Category: සුපිරි Politics
-
ඇමති ජෙයරාජ් ඝාතනය පිටුපස පොලිස් ලොක්කෙක්?? සැලසුම පසුගිය රජයේ සංවේධි නායකයෙකුගෙන්ලු
හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාව 2008 වසරේ වැලිවේරිය කාන්ති ක්‍රීඩා පිටිය අසල දී මරාගෙන මැරෙන LTTE බෝම්බකරුවෙකුගේ ප්‍රහාරයකින් මිය ගියේ ඔහු ඇතුළු 16 දෙනෙකු ඝාතනයට ලක් වෙමින්.ලක්වූ සිද්ධියට අදාළ නඩුව අධිකරණයේ විභාග වන අතර විශේෂ කාරණාවක් හෙළිවී තිබේනවා.ඒ ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඇමතිවරයා ඝාතනය කළාට රුපියල් ලක්ෂ 15ක් ලැබිය යුතු වුවත්, ලැබුනේ ලක්ෂ හත හමාරක් පමණක් බවට.එවකට ගම්පහ සහකාර පොලිස් අධිකාරි ලක්ෂ්මන් කුරේ තමන්ට ප්‍රකාශ කළබව හිටපු කොටි සාමාජිකයෙකු වූ මොහොමඩ් අලි හසන් අන්සාර් නැමැත්තා අධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් පවසා තිබෙනවා.මෙම ඝාතනයට අදාළව චෝදනා 31ක් යටතේ ත්‍රස්ත නායකයෙකු වන සෙල්වරාජා තිරුබාකරන් හෙවත් මොරිස් නැමැත්තා, එවකට ගම්පහ සහකාර පොලිස් අධිකාරි ලක්ෂ්මන් කුරේ, කොටි සාමාජිකයෙකු වූ තම්බයියා ප්‍රකාශ් හෙවත් ධනුෂ් යන තුන්දෙනාට නීතිපතිවරයා අධි චෝදනා ගොනුකර තිබෙනවා.පසුගියදා මෙම නඩුවේ සාක්ෂි විභාගයේ දී සාක්ෂි දුන් හිටපු කොටි සාමාජික අලි හසන් අන්සාර් මෙසේ පැවසුවා.“ත්‍රස්තවාදී ක්‍රියාවකට මා අත්අඩංගුවට පත්ව තිබුනා.2007 වසරේ දී මා ත්‍රස්ත විමර්ශන කඳවුරට යොමු කරන විට මොරිස් අත්අඩංගුවට පත්ව එහි සිටියා. මම මොරිස් හා මිත්‍ර වුනා. ලක්ෂ්මන් කුරේත් එහි සිටියා.”“ඔවුන් මා හා පෞද්ගලික දේවල් හා හැමදේම කිව්වා. ඇමති ජෙයරාජ් ඝාතනය ගැනත් කතා කළා.ඇමති ඝාතනය කළේ සත්‍යම් නමැති කොටි සාමාජිකයා බවත් ඔවුන් කිව්වා.”“ජෙයරාජ් ඇමතිවරයා ඝාතනය සම්බන්ධයෙන් මුදල් ගනුදෙනුවක් වූ බවත් කිව්වා.මොරිස් කිව්වා ඔහුට ලක්ෂ15ක් ලැබුනා කියලා. මට ලක්ෂ හතහමාරයි ලැබුනේ කියා ලක්ෂ්මන් කුරේ කිව්වා. එහෙම තමයි අපේ වැඩ කියා මොරිස් එවිට කිව්වා.”නඩුව නැවත ලබන ජනවාරි 09 හා16 කැඳවීමට නියමිතයි.[rns_reactions] -
ගීතාගේ නැටුම නිසා බෙන්තොට පොහොට්ටුව පිපෙන්නට පෙරම පරවෙයි..
හිටපු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය විසින් පොහොට්ටුව ලකුණින් තරග කිරීමට නාමයෝජනා ලබා නොදුන්නැයි පවසමින් බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂනායකවරයකු ලෙස කටයුතු කළ එල්.ඩබ්ලිව්. රත්නපාල මහතා ඇතුළු පිරිසක් ස්වාධීන කණ්ඩායමක් වශයෙන් ගාල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් හමුවේ ඇප මුදල් තැන්පත් කළහ.
