Category: සුපිරි Politics

  • නන්දසේන ඉවතට, හේරත් බණ්ඩා ඇතුලට, හිතේ දුකට රංජිත් ඉල්ලා අස්වේ…

    කේ.එච්. නන්දසේන මහතා විසින් මෙතෙක් දරණ ලද උතුරු මැද පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස සහ පළාත් සභා කටයුතු අමාත්‍ය  ධූරයෙන් ඔහු ඉවත් කර තිබේ.

    එම විෂයන් භාර නව ඇමතිවරයා වශයෙන් එම්. හේරත් බණ්ඩා මහතා පත් කර ඇත.

    එමෙන්ම එස්.එම්. රංජිත් මහතා තමන් දැරු උතුරු මැද පළාතේ ප්‍රවාහන, ක්‍රීඩා, යෞවන කටයුතු, සමූපකාර, වෙළද, ආහාර සහ කර්මාන්ත සංවර්ධන ඇමති ධූරයෙන් ඉල්ලා අස් විය.

    ඔහු පවසන්නේ තමන් ඉල්ලා අස්වූයේ කේ.එච්. නන්දසේන මහතා සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පල කරමින් බවයි.

    තමන් ශ්‍රීලනිප මන්ත‍්‍රීවරයෙක් ලෙස ස්වාධීනව කටයුතු කරන බවද ඔහු කියා සිටී.

    [rns_reactions]

     

  • ගීතාගේ මන්ත්‍රී ධුරය අහෝසියි. ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා!

    ගීතා කුමාරසිංහගේ මන්ත්‍රි ධූරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කළ දැනුම්දීම අනුව ඉදිරි අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

    ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධුරය අහෝසි වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වෙත දැනුම් දී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

    [rns_reactions]

  • සජිත් හරීන් විජේදාස ඇතුළු 20ක් ස්වාධින වෙයි!

    එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (08)  පස්වරු 05ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙයි

    අද පැවැත්වෙන රැස්වීමේ දී නව නියෝජ්‍ය නායකවරුන් තිදෙනෙකු පත් කරනු ඇති බවට වාර්තා වන අතර එක් තනතුරක් අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ලබාදෙනු ඇති බවට ද මාධ්‍ය වාර්තා පල කර තිබුණා.

    කෙසේ වෙතත් සරත් ෆොන්සේකා අමාත්‍යවරයාට එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරක් ලබාදීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව විරෝධය පල කර ඇති බවටද වාර්තා වනවා.

    අපට වාර්තා වන පරිදි මෙසේ නියෝජ්‍ය නායකකමක් සරත් ෆොන්සේකා මහතාට ලබා දුනහොත් අමාත්‍ය  සජිත් ප්‍රේමදාස මහතා, අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු 20 දෙනකු එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණය කර තිබේ.  ඔවුන් ඒකාබද්ධ විපක්ෂයට එක්වීම සඳහා කිසිදු අරමුණක් නැති බවද එම  කණ්ඩායමේ සාමාජිකයෙක් ප්‍රකාශ කොට තිබේ.

    මීට පෙර අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාද ෆොන්සේකා මහතාට තනතුරක් ලබා දුනහොත් තමාද තීරණයක් ගන්නා බව ප්‍රකාශ කර තිබුනා.

    මේ අනුව අද සවස රැස්වීමෙන් පසුව තනතුරු වෙනසක් සිදුවුවහොත් එජාපය දෙකඩවීමේ අවධානමක් මතුව තිබේ…

    [rns_reactions]

  • ජනාපතිට අපහාසකළ අන්තරේ සටහනක් වෛද්‍ය නිලධාරීන්ගේ ෆේස්බුක් පිටුවෙන් ඉවත් කරලා….

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ( GMOA) නිළ ෆේස්බුක් පිටුව  ජනාධිපතිවරයාගේ ගරුත්වයට හානි වන ලෙස පළ කර තිබූ  වීඩියෝවක් සහ සටහනක් පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිය  විරෝධය පළ කර තිබුණා.

    නියෝජ්‍ය අමාත්‍යවරයාගේ විරෝධයත් සමග එම  සංගමයේ  ෆේස්බුක් පිටුවෙන් එය මේවන විට ඉවත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

    ඉවත් කරන ලද එම සටහන සහ පසුව ඉවත් කර තිබූ අයුරු පහතින් දැක්වෙනවා.

    [rns_reactions]

  • ද්විත්ව පුරවැසිභාවය සහ රාජපක්ෂ දේශපාලණය – ඔබ නොදත් කතාව මෙන්න…

    ශ්‍රී ලංකාවේ දේශපාලනයේ නියුතු පුද්ගලයින් රැසකට ද්විත්ව පුරවැසිභාවය තිබෙන බව පසුගිය සතිය පුරාවටම කතාබහට ලක්වූ කරුණකි. එයට හේතුව ගීතා කුමාරසිංහ මහත්මිය ද්විත්ව පුරවැසිභාවය සහිත අයෙකු නිසා ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය දැරීමට නුසුදුසු බව අභියාචනාධිකරණය විසින් තීරණය කිරීම නිසාය.

    දැනට ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින ද්විත්ව පුරවැසිභාවය සහිත දේශපාලකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් කවුද?

    ශ්‍රී ලංකාවේ වැඩිම දැනට වැඩිම ද්විත්ව පුරවැසියන් සිටින පවුල වනුයේ රාජපක්ෂ පවුලයි.

