Category: සුපිරි Politics

  • මෛත්‍රි ජනපතිගේ ඉල්ලීමට ගංවතුර මඩින්න ඕස්ට්‍රේලියාවෙන් ‍ ලැබුණු පරිත්‍යාග මෙන්න.

    පසුගිය දිනවල බලපෑ ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාව මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ඔස්ට්‍රේලියා රජයෙන් නවීන පහසුකම්වලින් සමන්විත යාත්‍රා දහයක් ඊයේ(1) මෙරටට නිල වශයෙන් පරිත්‍යාග කැරිණි.
    කොළඔ වරාය රංගල නාවික කඳවුරු පරිශ්‍රයේදී මෙම බෝට්ටු දහය ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් බ්‍රයිස් හචීසන් මහතා විසින් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට නිළ වශයෙන් භාර දුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
    අධික වර්ෂාව නිසා ඇතිවූ ගංවතුර හේතුවෙන්, විපතට පත් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවෙන අතර ඔවුන් බේරා ගැනීමට සහාය වන ලෙසට ශ්‍රී ලංකා රජය එරටින් ඉල්ලා තිබිණි.එම ඉල්ලීම සලකා බලමින් ඔස්ට්‍රේලියානු රජය විසින් මෙම යාත්‍රා දහය ලබා දෙන ලදී.
    මේ අතර මෙරට ආපදා සහන සේවා කටයුතු වෙනුවෙන් සිංගප්පූරු රජය විසින් ඇමෙරිකානු ඩොලර් ලකෂයක මූල්‍යාධාර සහ දකුණු කොරියා රජය විසින් ඇමෙරිකා ඩොලර් තුන් ලක්ෂයක් වටිනා සහනාධාර තොගයක් පිරිනැමීට පියවර ගෙන ඇත.

    [rns_reactions]

  • ගෝඨාභයගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරයි…

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය නන්දසේන රාජපක්ෂ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.

    හිටපු ආරක්ෂක ලේකම්වරයා රහස් පොලිසිය කැඳවීම මත අද (02) උදෑසන 9.30 පමණ සිය ආරක්ෂකයින් සමග රහස් පොලිස් මූලස්ථානය වෙත පැමිණි අතර මේ වන විටත් ඔහුගේ ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුවෙමින් පවතී. ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මෙසේ ප්‍රශ්න කරනු ලබන්නේ මාධ්‍යවේදී කීත් නොයර් මහතාට පහරදීම සම්බන්ධයෙනි.

    රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම ප්‍රශ්න කිරීම අද අවසන් කළ නොහැකි බවයි. ඒ අනුව තව දිනයක් හෝ දින කිහිපයක් හිටපු ආරක්ෂක ලේකම්වරයාට රහස් පොලිසිය වෙත පැමිණීමට සිදුවනු ඇත.

    කීත් නොයර් මහතාට පහරදීම සම්බන්ධයෙන් මේ වන විට මේජර් බුලත්වත්ත ඇතුළු හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවෙති. ඔවුන්ගෙන් හෙලිවූ කරුණු මත මෙම ප්‍රශ්න කිරීම සිදුකෙරේ.

    [rns_reactions]
  • කැළණියේදි කලවැද්දා පරද්දන්න තමා සුදානම් – මර්වින්ගෙන් ප්‍රකාශයක්

