අගමැති තුමන්ගේ නිදහස් දින පණිවුඩය


අප රටට නිදහස ලැබී වසර 70ක් සපිරෙන අද දිනට ඒ උදෙසා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රට වැසියන් වුදෙසා පණිවිඩයක් නිකුත් කරඇත.


එළැබෙන 10 වෙනි දිනට යෙදී ඇති මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂිකාවකට ලිංගික අතවර කළ වැලිකන්ද පොලිස් වසමේ දී ඡන්ද ආධාරකරුවෙකු ප්‍රදේශයෙන් පළා ගොස් අති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
මේ සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක් ඉකුත් 02 වැනිදා පොලිසියට ඉදිරිපත් වී ඇති අතර පැමිණිළිකාරිය රෝහල් ගත කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.


මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති වරයා සිදු කර ඇති මහා පරිමාන වංඡා හා අපරාධ හේතුවෙන් ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම කිසිසේත්ම ප්‍රමානවත් නොමැති අතර මහින්ද මහතාව , ඔහුගේ සහෝදර සමාගම හා පුත්‍රරත්නයන්ව එම වංචා හා අපරාධ සඳහා නීතිය ඉදිරියට පමුණුවා දිවි ඇති තෙක් හිර ගෙදර උරුම කරවිය යුතු යැයි අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා මාධ්‍යට ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන මැතිවරණ කාලයේ හෝ පසුව පළාත් පාලන ආයතන වලට මුල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීමේ දී එජාප පාලනයක් තිබෙන ආයතනවලට පමණක් මුදල් ලබාදෙන බවට ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාත් පාළාත් පාලන විෂයභාර ඇමතිවරයා ලෙස මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමේදී සිය පක්ෂයට සැලකිල්ලක් ලබා දෙන බවට ෆයිසර් මුස්තාෆා ඇමතිවරයාත් ප්‍රකාශ කර ඇති බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් ඊට අදාල පරීක්ෂණ ආරම්භ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභහපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.

එළැබෙන 10 වෙනිදාට යෙදී ඇති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත්ව සිටින ඡන්ද අපේක්ෂකයින් ඡන්දදායකයින්ට අල්ලස් ලබාදීමේ සිදුවීම් ඉහළ ගොස් ඇති බව පැෆරල් සංවිධානය පවසයි.
මැතිවරණ අල්ලස් ලෙස ඇතැම් අපේක්ෂකයින් ඡන්දදායකයින්ගේ ජල සහ විදුලි බිල්පත් ගාස්තු ද ගෙවා දමා ඇති බව තමන්ට වාර්ථා වී ඇති බව එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්‌ථානය ශ්‍රී ලංකාව තුළ මධ්‍යසාර, දුම්වැටි ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සඳහා විද්‍යාත්මක පදනමකින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින ආයතනයකි. ඒ අතර පසුගිය වසර කිහිපය තුළම පළාත් පාලන ආයතන පළාත් සභා, පාර්ලිමේන්තු සහ ජනාධිපති මැතිවරණය ඉලක්‌ක කරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.
මධ්‍යසාර, දුම්වැටි ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතයෙන් ජනතාව නිදහස් කර ගැනීමේ වැඩසටහන සඳහා රටට අවශ්‍ය ඵලදායී ප්‍රතිපත්තිමය තීරණ හා ක්‍රියාකාරකම් පළාත් පාලන ආයතන හරහා සිදුකර ගැනීමට නම් එම පළාත් පාලන ආයතනවලට සුදුසු මහජන නියෝජිතයන් පත්විය යුතු බව ද එම ආයතනය කියා සිටින අතර ඒ සඳහා පක්‍ෂය පාට කුමක් වුවත් අරක්‌කු, බියර්, සිගරට්, කසිප්පු, කුඩු ගංජා ජාවාරම්කාරයෙක් හෝ එහි නියෝජිතයෙක් නොවන කෙනෙකුට ඡන්දය ලබාදෙන ලෙසට ආයතනය මගින් දීප ව්‍යාප්ත ප්‍රවර්ධන වැඩසටහනක් මේ දිනවල ආරම්භ කර ඇත.

