Category: සුපිරි Politics

  • ෆේස්බුක් පිටු 130ක් වහා ඉවත් කරන්න – රජයෙන් ඉල්ලීමක්

    තායිලන්ත රාජකීයයන්ට අපහාසාත්මක ෆේස්බුක් වෙබ් පිටු 130 ක් වහා ඉවත් කරන ලෙස තායි රජය ෆේස්බුක් සමාගම වෙත දැනුම්දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

    එසේ නොමැතිනම් නීතිමය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව හමුදාවේ සහය ලබන තායි රජය ප්‍රකාශ කළේය.

    මෙම වෙබ් පිටු ඉවත් කර ගැනීමට ලබන අගහරුවාදා දක්වා කාලය ලබාදෙන බව ද තායිලන්තය ප්‍රකාශකර ඇතැයි වාර්තා වේ.

    කෙසේ නමුත් රාජ්‍යයන් වෙතින් සිදුකෙරෙන ඉල්ලීම් පිළිපැදීමට සූදානම් නොමැති බවත් යම් රටක් තුල නීතිය උල්ලංඝනය කර ඇත්නම්, ඊට මුහුණදීමට සූදානම් බවත් ෆේස්බුක් ආයතනය ප්‍රකාශ කර තිබේ.

    තායිලන්තයේ වර්තමාන නීතියට අනුව රජ පවුලට අපහාසාත්මක ප්‍රකාශ සිදුකිරීම වසර 15 දක්වා සිරදඩුවම් ලැබිය හැකි වරදකි.

    [rns_reactions]

  • ජනපති ප්‍රේමදාස කරපු වැරද්දක් ගැන සිරිසේන කුරේ වසර 28කට පසුවසියල්ල හෙළිකරයි…

    එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකුද වන බී. සිරිසේන කුරේ මෙරට දේශපාලන කරළියේ නම ගිය චරිතයකි. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලම භූමිකාවට පණ දුන් සිරිසේන කුරේ යු.එන්.පි.යේ දේශපාලන චලනයන් ගැනද හොඳ අවබෝධයක් ඇත්තෙකි.

    ● ඔබ දේශපාලන කරළියේ රඟදුන් හැටියට මේ තරම් ‘සයිලන්ස්’ වෙයි කියලා කවුරුත් හිතුවේ නෑ.
    ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ අභාවයත් එක්ක එක්සත් ජාතික පක්ෂයේ ඇති වුණු හැලහැප්පිලිවල ප්‍රතිඵළයක් විදියට මම ටිකක් දේශපාලනයෙන් ඈත් වුණා. මම ඔය කොහෙවත් බලෙන් රැඳිලා ඉන්න කෙනෙක් නෙවෙයි. මම එතකොට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් මට තේරුණ විදියට ඒ වෙලාවේ ඇතිවුණේ ලොකු කුමන්ත්‍රණයක්. මම කාගෙවත් නම් ගම් කියන්න යන්නේ නෑ. මේවට සම්බන්ධ අයට ඕනෑ වුණේ මාව පක්ෂ මහලේකම් කමෙන් අයින් කරන්න. මම ඉන්නකම් ඒ ගොල්ලන්ට ඕන ඕන විදියට වැඩ කරන්න අමාරුයි ඒ බව ඒ ගොල්ලෝ දැනගෙන හිටියා. ඒකට ඒ අය කළේ විජේතුංග ජනාධිපතිතුමාගේ මනස වෙනස් කරපු එක. මම මේ දේවල් දැනගෙන හිටියා. පස්සෙ කාලෙක එක දවසක් මේ ගැන ලසන්ත වික්‍රමතුංග මාත් එක්ක ගොඩක් විස්තර කිව්වා.

    ලසන්ත එතකොට පක්ෂය එක්ක සමීපව හිටියා. සිරසෙ සභාපති රාජා මහේන්ද්‍රන්ලාගේ ගෙදරදී තමයි ලසන්ත මේ දේවල් මට කිව්වේ. මට විරුද්ධව කෙරුණු කුමන්ත්‍රණය ගැන සියළු විස්තර ලසන්ත ඒ වෙලාවේ කිව්වා. මටත් ඕන වෙලා තිබුණා පක්ෂ තනතුරුවලින් අයින් වෙන්න. ප්‍රේමදාස ජනාධිපතිතුමා නැතිවුණු ගමන්ම වගේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මම කිව්වා මම පක්ෂ මහලේකම්කමෙන් අයින් වෙනවා කියලා. එතකොට විජේතුංග ජනාධිපතිතුමාට කැමති කෙනෙක් මහලේකම්කමට දාගන්න කියලා. විජේතුංග මහත්තයා කිව්වා මට අයින් වෙන්න එපා කියලා. හැබැයි පක්ෂෙ හරියට යන්නේ නෑ කියලා මට තේරුණා. ඔය අතරේ මම විදේශගතවෙලා ඉදලා ලංකාවට ආපු ගමන් කේ.එන්. චොක්සි මට කතා කරලා කිව්වා විජේතුංග ජනාධිපතිතුමා ගිහින් හම්බවෙන්න කියලා. ඒ ගියාම එයා කිව්වා “සිරි, පක්ෂෙ අය කියනවා ෆුල්ටයිම් සෙකටි්‍ර කෙනෙක් පත් කරන්න කියලා ඒක හින්දයි හම්බවෙන්න ඕනෑ කිව්වේ” කියලා. එයා මට මහලේකම්කමෙන් යන්න කියලා නොකියා කිව්වා. මම එක පාරට ඒකට කැමති වුණා. ඒ අය හිතුවේ මම ඒකට විරුද්ධවෙලා අස්වෙන්න බෑ කියයි කියලා. ඒ කියපු වෙලාවෙම මම විජේතුංග ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවා අලුත්කඬේ උසාවිය ළඟ හදපු ප්‍රේමදාස පිළිරුව විවෘත කරන්න එන්න කියලා. ඒකට හා කියලා කිව්වත් පස්සේ ඔහු ඒකට එන්න අකමැති වුණා. අන්තිමට ඒක විවෘත කරන්න ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා තමයි සම්බන්ධ වුණේ. මම ඒ වැඩෙන් පස්සේ මගේ ඉල්ලා අස්වීම විජේතුංග මැතිතුමා අතට දෙන්න හිටියේ. මම ඒ බව එතුමාට කිව්වා. ඒක කාටවත් කියන්න එපා කියලත් ඉල්ලුවා. ඒත් ඒක මාධ්‍යවලට ගිහින් තිබුණා. පත්තරවලින් එහෙමත් මට කතා කරලා ඇහුවා මේ ගැන. ප්‍රේමදාස පිළිරුව විවෘත කිරීමේ උත්සවය ඉවර වුණු ගමන්ම මම ගිහින් මහලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලියුම විජේතුංග ජනාධිපතිතුමාට දීලා ආවා. මම පක්ෂයෙන් ඈත් වුණේ එතැන ඉඳන් තමයි. මගේ ආසනයත් මම රනිල් වික්‍රමසිංහට දුන්නා.

