Category: සුපිරි Politics

  • මුදල් වංචා කළ නාමල් ඇතුළු 5කට වෙන්න යන දේ මෙන්න….

    රුපියල් මිලියන 30ක මුදලක් උපයාගත් ආකාරය හෙළිනොකිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ ඇතුළු 5 දෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් සිතාසි නිකුත්කර තිබේ.
    නීතිපතිවරයා ඉදිරියේ ගොණුකර තිබු නඩුවක් සළකා බලමින් මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා නාමල් රාජපක්ෂ  ලබන 6 වන දින මේ සම්බන්ධයෙන් මහාධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතු බවට අද නියෝග කර ඇත.
    එමෙන්ම මුදල් විසුද්ධිකරණ පනත යටතේ නාමල් රාජපක්ෂට මෙලෙස චෝදනා ඉදිරිපත් කර තිබේ.

    https://www.facebook.com/infosrilankanews/videos/722036147921330/

    [rns_reactions]

  • මහින්දට තවත් පරාජයක් – ගීතාගේ මන්ත්‍රීකම අහෝසියි – අධිකරණයෙන් තීන්දුවක්

    එක්සත් ජනතා නිදහස් සන්ධාන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහට මන්ත්‍රී ධුරයක් දැරීමට අයිතියක් නැති බව අභියාචනාධිකරණය අද(3) ප්‍රකාශයට පත් කර ඇති බව අපට වාර්තා වේ..
    අභියාචනාධිකරණ හිටපු සභාපති විනිසුරු විජිත් මලල්ගොඩගේ එකඟතාවය ඇතිව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසිනි.
    ගීතා කුමාරසිංහ ශ්‍රී ලංකාවේ සහ ස්විට්සර්ලන්තයේ ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකු බැවින් ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනු වූ පෙත්සමක් විභාගයට ලක් කිරීම හේතුවෙන් මෙම නියෝගය ඉදිරිපත්කර තිබේ.
    මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනු කරනු ලැබුවේ ගාල්ල දිස්ත්‍රීක්කයේ පදිංචි ඡන්දදායකයන් හතර දෙනෙකු විසින් 2015 වසරේ මාර්තු මාසයේදීය.
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි තැනැත්තෙකුට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූරයක් දැරිය නොහැකි බැවින් ගීතා කුමාරසිංහ මහත්මිය හට මන්ත්‍රීධූරයක් දැරිය නොහැකි බව ද එම පෙත්සමේ ප්‍රකාශකර තිබේ.
    මෙම පෙත්සම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගීතා  කුමාරසිංහ පාර්ශවයේ නීතීඥයින් පවසා සිටියේ මෙය පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කටයුත්තක් බැවින් මෙම පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවය.

    විත්තියේ මෙම විරෝධතාවය ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය විසින් මෙලෙස ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට හිමිකමක් නොමැති බවට තීන්දුව ලබාදෙන ලදී.

    https://www.facebook.com/infosrilankanews/videos/722036147921330/

    [rns_reactions]

  • ගෝල්ෆේස් පිටියේ අරක්කු බිපු අය කරන පිස්සු වැඩ මෙන්න……

    මහින්දගේ රැළියට පැමිණි බොහෝ දෙනෙක් රැලිය අතරතුර සහ යන අතරමග වෙරිමතින් හැසිරෙන විඩියෝ රැසක් අපට ලැබි ඇත.

    https://www.facebook.com/infosrilankanews/videos/722036147921330/

    [rns_reactions]

  • මදි නොකියන්න මතින් සපිිරි මහින්දගේ පෙලපාලියේ අමුතු විඩියෝවක් කරලියට..

    මහින්ද රාජපක්ෂ සංවිධානය කල මැයි රැලියේ පුද්ගලයින් රැසක් බිමතින් දගලන විඩියෝවක් අපට ලැබි ඇත. එවැනි දසුන් වලින් අපට පෙනියන්නේ ජනතාව එපා කියු මොවුන්ව නැවත බලයට ගෙන ඒමට මහ පාරවල් වල රගපාන්නේ මතට සහ මුදලට ලොල්වි සිටින මෙවැනි පුදුග්ලයන් බව නොවේද?

    https://www.facebook.com/LankaTrueNews.LTN/videos/1464737496912176/

    [rns_reactions]

  • පරාජිතයාගේ මැයි රැලියේ ‍දෙදෙනෙක් මියයාම අසුභ පෙරනිමිත්තක් බව ජොතිර්වේදින් කියයි..

