපාල සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙ‍නෙකු විසින් බව මේ වනවිට හෙළි වී ඇති අතරඅදාළ ආධාරකරුට පිස්තෝලයක් පෙන්වා බියවද්දා බරපතල ලෙස පහරදී ඇති අතර එම පුද්ගලයාගේ කෑගැසිමත් සමග අසල්වාසීන් පැමිණ මෙම පුද්ගලයා බේරාගෙන තිබේ.මේ සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

  • රජයේ වෛද්‍ය වර්ජනයට එරෙහිව රජය නීතිය ක්‍රියාත්මක කිරීමට යයි

    රජයේ වෛද්‍ය වර්ජනයට එරෙහිව රජය නීතිය ක්‍රියාත්මක කිරීමට යයි

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට කැඳවා ඇති වැඩ වර්ජනය සම්පූර්ණයෙන්ම ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම සඳහා සිදුකරන වැඩ වර්ජනයක් බවට තොරතුරු හෙළිවී ඇත.

    පසුගියදා පැවැත්වුණු පැවැත්වුණු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණය වෙනුවෙන් විපක්ෂය විසින් රුපියල් ලක්ෂ හැත්තෑ දෙකක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත ලබාදී ලබා දී ඇත. ඊට අමතරව වෛද්‍යවරුන් කැඳවාගෙන ඒම සඳහා බස් රථ යොදවා තිබූ අතර බස් රථ සඳහා මුදල් ලබාදී ඇත්තේද බැසිල් රාජපක්ෂ විසිනි. මේ සියළු තොරතුරු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජ්‍යෙෂ්ට නිලධාරියෙකුගේ ලැබී ඇති බව දැනගන්නට ඇත. ඔහු ඒකාබද්ධ විපක්ෂය සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකල සියලු සාකච්ඡාවන්ට සහභාගී වී ඇත.

    ඔහු විසින් ලබාදුන් තොරතුරු ප්‍රකාරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන්ගේ වත්කම් පිළිබඳ විමර්ශනය කිරීමට නියමිත අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කර අදාළ නීතිමය පියවර ගැනීමට නියමිතය.

  • ජනාධිපතිතුමාව ආරක්ෂා කරන්න අවශ්‍ය උනොත් ‘ශ්‍රීලනිප’ ය ඇමතිධූර අත්හරින බව කියයි

    ජනාධිපතිතුමාව ආරක්ෂා කරන්න අවශ්‍ය උනොත් ‘ශ්‍රීලනිප’ ය ඇමතිධූර අත්හරින බව කියයි

    ආණ්ඩුවක් පිහිටුවීමක් පිළිබඳ ජනාධිපතිවරයා සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ තවදුරටත් විවිධ අදහස් පළ වනවා.

    රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ සන්ධානයේ සියලුදෙනා එක්වන්නේ නම් ඇමති ධුර අත්හැරීමට ආණ්ඩුවට සම්බන්ධ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස සූදානම් බවයි.

    ඔහු මෙම අදහස් පළ කළේ මාතර පැවති ජන හමුවකට එක්වෙමින්. 

    “ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ සන්ධානයේ මන්ත්‍රිවරු සියලු දෙනා එකතු වෙලා එකට කියනවා නම්…එකට වාඩි වෙනවා නම්..අපිට හෙට උදේ ආණ්ඩුවක් හදන්න පුළුවන්. එහෙම තත්ත්වය ඇති වුණොත් අපි හෙට මේ ඇමතිධූරවලින් අයින් වෙලා ඇමති මණ්ඩලය සංශෝධනය කරන්න කියනවා ජනාධිපතිතුමාට අවශ්‍ය විදිහට. දැන් ඒගොල්ලෝ ලෑස්ති වෙන්න ඕනේ ඒ ආණ්ඩුව හදනවා නම් ඒකට එකතු වෙන්න. අපි මේ ආණ්ඩුවේ ඉන්නේ ජනාධිපතිතුමා ආරක්ෂා කරන්නයි.” යනුවෙන් එහිදී සඳහන් කෙරුණා.

  • කුප්‍රකට විමල්ට එරෙහි වංචා නඩුවක් ගැන අධිකරණයෙන් නීතිපතිට සිහි කැඳවීමක්

    කුප්‍රකට විමල්ට එරෙහි වංචා නඩුවක් ගැන අධිකරණයෙන් නීතිපතිට සිහි කැඳවීමක්

    පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශට එරෙහිව පවරා ඇති නඩුවක් සම්බන්ධයෙන් නීතිමය උපදෙස් කඩිනමින් අධිකරණයට දන්වා එවන්නැයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය නීතිපතිවරයාට අද (29) සිහි කැඳවීමක් කළා.

    රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන 40ක් අවභාවිත කරමින් රුපියල් මිලියන 91ක් සාපරාධී සාවද්‍ය පරිහරණය සිදු කළ  බවටයි විමල් වීරවංශ මන්ත‍්‍රීවරයාට එරෙහිව  මෙම නඩුව පවරා ඇත්තේ.

    අදාළ චෝදනා සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන අවසන් කර ඇතැයිද ඒවායේ උදෘත නීතිපතිවරයා වෙත යවා ඇතැයිද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පැවසුවා.

    කෙසේ වෙතත් ගත යුතු ඉදිරි නීතිමය පියවර සම්බන්ධයෙන් නීතිපති උපදෙස් තවමත් ලැබී නොමැති බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.