Category: සුපිරි Politics

  • අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද!

    දින කිහිපයක සිට දැඩි කතාබහකට ලක්වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද (22) දිනයේ සිදු වන බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසනවා. 

    ඒ අනුව පෙරවරුවේ මෙම සංශෝධනය සිදුවනු ඇති බවයි ප‍්‍රකාශ කෙරුණේ. 

    ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් ද ඊයේ රාත‍්‍රියේ පැවැත්වුණා. 

    එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන්ට ද ඊයේ රාත‍්‍රීයේ අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙසටයි දැනුම් දී තිබුණේ. 

    රාත‍්‍රී 9.15ට පමණ ආරම්භ වූ සාකච්ඡාව පැයක පමණ කාලයක් පැවැත්වුණා. 

    අමාත්‍ය ධුර වෙනස් වීමට නියමිත අමාත්‍යවරුන් සමඟ එහිදී විශේෂයෙන් සාකච්ඡා කර තිබෙනවා. 

    දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ රවී කරුණානායක, මංගල සමරවීර හා ගයන්ත කරුණාතිලකගේ අමාත්‍ය ධුර අද සිදු කරන සංශෝධනයේ දී වෙනස් වනු ඇතැයි එහිදී ප‍්‍රකාශ කර ඇති බවයි. 

    එමෙන්ම හිටපු අමාත්‍ය තිලක් මාරපනට නව අමාත්‍ය ධුරයක් ලැබෙනු ඇතැයි එහිදී ප‍්‍රකාශ වී තිබෙනවා. 

    අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් පළ කර තිබූ අදහස් පිළිබඳව ද මෙම හමුවේ දී අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ. 

    වැරදිකර ඇති පුද්ගලයින්ගේ අමාත්‍ය ධුර මෙම සංශෝධනයේ දී වෙනස් වනු ඇති බවට පලකර ඇති අදහස සම්බන්ධයෙන් ඔහු සමාව ගත යුතු බවටයි එහිදී අමාත්‍යවරුන් වන කබීර් හෂීම් සහ රවී කරුණානායක ප‍්‍රකාශ කර ඇත්තේ. 

    එම අවස්ථාවේ දී අමාත්‍ය කබීර් හෂීම් දුරකතනයෙන් අමාත්‍ය මහින්ද අමරවීර අමතා තිබෙනවා. 

    එහිදී තමා සිදු කළ බව කියන ප‍්‍රකාශය සම්බන්ධයෙන් මහින්ද අමරවීර අමාත්‍යවරයා පැහැදිලි කිරීමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. 

    කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට සම්බන්ධ වූ අමාත්‍යවරුන් ප‍්‍රකාශ කළේ අග‍්‍රාමාත්‍යවරයා තරු පහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කළ බවයි. 

    මේ අතර ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතව ඇති බව වාර්තා වනවා. 

    ඒ සඳහා සියලූ කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණෙන ලෙසටද දන්වා තිබෙනවා.

    අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හලාවත මාදම්පේ ප‍්‍රදේශයේ දී මාධ්‍ය වෙත මෙලෙස අදහස් පල කළා. 

    රට තුළ ඇත්තේ අස්ථාවර ආණ්ඩුවක් බවට මෙමඟින් පැහැදිලි වන බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේ. 

    මේ අතර අද සිදුවනු ඇතැයි පැවසෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ අදහස් පල කරනවා. මේ, රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර. 

    අමාත්‍ය නවීන් දිසානායක ද අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් පල කළේ මෙවන් අදහසක්. 

    බොහෝ දුරට අද දිනයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු විය හැකි බවට අමාත්‍ය මහින්ද අමරවීර ද ඊයේ ප‍්‍රකාශ කළා. 

    මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රාත‍්‍රියේ රැස් වනවා. 

    [rns_reactions]

  • මහින්දගේ සුනඛ පෝතකයා සිරස සටනේදී පචවෙච්ච හැටි මෙන්න! (VIDEO)

    මහින්ද රාජපක්ශගේ දශකය තුල නිර්මාණය කල තවත් එක් සමාජ පිළිලයක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පසුගියදා සිරස සටන වැඩසටහනේදී දැඩි ලෙස විවේචනයට ලක්විය.

    සිය ප්‍රදේශයේ මිනී මැරීම්, කප්පම් ගැනීම්, ස්ත්‍රී දූෂණ, දේපළ හානි රැසකට වගකිව යුතු මෙවන් දේශපාලුවන් පාලිමේන්තුවට එවීමට ජන්දය භාවිතා කල අයවලුන්ගේ දරුවන් පමණක් නොව රටේම දරුවන්ගේ අනාගතය මුන් නිසා නාස්ති වන ආකාරය ඉතා අවාසනාවන්තය.

    සනත් නිශාන්ත සිරස සටනේ හැසිරුණු ආකාරය සහ ඔහුගේ පැටිකිරිය පිළිබඳ දැක්වෙන වීඩියෝවක් පහතින් දැක්වේ.

    https://www.facebook.com/NewsfirstSL/videos/1527743713952548/

    [rns_reactions]