    රාජපක්ෂ පවුලේ සහෝදරයින් තුන් දෙනෙකුට සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් රැසකට ද්විතව පුරවැසිභාවය හිමිය. ඒ අතරින් බැසිල් රාජපක්ෂ මහතා එම මහත්මිය සහ දරුවන් යන සියලූම දෙනාට ඇමරිකාවේ ද්විතව පුරවැසිභාවය හිමි අතර එරට ඔවුන්ට විශාල වත්කම් ප්‍රමාණයක්ද හිමිය.

    ගෝඨාභය රාජපක්ෂ මහතා, එම මැතිණිය සහ දරුවන්ද ඇමරිකාවේ ද්විත්ව පුරවැසියන් වන අතර පසුගිය සමයේ ඔවුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ බලකායේ නිලධාරීන් ඇමරිකාවේ සේවයේ යොදවා තිබූ බව අනාවරණය වී තිබේ. ඔවුන්ටද ඇමරිකා එක්සත් ජනපදයේ වත්කම් රැසක් හිමිය.

    මහින්ද රාජපක්ෂ මහතාගේ බාලම සහෝදරයා වන ඩඩ්ලි රාජපක්ෂද ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය හිමි පුද්ගලයෙකි. ඔහුගේද පවුලේ සියලූම දෙනාට ද්විත්ව පුරවැසිභාවය හිමිය.

    රාජපක්ෂ පවුලේ දේශපාලනයට සම්බන්ධ හා සම්බන්ධ නැති තවත් බොහෝ දෙනෙකු අවස්ථා කිහිපයකදී විවිධ රටවල ද්විත්ව පුරවැසිභාවය ඉල්ලුම් කර තිබෙන බවටද අනාවරණය වී තිබේ.

    රාජපක්ෂ පවුලට පසුව වැඩිම ද්විත්ව පුරවැසියන් සංඛ්‍යාවක් සිටින්නේ උදය ගම්මන්පිල මහතාගේ පවුලේය. ඔහුගේ පවුලේ මව, පියා සහ සහෝදරිය ඇමරිකාවේ ද්විත්ව පුරවැසියන් වන අතර ගම්මන්පිලගේ බිරිඳට සහ දරුවාට ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හිමිය.

    විදේශික කාන්තාවක් සමඟ විවාහ වීම නිසා අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාටද ස්විස්ටර්ලන්තයේ පුරවැසිභාවය හිමිවී තිබේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල රට වෙනුවෙන් කල අනුපමේය මෙහෙවර සළකා විදේශ රටවල් ගණනාවකින් ඒ රටවල ආයතන සමඟ එක්ව එම රටවල පුරවැසිභාවය ලබාගෙන ඉහළ වැටුපකට සේවය කරන ලෙස ඉල්ලීම් පැමිණියද මහින්ද සමරසිංහ අමාත්‍යවරයා එම ඉල්ලීම් බැහැරකරමින් ශ්‍රී ලංකාවේ දේශපාලනයේ යෙදෙන අතර ඔහු රටට අන්තර්ජාතික වශයෙන් අත්කර දි ඇති සේවය ඉමහත්ය.

    බටහිර රටවල් බිල්ලන් ලෙස මවා පාමින් රට ජාතිය සුරකින බවට කටුනායක කොන්ක්‍රීට් ඉඹින රාජපක්ෂලා සහ ඔවුන්ගේ සට්ටැඹිරාළලා වන ගම්මන්පිලලාගේ පවුල් පිටින් ජීවත්වනුයේ විදේශ රටවලය. එසේම රටේ නායකත්වයට එන්නට වළි කන ගෝඨාභය රාජපක්ෂට කිසි දිනක මෙරට මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකි ලෙස ඇමරිකානු පුරවැසියෙක්ය.

    ගෝඨාභයලා බැසිල්ලා පුරවැසිභාවය ලබාගන්නේ ලොව කොතන සිටියද දෙවියන් වහන්සේගේ නාමයෙන් එක්සත් ජනපදය සුරකින බවට බයිබලය මත අත තබා දිවුරා බව බොහෝ දෙනෙකු නොදනී.

    මෙරට දේශපාලනයට මෙවන් චරිත අවැසිද යන්න රටේ ජනතාව බුද්ධිමත්ව සිතා බැලියයුතු වැදගත් කරුණකි.

    [rns_reactions]

  • මැතිවරණ ඉතිහාසය කුණු කූඩෙට යවමින්, ප්‍රංශ සටනින් මැක්‍රොන් ජය ගනියි..!

    මධ්‍යස්ථ මතධාරී අපේක්ෂක එම්මානුවෙල් මැක්‍රොන් ප්‍රංශ ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයෙන් වාර්තාකර තිබේ.ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵල අනුව එම්මානුවෙල් ලබා ඇති ඡන්ද ප්‍රතිශතය 66.06%කි.

    ඔහුගේ ප්‍රතිවාදිනිය ලෙස තරග කළ අන්ත දක්ෂිණාංශික අපේක්ෂිකා මරීන් ලි – පෙන් ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 33.94%කි.

    මේ අනුව 39 හැවිරිදි එම්මානුවෙල් මැක්‍රොන් එරට ලාබාලතම ජනාධිපතිවරයා ලෙස ජනපති පුටුවට හිමිකම් කියනු ඇති.