බෙන්තොට ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා ලැයිස්තු සකස් කිරීම ගීතා කුමාරසිංහ මහත්මියගේ වුවමනා එපාකම් මත සිදුකළ බවත් ඇය හිතාමතාම තමන් ඇතුළු සභිකයන් කිහිප දෙනෙකුගේ අපේක්ෂකත්වය සඳහා අදාළ නිර්දේශ යවා නොමැති බවත් එසේ හෙයින් තමා ඇතුළු එම පිරිස ස්වාධීන කණ්ඩායමක් වශයෙන් ඇප මුදල් තැන්පත් කිරීමට කටයුතු කළ බවත් රත්නපාල මහතා පැවසීය.
[rns_reactions]
-
“රජයත් අපේ; පොලිසියත් අපේ; අපිට ඕන කෙනෙක්ව අපි එලවලා දානවා” ජෝන් අමරතුංග ලයිෂන් චන්ඩියෙක් වෙයි..
“රජයත් අපේ, පොලිසියත් අපේ; අපිට ඕන කෙන්ක්ව අපි එළවලා දානවා” ඊයේ දින රැස්වීමක් අමතමින්, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කළේය. “අපිට අවශ්‍ය ඔබේ චන්දය පමණයි” ඔහු තම ආධාර කරුවන් අමතමින් පැවසිය.
ඔහු තවදුරටත් ප්‍රකාශ කලේ වෙළඳපල මිලේ තරඟකාරීත්වය තබා ගැනීමට සහල් සහ පොල් ගෙන්වීමට රජය විසින් පාලනයක් ගෙන එන බවයි. “ජිවන වියදම ඉහල යාම පිලිබඳ රජයට බැනලා වැඩක් නැහැ, මිල පහල දැමීමට අපි කඩිනම් පියවර ගන්නවා”
එළෙඹෙන චන්දයට සහභාගී වීමට හැකි පරිදි ඕනෑම කෙනෙකුට ජාතික හැඳුනුම්පත් ලබාගැනීම උපකාර කිරීමටත් තමා සුදානම් බවත් අමාත්‍යවරයා පැවසුවේය -
අල්ලසට හා දුෂණයට එරෙහිව 2015 ජනවාරි 08 ඡන්දය දුන් සියලු දෙනාට වූ පොරොන්දු ඉටු කරනවා …

අල්ලස් සහ දුෂණ වලට එරෙහි සටන කඩිනම් කිරීමට ශක්තිමත් ක්‍රියාවලියක් අවශ්‍ය බව නීතිය සහ සාමය පිලිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා ලෝක දුෂණ පිටුදැකීමේ දිනයේදී ප්‍රකාශ කරන ලදී. , බාධක නොතකා අපගේ නීතිමය අංශ ද මේ වෙනුවෙන් දිව රෑකැප වී වැඩ කරන බවත් සාගල මහතා එහිදි වැඩි දුරටත් කියා සිටින ලදී.
-
ශ්‍රීලනිපය වනසන්නට වෙර දරන බැසිල් – රනිල් ඩීල් එක හෙළිවෙයි! මෙන්න සාක්ෂි
රාජපක්ෂ රෙජීමයේ දේශපාලන සහ ඩීල් අංශය භාර අමෙරිකානු පුරවැසි කුප්‍රකට බැසිල් රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂයේ බළල් අතක් බවට කලක සිට අභ්‍යන්තර දේශපාලනය තුළ සාකච්ඡාවට බඳුන් වී තිබුණද ඊට සැලකිය යුතු තරමේ සාක්ෂි මෙතෙක් අනාවරණය වී නොතිබුණි. එහෙත් පසුගිය දා සිදු වූ සිදුවීමක් සමඟ මෙය අපට කරුණු සාක්ෂි සහිතව ඔප්පු කිරීමට හැකියාව ලැබී ඇත.
පසුගිය ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරදීමත් සමඟම මහින්දට සහය පළකරමින් එජාපයෙන් පැන දින30 ඇමතිකමක් දැරූ තිස්ස අත්තනායකට මහින්ද රාජපක්ෂ නායකත්වය දරණ පොදු ජන පෙරමුණේ බැසිල් රාජපක්ෂගෙන් සිදු වූ සැලසුම් සහගත කැපිල්ලක් සමඟ මෙය හෙළිදරව් වී තිබේ.
පැවති ජනාධිපතිවරණයේදී මහින්දට සහය පළකරමින් තිස්ස අත්තනායක සමඟ පැමිණි මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රාදේශීය අපේක්ෂයින් හට මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා ලබා දී නොමැති අතර ඔවුන් තමන්ට අත් වූ ඉරණම තිස්ස අත්තනායක පැමිණ පවසා ඇත.