  • හොරු රකින්නේ කවුද? – සරත් විජේසූරියගෙන් පුවත්පතකට හෙළිදරව්වක්

    ජනවාරි 08 වෙනිදා පැවති ජනාධිපති වරණයෙන් පරාද වුණ මහින්ද රාජපක්ෂ මහතා මැදමූලනට ගියේ තමන්ට, තමන්ගේ පවුලේ සාමාජිකයන්ට, සහෝදර යන්ට සහ තමන්ට සේවය කළ සමීපතමයන්ට නීතියෙන් අවශ්‍ය රැකවරණය ලබා දෙන බවට රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් ප්‍රතිඥාවක් ලබා ගෙනය යන්න ප්‍රචලිත වූ ප්‍රවෘත්තියකි. ජනාධිපති වරණයෙන් අනතුරුව බලය අත් නොහරින්නට රජ ගෙදර තුළ කුමන්ත්‍රණයක් සිදු වුණ බව ද කරුණු කාරණ සහිතව වාර්තා විය. මේ කුමන්ත්‍රණය ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමි ණිල්ලක් කළේ මංගල සමරවීර මහතාය. අද වන විටත් සිදු කෙරුණ පරීක්ෂණයක් නැත. එවැනි පැමිණිල්ලක් සිදු කළ බවට පුවතක් හෝ අසන්නට නැත. ඒ පරීක්ෂණය නොකරන්නැයි අදාළ අංශවලට උපදෙස් දුන්නේ කවුරුන් ද?
    රාජපක්ෂවරුන්ට අනීතිකව සේවය කළ පුද්ගලයන් ජනාධිපති වරණයෙන් අනතුරුව තමන්ට කුමන ඉරණමක් අත්වේවිදැයි භීතිකාවකින් පෙළුණ බව නොරහසකි. එහෙත් වැඩි කාලයක් ගත වෙන්නට මත්තෙන් දූෂණ වංචා සහ අපරාදවලට සම්බන්ධ පුද්ගලයන්ගෙන් සැලකිය යුතු පිරිසක් අලුත් ආණ්ඩුවේ රැකවරණය ලබා ගැනීමට සමත් වන්නේය. තවත් පිරිසක් තමන්ට කිසිවක් සිදු වන්නේ නැත යන විශ්වාසයෙන් පෙර පරිදිම විරාජමානව සිටිනු පෙනේ. තවත් පිරිසක් වත්මන් ආණ්ඩුව දූෂිත බව පවසමින් ආණ්ඩුව පෙරළා දමන බවට අභියෝග කරන තත්වයක් ද විiමාන වේ. මේ තත්වය ඇති කිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ අගමැතිවරයා බව පැවසීමට කරුණු කාරණා අණාවරණය වෙමින් තිබේ.

    අගමැතිවරයාගේ දේශපාලනය
    රාජපක්ෂ පාලනය වෙනස් කිරීමට සැබවින්ම උවමනාවක් තිබුණේ මේ රටේ නීති ගරුක පුරවැසියන්ටය. විපක්ෂයට ඒ වෙනුවෙන් වැඩ පිළිවෙළක් තිබුණේ නැත. රනිල් වික්‍රමසිංහ මහතා බලා සිටියේ අධික ණය බරට යටවී රාජ්‍ය පාලනය තව දුරටත් කරගෙන යාමට නොහැකි වූ තැන දී තමන්ගේ අවස්ථාව ලබා ගැනීමටය. රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීමේ සටනක වික්‍රමසිංහ මහතා නොසිටියේය. සටනකින් තොර බලය ලබා ගැනීම ඔහුගේ කැමැත්ත විය. සටන් කර බලය ලබා ගැනීම තමන්ට අනභිමත බව රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම වන්නට පුළුවන. වරක් සරත් ෆොන්සේකාටත්, දෙවනුව මෛත්‍රීපාල සිරිසේන මහතාටත් ජනාධිපති වරණයේ දී තරඟ කිරීමට ඉඩ දෙන්නේ වික්‍රමසිංහ මහතා සටන්කාමී නායකයෙකු නොවන නිසාය. එහෙත් ඔහු රාජ්‍ය පාලනය අපේක්ෂා කළේය. ඒ ආශාව අත් නොහළේය. මහින්ද රාජපක්ෂ සමඟ කළු කෝපි බොමින් තමන්ගේ පැවැත්මට අවශ්‍ය උදවු උපකාර ලබමින්, ඔහුට අවශ්‍ය උපකාර ද කරමින්, කිසි බරක් හිස මතට නොගෙන කිසිවෙකුට රට පාලනය කර ගත නොහැකි තත්වයක් තුළ දී ජනාධිපතිවීම ඔහුගේ සැලසුම වී තිබුණ බව පැහැදිලිය.
    වික්‍රමසිංහ මහතා දේශපාලනයට අවතීර්ණ වන්නේ ජනතා බලවේග සමඟ වැඩ කිරීමෙන් නොවේ. ඔහු දීර්ඝ කාලයක් දේශපාලනයේ රැඳී සිටින්නේ පරම්පරාවෙන් උරුම වුණ ඉඩකඩම් බලා හදාගෙන සිටින ඉඩම් හිමි වැවිලිකරුවෙකු ලෙසිනි. පරම්පරාවෙන් උරුම වුණ ඉඩ කඩම් දියුණු කිරීමට කල්පනා නොකරන, ලැබෙන ආදායමෙන් යැපෙන, ආදායමක් නැති වුණ විට දේපළ ටික ටික විකුණා දමා ජීවත්වන, අහිමි වන කිසිවක්ම ගැන කම්පා නොවන හා වගකීමක් නැති, ධනපතියන්ගේ දරුවන් ගැන අපේ සමාජ ඉතිහාසයේ හොඳින් ලියවී ඇත. වික්‍රමසිංහ මහතා ද එබඳු පුද්ගලයෙකු බවය ඔහුගේ දේශපාලන භූමිකාවේ අවසාන කාලය තුළ විදහා පාන්නේ.

