Category: සුපිරි Politics

  • අරුන්දික ප්‍රනාන්දු ජපානයේදී මහින්ද හමුවෙයි.

    සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් ඊයේ (2017 ජුනි 05) වන දා ජපානයේ ටෝකියෝ අගනුවර දී සිදු විය.

    මහින්ද රාජපක්ෂ හිටුපු ජනාධිපත්වරයා මේ දිනවල ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ව්‍යාපාරික ප්‍රජාවේ මෙන්ම එහි විශේෂ නියෝජිතයින්ගේ ආරාධනාවකට අනුව ජපානයේ සංචාරයක නියැළෙමින් සිටී.

    මෙම සංචාරය අතරතුර ජපාන රජයේ විශේෂ නියෝජිතයින් කිහිපදෙනෙක් ද හමුවී සාකච්ඡා කිරීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි ද ආරංචිමාර්ග සඳහන් කරයි.

    කෙසේ වෙතත් මේ දිනවල ජපානයේ සිටින වත්මන් යහපාලන රජය නියොජනය කරන බොහෝ දෙනෙක් තම සංචාරයන් අතරතුර දී මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවීමට මහත් උන්නදුවෙන් සිටින බව ද සැලයි.

    මේ අය අතරින් ශ්‍රී ලංකාවේ වත්මන් යහපාලන රජයේ අමාත්‍ය ධුරයක් දරන අරුන්දික ප්‍රනාන්දු ඊයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වී දීර්ඝ වේලාවක් සාකච්ඡාවක නිරතවීම දේශපාලනික වශයෙන් යම් වැදගකමක් ද උසුලන බව අපගේ ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි. අපට ලැබී ඇති තොරතුරු අනුව මේ සාකච්ඡාවන්හි ගැඔුරක් තිබිය හැකි බව වැටහේ.

    මේ සාකච්ඡා අතරතුර ජපානයේ වෙසෙන ශ්‍රී ලංකාවේ ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයෙක් සේ ම, ජපානයේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයෙක් වන සමන් ප්‍රියංකර මහතා ද දැකගත හැකිය.

    [rns_reactions]

  • ගයන්තගේ බනානා වජිරගේ සැලසුමක් – තොරතුරු එලියට…..

    අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ රුව රැගත් කෙසෙල් ගෙඩි සහිත ඇසුරුමක් ගංවතුරෙන් පීඩාවට පත්වූවන්ට බෙදා හරින බවට පළවූ ජායාරූපය පසුගිය දිනවල සමාජජාලා වල දැඩි කතා බහට ලක්විය. නමුත් ගයන්ත කරුණාතිලක මහතාට මඩ ගැසීමේ අරමුණින් එම කෙසෙල් ගෙඩි සහිත ඇසුරුම නිර්මාණය කර ඇත්තේ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන බව තොරතුරු අනාවරණය වී තිබේ.

    සාමාන්‍යයෙන් ගයන්ත කරුණාතිලක මහතා මෙවැනි පහත්පෙලේ දේශපාලනයක් නොකරන බව සියලු දෙනාම දන්නා කරුණක් බැවින් කෙසෙල් ගෙඩි සෙල්ලම කුමන්ත්‍රණයක් බව මුල සිටම පැහැදිලිව දක්නට ලැබුනි.

    එමෙන්ම විවිධ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ දැනුවත් කිරිම් මත ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ජනතාවට කරනලද දැනුවත්කිරීම් මත ආපදාවයන්ට පත්වූ ප්‍රදේශවල ජනතාවට බෙදා දීම සඳහා එක්රැස් කර ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට භාරදෙන ලද ආධාර ද්‍රව්‍ය තමන්ගේ නම සහිත ඇසුරුම්වල දමා බෙදාදීමට ස්වදේසශකටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

    ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අමතරව විවිධ මාධ්‍ය ආයතන, විශ්වවිද්‍යාල සිසුන්, ගාල්ල දිස්ත්‍රික්කයේ ආපදාවට ලක් නොවූ ප්‍රදේශවල ජනතාව ආදී ලෙස විවිධ ආකාරයෙන් ලැබුණු ද්‍රව්‍ය මෙලෙස වජිර අබේවර්ධන අමාත්‍යවරයා විසින් තම නම සහිත ඇසුරුම්වල බහා ලබා දෙමින් සිටියි.

