Category: සුපිරි Politics

  • ගෝඨාභය සුදුසු නෑ… වාසු කියූ කථාව…(video)

    හිරු “හාඩ් ටෝක්”  වැඩසටහන සදහා වාසු  දේව නානායක්කාර මහතා එක්  වුවා. එහිදී ඔහු කියා සිටියේ හමුදාමය චරිත ප්‍රජාත්‍රන්තවාදී දේශපාලනයකට නොගැලපෙන නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රජාත්‍රන්තවාදී දේශපාලනයට නුසුදුසු බවයි.

    එහිදී ඔහු තවදුරටත් කියා සිටියේ පාර්ලි‌‌මේන්තුව තුල කුනුහරපයෙන් කතා කිරීම එක්තරා අවස්ථාවකදී පිළිගත් සාම්ප්‍රදායක් වන බවයි.

     

    [rns_reactions]

  • නිදහස් තරුණ සමුළුව අතරතුර මාධ්‍ය නොදුටු ජනපති කරපු සංවේදී වැඩේ මෙන්න – (Exclusive)

    තරුණ සමුළුව නිමවී වේදිකාවෙන් පහතට පැමිණි ජනාධිපතිතුමා රැස්වීම් ශාලාවෙන් ඉවතට යන අතරතුර එහි පැමිණ සිටි විශේෂ අවශ්‍යතා ඇති දරුවකුගේ දුක සැප සොයාබැලීම සදහා පැමිණි අතර එම සිදුවීම බොහෝදෙනාගේ ප්‍රශංසාවට ලක්විය.

    එහෙත් එම අවස්ථාවේ එම සිදුවීම ආවරණය කිරීමට කිසිදු මාධ්‍යවේදියෙක් නොසිටියද කොලොන්නාව ආසනයේ නිදහස් පක්ෂ සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි මහතාගේ සමාජ මාධ්‍ය අංශය එම සිදුවීම පටිගතකර අන්තර්ජාලයට මුදාහැර ඇත.

    රටම සොයන එම වීඩියෝව මෙන්න.

    https://www.facebook.com/PrasannaSolanga/videos/753463768146998/

    [rns_reactions]

  • මහින්දගේ අණට රතුපස්වල මිනීමැරූ හමුදා නිලධාරින් යලිත් ඇතුලට…

    මහත් ආන්දෝලනයකට තුඩුදුන් පිරිසුදු පානීය ඉල්ලූ වැලිවේරිය රතුපස්වල ගම්වාසීන්ට වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සැරයන්වරුන් දෙදෙනා ඇතුළු තිදෙනා ලබන 07 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී. ඒ. රුවන්පතිරණ මහතා අද(03) නියෝග කළේය.

    මෙසේ අත්අඩංගුවට ගෙන සිටින්නේ යුද හමුදාවේ පහළ නිලධාරීන් බවත් ඔවුන්ට අණ හා නියෝග දුන් උසස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලෙසත් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජයන්ත දෙහිඅත්තගේ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    අණ දුන් හා නියෝග ලබාදුන් නිලධාරීන් සම්බන්ධයෙන් අනාවරණය වූ කරණු ඔස්සේ පරීක්ෂණ කරන බව රහස් පොලිසිය ප්‍රකාශ කළේය.

    [rns_reactions]

  • මුදල් වංචා කල විමල් නිදහස් කරගන්න ඒකාබද්ධය සිගමනේ යයි…

    “මව්බිම” පුවත්පත වාර්තා කරන පරිදි මැතිසභයේ රගපානා ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හමුවී ඇත. ප්‍රසිද්ධියේ ජනාධිපතිතුමන් විවේචනය කරන මෙම කණ්ඩායම හොර රහසේ ජනපති මෛත්‍රී හමුවී ඉල්ලා ඇත්තේ හරි අපුරු ඉල්ලීමකි. එනම් කෝටි ගණනක මුදල් අහිමි කල වාහන අවභාවිතාවකට බන්ධනාගාරගතව සිටින මන්ත්‍රී විමල් වීරවංශ මන්ත්‍රී වරයාට ඇප ලබා දීමට කටයුතු කරන ලෙසට ඉල්ලීමටය.

    දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිස ජනපතිවරයා ළඟ වැඳ වැටෙමින් කියා සිට ඇත්තේ විමල් වීරවංශ මහතාට ඇප ලබාදීමට මැදිහත්වන ලෙසය. වාර්තාවන පරිදි මෙම ඉල්ලීමට ජනාධිපතිවරයා සුභදායි පිළිතුරක් ඔවුනට ලබා දී නොමැති අතර අධිකරණයේ තීරණය අවසන් තීරණය බැවින් එයට හිස නමා කටයුතු කරන ලෙසය.

    වාර්තා වන ආකාරයට විමල් වීරවංශ මන්ත්‍රී වරයා සිරගතව මාස තුනක් පමණ ගතව ඇති බැවින් ඔහුට මීලග නඩු වාරයේ බොහෝ විට ඇප ලැබීමට හැකියාව තිබෙන බව දන්නා ඔවුන් විවිධ නාටක රඟ දැක්වීමට එය වේදිකාව කරගෙන ඇති බවයි. විමල්ගේ උපවාස නාටකයට හේතුවත් මෙයම වන අතර ඔවුන් ජනතාවට ඒත්තු ගැන්වීමට යන්නේ ඔවුන් ගත ක්‍රියාමාර්ග නිසා විමල්ට ඇප ලැබුන බවයි.කෙසේවෙතත් අද දිනද විමල්ට ඇප නොලැබී යාමෙන් ඔවුන්ගේ මේ නාටක සිහිනයන් සියල්ල බොදවී ඇත. සොරුන්ට දඩුවම් ලබාදෙනතුරු ජනතාව අවදියෙන්.

    [rns_reactions]

  • මර්වින්ගේ අලුත් පක්ෂය ගැන ගම්මන්පිල බියවෙලා…..

    දිවංගත පිලිප් ගුණවර්ධන 45 වැනි ගුණ සමරුවෙදී පරාජිත මහින්ද එනතුරු මහින්දානන්ද අලුත්ගමගේ, වීරකුමාර දිසානායක, උදය ගම්මන්පිල, සිසිර ජයකොඩි, ජයන්ත සමරවීර යන මන්ත්‍රීවරු කතාබහක නිරතිවෙමින් සිටිනු ගක්නට ලැබුණා.

    “අන්න මර්වින් සිල්වා අලුත් පක්‌ෂයක්‌ හදන්න යනවලු. ඔයාලට තමයි යන එන මං නැති වෙන්නේ” ජයන්ත සමරවීර කීවේ සිසිර ජයකොඩිටය.කෙසේවෙතත් මීට පිළිතුරු ලබාදී ඇත්තේ උදය ගම්මන්පිල බව සදහන්. “ඒක නම් ඇත්ත. ඒ පක්‌ෂයේ දේශපාලන මණ්‌ඩලයට තමයි අපි බයවෙන්න ඕනේ ” යන්න ගම්මන්පිලගේ ප්‍රකාශය විය.

    ” ඒ ඇයි?” දැයි ජයන්ත ඇසූ පැනයට “ඒකෙනේ ඔක්‌කොම කෙරුම්කාරයෝ ටික ඉන්නේ” යැයි මෙතෙක් නිහඩව සිටි සිසිර පැවසා ඇත.“කවුද අප්පේ ඒ?” ජයන්තගෙන් යළිත් ප්‍ර‍ශ්නයකි. “ඇයි පාතාලේ කෙරුම්කාරයෝ? කුඩු ලාල්, පොට්‌ට නවුපර්ලා සේරම ඉන්නේ එයාගේ පක්‌ෂෙනෙ. ඒකයි බය. සිසිර කීවේ සිනාසෙමිනි.

  • උපවාසෙන් වැරදි වසාගන්න තැත්කළ විමල් අදත් ඇප නැතුව ඇතුලට..