    ශ්‍රී ලංකාවේ මැයි දින රැස්වීමකදී පුද්ගලයෙක් පමණක් නොව දෙදෙනෙකුම මිය ගිය ප්‍රථම අවස්ථාව වාර්තා කරමින් ගැලුමුවදොර පිට්ටනියේ පැවැති ඒකාබද්ධ හොරුන්ගේ මැයි දින රැළියට කුලියට ගෙන්වා සිටි අසරණ වියපත් පුද්ගලයෙක් සහ කාන්තාවක් අධික රස්නයෙන් සහ විජලනයෙන් මරණයට පත් ව තිබේ. මිය ගිය පුරුෂයා මහනුවරින් ගෙන්වා සිටි 80 වැනි වියේ පසුවූ වික්ටර් සිල්වා නමැති වියපත් අයෙක් සහ මිය ගිය කාන්තාව නිවිතිගලින් ගෙන්වා සිටි ඩබ්ලිව් ඉන්ද්‍රානි නමැති 60 වැනි වියේ පසුවූ වියපත් කාන්තාවකි. 

    ගෙන්වූ පිරිසට නිසි ලෙස ජලය සැපයීමක් සිදුකර නොතිබීමත්, කිසිදු ප්‍රථමාධාර කණ්ඩායමක් සේවය සඳහා යොදවා නොතිබීමත්, හොරුන්ගේ සුපිරි වාහන රාශියක් රැස්වීම් භූමියේ තිබුනද රෝගීන් දෙදෙනා හනික රෝහලකට ගෙන යෑමට අසමත් වීමත් හේතුවෙන් මෙම අවාසනාවන්ත මරණ දෙක සිදුව තිබේ.

    දෙදෙනාම රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් සිටි අතර විජලනය සහ අධික තාපය මරණ වලට හේතු වී ඇතැයිද හනික රෝහලට ගෙන ආවේ නම් ජීවිත බේරා ගත හැකිව තිබිනැයිද රෝහල් ප්‍රකාශකයෙක්  පැවසීය. 

    මේ අතර මෙම සිදුවිම මහින්ද රාජපක්ෂයන්ට ඇති අපල ස්වභාවය ඇස් පනාපිට ඔප්පු වු සිදුවිමක් බව ජෝ‍යතිෂ්‍යවේදින්ගේ මතවාදය වි ඇත. මහින්ද රාජපක්ෂයන්ට යලිත් කිසිදිනක බලය ලබාගත නොහැකි බවත් මේ දිනවල ඔහුගේ ඒරාෂ්ඨක අපල තත්වය උච්ච තත්වයට පැමිණ ඇති අතර ඔහුගේ ජිවිතයේ අසුභ කාලසමයක ආරම්භය ලෙස මෙම තත්වය අර්ථ දැක්විය හැක. පවුලේ සමිපතමයින් සිරගත විම ලෙඩ රෝග ආදි කරදර රැසකින් මහින්දට ඉදිරියේ පිඩාවිදිමට සිදුවනු ඇති බව ඔවුනගේ මතවාදය වි ඇත.

    [rns_reactions]

  • ඔයාගේ ප්‍රශ්ණෙට මම විසදුම් දෙනවා – මැයි දින වේදිකාවට එන අතරමග ජනපති කිවේ කාටද?

    ඔයාගේ ප්‍රශ්ණෙට මම විසදුම් දෙනවා යැයි පවසමින් ජනපති මෛත්‍රි මැයි දින වේදිකාවට පිවිසිම පිළිබදව මේ වනවිට දේශපාලණ ලෝකය තුල වඩාත් කතාබහට ලක්ව ඇත. කවුද මේ දේශපාලකයා? කුමක්ද ගැටළුව? අපට වාර්තා වන ආකාරයට නම් එම දේශපාලකයා අන් කිසිවෙක් නොව කොලොන්නාවේ සෝලංගආරච්චිය. ඔහුගේ ගැටලුව අන් කිසිවක් නොව මිතොටමුල්ල කසල ගැටලුවය.. 

