Category: සුපිරි Politics

  • පිය මග යන පුතු දහම් දුන් පොරොන්දු ඉටුකරයි. දෙව්මිණි දැරියගේ නව නිවෙසට මුල් ගල තබයි..!

    පසුගියදා දිවයිනට බලපෑ අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව රුදුරු ගංවතුරෙන් තම නිවස අහිමි වූ ලබන වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත රත්නපුර අයගම පණ්ඩුකඳේ වත්ත ප්‍රදේශයේ පියාද අහිමිව දිවි ගෙවන දෙව්මිණි නම් අධ්‍යාපනයට දක්ෂ දරුවෙකුගේ දුක්බර පුවතක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර ඒ පිළිබඳව සොයා බැලීමට පසුගිය බ්‍රහස්පතින්දා (14) දහම් සිරිසේන මහතා එම ප්‍රදේශයට ගිය අතර, එහිදී පුංචි දෙව්මිණිගේ කඬාවැටුනු නිවස සහ සිදුවූ සිදුවීම නීරීක්ෂණය කර එහිදී දෙව්මිණි දැරියට සහ ඇගේ මවට සුදුසු ස්ථානයක නව නිවසක් කඩිනමින්ම ඉදිකර දෙන බවට පොරොන්දුවක් ලබා දුන්නේය.

    එම පොරොන්දුව ලබා දී සතියක් ගත වන අද දින (22) පුංචි දෙව්මිණි දැරියගේ අහිමි වූ නිවෙස වෙනුවට නව නිවෙසක් සෑදීම සඳහා මුල් ගල තැබීම අවට විහාරස්ථාන වල ස්වාමින් වහන්සේලාගේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ අද උදෑසන 10.15ට යෙදුන සුභ නැකතින් දහම් සිරිසේන මහතා අතින් සිදු විය.

    මෙම නව නිවෙස සඳහා අවශ්‍ය ඉඩම කිරිඇල්ල නැඳුන් රජමහා විහාරස්ථානය විසින් පරිත්‍යාග කල අතර නිවෙස ගොඩ නැගීමසඳහා රජයේ කිසිඳු ප්‍රතිපාදනයක් ලබා නොගෙන තම පෞද්ගලික දැන හැඳුනුම්කම් මත ආධාර උපකාර ලබාගෙන මාස 3ක් ඇතුලත ගොඩනැගීමටයි දහම් සිරිසේන මහතා සැලසුම් කර ඇත්තේ.

    ගංවතුරෙන් විපතට පත්වූ නැති බැරි අපේම ජනතාව වෙනුවෙන් මෙවැනිම වූ නව නිවාස කිහිපයක්ම රජයේ මැදිහත්වීමකින් තොරව ගොඩනගා විපතට පත්වූ ජනතාව වෙනුවෙන් ලබා දීමට තමා අදහස් කරගෙන සිටින බවත් ඒ සඳහා උපකාර කිරීමට කැමති අයට ආරාධනා කරන බවත් දහම් සිරිසේන මහතා එහිදී සඳහන් කර සිටියේය.

    [rns_reactions]

  • සරසවි සිසුන් කල අලාභය ගණනය කිරීම් ආරම්භ වෙයි… CCTV වාර්තා වලින් සියල්ල පැහැදිලියි…

    සරසවි සිසුන් ඊයේ (21) කළ උද්ඝෝෂණයේ දී සෞඛ්‍ය අමාත්‍යංශයේ දේපළවලට සිදු වූ අලාභය පිළිබඳ  තක්සේරු කිරීම මේ වන විට ආරම්භ වී තිඛෙනවා.

    සී සී ටී වී කැමරාවල සමීප ඡායාරූප ද මෙහිදී සැලකිල්ලට ගන්නා  බවයි පොලිසිය පවසන්නේ.

    උද්ඝෝෂකයින් පිරිසක් අමාත්‍යංශ පරිශ්‍රය තුළට නීති විරෝධීව ඇතුළු වී වාහනවලට සහ එහි අනෙක් දේපළවලට අලාභ සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

    මෙලෙස දේපළවලට අලාභ සිදු කළ තැනැත්තන් හඳුනා ගැනීමට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඝෘජු අධීක්ෂණය යටතේ විමර්ශනයක් ද ආරම්භ කර තිඛෙනවා.

    හඳුනා  ගන්නා වරදකරුවන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි කියා සිටියා.

    [rns_reactions]

  • මහින්දට එරෙහිව සංඝ ආඥාවක් නිකුත් වන ලකුණු…!

    ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් කතා කිරීම තමන්ට  එරෙහිව සංඝ ආඥාවක් නිකුත් වීමට ද හේතු විය හැකි බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

    ඔහු මේ බව සඳහන් කළේ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා කරන ආකාරය පිළිබඳව මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

    [rns_reactions]

  • ඊයේ සිදුවීමත් සමග අලුත් සරසවියේ වෙනසක් නීතියක් ලෙසින් කරලියට…

    විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන තරුණ සංඝයා වහන්සේලා වෙනුවෙන් වෙනම විශ්ව විද්‍යාලයක් ඇති කළොත් නරකද..?
    ක්‍රි. පූ. 427 යුගයේ,කුමාරගුප්ත අධිරාජ්‍යයා විසින් ඉන්දියාවේ බිහාර් ප්‍රදේශයේ ආරම්භ කළ නාලන්දා විශ්ව විද්‍යාලය වගේ එකක්. එතකොට වත් අපේ අනාගත සඟ පරපුර සියළු දේශපාලන ව්‍යසන රැක ගන්නට අපිට හැකි වෙයි නේද…?

    [rns_reactions]

  • වැඩ්ඩො වැඩ පෙන්වයි. නිකමෝ දොඩවයි…ලොතරැයි මණ්ඩලයේ අදායම ඉලක්ක ගත ආදායමට වඩා ඉදිරියෙන්

    හිටපු මුදල් අමාත්‍ය සහ වත්මන් විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා යටතට සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලය පවරාදීමට එරෙහිව දැඩි විවේචන එල්ල වූ අතර එම අභියෝග ජයගනිමින් ඊට එරෙහිව අමාත්‍ය රවි කරුණානායක මහතා තම හැකියාව සහ දක්ෂතාවය තුළින් ඉලක්ක ගත වර්ධනයට වඩා වැඩි වාර්තාගත වර්ධනයක් ගත වූ සීමාව තුළ පෙන්නුම් කර ඇත. 

    සංවර්ධන ලොකරැයි මණ්ඩලයේ ආදායම ඉලක්ක ගත ආදායමට වඩා මේ වන විට 4%ක් ඉදිරියෙන් සිටින බව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති රොමේෂ් ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. එය අවුරුද්ද අවසානයේ 12% ක් වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

    සංවර්ධන ලොතරැයි මණ්ඩලය මුදල් අමාත්‍යාංශය යටතේ තිබියදීත් එහි ආදායම ගියේ මහා භාණ්ඩාගාරයට නොවන බවත් 50% බැගින් ජනාධිපති අරමුදලට සහ මහපොළ ශිෂ්‍යත්වයට බවද රොමේෂ් ජයවර්ධන මහතා පවසයි.

    [rns_reactions]

  • තුවාල ලැබූ STF සෙබළුන්ට ප්‍රතිකාර නොකළ අමුතු පන්නයේ නොමිනිසුන් ගැන පුවතක් කරලියට..

    සයිටම් විරෝධි සිසුන්ට ඊයේ (21) එල්ල වූ ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් 70 දෙනෙකු පමණ තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

    පොලිස් නිලධාරීන් 05 දෙනෙකු ද මෙහිදී තුවාල ලැබුවා. තුවාල ලැබූ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් තිදෙනෙකුට වෛද්‍යවරුන් නිසි ප‍්‍රතිකාර නොකිරීම හේතුවෙන් ඔවුන් පොලිස් රෝහලට ඇතුළත් කර ඇති බවයි  අප  වෙත වාර්තා වුණේ.

    මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ ප‍්‍රධානී නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ්ගෙන් කළ විමසීමක දී ඔහු ඒ බව තහවුරු කරනු ලැබුවා.

    කෙසේ වෙතත් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ එවැනි කිසිදු සිදුවීමක් තමන් වෙත වාර්තා නොවූ බවයි. 

    තුවාල ලැබූ විශේෂ කාර්ය බලකා නිලධාරීන් තිදෙනාට වෛද්‍යවරුන් නිසි ප‍්‍රතිකාර සිදු නොකිරීම සම්බන්ධයෙන් නෙත් නිවුස් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ද විමසීමක් කළා.

