Category: සුපිරි Politics

  • රජයේ වෛද්‍ය නිලධාරීන් ජනපති හමුවෙයි – තීරණය දන්වන්න මාධ්‍යයට එන්න කියයි

    සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය විසඳා ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් අද (24) උදෑසන පැවැත්වුණා. 

    එහි දී සාකච්ඡා වූ කරුණු පිළිබ දැනුම් දීමේ මාධ්‍ය හමුවක් තවත් සුළු වේලාවකින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. 

    මේ අතර මෙම සාකච්ඡාව අනූව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩ වර්ජනය අද පස්වරුවේ අවසන් කිරීමට නියමිත බවයි නිල නොවන වාර්තා අනාවරණය කළේ. 

    [rns_reactions]

  • සයිටම් වැහුවොත් වෙන්නේ කුමක්ද?

    ප්‍රමිතිය සැලකිල්ලට ගෙන සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දැමූහොත් රජයේ වෛද්‍ය පීඨ කිහිපයක් ද වසා දැමීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. 

    සරසවි සිසුන්ට පසුගියදා කොළඹ දී එල්ල වූ පොලිස් ප්‍රහාරය සහ වෛද්‍යවරුන් ආරම්භ කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ පැවති කල් තැබීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

    රජයේ රෝහල්වල වර්ජනයේ නිරතවී පෞද්ගලික රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. 

    ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියා. 

    [rns_reactions]

  • වර්ජනවලින් රජය බිය වැද්දිය නොහැකි බව ඇමති රවී කියයි

    වැඩවර්ජන සිදු කරමින්  ආණ්ඩුව බිය වැද්දවීමට නොහැකි බව අමාත්‍ය රවී කරුණානායක පවසනවා. 

    ආණ්ඩුව ලබා දී තිබෙන නිදහස විවිධ පුද්ගලයින් අයුතු ලෙස භාවිත කරන බවයි ඔහු සඳහන් කළේ. 

    වෛද්‍යවරුන් වැඩවර්ජනයේ නිරත වන්නේ කිසිදු පදනමකින් තොරව බවයි අමාත්‍ය රවී කරුණානායක කියා සිටියේ. 
    මෙවැනි වැඩවර්ජනය සිදු කිරීමෙන් රට දියුණු කිරීමට නොහැකි බව අමාත්‍යවරයා පැවසුවා. 

    [rns_reactions]

  • සොහොයුරිය SLIIT යවලා සරසවි සිසුන් නොමග යවන ලහිරුගේ හෙළුව එලියට..

    ජවිපේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ බිරිඳගේ කලින් විවාහයේ දරුවා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෙවත් SLIIT පෞද්ගලික විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූවෙකු බව මේ දිනවල සමාජජාල මාධ්‍ය වල දැඩි සේ කතා බහට ලක්වනවා.

    පෞද්ගලික අධ්‍යාපනයට එරෙහිව ප්‍රභල විරෝධතාවයක් දක්වන ජවිපේ සහ අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලය වැනි දේශපාලන කල්ලි කණ්ඩායම් වල ප්‍රධානීන්ගේ දරුවන් සහෝදර සහෝදරයින් සහ සමීපතම ඥාතීන් බොහෝ දෙනෙකු ශ්‍රී ලංකාවේම සහ විදේශ රටවල පෞද්ගලික අධ්‍යාපන ආයතන වල අධ්‍යාපනය ලබන බව මේ වන විට අනාවරණය වෙමින් පවතිනවා.

    අප මේ හෙළිදරව් කරන්නේද එවන් එක් කරුණක් පිළිබඳවයි.

    ඊයේ අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර හැදින්වෙන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහි සටනේ ප්‍රධාන නියමුවා ලෙසයි. කලින් කලට සයිටම් විරෝධී උද්ගෝෂණ වල ජායාරූප හරහා ඔහු දැවැන්ත චරිතයක් ලෙස හුවා දැක්වීමට අන්තරේ සාමාජික්යින් උත්සාහ කරනවා. එසේම ඔහුගේ නායකත්වයෙන් සිදුකල පෞද්ගලික විශ්ව විද්‍යාල විරෝධී සටන් වලින් අපේ රටට අහිමි වූ ධනය සහ මිනිස් පැය ගනන ඉතා විශාලයි.