    දිගින් දිගටම එම අගතියට පත් ජනතාව වෙනුවෙන් තම හඩ අවදිකළ සෝලංගගේ උත්සහය මේ වනවිට ඵලදරමින් සිටින බවට ජනපතිගේ ඉහත ප්‍රකාශය කදිම සාධකයක් බව දේශපාලණ විශ්ලේෂකයන්ගේ මතවාදය වි ඇත.

    [rns_reactions]

  • මැයි රැලියේදී ජවිපෙට විජේවීර අමතක වෙලා…

    මෙරට දේශපාලන වේදීකා අතුරින් ආකර්ශනීයම වේදිකාව තැනෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. ජනතා විමුක්ති පෙරමුණ මෙවර තම මැයි දින රැලිය සඳහා ඉදිකර ඇති වේදිකාවේ, ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරයන්ගේ රුව දක්නට නොලැබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කතා බහක් නිර්මාණය වෙමින් තිබෙනවා.

    ඒ සම්බන්ධයෙන් නොයෙක් අදහස් ප්‍ර‍තිචාර ලෙස ලැබී ඇති අතර ඒ අතරේ පැරණි වේදිකාවන්හි විජේවීරයන්ගේ රුව තබා ඇති අයුරුද පැහැදිළිව දක්වා තිබෙනවා.

      

    [rns_reactions]

  • දෙපැත්තට කකුල තියන් ඉන්න ඇමතිලට රාජිතගෙන් ටොක්කක්….

    රජය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අගාධයට පත් නොවන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න පවසනවා.

    ප්‍රිමියර් ඉන්ටර්නැෂනල් සමාගමේ ව්‍යාපාරික සමුළුව කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පැවැති අවස්ථාවේදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව සඳහන් කළා. 

    මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ,

    “ආණ්ඩුව අගාධයට යන්නෙත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අගාධයට යන්නෙත් නැහැ. ඔන්න ඔය වගේ කට්ටිය අගාධයට යනවා. කකුල් දෙක දෙපැත්තෙ තියාගෙන මහින්ද රාජපක්ෂ ආවොත් එයා ගාවට යන්නයි… මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉන්නවා නම් එයාගාව ඉන්නයි. 

    රත්නපුරේට ගිහිල්ලා මහින්ද රාජපක්ෂ සමග මාස ගණනකින් යනවයි කියන… මෙහෙට ඇවිත් ඇමැතිකම් කරන… ඔන්න ඔය වගේ කට්ටියට නම් බොහෝම අමාරුයි.  රාජපක්ෂ පවුලේ ලණු කාපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර ඇමැතිවරුනුත් ගිනි අරගෙන තිඛෙනවා.

    ඇමැතිවරු වශයෙන් පිටකොන්දක් තිඛෙන්න ඕන කැබිනට් මණ්ඩලයේ කථා කරපු දේවල් හරි කියන්න. දැන් ජනාධිපතිතුමා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ගේනවා වගන්තියක්…. කැබිනට් එකේ වෙන සියළුම දේවල් මාධ්‍යට ලබාදෙන්න කියලා. ඒ නිසා මම ප්‍රකාශ කරන්නේ කැබිනට් ප්‍රකාශක විදිහට මේ සිදු වුන දේවල්. මම වගකීමෙන් තොරව කථා කරන්නේ නැහැ. ජනාධිපතිවරයාගෙත්, අගමැතිවරයාගෙත් අවබෝධය ඇතිවයි මම ප්‍රකාශ කරන්නේ.”

    [rns_reactions]

  • මහින්ද ශ්‍රීලනිපයෙන් නෙරපයි, ගෝල්ෆේස් ගියොත් බඩුම තමයි වෙන සෙට් එක මෙන්න!

    මධ්‍යම කාරක සභා තීන්දුව කඩකරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් ගෝල්ෆේස්‌ පිටියේ පැවැත්වෙන පොදුජන පෙරමුණේ මැයි දින රැලියට සහභාගි වුවහොත් පක්‌ෂ ව්‍යවස්‌ථාව මගින් පැවරී ඇති බලතල අනුව ඔවුන්ට එරෙහිව දැඩි තීන්දුවක්‌ ගන්නා බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මහා ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පැවැසීය.

