Category: සුපිරි Politics

  • තිරසර ලංකා ජාතික මංගල්‍යය BMICH හිදී ආරම්භයට සියල්ල සුදානම්…

    ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන වස විස නැති රටක් තුන්අවුරුදු සැලැස්මට සහ එක්සත් ජාතීන්ගේ විසින් තිරසර සංවර්ධනය සඳහා ප්‍රකාශයට පත් කර ඇති තිරසර සංවර්ධන ඉලක්ක වලට සමගාමීව පැවැත්වෙන තිරසර ලංකා – ජාතික මංගල්‍යය 2017 මාර්තු 31 සිට අප්‍රේල් 01 02 03 04 දිනයන්හි පෙරවරු 9.00 සිට රාත්‍රි 10.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භූමියේදි පැවැත්වීමට නියමිතයි.

    2015 වසරේ සැප්තැම්බර් මාසයේ පැවති එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධනය පිළිබඳ මහ සමුළුවේදී ප්‍රකාශයටපත්කෙරුණු තිරසර සංවර්ධන ඉලක්ක වන දුප්පත්කම, ගොවිතැන, සෞඛ්‍ය, අධ්‍යාපනය, කාන්තාවන්ට සැලකීම,ජලය, බලශක්තිය, රැකියා, කර්මාන්ත, ඇති නැති පරතරය, ජනාවාස, පරිභෝජනය, දේශගුණික විපර්යාසය, සාගර,ජෛව විවිධත්වය, සාමය සහ පොදු වැඩපිළිවෙලක් සැකසීම යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි තිරසර ලංකා ජාතිකමංගල්‍යය පැවැත්වීමට නියමිතය. එක් එක් අමාත්‍යංශ සහ විවිධ ආයතන විසින් ඉහත සඳහන් එම ඉලක්ක සඳහා වන සිය ක්‍රියාවලිය විදහා දැක්වෙන ආකාරයට ප්‍රදර්ශණ කුටි සැකසීමට නියමිතව ඇත.

    ප්‍රදර්ශනයේ දින 5 එක්සත් ජාතින්ගේ තිරසර සංවර්ධන ඉලක්ක වලට වෙන් කර ඇති අතර ඒ එක් එක්දිනය සඳහාවෙන්වූ තේමාවන් ද විවිධ වෙයි. මේ අනුව පළමු දිනය “යහපත් දිවියක්” යන තේමාව යටතේ පැවැත්වෙන අතර ඊටඅයත් වන්නේ නිරෝගී ජනතාවක්, ගැහැණු පිරිමි භේදයක් නැහැ සහ සකසුරුවම් පුරවැසියෙක් යන එක්සත්ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කයන් ය. මෙහි දෙවන “තිරසර ජීවනෝපායක්” යන තේමාව යටතේ පැවැත්වෙනඅතර , දුප්පතුන් නැති ලෝකයක්, හරිත රැකියා සහ තිරසර කර්මාන්ත යන තිරසර සංවර්ධන ඉලක්ක සඳහා එදිනප්‍රමුඛත්වය ලබාදෙයි.

    තිරසර ලංකා – ජාතික මංගල්‍යය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සහ එහි නිල වෙබ් අඩවිය වනwww.thirasaralanka.com වෙබ් අඩවිය ජනගත කර ඇත.

     

     

    https://www.youtube.com/watch?v=VPFt0miTF8k

     

  • විමල්ගේ සහ ෆොන්සේකාගේ සිරගත ජීවිත ගැන ඔබ මෙතෙක් නොඇසූ කථාවක්

    පුරා සතියක් පුරා ඔබ අප විරවංශ නාටකය හොදින් නරඹමින් එහි දුක්මුසු රසමුසු කතා විවේචනය කරමින් කාලය ගතකරමින් සිටි. එකල විරවංශ කියා සිටියේ හිරගෙවල් සීයක දැම්මත් රට වෙනුවෙන් කරන සටන අතහරින්නේ නැතැයි යනුවෙනි. නමුත් අද වන විට ඔහුගේ සටන් පාටය වෙනස් වී ඇත. ඔහු කියා සිටින්නේ තමන් පමණක් නොව ආශු මාරසිංහ ඇතුළු අනෙකුත් නම් ගිය පුද්ගලයන්ද තමන් සමග හොරකම්කර ඇති බැවින් තමාට දී ඇති දඩුවම ඔවුනටද හිමිවිය යුතු බවයි.