    මෙසේ අරගල කරන ලහිරුගේ එක කුස උපන් සහෝදරිය වන තිලිණි වීරසේකර මහත්මිය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෙවත් SLIIT පෞද්ගලික විශ්ව විද්‍යාලයේ 2010 කණ්ඩායමේ ඉගෙනුම ලැබූ තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධියක් ලබාගෙන ඇති බව අපට වාර්තා වී තිබේ.

    ඇයගේ උපාධි ප්‍රධානෝත්සවයට පවා ලහිරු වීරසේකර සහභාගී වූ බවට ඔවුන්ට සමීප ආරංචිමාර්ග අප වෙත ප්‍රකාශ කල බව සදහන් කල යුතුමය..

    ලහිරු වීරසේකරගේ සහෝදරිය පවා ඉගෙනගන්නා පෞද්ගලික විශ්ව විද්‍යාල තහනම් කරන ලෙසට ඉල්ලමින් ඒ අක්කාගේ මල්ලීම විශ්ව විද්‍යාල සිසුන් කුලප්පු කිරීම කෙතරම් විහිලුවක්ද?

    සිය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සිසුන් කුලප්පු කරන දේශපාලන ව්‍යාපාර වල පාහර ජඩ නායකයින් සිය දරුවන් සහ පවුල් වල සාමාජිකයින්ට යෙහෙන් වැජඹීමට අවශ්‍ය පරිසරය සකසා දී තිබේ.

    තව වසර පහකින් ළහිරුගේ තනතුරට තවත් එක් නරියෙකු පත්වනු ඇත. ලහිරු සහ පවුලේ අය උගත් ධනවත් සමාජයේ වැජඹෙමින් අර නරියා පෙරටු කරගත් හරක් රැළ කෑගසන අයුරු දෙස බලා සිනා සෙනු ඇත.

    [rns_reactions]

  • ලහිරු සමග ඇතුලට ගිය ෆ්යිසාන් ලියු කවි පද කරලියට…

    මහා ගිරි වංක ගිරි තරණය කරන අපි
    දැක කුමට සැලෙමුද ඉපනැලිත් නැති වෙල් ගැටි
    එහෙම නොව නුබ කිව්වෙ අරගල කරන හැටි
    අමාරුම මොහොතෙදි දරාගෙන ඉන්න හැටි..’

    මේ කවිපද සටහන්වී ඇත්තේ මීට දින දෙකකට පෙර සරසවි සිසුවෙකුගේ ෆේස්බුක්  ගිණුමේයි.

    මේ වනවිට ඔහු සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේ යකඩ කූරු අතරයි.

    අනතර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ලහිරු වීරසේකර සමගින් ඊයේ (23) අත්අඩංගුවට ගැනුණු ඔහු ෆයිසාන්  අහමඩ් නම් වනවා.

    ඔහු තබා ඇති සටහන පහතින් දැක්වෙනවා.

    [rns_reactions]

  • වර්ජනයේ නිරත වෛද්‍යවරුන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පරීක්ෂණයක්

    රජයේ රෝහල්වල වර්ජනයේ නිරතවී පෞද්ගලික රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. 

    ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියා. 

    [rns_reactions]

  • කුමන්ත්‍රණකරුවන් එලියට… ඊලග පියවර ගැන කතා කරන්න සියල්ලන් හමුවේ…

    ගාලු දිස්ත්‍රික් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සහ දකුණු පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නලීන් හේවගේ මහතා අතර හමුවක් අද (23) ජනතා විමුක්ති පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේදී පවත්වා ඇත.

    එම හමුව සඳහා වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ගේ දෙමව්පිය සංගමයේ නිලධාරීන් සහ වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාද සහභාගී වී තිබේ.

    සයිටම් අර්බුදයේ වත්මන් තත්වය සහ සයිටම් විරෝධී සටන ජයග්‍රහණයෙන් කෙලවර කරගැනීට අවශ්‍ය බව එහිදී සාකච්ඡා වී තිබේ.

    [rns_reactions]

  • අනේ අපට බෙහෙත් කෝ…

    විශ්වවිද්‍යාල සිසුන්ට පොලිසිය විසින් පහරදීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් පෙරේදා (22 දා) දිනයේ ආරම්භ කරන ලද වැඩ වර්ජනය ඊයේ (23 දා දිනයේදී) ක්‍රියාත්මක කෙරිණ. මේ හේතුවෙන් රෝහල්වල බාහිර රෝගී අංශ ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි සිදු නොවීය. මේ නිසා රෝගී ජනතාව ඊයේ (23 දා) දැඩි අසීරුතාවට පත් වූහ. අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ බාහිර රෝගී අංශය දිස්‌ වූ අයුරු ඡායාරූපයෙන් දැක්‌වෙයි.

