Category: සුපිරි Politics

  • එක්සත් ජනතා නිදහස් සන්ධානය කදුකරයට තරග වදින්නේ මෙහෙමයි…

    මෙවර පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතන කිහිපයක් වෙත කුකුළා ලකුණෙන් තරගවැදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබෙනවා.

    ඒ අනුව පැවැත්වීමට නියමිත මැතිවරණයේදී නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතන කිහිපයකට එක්සත් ජනතා නිදහස් සන්ධානය, ලංකා කම්කරු කොංග‍්‍රසයේ කුකුළා ලකුණෙන් තරග වැදිමට සන්ධානගත වි තිබෙනවා.

    ඊට අදාළ නාමයෝජනා අත්සන් තැබීම සිදු කෙරුණේ කොටගල පිහිටි ලංකා කම්කරු කොංග‍්‍රස් කාර්යාල මූලස්ථානයේදීයි. 

    මෙලෙස කුකුළා ලකුණෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය, කම්කරු කොංග‍්‍රසය සමග සන්ධානගතව තරග වදින්නේ දික්ඔය නගර සභාව මෙන්ම මස්කෙළිය, නෝර්වුඞ්, කොටගල, ආගරපතන හා නුවරඑළිය යන ප‍්‍රාදේශීය සභාවලටයි.

    එහෙත් ලංකා කම්කරු කොංග‍්‍රසය අඹගමුව ප‍්‍රාදේශීය සභාවට කුකුළා ලකුණෙන් තනිව තරග කිරීමටයි තීරණය කර ඇත්තේ. 

    කෙසේවෙතත් කොත්මලේ, හගුරන්කෙත හා වලපනේ යන ප‍්‍රාදේශීය සභා සඳහා කම්කරු කොංග‍්‍රසය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග සන්ධානගතව තරග වදින්නේ බුලත්කොලය ලකුණෙන්. 

    මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ නුවරඑළිය සංවිධායක පෙරියසාමි ප‍්‍රදිපන් පවසන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ගත් මෙම තීරණයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට අවාසියක් සිදුවන බවයි. 

    කුකුළා ලකුණෙන් තරග වදින පළාත් පාලන ආයතනවල නාමයෝජනා ලැයිස්තුවට කිසිඳු නිදහස් පක්‍ෂයේ දෙමළ අපේක්‍ෂකයෙකු ඇතුළත් කර නොමැති බවද ඔහු පවසනවා. 

    ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ නුවරඑළිය සංවිධායකවරයා මෙම අදහස් පළ කළේ හැටන් නගරයේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

    [rns_reactions]

  • ඡන්දෙට කලින් ඒකාබද්දෙන් 4ක් එජාපයට…

    එපාපයේ සිට මහින්දගේ සැලුන් දොරින් සංධානයට පැමිණි ප්‍රභල මෛත්‍රී වරු 4 දෙනෙක් එළැබෙන පළාත් පාලන මැතිවරණයට පෙර නැවත එක්සත් ජාතික පක්ෂයට එන බව දේශපාලන ආරංචි මාර්ග වල සඳහන් වේ.පොහොට්ටුව පුප්පන්න වලි කන බැසිල් රාජපක්ෂගේ අත්තනෝමතික ක්‍රියාවන් හමුවේ ඔවුන් මෙම තීරණය ගෙන ඇති බවට ඔවුන් ඉඟි පල කර ඇති අතර මහින්ද රාජපක්ෂ මහතා සමඟ කිසි අමනාපයක් නැති මුත් නාමල් වැනි ලඳ බොළද තරුණයන් හමුවේ තමන්ගේ ආත්මගෟරවය රැක ගැනීමට සිදුවීම තවත් එක් හේතුවක් බව ඔවුන් ඉඟි පල කර ඇත.

     

  • ජී.එල් ගේ නිදිමත නිසා එකතු වීමේ අවසන් පියවරත් සුං

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන එක්සත් පෙරමුණ එකතු කිරීමේ අවසන් වෑයම වශයෙන් අතුරලියේ රතන හිමියන් පසුගිය දිනක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අතර එහිදී පොදුජන එක්සත් පෙරමුණේ නායකත්වය මහින්දට දීමටත් අවශ්‍යනම් තව ඉහල තනතුරක් බැසිල්ට දීමටත් ජනපති එකඟ වී ඇත.ඒ අනුව දෙපාර්ශවයම පුටුව ලකුණින් තරඟ කිරීමට එකඟ කර ගැනීමට රතන හිමියන් මහින්ද රාජපක්ෂ මහතාව හමුව ඇති අතර එහිදී මහින්ද මහතා කියා ඇත්තේ “මගෙ ප්‍රශ්නයක් නෑ.. එකතු වෙන්න ඕනනම් බැසිල් එක්ක කතාකරන්න” කියලායි.

