Category: සුපිරි Politics

  • අනුරාධපුරයේ ඥානම්මා හමුවී පූජාවක් තියා හිටපු ජනපති මහින්ද ගියේ කොහෙද?

    හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ජපනයේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් ඇතැයි වාර්තා වේ.

    ඒ මහතා සමග ඔහුගේ පුත් යෝෂිත රාජපක්ෂ ද ගොස් ඇති බව පැවසේ.

    කෙසේවුවද, පෙර දැනුම්දීමකින් තොරව හිටපු ජනපතිවරයා විදෙස්ගතවීම සම්බන්ධයෙන් බුද්ධි අංශවලට සැක පහළවී ඇති බව  වාර්තා වේ.

    හිටපු ජනපතිවරයා එසේ විදෙස් සංචාරවලට සහභාගි වීමෙන් පසුව එම රටවල ජනතාව ලබාදුන් ආධාර ලංකාවට ගෙනඒම සාමාන්‍ය දෙයක් වන අතර අදාළ ආධාර හරහා එම රටවල ඔවුන් විසින් රාජපක්ෂ පාලන සමයේ තැන්පත් කළ ධනය රැගෙන එන්නේද යන සැකය හේතුවෙන් ආරක්ෂක අංශ මෙසේ සෝදිසියෙන් පසුවන බව පැවසේ.

    එසේම, කළු සල්ලි සුදුකරන ව්‍යාපාරයක නිරතව සිටින බවට සැකකරන හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා හිටපු ජනපතිවරයා හා ඔහුගේ පවුලේ අය මුණ ගැසෙන්නේද යන්න පිළිබඳව සොයා බැලීමට ද ආරක්ෂක අංශවල අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

    රාජපක්ෂ මහතා ජපානයේ සංචාරයට එක්වීමට පෙර පසුගිය සති අන්තයේ ප්‍රකට සාස්තරකාරියක වන අනුරාධපුරයේ වෙසෙන ඥානම්මා නැමැත්තිය හමුවී විශාල පූජාවක් කළ බවද මේ අතර වාර්තා වේ.

    [rns_reactions]

  • ගල්කිස්සේ සිද්ධියට ‘දයාරතන හිමියන්’ අත්අඩංගුවට (UPDATE)

    පොලිස් අපරාධ කොට්ඨසයට ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අක්මීමන දයාරතන හිමියන්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ පසුගිය දා ගල්කිස්සේ රෝහින්ග්‍යා සරණාගතයන් රඳවා සිටි නිවාසය අසල කළහකාරී ලෙස හැසිරීම පිළිබඳ සිද්ධියක් සම්බන්ධයෙන්.

    අදාල සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අක්මීමන දයාරතන හිමියන් අද(02) පෙරවරුවේ පොලිස් අපරාධ කොට්ඨාසයට පැමිණීයා.

    [rns_reactions]

  • රෝහින්ග්‍යා සරණාගත දැරිය දූෂණය කළ “පොලිස් කොස්තාපල්” මතු වූ හැටි

    ගල්කිස්ස ප‍්‍රදේශයේදී මියන්මාර රෝහින්ග්‍යා සරණාගතයින්ට විරෝධය පළ කරමින් ඉකුත් 26 වැනිදා කලහකාරී ලෙස හැසිරුණු සිද්ධිය පිටුපස මෙම කණ්ඩායමේ සිටි සරණාගත දැරියක් දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් වසන් කිරීමේ උත්සහයක් පිළිබඳව මේ වන විට තොතරුතු වාර්තා වී තිබෙනවා.

    මිරිහාන රැඳවුම් භාරයේ සිටියදී පොලිස් නිලධාරියෙකු විසින් මෙම 21 හැවිරිදි රෝහින්ග්‍යා සරණාගත දැරියව ඉකුත් ජුනි මස 19 වැනිදා දූෂණය කර පසුව කළුබෝවිල රෝහල ඉදිරිපිට ගේට්ටුව අසළ දමා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

    දැරිය දූෂණය කිරීම සඳහා පිටතට ගැනීමට අදාළ පොලිස් නිලධාරියාට කඳවුරේ පිරිසිදුකරන්නියක ලෙස කටයුතු කළ කාන්තාවක් සහ තවත් කාන්තාවක් උදව් දී තිබෙනවා. 
     
    මෙම ස්ත්‍රී දූෂණය යට ගැසීමේ අරමුණින් රෝහින්ග්‍යා සරණාගතයින් රටින් පිටුවහල් කිරීම මුල් කරගනිමින් ඉකුත්දා ගල්කිස්සේ පැවැති සිද්ධිය ඇති කරන්නට කටයුතු යොදා තිබූ බවටයි මේ වන විට තොරතුරු හෙළිව ඇත්තේ. ඒ අනුව මියන්මාර් තරුණිය දුෂණය කිරීමේ නඩුවේ ප්‍ර‍ධාන සාක්ෂිකරුවන් ලංකාවෙන් එලවා දැමීම ඔවුන්ගේ අරමුණු වී ඇති බවටද මේ පිළිබඳ මත පළ කරන පිරිස් පෙන්වා දෙනවා.

    මියන්මාර් තරුණිය දුෂණය කළ බවට චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරියාගේ පවුලේ සාමාජිකයින් හා ඔහුගේ මිතුරන් මෙම අයුතු ජනරාශියට සම්බන්ධ සිදුවීම නිර්මාණය කොට ඇති බවටයි කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍යේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පෙන්වා දෙන්නේ. 

    මිරිහාන කඳවුරේ දී මියන්මාර් තරුණිය දුෂණයට ලක් කළ බවට නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් වී ඇති බී වාර්තාවේ නම සදහන් වන්නේ ඩී.පී.ජී.ගුණසේකර වාස් (14841) නැමැති පොලිස් කොස්තාපල්වරයෙකු පිළිබඳවයි. 

    ඔහු අපරාධය සිදු කරන විට පාදුක්ක පොලීසියට අනියුක්තව සේවය කර තිබෙනවා. අධිකරණය විසින් පැවැත්වූ හඳුනාගැනීමේ පෙරට්ටුවේ දී මෙම පුද්ගලයා සාක්ෂිකරුවන් විසින් හඳුනාගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට අගෝස්තු 10 වැනිදා දැඩි ඇප කොන්දේසි මත මුදාහැර තිබුණා. ඒ අනුව ඊළඟ නඩු වාරය ඔක්තෝබර් 26 වැනිදාට දින නියම කර තිබෙනවා.

    එම කාලය අතරතුරදීයි මෙම ගල්කිස්සේ ඇති වූ සිද්ධිය වාර්තා වන්නේ.

