Category: සුපිරි Politics

  • චම්පික සටන අරඹයි – සජිත්ට රතුඑළියක් !

    චම්පික සටන අරඹයි – සජිත්ට රතුඑළියක් !

    පාලක පක්ෂයට එරෙහි පොදු දේශපාලන වේදිකාවක් සඳහා නායකත්වය ලබා දීමට තමා නායකත්වය දෙන 43 වන සේනාංකය සූදානම් බව පඨලී චම්පික රණවක මහතා ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

    43 වන සේනාංකය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඉටු කරන ලද කාර්යභාරය පිළිබඳව දැනටමත් පැහැදිලි කර ඇති බව රණවක මහතා මාධ්‍ය හමුවේ පැවසීය.

    “සජිත් ප්‍රේමදාස මහතා 43 වන සේනාංකයට සම්බන්ධ නැති නමුත් 43 වන සේනාංකය විසින් ඉටුකරන කාර්යභාරය පිළිබඳව අපි දැනටමත් ඔහුට දන්වා තිබෙනවා. මම තනි ක්‍රීඩාවක් විශ්වාස කරන්නේ නැහැ. එබැවින් වත්මන් රජයට එරෙහිව පොදු දේශපාලන වේදිකාවක් සඳහා නායකත්වය ලබා දීමට 43 වන සේනාංකය සූදානම් බව කියන්න කැමතියි.  වත්මන් රජයට විකල්පයක් බවට පත්වන නව නායකයින් බිහි කිරීම සඳහා 43 වන සේනාංකය සූදානමින් සිටිනවා.

    වර්තමාන පාලන තන්ත්‍රයට එරෙහිව පොදු වේදිකාවක් හා සම්බන්ධ වීමට අමාත්‍ය උදය ගම්මන්පිලගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙළ උරුමය වැනි දේශපාලන ව්‍යාපාරවලට ආරාධනා කර තිබෙනවා. පොදු වේදිකාවට එක්වන ලෙස අපි පුද්ගලයන්ට ආරාධනා කරන්නේ නැහැ‘‘ රණවක මහතා වැඩි දුරටත් පැවසීය

  • ඇමැති ‘මහින්ද අමරවීරත්‘ කුඩම්මාගේ සැලකිලි ගැන කියයි

    ඇමැති ‘මහින්ද අමරවීරත්‘ කුඩම්මාගේ සැලකිලි ගැන කියයි

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන්ට ඇතැම් ඇමැතිවරුන්ගෙන්  හා  ප්‍රාදේශීය දේශපාලඥයන්ගෙන් කෙනෙහිලිකම්  සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

    ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී අමරවීර මහතා මේ බව පැවසීය. මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා, ‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් ද යම් යම් මදිපුංචිකම් සිදුවෙනවා. අපි පක්ෂයක් ලෙස මුහුණ දෙමින් සිටින මේ ගැටලුකාරී තත්වය සම්බන්ධයෙන්  පක්ෂයේ නායකයන් සමග  සාකච්ඡා කරමින් සිටිනවා. ඒ වගේම ඉදිරියේදී ජනාධිපති වරයා හා හා අගමැතිවරයා  මුණගැසී  රට ඉදිරියට ගෙන යා හැකි පක්ෂයේ  යෝජනාවලියෙ භාර දීමට සැලසුම්කර තිබෙනවා. කොහොම වුණත් මේ අවස්ථාවේදී  පක්ෂයක් හැටියට මිස කිසිවකු පෞද්ගලික තීරණ ගැනීමක් සිදු වන්නේ නැහැ‘‘

    මේ අතර පසුගිය දා රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා ද කියා සිටියේ ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන් ‘රබර් සීල්‘ බවට පත්ව ඇති බවයි.

  • ආණ්ඩුව ජාමේ බේර ගන්න කරන වැඩ නිසා ‘පරිප්පු කන්නේ‘ ජනතාව – බිමල් රත්නායක

    ආණ්ඩුව ජාමේ බේර ගන්න කරන වැඩ නිසා ‘පරිප්පු කන්නේ‘ ජනතාව – බිමල් රත්නායක

    තමන්ගේ දේශපාලන බංකොළොත්කම වහගන්න විවිධ පුද්ගලයන් දඩයම් කිරීමෙන් සිද්ධ වෙන්නේ ජී.එස්.පී.ප්ලස් නැතිවෙලා ලංකාව මේ තියෙන තැනෙනුත් පහළ වැටෙන්න පුළුවන්. ඒ නිසා අපි ජනතාවට අනතුරු අඟවන්නේ මේ තියෙන තත්වය අවබෝධ කරගන්න කියලා. ආණ්ඩුව තමන්ගේ දේශපාලන ජාමය බේරාගන්න මේ රටේ නීති කඩමින් ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරමින් ජාතිවාදය ඇතිකරමින් කරන කටයුතු නිසා පරිප්පු කන්න වෙන්නේ පොදු ජනතාවට. අන්න ඒ දේශපාලන සූදුවට ඉඩ දෙන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක අවධාරණය කරයි.

    ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා වමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (01) පෙරවරුවේ පැවති මාධය හමුවක් අමතමිණි.

    එහිදී ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස්…

    “ජනාධිපති සහ ආරක්‍ෂක ඇමති හැටියට ගෝඨාභය රාජපක්‍ෂ මහතාත්, විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතාත් අධිකරණ ඇමති අලි සබ්රි මහතාත් 2021 ජූනි 18වැනිදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. කැබිනට් පත්‍රිකාවේ තේමාව “1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත නැවත සලකා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත්කිරීම” වශයෙනි. මේ කැබිනට් පත්‍රිකාවට අනුව අප විසින් බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතු කරුණු ගණනාවක් තිබෙනවා. මේ පත්‍රිකාව ඉදිරිපත් කරන දේශපාලන වටපිටාව පැහැදිලි කරගෙන කැබිනට් පත්‍රිකාවේ කරුණු සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගැනීම වැදගත්.

    පසුගිය ජුනි 10වැනිදා යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව සම්බන්ධව සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම ඇතුළු කරුණු රාශියක් සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කරගත්තා. මේ පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදී අරමුණු වෙනුවෙන් වගේම ඉතාම දුර්දාන්ත අධිරාජ්‍යවාදීන් වෙනුවෙන් පෙනී සිටින ආයතනයක් බවත් අපි දන්නවා. මෙවර යුරෝපා පාර්ලිමේන්තුව ඉදිරිපත් කර තිබෙන යෝජනාව තුළ මේ රටේ යථාර්තයක් වන කරුණු රාශියක් තිබෙනවා. ගෝඨාභය රාජපක්‍ෂ පාලනය විසින් රටේ පවත්වාගෙන යන අර්ධ මිලිටරි පාලනය, මේ රටේ ධනවතුන්ගේ සහ බලවතුන්ගේ වුවමනාව අනුව මෙහෙයවන නීතිය, විරුද්ධ අදහස් දරන අයට විරුද්ධව කැලෑ නීතිය ක්‍රියාත්මක කිරීම ආදිය පැහැදිලිව දකින්න ලැබෙනවා. 20වැනි සංශෝධනය හරහා සහමුලින්ම අධිකරණ විනිශ්චයකාරවරුන් පත්කිරීම ඇතුළු බලතල ගණනාවක් ජනාධිපතිවරයා නතුකර ගැනීමෙන් නීතිය සහ යුක්තිය ඉටුකර ගැනීම අහුරා දමා තිබෙනවා.

    යුරෝපා පාර්ලිමේන්තුව ත්‍රස්තවායද වැළැක්වීමේ පනත කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. මේ පනත අහෝසි කරලා වෙනත් පනතක් ගෙන්න කියලා ඔවුන් යෝජනා කරනවා. රනිල්-මෛත්‍රී පාලනය මෙවැනි පනතක් ගේන්න උත්සාහ කළා. යුද්ධයෙන් පස්සේ විශේෂයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දේශපාලන විරුද්ධවාදීන්ට විරුද්ධවත්, ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයන්ගේ දූෂණ සහ වංචාවන් විමර්ශනය කරන නිළධාරීන් කොටු කිරීම සඳහාත් යොදාගෙන තිබෙනවා. ඒ ගැන ඔවුන් පැහැදිලිව අවධානය යොමුකර හිජාස් හිස්බුල්ලා නීතිඥවරයා, අවුරුදු 26ක් වයස අහ්නා ජසීම් කියන තරුණ ලේඛකයා වගේම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂවරයා ඇප නොදී රඳවාගෙන සිටීම ගැනත් විශේෂයෙන් අවධානය යොමුකර තිබෙනවා.

    සිවිල් ක්‍රියාකාරීන්, සමාජ මාධ්‍ය තහනම් කිරීමේ ගැසට් එක, වගේ කරුණුත් යුරෝපා පාර්ලිමේන්තුව සැලකිල්ලට ගෙන තිබෙනවා. යුද්ධ කාලයෙත් නොතිබුණු දරුණු නීති එකතු කර සහ අනික් පැත්තෙන් නීති නොසලකා කටයුතු කිරීම සම්බන්ධයෙනුත් කරුණු දක්වා තිබෙනවා. දැන් වෙන දේවල් අනුව සුවිශාල යුද්ධයකදී පාවිච්චි කරන ආයනත සහ නීති මොවුන් පාවිච්චි කරමින් ඉන්නවා. මේ තත්වය යටතේ යුරෝපා පාර්ලිමේන්තුව ජී.එස්.පී. ප්ලස් සහනය තාවකාලිකව හෝ ඉවත් කරන්න යෝජනා කරනවා. මේ සහනය නිසා යුරෝ මිලියන 2.3ක පමණ ලංකාවේ අපනයන වෙළඳපොළ අහිමි වෙනවා. ලංකාවේ දෙවන වැඩිම අපනයන වෙළඳපොළෙ යුරෝපා සංගමය. මහර හිරගෙදර 11දෙනෙකු ඝාතනය කිරීම සහ 150කට වැඩි පිරිසකට පහර දීම, අඟුණකොලපැලැස්ස හිර ගෙදර පහර දීම ඇතුළු තිරස්චීන ක්‍රියා සම්බන්ධයෙන් දීපිකා උඩුගම මැතිණියගේ කාලයේ මේ රටේම මානව හිමිකම් කොමිෂන් සභාවෙන් වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කිසිම නීතියක් ක්‍රියාත්මක වුණේ නැහැ. යුරෝපා සංගමයේ යෝජනාව සම්මත කරන්නේ මෙවැනි වටපිටාවක.

    ලංකාව දැන් විශාල විදේශ විනිමය හිඟයක ඉන්න බව අගමැතිවරයාම කියනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ වගේම මේ රටේ වැඩකරන පංතියේ ආර්ථිකය විශාල වශයෙන් බිඳ වැටිලා තියෙන්නේ. ඒ තත්වය යටතේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් කරන්නාවූ දේවල් නිසා යුරෝපා සංගමයේ වෙළඳපොළත් අහිමිකර ගන්නත් යනවා. ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුව මාතෘභූමියේ ස්වෛරීත්වය වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග නිසා ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි කරන්න යනවා නෙවෙයි. මේ දුර්දාන්ත පාලනයේ අවශ්‍යතා වෙනුවෙන් කර තිබෙන දේවල් නිසා රටක් වශයෙන් වන්දි ගෙවන්න සිදුවී තිබෙනවා. කොවිඩ් මරණ භූමදානය කරන්න ඉඩ නොදී මුළු ලෝකයම රටවල් ඉස්සරහ විහිළුවට පත්වී අපට හිතවත්ව සිටි මුස්ලිම් රටවල්වල ඡන්ද ටිකත් ජිනීවාවලදී නැතිකර ගත්තා. අවසානයේ ජිනීවාවලදී පොල්ලෙන් ගහද්දී ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුව දණ ගහලා සයින්දමරුදුවල කොවිඩ් සිරුරු වළදාන්න ඉඩ දුන්නා. මිත්‍ර රටවල් රාශියක් නැතිකරගෙන මානව හිමිකම් කොමිසමෙන් පොල්ලෙන් ගැහුවාම භූමදානය කරන්න ඉඩ දුන්නා. ලංකාවේ ජනතාව අඬලා, දොඩලා, වැඳලා, පුදලා කීවාට නොකරන දේවල් ජිනීවාවලින් පොල්ලෙන් ගැහුවාම ඉටුකරනවා. ශානි අබේසේකර මහත්තයාට ඇප දීමත් එහෙමයි. අවුරුද්දක් තිස්සේ රිමාන්ඩ් භාරයේ තබාගෙන ඉඳලා අභියාචනාධිකරණයෙන් තීන්දු කළේ ඔහුව රඳවා තබාගන්නවත් පසුබිමක් නැහැ කියලා. මේ අනුව අපට පේනවා වර්තමාන පාලකයන් යටතේ දෙපාර්තමේන්තු ක්‍රියා කරවමින් ඉන්නේ විදේශ බලකිරීම් කැඳවා ගැනීමේ වටපිටාවක බව.

    රිෂාඩ් බදුයුදීන් මන්ත්‍රීවරයා මාස ගණනාවක් තිස්සේ රැඳවුම් භාරයේ තබාගෙන සිටිනවා. පාස්කු ඉරිදා එල්ල කළ තිරස්චීන ප්‍රහාරය එල්ල කර අවුරුදු දෙකකට වැඩියි. ඒකට සම්බන්ධ සියලු දෙනාටම රටේ පවතින නීතිය අනුව දඬුවම් දිය යුතුමයි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට අමතරව රටේ සිටි ඉහළ හමුදා නිලධාරියෙක්. ඒ නිසා ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් යම්කිසි අවබෝධයක තිබෙන බව හිතනවා. හැබැයි පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඔහු බලයට පත්වූ පසු අලුතින් කළේ මොනවාද? සාමාන්‍ය දැනීමට තිබෙන කරුණු මත මම මේ ප්‍රශ්න කරන්නේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත්කළ පාස්කු කොමිසමම තමයි වර්තමාන පාලනය යටතෙත් දිගටම පවත්වාගෙන ගියේ. එයින් අදහස් කරන්නේ ඒ කොමිසම හරි කියලා ආණ්ඩුව පිළිගන්න බවයි. ත්‍රස්තවාදය සම්බන්ධයෙන් විශේෂ දැනුමක් තිබෙන කොමසාරිස්වරු පත්කිරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට තිබුණා. අවශ්‍ය නම් පස්දෙනාම අයින් කරලා වෙන අය දාන්නත් තිබුණා. ඒ කිසිවක් කළේ නැහැ. අඩුම තරමේ මේ කොමිසමට අමතරව විශේෂ පරීක්‍ෂණ ඒකකයක් පිහිටුවන්නවත් උනන්දු වුණේ නැහැ. නමුත් ඡන්දයේදී පෝස්ටර් ගැහුවේ “හතරයි විසි එක මතකද?” කියලා. අප්‍රේල් 21 ප්‍රහාරය එල්ල වුණාම 23 වැනිදා එතුමා කීවේ ඡන්දය ඉල්ලනවා කියලා. හැබැයි පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සම්බන්ධයෙන් විශේෂ මැදිහත්වීමක් ආරක්‍ෂක හමුදාවේ හිටපු නිලධාරියෙක් හැටියට මැදිහත් වෙනවා අපි දැක්කේ නැහැ.

    කාදිනල්තුමා විවිධාකාරයේ චෝදනා ආණ්ඩුවට ඉදිරිපත් කළා. පාස්කු ප්‍රහාරයට අවුරුදු දෙකක් පිරීමත් සමග ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාවගේ විරෝධය එල්ල වෙන අවස්ථාවේ රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත්තා. හැබැයි ඔහුට පාස්කු කොමිසමෙන් චෝදනා ගොණුවුණේ නැහැ. පොදුවේ ජනතාවගේ විරෝධය එල්ල වෙමින් “අවුරුදු දෙකක් මොනවද කළේ?” කියලා අහනකොට ඒක වෙනස් කරන්න රිෂාඩ් බදුර්දින් මන්ත්‍රීවරයා අත්අඩංගුවේ තබාගෙන ඉන්නවා. ඔහු මෙයට සම්බන්ධද නැද්ද කියන එක විමර්ශනය කිරීම ඒ අංශවල කටයුත්තක්. නමුත් පාස්කු ප්‍රහාරය කියන්නේ මේ ආණ්ඩුවට සොහොන ළඟින් යනකොට හැංගිලා යනවා වගේ තත්වයක්. පාස්කු ප්‍රහාරයෙන් පස්සෙත් ඡන්දය වෙනුවෙන් දොස්තර සාෆිලා වගේ මාතෘකා ගෙනාවා. ඒ ඔක්කොම කරලත් සොහොන්පොළ ළඟින් යනකොට වගේ ආණ්ඩුව හැසිරෙන්නේ. ඊළඟ ජිනීවා යෝජනාවත් ගෙනාවාට පස්සේද රිෂාඩ් බදුර්දීන් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ?

    තමන්ගේ දේශපාලන බංකොළොත්කම වහගන්න විවිධ පුද්ගලයන් දඩයම් කිරීමෙන් සිද්ධ වෙන්නේ ජී.එස්.පී.ප්ලස් නැතිවෙලා ලංකාව මේ තියෙන තැනෙනුත් පහළ වැටෙන්න පුළුවන්. ඒ නිසා අපි ජනතාවට අනතුරු අඟවන්නේ මේ තියෙන තත්වය අවබෝධ කරගන්න කියලා. ආණ්ඩුව තමන්ගේ දේශපාලන ජාමය බේරාගන්න මේ රටේ නීති කඩමින් ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරමින් ජාතිවාදය ඇතිකරමින් කරන කටයුතු නිසා පරිප්පු කන්න වෙන්නේ පොදු ජනතාවට. අන්න ඒ දේශපාලන සූදුවට ඉඩ දෙන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ වගේ වටපිටාවක ඉදිරිපත් කර තිබෙන මේ කැබිනට් පත්‍රිකාවේ හැම තැනම සඳහන් කර තිබෙන්නේ “ත්‍රස්තවාදය වැළැක්වීමේ ජාත්‍යන්තර සම්මුති, රෙගුලාසි මෙන්ම නඩු තීන්දු අනුව යමින් ශ්‍රී ලංකාවේ නීතිය සංශෝධනයට ලක්කිරීම තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා ත්‍රස්තවාදය වැළැක්වීමේ දේශීය නීති පද්ධතිය සංවර්ධනය වී ඇත.” කියලයි. එහෙම කියන ගමන්ම කැබිනට් පත්‍රිකාවෙන් ඉලක්ක කරන්නේ සමාජ මාධ්‍ය පාලනය කරන්න. ත්‍රස්දවාදය එන්නේ සමාජ මාධ්‍යවලින් බව තහවුරු කරන්න උත්සාහ කරනවා. ත්‍රස්තවාදය සම්බන්ධයෙන් අදහස් හා ආකල්ප සමාජ මාධ්‍ය හරහා පුළුල් කර ගැනීමක් ගැන සඳහන් කරනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නමින් මේ කැබිනට් පත්‍රිකාවේ මුළු අවධානයම යොමු කර තිබෙන්නේ සමාජ මාධ්‍ය හා සයිබර් අවකාශය සම්බන්ධයෙන්.

    ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය දිගටම තිබෙන්නේ විශේෂ මර්දන නීති මේ රටට අවශ්‍ය නැහැ කියන එක. මේ මර්දන නීතිවලින් මුළු රටම කැරකොප්පුවක් බවට පත්කළා. ජනතාව, මාධ්‍යවේදීන්, ස්වාමින් වහන්සේලා සහ සිවිල් ජනතාව මුළුමනින්ම කැරකොප්පුවකට දැක්කෙව්වා. රටතුළ ත්‍රස්තවාදයක් තියෙනවා නම් මැඩ පවත්වන්න සාමාන්‍ය නීති සංවර්ධනය වෙලා තිබෙන බව ආණ්ඩුවම කියනවා. ඒ නිසා නව මර්දන අනපනත් අවශ්‍ය නැහැ. දැනට තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතත් පාවිච්චි වෙන්නේ කොහොමද කියලා ඔබ දන්නවා. රාජ්‍ය දේපොළ වංචා කර බැරල් දාලා පාරක් කාපට් කළ සිද්ධියකට රිදීමාලියද්දේ ජනතාව විරෝධය පෑවා. ලංකාවේ දුප්පත්ම දෙවැනි තැන ගන්නා ජනතාවක් ඉන්න ප්‍රදේශයක වංචාවන්ට විරුද්ධව ජනතාව හඬ නගනකොට තක්කඩි දේශපානඥයන් මැර ප්‍රහාර එල්ල කරනවා. ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා අපි දැක්කා. ඔහුව අත්අඩංගුවට නොගැනීම ගැන ජන මතයක් ගොඩනැගුණහම අත්අඩංගුවට ගෙන ඇප දෙනවා. ඒ සභාපතිවරයාම ගිහින් තමන්ට ප්‍රහාරයක් එල්ල කළා කියලා පොලීසියේ පැමිණිලි දානවා. අර පාරේ වංචාව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද? සාමාන්‍ය තරුණයෙන් මුහුණු පොතේ පෝස්ට් එකක් දැම්මාම සී.අයි.ඩී. එකෙන් යන්නේ රංචු පිටින්. නමුත් වංචාවක් ගැන ප්‍රධාන මාධ්‍යවල පෙන්නූ කරුණු සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ කොහොමද? දැනට තිබෙන නීතිය මේ මට්ටමින් අවභාවිතා කරන පාලකයන් ත්‍රස්තවාදය වළක්වන්න කියලා යුරෝපා සංගමය දෙන ලණු කාල ක්‍රියාත්මක වුණොත් හිට්ලර්ගේ, මුසලෝනිගේ දෙදෙනාම එකතු වූ පාලනයක් බවට පත්වෙනවා. ඒ තරම් තක්කඩි ආකාරයට දැන් පවා නීති ක්‍රියාත්මක වෙන්නේ.

    සමාජ මාධ්‍ය සම්බන්ධව ආණ්ඩුවේ ලොකු කතාවක් තියෙනවා. සමාජ මාධ්‍ය සර්ව සාධාරණ එකක් නෙවෙයි. ඒවා මෙහෙයවන්නේ අති විශාල සමාගම් සහ අතිවිශාල දේශපාලන පක්‍ෂ. ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය බහුතරයක් දේශපාලන පක්‍ෂවලට ගැතිකම් කරනවා වගේම සමාජ මාධ්‍යයත් එහෙමයි. නමුත් ජනතාවට තමන්ගේ අදහස් කියා ගන්න යම් කිසි ඉඩක් ගොඩනැගිලා තියෙනවා. ත්‍රස්තවාදය අල්ලගෙන දඩයම් කරන්න හදන්නේ මේ පොඩි ඉඩකඩයි. ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ට විරුද්ධව ගෙනගිය මඩ ප්‍රචාර සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි රාශියක් කළා. මේ මඩ ප්‍රහාර ගෙනගිය පොහොට්ටු මඩ බළකායට සම්බන්ධ එකසිය තිස් ගණනකගේ සම්පූර්ණ විස්තර ලබාදුන්නා. මේවා සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණ කෝ? නීතිය සම්පූර්ණයෙන්ම පක්‍ෂග්‍රාහීව යොදා ගන්නා පාලක කල්ලියක් දැන් ඉන්නේ. මේ දේශපාලන ප්‍රභූන්ගේ වාහනවලට හැප්පිලා පහුගිය කාලේ පොලීසියේ ගණනාවක්ම මැරුණා. බොරැල්ල පොලීසියේ ට්‍රැෆික් ඕ.අයි.සී. මහත්තයා මැරුණා. ඒ වගේම කොල්ලුපිටිය ප්‍රදේශයේ පොලිස් කොස්තාපල් මහත්තයෙක් මැරුණා. මේ වගේ කල්ලි ආරක්‍ෂා කරන්න පොලීසියේ සමහර නිලධාරීන් ක්‍රියා කරන ගමන් මඩ බළකායට විරුද්ධව පැමිණිලි කරන ඒවා පරීක්‍ෂා කරන්නේ නැහැ. වංචා-දූෂණ සම්බන්ධයෙන් කරුණු පරීක්‍ෂා කරන්නේ නැහැ.

    රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ ධනවතුන්ට, බලවතුන්ට වගේම ආණ්ඩු පක්‍ෂයට සම්බන්ධ අයට පක්‍ෂග්‍රාහීව. මෑතකදී සිරකරුවන් නිදහස් කිරීමත් මේ වගේමයි. පෙබරවාරි 04වැනිදා මේ රට ඉතිහාසයේ පළමු වරට මරණීය දණ්ඩනය නියමවී සිටින සිකරුවන් නිදහස් කළා. ඊට පස්සේ ජූනි මාසේ මුල් සති දෙක තුළ නාමල් රාජපක්‍ෂ ඇමතිවරයා එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ටත් ජනාධිපති සමාව දෙන බව කීවා. ඊට පස්සේ පොසොන් පොහොයදා මාධ්‍ය ආයතනයක හිමිකරුවෙකුගේ සහෝදරයෙක් නිදහස් කළා. පෙබරවාරි මාසේ ඉඳලා ආවේ මේකට. මේ පිරිස අතර එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 16ක් හිටියා. එක් කෙනෙක් අත්අඩංගුවට ගන්නේ 2011දී. අධිකරණයෙන් සිර දඬුවම් නියම කළේ අවුරුදු 7ක්. 2012දී අත්අඩංගුවට ගත් කෙනෙකුගේ දඬුවම අවුරුදු 7යි. 2009 ජූලි මාසේ අත්අඩංගුවට ගත් කෙනෙකුගේ දඬුවම් කාලය අවුරුදු 2යි මාස 6යි. ඒ වගේම හැබැයි නිදහස් කරනකොට අවුරුදු 12කට ආසන්න කාලයක් සිර දඬුවම් විඳ තිබෙනවා. මම පැහැදිලි කරන්නේ අධිකරණයේ නීතිමය ක්‍රියාමාර්ගවලට ගතවන කාලයත් එක්ක ඒ ලැබෙන දඬුවම් කාලය එකතු වුණාම විශාල දඬුවම් කාලයක් සිරගත කර සිට තිබෙනවා. නිදහස් කළ 16 දෙනාගේම නීත්‍යානුකූල සිර දඬුවමට වඩා විශාල කාලයක් බන්ධනාගාරවල රඳවලා සිටියා. ආණ්ඩුව මේ සියල්ල කිරීමේ අරමුණ ඕනෑම නීතියක් තමන්ගේ දේශපාලන වූවමනා නිසා කඩන්න සූදානම් බවයි.