    මෙම තීන්දුව ගැනීම සඳහා මැයි දිනය අවසන් වූ වහාම ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව රැස්‌කරන බව හෙතෙම පැවැසීය.තාවකාලිකව පක්‌ෂය තහනම් කර විනය පරීක්‌ෂණයක්‌ පවත්වා පක්‌ෂයේ විනය කඩ කරන ඕනෑම කෙනෙකු පක්‌ෂයෙන් නෙරපීමේ බලය මධ්‍යම කාරක සභාව සතු වන බව ද දිසානායක මහතා සිහිපත් කළේය.

    මහනුවර ගැටඹේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මැයි දින රැලියට සහභාගි වන ලෙස පක්‌ෂය නියෝජනය කරන සියලු දෙනාටම දැනුම් දී තිබියදී යම් මන්ත්‍රීවරයෙක්‌ හෝ ක්‍රියාකාරිකයෙක්‌ එම තීන්දුව කඩ කරන්නේ නම් ඔවුන් සම්බන්ධව පක්‌ෂයේ විනය නීති රීතිවලට අනුකූලව ක්‍රියා කළ යුතු බවට ශ්‍රී ලංකා මධ්‍යම කාරක සභාව තීන්දුවක්‌ ගෙන තිබෙන බව ද ඒ මහතා පැවැසීය.

    ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ සහ විධුර වික්‍රමනායක යන මන්ත්‍රීවරුන්ගේ තනතුරු සම්බන්ධවද එහිදී තීරණයක්‌ ගැනීමට නියමිතය.

    ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය සංවිධානය කරන මැයි රැලියට සහභාගි නොවී වෙනත් පක්‌ෂයක්‌ හෝ කණ්‌ඩායමක්‌ සංවිධානය කරන මැයි දින රැලියකට මහින්ද රාජපක්‌ෂ මහතා හෝ මන්ත්‍රීවරයෙක්‌ සහභාගි වන්නෙ නම් මෙවර ඒ කිසිවකුටත් සමාව නොලැබෙන බව හෙතෙම වැඩිදුරටත් කීය.

    [rns_reactions]
  • ගම්මන්පිලට විසඳුමක් දිය නොහැකි ඔහුගේ නෝනගේ කුණු වෙන් කිරීම. (video)

    ඊයේ(28) දිඅ පාර්ලිමේන්තුවේදී කොලොන්නාව කසල ප්‍රශ්නය පිළිබඳව සාකච්චාවට ලක් කළා.

    එහිදී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කල සිටියේ ඔහුගේ නෝනට ගෙදර  කසල වෙන් කරන එක ප්‍රශ්නයක් බවයි. නෝනා අසන ප්‍රශ්න වලට තමන්ට  විසදුම් නැති බවත් ඔහු පැවසිය..

    මේ කතාවේ ඇත්ත නැත්ත නම් දන්නේ ගම්මන්පිල සහ ඔහුගේ නෝනා පමණි.

    [rns_reactions]

  • රාජිත ඇමතිතුමාට මල්ටිබැරල් ප්‍රහාරයක්…(video)

    ඇමති රාජිත සේනාරත්න මහතාගේ  ප‍්‍රකාශයන් නිසා ආණ්ඩුව අගාධයට යන බව ඇමති ජොන් සෙනෙවිරත්න මහතා පවසයි.

    කොලඹ ශ‍්‍රිලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා මෙසේ කීය.

    ඇමති සරත් ෆොන්සේකා මහතා යොදවා වැඩ වර්ජන උද්ඝෝෂන මර්දනය කිරීම කිසිම අදහසක් ජනාධිපතිවරයා නොදරන බව තමන් සමග පැහැදිලිව කී බවත්, සාමාන්‍යයෙන් කැබිනට් ප‍්‍රකාශකයෙකු ප‍්‍රකාශ කල යුත්තේ රජයේ මතය මිස ඔහුගේ පුද්ගලික මතය නොවන බවද ඇමතිවරයා කීය.
    [rns_reactions]

  • ලෝක කම්කරු දිනයේ ලංකාවේ මැයි රැළි 16ක්….

    අන්තර්ජාතික කම්කරු දිනය නිමිත්තෙන් මැයි 01 වැනි දා කොළඹ සහ මහනුවර රැළි 16ක් පැවැත්වීමට නියමිත ය.