    [rns_reactions]

  • ජල කළමනාකරණයේදී මතුවන බරපතල ගැටලූවක් ගැන ජනපති මෛත්‍රී සියල්ල හෙළිකරයි..

    රටේ ජල සම්පතට වගකියන තනි ආයතනයක් නොමැතිවීම ජල කළමනාකරණයේදී බරපතළ ගැටලූවක් බවට පත්ව ඇති බව ජනාධිපතිතුමා පවසයි.භෞතික වශයෙන් අපේ භූමියට ලැබෙන ජල ප‍්‍රමාණය, අපේ රට මෙන් දස ගුණයක භූමියකට ප‍්‍රමාණවත් වුවද එය නිසි කළමනාකරණයකට ලක් නොවීම හේතුවෙන් ජල ගැටලූවලට මුහුණදීමට සිදුව තිබෙන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (23) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ පැවති ‘සුපැන් ප‍්‍රජා අභිමානී සංසද සමුළුව’ අමතමිනි.

    ශී‍්‍ර ලාංකීය ග‍්‍රාමීය ජනතාවගේ පිපාසය සංසිදුවන ප‍්‍රජා මූල සංවිධාන බලසතු කොට නියාමන යාන්ත‍්‍රණය සැකසීම, ජනගත කිරීම හා ඇගයීම වෙනුවෙන් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය හා ජාතික ප‍්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.සමුළුව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ජලයට තනි අයිතිකරුවෙක් නොමැතිවීම මෙන්ම සාමාන්‍ය ජනතාව සහ රාජ්‍ය නොවන ආයතන ජල කළමනාකරණය, සුරක්ෂිතතාවය සහ අරපිරිමැස්ම පිළිබද අඩු වගකීමකින් කටයුතු කිරීම ජල කළමනාකරණයේ මූලික ගැටලූ බවට පත්ව ඇති බවයි. ජලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම, ජල සුරක්ෂිතතාවය සහ, පාරිසරික සංරක්ෂණය පිළිබද සියලූදෙනා සිය වගකීම් ඉටුකිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

    ප‍්‍රජා ජල සංවිධාන විසින් විශේෂ සංදේශයක් ද ජනාධිපතිතුමා වෙත භාරදුන් අතර එහි ඇති කරුණු අමාත්‍ය මණ්ඩලයට යෝජනා කර අවශ්‍ය ආයතනවල සහයෝගය ලබා ගනිමින් ඒවා ඉටුකිරීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා සදහන් කළේය.
    පසුගියදා සිදුවූ ආපදා තත්ත්වයෙන් විපතට පත්වුවන්ට සහන සැලසීම සදහා කොලොන් ග්ලෝබල් කොරියන් ආයතනය මගින් රුපියල් මිලියන 02 ක චෙක්පතක් ජනාධිපතිතුමා වෙත නිල වශයෙන් භාරදීම ද මෙහිදී සිදු විය.

    වකුගඩු රෝගය පවතින දිස්ති‍්‍රක්ක සදහා ප‍්‍රතිආශ‍්‍රැත උපකරණ 70 ක් ලබාදීම, යුනිසෙෆ් ආධාර යටතේ ජල ටැංකි 100 කට අධික ප‍්‍රමාණයක් ප‍්‍රජා ජල සංවිධාන වෙත ලබාදීම, ලෝක ජල දිනය නිමිත්තෙන් පැවති තරගවලින් ජයග‍්‍රහණය කළ අය සදහා ත්‍යාග සහ සහතික පිරිනැමීම ඇතුළු වැඩසටහන් රැසක් මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිතුමා සංකේතාත්මකව ඊට එක් විය.

    [rns_reactions]

  • නව ඇමතිගේ නියෝගය පසෙකලා හිටපු ලේක් හවුස් යන්න බෑ කියා නටන පිස්සුව එලියට..