    කොවිඩ් තත්වය ඇතුළේ රැඳවුම් බාරයේ ඉන්න සිරකරුවන් සති දෙකෙන් දෙකට උසාවියට ගෙන එන්නෙත් නැහැ. ඔවුන්ගේ ඡායාරූපයක් හෝ වීඩියෝ පටයක් උසාවියට ඉදිරිපත් කරනවා. මේ නිසා තමන්ගේ පවුලේ අයට රැඳවුම් භාරයේ ඉන්න කෙනාව අවුරුදු එක හමාරකින් පෙන්වා නැහැ. රැඳවුම් භාරයේ තවමත් එල්.ටී.ටී.ඊ. සැකකරුවන් දෙසිය ගණනක් ඉන්නවා. මේ අය මෙහෙම තියාගෙන හිටියාම ඒ දරුවෝ ත්‍රස්තවාදයට පෙළඹෙන්නේ නැද්ද? මේ දරුවන්ට ලැබෙන පෙළඹවීම කුමක්ද? අන්තවාදය මැඩ පැවැත්වීම අවශ්‍ය නම් ඒ සැකකරුවන්ට දෙන දඬුවම විසින් තව අන්තවාදීන් බිහි කෙරෙන ආකාරයෙන් නම් සිද්ධ වෙන්නේ මොකක්ද? අන්තවාදය පරාජයට පත්කළ යුතුමයි. හැබැයි එය කළ යුතු වන්නේ අන්තවාදය බෝ නොවන ක්‍රමවලින්. සදාම් හුසේන්ගේ ඒකාධිපති පාලනය වෙනස් කරන්න ඇමරිකාව ඊට වඩා ත්‍රස්තවාදයක් යොදවා සුන්නධුලි කළා. එහි ප්‍රතිඵලයක් තමයි විවිධ ත්‍රස්තවාදී කල්ලි බිහිවීම.

    ඒ නිසා මේ රට රකිනවා කියලා වචනවලට මුවාවෙලා වර්තමාන ආණ්ඩුව ගෙනයන ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාමාර්ග තේරුම් ගන්න කියලා ජනතාවට කියනවා. පටු දේශපාලන වුවමනා වෙනුවෙන් ආණ්ඩුව කරන මේ කටයුතු නිසා අර්බුදයට ලක්වෙමින් තිබෙන්නේ රට. ජී.එස්.පී. ප්ලස් ලංකාවට නැති වුණොත් රට තවදුරටත් අගාධයට වැටෙනවා. එයින් තව දුරටත් රට විදේශීය බලවතුන්ගේ ග්‍රහණයට ලක්වෙනවා. එසේ නොවී සිටීමට නම් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ආරක්‍ෂා කිරීම අවම මට්ටමින් හරි තිබෙන නීතියේ විධානය ආරක්‍ෂා කිරීම හරි දෙයක්. ඒකට ජාත්‍යන්තරයෙන් බලපෑම් එන්න ඕනෑ නැහැ. රට තුළ නීතිය කඩලා ඒ ගැන කතා කරනවා කියලා ලෝකයට බැනලා වැඩක් නැහැ. ඒනිසා අපි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න කියලා ආණ්ඩුවට බල කරනවා. මේ පනත් යොදාගෙන සමාජ මාධ්‍ය සහ වෙනස් අදහස් තිබෙන පුද්ගලයන් දඩයම් කිරීම නවත්වන්න කියලා බල කරනවා. ආණ්ඩුව ඉදිරිපත්කරන බොරු තර්කවලට හසු නොවෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධව මඩ ගැහීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන පැමිණිලි රාශියට ගන්නා ක්‍රියාමාර්ග මොනවාද කියලා හෙළිකරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් ඉල්ලා සිටිනවා.”

  • අවුරුදු 27ක් ගත වුණත් ‘සමෘද්ධියෙන්‘ රටට ලැබුණ සමෘද්ධියක් නෑ – අගමැති මහින්ද

    අවුරුදු 27ක් ගත වුණත් ‘සමෘද්ධියෙන්‘ රටට ලැබුණ සමෘද්ධියක් නෑ – අගමැති මහින්ද

    දුෂ්කරතා මැද වැඩ කළොත් එහි ප්‍රතිඵලය කවදාහරි මේ රටට ඉතිරි වෙනවා කියන විශ්වාසයෙන් අපි වැඩ කරමු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (01) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවසීය.

    ‍‍දිවයින පුරා ගම්මාන 500ක් “සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන” ලෙස සංවර්ධනය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

    ඒ අනුව නුවරඑළිය මන්දාරම්නුවර බෝංචි බීජ හා කෝපි නිෂ්පාදන ගම්මානය, පේරාදෙණිය උඩුඊරියගොල්ල මල් නිෂ්පාදන ගම්මානය සහ යාපනය සංදිලිපායි පිරාන්පට්රු තල තෙල් නිෂ්පාදන ගම්මානය “සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන” ලෙස නම් කරමින් ඊට අදාළ සමරු ඩිජිටල් පුවරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මෙහි දී නිරාවරණය විය.

    කුරුණෑගල ගනේවත්ත කුඹුක්ගැටේ ගම්මානයේ සහ ගම්පහ මීරිගම කීනදෙණිය ගම්මානයේ ඉදිවූ  “සෞභාග්‍යා සෙනෙහසේ නවාතැන” නිවාස මෙම උත්සවයට සමඟාමීව එම නිවෙස් හිමියන්ට ප්‍රදානය කෙරිණි.

    ජනතාවට කාර්යක්ෂම හා කඩිනම් සේවාවක් ලබාදීම සඳහා සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය  අද (01) සිට ලබන 07 වැනිදා දක්වා සෞභාග්‍යා – සමෘද්ධි සතිය ප්‍රකාශයට පත් කර තිබේ.

    “සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන” සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කළ සම්පූර්ණ කතාව මෙසේය.

    මිත්‍රවරුනි, අපේ රටේ සමෘද්ධි හා අඩු ආදායම්ලාභී ජනතාව නගා සිටුවීම ගැන අපි නිරන්තරයෙන් අවධානය යොමු කරනවා.  මේ වගේ ගෝලීය වසංගතයක් හමුවේදීත් මේ ජනතාව වෙනුවෙන් රජයක් ලෙස යුතුකම් ඉටුකරන්නෙ කොහොමද කියලා අපි කල්පනා කළා.

    දීමනා දීලා මේ ජනතාව ඉන්න තැනම හැමදාම තියන එක වෙනස් කරන්නයි. අපට උවමනා වුණේ.

    ඒ වෙනුවෙන් තවත් ඉදිරි  පියවරක් තබන්න “සෞභාග්‍යා සමෘද්ධි සතිය”ට හැකිවනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.

    මිත්‍රවරුනි, 1994 දි ආරම්භ වුණ සමෘද්ධි ව්‍යාපාරයට දැන් අවුරුදු 27ක්. එදා සමෘද්ධිය ඇරඹුනේ අපේ රටේ දිළිදු ජනතාව ආර්ථික වශයෙන් සවිබල ගන්වන්න. හැබැයි එදා අපේක්ෂා කළ ප්‍රතිඵල තවමත් අපට ලැබුණද කියලා අපි ගැඹුරින් සොයලා බලන්න ඕනි.

    එදා සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කරන විට ඒ තුළින් ආධාර ලබපු  අය අදටත් ඒ විධියටම අධාර ලබනවා නම් අපේ ඒ අපේක්ෂා ඉටුවෙලා නැහැ කියන එකයි  ඒ තුළින් කියැවෙන්නේ කියලයි මම විශ්වාස කරන්නේ.

    මිත්‍රවරුනි, සමෘද්ධිය ලබාදුන් පමණින් කවුරුත් පොහොසත් වන්නේ නැහැ. ඒ අයට ආදායම් මාර්ගයක් සකසලා දීලා ඔවුන්ට නිසි මග පෙන්වලා දෙන්න උවමනායි.එදා මහින්ද චින්තනයෙන් සහ මහින්ද චින්තන ඉදිරි දැක්මෙන් අපි ඒ බව වඩා හොඳින් තේරුම් අරගෙන සමෘද්ධි ව්‍යාපාරයම ශක්තිමත් කරන්න පියවර ගත්තා.

    සමෘද්ධිලාභී  පවුල්වල තරුණ තරුණියන්  වෘත්තීය පුහුණු වැඩ සටහන් සඳහා යොමු කරලා ඒ අයව  නිපුණතා සපිරි ශ්‍රම බලකායක් බවට පත්කළා. ඒ තුළින් බොහෝ ව්‍යවසායකයන් බිහිකරන්න අපට හැකිවුණා කියලා අපි විශ්වාස කරනවා.

    ඒ විතරක් නෙමෙයි ඒ අයව  රජයේ සහ පෞද්ගලික අංශයේ පමණක් නෙවෙයි  විදේශ රටවල රැකියා සඳහාත් යොමු කරන්න අපට පුළුවන් කම ලැබුණා. ඒ නිසා බොහෝ පිරිසක් තව දුරටත් ආධාර හෝ දීමනා මත යැපෙන තත්ත්වයෙන් මුදා ගන්න අපට හැකිවුණා. 

    මිත්‍රවරුනි, අපි සමෘද්ධිය මත නැවතිලා හිටියෙ නැහැ. අදත් අප විශ්වාස කරන්නෙ එතැනින් ඉදිරියට යන්න ඕනි කියලා. සෞභාග්‍යයේ දැක්මෙ ඵලදායී පුරවැසියෙකු වගේම සතුටින් ජීවත්වන පවුලක් කියන සංකල්පය අපි ඉදිරියට ගෙනවිත් තිබෙනවා. මේ ඔස්සේ අංග සම්පූර්ණ ගෘහ නේවාසික ආර්ථිකයක් ඇතිකරලා ගම්මාන වශයෙනුත් එම ජනතාව සමෘද්ධිමත් කිරීමයි අපේ අරමුණ වන්නේ.

    හැබැයි ඔබ තමුන්නාන්සෙලා දන්නවා, ආපස්සට හැරිලා බැලුවම පහුගිය ආණ්ඩු කාලයේ මේ අඩු ආදායම්ලාභි ජනතාව නගා සිටුවීම ගැන හැරිලාවත් බැලුවෙ නැහැ. සමෘද්ධිය දුන්නත්, ඒ සමෘද්ධියත් එයාලගෙ පක්ෂෙ අයට විතරයි කියලා මේ දැවැන්ත ව්‍යාපාරය ඉතාමත් ලඝු තැනකට ගෙනා බව ඔබට මතක ඇති.

    මිත්‍රවරුනි, ඒ අයගෙ දේශපාලන උපක්‍රමවල ලියැවිලා තිබුණෙ ජනතාව නගා සිටුවීම නෙමෙයි ඒ අය ඒ තැන්වලම තියලා දේශපාලන වාසියක් ගන්න. අපි කවදාවත් ඒ තැනට වැටුණෙ නැති බව අද සතුටින් කියන්න කැමතියි.

    මට මතකයි ඡන්ද පැරදුණාම සමහරු මට ඇවිත් කියනවා. කටුමැටි බිත්ති ගෙවල් ගඩොලින් බැඳුනම, බයිසිකලයක්වත් නැතිව තිබුණ ගෙදරට ත්‍රී රෝද රථයක්, හරි වාහනයක් ගත්තම සර් අපි ඡන්ද පරදිනවා කියලා. මම එදත් කිව්වෙ කමක් නෑ ජනතාව හිටපු තැනින් පියවරක් ඉස්සරහට තියලා නම්, ඒකෙන් කියන්නෙ මේ රට තවත් පියවර ගණනාවක් ඉදිරියට ඇවිත් කියලා.

    මිත්‍රවරුනි, සමෘද්ධිය වෙනුවෙන් අපි වසරකට රුපියල් මිලියන 50000 ක් වැය කරනවා. අපේ රජය දැනටමත් සමෘද්ධි පවුල් ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම සඳහා අලුතින් වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කරලා තියෙනවා.

    ඒ අනුව ගෘහ ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමටත්, ඔවුන්ගේ ආදායම් ඉහළ නංවන්නත් අද ආරම්භ කරන මෙම සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහනට හැකිවෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.

    ශෙහාන් සේමසිංහ අපේ රාජ්‍ය ඇමතිතුමා කිව්ව විධියට දිවයින පුරා ගම්මාන 500ක් නිෂ්පාදන ගම්මාන ලෙස හඳුනගෙන අපි සංවර්ධනය කරනවා. ඒ සඳහා සමෘද්ධිලාභීන් විතරක් නෙමෙයි අඩු ආදායම්ලාභීන් සහ නිෂ්පාදන කාර්යයට දායකවන හැමෝමත් එක්කරගන්නවා කියලයි ඇමතිතුමා කිව්වේ.

    ඔබ දන්නවා වසංගත තත්ත්වය හමුවේ මුළු ලෝකයම විවිධ දුෂ්කරතාවලට මුහුණපානවා. රටක් විධියට අපටත් ඒ දුෂ්කරතා අඩු වැඩි වශයෙන් තිබෙනවා. නමුත් සියලු දෙනාගේම සහයෝගයෙන් එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රමවත්ව ඉදිරියට ගෙනියන්න අපට අද හැකිවෙලා තියෙනවා. ජනතාව ඒ ගැන විශ්වාසය තබා කටයුතු කිරීම රජයට ලබා දෙන ශක්තියක් බව මා මෙහි දී මතක් කරන්න ඕනි.

    දේශීය ආර්ථිකය නගා සිටුවමින් රට සංවර්ධනය කරා ගෙනයාමේ අපේ අරමුණ වෙනුවෙන් අපි  වැඩකරන බව ජනතාවට සිහිපත් කරන්න කැමතියි.

    අද ඇරඹෙන මේ වැඩසටහන තුළත් ග්‍රාමීය ප්‍රජාව සෘජුවම රටේ  නිෂ්පාදන කාර්යයට දායක කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඔවුන්ට විකල්ප ආදායම් මාර්ග නිර්මාණය වනවිට ඒ හා සමානව ඔවුන්ගෙ ජීවන තත්ත්වය ඉහළ යනවා.

    අද මේ නිවාස ලැබු ජනතාව ගත්තත් ඔවුන්ට හෙට ඉඳන් පටන් ගන්න තියෙන්නෙ අලුත් ජීවිතයක්. අලුත් බලාපොරොත්තුවකින් වැඩ කරන්න ඔවුන්ට පුළුවන්. ඒ සඳහා මේ අමාත්‍යාංශය කරන මග පෙන්වීම  අපි ඉතාමත් අගය කළ යුතුයි.

    අපේ විරුද්ධ පක්ෂය නම් කැමතියි අපි කොවිඩ් කියලා මොකුත්ම නොකර ඉන්නවා නම්. මොකද කොවිඩ් නැතිවත් මොකුත් නොකර හිටපු අය, මේ කාලේ හිටියනම් කොහොමද කියලා බලාගන්න තිබුණා. ජනතාවට මේවා හංගන්න පුළුවන් කාරණා නෙමෙයි. එයාලත් මේවා අහනවා.

    ඒ නිසා දුෂ්කරතා මැද අපි වැඩකළොත් එහි ප්‍රතිඵලය කවදාහරි මේ රටට ඉතිරි වෙනවා කියන විශ්වාසයෙන් අපි වැඩ කරමු.

    අද මේ සංවර්ධන ව්‍යාපෘති ඔස්සේ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න කැපවන රාජ්‍ය අමාත්‍යතුමා, ලේකම්තුමා ඇතුළු නිලධාරින් ඒ වගේම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, සෞභාග්‍යා සංවර්ධන කාර්යංශය ඇතුළු ආයතනවල නිලධාරින් හා සේවක මහත්ම මහත්මීනුත්  මා මේ මොහොතේ ඉතා ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා.

    ඔබ සැමට සුබ අනාගතයක්!යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

    සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා.

    සෞග්‍යා දැක්ම තුළ ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩ නැගීම සඳහා අපිට ලබා දීපු  වගකීම ගරු අග්‍රාමාත්‍යතුමාගේ මෙහෙයවීම යටතේ අපි මේ නිෂ්පාදන ගම්මාන  සංකල්පය සංවිධාන කළා.

    මේකේ මුලික අරමුණ වන්නේ ගරු අග්‍රාමාත්‍යතුමනි අපේ රටේ යම් හැකියාවන් තියන ඒ වගේම උනන්දුව කැපවීම තියන ඒ වගේම දක්ෂතා තියන කුඩා ව්‍යාපාර කරන්න පුළුවන් වෙනත් ආදායම් මාර්ග සකස් කරගන්න පුළුවන් කණ්ඩායම් හදුනාගෙන මේ ගම්මාන සංකල්පය තුළට ඇතුළත් කරලා ඔවුන්ව  ආදායම් උත්පාදනය කරන කණ්ඩායමක් බවට පරිවර්තනය කිරීමයි.

    අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරලා අතිගරු ජනාධිපතිතුමත් අගමැතිතුමත් ලබාදුන් උපදෙස් ක්‍රියාත්මක කරලා මේ රට සමෘද්ධිමත් රටක් බවට පරිවර්තනය කරන්න අවශ්‍ය වැඩකටයුතු කරනවා කියන ප්‍රතිඥාව මේ මොහොතේ  දී ලබාදෙනවා. 

    අපි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවටත් අලුත් මුහුණුවරක් ලබාදුන්නා මේ වැඩසටහන ක්‍රියාත්මක කරද්දි.ඒකේ අලුතින් පටන්ගත්තු ව්‍යාපෘතියක් තමයි සමෘද්ධි නිවාස ලොතරැයිය හරහා ක්‍රියාත්මක වන නිවාස  වැඩසටහන.

    ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා  2020 අවුරුද්ද සඳහා ඔබතුමාගේ වැඩසටහන අනුවත්   2021 අවුරුද්ද සඳහා සමෘද්ධි දෙපාර්තමේන්තුවේ වැඩසටහන සමගත් ක්‍රියාත්මක වෙලා අඩු ආදායම් ලාභීන් සහ ඉතාම දුෂ්කර පරිසරයක ජීවත්වන කණ්ඩායම් වලට නිවාස  1000 ක් සකස්කර දෙන්න. ඒ අනුව අපි  2020 ආරම්භ කරපු නිවාස අද ඔබතුමා අතින්  විවෘත කිරීම සඳහා අවශ්‍ය වැඩකටයුතු අපි සකස් කරල තියෙනවා.

    ගරු අගමැතිතුමනි, රටේ කොවිඩ් අර්බුදය හමුවේ අපේ අමාත්‍යාංශය ඒ වගේම අපේ අමාත්‍යාංශයට අදාල දෙපාර්තමේන්තු  කිසිවක් නිදහසට කාරණයක් හැටියට කොවිඩ් වසංගත තත්ත්වය භාවිතා කළේ නැහැ. අපි සැළසුම් කළ විදිහටම අපේ වැඩකටයුතු සිදුවුනා.

    අතිගරු ජනාධිපතිතුමා , ගරු අග්‍රාමාත්‍යතුමා අපිට භාරදීපු වගකීම ඉටුකරන්න  අපේ අමාත්‍යාංශය සහ ඒ හා සම්බන්ධ සියලු නිලධාරීන් අපිත් එක්ක ඒකාබද්ධව කටයුතු කළා. ඒ වගේම නාමල් රාජපක්ෂ ඇමතිතුමා විසින් ක්‍රියාත්මක කරන ව්‍යවසායකත්ව වැඩසටහන සඳහා අපි ඒකාබද්ධව කටයුතු කරලා ඒ ව්‍යාවසායකයන් නිර්මාණය කිරීමේ වැඩසටහනට අමාත්‍යංශයක් ලෙස අපි සම්බන්ධ වෙන්න අවශ්‍ය කටයුතු කරල තියෙනවා යැයි රාජ්‍ය අමාත්‍යතුමා පැවසීය.

    මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, සී.බී රත්නායක, නාමල් රාජපක්ෂ, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන්වන ශෙහාන් සේමසිංහ,කාංචන විජේසේකර,අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්‍ෂ්මන්, සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.පී රත්නායක, සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් ආර්.පී.බී තිලකසිරි මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

  • ‘මේ රට සෞභාග්‍යය කරා ගෙනයන්න රාජපක්ෂ පවුලට බැහැ‘ – ජවිපෙ නායක අනුර කුමාර

    ‘මේ රට සෞභාග්‍යය කරා ගෙනයන්න රාජපක්ෂ පවුලට බැහැ‘ – ජවිපෙ නායක අනුර කුමාර

    “ජනතාවගේ උද්ඝෝෂණවලට මැර කණ්ඩායම් යොදලා තර්ජනය කර පහර දෙමින් යන්න හදන මේ ගමන ආරම්භයේදීම අප පරාද කළ යුතුයි. නැත්නම් මාධ්‍යවේදීන් හැටියට ඔබටත් මැර කණ්ඩායම් තර්ජනය කරන්න පටන් ගනීවි. සමාජ අපරාධයක් වාර්තා කරන්න මාධ්‍යවේදීන්ට බැරි තත්වක් ඇතිවේවි. ජනතාවට තමන්ගේ සාධාරණ අදහසක් ඉදිරිපත් කරන්න බැරි වේවි. ඒ නිසා ගෝඨාභය රාජපක්‍ෂගෙන් අපි අහන්නේ විනයක් හදන්න, රටේ එක නීතියක් ක්‍රියාත්මක කරන්න ඇවිත් කරන්නේ මේවාද?” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක අද (29) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රශ්න කළේය.

    බත්තරමුල්ල, පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මෙම මාධ්‍ය හමුව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාද එක්වී සිටි අතර එහිදී වැඩිදුරටත් ඔවුන් දැක්වූ අදහස් පහතින් පල වේ.

    ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා මෙසේද කීවේය,

    “කෙටි කාලයක් ඇතුළත ජනතාවගේ අප්‍රසාදයට හා විරෝධයට පත්වුණු ආණ්ඩුව සහ නායකයා බවට මේ ආණ්ඩුවත් ගෝඨාභය ජනාධිපතිවරයාත් පත්ව සිටිනවා. තමන් මුහුණ දෙන පීඩනයන්ට එරෙහිව, තමන් මුහුණ දී සිටින ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් විවිධ සමාජ කණ්ඩායම් මැදිහත්වීම් කරනවා. නමුත් ආණ්ඩුව විටෙක පොලීසිය යොදා ගනිමින්, තව විටෙක අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යොදාගනිමින්, තව විටෙක මැර කණ්ඩායම් යොදා ගනිමින් ජනතාවගේ සාධාරණ උද්ඝෝෂණ සහ ඉල්ලීම්වලට මර්දනය දියත් කර තිබෙනවා.

    පසුගිය දිනවල සමාජ මාධ්‍යවල විවිධ කරුණු ලියන කියන අය හඹාගෙන ගොස් අත්අඩංගුවට ගැනීම හා රඳවා තබාගැනීම් සිදුකළා. ආණ්ඩුවට විරුද්ධව ජනතාවගේ පැත්තෙන් යමක් ලියන්න හෝ ප්‍රකාශ කරන්න ඉඩ නොදී බියගැන්වීමට උත්සාහ කරනවා. පසුගිය කාලය පුරා ආණ්ඩුව මෙවැනි ක්‍රියාමාර්ග රැසක් ගනු ලැබුවා. අනික් පැත්තෙන් උද්ඝෝෂණවලට පොලීසිය යොදවා පහරදීම් සිදුකරනවා. මෝදර ප්‍රදේශයේ පැවති සාධාරණ ධීවර උද්ඝෝෂණයකට පහර දුන්නා. පර්ල් නෞකාව ගිනිබත්වීමෙන් ජනතාවගේ එකම ජීවනෝපාය ධීවරයන්ට අහිමිවුණා. ඒ වගේම තෙල් මිල ඉහළ ගිහින් පීඩාවකට පත්ව සිටිනවා. ඒ උද්ඝෝෂණයේදී පුද්ගලයන් පැහර ගෙන යන්නත් පොලිසිය යොදවා ප්‍රහාරය එල්ල කරන්නත් ක්‍රියා කළා. අධ්‍යාපනය මිලිටරීකරණය කිරීමට හා පෞද්ගලීකරණය කිරීමට විරුද්ධව ශිෂ්‍යයන් ගෙනගිය සාමකාමී උද්ඝෝෂණට පොලීසිය යොදවා මර්දනය දියත් කළා. ඒ වගේම විවිධ කරුණු ඉදිරිපත් කරන සමාජ ක්‍රියාකාරිකයින්ගේ නිවෙස්වලට රාත්‍රියේ පොලීසිය යොදවා පැහැරගැනීම් කළ අයුරු අපි දැක්කා. ආණ්ඩුවට එරෙහිව ඔවුන්ගේ වංචා-දූෂණ හා අපරාධ හෙළිකරව් කරන බොහෝ පිරිස් හඹාගෙන ගොස් මර්දනය කිරීමේ ප්‍රයත්නයක ආණ්ඩුව යෙදී සිටිනවා.