    මැයි දිනය තුළ නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් නිලධාරීන් 2600ක් අනුයුක්ත කර ඇති බවත් රැළි හැසිරවීම සඳහා රථවාහන පොලිස් නිලධාරීන් 1500ක් අනුයුක්ත කළ බවත් පොලිසිය පවසයි.

    මැයි දින රැළි පහත ස්ථානවලදී පැවැත්වීම නියමිත ය.

    එක්සත් ජාතික පක්ෂය (එජාප)

    කැම්බල් පිටිය

    ***********

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය(එජනිස)

    මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනය

    ************

    වෘත්තීය හා කාර්මික ප්‍රගතශීලි සේවක සංගමය

    ගාලු මුවදොර පිටිය

    **************

    ලංකා සමසමාජ පක්ෂය

    ගාලු මුවදොර පිටිය

    ***************

    ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ

    ගාලු මුවදොර පිටිය

    **************

    මහජන එක්සත් පෙරමුණ

    ගාලු මුවදොර පිටිය

    ****************

    ජාතික නිදහස් පක්ෂය

    ගාලු මුවදොර පිටිය

    *****************

    ජනතා විමුක්ති පෙරමුණ

    බීආර්සී ක්‍රීඩාංගනය

    *****************

    ලංකා බැංකු සේවක සංගමය

    ස්ටැන්ලි ජෑන්ස් පිටිය

    *****************

    ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය

    ස්ටැන්ලි ජෑන්ස් පිටිය

    *****************

    නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමය

    ස්ටැන්ලි ජෑන්ස් පිටිය

    ****************

    එක්සත් කම්කරු සම්මේලනය

    ස්ටැන්ලි ජෑන්ස් පිටිය

    ****************

    එක්සත් සමාජවාදී පක්ෂය

    ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හන්දිය

    ****************

    ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය

    විහාරමහා දේවී එළිමහන් රංග පීඨය

    ******************

    ග්‍රාම නිලධාරී සංගමය

    මහජන පුස්තකාල ශ්‍රවණාගාරය

    ******************

    සමාජවාදී සමානතා පක්ෂය

    නව පුරහල

    *****************

    ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය

    ශාන්ත මයිකල් දේවස්ථානය, පොල්වත්ත

    ****************

    ජාතික හෙළ උරුමය

    බොධිරාජ මාවත පදික වෙළෙඳ මධ්‍යස්ථානය

    ******************

    නව සමසමාජ පක්ෂය

    ගුණසිංහපුර ක්‍රීඩාංගනය

    **********************

    හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂය

    කෙසෙල්වත්ත ප්‍රේමදාස පිළිරුව අසල

    *********************

    පෙරටුගාමී සමාජවාදී පක්ෂය

    නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිට

    *****************

    සමාජවාදී පක්ෂය

    ජයන්ත වීරසේකර ප්‍රජා මධ්‍යස්ථාන ශාලාව, මරදාන

    *********************

    පොදුජන මෙත්සිත් පෙරමුණ

    පරණ පුරහල,පිටකොටුව

     [rns_reactions]
  • මීතොටමුල්ල ගැන අදහස් කියන විශේෂ පාර්ලිමේන්තු විවාදය අද…

    කසල ඉවත් කිරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනය අනුමත කර ගැනීම සදහා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් අද පැවැත්වෙනවා. 

    කසල බැහැර කිරීමට බාධා එල්ල කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට බලය ලබා දෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉකුත්දා එම ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබුවා. 

    ඒ අනුව පාර්ලිමේන්තුව හදිසියේ කැදවීමට තීරණය කෙරුණේ  එම ගැසට් නිවේදනය අනුමත කර ගැනීම සදහායි.  

    මේ අතර අද පස්වරුව දක්වා පැවැත්වෙන මෙම විශේෂ පාර්ලිමේන්තු රැස්වීමේ දී මීතොටමුල්ල කසල කන්ද නායයාමේ සිද්ධිය පිළිබද කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිතයි. 

    විපක්ෂ නායක ආර්. සම්බන්ධන් එම යෝජනාව සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව තිඛෙනවා.