    මෙම ද්‍රව්‍ය ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා මගින් ගාලු දිස්ත්‍රික්කයේ ආපදාවට පත්වූ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරු මගින් එම ප්‍රදේශවල ග්‍රාමනිලධාරීවරු මාර්ගයෙන් බෙදාදීමට සැලසුම් කර තිබියදී අමාත්‍යවරයා සිය දේශපාලන බලය යොදවමින් මෙලෙස දේශපාලන ව්‍යාපෘතියක් දියත් කර තිබේ.

    මෙම එක් ඇසුරුමක් මුද්‍රණය කිරීම සඳහා රුපියල් පහක මුදලක් වැය වී ඇති අතර මෙවැනි ඇසුරුම් විසිදහකට අධික ප්‍රමාණයක් මුද්‍රණය කර ඇති බව පැවසේ. ඒ අනුව අඩුම තරමේ රුපියල් ලක්ෂයක මුදලක් මෙම ඇසුරුම් මුද්‍රණය කිරීම සඳහා අමාත්‍යවරයා විසින් වැය කර තිබේ.

    බොහෝවිට එම රුපියල් ලක්ෂයක මුදලද ස්වදේශකටයුතු අමාත්‍යාංශය මගින් ගෙවන්නට ඇතැයි සැක කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි විගණක වාර්තාවකින් දැනගැනීමට හැකි වනු ඇත.

     

    [rns_reactions]

  • නාරම්මල වඳ බෙහෙත් කතාව බොරුවක්

    නාරම්මල ප්‍රදේශයේ හෝටලයක මහජනතාව වෙත ලබාදෙන ලද ආහාර පාර්සල්වල වඳ බෙහෙත් අඩංගුව තිබූ බවට සමාජ ජාල ඔස්සේ පළවූ පුවත් සම්බන්ධයෙන් ‍පොලිස් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ‍පොලිස් මූලස්ථානය පවසයි.

    සංහිඳියාව බිඳ දමන වෛරී ප්‍රකාශන සමාජ ජාල වබේ අඩවිවලට ඇතුළු කරන පුද්ගලයින්ට එරෙහිව 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් සුරැකීමේ පනත යටතේ නීතිය ක්‍රියාත්මක කරන බව ‍පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

    [rns_reactions]

  • බුකියේ පෝස්ටුවකට උරණ වු ඇමතිගෙන් කෙසෙල් ගැන සි.අයි.ඩියට අද පැමිණිලි.

    ගංවතුර ආධාර ලෙස කෙසෙල්ගෙඩි කිහිපයක පාර්සලයක් සිය ඡායාරූපය හා නම ඇතුළත්කර බෙදා ඇතැයි ෆේස්බුක් සමාජ ජාලයේ පලවී ඇති ඡායාරූපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට ඊයේ (04) වාචිකව පැමිණිලි කළ බව ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කියයි.වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ හෙට (05) දිනයේ තමා ලිඛිතව මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිලි කරණ බවයි.

    මෙය තමාට දේශ සහගත ලෙස අපහාස කිරීමට කවුරුන් හෝ සිදුකරන ලද දෙයක් බවද පැවසූ අමාත්‍යවරයා ඔහු කතාකරන මොහොතේද සිටින්නේ නෙළුව හා තවලම ප්‍රදේශයන්ට ගංවතුර ආධාර බෙදීමේ වැඩසටහනේ බවද කීය.තමා ගංවතුර ආධාර ලෙස ජනතාවට බෙදූ බඩුමල්ල රුපියල් 1,500කටත් වඩා වැඩි බවද ඔහු කීය.