    එහි උච්ඡතම අවස්ථාවක් 27වැනිදා මහියංගන රිදීමාලියද්දේදී සිදුකළා. උඩ සිට පහළට ඉන්න ආණ්ඩුවේ දේශපාලකයන් සියලු දෙනා මහජනයාගේ දේපොළ නාස්ති කිරීම හා හොරකම් කිරීම මහජන ධනය විනාශ කිරීම සිදුකරනවා. එවැනි උදාහරණයක් රිදීමාලියද්ද මාර්ගයක් ඉදිකිරීමේදී සිදුකර තිබෙනවා. ග්‍රාමීය මාර්ග ලක්‍ෂයක් ඉදිකිරීමේ වැඩසටහන අනුව ඉදිකළ මාර්ගයක් මේක. මේවාට යොදවන්නේ මහජනයාගේ බදු මුදල්. ඒ නිසා ඒ මුදල් යොදවන ආකාරය පිළිබඳව ජනතාව විමසිලිමත්වීම අතිශය වැදගත්. ඒ ගම්වාසීන් කිව්වේ පාර ප්‍රමිතියෙන් තොරව ඉදිකර මුදල් යටිමඩි ගසා අනාරක්‍ෂිත තත්වයට මාර්ගය ඉදිකර ඇති බවයි. ඒ පාරේ පැති බැම්මක් වෙනුවට හිස් බැරල් කිහිපයක් හිටවා තිබෙනවා. මේ නිසා මුළු පාරම කඩාගෙන වැටෙනවා. පැති බැම්මට වෙන්කළ මුදල් යටිමඩි ගහගෙන හිස් බැරල් ගෙනල්ලා තියලා. මහජනයා පාරට බැහැලා කිව්වේ “ජීවිත අනතුරේ – පැති බැම්ම ඉදි කරනු” කියලා. පස්සර පාරක් ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුදායි තත්වයක තිබීමෙන් බස් රථයක් ප්‍රපාතයට පෙරළී මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමිවුණා. මේ තිබෙන්නේ පුරවැසියන්ගේ ජීවිත සම්බන්ධ ප්‍රශ්නයක්. ගම්වාසීන් පාරට බැහැලා උද්ඝෝෂණය කළේ ඒ නිසයි. මෙවැනි උද්ඝෝෂණවල වැරැද්දක් පේන්නේ හොරෙකුට විතරයි.

    මහියංගන ආසනයේ අපේ සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී බලගල්ල සහෝදරයා ඒ පැති බැම්ම බලන්න ගියා. එතෙන්ට මැර කණ්ඩායම් පැනලා පා පහර එල්ල කරමින් වාහනයකට හේත්තුකර තර්ජනය කරමින් ක්‍රියාකළ ආකාරය ඔබ දකින්න ඇති. රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්‍රමුඛ මැර කණ්ඩායමක් ඇවිත් හිටියා. රැකියා ලක්‍ෂය යටතේ බඳවා ගත් තරුණයන් සහ ප්‍රාදේශීය සභාපතිවරයා එක්ක මැර ක්‍රියාවල යෙදෙන කණ්ඩායමක් එතැන හිටියා. ප්‍රාදේශීය සභාවේ වාහනවල මේ මැර කණ්ඩායම් ආවා. ගම්වාසීන්ට ප්‍රහාරයක් එල්ල කළේ මේ කණ්ඩායමයි. ගම්වල අහිංසක පුරවැසියන් ඔවුන්ගේ සාධාරණ ඉල්ලීමක් වෙනුවෙන් පෙනී සිටින අවස්ථාවේ ඔවුන්ට පහර දෙනවා. මේ සාපරාධී ක්‍රියාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ නැද්ද? උඩ ඉඳලා පහළටම මැරකම්වලින්, ත්‍රාඩකම්වලින් රටක් පාලනය කරන්න පුළුවන් කියලා හිතන කණ්ඩායමක් මේක. ගෝඨාභය රාජපක්‍ෂගේ මානසිකත්වය ක්‍රියා කරන්නේ ජනතාව බිය වද්දලා, රාජ්‍ය සේවකයන් බිය වද්දලා, මහ බැංකු නිලධාරීන් බිය වද්දලා රට පාලනය කිරීම. ජනාධිපතිවරයාගේ ආදර්ශය රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාත් ක්‍රියාත්මක කරමින් ඉන්නවා.

    මේ සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මේ සභාපතිවරු ගොඩක් අය ප්‍රදේශයේ මැර කණ්ඩායම්වල නියෝජිතයෝ. ප්‍රාදේශීය ජාවාරම්කරුවන්. වැලි ගොඩ දැමීම, ගස් කැපීම, ඇතුළු සියලුම නීතිවිරෝධී වැඩවලට නායකත්වය දෙන්නේ මොවුන්. මේ සභාපතිවරයා කොන්ත්‍රාත්කරුවෙක්.

    කොන්ත්‍රාත්කරුවා තමයි ප්‍රාදේශීය සභාවේ සභාපති. අපේ රටේ දේශපාලනයේ විශාලතම ඛේදවාචකය මේ තුළින් පෙනෙනවා. මැරයන් අපරාධකරුවන්, වංචනිකයන් ජනතා නියෝජිත ආයතනවල ඉහළම පුටුවල ඉන්නවා. මේ සම්බන්ධයෙන් අපේ බලගල්ල සහෝදරයා රිදීමාලියද්ද පොලීසියේ පැමිණිල්ලක් දැම්මා. ගම්වාසීනුත් පැමිණිලි කර තිබෙනවා. මේ වනවිට දහ දෙනෙක් පමණ අත්අඩංගුවට ගත්තත් මැරයන්ගේ නායකයා අත්අඩංගුවට ගෙන නැහැ. මේකත් එක නාටකයක්. සමාජ විරෝධයක් මතු වුණාම අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරනවා. උසාවියෙන් ඇප ලබාගෙන රතිඤ්ඤා පත්තු කරලා ගෙදර යනවා. එවැනි සංස්කෘතියකුත් අපේ රටේ නිර්මාණය වෙමන් තිබෙනවා. මේ මැරයන් අත්අඩංගුවට ගෙන නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සඳහා බල කරමින් අද දිනයේ රිදීමාලියැද්ද ප්‍රාදේශය සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වනවා.

    ජනතාවගේ උද්ඝෝෂණවලට මැර කණ්ඩායම් යොදලා තර්ජනය කර පහර දෙමින් යන්න හදන මේ ගමන ආරම්භයේදීම අප පරාද කළ යුතුයි. නැත්නම් මාධ්‍යවේදීන් හැටියට ඔබටත් මැර කණ්ඩායම් තර්ජනය කරන්න පටන් ගනීවි. සමාජ අපරාධයක් වාර්තා කරන්න මාධ්‍යවේදීන්ට බැරි තත්වක් ඇතිවේවි. ජනතාවට තමන්ගේ සාධාරණ අදහසක් ඉදිරිපත් කරන්න බැරි වේවි. ඒ නිසා ගෝඨාභය රාජපක්‍ෂගෙන් අපි අහන්නේ විනයක් හදන්න, රටේ එක නීතියක් ක්‍රියාත්මක කරන්න ඇවිත් කරන්නේ මේවාද? තමන්ගේ ආණ්ඩුවේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරු මැර කණ්ඩායම් එක්ක ගම්වලට පැන පහර දෙන එක ගෝඨාභය රාජපක්‍ෂගේ විනයද? ඔවුන්ගේ බලය තිබෙන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා දරන අතර ඉහළ නායකත්වය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ දරනවා. ඒ නිසා ඔවුන් සම්බන්ධයෙන් ගන්නා දේශපාලන තීන්දුව මොකක්ද කියලා ගෝඨාභය රාජපක්‍ෂ රටට කියන්න. ගම්වැසියන්ට පහර දීම ගෝඨාභය රාජපක්‍ෂ අනුමත නොකනවා නම් පොලීසිය හරහා නීතිය ක්‍රියාත්මක කරනවා වගේම මේ මැරයන්ට විරුද්ධව දේශපාලන තීන්දුවකුත් ගතයුතු වෙනවා. එක නීතියක් තිබෙන රටක්, වාක්‍ය විතරක් වෙන්න බැහැ. ඒවාට පණ දෙන්න නම් මේ සභාපතිවරයා ඇතුළු මැරයන් පිළිබඳව දේශපාලන පක්‍ෂයක් හැටියට ගන්නා තීන්දුව මොකක්ද? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයෙන් ඉදිරිපත්වූ ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්‍ෂ. ඒ පක්‍ෂයේ රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ අපේක්‍ෂකයෙක් වුණු මැරයෙක් දැන් ප්‍රාදේශීය සභාවේ සභාපති. ඔහු සම්බන්ධයෙන් ගන්නා දේශපාලන තීන්දුව රටට පැහැදිලි කරන්න ඕනෑ.

    අපි ජනතාවට කියන්නේ සාධාරණ උද්ඝෝෂණවලට, සාධාරණ හඬනැගීම්වලට එරෙහිව මැරයන් යොදවන ක්‍රියාමාර්ග පරාජයට පත්කළ යුතුයි. ඒ වෙනුවෙන් සියලු දෙනාට එකතුවෙන්න කියලා ආරාධනා කරනවා. මේ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ සියලුම බලපෑම් කරන්න අපි සූදානම්. ක්‍රමානුකූලව වර්ධනය වෙමින් එන මර්දනකාරී මේ වැඩපිළිවෙළ පරාජයට පත්කිරීම දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපේත් මාධ්‍යවේදීන් හැටියට ඔබේත් මේ රටේ පුරවැසියන්ගේත් විශාල වගකීමක් බව අපි අවධාරණය කරනවා.”

    මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්

    ජවිපෙ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස

    “කොවිඩ් සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක මූලිකත්වය සෞඛ්‍ය අංශවලට දෙන්න ඕනෑ. නමුත් ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශ කැඳවා පසුගිය දවසක ගෝරනාඩුවක් කළා. වසංගත රෝග ඒකකයේ ප්‍රධානියා වාර්තා හංගන බවට චෝදනා කර වෙනත් තනතුරකට දැම්මා. නිවැරදි ආකාරයට මේ තොරතුරු එකතු කරගන්නවත් කොරෝනා මර්දන කාර්ය සාධක බලකායට බැරිනම් පහුගිය කාලයේ මොකක්ද කරලා තියෙන්නේ? පී.සී.ආර්. අඩු කරලා ආසාධිතයන් හංගන එකනම් කාර්ය සාධක බලකාය කරලා තියෙන්නේ ඒ බලකාය කටයුතු කරන්නේ දේශපාලන වුවමනාවන් අනුව. මේ වෙනකොට ඩෙල්ටා ප්‍රභේදය විතරක් නෙවෙයි ඩෙල්ඩා ප්ලස් එකත් ලංකාවට ඇවිත් කියලා අනතුරු ඇඟවීම් තියෙනවා. එහෙම නම් පී.සී.ආර්. පරීක්‍ෂණ වැඩි කළ යුතුයි. නමුත් මීට දවස් තුනකට කලින් පී.සී.ආර්. ප්‍රමාණය 14,000කට අඩුකර තිබුණා. පී.සී.ආර්. පරීක්‍ෂණ අඩුකර ආසාධිතයන් අඩුබව පෙන්වනවා. නමුත් කළ යුත්තේ පී.සී.ආර්. වැඩිකරලා අපේ රටේ කොතරම් ව්‍යාප්ත වෙනවාද කියන එක තේරුම් ගෙන ක්‍රියා කිරීමයි. සෞඛ්‍ය විශේෂඥයන් මුල්කරගත් කාර්යසාධක බළකායක් අවශ්‍ය වෙන්නේ ඒ නිසයි. නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහ වසංගත විශේෂඥයන්ට සිදුවී තිබෙන්නේ ආණ්ඩුව ගන්න දේශපාලන ක්‍රියාමාර්ගවලට අනුව දත්ත හසුරුවන එකයි. ඒ නිසා කාර්යසාධක බළකාය වගකීම් විරහිත එකක් බවට පත්වී තිබෙනවා.

    සිනොවැක්ස් එන්නත මිලදී ගැනීමේදී චීන පුද්ගලික සමාගමක් කොන්දේසි කිහිපයක් පනවා තිබෙනවා. ලංකාවේ පුද්ගලික සමාගම රජයේ හෝ රජයට සම්බන්ධ එකක් විය යුතු බව. එන්නත් ලක්‍ෂ 130ක් මිලදී ගන්නා අතර ලක්‍ෂ 30ක් සඳහා අත්තිකාරම් ගෙවා ඉතිරි ලක්‍ෂ 100 එල්.සී. ඕපන් කර මිලදී ගන්නත් ඕනෑ. ඊළඟ කොන්දේසිය එන්නතක මිල ගැන ප්‍රසිද්ධියේ කතා කිරීම හෝ ප්‍රසිද්ධ කිරීම නොකළ යුතුයි යන්න. මේ රටේ ජනතාවගේ බදු මුදල්වලින් මිලදී ගන්නා මේ රටේ ජනතාවට ලබාදෙන එන්නතක මිල කීයද කියලා දැන ගැනීමේ අයිතියක් ජනතාවට තියෙනවා. එන්නතේ මිල හෙළිකිරීමෙන් මිලදී ගැනීමේ ගිවිසුම අවලංගු කිරීම ගැන කොන්දේසියක් පනවනවා නම් ඒක බරපතළ තත්වයක්. සිනෝෆාම් එන්නත ගෙන්වීමේදී බංගලිදේශයට ඩොලර් 10කට පමණ දී තිබුණු එන්නතක් අපි ගත්තේ ඩොලර් 15කට පමණ. වෙනත් රටවල්වලට වෙනත් මිල ගණන්වලට ලබාදී තිබුණා. ඒ නිසා එන්නතක මිල දැනගන්න ජනතාවට අයිතියක් තියෙනවා. වසංගතය මොන තරම් බරපතළ වුණත් මේ ගනුදෙනුවල තිබෙන පාරදෘෂ්‍යභාවය අහුරන්න ආණ්ඩුවට අයිතියක් නැහැ.”

    ජවිපෙ නායක අනුර දිසානායක…

    “මේ රට සෞභාග්‍යය කරා ගෙනයන්න මහින්ද රාජපක්‍ෂට බැහැ, එය කළ හැකි වන්නේ ගෝඨාභය රාජපක්‍ෂට කියලා මීට පෙර ප්‍රචාරය කළා. ඒ අවස්ථාවේ ගෝඨාභයට මහින්ද වැඩ කරන්න නොදෙන බවටත් කසුකුසුවක් ප්‍රචාරය කර තිබුණා. දැන් කියන්නේ රටේ අනාගතය බැසිල් රාජපක්‍ෂට නිර්මාණය කරන්න පුළුවන් කියලයි. ඒ කියනකොටම ගෝඨාභය මුළුමනින්ම අසාර්ථක බව කියවෙනවා. අගමැතිවරයාත් අසාර්ථක බව කියවෙනවා. ඔවුන්ට ආර්ථිකයේ ප්‍රධාන මූලධර්මවත් නොතේරෙන බව කියවෙනවා. ඒ නිසා මෙය ගොඩ ගන්න බැසිල් රාජපක්‍ෂ ගේන්න ඕනෑ බව කියනවා. ටික දවසක් ගියාම බැසිල් රාජපක්‍ෂත් කියයි වෙන රාජපක්‍ෂ දරුවෙක් මේ ක ගොඩගන්න ගේන්න ඕන කියලා. මේ පෙන්නුම් කරමින් තිබෙන්නේ මේ පාලනයේ අසාර්ථකකමත් පාලකයන්ගේ අසාර්ථකකමත් තනි තනි පුද්ගලයන්ට පටවා මැජික්කාරයෙක් වගේ ගොඩගන්න පුළුවන් කියලා කියන්නයි. මේ ආණ්ඩුවේ මේ වෙනකං බැසිල් රාජපක්‍ෂ වගකිව යුතු වැඩ කොටසක් ඉටු කළා. ආණ්ඩුව ගොඩනගපු දවසේ ඉඳන් ප්‍රධානම මෙහෙයුම් කළේ බැසිල් රාජපක්‍ෂ. 2020 අප්‍රේල් මාසයේ ආර්ථික පුනර්ජීවන හා දිළිඳුකම පිටුදැකීමේ ජනාධිපති කාර්යසාධක බළකායේ ප්‍රධානියා හැටියට බැසිල් රාජපක්‍ෂ පත්කළා. ඒ වගේම අත්‍යාවශ්‍ය මහජන සේවාවන් කොවිඩ් වසංගය හමුවේ මෙහෙයවීමේ සම්බන්ධීකරණ සහ පසු විපරම් කිරීමේ ජනාධිපති කාර්යසාධක බළකායේ ප්‍රධානියත් බැසිල් රාජපක්‍ෂ. හැබැයි කොවිඩ් වසංගය උත්සන්න වෙනකොටම රටෙත් නැතිව ගියා. හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ජනාධිපති කාර්යසාධක බළකායේ ප්‍රධානියත් බැසිල් රාජපක්‍ෂ. අද ගොවි ජනතාව රට පුරාම පාරට බැහැලා පොහොර නැතුව. බැසිල් රාජපක්‍ෂ අමුතු ජීවියෙක් නෙවෙයි. මේ ආණ්ඩුව ගොඩනගපු දවසේ සිට ප්‍රධානම මෙහෙයුම්කරුවක් විදිහට සිටියා. ඔහු මේ දක්වා ගෝඨාභය වගේම අසමත් වී සිටිනවා. ඇත්ත වශයෙන්ම ගත්තොත් මහින්ද, බැසිල්, ගෝඨාභය ත්‍රිත්වයම අසමත්. චමල් රාජපක්‍ෂ, ශෂේන්ද්‍ර රාජපක්‍ෂ, නාමල් රාජපක්‍ෂ, නිපුන රණවක කියන පවුලම අසාර්ථකයි. ඔවුන් අනුගමනය කරන සමාජ ආර්ථික ප්‍රතිපත්තිය, ආණ්ඩුකරණ ප්‍රතිපත්තිය සහ ඔවුන්ගේ මැදිහත්වීමත් අසාර්ථකයි. ඒ නිසා අසාර්ථක මැදිහත්වීම්වල සාර්ථකත්වය ලබාගන්න බැසිල් රාජපක්‍ෂ පත්කළ යුතුයි කියලා විශාල මාධ්‍ය ප්‍රචාරයක් යනවා. මේ අර්බුදය නිර්මාණය කරන්නන් සහ තීව්‍ර කරන්නන් මේ හැම දෙනාමයි.

    ඒ වගේම මෙවැනි පවුලක් අතට මුළු බලයක් දෙන්න ඕනැද කියලා පුරවැසියන් කල්පනා කළ යුතුයි. අර්බුදයේ නිමවුම්කරුවන්ගෙන් වගේම එය තීව්‍ර කරන්නන්ගෙන් විසඳුම් ලබාගන්න පුළුවන්ද කියලා කල්පනා කරන ලෙස අපේ රටේ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.”

  • කොවිඩ් 19 අභියෝගය අභිමුව ‘අපේ පාර්ලිමේන්තුවේ අනාගත දිශානතිය’

    කොවිඩ් 19 අභියෝගය අභිමුව ‘අපේ පාර්ලිමේන්තුවේ අනාගත දිශානතිය’

    ජාත්‍යන්තර පාර්ලිමේන්තු දිනය වෙනුවෙන් කථානායකවරයා විසින් නිකුත් කළ පණිවිඩය

    අද ජාත්‍යන්තර පාර්ලිමේන්තු දිනයයි. සෑම වසරකම ජූනි  30 වැනිදා ජාත්‍යන්තර පාර්ලිමේන්තු දිනය සැමරීමට ලොව අනෙකුත් රටවල් මෙන්ම ලොව ඉපැරණිතම ප්‍රජාතන්ත්‍රවාදයකට හිමිකම් පවසන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවද අභිමානයෙන් යුතුව එක්වෙයි.

    එපමණක් නොව, 1931 දී සර්වජන ජන්ද බලය දිනාගත් රටක් ලෙස ලෝක ඉතිහාසය ට එක්වු ශ්‍රී ලංකාව 1960 ජූලි 21 වැනිදා සිය ජන්ද බලය භාවිත කරමින්  තවත් ලෝක වාර්තාවකට දායක වූයේ මුළු මහත් ලෝක දේශපාලන ඉතිහාසයේ ම ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වන සිරිමාවෝ මැතිනිය බලයට කැදවාගෙන ඒමට තරම් ප්‍රගතිශීලී පියවරක් වෙත යොමුවෙමිනි.

    අන් සෑම වසරක මෙන්ම මෙම ජූනි 30 වැනිදා  ද ලෝක පාර්ලිමේන්තු  දිනය සැමරෙනුයේ  පිහිටුවාගන්න ලද ශ්‍රී ලංකාව ද ඇතුළු රටවල් 179ක සහභාගීත්වයෙන් 1889දී අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සාමාජිකයන්ගේ එකමුතුවෙනි.  එම සංගමයේ  මූලික  අරමුණ වන්නේ සිය සාමාජිකයින් අතරෙහි , ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, වගකිවයුතු බව,  සහයෝගීතාවය මෙන්ම ව්‍යවස්ථාදායක යන්හි ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව  මෙන්ම තරුණ සහභාගිත්වය සවිබල  ගැන්වීම ආදී  තිරසර  ඉලක්කයන් සුරැකීමට දායකත්වය සැපයීම යි.

    පුරවැසියන්ගේ  ජන්දයේ බලයෙන් අප බහුතරයක් දෙනා නියෝජනය කරන පාර්ලිමේන්තුව නම් ශක්තිමත්  ආයතනය  මෙරට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ  තිරසර පදනමයි. මහජන නියෝජිතයන් ලෙස අප පෙනී සිටින්නේ ලාංකික ජනතාවගේ හඩ වෙනුවෙනි. එනයින්ම, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මෙරට නීති සම්පාදනය, මූල්‍ය පාලනය, අධීක්ෂණය සහ විමර්ශනය සහ මහජන නියෝජනය සිදු කරන ප්‍රධාන ආයතනය වෙයි .

    ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථානුකූලව මෙරට නීති සම්පාදනය සහ සංශෝධනය අරබයා සිය මූලික වගකීම් ඉටුකිරීම‍ට ව්‍යවස්ථාදායක යට ඔබ පත් කර යවන මහජන නියෝජිතයන් හට පැවරෙයි. නිදර්ශනයකට පවතින කොවිඩ් 19 අර්බුදය හමුවේ නව නීති හා පනත් සම්පාදනය අවශ්‍ය යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය  විසින්  සදහන් කෙරෙතත්, නීති කෙටුම්පත්කරණ ක්‍රියාවලිය ගැඹුරෙන් විමසා බලා සම්මත කර ගැනීමේ වගකීම පැවරෙනුයේ ව්‍යවස්ථාදායකය නියෝජනය කරන නිතී සම්පත්දායකයන් වෙත සපුරා පැවරේ.

    මූල්‍ය පාලනය පිළිබඳ බලය ආණ්ඩු ක්‍රම  ව්‍යවස්ථාවේ එකසිය හතළිස් අට වන ව්‍යවස්ථාව අනුව රාජ්‍ය මුදල් පිළිබඳ පූර්ණ බලතල පාර්ලිමේන්තුව සතු ය. අයවැය  අනුමත කිරීම ඉන් ප්‍රධාන වේ.  මෙරට  සියලු අනාගත  සැලසුම් කෙරෙහි බලපාන රජයේ  ආර්ථික ප්‍රතිපත්තිය හා රජයේ ආර්ථික යෝජනා  සියල්ලෙහි දිශානතිය තීරණය වන්නේ  රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ පූර්ණ වගකීම දරන පාර්ලිමේන්තුව මගිනි.

    විමර්ශන සහ අධීක්ෂණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වැඩි වැඩ කොටසක් ඉටු කරනු ලබන අංශයක් ලෙස කාරක සභා ක්‍රමය හෙවත් කුඩා පාර්ලිමේන්තු හඳුන්වා දිය හැකිය. එය ලෝකය පුරා පාර්ලිමේන්තුව පාර්ලිමේන්තු විසින් අනුදත් සාර්ථක ක්‍රමයකි. ව්‍යවස්ථා දායකයට ඔබ පත් කර එවන පාර්ලිමේන්තු නියෝජිතයින්  මෙහිදී පක්ෂ භේදයෙන් තොරව  දිගු කලක් ගත කරමින් සංවාද කරති. ඔවුන් පමණක්  නොව , අදාළ ක්ෂේත්‍රයෙහි විශේෂඥයන්  හා ජනමාධ්‍යවේදීන් වෙතද  අපි අපේ කාරක සභාවන්හි දොරගුළු විවර කර ඇත්තෙමු .

    එපමණක් නොව, අපේ පාර්ලිමේන්තුව මහජන පරමාධිපත්‍යය නියෝජනය කරන නියෝජිතයින් 225කගේ  සංයුතියෙන් යුතුව, මහජනතාවගේ  මහජන අභිලාෂ සහ පරමාර්ථ  නියෝජනය කරයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සභා ගර්භයේ සැලකිය යුතු කාලයක් වෙන් කරන්නේ මහජන ප්‍රශ්න වෙනුවෙනි. අග්‍රාමාත්‍යවරයාට හෝ අදාළ අමාත්‍යවරයාට එම ප්‍රශ්න යොමුකර පිළිතුරු ලබා ගැනීමේ නිශ්චිත ක්‍රමවේදයක් අප  පාර්ලිමේන්තුව  සතුය.