    හමුදාවේ සේවය කරන පුද්ගලයෙකුට කිසි විටකත් දේශපාලනික දැනුමක් නොමැති බවත් එනිසා ජනතාවගේ හෘද ස්පන්ධනය ගැන වැටහීමක් ද නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා පවසයි.
    රට තුළ පවතින ව්‍යවසනකාරී පාරිසරික තත්ත්වය දුරු කිරීම වෙනුවෙන් කැලණිය ශ්‍රි උත්පලවන්න විශ්ණු මහා දේවාලයේ ඊයේ (01) පැවති සෙත් පිරිත් දේශනාවකට සහභාගී වීමෙන් අනතුරුව මර්වින් සිල්වා මහතා මෙම අදහස් පළ කළේය.
    මේ අතර තමා කැලණිය ප්‍රදේශයට සිදු කර ඇති සේවාව පිළිබඳ දැන ගැනීමට අවශ්‍ය නම් සතා සිවුපාවන්ට තිබෙන ඉව ඇති කර ගන්නා ලෙස තමා ඉල්ලීමක් කරන බවත් සමහර සත්වයන්ට තියෙන හැකියාව කලවැද්දාට නොමැති බව ද ඔහු පැවසීය.
    කෙසේ වෙතත් පැවති ආපදා තත්ත්වය හමුවේ රජය මීට වඩා උනන්දුවෙන් හා වගකීමෙන් කටයුතු කළ යුතු බවත් ස්නායු පද්ධතිය දුර්වල වී ඇති සමහර රජයේ අමාත්‍යවරුන් එම තත්ත්වය පරීක්ෂා කර බැලිය යුතු බව ද ඔහු වැඩි දුරටත් පැවසීය. 
    [rns_reactions]
  • මහින්දගේ කොන්‍ත්‍රාත් ඉටුකළ ඝාතන සැකකාර සේනානායකට ඇප…

    රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අනුබල දීමට සැකපිට වසරකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට ඇප ලබාදීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද(2) නියෝග කළේය.

    ඒ අනුව ඔහු රුපියල් ලක්ෂ 10ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔහු මුදා හැරිණි. එක් ශරීර ඇපයක් සඳහා ළඟම ඥාතියකු ඉදිරිපත් විය යුතු බවට ඇප කොන්දේසිවල ඇතුළත් කෙරුණු අතර සෑම ඉරුදිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට ද ඔහුට නියම කෙරිණි.

    ඊට අමතරව අනුර සේනානායක මහතාට විදෙස් ගමන් තහනම් කෙරුණු අතර ගුවන් ගමන් බලපත්‍රය අධිකරණය භාරයේ තැබීමටත් නියෝග කෙරිණි. සාක්කිකරුවන්ට බලපෑම් කිරීම ද තහනම් කෙරුණු අතර දැඩි කොන්දේසි මත ඔහුට ඇප ලබාදීමට නීතිපතිවරයාගේ විරුද්ධත්වයක් නැති බව ප්‍රකාශ කෙරිණි.

    [rns_reactions]

  • රටක් වැනසු විපතේදි පිහිටවන්න චීන නැව් තුනක් ශ්‍රී ලංකාවට

    චීන නාවික හමුදාවට අයත් නෞකා 03 ක් කොළඹ වරායට සේන්දු විය.

    ශ්‍රී ලංකාව මේ දින වල මුහුණ පා තිබෙන අවධානම් තත්ත්වය හමුවේ සුහද සංචාරයක් සඳහා පැමිණෙමින් සිටියදී වහා ක්‍රියාත්මක වූ ඔවුන් මෙරට ජනතාවට සහන සැළසීම සඳහා ඉදිරිපත් වූහ.

    ඒ අනුව වෛද්‍ය කණ්ඩායම් පහක් සහ ආපදා සහන කටයුතු සඳහා කුඩා යාත්‍රා 10 ක් දිවයින පුරා විපතට පත් ජනතාව උදෙසා සහන සැළසීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමග එක්ව කටයුතු කිරීමට නියමිතය.

    චීන නාවික හමුදාවේ ‘චෑන් චුන්’, ‘ජින් ශොව්’ සහ ‘චාඕ හු’ යන නෞකාවන් මෙසේ දිවයිනට පැමිණි අතර, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් පිළිගන්නා ලදී.

    මෙම නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් වශයෙන් කපිතාන් හූ ජයි, කපිතාන් වොන්ග් හොන්ග්බින් සහ කපිතාන් ෂොව් බෝජුන් යන නිලධාරීන් කටයුතු කරනු ලබයි.