    ● හැබැයි ඔබට ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් දෙන්න පක්ෂය සූදානම් වුණා නේද?
    එයාලා එහෙම යෝජනා කළා. මම මුලින් ඒක ප්‍රතික්ෂේප කළා. පස්සේ නම දාගත්තා. ඒත් ඡන්දෙ ඉවරවෙලා ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරු පත් කරද්දී මාව තෝරගත්තේ නෑ. මගේ නම තමයි ජාතික ලැයිස්තුවෙ මුලින්ම තිබුණේ. පස්සේ මගෙ නම තුන්වෙනි තැනට වැටුණා. ඊට උඩින් අනුර බණ්ඩාරනයකයි කේ.එන්. චොක්සියි දෙන්න දැම්මා. ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරු පත් කරද්දී මාව ආපහු පැත්තකට තල්ලු කෙරුවා. මම ඒකට කතා කරන්න ගියෙත් නෑ. මන්ත්‍රී කමක් ඉල්ලලා ගියෙත් නෑ. එතැන ඉඳලා මම ඈත් වුණා. ඒ වෙද්දී පක්ෂයේ ඉඳපු සමහරු විජේතුංග ජනාධිපතිතුමා නොමඟ යැව්වා. ඒ ගොඩක් අය අද ජීවතුන් අතරත් නෑ.

    ● රණසිංහ ප්‍රේමදාසයි සිරිසේන කුරේයි හරියට ඇඟේ කෑලි වගේ හිටියේ. මොකක්ද මේ හාදකම?
    ඒක ටිකක් දිග කතාවක්. ප්‍රේමදාස මහත්තයා අපේ අයියගේ යාළුවෙක්. අපේ ගෙදරත් නිතර යනවා එනවා. අපේ තාත්තා මට දවසක් කිව්වා උඹ දේශපාලනය කරන්න හිතාගෙන ඉන්නවානම් අයියා එක්ක යන්න එපා ප්‍රේමදාස ළමයා එක්ක පලයං” කියලා. අපේ අයියත් දේශපාලනය කළා. නාගරික මන්ත්‍රී එයා ඒ කාලේ. මමත් ප්‍රේමදාස මහත්තයට ටික ටික කිට්ටු වුණා. අයියයි ප්‍රේමදාස මහත්තයයි අතරේ ඇති වුණු පුංචි වාද විවාදයක් වෙලාවේ මම අයියගේ පැත්ත ගත්තේ නැතුව ප්‍රේමදාස මහත්තයාගේ පැත්ත ගත්තා. එතනින් එයාට මං ගැන විශ්වාසය වැඩි වුණා. ප්‍රේමදාස මහත්තයට ඉඳපු අංක එකේ සපෝටර් තමයි මම. ඒ ගැන මම අදත් සතුටුයි. මම ඇත්තටම අගය කරන චරිතයක් තමයි ප්‍රේමදාස කියන්නේ. පොඩිම තැනකින් ඇවිත් ඉහළම තැනට ගියා. ජනාධිපතිතුමාට අවශ්‍යයි කියලා තිබුණු සුදුසුකම් නැතත් ඔහු අධිෂ්ඨානය නිසා එතෙනට ගිය කෙනෙක්.

    ● කොළඹ නගරාධිපතිවරුන්ගේ ලැයිස්තුවේ සිරිසේන කුරේ ඉන්නෙ කොයි වගේ තැනකද?
    ඒ තැන මොකක්ද කියන්න මම දන්නේ නෑ. ඒත් මම කොළඹ නගරාධිපති විදියට විශාල වැඩ කොටසක් කළා. මම මැලේසියාවේ තානාපති විදියට වැඩ කරන අතරේ දවසක් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මට කතා කරලා කිව්වා නගරාධිපතිකමට ඉල්ලන්න කියලා. මම ඒකට කැමති වුණේ නෑ. ඒ වෙනකොට ප්‍රේමදාස මහත්තයත් විවිධ අය ලව්වා මට නගරාධිපති කමට ඉල්ලන්න කියලා කියෙව්වා. ප්‍රේමදාස මහත්තයට තමයි වැඩිපුරම ඕනකම තිබුණේ මාව නගරාධිපති තරගෙට දාන්න. 1979 ඉදලා මම තමයි වැඩිම කාලයක් කොළඹ නගරාධිපති වෙලා ඉඳලා තියෙන්නේ.

    ● ප්‍රේමදාස මහත්තයාගේ ජනාධිපතිවරණ සටන කරට අරන් වැඩ කළේ ඔබ.
    ප්‍රේමදාස මහත්තයට ජනාධිපතිකමට ඉල්ලන්න තිබුණේ දෙපැත්තෙන්ම භීෂණය තිබුණු වෙලාවක. රට පුරාම දරුණු තත්ත්වයක් තිබුණේ. පක්ෂය ඇතුළෙත් විවිධ අර්බුද තිබුණා. ජනාධිපති තරඟයට ප්‍රේමදාස ආපු එකට පක්ෂයේ සමහර ජ්‍යෙෂ්ඨයෝ කැමැති වුණෙත් නෑ. පක්ෂයේ සහයෝගයත් අඩු වුණා ඒ නිසා තමයි ඒ ඡන්දෙ කරන්න මාව ඉලෙක්ෂන් කැම්පේන් මැනේජර් කළේ. එතකොටත් මම කොළඹ නගරාධිපති. අපි අමාරුම ඡන්දයක් තමයි ඒ වෙලාවේ කළේ. ජනාධිපතිවරණයෙන් පස්සේ එයාට ඕන වුණා මහමැතිවරණයට මාව දාලා පාර්ලිමේන්තුවට ගන්න. මම ඒකටත් අදිමදි කළා. මම නගරාධිපති විදියට ඉන්න කොට ඊට වඩා වැඩ කරන්න පුළුවන් කියලා හිතුවා. ඒ මහමැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ අංක එකට එන්න ලලිත් ඇතුලත්මුදලි ලොකු කැම්පේන් එකක් කළා. එයා ප්‍රේමදාස ජනාධිපතිතුමාට ලියුමක් ලියලා තිබුණා මාව මහමැතිවරණයෙත් කැම්පේන් මැනේජර් කරන්න කියලා.

    ● ඒ කියන්නේ ලලිත්ට ඕන වුණේ සිරිසේන කුරේ කොළඹට තරඟ කරන එක නතර කරන්න කියලද ඔබ හිතන්නේ?
    ඒක මට හරියටම කියන්න බෑ. ඒ වගේ දෙයක් තමයි වුණේ. ඒත් ප්‍රේමදාස මහත්තයා ඒකට කැමති වුණේ නෑ. ලලිත් මගේ සංවිධාන ශක්තිය ගැන ලොකු ඇගැයීමක් කරලා තිබුණා ජනාධිපතිතුමාට.