    ඊට ප‍්‍රතිචාර දැක්වූ එම සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් සඳහන් කළේ වෛද්‍යවරයෙකුට සෑම රෝගියෙක්ම එක සමාන බවයි

    [rns_reactions]

  • අධ්‍යාපන අයිතිය ඉල්ලු සරසවි සිසුන්ට පොලිසියෙන් කුරිරු ප්‍රහාරයක්… නොදුටු දසුන් මෙන්න…

    අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාව විසිරුවා හැරීමේදී තුවාල ලැබූ 87 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව රොහල් ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

    ඒ අතර පොලිසියේ පස් දෙනෙක් ද සිටින බවයි වාර්තා වෙන්නේ.

    රෝහලට ඇතුළු කළ රෝගීන්ගෙන් 50 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවද සඳහන්.

    අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව  සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදුණු අතර පැය තුනකට ආසන්න කාලයක් එහි රැඳී සිටිමින් විරෝධතා දැක්වූවා. පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය ඔවුන් විසිරුවා හැරීමට කටයුතු කළා.

    https://www.facebook.com/media/set/?set=a.1021510701322711.1073742133.739746236165827&type=3

    https://www.facebook.com/MAHAWEDAMAHATHTHAYA/posts/1021378101335971

    https://www.facebook.com/MAHAWEDAMAHATHTHAYA/videos/1021344231339358/

    https://www.facebook.com/MAHAWEDAMAHATHTHAYA/videos/1021316954675419/

    https://www.facebook.com/MAHAWEDAMAHATHTHAYA/videos/1021299588010489/

    https://www.facebook.com/MAHAWEDAMAHATHTHAYA/posts/1021279648012483

    https://www.facebook.com/MAHAWEDAMAHATHTHAYA/posts/1021218378018610

    [rns_reactions]

  • සරසවි සිසුන් අදත් මහ පාරේ… සෞඛ්‍ය අමාත්‍යංශයට දැඩි හානී….

    සෞඛ්‍ය අමාත්‍යංශයේ සුවසිරිපාය ගොඩනැගිල්ලේ මහල් 04ම අත්පත් කරගෙන සිටි සරසවි සිසුන්  ගොඩනැගිල්ල පුරා සිය සටන් පාඨ රැගත් පුවරු ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළ අතර එම කටයුතු නිසා අමාත්‍යංශයට දැඩි හානී සිදුව ඇත.

    සරසවි සිසුන් අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ ඇති විවිධ පුවරු හා දැන්වීම් ගලවා ඉවත් කිරීමට කටයුතු කර ඇති බවද ඒවා ගිනි තබා විනාශ කිරීමද සිදු කරන බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

    අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද (21) මෙම විරෝධතා පාගමන සංවිධානය කළේ සයිටම් ආයතනයට විරෝධය පාමින්.

    කෙසේවෙතත් මේ වන විට සරසවි සිසුන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග සාකච්ඡාවක්ද සිදු වෙමින් තිබෙනවා.

    [rns_reactions]

  • ශ්‍රී ලන්කන් ගැන තීන්දුවක් ගන්නවා – ජනපති

    දෙනගම ධම්මික රණවීර
     
    ශ්‍රී  ලන්කන් ගුවන් සමාගමේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සම්බන්ධ තීරණාත්මක තීන්දුවක් ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කොට ඇත.
     
    ශ්‍රී  ලන්කන් ගුවන් සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලයට එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමසා බැලීමට එම නිලධාරීන් විශේෂ කැබිනට් අනුකමිටුවක් වෙත ඊයේ (20දා) පෙරවරුවේ කැඳවනු ලැබීය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සහභාගි වූ එම කැබිනට් අනුකමිටුව නියෝජනය කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ හා රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, කබීර් හෂීම්, රවි කරුණානායක යන ඇමැතිවරුද එක්වී සිටියහ. පසුගිය සතියේ (13දා) කැබිනට් මණ්ඩල රැස්වීමේදී එම කැබිනට් අනුකමිටුව පත් කළ අතර ශ්‍රී  ලන්කන් ගුවන් සමාගමේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරි ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය අමාත්‍ය අනුකමිටුවට කැඳවීමට තීරණය කළේද එදිනයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අධ්‍යක්ෂ මණ්ඩලය සම්බන්ධව ඉහත ප්‍රකාශය කොට ඇත්තේ එහිදීය.
     
    ශ්‍රී  ලන්කන් ගුවන් සමාගමේ සිදුවී ඇති බව කියන අක්‍රමිකතා පරීක්ෂා කිරීමට පත් කළ නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටු වාර්තාවේ නිර්දේශ වහා ක්‍රියාත්මක කිරීමටද එහිදී තීරණය කොට තිබේ.
     