    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පළ වූ තවත් වාර්තා පහතින් දැක්වෙයි

    [rns_reactions]

  • අන්තවාදී නිලධාරීන් නිසා  උපන් බිමෙහි ‘කල්ලතෝනින්’ වූ වේල්ලවාඩියේ සිංහල මිනිස්‌සු

    සිංහල දෙමළ පංගුපේරු නැතුව සලකන
    සිංහලයන්ටම වියළි සලාකයක්‌ නෑ

    නැවත පිළියම් වන පරණ ගමකට පැමිණ හිඳිමු. ඇස ගැටෙන බොහෝ තැන්වල අලුතින් ඉදිවෙන නිවාසය. තැනක තවමත් ඉටි රෙදිවලින් ආවරණය වූ පොල්අතු මඩුය. ඒ අතර කැලෑ රොදවල් ගිනි අව්වට පිච්චී පරඬැල් වී ගොස්‌ය. හිරු දැනුදු වියරුය. එක සීරුවට අවට දවාලන්නේය. වළ ගොඩැලි සහිත දූවිලි පිරුණු මගෙහි ගමන් කිරීම ද තරමක්‌ අසීරුය. එහෙත් අප මේ දුෂ්කර ගමනෙහි නිරතව සිටින්නේ සොබාදහමේ වියරුව ගැන කියන්නට නොවේ. මඩකලපු දිස්‌ත්‍රික්‌කයේ කෙළවරේම පිහිටි පැරැණි සිංහල ගමක්‌ ගැන කතාවක්‌ කියන්නටය. බැරි, බැරි ගානට ඉදිරියට ඇදුණු මෝටර් රථය ගම මැද අලුතින් ගොඩනැඟෙන විහාරය අසල නතර විය.

    දෙනෙත්හි රැඳෙන්නේ සිත් පහන්වන දසුනකි. ඒ ස්‌වාමීන්වහන්සේලා තුන්නමක්‌ ගිහියන් සමඟ හරි, හරියට ඉදිකිරීම් කටයුත්තක නිතර වී සිටින අයුරුය. ගිනියම් අහස යට, හිරු කොතරම් සැහැසි වුවද උන්වහන්සේලා එය බාධාවක්‌ කර නොගන්නාහ. පොල් අත්තක සෙවණට වහං වූ උන්වහන්සේලා සිමෙන්ති ගඩොලෙන් ඉදිකරමින් සිටින්නේ බෝධිඝරයකි. උන්වහන්සේලාගේ අත්උදව්වට ගමේ තරුණයන් පිරිසක්‌ ද එකතු වී සිටියහ. ගමේ දෙමළ තරුණයන් කිහිපදෙනෙක්‌ම එතැන සිටින බව දැනගත් විට අපේ සිත් සතුටින් ඉපිලිණි. අසල පොල් රුප්පාවක සෙවණට වූ අප ගිහි, පැවිදි වික්‍රමයේ අසිරිය විඳිමින් හිඳිමු.

    කෝරළයාපත්තුව වාලච්ෙච්න ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් වේල්ලවාඩිය කල්කුඩා සිංහල ගම්මානය පවුල් හාරසීයක්‌ පමණ ජීවත් වූ විශාල ගම්මානයකි. එක්‌ පසක්‌ මහ මුහුදට මායිම් වූ වේල්ලවාඩිය ගමේ බහුතරයගේ ජීවනෝපාය වී තිබුණේ ධීවර රස්‌සාවය. දකුණේ වාරකං කාලයට උතුරට සංක්‍රමණය වන ධීවරයෝ ද මේ ගම තාවකාලික වාසස්‌ථානයක්‌ කරගෙන සිටියහ.

    ”අපේ ගමේ පදිංචි වෙලා හිටිය හුඟ දෙනෙක්‌ මාතර, ගාල්ල ප්‍රදේශවලින් ආපු අය. අපේ සීයලා, ආච්චිලාත් මාතර මිනිස්‌සු. මම ඉපදුණේ මේ ගමේ. ඉස්‌කෝලේ ගියේ ගමේ පාසලට. මගේ දරුවෝ අටදෙනාම ඉගෙනගත්තෙත් ගමේ ඉස්‌කෝලේ. ලොකු දරුවො හතරදෙනාම කසාද බැන්දෙත් මේ ගමේදී. මගේ ලොකු පුතාව කොටි වෙඩි තියලා මරලා දැම්මෙත් මේ ගමේදීම තමයි. ඒත් අපි ගම දාලා ගියේ නෑ. කරදර මැද ජීවත් වුණා. අන්තිමේදී මගේ මනුස්‌සයටත් කොටි වෙඩි තියලා මැරුවා…” ඒ වේල්ලවාඩිය ගමේ වැඩිහිටි කාන්තාවකගේ හඬය. ඇය මේරිය. ඇයට වයස අවුරුදු හැට හයකි. කයෙන් දුර්වල වුවද සිතින් ඇය තවමත් ශක්‌තිවන්තය. මාළු දැල් ඇදීම රස්‌සාව කරගෙන සිටින ඇය තවමත් කිසිවකුගේ හව්හරණක්‌ නොමැතිව ජීවත් වන්නීය. එහෙත් නොසිතූ මොහොතක ස්‌වාමියාගේ සහ පුතුගේ අකල් මරණ ගැන මතක්‌වීම ඇයගේ හදවතට බර වැඩි විය. කතාව මොහොතකට නතර විය.

    මුහුදට මායිම් වූ වේල්ලවාඩිය සිංහල ගම්මානය එල්.ටී.ටී.ඊ ත්‍රස්‌තවාදීන්ට මහා හිසරදයක්‌ විය. විටින්, විට ගම මායිමේ රැකවලේ සිටි කොටි ත්‍රස්‌තවාදීහු ගමේ මිනිසුන්ව කපාකොටා මරා දැමූහ. එහෙත් ත්‍රස්‌තවාදීන්ට බිය නොවූ එඩිතර සිංහලුන් ගම අතහැර නොගියහ. ඔවුහු තම මුහුදු රස්‌සාව කරගෙන දරුමල්ලොත් උස්‌මහත් කරමින් ජීවත් වූහ. හිතට ධෛර්යය ගෙන මේරි අම්මා නැවත කතා කළාය.

    ”එදා මගේ මනුස්‌සයත් එක්‌ක වැල්ලේ හිටිය සේරම කොටි මැරුවා. මුහුදු ගිහිල්ලා ඇවිල්ලා මාළු බේර, බේර ඉන්නකොට තමයි කොටි වෙඩි තිබ්බේ. තරුණ කොල්ලො, බැඳපු මිනිස්‌සු සේරම පහළොවක්‌ විතර. කිසිම කෙනෙකුට දුවලවත් බේරෙන්න බැරි වුණා. හතරවටෙන්ම කොටි වට කරලා අපේ උන්ට වෙඩි තියනවා දැක්‌කා මහත්තයෝ… ඒත් අපි උන්ගේ තුවක්‌කුවලට බය වුණේ නෑ. මුළු ගමේම මිනිස්‌සු කෑගහගෙන වැල්ලට දිව්වා. ‘ඔයාල වෙඩි කන්න යනවද…’ කියලා හමුදාව අපිට යන්න දුන්නේ නෑ… පස්‌සේ හමුදාවෙන්ම මිනී ටික ගෙනත් එකම වළක වැළලුවා. ඒ විදිහට කිහිප සැරයක්‌ම තැන්, තැන්වල පොදි පිටින් අපේ මිනිස්‌සුන්වය මරලා ගියා. අපේ ගමේ හැම පවුලකම එකෙක්‌, දෙන්නෙක්‌ කොටින්ට බිලි වුණා. ඒත් ගම ඇතුළේ හමුදා කෑම්ප් එකක්‌ තිබුණු නිසා කොටින්ට ගමට ඇතුළු වෙන්න බැරි වුණා. ඒත් දවසක්‌ අපේ ගම සම්පූර්ණයෙන්ම කොටි වටලලා වෙඩි තියන්න ගත්තා. අපිට යන එනමං නැතිව ගියා. පස්‌සෙ නාවික හමුදාවේ ලොකු බෝට්‌ටුවක්‌ ඇවිත් අපිව ත්‍රිකුණාමලය වරායට ගෙනිහිං දැම්මා. අපි එතැන හිටියේ විශාල ශාලාවක. ටික දවසක්‌ යනකොට කොටි ඒකටත් ගහන්න පටන් ගත්තා. ඊට පස්‌සේ අපේ කණකර උගස්‌ කරලා ලොරි අරගෙන පොළොන්නරුවට ආවා. මට මතක විදිහට අපි පොළොන්නරුවට ආවේ 1990 අවුරුද්දේ. අවුරුදු එකහමාරක්‌ විතර පොළොන්නරුවේ අනාථ කඳවුරක ජීවත් වුණා. පොළොන්නරුවට යනකොට ගමේ ගොඩක්‌ම ගෑනු කණවැන්දුම්. මිනිස්‌සුන්ව කොටි මරලා. පොළොන්නරුව කඳවුරේ ඉන්නකොට අපේ මිනිස්‌සු එක, එක දිහාට විසිරිලා ගියා. දැන් අපේ ගමේ අය රට පුරාම ජීවත් වෙනවා…” මේරි අම්මාට දින වකවානු හරියට මතක නැත. එහෙත් මේරි අම්මාගේ කතාව නිවරැදි බව ගමේ පැරැණි දහදොළොස්‌ දෙනෙක්‌ම තහවුරු කළහ.