    ● කොහොම හරි ඡන්ද ප්‍රතිඵලය අනුව ඔබ ලලිත්ට විතරයි දෙවැනි වුණේ.
    ඔව්. කොළඹින් ලලිත් එකට එද්දී මම දෙවැනියා. හැබැයි ඡන්ද ප්‍රතිඵල දැනගත් ගමන් ලලිත් මට කතා කරලා කිව්වේ “සිරි මගේ ජයග්‍රහණයට වඩා උඹේ ජයග්‍රහණය තමයි ලොකු කියලා. මොකද ලලිත් දන්නවා එයා තරම් මම ලොකුවට කැම්පේන් එක කළේ නෑ කියලා.

    ● ප්‍රේමදාස ආණ්ඩුවෙ ඔබට ලැබුණෙ ඊට කලින් ප්‍රේමදාස කරපු නිවාස ඇමතිකම. ඒක අභියෝගයක් විදියටද යාළුකම වැඩිකමටද ප්‍රේමදාස ජනාධිපතිතුමා ඔබට දුන්නේ?
    ඒක මම දන්නේ නෑ. මම ඇමතිකම මට පුළුවන් විදියට කළා. ප්‍රේමදාස මහත්තයා හැබැයි යාළුකමටම වැඩ කරන කෙනෙක් නෙවෙයි.

    ● හැබැයි ඔබට යූ.එන්.පී එකේ මහලේකම්කමත් දෙනවා.
    ඒක ලැබුණේ රන්ජන් විජේරත්නගේ මරණයෙන් පස්සේ එතන පුරප්පාඩුවක් ඇති වුණාම. මම මහලේකම් විදියටත් මගේ උපරිම ශක්තියෙන් වැඩ කරලා පක්ෂය ඉදිරියට ගෙනිච්චා.

    ● ප්‍රේමදාස ජනාධිපති දකුණේ තරුණ නැගිටීම මර්දනය කරන්න ගත්තු ක්‍රියාමාර්ග ඇතුළේ සිරිසේන කුරේගේ නමත් කියවුණා. ඔබලා ඇත්තටම ඒකට කරපු ඔපරේෂන් මොකක්ද?
    ඒ වෙද්දී රට පුරාම භීෂණය රජ කළා. තරුණයෝ ඝාතනය විශාල වශයෙන් වැඩි වුණා. භීෂණය මර්දනය කරන්න කිසිම ක්‍රමවත් වැඩපිළිවෙළක් තිබුණේ නෑ. එක් එක්කෙනාට ඕනැ ඕනැ අය අතුරුදන් වෙන්න ඝාතනය වෙන්න පටන් ගත්තා. ජේ.වී.පී නොවන අයත් මේවට පැටලුණා. මේක ක්‍රමවත් විදියකට කරලා භීෂණය නවත්වන්න ඕනෑ කියලා අපි හිතුවා. මම දවසක් කැබිනට් රැස්වීමේදී මේ ගැන දිර්ඝව කතා කළා. මම කිව්වා මේ විදියට ගියොත් වැඩි දවසක් යන්න කලින් ආණ්ඩුවත් ඉවරයි කියලා. පිළිවෙළක් නැතුව පොඩි පොඩි අය අල්ලන්නේ නැතුව කොහොම හරි නායකයින්ම අල්ලන්න ඕනෑ කියලා මගේ යෝජනාව වුණේ. ආරක්ෂක අංශයේ ඉඳපු ලොක්කෙක් සහ අමාත්‍යංශයේ ලොක්කෙක් මාව මුණගැහිලා මේ භීෂණය මැඩපවත්වන්න පුළුවන් ක්‍රමයක් මට පැහැදිලි කළා. මම ඒක ජනාධිපතිතුමාට දැනුම් දුන්නා. ආරක්ෂක අංශ සියල්ල එක තැනකින් පාලනය වෙන ක්‍රමයකට වැඩපිළිවෙළක් හදලා මේකට මුහුණ දෙන්න ඕනෑ කියලා මම කිව්වා. ඒකට ක්‍රමවත් සැලසුමක් හැදුවා. මම මේකට යෝජනා සියල්ල දුන්නා. විශේෂ ඒකකයක් හැදුවා. මේකට “ඔෆ්කොම්බයින්” කියලා කිව්වේ. අපේ ගෙදර තමයි මේ ගැන සාකච්ඡා කළේ. එවකට මේජර් ජානක පෙරේරා ඇතුළු පිරිස මේකට සම්බන්ධ වුණා. ඒගොල්ලෝ හරියට ඒක කරලා වැඬේ ඉවර කළා.

    ● ඔය අස්සේ කහ බළල්ලු කළු බළල්ලු එක එක ජාතියේ කල්ලි ගේම් දුන්නා. ඒ අය ගැන ඔබලා දන්නේ මොනවද?
    අනේ ඒ ගැන මම දන්නේ නෑ. අපි ඒ වගේ කල්ලි හැදුවේ නෑ. ඔය එක එක කතා ප්‍රචාරය වුණාට ඒවා ඇත්ත නෙවෙයි. ආණ්ඩුව අවිගත් කණ්ඩායම් හැදුවේ නෑ, ඒත් මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන විවිධ කල්ලි ක්‍රියාත්මක වෙන්න ඇති. විජේවීර මියගිය බව වුණත් මට රන්ජන් විජේරත්න තමයි කෝල් කරලා කිව්වේ.

    ● ඒ භීෂණය මර්දනය කරන අතරේ ඔබේ මස්සිනා වුණු සෝමවංශ අමරසිංහ රටින් පිටකළා කියලත් කතාවක් පැතිරුණා.
    ඒක සම්පූර්ණ අසත්‍යයක්. මගේ අයියා බැඳලා හිටියේ සෝමවංශගේ සහෝදරියක්. හැබැයි එහෙමයි කියලා අපි අතරේ ඒ හැටි සමීපතාවයක් තිබුණේ නෑ. අපි හමුවුණෙත් ඥාති මඟුල් ගෙයක් වගේ තැනකදී. එයා ඉස්සර ඉරිගේෂන් එකේ වැඩ කළේ. අපේ අයියලයි ගෙදර ඉඳලා තමයි වැඩ කළේ. මට පුදුමත් හිතුණා මිනිහා ජේ.වී.පී කාරයෙක් කිව්වාම. 71 කැරැල්ල වෙලාවේ එයා අත්අඩංගුවට ගත්තාම එයාගේ සහෝදරියයි අපේ අම්මයි ඇවිත් එයාව බේරගන්න කියලා මගෙන් ඉල්ලුවා. මම එතකොට නාගරික මන්ත්‍රී. මම මේ ගැන ප්‍රේමදාස මහත්තයට කිව්වා. එයා මට කිව්වා “පොලිසියට යන්න එපා ඔයාටත් ලෙඩක් වැටෙයි” කියලා . එතකොටයි මම දන්නේ මිනිහා ජේ.වී.පී. කරනවා කියලා. මට පුදුම හිතුණා ඒ වෙලාවේ.