    ඒ අනුව පදනම් ආයතනයේදී රතන හිමි විසින් බැසිල් ,ජීඑල්,නිමල් සිරිපාල හා ඩිලාන් යන මහත්වරු හමුවූ අතර ජනාධිපති තුමා දෙගොල්ලො එකතු කරන්න පුළුවං ඕනම දේකට එකඟයි… අපි එකතු වෙලා ඡන්දෙ ඉල්ලමු කියල නිමල් සිරිපාල ද සිල්වා කියද්දී එයට හරස් ීඋන ජී.එල් අපි පොදුජන පෙරමුණ විදිහට තනි තීරණයක් ගන්න බෑ… ඒකබද්දයෙන් අහන්න ඕන කියල කියා සිටියා.ඒකාබද්දය මෙතන ගන්න තීරණයට එකඟයි අවශ්‍ය නම් සීබී මහින්දානන්ද පවිත්‍රා අපි මෙතෙන්ට ගෙන්නන්නම් යයි ඩිලාන් පෙරේරා කියා සිටියා.ඩිලාන් එහෙම කියද්දි එකතු වුනොත් තමන්ට සියල්ලම නැති වෙන බව දන්නා ජීඑල් දැන් මට නිදිමතයි පස්සෙ කතා කරමු කියල නැගිටල යන්න හැදුවා.මේ වෙලාවෙ නිමල් සිරිපාල ද සිල්වට කේන්ති ගිහින් අපිටත් කියල ආත්ම ගෟරවයක් තියෙනවා අන්තිම මොහොතෙත්  මෙහම එකතු වෙන්න කතාකරන්නෙ මහින්ද මහත්තයයි සිරිසේන ජනාධිපති තුමයි කියන නිසා කියල කිව්වා…කෙසේ වුවත් සාකච්ඡා අතරමග දමා නිදිමත ජීඑල් නැගිට යද්දී බැසිලුත් ඒ පස්සේම යන්න ගියා කියලයි දේශපාලන ආරංචි මාර්ග වල සඳහන් වෙන්නේ…

  • අලියාගේ වලිගය වෙනවට වඩා මැස්සාගේ ඔළුව වෙන එක හොඳයි කියන තියරියේ තමයි නාමල් ඉන්නේ…(Video)

    බැසිල් හිතන් ඉන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැරදුනොත් තමයි එයාගෙ අකටයුතු කම් වලින් එයාට ආරක්ෂා වෙන්න පුළුවං කියල… මහින්ද හිතන් ඉන්නෙ ශ්‍රී ලංකා එක පැරදුනොත් තමයි 2025 නාමල්ට තැනක් හදාගන්න පුළුවං කියලා… නාමල් හා නවක මන්ත්‍රී වරුන්ට ශ්‍රීලංකා එක නැවත එකතු උනොත් කිසි තැනක් ලැබෙන්නෙ නැති නිසා අලියාගේ නැට්ට වෙනවට වඩා මැස්සගේ ඔළුව වෙන එක හොඳයි කියල හිනෙවා … අන්න ඒ නිසයි මේ ගොල්ලො එකතු වෙන්න කැමති නැත්තෙ…

  • ජේ.ආර් ප්‍රේමදාසගේ කකුලෙන් ඇද්දෙ නෑ… චන්ද්‍රිකා මහින්දගෙ කකුලෙන් ඇද්දෙ නෑ… ඒත් මහින්ද ? (Video)

    ජේ.ආර් ප්‍රේමදාසගේ කකුලෙන් ඇද්දෙ නෑ… චන්ද්‍රිකා මහින්දගෙ කකුලෙන් ඇද්දෙ නෑ… ඒත් මහින්ද ?