    එල්.ටී.ටී.ඊ. ග්‍රහණයට නතු වූ වේල්ලවාඩිය ගම සුනාමිය විත් දෙකඩ කළේය. ගම මැදිකොට ගලාවිත් මුහුදට වැටුණු ආරුව මැදින් වැටී තිබූ පාළම සුනාමි රළට කැඩී බිඳී විනාශ වී ගියේය. පාළමේ කොටස්‌ නටබුන් සේ අදට ද ශේෂව තිබේ. පාළම පැවති ඒ ඉසව්ව ද සුනාමිය විසින් වගුරක්‌ බවට පත් කර ඇත. එහෙත් දැන් එම වගුර දිය සිඳී ගිය මුඩු බිමකි. මේ වන විට වේල්ලවාඩිය ගමේ සිංහල පවුල් සීයකට ආසන්න සංඛ්‍යාවක්‌ නැවත පදිංචි වී සිටිති. එහෙත් ගම එකතු කරන පාළම තවමත් සෑදී නැත. වේල්ලවාඩිය සිංහල ගම්මානයක්‌ බැවින් ඒ ගම එකතු කිරීමට ප්‍රදේශයේ කිසිදු දේශපාලනඥයෙක්‌ හෝ නිලධාරියෙක්‌ පෙරමුණ නොගන්නා බවද ගම්මු අප සමඟ කීහ.

    ”මම තමයි, නැවත මේ ගමට මුලින්ම පදිංචියට ආවේ. 2009 අවුරුද්දේ මම එනකොට මහ කැලයක්‌. පස්‌සේ අපි කැලෑව එළිකරගෙන අපේ ගේ තිබුණු තැන පුංචි ගෙයක්‌ හදාගත්තා. ඒත් මේ ප්‍රදේශයේ අපිට කරන්න රස්‌සාවක්‌ නැති නිසා වැලිමඩ ඉඳලා මාසේකට දෙපාරක්‌ විතර මෙහේට ඇවිත් ඉඳලා ගියා. 2015 මාර්තු මාසේ අපේ අම්මා එක්‌ක, තවත් පවුල් එකොළොහක්‌ ගෙනත් ගමේ පදිංචි කෙරුවා. ඊට පස්‌සෙ ඒ පවුල්වල අය දන්න, දන්න විදිහට ගමේ පරණ මිනිස්‌සු දැනුවත් කරලා ගමට ගෙන්න ගත්තා. ඒ එක්‌කම තමයි දිඹුලාගල දේවාලංකාර ස්‌වාමීන් වහන්සේ ගමට වැඩම කරලා මිනිස්‌සුන්ට උදව් කරන්න පටන් ගත්තේ. වියළි ආහාර බෙදා දුන්නා. නිවාස හදාගන්න සෙවිළි තහඩු, සිමෙන්ති බෙදාදුන්නා. ගම වේගයෙන් දියුණු වෙන්න පටන් ගත්තා. ගමේ හිටපු පවුල්වල දරුවන්ගේ දරුවොත් දැන් මේ ගමට ඇවිත් පදිංචි වෙලා ඉන්නවා. පවුල් පනස්‌ හතරක්‌ ලියාපදිංචි වෙලා ඉන්නවා. ලියාපදිංචි නොවිච්ච පවුල් විශාල සංඛ්‍යාවක්‌ ජීවත් වෙනවා. ගමේ සිංහල පවුලක්‌ ලියාපදිංචි වෙන්න ගියහම නිලධාරීන් ප්‍රශ්න වැළක්‌ දානවා. රස්‌තියාදු කරනවා. අපිට කරන තරමක්‌ කෙණහිලිකම්. මම හදාගත්ත ගේ කඩලා අපිව එළියට ඇදලා දැම්මා. ඒත් අපි ගමෙන් ගියේ නෑ. දැන් මම වෙන තැනක ගෙයක්‌ හදාගෙන මේ ගමේම ජීවත් වෙනවා. ගමේ මිනිස්‌සුන්ට රජයෙන් ගෙවල් හදන්න ආධාර දෙනවා.. ඒක දෙන්නේ දෙමළ මිනිස්‌සුන්ට විතරයි. සිංහල කිසිම පවුලකට නිවාස ආධාර දෙන්නේ නෑ. අඩුම තරමින් රජයෙන් දෙන වියළි සළාකයවක්‌ අපිට ලැබෙන්නේ නෑ. මේ ස්‌වාමීන් වහන්සේලා අපිට ගෙනත් දෙන එකක්‌ විතරයි…” යුද්ධයෙන් පසු වේල්ලවාඩියට ප්‍රථමයෙන් පැමිණියේ යෑයි කියන බ්‍රියටිස්‌ සිල්වාට දැන් වයස අවුරුදු හැට තුනකි. 1990 අවුරුද්දේදී ඔවුන් ගමෙන් පලාගොස්‌ ඇත්තේ ඇඳිවත පමණක්‌ අරගෙනය. සිල්වාගේ කතාවට ගමේ තවත් කාන්තාවන් කිහිපදෙනෙක්‌ම අඩු වැඩිය එකතු කළහ. ඒ සෑම කාන්තාවක්‌ම අප සමඟ පැවසුවේ ගමේ ග්‍රාම සේවක නිලධාරියාගේ සිට දිසාපතිවරයාට යනකම් සිංහල මිනිස්‌සුන්ට සිදු කරන අකටයුතුකම් ගැනය.