    ● ප්‍රේමදාස ජනාධිපති එක්ක ඔය තරම් ළඟින් ඉඳපු ඔබට ඔහුගේ මරණය ගැන මොකද හිතෙන්නේ?
    එක් හරිම කනගාටුදායක මරණයක්. එදා මැයි දිනයෙත් පෙළපාළිය සංවිධාන වැඩ මම තමයි මූලික වෙලා කළේ. ඒ වෙලාවේ අපේ පක්ෂයට අමාරු වෙලාවක්. ලලිත් ඇතුලත්මුදලිත් ඝාතනය වෙලා නරක නාමය ඇවිත් තිබුණු වෙලාවක් ඒක.

    ● ඒ චෝදනාවේ කොටසක් ඔබටත් ආවා. ඇත්තටම ලලිත් ඇතුලත්මුදලිට මොකද වුණේ.
    ඔව්. ඒකට මටත් චෝදනාවක් ආවා. එකෙන් මගේ සිවිල් අයිතිවාසිකම් පවා නැති වුණා. ලලිත්ලට ප්‍රේමදාස ජනාධිපති තුමා එක්ක මතගැටුමක් තිබුණා. ප්‍රේමදාස ජනාධිපති වුණු ගමන් කරපු ලොකුම වැරැද්ද තමයි විජේතුංග අගමැති කරපු එක. ඒක ලලිත්ට හරි ගාමිණීට හරි දෙයි කියලා කවුරුත් හිතුවේ. ඒ දෙන්නා මේක ලොකුවටම බලාපොරොත්තු වුණා. මමත් හිතුවේ ඒ දෙන්නාගෙන් කෙනෙකුට දෙයි කියලා. විජේතුංගට අගමැතිකම දුන්නාම මමත් ප්‍රේමදාස මහත්තයාගෙන් ඇහුවා ඇයි එහෙම කළේ කියලා. එතකොට එයාට තරහ ගියා. එයා කිව්වේ “සිරිසේනට මතක නැද්ද උන් අපිට කරපුවා” කියලා. මටත් මේ සිදුවීම හිතාගන්නත් බැරි දෙයක්. මට නිකමටවත් කිව්වේ නෑ මේ වගක් කලින්. මම විජේතුංග අගමැති කළා කියලා දැනගත්තේ රේඩියෝ එකෙන්. මම මේ ගැන ප්‍රේමදාස ජනාධිපතිතුමා එක්ක වාද කරගත්තා එදා. එයාට ප්‍රශ්නයක් තිබුණේ ලලිත්ලා ගාමිණිලා පක්ෂය ගැන නොහිතා වැඩ කරනවා කියන එක. පක්ෂ නායකත්වය විවේචනය කිරීමත් එයාට ඇල්ලුවේ නෑ. මොකද ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගෙන් මොන ප්‍රශ්නය ආවත් ප්‍රේමදාස මහත්තයා ඒවා ඔක්කොම ඉවසාගෙන හිටියා. මට ප්‍රේමදාස මහත්තයා පොරොන්දු වුණා අවුරුද්දකට පස්සේ ලලිත්ලා ගාමිණීලා පක්ෂයට හිතවත්ව හොඳට වැඩ කළොත් අගමැතිකම විජේතුංගගෙන් අයින් කරලා ඒ දෙන්නගෙන් කෙනෙකුට දෙනවා කියලා. ලලිත් ඒකට එකඟ වුණත් ගාමිණී එකඟ වුණේ නෑ. මේ එක්කම ගැටුම උග්‍ර වුණා. හැබැයි ලලිත්ගේ මරණයට ප්‍රේමදාස මහ්තයාගේ කිසිම සම්බන්ධයක් නෑ. ඒක මම හොඳටම දන්නවා.
    ● අර ඔබ “අපේ ළමයෙක්” කියපු සොත්ති උපාලි එක්ක මොකක්ද තිබුණු ගනුදෙනුව?
    එයා ඔය පාතාලේ මිනිහෙක් නෙවෙයි. පිඩලි ගහන කොන්ත්‍රාත්කාරයෙක් විදියට තමයි එයා අපි අඳුනගත්තේ. ජනාධිපතිවරණය කාලේ අපේ ඡන්ද වැඩවලට උදවු කරන්න ආවා. ප්‍රේමදාස මහත්තයාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩවලදී භීෂණය නිසා ඒ වැඩ කරන්න ගොඩක් අය අදිමදි කරද්දී මෙයා ඒවට සහයෝගය දුන්නා. ඒ ඇරෙන්න වෙන කිසිම නරක වැඩක් එයා ලව්වා අපි කෙරෙව්වේ නෑ. එක එක්කෙනා ඔය වගේ කතා කිව්වා. ඒත් ඒවා බොරු කතා. පත්තරේකින් ඇහුවා වතාවක් උපාලි ගැන. මම කිව්වා එයා අපි දන්න ළමයෙක් කියලා. මම මොකටද බොරු කියන්නේ. උපාලි මම දන්න කෙනෙක්නෙ ඉතිං. එහෙම නැතුව අපි ඔහු ලව්වා වැරදි වැඩ කෙරෙව්වා කියන එක නම් සම්පූර්ණ බොරු කතාවක්.

    ● දැන් කොහොමද සිරිසේන කුරේගේ දින චර්යාව ගෙවෙන්නේ?
    මම මුණගැහෙන්න අදත් බොහෝ අය එනවා. මම තාම සමාජ සේවා කටයුතු කරනවා. සක්‍රීයව දේශපාලනයේ නැතත් අපිත් එක්ක ඉඳපු මිනිස්සු තාම අපි එක්ක ගනුදෙනු කරනවා. මගේ ජීවිත කතාව පොතක් විදියට ලියාගෙන යනවා. ඉදිරියේදී ඒක එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.

    ● දැන් යූ.එන්.පී. එක ගැන මොකද හිතෙන්නේ?
    ඒ ගැන නම් කතා කරන්න මම කැමති නෑ.

    [rns_reactions]

  • "අන්තිමේදී රන්ජන් රාමනායකත් හොරකම් කරලා" නැගෙන චෝදනාවට රංජන්ගෙන් අවංකවම පිළිතුරක්

    SLVLOG තුලින් රන්ජන් රාමනායක මහතා “අන්තිමේදී රන්ජන් රාමනායකත් හොරකම් කරලා” යනුවෙන් ආන්දෝලනාත්මක වීඩියෝවක්  නිකුත් කර තිබෙනවා. එම වීඩියෝවේ සඳහන් කරුණු කාරණාවලට රංජන් මහතා අවංක පිළිතුරක් ලබා දී තිබෙනවා. 

    එම වීඩියෝව පහතින් නරබන්න….