ඒත් සමඟම තිස්ස අත්තනායක ඔවුන්ව පොදු ජන පෙරමුණ යටතේ තරඟ කරවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය සඳහා බැසිල් රාජපක්ෂව අමතා අවස්ථාව ඉල්ලා ඇති අතර ඒ සඳහා හමුවක් සඳහා ජැයික් හිලටන් වෙත පැමිණෙන ලෙස බැසිල් තිස්සට පවසා ඇත.
ඒ අනුව පසුගිය සති ජැයික් හිල්ටන් හිදී බැසිල් සහ තිස්ස අතර හමුව සිදු වී ඇති අතර බැසිල් එහිදී පොදු ජන පෙරමුණින් ඔවුන්ට තරඟ කිරීමේ අවස්ථාව සකසා දෙන බවට තිස්සට පොරොන්දු වී ඇති අතර තව දින දෙක තුනකින් තමා අමතන ලෙසටද දැනුම් දී ඇත.
ඒ අනුව දින දෙකකට පසු තිස්ස අත්තනායක, බැසිල්ව දිගින් දිගටම ඇමතුවද බැසිල් දුරකථනයට පැමිණ නැත. දිගින් දිගටම තිස්ස, බැසිල්ව සම්බන්ධ කරගැනීමට උත්සහ කළ ද එම උත්සහය ව්‍යර්ථ වී ඇත. කෙසේ වෙතත් තිස්ස පැමිණ බැසිල්ව හමු වූ බවත්, ඔහුගේ ඉල්ලීම වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා ලබා දීම ප්‍රතික්ෂේප කළ අපේක්ෂකයින්ට, පොදු ජන පෙරමුණ හරහා නාමයෝජනා ලබාදැනීම බවත් එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හෙළි වී ඇත. ඒත් සමඟම බැසිල් වෙත අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලැබුණු විශේෂ දුරකථන ඇමතුමෙන් ලැබී ඇති නියෝගය වී ඇත්තේ, තිස්ස අත්තනායකට හෝ ඔහුගේ කිසිඳු ආධාරකරුවකුට පොදු ජන පෙරමුණේ කිසිඳු ඉඩක් හෝ අවස්ථාවක් ලබා නොදෙන ලෙසයි.
එසේ ලද නියෝගයට අනුව බැසිල්, තිස්සට මෙලෙස පොල්ල තබා ඇත. මේ හේතුවෙන් ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වැනි වූ තිස්සට තම ආධාරකරුවන්ට වත් මුහුණ දී ගත නොහැකි තත්වයකට පත්ව කොන්ව සිටින බවට වාර්තාවේ.
කෙසේ වෙතත් මෙම සිදුවීමත් සමඟම බැසිල් සහ රනිල් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය අතර තිබෙන ඩීල් ගනුදෙනුව සහ මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් සහ බැසිල්ගේ මෙහෙය වීමෙන් සිදුවන දේශපාලන කොන්ත්‍රාත්තුව පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න සැකයකින් තොරව පෙන්නුම් කරන්නකි.
මෙම සිදුවීමෙන් තිස්ස ලක්වූ අපහසුතාවය මඟහරවා ගැනීම සඳහා තිස්ස අත්තනායක විසින්ම එක්තරා ජාතික පුවත් පතකට තමා පොදු ජන පෙරමුණ සමඟ කිසිඳු සාකච්ඡාවක් සිදු නොකළ බවට විශේෂයෙන් පවසා තිබෙනු දක්නට ලැබිණ.
[rns_reactions]
-
මැතිවරණ නීතිය රට පුරා දැන් ක්‍රියාත්මකයි
මැතිවරණයක් සඳහා නාම යෝජනා භාර ගැනිම ආරම්භ කිරීමත් සමග මැතිවරණ නීති ක‍්‍රියාත්මක වීමද ඊයේ (11) සිට ආරම්භ වන බව පොලිසිය සිහිපත් කරනවා.
කොළඹ දී (11) පැවති මාධ්‍ය හමුවේ දී මේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියා.
මැතිවරණ රාජකාරි සඳහා නිලධාරින් දසදහසක් යොදවන බව ද පොලිස් ප‍්‍රකාශකවරයා මෙහිදී පැවසුවා.