    ”මම ඉපදුණේ මේ ගමේ. ඉගෙනගත්තේ වේල්ලවාඩිය ඉස්‌කෝලේ. මට දරුවො හතර දෙනයි. දෙන්නෙක්‌ කසාඳ බැඳලා. එක්‌කෙනෙක්‌ ඉගෙනගන්නවා. අනිත් කෙනා උප්පත්තියෙන්ම ආබාධිතයි. ඇස්‌ පෙන්නේ නෑ. කතා කරන්න බෑ. ආබාධිත ළමයෙක්‌ ඉන්නවා කියලවත් අපිට කිසිම සහනයක්‌ නෑ. අඩුම තරමින් ගේ කෑල්ල හදාගන්නවත් ණය ආධාරයක්‌ දෙන්නේ නෑ… මගේ මහත්තයා මුහුදට ගිහින් කීයක්‌ හරි හම්බ කරගෙන එන එකෙන් බඩට කාලා ජීවත් වෙනවා… ඒ වේල්ලවාඩියේ පදිංචිකාරිණියක්‌ වූ සුනීතා මාලනී කියන කතාවය.

    වේල්ලවාඩිය ගමේ අලුත් පරම්පරාව මෙන්ම නැවත පදිංචිකරුවන්ගේ ජීවන වෘත්තීය ද ධීවර රස්‌සාවය. මේ වනකොට වේල්ලවාඩිය ගමේ ජාති බේද නැත. සිංහල තරුණියන් දෙමළ තරුණයන් සමඟ විවාහ වී සිටිති. දෙමළ මිනිස්‌සු සිංහල කාන්තාවන් සමඟ විවාහ වී සිටිති. දෙමළ බෞද්ධ පවුල් වේල්ලවාඩිය ගමේ බොහෝය. බෞද්ධ, කතෝලික කියා ආගම් බේද නැත. සාමාන්‍ය ජීවිතයේදී ඇති වන සුළු ප්‍රශ්නයක්‌ වුවද එවලේට පමණක්‌ බව ප්‍රදේශවාසීන්ගේ අදහසය. එහෙත් අන්තවාදී කාලකණ්‌ණි නිලධාරීහු වේල්ලවාඩියේ සංහිඳියාවට අකුල් හෙළති. බිඳී ගිය පාළම අලුත්වැඩියා කර ගම එකතු කිරීමට බලධාරීන් මැලිවෙන්නේ ද සිංහල දෙමළ සංහිඳියාව තුළ ගොඩනැඟෙන සමාජ පරිවර්තනය දැකීමට ඇති කුහකකම නිසාය. ගෝත්‍රික අන්තවාදී නිලධාරීන් ඉදිරියේ පීඩාවට පත්ව සිටින සිංහල මිනිසුන්ව නඟාසිටුවීමට දිඹුලාගල දේවාලංකාර ස්‌වාමීන්වහන්සේ විශාල මෙහෙවරක නිරතව සිටින බව ප්‍රදේශවාසීන්ගේ අදහසය. එහෙයින් වේල්ලවාඩිය ගමේ පරිවර්තන ක්‍රියාවලිය ගැන අපි උන්වහන්සේගෙන් කරුණු කාරණා විමසා සිටියෙමු. මේ දේවාලංකාර හාමුදුරුවන් අපට පැවසූ අදහස්‌ය.

    ”අද අපි මේ ගමට ආවේ අලුතින් ඉදිවෙන විහාර භූමියේ බෝධිඝරය බැඳලා ඉවර කරලා, අලුත්වැඩියා කරන වේල්ලවාඩිය පාසලේ වැඩකටයුතු බලලා යන්න. පාසලේ ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම භාරගෙන කටයුතු කරගෙන යන්නේ මහනුවර වජිරාරාම විහාරස්‌ථානයට අනුබද්ධ මානව පිළිසරණ පදනම. උතුර, නැගෙනහිර ප්‍රදේශවල සිංහල ගම් නඟාසිටුවීමේ අපේ මේ වැඩසටහනට මහනුවර වජිරාරාම විහාරස්‌ථානයේ නායක ස්‌වාමීන් වහන්සේ ඇතුළු සෙසු ස්‌වාමීන් වහන්සේලා විශාල ශක්‌තියත් එකතු කරනවා. උන්වහන්සේලාගේ ශක්‌තිය නොලැබෙන්න අපිට මේ කර්ත්‍යවය කරගෙන යන්න බෑ. අපි මේ මිනිස්‌සු ගැන සොයා නොබලන්න අද මේ ගම නෑ. මම දැනහඳුනන ස්‌වාමීන් වහන්සේලා, දානපති මහත්ම, මහත්මීන්ගේ උදව් උපකාර ඇතිව මේ ප්‍රදේශවල සිංහල ගම්මාන රැසක මිනිස්‌සුන්ට ගෙවල් හදාගන්න අවශ්‍ය උපකරණ ලබාදුන්නා. කිහිපදෙනකුට සම්පූර්ණයෙන්ම ගෙවල් හදාදුන්නා. කෑම බීම, ඇඳුම් පැළදුම් ලබා දෙනවා. අදත් මහනුවර වජිරාරාම විහාරස්‌ථානයට අනුබද්ධ මානව පිළිසරණ පදනම මගින් මුළු ගමේම සිංහල, දෙමළ සෑම පවුලකටම වියළි ආහාර බෙදාදුන්නා. චම්පික රණවක මහත්තයා විදුලිබල ඇමැතිවරයා විදිහට ඉන්නකොට එතුමාට කියලා ගමට ලයිට්‌ අරන් දුන්නා. ඒ හැරෙන්න රජයෙන් කියලා මේ ගමේ සිංහල මිනිස්‌සුන්ට වියළි සළාකයක්‌වත් දීලා නෑ. අපි දෙයක්‌ දෙනවා නම් පංගු පේරු නෑ සිංහල, දෙමළ හැම පවුලකටම දෙනවා. මේ ප්‍රදේශවල දෙමළ නිලධාරීන් ළඟ ඒ මනුස්‌සකම නෑ. ගමේ පැරැණ සිංහල මිනිහෙක්‌ ඇවිත් තම ඉඩම ඉල්ලුවොත් නිළධාරීන් ‘හෙට එන්න… අනිද්දා එන්න… තව සතියකින් එන්න…’ කියලා විසිතිස්‌ වතාවක්‌ විතර ගෙන්නලා රස්‌තියාදු කරනවා. අමාරුවෙන් රුපියල් දෙදහක්‌, තුන්දාහක්‌ හොයාගෙන ගාල්ල, මාතර, තංගල්ල ප්‍රදේශවල ඉඳලා එන ඒ මිනිස්‌සු රස්‌තියාදු වෙලා යනවා. ඒ රස්‌තියාදුවට කුලී ගෙදරක ජීවත් වුණත් නැවත ඒ මිනිස්‌සු මේ ගමේ ඉඩම් හොයාගෙන එන්නේ නෑ. ඔස්‌ටින් ප්‍රනාන්දු ආණ්‌ඩුකාරවරයා ඉන්නකොට සිංහල මිනිස්‌සුන්ට තරමක්‌ හරි සහනයක්‌ තිබුණා. දැන් නම් ඇත්තේම නෑ. ප්‍රාදේශීය ලේකම්වරු, නිලධාරීන් අන්ත ජාතිවාදීන්. අහිංසක සිංහල මිනිස්‌සුන්ව තුට්‌ටුවකට මායිම් කරන්නේ නෑ…” දිඹුලාගල දේවාලංකාර ස්‌වාමීන්වහන්සේ කරන සමාජ සද්කාර්ය මල් වට්‌ටියක්‌ තබා පින් අනුමෝදන් කළ යුතු උත්තම පින්කමකි. විහාර මන්දිරවල සිට ‘අතහැරීම’ ගැන කතා කර ‘ධනය බලය’ පොදි බඳින ස්‌වාමීන් වහන්සේලාට දිඹුලාගල ස්‌වාමීන් වහන්සේ ඇතුළු සෙසු ස්‌වාමීන්වහන්සේලා කරගෙන යන මේ සමාජ මෙහෙවර පාඩමකි. මේ රටේ මහා සංඝරත්නයේ ආශීර්වාදය හැරෙන්නට උතුර, නැගෙනහිර සිංහල මිනිසුන්ට වෙන කිසිදු සරණක්‌ නැති තරම්ය.