    අනෙකුත් දේශපාලකයන් තමන්ට චෝදනාවක් නැගෙන විට එම චෝදනාවෙන් නිදොස් වීම සඳහා දස අතේ බොරු ටොන් ගණන් කිසිම ලැජ්ජාවකින් තොරව  කියන අපුරුව  අප හොදින් දැක ඇත.  නමුත් රංජන් මහතා තම facebook පිටුව හරහා එහි සත්‍ය සිද්දිය කුමක් දැයි අවංකව ප්‍රකාශ කර ඇත..

    උපුටා ගැනීම…

    “ස්වභාවධර්මයට බොරු කළ නොහැක

    රන්ජන් රාමනායක වාහන හොරකමක නියැළුණු බවට ඇතැම් මාධ්‍ය ප්‍රචාරයක් ගෙනයනවා. ලක්ෂ 400 ඇමති වාහන, සැප නිවාස හා පාර්ලිමේන්තු දීමනා ප්‍රතික්ෂේප කළ මන්ත්‍රීවරයෙක් ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ට ලබාදෙන පුද්ගලික මන්ත්‍රී වාහන බලපත්‍රය මා ලබාගැනීමයි ගැනයි මෙලස විවේචනයට ලක්ව තිබෙන්නේ.

    මෛත්‍රිපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ, වාසුදේව නානායක්කාර ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා බලපත්‍ර ලබාගැනීමේදී විවේචනය නොවීමත් මා බලපත්‍රය ලබාගැනීමේදී විවේචනයට ලක්වීම ගැනත් මට ඇත්තේ සතුටකි.

    සැප වාහන පිස්සුවක් මට නැති නිසා මගේ බලපත්‍රයට ලබාගත් වාහනය භාවිතයට නොගෙන එයින් ලැබෙන මුදල මම ජනතා සේවයට යොදා ඇත්තෙමි. එයන් කිසිදු සතයක් මට සැප පහසු ජිවිතයක් ගත කිරීමට මම වියදම් කර නැති බව වගකීමෙන් ප්‍රකාශ කරමි. එලෙස මම සතයක් හෝ ලබාගෙන ඇත්නම් මටම මම හෙණ වදින ලෙස ප්‍රර්ථනා කරමි. මම අදටත් ජිවත් වන්නේ කුලී නිවසක බවත් මේ ලෝකයේ මට කිසිදු පර්චසයක් වත් නොමැතිබව මා ගැන දන්නා සියල්ලන්ම දනී. මම හැමදාව කියන්නාසේ යානා වාහන මිල මුදල් රැස්කිරීම මගේ ජිවිතේ අරමුණ වුයේ නම් මම පොඩි නිවසක ජිවත්වි පරණ වාහන පාවිච්චිකරමින් ජීවත්වන්නේ නැත.

    මම බහුතරයක් දේශපාලකයන් මෙන් හොරකම් කර නැත, කොමිස් ගන්නේ නැත. ව්‍යාපාරිකයන්ගෙ ඕනෑම එපාකම් ඉටු කර මුදල් ලබාගෙන නැත, පස් හොරුන් වෙනුවෙන් පෙනී සිට නැත, ඇමති වාහන අරන් නැත, ඇමති නිල නිවාස අරන් නැත.

    මා විවේචනය කරන ඇතැම් අය මගෙන් බලාපොරොත්තු වන්නේ ලක්ෂ 400 ඇමති වාහන, සැප නිවාස හා පාර්ලිමේන්තු දීමනා ප්‍රතික්ෂේප කරන රන්ජන් මෙයද ප්‍රතික්ෂේප කළ යුතු බවයි. නමුත් මගේ සහ මගේ කාර්ය මණ්ඩලයේ තීරණය වුයේ මෙම බලපත්‍රය යොදාගෙන ජනතා සේවය වඩාත් ශක්තිමත්ව සිදුකිරීමටයි. සියළු ගණන් හිලව් ඇතිව එය සිදුවේ.

    ඇතැම් මන්ත්‍රීවරුන් කරනවාසේ බලපත්‍රය පසුව ලියාපදිංචිකර ජනතාවගෙන් වසන්කිරීමට මා කටයුතු කළේ නැත. ප්‍රසිද්ධියේ මා එම පැවරීම සිදුකළේ එය නිත්‍යානුකුල බව පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් තහවුරු කරගැනීමෙන් පසුවයි.

    එයින් එකදු සතයක් මගේ පුද්ගලික භාවිතයට මම ගත හොත් මට හෙණ වදින ලෙස මම ම ප්‍රර්ථනාකරමි. මොකද අනිකුත් දේශපාලකයන් මෙන් බොරු කියා මට ඔබෙන් බේරෙන්නට පුළුවන් වුවත් උඩ ඉන්න දෙවියන්ගෙන් ස්වභාවධර්මයෙන් බේරීමට මට නොහැකි බව මම දනිමි.

    මීට

    රන්ජන්”

    [rns_reactions]

  • අගමැති චීනයට

    චීනයේ බෙයිජිං නුවර පැවැත්වෙන  “එකම තීරයක්-එකම මාවතක්” මහා සමුළුව සඳහා සහභාගීවීමට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය හෙට(13)  දිනයේ පිටත්ව යෑමට නියමිතය.

    මෙහි පැවැත්වෙන ඉහළ පෙළේ වට මේස සාකච්ඡාවට රටවල් 30 ක් නියෝජනය කරමින් නායක නායිකාවෝ සහභාගී වන බව වාර්තා වෙයි.

    චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ සංකල්පයක් අනුව ඇරඹුණු ‘තීරයක් සහ මාවතක්’ ප්‍රයත්නය ඔස්සේ සාමූහික වශයෙන් රටවල් වෙත ලබා ගත හැකි ප්‍රතිලාභ සම්බන්ධව මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත.

    විශේෂ කාර්ය භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විදේශ කටයුතු අමාත්‍යංශයේ නැගෙනහිර ආසියානු සහ ශාන්තිකර කලාපීය අධ්‍යක්‍ෂ සාවිත්‍රි පානබොක්කේ, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්‍ෂ ඩී. එම්. එස්. ද සිල්වා, අග්‍රාමාත්‍ය විශේෂ සහයිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මේ සංචාරයට එක්වන බව සඳහන්ය.

    [rns_reactions]

  • වෙසක් දිනයේ කොළොන්නාවේ සෝලංගආරච්චිගෙන් අභය දානමය පිංකමක්

    මෙවර වෙසක් පොහෝදින මරණයට කැපවූ ගවයෙක් මරණින් මුදාගෙන අභය දානමය පිංකමක් සිදුකිරීමට කොලොන්නාව ආසනයේ නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි කටයුතු කිරීම සියලුදෙනාගේ ප්‍රශංසාවට ලක්වී ඇත…

    උපුටාගැනීම ඔහුගේ මුහුණු පොතෙන්…

    https://www.facebook.com/PrasannaSolanga/posts/774187852741256

    https://www.facebook.com/PrasannaSolanga/posts/774246772735364

    [rns_reactions]

  • කළු කොඩි ඔසවා විරුද්ධ වූ මහින්දගේ ඉල්ලීම මතම මෝදි – මහින්ද හමුවක්

    ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඉල්ලීම මත ඔහු මුණ ගැසී සාකච්ඡා කළ බව ඉන්දීය බලධාරීහු පවසති.