    සිය දියණියගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය සලකා බලා ඇප ලබා දෙන ලෙසට ඉල්ලමින් විමල් වීරවංශ ඉදිරිපත් කළ ඇප අයදුම්පත කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අද (03) නැවතත් ප‍්‍රතික්ෂේප කරනු ලැබු බව අපට වාර්තා වේ. කෙසේ වෙතත් දියණිය කුමන රෝගී තත්ත්වයකින් පෙලෙන්නේද යන්න වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න ඇප අයදුම ප‍්‍රතික්ෂේප කළ බව සදහන්.

    විමල් වීරවංශ මහතා ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළ බව සඳහන්.

    එදින වන විට විමල් වීරවංශ මහතාගේ අසනීප තත්ත්වය යහපත්නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට නියම කර තිබේ.

    එසේම ලබන සිංහල අලුත් අවුරුද්දට පෙර එම පරීක්ෂණවල මුල්ගොණු නීතිපතිවරයා වෙත යොමුකර උපදෙස් ලබාගැනීමට අපේක්ෂා කරන බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා ඇත.

    [rns_reactions]

  • SL-VLOG මහින්දානන්දගේ රෙදි ගලවයි.(video)

    මහින්දානන්දට අයත් එංගලන්තේ පිහිටි නිවස පිළිබඳව sl vlog තුලින් සියලු කරුණු හෙළිකර තිබෙනවා.

    එංගලන්තේ පිහිටි එම නිවස 2008දි තමාගේ හා බිරිගගේ නමට  ගෙන ඇති බවත් ආණ්ඩු පෙරළියත් සමග 2015දි එය විකුණා ඇති බවත් සඳහන් වෙනවා. සම්පුර්ණ සිද්දිය හොදින් සවන් දෙන්න,

    [rns_reactions]

  • තරුණ සමුළුවේදී ජනපති මෛත්‍රීගෙන් මහින්දට ටොක්කක්….

    අද පැවති තරුණ සමුළුවේදී ජනපති මෛත්‍රී පක්ෂයේ තනතුරු පිලිබදව සිදුකල විග්‍රහයේදී හිටපු ජනපතිට සහ නාමල්ට ප්‍රහාරයක් එල්ලකිරීම සුවිශේෂී සිදුවීමකි. මේ එම ප්‍රකාශයයි…..

    ආදරණීය තරුණ දරුවනේ, මගේ පුතත් මේ ශාලාව තුළ ඉදිරියේ වාඩි වී සිටිනවා. ඔහු වේදිකාවේ නැහැ. ඔහුට මම තරුණ සංවිධානයේ තනතුරු දීලා නැහැ. ඔහුට මම බලකායන් බාරදීලා නැහැ. මේ පක්ෂයේ සභාපති ධුරය මම භාර ගත්තේ, මගේ පවුලේ කිසිවෙකුටත් ඔටුනු පළඳන්නට නොව, මේ රටේ සමස්ත තරුණ පරපුර සමග මේ රටේ පොදු මහජනතවගේ අනාගත ගමන් මග ශක්තිමත් කරලා ඉදිරියේදී ජනාතාවාදී මෙහෙවරක් ඔබ වෙනුවෙන් ඉටු කිරීම සඳහායි කියන එක මා ඉතා පැහැදිලිවම සඳහන් කරන්නට ඕනෑ. 

     

  • වෙල්ගම දුටු අපූරු හීනය…

    එළැඹෙන සැප්තැම්බර් මාසය පමණ වන විට ආණ්ඩුවේ සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් 25 දෙනෙකු විපක්‍ෂයට එක්වනු ඇතැයි බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

    ඔහු මේ බව හෙලි කලේ කලූතරදී පැවති ජනහමුවක් අමතමිනි.

    [rns_reactions]

     

  • ජනපතිට මඩ ගහන්න ගියපු ගම්මන්පිලගේ රෙදි ගැලවිලා……

    ප්‍රතිපත්තියක් නැති තමන්ට විරුද්ධවාදී ඕනෑම පුද්ගලයෙකුට ඉතා අපහාසාත්මක ලෙස කතා කිරීම ගම්මන්පිලගේ ජම්මගතියක් වී ඇත.මඩ නාමින් මෙසේ පහත් ලෙස හැසිරෙන ගම්මන්පිල, ජනාධිපතිවරයා අගවිනිසුරු වෙත යැවූ ලිපියේ සඳහන් වුයේ “හෙට සිට ශිරාණි එනු ඇත. ඔබ ආයේ නාවත් කම් නෑ ඉතිං” යනුවෙන් ගල් පැලෙන කෙබරයක් පැවසීමෙන් පසු පසුගියදා පැවතී බලය වැඩසටහන උණුසුම් තත්වයක් හට ගැනුනි.