    අගමැතිවරයාගේ න්‍යාය පත්‍රය
    තිරු නඬේසන් සමඟ ජනවාරි 08 පාන්දර මහින්ද රාජපක්ෂ මුණ ගැසීමට ගිය වික්‍රමසිංහ මහතා මේ වන විට රාජපක්ෂවරුන්ගේ ගජ මිතුරන් සමඟ පවත්වන සම්බන්ධතා තහවුරු කරන්නේ ඔවුන් සම්බන්ධ දූෂණ වංචා පිළිබඳ සියලු පරීක්ෂණ නිල නොවන අන්දමින් නිමාවට පත් කර තිබෙන බව ද? ශිරන්ති රාජපක්ෂගෙන් කට උත්තරයක් ගැනීමට අදාළ පරීක්ෂණ අංශවලට සිදු වන්නේ කථානායක නිල නිවසට යන්නටය. ඇයට එවැනි වරප්‍රසාදයක් ලබා දීමට හේතුව කුමක් දැයි අගමැතිවරයාගෙන් විමසූ විට පැවසුවේ, හිටපු ජනාධිපතිගේ ඉල්ලීම මත ඒ දේ සිදු කළ බවය. අමාත්‍යවරුන්ට අලුතින් වාහන නොගෙන්වා චෝගම් උළෙලට ගෙනා අධිසුඛෝපභෝගී බෙන්ස් රථ ලබා දිය නොහැකි ද යන්න අගමැතිවරයාගෙන් විමසූ විට ඒ වාහන මහින්ද රාජපක්ෂ අරන් යන්න ඇති කියා කීවේ සිනා රසය දනවමිනි. ඒ වාහන ආපසු ගත යුතු නොවේදැයි විමසූ විට දුන් පිළිතුර කා තුළත් විස්මයකි ඇති කළේ. ඒ පිළිතුර මෙසේය. “අපිට ජනාධිපතිකම දීලා ගියානේ ඒ ඇති”
    රාජපක්ෂවරුන්ගේ දූෂණ චෝදනා සහ අපරාද සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීමට අගමැතිවරයා සූදානම් නැති බව පෙනේ. මෙතෙක් කල් සිදු කළේ ඔවුන් සම්බන්ධ දූෂණ චෝදනා සහ අපරාද කසල ගොඩක් සේ අවුස්සමින් ජනවාරි 08 වෙනසට කැපවුණ පුද්ගලයන්ට බයිස්කෝප් පෙන්වීමකි. ඒ බයිස්කෝප් පෙන්වීම ද නතර කරන තැනට අගමැතිවරයා පත්ව සිටින බවය පෙනෙන්නේ. එෆ්සීඅයිඩී එක දැනටමත් දිය කර හමාරය. රහස් පොලීසිය අධෛර්යට පත් කරන කටයුතු අපමණය. අගමැතිවරයා සිය අගසව් සේ සලකා කටයුතු කරන සාගල රත්නායක එළිපිටම රාජපක්ෂවරුන්ට හිතෛශීව කටයුතු කරන බවට තොරතුරු කීප වතාවක්ම අනාවරණය වී ඇත.

    අගමැතිවරයාගේ කැබිනට්ටුව
    දූෂණ වංචා සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීම මෙන්ම, නැවත දූෂණ වංචාවලින් තොරව රාජ්‍ය පාලනයට අවශ්‍ය පියවර ගැනීම ජනාධිපති වරයාගේත් අගමැති වරයාගේත් පරම වගකීමකි. මෙහි වැදගත්කම හා අවශ්‍යතාව ජනාධිපති වරයාට සිවිල් සංවිධාන වසරකට වැඩි කාලයක් තිස්සේ පෙන්වා දී ඇත. සිවිල් සංවිධාන නඟන හඬට ඇහුම් කන් දෙමින්, ඔවුන් පෙන්වා දෙන කරුණු කාරණ සලකා බලා ජනාධිපතිවරයා පොරොන්දු වූයේ කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු කිරීමට අගමැතිවරයා සමඟ සාකච්ඡා කොට පියවර ගන්නා බවයි. කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු කිරීමට ජනාධිපතිවරයා කිහිප වතාවක්ම උත්සාහ ගත්ත ද අගමැතිවරයා ඒ සඳහා නිසි සහයෝගයක් නොදක්වමින් කල් මරන අන්දම කනගාටුදායකය. අගමැතිවරයා කැබිනට් සංශෝධනයකට අකමැත්ත පළ කිරීමට හේතු ගණනාවක් පවතින බව පෙනේ. ඒ හේතු අතර ප්‍රධානතම හේතුව වන්නේ රාජපක්ෂ පවුලට රැකවරණය ලබා දීම බව පෙනී යයි. ඵලදායක අන්දමේ කැබිනට් සංශෝධනයක් සිදු වනවා නම් එහිදී නීතිය හා සාමය භාර අමාත්‍යාංශය තීරණාත්මකය. කවර අමාත්‍ය පදවියක් වෙනස් කළත් සාගල රත්නායකගේ අමාත්‍ය පදවිය වෙනස් කිරීමට අගමැතිවරයා එකඟ වන්නේ නැත. ඒ සඳහා මහින්ද රාජපක්ෂගේ අනුමැතිය අගමැතිවරයාට ලැබෙන්නේ ද නැත.