මෙවර පළාත් පාලන මැතිවරණයේ එක් තැපැල් ඡන්දයක් වෙනුවෙන් රුපියල් 750 ක් පමණ වියදමක් දරන බැවින් තැපැල් ඡන්ද භාවිත නොකිරීමෙන් රජය අයකරන එම මුදල අපතේ යන නිසා තැපැල් ඡන්ද පහසුකම අයදුම් කර එම ඡන්දය පාවිච්චි නොකළ සියලු දෙනාගෙන් නිදහසට කරුණු විමසීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (01) මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරන ලදී.
තැපැල් ඡන්ද ප්‍රකාශ නොකළ අයගෙන් නිදහසට කරුණු විමසා සාධාරණ හේතුවක් නොමැතිනම් එම වැයවන මුදල අදාළ ඡන්ද දායකයාගෙන්ම ආපසු අයකර ගත හැකි දැයි සොයා බලන බවද සභාපතිවරයා කියා සිටි අතර ආරක්‌ෂක හමුදාවල සියල්ලන්ම පාහේ තැපැල් ඡන්ද සලකුණු කර ඇතැයිද අනෙකුත් තැපැල් ඡන්ද පාවිච්චි නොකළ පිරිසට අද දිනය පමණක් ඒ සඳහා ඉඩ සලසාදී ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කලේය.

දෙමළ ජාතික සන්ධානය සම්බන්ධයෙන් චෝදනා සහගත අසත්‍ය ප්‍රකාශයන් සිදුකරන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ඉදිරි දින කිහිපය තුළදී සිය නීතිඥයින් මාර්ගයෙන් සිවශක්ති ආනන්දට එරෙහිව නඩු මගට බසින අතර අයවැයට සහාය විම සඳහා තමන් හැර දෙමළ ජාතික සන්ධානයේ සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රුපියල් දෙකෝටිය බැගින් රජයෙන් අල්ලස් ගෙන ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් කරන ලද චෝදනාවන් මත මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවද හෙතෙම කීය.

පොහොට්ටුවේ ආනාගත ජනාධිපති අපේක්ෂකයා රටෙන් පැනල ගිහිල්ල තියෙන්නෙ මිග් යානා ගනුදෙනුවේදී සිදු කළ දූෂණ වංචාවෙලට අත්අඩංගුවට ගනී කියල ඇති බය වෙලා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඊයේ(31) කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ පැවති රැලියකදී කියා සිටියේය.
“රටේ ප්‍රධාන පෙලේ පුවත්පත් කතුවරයෙකු ප්‍රථම වරට ඝාතනය කළේ රාජපක්ෂ යුගයේදීයි. ඒ ලසන්ත වික්‍රමතුංග මහතායි. හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් සිදු කළ මිග් යානා ගනුදෙනුව පිළිබඳ මාධ්‍යයේ ලිපි පළකිරීම එම ඝාතනයට හේතු වී තිබෙනවා.එය රණවිරු ගැහිල්ලක්. අද මෙම රණවිරුවා රටෙත් නැහැ. ඇමෙරිකාවට පැනලා ඉන්නේ. පොහොට්ටුවේ අනාගත ජනාධිපති අපේක්ෂකයා ඔහුයි. රටේ නැති අනාගත ජනාධිපති අපේක්ෂකයා ලංකාවට එන්නේ දොළොස්වනදායි. ඒ මැතිවරණය අවසන් වූ පසුවයි. අත්අඩංගුවට ගනියි කියලා තමයි රටෙන් පැනලා ඉන්නේ. නමුත් එම රණවිරු ගෝඨාභය අත්අඩගුවට ගැනීමට මේ වනවිට සියල්ල සූදානම්. චෝදනා ඔප්පු වී තිබෙනවා. ඉදිරිකාලයේදී ඔහු හිරේ විලංගුවේ වැටෙනවා. මිග් යානා ගනුදෙනුවෙන් හොරකම් කළ මුදල හොංකොං බැංකුවල තැන්පත් කර තිබෙනවා. එම මුදල් ඉන්දීය ජාතිකයන් පස්දෙනෙකු විසින් තැන්පත් කර තිබෙනවා” යැයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එළැබෙන පෙබරවරෙි 10 දිනට යෙදී ඇති පළාත් පාළන මැතිවරණයේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ ඊයේ (31දා) දිනය වන විට පුද්ගලයන් 352ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අතුරින්,193 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ඡන්ද පෝස්ටර් ඇලවීම හා ළඟ තබා ගැනීමේ චෝදනාව මතය. පෝස්ටර්, බැනර්, ධජ ප්‍රදර්ශනය කරමින් වාහන ධාවනය කිරීම හා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමේ චෝදනාව මත 42ක් අත්අඩංගුවට ගෙන ඇත.
බැන තර්ජනය කිරීම පිළිබඳ පැමිණිලි 103ක් ඊයේ (31දා) දිනය වන විට ලැබී තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරන අතර පහරදීමේ සිදුවීම් 48ක්, පෝස්ටර් හා කටවුට්වලට හානි කිරීමේ සිදුවීම් 40ක්, රජයේ වාහන හා රාජ්‍ය නිලධාරීන් මැතිවරණ කටයුතු වලට යොදා ගැනීමේ සිදුවීම් 04ක්ද වාර්තා වී තිබෙන බව පොලීසිය සඳහන් කරයි.
දෙසැම්බර් 09 වන දින සිට ඊයේ (31දා) දිනය දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් 126ක් හා මැතිවරණයට සම්බන්ධ සිදුවීම් පිළිබඳ පැමිණිලි 392ක් ලැබී තිබෙන බවත්, ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබෙන බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් 352න් 40ක් මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් බවත් පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