ඔවුන් නිසි ලෙස රාජකාරී කිරීම තහවුරු කිරීමට ද සැළසුම් සකස් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පළාත් පාලන ආයතන 93ක් සඳහා නාම යෝජනා භාර ගැනීම ඊයේ (11) ආරම්භ වුණා.
පළමු දිනයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය බදුල්ල දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතන 5කට නාම යෝජනා භාරදුන් බව සදහන්
[rns_reactions]
-
පීඩාවට පත්වෙන විභාගය ලියන දරුවන් සහ පොදු ජනතාව වෙනුවෙන් වර්ජකයින්ගෙන් ජනපති කළ ඉල්ලීම
සාමාන්‍ය පෙළ විභාග අපේක්‍ෂක පාසල් දරුවන් මෙන්ම පොදු මගී ජනතාව පත්වන අපහසුතා සැලකිල්ලට ගෙන වර්ජනයේ නිරත දුම්රිය රියදුරන් ඇතුළු සියලූ කාර්ය මණ්ඩලවලින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉල්ලීමක් කරනවා.
උසස් අධ්‍යාපනයේ කඩඉම් විභාගයකදී සිසු දරුවන් පත්වන මානසික තත්ත්වයන් පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු බැවින් මානුෂීය වශයෙන් සිතා සිය වගකීම් ඉටුකරන ලෙසයි ජනාධිපතිවරයා ඉල්ලා සිටින්නේ.
වර්ජනයට එක්වූවන්ගේ විසඳී නැති ගැටළු ඇත්නම් ඒවා විසඳා ගැනීමට ඉදිරියේදී සාකච්ඡා කිරීමේ අවස්ථාවක් ලබාදිය හැකි බවයි ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත්තේ.
[rns_reactions]
-
දුම්රියේ වැටුප රුපියල් ලක්ෂ 2ටත් වැඩියි..අවරුදු 2ට 22000+ 2020දි 50400ක්.. එත් මදිලු.. අදත් වර්ජනයේ..
දුම්රිය රියදුරෙකු අතිකාල දීමනාද සහිතව මසකට රුපියල් දෙලක්ෂ විසි හයදහසක(226 000) වැටුපක් ලබාගන්නා බව මේ වනවිට ප්‍රසිද්ධ රහසක්..
එසේ තිබියදී මෙලෙස වැඩ වර්ජනය කිරිම අමන ක්‍රියාවක්..
දුම්රිය රියදුරන්ගේ පඩිය රුපියල් 10 000 න් වැඩිකළාම මේ අවුරුදු දෙකට රුපියල් 22 000 න් පඩිය වැඩිවෙලා තියෙනවා. 2020 වෙද්දි රුපියල් 54 000 න් පඩිය වැඩිවෙනවා. ඔවුන් අතිකාල දීමනා එක්ක මාසෙකට දෙලක්ෂ විසි හයදාහක්( 2 26 000 ) පඩිගන්නවා. සමහර අය දෙලක්ෂයක් , එක්ලක්ෂ හැත්තැ පන්දහසක් ගන්නවා. දුම්රිය රියදුරෙක් පැය අටත් වැඩකරනවා. පැය නවයක් විවේක කාලයක් තිබෙනවා. ඒ විවේක කාලය පැය නවයට එක පැයකට පැය එකහාමාර ගානේ පැය 600 ක් අතිකාල ගන්නවා…‘‘
දුම්රිය වෘත්තීය සමිති පසුගිය (6) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කර ඇති වැඩවර්ජනය නිසා මගීහු දැඩි පීඩාවට පත්ව සිටිති.
[rns_reactions]
-
උපන්ගෙයි මියැදෙන පොහොට්ටුව..