    චැන් චුන් නෞකාවේ නිලධාරීන් 100 ක් ඇතුළුව නාවිකයන් 200 දෙනෙකු සහ ජින් ශොව් නෞකාවේ නිලධාරීන් 50 දෙනෙක් සමග නාවිකයන් 178 දෙනෙකු රාජකාරී සිදු කරති.

    චාඕ හු නෞකාව ද නිලධාරීන් 54 ක් සමග නාවිකයන් 133 දෙනෙකු සමගින් ශ්‍රී ලංකාවට පැමිණියහ.නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් බටහිර නාවික විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවිය.

    එහිදී ඔවුන් නිල සංචාරය පිළිබඳව සහ ඉදිරි ක්‍රියාකාරකම් මෙන්ම, විපතට පත්වූවන් හට ආපදා සහන කටයුතු සැළසීම සම්බන්ධයෙන් සුහද පිළිසදරක නිරත විය.

    මෙම අවස්ථාවන් සඳහා මහජන චීන සමූහාන්ඩුවේ ශ්‍රී ලංකා තානාපති යි ශියෑන්ලියෑන් මහතා, නාවික හමුදා මූලස්ථානය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්, ශ්‍රී ලංකාවේ චීන ආරක්ෂක උපදේශක, ජ්‍යෙෂ්ඨ කර්නල් සූ ජියෑන්වෙයි මහතා ඇතුළු නෞකාවන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

    එම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවන් ද සිදු කෙරිණි.

    තවද, නෞකාවන් පිළිගැනීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින චීන ජාතිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් පිරිසක් ද එක්වී සිටියහ.

    ඉන් අනතුරුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (31) සවස එම නෞකාවන්හි චාරිකාවාරයක නිරත විය.

    එහිදී චීන රජය විසින් ආපදා සහණ සඳහා මෙරටට රැගෙන එන ලද කුඩා යාත්‍රා සහ සහනාධාර විශාල ප්‍රමාණයක් නිල වශයෙන් නාවික හමුදාධිපතිතුමා වෙත පිරිණමන ලදී.

    දෙරට අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය සහ දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය මනාව විදහාපාන ‍ඓතිහාසික අවස්ථාවක් ලෙස මෙය සනිටුහන් වනු ඇත.

    [rns_reactions]

  • පරාජිතයාගේ වෛරී පොල් ගැසීම පල දරයි – රටම කඳුලෙන් හඬවයි

    පසුගිය සමය පුරාම රාජපක්ෂ කල්ලිය විසින් අවස්ථා ගණනාවකදීම රටේ විවිධ ස්ථාන වල රජයට සහ ජනතාවට එරෙහිව පොල් ගැසීම් සහ දේව කන්නලව් රැසක් සිදුකරන ලදි. පසුගිය මාස කිහිපය තුලදී රටපුරාම සිදුවන ස්වභාවික අනතුරු පිළිබඳ සැලකීමේදී නාමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම, පවිත්‍රා වන්නිආරච්චි, දිනේෂ් ගුණවර්ධන ඇතුලු රාජපක්ෂ වනචර කල්ලියේ පොල් ගැසීමේ අරමුණ ඉටුවී ඇතැයි යන්න මනාව තහවුරු වේ.