  • ශ්‍රී ලංකා එකේ ඡන්ද වලින් දිනල ශ්‍රී ලංකා එකටම වලකපන පොහොට්ටුවන්ට මෙදා පොටේ බඩු බනිස්…(Video)

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරල පාර්ලිමේන්තු ගිහින් අද කවදාවත් නොපිපෙන පොහොට්ටුවක් පුප්පන්න වලි කන ඒකබද්ධ විපක්ෂයේ මන්ත්‍රී වරු මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලනිපයේ පක්ෂ විය්‍යවස්ථාවට අනුකූල නොවන අයුරින් වෙනත් කිසියම් පක්ෂයක ජයග්‍රහනය වෙනුවෙන් කටයුතු කලහොත් ඔවුන් පිළිබඳව නීතිප්‍රකාරව කටයුතු කරන බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක මහතා අනුරාධපුර පුදේශයේ පරවති රැස්වීමකදී කිය සිටියේය.

  • ලංකාවේ වයස්ගතම හිටපු මන්ත්‍රී දිවි ගමනට සමුදෙයි

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ ආර්.ආර්.ඩබ්ලිව්.රාජපක්ෂ මහතා අද (14) අභාවප්‍රාප්ත විය.

    මිය යන විට 93වැනි වියේ පසුවූ ඒ මහතා ශ්‍රී ලංකාවේ වයෝවෘද්ධතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙසද සැළකිණි.

    දොඩම්ගස්ලන්ද මැතිවරණ කොට්ඨාස නියෝජනය කළ ඒ මහතාගේ, බිරිඳ වන ලෙටීෂියා රාජපක්ෂ මහත්මියද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කර ඇත. 

    ශ්‍රී ලංකාවේ සිටි ජ්‍යෙෂ්ඨතම නීතිඥවරයකු ද ලෙස සැලකුණු රාජපක්ෂ මහතා මියයන තෙක්ම වයඹ පළාතේ සිටි ජ්‍යෙෂ්ඨතම නීතිඥවරයා ලෙසද පිළිගැනීමට ලක්ව සිටියේය.

    ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් දේශපාලනය ඇරඹූ ඒ මහතා 1965 දී එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාවක වූ හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය විසින් දොඩම්ගස්ලන්ද ආසන සංවිධායකවරයා ලෙස පත්කරනු ලැබ සිටියේය.

    එම වසරේ පැවැති මහ මැතිවරණයෙන් රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළද පාලන බලය ලබාගත් එක්සත් ජාතික පක්ෂය විසින් ගොනුකළ ඡන්ද පෙත්සමකට අනුව ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි විය. 

    එපමණක් නොව ඔහුගේ ඡන්ද අයිතියද අධිකරණය විසින් වසර 7කට අත්හිටවනු ලැබීය.

    [rns_reactions]

  • නාම යෝජනා භාරදීමේ දිනයේදී එජාපයේ එකකුත් ප්‍රතික්ෂේප වෙයි..

    නාවලපිටිය නගර සභාව වෙත ඉදිරිපත් කළ නාමයෝජනාවක්ද ප්‍රතික්ෂේප වී තිබෙනවා. ඒ අංක දෙක ගොන්දෙන්නාව කොට්ඨාශය වෙනුවෙන් ඉදිරිපත් කළ නාම යෝජනාවයි.

    [rns_reactions]

  • දුර්වලතා නිසා ප්‍රාදේශීය සභා 2කින් ශ්‍රීලනිප නාම යෝජනා ඉවතට..

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත්  පළාත් පාලන ආයතන 2ක් සදහා ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබෙනවා.

    ඒ දෙහිඅත්තකන්ඩිය ප්‍රාදේශීය සභාවට සහ පදිය තලාව ප්‍රාදේශීය සභාවට භාර දුන් නාමයෝජනා පත්‍රයි.

    [rns_reactions]

  • පිපෙන්නට පෙරම පණුවෝ ගසා වැලිගම සහ පානදුර ඇතුළු 6කින් පොහොට්ටුවේ නාමයෝජනා විසිවෙයි

    පළාත් පාලන ආයතන 93 ක් සදහා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනාවලින් 6 ක් ප‍්‍රතික්‍ෂේප වී තිබෙනවා. 

    ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා ප‍්‍රතික්‍ෂේප වී ඇත්තේ වැලිගම, පානදුර හා මහරගම යන නගර සභාවල සහ අගලවත්ත, බදුල්ල සහ මහියංගණය යන ප‍්‍රාදේශීය සභාවලයි. වැලිගම ප‍්‍රාදේශිය සභාවට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නාමයෝජනා භාරදී ඇත්තේ බලයත් නිලධාරියෙකු මගින් නොවීම එම නාමයෝජනාව ප‍්‍රතික්‍ෂේපවීමට හේතු වුණා. මහරගම නගර සභාවට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කර තිබූ නාමයෝජනාව ප‍්‍රතික්‍ෂේප වී ඇත්තේ එහි නියමිත කාන්තා නියෝජනය නොතිබීම හේතුවෙන්. 