    තව ද 1958 වසරේ ජනරජය බිහිවීමෙන් පසු බලයට පත් වූ ප්‍රධාන පක්ෂ දෙකෙන් පරිභාහිර අපේක්ෂකයෙකු ජනාධිපති ධුරයට පත්වන පළමු අවස්ථාව ද මෙය වේ.

    ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු මැක්‍රෝ පැවසුවේ, මෙම ජයග්‍රණයෙන් ප්‍රංශ ඉතිහාසයේ නව පිටුවක ආරම්භය සනිටුහන් කෙරුණු බවයි.

    ජනාධිපතිවරණයේ දෙවන වටයේ ඡන්ද වීමසීම පැවැත්වුණේ, දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ය.

    විදෙස් වාර්තා සඳහන් කරන්නේ, ජයග්‍රහණය සැමරීම සඳහා මැක්‍රෝන් ආධාරකරුවන් දහස් ගණනක් පැරිස් නුවරට එක්රැස් ව සිටින බවයි.

    මේ අතර සිය ආධාරකරුවන් අමතමින් අන්ත දක්ෂිණාංශික ජාතික පෙරමුණේ නායිකා මරීන් ල-පෙන් තමා වෙත ඡන්දය ප්‍රකාශ කළ එක්කෝටි දස ලක්ෂයක් ප්‍රංශ ජනතාවට ස්තුති පළ කළා ය.

    [rns_reactions]

  • ශ්‍රී ලනිප ප්‍රබලයෝ පිරිසක් හදිසියේම සන්ධාන ලේකම්ගේ ගෙදරටම ගියේ ඇයි?

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමත්්, ඇමැති මණ්ඩල සංශෝධනය තවත් ප්‍රමාද නොකර සිදු කිරීමත් කළයුතු බව ශ්‍රී ලනි පක්ෂයේ ඇමැතිවරු පිරිසක් පක්ෂයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර සමඟ ඔහුගේ කොළඹ නිවෙසේ පෙරේදා (6දා) පැවැති සාකච්ඡාවකදී අවධාරණය කර ඇත.

    දැනට පවතින තත්ත්වය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තව තවත් කඩා වැටෙන බව කරුණු සහිතව පෙන්වා දී ඇති එම ඇමැති කණ්ඩායම ඡන්ද දායකයන් අතරට යා නොහැකි වටපිටාවක් නිර්මාණය වෙමින් පවතින බවද සඳහන් කර තිබේ.
    කැබිනට් ප්‍රකාශක වශයෙන් දැනට කටයුතු කරන රාජිත සේනාරත්න ඇමැතිවරයා එම තනතුරෙන් ඉවත් කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයකු ලෙස අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරයා ඒ සඳහා පත්කළ යුතු බවට යෝජනා කර ඇති බවත් ඒ පිළිබඳව ජනාධිපතිවරයා හමුවී කරුණු දක්වන බවත් එහිදී සඳහන් වී තිබේ.
    පැවැති සාකච්ඡාවේදී සඳහන් වූ කරුණු මහින්ද අමරවීර ඇමැතිවරයාගේද පිළිගැනීමට ලක්වූ බවද දැනගන්නට ඇත.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැති කණ්ඩායම අද (8දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ මේ පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් කර සියලු කරුණු ඉදිරිපත් කර ඉදිරි දින කිහිපය තුළ ඇමැති මණ්ඩල සංශෝධනය සිදු කරන ලෙස ඉල්ලා සිටීමට තීරණය කර ඇති බවද දැනගන්නට ඇත.
    ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න, නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර, චන්දිම වීරක්කොඩි, ඩිලාන් පෙරේරා සහ ලසන්ත අලගියවන්න යන ඇමැතිවරු මහින්ද අමරවීර ඇමැතිවරයාගේ කොළඹ නිවෙසේදී මේ සාකච්ඡාව පවත්වා ඇති බව දැනගන්නට ඇත.

    [rns_reactions]

  • 5000 නෝට්ටුවක් අරන් බන්දුල උසාවි යයි!

    මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ අත්සනින් යුත්  මුදල් නෝට්ටු සඳහා වලංගු භාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් නීතිමය අර්ථකථනයක් ලබා දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා. 

    මන්ත‍්‍රීවරයා පෙන්වා දෙන්නේ වත්මන් මහබැංකු අධිපතිවරයාට ශ‍්‍රී ලාංකීක පුරවැසි භාවයක් නොමැති වීම හේතුවෙන් මෙම ගැටළුව මතුවන බවයි. 

    ගීතා කුමාරසිංහ මන්ත‍්‍රීවරියට ලබා දුන් අධිකරණ තීන්දුවත් සමග මෙම ගැටළුව තවත් උග‍්‍ර වූ බවයි ඔහු සඳහන් කළේ. 

    මේ වනවිට සංසරණයේ පවතින රුපියල් පන්දහසේ සහ රුපියල් සියයයේ මුදල් නෝට්ටුවලට මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්සන් තබා තිබෙනවා. 

    එම නිසා ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු විමසීමක් සිදු කරන බවයි මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේ. 

    [rns_reactions]
  • එකාබද්ධයේ රොෂාන්ට උපන් ගමෙනුත් ගල්මුල්…..