    තවද නම ගසා ගංවතුර ආධාර බෙදා බාල ජනප්‍රියත්වයක් ගන්නා දේශපාලඥයකු නොවන බව ගාල්ලේ ජනතාව දන්නා බවද කී හෙතෙම, ගාල්ලේ බුද්ධිමත් ජනතාවට කෙසෙල් ගෙඩි හතරක් රැගෙන ගොස් කිසිදු ජගතෙකුට ඡන්දයක් ජයගත නොහැකි බවද කියා සිටියේය.

    මේ අතර CID යෙන් විශේෂ පරීක්ෂණයක් තමා අද (05)මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉල්ලීමක් කරණ බවත්, ඒ ඉල්ලීමද කරනු ලබන්නේ තමාට දේශපාලඥයකු ලෙස මෙවැනි අපහාසයක් විඳදරාගත හැකිවුවත්, සමාන්‍ය පුද්ගලයතුට මෙවන්නැක් සිදුවූයේ නම් ඔහු දැඩි අපහසුතාවයට හා සිත්තැවුලට පත්වන බැවින් අදාළ තත්ත්වයන් අනාගතයේ සිදු නොවීමට බවද අමාත්‍යවරයා කීය.

    [rns_reactions]

  • මැතිවරණයට අදාළ නීති කෙටුම්පත් සකස් කර අවසන්

    පළාත් පාලන මැතිවරණයට අදාළව අවශ්‍ය නීති කෙටුම්පත් මේ වන විට සකස් කර අවසන් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

    තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති ආපදා කළමනාකරණ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ අනවසර ඉදිකිරීම් හේතුවෙන් ගං වතුර තත්ත්වය වර්තමානයේ දිවයිනට දැඩිව බලපා ඇති බවය.

    [rns_reactions]

  • ඔලිම්පික්, සුසන්තිකා ජයසිංහ, දයාසිරි ජයසේකර, මළල ක්‍රීඩකයා….

    ආසියාවේ කළු වෙළඹ ලෙස කිරුළු පලදමින් ශ්‍රී ලංකාවේ මළල ක්‍රීඩාව ජාත්‍යන්තරයට රැගෙන ගිය සුසන්තිකා ජයසිංහ අද වන විට සිය මව් රටට ගෞරවය ගෙනදුන් ඔලිම්පික් පදක්කම වෙන්දේසි කිරීමට සිදුවී තිබෙනවා. ඒ  ඇයට තම දරුවන හා පවුලත් සමග  ජීවත්වීමට තරම් ආර්ථික පසුබිමක් නොමැති හෙයින්..

    මළල ක්‍රීඩාවෙන් ලෝකයක් දිනු ශ්‍රී ලාංකිකයන් ගණන අපට එකයි දෙකයි තුනයි කියා ගණන් කිරීමට වත් නොමැත. ලංකාවටම එකයි. ඒ  සුසන්තිකාම පමණයි.. ඒ ජයග්‍රාහිකාවගේ ඉරණම මෙය නම් අන් මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන කුමන කතාද?

    දයාසිරි ජයසේකර ඇමතිතුමා මුහුණේ කොනකින් කින්ඩි හිනාවක් දමමින් සඳහන් කලේ, සුසන්තිකා පත්වීමේ ලිපිය බාරගෙන පත්වීමේ රුපියල් 60000ක  ගාන දැකලා මුණ ඇද කරන්  එකත් අරන් යන්න ගියා යනුවෙනුයි. 

    ඔව් ඇමතිතුමෝ …. රුපියල් 60000 ක මුදල ප්‍රශ්නයක් තමයි. තමන්ගේ අධික කැපවීම හා  උත්සාහය මත ලෝකයක් ජයගෙන ශ්‍රී ලංකාවට අපමණ ගෞරවයක් ගෙනදුන් ලෝකයම හදුනන  මෙවන් පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් 60000ක සොච්චම් මුදලක්  ප්‍රමාණවත් වන්නේ කෙසේදැයි අපි ඇමතිවරයාගෙන් අසා සිටින්නෙමු. 