    තමාගේ වැරැද්ද වසා ගැනීමට ඔහු එම සභාවෙන් නැගිට යාමටද උත්සහා කළේය.

    තමා  සිරගතව සිටීමේදී  කුට්ටම ඉදිමීමෙන් තමන්ට වෙච්ච ලැජ්ජාව වසා ගැනීම සඳහා  ගම්මන්පිල මෙසේ පහත් ලෙස හැසිරෙන බව දේශපාලක විචාරකයෝ පෙන්වා දෙයි.

    https://www.facebook.com/SriLankanTVnews/videos/1433952576662292/

    [rns_reactions]

  • වසර 13කට පසු ශ්‍රීලනිප “නිදහස් තරුණ ජාතික මහා සමුළුව” ජනපති ප්‍රධානත්වයෙන් අද!

    ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ ජාතික මහා සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා සහ එහි ප්‍රධාන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (2දා) සවස 2.00ට පැවැත්වේ.

     

    “විසඳුමට ජවයක්” තේමාව කේන්ද්‍ර කරගත් මෙම ජාතික මහා සම්මේලනයෙන් අනතුරුව මෙරට තරුණ තරුණියන්ගේ ගැටලු රැසකට විසඳුම් ලබා දීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ සභාපති හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා නිවේදනය කර සිටියා.

    මෙතෙක් කාලයක් තම ගැටළු ඉදිරිපත් කල තරුණ ප්‍රජාව මෙවර ගැටළු වලට විසඳුම් හා යෝජනා රැගෙන මෙම සමුළුව සඳහා එක්වන අතර එය මෙරට තාරුණ්‍යය හා දේශපාලනයේ නැවුම් පෙර ගමනක ඇරඹුමක් ලෙස දැකිය හැකිය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අමතක කර දමා තිබු තාරුණ්‍යය වත්මන් ජනාධිපති හා පක්ෂ සභාපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මග පෙන්වීම අනුව නැවතත් ඔප දමා රටේ අනාගතයට සුදානම් කිරීමේ අරමුණ ඇතිව පවත්වන මෙම සමුළුවේදී එදා මෙදාතුර නොදුටු සුවිශේෂි  කරුණු රැසක් මෙරට තාරුණ්‍යට උරුම කිරීමට සුදානම් බවට වාර්තා වේ.

    [rns_reactions]

  • පුටින් ජනපතිට දුන් කඩුව පිළිබඳව ඔබ මෙතෙක් නොදත් කථාව

     මෙම කස්තානය 1906 දී ශ‍්‍රී ලංකාවෙන් එංගලන්තයට රැුගෙන යන ලද්දකි. මෙය 2006 දෙසැම්බර් 19 වනදා ලන්ඩනයේ සොන්බි වෙන්දේසි නිවසේ පැවැති රාජකීය හා ප‍්‍රභූ භාණ්ඩ වෙන්දේසියකදී රුසියාව ලබා ගත්තකි. ඉතාම දුර්ලභ ගණයේ රාජකීය ආයුධයක් වූ මෙය ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක අගයක් ඇත්තකි.

    මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ රුසියන් රාජ්‍ය තාන්ත‍්‍රික සංචාරය ලාංකික දේශපාලනයේත් ලෝක දේශපාලනයේත් තීරක හැරවුම් ලකුණක් මතු කරනු නිසැකය. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් විවේචනයට බඳුන් කෙරුණේ ඉන්දියාව ඇතුළු බටහිර කුමන්ත‍්‍රණයක නිර්මාණයක් ලෙසිනි. ශ‍්‍රී ලංකා රාජ්‍යය මෙහෙයවනු ලබන්නේ බටහිර රාජ්‍යයන්ගේ සමාජ, දේශපාලන, ආර්ථික න්‍යාය පත‍්‍රයට අනුගතව බවට ද චෝදනා නැගී තිබිණි. බෙදුම් රේඛාවන්ට අනුගත නොවී නොබැ`දි ප‍්‍රතිපත්තිය තමාගේ රාජ්‍ය තාන්ත‍්‍රික දැක්ම බවට පත් කර ගනිමින් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා භාවිතාවෙන් මෙම අවලාදවලට පිළිතුරු සැපයීය.