    එමෙන්ම, ලොව සෑම රටකම මෙන්ම අපේ පාර්ලිමේන්තු ව ද දේශීය  මෙන්ම අන්තර්ජාතික මට්ටමේ දී  ද සහයෝගය අවශ්‍ය ජන ප්‍රජාව  වෙනුවෙන්  සුහුරු  න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරයි. නිදර්ශනයකට , 2030 තිරසර සංවර්ධන ඉලක්ක සදහා  අපද ඇතුළත් ව සියලු පාර්ලිමේන්තු   කටයුතු  සදහා ප්‍රවේශ වන ආකාරය දැක්විය හැකිය .

    ලෝකයේ සෙසු පාර්ලිමේන්තු සියල්ල අතරින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව  අතිශය සුවිශේෂී වන්නේ එහි ප්‍රජා  සමීපස්ථ  ස්වභාවය නිසාය. ලොව කීර්තිමත්  ගෘහ නිර්මාණ ශිල්පියෙකු ජෙෆ්රි බාවාගේ සැලසුම්කරණයක් වන අපේ පාර්ලිමේන්තුව පූර්ව කොවිඩ්  අවධියේ දී    දෙස් විදෙස් නරඹන්නන්ගෙන් පිරී ඉතිරී නොගිය දිනයක් මගේ දේශපාලන ඉතිහාසයෙහි මට මතක නැත. එසේ වුවද ,  අප සියලු දෙනා අනපේක්ෂිත ලෙස මුහුණ පෑ මේ වසංගතය ඉදිරියෙහි අප සියලු දෙනාටම සෞඛ්‍යය රෙගුලාසි වලට අනුකූලව-අගුළුදැමූ සමයන්හි හෝ සමාජ දුරස්ථභාවය රදවාගෙන හෝ කටයුතු කිරීමට සිදුව තිබේ.  එක් පසෙකින් දුර බැහැර  පාසලකින් හෝ ගම්මානයකින් පාර්ලිමේන්තුව දකින්නට එන සිසු දරුවන් හෝ වැඩිහිටියන් අපට මුණ නොගැසීම අඩුවකි. එනමුත්, වෙනදා මෙන් නොව අන්තර්ජාලය නවෝත්පාදනීය  ලෙස නිර්මාණශීලිව යොදාගනිමින්  අපට  පාර්ලිමේන්තුවේ දිනපතා  කටයුතු අඛණ්ඩව ,බාධාවකින් තොරව  පවත්වාගෙන යන්නට ලැබීම ජයග්‍රහණය කි.

    මේ නිසා,තවමත් නූතන  විද්‍යාව පවා නොහදුනන  විනාශකාරී වසංගතයක්  ඉදිරියේ, හදිසි තත්ත්වයන් හමුවේ අපේ පාර්ලිමේන්තුවේ භූමිකාව වඩාත් වැදගත් හා තීරණාත්මක බවට අප අවධාරණය කරන්නේ එහෙයිනි. අදට පමණක් නොව පශ්චාත් කොවිඩ් තත්තවයන්ටද  රටක් වශයෙන් හැඩ හැඩගැසීම හැඩ ගැසීම සඳහා  නීති සම්පාදනය හා වෙනත් ක්‍රියාකාරිත්ව මගින් නිසි දිශානතිය පෙන්වාදිය යුත්තේ පාර්ලිමේන්තුවයි.

    ඒ මාර්ගය පහසු එකක් නොවන බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස මගේ කියැවීමයි. එනමුත්, මා අදහන බුද්ධ දර්ශනය අනුව, ප්‍රජාව පීඩාවට පත් නොකර අපි  මේ ගමන සාමුහිකව,අප්‍රමාදව යා යුතු වෙමු.එසේ වුවහොත්, නිසි කලට වැසි වසිනු ඇත, අස්වැන්න සරු වනු ඇත, අප සියලු දෙනා පක්ෂ පාට කුල ගොත් භේද නොතකා තැනිය යුතුයැ යි විශ්වාස කරන යහපත් දේශය ගොඩ නැංවිය හැකි දිනය නුදුරේදී උදාවන්නා වූ අනාගතයේ දිනකය.

  • බැසිල්ගේ පාර්ලිමේන්තු ආගමනය ගැන අලුත්ම හෙළිදරව්ව !

    බැසිල්ගේ පාර්ලිමේන්තු ආගමනය ගැන අලුත්ම හෙළිදරව්ව !

    බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස මෙවර කරන ඉල්ලීම ඔහුට බැහැර කළ නොහැකි බවත් බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් තම අසුන පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් සූදානම් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ අද (28) පෙරවරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සාගර කාරියවසම් මහතා මේ බව සඳහන් කළා.

    මෙහිදී මාධ්‍යවේදීන් බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය ගැන කාරියවසම් මහතාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළ අතර ඒ ප්‍රශ්න වෙනුවෙන් කාරියවසම් මහතා ලබා දුන් පිළිතුරු පහත දැක්වෙනවා.

    ප්‍රශ්නය – ඇයි මේ වගේ ලොකු පිපිරීමක් කළේ?

    සාගර කාරියවසම් – ” මොකකද් පිපිරීම‍. එහෙමය දෙයක් නැහැ, ඒක අපේ පක්ෂයේ මතය. ඒ වෙලාවේ ඒ කරපු දෙයින් ජනතාවට වුණ අමාරුව අපිට තේරුණා. ඒ අනුව අපේ පාක්ෂිකයින් වෙනුවෙන් අපි ඒ කළ යුතු ඉල්ලීම සිදුකළා.”

    ප්‍රශ්නය – මේ ඔබතුමා මන්ත්‍රීවරයෙක් ලෙසින් සිදුකරන ඔබතුමාගේ අන්තිම මාධ්‍ය සාකච්ඡාව වෙන්න ඇති නේද ?

    සාගර කාරියවසම් – ” ඇයි ඔබතුමා එහෙම ඇහුවේ කියන එක මට පැහැදිලි නෑනේ.”

    ප්‍රශ්නය – නෑ මේ වකවානුව තුළ?

    සාගර කාරියවසම් – ” මට තේරෙන්නේ නෑ ඔබතුමාගේ ප්‍රශ්නය.”

    ප්‍රශ්නය – බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගේන්න මේ වගේ කැම්පේන් එකක් කළේ ඇයි ? ඉන්ධන මිල වැඩි කළා කියනවා. ඊට පස්සේ එතුමා ආවහම රු 10කින් අඩුකරන්න පුළුවන් කියනවා. මේක ගලවා ගන්න ඉන්නේ එතුමා පමණයි කියනවා. ඇයි ඒ වගේ ලොකු කැම්පේන් එකක් කළේ ?

    සාගර කාරියවසම් – ” එතුමා තමයි මේ පක්ෂයේ නිර්මාතෘවරයා. අලුතින් පක්ෂයක් පිහිටුවලා වසර හතර හමාරක් තුළ ඒ පක්ෂයේ ජනාධිපතිවරයෙක් සහ රජයක් බිහිකරලා සුවිශාල කාර්යභාරයක් කරපු අති දක්ෂයෙක්. ඒ විතරක් නෙමෙයි  සියයට හතක් පමණ වන ආර්ථික සංවර්ධන වේගයක් අපේ පසුගිය රජයට ගෙනියන්න හැකියාව ලැබුණේ බැසිල් රාජපක්ෂ මහතා නිසා. එවැනි පුද්ගලයෙක් පාර්ලිමේන්තුවට ගේන්න විශේෂ කැම්පේන් එකක් කරන්න ඕනේ නෑ. මෙවැනි අවස්ථාවක එතුමා වැනි පුද්ගලයෙක් ඇවිල්ලා සුවිශේෂි කාර්යභාරයක් කළොත් රටට වැදගත් කියන බලාපොරොත්තුව, විශ්වාසය අපේ පාක්ෂිකයින්ගේ ජනතාවගේ තියෙනවා. මේ තත්ත්වය මතයි ඒ දැඩි ඉල්ලීම එතුමාගෙන් සිදුකළේ.” 

    ප්‍රශ්නය – එතුමා ඉල්ලීමට අනුමැතිය දීලා නැද්ද තවම “මම එනවා“ කියලා ?

    සාගර කාරියවසම් – “එතුමාට දැඩි ඉල්ලීමක් කරලා තියෙනවා. එතුමා ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා නෑ මේ වෙනකල්. හැබැයි ඒකට ගොඩක් කාරණා සිද්ධවෙන්න තියෙනවා. එතුමා එනවා නම් පාර්ලිමේන්තුවේ ඒ වෙනුවෙන් පුරප්පාඩුවක් ඇති විය යුතුයි. ඉන්පසුව එතුමාව පත්කළ යුතුයි. එහෙම දෙයක් වෙනවා නම් එය අපි ඉතා උත්සව ශ්‍රීයෙන් රටට දැනුම් දීලා කරන දෙයක් මිසක් හැඟවිලා තිරය පිටුපස්සෙන් කරන දෙයක් නෙමෙයි කියන එක ඉතා ආඩම්බරයෙන් කියන්න කැමතියි.”

    ප්‍රශ්නය – ඔබ වුණත් ඒකට සුදානම් ද ?

    සාගර කාරියවසම් – “අපේ ජාතික ලැයිස්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් දැනුම් දුන්නා එතුමා පාර්ලිමේන්තු එනවා නම් ඒ වෙනුවෙන් තම අසුන පරිත්‍යාග කරන්න කැමතියි කියන එක.”

    ප්‍රශ්නය – කොච්චර කල්යයි ද ඔබ ඉල්ලීමට ?

    සාගර කාරියවසම් – “ඒක එතුමා තීරණය කරන්න ඕනේ. කොයි වෙලාවේ ද එතුමා එන්නේ කියන එක. මම හිතන්නේ මේ අවස්ථාවේ දී නම් එතුමාට මේ ඉල්ලීම අහක දාන්න බැරිවෙයි.”

    මේ අතර බැසිල් රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීම 06 වැනි දින නොව ජූලි 08 වැනි දින සිදුවනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. එසේම රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යධුරයට අමතරව මුදල් රාජ්‍ය අමාත්‍යධුරය ද දරනු ඇති බවයි එම වාර්තා සදහන් කරන්නේ.

  • ‘ඇමතිකම් ඉල්ලුවෙත් නෑ – දුන්නත් භාර ගන්නෙත් නෑ‘ – හිටපු ජනපති අවධාරණය කරයි

    ‘ඇමතිකම් ඉල්ලුවෙත් නෑ – දුන්නත් භාර ගන්නෙත් නෑ‘ – හිටපු ජනපති අවධාරණය කරයි

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යධුරයක දිවුරුම් දීමට නියමිත බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය විසින් අද (28) දින නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. එම නිවේදනයේ සදහන් වන්නේ හිටපු ජනපතිවරයා අමාත්‍යධුරයක් හෝ වෙනත් කිසිම තනතුරක් තමා වෙත ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් නොකළ බවත් එවැනි තනතුරක් ලබා ගැනීම හිටපු ජනපතිවරයා බලාපොරොත්තු නොවන බවත්ය.

  • ආණ්ඩුවේ සංවර්ධන වැඩ අඩපණ වීම ‘ජනපති නිලධාරීන් පිටින් යවයි‘

    ආණ්ඩුවේ සංවර්ධන වැඩ අඩපණ වීම ‘ජනපති නිලධාරීන් පිටින් යවයි‘

    නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසි විටෙකත් පසුපසට නොගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අස්ගිරි මහා නායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයට කියයි. එමෙන්ම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේදී ගොවීන් අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    රසායනික පොහොර භාවිතය නිසා දිවයිනේ ප්‍රදේශ රැසක ගොවීන් වකුගඩු රෝගය ඇතුළු බෝ නොවන රෝග රැසකින් පීඩා විඳින අතර එමගින් පරිසරයට සිදුවන හානිය අති විශාලය. එමෙන්ම රසායනික පොහොර ආනයනය සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 400කට අධික මුදලක් රජය වැය කරයි. විදේශීය ආයතන වෙත ඇඳී යන එම මුදල රටේ ගොවි ජනතාව වෙත ලබාදීමට කාබනික පොහොර භාවිතය මගින් හැකි වන බව ද ජනාධිපතිවරයා මහා සංඝරත්නයට පෙන්වා දුන්නේය.

    අද (27) පෙරවරුවේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැදුටු අවස්ථාවේ ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    2015 ට පෙර රජයේ නිලධාරීන් තීරණ ගැනීමේදී පසුබට නොවීම නිසා කෙටි කාලයක් තුළ රට තුළ දැවැන්ත සංවර්ධනයක් සිදු කිරීමට හැකි වූ බව ජනාධිපතිවරයා සඳහන් කළේය. එහෙත් එම නිලධාරීන් අසත්‍ය චෝදනා මත සිරගත වීම ඇතුළු විවිධ පීඩනයන්ට පසුගිය රජය සමයේ දී මුහුණ පෑමට සිදු වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රජයේ වර්තමාන සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී නිලධාරීන් අනාගතයේ දී දඬුවම් විඳීමට සිදු වෙතැයි යන බියෙන් තීරණ ගැනීමට සහ ක්‍රියාත්මක වීමට මැලි වී ඇති බව සඳහන් කළේය. එම නිසා රට තුළ බොහෝ වැඩ කටයුතු අඩපණ වීම කණගාටුදායක තත්ත්වයක් බව ද ජනාධිපතිවරයා සඳහන් කරනු ලැබිණ.

    කොවිඩ් වසංගත මර්දනයට සාර්ථකව මුහුණ දෙමින් රටේ උන්නතිය උදෙසා ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙළට අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියෝ ප්‍රසාදය පළ කර සිටියහ.

    කොවිඩ් මර්දනය සඳහා සිදුකෙරෙන එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපතිවරයා මහා නායක හිමියන් දැනුවත් කළේය. මහා නායක හිමියෝ සෙත් පිරිත් සඡ්ඣායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ. මුතියංගණ රජමහා විහාරයේ භාරකාර ආචාර්ය පූජ්‍ය මුරුත්දෙණියේ ධම්මරතන හිමියෝ ද මේ අවස්ථාවට එක්ව සිටියහ. 

    අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරය වෙත ගිය ජනාධිපතිවරයා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් බැහැදැක සුවදුක් විචාළේය. උන්වහන්සේ ද ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කරමින් ආශිර්වාද පළ කළහ. අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ සංඝසභික ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල හිමියෝ ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    ජනාධිපතිවරයා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිජූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන්‍ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

    අනතුරුව ජනාධිපතිවරයා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය අතිපූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් බැහැදැක උන්වහන්සේ සමග ද සුහද කතා බහක නිරත විය.

    අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් බැහැදුටු ජනාධිපතිවරයා රජයේ වත්මන් වැඩපිළිවෙළ පිළිබඳව උන්වහන්සේ ද දැනුම්වත් කළේය.

    ගැටඹේ රාජෝපවනාරාමයට ගිය රාජපක්ෂ මහතාට විහාරාධිපති පුජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කළහ.

    දියවඩන නිලමේ නිලංග දෑල, බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන යන මහත්වරු ද මේ අවස්ථාවන්ට එක්ව සිටියහ.

  • ‘හැම මොහොතකම පෙන්නුම් කරමින් තිබෙන්නේ ආණ්ඩුවේ නොහැකියාවයි‘ – ජාතික ජන බලවේගය

    ‘හැම මොහොතකම පෙන්නුම් කරමින් තිබෙන්නේ ආණ්ඩුවේ නොහැකියාවයි‘ – ජාතික ජන බලවේගය

    හැම මොහොතකම පෙන්නුම් කරමින් තිබෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව යැයි ජාතික ජන බලවේගය සඳහන් කරයි. එම පක්ෂය විසින් අද (25) පෙරවරුවේ කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කර අතර එම මාධ්‍ය හමුව සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී, ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාතික ජන බලවේගයේ මෙහෙයුම් මණ්ඩල සාමාජික මහින්ද රත්නායක එම මාධ්‍ය හමුව සඳහා සහභාගී වී සිටි අතර එහිදී ඔවුන් දැක්වූ අදහස් පහතින් පල වේ.

    ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී, ආචාර්ය හරිනි අමරසූරිය, “මේ වෙලාවේ රටේ අර්බුද රාශියක් පැන නැගිලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මැදිහත් විය යුතු ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් මෙම මාධ්‍ය හමුව පවත්වනවා. මේ වන විට ආණ්ඩුව දිනපතාම අර්බුද සහ විහිළු සපයන තත්වයට පත්ව තිබෙනවා. ජනතාවක් හැටියට හෝ රටක් හැටියට දරා ගන්න බැරි තරමට ඒ නිසාම ප්‍රශ්න ඇතිවෙනවා. මේ තරම් සීග්‍රයෙන් රට කඩා වැටෙන තත්වයකට පත්කළ වෙන ආණ්ඩුවක් අපේ මතකයේ නැහැ. මේකේ බරපතළකම මේ මොහොතේදී විතරක් නෙවෙයි, රටේ මුළු අනාගතයම අර්බුදයට පත්වෙනවා. කරමින් ඉන්න විකාර වැඩ නිසා ආයතන, අර්ථිකය, සෞඛ්‍ය ක්‍ෂේත්‍රය, අධ්‍යාපන ක්‍ෂේත්‍රය ඇතුළු හැම ක්‍ෂේත්‍රයක්ම කඩා වැටෙමින් තිබෙනවා. ජනතාව අපේක්‍ෂාභංගත්වයට පත්වී ඉන්නේ. ගොවීන්, ධීවරයින්, වතු කම්කරුවන්, ඇඟළුම් ක්‍ෂේත්‍රය, ස්වයං රැකියා වගේම අධ්‍යාපනයේ ගුරුවරුන්, ළමුන් සහ දෙමාපියන් හැම අතින්ම ප්‍රශ්නවලට ගොදුරු වෙලා. මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට මේ ආණ්ඩුවට කිසිසේත්ම පුළුවන්කමක් නැහැ. හැම මොහොතකම පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ නොහැකියාවයි.

    ඒ අතර රටේ පාර්ලිමේන්තු සංස්කෘතිය ඇතුළු කිසිම දේකට ගෞරවයක් දක්වන්නේ නැහැ. ඒ ගැන දැනුවත්කමකුත් නැහැ. රට පවත්වාගෙන යන්න තියෙන සියලුම පද්ධතීන් විනාශ කරමින් යන ගමනක් තියෙන්නේ. මේ සියලු අර්බුද බැසිල් රාජපක්‍ෂ මහත්මයා පාර්ලිමේන්තුවට ඇවිත් ඇමතිකමක් ලබාගත්තාම විසඳන බවට මතයක් ගෙන යමින් ඉන්නවා. මෙච්චර කල් කීවේ ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා සියලු ප්‍රශ්න විසඳනවා කියලා. ඊට ඉස්සෙල්ලා කිව්වේ මහින්ද රාජපක්‍ෂ මහත්මයා ගැන. දැන් බැසිල් රාජපක්‍ෂ මහත්මයා ගැන කියනවා. මේ විහිළුව මොකක්ද? පවුලේ එකිනෙකා වීරයා බවට පත්කරමින් එළියට දානවා. එක්කෙනෙක් ෆේල් වෙනකොට පැත්තකට දාලා අනෙක් එක්කෙනාව ගන්නවා. මේ රටේ රාජපක්‍ෂවරු විතරද රටට වැඩක් කරන්න පුළුවන් අය ඉන්නේ? මේ ප්‍රශ්න විසඳන්න මැජික්කාරයෝ නැහැ කියලා කවදද තේරුම් ගන්නේ? මේ රට වැටිලා තියෙන්නේ මැජික්කාරයෙකුට කරගන්න බැරිවුණු නිසා නොවෙයි. පවතින දේශපාලන අධිකාරිය විසින් කාලයක් තිස්සේ තමන්ගේ බල ව්‍යාපෘති වෙනුවෙන් රටේ සියලුම පද්ධති මෙහෙයවීම නිසා තමයි මේ රට මෙතනට වැටිලා තියෙන්නේ.

    සමාජය ගැන, දේශපාලනය ගැන, දැනුවත් ජනතාව ගැන සංවේදීත්වයක් තියෙන ප්‍රතිපත්තිගරුක සහ හැකියාවක් තියෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගන්න පිරිසක් දැන්වත් අවශ්‍යයි. එහෙම නැතිව පුද්ගලයෙක් මත රැඳුණු විකාර දේවල්වලින් මේ රට ගොඩනගන්න බැහැ. නමුත් මේ වෙලාවේ ජනතාවට දැවෙන ප්‍රශ්න රාශියක් තිබෙනවා. ආණ්ඩුවක් තියෙන්නේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්න මිසක් එකිනෙකාගේ පිට දාලා ඉන්න නෙවෙයි. හැටනව ලක්‍ෂයක් ඡන්ද දීලා ආණ්ඩුවක් පත්කළේ ප්‍රශ්න විසඳන්නයි. කොවිඩ් තත්වය එක්කත් මිනිස්සු විශාල ආර්ථික අසීරුතාවයකට වැටිලා. රටක් හැටියටත් එහෙමයි. මිනිස්සු බඩගින්න දරා ගන්න බැරිව පාරට බහින තත්වයකට ඇවිත් තියෙන්නේ. ඔවුන්ගේ විරෝධයන් දක්වන්න පාරට බහින එක වළක්වන්නයි ආණ්ඩුව අවධානය ලොක්ඩවුන් එක පාවිච්චි කරන්නේ.

    ලොක්ඩවුන් එක කොරෝනා මර්දනය වෙනුවෙන් හිරියට යෙදවූවේ නැහැ. හරියට යෙදවූවා නම් ආසාදිතයන් අඩුවී මරණ අඩුවෙන්න ඕනෑ. සංඛ්‍යාලේඛනවල අඩුවීමක් තියෙන්නේ පී.සී.ආර්. අඩුකිරීම නිසා කියලා අපි දන්නවා. ආණ්ඩුව කරන්නේ කොවිඩ් පාලනය නොවෙයි. ඔවුන්ගේ දේශපාලන අවශ්‍යතා සඳහා කොවිඩ් යොදා ගැනීමයි. ජනතාවගේ ප්‍රශ්න ගැන හැඟීමක් නැති මෙවැනි ක්‍රෑර පාලනයක් පවතින බව ජනතාව අත්විඳිමින් ඉන්නේ. මේ තුළින් ජනතාවට දේශපාලන පාඩම් ගොඩක් කියලා දෙනවා. මේ තත්වය වෙනස් කරන්න මැදිහත් විය යුත්තේ කොහොමද කියලා මේ තත්වය තුළින් කියා දෙනවා. අමාරුවෙන් හරි මේ තත්වය තුළ ඉගෙනගෙන වෙනස් කරන්න මැදිහත් විය යුතුයි කියලා අපි අවධාරණය කරනවා.

    අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පාසැල්වල සිට විශ්වවිද්‍යාල දක්වා විශාල අර්බුද ප්‍රමාණයක් තිබෙනවා. තාක්‍ෂණික ප්‍රශ්න නිසාම නෙවෙයි. අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ අසමානතා කොවිඩ් කාලය තුළ සීග්‍රයෙන් වර්ධනය වෙනවා. රජය ඊට දෙන එකම පිළිතුර ඔන්ලයින් අධ්‍යාපනය විතරයි. ප්‍රායෝගික ප්‍රශ්න සහ තාක්‍ෂණික ප්‍රශ්න ගැන කිසිම අවධානයක් නැහැ. මේ වෙලාවේ අවශ්‍ය දුරස්ථ අධ්‍යාපනය. දුරස්ථ අධ්‍යාපනය සහ ඔන්ලයින් අධ්‍යාපනය අතර ලොකු වෙනසක් තියෙනවා.ඒ වෙනස තේරුම් ගන්නවත් අධ්‍යාපන ඇමතිවරයාට හැකියාවක් නැහැ කියන එක ඔප්පු වෙනවා. දුරස්ථ අධ්‍යාපනයට ක්‍රමවේද කිහිපයක් පාවිච්චි කරන්න පුළුවන්. රූපවාහිනිය, රේඩියෝව සහ නවීන වෙනත් ක්‍රමවේද යොදා ගන්න පුළුවන්. ළමයින්ගේ වයසට සුදුසු සහ පවතින අර්බුදයට ගැලපෙන විදිහට අධ්‍යාපනය ලබාදෙන්න පුළුවන්. නමුත් අවුරුදු එක හමාරක් පුරා මේ අධ්‍යාපනයෙන් ඉතිරි කරලා තියෙන්නේ ළමුන්ට, ගුරුවරුන්ට සහ දෙමාපියන්ට ලොකු බරක් සහ වේදනාවක් විතරයි. වහාම මැදිහත් වී අත්හැරී තිබෙන අධ්‍යාපනය ගැනත් සංවේදී වෙන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා.