මේ දින වල දේශපාලන කරළියේ වැඩිපුරම අහන්නට දකින්ට ලැබෙන්නේ එළැබෙන පළාත් පාළන මැතිවරණය ගැනයි.ඒ සම්බන්ධව පොහොට්ටු පක්ෂයේ නොයෙක් ගැටුම් නිතරම අහන්න දකින්න ලැපෙනවා..මන්ත්‍රීවරු වරියො පොහොට්ටුව හැරදමා ජනපති මෛත්‍රීත් එක්ක ශ්‍රීලනිපය වෙත වේගයෙන් එමින් පවතින අවධියක පොහොට්ටුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් කියවෙන්නේ බැසිල් රාජපක්ෂගේ අකටයුතුකම් දරාගැනීමට නොහැකිව මෙසේ සිදුවන බවයි… 2015 ඡන්දය පරාද වීමත් සමගම පැදුරටත් හොර රහසේ රටින් පිටව ගිය බැසිල්ට ලංකාවට නැවත එන්න පුළුවං කමක් ලැබුනේ විමල් දිනේෂ් ගම්මන්පිල ප්‍රමුක ඒකාබද්දේ මන්ත්‍රී වරු නිසා බව අමුතුවෙන් කිව යුතු නැත.එම සුළු පක්ෂ ටිකේ උදව්වෙන් පොහොට්ටුව අටවාගත් පසු බැසිල් මුලින්ම කැරන්නේ කන්න දුන්න අත හපා කෑමයි..ඒ විමල් දිනේෂ් ගම්මන්පිල යන අයට පල නොකියා පලා බෙදීමෙනි.මෙසේ කරන්නේ 2020 වන විට බැසිල් අගමැති වෙන්න හීන මවමින් ඉන්න නිසා යන්න ඒකාබද්දය ඇතුලතින් මේ වන විට මතුව ඇත. මෙවන් වාතාවරණයකදී මහින්ද රාජපක්ෂ වටා ආදරෙන් එකතු වූ දේශපාලන ක්‍රියාකරුවන් තවත් ඉවසා සිටීද?පොහොට්ටුව පිපෙන්නටම පෙර පරවෙයිද?
-
“මෛත්‍රී සර්ට දුන්නා නේද සර් දන්නේම නැතුව…” ෂැන්ග්‍රිලා හොටලේදි මෛත්‍රී, මහින්දට දුන් විරේකය
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතාගේ පුත් පසඳ යාපා අබේවර්ධන මහතාගේ විවාහ උත්සවයේදි මෛත්‍රී- මහින්ද හමුව සහ එහිදි මෛත්‍රී ජනාධිපතිවරයා දැක්වු දැඩි සුහදතාව සහ ඊට අදාල ඡායාරූපය පැය කිහිපයික් තුලදි මාධ්‍ය හරහා සමාජ කිරිමේ මෙහෙයුම හේතුවෙන් මහින්ද පිළ දැඩි ලෙස අර්බුදයකට පත්ව තිබෙන බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තාවේ.
අදාල ඡායාරූපය එලියට ආ සැනින් ඒකාබද්ධයේ මහින්ද පිළේ කිහිප දෙනෙකුම මහින්දට දුරකථනයෙන් පවසා ඇත්තේ මේ තීරණාත්මක අවස්ථාවෙ ඒ ආකාරයේ ඡායාරූපය පාක්ෂිකයින් අතට පත්විම හරහා මෛත්‍රී ජනාධිපතිවරයා මේ තරම් සුහදත්වයක් පෙන්වද්දි මහින්ද පක්ෂය කඩන්න උත්සහ කරන්නේ කුමක් නිසාද යන්න ගැටලුවක් වන බවයි.
අදාළ මංගල උත්සවයේදි මෛත්‍රී ජනාධිපතිවරයා තමන්ගේ පක්ෂය කඩා දැමිම සදහා කුමන්ත්‍රණය ප්‍රතිවාදියා වු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ඉතාමත් සුහදශීලි ලෙස සිනාසි කතාබහ කරමින් සිටින ඡායාරූපය පුවත්පත් වල ප්‍රධාන පුවත් ලෙස පලවිමත් එම ඡායාරූපය සමාජ ජාලා හරහා වෙගයෙන් ජනතාව අතට යෑමත් සමග මෙම අර්බුදය හටගෙන තිබේ.
මගුලට පසුදාම මහින්ද හමුවිමට පැමිණී ඒකාබද්ධයේ මාධ්‍ය ලොක්කා ලෙස පෙනී සිටින මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ජාතික පුවත් පත් රැසක් මහින්දට පෙන්වමින් ඔලුවේ අත් තියාගනිමින් මහින්දගෙන් විමසා ඇත්තේ “මෛත්‍රී සර්ට දුන්නා නේද සර් දන්නේම නැතුව”යනුවෙනි. එයට පිළිතුරු දෙමින් මහින්ද පවසා ඇත්තේ තමන් නොදැනුවත්වම එම උගුලට හසුවු බවත්ය.