    ශ‍්‍රී ලංකාවට අයත් අපූර්ව හා අනර්ඝ පුරාවස්තුවක් වන කස්තානයක් රුසියන් ජනාධිපතිවරයා ජනපති මෛත‍්‍රීපාල සිරිසේනයන්ට මෙම සංචාරයේදී පිළිගැන්වීය. ඓතිහාසික පුරාවස්තු හා සංස්කෘතික උරුම ලෝලියකු වන රුසියන් ජනපති ව්ලැද්මිර් පුටින් මහතා නිර්ලෝභීව මෙම කස්තානය ශ‍්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත තිළිණ කිරීම මිත‍්‍රත්වය හා ළෙන්ගතුකම ප‍්‍රකට කිරීමකි. එමෙන්ම ගැඹුරු සංඥාවක් ද පළ කිරීමකි.

    මෙම කස්තානය 1906 දී ශ‍්‍රී ලංකාවෙන් එංගලන්තයට රැුගෙන යන ලද්දකි. මෙය 2006 දෙසැම්බර් 19 වනදා ලන්ඩනයේ සොන්බි වෙන්දේසි නිවසේ පැවැති රාජකීය හා ප‍්‍රභූ භාණ්ඩ වෙන්දේසියකදී රුසියාව ලබා ගත්තකි. ඉතාම දුර්ලභ ගණයේ රාජකීය ආයුධයක් වූ මෙය ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක අගයක් ඇත්තකි. රුසියානු සමූහාණ්ඩුවේ සහ පෞරාණික වස්තූන් රැුස්කරන ධනවතුන් සහ ආයතන අතර ද මෙවැනි වස්තූන් ඉතා දුර්ලභය. රුසියානු සමූහාණ්ඩුවේ අපරාධ නීති සංග‍්‍රහයේ 243 වගන්තියේ පෞරාණික වටිනාකමකින් යුතු පුරාවස්තු හා සංස්කෘතික අගයෙන් යුතු වස්තූන්ට හානි කිරීම, විනාශ කිරීම අපරාධයකි. පුරාවස්තු ආරක්ෂා කිරීමට මෙම වගන්තියට කස්තානය ද අයත් වූවකි. මෙය රුසියාවට අනර්ඝ වස්තුවකි.

    මෙම කස්තානය 19 වැනි සියවසේදී මෙරට නිමවූවකි. පෞරාණික ආයුධ සම්බන්ධ විශේෂඥයකු වන ඊශ‍්‍රායල් ජාතික ඇලෙක්ස් ෆර්ගර් මහතාගේ මතයට අනුව මෙම කස්තානය මහනුවර රාජධානියට අයත් වූවකි. ලාංකික ප‍්‍රභූ සමාජය ආරක්ෂාවත්, ගෞරවයත් සමාජතත්ත්වය නිරූපණය කිරීමත් උදෙසා කස්ථාන පැළැන්දාහ. සාමාන්‍ය ජන සමාජයේ අයට ඒ සඳහා අවසරයක් නොවූ අතර යුද්ධයකදී මෙලෙස වාරණයක් නොවූ බව සහතිකය. මේ කස්තානය මහනුවර යුගයේ විසූ ප‍්‍රභූ නිලමේ කෙනෙකු පරිහරණය කරන ලද්දක් ලෙස සැලකේ. මෙය ලෝහ ගිනියම් කර කලාත්මක කැටයමින් නිර්මාණය වූවකි. එය රනින් ආලේපිතය. මිමි 480.05 ක් දිගින් යුක්තය.