    රාජපක්ෂ සාමය තුල සරත් ෆොන්සේකාට අත් වූ ඉරණම අප ඔබට කිසි සේත් අමතක කල නොහැක. අප මේ කීමට උත්සහා ගන්නේ විරවංශ සහ සරත් ෆොන්සේකා සිරගෙයි සිටින විට කටයුතු කල ආකාරය පිළිබඳවයි.

    ——විමල් විරවංශ——-

    මහජන දේපල අවභාවිතා කොට සිරගත වන විමල් ඇප ලබා ගැනීම සඳහා විවිධ කුඨ උපායන් පාවිච්චි කළේය. අවසානයේදී ආහාර නොගෙන උපවාසයක් ආරම්බකළේය. තමාගේ හොර තක්කඩිකම් සඳහා  විමල් දරු දෙදෙනා සහා බිරිඳ ඉතාමත් පහත් ලෙස යොදාගනිමින් සිටි. මාධ්‍ය ඉදිරියට පැමිණ ඔවුන්ද පියාගේ කීමට සුපුරුදු රංගනයක නිරත වෙයි. වේදිකාවට නැග සිංහයකු සේ ගෝරනාද දෙන විමල් තම බිරිඳ හා දරුවන්ගේ කදුළු මතින් ගොඩ යාමට මාන බලා සිටි.

    කියවන්න ….විමල්ගේ දියණියගේ වයස හදිසියේම අවුරුදු 12ට වඩා අඩු වෙයි.

    ——ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා—–

    සරත් ෆොන්සේකා සිරගතකොට ඇති අවස්ථාවේ මහින්ද රාජපක්ෂ කියා සිටියේ කල වරදට සමාව ගන්නේ නම් ඔහු නිදහස් කල හැකි බවයි. එයට අවනත නොවන බව දැනගත් මහින්ද රාජපක්ෂ මහතා දෙවනුව කලේ සරත් ෆොන්සේකා මහතාගේ පවුලේ කවුරු හෝ සමාව ගන්නේ නම් ඔහුට හිරෙන් නිදහස් විය හැකි බවයි.  

    වරෙක ඔහුගේ දියණියන් දෙදෙනා වන අප්සරා ෆොන්සේකා සහ අපර්ණා ෆොන්සේකා වෙත ඔවුන්ගේ ලගම හිතවතෙකු ගොස් පවසා ඇත්තේ “තාත්තා වෙනුවෙන් සමාව අපි ගනිමු” යනුවෙනි. මේ පිළිබඳව දැනගත් සරත් ෆොන්සේකා කියා ඇත්තේ “මගෙන් පළිගන්න උන්ට මං වෙනුවෙන් මගේ දරු දෙන්නා කිසි ලෙසකින්වත් පළිහක් කරගන්න මම ඉඩ තියන්නේ නැහැ. මම නොකළ වරදකට මං වෙනුවෙන් ඔය ඕකුන්ගෙන් සමාව ගත්තොත් ආයේ මට තාත්තා කියලා කථා කරන්න එන්න එහෙම එපා.” යනුවෙනි.

    වීරවංශට අවවාදයක් ලෙස අපට කියන්න තියෙන්නේ තමන්ගේ හොර තක්කඩි වැඩ සඳහා දරුවන් ගාවා ගැනීමෙන් වළකින ලෙසයි. එමෙන්ම 9 වන ශ්‍රේණියෙන් ඉහලට අධ්‍යාපනයක් ලබා ගැනීමටත් නොහැකි වී, සීගිරිය නැරඹීමටත් නොහැකි වී, පත්තරකාරයෙක් වීමටත් නොහැකි වී, තමන්ගේ වයසට සරිලන නිකැලැල් තරුණියක හා විවාහ වීමටත් නොහැකි වී, ගෞරවනීය දේශපාලකයෙකු වීමටත් නොහැකි වී තමන් විනාශ වූවා මදිවාට දරුවන්ගේ ජීවිතත් විනාශ නොකර අනාගත යථාර්තයට පිරිමියෙකු ලෙස මුහුණ දීමට උත්සහා ගන්න ලෙසයි.