    ලේක් හවුස් ආය්තනයේ සභාපති ඇමැති සාගල රත්නායකගේ සොහොයුරා වන කාවන්තිස්ස රත්නායක ඇතුළු එම අධ්‍යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය ඇමැතිවරයා දැනුම් දී තිබුණද ඔහු ඉන් ඉවත් නොවෙන්නට තීරණය කර ඇති බව දැන ගැනීමට තිබේ. ජනමාධය ඇමැතිවරයා ලෙස මංගල සමරවීර මහතා පත් වීමෙන් අනතුරුව රජයේ මාධ්‍ය ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩලවලට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබු අතර ඒ අනුව එම ඉල්ලා අස්වීම් සිදුව තිබිණි.නමුත් රත්නායක මහතා ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර ඇත.

    මේ හේතුව නිසා ලේක්හවුස් ආයත්නය තුල ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා අපේක්ෂා කරන වෙනස්කම් සිදු කිරීම හැකියාවක් නොමැති බව වාර්තා වේ. මංගල සමරවීර මහතා විසින් ලේක් හවුස් හී නව සභාපතිවරයා ලෙස ක්‍රිෂාන්ත කුරේ මහතා හා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීමට තීරණය කර තිබේ.

    විවිධ චෝදනාවන් කිහිපයකටම ලක්ව හා අකාර්යක්ෂමභාවය නිසා කාවන් රත්නායක මහතා හා එම අධ්‍යක්ෂ මණ්ඩලය සම්බන්ධයෙන් පසුගිය කාලයෙහි පැමිණිලි ගනනාවක් ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට එම ආයතන සේවක සේවිකාවන් කටයුතු කර තිබුණු බවත් වාර්තා වී තිබු අතර ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් සෙවීමට කමි‍ටුවක්ද පත් කර තිබිණි. එම කමි‍ටු වාර්තාවෙන්ද ආයතනයේ දෝෂ ගනනාවක් හඳුනාගෙන තිබිනි. ඒ අනුව සැක සහිත මුල්‍ය ගනු දෙනු කිහිපයක් සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් කිරීමට ජනාධිපති විමර්ශන අංශය සුදානමක සිටින බවද වාර්තාවේ.

    කෙසේ නමුත් කාවන් රත්නායක ඇතුළු එම අධ්‍යක්ෂ මණ්ඩලය තුල වන ඇන කොටා ගැනිම් හේතුවෙන් ඔවුන් මාස ගනනාවකින් ‍රැස්වී නැති බවත් රත්නායක මහතා විසින් හිතු මතේ තීන්දු ගෙන කටයුතු කරමින් සිටින් බවත් ලෙක්හවුස් සේවකයන් පෙන්වා දෙයි.

    මේ වන විටත් කාවන් රත්නායක විසින් තමන්ට හිතවත් පුද්ගලයන් රැසකට ආයතනය තුල උසස් වීම් ප්‍රදානය කරමින් සිටින බවද එම සේවක සේවිකාවන් සඳහන් කරයි. එහෙත් එහිදී නිසි සුදුසුකම් රහිත පුද්ගලයන් කිහිප දෙනෙකුටම නව තනතුරු ලබා දී ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

    [rns_reactions]

  • රෝගීන් ප්‍රාණ ඇපයට තැබීමට එරෙහිව දැඩි පියවර – ඇමති රවිගෙන් ප්‍රකාශයක්…

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වල්බුරු නිදහසක් ලෙස යොදා ගනිමින් නීති විරෝධී ක්‍රියාවල යෙදෙන කුමන පුද්ගලයකු හෝ කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.

    රජය අපහසුතාවයට පත් කරමින්, රට තුල අරාජික තත්ත්වයක් ඇති කිරීමට ක්‍රියාකරන කණ්ඩායම් නීතියේ රැහැනට නතු කර ගැනීමට පොලිසිය මීට වඩා වේගවත්ව කටයුතු කළ යුතු බව ද, විදේශ කටයුතු අමාත්‍යවරයා සදහන් කළා.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (23) පෙරවරුවේ, හිටපු මුදල් අමාත්‍යවරයකු වූ රොනී ද මෙල් මහතා හමු වී, ඒ මහතාගේ සුවදුක් විමසීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.

    වැඩිදුරත් අදහස් දැක්වූ අමාත්‍ය රවී කරුණානායක මහතා.