    ජාත්‍යන්තර වෙසක් උත්සවයට සහභාගිවීම පිණිස ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරතව සිටින ඉන්දීය අගමැතිවරයා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී පිළිගනු ලැබුවේ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛයා අමාත්‍යවරුන් විසිනි.

    ඉන් අනතුරුව ඉන්දීය අගමැතිවරයා කොළඹ ගංගාරාමයේ විහාරස්ථානයේ වෙසක් කලාපය විවෘත කළ අතර එහිදී භික්ෂූන් වහන්සේ ඉන්දීය අගමැතිවරයාට සෙත් පතා ආශීර්වාද කළ බව ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්ධු කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේය.

    මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග හමුවක් ඉන්දීය අගමැතිවරයාගේ සංචාරයේ න්‍යාය පත්‍රයට ඇතුළත්ව නොතිබිණි.

    සාකච්ඡා වූ කරුණු පිළිබඳව මාධ්‍යවේදිනියක් කළ විමසීමකට පිළිතුරු දුන් මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්ධු, දෙදෙනා අතර ඉතා සුහද සාකච්ඡාවක් පැවති බව සඳහන් කළේය.

    “ගතව ගිය වසරවල සහ වර්තමානයේත් ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සහ ලබාදෙමින් තිබෙන සහයෝගය පිළිබඳව සතුටුවන බව හිටපු ජනාධිපතිතුමා සඳහන් කළා,” ඔහු පැවසීය.

    ප්‍රවෘත්ති සාකච්ඡාව මෙහෙයවනු ලැබුවේ ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ගෝපාල් බාග්ලේ විසිනි.

    [rns_reactions]

  • අහිමි වූ GSP+ ගන්න ශ්‍රී ලංකාව අවසන් කඩුල්ලත් පනී…

    යුරෝපා විදේශ සහ වෙළඳ අමාත්‍යවරුන්ගේ කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට GSP+ සහනය ලබා දීමට අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වෙනවා.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඍජු විදෙස් ප්‍රතිපත්ති මෙන්ම ජනපතිවරයා ජර්මනියේ සිදුකළ නිල සංචාරයේදී ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් මහත්මියගෙන් මෙන්ම අනෙකුත් යුරෝපා හවුලේ රාජය්‍ය නායකයන්ගෙන් සිදුකළ ප‍්‍රධානම ඉල්ලීම වූයේ GSP+ සහනය නැවත ශී‍්‍ර ලංකාවට ලබාදීමට සහය වන ලෙසයි  ඒ අනුව එම බදු සහනය  මෙලෙස ලබාදීමට හේතු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට GSP+ සහනය ලබා ගැනීමේ අවසන් කඩුල්ල ලෙස මෙම අනුමැතිය සැළකිය හැකි බවයි

    GSP+ සහනය හරහා යුරෝපා සංගමයේ වෙළෙඳපොල වෙත යැවෙන සිය අපනයන ඉහළ නංවාගැනීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සැළකිය යුතු දායකත්වයක් සැපයෙන අතරම ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය මෙන්ම යහපාලනයට අදාළ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් තමන්ට සහය විය හැකි ආකාරය ද මෙයින් පෙන්නුම් කෙරෙන බව යුරෝපා කොමිසමේ වෙළෙඳ කොමසාරිස් සිසිලියා මැල්ම්ස්ට්‍රොම් පවසන්නීය.

    [rns_reactions]

  • අගමැති මෝදිට ජනපති මෛත්‍රීගෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්…

    ජාත්‍යන්තර වෙසක් දින උළෙලෙහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී   නරේන්ද්‍ර මෝදි මහතා වෙනුවෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පිරිනමන  විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය අද (11) රාත්‍රීයේ කොටුව ජනාධිපති මන්දිරයේ දී සංවිධානය කර තිබුණි.

    ජනාධිපති මන්දිරය වෙත පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යතුමා, ජනාධිපතිතුමා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය. 

    [rns_reactions]

     

  • වාචාල ගීතා පාර්ලිමේන්තුවේ තබා ගැනීමට බැසිල්/සරත් එන්. කුමන්ත්‍රණයක..!

    අභියාචනාධිකරණ නඩු තීන්දුව අනුව මන්ත්‍රීධූරය අහිමි වූ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ අධිකරණ වෙට්ටුවක් හරහා තව දුරටත් මන්ත්‍රී ධූරයේ තබා ගැනීමට බැසිල් රාජපක්ෂ සහ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා විසින් කරන ලද කුමන්ත්‍රණයක තොරතුරු අප වෙත අනාවරණය වේ.

    ඒ අනුව අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ගීතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති ඇපෑල විභාගයට ගැනීමට පෙර හෙට දිනයේ දී මන්ත්‍රීධූරය අහෝසි කිරීමට එරෙහිව වාරණ නියෝගයක් ලබා ගැනීමට බැසිල් සහ සරත් එන් සිල්වා කුමන්ත්‍රණය කර ඇත. රාජපක්ෂලා වෙනුවෙන් නිතර ඉදිරිපත් වන නීතිඥයෙකු ගීතා වෙනුවෙන් ඉදිරිපත් වන අතර ඔහු විසින් අදාල වාරණ නියෝගය ඉල්ලා සිටිනු ඇත. ඉන්පසුව “ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ‘අපේ මිනිසුන්‘ ඉතිරි හරිය බලා ගනීවි“ යැයි බැසිල් සහ සරත් එන් පාරම්බා තිබේ.

    9 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ ගීතාගේ ඇපෑල 12 වෙනිදාම විභාගයට ගැනීම සිදුකර ඇත්තේ ද සාමාන්‍යයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ පිළිවෙතට පටහැනිව ය. 10 සහ 11 අධිකරණ නිවාඩු දින වූ අතර 9 වෙනිදා ඉදිරිපත් කරන පෙත්සමක් පසු වැඩ දිනයේම විභාගයට ගැනීමක් සාමාන්‍යයෙන් සිදුවන්නේ නැති නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් වරයා ‘දැපනේ‘ දමා ගැනීමෙන් රාජපක්ෂලා මේ ‘සෙල්ලම‘ සිදුකර තිබේ. 