    ක්‍රීඩා ඇමතිවරු වේදිකාව උඩ නැග වහසිබස් දොඩන්නේ මළල ක්‍රීඩාව ජාත්‍යන්තරයට ගෙනියන්න අරවා කරනවා මේවා කරනවා යනුවෙනි. නමුත් සුසන්තිකාට අත්වූ මෙම ඉරණම දෙස බලා  දෙමාපියන්  තම දරුවන් මළල ක්‍රීඩාව සඳහා යොමු කරයිද? දෙමාපියන් දරුවන්  යම් ක්‍රීඩාවක් වෙනුවෙන් යොමු කරන්නේ ද අනාගත බලාපොරොතු රැසක් තබාගෙනයි. නමුත් තත්වය මෙසේ නම් මළල ක්‍රීඩාව වෙනුවෙන් පාසල් මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කැපවීම කොතරම් දුරටකට පවතීද? 

    රජයක් විසින් කල යුත්තේ ලෝකයක් දිනු මෙවැනි ක්‍රීඩකයන්ගේ අනාගත සුභ සිද්දිය වෙනුවෙන් අඩුම වශයෙන් සැලකිය යුතු වරදාන  වරප්‍රසාද, සැලකිය යුතු වැටුපක් හා නිළ නිවාසයක් ලබා දීමයි. 

    ඔලිම්පික් පදක්කම වෙන්දේසි කර එයින්  ලැබෙන මුදලින් ජීවත්වීමට තරම් තත්වයකට සුසන්තිකා පත්වීමට ඉඩහැරීම පිළිබඳව  දයාසිරි ඇමතිවරයා වහසි බස් දෙඩීම නොව  ලජ්ජාවට පත්විය යුතුය.

    අපට නම් කියන්නට ඇත්තේ මෙයයි….”සුසන්තිකා තම උපරිම කැපකිරීමෙන් ඔලිම්පික් පදක්කම දිනුවා. එතැන් පසුව  ඇතිවෙන්න වැඩ කලා. දැන් තව මොකටද වැඩ කරලා සල්ලි හොයන්නේ… ශ්‍රී ලංකා ආණ්ඩුව දැන ගන්න ඕනා මැරෙනකන් බලා ගන්න”

     

     
    [rns_reactions]

  • විනාසයි! විනාසයි!..මුදල් අමාත්‍යංශය විනාසයි! මංගලගේ මුදල් අමාත්‍යංශය මාෆියාකරුවකු සහ ජාවාරම්කරුවකු අතට!

    මුදල් අමාත්‍යංශය මංගල සමරවීර අතට පත්වීමත් සමඟ ඊට අයත් ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය හිමිවීමට නියමිත අතර ඒ සඳහා ඔහුගේ ගජයින් දෙදෙනකු වන රුවන් ෆර්ඩිනැන්ඩස් සහ තුසිත හල්ලොලුව විසින් අත්පත්කරගැනීමට සැලසුම් සකස්කරමින් සිටින බවට වාර්තාවේ.

    තුසිත හල්ලොලුව යනු නිරන්තරයෙන් ටයි පොල්ලෙන් බෙල්ල සිරකරගෙන සිටින අයෙකු වුවද අ.පො.ස (සා/පෙ)වත් සමත් නැති වාසි පැත්තට පනිමින් දේශපාලනය කරන මැඩියෙකු වන අතර මොහු කෙටි කාලයක් ශ්‍රී ලංකා ටෙලිකොමි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේද සිටි අතර එම තනතුර යොදාගනිමින් සිදුකළ කුප්‍රකට ජාවාරම් සහ දූෂණ ක්‍රියා හේතුවෙන් එයින් පන්නා දැමූවෙකි.