පසුගිය 07 වැනිදා සැන්ග්‍රීලා හෝටලයේ (shangri la) පැවති මංගල උත්සවය සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි විමත් එහිදි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට දැඩි සුහද දැක්විමත් ඊට ආදාළ ඡායාරූපය ඉතා සියුම්ව ගැනිමේ සහ ඒවා මාධ්‍ය හරහා වේගයෙන් ප්‍රචාරය කිරිම යන් සියල්ලම් ඉතාව සැලසුම් සහගතව ක්‍රියාත්මක වු අතර ඒ සදහා මෛත්‍රී ජනාධිපතිවරයාගේ අධික්ෂණය යටතේ විශේෂ කණ්ඩායමක් ක්‍රියාත්මක වි තිබේ.
ජනාධිපතිවරණයෙන් පසුව කතානායක නිළ නිවසේදී මෛත්‍රී – මහින්ද හමුවු අවස්ථාවේ සිට අහබු ලෙස හමුවු අවස්ථා රැසකදි සතයකට මෛත්‍රීට මහින්ද හමුවුවද මෛත්‍රී,මහින්ද සතයකට මායිම් නොකල අතර පුත් පසඳ යාපා අබේවර්ධනගේ මගුල් ගෙදරදි හදිසියේම මහින්දට දැඩි සුහදත්වයක් දැක්විම මහින්දගේ ඇස් නිලංකාර කරන සිදුවිමක් වුවද එය මහින්දට මෛත්‍රී ගැසු කපොතියක් බව දැන ගත්තේ මහින්ද ගැන ගමේ තිබුන විශ්වාසය නොදැනිම බිද දැමිම හරහාය. එම හානිය පූර්ණය කර ගැනීම සඳහා මහින්ද පොහොට්ටුවේ නාම යෝජනා අත්සන් කිරීමේ උත්සවයක්ද සංවිධානයට කොට ඊටද සහභාගී වුයේ තමා ඒකාබද්ධය සහ පොහොට්ටුව සමඟ සිටින බව පෙන්වීම සඳහාය.






-
ශ්‍රියානි විජේවික්‍රම ගියා නෙමෙයි යැව්වා…(Video)
ශ්‍රියානි විජේවික්‍රම ගියා නෙමෙයි යැව්වා… නාමයොජනා පිළිබඳ සාකච්චා වලදි ඇයට අපෙන් යන්න කිසිම හේතුවක් තිබුනේ නෑ…අම්පාර නාමයොජනා ප්‍රශ්න විසදගන්න එතුමියට 6 වතාවක් කමිටුවට එන්න වුනා… අන්තිම සෙනසුරාද තමයි ඇයට එපා වූනේ ඇය කිව්වා මේ ප්‍රශ්න විසඳගන්නෙ නැතිව මට ගමට යන්න වෙන්නෙ නෑ කියල…
– උදය ගම්මන්පිල
-
සියල්ල අභිබවමින් ‘ජනපතිට කියන්න’ ඊ ස්වාභිමානී රන් සම්මානය දිනාගනී
දෙස් විදෙස් ශ්‍රී ලාංකීය ජනතාවගේ ප්‍රශ්න ගැටලු සෘජුව ජනාධිපතිවරයා වෙත යොමුකරමින් විසඳුම් ලබාදීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘ජනපතිට කියන්න’ වැඩසටහන 2017 ‘ඊ ස්වාභිමානී’ රාජ්‍ය සහ මහජන සබඳතා අංශයේ රන් සම්මානය දිනා ගැනීමට සමත්ව ඇත.
ශ්‍රී ලංකා තොරතුරු සහ තාක්ෂණික නියෝජිතායතනය (ICTA) මඟින් ඩිජිටල් අන්තර්ගතයන් නිර්මාණය කිරීම අගය කිරීම සඳහා ආරම්භ කරන ලද ඊ ස්වාභිමානී රාජ්‍ය සම්මාන ප්‍රදානයට සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මඟින් ක්‍රියාත්මක ඩිජිටල් වැඩසටහන් අධීක්ෂණයට ලක්කොට ඒ අතරින් තෝරා ගන්නා හොඳම ඩිජිටල් වැඩසටහන් ව්‍යාපෘතිය සඳහා මෙම සම්මානය ප්‍රදානය කරනු ලබයි.