    අගමැතිවරයාගේ සිහිනය
    රනිල් වික්‍රමසිංහ මහතා දීර්ඝ කාලීන අත්දැකීම් තිබෙන දේශපාලනඥයෙකි. ජාත්‍යන්තරයේ සහයෝගය ලබා ගැනීමට තිබෙන හැකියාව ගැන ද ප්‍රකටය. එතුමා අගමැති පදවිය දැරූ කෙටි කාලය තුළ රටේ ආර්ථිකය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් කිසියම් කීර්තියකට හිමිකම් කියන්නේය. යුද්ධය නිමා කිරීමට අදාළව ගෙන ගිය සූක්ෂ්ම වැඩ පිළිවෙළ ද සුළු කොට තැකිය නොහැකිය. රාජ්‍ය පාලනයට කෘතහස්ත අවබෝධයක් තිබේ යයි පොදුවේ විශ්වාසයක් ද රටේ පැවතිණ. කඩා වැටුණ ආර්ථිකය ගොඩ නැඟීිමට එතුමා සමත් වනු ඇත යන අපේක්ෂාවක් ද පොදුවේ පුරවැසියන් තුළ තිබුණි. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතාට එක් වතාවක් හෝ රටේ ජනාධිපති පදවිය දැරීමට අවස්ථාවක් නොලැබිණි. එතුමාට පසුව කරළියට පැමිණි තිදෙනෙක් ජනාධිපති පදවිය දැරීමට වරම් ලැබූහ. මධ්‍යස්ථව කරුණු සලකා බලන විට වික්‍රමසිංහ මහතාට මේ සම්බන්ධයෙන් දැඩි මානසික පීඩනයක් තිබෙනවා යයි සිතිමට පුළුවන. එබැවින්ම ලබන වතාවේ දී කෙසේ හෝ මම රටේ ජනාධිපති වෙමි යන සිහිනය වික්‍රමසිංහ මහතාට තිබෙනවා විය හැකිය. ඒ සිහිනය සාක්ෂාත් කර ගැනීම පිණිස මහින්ද රාජපක්ෂ සිය සහයෝගය ලබා දීමට කැමති වී තිබෙනවා ද විය හැකිය. තමන්ට යළි රට පාලනය කිරීමට මොනම විදිහකින් හෝ වරමක් නොලැබෙන බව කාටත් වඩා හොඳින් දන්නේ මහින්ද රාජපක්ෂය. ඔහු මේ අවස්ථාවේ අගමැතිවරයා වෙනුවෙන් කළ හැකි හැම මෙහෙවරක්ම කරමින් තමන්ගේ, තම භාර්යාවගේ, තම දරුවන්ගේ ඉරණම විසඳා ගැනීම, එකම අරමුණ බවට පත් කරගෙන සිටිනවාට සැකයක් නැත.
    ව්‍යවස්ථාව සංශෝධනය කර විධායක අගමැති වීම වික්‍රමසිංහ මහතා දකින එක් සිහිනයකි. අනෙක් සිහිනය වන්නේ ශ්‍රීලනිපය දෙකඩ කර ජනාධිපති පදවිය ලැබීමේ සිහිනයයි. වික්‍රමසිංහ මහතා වැඩි කැමැත්තක් දක්වන්නේ දෙවනුව සඳහන් කළ සිහිනය දැකීමටය. ඒ සිහිනය පහසුවෙන් සුව නින්දක් තුළ දී දැකිය හැකිය යන්න අගමැතිවරයාගේ තේරුම් ගැනීම වන්නට පුළුවන. මේ සිහිනය වෙනුවෙන් අගමැතිවරයා උපදෙස් ගැනීම සඳහා මහින්ද ඳී බැසිල් පරිහරණය කළ පොත තෝරා ගෙන ඇති බව පෙනේ. එය නම් ජයග්‍රහණය වෙනුවෙන් අසීමිතව ධනය වැය කිරීමය. බැඳුම්කර වංචාව රටට රහසක් නොවනවා මෙන්ම අර්ජුන අලෝසියස්ගේ මාධ්‍ය ජාලය හා අරක්කු කොම්පැණිය ද මේ වන විට රටට රහසක් නොවේ. කනගාටුවෙන් වුව කිව යුතු වන්නේ මහින්ද රාජපක්ෂට සහ බැසිල් රාජපක්ෂට ධන බලයෙන් 2015 දී දිනන්නට බැරි වුණ බව අගමැතිවරයාට අමතක වී තිබෙන බවයි. ඒ කාරණාව අගමැතිවරයා තේරුම් ගත යුතුය. එසේ නම් වෙනත් ප්‍රබල සැලසුමක් අවශ්‍ය වන්නේය. ඒ කුමක් ද? එබඳූ සැලසුමක් ගැන ද අගමැතිවරයාගේ අවධානය යොමු වී ඇති බව පෙනේ.

    අගමැතිවරයාගේ ප්‍රතිවාදියා
    ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට හැකි වුවහොත් විධායක ජනාධිපති පදවිය අහෝසි වන්නේය. ඉක්බිතිව රාජ්‍ය පාලනය සඳහා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමය සිදු වන්නේ. ව්‍යවස්ථාව වෙනස් කළහොත් එහි ගෞරවය හිම වන්නේ ජනාධිපතිවරයාටය. රටේ සියලු ප්‍රගතිශීලී බලවේග එකතු වන්නේ ජනාධිපතිවරයා සමඟය. පාර්ලිමේන්තු මැතිවරණ යකින් මෛත්‍රීපාල සිරිසේන මහතාට ජයග්‍රහණය නිසැකවම හිමි වන්නේය. වික්‍රමසිංහ මහතාගේ ගජමිතුරු කැළ මැතිවරණයක දී එතුමා දැනටමත් පරාද කොට අවසන්ය.
    ඊළඟ මැතිවරණයකට තරඟ කිරීමට මහින්ද රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ කැඳවා ගැනීම අගමැතිවරයාගේ සැලැස්මේ ලියවී ඇතුවාට සැකයක් නැත. මහින්ද රාජපක්ෂ කරළියට එන්නේ අගමැතිවීමට නොව, මෛත්‍රීපාල සිරිසේන මහතා පරදවා වික්‍රමසිංහ මහතාට සිය යුතුකම ඉටු කිරීමටය. එහිදී මහින්ද රාජපක්ෂ එක ගලෙන් ද්විත්ව ඵල නෙළා ගැනීමට කල්පනා කරනු ඇත. එකක් මෛත්‍රීගෙන් පළිගැනීමය. අනෙක රනිල්ට කෘතගුණ දැක්වීමය. කිසියම් හේතුවක් නිසා, විස්මය ජනක ප්‍රාතිහාර්යකින් හෝ මහින්ද රාජපක්ෂගේ දරුවන් සහ බිරිඳ අධිකරණයෙන් දඬුවම් ලැබීම ඉරණම බවට පත්වුවහොත් මහින්ද රාජපක්ෂට තව දුරටත් දේශපාලනය කළ හැකි තත්වයක් ඉතිරි වන්නේ නැත. අගමැතිවරයා රාජපක්ෂ පවුලට රැකවරණය ලබා දීමේ අවකාශය දුර්වල වුවහොත් මේ තත්වය ඇතිවීම අනිවාර්ය වේ. එවිටත් පාර්ලිමේන්තු මැති වරණයකට හෝ ජනාධිපති වරණයට ප්‍රතිවාදියා මෛත්‍රී විය හැකිය. මෛත්‍රී පරාද කිරීමට උපක්‍රමයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ කැඳවීම වික්‍රමසිංහ මහතාට තිබෙන අවසන් තුරුම්පුව වන්නේය. රට පාලනය කිරීමට නීති ගරුක පුරවැසියන් ගෝඨාභයට වරමක් ලබා දෙන්නේ නැත. ඒ බව වික්‍රමසිංහ මහතාම හොඳින් තේරුම් ගෙන තිබෙනවා විය යුතුය. එහෙත් ශ්‍රීලනිපයේ සිංහල බෞද්ධ ඡන්දවලින් සැලකිය යුතු ප්‍රතිශතයක් ගෝඨාභය රාජපක්ෂට ලබා ගැනීමට හැකි වනු ඇත. විධායක අගමැතිවීම හෝ විධායක ජනාධිපතිවීම යන දෙකෙන් එකකට වික්‍රමසිංහ මහතාට ගෝඨාභය අධිකරණ ක්‍රියා මාර්ගවලින් ඉවත් කොට රැක ගැනීමේ උවමනාව එය වන්නට පුළුවන.