    මෙහිදී ශ්‍රී  ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට එරෙහිව එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සිවුදෙනකුද අදහස් දක්වා ඇති බව දැනගන්නට ඇත. ශ්‍රී  ලන්කන් ගුවන් සමාගමට විෂය භාර ඇමැති කබීර් හෂීම් මහතාගේ අනුමැතියෙන් තොරව සේවකයන් 1,200ක් බඳවා ගෙන ඇති බවද එහිදී අනාවරණය වී ඇත.
    [rns_reactions]
  • තිස්ස තිස්ස නවතිනු කිවුවේ මහින්ද නොව රනිල් බව ගිරිරාජ් සිනාසෙමින් කියයි…

    ෆේස්බුක් ඔස්සේ මේ දිනවල හුවමාරු වන ජනප්‍රිය කෙටි විඩියෝවක ‘තිස්ස තිස්ස නවතිනු කියලා කිව්වේ කවුද’ ගුරුවරයා ලමයාගෙන් විමසයි. ලමයා පිලිතුරු දෙමින් කියන්නේ ඒ රනිල් බවයි.

    එවිට ගුරුවරයා එම උත්තරය වැරදි බවත් එසේ පැවසුවේ මිහිඳු හාමුදුරුවෝ හෙවත් මහින්ද බව පවසයි.

    එවිට ලමයා පවසන්නේ ‘අපි නම් දන්නේ මහින්ද තිස්සට එනු එනු කෝපි බොමු ආප්ප නම් නොකනු කියලායි මන්දා අපි නම් දන්නේ එච්චරයි’ යනුවෙනි.

    ප‍්‍රියන්ත සෙනෙවිරත්න, ගිරිරාජ් කෞශල්‍ය එහි රංගනයේ යෙදේ.

    [rns_reactions]

  • රජ සිහිනය උදෙසා කල මාධ්‍ය සංදර්ශනය නිමාකරමින් ඥාණසාර හිමි ඉන්න තැනින් එළියට එන්න සූදානම්

    බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ගේ ආරක්‍ෂාව තහවුරු වන්නේ නම් උන්වහන්සේ අධිකරණය හමුවේ පෙනී සිටිමට සූදානම් බව  ප‍්‍රකාශ කෙරුණා.

    සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මේ බව සඳහන් කළා.

    එහිදී වැඩි දුරටත් සඳහන් කෙරුණේ (22) ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට පෙනී සිටිනු ඇති බවයි.

    පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ගේ අනාගතය සම්බන්ධයෙන් උන්වහන්සේ මෙහිදී අදහස් පළ කළා.

    “අරයගෙ ගෙදර ඉන්නවා.. මෙයාගෙ ගෙදර ඉන්නවා… කියලා දැන් ඥාණසාර හිමි ගැන දේශපාලඥයින් විවිධ කතා කිව්වනේ. අපි බලමු කොහේ ඉඳන්ද එන්නේ කියලා. දැවැන්ත රාජ යෝගයක් තියෙනවා ඥාණසාර හාමුදුරුවන්ට. රජ්ජුරුවෝ වෙන්න බැරිද රටේ. අපි හිතන්නෙවත් නැති මිනිස්සු රටේ පාලන බලය අරගෙන තියෙනවා. බලමු කොහොමද රාජ යෝගය කැරකෙන්නේ කියලා. දැන් ඉතින් මේක කියපු කමන් අර ඇත්තන්ට හීන්දාඩිය දායි.”

    [rns_reactions]

  • ඩෙංගු ගැන වාසුගේ ප්‍රශ්නයට ඇමති රාජිතගෙන් විශ්ලේෂණාත්මක පිළිතුරක්..

    පාර්ලිමේන්තුවේ ඩෙංගු තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න විසින් සිදු කළා.

    එහිදී වසර ගණනාවකින් බී.ටී.අයි.බැක්ටීරියාව ලංකාවට නොගෙනාවේ ඇයිදැයි යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර විසින් ප්‍රශ්න කළා.අප සතුව බී.ටී.අයි.බැක්ටීරියාව විශාල ප්‍රමාණයක ඇති බවත් ඩෙංගු මර්දන වැඩපිළිවල සඳහා නීති පැනවීම වගේම සියලු දෙනාගේ සහයෝගයෙන් කීටයන් බෝවීම අවම කිරීමට කටයුතු කල යුතු බවත් පිළිතුරු සපයමින් අමාත්‍යවරයා සඳහන් කළා.