    [rns_reactions]

  • පොහොට්ටු පුප්පන්න යන ශ්‍රීලනිප නායකයන්ව පාර්ලිමේන්තුවෙන් දොට්ට…

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීන් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනුමැතියකින් තොරව වෙනත් පක්ෂ සදහා සහයෝගය පල කළහොත් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.

    ඒ අනුව ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වී පොහොට්ටුවට සහයෝගය ලබාදෙන සියලු මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වනු ඇති.එලෙස පක්ෂ සාමාජිකත්වය අහෝසි වූ සැනින් ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්රිධුරයද අහෝසි කරනු ඇත.

    එලෙස ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්රිධුරය අහෝසි වූ සැනින් මීලගට තේරී පත්වන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයද එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

    ඒ අනුව මීලග මධ්‍යම කාරක සභාවේදී මෙලෙස කටයුතු කල පක්ෂ සාමාජිකයන්ගේ නම් ඉදිරිපත් කිරීමට නියමිත ඇති අතර ඒ දිස්ත්‍රික්ක වලට අනුව මනාප ලැයිස්තුවේ මීලගට තේරී පත්වී ඇති මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්තාව හිමිවනු ඇත.

    එලෙස පත්වන මන්ත්‍රීවරුන්ගේ නාම ලැයිස්තුව පහතින් ,

    කොළඹ දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්. ධනසිරි අමරතුංග, ජගත් කුමාර, කාන්ති කොඩිකාර, මහේශ් අල්මේදා, ජනක වලිවත්ත, ප්‍රසන්න සෝලංගරච්චි, චන්දන කත්‍රිආරච්චි

    ගම්පහ දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්. කෝකිලා ගුණවර්ධන, උපුල් රාජපක්ෂ, ගුණසිරි ජයනාත්, රුවන් රණතුංග, ෆිලික්ස් පෙරේරා, පන්ඩු බණ්ඩාරනායක, සරත් කුමාර, තිලක් වරාගොඩ

    කලුතර දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්. ලලිත් එල්ලාවල, තිලකසිරි පෙරේරා, නිමල් චන්ද්‍රරත්න, සුදත් සංජිව, තුසිත කුලරත්න

    මහනුවර දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්. එරික් වීරවර්ධන, ඒ ජී සිරිසේන, නිමල් ප්‍රේමවංශ, අනුශා ජිනනි, ලාල් සිරිසේන, හසිත චතුරංග

    මාතලේ දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්. නන්දිමිත්‍ර ඒකනායක,අසිත ඉදුනිල්, අනුරුද්ධ මොහාන්, මොහොමඩ් නව්ජි

    නුවර එළිය දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්. සිවරාජා අනුශ. නිමල් පියතිස්ස, එන් බී දිසානායක, කුමාර දසනායක,අශෝක සේපාල, ගමරාලලගේ රණසිංහ

    ගාල්ල දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්. බද්දේගම සමිත හිමි, ගුණරත්න වීරකෝන්, අරුන ප්‍රදීප්, මෙත්සිරි ඩ සිල්වා.

    මාතර දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්. මනෝජ් ප්‍රසන්ග, දර්මවිජය විජේසේකර, හේමචන්ඩ්‍ර හේමාල්, නන්දන සොසින්ඩ්‍ර, සුනෙත් නිලන්ග

    හම්බන්තොට දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්. අජිත් රාජපක්ශ, හර්ශ උදය, එරාජ් ප්‍රනාන්දු,හේමසිරි නිශ්ශන්ක

    දිගාමඬුල්ල දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්. සරත් ප්‍රියනන්ද, ඉන්දික නලින්, අතාවුල්ලා,ඉශාක් මන්සූර්

    ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්. විජයසේක ජයන්ත, කපිල නුවන්,නලින් තුශාර

    කුරුණෑගල දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්. ශාන්ත බණ්ඩාර, ජයරත්න හේරත්, නිමල් සෙනරත්, සුජානි මහේශිකා, අසන්ක නවරත්න