    සරණාගතයන් මුවාවෙන් රටට ඇතුළුවන කල්ලතෝනියෙක්‌ කෙරෙහි උණු වන සිංහල දේශපාලන හදවතක හෝ උතුර, නැගෙනහිර සිංහල අසරණයන් වෙනුවෙන් දයාවක්‌ ඇති නොවේ. රටේ බලධාරීන් ප්‍රසිද්ධියේ වචන පහක්‌ කතා කළොත් තුනක්‌ සංහිඳියාව ගැනය. එහෙත් උපන් රටේ උතුර, නැගෙනහිරදී සිංහල මිනිස්‌සු අන්තවාදීන් ඉදිරියේ කල්ලතෝනි බවට පත්වෙමින් සිටියදී බලධාරීහු මුනිවත රකින්නාහ. රටේ සංහිඳියාවේ තරම බලා ගැනීමට උතුර, නැගෙනහිර ජීවත් වන සිංහල මිනිසුන් අතරට යා යුතුය. අන්තවාදී නිලධාරීන් ඉදිරියේ පීඩිතව වකුටු වී සිටින ඒ අසරණයන්ගේ දුක ඇසෙන විට රටේ සිංහිඳියාව රෙදි පල්ලේ බේරෙන්නේය. අපට දුක උරුම රටේ මේ අසරණයන්ට කල්ලතෝනී ලෙස ජීවත්වීමට සිදුවීම ගැනය.

    [rns_reactions]

  • තමන් අත්විඳි ජීවිතයට වඩා සාරවත් හා පරිපූර්ණ ජීවිතයක් දරුවන්ට – ජනපති මෛත්‍රී

    තමන් අත්විඳි ජීවිතයට වඩා සාරවත් හා පරිපූර්ණ ජීවිතයක් දරුවන්ට ලබාදීම සෑම වැඩිහිටියකුගේම අපේක්ෂාව බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

    ලෝක ළමා දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රජයේ අපේක්ෂාව ද රටේ සමාජ, ආර්ථික හෝ දේශපාලන ගැටලුවලින් පීඩා නොපැමිණෙන පරිපූර්ණ සුන්දර ළමාවියක් රටේ සියලූ දරුවන්ට අත්කර දීම බවයි.

    පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරමින් දරුවන්ගේ සෞඛ්‍ය පෝෂණය හා මානසික අවශ්‍යතාව සපුරාලීමට රජය ප‍්‍රමුඛතාව ලබාදී ඇති බවයි ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.

    එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප‍්‍රඥප්තිය අනුව යමින් ළමුන්ගේ යහවර්ධනයට එරෙහිව පවත්නා සියලූ බාධාවන් මුළුමනින්ම ඉවත් කිරීම අප සැමගේ අපේක්ෂාව සහ වගකීමයි බවත් ඒ වෙනුවෙන් සමස්ත සමාජයේ අවධානය සහ සාමුහිකත්වය ද දිනා ගැනීමට අදට යෙදෙන ලෝක ළමා දිනය කදිම නිමිත්තක් වනු ඇති බවයි ජනාධිපතිවරයා පවසන්නේ. 

    [rns_reactions]

  • මනිපාල් විශ්ව විද්‍යාලයේ ශාඛාවක් කළුතරට – සයිටම් නිසා වෛද්‍ය පීඨය පසුව එයි

    වෛද්‍ය පීඨයක් නොමැතිව ඉන්දියානු මනිපාල් විශ්වවිද්‍යාලයේ ශාඛාවක් කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව පවතී. 2017 පෙබරවාරි 14 දින උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව සඳහා අනුමැතිය ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාකල් ඉල්ලා තිබුණි.
    පසුගිය දා පැවති කැබිනට් රැස්වීමේ දී ඊට අනුමැතිය ලැබී ඇති අතර මෙම විශ්වවිද්‍යාලය සඳහා කළුතර දිස්ත්‍රික්කයේ අක්කර සියයක භූමියක් වෙන් කිරීමට නියමිතය.

    පෞද්ගලික ආයෝජකයන්ට ලංකාවේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජන අවස්ථා සලසා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ. එහි තොරතුරු තාක්ෂණය, කළමනාකරණය සහ ඉංජිනේරු විෂයන්ට අදාළ උපාධි හැදෑරීමට අවස්ථාව සලසා දෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 75 ක ආයෝජනයකින් ඇරඹෙන මෙම ව්‍යාපෘතිය සඳහා වෛද්‍ය පීඨයක් ඇතුළත් කර නැත්තේ දැනට පවතින සයිටම් විරෝධය නිසා වුව ද විශ්වවිද්‍යාලය ආරම්භ වීමෙන් පසුව එවැන්නක් ස්ථාපිත කිරීම සිදු කෙරේද යන්න පැහැදිලි නැත.

    [rns_reactions]

  • මහින්දට ලකුණු දෙන්න දිලුම් අමුණුගම ගෙතු අමු බොරුවට යුධ හමුදාවෙන් පිළිතුරු!

    මහනුවර නගරයේ පිහිටි හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇතැයි කෙරෙන ප්‍රකාශ හමුදාව ප්‍රතික්ෂේප කරනවා.

    යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පැවසුවේ තමන් ඊයේ (24) දිනයේ ද එම හමුදා කඳවුරෙහි සංචාරය කළ බවයි.

    එය ඉවත් කිරීමට කිසිදු සූදානමක් නැතැයි ද ඔහු පැවසුවා.

    මහනුවර නගරයේ පිහිටි හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇතැයි ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලූම් අමුණුගමයි. මහනුවර දී ඊයේ මාධ්‍යවේදීන් අමතමින් ඔහු ඒ බව පැවසුවා.

    [rns_reactions]

  • කොළඹට ගොම ගෙනෙන බව කිරි ගොවියෝ කියති..

    කිරිගොවීනට මුහුණ දීමට ඇති අර්බුදවලට නිසි විසැදුමක් සතියකින් ලැබුණොත් ගොම පිරවු ලොරි හා කරත්තවලින් කොළඹට එන බව සමස්ථ ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා දඹුල්ල යාපාගම දී අද (24) පෙරවරුවේ පැවැසීය. කිරිගොවීනට සහන ඉල්ලා හෙට (25) දඹුල්ලේ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට කඩාකප්පල් කිරීමට පිරිසක් මාන බලන බව ඔහු චෝදනා කළේය.