ඊ ස්වාභිමානී සම්මාන ප්‍රදානයේදී රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මඟින් ජනතාවට තම සේවා සහ පහසුකම් සැපයීම වෙනුවෙන් ක්‍රියාත්මක ඩිජිටල් වැඩසටහන් හි පද්ධති සැකසුම්, ක්‍රියාත්මක ක්‍රමවේදයන්, පරිශීලක පහසුව, කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී මුලික අවධානය යොමුකර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අදහසට අනුව ජනතාවගේ නොවිසඳුනු ප්‍රශ්න සහ ගැටලු කඩිනමින් විසඳීම සඳහා ආරම්භ කරන ලද මෙම ‘ජනපතිට කියන්න’ වැඩසටහන සඳහා භාවිතා කරන ඩිජිටල් මෘදුකාංගය ජනාධිපති කාර්යාලයේ අවශ්‍යතාවය මත ශ්‍රී ලංකා මොබිටෙල් සමාගම විසින් නිර්මාණය කොට සංවර්ධනය කරන ලද්දකි.
‘ජනපතිට කියන්න’ ව්‍යාපෘතිය ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක මහතාගේ සහ මහජන සබඳතා අංශයේ ප්‍රධානී ජනාධිපති අතිරේක ලේකම් සුනන්ද කාරියප්පෙරුම මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකා තොරතුරු සහ තාක්ෂණික නියෝජිතායතනය (ICTA) විසින් සංවිධානය කළ ‘ඊ ස්වාභිමානී 2017’ සම්මාන උළෙලේ දී ‘ජනපති කියන්න’ සඳහා වන සම්මානය ලබාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනය නියෝජන කරමින් එහි ව්‍යාපාර විසදුම් අංශ ප්‍රධානී චමිත් හෙට්ටිආරච්චි සහ ව්‍යාපාර විශ්ලේෂණ කළමනාකරු චමිල ඉලංගකෝන් යන මහත්වරුන් සහභාගී වූ අතර ජනාධිපති කාර්යාලය නියෝජනය කරමින් ජනාධිපති ජේෂ්ඨ සහකාර ලේකම් සමන්ති රණසිංහ මහත්මිය සහ ජනාධිපති මාධ්‍ය අංශයේ සහකාර අධ්‍යක්ෂ ශාලික රණතුංග මහතා සහභාගී විය.
ජනතාවගේ නොවිසඳුනු ගැටලු විසඳන ‘ජනපතිට කියන්න’
රන් සම්මාන දිනූ ‘ජනපතිට කියන්න’ වැඩසටහන යනු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පළමු වර්ෂ පුර්ණය වෙනුවෙන් ජනාධිපතිතුමා විසින් වර්ෂ 2016 ජනවාරි 08 වන දින මෙම ‘ජනපතිට කියන්න’ වැඩසටහන හඳුන්වා දෙන ලදී.
රජයේ සේවා සැපයීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරමින් මහජන ගැටලු, දුක්ගැනවිලි සහ අදහස් හා යෝජනා අතිගරු ජනාධිපතිතුමා වෙත කාර්යක්ෂමව හා සරලව ඉදිරිපත් කිරීමට සහ ඊට කඩිනමින් ඵලදායීව ප්‍රතිචාර දක්වමින් විසඳුම් ලබා දීමට පහසුකම් සැලසීම මෙම වැඩසටහනේ අරමුණ වේ.
මහජනතාවට 1919 දුරකථන අංකය ඔස්සේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමතීමෙන් හෝ වෙබ්, ඊමේල්, තැපැල් යන ආකාරවලින් ජනාධිපති කාර්යාලය වෙත තමන්ගේ පැමිණිලි, දුක්ගැනවිලි හෝ යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව ‘ජනපතිට කියන්න’ වැඩසටහන හරහා ලබා දී ඇත.
මෙයට ලැබෙන පැමිණිලි ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය මඟින් පරික්ෂා කෙරෙන අතර එහිදී එම පැමිණිලි, දුක් ගැනවිලි වැඩිදුර කටයුතු සඳහා අදාළ අමාත්‍යංශ හෝ ආයතන වෙත යොමු කරනු ලබයි.
ඉහත සියලු කටයුතු නව තාක්ෂණය යොදාගෙන නිර්මාණය කරනු ලැබූ පරිගණක දත්ත පද්ධතියක් හරහා කාර්යක්ෂමව ක්‍රියාත්මක වේ.