    කවුරුන් කෙසේ කීවද අපේ රට දෙවියන්ගේ ඇල්ම බැල්ම සහ ඒ හා සම්බන්ධ ශක්තීන් හා බැදුනු රටකි.
    රට පුරාම පුරාණ දේවාල තුල සිදුවූ මෙම පොල් ගැසීම් වලින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන රාජපක්ෂගේ පාහරයන් විසින් ඉල්ලා සිටියේ රජයේ නායකයින්ට හෙණ හත ගහසන ලෙසත්, රජයට නැගී සිටිය නොහැකි වෙන ලෙස බිඳ වැටීම් ඇතිකරන ලෙසත්ය. රජය/ ආන්ඩුව යනු ජනපතිගේවත් අගමැතිගේවත් පෞද්ගලික දේපළ නොව මේ රටේ මහජනතාවයි. ඒ නිසා මේ පොල් ගැසීම් සහ දේව කන්නලව් වල අවසන් ඵලය ලෙස පොල් ගැසූ උන්ගේම ප්‍රදේශ ගංවතුරට හා නායයාම් වලට ලක්ව සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබේ.

    මෛත්‍රියෙන් රට කරවන නිසාත්, ආගමික වත්පිලිවෙත් ඉටුකරන බෞද්ධ ආගමානුකූල නායකයෙකු නිසාත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ට කිසිදු හානියක් මේ පොල් ගැසීම් වලින් සිදුවී නැත. සිදුවන්නේද නැත. නමුත් රජයේ අනෙකුත් ප්‍රධානීන් රැසකටද සිය දෛනික රාජකාරි පවත්වාගෙන යා නොහැකි මට්ටමට මෙම පොල් ගැසීම් සහ දේවකන්නලව් වල බලපෑම් එල්ල වී ඇත.

    දූෂිත පාහරයින් රැසක් එක්ව සිදුකල මෙම පොල් ගැසීමේ ප්‍රතිපල පළමු වටයේදී මේ රටේ ජනතාවට විඳීමට සිදුවනු ඇති අතර බොහෝ දෙනෙකුට ජීවිතද අහිමි කරනු ඇත. එසේම යම් දිනක මේ පොල් ගැසූ දූෂිතයින්ම ගංවතුරට ගසාගෙන යාමට, පස් කදුවලට කුණු කදු වලට යටවීමට හෝ පණ පිටින් ගිණිගෙන දැවීමට අනිවාර්යයෙන් සිදුවනු ඇති බව නම් පැහැදිලිය.

    [rns_reactions]

  • ජිවිත නගාසිටුවිම උදෙසා ආපදා පෙදෙස්වලට රජයෙන් සංවිධායකවරු…

    ආපදාවට පත්නොවූ ප‍්‍රදේශවල අමාත්‍යවරු ආපදාවට පත්වූ ආසනවල සම්බන්ධීකරණ කටයුතු සඳහා සංවිධායකවරු වශයෙන් පත් කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පියවර ගෙන ඇති අතර ඔවුහු  ජනාධිපති කාර්යාලයේ දී සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

    ආපදාවට පත්වූ ආසනවල ජනතාවට සහන සැලසීමට සහ ඔවුන්ගේ ජන ජීවිතය යථාතත්වයට පත්කිරීම පිළිබඳ ගෙනයන වැඩපිළිවෙළේ සියලූ සම්බන්ධීකරණ කටයුතු සොයා බැලීම නව සංවිධායකවරුන්ට පැවරේ.

    කළුතර දිස්ති‍්‍රක්කය – බුලත්සිංහල ආසනය – නිමල් සිරිපාල ද සිල්වා මහතා
    අගලවත්ත ආසනය – එස්.බී. දිසානායක මහතා
    බණ්ඩාරගම ආසනය – පාඨලී චම්පික රණවක මහතා
    මතුගම ආසනය – ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
    හොරණ ආසනය – සරත් අමුණුගම මහතා
    කළුතර ආසනය – රවුෆ් හකීම් මහතා
    අර්ජුන රණතුංග මහතා

    මාතර දිස්ති‍්‍රක්කය – අකුරැස්ස ආසනය – අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා
    දෙනියාය ආසනය – අකිල විරාජ් කාරියවසම් මහතා
    මාතර ආසනය – රවී කරුණානායක මහතා
    වැලිගම ආසනය – රංජිත් සියඹලාපිටිය මහතා
    හක්මන ආසනය – විජිත් විජයමුණි සොයිසා මහතා