    [rns_reactions]

  • ජාති භේදය අවුස්සන්නේ රට වනසන්න සිහින දකින ඉන්න පිරිසක් – ජනපති මෛත්‍රී

    සියලු ජනකොටස් අතර සාමය සහ සමගිය ගොඩනංවමින් රට තුළ ස්ථිරසාර සාමයක් ඇති කිරීමට රජය පුළුල් වැඩකොටසක් ඉටුකරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

    ජනාධිපතිවරයා කියාසිටියේ එදා මුස්ලිම් ජනතාවට විරුද්ධව කටයුතු කළ පිරිසම අද ද රජය සහ මුස්ලිම් ජනතාව භේද කිරීමට දේශපාලන කුමන්ත‍්‍රණයක යෙදෙන බවයි.

    දේශපාලන කුමන්ත‍්‍රණවලට හසු නොවී සතුරා සහ මිතුරා හඳුනා ගෙන කටයුතු කරන ලෙසට සියලු මුස්ලිම් ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටින බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

    ඉස්ලාම් බැතිමතුන්ගේ දෛනික රාමසාන් උපවාසය අත් හැරීමේ ඉෆ්තාර් උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

     

    [rns_reactions]

  • ආණ්ඩුව වට්ටන්න හදන ප්‍රබල ඇමතීන් කිහිප දෙනෙක් ගැන විස්තර මෙන්න..!

    එක්සත් ජාතික පක්ෂයට හෝ වෙනත් කිසිඳු පක්ෂයක අපේක්ෂකයෙකුට ජයග්‍රහණයක් පෙනෙන මානයකවත් නොතිබූ යුගයක, රාජපක්ෂ රජයේ ප්‍රධාන අමාත්‍ය ධූරයක් දරමින් සිට ජනාධිපතිවරණයෙන් පසු ජීවත්වීම පවා තීරණාත්මක අභියෝගයක් කරගනිමින් ඉතා තීරණාත්මක ජනාධිපතිවරනයකින් පසු එය ජයග්‍රහණය කල පොදු අපේක්ෂකයා ජනපතිවරණය අවසන් වූ වහාම සියලු පක්ෂ එකමුතුව ජාතික ආණ්ඩුවක් සැදීම සඳහා සියලු පක්ෂ වලට කළ ආරාධනය ජනතා විමුක්ති පෙරමුන, දෙමළ ජාතික සන්ධානය වැනි ඒම ජයග්‍රහණයට අත යටින් උදව් කල අය මග හැරියේය. එය මග හැර, රටේ ඇති ප්‍රධාන ගැටළුවලට පිළියම් සොයනවා වෙනුවට, තමන්ගේ බලය තහවුරු කර ගැනීම වස් ප්‍රජාතන්ත්‍රවාදීව පත් වූ නව ආණ්ඩුවටත් පහර එල්ල කරමින් තම එදිනෙදා දේශපාලන බලය සරිකර ගැනීම පිණිස කටයුතු රද්දී, අනෙකුත් සුලු කණ්ඩායමක් බහුතර ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ ජනාධිපති කෙනෙකු, බලය තිබූ කාලයේදී උමතුව සිටි හිටපු පාලකයෙක් පසු පස හඹා ගියේය. මේ අතර කෙසේ හෝ ගැට ගසා ගත් යහපාලන ආන්ඩුවේ සුජාතභාවය පිණිස ජනාධිපති මෛත්‍රීගේ කැපවීම සහ උනන්දුව විනා අනෙකුත් කිසිඳු දේශපාලන නායකයෙක්ට ලභියෝග මැද ලබා ගත් ජයග්‍රහනය ඉදිරියට ගෙනගොස් ඔහු වටා එකතුවී අපේ රට යහපත් දේශයක් කරනු පිණිස කින්න්ශු කැපකිරීමක් නත. ඇතැමෙක් කිසිඳු ජනපදනමක් නැති කුඩා කල්ලි හා කණ්ඩායම්වල උසුගැන්වීම මත තමා එකම නායකයා යයි කියමින් ජනතාවට බලෙන් ආරූඪ කරමින්, නැවත නැවතත් ශ්‍රී ලාංකීය දේශපාලනය අර්බුදකාරී තත්වයකට ඇද දැමීම තුළ, පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කිරීම රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වී පැමිණි සහ පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ ඇතැම් ඇමතිවරුන්ගේ වත්මන් ක්‍රියාකලාපය පිළිබඳව වර්තමානයේ සැහීමකට පත්විය නොහැකිය. ලෝකයේ ඉහළ දියුණුවක් ලැබූ සියලූ රටවල් එම සංවර්ධනය උදා කරගෙන තිබෙන්නේ දේශපාලන බේදයකින් තොරව, එම රටේ සහජීවනය සහ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට එකා මෙන් ක්‍රියාශීලීව වැඩ කටයුතු කිරීමෙනි. එහෙත් අනාගත ජනාධිපති හෝ අගමැති සිහිනයකින් සිටමින් මනෝරාජිකව සිහින දඉමින් පවත්නා ආණ්ඩුවේ එක් පාර්ශවයක් දූශිතයින් රැකීමට ඉදිරිපත්වී සිටින බව දැන දැනත් බලයට කුලල් කා ගන්නා දේශපාලන සංස්කෘතිය අවසන් කර රට ගොඩනැගීමට සියලූ දේශපාලනඥයින් සහ දේශපාලන පක්ෂ එක්වීම යුගයේ අවශ්‍යතාවයක් බව දැන දැනත් ඇතැම් ප්‍රබල ඇමතිවරු රහසිගතව සිදුකරන ක්‍රියාදාමයේ ඇතැම් කොටස් දැන් දැන් එළිදරව් වී අවසානය. රාජපක්ශ රජය්ටේ දූෂිතයන්ට එරෙහිව ෆයිල් ගණනාවක් විභාග අවසන් කොට නීතිපතිවරයා වෙත ලබාදි ඇත. ඊට අදාල ඇමතිවරයා කතා කරන්නේ ඔහු ඇමතිවරයා වී සිටින තෙක් එම දූෂිතයින් අත්අඩංගුවට ගන්නා ඉඩ නොදෙන බවය. අද වන විට සමස්ත අපේ රටම ඩෙංගු වසංගතයෙන් වෙලාගෙන හමාරය. ඊට වගකිවයුතු ඇමතිවරයාගේ ක්‍රියාකලාපය ගැන කිසිසේත්ම සෑහීමකටවත් පත් විය නොහැකිය. මීතොටමුල්ල කුණු ප්‍රශ්නයෙන් පසු කොළඹ ඇතුලුතදාසන්න ප්‍රදේශයන්හී කුණු ප්‍රශ්නය ගැන ආණ්ඩුවට දඩි චෝදනා එල්ල වෙමින් පවතී.