    විෂය නිර්දේශ වෙනස් කළ යුතු නම් එය කරන්න වෙනවා. විභාග පවත්වන කාල වෙනස් කළ යුතු නම් කළ යුතුයි. විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ ක්‍රමවේද ගැන නැවත හිතා බලන්න වෙනවා. ඒ වගේ හැම ක්‍ෂේත්‍රයක් ගැනම අවධානයක් යොමු කරන්න ඕනෑ. එසේ නොකිරීමෙන් අපේ තරුණ පරපුරට බරපතල අසාධාරණය ආණ්ඩුව විසින් කරමින් ඉන්නවා. පවතින අධ්‍යාපනයේ මේ බරපතළ ප්‍රශ්න පවතිද්දී කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. රනිල්, මෛත්‍රී ආණ්ඩුව මේ පනත ගෙනා වෙලාවේ පැන නැගුණු විරෝධය නිසා පාර්ලිමේන්තුවේ සභාගත කළේ නැහැ. නමුත් මේ ආණ්ඩුව නැවත එය ගෙනත් තිබෙනවා. මේ පනත තුළින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට සමාන්තරව ත්‍රිවිධ හමුදාවේ පාලනය යටතේ උසස් අධ්‍යාපන පරිපාලන යාන්ත්‍රණයක් ඇති කරනවා. එය කොතලාවල විශ්වවිද්‍යාලයට විතරක් නෙවෙයි. වෙනත් උපාධි පිරිනමන ආයතනවලට ඉඩ ලබා දෙනවා. පාසැල් පවා පවත්වාගෙන යන්න ඉඩ ලබා දෙනවා. ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ මෙරට ස්ථාපිත කරන්න සූදානම් වෙනවා.

    මේ තුළින් අධ්‍යාපනය මිලිටරිකරණය වෙනවා. ලෝකයේ කොහේවත් අධ්‍යාපනය හමුදාවකට බාර දෙන්නේ නැහැ. හමුදාවට අවශ්‍ය පුහුණුවීම් කරන්න වෙනම ආයතන පවත්වාගෙන යෑම ගැටලුවක් නැහැ. නමුත් සිවිල් ජනතාවට අධ්‍යාපනය ලබාදීමට හමුදාව යෙදවීම තුළින් අධ්‍යාපනය විකෘති වෙනවා. උසස් අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වෙන අරමුණු කරා කිසිසේත්ම යන්න බැහැ. අනෙක් පැත්තෙන් මහජන මුදලින් පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතියක් පවත්වාගෙන යන්නත් සූදානම් වෙනවා. නමුත් ශිෂ්‍යයන්ගෙන් මුදල් අය කිරීමත් සිදු කරනවා. මෙය නිදහස් අධ්‍යාපනයට පටහැණි ව්‍යූහයක්. මේ ප්‍රශ්න සියල්ල මැද්දේ ගෙනත් තිබෙන මේ පනත වහාම හකුළා ගන්න කියලා අපි බල කරනවා. එයට විරුද්ධ වන ලෙස වෘත්තීය සමිති ඇතුළු සියලු සංවිධානවලින් සහ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා.”

    ජාතික ජන බලවේගයේ මෙහෙයුම් මණ්ඩල සාමාජික මහින්ද රත්නායක,

    “දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකයේ ආධිපත්‍යය එක්සත් ජනපදය ඇතුළු බටහිර අධිරාජ්‍යවාදීන් පවත්වාගෙන ආවා. මේ ආධිපත්‍යයට චීනය අභියෝග කරමින් ඉන්නවා. මේ අවස්ථාවේ අපි වාගේ රටවල් කළ යුතු වෙන්නේ මේ බල අරගලයට මැදිහත් නොවී සිටීමයි. නමුත් චීනයේ එක් තීරයක්-එක් මාවතක් සැලැස්මට මැදපෙරදිග ඉරානය සහ දකුණු ආසියාවේ ලංකාව ඇතුළත් වෙනවා. ඒ වෙනුවෙන් ටි්‍රලියන 04ක් චීනය වැය කරනවා. ලෝක බල කේන්ද්‍රය මාරු වීමේ ගමන් මගක් දැන් තියෙන්නේ. ලංකාවට මේක වෙනස් කරන්න බැහැ. එය අපේ කැමැත්තෙන් පරිබාහිරව සිද්ධ වෙන දෙයක්. නමුත් අපේ සංවර්ධන උපායමාර්ග, විදේශ ප්‍රතිපත්තිය, සැලසුම් කරමින් මේවාට හසු නොවී ඉදිරියට යන්න පුළුවන්. නමුත් රාජපක්‍ෂ පරම්පරාවට එහෙම අදහසක් නැහැ. චීනයේ ව්‍යාපෘති රැසක් ගෙනත් තිබුණත් ඒ එකකින්වත් ජනතාවට ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ, කන්කසන්තරේ සම්මන්ත්‍රණ ශාලාව, පෝට් සිටිය මේ ආදී සියල්ලෙන් අපේ පරම්පරාවට නෙවෙයි, පරම්පරා ගණනාවකට ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ.

    චීන සමාගම්වලින් රාජපක්‍ෂවරුන්ට අල්ලස් දීම සම්බන්ධයෙන් චෙක්පත් අංක, නිකුත් කළ අංක, දින ආදී සියලු විස්තර අනුර සහෝදරයා පාර්ලිමේන්තුවේදී හෙළි කරලා තියෙන්නේ. ලෝකයේ කිසිම රටක් පාලක පංතියට මේ වගේ කප්පම් දීලා නැහැ. මේ ආකාරයට අපේ රට චීනයේ මුරපොළක් හැටියට පවත්වාගෙන යනවා. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා අර්ධ මිලිටරි පරිපාලනයක් පිහිටුවමින් මුරපොළ ශක්තිමත් කරන්න කටයුතු කරනවා. මේකට විරුද්ධව ඇමරිකාවත් ඉන්දියාවත් පසුගිය සති තුන තුළ ප්‍රධාන තීන්දු ගණනාවක් ගත්තා. මුලින්ම ඊශ්‍රායලයේ බෙන්ජමින් නෙත්යාහු ඉවත් කළා. දෙවැනි පියවර හැටියට ජී-7 කණ්ඩායම කැඳවා චීනයට තරඟයක් දීම සඳහා එකඟත්වයකට ආවා. ඊළඟට යුද පෙරමුණ හැටියට ක්‍රියා කරන නේටෝ සංවිධානය කැඳෙව්වා. ඊට අමතරව රුසියාවේ පූටින් හමුවී න්‍යෂ්ටික බලය පිළිබඳව සාකච්ඡා කළා. මේ ක්‍රියාදාමයට පස්සේ ඉන්දියාව ලංකාවේ චීන හැසිරීම් බලන්න ඩ්‍රෝන යාත්‍රා මිලදී ගන්න සූදානම් වෙනවා. ඒ වගේම ප්‍රංශයෙන් ප්‍රහාරක යානා ඇනවුම් කළා. මේ අතරතුර යුරෝපා සංගමය රැස්වෙලා ලංකාවේ සිවිල් පරිපාලනය බිඳ වැටීම සහ මෙරට මානව හිමිකම් කඩකිරීම පිළිබඳව විරෝධය දක්වමින් යෝජනාවක් සම්මත කරගත්තා.

    මේ යෝජනා සම්මතය නිසා ජී.එස්.පී. ප්ලස් සහනය නැතිවීමේ අනතුරක් දැන් තියෙනවා. මීට මුහුණ දීම සඳහා නාමල් රාජපක්‍ෂ මැදිහත් වී එල්.ටී.ටී.ඊ. සිරකරුවන් නිදහස් කරන බව කීවා. ඒ අනුව 24වැනිදා සිරකරුවන් කොටසක් නිදහස් කළා. නමුත් ඒ අය මාස කිහිපයක් ඇතුළත නිදහස් වෙන්න නියමිතව සිටි අය බව වාර්තා වෙනවා. නමුත් මේ අය ඉල්ලන්නේ නඩු නැත්නම් සියලු දෙනා නිදහස් කරන්න කියලයි. එල්.ටී.ටී.ඊ. සැකකරුවෝ වුණාට හිටපු නායකයෝ ඔක්කොම එළියේ ඉන්නේ. ප්‍රභාකරන් ළඟට හිටපු ඊළඟ නායකයා ළඟ තිබුණු වස්තු සම්භාරයට මොකද වුණේ කියලා කවුරුත් දන්නේ නැහැ. මේ තත්වය යටතේ ආණ්ඩුවට විරුද්ධව ජාත්‍යන්තර දේශපාලන බලපෑම් විතරක් නෙවෙයි යුදමය බලපෑම් පවා එල්ල වෙන්න ඉඩකඩ තිබෙනවා. ඒ නිසා රට ජාත්‍යන්තර බල අරගලයේ ගොදුරක් බවට රාජපක්‍ෂලා විසින් පාවා දීලා තියෙන්නේ. ප්‍රභාකරන් මිය ගියාට මේ රටට ඔහුගේ යුද උමතුවේ සාපය දකුණේ මිනිස්සුන්ගේ මනසට දීලයි ගියේ. රනිල්-මෛත්‍රී කරපු පිස්සුව නිසා දකුණේ බහුතරයක් කල්පනා කළේ යුද්ධය ජයග්‍රහණය කරපු අයට රට ජයග්‍රහණය කරවන්න පුළුවන් කියලා. එහෙම පුළුවන් නම් පකිස්ථානය, බුරුමය දියුණු වෙන්න ඕනෑ. හමුදා පාලනයකට පුළුවන් වන්නේ මිනිස්සු බය කරලා තියා ගන්න විතරයි.

    රටක් දියුණු කරන්න නම් සිවිල් සමාජය සහභාගි වෙන්න ඕනෑ. සිවිල් සමාජය බය කරලා, නිවාස අඩස්සියේ තියලා රටක් දියුණු කරන්න බැහැ. අද වෙනකොට දාලා තියෙන සංචරණ සීමාවලින් මේ රටේ එදිනෙදා වියදම් හොයා ගන්නා 40%ක් ජනතාව පීඩාවට පත්වෙලා ඉන්නේ. ගොවියන්ගේ නිෂ්පාදන විකිණෙන්න නම් මිනිස්සු අතේ සල්ලි තියෙන්න ඕනෑ. නමුත් මේ වෙනකොට ආර්ථිකය සම්පූර්ණයෙන්ම එකතැන නතර වෙලා තියෙන්නෙ. මිනිස්සු අතේ සල්ලි නැහැ. ඒ අතරේ මහ බැංකුවේ නියෝගයක් අනුව තෙල් මිල වැඩි කළ බව හෙළි වෙනවා. වැඩි නොකළොත් රටේ බැංකු පද්ධතිය කඩා වැටෙන බවට අනතුරු ඇඟවූ බව කියනවා. මේ තොරතුරු හෙළිදරව් වී බැංකුවලින් සල්ලි ගන්න මිනිස්සු පොරකෑවොත් බැංකු පද්ධතිය කඩා වැටෙනවා. මේ සියල්ල මැද්දේ ආණ්ඩුවට යන එනමං නැතිවී එක කොටසක් තව කොටසකට විරුද්ධව පෙළගැහෙනවා. ඒ අනුව වෙන මාවතකට යන්න පුළුවන්ද බලනවා. එක ඉඟියක් තියෙනවා, අයි.එම්.එෆ්. එකත් එක්ක යන්න. ඒ ගොල්ලෝ අඩු පොලියට ණය දෙන්නේ සියලු දේවල් පෞද්ගලිකකරණය කිරීමේ පැකේජ් එකත් එක්ක. ජනතාවගේ සහන කප්පාදුවත් එක්ක. චීනය සූරාගෙන කනවා වගේ තමයි ඒ ගොල්ලොත් සූරාගෙන කන්නේ.

    බැසිල්ගේ පැමිණීම සහ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණීම එකම ලයින් එකේ වැඩක්. නමුත් ජාතික ජන බලවේගය හැටියට අපි හඳුනාගන තියෙන්නේ මේ දෙගොල්ලගේම සැලසුම් එකක් බව. චීනය සූරා කනවා වගේම අයි.එම්.එෆ්. එක ජනතාවගේ පටි තද කරගන්න කියලා නියෝග පනවනවා. ජාතික ජන බලවේගයේ අපි කියන්නේ ජනතාවට ප්‍රතිලාභ ලැබෙන සංවර්ධන මාවතකට රට යොමු කරන්නයි. ජනතාව රාජපක්‍ෂලාගෙන් සංවර්ධනයක් බලාපොරොත්තු වෙනවා නම් චීනයේ ගොඩනැගිලිවල ලස්සන බල බලා ඉන්න පුළුවන්. නොනිල රාජපක්‍ෂ රජ පවුලේ සංකේතයක් වන නෙළුම් කුළුණ ශිවලිංගයක් වගේ වන්දනා කරන්නත් පුළුවන්. නමුත් ඒ කිසිවක ප්‍රතිලාභ ජනතාවට ලැබෙන්නේ නැහැ. මේ රටේ සංවර්ධන සැලැස්මක් කියලා ඔවුන් යෝජනා කරන්නේ වැඩියෙන් කොමිස් කුට්ටි ලැබෙන ව්‍යාපෘතියි. ජනතාවට කිසිම ප්‍රතිලාභයක් නැහැ. ජනතාව පරම්පරා ගණනාවක් ණය ගෙවන්න ඕනෑ. ඒ නිසා මේ දෙගොල්ලගේ මේ දුර්දාන්ත පාලනයන් වෙනුවට ජාතික ජන බලවේගය වටා ඒකරාශි වෙමින් ඒකරාශී වන ලෙස ඉල්ලා සිටිනවා.”

    මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්…

    “අපි මුලදිත් පැහැදිලි කළේ පුද්ගලයෙකුට මේ ප්‍රශ්නවලින් රට ගොඩ ගන්න බැහැ කියලයි. බැසිල් රාජපක්‍ෂ මෙහේ ඉඳලනේ ගියේ. ජනාධිපති කාර්ය සාධක බලකායේ වගකීම් ගොඩක් දීලයි තිබුණේ. ඔහු මාසයක් මේ රටේ නොහිටි නිසාද මේ ප්‍රශ්න මතුවුණේ? එහෙම නෙවෙයි. මෙතන තියෙන්නේ ආණ්ඩුවේ සියලු දෙනාගේ ප්‍රශ්නයක්. ප්‍රතිපත්තිවල ප්‍රශ්නයක්. මේ තියෙන බැරෑරුම් ප්‍රශ්නවලට බැසිල් රාජපක්‍ෂ එනවා කියලා විසඳුම් ලැබෙන්නේ නැහැ. බැසිල් රාජපක්‍ෂ කොහොමද පාර්ලිමේන්තු ආවා කියලා තෙල් මිල පාලනය කරන්නේ? කැබිනට් මණ්ඩලයට, විෂය භාර ඇමතිට, ජනාධිපතිට එහා බලයක් බැසිල් රාජපක්‍ෂට තිබුණාද? ඒ මත දැක්වීම් තාර්කික නැහැ. ආණ්ඩුවේ පිරිහීමත් එක්ක ඔවුන් විකාර වෙලා ඉන්නේ. අපිව සනසන්න එක එක ඒවා දානවා. ජනාධිපතිවරයා ජනතාව ඇමතුවා කියලා ඔක්කොම ප්‍රශ්න විසඳෙනවාද? එහෙම විසඳන්න බැහැ. දැක්මක් තියෙන්න ඕනෑ. වැඩපිළිවෙළක් තියෙන්න ඕනෑ. ඩීල් ගහ ගහා එදිනෙදා උත්තර හොයන ක්‍රමයක් නිසා තමයි අපි මේ තත්වයට වැටිලා තියෙන්නේ.

    බැසිල් රාජපක්‍ෂ පාර්ලිමේන්තුවට ඇවිත් කැබිනට් ඇමතිකමකුත් හිමි කර ගනීවි. ඔය ලණු අපි ආයෙත් කන්නද යන්නේ? ජනමාධ්‍ය හැටියට ඔය ලණු ප්‍රවර්ධනය කිරීමෙන් වැළකී හිටියොත් හොඳයි කියලා අපි හිතන්නේ. අපි ලණු කෑවා ඇති. නාටක තිරගත කරලා අපේ ඇත්ත ප්‍රශ්න යට ගහනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයාත් ආපහු පාර්ලිමේන්තුවට ආවේ ඔවුන්ගේ මොනව හරි සැලසුම් ඇති. අවුරුදු 72ක් තිස්සේ ඔය සැලසුම්වලින් රට මේ තත්වයට වැටුණනේ. ඩීල් දේශපාලනයේ ඔය ලණු කන්න එපා කියලයි අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ආණ්ඩුව අයි.එම්.එෆ්. එක පැත්තට හැරෙන්න උත්සාහ කරනවා. මේ ප්‍රොජෙක්ට් එකේ රනිල් වික්‍රමසිංහත් ඉන්නවා. බැසිල් රාජපක්‍ෂත් ඉන්නවා. ඊට අමතරව මිලින්ද මොරගොඩත් ඉන්නවා. චීන ආර්ථික මොඩල් එකෙන්වත් අයි.එම්.එෆ්. මොඩල් එකෙන්වත් මේ රට සංවර්ධනය කරන්න බැහැ. රනිල් වික්‍රමසිංහත් එක්ක ජාතික ආණ්ඩුවත් පිහිටුවා ගන්න උත්සාහ කරයි. නමුත් මේ මාවතේ තවදුරටත් ඉදිරියට යන්න බැහැ. ඒ වෙනුවට ජාතික ජන බලවේගයේ ඉදිරිපත් කර තිබෙන විකල්ප මාවත වටා ඒකරාශී වන්නැයි අපි ඉල්ලා සිටිනවා.”

  • ‘අපට සෞභාග්‍යය උදා කරගත හැක්කේ නිසි සැලැස්මක් ඇතුව වෙහෙස වී වැඩ කිරීමෙන් පමණයි‘

    ‘අපට සෞභාග්‍යය උදා කරගත හැක්කේ නිසි සැලැස්මක් ඇතුව වෙහෙස වී වැඩ කිරීමෙන් පමණයි‘

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කළ
    විශේෂ ප්‍රකාශය

    අතිපූජ්‍ය මහා සංඝරත්නයෙන් අවසරයි,
    අන්‍යාගමික පූජකතුමණි,
    ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියණි, මිත්‍රවරුණි, ආදරණීය දූ දරුවණි.

    අපේ රටට පමණක් නොව දියුණු, නොදියුණු සෑම රටකටම මේ අවස්ථාවේ තිබෙන බරපතලම ප්‍රශ්නය කොවිඩ් 19 ගෝලීය වසංගතයයි. ලෝකය පුරා මිලියන 180 කට මේ රෝගය වැලඳී තිබෙනවා. මිලියන 3.9 කට ආසන්න ජනගහනයක් මේ වන විට ඉන් මියගොස් තිබෙනවා.

    මුල් කාලයේ බරපතල ලෙස කොරෝනා වලින් පීඩා විඳි, දියුණු රටවල්, මේ වන විට අවදානම බොහෝ දුරට පාලනය කොට තිබෙන්නේ ජනතාවගෙන් බහුතරයක් එන්නත්කරණය කල නිසයි. එන්නත නිපදවන සමහර රටවලට පහසුවෙන් එන්නත ලබා ගැනීමේ හැකියාව තිබුනත්, මේ වන තුරු කිසිදු එන්නතක් තම ජනතාවට දීමට බැරි වූ රටවලුත් තිබෙනවා.

    ලංකාවට එන්නත ගෙන්වා ගැනීමට පසුගිය කාලයේ මම විශේෂ උනන්දුවක් ගත්තා. චීනය, ඉන්දියාව වැනි රටවල රාජ්‍ය නායකයන්ට මම පෞද්ගලිකව කතා කලා. ඒ වගේම ලිපි මඟින් ඉල්ලීම් කලා. රුසියාව හා අනිකුත් රාජ්‍ය නායකයන්ට මම පෞද්ගලිකවම ලිපි යැව්වා. අපේ විදේශ අමාත්‍යාංශය හරහා විදේශ තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් හරහාත් එන්නත් නිෂ්පාදනය කරන රටවල් සමඟ සාකච්ඡා කලා. අපේ නිලධාරීන් එන්නත් නිෂ්පාදනය කරන සමාගම් සමඟ සම්බන්ධීකරණය කලා. මේ සියලු උත්සාහයන් දැරුවේ, මට අපේ රටේ සියලූම ජනතාව එන්නත්කරණය කිරීමට අවශ්‍ය වූ නිසයි.

    මේ උත්සාහයන්ගේ ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට සෑම මසකම අපට අවශ්‍ය එන්නත් විශාල ප්‍රමාණයෙන් රටට ලැබෙමින් පවතිනවා. අපි භාවිතා කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද එන්නත් පමණයි. මේ වනවිට ඇස්ට්‍රාසෙනිකා එන්නත් දොලොස් ලක්ෂ හැට හතර දාහක්, සයිනොෆාම් එන්නත් තිස් එක් ලක්ෂයක්, ස්පුට්නික් එන්නත් එක් ලක්ෂ තිස් දාහක්, වශයෙන් මුලු එන්නත් මාත්‍රා හතලිස් හතර ලක්ෂ අනූ හතර දාහක් අපිට ලැබී තිබෙනවා. දැනට රටේ සෑම පළාතකම එන්නත්කරණය සාර්ථකව සිදුවෙමින් පවතිනවා. 

    සමස්ත ජනගහණයෙන් මිලියන 03කට දැනටමත් එන්නත් ලබාදී අවසන්.  ජුලි මස සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4 කුත්, සයිනොවැක් මාත්‍රා මිලියන 2.5 කුත් ලැබීමට නියමිතයි. එසේම ස්පුට්නික් මාත්‍රා මිලියන 2 ක්ද ලබා ගැනීමට කටයුතු යොදා තිබෙනවා. මීට අමතරව, අගෝස්තු මස සයිනොෆාම්  මාත්‍රා මිලියන 5 කුත්, සයිනොවැක් මාත්‍රා මිලියන 2.5 කුත්, ස්පුට්නික් මාත්‍රා මිලියන 2 කුත් ලැබීමට නියමිතයි. සැප්තැම්බර් මස සයිනොෆාම් මිලියන 3 ක් ලබා ගැනීමෙන් මේ වසරේ සැප්තැම්බර් මාසය අවසන් වන විට අපට  මිලියන 13 ක ජනතාවක් එන්නත්කරණය කරන්නට පුළුවන්. ඒ අනුව, වයස අවුරුදු 30 ට වැඩි  සියලුදෙනාම වාගේ අපට මේ කාලය තුල එන්නත්කරණය කරන්න පුළුවන්. මෙය ඉතාමත් සතුටුදායක තත්වයක්.

    ජනාධිපතිවරයා ලෙස 2019 නොවැම්බර් මාසයේ ජනතාව මාව පත් කරගත්තේ රටේ අනාගතය පිළිබඳව විශාල බලාපොරොත්තු තබාගෙනයි.  මොන තරම් බරපතල ප්‍රශ්න මැද්දේ වුනත් ඒ බලාපොරොත්තු ඉටුකරන්න මම බැඳී සිටිනවා.

    කිසිදිනක අවසන් කල නොහැකි යැයි කී එල් ටී ටී ඊ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය අවසන් කිරීමේ වගකීම අපි එදා බාරගත්තා වගේම රට මුහුණ දී තිබෙන ගැටලු වලින් මුදාගෙන ජනතාවට සෞභාග්‍යය උදා කිරීමේ  අරමුණ වෙනුවෙන් මම කැපවෙනවා.

    මම හැම විටම ක්‍රියාකරන්නේ සැලසුමකට අනුවයි. අනාගතය සැලසුම් කරන විට අපි අතීතය අමතක නොකල යුතු අතර වර්තමානය හොඳින් විමසා වටහා ගත යුතුයි.

    2019 ජනාධිපතිවරණයේ දී මට ඡන්දය දුන් 69 ලක්ෂයකට අධික ජනතාවගේ ප්‍රධානතම ඉල්ලීම වූයේ ජාතික ආරක්ෂාව තහවුරු කොට රට ස්ථාවර කිරීමයි.  එදා මේ රටේ ජනතාව ආගමික ව්‍යාප්තවාදය ගැන දැඩි බියකින් සිටියා. පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ අපේ රටේ ආරක්ෂක යාන්ත්‍රණය බොහෝ සෙයින් දුර්වල වී ඇති බව ජනතාවට වැටහී තිබුනා.

    පසුගිය රජය විසින් ගත් වැරදි තීන්දු රාශියක් නිසා අපේ බුද්ධි අංශ දුර්වල වුනා. අපේ ආරක්ෂක අංශ ජාත්‍යන්තරය හමුවේ අභියෝගයට හා අපකීර්තියට ලක් වුනා. අපේ සිද්ධස්ථාන බලහත්කාරයෙන් අල්ලා ගනු ලැබූවා. පුරා විද්‍යාත්මක වටිනාකමින් යුතු ස්ථාන ප්‍රසිද්ධියේ විනාශ කරන තත්ත්වයක් ඇති වුනා. 2009 දී අපි අවසන් කල ත්‍රස්තවාදය වඩාත් භයානක මුහුණුවරකින් යලි මතු වී තිබුනා.

    ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අපි මේ වන විට විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙනවා. වගකිවයුතු තනතුරුවලට සුදුසුම නිලධාරීන් පත් කරනු ලැබූවා. විවිධ හිරිහැර නිසා කඩා වැටී තිබුන ආරක්ෂක අංශ වල මානසිකත්වය අපි යලි ශක්තිමත් කොට තිබෙනවා. එදා දුර්වලව තිබූ බුද්ධි අංශ යලි ප්‍රතිසංවිධානය කොට තිබෙනවා.  පසුගිය ආණ්ඩුව කාලයේ අමතක කොට තිබූ ආරක්‍ෂක සැලැස්මවල් අපි යලි ක්‍රියාත්මක කොට තිබෙනවා.   