    එක්සත් ජනතා නිදහස් සන්ධාන පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝෂාන් රණසිංහ මහතා සමඟ ගමන් ගත් ආරක්ෂක ඩිපෙන්ඩර් රථයට වැලිකන්ද ප්‍රදේශයේදී රාත්‍රි 8.30 පමණ ප්‍රහාරයන් එල්ල වී ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

    මන්ත්‍රීවරයා වැලිකන්ද ප්‍රද්ශයේ අවමගුල් උත්සවයකට ගොස් අපසු නිවස බලා යමින් සිටියදී බොක්කුවක් අසළ සැඟව සිටි පිරිසක් රථයට ගල්මුල් වලින් පහර දී ඇති බවට ඔවුන් පොලිසියට පැමිණිලි කර තිබේ.

    [rns_reactions]

  • මහින්ද සමයේ ජාත්‍යන්තර සමුළුවලට විමල් පුතාවත් එක්ක ගිහින්! – ඇත්ත එලියට…

    පසුගිය රජය සමයේ පැවති අන්තර් ජාතික සමුළුවන් සඳහා විමල් වීරවංශ මහතා තම පුතනුවන්වද රජයේ ධූතයෙකු ලෙස සහභාගී කරවා ගෙන ඇති බව විදෙස් කටයුතු ඇමති මංගල සමරවීර  පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    තමන් සිය පුතුව මෙම සංචාරය සඳහා කැටුව ගියේ මහින්ද තමන්ට ලබාදුන් මුදල් වලින් බව එයට පිළිතුරු දෙමින් විමල් වීරවංශ මහතා පවසා සිටි අතර මහින්දට එම මුදල් ලැබුනේ කොහෙන්දැයි විමසු විට විමල් නිරුත්තර විය..

    [rns_reactions]

  • බොරු පතුරන අන්තරේ මන්දමානසිකත්වය යලිත් කරලියට… රන්ජන් නීති ක්‍රියාමාර්ග ගැනීමට පෙරට…

    නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක තමනට අපහාස කරන අන්දමින් අන්තරේ ලහිරුලා විසින් පවත්වාගෙන යන ව්‍යාජ මුහුණු පොතකට  එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට  පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට පැමිණිලි ඉදිරිපත් කර තිබෙන අතර තමන්ගේ මෙන් ට්විටර් ගිණුමක් සකස් කර ව්‍යාජ ට්විටර් පණිවිඩයක් සමාජ ගත කල බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

    මාලබේ නැමැති FB පිටුවට එරෙහිව මෙලෙස නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පැමිණිලි කර ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගෙන් තමන් සමාව ඉල්ලන බව සඳහන් අසත්‍ය ට්විටර් පණිවිඩයක් සකසා ප්‍රචාරය කර ඇති බව පවසමින්.

    සකසන ලද ව්‍යාජ ට්විටර් පණිවිඩය සහ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක  ඒ සම්බන්ධයෙන් තබා ඇති ෆේස්බුක් සටහන පහතින් දැක්වෙනවා.

    [rns_reactions]

  • රංගේ ගිය පාරේ දියණියගේ සැමියාත් – ඇත්ත කියපු මාධ්‍යවේදින්ට මරණ තර්ජන…

    ජාතික තරුණ සේවා සභාපතිවරයා විසින් මෙරට ප්‍රධානතම පුවත් වෙබ්අඩවියක් වන Gossip99 වෙබ්අඩවියේ කතුවරයා මරා දමන බවට තර්ජනය කර ඇතැයි වාර්තා වේ.

    ඒ, පසුගිය දා පැවති මැයි රැළියක් අතරතුරේ දීයි.

    ඊට හේතු වී ඇත්තේ 2015 නොවැම්බර් 29 දින එම වෙබ්අඩවියෙන් හෙළිදරව් කළ 2015 වර්ෂය සඳහා යොවුන් පාර්ලිමේන්තුවට නියෝජිතයින් තෝරා ගැනීමේ මැතිවරණයේදී සිදු වූ අක්‍රමිකතාවකි.

    කෙසේ නමුත් අදාළ කමිටුවේ වාර්තාව මාධ්‍ය වෙත නිකුත් නොවූ අතර එම කමිටුවට සිදුවුයේ කුමක්දැයි තවමත් සභාපතිවරයා විසින් හෙළිදරව් කර නොමැති පසුබිමක සභාපතිවරයා විසින්  Gossip99 වෙබ්අඩවියේ කතුවරයාට අදාළ පුවත පිළිබඳව සඳහන් කරමින් මරණ තර්ජනය කිරීම තරමක කුතුහලය දනවන්නකි.

    මාධ්‍ය නිදහස සුරකින බවට ප්‍රතිඥා දුන් යහපාලන ආණ්ඩුවේ තරුණ සේවා සභාවේ සභාපතිවරයා විසින් මාධ්‍යවේදීන්ට කරන මෙම අඩන්තේට්ටම් අපි පිළිකුලෙන් යුතුව හෙලාදකින්නෙමු.

    සභාපතිවරයා පිළිබඳව Gossip99 හෙළිදරව්වේ සම්පුර්ණ වාර්තාව පහතින්,

    • මොහු බැසිලගේ අධෝ මුඛය ලෙව කෑ කොළු ගැයටලු
    • සිරිකොත කොතනද තියෙන්න කොතනද අයියෙ
    • ජාතික තරැණ සේවා සභාවේ විගණන නිළදාරීනි
    • විශයභාර ඇමතිතුමනි වහා හෙලිකරනු
    • එ ජා ප යේ කැරැල්ලක් ලගදීම

    උප්පැන්න සහතිකයේ ඇති නමේ සිට බොරුව ගෙන යන යහපාලනයට සම්බන්ද වූ මරාවාදී බැසිල්ගේ හෙංචයියන් අගමැතිවරයාද නොමග යවමින් පසුගිය දශකයේ රග දැක්වූ නාටකය නැවතත් රගංනට පටන්ගෙන ඇත. ඒ ජාතික තරැණ සේවාවේ වර්ථමාන සභාපති වරයාය.

