Category: සුපිරි Politics

  • ශ්‍රී ලංකන් ගුවන් සේවය කාපු මහින්දගේ මස්සිනා නිශාන්ත ගම ඉල්ලා පොහොට්ටු වේදිකාවේ

    ශ්‍රී ලංකන් ගුවන් සේවය කාපු මහින්දගේ මස්සිනා නිශාන්ත ගම ඉල්ලා පොහොට්ටු වේදිකාවේ

    නිශාන්ත වික්‍රමසිංහ යනු කවුද ?

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ මස්සිනාය. ශිරන්තිගේ මල්ලීය. පැවති රාජපක්ෂ රජය සමයේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයාය. හරි හමන් අධ්‍යාපනයක් හෝ නොලද ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති තනතුරට පත් කෙරුනේ මහින්දගේ අනුහසිනි. එතැන් පටන් තමන්ගේ ඒකාධිකාරය ගුවන් සේවය පුරා පැතිරූ නිශාන්ත වික්‍රමසිංහ සල්ලාල පුද්ගලයෙකි. ගුවන් සේවිකාවන් හා ඇසුර නිසාම සිය අන්තහ්පුර ආශ්වාදය නිරතුරුව වින්දේය. ඔහුට වෙන් වූ වෙනමම පිරිසක් ඒ සඳහා වෙන් වී සිටියේය. එය සියල්ල දන්නා කරුණකි.

    ලක්ෂ ගණන් වටිනා රොලෙක්ස් අත් ඔරලෝසු පැළඳ විදේශ සංචාර යමින්, කාන්තාවන් ඇසුරු කරමින් ඔහුගත කල කුමාර දිවියට වෙන්කලේ ජනතා මුදල්ය. ඒ කාලය තුල කෝටි ගණනින් ගුවන් සේවය පාඩු විඳිද්දී සභාපතිවරයාගේ ක්‍රියා කලාපය දැක දැක මහින්ද නිහඬව සිටයේ මස්සිනා වන බැවිනි. නිශාන්තලාගේ ක්‍රියාකලාපයන් අනුව ඇමතිවරුද මහින්ද සමග අමනාප වන්නට හේතුවක් විය.

    අද වන විට නැවතත් බලය ඉල්ලා නිශාන්තලා පොහොට්ටුවේ වේදිකාවට ගොඩවී ඇත. ඒ හරහා නැවත රටේ බලය අල්ලා සුපුරුදු දූෂිත ජීවිතය ගත කිරීමට, සල්ලාල ජීවිතය ගත කිරීමට අවස්ථාව ඉල්ලනවා ඇත. ගමේ අපේක්ෂකයන්ගේ කරපිටින්ගොස් බලය ලැබුනු පසු ඔවුනට කොකා පෙන්වන නිශාන්තලා වැනි සල්ලාලයන් පොහොට්ටුව ප්‍රවර්ධනය කරන්නේ නම් රටේ ජනතාවට නැවතත් සොරිම වනු ඇත.

  • පොහොට්ටුවේ ඔළුගෙඩි ගොඩ වැඩිකරන්න වැල්ලවාය රැළියට ගාල්ලෙන් ආ 4ක් මරුට

    පොහොට්ටුවේ ඔළුගෙඩි ගොඩ වැඩිකරන්න වැල්ලවාය රැළියට ගාල්ලෙන් ආ 4ක් මරුට

    පෙරේදා (27) වැල්ලවාය නගරයේ පැවැති මහින්ද රාඡපක්ෂ මහතා පැමිණෙන ජනහමුවකට සහභාගී වීමට පැමිණි, ගාල්ල ප්‍රදේශයේ පදිංචි පිරිසක් රැගත් තණමල්විල සිට ධාවනය වූ මෝටර් රථයක් වැලල්වාය, තණමල්විල මාර්ගයේ 38 කණුව ආසන්නයේ බදුල්ල සිට තනමල්විල දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක ගැටීමෙන් මොටර් රථයක ගමන්ගත් සිවුදෙනෙකු මියගොස් ඇති අතර තවත් පස්දෙනෙකු තුවාල ලබා තිබේ.