    රටට විශාල උවදුරක් බවට පත් වෙමින් තිබූ පාතාලය අපි සාර්ථකව පාලනය කලා. එක්වරම විසඳන්නට අපහසු වුනත් මත්ද්‍රව්‍ය උවදුරත් බොහෝ දුරට පාලනය කරමින් තිබෙනවා. මේ උවදුර සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා. 

    අපේ කම, අපේ සංස්කෘතිය, ජාතිකත්වය ගැන කතා කිරීම  අපහාසයට උපහාසයට  ලක් වීමට හේතුවක් වූ යුග‍යක් අපි පසු කලා. අපි ඒ තත්ත්වය වෙනස් කලා. සෑම ජාතිකයෙකුටම, සෑම ආගමිකයෙකුටම, තම අනන්‍යතාවය රැකගෙන අනෙකෙකුට හිරිහැරයක් නොවී අභිමානයෙන් ජීවත් විය හැකි සාමකාමී පරිසරයක් මේ ටික කාලයක් තුලදී අපි ගොඩ නැඟුවා.

    පසු ගිය කාලයේ තර්ජනයට ලක්වී තිබූ මුහුදු විහාරය, කූරගල, දීඝවාපිය වැනි සංස්කෘතික හා ආගමික උරුමයන් අපි ආරක්ෂා කොට තිබෙනවා.

    අද මේ රටේ ජනතාවට තවදුරටත් රටේ ඒකීය භාවය ගැන බියවීමට හේතුවක් නැහැ.  අපේ රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගසන්නට මේ රජය කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නැහැ. ජාතික ආරක්ෂාව මගේ රජය තහවුරු කොට තිබෙනවා.

    අපේ තවත් ප්‍රධානතම අභියෝගයක් වුනේ බිඳ වැටී තිබුන ආර්ථිකය යලි ගොඩනැංවීමයි. ඒ සඳහා අපි ඉතා හොඳ සැලැස්මක් ඉදිරිපත් කලා. පසුගිය වසර 1 1/2 ක වැනි කාලය තුල, අප මුහුණ දුන් මූලික අභියෝගත්, ඒවාට අප මුහුණ දුන් ආකාරයත් ගැන ජනතාව දැනුවත් විය යුතුයි.

    2015 දී මහින්ද රාජපක්ෂ මැතිතුමා නව ආණ්ඩුවකට රට භාරදෙන විට අපිට ශක්තිමත් ආර්ථිකයක් තිබුනා. 7% ට ආසන්න ආර්ථික වර්ධන වේගය ආසියාව තුළ දෙවැනි වුනේ චීනයට විතරයි. විදේශ ආයෝජන ගලා එමින් තිබුනා, රුපියල ස්ථාවරව තිබුනා, විදේශ සංචිත ශක්තිමත්ව තිබුනා, ණය බර ලිහිල් වෙමින් තිබුනා, මුළු රටම වැඩබිමක් වී සීඝ්‍ර සංවර්ධනයක් සිදු වෙමින් තිබුනා.

    පසුගිය රජය බලයේ සිටි 2015 – 2019 කාලයේ මේ රටට කිසිම ස්වාභාවික විපතක් තිබුනෙ නෑ. ඒ කාලයේ කොරෝනා වගේ ගෝලීය අර්බුදයක් තිබුනෙත් නෑ. නමුත් හුදෙක්ම රාජ්‍ය පාලනයේ අසාර්ථකත්වය නිසා සාධාරණ හේතුවකින් තොරව අපේ රටේ ආර්ථිකය කඩා වැටෙන්න පටන් ගත්තා. 2019 වන විට රටේ ආර්ථික වර්ධන වේගය සියයට 2.1% කට අඩුවී තිබුනා. රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,400 සිට රුපියල් බිලියන 13,000 දක්වා වැඩිවෙලා තිබුනා. ජනතාව මත බදු බර දෙගුණ වෙලා තිබුණා. රුපියල අස්ථාවර වෙලා, භාණ්ඩවල මිල අසීමිත ලෙස වැඩිවෙලා තිබුණා. අපනයන ආදායම අඩු වී විදේශ සංචිත දුර්වල වෙලා තිබුණා.

    මම බාරගත්තේ මේ ආකාරයට බිඳ වැටී තිබූ ආර්ථිකයක්. නමුත් අපි ඒ යථාර්තය හොඳින් තේරුම් අරගෙන සැලැස්මක් සහිතව තමයි ඒ වගකීම බාරගත්තේ.

    නමුත් අනපේක්ෂිත ලෙස අපේ රටට පමණක් නොවෙයි සමස්ත ලෝකයටම අර්බූදයක් වූ ගෝලීය කොරෝනා වසංගතය නිසා ඒ සැලසුම් අප බලාපොරොත්තු වූ ආකාරයෙන් ම ක්‍රියාත්මක කරන්නට බැරි වාතාවරණයක් ඇති වුනා.

    මා ජනාධිපතිවරයා වශයෙන් පත් වී මාසයක් ගතවන්නටත් පෙර කොවිඩ් 19 වසංගතය චීනයෙන් ආරම්භ වී ලොව පුරා පැතිරෙන්නට පටන් ගත්තා. මේ වෙලාවේ මේ රෝගය සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් දෙන්නට අවශ්‍ය දැනුම කිසිදු රටකට තිබුනේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා විමතියට පත් වී සිටියා.

    වසංගතයක අවධානය ගැන දැනගත් වහාම ඉදිරියට එන ඕනෑම තත්ත්වයකට මුහුණ දෙන්න අපි වෛද්‍යවරුන්, සෞඛ්‍ය ක්ෂේත්‍රය පිලිබඳ විශේෂඥයන්, දක්ෂ පරිපාලකයන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුලත් වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටෙව්වා

    චීනයේ වසංගතය ආරම්භ වූ වූහාන් ප්‍රාන්තයේ අධ්‍යාපනය ලබමින් සිටි විදේශීය සිසුන් ඉතා අසරණ වූ අතර, අපේ රටේ සිසුන් 34 දෙනෙකුත් ඒ අතර සිටියා.  නමුත් අන් සෑම රටකටම කලින් ක්‍රියාත්මක වූ අපි  දැඩි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම වේද යටතේ ගුවන් යානයක් චීනයට යවා වුහාන්වල සිරවී සිටි ශ්‍රී ලංකික සිසුන් 34 දෙනාවම ආරක්ෂාකාරීව ලංකාවට ගෙන ආවා.

    ඔවුන් දියතලාවේ හමුදා කඳවුරක නිරෝධායනය කොට, තම පවුල් වලට මුදාහැරීමෙන් අන් රටවලටත්, රජයක සමාජ වගකීම ගැන අපි හොඳ ආදර්ශයක් දුන්නා.

    ලංකාවේ පලමු කොරෝනා පොකුර නිර්මාණය වූ අවස්ථාවේ නිසි වේලාවට රට වසා දමා, විවිධ සීමා පනවා, සෞඛ්‍ය ආරක්ෂණ විධිවිධාන ගැන ජනතාව දැනුවත් කලා. රෝගය වැලඳුන සියලු දෙනාටම රජය මැදිහත් වී ප්‍රතිකාර කලා. රෝගය වැලඳුන කාලයේ ඔවුන් හා ඇසුරු කල සියලුදෙනා බුද්ධි අංශවල සහායෙන් සොයාගෙන, ඔවුන්ව නිරෝධායනය කලා.

    මේ අනුව පළමුවන කොරෝනා රැල්ල සාර්ථකව පාලනය කරන්නට අපි සමත් වුනා. ලෝක‍යේ අන් රටවල් කොරෝනා වසංගතයෙන් දැඩි පීඩා විඳිද්දී මාස 3 ක පමණ කාලයක් ලංකාවෙන් කිසිදු රෝගියෙකු වාර්තා වුනේ නැහැ.

    කිසිදු රටකට දීර්ඝ කාලීනව ගුවන්තොටුපොලවල් හා වරායවල් වසා ගෙන ඉන්නට බැහැ. පිටරට වල අසරණව සිටින තම පුරවැසියන් ආපසු ගෙන ආ යුතු වනවා. ආනයන, අපනයන කටයුතු පාලනයක් යටතේ හෝ සිදු කිරීමට වෙනවා. මේ නොවැලැක්විය හැකි ගෝලීය සම්බන්ධීකරණය නිසා කොරෝනා වයිරසය යලි යලිත් රටවලට ඇතුලු වීමත් සම්පූර්ණයෙන් වලක්වන්නට කිසිම රටකට මෙතෙක් හැකිවෙලා නැහැ. රට වසා දැමීමකින් කල හැක්කේ තාවකාලිකව අවදානම පාලනය කිරීම පමණයි.

    කොරෝන දෙවන රැල්ල ආ අවස්ථාවේ අළුත් වයිරස් ප්‍රභේදයක් වේගයෙන් පැතිරෙන්න පටන් ගත්තා. විශේෂයෙන් කර්මාන්ත ශාලා, මාළු හා එලවළු වෙළඳපොලවල් ආශ්‍රිතව මෙය පැතිරුනා.

    කොරෝනා සාර්ථකව පාලනය කිරීමට නම් රජය විසින් පැනවූ දැඩි සමාජ දුරස්ථතා නීති වලට ජනතාව වගකීමෙන් සහාය දිය යුතුයි. නමුත් ලංකාව තුල සංචරණය සීමා කරන්නට, සෞඛ්‍ය ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්නට කියා කොතරම් උපදෙස් දුන්නත්, සමහර ජන කොටස් එයට සම්පූර්ණ සහාය නොදුන්න බව ඔබ සියලු දෙනාම දන්නවා.

    කෙසේ වෙතත් දෙවන රැල්ලත් මේ වසරේ මුල වන විට අපි බොහෝ දුරට පාලනය කොට තිබුනා.

    සිංහල අළුත් අවුරුදු කාලයේ ජනතාව අවිධිමත්ව විශාල ලෙස කණ්ඩායම් ගැසී සංචාරය කිරීමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස අපි දැන් කොරෝනා තුන්වන රැල්ලකට මුහුණ දී තිබෙනවා.

    මේ වන විට වයිරස් ප්‍රභේද ගනනාවක් රට තුලට ඇතුල් වී තිබෙන අතර, වයිරසය වේගයෙන් හා පහසුවෙන් පැතිරීම නිසා, මින් පෙර වාරවලට වඩා අවදානම් තත්ත්වයක් උදා වී තිබෙනවා. රෝගය වේගයෙන් පැතිරී ආසාදිතයින් ප්‍රමාණය සීඝ්‍රයෙන් වැඩිවන විට එයට  හදිසියේම මුහුණ දෙන්නට සෞඛ්‍ය අංශයට ඇති මානව සම්පත් හා අනෙකුත් පහසුකම් ප්‍රමාණවත් නැහැ. ඒ අනුව රජයට යලිත් රට  වසා දමන්නට සිදු උනා.

    මෙවැනි වසංගත තත්ත්වයක් සමග කරන සටනේ දී, ලෝකයේ අනෙකුත් බොහෝ රටවලට මෙන්ම අපිටත් විටින් විට රට වසා දමන්නට සිදුවුනත් එම තීන්දුවේ අතුරු ප්‍රතිඵලත් අප තේරුම් ගත යුතුයි. ඒ අනුව විවිධ නීති රීති  පනවන්නට සිදු වුනා. කර්මාන්තශාලා හා ආයතනවල  වැඩ කරන පිරිස සීමා කරන්නට සිදු වුනා.  නමුත් මේ තත්ත්වය අපේ කර්මාන්තවලට ඉතාම නරක විදියට බලපෑවා. විශේෂයෙන්ම, ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 5ක පමණ ආදායමක් ගෙන ආ ඇඟලුම් කර්මාන්තයට මින් විශාල පාඩුවක් සිදුවුනා. ඔවුන්ගේ ඇණවුම් නවතා දමනු ලැබූවා. බොහෝ දෙනෙකුට රැකියා නැතිවුනා. අපනයන ආදායම අඩු වුනා.

    විදේශ රටවලත් කර්මාන්ත වසා දැමීම නිසා අපේ විදේශගත ශ්‍රමිකයින් ආපසු එන්න පටන් ගත්තා. ඔවුන් බොහෝ දෙනෙකුගේ රැකියා අහිමි වුනා. වසංගතයට බියේ ලංකාවට ආපසු ආ ලක්ෂ 2 කට අධික විදේශගත ශ්‍රමිකයින් බොහෝ දෙනෙකුට ආපසු ඒ රටවලට යන්න තවමත් ඉඩ ලැබී නෑ. ලංකාවට ලැබුණු විදේශ ප්‍රේෂණ මේ නිසා අඩු වුනා.

    සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කරද්දී අපි වැඩිම බලාපොරොත්තුවක් තබා තිබුනේ, සංචාරක ව්‍යාපාරය ගැනයි. ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක් වුනු සංචාරක ව්‍යාපාරය 2025 වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 10 දක්වා දියුණු කරන්නට අපි සැලසුම් කොට තිබුණා.

    නමුත් අද මුළු ලෝකයේම සංචාරක ව්‍යාපාරය අර්බූදයකට ලක් වෙලා. ගුවන් තොටුපොලවල් වහලා, සංචරණය සීමා වෙලා. එහි ප්‍රතිඵලයක් ලෙස මිලියන 3 කට වැඩි පිරිසක් ජීවිකාව සඳහා යම් ආකාරයකින් සම්බන්ධව සිටි අපේ සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා. ඍජු හා වක්‍ර රැකියා ලක්ෂ ගණනාවක් නැතිවෙලා. ස්වයං රැකියා කල ලක්ෂ ගණනකට ආදායම නැතිවෙලා, ඒ ක්ෂේත්‍රයට සම්බන්ධ වී සිටි අය අද වනවිට අසීරුවට පත්වෙලා.

    අපේ සංවර්ධන සැලැස්මේ තවත් විශාල බලාපොරොත්තුවක් වුනේ ඉදිකිරීම් කර්මාන්තයයි. අපිට අවශ්‍ය වී තිබුනේ බිඳ වැටී තිබු ඉදිකිරීම් කර්මාන්තයේ පුනර්ජීවනයක් යළි ඇති කරන්නයි. විටින් විට කරන රට වසා දැමීම නිසා මේ ක්ෂේත්‍රයට විශාල පහරක් වැදී තිබෙනවා. ඉදිකිරීම් සමාගම්වලට අවශ්‍ය ආකාරයට සේවකයින් ගෙන්වා ගන්න හැකියාවක් නෑ.

    අවශ්‍ය වෙලාවට අමුද්‍රව්‍ය ගෙන්වා ගන්න හැකියාවක් නෑ. පසුගිය වසර එක හමාර තුළ අපි බලාපොරොත්තු වුනු දේශීය හා විදේශීය ආයෝජන බොහොමයක් අපිට අහිමි වුනා.

    මේ සියලු කාරණා නිසා අපි මුලින් සැලසුම් කොට තිබූ විදේශ විනිමය ප්‍රමාණය අපට ලැබුනේ නැහැ. එවැනි තත්ත්වයක් යටතේ අපට විදේශ විනිමය වඩා පරිස්සමින් කලමණාකරනය කරන්නට වෙනවා.

    අපේ දේශීය ආර්ථිකයේ තවත් වැදගත් අංශයක් වන්නේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරයි. සමස්ත දල ජාතික නිෂ්පාදිතයෙන් 50% කට වඩා ප්‍රමාණයකට දායකත්වය දක්වන මෙම ව්‍යාපාරවලටත් කොරෝනා වසංගතය විශාල ගැටලුවක් වුනා. ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු වලට දිගින් දිගට බාධා සිදු වීම නිසා ඒ සමාගම් වලට ආදායම් අහිමි වී තමන්ගේ ණය ගෙවා ගන්නට හෝ වැටුප් ගෙවා ගන්න බැරිව බරපතල ප්‍රශ්ණ වලට මුහුණ දෙන්නට සිදු වුනා. ජනතාව අතර මුදල් හිඟ උනා. වාහන ලීස් කල අයට වාරිකය ගෙවා ගන්නට බැරි උනා. නිවාස ණය ගත් අයට ඒ ණය වාරික ගෙවා ගන්නට බැරි උනා. දිනපතා ණයට මුදල් ගෙන ව්‍යාපාර කරන අය ගැනුම්කරුවන් නොමැතිව  අපහසුතාවයට පත් උනා.

    මේ තත්ත්වයෙන් ඔවුන්ව මුදවා ගැනීම සඳහා ඔවුන්ගේ ණය ගෙවීමට අමතර කාලයක් ලබා දෙන්නට රජය ක්‍රියාකලා. ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ණය කල් ගැනීම් පහසුකම් සපයන්නට රජය රුපියල් බිලියන 400 කට වඩා වෙන් කලා.

    අපි බලයට ආවට පසුව, බදු අඩු කිරීම නිසා රාජ්‍ය ආදායම අඩු උනා කියා විපක්ෂය අපට චෝදනා කරනවා. නමුත් අපි එදා එසේ නොකලානම් මේ කොරෝනා වසංගත තත්ත්වය යටතේ ජනතාවට මීටත් වඩා පීඩනයක් ඇතිවෙන්නට තිබුනා. පසු ගිය රජය ජනතාව මත විශාල බදු බරක් පනවා තිබුනා. 2015-2019 කාලය තුල ඍජු හා වක්‍ර බදු දෙගුණ වී තිබුනා.  අපි බලයට ආ වහාම ඒ පීඩනයෙන් ජනතාව නිදහස් කලා. මේ සියලු බාධක මැද අපි ජනතාව ජීවත් කරවීමේ වගකීම ඉටු කලා.

    රජය විසින් සෑම වසරකම අයවැයෙන්ම මුදල් වෙන්කොට ජනතාවට ලබාදෙන සහන රාශියක් තිබෙනවා. ඒ අතර සමෘද්ධිය සඳහා රුපියල් බිලියන 50 කුත්, නොමිලේ බෙහෙත් ලබා දීම සඳහා රුපියල් බිලියන 90 කුත්, ආබාධිත සොල්දාදුවන් වෙනුවෙන් රුපියල් බිලියන 40 කුත්, විශ්‍රාම වැටුප් වශයෙන් රුපියල් බිලියන 250 කුත්, පොහොර සහනාධාරය වෙනුවෙන් රුපියල් බිලියන 35 කුත්,  පාසල් දරුවන්ගේ නිල ඇඳුම්, පෙළ පොත් සහ පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීම වෙනුවෙන් රුපියල් බිලියන 25 කුත්, පාඩු ලබන රාජ්‍ය ආයතන නඩත්තුව ඇතුලු තවත් විවිධ සහන ලෙස බිලියන 70 කුත් සමග සමස්තයක් වශයෙන් බිලියන 560ක් පමණ වැය කරනවා. කොරෝනා අර්බුදයට මුහුණ දීමට අලුත් වියදම් රාශියක් රජයට දරන්න සිදු වී තිබෙනවා.

    කොරෝනා වලට රට වසා දැමූ සෑම අවස්ථාවකම දෛනික ආදායමක් නොමැතිව අසරණව සිටි ජනතාවට රුපියල් 5000ක  දීමනාව ලබා දෙන්නට අපි සෑම වටයකම රුපියල් බිලියන 30 ක් පමණ වැය කරනවා. මේ වනවිට අවස්ථා ගණනාවක දී රජය මෙම වියදම දරා තිබෙනවා.  කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාලව අමතර වියදම් රාශියක් රජය දරනවා. පීසීආර් හා ඇන්ටිජන් පරීක්ෂණ කරන්නටත්, හඳුනාගත් ආසාදිතයින්ට ප්‍රතිකාර කරන්නටත්, ප්‍රතිකාර මධ්‍යස්ථාන රාශියක් අලුතින් පිහිටුවීමටත් රජය අමතර වියදම් දරා තිබෙනවා.

    රජය මගින් නඩත්තු කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල වියදමට අමතරව තමන්ගේ ම නිවස්වල නිරෝධායනය වන සෑම පවුලකටම සති දෙකක් සඳහා රුපියල් 10,000 ක සහන මල්ලක් ලබා දෙනවා. කොරෝනා අර්බුදය පටන් ගත් දා  සිට මේ වනතුරු රුපියල් බිලියන 260 කට වඩා ජනතා සහන වෙනුවෙන් රජය වියදම් කොට තිබෙනවා.

    සැලසුම් කොට තිබූ සහනාධාර වලට කොරෝනා වියදමත් එකතු වූ විට එය පසුගිය වසරේ රටේ සමස්ත රාජ්‍ය ආදායම වන රුපියල් බිලියන 1380 න් හරි අඩක් පමණ වෙනවා.  කොරෝනා වසංගතය නිසා ඇතිවූ අසීරු තත්ත්වය යටතේ පවා රජය කිසිම විටක මිලියන 1.4 කට වැඩි රජයේ සේවකයන්ගේ වැටුප් අඩු කරන්නට හෝ දීමනා ඉවත් කරන්නට කටයුතු කලේ නැහැ.

    අපේ විදේශ විනිමය ආදායම් අඩු වුනාට, රජය විසින් පිටර‍ට මූල්‍ය ආයතනවලට ගෙවිය යුතු ණය වාරික ගෙවීම පැහැර හැරියේ නැහැ. පසු ගිය කාලයේ විවිධ රජයන් විසින් ගෙන තිබුනු ණය නිසා  අපට  වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 4 ක පමන විශාල ණය වාරිකයක් ගෙවන්නට තිබුනා. රජයට මේ ණය ගෙවන්න බැරි වෙයි කියා මතයක් විපක්‍ෂය ජනගත කලා. නමුත් අපි රට අපකීර්තියට පත් නොකර ඒ සියළු ණය මුදල් නියමිත දිනට ගෙව්වා.

    මේ තත්ත්වය යටතේ  විදේශ විනිමය අර්බූදයක් වලක්වා ගැනීම රජයේ වගකීමයි. ඒ නිසා රජයක් වශයෙන් අපිට යම් දැඩි තීන්දු ගන්න සිද්ධ උනා. සමහර අත්‍යවශ්‍ය නොවන ආනයනයන් පාලනය කරන්නට, විශේෂයෙන්ම සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය පාලනය කරන්නට, අපිට සිදු වුනේ ඒ නිසායි. මේවා හැමදාටම පවත්වාගෙන යන්නට බලාපොරොත්තු වන සීමාවන් නොවෙයි. අපි බලාපොරොත්තු වෙනවා රටට ආදරය කරන, අනාගතය දකින, බුද්ධිමත් ජනතාව කාලීන අවශ්‍යතාවයන් හඳුනාගෙන මේ අර්බූදයෙන් ගොඩ එන්නට අපට සහාය දෙයි කියා.

    අපේ රජයේ අඩුපාඩුවක්ව තිබුනේ අපි කරන සංවර්ධන කටයුතු නිසියාකාරව ජනතාවට සන්නිවේදනය නොකිරීමයි. නමුත් එහි ප්‍රතිඵලය ලෙස ජනතාව මාධ්‍ය වලින් දැක්කේ ගැටලු පමණයි. සමාජ ජාල වල සාකච්ඡා වුනේ ප්‍රශ්ණගත සිද්ධීන් පමණයි. ඒ නිසා කොරෝනා අර්බුදය මැද රජය කරගෙන ගිය සංවර්ධන ව්‍යාපෘති වලින් රටට, ජනතාවට ලැබුන ප්‍රතිලාභ ගැන කවුරුත් කතා කලේ නැහැ.

    පුද්ගල ප්‍රතිරූප පිම්බීම සදහා ප්‍රචාරණ කටයුතු නොකලාට ආණ්ඩුවක් කරන වැඩ ගැන ජනතාව දැනුවත් විය යුතුයි. නැත්නම් වන්නේ දේශපාලන අවශ්‍යතාවයන් මත වැරදි තොරතුරු ජනගත කරන්නට ආණ්ඩුවේ ප්‍රතිවාදීන්ට අවස්ථාව ලැබීමයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, අද සත්‍යය යටපත් වී බොරුව ජයගනිමින් තිබෙනවා.

    ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩ නැගීමේදී රටේ ආහාර සුරක්ෂිතභාවයේ වැදගත් කම ගැන අපි විශේෂ අවධානයක් යොදවා තිබීම කොරෝනා වසංගතය අවස්ථාවේ විශාල ආශිර්වාදයක් උනා. පිටරටින් එන ආහාර මත යැපුණ රටවල් අසීරුතාවයන්ට පත්වද්දී, අපට එවැනි ගැටලු වලට මුහුණ දෙන්නට සිදුවුනේ නැහැ.

    අපේ ප්‍රතිපත්ති හරහා දේශීය කෘෂිකර්මාන්තයේ පුනර්ජීවනයක් ඇති කරන්නට අපට පුළුවන් වෙලා තිබෙනවා. වී සඳහා සහතික මිලක් ලබාදීම තුලින් අපි වී ගොවියා ශක්තිමත් කලා. පොහොර නොමිලේ ලබා දුන්නා. තේ, පොල්, රබර්, කුරුඳුවලට පසුගිය කාලයේ හොඳ මිලක් ලැබුණා.ලංකාව තුළ වගා කළ හැකි කෘෂිකාර්මික නිෂ්පාදන ආනයනය හා ප්‍රතිඅපනයනය තහනම් කිරීම මගින් ගම්මිරිස්, කහ වැනි භෝග වලට හොඳ වෙළඳපොලක් නිර්මාණය කලා. එතනෝල් ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කල නිසා අපේ සීනි කම්හල් අද ලාභ ලබනවා.