    ගොසිප්99 අප 2015 නොවැම්බර් 29 දින යම් හෙලිදරවුවක් කරනනට වින. ඒ යහපාලන ආණ්ඩුව විසින් 2015 වර්ෂය සඳහා යොවුන් පාර්ලිමේන්තුවට නියෝජිතයින් තෝරා ගැනීමේ මැතිවරණයේදී සිදු වූ අක්‍රමික තාවයක් හේතුවෙනි. පසුගිය දින පැවති මැයි රැලියක් අතරතුරදී ඒ පුවත පිළිබදව පවසමින් ගොසිප්99 කතුවරයාට ජනපතිවරයා සහ අගමැතිවරයා මාධ්‍යට පූර්ණ නිදහසක් ලබදී අැති බවට මැයි දිනය දා වේදිකාවල සිට පවසන අතතුරම වෙරි මතින් සිටි පිරිසක් සමග මෙම මරා වාදී සභාපතිවරයා  මරන තර්ජනය කොට අැත.

    ඒ් ”උඹ මාව පර්සනලි දන්නවද? යූත් පාර්ලිමන් ඒකේ ඒව එළියට දාන්න උබ කවුද? උබ දන් නෑ මම කවුද කියල , මැරැම් නොකා හිටපන් යනුවෙන් පවසා” ඇත. ( අප මේ ගොබිලාගේ අතීතය , වර්ථමානය පිළිබදව පහලින් සදහන් කරන්නෙමු)

    මොකද් මේ යූත් පාර්ලිමන් හුටපටේ

    මේම පාහර සභාපති වරයාට අමතක වී ඇති මරවාදී හෙංචයියෙකු ව්‍යාජ ග්‍රාමසේවක සහතික සකසමික් යොවුන්  පාර්ලිමේන්තුව තුලට  තල්ලු කිරීමට ගත් උත්සාය මෙලෙස දිගහැර දක්වන්නෙමු.

    2015 වර්ෂය සඳහා යොවුන් පාර්ලිමේන්තුවට නියෝජිතයින් තෝරා ගැනීමේ මැතිවරණය 2015 නොවැම්බර් 07 වන දින මධ්‍යස්ථාන 334 දී පැවැත්වූ අතර මේ සඳහා දිවයින පුරා අපේක්ෂකයින්  657 ක්  ඉදිරිපත් වී තිබුණි.

    මෙම මාතෘකාවට හේතු පාදක වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් තරඟ වැදුණු මෙම මරාවාදියාගේ හෙංචයියකු වන එක් අපේක්ෂයෙකු ය.. යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂයෙකුට තිබිය යුතු සුදුසුකම් පිළිබඳව ජාතික තරුණ සේවා සභාව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයේ 1.3 වගන්තිය යටතේ එම අපේක්ෂකයා තමා නියෝජනය කරන මැතිවරණ කොට්ඨාසයේ ස්ථිර පදිංචිකරුවෙකු විය යුතුය.

    නමුත් ඔහු යොවුන් පාර්ලිමේනතු මැතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ රක්වාන මැතිවරණ කොට්ඨාසයෙනි.ඒ සඳහා මොහු රත්නපුර ඕපනායක 244ඊ මල්මීකන්ද වසමේ ග්‍රාම නිළධාරීවරයා හරහා තාවකාලික පදිංචිකරුවෙකු ලෙස ග්‍රාම සේවා සහතිකයක් ඉදිරිපත් කර ඇත.  (එම ව්‍යජ ග්‍රාමසේවා සහතිකය පහතින් ඉදිරිපත් කර ඇත)

    මේ පිළිබදව මෙම සභාපති වරයාට  පැවසීමෙන් තට්ටුවකට මායිම් නොකරන වට පිටාවක් තුල ගොසිප්99 අප වෙත කන වැටීමෙන් අනතුරැව රටට හෙලිකිරීමෙන් අපහසු තාවට පත්වූ මෙම සභාපතිවරයා හෙංචයියන් යොදවා අප වෙත විවිධ යෝජනාද ගෙන එන ලැබූ අතර ඒවාට නොනැමුන අපි අසාධාරණයට පත්වූ අපේක්ෂකයාට සාධාරනය ඉටුවන තුරැ හඩ නගන්නට විය.

    කවුද මේ සභාපති?

    මොහුගේ අතීතය අමතක වී ඇති මේ පාහර ගොබිලා යහපාලනය මුවාවෙන්  මරා වාදී රංගනය නැවත රගන්නට පටන්ගෙන ඇත. පසුගිය වකවානුව තුල බැසිල් රාජපක්ෂගේ අධෝ මුඛය ලෙව කමින් ”විද්වත් එකමුතුව” යනුවෙන් හැදින්වූ වැඩ සටහනේ බැසිල් රාජපක්ෂ ගේ බිරිද සහ මේරි පෙරේරා සමග කතිකයකු ලෙස නීති සිසුවකුවූ අවදියේදී සහභාගී වී ඇත. මොහු ඒ හා සම්බන්ධවන්නේ බැසිල් රාජපක්ෂගේ ලේඛම් වරයකු වන කිත්සිරි ගංගනාතගේ නියොගයෙනි.