    අගමැතිවරයාගේ ඉරණම
    අගමැතිවරයා කිසියම් ක්‍රමවේද ඔස්සේ රටේ ආර්ථිකය යම් අන්දමකට ඉහළට ඔසවා ණය බර අඩු කළහොත් එය ඊළඟ මැතිවරණයක දී වැදගත් වන්නේය. එහෙත් මේ වන විට අගමැතිවරයා ජනතාවගේ විශ්වාසය පළුදු කරගෙන තිබෙන අන්දම ශෝචනීය වේ. අගමැතිවරයා සිවිල් සංවිධාන දිගින් දිගටම රවටමින් දූෂිතයන් හා අපරාදකාරයන්ට රැකවරණය ලබා දීම සම්බන්ධයෙන් පවතින පිළිකුළ තව තවත් මෝරනු නියතය.

    ගත වුණ වසර දෙක තුළ එජාපයේ ඡන්ද පදනම දෙදරා තිබෙන අන්දම ගැන නිසි අවබෝධයක් අගමැතිවරයාට නැත. පසු පෙළ මන්ත්‍රීවරුන් සමඟ යහපත් සන්නිවේදනයක් නැතිකම හේතුවෙන් එජාපයේ ඡන්ද පදනම මැතිවරණයක දී හොඳටම දුර්වල වීමට තිබෙන ඉඩකඩ ඉතිහාසයේ අන් කවරදාටත් වඩා වැඩිවෙනු ඇත. අගමැතිවරයාට තම ඉරණම වෙනස් කර ගැනීමට තවමත් කාලය හොඳටම ඉතිරිව තිබේ. කිව යුතු වන්නේ ප්‍රමාදය හා කල්මැරීම මෙන්ම නූල් සූත්තර වැඩ, අගමැතිවරයාගේ ඉරණම තීරණාත්මක අවස්ථාවක් කරා ළඟා කරමින් තිබෙන බවය.
    රාජ්‍ය පාලනයට වරමක් ලැබුණ කවර පාලකයෙකු හෝ කළ යුත්තේ රාජ්‍ය පාලනයයි. ලබන වතාවේ බලය ලබා ගන්නේ කෙසේද යන ප්‍රශ්නයට පිළිතුරු සැපයීම භාර දිය යුතු වන්නේ මහ ජනතාවටය. අගමැතිවරයා ජනවාරි 08 ප්‍රතිඥාවලට පිටු පාමින් 2020 දී ජනාධිපති වීම ගැන හෝ අගමැති වීම ගැන සිතනවාට වඩා වැදගත් වන්නේ නීතිය මත රට පාලනය සඳහා අවශ්‍ය සම්ප්‍රදායන් ප්‍රතිෂ්ඨාපනය උදෙසා කැපවීමටය. 2020 දී බලය ලබා ගන්නේ කෙසේද යන ප්‍රශ්නය සමඟ පොර බදන කවරෙකු වුව තමන්ගේ ජීවිතය අනිත්‍ය බව ද තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත්ය.■

    මහාචාර්ය සරත් විජේසූරිය (උපුටාගැනීම රාවය)

  • භාණ්ඩ 6600කට ජී එස් පී ප්ලස් බදු සහනය අද(19) සිට….

    යුරෝපා සංගමය විසින් ලබාදෙන ජී එස් පී ප්ලස් බදු සහනය අද (19) සිට ශ‍්‍රී ලංකාවට හිමි වනවා.  

    2021 වසර දක්වා මෙම බදු සහනය ශ‍්‍රී ලංකාවට හිමිවන බවයි යුරෝපා සංගමය සඳහන් කළේ. 

    මෙම සහනය නිසි ලෙස භාවිත කිරීමෙන් ශ‍්‍රී ලංකාවට තවත් සහන රැසක් ලබාගත හැකි බවද එම සංගමය සඳහන් කළා.
     
    මේ පිළිබඳ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පැවසුවේ භාණ්ඩ 6600කට ජී එස් පී ප්ලස් බදු සහනය හිමිවන බවයි. 

    මේ යටතේ පළමු වර්ෂයේ දී පමණක් ඇගළුම් ක්ෂේත‍්‍රයේ රැකියා අවස්ථා විසිදහසක් හිමිවන බවයි ඔහු කියා සිටියේ. 

    මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට පමණක් නොව මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ටද ජී එස් පී ප්ලස් බදු සහනය හරහා වාසි අත්වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

    මේ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ ජී එස් පී ප්ලස් බදු සහනයෙන් වැඩිම ප‍්‍රතිලාභ හිමි වන්නේ ධීවර ප‍්‍රජාවට බවයි. 

    [rns_reactions]

  • 30 වසරක ඓතිහාසික යුධ ජය සමරණ ජාතික යුධ විරු සැමරුම හෙට…

    ජාතික රණවිරු සැමරුම් උත්සවය හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

    ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙන බව රණවිරු සේවා අධිකාරියේ සභාපති අනෝමා ෆොන්සේකා මහත්මිය සඳහන් කළේය.

    [rns_reactions]

  • බොදු බල සේනාව හා මනෝ ගනේෂන් මුහුණට මුහුණ…(video)

    රටේ සිංහල බෞද්ධ ජනතාවට තමා පිළිබඳ විශ්වාසයක් ඇති බව ජාතික සහජීවනය,සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය.

    බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් අද පෙරවරුවේ අමාත්‍යවරයා හමු අවස්ථාවේදී ඔහු මේ බව පවසා සිටියේය.