    ගාල්ල දිස්ති‍්‍රක්කය – හිනිදුම ආසනය – දුමින්ද දිසානායක මහතා
    බද්දේගම ආසනය – පී. හැරිසන් මහතා
    බෙන්තර-ඇල්පිටිය – විජයදාස රාජපක්ෂ මහතා

    රත්නපුර දිස්ති‍්‍රක්කය – කලවාන ආසනය – සුසිල් පේ‍්‍රමජයන්ත මහතා
    රත්නපුර ආසනය – රිෂාඞ් බද්යුදීන් මහතා
    ඇහැලියගොඩ – එස්.බී. නාවින්න මහතා
    පැල්මඩුල්ල ආසනය – ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා
    නිවිතිගල ආසනය – නවීන් දිසානායක මහතා

    හම්බන්තොට දිස්ති‍්‍රක්කය – ෆයිසර් මුස්තාෆා මහතා
    හරීන් ප‍්‍රනාන්දු මහතා

    කෑගල්ල දිස්ති‍්‍රක්කය – දයා ගමගේ මහතා
    ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා

    [rns_reactions]

  • මානසික රෝගයට බෙහෙත් ගන්න මහින්ද ජපානයට….

    ජනවාරි 08 සහ අගෝස්තු 17 පරාජය නිසාවෙන් දැඩි මානසික ආතතියකින් පිඩාවිදින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය මද්දුම පුත් යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසක්  ජපානය බලා දින 10 ක සංචාරයකට පිටත්ව යයි.
    ජපානයේදී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් විවේක සුවය විඳින අතර විහාරස්ථාන කිහිපයක ආගමික උත්සව වලට සහභාගීවන්නට විශ්‍රාමික ජනපති මහින්ද රාජපක්ෂ කටයුතු කරනු ඇති බව දන්වා ඇත.
    ඔහුගේ හිතවත් ව්‍යාපාරික ‘ජපන් සමන්‘ගේ ආරාධනයෙන් පසුගිය වසරේදීද හිටපු ජනපතිවරයා ජපානයේ සංචාරය කළේය.

    මහින්ද රාජපක්ෂ මහතා මෙම ගමන තනිවම යාමට අදහස් කලද යම් යම් හේතු කාරණා නිසා අනිවාර්යයෙන්ම යෝෂිතව රැගෙන යා යුතු බවට ශිරන්තී රාජපක්ෂ මහත්මිය විසින් තරයේ ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ.  යෝෂිත රාජපක්ෂට අදාළ නඩුවක් නිසා විදෙස්ගතවීම තහනම් කර තිබුණ නමුත් ජපානයට සිය පියා සමග යායුතු බවට දන්වා සිටීම නිසා පසුගිය සතියේ ඔහුට ඒ සඳහා අධිකරණ අවසරය ලැබුණි.

    [rns_reactions]

  • මහින්දව දකුණේ නායකයෙක් කරන්න ජනපති මෛත්‍රීගෙන් සැලසුමක්…..

    මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඉකුත්දා දිවුරුම් දුන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (31) එම අමාත්‍යංශයේදී රාජකාරි ආරම්භ කල අවස්ථාවට එක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ” මම බොහොම විවෘතව කියන්න ඕනේ මහින්ද අමරවීර ඇමතිතුමාට මම තවත් අමාත්‍ය ධූරයක් දුන්නේ එතුමාව දකුණේ වඩාත් ශක්තිමත් නායකයෙක් කරන්න ඕනේ නිසා ” යයි කියා සිටියේය.

    එහිදී අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳ අදහස් පල කළා ජනාධිපතිවරයා, අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු කළේ රජයේ වැඩපිළිවෙල ගැන ජනතාව තුළ විශ්වාසයක් ඇති කිරීමට බව කියා සිටියේය.