    ගීතා ඉවත් කිරීමට එරෙහි වාරණ නියෝගය ලබා ගැනීමෙන් පසු ඉදිරි වසර 2 හමාර තුල නඩුව දිග් ගස්සමින් වත්මන් පාර්ලිමේන්තුවේ කාලය අහවර වන තුරු ගීතා පාර්ලිමේන්තුවේ තබා ගැනීමට රාජපක්ෂලා සැලසුම් කර ඇතැයි දැන ගන්නට තිබේ.  

     

    කෙසේ වෙතත් වත්මන් අධිකරණය බොහෝ දුරට ස්වාධීනව කටයුතු කරන බැවින් බැසිල්ගේ සහ සරත් එන් සිල්වාගේ කුමන්ත්‍රණය සාර්ථක වේදැයි සැක සහිත ය.

    හෙට (12) ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ඇසෙන්නේ පහත විනිසුරුවරුන් යටතේ ය. 

    අංක 502 : බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, අනිල් ගුණරත්න

    අංක 403 : සිසිර ද ආබෘෘ, උපුල් අබේරත්න, නලින් පෙරේරා   

    [rns_reactions]

  • ගංගාරාම වෙසක් කලාපය මෝදි අතින් විවෘත කෙරේ.

    ගංගාරාම වෙසක් කලාපය අද (11) පස්වරුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී  නරේන්ද්‍ර මෝදි මැතිතුමා අතින් විවෘත කෙරිණි.

    වෙසක් කලාපය වෙත පැමිණි ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා, විහාරාධිපති  පූජ්‍ය ගලබොඩ ඥානීස්සර නාහිමිපාණන් සහ  ගංගාරාම දායක සභාවේ සභාපති රංජිත් විජේවර්ධන මහතා විසින් හරසරින් යුතුව පිළිගනු ලැබිණි.

    ගංගාරාම සීමා මාලකයේදී විදුලි පහන් ආලෝකය දල්වා වෙසක් කලාපය විවෘත කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එය නැරඹිමට ද එක් විය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග මෙම වෙසත් සැමරුමට සහභාගීවිය.

    [rns_reactions]

     

     

  • පුවත් මවන රංජන් දරු සුරතල් බලයි

    නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සිය ෆේස්බුක් ගිණුමෙහි දරු සුරතල් බලන ඡායාරූප කිහිපයක් එක් කර තිබෙනවා.

    කලක් තම ආරක්‍ෂක අංශයේ සේවය කළ සාමාජිකයෙකුගේ අලුත උපන් පුතණුවන් සමග ගත් ඡායාරූප කිහිපයකුයි මෙලෙස එක්කර ඇත්තේ.

    [rns_reactions]

  • විමල් ඉන්නේ රනිල්ගේ ඔඩොක්කුවේ – ලගදීම මහින්දට ටටා බායි! කඩුවෙලින් හෙළිදරවුවක්

    විමල් වීරවංශ මහත්තයා දැන් පිස්‌සු උන්මාදයෙන් මත්වෙලා. බුදුන් ඉපදුන රටේ නායකයා මෙරට වෙසක්‌ උත්සවයට සහභාගී වෙන්න එන වෙසක්‌ පෝය දිනයේ කළු කොඩි දමන්න කියා ජනතාවට උපදෙස්‌ ලබා දෙනවා. හිටපු නායකයා හොරු රැළත් සමග පිටුපසට වී මේවාට අත්පුඩි ගසනවා. උදේ හවා පන්සල් ගානේ යමින් ක්‍රියා කරන රටේ හිටපු ජනපතිවරයාගේ පහත් ක්‍රියාව තරයේ හෙළා දකින බව කඩුවෙල හිටපු නගරාධිපති ජී. එච්. බුද්ධදාස පැවැසීය. කඩුවෙල ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් තවදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ හිටපු නගරාධිපතිවරයා…

    ඔය විමල් වීරවංශ මහත්මයා මේ වන විටත් තම පක්‍ෂය දෙකට කඩාගෙන ගිහින් ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඔඩොක්‌කුවේ. මහින්ද මහත්තයාට ටටා බායි කියා රනිල් මහත්තයාගේ උකුලට යන දවස වැඩි ඈතක නොවන බව මම පවසනවා.

    ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මෙවර අතිසාර්ථක මැයි රැලියක්‌ පැවැත්වූවා. ඉතිහාසයේ පළමු වරට අති විශාල ජනකායක්‌ සහභාගි වුණා. අපි පැවැත්වූයේ මැයි රැලියක්‌ එහෙම නොමැතිව ගෝල්පේස් පිට්‌ටනිය තිබුණ වගේ මැයි රැස්‌වීමක්‌ නොවේ. ගම්වලින් පැමිණි ජනතාව පිට්‌ටනියේ රැඳී සිටියේ නෑ. එනිසා මේ අය ගැටඹේ රැස්‌වීමට සෙනඟ සිටියේ නෑ කියනවා. මුළු ගැටඹේම හිස්‌ ගොඩක්‌ බවට පත් වුණා. ගෝල්පේස්‌ එකට වඩා හතර ගුණයක්‌ පමණ අපිට සෙනඟ හිටියා.

    මෙයාලා ගෝල්පේස්‌ එක පිරවූවා කියා බොරු චූන් ගන්නවා. එහි තිබුණේ කම්කරු රැලියක්‌ නොවේ. ඒක වෛරී රැළියක්‌ නියම රැලිය තිබුණේ ගැටඹෙයි. මේ රටේ ගොවියාගේ පුතෙකු රාජ්‍ය නායකයා වී කම්කරුවාගේ දිනය සැමරුවා. එතුමා අපේම කෙනෙක්‌ නිසා අපිට ආඩම්බරයි. මහින්ද මහත්තයා හරි උජාරුවෙන් කියවන්නේ පිට්‌ටනිය පිරෙව්වා කියා. මහින්ද මහත්තයා කවදත් පිට්‌ටනි පුරවන්න හරි දක්‍ෂයි. නුගේගොඩත්, රත්නපුරයත් අනුරාධපුරයත් මීට පෙර පිරෙව්වා. එහෙත් ඡන්දය තිබ්බාම මොකද වුණේ. ඡන්දය ගනින විට පරාදයි. මේක නිකම් ඔය කණ්‌ඩායමේ බොරු චූන් එකක්‌. මේක ඒ කාලේ හම්බ කළ මුදල් තිබෙනවා. ඔය හොර නඩේ තමයි ඉදිරි පේළියේ වාඩිවෙලා හිටියේ එකතුවෙන්න කියා. මමත් කාරුණිකව ඔබ සැමගෙන් එම ඉල්ලීම කරනවා. ඕනෑම වෙලාවක පැමිණ අප සමග එකතු වන්න.

    [rns_reactions]

  • කුමන්ත්‍රණ පරාදයි… අද සවස 5:30ට මෝඩි ලංකාවට

    අන්තර්ජාතික වෙසක් උත්සවයට සහභාගි වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මෝඩි මහතා අද (11දා) පස්වරු 5.30ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වෙයි.


    කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹට සපැමිණෙන අග්‍රාමාත්‍ය මෝඩි මහතා රාත්‍රි 7ට අරලියගහ මන්දිරය හා ගංගාරාම විහාරස්ථානය ඒකාබද්ධව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපය විවෘත කිරීමට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සමඟ එක්වෙයි. අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෝඩි අගමැතිවරයා වෙනුවෙන් පිරිනමන රාත්‍රි භෝජන සංග්‍රහයට සහභාගි වෙයි.

    බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී හෙට (12දා) උදේ ඇරැඹෙන අන්තර්ජාතික වෙසක් සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන අග්‍රාමාත්‍ය මෝඩි මහතා හෙට දහවල් ඉන්දීය රජයේ ආධාර ඇතිව ඉදිකළ හැටන්, දික්ඔය රෝහලේ නව ගොඩනැඟිලි සංකීර්ණය විවෘත කිරීමටත් අනතුරුව හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන රැස්වීමක් ඇමැතීමටත් නියමිතය.


    ඉන් අනතුරුව මහනුවර බලා යන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සවස් වරුවේ ශ්‍රී දළදා මාලිගයේදී විශේෂ දළදා පූජාවකට සහභාගිවීමෙන් පසු කොළඹ බලා පැමිණ පසුදා සවස නවදිල්ලිය බලා පිටත්ව යෑමට නියමිතය.

    [rns_reactions]

  • ජාත්‍යන්තර වෙසක් සැමරුම් උළෙල මෙරට පැවැත්වීමට හේතුව ජනපති හෙළි කරයි

    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බෞද්ධාගමට හිමි ස්ථානය එලෙසින්ම ආරක්ෂා කරමින් අනෙකුත් ආගම් සදහා ද සාධාරණත්වය ඉටු කිරීම රජයේ වැඩපිළිවෙළ බව පැවසූ ජනාධිපතිතුමා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව මෙන්ම සුරක්ෂිතතාවය පිළිබදව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුවම රජයේ වගකීම් ඉටු කිරීමට කැපවී සිටින බව අවධාරණය කළේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ අද (10) පෙරවරුවේ බත්තරමුල්ල, අපේගම පරිශ‍්‍රයේ පැවති රණවිරු නිවාස හා ඉඩම් හිමිකම් පත‍්‍ර ප‍්‍රදානය කිරීමේ උත්සවය අමතමිනි.

    ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙල ද මෙවර ශී‍්‍ර ලංකාවේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නේ බෞද්ධ දර්ශනය පිළිබද උතුම් පණිවිඩය ලොව පුරා ගෙන යාමේ අරමුණින් බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

    වීරෝදාර රණවිරුවන් රට සහ ජාතිය වෙනුවෙන් ඉටුකළ මෙහෙවර මේ රටේ ජනතාවට කිසිදිනක අමතක කළ නොහැකි බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ඔවුන් වෙනුවෙන් දැනට ලබාදෙන වරප‍්‍රසාද තවදුරටත් ඉහළ නංවමින් ඔවුන්ගේ සුබසාධනය සදහා ඉටුකළ යුතු යුතුකම් ඉටු කිරීමට ඉදිරියේදී ද රජය වගකීමෙන් කටයුතු කරන බව ප‍්‍රකාශ කළේය.

    තමන් ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු රණවිරු සුබසාධනය සදහා ගෙන ගිය වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කරමින් ඔවුන්ගේ සුබසාධනය සදහා ව්‍යාපෘති රැුසක් කි‍්‍රයාවට නංවා තිබෙන බව ද ජනාධිපතිතුමා සිහිපත් කළේය.

    ‘අපි වෙනුවෙන් අපි’ රණවිරු නිවාස වැඩසටහන යටතේ රණවිරු නිවාස 90 ක් බෙදා දීමට අදාළ හිමිකම් පත‍්‍ර පිළිගැන්වීම මෙහිදි ජනාධිපතිතුමා අතින් සිදු විය.
    ‘සත්විරු සංහිද’ ව්‍යාපෘතිය යටතේ අර්ධ නිවාස ස`දහා රුපියල් හත්ලක්ෂ පනස්දාහස බැගින් රණවිරුවන් 503 දෙනෙකු වෙත මුදල් ප‍්‍රදානය කිරීම ද සිදු කෙරිණි.
    රණවිරුවන් ස`දහා ඉඩම් හිමිකම් පත‍්‍ර 65 ක් බෙදාදීම, විරු සිසු ප‍්‍රදීප ශිෂ්‍යත්ව පිරිනැමීම ආදි වැඩසටහන් රැුසක් ද මෙහිදී කි‍්‍රයාත්මක කෙරිණි.

    ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණසේන හෙට්ටිආරච්චි යන මහත්වරුන් ද ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ඇතුළු ති‍්‍රවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    [rns_reactions]

  • මෝදි එනවාට මහින්දගේ විරෝධතාවක් නෑ – බුරන ගෝලයන්ට මහින්දම කියයි…

    ඉන්දීය අග්‍රමාත්‍ය මෝදි මහතාගේ මෙරට සංචාරය සම්බන්ධයෙන් තමාගේ කිසිඳු  විරෝධයක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    රුවන්වැල්ල විහාරස්ථානයක පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

    එමෙන්ම මෝදි මහතා සහභාගී වන උත්සව සඳහා සම්බන්ධවීමේ ගැටළුවක් නොමැති බව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කළේය.

    මෝදිගේ මෙරට සංචාරය රටට අහිතකර නොවන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    ඔහු පෙන්වාදෙන්නේ ඉන්දියාව සමඟ ගිවිසුම් අත්සන් කිරීම පමණක් රටට අහිතකර වන බවයි.

    [rns_reactions]

  • සයිට්ම් සටනේ ආන්දෝලනාත්මක පාදෙණිය – රංජන් හමුවෙයි! (PHOTOS)

    වෙසක් පොහොය නිමිති කොට ගනිමින්  කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ විශේෂ වැඩසටහනක් පැවැත්විණි.  එම උත්සවයේදී ඉතා සුන්දර සිදුවීමක් දක්නට ලැබුනා.

    පසුගිය දිනවල පැවති වෛද්‍ය වර්ජනය අතර තුර වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සහ නි. අමාත්‍ය රංජන් රාමනායක අතර දැඩි මතගැටුමක් පැවති අතර එය මාධ්‍ය තුල දැඩි ලෙස කතා බහට ලක්විය.

    නමුත් සම්බෝධි විහාරයේ උත්සවයට මෙ දෙදෙනාම සහභාගී වූ අතර ඔවුන් එහිදී ඉතා සුහදව කටයුතු කලා.

    එහිදී ගත් ජායාරූපයක්  රංජන් රාමනායක මහතාගේ ෆේස්බුක් ගිණුමේ පළකර තිබූ ආකාරය පහතින් දැක්වේ.

    [rns_reactions]