දැනට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව: 164504
විසඳා අවසන් කල පැමිණිලි සංඛ්‍යාව: 62351
විසඳමින් පවතින පැමිණිලි සංඛ්‍යාව: 59351
පරික්ෂා කිරීමට ඉතිරිව ඇති පැමිණිලි සංඛ්‍යාව: 16895ජනපතිට කියන්න වැඩසටහන හා සම්බන්ධ විය හැකි ආකාර
1. 1919 දුරකථන අංකය ඇමතීමෙන්
2. http://tell.president.gov.lk වෙබ් අඩවියට පිවිසීම මගින්
3. තැපැල් පෙට්ටි අංක 123, කොළඹ යන ලිපිනයට ලිපි එවීම මගින්
4. tell@presidentsoffice.lk යන ලිපිනයට විද්‍යුත් පණිවුඩයක් එවීම මගින්
5. ජංගම දුරකථන මෘදුකාංගය භාවිතයෙන්[rns_reactions]
-
ශ්‍රීලනිපයට ශක්තියක් වෙමින් ජවිපේ සහ පෙරටුගාමී මන්ත්‍රීන් ජනපති මෛත්‍රී සමගින් එක් වෙයි
ඉදිරි දින දෙක තුළදී ජනතා විමුක්ති පෙරමුණේ, පෙරටුගාමී පක්ෂය සිටි ප්‍රබලයින් විශාල පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධවීමට සූදානමින් පසුවන බව ජනාධිපති කාර්යාල ප්‍රකාශකයකු කියා සිටියේය.
මේ පිරිස අතර හිටපු පළාත් සභා මන්ත්‍රීවරු 12 දෙනෙකු, හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරු 04ක් හා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 08 ක් ද සිටින බව අදාළ ප්‍රකාශකයෙ කීය.
පෙරටුගාමී පක්ෂයේ සිටි ප්‍රබලයින්ද ඇතුළුව 61 දෙනෙකු සිරිසේන මහතා සමඟ අනිද්දා (13) එක්වන බවද පැවසේ.
[rns_reactions]
-
ශ්‍රීලනිපය දෙකඩ කරන්න රනිල් එක්ක ඩීල් එක තියෙන්නේ එ්කාබද්දයටයි… (video)
ශ්‍රීලනිපය දෙකඩ කරන්න රනිල් එක්ක ඩීල් එක තියෙන්නේ එ්කාබද්දයටයි…- වීරකුමාර දිසානායක
-
පළාත් සභා මැතිවරණය මාර්තු අවසානයේ’ – අතිරේක සොලිසිටර් ජනරාල්
ලබන වසරේ මාර්තු මාසය අවසන් වීමෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට අද (11) දැනුම් දුන්නාය.
සීමා නිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවෙන් සම්මත වු වහාම මැතිවරණය කැඳවීමට මැතිවරණ කොමිසමට බලය ඇති බවද පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල් ද සිල්වා මහත්මිය පළාත් සභාවල කාලය අවසන් වීමක් මිස පෙත්සම්කරුවන් පවසන පරිදි පළාත් සභා මැතිවරණය කල් දැමීමක් සිදුවී නැතැයිද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නාය.
අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප්, සිසිර ද අබෲ සහ නලීන් පෙරේරා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සළකා බැලිණි.
ඕමාරේ කස්සප හිමි, සබරගමුව පළාත් සභා මන්තී‍්‍ර කාංචන ජයරත්න, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, හිටපු අමාත්‍ය ජී.ඇල්. පීරීස් ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පළාත් පලාන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සහ නීතීපතිවරයා නම් කොට ඇත.
ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධයෙන් වැඩිදුර සළකා බැලීම සඳහා ලබන 17 වැනිදා දක්වා කල් තබන ලදී.[rns_reactions]
-
ආන්දෝලනාත්මක කාන්තා නියෝජනයක් සටහන් කරමින් ශ්‍රීලනිපයෙන් දෙහිවලට ගයේෂා..
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දෙහිවල ගල්කිස්ස නගර සභාව සඳහා රංගන ශිල්පිණී ගයේෂා පෙරේරා නාම යෝජනා අත්සන් තබා තිබෙනවා.
ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් කිර්ති උඩවත්ත ඉදිරියේ නාම යෝජනා අත්සන් කළ ඇය, දෙහිවල නැගෙනහිර කවුඩාන කොට්ඨාශයට ඉදිරිපත් වන බවයි එම පක්ෂය සඳහන් කළේ.
රංගන ශිල්පිණී ගයේෂා පෙරේරා නාම යෝජනා අත්සන් තැබීම
[rns_reactions]