    මහින්ද අමරවීර අමාත්‍යවරයාට තවත් රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබා දීමට හේතු වූ කරුණු පිළිබඳව ද ජනාධිපතිවරයා මෙසේ සඳහන් කළේය.

     “”මහින්ද අමරවීර ඇමතිතුමා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා. ඒ වගේම ධීවර සහ ජලජ සම්පත් කැබිනට් ඇමතිවරයා. කෙනෙක් හිතන්න පුළුවන් මේ තනතුරු දෙකම තිබියදී තවත් රාජ්‍ය අමාත්‍ය ධූරයක් එතුමාට දුන්නේ ඇයි කියලා. මම බොහොම විවෘතව කියන්න ඕනේ මහින්ද අමරවීර ඇමතිතුමාට මම එහෙම ධූරයක් දුන්නේ දකුණේ එතුමාව වඩාත් ශක්තිමත් නායකයෙක් කරන්න ඕනේ නිසා කියලා.”

    රටට තවත් නායකයන් උවමනා බවත් ඊළග සුදුස්සාට පාර කපා දිය යුතු බවත් පැවසු ජනාධිපතිවරයා, අමරවීර මහතා ඉදිරියේදී දකුණෙන් ඉදිරියට එන තවත් ශක්තිමත් නායකයෙක් වේවා යයි තමන් ප්‍රාර්ථනා කරන බවද වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල  ද සිල්වා, දුමින්ද දිසානායක, ෆයිසර් මුස්තාපා යන ඇමතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

    [rns_reactions]

  • ජනපති පුත් දහම්ට රත්නපුරේදී මන්ත්‍රි පවිත්‍රා හමුවෙයි!

    ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ගංවතුරෙන් අවතැන්වී සිටින ජනතාවට අවශ්‍ය ආහාරද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යාවශය ද්‍රව්‍ය බෙදා දීම සඳහා දහම් සිරිසේන මහතා රත්නපුර අයගම ප්‍රදේශයට ගොස් තිබෙනවා. එහිදී දහම් සිරිසේන මහතාට  පාම පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මියද හමුවී තිබේ.

    [rns_reactions]

  • කාලගුණ අනාවැකි නිවැරැදිව ප්‍රකාශ කිරීමට ජපන් රජයෙන් සහාය…

    කාලගුණ අනාවැකි නිවැරැදිව ප්‍රකාශ කිරීම සඳහා යොදා ගන්නා ඩොප්ලර් යන්ත්‍ර දෙකක් සහ කාලගුණ තොරතුරු නිවැරදිව වාර්තා කළ හැකි ජපන් චන්ද්‍රිකාවක සහාය ශ්‍රී ලංකාවට ලබාදීමට ජපන් රජය කටයුතු කරගෙන යන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

    මේ හැර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගොන්ගල කන්දේ සවිකොට තිබූ ඩොප්ලර් යන්ත්‍රය ක්‍රියාවිරහිත වීම නිසා එය අලුත්වැඩියා කිරීම සඳහා එම යන්ත්‍රය නිපදව ඇති අමෙරිකානු සමගම වෙත නැව් මඟින් යවා ඇති බව අමාත්‍යවරයා අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක දී කියා සිටියේය.

    සුළි සුළං, ගංවතුර, ආදී ආපදාවන් ඉදිරි කාලයේ විටින් විට ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට නවීන උපකරණ සපයා එය තාක්ෂණික අතින් වඩාත් දියුණු කළ යුතු බවද අමාත්‍යවරයා කීය.

    ආපද කළමනාකරණ අමාත්‍යාංශය විසින් දැනටමත් ගංවතුර තර්ජනයට ලක්වන ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත බෝට්ටු ලබා දී තිබේ.

    එම සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බැවින් තවත් බෝට්ටු 100ක් එම ප්‍රදේශවලට ලබා දීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

    [rns_reactions]
  • ගංවතුරෙන් අවතැන්වී සිටින දුෂ්කර ජනතාව සොයා ජනපති පුත් දහම් යයි..!

    ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ගංවතුරෙන් අවතැන්වී සිටින ජනතාවට අවශ්‍ය ආහාරද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යාවශය ද්‍රව්‍ය බෙදා දීම සඳහා දහම් සිරිසේන මහතා රත්නපුර අයගම ප්‍රදේශයට ගොස් තිබෙනවා.

    එහිදී අයගම කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ සහ අයගම ගංගාරාම ශ්‍රී මහා විහාරස්ථානයේ අවතැන් වී රැඳී සිටින අයගම ජනතාව වෙත ගොස් ඔවුන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳ එහිදී සොයා බලනු ලැබුවේය. එමෙන්ම එම ජනතාවට අවශ්‍ය කෙරෙන ආහාර ද්‍රව්‍ය, ඇඳුම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දෙනු ලැබුවේය.

    මෙහිදී ප්‍රදේශවාසීන් තමන්ට මුහුණ පෑමට සිදුව ඇති ගැටලු කිහිපයක් දහම් සිරිසේන මහතාට පවසා එම ගැටලු කෙරෙහි ගරු ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරන ලෙස ඉල්ලා සිටියා.

    විශේෂයෙන්ම දීර්ඝ කාලයක සිට මෙවැනි විපත් වලට තම ප්‍රදේශවාසීන්ට මුහුණ පෑමට සිදුව ඇතැයිද, ගත වූ අවුරුදු කිහිපය තුළම කිසිඳු බලධාරියෙක් ඒ පිලිබඳව අවධානය යොමු නොකල බවත් ගරු ජනාධිපතිතුමා පිළිබඳව ඉමහත් විශ්වාසයෙන් සිටින බවත්, මැති ඇමතිවරු නොපැමිනි අයගම ග්‍රාමයට රටේ ජනාධිපතිවරයාගේ පුත්‍රයාගේ පැමිණීම ප්‍රදේශවාසීන් ඉතා ඉහළින් අගය කරන බවත් ප්‍රකාශ කරන ලදී.

    https://www.facebook.com/dahamsirisena/videos/1552518514761175/

    https://www.facebook.com/dahamsirisena/posts/1552410101438683

    [rns_reactions]

  • වෙස්මුහුණු බැදන් සිටින එජාපයේ පිංගුත්තර ඇමතියා කවුද?

    සමහර වෙස්මුහුණු බැදන් සිටින පුද්ගලයන් රටට ආදරේ නොකරන බවත්, ඔවුන් නීතියට මුවාවී රටට එරෙහි යම් යම් දේවල් සංවිධානය කරමින් සිටින බවත් අමාත්‍ය රවි කරුණානායක මහතා සඳහන් පුවත් පත් සාකච්ඡාවකදී සඳහන් කර තිබිණ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති රවි කරුණානායක අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ සියලු චෝදනා තමන් කරමතට දමා, මේ පුද්ගලයන් සමාජයෙන් සැගවී සිටීමට උත්සාහ කරන බවත් රට වෙනුවෙන් වැරදි තීරණයක් ගනු ලබන කිසිදු අවස්ථාවක තමන් ඊට පක්ෂව නැගී නොසිටින බවත් ය.

     

    හම්බන්තොට වරාය විකිණීමේ ප්‍රධාන ඩීල්කරුවකු සහ ඒජන්තයෙකු වන මෙම කුප්‍රකට අමාත්‍යවරයා සම්බන්ධයෙන් ජාතික සමඟි පෙරමුණේ නායක අසාද් සාලි මහතා අනාවරණයක් සිදුකළේය.

    අසාද් සාලි මහතා මේ සම්බන්ධයෙන් අනාවරණය කළේ විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා පසුගියදා පුවත්පතකට කළ තිබූ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.
    [rns_reactions]

  • ඇමති රාජිතට ඉහල පුටුවක්..