    ”ආණ්ඩුව දැන් ඕනෑවටත් වඩා ඉවසුවා දැන් ඒ සීමාව අවසන් වීගෙන යනවා ප්‍රජාන්ත්‍රවාදීව බලයට පත් වූ ආණ්ඩුවකට වගකීමක් තියෙනවා රටේ බහුතර ජනතාවගේ අයිතිවාසිකම් රැක දෙන්න. අද වෛද්‍යවරු වැඩවර්ජනය කරන්නේ කිසිදු පදනමකින් තොරවයි. රටක් මෙලෙස ඉදිරියට ගෙන යන්න පුලුවන්ද ? සයිටම් විරෝධී විශ්ව විද්‍යාල සිසුන් පසු ගියදා සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා පැන සිදු කළ රාජ්‍ය දේපල හානි කිරීම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

    රොනී ද මෙල් හිටපු මුදල් ඇමතිවරයා සමඟ සාකච්ඡා කළේ රට ඉදිරියට රැගෙන යාම සඳහා රජයේ වැඩ පිළිවෙළ ගැනයි. මා මුදල් ඇමති ලෙස කටයුතු කිරීමේදී රොනී ද මෙල් මැතිතුමාගේ උපදෙස් හා මඟ පෙන්වීම් විශාල ලෙස ප්‍රයෝජනයට ගත්තා. එතුමා හැම මොහොතකම ප්‍රකාශ කළේ මා ඉදිරි පත් කළ අය වැය යෝජනා දීර්ඝ කාලින දැක්මක් සහිත යෝජනා වූ බවයි. ආසියානු ෆැසිපික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස සම්මානයට පාත්‍රාවීමට මගේ ආර්ථික දැක්ම වගේම, රොනී ද මෙල් මහතාගේ මඟ පෙන්වීම් ද බල පෑමක් වුනා” යැයිද අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    [rns_reactions]

  • අන්තරේ පිටුපස ජනපති සිහිනය දකින ඇමති පාටලී… ඇග හිරිවට්ටන තිත්ත ඇත්ත මෙන්න..

    ඊයේ දින සෞඛ්‍ය අමාත්‍යාංශයයේ ගොඩනැගිලි සියතට ගනිමින් බාල් නැටූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩළය සහ අන්තර් භික්ෂු පෙරමුණ හුදෙක් රග දැක්වූ නාටකයේ තිර පිටපතේ රචකයා වෙන කිසිවෙකුත් නොව සෑමවිටම සිල් රෙද්දෙන් බෙල්ල කපන , නවගුණවැල ගණන් කරන රජයේ ප්‍රභල අමාත්‍යවරයෙකි. කැබිනට් මණ්ඩළයේ සියලු දෙනාටම වැදිබණ දෙසමින් 2020 නොපෙනෙන සිහිනයක් කරා පියමංකරන මොහු සමග අවසානයේ අන්තරේ ළහිරු වීරසේකර පවා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට නතුකරගත්තේ පෙරටුගාමීන්ගේ මහපුටු වලටද නොදැනීමය.

    ඉකුත් 13 වනිදා මෙකී අමාත්‍යවරයා විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ප්‍රජාව සහ ඔවුන්ගේ දෙමව්පියන් සමග තමන්ගේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැත්වූ රැස්වීමේදී ප්‍රකාශ කර සිටියේ තමන් කෙසේ හෝ සයිටම් ආයතනයට එරෙහි සටන සියතට ගන්නා බවයි.ඒ වෙනුවෙන් ශිෂ්‍යයන් කිහිපදෙනෙකු හෝ බිල්ලට දී තමන්ගේ අරමුණ කරා යෑමට තරම් පහත් මානසිකත්වයක් ඔහු තුල තිබුණි.ඔහුගේ එකම අරමුණ වන 2020 ජනපති වීමේ සිහිනය සැබෑ කරගැනීමට ඇති භාධක සියල්ල එකක් නෑර බිඳගෙන යෑමේ පුරුද්ද නිසාම සහෝදර කැබිනට් මණ්ඩළයේ පවා ජුගුප්සාවට ඔහු ලක්වී ඇත්තේ ඒ නිසාමය.