  • බුකිය කැළඹු හිරුණිකාගේ නවතම ඡායාරූප පෙළ මෙන්න.. (PHOTOS)

    මේ දිනවල සිය කුළුඳුල් දරු ප්‍රසූතිය සඳහා සූදානමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිය සමාජ ජාල ගිණුම් වෙත නවතම ඡායාරූප පෙළක් එක් කර තිබෙන අතර ඇයගේ මෙම ඡායාරූප සමාජ ජාල මාධ්‍ය තුළ දැකීමෙන් ඒ පිළිබඳව විවිධ අදහස් රැසක් පළ වෙමින් තිබෙනවා

    (එම ඡායාරූප පහතින් දැක්වෙයි)

  • යහ පාලනය ජිනීවා සමලුවට කල වියදම මෙන්න.

    පෙබරවාරි 27 වැනිදා සිට මාර්තු 24 වැනිදා දක්වා ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරයට සහභාගී වීමේදී විදේශ කටයුතු අමාත්‍යාංශයට දැරීමට සිදුවූයේ රුපියල් මිලියන හයකට ආසන්න මුදලක් පමණක් යැයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (28) පැවැසීය. 

    ජිනීවා නුවර පැවැති මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේ සම්පූර්ණ වියදම් සහිත ගිණුම් තවමත් සකසා අවසන් වී නැතැයි ද ගිණුම් සකසා අවසන් කළ පසු ඕනෑම අයකුට තොරතුරු දැනගැනීමේ පනත යටතේ අදාළ ගිණුම් වාර්තා ලබාගත හැකි යැයි ද විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදි කීවේය. 

    මහින්ද රාජපක්ෂ සමය තුල ඔවුන් තම ගමන් බිමන් ගිය හැටි මතක්කර දීමටද මංගල සමරවීර මහතා අමතක කලේ නැත. ඔහු කියා සිටියේ  මහින්ද රාජපක්ෂ මහතා රුසියා සංචාරයට විශේෂ ගුවන් යානාවක් මිලදී ගත්තා. එය නිල සංචාරයක් නෙමෙයි. එම සංචාරයේදී ගුවන් යානයට පමණක් මිලියන 39 ක් වියදම් වුණා. යුක්රේනයට ගියා. එහි වියදම මිලියන 40 ක්. මේවා සම්පූර්ණ වියදම් නෙමෙයි. විදේශ අමාත්‍යාංශයේ සටහන්වලට අනුව 69 දෙනෙක් එම සංචාරයට සහභාගී වී තිබෙනවා‘‘ යනුවෙනි.

  • විමල්ගේ තත්වය බරපතලයි.

    අහාර වර්ජනය කරමින් අකණ්ඩව ගෙන යන උපවාසය නිසා විමල් වීරවංශ  මහතාගේ සෞඛ්‍ය තත්වය අයහපත් තත්වයට පත්ව ඇති බැවින්  මේ වන විට ඔහු බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කලා.

  • ඉදිරි සියවස ජයගැනීමේ අභියෝගය දරුවන් හමුවේ ඇති බව ජනපති පවසයි….

    අතීත අත්දැකීම් පදනම් කර ගනිමින් ඉදිරි සියවස ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ජයග‍්‍රහණය කිරීමේ වගකීම පාසැල් දරුවන් හමුවේ ඇති බව ජනපති පවසයි.

    රත්නපුර ෆර්ගර්සන් උසස් විද්‍යාලයට වසර සියයක් සපිරීම නිමිත්තෙන් එම විද්‍යාලයේ  පැවති සැමරුම් උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව කියා සිටියේය.

    රටක ඉතිහාසය සහ ජීවිතයක ඉතිහාසය, ඒ රටේ සහ ජීවිතයේ අනාගතය කෙසේ වන්නේ ද යන්නට සාක්ෂි දරන බව සඳහන් කළ ජනාධිපතිතුමා මුදල් මත සියලු දේ තීරණය වන වත්මන් සමාජයේ විභාග සේම ජීවිතය සමත්වීමේ අභියෝගය අප විසින් තේරුම්ගත යුතු බව ද වැඩි දුරටත් කියා සිටියේය.