    මෙරටේ ජාතික සහජීවනය මෙන්ම සංහිඳියාව ඇති කිරීම පිළිබඳව දීර්ඝ ලෙස මෙමහිදී  සාකච්ඡාවූ බව පැවසූ අමත්‍යවරයාවැඩිදුරටත් මෙසේද පැවසීය

    බෞද්ධ නොවන මම බෞද්ධයෝ ගැන හොයලා බලනවා. සිංහල ජනතාව අතර ඉන්න ඔවුන් පිළිබඳ හොයලා බලන දමිළ ඇමතිවරයෙක් මම. ඒගැන මට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මේ රටේ කිසිම පුද්ගලයෙකුට ජාතියක් නිසාවෙන් අසාධාරණයක් නොවීමට වගබලාගැනීම මගේ වගකීමක්.

    [rns_reactions]

  • සිසුන් නිති කැඩුවොත් ගහන්න – අධිකරණයෙන් පොලිසියට උපදෙස්..

    දැන් පැවැත්වෙන සයිටම් විරෝධී පාගමන වළක්වන ලෙස පෑලියගොඩ පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශානිමා විජේබණ්ඩාර මහත්මිය එම සිසුන් නීති විරෝධීව හැසිරෙන්නේ නම් පොලිස් බලතල පාවිච්චි කරන ලෙස පොලිසියට උපදෙස් දුන්නාය.

    [rns_reactions]

  • විහාර මහා දේවී උද්‍යානයටත් කඳුළු ගෑස් ප්‍රහාර..

    කොළඹ කොටුවේ සිට පැමිණි සයිටම් විරෝධීන් වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු පිරිස පුරහල දෙසට පැමිණීමත් සමගින් පුරහල ඉදිරිපිට මාර්ගය මාර්ග බාධක යොදා වසා දමන ලදි. 

    පුරහල ඉදිරිපිට පොලිස් කැරලි මර්දන රථ නවතා ඇති අතර කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයා විරෝධතාකරුවන්ට උසාවි නියෝගයක් පෙන්වූවේය.

    එක් මංතීරුවක කැරලි මර්දන රථ නවතා තිබූ අතර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෙන්වූ උසාවි නියෝගය නොසලකා කැරලි මර්දන රථ මගහරිමින් පුරහල දෙසට ගමන් කිරීමට විරෝධතා කරුවෝ උත්සාහ ගත්හ.

    ඉන්පසු පොලිසිය කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර විරෝධතාකරුවෝ විහාර මහා දේවී උද්‍යානය තුළට පැනගත්හ.

    පොලිසිය මේ වන විට විහාර මහා දේවි උද්‍යානය තුළටද කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිටී. උද්‍යානයේ සිටි සාමාන්‍ය ජනතාවද කඳුළු ගෑස් වැදීමෙන් අපහසුතාවට පත්ව සිටිති. 

    [rns_reactions]

  • අධිකරණ නියෝගය නොතකා අන්තරේ ලහිරු ප්‍රමුඛ පෙරටුගාමින් මහ පාරට..

    සයිටම් ජන සතු කරන ලෙස බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරන විරෝධතාව පස්වරු 2.00ට පමණ කොටුව දුම්රියපළ ඉදිරිපිටින් ආරම්භ වීමට නියමිතය.

    පෙළපාලි පැවැත්විම සහ පා ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙක් අහඟහරුවාදා (16) තහනම් නියෝග නිකුත් කර තිබියදීත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී  කම්ටු සාමාජිකයෝ සහ පෙරටුගාමි පක්ෂයේ සාමාජිකයින්  200 පමණ සයිටම් වි⁣⁣රෝධි පා ගමන යාම සඳහා කොටුව දුම්රිය ස්ථානයට පැමිණ සිටිති.

    [rns_reactions]

     

  • කැබිනට් සංශෝධනය අත ළග.. නිදහස් පක්ෂයෙන් ඇමති සාගලට දැඩි විරෝධයක්..

    ජනාධිපතිවරයා කැබිනට් සංශෝධනයට පෙර අවසන් කැබිනට් රැස්වීම කැඳවා ඇත්තේ අගමැතිවරයා සමග කැබිනට් සංශෝධනය පිළිබඳ එකඟතාවයකට පැමිණීමට හැකිවූ බැවින් හා අමාත්‍යංශවල කටයුතු අවසන් කරන ලෙස අමාත්‍යවරුන්ට උපදෙස් ලබා දීමටත් බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

    ඉදිරි කැබිනට් සංශෝධනයේදී  අමාත්‍ය සාගල රත්නායක මහතාට විදෙස් කටයුතු අමාත්‍යංශය ලබා දීමටත් ජනාධිපතිවරයා හා අගමැතිවරයා ගනු ලැබූ තීරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

    ශ්‍රීලනිප අමාත්‍යවරුන් පෙන්වා දී ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යංශයෙන් මංගල සමරවීර මහතා ඉවත් කරනවා නම් එය මහින්ද සමරසිංහ මහතාට ලබා දිය යුතු බවයි. ශ්‍රී ලංකාවේ විදෙස් ප්‍රතිපත්තිය හා එකඟ නොවන ප්‍රතිපත්ති සඳහා සහය දැක්වීමට මංගල සමරවීර මහතා කටයුතු කිරීම ඔහුව ඉවත් කිරීමට හේතුව බවත් එහෙත් ඔහුගේ විදෙස් සබඳතා ශක්තිමත් බවත් එවැනි ශක්තිමත් විදෙස් සබඳතාවයක් ගොඩ නැගිය හැකි වෙනත් පුද්ගලයෙක් වේ නම් ඒ මහින්ද සමරසිංහ මහතා බවත් ඔවුන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත. රවී කරුණානායක මහතාට වරාය අමාත්‍යංශය ලබා දීමට එරෙහිවද දැඩි විරෝධයක් පළ කරමින් ශ්‍රීලනිප අමාත්‍යවරුන් ජනාධිපතිවරයාට කරුණු දක්වා තිබේ.

    මේ අතර කැබිනට් සංශෝධනයෙන් පසු අමාත්‍යංශ ලේකම්වරුන්ගේ සංශෝධනයක් හා රාජ්‍ය ආයතන ගණනාවක සභාපතිවරුන් හා අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ මාරු කිරීම්ද සිදු කිරීමට නියමිතයි.