    ඇත්ත එලියට ඒවි යැයි සැක සිතුනු  නිසාදෝ එම සිදුවීම සම්බන්දව විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට ජාතික හෙළ උරුමය කටයුතුකල බව අපට දන ගන්නට ලැබුණා. චම්පික රණවක අමාත්‍යවරයාගේ මෙහෙයවීම අනුව ඉදිරිපත්කල මෙම මාධ්‍ය නිවේදනයේදී බලලා මල්ලෙන් එලියට පණ ඇති බව හොඳින් වැටහෙනවා.
    එහිදී  සයිටම් පිළිබඳව ඔවුන්ගේ මතය හා GMOA මෙන්ම අන්තරේ මතයද සමපාත වන බව පෙනී යනවා.
    හෙළ උරුමය ඉදිරිපත් කර මාධ්‍ය නිවේදනයද අප පහතින් දක්වා ඇති අතර අප ප්‍රකාශ කරන්නේ දේශපාලනයේ බන්කොලොත්බව වසා ගැනීමට බොර දියේ මාළු බෑමට සැරසෙන මෙවන් දේශපාලකයන් පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙසයි!
    *************************************************************
    ඛේදවාචකයකින් අවසන් වීමට පෙර සයිටම් ගැටලූවට විසඳුමක් ලබා දෙමු..
     
    සයිටම් ආයතනය වහා අහෝසි කරන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ගොඩනැගිල්ල තුළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විසින් ක‍්‍රියාත්මක කරන ලද උද්ඝෝෂණ ව්‍යාපාරයට එල්ල වූ පොලිස් ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ ශිෂ්‍යයන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයටත් එමෙන්ම එම සිදුවීමේදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයටත් ජාතික හෙළ උරුමයේ කනගාටුව පළ කිරීමට කැමැත්තෙමු.
     
    රජයේ අමාත්‍යාංශයක් තුළට ඇතුළු වී ශිෂ්‍යයන් විසින් උද්ඝෝෂණය කිරීම ජාතික හෙළ උරුමය අනුමත කරන්නේ නැත. එහෙත්, මෙවැනි උද්ඝෝෂණයන්ට පදනම් වූ හේතු කාරණා අවබෝධ කර ගැනීමට එය බාධාවක් කර නොගත යුතුය. සයිටම් ගැටලූව යනු තව දුරටත් අධිකරණය උපයෝගී කරගෙන හෝ විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යන්ගෙන් දැන්වීම් පළ කරමින් විසඳා ගත හැකි ගැටළුවක් නොවේ. එය ප‍්‍රතිපත්තිමය සහ දේශපාලන ගැටලූවකි. එනම්, එක් අතකින් ශ‍්‍රී ලංකාවට ලාභ අපේක්ෂිත පුද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍යද හෝ ඒවා මේ රටේ ආරම්භ කොට පවත්වාගෙන යාමේ වාතාවරණයක් පවතීද යන ප‍්‍රතිපත්තිමය ගැටලූව මුලින්ම විසඳා ගත යුතුය. දෙවනුව, සයිටම් ආයතනය ආරම්භයේ සිට ක‍්‍රියාත්මක වී ඇති ආකාරය, ශිෂ්‍යයන්ගෙන් සහ සෞඛ්‍ය සේවයට අදාළ වෘතිකයන්ගෙන් ඊට එල්ලවන විරෝධය සහ පුද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම සම්බන්ධයෙන් මේ රටේ ඇති බියකරු අතීත අත්දැකීම යන කරුණු සළකා බලමින් සයිටම් ආයතනයේ පැවැත්ම පිළිබඳව දේශපාලන තීරණයක් ගත යුතුය. මේ තීරණ දෙකම රජය විසින් නොපමාව ගත යුතු තීරණයන්ය. අප යළි යළිත් පෙන්වා දෙන්නේ මේ ගැටලූව විසඳීම කාලයට බාර දී නිහඬව සිටීමට උත්සාහ කිරීම ඉතා බියකරු ඛේදවාචකයකට පාර කැපීමක් වනු ඇති බවයි.
     
    පෙර කී ප‍්‍රතිපත්තිමය සහ දේශපාලන ගැටළු දෙක සම්බන්ධයෙන් අප පක්ෂයේ ස්ථාවරය ඉතා විස්තරාත්මකව සහ තාර්කිකව අවස්ථා ගණනාවකදී පෙන්වා දී ඇත්තෙමු. මේ රටේ බහුතර ජනතාව පමණක් නොව දේශපාලන නායකයන් පවා, සයිටම් වර්ගයේ ලාභ අපේක්ෂිත පුද්ගලික වෛද්‍ය විද්‍යාල ලෝකයේ ඉතා සුලබව ඇති දෙයක් ලෙස කල්පනා කළත් අප විසින් දිගින් දිගටම පෙන්වා දී ඇති පරිදිම ඇත්ත තත්ත්වය වන්නේ ලෝකයේ දියුණු රටවල එබඳු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කිසිසේත්ම නොමැති බවයි. ලෝකයේ දියුණු රටවල් සියල්ලම උසස් අධ්‍යාපනය සළකන්නේ සාමාජයීය වගකීමක් ලෙස විනා, ධනෝපායන මාර්ගයක් ලෙස නොවේ. එසේම පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කළ තුන්වන ලෝකයේ රටවල් ගණනාවක් මේ වන විට එම තීරණයේ අනිටු පළවිපාක අත් විඳිමින් සිටිති.
     