    ලංකාවේ පාසැල් දරුවන් විභාග සමත්වීමේදී ඉදිරියෙන් සිටියත්, ඔවුන්ගේ විනය පිළිබඳ සතුටුවිය නොහැකි බව සඳහන් කළ ජනාධිපතිතුමා දරුවන්ගේ විනය පිළිබඳ වැඩිහිටියන්ගේ අවධානය යොමුකිරීමේ වැදගත්කම රටට කියා දෙන පසුගිය දින කිහිපයේ වූ සිදුවීම් රැසක් උදාහරණ වශයෙන් ගෙනහැර දැක්වීය.

    ෆර්ගසන් උසස් විද්‍යාලයේ සියවස් සමරුව වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කෙරුණු අතර පාසැලේ විශිෂ්ට දක්ෂතා දැක්වූ ශිෂ්‍යාවන් වෙත ත්‍යාග ප‍්‍රදානය කිරීමට ද ජනාධිපතිතුමා එක්විය. විද්‍යාලය වෙනුවෙන් ඉදිකෙරුණු ගෘහස්ථ ක‍්‍රීඩාගාරය ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

    අනතුරුව සියවස් සැමරුම වෙනුවෙන් සංවිධානය කළ ප‍්‍රදර්ශන කුටි නැරඹීමට ද ජනාධිපතිතුමා එක්විය.

    තිරසර පාසැල් වැඩසටහන යටතේ පළතුරු පැළ 4000 ක් සිටුවීමේ ව්‍යාපෘතිය සංකේතවත් කරමින් පළතුරු පැළයක් විදුහල්පතිනි එම්. ගලගම මහත්මියට ලබාදීම ජනාධිපතිතුමා අතින් සිදුවූ අතර පරිසර සුරක්ෂිතතාවය වෙනුවෙන් දිවයිනේ සෑම පාසැලකම ප‍්‍රදර්ශනය කිරීමට පරිසර අමාත්‍යාංශය විසින් සකසා ඇති දැන්වීම, පාසැල් වලට ලබාදීම සංකේතවත් කරමින් ප‍්‍රථම දැන්වීම විදුහල්පතිනියට ලබාදීම ද සිදුවූයේ ජනාධිපතිතුමා අතිනි.

    එම පාසැල විසින් සකස්කළ පරිසර හිතකාමී ගමන් මල්ලක් පාසැලේ දැරියන් දෙදෙනෙකු විසින් මෙහිදී ජනාධිපතිතුමාට පිළිගැන්වූ අතර, මෙම අවස්ථාව සිහිපත් කරමින් විදුහල්පතිනි එම්. ගලගම මහත්මිය විසින් ජනාධිපතිතුමාට සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

    1917 වසරේදී ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමි කෙරෙන බැප්ටිස්ට් මිෂනාරි පාසැලක් ලෙස ආරම්භ කෙරුණු මෙම පාසැලෙන් ලෝකයේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම මහේස්ත‍්‍රාත්වරිය වන සුදර්මා ධර්මදාස, ප‍්‍රථම වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරිය වන භද්‍රා කමලදාස, ප‍්‍රථම ගුවන්භට නිලධාරිනී යමුනා බටංගල, ප‍්‍රවීණ ලේඛිකා සුනේත‍්‍රා රාජකරුණානායක, අමාත්‍ය තලතා අතුකෝරාල, ලෝක විවාහක රූ රැජින රෝසි සේනානායක යන මහත්මීන් ඇතුළු සමාජයේ ඉහළ නිල හොබවන කාන්තාවන් රැසක් අධ්‍යාපනය ලබා ඇත.

  • 2016 අ.පො.ස උසස් පෙළ සහ 05 වසර ශිෂ්‍යත්ව විශිෂ්ටයින්ට ජනපති අතින් තිළිණ

    2016 වසරේ පැවති අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්වූ සිසුන් සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ටතා දක්වන ලද සිසුන් ඇගයීමට ලක් කරමින් ඔවුන්ට තිළිණ ප‍්‍රදානය කිරීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    2016 වර්ෂයේ අගෝස්තු මාසයේ පවත්වන ලද අ.පො.ස උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල මත විෂයධාරා 07 ක් යටතේ මුල් ස්ථාන 05 අතරට පැමිණි සිසු සිසුවියන් 35 දෙනෙකු සඳහා සහ 2016 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමස්ත දිවයිනෙන්ම ඉහළම ලකුණු ලැබූ සිසුන් 12 දෙනෙකු මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.