    පුත්තලම දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්. නියෝමාල් පෙරෙරා, ජගත් ප්‍රියන්කර්, දයාස්‍රිත තිසේරා, විකටර් පෙරේරා

    අනුරාධපුර දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්. වීරසේන ගමගේ, බන්ඩාර් ඒකනායක, ඩුමිදු දයාසේන.හේරත් බන්ඩා

    පොලොන්නරුව දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්. කින්ග්ස් නෙල්සන් , චන්ඩ්‍රසිරි සූරිය ආරච්චි, ජයසින්ඝ බන්ඩාර

    බදුල්ල දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්. ලක්ශ්මන් පින්තු, රෝහන කුමාර, මද්දුම බන්ඩාර, උදිත් ලොකුබන්ඩාර

    මොණරාගල දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්. සම්පත් ජයසූරිය, සරත් චන්ඩ්‍රසිරි, සුමතිපාල, ඩුමිදු රන්දුනු

    රත්නපුර දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්. වරුන ප්‍රියන්ත, රොහාන් කොඩිතුවක්කු, සමී රොහාන්, සුමිත් කන්කානම්

    කෑගල්ල දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්. රජික පියන්ගනී, යටන්වල පද්මසිරි, ලලිත් දිසානායක, අනුරුද්ද පොල්ගම්පල

    [rns_reactions]

  • ඉදිරි දින කිහිපයේදී ඒකාබද්ධයේ මන්ත්‍රිවරු පිරිසක් සමඟ පක්ෂ කීපයක 68ක් ජනපති මෛත්‍රි සෙවනට

    හිටපු කැබිනට් ඇමැතිවරයකු ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු කණ්ඩායමක් සමඟ දේශපාලන පක්ෂ කිහිපයකට සම්බන්ධ 68 දෙනකු ඉදිරි පළාත් පාලන ඡන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජය තහවුරු කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ අද හෙටම එක්වෙති.

    දිස්ත්‍රික් දහයක පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරුන් දස දෙනකු ජනාධිපතිවරයා හමුවී සිය කැමැත්ත පළකර ඇතැයි වාර්තා වේ.

    ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ යන පක්ෂවලට අයත් පිරිසක්ද ඇතුළු පළාත් පාලන සහ පළාත් සභාවල හිටපු මන්ත්‍රිවරු තුන්සියයකට ආසන්න පිරිසක් මේ වන විට ජනාධිපතිවරයා සමඟ එක්ව කටයුතු කිරීමට කැමැත්ත පළකර ඇති බව විශ්වාස කටයුතු ආරංචි සඳහන් කරයි.

    දැනට ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කරන ශ්‍රී ල.නි. පක්ෂයේ මැති ඇමැතිවරු මෙම කපුකමට සම්බන්ධ වී ඇති බව පැවසේ.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදී වෙන්වී යෑම වැළැක්වීමට ගෙනගිය සාකච්ඡා බිඳ වැටීම නිසා, වෙනත් මාර්ගයකින් පක්ෂය ශක්තිමත් කිරීමත්, එමඟින් පළාත් පාලන ඡන්දයේදී වැඩි පළාත් පාලන ආයතන සංඛ්‍යාවක් ශ්‍රී ලනි පක්ෂය සතු කර ගැනීමත් සඳහා මෙසේ මන්ත්‍රිවරු ඒකරාශී කර ගැනීමට තීරණය කර ඇති බව ජේ‍යෂ්ඨ ඇමැතිවරයකු පැවසීය.

    පක්ෂය සමඟ කලකිරී සිටින, එ.ජ.පයේ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන් පිරිසක්ද ළඟදීම ජනාධිපතිවරයා සමඟ එක්වන බවට එම ඇමැතිවරයා අනාවැකි පළ කළේය.

    [rns_reactions]

  • සී බී රත්නායක ආණ්ඩුව එක්ක දාපු ඩීල් එක එලිවෙයි… (Video)

    සී.බී රත්නායකගේ එකම අරමුණ මෙවර පළාත් පාලන ආයතන ටික පැරදවීම බව දිදුල නගර සභාවේ හිටපු නගරාධිපති අශෝක සේපාල මහතා ප්‍රකාශ කර සිටී.සී බී ගේ මෙම ක්‍රියාවන් හේතුවෙන් එතුමන් ස්වාධීනව තරඟ කිරීමට ඉදිරිපත් වන බවත් සීබී මෙසේ වැඩ කරන්නේ ආණ්ඩුව එක්ක කැබිනට් ඇමති කමකට ඩීල් එකක් දාල නිසා බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.සීබී මන්ත්‍රීවරයා ප්‍රකෝපකාරී ලෙස බැන වදින හැටි ජංගම දුරකතනයකින් ලබාගත් දර්ශනයක් මාධ්‍ය වෙත නිකුත් වී ඇත. 