    ඒ අනුව, අප පක්ෂයේ ස්ථාවරය වන්නේ ශ‍්‍රී ලංකාව කිසිසේත්ම ලාභ අපේක්ෂිත පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ නොකළ යුතුය යන්නයි. දෙවනුව, සයිටම් ආයතනය මුල පටන්ම ක‍්‍රියාත්මක වී ඇති වංචනික ආකාරය නිසා වගකීම් සහගත රජයකට එවැන්නකට සහයෝගය දීමේ කිසිදු අවකාශයක් ඉතිරි වී නොමැත. එම නිසා, තවදුරටත් පමා නොවී, සයිටම් ආයතනය වහාම වසා දැමීමට ක‍්‍රියාත්මක වීම සුදුසුය යන්න අපගේ ස්ථාවරයයි. රජයේ අමාත්‍යංශයකට ශිෂ්‍යයන් ඇතුළු වූ විට ඔවුන්ව පොලිස් බලය යොදා ඉවත් කිරීමට සිදුවන බව අපිද පිළිගන්නෙමු.
     
    එහෙත්, විද්‍යුත් මාධ්‍යයන්ගෙන් විකාශනය වූ මෙම පහරදීමට අදාළ දර්ශන මගින් පෙනී යන්නේ පොලීසිය පමණ ඉක්මවා බලය යොදන බවකි. විශේෂයෙන්ම, පොලීසිය විසින් සිසුන්ව පලවා හරිනු වෙනුවට ඔවුන්ව කොටු කරගෙන පහරදෙන බවක් එකී දර්ශනයන්ගෙන් පෙනී ගියේය. සයිටම් ආයතනයට විරුද්ධ සිසුන් සම්බන්ධයෙන් එබඳු පරිමාණයකින් සහ ස්වභාවයකින් නීතිය ක‍්‍රියාත්මක වෙත්දීම, ගිනි අවි ආඥා පනත යටතේ ඇප දිය නොහැකි වරදක් කර ඇති සයිටම් වෛද්‍ය විද්‍යාලයේ විධායක නිලධාරි සමීර සේනාරත්න නැමැත්තාට එරෙහිව තවමත් කිසිදු ලෙසකින් හෝ නීතිය ක‍්‍රියාත්මක වී නැත. එසේම, සයිටම් ආයතනය විසින් බරපතල ලෙස නීතිය උල්ලංඝනය කර ඇති අවස්ථාවන් ගණනාවක් තිබෙතත් ඒවාට එරෙහිවද නීතිය ක‍්‍රියාත්මක වන බවක් නොපෙනේ. මෙසේ එක් පාර්ශ්වයකට එරෙහිව පමණක් නීතිය ක‍්‍රියාත්මක වීම කිසිසේත්ම පිළිගත හැකි තත්ත්වයක් නොවේ. එසේම සයිටම් ආයතනයට වාසි සහගත දැන්වීම් විශාල ප‍්‍රමාණයක් රජයේ වියදමින් ප‍්‍රචාරය කිරීමද යහපත් තත්ත්වයක් නොවන බව පෙන්වා දිය යුතුමය.
     
    ඒ අනුව, විනය ගරුකව සහ ඉවසීමෙන් යුතුව තම විරෝධතා ව්‍යාපාරය පවත්වාගෙන යන ලෙස ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටින අතරම සයිටම් ආයතනය අහෝසි කිරීමට හැකි ඉක්මනින් කටයුතු කරන මෙන් රජයෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු.
     
    දර්ශනපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි
    සභාපති
    ජාතික හෙල උරුමය

    [rns_reactions]

  • අපිව සත්තු කරගන්න එපා – GMOA රජයට තර්ජනය කරයි…

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ උදෑසන 8.00ට ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.

    මේ හේතුවෙන් අද දිනයේ ද දිවයිනේ ප්‍රධාන රෝහල් වෙත පැමිණි රෝගීන් රැසක් දැඩි පීඩාවට පත් වුණා. 