    මෙම අනතුරින් ගාල්ල හා කිරම ප්‍රදේශවල පදිංචි මෝටර් රථයේ ගමන්ගත් දිලිප් රංගජිත් පෙරේරා (42) දේශාන් වීරසේකර (38)ජී. ඒ. අනුරාධ ගඡවීර (43) එම්. ආර්. චමින්ද (37) යන අය  මියගිය අතර, රවීන් ක්‍රිෂාන් වර්ණවීර හා ලියනග තරංග යන අය තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුළත් කෙරිණු අතර බස්රථයේ ගමන්ගත් මගීන් තිදෙනෙකුද මින් තුවාල ලැබූ අතර, මෝටර් රථයේ සිරවී සිටි පුද්ගලයන් බේරා ගැනීමට ප්‍රදේශවාසීන්ට හා කුඩාඔය පොලීසියට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

    මෝටර් රථයේ අධික වේගය නිසා රථය පාලනය කරගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලීසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

  • පෙබරවාරි 10 න් පස්සේ මම තේ හා ගම්මිරිස් වලට අත තියනවා

    පෙබරවාරි 10 න් පස්සේ මම තේ හා ගම්මිරිස් වලට අත තියනවා

     ඊයේ (28)  බදුල්ලේ පැවැති ජනහමුවකදී තේ හා ගම්මිරිස් ප්‍රති අපනයනය තහනම් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

    එහිදී,

    “ තේ ප්‍රතිඅපනයන මම සම්පූර්ණයෙන්ම නවත්වනවා. ගම්මිරිස් මිල පහත ගොස් තිබෙන්නේත් ප්‍රතිඅපනයනය නිසා. පෙබරවාරි 10 න් පස්සේ මම එතනටත් අත තියනවා. මම ගම්මිරිස් ප්‍රති අපනයනත් නවත්වනවා. අර්තාපල් සඳහා 50%ක බදු නිදහසක් දුන්නේ මම. බීජ අර්තාපල් සඳහා දැන් තිබෙන සහනය සියයට 50. එය මම 100%ක් දක්වා පත්කරනවා.” යනුවෙන්ද ජනපති තුමන් විසින් වැඩි දුරටත් පවසන ලදී.

  • එජාපෙ අය බය වෙන්න එපා ඡන්දෙන් පස්සෙ ජනාධිපති අගමැති එකතු වෙනවා

    එජාපෙ අය බය වෙන්න එපා ඡන්දෙන් පස්සෙ ජනාධිපති අගමැති එකතු වෙනවා

    පෙබරවාරි 10 මැතිවරණයෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකතුවන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (28) යටිනුවර පැවැති උත්සවයක් අමතමිනි පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    මම එක්සත්ජාතික පක්ෂයෙ අයට කියන්නෙ කලබල වෙන්න එපා මැතිවරණ කාලයන් තුළදී කරන ප්‍රකාශ සම්බන්ධව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් වෙනම ඡන්දය ඉල්ලනව. මහින්ද රාජපක්ෂ මහත්තයත් වෙනම ඡන්දෙ ඉල්ලනව. අපිත් වෙනම ඉල්ලනව. ඒ අයගෙ ඡන්ද ගොඩ වැඩි කරගන්න බැණ ගන්නව.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය අපිට බනිනව. පොහොට්ටුවත් අපිට බනිනව. ඒ අයගෙ ගොඩ වැඩි කරගන්න, තමන්ගෙ ගොඩ වැඩි කරගන්න කියන කතාවලට තමුන්නාන්සේලා බිය විය යුතු නෑ”

  • කාන්තා නියෝජනය 25%ක් කලද කාන්තා අපේක්ෂිකාවන්ට නින්දා අපහාස වැඩිවෙලා

    කාන්තා නියෝජනය 25%ක් කලද කාන්තා අපේක්ෂිකාවන්ට නින්දා අපහාස වැඩිවෙලා

    මෙවර පළාත් පාළන මැතිවරණයේදී කාන්තා නියෝජනය 25%ක් බවට පත්කිරීම පිළිබඳව බොහෝ දෙනෙක් කතා කළද, මැතිවරණයට ඉදිරිපත්වී සිටින අපේක්ෂිකාවන්ට බොහෝ නින්දා අපහාස විඳීමට සිදුව තිබෙන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා ඊයේ(28) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකශ කළේය. ෙ