    [rns_reactions]

  • ඇමති තනතුරු වෙනස් කලොත් එජාපයේ තිදෙනෙක් දේශපාලනයෙන් ඉවත් වෙයි!

    ඇමැති මණ්‌ඩල සංශෝධනයේදී තමන් දැනට දරන ඇමැති ධුරවල වෙනසක්‌ සිදුකළහොත් ආණ්‌ඩුවේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්‌වීමට එක්‌සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරු තිදෙනෙක්‌ තීරණය කර තිබෙනවා.

    හදිසියේ සිදුකිරීමට යන ඇමැති මණ්‌ඩල සංශෝධනයට තමන් විරුද්ධ බව සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයට නිල නොලත් ලෙස දැනුම් දී තිබෙන මෙම ඇමැතිවරු චීන සංචාරයේ නිරතව සිටින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණි පසු ඒ ගැන සාකච්ඡා කිරීමට ද සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

    මේ අතර ඇමැති මණ්‌ඩල සංශෝධනයක්‌ සිදුකරනවාට එක්‌සත් ජාතික පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ද දැඩි විරෝධය පළ වී ඇති බව වාර්තා වනවා.

    මේ සම්බන්ධව කළ විමසුමකට පිළිතුරු දෙමින් ගාල්ල දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්‌ඩාරිගොඩ මහතා කියා සිටියේ ඒකාබද්ධ විපක්‍ෂයේ කුමන්ත්‍රණයකට අනුව කැබිනට්‌ සංශෝධනය සිදුකරන බවත් එය එසේ සිදුවුවහොත් අනවශ්‍ය දේශපාලන අර්බුදයක්‌ ඇතිවන බවත්ය.

    කැබිනට්‌ සංශෝධන අවශ්‍යම නම් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට හිමිව ඇති ඇමැතිධුරවල වෙනස්‌කම් සිදුකරගත හැකි බවත් එ.ජා.ප.යට හිමිව ඇති ඇමැති ධුරවල වෙනස්‌කම් සිදුකර අනවශ්‍ය අර්බුදයක්‌ නිර්මාණය නොකළ යුතු බවත් බන්දුලාල් බණ්‌ඩාරිගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

    ඇමැති තනතුරු වෙනස්‌ වනු ඇතැයි පැවැසෙන ඉහත ප්‍රබල ඇමැතිවරුන් තිදෙනාගෙන් දෙදෙනෙක්‌ ඊයේ (16)කියා සිටියේ තම ඇමැති ධුරවල වෙනසක්‌ සිදුකළොත් ඒ තුළින් ජනතාව වැරැදි අවබෝධයක්‌ ඇතිකර ගැනීමේ ඉඩ ප්‍රස්‌ථා ඇති නිසා  සිය විරෝධය නොතකා එවැන්නක්‌ සිදු කළොත් දේශපාලනයේ ඉන්නවාද නැද්ද කියා තීරණයක්‌ ගැනීමට සිදුවන බවයි.

    (උපුටා ගැනීම දිවයින )

    [rns_reactions]

  • ස්වාධින වීමට අවශ්‍ය නම් ලිකිතව දැනුම් දෙන්න. නැත්නම් විනය පරීක්ෂණ…

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසිදු මන්ත්‍රිවරයකුට හිතුමතේ ස්වාධීන වීමට කිසිදු හිමිකමක් නැතැයි එහි මහ ලේකම් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

    කිසියම් මන්ත්‍රිවරයකුට ස්වාධීන වීමට වුවමනාවක් ඇත්නම් ඒ බව ලිඛිතව මහ ලේකම්වරයාට දැන්විය යුතු බවත් මහ ලේකම්වරයාගේ පූර්ණ අනුමැතිය නොමැතිව යම් මන්ත්‍රිවරයකු ස්වාධීන වන්නේ නම් ඔහු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් උතුරු මැද පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රිවරුන් ස්වාධීන වීමට ගත් තීරණය සම්බන්ධයෙන් “මව්බිම” කළ විමසීමකදී සන්ධාන මහලේකම්වරයා සඳහන් කළේය.

    යම් මන්ත්‍රිවරයකු ස්වාධීන වනවිට පක්ෂය කඩා වැටෙන බවත් එසේ වන්නේ නම් ඉන් අසරණ වන්නේ පාක්ෂිකයන් බවත් පැවැසූ ඇමැතිවරයා සන්ධානයෙන් තරග කර පළාත් සභාවට තේරී පත්වූවන් ස්වාධීන වන්නේ කෙසේ දැයි විමසීය.

    සන්ධානයෙන් තරග කර ජනතා නියෝජිතයන් ලෙස තෝරා පත්කර ගත් අපේක්ෂකයන් නිරන්තරයෙන් ජනතා අපේක්ෂාවෙන් ඉටුකළ යුතු බවත් එසේ නොකරන ජනතා නියෝජිතයන් පිළිබඳව තද තීරණ ගැනීමට ජනාධිපතිවරයාද තීන්දු කර ඇති බවත් පැවැසූ ඇමැතිවරයා නුදුරේදීම පක්ෂය තුළ විශාල පෙරළියක් සිදුවන බවද ප්‍රකාශ කළේය.

    [rns_reactions]
  • ජනපති වෑයම සාර්ථකයි – අහිමි වු GSP+ බදු සහනය සිකුරාදා සිට යලිත්..

    ජී එස් පී ප්ලස් බදු සහනය මැයි මස 19 වැනිදා එනම්, ලබන සිකුරාදා සිට ක්‍රියාත්මක වීම ඇරඹෙනවා. 

    අද කොළම පැවැති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති තුං ලායි මාර්ග් මහතා මේ බව කියා සිටියා.  ශ්‍රී ලංකාවට ජී එස් පී ප්ලස් බදු සහනය ලබාදෙන යුරෝපා ප්‍රකාශනය ලබන බ්‍රහස්පතින්දා එළිදැක්වෙන අතර, සිකුරාදා සිට එහි ප්‍රතිලාභ ශ්‍රී ලංකාවට විවෘත කෙරෙනවා. 