    මි.මි. 23.5 පළලින් සමන්විතය. එය බහා ඇති කොපුව මි.මි. 535.05 න් යුක්ත වන අතර කොපුවේ පළල මි.මි. 635 ක් වේ. නවන ලද තියුණු කඩු තලයක් සහිත වූවකි.
    කඩු මිටේ පිට කොටස රත්තරන් වලින් උසස් ලෙස නිපදවා ඇත. කඩු මිට රන්පැහැ ලෝහයකින් නිමවා ඇත. කඩු මිටේ ඉහළ කොටසින් මිථ්‍යා සත්වයකු අයාගත් මුඛය දිස් වේ. එම සැලසුම් රටාව සිංහ රූපය මෙනෙහි කරවයි. සිංහයාගේ දෑස දීප්තිමත්ව තියුණු රත් පැහැයක් සහිත අර්ධ වශයෙන් විනිවිධ පෙනෙන ලෙස නිම වූවකි. එය නිර්මාණයට ගත් අමුද්‍රව්‍ය මිටේ පසුපස ඉහළ කොටස සවිමත් කිරීමට භාවිතා කර ඇත. මිට අලංකාර මල් සැරසිල්ලකින් වර්ණවත් කර ඇත. අත් ආරක්ෂණ වළල්ල කැටයමින් නිර්මාණය කර ඇත. එහි දිගම කොටස වක‍්‍රව උඩු අතට එනම් මිථ්‍යා සත්වයාගේ මුඛය දෙසට පවතී. එහි කුඩාම කොටස යාන්තමින් උඩු අතට වක‍්‍රව පවතී. කඩුවේ යටිකුරුව පිහිටා ඇති කොටස් ද කඩුව යට කැටයම් කර ඇති කොටස් ද, කඩුව දෙසට වටකුරු කර තිබෙන කොටස් ද, මිටට ඇතුළත් මෙම කඩුවේ මල් නිර්මාණ සහ මිථ්‍යා සත්ත්ව නිය ද කැටයමින් සමන්විතය.

    කඩු කොපුව පිටත ආවරණය කහ පැහැති ලෝහයකින් නිපදවා ඇත. ඇතුළත ලී තහඩුවකින් නිමවා තිබේ. කොපුව වටා මනරම් මල්වැල් කැටයමින් යුක්තය. මෙය බෞද්ධ නිර්මාණ කෞශල්‍යය මතු කරන්නකි.

    රුසියන් ජනාධිපතිතුමන්ගේ මෙම කස්තාන තිළිණය හුදෙක් සාම්ප‍්‍රදායිකව කෙරෙන තිළිණයකට එහා ගිය ජාතික හා ජාත්‍යන්තර සංඥාවක් ලෙස සැලකීම වටී.

    පසුගිය දශකය තුළ නිරන්තර සාකච්ඡුාවට බඳුන් වූයේ ජාත්‍යන්තර දේශපාලන සබඳතා ගෝලීයකරණයට යටත් බවය. නූතනයේ ජාතික ආරක්ෂණවාදී පිළිවෙතකට රාජ්‍ය ප‍්‍රතිපත්ති සැකසෙන බව සත්‍යයකි. රුසියාව, පිලිපීනය, උතුරු කොරියාව, ඔස්ටේ‍්‍රලියාව මේ මාවතේ බොහෝ දුර ගමන් කළ රාජ්‍යයන්ය. ඇමරිකානු රාජ්‍යය ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් අත්පත් කර ගනු ලැබීමෙන් මේ ප‍්‍රවාහය බටහිර තහවුරු වීම වේගවත් වී ඇත. මේ මාවතට ප‍්‍රංශය, ජර්මනිය, ජපානය ප‍්‍රවේශ වූ විට ලෝක යථාර්ථය වනු ඇත්තේ ජාතික ආරක්ෂණ ප‍්‍රතිපත්තියට අනුගතව හැසිරෙන විලාසය යි.

    ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් රුසියාව ඓතිහාසික මිතු දම අරුත් ගැන්වීමට රුසියන් ජනාධිපතිවරයාගේ මෙන්ම ශ‍්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ හමුවීම දේශපාලනිකව කියවා ගත යුතුය. ශ‍්‍රී ලංකා රාජ්‍යයේ ස්ථාවරත්වයත්, ජාතික ආරක්ෂාවත් වෙනුවෙන් රුසියන් ජනාධිපතිතුමන්ගේ මැදිහත්වීමේ අභිලාෂය තහවුරු කිරීමක් ලෙස ද කස්තාන තිළිණය අරුත් ගැන්වෙන බව කල්පනා කිරීම වටී.

    තම රාජ්‍යයට පැමිණෙන විදේශීය රාජ්‍ය නායකයන් වෙත තිළිණ දීම එ් එ් රාජ්‍ය තාන්ති‍්‍රකයන්ගේ සම්ප‍්‍රදායකි. එකී තිළිණ තම රටේ ඓතිහාසික සංස්කෘතික හා පාරිසරික උරුමයන්ට අදාළව සංකේතවත් කරන දෑය. එහෙත් රුසියන් ජනාධිපතිතුමන් ශ‍්‍රී ලංකා ජනාධිපතිතුමන් වෙත කළ තිළිණය ශ‍්‍රී ලාංකික අනන්‍යතාව මතු කරන ඓතිහාසික සංකේතයකි. මෙය රුසියාව සංස්කෘතික වස්තුවක් ලෙස රැුක ගත්තකි.

    රුසියන් ජනාධිපතිතුමන් මේ පෞරාණික වස්තුව යළි ශ‍්‍රී ලංකාවට ලබාදීමේ සංඥාව මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ රාජ්‍යත්වය තමන් පිළිගන්නා බව ධ්වනිතවත් කිරීමක් ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ආර්ථික සමෘද්ධිය, ජාතික ආගමික සංහිඳියාව වෙනුවෙන් අනුදත් මග අනුමත කිරීමක් ලෙස සැලකිය හැකිය. එමෙන්ම මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ සරල නිරහංකාර ජීවන විලාසයත්, ජාත්‍යන්තර සබැඳියාවත් අනුමත කිරීමක් ලෙස ද සැලකිය යුතුය. එමෙන්ම ලාංකික භූ දේශපාලනයෙහි මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ ස්ථාවරත්වය තහවුරු වී ඇති බව පිළිගැනීමකි.

    එමෙන්ම ශ‍්‍රී ලංකාවට එරෙහි වන ජාත්‍යන්තරයට බලගතු රාජ්‍යයක් ලෙස රුසියාව ශ‍්‍රී ලංකාව වෙනුවෙන් නිර්භීතව සෘජුව මැදිහත් වන බවට කෙරෙන සංඥාව ද මේ කස්ථාන තිළිණය විසින් ධ්වනිත කෙරෙන බවද කිව යුතුය.

  • උපවාසය නිමකළත් විමල් තවම බඩගින්නේ – ශෂී රටම හිනස්සයි…..

    උපවාසය අත්හල පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල්ගේ සෞඛ්‍ය තත්ත්වය ක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව අපට වාර්තා වේ.  කෙසේ වෙතත්  රෝහලේ ප‍්‍රතිකාර ලබන විමල් තවමත් ආහාර වර්ජනය කරන බව ශෂී වීරවංස මාධ්‍යයට පවසා ඇත. කෙසේවෙතත් මෙය දේශපාලන විශ්ලේෂකයන්ගේ උපහාසයට ලක්වී ඇත.

  • රෝම සම්මුතියට ලංකාව නෑ – රජයෙන් දැඩි තීන්දුවක්……

    රෝම සම්මුතිය අත්සන් කිරීම ශ්‍රී ලංකා රජය විසින් මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කර ඇති බව අපට වාර්තා වේ.  එයට අත්සන් කළහොත් ශ්‍රී ලංකාව යුද අපරාධ චෝදනා උගුලට හසුවීමේ දැඩි අවදානමක්‌ පවතියි.