    මැතිවරණයට ඉදිරිපත්ව සිටින ඇතැම් අපේක්ෂකයන් හා විවිධ සංවිධාන හා පුද්ගලයන් විසින් කාන්තා අපේක්ෂිකාවන්ට අපහාස වන අකාරයට කටයුතු කරන බවද‍ සමහර පුද්ගලයන් කාන්තා අපේක්ෂිකාවන්ට ඡන්දය ලබා නොදෙන ලෙසට ප්‍රසිද්ධියේ ප්‍රකාශ සිදුකරන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

  • බැඳුම්කර විවාදයට ඒකාබද්ධයයි TNA එකයි බෑ කියයි

    බැඳුම්කර විවාදයට ඒකාබද්ධයයි TNA එකයි බෑ කියයි

    බැඳුම්කර වාර්ථාව පෙබරවාරි 8 වන දින පාර්ලිමේන්තුවේ විවාධයට ගැනීමට අගමැති රනිල් විසින් කතානායකගෙන් පසුගිය සතියේ ඉල්ලා සිටියේය.

    පෙබරවාරි 07 වැනිදා මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වීමට නියමිත බැවින් එදිනට පෙර මෙම විවාදය පැවැත්විය යුතු බව ඒකාබද්ධ විපක්‍ෂයේ අදහස වී තිබේ.

    දෙමළ ජාතික සන්ධානයේ අදහස වන්නේ මැතිවරණ සමයක් බැවින් 08 වැනිදා වන විට පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් ගෙන්වා ගැනීමේ අපහසුතාවක් මතුවිය හැකි බවයි.

  • රාජපක්ෂ කාලයේ රාජ්‍ය නායකයින් ලංකාවට ආවේ අමු හෙළුවෙන් … කටුනායකදි රෙදි කෑල්ලක් ඔතලයි රට ඇතුලට ගත්තේ

    රාජපක්ෂ කාලයේ රාජ්‍ය නායකයින් ලංකාවට ආවේ අමු හෙළුවෙන් … කටුනායකදි රෙදි කෑල්ලක් ඔතලයි රට ඇතුලට ගත්තේ

    පසුගිය රාජපක්‍ෂ ආණ්ඩු කාලයේ ගෝත‍්‍රික රටවල නායකයන් මෙරටට ආවේ නිරුවතින් බවත් කටුනායක ගුවන් තොටුපලේදී රෙදි කෑල්ලක් පටලවා රට තුලට ගෙන්වූ බවත් පූජ්‍ය දඹර අමිල හිමියෝ එක්සත් ජාතික පක්‍ෂ ජනහමුවක් අමතමින් පවසති.

    අද වන විට ඇමරිකාව, රුසියාව, චීනය ඇතුළු ලොව සියළු බලවත් රටවල් මෙරට සමග ඉතාමත් හොද මිතුරන් වී සිටින බවත් මේ දිනවල මෙරටට පැමිණ සිටින සිංගප්පුරු අගමැතිවරයාද පැමිණ සිටින්නේ තෑගි බෝග ගොඩාක් රැගන බවත් සදහන් කරති.

    ජනවරි 08 ට කලින් පැවති තත්වයට රට ගෙනයන පොහොට්ටු කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වෙමින් ඇති බවත් එය වැළැක්වීම සදහාඉදිරි මැතිවරණයෙන්ද යහපාලනය දිනවිය යුතු බවත් උන් වහන්සේ වැඩි දුරටත් පවසති.

     

  • පෙබරවාරි 8 බැඳුම්කරය  විවාදයට ගන්න කියා අගමැති කථානායකට කියයි

    පෙබරවාරි 8 බැඳුම්කරය විවාදයට ගන්න කියා අගමැති කථානායකට කියයි

     

      බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාද කිහිපයක් පැවින් අලුත් දෙයක් නොවන නිසා බැඳුම්කර වාර්තාව හා බරපතල වංචා පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් වන විවාදයක් සඳහා පාර්ලිමේන්තුව පෙබරවාරි 08දා කැඳවන ලෙසට තමන් කතානායක කරු ජයසූරිය මහතාට දැනුම් දුන් බව ඊයේ (27) දෙනියායේ පැවැති මැතිවරණ රැළියක් අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.