    ඒ අනූව, යුරෝපයට අපනයනය කෙරෙන ශ්‍රී ලංකා නිෂ්පාදනවලින් සියයට 66ක් සඳහා සම්පූර්ණයෙන්ම බදු ඉවත් කෙරෙනවා.  ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති තුං ලායි මාර්ග් කියා සිටියේ, මෙය ශ්‍රී ලංකාවේ සංවර්ධනය සදහා බෙහෙවින් ඉවහල් වනු ඇති බවයි.

    ජී එස් පී ප්ලස් බදු සහනය යළි ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ගිය වැඩපිළිවෙල අගය කළ තානාපතිවරයා කියා සිටියේ, මානව හිමිකම් සහ යහපාලනය සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය සැලකිල්ලට ගෙන බදු සහනය ලබාදීමට පියවර ගෙන ඇති බවයි. 

    [rns_reactions]

     

  • ඩෙංගු මර්දන ජනාධිපති කාර්යසාධන බලකායට හදිසි කැදවීමක්….

    ඩෙංගු මර්දන ජනාධිපති කාර්යසාධන බලකාය වහාම කැදවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තීරණය කර තිබෙනවා. 

    රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හා එය පාලනයට ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ජා කිරීම අරමුණයි.  ඒ අනූව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කාර්යසාධන බළකායේ රැස්වීම අද පැවැත්වීමට නියමිතයි.  ඒ ජනාධිපති කාර්යාලයේදී. 

    මේ වසරේ පමණක් රෝගීන් 44,623 දෙනෙකු වාර්තා වී ඇති අතර, මරණ 115ක් සිදුවී තිබෙනවා.  එය පසුගිය වසරවලට වඩා ඉහළ යාමක්. 

    රෝගීන් සහ මදුරු කීටයන් හමුවීමේ දත්තවලට අනූව දිස්ත්‍රික්ක 12ක් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා. 

    මේ බරපතල තත්වය සැලකිල්ලට ගෙන ඩෙංගු ව්‍යාප්තිය උපරිම මට්ටමින් පාලනය කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග කෙරෙහි ද රැස්වීමේ දී සාකච්ජා කෙරෙන බව, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් නිවේදනයක දැක්වෙනවා.

    [rns_reactions]

  • වැඩ දමා අස්වු රංජිත්ගේ හිඩැසට අත්දැකිම් බහුල අලුත් මුහුණක්.. රංජිත්ට කනේ පහරක්…

    උතුරු මැද පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ එස් එම් රංජිත්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අමාත්‍ය ධූරය සඳහා සුසිල් ගුණරත්න පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

    පළාත් ප‍්‍රවාහන, කී‍්‍රඩා, යෞවන කටයුතු සහ වෙළද අමාත්‍යවරයා ලෙසයි මෙලෙස සුසිල් ගුණරත්න දිවුරුම් දී ඇත්තේ.

    ඊට අමතරව ඔහු ආහාර හා කර්මාන්ත සංවර්ධන පළාත් අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දුන් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

    කෙසේවෙතත් සුසිල් ගුණරත්න මන්තී‍්‍රවරයා මීට පෙර ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍ර කණ්ඩායම සමග කටයුතු කළ අයෙක්. එහෙත් ඔහු වත්මන් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්නට සහාය ලබාදීමට තීරණය කිරීමත් සමග මෙම පත්කිරීම සිදුකර තිබෙනවා.

    [rns_reactions]

  • ගීතාගේ දිවිත්ව පුරවැසි නාඩගමේ තිරය පිටුපස පොතේගුරා මාට්ටු. (video)

    පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහට මන්ත්‍රී ධූරය අහිමි කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ ඇපෑලේදී සිකුරාදා(12) ලබා දුන් වාරණ නියෝගය දීර්ඝ කරමින්, මෙම ඇපෑල විභාග කර අවසන්වනතුරු ඇයට එරෙහිව අභියාචනාධිකරණ තීන්දුව අත්හිටුවන්නැයි ඊයේ(15) ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් දෙදෙනෙකු තීන්දු කළහ. එක් අයෙකු ඊට විරුද්ධ විය.

    ගීතා වෙනුවෙන් අදහස් දැක්වූ නීතිඥයන් ගෙන ආවේ ගොං තර්කයකි. ගීතාට ස්විට්සර්ලන්ත පුරවැසි භාවය හිමි වුනේ ඇය ඉල්ලා සිටීමෙන් නොව ඇය ස්විට්සර්ලන්ත ජාතිකයෙකු කසාද බැඳීම නිසා ඉබේ ලැබුණු එකක් බව එම තර්කයයි. එයින්ම ගීතා ස්විට්සර්ලන්ත පුරවැසියෙකු බව ඔප්පු වන අතර පුරවැසි භාවය ලැබුනේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද යන්න මැතිවරණ නීතියේදී අදාල භාවයක් නැත.  එවැනි ගොන් තර්කයක් වුවද උපාලි සහ ඊවා අනුමත කිරීමෙන් තීන්දුවේ පක්ෂග්‍රාහී භාවය මොනවට පැහැදිලි වේ. 

    ගීතාගේ නඩුවේ තීන්දු කවුරුන් විසින් ලබා දුන්නද එය පසුපස සිටින්නේ කව්දැයි හෙළිවන අපූරු සංවාදයක් පසුගිය නඩුවාරයේදී කැමරාවක සටහන් විය. පසුගිය නඩු තීන්දුවෙන් පසු ඇය ඒ කළ උදව්වට ස්තූතිය පළ කර සිටියේ අන් කිසිවෙකුට නොව මහින්ද රාජපක්ෂට ය. ඇය අධිකරණයෙන් එළියට එනවාත් සමග අසල සිටි මහින්ද රාජපක්ෂගේ ගෝලයෙකුට ලැබුණු මහින්දගේ දුරකථන ඇමැතුම ඔහු ගීතාට යොමු කළ අතර ගීතා “තෑන්ක් යූ සර්“ කියමින් ඔහුට ස්තූති කරනු පහත දැක්වෙන වීඩියෝවේ සඳහන් වේ. මෙය මේ නාඩගමේ තිරය පිටුපස පොතේගුරා ඉතා හොඳින් හෙළිවීමකි

    [rns_reactions]