    එහෙත් විෂය භාර ඇමතිවරයා අන් අයට බෝල පාස් කරනවා විනා වගකිවයුතු පාර්ශවයන් සියල්ල එකතුකරමින් රජය අරසාදයෙන් ගලවා ගැනීම උදෙසා ඊට නිසි පිළියමක් ගන්නා බවක් දක්නට නැත. එමෙන්ම මුලු රටම නැවත වතාවක් ගිනි තැබීමට උත්සහ ගන්නේ කොහේවත් නැති ජාති, ආගම්වාදයක් නැවත රට තුළට ගෙනවිත්ය. ඊට අදාලව යම් සැලකිය යුතු වැඩ කොටසක් තිරයෙන් පිටුපස සිට සිදු කරන්නේ ප්‍රබල ඇමතිවරුන්මය. අප එසේ කියන්නේ මේ කුමන්ත්‍රණකාරී ඇමතිවරුන් එකෙකු ජාති, ආගම්වාදය අවුලවන විට, අනෙකා ඊට ප්‍රතිවුරුද්ධව සිටිමින් සුලුතරය අවුස්සවමින් ක්‍රියා කරයි. තවත් කෙනෙකු සුලුතරය සමගින් ඉන්නවා යැයි කියමින් සිංහල බෞද්ධ ඡන්ද වලට ඇස යොමු කරවමින් සිටියි. අවසානයේ සිදුවන්නේ ජනවාරි 8 ලැබූ ජයග්‍රහණයට සම්පූර්ණයෙන් පශ්චාත් භාගය හරවා අනාගත දේශපාලන සිහිනයක් දැකීමට මේ ප්‍රබල ඇමතිවරුන් සිහින දකිමින් සිටිමයි. එමෙන්ම මේ සියල්ල අස්සේ අගමැතිවරයා සහ ඔහුගේ සහචරයින් සියල්ලම සිදු කරන්නේ පැවති පවුල් ආණ්ඩුවේ දූෂිතයින්ටත් එහා ගොස් තම හිතවත් අය එකතුකොට එක් පක්ෂයක බලය තහවුරු කර ගැනීම පිණිස ගෙනයනු ලබන විකාරරූපි ක්‍රියාවලියක්ය.