    වෛද්‍යවරුන් මෙලෙස වර්ජනයේ නිරත වන්නේ මාලඹේ සයිටම් විද්‍යාලයට සහ සරසවි සිසුන්ට ඉකුත්දා එල්ල වූ ප්‍රහාරයට විරෝධය දක්වමින්. 

    වර්ජනය හේතුවෙන් ප්‍රාදේශීය රෝහල් රැසක කටයුතුවලට බාධා එල්ල වුණා. 

    මෙම වර්ජනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන රැස් වුණා. 

    අනතුරුව මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් සඳහන් කළේ වර්ජනයේ නිරත වෛද්‍යවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමට රජය කටයුතු කරන්නේ නම් වර්ජනය තවත් දැඩි කිරීමට සිදු වන බවයි. 

    මේ අතර සයිටම් අර්බුදය සම්බන්ධයෙන් කොළඹ ඊයේ පැවති සම්මන්ත්‍රණයේ දී වෛද්‍යවරයෙකු පහර කෑමකට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද අදහස් පළ වුණා. 

    සයිටම් ගැටළුව විසදීමට අවශ්‍ය යෝජනා මාලාවක් වෛද්‍ය පීඨාධිපතිවරුන්, වෙද්‍ය පිඨ ආචාර්ය සංගමය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පොදු එකඟතාවයෙන් යුතුව මේ වනවිට රජයට භාර දී ඇති බවද මෙහි දී ප්‍රකාශ කෙරුණා.   

         

    [rns_reactions]

     

  • නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අනාගතය ගැන කිරිඇල්ලගෙන් ප්‍රකාශයක්…

    මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල   රජයට පවරාගෙන ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කල හැකි රෝහලක් බවට පත් කරන බව අමාත්‍ය  ලක්ෂ්මන් කිරිඇල්ල අද (23) පාර්ලිමේන්තුවේ දී  සඳහන් කළා.

    ඒ,සයිටම් පිළිබඳව පැවති විවාදයකට එක්වෙමින්.

    [rns_reactions]

  • ආචාර්ය සමන් කැලේගම අභාවප්‍රාප්ත වෙයි

    ජාතික ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය සමන් කැලේගම මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේ තායිලන්ත සංචාරයක් අතරතුරදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බවයි.

    ආර්ථික විශේෂඥයෙකු, ප්‍රතිපත්ති සම්පාදකයෙකු ලෙසද කටයුතු කළ ඒ මහතා  කොළඹ රාජකීය විද්‍යාලයේ සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි සිසුවෙකුවෙකි.

    එමෙන්ම ඒ මහතා රාජ්‍ය හා පෞද්ගලික ආයතන බොහෝමයක ඉහළ පෙළේ තනතුරු හොබවා ඇති අතර ඉන්දියානු තාක්ෂණික අධ්‍යාපන ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගෙන තිබේ.

    මියයන විට ආචාර්ය සමන් කැලේගම මහතා 58 වන වියේ පසු විය.

    [rns_reactions]

  • “මම උත්තර දුන්නේ දේශපාලන පක්ෂයක නායකත්වය දරන හිමිනමකට“ – ඇමති ඩිලාන් පෙරේරා

    බොදු බල සේනා සංවිධානයේ ඥානසාර ස්වාමීන් වහන්සේගේ වාග් විලාසයට මෙන්ම උන් වහන්සේගේ දේශපාලන පක්ෂයේ මතයටද තමන් එකඟ නැතැයි රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

    හෙතෙම මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ය.

    දේශපාලන පක්ෂයක මතවාදයක් වෙනුවෙන් උන්වහන්සේ පෙනී සිටින බැවින් තමන්ද අදහස් දක්වන්නේ දේශපාලන පක්ෂයක මතවාදයක් පිළිබඳ දේශපාලඥයෙක් ලෙස යැයි රාජය අමාත්‍යවරයා සඳහන් කළේය.

    සයිටම් විරෝධය පිළිබඳවද අදහස් දක්වමින් හෙතෙම සඳහන් කළේ තමන්ද සයිටම් විරෝධියෙක් වුවත් අමාත්‍යාංශයකට පැන රාජ්‍ය නිලධාරීන්ට හිංසා කිරීම අනුමත නොකරන බවයි.

    එම වීඩියෝව පහතින්,

    [rns_reactions]