    පසුව 2015 ජනාධිපතිවරනයේදී පිටකෝටිටේ හන්දියට පැමිණ ”සිරිකොත කොතනද තියෙන්න කොතනද අයියෙ”    යනුවෙන් අසා සිරිකොතට  පැමිණි අයෙකි ( හාස්‍යට කරැන වන්නේ සිරිකොතෙහි සේවකයකුගෙන්ම එය අසා තිබීමයි)  පසුව රබර් සෙරෙප්පු දෙකක දමාගෙන ආ මේ වර්ථමාන කෝටිපතියා එ ජා ප සමාජ ජාලා ක්‍රියාකාරීන්ගේ හමුවක පසුපස පේලියේ කොනකට වී සිට ඇති බවටද  සිරිකොත ආරංචිමාර්ග සදහන් කරයි.

    මොකද්ද මොහුට තිබෙන දේශපාල තනතුර? මොහු දේශපාලකයෙක් ද?

    2015 මැතිවරණය පිළිබදව බිය වූ  බැසිල් රාජපක්ෂ ඇතුලු මරාවාදී කල්ලියේ   රනිල් වික්‍රමසිංහ මහතාගේ කීර්තිනාමයට හානිකිරිමේ  කොන්තරාත්තුව භාර වූ මොහු  කෙමෙන් කෙමෙන් එ ජා ප ඉහල පෙල සමග සුහදත්ව ගොඩනගා ගනිමින් පක්ෂ නායකයාට දැල එලන්නට වූ බව සිරිකොත නාරටි හෙලි කරයි.

    පසුව තනතුරක් ඉල්ලා හඩා වැටුන  මොහුට එ ජා ප ජාතික යොවුන් පෙරමුණෙහි නීති ලේඛම් යැයි පට්ටමක් අළුතින් සකසා දුන් අතර නමුත් යොවුන් පෙරමුණු ඉහල පෙල සදහන් කරන්නේ එම සංවිධානයේ ව්‍යයවස්ථාව තුල එවැනි තනතුරක් නොමැති බවයි.

    පසු කාලීනව තරැණ සේවා සභාවේ සභාපති පට්ටම හිමි මොහුට අවුරැදු දෙකක් වැනි කාලයක් තුලදී අගමැතිවරයාටද කොකා පෙන්වමින් විශාල දුශන රැසකට හිමිකම් කියනුනෙකු බවට පත්වී ඇති බව තරැණ කටයුතු අමාත්‍යශයේ නිලදාරයෙකුන් විමසීමේදී අනාවරනය විය. ( මෙම ලිපිය දැනමත් දිර්ග බැවින්   ඒ සියල්ල කොටස් වශයෙන් සාක්ෂි සහිතව ඉදිරියේදී බලා පොරොත්තු වන්න)

    පසුගිය දින මෙම සභාපතිවරයා අමාත්‍යංශයට කැදවා ”එ##ද මේ ඔයා කරන දේවල් වලින් ඇමති තුමටයි අපිටයි තමයි FCID යන්න වෙන්නෙ වහාම මේව නවත්වන්න” යනුවෙන්ද ප්‍රකාශ කොට ඇත

    රබර් සෙරෙප්පු දෙකක් සහිතව හොටු හූරමින් පැමිණි මෙම කොලු ගැටයා  වසර දෙකක් වැනි කාලයකදී   විජේරාම ප්‍රදේශයේ සුකෝපභෝගී නිවසක් සහ සූකොප භෝගී රථ කිහිපයක් භාවිතා කරන බවට අප විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි. තවද සමාජා ජාලා තුල තමන්ගේ ප්‍රතිරෑපය තනා දෙන්නට දහස්ගනනින් මාස්පතා වේතනයක් ලෙස ලබා දෙන බවට විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.

    තමන් රාජ්‍ය නිළදාරිකු නොදත් මේ ගෙබිබයා දේශපාලකයකු ලෙස රග දක්වමින් සිටී කැස්බෑවේ පිහිටි තම නිවස ඉදිරිපිට කොළ කොඩියක් පාරේ එසවීමට ඉඩ නොදුන් මේ ගොබිලා එ ජා පයෙන් මැතිවරනය ඉදිරිපවීමට කැස්බෑව ජනතාව ගොනාට අන්දමින් මාන බලයි. මෙරට රාජ්‍ය අංශයේ තවත් සභාපතිවරැන් සිටියදී දේශපාලකයකු ලෙස රගදක්වන්නේ මොහු පමනක් බවත් මොහුට එතරම් බලයක් අවේ කෙසේදැයි යහපාලනයට උරදුන් ප්‍රභලයෝ ප්‍රශ්නකරයි

    මාරාවාදී කණ්ඩායමෙන් දේශපාලනය පිළිබදව අවබෝධයක් නොගත් මැර කම පමණක් උගත් මොහු මරාවාදීන්ගේ මර උගුල්ක් වන  අගමැතිවරයාගේ කීර්තිනාමය විනාශකරමින් පක්ශය තුල අභ්‍යන්ත කැරැල්ලක් ගැසීමට මාරා වාදී කොන්තරක් කරැවා මොහු බවටත් අගමැති වරයාට දැනටමත් මොහු දැල එළා අවසන් බවත් අගමැති වරයා ඉදිරියේ උපාසක බලලෙකු මෙන් හැසිරෙන මොහු පිළිබදව අගමැතිවරයා කිසිදු ලෙස මොහු මෙවැනි පුද්ගලයෙකු යැයි නොසිතනු ඇති බවද අගමැතිට වසරගනනක සිට සිටින සමීපතමයෝ අප සමග ප්‍රකාශ කලහ.