    ස්‌විට්‌සර්ලන්තය, එස්‌ටෝනියාව යන රටවල් ශ්‍රී ලංකාව රෝම සම්මුතිය අත්සන් කළ යුතු යෑයි ඉල්ලා තිබිණු අතර එසේම ද්‍රවිඩ දේශපාලනඥයන් ද ශ්‍රී ලංකාව රෝම සම්මුතිය නමැති උගුලට අසු කිරීමට උත්සාහ කර ඇත.

    ශ්‍රී ලංකා රජය රෝම සම්මුතියට අත්සන් නොකරන බව රජය මානව හිමිකම් කවුන්සිලයට දන්වා තිබේ.

  • තරුණියන්ට නවාතැන් දුන්නේ මහින්දගේ උපදෙස් මත – නාමල් සියල්ල හෙළිකරයි…..

    නිල් බළකායේ තරුණියන්ට  පුහුණුවීම් ලබාදීමට නේවාසික පහසුකම් ලබාදුන්නේ හිටපු ජනපතිගේ උපදෙස් මත බව පුද්ගලික හෝටල් වලට නේවාසික පහසුකම් සදහා රුපියල් මිලියන ගණනක්‌ මුදල් ගෙවූ ආකාරය පිළිබඳව පරීක්‍ෂණ පවත්වන බරපතළ වංචා විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂගෙන් ඊයේ (31 වැනිදා) පැයක්‌ ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත.

    මෙහිදී ප්‍රකාශයක්‌ ලබාදෙමින් නාමල් රාජපක්‌ෂ මහතා පවසා ඇත්තේ එවකට හිටපු ජනපතිගේ උපදෙස් මත නිල් බළකායේ  තරුණියන්ට  පුහුණුවීම් සමය තුල අදාළ නේවාසික පහසුකම්  ලබාදුන් බවයි.

    නිල් බළකාය විසින් මෙම මුදල් ගෙවා දැමුවේ කෙසේද යන්න පිළිබඳව ජනාධිපති කොමිසම පරීක්‍ෂණ ආරම්භ කළ අතර ඒ අනුව නිල් බළකායේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නාමල් රාජපක්‌ෂ මහතාගෙන් මෙසේ ප්‍රකාශ ලබාගෙන තිබේ.

  • ඒකාබද්ධය තිගැස්සෙයි. මැයි රැලියට ගෝල්ෆේස් පිටිය ලබාදෙයි!

    ඒකාබද්ධ විපක්ෂයේ මේ දින වල ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ තම මැයි රැලියට ගෝල්ෆේස් පිට්ටනිය ලබානොදීම පිළිබඳවයි.

    එම හේතුවෙන්ඒ කාබද්ධ විපක්‍ෂයේ මැයි දින රැලිය පැවැත්වීම සඳහා ගෝල්ෆේස්‌ පිටිය ලබාදීමට කටයුතු කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස්‌ ලබාදී ඇත.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට තීරණය කර ඇති එම මැයි රැලිය සඳහා අවශ්‍ය අනෙකුත් සියලු පහසුකම් සපයන ලෙස ද අගමැතිවරයා උපදෙස්‌ දුන් බව සඳහන් වේ.

    ඒකාබද්ධ විපක්‍ෂයට මුළු ගෝල්ෆේස්‌ පිටියම අවශ්‍ය වන්නේ නම් එයද, ඊට අමතරව, ආරක්‍ෂාව, පානීය ජලය, ජංගම වැසිකිළි පහසුකම් ද ලබා දෙන්නැයි ද අගමැතිවරයා උපදෙස්‌ දී තිබේ.

    එම පිටිය අවට මාර්ග වසා දමමින් හෝ කිසිදු බාධාවකින් තොරව ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙස ද ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන්ට ආරක්‍ෂාව සඳහා ඉල්ලා සිටින පරිදි පොලිස්‌ ආරක්‍ෂාව ලබා දෙන ලෙස ද අගමැති වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට උපදෙස්‌ දී ඇත.

    මැයි රැලිය ගෝල්ෆේස්‌ පිටියේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා ඉහළ පෙළේ පොලිස්‌ නිලධාරීන් පිරිසකට ඒකාබද්ධ විපක්‍ෂ නායකයන් හමුවන ලෙස ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් උපදෙස්‌ දී තිබේ.