    [rns_reactions]

  • මර්වින්ගේ පක්ෂයෙන් පෙම නිසා නිලි පියුමි දේශපාලනයට…

    හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් නව පක්ෂයක් නිර්මාණය කර ඇති බව පසුගිය සතියේදී මාධ්‍ය වාර්තා කලා.

    එම පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකාවක් වශයෙන් එක්වී ඉදිරියේදී දේශපාලනයට පැමිණීම සඳහා මෙරට ජනප්‍රිය නිරූපිකාවක් වන පියුමි හංසමාලි සූදානමින් පසුවන බවට තොරතුරු වාර්තා වී තිබේ.

    හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සමඟ පෙමින් වෙලී සිටින පියුමි, එම සම්බන්ධය නිසාම මර්වින් සිල්වා මහතාගේ පක්ෂය සමඟ සම්බන්ධ වීමට සැරසෙන බව අනාවරණය වී ඇත.

    [rns_reactions]

  • ජනපති වෛද්‍යවරුන්ට දුන්න එකඟතා හතර මෙන්න…

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, එහි ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ජනාධිපතිවරයා සමග අද උදෑසන පැවති සාකච්ඡාවේ දී  එකඟතා 04කට එළඹුණු බවයි. 

    සයිටම් ආයතනයට සිසුන් බඳවා ගැනීම සහ උපාධි ප‍්‍රදානය අත්හිටුවීම සඳහා නීත්‍යානුකූල කටයුතු කඩිනම් කිරීම පළමු එකඟතාව වනවා. 

    සයිටම් ආයතන සම්බන්ධයෙන් රාජ්‍ය ස්ථාවරයේ මූලික හරයන් නීතිපතිවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම දෙවන එකඟතාවයි. 

    ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයාගේ හෝ එහි කවුන්සිලයේ ස්වාධීනත්වයට කිසිදු හානියක් සිදු වීමට ඉඩ නොදීම තවත් එකඟතාවක්. 

    සයිටම් අර්බුදය තුළින් පැන නැගුණු මූලික ගැටළු සඳහා ජනතාවට අගතියක් නොවන පරිදි විසඳුම් ලබාදීම සඳහා නව ප‍්‍රවේශයකින් යුත් වැඩපිළිවෙලක් ආරම්භ කිරීම අනෙක් එකඟතාව වනවා. 

    [rns_reactions]

  • රණවිරුවන්ට ප්‍රතිකාර නොකළ/අපහාස කරන සියල්ලන්ව අත්අඩංගුවට ගන්න යැයි ඉල්ලීමක්…

    සරසවි සිසු උද්ඝෝෂණයක් විසුරුවා හැරීමේ දී පහරදීම්වලට ලක්ව තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන්ට නිසි සැලකිල්ලකින් ප‍්‍රතිකාර නොකළ වෛද්‍යවරුන් වහාම අත්අඩංගුවට ගන්නැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නුවරඑළිය සංවිධායක පෙරියසාමි ප‍්‍රදීපන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. 

    ඔහු මෙම ඉල්ලීම කළේ හැටන් හි පිහිටි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශාඛා කාර්යාලයේ අද පැවැත් වූ මාධ්‍ය හමුවකදීයි. 

    ප‍්‍රශ්නගත සිද්ධියේ දී තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ කොළඹ ජාතික රෝහලටයි. 

    වෛද්‍යවරුන් නිසි සැලකිල්ලකින් ප‍්‍රතිකාර නොකළ බව පවසමින් ඔවුන් පසුව පොලිස් රෝහලට ඇතුළත් කෙරුණා. 

    [rns_reactions]

  • රජ පවුලේ අණ පරිදි මම ඩයනා කුමරියව මැරුවා – බ්‍රිතාන්‍ය බුද්ධි නිලධාරියා පාපොච්චාරණය කරයි

    ‘ඩයනා කුමරිය’ ඇය ජනතාවගේ කුමරියයි. ඇය අසරණ මිනිසුන්ට ආලෝකයක්‌ වූවාය. මුළුමහත් බ්‍රිතාන්‍ය ජනතාවම වාගේ ඇයට ආදරය කළහ. ඇයගේ සුන්දරත්වය මෙන්ම කාරුණික සුන්දර හදවතද මුළු ලෝකයේම සිත් වසඟ කරවන්නට සමත් විය. එහෙත් ඇයට ආදරය කරන මිනිසුන්ගෙන් ඇයව උදුරා ගන්නට තරම් ලෝකය සැහැසි විය. තරුණ වයසේදීම ඇගේ දිවිය ජීවිතය උදුරා ගන්නට තරම් ජීවිතය කුරිරු විය. ඇගේ මරණය පිළිබඳ පුවත සැලවුණු වහාම මුළු ලෝකයම ශෝකයෙන් ඇලලී ගියේය. ඇයගේ මරණයෙන් අවුරුදු විස්‌සකට පසුව අදටත් ඒ ශෝකී කැළල තවමත් මිනිසුන්ගේ හදවත් තුළ ඉතිරිව ඇත. ඇය මියගියේ පැපරාසීන් ඈ පසුපස හඹා ඒමේදී ඇතිවූ රිය අනතුරකිනි. ලෝකය දැන සිටියේ එලෙසය. පරීක්‌ෂණ කළ ලෝකයට පෙන්වා දුන් කාරණය ද එයය. එහෙත් එය එසේ නොවන බවට ද ඩයනා කුමරියගේ මරණය සැලසුම් සහගතව සිදු කළ ඝාතනයක්‌ බවට ද වරින් වර සැක මතුවිය. අද වන විට එක්‌ පුද්ගලයකු ඒ සැකය තහවුරු කරයි.

    ඒ ඔහුගේ මරණ මංචකයේ සිට කරන අවසන් පාපොච්චාරණයෙනි.

    ඔහුගේ නම ජෝන් හොප්කින්ස්‌ය. ජෝන් හොප්කින්ස්‌ M15 හෙවත් එක්‌සත් රාජධානියේ ආරක්‌ෂක හා බුද්ධිඅංශ අනු ආයතනයේ තිස්‌අට වසරක්‌ සේවය කර විශ්‍රාම ලැබූ නිලධාරියෙකි. මේ වන විට අසූ වැනි වියේ පසුවන ඔහුට ජීවත්වීමට ඉතිරිව ඇත්තේ තව සති කිහිපයකි. ලන්ඩන්හි රෝහලක ගිලන් ඇඳක වැතිරී තම ජීවිතයෙහි අවසන් දවස්‌ කිහිපය ගෙවන ඔහු පසුගිය බදාදා ‘ඩයනා කුමරියව මැරූ අයුරු’ පාපොච්චාරණය කළේය. 1973 සිට 1999 දක්‌වා තමන් බ්‍රිතාන්‍ය බුද්ධි අංශය වෙනුවෙන් සේවය කළ කාලය තුළ බ්‍රිතාන්‍ය රජයේ නියමයෙන් බ්‍රිතාන්‍ය බුද්ධි අංශයේ රාජකාරි ලෙසින් මිනිස්‌ ඝාතන විසි තුනක්‌ සිදු කළ බවද ඩයනා කුමරියව ඝාතනය කිරීම ද එලෙසින් පැවරුණු එක්‌ රාජකාරියක්‌ බව ද ඔහු පැවසුවේය. මෙසේ ඝාතනයට ලක්‌වූ සියලුම දෙනා බ්‍රිතාන්‍යයේ ජාතික ආරක්‌ෂාවට තර්ජනයක්‌ වූ පුද්ගලයන් ලෙසින් සැලකුණු නිසා ඔවුන්ව ඝාතනය කරන්නට තීරණය වුණු බව ද මෙකී පුද්ගලයන් ඝාතනය කිරීම සූක්‌ෂමව සැලසුම් කිරීම තමන්ට පැවරී තිබුණ බව ද ඔහු පැවසීය.