    ජනපති තුමනි අගමැතිතුමනි විශය භාර ඇමකි තුමනි  විගණන නිලධාරීනි ජනතා බදු මුදලින් මිලියන 450 තරැණ කටයුතු සදහා අය වැය තුලින් වෙන් වූ වකවානුවක් තුල සංදර්ශ පෙන්වු යැයි ඒ සංතොශයට පමණක් සීමා නොවී තරැණ සේවා සභාවතුල සිදුවන්නාවු සියළු මුලළු වාර්ථා මාධ්‍යට විවෘත කල යුතුය

    යහපාලනයේ මුවාවෙන් මාරාවාදී කොන්ත්‍රාත්තු  කරන යහපාලනය විනාශකිරීමට පැමිණි මෙම සට කපට නිලදාරියා පිළිබදව වහා පියවර ගතයුතුව ඇත. නැත හොත් එ ජා  ප තුල මොහුට විරැද්ධව ගොඩ නැගෙන කැරැල්ල වැඩි ඈතක නොවන බව කිව යුතුය.

    [rns_reactions]

  • කටමැත දෙඩු ගිතා අද දෙලොවක තනිවෙලා – විවාහයද බලයද – තිරණය ලගදීම…

    තමනට තිබූ ස්විස්ටරලන්ත පුරවැසි භාවය ඉවත් කර ගැනීමට සිදුවුවහොත් තම විවාහය දෙදරුම් කා හැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ගීතා කුමාසිංහ පවසයි.

    මේ සම්බන්ධයෙන් පවරා ඇති නඩුව නිසා තමන් එරට පුරවැසිකම අහෝසි කර ගැනීමත් සමග එරට කෝටි ගණනක දේපලක්ද අහිමි වන බව පවසන ඇය තම සැමියාද මේ ගැන දැඩිව උරණ වී සිටින බවද කියයි.

    තමන් විවාහ වී වසර 37ක් වන බවත් මෙම ද්විත්ව පුරවැසි ප‍්‍රශ්නය මත එම විවාහයේ බැම්මද කැඞී ගිය බවද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

    [rns_reactions]

  • පොරොන්දු ඉටුකරමින් දුප්පත්කම නැතිකිරිමේ සටන උදෙසා ජනපති මෛත්‍රි වැඩ අරඹයි..

    පිටරටින් ගෙන්වන සියලූ ආහාර ද්‍රව්‍ය සහ අනෙකුත් භාණ්ඩ පිළිබද විධිමත් සමීක්ෂණයක් සිදු කොට රටට ගෙන්වීමට සුදුසු දේ පමණක් ගෙන්වීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන බව ජනාධිපතිතුමා පවසයි.ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ සමාරම්භක උත්සවයට අද (04) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී එක්වෙමිනි.දුගී දුප්පත් ජනතාව එයින් මුදා ගනිමින් ඇති හැකි පිරිසක් බවට පත්කිරීම සදහා ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ඇරඹේ.

    2017 වසරේ රට දුගී භාවයෙන් නිදහස් කර ගැනීමේ වැඩපිළිවෙළේ ප‍්‍රධාන ව්‍යාපෘතිය ලෙස මෙය ආරම්භ කෙරෙන අතර, ඒ අනුව වර්ෂ 2020 වන විට ගම් 15,000ක ජීවත්වන ජනතාවගේ මූලික අවශ්‍යතා සැපිරීමට කටයුතු කෙරේ.මෙම උත්සව සභාව ඇමතු ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ දේශීය කර්මාන්ත හා දේශිය ව්‍යවසායකයින් නැංවීම සහ රටේ ජනතාව දුගී භාවයෙන් නිදහස් කර ගැනීම සදහා පුළුල් ජාතික වැඩසටහනක අවශ්‍යතාවය සපුරාලමින් ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ආරම්භ කෙරෙන බවයි.

    ගම් මටිටමේ සිටින සියලූ ක්ෂේත‍්‍ර නිලධාරින් මෙම වැඩසටහන සමග ඒකරාශී විය යුතු බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ලබන මාසයේ සිට සෑම දිස්ති‍්‍රක්කයකම සංචාරය කරමින් ප‍්‍රාදේශීය දේශපාලන නායකයත්වයන් සහ රාජ්‍ය නිලධාරින් සමග එක්ව මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට තමා අපේක්ෂා කරන බව ද කියා සිටියේය.ඇති හැකි පිරිසගේ වත්පොහොසත්කම් නැති බැරි පිරිස් අතරද බෙදී යා යුතු බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා සදහන් කළේ, රට පාලනය කළ යුත්තේ පොහොසතුන් නොව මධ්‍යම පාන්තිකයින් බව තම විශ්වාසය බවයි.