    රටේ රේගුව ඇතුලු ආදායම් මාර්ග ගෙන දුන් ඇතැම් ආයතන වල දූශිත ගණුදෙනු සිදු කල ඇමතිවරුන්ගේ විෂය පථයන් වෙනස් කල පසුත් අග්‍රාමාත්‍යවරයා මැදිහත්වී ඔහුට චෝදනා එල්ල වු ආයතන නැවත පවරා දෙමින් දූෂණ වංචා වලට උඩ ගෙඩි දෙන්නේ ප්‍රසිද්ධියේය. බැඳුම්කර සිදුවීම ඊට හොඳම උදාහරණයය. එහි විමර්ශන කටයුතු සිදු කරන්නේ රාජපක්ෂවරුන්ට විරුද්ධව සිදු කරන චෝදනා සිදු කරන්නාක් මෙන්ම ඉතා මන්දගාමීවය. “අන්තිමේදී අල්ලපු හොරෙකුත් නැත” කියන්නට සිදු වෙන බවක් පෙනෙන්නට තිබේ. ඇවන්ගාඩ් ගණුදෙනුවේදී චෝදනා එල්ල වී ප්‍රසිද්ධියේ වරද පිළිගත් එක් ඇමතිවරයෙක්ට අග්‍රාමාත්‍යවරයා නැවත අමති කමක් දෙන්නේ කිසිඳු හිරිකිතයඉන් තොරවය. ඒ සම්බන්ධයෙන් සිවිල් සංවිධානද අරලියගහ මන්දිරයෑඅ මුදල් වලින් කටවල් වසාගෙනය

    දූෂිත පාලනයක් පරාජය කර පිරිසිදු ආණ්ඩුවක් බිහි කිරීමට මේ රටේ ජනතාව සහාය වන බවට තිබූ විශ්වාසය තුළ පසුගිය රජයෙන් ඉවත්වී නොබියව ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ පොදු අපේක්ෂක වත්මන් මෛත්‍රී ජනාධිපතිවරයා රටට අවශ්‍ය නව සමාජයීය, ආර්ථික මෙන්ම දේශපාලන පරිවර්තනය ලබාදීම වෙනුවෙන් නොවිඳිනා බැණුම් අසමින් සුවිශාල පරිවර්තනීය වෙනසක් සිදු කරමින් එකම ශ්‍රීලාංකීය ජාතියක් ලෙස නැගී සිටීමට උතුරේත්, දකුණේත් ජනතාවගේ ප්‍රශ්න වලට සමුතිවාදී ආණ්ඩුවක් තුළින් ස්තීරසාර විසඳුම් ලබා දීමට උත්සහ ගනිද්දී එය වැලක්වීමට උත්සහ ගන්නා සුලුතර කොටස සිතිය යුත්තේ ඔවුන් හවුල් වී පිහිටුවාගත් මේ යහපාලන ආණ්ඩුව හරි පාරේ ගෙන යෑමට සම සමව බර අදිමින්, තමන්ට පැවරී ඇති වගකීම් ඉෂ්ඨ කරමින් අපේ රට හරි පාරේ ගෙන යෑමට වත්මන් ජනාධිපතිවරයාට හයියක් විය යුතුය. තම තමන්ට සිහින දැකීමට අයිතියක් ඇත. එම සිහින වල ජීවත් වෙමින් රටේ වත්මන් පාලනය අවුල් කරමින් පරාජයට පත්වූ මිනීමරුවන්ට නවත බලයට පැමිණීමට ඉඩ සැලසෙන පරිදි වැඩ කටයුතු සිදු කරන්නේ නම් ඊට එරෙහිව අපේ රටම ඉදිරියට පැමිණෙනු ඇත. විවේචන සිදු කල යුතුය. එහෙත් ඒ විවිවේචන තුළ ස්වයං විවේචනද සිදු විය යුතුය. එසේ නොකොට එක් අයෙකුගේ පිට ඒ සියල්ල එල්ලන්නේ නම් එය ජනවාරි 8 වන දින ජයග්‍රහණයට දායක වූ සියල්ලන්ටම කරන අසාධාරණයකි.