    එම සිසුන්ගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඔවුන්ට සිය සුබපැතුම් පිරිනැමීය.

    එමෙන්ම ශී‍්‍ර ලංකා ටෙලිකොම් ආයතනයේ, මහජන බැංකුවේ සහ සිංගර් ශී‍්‍ර ලංකා ආයතනයේ දායකත්වයෙන් ඔවුන්ට මුදල් තිළිණ සහ ලැප්ටොප් පරිගණක ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

  • ජනපති නිය‍මයෙන් ලංකා සතොස අලෙවිසැල් ජාලය පුළුල් කිරිමට කඩිනම් පියවර….

    උසස් ප‍්‍රමිතියෙන් යුත් ආහාර ද්‍රව්‍ය අඩුමිලට පාරිභෝගිකයින්ට ලබාදීමේ අරමුණින් දිවයින පුරා සතොස අලෙවිසැල් විවෘත කිරීමට රජය පියවර ගෙන තිබෙන අතර එහි ප‍්‍රථම අලෙවි සැල ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ පස්වරුවේ කොහුවල නගරයේ දී විවෘත කෙරිණි.

    මේ හා සමගාමීව ලංකා සතොස අලෙවිසැල් 52 ක් දිවයින පුරා විවෘත කිරීම ඊයේ සිදුකෙරිණි.

    මේ අනුව දැනට දිවයින පුරා ලංකා සතොස අලෙවි සැල් 380 ක් පවතින අතර මෙම වසර අවසාන වන විට එය 500 දක්වා ඉහළ නැංවීම රජයේ අපේක්ෂාවයි.

    කොහුවල නව සතොස අලෙවිසැල විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

  • විමල්ගේ දියණියගේ වයස හදිසියේම අවුරුදු 12ට වඩා අඩු වෙයි.

    විමල් විරවංශ තාමත් ජලය පණක් පානය කරමින් මේ වන විට බන්ධනාගාර රෝහල තුල තවමත් උපවාසයක් පවත්වමින් සිටි. මේ පෙන්වාදීමට උත්සහා කරන්නේ විමල් වීරවංශගේ එම නාට්‍යයේ තවත් එක් පැතිකඩකි. එනම් හදිසියේම තම දියණියගේ වයස අවුරුදු 12ට වඩා අඩුවීමක් පිළිබඳවයි.

    පසුගිය  24 දා විමල් විරවංශ මහතා මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ඉල්ලා ඇත්තේ අපූරු කාරණයක් හේතු කරගෙනය. ඒ  විමාෂා විශ්වාදරී වීරවංශ නමැති ඔහුගේ වයස අවුරුදු 16 ට ආසන්න දියණිය  පියාගේ උපවාසය නිසා කම්පනයෙන් ඇතිවූ උණ තත්වයකින් කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ නේවාසිකව “ප‍්‍රතිකාර“ ලබන බව පවසමින් මෙම ඇප අයදුම් පත‍්‍රය යොමු කර ඇත.

    මෙහිදී සැලකිය යුතු ඉතාමත් වැදගත් ප්‍රශ්නය වන්නේ කොළඹ රිජ්වේ ආර්යා රෝහල හෙවත් ලංකාවේ තිබෙන එකම ළමා රෝහල ප්‍රතිකාර කරන්නේ වයස අවුරුදු 12 ට අඩු ළමයින්ට නමුත් වයස අවුරුදු 16 සම්පූර්ණ වීමට මාස 5 ක් පමණක් තිබෙන තරුණියකට ළමා රෝහලේ නේවාසිකව “ප්‍රතිකාර“ කරන්නේ කෙසේද? යන්නයි.

    එම නාටකයේම තවත් අරුම පුදුම කරුණක් ඇත. 