නුදුරේදීම දෙවරක් ජනාධිපතිවරුන් ලෙස පත්වූ ජනාධිපතිවරුනට අතහැරීම උගන්වන අලුත් පණතක් පිලිබදව තොරතුරු අපට වාර්තා වේ.. එම පනත අනුව දෙවරක් ශ්‍රි ලංකාවේ ජනාධිපතිවරයෙක් ලෙස පත්ව ධුර කාලය නිමවූ ජනාධිපතිවරයෙක් හට නැවත පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කිරීමට නොහැකි අතර පළාත් සභාව නියෝජනය කිරීමේ හැකියාවක්ද ඔහුට නැත. එහෙත් ඔහුට හෝ ඇයට දිගින් දිගටම දේශපාලනයේ නිරතවීමට අවශ්‍ය නම් ඔහුගේ/ඇයගේ මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීම උදෙසා ඔහු හැදුනු වැඩුණු ඡන්දය භාවිතා කරන ප්‍රාදේශීය සභාවේ නියෝජිතයෙක් ලෙස කටයුතු කිරීමට ඔහුට/ඇයට අවස්ථාව සලසා ඇත.
මේ අනුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට පමණක්ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවට පමණක්ද තරග කිරීමට අවස්ථාව හිමිවනු ඇති.