  • ඔය කුණු කන්ද, අලුත් දේශපාලන කුණු කූඩේ, ඔය වසංගතේ, ජී.එල්.පීරිස්ගේ කුණු කාණුව,  ඕක දාලා එන්න. මං ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදන්න හෙට වුනත් ලෑස්තියි

    ඔය කුණු කන්ද, අලුත් දේශපාලන කුණු කූඩේ, ඔය වසංගතේ, ජී.එල්.පීරිස්ගේ කුණු කාණුව,  ඕක දාලා එන්න. මං ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදන්න හෙට වුනත් ලෑස්තියි

    ඊයේ (27) සවස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර රැළිය අමතමින් ජනපති මෛත්‍රී මෙසේ පවසන ලදී ,

    “අපිට කියනවා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදනව නම් එකට එකතු වෙනවයි කියලා. මම ඒ ගොල්ලන්ට කියනවා 2015 අගොස්තු මැතිවරණයේදී ජයග‍්‍රහණය කරපු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ සන්ධානයේ මන්ත‍්‍රීවරු අනූහයදෙනා මාත් එක්ක හෙට එකට හිටගන්නව නම් මම ලැස්තියි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදන්න.  

    ඔය කුණු කන්ද, අලුත් දේශපාලන කුණු කූඩේ, ඔය වසංගතේ, ජී.එල්.පීරිස්ගේ කුණු කාණුව,  ඕක දාලා එන්න. මං ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදන්න, හෙට ලෑස්තියි. හෙට උදේට එන්න අපේ ගෙදරට අනූහය මාත් එක්ක එකට හිටගන්න, මං ආණ්ඩුවක් හදලා පෙන්වන්නම්.

    මගේ ඇඟේ තියෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේ. මගේ ඇඟේ තියෙන්නේ දූෂණයට, නාස්තියට, පවුල්වාදයට, ඒකාධිපතිත්වයට විරුද්ධ ලේ”

  • චීන පෙට්ටි වල මෙච්චර කල් තිබ්බ බ්රේක් එකපාරට නෑ කියන්නෙ දේශපාලන හේතුවකටයි…

    චීන පෙට්ටි වල මෙච්චර කල් තිබ්බ බ්රේක් එකපාරට නෑ කියන්නෙ දේශපාලන හේතුවකටයි…

    චීන මැදිරි සහිත දුම්රිය වල තිරිංග ක්‍රියාකාරීත්වයේ ඇති අනතුරුදායක බව නිසා ඒවායේ සේවයෙන් ඉවත්වන බව දුම්රිය රියැදුරන් හා නියාමකවරුන් දැන් කියා සිටියද මීට වසර කිහිපයකට පෙර දකුණු දුම්රිය මාර්ගයේ ගමන් කළ රුහුණු කුමාරි සහ සාගරිකා දුම්රිය සඳහා එම මැදිරි යොදවා තිබූ සමයේ රියැදුරන් ඒවා පැයට කිලෝමීටර් 100 කටත් වැඩි වේගයකින් ධාවනය කළ අවස්ථා බොහෝ තිබූ බව එම දුම්රිය වලින් අගනුවර කාර්යාල සේවයට පැමිණෙන දකුණු පළාතේ දුම්රිය මගීන් පිරිසක් පුවත්පතකට අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

    ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ ඉන්දියාවෙන් ගෙන්වූ එස් 11 බලවේග කට්ටල එම දුම්රිය සඳහා යොදවන තුරු එම දුම්රිය වලට යොදවා තිබුණේ තිරිංග ක්‍රියාකාරීත්වයේ දෝෂ පවතින බවට දුම්රිය රියැදුරන් සහ නියාමකවරුන් චෝදනා කරන චීන දුම්රිය මැදිරි බවය.