    සෞඛ්‍ය ඇමැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවට.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තෝරා පත් කරගෙන ඇත.

    විධායක සභාවට සාමාජිකයින් 34 දෙනෙකු පත්කර ගන්නා අතර, එම සාමාජිකයින්ගේ නිල කාලය වසර 02 ක් වෙයි. විධායක සභාවට අවශ්‍ය සාමාජිකයින් සෞඛ්‍ය තාක්ෂණික දැනුම ඇති පුද්ගලයින් විය යුතුය. මෙවර විධායක සභාව ජුනි මස 01 සහ 02 යන දෙදින ස්විස්ටර්ලන්තයේ ජීනිවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුලස්ථානයේ දී පැවැත්වෙයි. එම විධායක සභාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ද සහභාගි වීමට නියමිතය.

    මෙම විධායක සභා රැස්වීමෙි දී ඉදිරි සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම, සෞඛ්‍ය වැය ශිර්ෂය ඇතුලු සෞඛ්‍ය සේවා ක්ෂේත්‍ර රැසක් සාකචිඡා කිරීමට නියමිතය. මෙවර විධායක සභාවට ආසියානු රටවල් 04 ක නියෝජිතයින් පත් කර ඇත. ශ්‍රී ලංකාවෙි සෞඛ්‍ය අමාත්‍යවරයා ද එම විධායක සභාවට තේරී පත්වීම සෞඛ්‍ය සේවාව ලැබූ ජයග්‍රහණයකි.

    මෙි අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය Tedros Adhanom Ghebreyesus මහතා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර සාකචිඡාවක් ස්විස්ටර්ලන්තයේ ජීනීවා නුවර දී පැවැත්විනි. ශ්‍රී ලංකාවෙි සෞඛ්‍ය සේවාව නංවාලීමට පුර්ණ සහයෝගය ලබාදෙන බව නව අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

    [rns_reactions]

  • වැදගත් තීරණ රැසක් ගන්න ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද(22) රැස්වීමට නියමිතව තිබේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 06.00ට ජනාධිපති නිල නිවසේ දී මධ්‍යම කාරක සභාව රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

    රැස්වීම සඳහා සහභාගී වන ලෙස නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා සියලු සාමාජිකයින් වෙත දැනුම්දී ඇති බව සඳහන්ය.

    මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළියට සහභාගී නොවූ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගනු ලබන තීන්දු තීරණ පිළිබදව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    [rns_reactions]

  • ජනපති හෙට ඔස්ට්‍රේලියාවට….

    රාජ්‍ය සංචාරයක් සඳහා හෙට (23) දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔස්ට්‍රේලියාව බලා පිටත්වයාමට නියමිතය.

    ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා එරට සංචාරයක නිරත වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    තෙදිනක් ඔස්ට්‍රේලියාවේ රැදී සිටින ජනාධිපතිවරයා එහිදී ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා, මැතිඇමතිවරුන් ඇතුළු ඉහළ පෙලේ නායකයින් මුණගැසී සාකච්ඡා කිරිමට  නියමිතය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා අතර සාකච්ඡා ලබන 25 වනදා කැම්බරා හිදී පැවැත්වෙනු ඇත.

    මීට අමතරව ජනාධිපතිවරයා එරට ආගමන විගමන අමාත්‍ය පීටර් ඩටන් මහතා සහ ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය ජුලි බිෂොක් මහත්මිය ද එදින මුණගැසීමට නියමිතය.

    මේ අතර ජනාධිපතිවරයා ඇතුළු ධූත පිරිස ලබන 26 වනදා සිඩ්නි නුවරට පැමිණීමට නියමිත අතර එහිදී ඔවුන් ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව මුණගැසීමට නියමිතව තිබේ.

    ඉන් අනතුරුව ජනාධිපතිවරයා ඔස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍යවරිය මුණගැසී සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්වේ.

    [rns_reactions]