    මෙරට මාධ්‍ය කේෂ්ත්‍රයේ කුප්‍රකට මාෆියාකරුවෙකු වන රුවන් ෆෙන්ඩිනැන්ඩස් සහ කුප්‍රකට නම ගිය ජාවාරම්කරුවකු වන තුසිත හල්ලොලුව මෙම ආයතන දෙකට අයත් මුදල් යොදාගනිමින් මාධ්‍ය මාෆියාව සහ දැනට සිදුකරගෙන යනු ලබන ජාවාරම් පුළුල් කිරීමට සූදානමින් සිටී. රුවන් සහ තුසිත යනු මංගලගේ දකුණත සහ වමත වැනි අතර මිත්‍රත්වයට එහා ගිය සම්බන්ධයක් ඔවුන් තුළ පවතින බව දන්නෝ හොඳින්ම දනිති. මේ නිසාවෙන් යම් හෙයකින් මංගලට මෙම ලාභ උපයන මූල්‍ය ආයතනය දෙක ලබාදුනහොත් එය මෙහෙයවීමේ පූර්ණ අධිකාරිය මෙම රුවන් සහ හල්ලොලුවට ලබාදීමට ඇමති මංගල පසුගියදා එකඟ වී ඇත.

    ඒ සඳහා රුවන් සහ හල්ලොලුව මේ වන විටත් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඔවුන්ට සුපුරුදු මඩ මාධ්‍ය ව්‍යාපාරයක් අරඹා ඇත. රුවල් ෆෙඩිනැන්ඩස් මේ වන විට දේශපාලඥයින් කිහිපදෙනෙකුට මුවා වී විවිධ කූට ඡඩමාධ්‍ය ව්‍යාපාර කිහිපයක් මෙහෙවන අතර ඒ වෙනුවෙන් අනෙකුත් දේශපාලඥයින්ගේ චරිතද ඝාතනය කරමින් සිටී. කප්පම් මත පුවත් පළකිරීමත් ගැලවීමත් සිදුකරන බවට නම් දරා සිටින මාෆියාකරුවකු වන රුවන්ගේ අතිජාත මිත්‍රයා වන්නේද මංගල මෙන්ම නිසි අධ්‍යාපනයක් නැති එහෙත් ජාවාරම් සඳහා කුප්‍රකට තුසිත හල්ලොලුව බව දේශපාලන සහ මාධ්‍ය කේෂ්ත්‍රයේ බොහෝ දෙනෙකු දන්නා කරුණකි.

    යම්හෙයකින් මංගල අතට මෙම මූල්‍ය ආයතන දෙක පත්වීම තුළ සවිමත් වන මෙම බූවලු න්‍යායේ මාෆියාකරුවා සහ ජාවාරම්කරුවා වත්මන් ජනාධිපතිවරයාගේ සිට සියලු දේශපාලඥයින්ට, ප්‍රබල ව්‍යාපාරිකයින්ට සහ කලාකරුවන් ඇතුළු සියල්ලටම පෞද්ගලික මරුපරහක් වනවා නියතය.

    වගකිව යුතු රජයක් ලෙස අවම අධ්‍යාපන සුදුසුකම්වත් නොමැති අයවලුන්ට රට සහ රටේ ආර්ථික මරමස්ථාන බිලි දී එහි ඉරණම අවසන් කිරීමට පෙර එය වලක්වා ගැනීමට මැදිහත්වීම ජනාධිපතිවරයාගේ සිට රජයේ බලධාරීන්ගේත්, වෘත්තිකයින්ගේත් යුතුකමක් සහ වගකීමක් වනු ඇත.

    [rns_reactions]

  • නව අමාත්‍යමණ්ඩල සංශෝධනයේ ගැසට් පත්‍රය මෙන්න…

    පසුගියදා සිදුවූ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ නව අමාත්‍ය සංශෝධනයේ ගැසට් පත්‍රය නිකුත්ව තිබෙනවා.

    එය පහතින් කියවිය හැකියි.



    [rns_reactions]

     

  • බේගල් ඇදබාන හිටපු ජනපතිට ජපානයෙන් ආරාධනයක් නෑ

    කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ජපන් සංචාරය පෞද්ගලික සංචාරයක් බවත්, ඒ මහතාට ජපන් රජයෙන් නිල අරාධනයක් කර නැති බවත් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය කියයි.

    මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ජපානයේ නිල සංචාරයක නිරත වූ බවට පළවන මාධ්‍ය වාර්තා ගැන පැහැදිලි කිරීමක් ලෙස තානාපති කාර්යාලය මේ බව පවසයි.

    [rns_reactions]

  • අවතැන්වූ ජනතාව සොයා ජනපති නියමයෙන් දියණිය චතුරිකා අවරගිරියට! (PHOTOS)

    අයහපත් කාලගුණ තත්වයේ බලපෑම හේතුවෙන් රත්නපුර, කළුතර, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක මුලික කොටගෙන ලක්ෂ පහකට ආසන්න පිරිසක් අවතැන් වූ අතර විශාල ප්‍රමාණයක් ජීවිතද මේ වනවිට හානි වී අවසන්ය. ඒ සියල්ලටම මුහුණ පෑවේ අපේ රටේ අපේම සහෝදර ජනතාවයි.

    ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ගංවතුරෙන් අවතැන්වී සිටින ජනතාවට අවශ්‍ය ආහාරද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යාවශය ද්‍රව්‍ය බෙදා දීම සඳහා ජනපති දියණිය චතුරිකා සිරිසේන මහත්මිය ඊයේ දින රත්නපුර අයගම ප්‍රදේශයේ දවරගිරිය රජමහා විහාරයේ සිටින අවතැන් ජනතාව හමුවීමට ගිය අතර ඔවුන්ගේ අවශ්‍යතාවයන් සොයා බලා ඔවුන්ට අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණද පරිත්‍යාග කරනු ලැබුවාය.

    විශේෂයෙන් මෙහිදී වෛද්‍ය උපදෙස් අවශ්‍ය ජනතාව සඳහා වෛද්‍ය කඳවුරක් සංවිධානය කර අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමද සිදු කෙරුනා. මෙහිදී ප්‍රදේශවාසීන් තමන්ට මුහුණ පෑමට සිදුව ඇති ගැටලු කිහිපයක් චතුරිකා සිරිසේන මහත්මියට පවසා එම ගැටලු කෙරෙහි ගරු ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටියේය.

    විශේෂයෙන්ම දීර්ඝ කාලයක සිට මෙවැනි ස්වභාවික විපත් වලට ප්‍රදේශයේ ජනතාවට මුහුණ පෑමට සිදුව ඇතැයිද ගත වූ අවුරුදු කිහිපය තුළම කිසිඳු බලධාරියෙක් ඒ පිලිබඳව අවධානය යොමු නොකල බවත් සඳහන් කරනු ලැබුවා. එහිදී ආපදාවට පත් ජනතාවට චතුරිකා සිරිසේන මහත්මිය කියා සිටියේ ජතාවගේ නිවාස නැවත සකස් කිරීමට ජනාධිපතිතුමන්ද දැනුවත් කර අවශ්‍ය පියවර ගන්නා බවයි.

    https://www.facebook.com/media/set/?set=a.1957293511169464.1073741861.1592078714357614&type=3

     

  • මහින්ද හදිසියේම ජවිපෙ අනුර කුමාර හමුවෙයි!

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනතා විමුක්ති පෙරමු‍ණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් සිදු වී ඇතැයි වාර්තා වේ.

    පාර්ලිමේන්තු සංකීර්ණයේ ලොබියේ මෙම විශේෂ හමුව පැවැති බව වාර්තාවේ.

    මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවට පැමිණියේය. ඒ කැබිනට් සංශෝධනයෙන් පසුව මහින්ද පාර්ලිමේන්තුවට පැමිණි පළමු දිනය විය.

    හිටපු ජනාධිපතිවරයා ටිකවේලාවක් සභා ගර්භයේ ගතකර එළියට එනවිට පාර්ලිමේන්තු ලොබියේ සිටි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා හමුවී තිබේ.

    පසුව ‘කොහොමද අනුර“ යැයි කියමින් මහින්ද අනුර සිටි තැනට ගොස් ඇති අතර එහිදී අනුර හා මහින්ද කෙටි සාකච්ඡාවක් පවත්වා තිබේ.

    එහිදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු අසල බලා සිටි නමුත් ඔවුන් දෙදෙනාගේ කතාවට බාධා කිරීමට ඒ අසලට ගොස් නොමැත.

    [rns_reactions]

    \

  • ලෝකයේම මත් ද්‍රව්‍ය මැඩලන්න අපි එකතුවෙමු – ඇමති රාජිතගෙන් යෝජනාවක්!

    ආසියානු කලාපයේ මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම පිළිබඳ යෝජනාවක් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවට ඉදිරිපත්කර තිබෙනවා.

    ඒ ස්විට්ස්ටර් ලන්තයේ ජිනීවා නුවර පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභා රැස්වීමේදියි. ඊයේ (01) ආරම්භ වූ මෙම සමුළුවේදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න එම විධායක සභාවට තේරී පත් වුණා. එම සභාවට තේරී පත්ව ඇත්තේ ආසියානු රටවල් හතරක සෞඛ්‍ය අමාත්‍යවරුන් පමණක් වීම ද විශේෂත්වයක්.

    [rns_reactions]

  • බේබි නාමල් තම හොරකම් හෙලිකල පොලිසියෙන් රුපියල් මිලියන 200 ඉල්ලයි!

    පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් දෙදෙනෙකුගෙන් රුපියල් මිලියන 200ක වන්දියක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගොනු කළ නඩුවක් විභාගයට ගැනිමට කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා. ඒ, මෙම නඩුවට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ මූලක විරෝධතාවක් ද ප‍්‍රතික්ෂේප කරමින්. ඒ අනුව කොළඹ අතිරේක දිසා විනිසුරු චමත් මදනායක නියෝග කළේ ජූලි මස 12 වනදා මෙම නඩුව විභාගයට ගැනීමටයි.

    දූෂණ විරෝධී පෙරමුණේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ ගොනු කළ පදනම් විරහිත පැමිණිල්ලකට අනුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් තමන් අත්අඩංගුවටගත් බව නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා මෙම නඩුවෙන් පෙන්වා දී තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් සිය කීර්තිනාමයට හානි සිදු වී ඇති බවත් ඊට වන්දි ලෙස රුපියල් මිලියන 200ක මුදලක් ගෙවන ලෙසත් එමගින් ඉල්ලා තිබෙනවා.

    [rns_reactions]

     

  • වසන්ත රවි වැඩ බෙදා ගනියි – ඔබ නොදත් කතාව මෙන්න..

    නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාට අමාත්‍යාංශයේ විෂය පථයෙන් වැඩි වගකීම් ප්‍රමාණයක් පවරාදීමට විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා තීරණය කර සිටියි.

    විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා මේ තිරණය ගෙන ඇත්තේ තරුණ දේශපාලඥයෙකු ලෙස වසන්ත සේනානායක මහතාට සිය දේශපාලන ඉදිරි ගමන සාර්ථක කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරදීම සඳහාය.

    අමාත්‍ය රවි කරුණානායක මහතා ගෙන තිබෙන තීරණයට අනුව තමන් උනන්දුව දක්වන විදේශ කටයුතු අමාත්‍යාංශයේ විෂයයන් ගැන වහාම දැනුම් දෙන්නැයි ද නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාට දැනුම් දී තිබේ.

    විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාට පැවරෙන විෂයයන් අතර අන්තර්ජාතික හා ජාතික මට්ටමේ කාර්යභාරයන් රැසක්ද තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

    මීට අමතරව හැකි සෑම අවස්ථාවකදීම තමන් සහභාගී වන මාධ්‍ය, පුවත්පත් සාකච්ඡාවලට සහභාගී වී ඒ අංශයෙන් අවශ්‍ය කරන දේශපාලන පන්නරය හා පුහුණුව ලබන ලෙසද රවි කරුණානායක මහතා සිය නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුම් දී තිබේ.