    එහෙත් එවකට මෙම මැදිරිවල සම්බන්ධ එවන් අවදානමක් තිබූ බව එම දුම්රිය වලින් නිතිපතා අගනුවර පැමිණෙන දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙකු වත් නොකී බවත් එවන් දෝෂයක් මේ දිනවල ඉස්මතු කොට දක්වනුයේ කිසියම් දේශපාලනික අරමුණක් මුල් කොට මහජන පීඩාවක් ඇතිකිරීමට  බවටත් තමන් තුළ සාධාරණ සැකයක් පහල වී ඇතැයි ඔවුහු මේ පිළිබඳව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති අතර කෙසේ හෝ දුම්රිය රියැදුරන් සහ නියාමකවරුන් හදිසියේ ඉස්මතු කළ මෙම තිරිංග දෝෂය පිළිබචඳව වැඩිදුරටත් විමසීම පිණිස පසුගිය දිනයක මෙම මැදිරි යෙදූ විශේෂ දුම්රියක් අනුරාධපුරය දක්වා නිරීක්ෂණ චාරිකාවක යෙදුණු බවත් රියැදුරන් සහ නියාමකවරුන්ගේ ප්‍රකාශ තුළ ඇති කරුනු වල සත්‍යතාව එම නිරීක්ෂණ වාර්තාවෙන් ඉදිරි දින කිහිපය තුළ හෙළි වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් එම පුවත්පතටම පවසා ඇත.

    ඒ කෙසේ හෝ මෙහි කිසියම් සත්‍යතාවයක් තිබුණහොත් රුපියල් කෝටි ගණනක් වටිනා දුම්රිය මැදිරිවල කුමක් සිදුවේ දැයි ඔහුගෙන්  ඇසූ පැනයට එම ප්‍රකාශකයා කියා සිටියේ එසේ වුවහොත් චීන තාක්ෂණික උපදෙස් මත එම දෝෂ යථා තත්ත්වයට පත් කළ හැකි බවයි. ඒ කෙසේ හෝ එවැන්නක් අවශ්‍ය නොවනු ඇතැයි තමන් පෞද්ගලිකව විශ්වාස කරන බව ඔහු වැඩි දුරටත් පවසා ඇත.

  • මේ අවුරුදු තුනේ රජයේ කිසිඳු අනුමැතියක් නැතිව භාණ්ඩාගාරයට එන සල්ලි පුද්ගලික සමාගම් වලට හැරවිලා

    මේ අවුරුදු තුනේ රජයේ කිසිඳු අනුමැතියක් නැතිව භාණ්ඩාගාරයට එන සල්ලි පුද්ගලික සමාගම් වලට හැරවිලා

     

    “මේ අවුරුදු තුනේ රජයේ කිසිඳු අනුමැතියක් නැතිව භාණ්ඩාගාරයට එන සල්ලි පුද්ගලික සමාගම්වලට යන්න හැරවිලා තිබෙනවා. ඒකෙන් භාණ්ඩාගාරයට එන විශාල මුදලක් අහිමි වෙලා තිබෙනවා. රජයේ ආදායමෙන්.ඒ කාරණා සෙයා බලපුවාම රජයටත් සම්බන්ධ සිටි සිටින ඇතැම් අයගේ ව්‍යාපාරවලටත් වාසි දායක ලෙසට තමයි මේ රජයේ ආදායම් පුද්ගලික ආයතනවලට යන්න හදා තියෙන්නේ. මේක බොහොම සුක්ෂමව මේ අවුරුදු තුනක කාලයේදී කරලා තිබෙනවා.” යයි ඊයේ (26) පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේදි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත.

  • ජනප්‍රිය “කූඹියෝ” මෙගා ටෙලි නාට්‍යයේ තේමාව හා තිර රචනයේ හදිසි වෙනසක්..?

    ජනප්‍රිය “කූඹියෝ” මෙගා ටෙලි නාට්‍යයේ තේමාව හා තිර රචනයේ හදිසි වෙනසක්..?

    මෙරට මෙගා ටෙලි නාට්‍ය කලාවේ මෑතකදී අතිශය ජනප්‍රියත්වයට පත් “කූඹියෝ” ටෙලි නාට්‍යයේ තේමා ගීතය උපයෝගී කර ගනිමින් නිර්මාණය වූ ඉතා ආකර්ශනීය ගීතයක් අපට හමු වුණා. එහි මුල් නිර්මාණයට හානියක් නොවන පරිදි ප්‍රතිනිර්මාණය කර තිබූ මෙම ගීතය අප ඔබට ඉදිරිපත් කරන්නේ මෙය වත්මන් දේශපාලන තත්වය හමුවේ කෙතරම් තාත්විකද යන්න පෙන්වීම සඳහාය.