    ගොවිතැනට නිසි ගෞරවය ලබා දීම නිසා වෙනදා කෘෂිකර්මාන්තය ගැන උනන්දුවක් නොදැක්වූ බොහෝ දෙනෙක් අද විවිධ මට්ටමේ කෘෂිකාර්මික ව්‍යාපෘති වලට යොමුවෙලා තිබෙනවා. කෘෂිකර්මාන්තය නගා සිටවීම සඳහා අපි රට පුරා වැව් 14,000 ක් ප්‍රතිසංස්කරණය කරන විශාල වැඩ පිළිවෙලක් ආරම්භ කොට තිබෙනවා. මේ හරහා පුරන් වී තිබෙන කුඹුරු හා අතහැර දමා තිබෙන වගා බිම් දහස් ගනනක් අස්වද්දන්නට අපට අවස්ථාව ලැබී තිබෙනව‍ා.

    පාරිසරික හා දේශගුණික විපර්යාසවලට ශක්තිමත්ව මුහුණ දිය හැකි  තිරසර සංවර්ධන ප්‍රතිපත්තියක් වෙනුවෙන් අපි වැදගත් පියවර කිහිපයක්ම අරගෙන තියෙනවා. රට තුලට රසායනික පොහොර ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නැවැත්වීම එහි තවත් වැදගත් පියවරක්.

    මේ කාරණය සම්බන්ධයෙන් දශක ගනණාවක් අපේ රටේ කතිකාවක් තිබුනා. මීට වසර 45 කට පමන පෙර මේ රටට හඳුන්වාදුන් රසායනික පොහොර භාවිත‍ය, අපේ රටට මේ වන විට විශාල සමාජ උවදුරක් වෙලා. මෙහි අතුරු ඵලයක් ලෙස අපේ පස නිසරු වෙලා. අපේ ජලය විෂ වෙලා. වකුගඩු රෝගය, පිළිකා රෝගය වැනි රෝග ගනනාවකට හේතුව විශාල වශයෙන් පසට හා ජලයට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වීම බව විද්වතුන් බොහෝ දෙනෙකුගේ මතයයි. රසායනික පොහොර භාවිතය නිසා මිනිස් ජීවිතයට වන හානියට හේතුව සොයා එයට පිළියම් යෙදිය යුතුමයි.

    දීර්ඝකාලීනව ජන ජීවිතයට වන හානිය ගැන විශාල කතිකාවක් සමාජය තුල තිබුනත්, ඒ සම්බන්ධයෙන් ඍජු තීන්දුවක් ගැනීමේ හැකියාව මින් පෙර කිසිදු රජයකට තිබුනේ නෑ. රසායනික පොහොර භාවිතයෙන් ඉවත්ව රට කාබනික පොහොර භාවිතයට යොමු කරන බවට වූ පොරොන්දුව මේ රටේ 69 ලක්ෂයක් ජනතාව අනුමත කළා. ඒ නිසා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වූ එම පොරොන්දුව ඉටු කිරීමට මම බැඳී සිටිනවා. අනාගත පරම්පරාවේ සුබසිද්ධිය වෙනුවෙන් එම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම වර්තමාන පරම්පරාවේ වගකීමක්.

    පිටරටින් රසායනික පොහොර ගෙන්වීම නතර කිරීම හදිසි තීරණයක් නොවේ. එම තීන්දුව ක්‍රියාත්මක කිරීමට පෙර ඉදිරි කන්නය සඳහා අවශ්‍ය පොහොර තොග මෙරටට ගෙන්වා තිබුනා. මේ වන විටත් වගා බිම් හෙක්ටයාර මිලියන 1 1/2 කට  අවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ 3 ක් බෙදා දී අවසන්.  ඒ සමගම කාබනික පොහොරත් මෙට්‍රික් ටොන් 8,000 ක් පමන බෙදා දී තිබෙනවා. ඉදිරි මහකන්නය සඳහා ගොවිතැනට අවශ්‍ය කාබනික පොහොර සියල්ල ලබා දෙන බවට රජය සහතික වෙනවා.

    අපි මේ ප්‍රතිපත්තිමය තීරණය ගැනීමත් සමග රට තුළ කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා ව්‍යවසායකයන් හා සමාගම් විශාල වශයෙන් ඉදිරිපත් වී තිබෙනවා. කලින් කලට වෙනස් වන ප්‍රතිපත්ති නිසා දශක තුනකට ආසන්න කාලයක් අපට පීඩා කළ යුද්ධය ඍජු ස්ථාවර ප්‍රතිපත්තියක් යටතේ වසර දෙක හමාරක් වැනි කෙටි කාලයකින් අවසන් කල ආකාරය මා ඔබට මතක් කරන්නට කැමතියි. රටට හිතකර සාධනීය හේතු මත නිවැරදි තීරණයක් ගෙන ඉදිරියට තැබූ පය ආපසු නොගත යුතුයි.    දැන් අපි ක්‍රමයෙන් කාබනික පොහොර භාවිතය වර්ධනය කල යුතුයි. ජාතියක් වශයෙන් එක්ව මේ සඳහා සෑම දෙනාම අත්වැල් බැඳ ගත යුතුයි.

    දේශීය මෙන්ම විදේශීය විශේෂඥයින් අපට පෙන්වා දෙන්නේ කාබනික පොහොර භාවිතයේ දීර්ඝකාලීන වාසි රටක් වශයෙන් අපට නිසැකවම බලාපොරොත්තු විය හැකි බවයි. පස සරුසාර වීම, ඵලදායීතාව ඉහල යාම, වැඩි ආදායමක් බලාපොරොත්තු විය හැකි වීම, කෘෂි නිශ්පාදන සඳහා විශාල වෙළඳ පොලක් විවෘත වීම මෙන්ම ජනතාව වඩා නිරෝගීමත් වීම අපට ලැබෙන ප්‍රතිලාභ අතර තිබෙනවා.

    මිනිසා ස්වාභාවික පරිසරයට කරන බාහිර බලපෑම් නතර කල හොත් ඉතා ඉක්මනින් තමන්ට වූ හානිවලට පිලියම් කරන්නට පරිසරයට හැකියාව තිබෙනවා. කොරෝනා පලමු රැල්ල ආ අවස්ථාවේ එක අවස්ථාවක සති ගණනාවක් ලෝකයේ සෑම රටක්ම වාගේ වසා දමනු ලැබුවා.

    ඒ අවස්ථාවේ එම රටවල ඉතා අපිරිසිදුව තිබූ වායුතලය ඉබේම වාගේ පිරිසිදු වුනා. මෙයින් ඉතා හොඳ පණිවිඩයක් ලොවට කීවා. එනම් මිනිසා පරිසරයට හානි නොකරනවානම් හිතනවාට වඩා වේගයෙන් පරිසරය ක්‍රියාත්මක වී මිනිසාව ආරක්ෂා කරගන්නා බව.

    ලෝක වෙළඳ පොලේ තරඟ කරන්නට නම් පිටරටින් ගෙන්වන තේ සමඟ හෝ වෙනත් අමුද්‍රව්‍ය සමඟ අපේ තේ මිශ්‍ර කළ යුතුය කියා මතයක් තිබුණා. නමුත් අපේ තේ වල ප්‍රමිතිය ආරක්ෂා කල යුතුයැයි රජය දැඩි ස්ථාවරයක සිටියා. එහි ප්‍රතිපලයක් වශයෙන් 2019 ට වඩා දල වශයෙන් තේ කිලෝවකට රුපියල් 83 ක් පමන වැඩි පුර ගන්න කර්මාන්ත ශාලාවලට පුලුවන් වුනා. 2021 වන විට මෙම මිල තවත් ඉහල ගියා පමනක් නොව තේ නිශ්පාදනයද ඉහල ගිය නිසා 2021 පලමු මාස හතරෙන් තේ කර්මාන්තය උපයපු විදේශීය ආදායම වන රුපියල් බිලියන 81, පසුගිය වසරේ පලමු මාස හතරට වඩා රුපියල් බිලියන 17 කින් වැඩි වී තිබෙනවා. ලෝක වෙලඳපොලේ අනෙකුත් රටවලට සාපේක්ෂව අපගේ ceylon tea කිලෝවක් සදහා $ 4.82 ක ඉහලම අගය, විදේශ විනිමය වශයෙන් අපට ලැබුනා. අපි ගත් අමාරු නමුත් නිවැරදි තීන්දු වල ප්‍රතිඵල සාර්ථක බවට මෙය හොඳ උදාහරණයක්.

    රසායනික පොහොර නොමැතිව ගොවිතැන දියුණු කරන්න බැහැ කියන මතය දරණ අයටත් මේ තීරණය නිසා ලැබෙන දීර්ඝ කාලීන ආර්ථික ප්‍රතිලාභ ඉදිරියේදී පැහැදිලි වනවා නිසැකයි. අද කාබනික පොහොර යොදා කරන නිශ්පාදන වලට ලෝකය පුරා විශාල ඉල්ලුමක් තිබෙනවා. ලංකාව රසායනික පොහොර භාවිතා නොකරන රටක් වශයෙන් ජාත්‍යන්තරය හඳුනා ගත් විට අපට විශාල වෙළඳ පොලක් විවෘත වනවා.

    එයින් ගොවියන්ට හා ව්‍යවසායකයන්ට ඉතා හොඳ මිලක් අපේක්ෂා කරන්න පුලුවන්. කාබනික ආහාර වලට ලෝකයේ විශාල ඉල්ලුමක් තිබෙනවා. මෙය රටට ලැබෙන සුවිශේෂී අවස්ථාවක්. ඒ නිසා බුද්ධිමත් ව්‍යවසායකයන් කල යුත්තේ සුබදායි අනාගතයකින් උපරිම ප්‍රයෝජන ගැනීමට සුදානම් වීම මිස වර්තමාන දුෂ්කරතා ගැන පැමිණිලි කරමින් සිටීම නොවෙයි.

    නිවාස සංවර්ධනය මගේ රජය විශේෂ අවධානයක් දී තිබෙන තවත් ක්ෂේත්‍රයක්. නිදහසින් වසර 72 කට පසුවත් මේ රටේ පවුල් මිලියන 6 ක් පමන සිටින පුරවැසියන් බොහෝ දෙනෙකුට තම ජීවන මට්ටමට සරිලන නිවසක් තවමත් නැහැ. විශාල පිරිසක් තවමත් ජීවත් වන්නේ අර්ධ සම්පූර්ණ නිවාස වල, හෝ පහසුකම් අඩු කුලී නිවාස වල. තවත් විශාල පිරිසක් පැල්පත් වල ජීවත් වෙනවා. සමහර විට පදිංචිකරුවන්ට තම ඉඩමට ඔප්පුවක් නැති නිසා නිවසේ ඉදිරි සංවර්ධන කටයුතු කරගන්නට බැහැ. මේ තත්ත්වය වෙනස් කොට සතුටින් ජීවත්වන පවුලක් ‍යන තේමාව යටතේ මේ රටේ ජීවත් වන සෑම පවුලකටම ජීවත් වීමට සුදුසු නිවසක් ලබා ගත හැකි පරිසරයක් අපි නිර්මාණය කරනවා.

     2014 ට පෙර අප විසින් සාර්ථකව කරගෙන ආ නිවාස සංවර්ධන ව්‍යාපෘති යලිත් වේගවත්ව ක්‍රියාත්මක කිරීම ආරම්භ කොට තිබෙනවා. ඉදිරි  වසර 4 තුල නිවාස  ලක්ෂ තුනක් රජය විසින් හා රාජ්‍ය හා පෞද්ගලික අංශයන් එ්කාබද්ධව ක්‍රියාත්මක කරන ව්‍යාපෘති හරහා ඉදි කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අතර නාගරික නිවාස හැට දහසකුත්, ග්‍රාමීය  නිවාස ලක්ෂ 2 කුත් ඉදිවෙනවා. වතු නිවාස හා කුළී නිවාස 40 දහසකුත් අපේ සැලැස්මට අයිති වෙනවා.මේ නිවාස වලින් නිවාස 20 දහසකට වඩා මේ වන විටත් ඉදි වෙමින් තිබෙනවා. තවත් 10,000 ක් පමන මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කරනවා.

    පසුගිය රජය යටතේ වසර 5  ටම අඩු ආදායම් ලාභීන් සඳහා අරම්භ කර තිබුනේ මහල් නිවාස ඒකක 450 ක් පමනයි. නමුත් මේ වන විටත් අපි අඩු ආදායම් ලාභීන් සඳහා මහල් නිවාස ඒකක 7000 ක් පමන ඉදි කරනවා. මැදි ආදායම්ලාභීන් සඳහා මහල් නිවාස ඒකක 3000 ක වැඩ ආරම්භ වෙලා තිබෙනවා. ග්‍රාමීය නිවාස 14,000 ක්, එක ගමකට එක ගෙයක් වැඩ සටහන යටතේ ඉදි වෙමින් තිබෙනවා.

    ග්‍රාමීය ජනතාව තුල දිළිඳුකම පිටු දැකීමේ තවත් පියවරක් ලෙස ඉඩම් අහිමි පවුල් වලට වගා කල හැකි ඉඩම් ලබා දීමේ වැඩ පිලිවෙල ඉතා සාර්ථකව ඉදිරියට යනවා. මේ වන විටත් පවුල් 20,000 කට වඩා අක්කරය බැගින් ඉඩම් ලබා දී තිබෙනවා. පාරම්පරිකව වසර ගණනාවක් පදිංචි වී සිටියත්, ඉඩම් අයිතිය අහිමි 100,000 කට වැඩි පිරිසකට නීත්‍යානුකූල ඔප්පු ලබාදීමේ වැඩ පිලිවෙලක්ද ක්‍රියාත්මක වෙනවා.

    සැමට පානීය ජලය ලබා දීම ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ සඳහන් කළ ඉතා වැදගත් පොරොන්දුවක්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආරම්භ කළ කැළණිය දකුණු ඉවුර, දැදුරු ඔය වගේ විශාල ජල සම්පාදන ව්‍යාපෘති ගණනාවක් පසුගිය රජය කාලයේ අඩපණ වී තිබුණා. අපේ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් කළ ආකාරයට, අපි බලයට පත් වූ වහාම රුපියල් බිලියන 50 ක මුදලක් ආයෝජනය කර මේ ව්‍යාපෘති නැවත ආරම්භ කරන්නට අපේ රජය කටයුතු කලා.

    ඒ අනුව 2019 වර්ෂය වන විට සියයට 41% ව පැවති පිරිසිදු පානීය ජල ආවරණය මේ වන විට සියයට 52% දක්වා වර්ධනය කරන්නට අපට හැකි වෙලා තියෙනවා. 2025 වසර වන විට එම අගය 79% දක්වා වර්ධනය කිරීම අපේ ඉලක්කයයි. මේ යටතේ, 2021 වසරේ දී අලව්ව – පොල්ගහවෙල, මතුගම අගලවත්ත, විසල් මාතලේ, අනුරාධපුර උතුර, කොළඹ නැගෙනහිර, මැදිරිගිරිය සහ ගාල්ල පොකුරු ජල සම්පාදන ව්‍යාපෘතිය යන ජල සම්පාදන ව්‍යාපෘති ජනතා අයිතියට පත් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. මේ සඳහා දරා ඇති සම්පූර්ණ මුදල රුපියල් බිලියන 100කට අධිකයි.

    රැකියා විරහිත උපාධිධාරි තරුණ තරුණියන්ට රැකියා ලබා දීම මැතිවරණ සමයේ අපෙන් කල ප්‍රධාන ඉල්ලීමක්. ඒ අනුව රජය පත් වූ වහාම ඒ අවස්ථාවේ රැකියා විරහිතව සිටි උපාධිධාරීන් 65000කට රජයේ රැකියා ලබාදීමට කටයුතු කළා. මීට අමතරව, සාමාන්‍ය පෙළ අසමත්, එමෙන්ම ආර්ථික වශයෙන් පහළම මට්ටමේ සිටි පවුල්වල තරුණ තරුණියන් 100,000 ක් බහු කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව යටතේ රැකියා ගත කිරීමට අප සැලසුම් කොට තිබෙනවා. එහි පළමු අදියර යටතේ මේ වනවිටත් තරුණ තරුණියන් 35,000 ක් බඳවා ගෙන, ඔවුන් දිවයින පුරා රජයේ ආයතනවලට පුහුණුව සඳහා යොමු කොට තිබෙනවා. පුහුණුව අවසන් කළ පසු මේ සියලු දෙනා රජයේ විවිධ ආයතනවල ප්‍රාථමික ශ්‍රේණියේ තනතුරු සඳහා අනුයුක්ත කිරීමට නියමිතයි. ඉදිරියේ දී සෙසු පිරිස ද කඩිනමින් බඳවා ගැනීමට අපි කටයුතු කරනවා.

    අපි අධ්‍යාපන ක්ෂේත්‍රය ගැනත් මැතිවරණ වේදිකාවල බොහෝ විට කතා කලා. පොරොන්දු වූ අ‍ාකාරයට නිසි අවධානය අධ්‍යපනයට ලබා දුන්නා. පසුගිය කාලයේ කොරෝනා නිසා බොහෝ විට පාසැල වසා තබන්නට සිදු වුනත් අපි දුරස්ථ අධ්‍යාපනයේ විශාල ප්‍රගතියක් අත්කරගනිමින් දරුවන්ට අවශ්‍ය අධ්‍යපන පහසුකම් නොකඩවා ලබා දුන්නා.

    පාසැල් දස දහසකට ෆයිබර් ඔප්ටික්ස් සම්බන්ධතා ලබා දී තිබෙනවා. තවත් පාසැල් මේ වැඩසටහනට සම්බන්ධ කෙරෙමින් පවතිනවා

    දැනට පවතින ජාතික පාසැල් 373 ට අමතරව පාසැල් 1000 ක් ජාතික පාසැල් ලෙස සංවර්ධනය කරනවා. මේ පාසැල් දැනටමත් හඳුනාගෙන ඇති අතර සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම අවම වශයෙන් පාසැල් 3ක් අළුතින් ජාතික පාසැල් ලෙස වර්ගීකරණය කොට, ඒවායේ භෞතික පහසුකම් හා ගුණාත්මක බව වැඩිකිරීමට මුදල් වෙන්කොට තිබෙනවා.

    විශ්ව විද්‍යාලවලට වාර්ෂිකව ඇතුලත් කරගන්නා සිසුන් ප්‍රමාණය දැනටමත් 30% කින් ඉහල නංවා තිබෙනවා. ඒ අනුව වෙනදා ඇතුලත් වන 20,000 ට අමතරව වැඩිපුර සිසුන් 10,000 ක් පසුගිය වසරේ විශ්ව විද්‍යාලවලට ඇතුල් වුනා. නිදහසින් පසු එක් වසරක් තුල සරසවි වරම් ලබන සිසුන් ප්‍රමාණය මෙතරම් ඉහල ගිය අන් වසරක් නැහැ.

    මීට අමතරව මේ වසරේ විවෘත විශ්ව විද්‍යාල වලට තාක්ෂණික උපාධි සඳහා අළුතින් සිසුන් 10,000 ක් බඳවා ගන්නටත් ඔවුන්ට පලමු වසරේ සිටම රැකියා කරන ගමන් අධ්‍යාපනය ලබාදීමටත් අපි සියල්ල සූදානම් කොට තිබෙනවා.

    පසුගිය මැයි මාසයේ ලංකාවේ පළවෙනි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය ලෙස ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යායතනය ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට එකතු වුනා. මේ වසරේ ආරම්භ වන දෙවන විශ්ව විද්‍යාලය ලෙස වව්නියාව විශ්ව විද්‍යාලය අගෝස්තු මස විවෘත කිරීමට නියමිතයි.

    යාපනය සහ නැගෙනහිර විශ්ව විද්‍යාලවල සිද්ධ වෛද්‍ය ඒකක, විශ්ව විද්‍යාල පීඨ දක්වා උසස් කරනු ලබන අතර ප්‍රාසාංගික කලාව ප්‍රවර්ධනය සඳහා යාපනය විශ්ව විද්‍යාලය තුළ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් ප්‍රාසාංගික කලා පීඨය ස්ථාපනය කරනු ලබනවා.

    මැතිවරණ කාලය තුළ අප ලබාදුන් පොරොන්දුවක් ඉටු කරමින් ලංකාවේ සියලු ගුරු විද්‍යාපීඨ සියල්ල ඒකාබද්ධ කර ජාතික ගුරු පුහුණු විශ්වවිද්‍යාලයකුත්, සියලු රාජ්‍ය හෙද පාසල් ඒකාබද්ධ කොට, ජාතික හෙද විශ්වවිද්‍යාලයකුත් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්. 

    වැවිලි කර්මාන්තයට හා කෘෂි කර්මාන්තයට අදාල දැනට ස්ථාපිත සියලු පර්යේෂණ ආයතන ඒකාබද්ධ කොට වැවිලි හා කෘෂිකර්මාන්තය පිළිබඳ ජාතික විශ්වවිද්‍යාලයක් ගොඩනැඟීම සඳහා මේ වනවිටත් කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

    මීට අමතරව උසස් අධ්‍යාපන ආයතන නොමැති දිස්ත්‍රික්ක 10 ක් තෝරාගෙන ඒවායේ නගරාශ්‍රිත විශ්ව විදාල  CITY UNIVERSITIES ගොඩ නැගීමට සැලසුම් සකස් වෙමින් පවතිනවා.

    රට තුල තාක්ෂණික අධ්‍යාපනය දියුණු කිරීමට විශාල වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක වෙනවා. කොරෝනා වසංගත තත්ත්වය යටතේ සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතියම මාර්ගගත (online) ක්‍රමයට පවත්වා ගෙන යාමට අපි කටයුතු කලා.

    විද්‍යා තාක්ෂණ ඉංජිනේරු හා ගණිත ( STEM) විෂය ධාරා හදාරන සිසුන් ප්‍රමාණය වැඩි කිරීමට සෑම විශ්ව විද්‍යාලයකම අලුතින් පීඨ ඉදිකිරීමට අපි මුදල් වෙන් කොට වැඩ ආරම්භ කොට තිබෙනවා.

    තාක්ෂණික ආයතන වල පාඨමාලා හදාරණ සිසුන්ට රුපියල් 5000 ක දීමනාවක් මෙවර අයවැයෙන් අපි අනුමත කලා.

    මහින්ද රාජපක්ෂ යුගයේ සැලසුම් කල අධිවේගී මාර්ග පද්ධතිය සම්පූර්ණ කිරීම අපේ රටේ අනාගත සංවර්ධනයට ඉතාම වැදගත් ආයෝජනයක්. ඒ නිසා පසුගිය පාලන කාලය සමයේ මන්දගාමී වී තිබූ මේ වැඩපිළිවෙල අපි යලි ඉතාමත්ම වේගවත් කොට තිබෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ  මීරිගම කුරුණෑගල කොටස දැන් වේගයෙන් ඉදිවෙමින් පවතිනවා. එය තව මාස 3 කින් පමන අවසන් වීමට නියමිතයි. කිලෝ මීටර් 15 ක් පමන ප්‍රමාණයක් කනු මතින් ඉදිවන කඩවත මීරිගම කොටස 2023 අග අවසන් වීමට නියමිතයි. කුරුණෑගල දඹුල්ල කොටසත් ලඟදීම ආරම්භ වෙනවා. නුවර බලා යන මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා යන වැදගත් කොටස දැන් ආරම්භ වී තිබෙන අතර 2023 වන විට මෙයද  අවසන් වීමට නියමිතයි. මේ අනුව 2024 වන විට කොළඹ සිට නුවරට මධ්‍යම අධි වේගී මාර්ගයේ යන්නට ජනතාවට අවස්ථාව ලැබෙනවා.

    කැලණි පාලම ලඟ සිට රාජගිරිය හරහා අතුරුගිරිය දක්වා කනු මතින් ඉදිවන අධිවේගී මාර්ගයත් කැලණි පාලම ලඟ සිට වරාය නගරය දක්වා යන අධිවේගී මාර්ගයත් මේ වන විට ඉදිකිරීම් ආරම්භ වී තිබෙනවා. 2023 දී මේවායේත් වැඩ අවසන් වෙනවා.

    මං තීරු හයක් ඇති නව කැලණි පාලම හා අනුබද්ධිත මංසංධිය මේ වසරේදී විවෘත කිරීමට බලා පොරොත්තු වෙනවා.

    මීට අමතරව රජය සැලසුම් කොට තිබෙන රටපුරා මාර්ග කිලෝමීටර් ලක්ෂයක් ඉදි කිරීමේ වැඩ පිලිවෙලේ කිලෝමීටර් 25 දහසක පමන වැඩ මේ වන විටත් නිමා වෙමින් තිබෙනවා.

    මාර්ග තදබදයට විසඳුමක් ලෙස කොළඹ නගරය තුල ගුවන් පාලම් 5 කුත්, නුවර එක් ගුවන් පාලමකුත් ඉදි කරමින් පවතිනවා. මීට අමතරව ජනාකීර්ණ නගර ආවරණය වන පරිදි බහුවිධ රථගාල් සහිත ගොඩනැගිලි 9 ක් ඉදිකිරීම ආරම්භ වී තිබෙනවා.

    රුවන් පුර අධිවේගී මාර්ගයේ පලමු පියවර අපි පසුගියදා ආරම්භ කලා. මේ අධිවේගී මාර්ගය 2023 අවසන් වන විට සම්පූර්ණයෙන්ම ඉදි කොට අවසන් කරනවා.

    රටේ සංවර්ධනයට යටිතල පහසුකම්වල අවශ්‍යතාවය ඕනෑම කෙනෙකුට වැටහෙනවා. නිවාස, මාර්ග පමණක් නොව, සෑම ආකාරයකම යටිතල පහසුකම් සංවර්ධනයට අපේ රජය පසුගිය කාලයේ විශාල අවධානයක් යොමුකලා.