    “මේ සියල්ල සිදුවුණේ ඉතා රහසිගතවයි. බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් දේශපාලන ඝාතන කරන්නට පත් කර තිබු විශ්වාසවන්ත නිලධාරීන් හත්දෙනකුගෙන් යුතු රහසිගත කණ්‌ඩායමේ මමත් එක්‌ සාමාජිකයෙක්‌. මෙසේ ඝාතනය කෙරුණු අය අතරින් බහුතරයක්‌ දේශපාලනඥයන්, සමාජ ක්‍රියාකාරීන්, ජනමාධ්‍යවේදීන් හා වෘත්තීය සමිති නායකයන්..” හොප්කින්ස්‌ විස්‌තර කළේය.

    “මගේ සැලසුම් වලින් ඝාතනය කරපු අය අතරින් සුවිශේෂීම කෙනා තමයි ඩයනා කුමරිය.. මම කරපු ඝාතන අතරින් එකම කාන්තාව ඇයයි. එකම රාජකීයයාත් ඇයයි. රජ පවුල විසින්ම ‘ඉවත් කර දැමිය යුතුයි’ කියලා තීරණය කරපු රාජකීයයාත් ඇයයි. මම ඒ ඝාතනය සැලසුම් කළේ හරිම වරදකාරී හැඟීමෙන්. දෙගිඩියාවෙන්. ඩයනා කුමරිය කරුණාවන්ත හදවතක්‌ ඇති සුන්දර කාන්තාවක්‌. එතරම් අඩු වයසකින් ඇගේ ජීවිතය පැහැරගැනීම අපරාධයක්‌. ඒත් ඇයගෙන් බ්‍රිතාන්‍ය රජ පවුලටත් කිරීටයටත් තර්ජනයක්‌ එල්ල වෙලා තිබුණා.. ඒ නිසයි ඒ ඝාතනය කරන්න සිද්ද වුණේ..”

    හොප්කින්ස්‌ පාපොච්චාරණය කරන්නේ එසේය.

    “ඩයනා කුමරිය ඕනෑවටත් වැඩියෙන් රජ පවුලේ රහස්‌ දැනගෙන හිටියා. ඒ වගේම ඇය රජ පවුලත් සමඟ තිබූ අමනාපය නිසා ඒ රහස්‌ මාධ්‍යයට එළිකරන්නටත් මාන බලමින් හිටියා. “ඇයව මරා දමන්න ඕනෑ” කියලා මගේ ප්‍රධානියා මට කිව්වා. මගේ ප්‍රධානියාට අණ ලැබිලා තිබුණේ පිලිප් කුමරුන්ගෙන්. ඒක සාමාන්‍ය රිය අනතුරක්‌ ලෙස පෙනෙන ආකාරයට සිදු කරන්නට අපිට අණ ලැබිලා තිබුණා. මම ඊට කලින් රජ කුමරියක්‌ තියා සාමාන්‍ය ගැහැනියක්‌වත් ඝාතනය කරලා නෑ.. කිසිම කාන්තාවක්‌ ඝාතනය කරලා තිබුණේ නෑ.. එහෙත් මට ලැබුණු අණට කීකරු වෙන්නට මා බැඳී සිටියා. මට පැවරුණු රාජකාරිය මා ඉටු කළ යුතුමයි. මම එය කළේ මගේ රට සහ රැජන වෙනුවෙන්..”

    ඊළඟට ඔහු හෙළිදරව් කළේ බ්‍රිතාන්‍ය රජයේ මාධ්‍ය මර්දනය පිළිබඳවය. බ්‍රිතාන්‍ය තුළ කිසිදු මාධ්‍ය නිදහසක්‌ නැති බව ඔහු පවසා සිටියි.

    “බ්‍රිතාන්‍ය මාධ්‍යවේදීන් හැම දෙනාම ඔවුන්ගේ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට හා කර්තෘවරුන්ට පිළිතුරු දෙන්නට බැඳී සිටිනවා.. ඒ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සියලුදෙනා බකිංහැම් මාලිගයේ රජ පවුලේත් නයිට්‌වරු කිහිප දෙනකුගේත් පාලන බලයට යටත්. නිදහස්‌ යෑයි කියන්නට පුළුවන් කිසිදු මාධයයක්‌ බ්‍රිතාන්‍ය තුළ නැහැ.” හොප්කින්ස්‌ එහිදී පැවසීය. මේ රාජකාරිය භාරගත්තේ ඇයිදැයි විමසූ විට ඔහු පැවසූයේ තමා රැකියාවේදී බ්‍රිතාන්‍ය කිරීටයට පක්‌ෂපාතී වන බවට දිවුරා ඇති බවත්, තමාට පැවරුණු රාජකාරිය නිසි ලෙස ඉටු නොකළහොත් මරණයටත් වඩා බියකරු දඬුවම් වලට මුහුණ දෙන්නට සිදුවන බවත්ය. මේ ඩයනා කුමරියගේ මරණය රජ පවුලෙන්ම සැලසුම් කළ ඝාතනයක්‌ බවට කියෑවුණු පළමු අවස්‌ථාව නොවේ. ඩයනා කුමරිය මියයන්නට පළමු ඇයගේ අත් අකුරින්ම ලියා තිබුණු ලිපියකත් “රජ පවුල විසින් තමාව ඝාතනය කරන්නට සැලසුම් කරන බව” සඳහන් කොට තිබිණ.

    “මා වැළදගෙන මාව දිරිමත් කරන්නටත්, නොබියව හිස ඔසවා හිදින්නට මගේ හිත හදන්නටත් කවුරුන් හෝ හිටියානම් කියා ඔක්‌තෝබර් මාසයේ දිනයක්‌ වන අද මම මෙසේ මගේ ලියන මේසය අසල හිඳගෙන සිතමි. මේ ගෙවී යන්නේ මගේ ජීවිතයේ බියකරුම කාලපරිච්ඡේදයකි. මගේ මෝටර් රියෙහි තිරිංග බිඳදමා, මාව රිය අනතුරකට ලක්‌කොට, මගේ හිස බරපතළ තුවාලවලට ලක්‌කොට මා මරා දමන්නට මගේ සැමියා සැලසුම් කරමින් සිටී. ඔහු මාව මරාදමන්නට සැලසුම් කරන්නේ ඔහුගේ අනියම් භාර්යාව කැමිලා විවාහ කරගන්නට ඇති බාධාව මා බැවිනි….” ඩයනා කුමරියගේ ඒ ලිපියේ සඳහන් විය.