    එනම් විමල් වීරවංශ සිය පවුල පිටින් පදිංචිව සිටින්නේ හෝකන්දර නිවසේය. ඔහු බන්ධනාගාරගතව සිටින්නේ මැගසින් බන්ධනාගාරය තුලය. නමුත් දරුවන් අසනීපව ප්‍රතිකාර ගැනීම සඳහා පළමුව ඇතුලත් වන්නේ තමන්ට ඉතාමත් දුරකින් පිහිටි රාගම රෝහලටයි.

    ඉතිං අප ඔබ අසනීප වූ විටක ලගම තියෙන හොදම රෝහලකට යනවා වෙනුවට ඉතා දුරකින් පිහිටි රෝහලක් වෙත යනවාද? 

  • මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගත් වෑන් රථය අත්අඩංගුවට…

    පිළියන්දල ප‍්‍රදේශයේ කාන්තාවක් සන්තකයේ තිබියදි මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාම සදහා යොදාගත් බවට සැක කෙරෙන වෑන් රථයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදා මේජර් බුලත්වත්තගේ හිතවත් කාන්තාවකගේ නිවසේ තිබී මෙම වාහනය අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සදහන් කළේ. 

  • ගෝඨාභයගෙන් වහෙන් ඔරෝ කථාවක්!

    දේශපාලනයට පිවිසීමට අකමැති වුව ද රට වෙනුවෙන් සේවය කිරීම සඳහා ලැබෙන අවස්ථාවක් බැහැර නොකරන බව හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නනේ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

    ශ්‍රී ලංකාවේ සිටින විදේශීය ප්‍රවෘත්ති වාර්තාකරුවන් සමග ඊයේ කොළඹ පැවති සාකච්ඡාවකදී ගොඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

    මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ තමන් දේශපාලනඥයෙකු නොවන බවයි.

    තමා දේශපාලන නොදන්නා අතර දේශපාලන කටයුතුවලට සම්බන්ධ වී නොමැති බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදි අවධාරණය කළේය.

    ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන්නේ ද යන්න පිළිබදව මෙහිදි මාධ්‍යවේදීන් හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසීමක් කළ අතර ඊට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාඊය රාජක්ෂ මහතා එහිදි උදාහරණයක් ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දේශපාලනයට පැමිණීමට ගත් තීරණය පිළිබඳ සිහිපත් කළ අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය අධ්‍යයනය කරමින් සිටින බව ද ඔහු කියා සිටියේය.

    මේ අතර මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් පහරදීම, ඝාතනය කිරීම ඇතුළු සිද්ධීන්වලට හමුදා බුද්ධි අංශ කණ්ඩායමක් සිටි බවට හිටපු හමුදාපති, අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අදහස විමසා තිබේ.

    සරත් ෆොන්සේකා මහතාගේ අදාළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ හිටපු ආරක්ෂක ලේකම්වරයා එහිදී කියා සිටියේ එම ප්‍රකාශය පදනම් විරහිත දේශපාලන අරමුණකින් සිදුකර ඇති ප්‍රකාශයක් බවයි.

    එවන් හමුදා බුද්ධි අංශ කණ්ඩායමක් සිටියේ නම් ඒ පිළිබද වගකීම හමුදාපතිවරයා භාරගත යුතු බවද ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

    හමුදා බුද්ධි අංශ හමුදාපතිවරයා යටතේ නොතිබු බවට සිදුකරන ප්‍රකාශ විහිළුවක් බව ද හිටපු ආරක්ෂක ලේකම්වරයා එම සාකච්ඡාවේ දී වැඩිදුරටත් සඳහන් කළේය.

  • මම මුකුත්ම දන්නේ නෑ – බබා පාට් දාන මහින්දගෙන් අධිකරණයට විරෝධතා…

    පසුගිය ජනාධිපතිවරණ සමයේ ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් තම පුද්ගලික දේපලක් මෙන් සලකමින් කටයුතු කිරිමට එරෙහිව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් කොළම වානිජ මහාධිකරණයේ පවරන ලද නඩුවකට එහි වග උත්තරකරුවන් වන පා.ම මහින්ද රාජපක්ෂ  ගාමිණි සෙනරත් සහ අමල් සේනාධිලංකාර යන විත්ති පාර්ශවය විසින් අද මූලික විරෝධතා ගොනු කර ඇති බව අපට වාර්තා වේ.