    නැති බැරි සියලූ ජනතාව ඇති හැකි අය බවට පත්කිරීමට ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය තුළින් හැකියාව ලැබෙනු ඇති බවට ද මෙහිදී විශ්වාසය පළ කළ ජනාධිපතිතුමා එය සාර්ථක කර ගැනීමේ ජාතික වගකීම ඉටු කිරීමට පක්ෂ, පාට භේදයකින් තොරව සියලූ දෙනා ඒකරාශි විය යුතු බව ද අවධාරණය කළේය.සමෘද්ධිමත් ආර්ථික මිනිසෙකු මෙන්ම, වගකීම් උසුලන, අයිතිවාසිකම් හදුනන සමාජයීය මිනිසෙකු බිහි කිරීම ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ අරමුණයි.

    වසර 2020 වන විට ග‍්‍රාමශක්ති වැඩසටහන යටතේ ප‍්‍රජා පාලිත ග‍්‍රාමසේවා වසම් පන්දහසක් ඇති කිරීමට ද නියමිතය.ග‍්‍රාමසේවා වසමක ජනගහනය අනුව රු 8000 ක් සේ ගණන් බැලෙන ඒක පුද්ගල රාජ්‍ය ආයෝජනයක් ග‍්‍රාමීය සංවර්ධන අරමුදලක් ලෙස වසර 4ක කාලයක් සදහා ග‍්‍රාම සේවා වසම් සදහා ඝෘජුව ලබාදීම මේ යටතේ සිදු කෙරේ.

    ජීවන මාර්ග දියුණු කරගැනීම, සංවර්ධන තීන්දු තීරණ ප‍්‍රජාව විසින් ගැනීමේදී ප‍්‍රතිඵල පාදක කරගත් රාජ්‍ය මූල්‍ය ආයෝජන, ප‍්‍රජාවගේ ව්‍යවසායකත්වය වර්ධනය කිරීමේදී ප‍්‍රාග්ධන පහසුකම් ලබාදීම, ග‍්‍රාමීය ව්‍යවසායකත්වය වැඩි දියුණු කිරීමට පෞද්ගලික අංශයේ සකී‍්‍රය සහභාගිත්වය ලබා ගැනීම මෙමගින් ලැබෙන ප‍්‍රතිලාභයන්ය. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්වැල් බැද ගැනීම තුළ දිළිදුකම පිටුදැකීම සදහා සංවර්ධන හා පර්යේෂණ පහසුකම් ලබාදීම, නව තාක්ෂණය හා නවෝත්පාදනය පිළිබද අදහස් පදනම් කර ගනිමින් ග‍්‍රාමීය කෘෂිකාර්මික ව්‍යවසායකත්වය වැඩි දියුණු කිරීම මෙමගින් සිදු කෙරේ. සමස්තයක් වශයෙන් ජනතාවගේ මූලික අවශ්‍යතා හා ගොඩනැගෙන අවශ්‍යතා පිරිමැසීම සදහා ග‍්‍රාමනිලධාරි වසම් මට්ටමින් වැඩපිළිවෙළක් ගොඩනැගීම මේ හරහා සිදු වේ.

    පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ද, අමාත්‍යවරුන් වන සරත් අරමුණුගම, එස්.බී. දිසානායක, සජිත් පේ‍්‍රමදාස, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු යන මහත්වරුන් ද ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා සහ ජනාධිපති අතිරේක ලේකම් ජයන්ත විජේරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු, දිස්ති‍්‍රක් ලේකම්වරු, ප‍්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින් ද, ලෝක බැංකුවේ නියෝජිතයින් ඇතුළු දෙස් විදෙස් නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    [rns_reactions]

  • ඇමරිකාව අතහරින්න බෑ – මම ලංකාවට වඩා එහෙට කැමතියි – බැසිල් කියයි..

    ​තමන් සතු ඇමරිකානු පුරවැසිභාවය අතහැරීමට කිසිසේත්ම සුදානම් නොමැති  බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ බීබීසී සිංහල සේවය ෆේස්බුක් අඩවිය ඔස්සේ සජීවීව විකාශනය කළ සංවාදයකට එක්වෙමිනි.

    ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියගේ මන්ත්‍රීධුරය අහෝසිකරන ලෙස අභියාචනාධිකරණය නියෝගයක් ලබාදී තිබේ.

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපපක්ෂ යන දෙදෙනාම ඇමරිකාවේ හා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි අය වෙති.

    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට මගින් ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකුට මැතිවරණයකට තරග කිරීම වළක්වා තිබේ.

    ඇමරිකානු පුරවැසිභාවය අතහරින්නට සුදානම් දැයි බීබීසීය විමසූ විට බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා තමන් කිසිසේත්ම සුදානම් නැති බවය.

    [rns_reactions]

  • දයාසිරි, සජිත්ව ඇමතිවරු ඉදිරියේ කින්ඩි කරයි (Video)

    මැයි දිනයදා එජාපයේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස වේදිකාවේදී පක්ෂය වෙනුවෙන් සිදුකළ කථාවක් ශ්‍රීලනිපයේ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් උපහාසයට ගෙන අනෙක් අමාත්‍යවරුන් සමඟ සිදුකරන කථාවක වීඩියෝ පටයක් මාධ්‍යවෙත මුදා හැර තිබේ.

    සජිත් සහ දයාසිරි යන කලකට ඉහත අඹ යහලුවන් වූ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාව නායකත්වයෙන් නෙරපා සජිත් ප්‍රේමදාස පක්ෂයේ නායකත්වයට පත්කරගැනීමේ කුමන්ත්‍රණකාරී මෙහෙයුමේ දයාසිරිද ප්‍රධානියෙකු විය.

    [rns_reactions]