    ඩයනා කුමරියගේ මෙම ලිපිය පසු කලකදී ඩයනා හිතවාදීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද මුත් ඒ පිළිබඳව රජ පවුලේ සම්බන්ධයක්‌ තහවුරු කරගන්නට නීතිය අසමත් වූ බැවින් මේ පිළිබඳව ක්‍රියාමාර්ග ගැනුණේ නැත. වර්තමානයේ මේ විශ්‍රාමික බුද්ධි අංශ නිලධාරි ජෝන් හොප්කින්ස්‌ගේ පාපොච්චාරණය ද එම කතාව තහවුරු කරයි. එහෙත් ජෝන් හොප්කින්ස්‌ගේ කතාව ව්‍යාජ එකක්‌ බව ද එය බ්‍රිතාන්‍ය රජ පවුලට එරෙහිව කරන කුමන්ත්‍රණයක්‌ බව ද කියමින් මේ පුවත දැනටමත් වාරණය කෙරෙමින් පවතියි. එසේ පැවසුව ද ජෝන් හොප්කින්ස්‌ගේ පාපොච්චාරණයෙහි වීඩියෝ පටය තවමත් යූ ටියුබ් වෙබ් අඩවියෙහි සංසරණය වෙනු දැකිය හැකිය

    [rns_reactions]

  • පුහුණු කරන්න මහේල පොඩි වැඩියිලු…. තිලංගගෙන් අමුතු කතාවක් කරලියට..

    මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුනුකාරිත්වය දැරීමට ‘පොඩි වැඩි බව’ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පවසනවා.

    විදෙස් රටක සිට දුරකතනයෙන්  අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

    ඔහු සඳහන් කළේ මහේලගේ සමකාලීනයන් තවමත් කණ්ඩායමේ ක්‍රීඩා කරන නිසා ඔහුව යොදා ගැනීමට තවත් කල් සිටිය යුතු බවයී.

    පුහුණුකරුවන් තිදෙනෙකු සමග ශ්‍රී ලංකා කණ්ඩායමට එක්කර ගැනීම සඳහා මේ වනවිට  සාකච්ඡා කර ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා සඳහන් කර සිටියා.

    [rns_reactions]

  • පොදු දේපළට හානි කළොත් රජයේ රැකියා නැහැ – අලුත්ම පුවත මෙන්න…

    පොදු දේපොළවලට හානි සිදු කරන පුද්ගලයන් රජයේ රැකියා සඳහා බඳවා නොගැනීමේ ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට රජය සූදානම් වන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    විවිධ වර්ජන, කලකෝලාහල වැනි කඩාකප්පල්කාරී අවස්ථාවල බොහෝ පුද්ගලයන් රාජ්‍ය දේපොළවලට දැඩි ලෙස හානි කිරීමේ ප්‍රවණතාවක් පසුගිය කාලයේ දක්නට ලැබුණු බවත්, මේ නිසාම රජය සතු විශාල දේපොළ ප්‍රමාණයක් විනාශ වූ බවත් පැවසූ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරියකු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ බවයි.

    වගකීමෙන් යුතුව රජයේ දේපළ පරිහරණය කළ නොහැකි පුද්ගලයන් රාජ්‍ය සේවයට සුදුස්සන් නොවීම මත මෙම තීරණයට එළැඹීමට නියමිතය. මේ අනුව රජයේ ප්‍රමුඛ සේවාවන් වන පරිපාලන සේවාව, කළමනාකරණ සේවාව, ගණකාධිකරණ සේවාව, වෛද්‍ය සේවාව වැනි සේවා සඳහා මෙවැනි පුද්ගලයන් බඳවා නොගැනීමට කටයුතු කෙරෙනු ඇත.

    මීට වසර ගණනාවකට පෙර රාජ්‍ය සේවයට බඳවාගැනීමේදී පොලිස් වාර්තා මෙන්ම අදාළ පුද්ගලයාගේ අතීත ක්‍රියාකලාපය ගැන දැඩි ලෙස විමසිලිමත් වූ අතර, එහිදී පොලිස් වාර්තා අනුව කටයුතු කෙරිණි. එම තත්ත්වය පසුගිය කාලයේදී ඇනහිට තිබූ අතර මේ අනුව යළිත් එය වඩාත් සක්‍රීය කිරීමට ක්‍රියා කෙරෙනු ඇත.

    [rns_reactions]

  • පරක්කු නම් කලින් යන්න කියපං පො#%$%$%‘‘ – නිර්භීත රියදුරෙක් VIP රථ පෙලකට කියයි..

    අන් අයට බාධා වෙමින් ගමන් කරන ප්‍ර‍භූ රථ පිළිබඳ පුවත් විටින් විට අපට අසන්නට දකින්නට ලැබෙනවා.

    මෙයද එවැනිම සිදූවමකි.

    පහත වීඩියෝවේ දැක්වෙන පරිදි BENZ 300 කාණ්ඩයට අයත් රථයක් සහ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කොලඹ නගරයේදී අනෙක් රථ වලට බාධා වන අකාරයෙන් ගමන් කරනවා.

    මෙම බෙන්ස් රථයට ආරක්ෂාව සපයමින් ඒ පිටුපස ගමන් කරන පොලිස් නිලධාරින් දෙදෙනා අනෙක් රථ වලට ගමන් කිරීමට නොහැකි වන සේ මාර්ගයේ ගමන් කරන ආකාරයද දක්නට ලැබෙනවා.

    මෙහිදී එක අවස්ථාවකදී මෙම පොලිස් නිලධාරින් ගිලන් රථයක්ද නවත්වමින් මෙම බෙන්ස් රථයට මාර්ගයේ ගමන් කිරීමට ඉඩ ලබාදෙනවා.

    මෙම සිදුවීම දුටු පිටුපසින් පැමිණි රථයක රියදුරෙකු විසින් මෙම පොලිස් නිලධාරීන්ගේ මෙම ක්‍රියාව දැඩි ලෙස විවේචනය කරන අතර විටෙක එම රියදුරා “ඌට පරක්කු නම් කලින් නැගිටලා යන්න කියපිය,තොපි හැමදාම ඔහොමයි පාරේ යන්නේ යනුවෙන් ” එම පොලිස් නිලධාරීන්ට බැන වදිනවා.

    සමාජ ජාලා වෙබ් අඩවි තුළ මෙම වීඩියෝව හුවමාරු වෙමින් තිබෙන අතර, මෙසේ කළ පුද්ගලයාට ඔවුන්ගේ ප්‍ර‍ශංසාවද හිමිව තිබුණා.

    එම වීඩියෝව පහතින් නැරඹිය හැකියි..

     

     

    [rns_reactions]

  • ජනපති සමග සාකච්චාවෙන් පසු දොස්තර වර්ජනය අවසන්

    රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය දින දෙකක් පවත්වාගෙන ගිය වෛද්‍ය වැඩ වර්ජනය මීට සුළු මොහොතකර පෙර අවසන් කළ බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අද (24) දහවල් පැවැති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බව ද එම සංගම කියයි.  විශ්ව විද්‍යාල සිසුන්ට කොළඹ සෞඛ්‍ය අමාතයංශ පරිශ්‍රයේදී 21 වනි දා එල්ල කළ පොලිස් ප්‍රහාරයට විරෝධය දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රටපුරා වෛද්‍ය වර්ජනයක් ආරම්භ කළේය.

    [rns_reactions]