හිටපු ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන නාවලගේ බැනට් කුරේ වර්තමානයේ කවදාවත් පිපෙන්නේ නැති පොහොට්ටුව පස්සේ යන්නේ ඇයි? ඊයේ මුල්ලේරියාවේ පැවති ජනහමුවක් අමතමින් ප්‍රසන්න සෝලංගආරච්චි පල කල අදහස් මෙන්න…
ජනාධිපතිවරණය දිනුවට පස්සේ ඔය නාවලගේ බැනට් කුරේ ආවා මාව හම්බවෙන්න.. අනේ පුතේ මම දැන් වයසයි.. මට තවදුරටත් දේශපාලනය කරන්න අමාරුයි. අපි දැන් අයින් වෙන්න ඕනේ කාලේ.. පුතා තමයි දැන් සංවිධායකකමට හොදටම ගැලපෙන්නේ. මම ලෑස්තියි පුතාට උදවු කරන්න. .පුතාට පුලුවන්ද මට ජපාන තානාපතිකම අරන් දෙන්න..
ජනාධිපතිතුමා මට හිතවත් නිසා මම එක්කගෙන ගිය බැනට් කුරේව ජනාධිපතිතුමාව හම්බවෙන්න.. එතනදී ජනාධිපතිතුමා ඔහුට සංස්ථා සභාපතිකමක් දුන්නා.. දීලා ඉවරවෙලා කිවුවා සෝලංගට උදවු කරන්න කියලා. එත් මෙයා මොකද කලේ? පහුගිය මැතිවරණයේදී මෙයා කඩේ ගියේ දිනේෂ් ගුණවර්ධනට.. උදය ගම්මන්පිලට.. විමල් වීරවංසට.. උන් නිදහස් පක්ෂේද? නෑ.. මොකක්ද මේ දේශපාලනය? දෙබිඩ්ඩෝ වගේ වැඩ කරලා අන්තිමට පස්ස බිම ඇනුනට පස්සේ දැන් යනවා පොහොට්ටු පුප්පන්න..
බැනට් කුරේට අමතක වෙලා එයාව කනින් අල්ලලා දොට්ට දැම්මේ මහින්ද කියලා.. අද ඔය කඩේ යන්නේ එයාලගේ පුද්ගලික අවශ්‍යතා වෙනුවෙන්. අපේ මිනිස්සු ඒවාට රැවටෙනවා.. මම අභියෝග කරනවා මේ කියන ඒවා බොරුනම් බැනට් කුරේ මහත්තයෝ එන්න විවාදෙකට.. පුලුවන්නම් එන්න… අපි ලෑස්තියි ඔක්කොම එලි කරන්න…

කැලණි රජමහා විහාරයේ දුරුතු මහා පෙරහැරේ සධාතුක කරඩුව මංගල හස්ති රාජයා මත තැන්පත් කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් ඊයේ (30) රාත්‍රියේ දී සිදුවිය.
කැලණිය පුදබිම වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත් වල නිරතව ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබාගැනීමෙන් අනතුරුව පංචතූර්ය වාදන හා පිරිත් සච්ජායනා මධ්‍යයේ සධාතුක කරඩුව මංගල හස්තිරාජයා මත තැන්පත් කළේය.
කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන් වහන්සේ, ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක ඛෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නය සහ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැලණිය ආසන සංවිධායක තිලක් වරාගොඩ සහ කොළොන්නාව ශ්‍රීලනිප ආසන සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි යන මහත්වරුන් ද මෙම පූජනීය අවස්ථාවට එක්වූහ.



කොලොන්නාව එජාප සංවිධායක මරික්කාර් යනු දිව දෙකේ සර්පයෙක් බව කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ පළමු ශ්‍රීලනිප මුස්ලිම් ජාතික මන්ත්‍රීවරයා වන අලියාර් සනිර් මහතා පවසයි.. පසුගිය සමයේ තමන්ද මරික්කාර් සමගින් එක්ව කටයුතු කල අතර එහිදී ඔහුගේ දෙබිඩි පිළිවෙත තමන් ඉතා හොදින් වටහාගත් බව ඔහු පසුගිය දා පැවති ජනහමුවකදී පැවසිය…
මේ ඔහුගේ වදන්…
මරික්කාර් කියන්නේ දිව දෙකේ සර්පයෙක්.. එයා සිංහල මිනිස්සු ඉන්න තැන කියනවා එයාට මුස්ලිම් අය අදාළ නෑ මම ඔයාලගේ නායකයා.. මගේ අම්මා සිංහල කියලා. එත් ඒ කියපු කෙනාම මුස්ලිම් ජනතාව හමුවෙලා කියනවා කොලොන්නාවේ මම ඉන්නේ මුස්ලිම් ඔයාලා වෙනුවෙන් මිසක් සිංහල අය වෙනුවෙන් නෙමෙයි කියලා.. මොකද්ද මේ දෙබිඩි ගතිය.. සංවිධායක විදියට එයා කාටවත් වැඩක් කරලා නෑ.. කට නම් කියවනවා සිරසක් නැතිව.. මේකද දේශපාලනය කියන්නේ…