    2021 වසර සඳහා ග්‍රාමීය වැව් 14,000 ක් ප්‍රතිසංස්කරණය කිරීමටත්, පාලම් 10,000 ක් ඉදි කිරීමටත් ප්‍රතිපාදන වෙන් කොට ඉන් බොහෝමයක වැඩ ආරම්භ වී තිබෙනවා. රටපුරා ක්‍රීඩාංගන 1000 කට වඩා ඉදිවෙනවා. ග්‍රාමීය රෝහල් ප්‍රතිසංස්කරණය වෙනවා. ‘සියක් නගර’ වැඩසටහන යටතේ කුඩා හා මධ්‍යම පරිමාණ නගර 100 ක සංවර්ධන කටයුතු මේ වසරේ අවසන් වෙනවා. 

    නගර අලංකරණ ව්‍යාපෘති සියල්ල හරිත ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක කරන්නට අපි ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා. සියලුම ප්‍රධාන හා උප නගරවල නාගරික වනෝද්‍යාන සැලසුම් කෙරෙනවා. අනවසර ඉදිකිරීම් සහ කසල බැහැර කිරීම් හේතුවෙන් පසුගිය දා විශාල සමාජ කතිකාවකට හේතු වූ මුතුරාජවෙල තෙත්බිම රජයට පවරාගෙන එය රැම්සා තෙත් බිමක් ලෙස සංරක්ෂණය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා.

    තාක්ෂණය මත පදනම් වන සමාජයක් බිහිකිරීමට උපකාරයක් ලෙස ගාල්ල, කුරුණෑගල, නුවර එලිය, මහනුවර හා දඹුල්ල නගරාශ්‍රිතව තාක්ෂණික උද්‍යාන ඉදි වෙමින් පවතිනවා.

    2030 වන විට ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තී ප්‍රභවයන්ගෙන් උත්පාදනය කරන බව අප දුන් මූලික පොරොන්දුවක්. මේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට අපි පියවර රාශියක් ගෙන තිබෙනවා.

    “ගමට බලාගාරයක්” වැඩසටහන යටතේ කිලෝ වොට් 100ක ධාරිතාවක් සහිත ග්‍රාමීය මට්ටමේ කුඩා සුර්ය බලාගාර 7000ක් දේශීය ආයෝජකයන් හරහා ඉදිකිරීමට කටයුතු ආරම්භ කර තිබෙන අතර ඉන් මෙගා වොට් 750 ක් ජාතික විදුලි බල පද්ධතියට එකතුවෙනවා. මෙගාවොට් 100 ක ධාරිතාවයෙන් යුත් මන්නාරම සුලංවිදුලි බලාගාරය හා මෙගාවොට් 240 ක ධාරිතාවයෙන් යුත් පුනරින් සුලං විදුලි බලාගාරවල ඉදිකිරීම් ආරම්භ කර තිබෙනවා. මෙගාවොට් 120 උමා ඔය සහ මෙගා වොට් 35 බ්‍රෝඩ්ලන්ඩ්ස් විදුලි බලාගාරය මේ වසරේ වැඩ අවසන් වෙනවා. මෙගා වොට් 31.5 ක ධාරිතාවකින් යුතු මොරගොල්ල ජල විදුලි බලාගාරයේ කටයුතු 2023 දී අවසන් වෙනවා.  නාගරික ඝන අපද්‍රව්‍ය මගින් විදුලිය ජනනය කිරීමේ පලමු ව්‍යාපෘතිය කෙරවලපිටියේ ආරම්භ වුනා. එමෙන්ම, මෙගා වොට් 300 ක ධාරිතාවක් සහිත මෙරට පළමු ස්වභාවික වායු (Natural Gas) බලාගාරය කෙරවලපිටියේ දී ඉදිකිරීම් කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන අතර මේ තුලින් මෙගා වොට් 300ක ධාරිතාවක් 2023 දි විදුලි ජනන පද්ධතියට එක් කෙරෙනවා.  වහල මත සවිකරන සූර්ය කෝෂ පද්ධති 30,000 ක්  හරහා මේ වන විටත් මෙගා වොට් 340 ක ධාරිතාවයක් ජාතික විදුලි බල පද්ධතියට එකතු කොට තිබෙනවා.

    එමෙන්ම  පසුගිය ජූනි 16 වන දින ඉන්දියානු ජනරජය සමග අත්සන් කරනු ලැබූ, රුපියල් කෝටි 2000 ක ණය පහසුකම තුලින් රජයේ කාර්යාල පියසි මත සුර්ය පැනල (rooftop solar) සවිකිරීමට  කටයුතු කරනු ලබනවා. 

    “දැයට එළිය” ව්‍යාපෘතිය යටතේ ලක්ෂයකට අධික ඉතාම දිළිඳු පවුල් සඳහා කිසිදු අයකිරීමකින් තොරව විදුලිය ලබා දෙනවා.

    වාරි කළමනාකරණ ක්‍රමවේද හා ක්‍රමෝපායන් ශක්තිමත් කිරීම කඩිනම් ජාතික අවශ්‍යතාවයක් ලෙස අපේ රජය හඳුනාගෙන තියනවා. මේ යටතේ පවතින වාරි පද්ධති බල ගැන්වීමටත්, නව වාරි පද්ධති ඉදිකිරීමටත් අපි කටයුතු කලා. මෙහි මූලික පියවරක් ලෙස තෝරාගත් වාරි ව්‍යාපෘති 10 ක කටයුතු කඩිනම් කර තිබෙනවා.

    ඒ අනුව, වයඹ, උතුරු මැද සහ උතුරු පළාත් නියෝජනය කරනු ලබන වියළි කලාප‍යේ පානීය සහ වාරි ජල අවශ්‍යතාව ඉලක්ක කර ගනිමින්, උතුරු මැද පළාත් මහ ඇළ සහ වයඹ පළාත් මහ ඇළේ සංවර්ධන කටයුතු මේ වනවිට ආරම්භ කරලා තියෙනවා.  මිණිපේ වම් ඉවුරු ඇළේ සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් වෙමින් පවතිනවා.

    කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතිය හරහා ජල දුෂ්කරතාවයෙන් නිරන්තරයෙන් පීඩා විදින මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාවට අවශ්‍ය පානීය ජලය සහ දෙකන්නයේ වගා කටයුතු සදහා වාරි ජලය සම්පාදනයටත් කටයුතු කරනු ලබනවා. 

    පහළ මල්වතු ඔය සහ මුන්දෙනිආරු වාරි ව්‍යාපෘතිය හරහා විශේෂයෙන් මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත්, නැගෙනහිර පළාතේ පානීය සහ වාරි ජල අවශ්‍යතා සම්පූර්ණ කෙරෙමින් තිබෙනවා. 

    ඖෂධ ආනයනය සඳහා රජය වාර්ෂිකව විශාල මුදලක් වැය කරනවා. මෙම විශාල වියදම අවම කර ගැනීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව හරහා දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය ඉහළ නැංවීමට අපි කටයුතු කලා. ඒ අනුව, මේ වන විට සංස්ථාව එහි උපරිම නිෂ්පාදන ධාරිතාව ඉක්මවා ඖෂධ නිෂ්පාදනය කරනු ලබනවා.  මෙම වසර තුළ පමණක්, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව රෝහල් පද්ධතිය සඳහා නව ඖෂධ වර්ග 7 ක් ඇතුළුව ඖෂධ වර්ග 65 ක් දේශීයව නිෂ්පාදනය කරනු ලබනවා. ඒ අතරින් ඖෂධ වර්ග 36 ක අමු ද්‍රව්‍ය දේශීයව සපයා ගැනිම මගින් ආනයනය සඳහා දරන ලද විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකිවෙලා තිබෙනවා.

    හොරණ මිල්ලෑව ප්‍රදේශයේ පිළිකා නාශක ඖෂධ, විකලාංග උපකරණ සහ සාමාන්‍ය ඖෂධ නිෂ්පාදනාගරයක් වශයෙන් ඖෂධ නිෂ්පාදනාගාර 3ක ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා වන මූලික ප්‍රසම්පාදන කටයුතු මේ වන විටත් සිදුකර අවසන්. මෙම සියලුම ව්‍යාපෘතිවල අවසාන අරමුණ වෙන්නේ, රට තුළ දේශීය වශයෙන් ඖෂධ අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීමත්, ඒ මගින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළ ඉතිරි කර ගැනීමත්.

    මීට අමතරව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට අනුබද්ධව මෙරට රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව ආයතන කිහිපයකුත් දැනටමත් ඖෂධ නිෂ්පාදනාගාර ආරම්භ කර තියෙනවා.

    ලංකාවේ භූමියට අලුතින් එක් වුනු හෙක්ටයාර් 269 ක් වූ කොළඹ වරාය නගරයට දේශීය හා විදේශීය ආයෝජකයින් ගෙන්වා ගැනීමේ අවස්ථාව දැන් අපිට උදා වෙලා තියෙනවා. වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත පාර්ලිමේන්තුවේ සම්මත වුනාට පසු ඒ සඳහා 100% ශ්‍රී ලාංකිකයින්ගෙන් සමන්විත කොමිෂන් සභාවක් මා පත් කලා. අප විසින් ගොඬනැගීමට බලාපොරොත්තු වන මුල්‍ය නගරය සඳහා ප්‍රථම ආයෝජනය ලෙස ඩොලර් මිලියන 400 ක ආයෝජනයකින් ඉදිවන කුළුණු 2කින් සමන්විත වාණිජ ගොඬනැගිල්ලක් සඳහා කැබිනට් මණ්ඩලයේ හා පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ අනුමැතිය මේ වනවිටත් ලැබී තිබෙනවා. 

    මීට දින කිහිපයකට පෙර ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳ අන්තර්ජාතික සම්මේලනයක් අපි zoom තාක්ෂණය හරහා පැවැත්වූවා. එහිදී දේශීය හා විදේශීය ආයෝජකයින් පෙන්වන ලද විශාල උද්‍යෝගය අපේ අනාගත සංවර්ධන කටයුතු සඳහා ආයෝජන ගෙන්වා ගැනීමට ඇති ඉඩකඩ පිළිබද ධනාත්මක පණිවිඩයක් ලබා දෙනවා.

    කලාපයේ වේගයෙන් දියුණු වන අනෙක් රටවල් හා සංසන්දනය කළ හැකි සාර්ථකත්වයක් විදේශ ආයෝජන සම්බන්ධයෙන් අපිට අත්කර ගන්නට පුලුවන් නම්, එය අපේ රටේ විදේශ සංචිත ශක්තිමත් කරගැනීමට විශාල පිටුවහලක් වෙනවා. ඒ හරහා ඍජු හා වක්‍ර ප්‍රතිලාභ රාශියක් අපේ රටේ ජනතාවට බලාපොරොත්තු විය හැකියි. මේ ආයෝජනවලට ලංකාවේ කොටස් වෙළෙඳපොළ තුළ ලැයිස්තු ගතවීමේ අවස්ථාව ලබාදීම හරහා අපේ රටේ සාමාන්‍ය ජනතාවටත් මේ ව්‍යාපාරයන්හි කොටස්කරුවන් වන්නට අවස්ථාව විවෘත කරන්නට අපි බලාපොරොත්තු වනවා.

    රාජ්‍ය පාලනයේ දී අපි නීතියේ ආධිපත්‍යයට සැමවිටම ගරු කොට තිබෙනවා. රාජ්‍ය සේවකයින්ට බියකින් තොරව තම රාජකාරි ඉටු කරන්නට පුලුවන්. මා බලයට ආවාට පසු කිසිදු පත්වීමක් දේශපාලනීකරණය කලේ නෑ. පත්වීම් කලේ සුදුසුකම් මතයි. ඉහළ අධිකරණයන්ට විනිශ්චයකාරවරුන් පත්කිරීමේදීත්, නීතිපතිවරයා පත්කිරීමේදීත් ඒ සාධාරණත්වය ඉහළින්ම ඉටු කලා. 

    අතීතයේ වූ වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යන්නට අපට යලි අවස්ථාවක් ලැබී තිබෙනවා. අපට සෞභාග්‍යය උදා කරගත හැක්කේ නිසි සැලැස්මක් ඇතුව වෙහෙස වී වැඩ කිරීමෙන් පමණයි. ලංකාවේ ඉතිහාසය ලියවෙන විට අප මේ ගත කරන කාලය මොන තරම් දුෂ්කරද යන්න සඳහන් වේවී. නමුත් ඒ දුෂ්කරතා මැද අපි සාර්ථකව ඉදිරියට යනවාද නැද්ද යන්න තීරණය කිරීමේ වගකීම තිබෙන්නේ අප අතේයි.

    මා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ මට සහයෝගය දුන් බොහෝ දෙනෙකු මගෙන් ඉල්ලුවේ රට පෙරදැරිකරගත් නායකත්වයක්. ඒ අය මගෙන් පුද්ගලික ඉල්ලීම් කලේ නැහැ. නමුත් මා බලයට ආවාට පසු සමහර දෙනෙකු පුද්ගලික ඉල්ලීම් ඉටු නොවුනාය කියා රජය සමඟ අමනාප වී සිටිනවා. ඔවුන් දැන් රජය විවේචනය කරනවා. රජය අසාර්ථකයයි මතයක් ජනගත කරන්නට උත්සාහ කරනවා. නමුත් මට අවශ්‍ය කිහිපදෙනෙකු සතුටු කිරීම සඳහා මගේ ප්‍රතිපත්ති වෙනස් කිරීම නොව මා පොරොන්දු වූ ආකාරයට සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කිරීමටයි.

    මම එදා මෙන් අදත් ඔබට නායකත්වය දෙන්නට සුදානම්. මම මගේ වගකීම නොපිරිහෙලා ඉටුකරනවා. රටට ආදරය කරන, අනාගත පරපුර වෙනුවෙන් වගකීම බාරගන්නට සූදානම් බුද්ධිමත් ජනතාව දිගටම මටත් මගේ රජයටත් අපේ අරමුණු ඉටුකරගැනීම සඳහා සහයෝගය ලබා දෙයි කියා.

    ඔබ සැමට මම සුබ ප්‍රාර්ථනා කරනවා – ස්තූතියි, තෙරුවන් සරණයි.          

  • බැසිල් ජූලි 06 වැනිදා පාර්ලිමේන්තුවට

    බැසිල් ජූලි 06 වැනිදා පාර්ලිමේන්තුවට

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ජූනි මස 06 වැනිදා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන බව ප්‍රමුඛ දේශපාලන වෙබ් අඩවි කිහිපයක් අද (25) වාර්තාකර තිබෙනවා.

    තහවුරු නොකළ මූලාශ්‍ර උපුටා දක්වමින් එම වෙබ් අඩවි සදහන් කරන්නේ බැසිල් රාජපක්ෂ මහතාට පත්වීමට ඉඩ දී මේ වන විට ජාතික ලැයිස්තුවෙන් පත්ව සිටින මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඉල්ලා අස්වනු ඇති බවයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමෙන් අනතුරුව එදිනම පස්වරුවේ බැසිල් රාජපක්ෂ මහතා මුදල් හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ඇතැයි ද එම වාර්තා වැඩි දුරටත් සදහන් කරනවා.

    මේ අතර එම වාර්තා වැඩි දුරටත් සදහන් කරන්නේ පසුගිය දා වැඩි කරනු ලැබූ පෙට්‍රල් මිල රුපියල් 5ත්7ත් අතර ගණනකිනුත්, ඩීසල් රුපියල් තුනත් පහත් අතර ගණනකිනුත් බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් පසුව අඩු කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

    මේ සම්බන්ධයෙන් මීට පෙර රාජ්‍ය ඇමැති නිමල් ලන්සා ඇතුළු පිිරිසක් ද ඉගි පළ කර තිබුණා.

    බැසිල් රාජපක්ෂ මහතා 2005-10 යුගයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙසත් 2010- 2015 රාජපක්ෂ රජයේ ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධූරය ද දැරුවා.

  • ‘ඝාතකයා නිදහස් කළා‘ – හිරුණිකාගේ මව / භාරතගේ වැන්දඹු බිරිය චෝදනා කරයි

    ‘ඝාතකයා නිදහස් කළා‘ – හිරුණිකාගේ මව / භාරතගේ වැන්දඹු බිරිය චෝදනා කරයි

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘ජනාධිපති සමාවක්‘ ලැබූ දුමින්ද සිල්වා නිදහස් කිරීමෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ප්‍රේම්චන්ද්‍රගේ වැන්දඹුව අද (24) සමාජ මාධ්‍ය ඔස්සේ සිය කෝපය ප්‍රකාශ කළාය.

    “ඝාතකයා නිදහස් කර ඇත. යුක්තියට ගරු නොකරන රටක් මත හිරු බබළන්නේ නැත” යනුවෙන් ඇය පැවසුවාය. 

    මහාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ තීන්දුවලට අගෞරව කරමින් අධිකරණයට ගරු නොකරන රටක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය වී ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

    මෙම අසාධාරණය සිදුවී ඇත්තේ ‘පොසොන් පෝය වැනි’ වඩාත් සුබ දිනයේදී බව ඇය පැවසුවාය.

  • දුමින්ද සිල්වාට ජනපති ගෝඨාගෙන් ‘ජනපති සමාව‘

    දුමින්ද සිල්වාට ජනපති ගෝඨාගෙන් ‘ජනපති සමාව‘

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ජනාධිපති සමාව ලැබීමෙන් පසු දුමින්ද සිල්වා අද වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් විය. අද (24) පෙරවරු 10ට පමණ දුමින්ද සිල්වාව වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් කළ බව බන්ධනාගාර ප්‍රකාශක චන්දන ඒකනායක තහවුරු කළේය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ප්‍රේමචන්ද්‍ර ඝතනය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ පැවැති නඩු විභාගයකින් වැරදිකරු වීමෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට 2016 සිට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම විය

  • රනිල්ගෙන් ආණ්ඩුවට සැර දෝෂාරෝපණයක් සමග පැහැදිලි මග පෙන්වීමක්

    රනිල්ගෙන් ආණ්ඩුවට සැර දෝෂාරෝපණයක් සමග පැහැදිලි මග පෙන්වීමක්

    ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුදයට ඇති ඒකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත වරක් සාකච්ඡා ආරම්භ කිරීම බවත් විකල්පයක් නැතුව සංඛ්‍යාලේඛන කතා කිරීමෙන් කිසිම ප්‍රයෝජනයක් අත් නොවන බවත් එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. 

    මෙහිදී වත්මන් කොවිඩ් වසංගත තත්ත්වය ගැන සිය අදහස් ප්‍රකාශ කළ වික්‍රමසිංහ මහතා මෙම ආර්ථික අර්බුදයට මුලික හේතුව පවතින කොවිඩ් තත්ත්වය බවත්, ඒ සඳහා කාර්ය සාධක බළකාය සම්පූර්ණයෙන් අසාර්ථක වී ඇති බවත් සඳහන් කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (23) උදෑසන කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් පසුව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රකාශයකට අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසුවේය.

    “2019 මේ රටේ විදේශ විනිමය සංචිතය තිබුණේ ඩොලර් කෝටි 700යි. අද ඩොලර් කෝටි 400කට අඩුවෙලා තියෙන්නේ. මීට අමතරව තෙල් සංස්ථාවේ තියෙන ණය කෝටි 300 ක් විතර. මේක අපේ සංඛ්‍යාලේඛනවලට ඒන්නේ නැහැ. අනික බලන්න හදිසියේ ගන්න තියෙන්නේ වාණිජ බැංකු. වාණිජ බැංකුවල අද ණය තියෙනවා. මේ ඒකක්වත් සංඛ්‍යාලේඛනයේ නැහැ. අද මේක අපේ රටට බලපානවා. මේ මාසය අවසන් වෙද්දී අපි ඩොලර් කෝටි 100 ක ණය ගෙවන්න සිදුවෙලා තියෙනවා. තවත් තියෙයි කෝටි 200 ක් විතර ගෙවන්න. අපි කොහොමද මේවා ගෙවන්නේ? අපි බලාපොරොත්තු වෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කෝටි 78 ක් ලැබෙයි කියලා. ඒක මේ අවුරුද්දේ ලැබෙයි ද, ඒන අවුරුද්දේ ලැබෙයි ද අපි දන්නේ නැහැ. ඒක ලැබෙනවා. ඊළඟට swap ඒකෙන් කෝටි 40ක් විතර ලැබෙනවා. බංග්ලාදේශයෙන් කෝටි 20 ක් ලැබෙනවා. මේකෙන් කොහොමද අපි මේ වැඩකටයුත්ත කරගෙන යන්නේ?”

    “මෙතන තියෙන්නේ අතීතය ගැන කතාකරන්න නෙමෙයි. අපි කතාකරන්න ඔනේ මේකෙන් අපි ගොඩඑන්නේ කොහොමද, අපි කොහොමද විසඳුමක් හොයන්නේ. අපිට යම්කිසි විසඳුම්ක් සැලසුමක් තියෙන්නේ ඕනෑ. ආණ්ඩුව ඒක ඉදිරිපත් කරලා නැහැ. මම කියන්නේ අපිට තියෙන ඒකම මාර්ගය IMF ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ආපහු ගනුදෙනු කරන්න. ඔබතුමන්ලා ඒකඟ නැත්නම් ඒ විකල්පය මොකක්ද කියලා අපිට කියන්න. විකල්පයක් නැතුව සංඛ්‍යාලේඛන කතා කරන ඒකේ අපිට කිසිම ප්‍රයෝජනයක් නැහැ.”

    මෙම ආර්ථික අර්බුදයට මුලික හේතුව පවතින කොවිඩ් තත්ත්වය බවත්, ඒ සඳහා කාර්ය සාධක බළකාය සම්පූර්ණයෙන් අසාර්ථක වී ඇති බවත් එජාප නායකයා සඳහන් කළේය.

    ‘‘මේ කාර්ය සාධක බළකායට ඉදිරියට යන්න බෑ. අසාර්ථ වෙලා තියෙන්නේ. හැමදේම වැඩිවෙලා තියෙන්නේ. අපේ ව්‍යවස්ථාව අනුව මේ වගකීම තියෙන්න ඕනේ කැබිනට් මණ්ඩලයටයි. කැබිනට් මණ්ඩලය වගකියන පාර්ලිමේන්තුවටයි. ඇයි කැබිනට් මණ්ඩලයට මේ බලතළ දෙන්නේ නැත්තේ. ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුව පාලනය කරන්න පුළුවන් කැබිනට් මණ්ඩලයට විතරයි. අගමැතිතුමා මෙතෙන ඉන්නවා ඇමතිවරුත් මෙතෙන ඉන්නවා. ඔබ තුමාලා භාරගන්න. වැරදි වුණොත් අපිට පුළුවන් මෙතෙන ඇවිත් කෑගහන්න. අඩු ගානේ පෝස්ටර් හරි උස්සන්න. ඇයි මේක කැබිනට් මණ්ඩලයට භාරනොදෙන්නේ. WHO සංවිධානයටත් විශේෂඥ කණ්ඩායමක් තියෙනවා. ලංකාවේ ඒක නෑ. කොමිටියක් තියෙන්නේ. ඒක භාරදීලා තියෙන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් ට. හමුදාපති කියන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියෙක්. කොහොම ද එතුමා මේ වැඩකටයුතු කරන්නේ. ලේකම්වරුන්ට නියෝග දෙන්න පුළුවන් ඇමතිට නැත්තන් කැබිනට් මණ්ඩලයට විතරයි. දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට නියෝග දෙන්නේ ලේකම්වරු ඇමතිවරුන්ගේ තත්ත්වය මත. ඇයි බලතල මේ ක්‍රියාත්මක නොවෙන්නේ. අපි කියන්නේ ඒ බලතල ගන්න.”

  • පාර්ලිමේන්තුවට යළි පැමිණි දිනම ‘රනිල්ගෙන් ආණ්ඩුවට‘ දැවැන්ත ප්‍රහාරයක්

    පාර්ලිමේන්තුවට යළි පැමිණි දිනම ‘රනිල්ගෙන් ආණ්ඩුවට‘ දැවැන්ත ප්‍රහාරයක්

    වසරක විරාමයකින් පසු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස යළි පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී සිය සුපරුදු කෘතහස්ත දේශපාලන කතා කරනු ඇසුණා. එහිදී වික්‍රමසිංහ මහතා රජයට අවධාරණය කළේ ලැබුණු ජනවරම හරියාකාරව යොදවන්නේ නැතිව රට හමුදාකරණයට ලක් නොකරන ලෙසයි. පාර්ලිමේන්තු බලතල ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් අවශ්‍ය බවද ඔහු සදහන් කළා.

    ‘‘ආණ්ඩුව කළ එකම දෙය ලොකු මිනිහාට බදු සහනය දී පොඩි මිනිහාට බඩගින්න දීම‘‘ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට චෝදනා කළා.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ ප්‍රශ්න ගැන වගකීම තිබිය යුත්තේ කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට බව කී රනිල් වික්‍රමසිංහ මහතා මිලිටරිකරණයෙන් රට පාලනය කිරීම වැරදි සහගත බවද කිව්වා.

    මේ වන විට ජීවතුන් අතර සිටින කෘතහස්තම දේශපාලනඥයා යළි පාර්ලිමේන්තු සභා ගර්භයේදී දැක ගැනීමට ලැබීම ගැන බොහෝ දෙනෙක් සතුටු වුණා.