    මේ අපට අන්තර්ජාලයෙන් හමු වූ එම නිර්මාණයයි.

  • බැඳුම්කර වාර්ථාව හදිසියේම හෙළි කල ඇත්තම හේතුව ජනපතිගේ හඬින් (audio)

    බැඳුම්කර වාර්ථාව හදිසියේම හෙළි කල ඇත්තම හේතුව ජනපතිගේ හඬින් (audio)

    බැඳුම් කර කොමිසමේ වාර්ථාව හදිසියේම හෙළිකරන්නට වූ ඇත්ත හේතුව ජනපති මෛත්‍රී හෙළිකරයි…

    එම හඬපටය පහතින්,

  • FBI ප්‍රශ්න කිරීම් වලට මං බය නෑ… – ට්‍රම්ප්

    FBI ප්‍රශ්න කිරීම් වලට මං බය නෑ… – ට්‍රම්ප්

    පසුගිය ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්ට වාසි ගෙනදෙන අයුරින් රුසියානු අතපෙවීමක් සිදුව ඇති බවට කෙරෙන චෝදනාව මැතිවරණය අවස්ථාවේදී පවා පැවතුණු අතර  ඩිමොක්‍රටික් පක්ෂයෙන් එම චෝදනාව දැඩිව නැගුණි.එම ඡෝදනා වලට පිළිතුරු වශයෙන් හා වත්මන් තත්වයන් හේතුවෙන් 2016 ඇමෙරිකානු ජනාධිපතිවරණය සමයේ සිදුවූයේ යැයි කියන රුසියානු අතපෙවීම සම්බන්ධයෙන් FBI ආයතනය සිදුකරන පරීක්ෂණයේදී තමන් ඔවුන්ගේ ප්‍රශ්න කිරීම්වලට මුහුණදීමට සූදානමින් සිටින බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

     

  • බැසිල්ගේ බට නඩුව ජූනි 5 දා සිට

    බැසිල්ගේ බට නඩුව ජූනි 5 දා සිට

    පසුගිය ජනාධිපතිවරණ සමයේදී ප්‍රාදේශීය සභා වලට ජී.අයි. යකඩ බට බෙදාහැර රජයට රුපියල් කෝටි 3 1/2 කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල්වරයාට එරෙහි නඩුව ලබන ජුනි මස 04 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද (25දා)නියම කළේය.

    2014 ඔක්තෝබර් 31 වැනිදාත්, දෙසැම්බර් 31 වැනිදාත් අතර කාලයේ කොළඹදී ජනාධිපතිවරණය ආසන්න අවස්ථාවේදී ප්‍රාදේශීය සභා අතර රුපියල් 36,509,127.78ක් වටිනා ජී.අයි. යකඩ බට බෙදාහැර රජයට රුපියල් 36,509,127.78ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා තුනක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා ඇති අතර මෙලෙස චෝදනා ලබා සිටිනු‍යේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල් ආර්.ඒ.පී. රණවක මහතාය.

  • පවුල් 137කට බෙදා දීමට නියමිතව තිබූ නිල ඡන්ද පත්‍රිකා 288ක් එක ගෙදරක

    පවුල් 137කට බෙදා දීමට නියමිතව තිබූ නිල ඡන්ද පත්‍රිකා 288ක් එක ගෙදරක

    මුලතිව්, පුදුකුඩිඉරිප්පු, විශ්වමඩු උපතැපැල් කාර්යාලයෙන් පුදුකුඩිඉරිප්පු තේරාවිල්හි පවුල් 137කට බෙදා දීමට නියමිතව තිබූ නිල ඡන්ද පත්‍රිකා 288ක් පුද්ගලයෙකු හරහා ඡන්ද හිමියන්ට ලබාදීමට නියමිතව තිබුණද, එම ඡන්ද පත්‍රිකා මුලතිව් විශ්වමඩු තේරාවිල් ප්‍රදේශයේ නිවසක දමාගොස් තිබියදී පුදුකුඩිඉරිප්පු පොලීසියට ලැබුණු තොරතුරකට අනුව අද (25දා) සොයාගෙන ඇත.

    මේ සම්බන්ධයෙන් අදාළි නිවසේ හිමිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලීසිය කටයුතු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ උතුරු පළාත් නිලධාරීන් හා පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.