    [rns_reactions]

  • මහින්ද‍ගේ අණින් සිදුවු වැලිකඩ බන්ධනාගාර ගැටුම – පෙත්සම විභාගයට අවසර

    2012 වසරේ වැලිකඩ බන්ධනාගාර ඇති වූ ගැටුමින් පුද්ගලයින් 22 දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කරන ලෙස පොලිස්පතිට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට අවසර ලැබී තිබේ.

    ඒ අනුව ජුලි මස 07 වනදා අදාළ පෙත්සම විභාගයට ගැනිමට අභියාචනාධිකරණ සභාපති විනිසුරු රෝහිණි වල්ගම  සහ එස්. තුරෙයිරාසා යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.
    එදිනට කරුණු දක්වන ලෙස නීතිපතිවරයාට නොතීසි නිකුත් කරන ලෙස ද විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.
    ගැටුම සිදුවන අවස්ථාවේ බන්ධනාගාරයේ රැදී සිටි පුද්ගලයෙකු වන සුදේශ් චන්දිමාල් නැමැත්තා පෙත්සම ඉදිරිපත් කර ඇති අතර පොලිස්පතිවරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ නිතිපතිරයා ඇතුලු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
    [rns_reactions]
  • ශ්‍රිලනිප යාපාගේ වැසිකිලිත් එජාපයේ කබීර් බලෙන් අල්ලයි….

    රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන කැබිනට් අමාත්‍ය කබීර් හෂීම්ගේ ව්‍යාපෘතියක් සදහා රාජ්‍ය අමාත්‍යංශ කාර්යාල කාමර හදිසියේ ම වෙන් කර ගැනීම හේතුවෙන් එහි රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අභිනවයෙන් පත් වු ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ වැඩ බාරගැනීම දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදු වී ඇතැයි වාර්තා වේ.

    ලක්ෂ්මන් යාපා අබේවර්ධන සුබ මොහොතින් අද (02) පෙරවරුවේ සිය නව අමාත්‍ය ධූරයේ වැඩ බාරගැනීමට නියමිතව තිබුණි.

    ඒ අනුව අමාත්‍යවරයා විසින් සිය ලිපි ගොනු නව අමාත්‍යංශ පරිශ්‍ර‍ වෙත රැගෙන ගිය ද ඒවා තබා ගැනීමට පවා ඉඩපහසුකම් නොමැති වීම හේතුවෙන් කාර්ය මණ්ඩල නිලධාරීන් දැඩි අපහසුතාවයට පත් වු බව ද වාර්තා වේ.

    මීට පෙර රාජ්‍ය ව්‍යවසාය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එරාන් වික්‍ර‍මරත්නට ඔහුගේ නිල කාමරය හැර තවත් කාමර 9ක් තිබුණි.

    ඔහු මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අභිනවයෙන් පත් වු අතර ඊට පෙර මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ සියලු නිල කාමර එරාන් වික්‍ර‍මරත්නට ලබා දී ඔහුන් ඊයේ මුදල් රාජ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයෙන් ඉවත් වී ඇති බව ද වාර්තා වේ.

    අනතුරුව ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන් ඊයේ ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ නැගෙනහිර කුලුනේ ඇති රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශ පරිශ්‍ර‍ට ගිය අතර හදිසියේ ම එම අමාත්‍යංශයේ තිබු කාමර 9න් කාමර 6ක් ම කැබිනට් අමාත්‍යවරයාගේ වෙනත් ව්‍යාපෘතියක් සදහා යොදවා ඇති බවට දැනුම් දී ඇත.

    මින් අපහසුතාවයට පත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා අදට යෙදී තිබුණු වැඩ බාරගැනීම දින නියමයක් නොමැතිව කල් දමා මාතර බලා පිටත්ව ගොස් ඇත.

    මේ පිළිබද රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් රවීන්ද්‍ර‍ හේවාවිතාරණට අමාත්‍යවරයාගේ නිලධාරීන් දැනුම් දී ඇති අතර එහිදී ලේකම්වරයා පවසා ඇත්තේ ලබන සදුදා වන විට මෙම ගැටලුව නිරාකරණය කර දෙන බවයි.

    [rns_reactions]