    [rns_reactions]

  • වැඩ කරන්න බැරිනම් අස්වෙලා ගෙදර යන්න – කටපත් අදින පාඨලීට ජනපති මෛත්‍රිගෙන් දොස් මුරයක්

    පාඨලී චමිපික රණවක යනු ශ්‍රී ලංකාවේ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයාය.චම්පික ඇමතිවරයා ඉංජිනේරුවෙකි එබැවින් අප අපේක්ෂා දල්වාගෙන සිටියේ ඔහු මෙම කුණු ප්‍රශ්නය විසඳනු ඇතැයි කියාය. නමුත් තවමත් කුණු ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලැබී නොමැත.

    පසුගියදා “වෝටර්ස් එජ් හෝටලයේ ” පැවතී කසලින් තොර ලංකාවක් තැනීම සඳහා පැවතී සම්මන්ත්‍රණයකදී 2030 වන විට කසල කළමනාකරණය කොට මෙරට කසල ගැටලුව විසඳීමට අවශ්‍ය පියවරයන් සාකච්චා කෙරුණත් මේ වනතෙක් කිසිවක් ක්‍රියාත්මක නොවීමට චම්පික රණවක අමාත්‍යවරයා වගකිව යුතුය. තවද එදා පරිසර අමාත්‍යවරයා ලෙස චම්පික අමාත්‍යවරයා කටයුතු කරන කාලයේ මෙරට කසල කළමනාකරණයට විදෙස් සමාගම් 63ක් පැමිණියත් ඉන් එකකටවත් මෙම කසල කළමනාකරණය භාර නොදීම සම්බන්දවද චම්පික අමාත්‍යවරයාට ඇඟිල්ල දිගු වනවා. එමෙන්ම ඔබතුමාගේ පොත්පත් හා ලිපි වල තිබෙන න්‍යාය කරුණු ප්‍රායෝගිකව කිරීමට ඔබ අසමත් වන්නේ ඇයි? චම්පික ඇමතිතුමනි කොළඹ හරිත නගරයක් කිරීමට ලක්ෂ ගණන් වියදම්කර සම්මන්ත්‍රණ පැවැත්වූවාට එහි කිසිදු ඉදිරි පියවරක් අපට දක්නටද නැත.මීතොටමුල්ල මෙන්ම ගම්පහ, බ්ලුමැන්ඩල්, අම්බුළුවාව,ගම්පහ ඇතුළු මහා කුණු කඳු රටට බරක් නොවී ආදායමක් කර ගැනීමට නවීන තාක්ෂණික ක්‍රමවේද රැසක් පැවතියත් අපේ රටට ඒවා හඳුන්වා දීමට රජය මැදිහත්ව කටයුතු නොකිරීමට අදාළ පාර්ශව වගකිවයුතු සේම රජය යම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යනවිට දේශපාලන පක්ෂ පාට නිසා ඒවාට විරුද්ධ වන ජනතාවද ඒවාට සෘජුවම වගකීම භාරගත යුතුය.

    අතීත පාලකයන් කල වැරදි හා තිරසාර නොවන ක්‍රියාමාර්ග නිසා විපතට පත් වි සිටින්නේ වෙන කවුරුත් නොව අහිංසක ජනතාවයි. ජනතාව දේශපාලකයන් පිළිකුල් කරන තත්වයකට අද පත්වී සිටි.මීතොටමුල්ල පමණක් නොව මේ වන විට කොලබ නගරයේද කුණු ගොඩගැසී ඇත.ඒවා ඉවත් කිරීමටවත් මෙම අමාත්‍යවරයාට නොහැකි වී ඇත.අමාත්‍යවරයාගේ අකාර්යක්ෂමතාවය දිගින් දිගටම දුටු ජනාධිපතිවරයා නොබෝදා පැවති සාකච්ජාවකදී අමාත්‍යවරයාට ඇගිල්ල දිගු කොටම චෝදනා එල්ල කර ඇත.

    වැඩ බැරිනම් දීලා ගෙදර යන්න යැයි ජනපති මෛත්‍රී පාටලිට පවසා ඇත.

    මෙහිදී   ජනාධිපතිවරයා වැඩිදුරටත්  පවසා ඇත්තේ මේ තරම් ලොකු අමාත්‍යාංශයක් පවරලත් කොලබ කුණු ටිකවත් ඉවත් කරන්න වැඩපිළිවෙලක් තවමත් සකස් කර නැත්ද යනුවෙනි.මෙය ඇසු පාටලී අමාත්‍යවරයාට ඉන්න තැනත් අමතක විය.

    [rns_reactions]