    ඉකුත් ජනාධිපතිවරණය සමයේදී ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගත් ශ්‍රී ලංගම  බස් රථ වෙනුවෙන් නියමිත ගෙවීම් සිදු නොකළ බවට වගඋත්තරකරුවන් චෝදනා නගා තිඛෙන අතර එලෙස කළ යුතුව ඇති ගෙවිම රුපියල් මිලියන 142ක්. 

    කෙසේවෙතත් ඉහත බස් රථ ලබාගැනිම සදහා අනුමැතිය ලබාදිම සිදුකරඇත්තේද මහින්ද රාජපක්ෂ විසින් වන බැවින් මෙම සිදුවිම යටගැසිමට මහින්ද විසින් දරනු ලබන උපක්‍රමයක් ලෙසද දේශපාලණ විචාරකයෝ මෙම සිදුවිම හදුන්වති.

  • සංදර්ශණ දමන අය වැඩක් කරලා නෑ – වැඩක් කරන අපිට සංදර්ශණ වැඩක් නෑ – සෝලංගආරච්චිගෙන් සැර කථාවක්..

    කොලොන්නාව කසල ගැටළුව හා සම්බන්ධ ගැටළු වලදි කොලොන්නාවේ උපන් කොලොන්නාවේ හැදුණු වැඩුණු තමන් ඉතා සංවේදිව ක්‍රියාකරන බවත් ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ එම ගැටළුව විසදිම සදහා මේ වනවිටත් අවශ්‍ය පියවර ගෙන ඇති බව කොලොන්නාව නිදහස් පක්ෂ සංවිධායක ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රසන්න සෝලංගආරච්චි පවසයි.. මාධ්‍ය සංදර්ශණ වල නිරත අයවලුන් මේ වනවිට මෙම ගැටළුව විසදිමට ගෙන ඇති පියවර මොනවාදැයි ඔහු විමසයි. තමන්ට සංදර්ශණ කිරිමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් කොලොන්නාව ජනතාව වෙනුවෙන් කසල ගැටළුව විසදිමේ වගකිම තමා භාරගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කර ඇත.

  • මෙවර ශ්‍රීල.නි.ප මැයි දින රැළිය ගැටඹේදී – කමිටුව අද රැස්වෙයි..

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින කමිටුව අද(28) පක්ෂ මූලස්ථානයේ දී  රැස්වීමට නියමිතව තිබෙන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය  ඉසුර  දේවප්‍රිය මහතා සඳහන් කළේය.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැළිය මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව සදහන්.
  • ඇමති මහින්ද බලය අතහරියි – වගකීම් රැසක් රාජ්‍ය ඇමතිට පවරයි

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා විෂය සහ කාර්යය රැසක වගකීම විශේෂ ගැසට් පත්‍රයකින් ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාට පවරා ඇති බව අපට වාර්තා වේ. පසුගිය මාර්තු 02 වැනිදා ගැසට් පත්‍රය මගින් පෙබරවාරි මස 22 වැනි දින සිට  ක්‍රියාත්මක වන පරිදි එම වගකීම් පවරා ඇතැයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින්  සඳහන් කළේය.  

    මේ අතර මීළඟ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී පරිසර අමාත්‍යාංශය යටතේ පවතින වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් නිපුණතා හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ධීවර සහ නාවික ඉංජිනේරු ආයතනයත් (සාගර විශ්ව විද්‍යාලය) ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය යටතට පැවරෙනු ඇතැයි ද පසුගිය සතියේදී වාර්තා විය.

  • මැතිවරණ කල් දැමීමට මම සූදානම් නෑ – ජනපති මෛත්‍රි අවධාරණය කරයි

    ජනාධිපති නිල නිවසේදී ඊයේ(27) රාත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර එහිදි  වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
     
    ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු ව ඇති අතර  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස කිසිවිටකත් මැතිවරණ කල් දැමීමට සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම සාකච්ඡාවේ ප්‍රකාශ කර තිබේ.