  • පුත්තලමේ පොහොට්ටුවේ දරුණු ගැටුම්.. ලිද හෑරුවට පස්සේ වතුර බොන්න එන එවුන්ට මන්න පහර

    පළත් පාලන මැතිවරණයට අදාළ නාමයෝජනා ලැයිස්තු සැකසීමේදී ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් දෙදෙනෙකු අතර අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

    ඒ පුත්තලම දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් දෙදෙනෙකු අතරයි.

    ඉකුත්දා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත්ව ඒකාබද්ධ විපක්‍ෂයට එක් වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පි‍්‍රයංකර ජයරත්න සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සනත් නිශාන්ත අතර මෙම අර්බුදය හටගෙන ඇති බවයි පැවසෙන්නේ. 

    මෙම අර්බුදය විසඳා ගැනීමට දෙපාර්ශ්වයම මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාගේ කොළඹ පිහිටි නිවසට කැඳවා තිබෙනවා.

    සනත් නිශාන්ත මන්තී‍්‍රවරයා සිය නියෝජිතයන් නාමයෝජනා ලැයිස්තුවට ඇතුළත් කර නොමැති බවයි පි‍්‍රයංකර ජයරත්න මන්තී‍්‍රවරයා සදහන් කර ඇත්තේ. 

    මේ අතර පසුගියදා ඒකාබද්ධ විපක්ෂයේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශ්‍රියාණි විජේවික්‍රම ද සඳහන් කළේ සිය දිස්ත්‍රික්කය තුළ තමාට දේශපාලනය කිරීමට ඒකාබද්ධ විපක්ෂයෙන්ම බාධා සිදු කරන බවයි.

    [rns_reactions]

     

  • 93 නාම යෝජනා අදින් අවසන්.. ඉතිරි 248ට ලබන 18 සිට 21 දක්වා නම් කැදවයි..

    පළාත් පාලන ආයතන 93ට අදාළ නාමයෝජනා භාරගැනීම අද (14) දහවල් 12.00 න් අවසන් වනවා.

    නාමයෝජනා භාරගැනීම ආරම්භ කෙරුණේ ඉකුත් 11 වැනිදායි.

    මෙම පළාත් පාලන ආයතන 93 ට මහනගර සභා 7 ක් නගර සභා 18 ක් සහ ප‍්‍රාදේශිය සභා 68 ක් ඇතුළත්.

    එම පළාත් පාලන ආයතනවලට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ (13) දහවල් 12.00 න් අවසන් වුණා.

    නීතිමය ගැටලූ නොමැති පළාත් පාලන ආයතන 93 කයි මෙලෙස මුල් අදියරේදී නාමයෝජනා භාර ගැනීම සිදුවන්නේ. සෙසු පළාත් පාලන ආයතන 248 සඳහා නාමයෝජනා කැඳවීම ලබන 18 වැනිදා සිට 21 වැනිදා දහවල් 12.00 දක්වා සිදු කිරීමට නියමිතයි

    මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශිපි‍්‍රය ඉකුත්දා පැවති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේ පළාත් පාලන ආයතන සියල්ලේම මැතිවරණය පෙබරවාරි මස 17 වැනි දින හෝ ඊට පෙර පැවැත්වීමට හැකිවනු ඇති බවයි.

    [rns_reactions]

  • නිදහස් පක්ෂය වනසන්න උවමනාව තියෙන්නේ නාමල් බෙබිටයි ප්‍රසන්න කියන හිටපු මහ ඇමතියටයි – දයාසිරි

    ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂයේ සාමාජිකයින් එක්වීමට විරුද්ධ වූ දෙදෙනෙකු පිළිබදව අමාත්‍ය දයාසිරි ජයසේකර අද අනාවරණයක් සිදුකළා. ඒ, අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි.

    එම දෙදෙනා වන්නේ ප්‍රසන්න රණතුංග හා නාමල් රාජපක්ෂ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

    [rns_reactions]