    [rns_reactions]

  • ගෙවල් තන්හාවෙන් කාල්- පික මරාගනි – ජනපති බලය නිදහස් පක්ෂයට පවරයි….

    කොළඹ නිවාස පිළිබදව මරික්කාර්  සහ චම්මපික රණවක අතර විශාල යුද්ධයක් ආරම්භ වි ඇති බව ප්‍රසිද්ධ රහසකි. රජයේ මුදල් වලින් නිමකළ මෙම නිවාස මිතොටමුල්ල අසරණ ජනතාව වෙත ලබාදිමේදි ඉහත දෙපළගේ කඹ ඇදිම හේතුවෙන් එම කටයුතු වලට බාධා පැමිණ ඇත…

    මාධ්‍ය ඉදිරියේ දෙපිරිසම ලකුණු දාගැනිමට යද්දි ජනාධිපතිතුමා විසින් එම නිවාස වයාපෘතියේ ඉදිරි කටයුතු කොලොන්නාව නිදහස් පක්ෂ බලමණ්ඩලය වෙත පවරා දි ඇති බව සදහන්. ඒ අනුව පක්ෂ බේදයකින් තොරව නිලධාරින්ගේ සහ පක්ෂ විපක්ෂ නියෝජිතයන්ගේ අධික්ෂණය යටතේ ඉදිරි කටයුතු සිදුවනු ඇති.

    සියලුම දේශපාලඥයින් නාගරික සංවර්ධන අධිකාරියට ස්තුති කරන්න ඕන වෙලාවක ඇතැමුන් ජනප්‍රිය වෙන්න කරන මාධ්‍ය විගඩම් ගැන කනගාටු වන බව දේශපාලණ විශ්ලේෂකයන්ගේ මතවාදය වි ඇත.

    [rns_reactions]

  • අගමැති රනිල් මැයි දිනයට කොළඹ කුණු වැඩිකරමින් ලයිට් කණු සරසයි..

    එළඹෙන මැයි දිනය වෙනුවෙන් සෑම විදුලි කනුවකම එල්ලා ඇති අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ රුව රැගත් “දිනන ජනතාවගේ මැයි රැළිය” යන වැකිය සටහන් දැන්වීම් පුවරු කොළඹ කුණුගොඩ වැඩිකරන ව්‍යාපෘතියක් බව පරිසර වේදීහු කියති.

    මේ දැන්වීම් පුවරු සැකසීමට යොදාගෙන ඇත්තේ නොදිරන ප්ලාස්ටික් රෙදි බවද පැවසේ.

    කෙසේවුවද, කොළඹ පුරාම එල්ලා ඇති මේ දැන්වීම් පුවරු එල්ලීමට කොළඹ නගර සභාවේ අවසර අවශ්‍යවුවද මේ සඳහා එහි අනුමැතියද ලබාගෙන නොමැති බව පැවසේ.

    [rns_reactions]

  • පොලිස්පති පුජිත දේශපාලණයට… එජාපයෙන් වයඹ මහ ඇමති තරගයට එක්වන ලකුණු…

    ඉදිරියේදී පැවැත්වෙන වයඹ පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයේ මහ ඇමති අපේක්‍ෂක ලෙස පොලිස්පති පුජිත ජයසුන්දර මහතා ඉදිරිපත් වීමේ සුදානමක් ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

    ඒ, තම පොලිස්පති ධුරයෙන් ඉල්ලා අස්වෙමින්ය.

    කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අප සිදුකල සොයා බැලීමක දී වාර්තා වුයේ එක්සත් ජාතික පක්ෂය විසින් පුජිත ජයසුන්දර මහතා වෙත වයඹ මහ ඇමති අපේක්ෂකත්වය ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇතිව නොමැති බවයි.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසුවේ පුජිත ජයසුන්දර වයඹ මැතිවරණයට තරඟ කිරීම සඳහා අපේක්ෂකත්වය ඉල්ලා නොමැති බවත් ඔහු විසින් තමන් දරන තනතුරින් ඉවත්ව අපේක්ෂකත්වය ඉල්ලා සිටියහොත් පක්ෂයේ නාම යෝජනා මණ්ඩල විසින් ඒ සම්බන්ධව තීරණයක් ගනු ඇති බවයි.

    [rns_reactions]